රණවිරුවන් සිහිකිරීමේ ඉස්ලාමීය උත්සවය

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව පවත්වන රණවිරුවන් සිහිකිරීමේ ඉස්ලාමීය උත්සවය පසු ගියදා පෙරවරුවේ කොල්ලුපිටිය ජුම්මා දේවස්ථානයේදී පැවැත්වින.

ශ්‍රී ලංකාගුවන් හමුදාවේ සේවයකර දෙහ වෙනුවෙන් උපරිම කැපකිරීම් කල සේවා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් මෙන්ම සියලු දෙනාට සෙත් පැතීම මේ අවස්ථාවේදී සිදුකරන ලදී.

තවද රටේ නායකයින් ත්‍රිවිද   හමුදාපතිවරුන් දැනට ගුවන් හමුදා කදවුරුවල සේවය කරන උද්ගලයින් මෙන්ම ගුවන් හමුදා කදෞරු වලට හා උඅකරන වලට මෙහිදී සෙත් පතන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂ දන්ත සේවා එයාර් වයිස් මාර්ෂල් බන්ඩාර අමුණුගම, අධ්‍යක්ෂ පරිපාලන  එයාර් වයිස් මාර්ෂල් රෝහිත රණසිංහ, එයාර් වයිස් මාර්ෂල් දිසානායක, එයාර් වයිස් මාර්ෂල් බුලත්සිංහල, ගුවන් කොමදෝරු සුමංගල ඩයස්, ගෲප් කපිතාන් චන්න ප්‍රේමරත්න්, අනෙකුත් නිලධරින් හා සෙසුනිලයන්ද සියලුම කදවුරු නියෝජනය වන පරිදි මෙම අවස්ථාවට සහභාගි විය.

තවද අමාත්‍ය අලෙවි මවුලානා සහ අමාත්‍ය ඒ.එච්.එම්. අස්වර් යන මහත්වරුන්ද මේ අවස්ථාවට සහභාගි විය.

Comments are closed.

Follow

Get every new post delivered to your Inbox.

Join 30 other followers