ඉස්ලාම් ධර්මයත් එය මිනිස් දිවියෙහිලා ක්‍රියාත්මක වන ආකාරය

ඉස්ලාම් ධර්මයත් එය මිනිස් දිවියෙහිලා ක්‍රියාත්මක වන ආකාරයත් පිළිබඳ එක්තරා මූලික වූත් සරල වූත් සත්‍යයක් ඇත්තේය . එහෙත් එය එතරම් සරල බැවින් දෝ බෝහෝ විට බොහෝ දෙනා එය අමතක කරති . එසේ නැතහොත් මුල සිටම එය වරදවා වටහා ගැනීම හේතු කොට ගෙන බොහෝ දෙන අතින් බැරැරූම් වරදක් සිදුවේ . ඒ වනාහි ඉස්ලාම් සමයේ ආවේණික ස්භාවය , එහි ඓතිහාසික සත්තාව , එහි වර්ථමාන තත්ත්වය ,එහි අනාගතය යන මේ කරුණු අතින් ඉස්ලාම් ධර්මය පිරික්සා බැලීම අතින් සිදුවන වරදකි .
ඉස්ලාම් ධර්මය දෙවියන් (අල්ලාහ් ) විසින් ලොවට එළිදරව් කළ ධර්මයක් හෙයින් එය ඉන්ද්‍රජාලයක් මෙන්ද , සාමාන්‍ය වූත් ප්‍රත්‍යක්ෂ නොවන්නා වූත් ආකාරයකින් මනුෂ්‍ය ජිවිතයෙහි ක්‍රියාත්මක වෙතැයි සමහරු බලා පොරුත්තු වෙති . මිනිසා ලබා ඇති දියණුවේ ප්‍රමාණයේ මිනිසාගේ පරිසරයත් කවරක් හෝ වේවා එවැන්නන් බලාපොරුත්තු වන්නේ ඉස්ලාම් ධර්මය මනුෂ්‍ය ස්භාවයත් මිනිසා ගේ ප්‍රවේණි බැරිපුළුවන්කම් හා ඒ භෞතික තත්ත්වයන් අභිබවා ඉස්ලාම් ධර්මය ක්‍රියාත්මක වේවි යනුයි.
Mikael Pittam taking notesඑත්කුදු වූවත් ඉස්ලාම් ධර්මය එසේ ක්‍රියාත්මක නොවන බව ඔවුන්ට පෙනේ .මිනිසා ආවේණික ඔහුගේ බැරිපුළුවන්කම් මිනිස් ජිවිතයට බලපාන ඒ භෞතික තත්ත්වයන්ද ඉස්ලාම් දහමේ ක්‍රියාකාරිත්වයට බලපාන බව ඔවුන්ට පෙනේ .ඇතැම් විට මේ කරුණු දෙක කෙරෙහි ආගම ද බලපවත්වන බව පැහැදිලිය . තවත් විටෙක එකරුණු දෙක ඉස්ලාම් ධර්මයට උදෙක්ම පටහැණි වූ අයුරකින් බලවත්වයි .එනම් එකරුණු දෙක නිසා මිනිසාගේ රාගය ,තෘෂ්ණාව ,දුබලකම් හා අඩුලුහුඬුකම් වඩ වඩාත් ප්‍රබල වේ .මේසේ වූ විට , මිනිස්සු දහමින් පිට පැන වැරදි මං ඔස්සේ ගමන් කිරිමට පෙළඹෙති .
මෙම කාරණය ඔවුන්ට වැටහි ගිය විට ඔවුහු බලාපොරුත්තු සුන් වූ තත්ත්වයකට පත් වෙති . එවිට සිදුවූයේ ආගමානුකූල ජිවිතයේ වැදගත්කමත් එහි ප්‍රත්‍යක්ෂභාවයත් ගැන ඔවුන් තුළ පැවති භක්තිය හීන වීමය . එමතුද නොව ආගම නමැති දෙය ගැන පවා ඔවුන් තුළ සැකයක් පහළ වීමට ඉඩ තිබේ .
එහෙයින් එකම මුලික වැරැද්දක් නිසා වැරදි රාශියකට මග පෑදේ . ඒ මුලික වැරද්ද නම් මේ ඉස්ලාම් ධර්මයත් එහි මාර්ගයත් වරදවා තේරුම් ගැනිමය : එසේ නැතහොත් ඉස්ලාම් ධර්මයේ මූලික ,සරල සත්‍යය ගැන නොසැලකිලිමත් වීමය.
ඉස්ලාම් වනාහි අල්ලාහ් විසින් මිනිස් ජිවිතය සඳහා පනවන ලද මාර්ගයකි . එය මුදුන් පත් කරගැනීම මිනිසුන්ගේම උත්සාහය මත රඳා පවති . එහෙයි ඊට බලපාන කරුණු දෙකකි . එනම් මිනිසුන්ගේ බැරිපුළුවන්කම් හා යම් පරිසරයක පවත්නා ඒ ඒ භෞතික තත්ත්වයන්ය . මෙම පරමාර්ථය මුදුන්පත් කරගැනීමට ක්‍රියාරම්භ කළ හැක්කේ ඒ සඳහා අවශ්‍ය ද්‍රවෙ‍යොපකරණය ම්නිසා අතට පත් වූ විටය . එතැන් සිට මිනිසා එම ද්‍රව්‍යෝපකරණවලින් ප්‍රයෝජනය ගන්නා ප්‍රමාණයට ඉස්ලාම් ධර්ම මාර්ගයේ අවසානය දක්වා ගමන් කිරීම සිදුවේ .
ඉස්ලාම් ධර්මයේ මූලික ලක්ෂණයත් මෙයයි , කවදත් කොතැනත් මනුෂ්‍ය ස්භාවයත් මිනිසුන්ගේ හැකියාවන්හි සිමිත භාවයත් ඉස්ලාම් ධර්මය අමතක නොකරයි .ඒ හැර මිනිසාගේ ජිවිතයේ ඒ ඒ භෞතික තත්ත්වයන්ද , එය නොතකන්නේ නොවේ . ඒ අතරම මිනිසා නිසි උත්සාහයක් ගතහොත් කිසිදු මිනිස් ක්‍රමයකින් අත්පත් නොවන අන්දමේ ඉතා උතුම් තැනට පත්වීමට ඔහුට පුළුවන , එය අතීතයේ නොයෙක් අවස්ථාවන්හි දී සිදුවුණා පමණක් නොව මතු ද එසේ වීමට කිසිදු අපහසුවක් නැත . එම පරමාර්ථය පහසුවෙන් ,සුරක්ෂිතව මුදුන්පත් කරගනු ලැබේ.
සියලුම දුර්මත පැන නගින්නේ ඉස්ලාම් ධර්මයේ නියම ස්වභාවය වරදවා වටහා ගැනීමෙනි ,නැතහොත් ඒ නියම ස්වභාවය ගැන තැකීමක් නොකිරිමෙනි, අපූරු හාස්කම් බලාපොරුත්තු වීමෙනි .මිනිසාගේ පරිසරයේ පවත්නා ඒ භෞතික තත්ත්වයන් ගැනත් නොතක බොහෝ දෙනා බලාපොරුත්තු වන්නේ මිනිසාගේ ස්වභාවය හාස්කමකින් මෙන් වෙනස් වේවිය කියාය .
ඉස්ලාම් ධර්මය අල්ලාහ් විසින් වදාරන ලද්දේ නොවේද? අල්ලාහ් සර්ව බලධාරි කෙනෙක් නොවේ ද ? එසේනම් සිමිත මිනිස් හැකියාවන් ඇතුළත පමණක් මේ දහම ක්‍රියාත්මක වන්නේ මන්ද ? එය ක්‍රියාත්මකවීමෙන් හටගන්නා ප්‍රථිඵල කෙරෙහි මිනිස් දුබලකම් බලපවත්වන්නේ කවට හෙයින්ද ? ඉස්ලාම් දහමත් ඉස්ලාම් භක්තිකයකුත් කවදත් කොතැනකදිත් ජයග්‍රාහීම නොවන්නේ මන්ද ? ඉස්ලාම් භක්තියේ පාරිශුද්ධ භාවයත් එහිලා පවත්නා ශ්‍රද්ධාවත් ඇතැම් විට දුබලකම්වලට , රාගාදි ක්ලේෂයට හා භෞතික තත්ත්වයන්ට යටපත් වන්නේ මන්ද ? ධර්මිෂ්ධයන් යටපත් කර ඉස්ලාම් භක්තියෙන් අභිභවා ඇතැම් විට අධර්මය ජයගන්නේ ඇයි ? මේ සියලු දේ වනාහි බොහෝ විට පැන නගින කුකුස්ය . පළමුකොට මේ සියල්ලක්ම පැන නගින්නේ ඉස්ලාම් ධර්මයේ මූලික ස්වභාවයත් එය ක්‍රියාත්මක වන අන්දමත් පිළිබඳව දුර්මත හර්ට ගැනිමෙනි . නැතහොත් ඒ කරුණු දෙක නොතකා හැරීමෙනි.
ඉස්ලාම් ධර්මය මගින් හෝ අන් ක්‍රමයකින් හෝ මනුෂ්‍ය ස්වභාවය මුළුමනින් වෙනස් කිරිමට අල්ලාහ්ට හැකිය ,එය ස්වභාවිකය එහෙත් ඔහුට ස්තුති වේවා ඔහු සිය ප්‍රඥාව මෙහෙයාව මනුෂ්‍යා දැන් සිටින ස්වභාවයෙන් යුක්ත කොටම මැවිය .
ඉදින් අල්ලාහ්ගේ මඟපෙන්වීම වේ නම් එය ලබාගත හැක්කේ ඒ සඳහා මහත්වැර වෑයම් දැරීමෙත් එය ප්‍රර්ථනා කිරිමෙත් ප්‍රථිඵලයක් බව ඔහු ලොවට පෙන්වා වදාරන්නේය ” අපි උදෙසා පරිශ්‍රමයෙහි යෙදෙන්නන් වෙතොත්. අපි ඔවුන් අපගේ මාර්ගය ඔස්සේ කැඳවා ගෙන යන්නෙමු , අධෛර්යට පත් නොවී හෝ අක්‍රිය නොවී මනුෂ්‍යභාවය සත්‍යයෙන්ම ක්‍රියාත්මක වසේ ඔහු අධික්ෂ්ඪාන කර වදාළේය :ආත්මයත් එය පාලනය කරන දෙයත් කෙරෙහි බලපවත්නා දුෂනය පිළිබඳ දැනුමත් පාරිශුධතාවය පිළිබඳ දැනුමත් යන දෙකම ඔහු විසින් දෙන ලද්දේය ආත්මය පාරිශෝධනය කරන්නා දියුණු වේ ,එය දුෂණය කරන්න පිරිහේ “
අල්ලාහ් විසිනි මිනිස් ජිවිතය උදෙසා අධිෂ්ඨාන කළ මාර්ගය සාක්ෂාත්කර ගත යුත්තේ මිනිස් හැකියාවන්ගේ සීමාවන්ට යටත්ව මිනිසා විසින්ම ඒ සඳහා උත්සාහ කිරිමෙන් බව ඔහු නියම කළේය .” මිනිස්සු තමන් තුළම පවත්නා ස්වභාවය වෙනස් කරගතහොත් විනා ඔහුම ඔවුන්ගේ ස්වභාවය වෙනස් නොකරන්නේය “
“අල්ලාහ් ඇතැම් මිනිස් කොට්ඨාශයක් මගින් තවත් මිනිස් කොට්ඨාශයක් අප්‍රිය කරන තත්ත්වයට භාජනය නොකරන ලද්දේ වී නම් මේ පොළෝතලය දුෂණය වන්නේමය”
එහෙයින් අල්ලාහ් මිනිස් උතුම් තත්ත්වයකට පත් කරන්නේ මෙසේය . එනම් මිනිසා දැරු උත්සාහය ,ක්‍රියාත්මක කළ හැකියාවන් , මෙම දිව්‍යමය මාර්ගය වෙත් එළඹිම සඳහා දුක් කරදර වීඳීමේදි දැක්වූ ඉවසීම , තමා තුළිනුත් , තමා අවට ඇති ජිවිතයෙනුත් අධර්මය තුරන් කිරිමේ දී විඳි දුක්කරදර විෂයෙහි දැක් වූ ඉවසීම යන මේ කාරණා අනුවය ” මනුෂ්‍යයන් බලා පොරුත්තු වන්නේ මෙසේ පැවසීමටද ? අපි භක්තියෙන් යුක්ත වූවෙමු ,අපගේ භක්තිය පරික්ෂා නොකරනු ඇත . ඔවුන්ට පෙර සිටි අයද අප පරික්ෂාවට භාජනය කරන ලදී . එබැවින් සත්‍යවාදීන් කවුද මූසාවාදී කවුද යනු යනු අල්ලාහ් මැනවින් දනී”
අල්ලාහ් විසින් මවනු ලැබූ කිසිම කෙනෙකුටවත් මේ ප්‍රශ්නය ඇසීමට අයිතියක් නැත . ඔහු මේ ක්‍රියාමාර්ගය තොර ගෙන ඒ එසේ විය යුතු යැයි අධිෂ්ඨාන කළේ මන්ද ? අල්ලාහ් විසින් මවනු ලැබු කිසිම කෙනෙකු දෙවි කෙනෙකු නොවන හෙයින් මැවිම් පිළිබඳ විස්තර ඇසීමට අයිතියක් නැත . මැවිමේ ප්‍රථිඵලයක් වශයෙන් සෑම නිර්මිත සත්ත්වයකු පවත්නා ස්වභාවය ගැන ප්‍රශ්න ඇසීමට අයිතියක් නැත .
Map of Pre-Islamic Arabiaමෙහිලා කිව යුත්තක් නම් ,මෙවැනි ” ඇයි” මන්ද” කුමක් නිසාද” වැනි ප්‍රශ්න නියම ඉස්ලාම් භක්තිකයෙකුවත් අදේව වාදියකුවත් නොඅසන ප්‍රශ්න භවය . නියම ඉස්ලාම් භක්තිකයා එවැනි ප්‍රශ්න නොනගන්නේ ඔහු අල්ලාහ් කෙරෙහි ඉතා ආචාරශීලී වන බැවිනි ,ඔහුගේ පදාර්ථය , ආනුභාවය හා ලක්ෂණය ඔහු දනියි .මැවීම වැනි කරුණු විෂයෙහි කල්පනා කිරිමට මිනිස් සිත ප්‍රමාණවත් නොවන බව ඔහු දනියි .
නියම අදේවාදිය එවැනි ප්‍රශ්න නොගන්නේ ඔහු (අල්ලාහ් ) දෙවියන් සිටින බවක් කොහෙත්ම නොපිළිගන්නා හෙයිනි . ඔහු දෙවියන්ගේ දේවත්වය පිළිගතහොත්. ඔහුගේ මහිමයද , දේවත්වය යන්නෙහි නියම අරුත ද ඔහුට වැටහෙනු ඇත . දෙවියන් පමණකි සර්වඥ ඔහු පමණකි තමන් කරන දේ කවරේදැයි දන්නේ .
මේ වනාහි කිසිවක ගැඹුරක් නොදන්නා මන්ද බුද්ධිකයන් නගන ප්‍රශ්නයකි . නියම බැතිමතාවත් අදේව වාදියාවත් එම ප්‍රශ්නය නොඅසයි . එහෙයින් ඒ ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු නොකළ යුතුයි , ඒ ගැන සැලකිලිමත් නොවිය යුතුයි . එය අසනු ලබන්නේ දේවත්වයේ ස්වභාවයත් එහි ලක්ෂණත් නොදන්නා අඥානයකු විසින් . අඥානයන්ට ඥානය ලබා දිමේ එකම මාර්ගය එක එල්ලේම පිළිතුරු දීමෙන් නොව දේවත්වයේ ස්වභාවයත් එහි ලක්ෂණත් ඔවුන්ට විස්තර කරදීමෙනි . එවිට එක්කෝ දේවත්වය පිළිගෙන බැතිමතුන් වනු ඇත එසේ නැතහොත් එය නොපිළිගෙන .
අදේවාදීන් වනු ඇත . ඒ අනුව මතභේදය අවසන් වේ .ඒ එසේ නොවන්නේ යම් ආරාවුලක් පැන නැගුනහොත් පමණි .මතභේදයට ආරවුලකට පරිවර්තනය වුවහොත් එය දිගින් දිගටම ගෙනයාමට මුස්ලිවරයාට අවසර නැත .
එතකුදු වුවත් , අල්ලාහ් විසින් මවනු ලැබූ සෑම පුද්ගලයෙකු විසින්ම මෙම කරුණු අවබෝධ කොට ගෙන ඒවා ගැන සැලකිලිමත්වීමෙන් එවා මනුෂ්‍ය ජිවිතයහි ක්‍රියාත්මක වන අයුරු පරික්ෂණය කිරිමත් ඔහුගේ යුතුකම වන්නේය . ඔහු එක් අතකින් මිනිස් ඉතිහාසයේ සත්‍යතාවන් ඓතිහාසික වශයෙන් වැඩි දියුණු වී ආ අන්දමත් , අනිත් අතට එම වැඩි දියුණුවට මුහුණදීමට හා එහිලා බලපෑමක් ඇති කිරිමට ක්‍රියා කළ යුතු ආකරයත් දැන ඉගෙන එම සත්‍යතාවන්ගේ නියම අර්ථය තේරුම් ගැනීමට සමත් විය යුතුයි .
තවද ඔහු අල්ලාහ්ගේ ප්‍රඥාව හා බලය සමඟ ජිවිත් විය යුතුයි . එහිලා ඔහුගේ ආකල්පය නිවැරදි විය යුතුයි .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: