දියුණුව ලෝකයට දායාද කළේ කවුරුන් විසින්ද

වර්තමානයේ ලෝකයේ පැවත්ම ප්‍රධාන වශයෙන් තීරණය වී ඇත්තේ විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව මතය .මෙම දියුණුව ලෝකයට දායාද කළේ කවුරුන් විසින්ද යන්න විද්‍යඥයින් අතර පවතින්නේ කඹ ඇදීමකි .ඇතම් විද්‍යඥයින් මේ පුනරුදය යුරෝපයට අයත් බව පවසන අතර සමහර විද්‍යඥයින් පවසන්නේ ඉස්ලාම් ධරමය පවති රටවලින් මෙම පුනරුදය බිහිවු බව පවසයි .
යුරෝප රටවලට විද්‍යාවේ පුනරුදය ගමන් කිරිමට සියවස් ගණනාවකට පෙර ඉස්ලාම් රටවල්වල විද්‍යාවේ පුනරුදය ආරම්භ වූ බවට බොහෝ සාක්ෂි සටහන් හමුවි ඇත .මේ අනුව අකමැත්තෙන් වූවද විද්‍යාවේ හා තාක්ෂණයේ මුල් උරුමය ඉස්ලාමිය රටවලට ලබා දීමට යුරෝපා විද්‍යඥයින්ට සිදුවී ඇත .
විද්‍යා පුනරුදයේ මුල් පුරුක්වල හිමිකාරවරු ඉස්ලාම් රටවලට අයිති බවත් පසුකාලිනව මුදලට යටවූ සංවර්ධන ක්‍රියාදාම හමුවේ සංවර්ධිත රටවල් යුරෝප රටවල් කෙනද්‍ර කරගනිමින් නව විද්‍යා පුනරුදයක් ආරම්භ කළ බවත් පවසන්නේ බ්‍රිතාන්‍යයේ සරේ සරසවියේ සෛධාන්තික භෞතික විද්‍යඥය ජිම් අලී තාලිය . මේ වසරේදි ඔහු විසින් ප්‍රකාශයට පත් කරනලද ” ද හොස් ඔෆ් විස්ඩම් අන්ඩ් ලගසි ඔෆ් අරබික් සයන්ස් ” නව කෘතිය මේ තේමාව කදිමට විවරණය කර දෙන්නකි .
ඉස්ලාම් රාජ්‍යවල විද්‍යා පුනරුදය ඇතිවු අන්දමත් කෙමෙන් පරිහානියට පත්වු අන්දමත් සම්බන්ධව අපුරු විවරණ‍යක් පසුගියදා නිව් සයන්ටිස්ට් සඟරාව පළ කර තිබුනේ ජිම් අලී තාලි සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරණි .මේ ලිපිය සැකසෙන්නේ එහි අනුවාදයක් ලෙසිනි .ඉස්ලාම් ලෝකය සම්බන්ධ අප නොදන්න බොහෝ දේ මෙහිදි අනාවරණය වෙයි.
ඉරාකයේ උපත ලබා එහි හැදි වැඩුනු ජිම් අලී තාලි ඉස්ලාම් විද්‍යා පුනරුදයේ ස්වර්ණමය යුගය සම්බන්ධව ප්‍රවීණයකු විය .
ඉස්ලාම් විද්‍යා පුනරුදයේ ස්වර්ණම යුගය සම්බන්ධව බොහෝ බටහිර ජාතිකයින්ට කිසි අවබෝධයක් නැත . ඒ සම්බන්ධව යමක් පැවසුවහෝත්?
ඔව් ,ක්‍රි,ව 8 ,9 ශත වර්ශය ආරම්භවනවිටත් ඉස්ලාමිය අධිරාජ්‍ය ඉතා ප්‍රබල ඉස්ථානයක් පසු විය . අවට රාජ්‍යවලින් එකතු කර ගත් බදු මුදල් ආදායම් නිසා අධ්‍යාපන අංශයේ වැඩවලට වියදම් කිරිමටත් , ශිෂ්‍යත්ව ප්‍රදාන ආදියටත් අවශ්‍ය තරම් මුදල් තිබුණි .
බැග්ඩාඩ් නුවරහි ඉදිවුනු නුවණේ නිකේතනය ” හොස් ඔෆ් විස්ඩම් ” පුනරුදයේ කෙන්ද්‍රෙස්ථාන විය . මහ්මූනම් පාලකයා මෙය නිකේතනය බිහිකිරිම් හිලා පුරෝගමි විය .
මුල් කාලයහි ග්‍රික භාෂවෙන් ලියන ලද පොත් අරාබි භාෂවට පරිවර්ථනය සිදුවු අතර , මේ සමගම ඉස්ලාම් ලෝකය තුළ බුද්ධි විප්ලවයක් සිදුවුණා.ජාත්‍යාන්ත විද්‍යා සාහිත්‍ය තුළ ප්‍රධාන භාෂව බවට පත්වූයේ අරාබි භාෂාවයි .අසල්වැසි පර්සියාවෙන්ද මෙයට යම් බලපෑමක් ඇතිවිය . මේ සම්බන්ධව අරාබි විද්වතකු පැවසුවේ ” අරාබියේ අපට අවශ්‍ය තරම් වචන තියනවා . එත් අදහස ගලා එන්නේ පර්සියවෙන් ය ” යනුවෙන් .
ග්‍රික විද්‍යාවෙන් අනුකරණයක් සිදු කිරිමට හැරෙන්නට අලුත් යමක් සිදුකිරිමට ඉස්ලාම් ලෝකය අසමත් වූ බවට බටහිර ලෝකය තුළ මතයක් පවතිනවා , මේ ගෙන ඔබේ අදහස් කුමක්ද ?
ලෝකයට බොහෝ නව නිෂ්පාදන බිහිවුයේ අරාබි විද්‍යඥයින් ගේ අදහසින් . තවද විද්‍යාව පළමුවරට ලෝකයට දායාද කළේත් අරාබි විද්‍යඥයින් විසින් . විද්‍යාත්මක සිද්ධාන්ත වගේම පරියෙෂ රාශියකුත් මේ අතර ප්‍රධානයි.මේ සියල්ල බටහිර රාජ්‍යයේ විද්‍යා පුනරුදය ඇතිවීමට වසර සිය ගණනකට පෙර ඇතිවූවක් .
අරාබි ලෝකයේ සතුවූ දියුණු විද්‍යා පුනරුදය සම්බන්ධව නිදසුන් ගෙන හැර දැක්විය හැකිද ?
ඇත්තෙන්ම ඔව් , ඉස්ලාම් ගණිතාඥයෙකු වූ අල් ක්වරිශ්මි විසින් ගණිතයට ඇල්ජිබරා වචනය හදුන්වා දුන්නා .නැවත වරක් පිහිටවීම යන්නයි එහි තේරුම . ඇල්ජිබරා ගණිතයේ පියා ලෙස සලකන්නෙත් ඔහු තමයි .එත් එක තවම විස්වාශ නැහ . නොදන්න දේ හඳුන්වාදීමට ඕ යන්න සංකල්පය හඳුන්වා දුන්නෙත් ඉස්ලාමය පුනරුදය තමයි .
අලෝකය ගමන් මාර්ගය සරල රෙඛියව ගමන් කරන බව අවබෝධ කර ගැනිමටත් පෙර සිටම ජ්‍යාමිතික ශිල්ප ක්‍රමය ඉස්ලාම් ලොකය තුළ භාවිත විය . ඉබ්න් අල් සිනා විසින් අලෝකයේ ගමන් මග පෙන්වීමට ජ්‍යාමිතිය භාවිත කරතිබනවා .
මේ තරම් දියුණුවක පවති ඉස්ලාම් විද්‍යාව පරිහානියට පත්වුනේ කෙසේද?
11 සියවස වන විටත් ඉස්ලාම් ලොකය මිත්‍යා විශ්වාස පදනම්ව තම පැරණි විද්‍යාත්මක ක්‍රමයන් අමතක කොට මායාවන් පසුපස යෑමට වුණි.ඔවුන් ප්‍රති විද්‍යාවාදින් වූණා. 13 මොගල් අධිරාජ්‍යයේ නැගිටීම බග්ඩෑඩය විනාශ කලා .
කෙසේ නමුත් අරාබි ලොකයේ බිඳ වැටීම වෙගවත් ව සිදුවු දෙයක් නොවෙයි. පහලස්වන සියවස දක්වා ඉස්ලාම් විද්‍යාව පුනරුද්ධය සිදුවිය .
මෙතරම් දියුණු විද්‍යා පුනරුදයක් ඉස්ලාම් ලෝකයේ පැවතියත් මේ සම්බන්ධව බටහිර ලෝකය අඩුවෙන් දැන සිටියේ ඇයි ?
අරාබි ලොකය බිඳ වැටමින් පවතින විට යුරෝපය පුරා මුදල් සංසරණය සිඝ්‍රයෙන් සිදුවුණා .
යුරෝප ජාතීන්ද විද්‍යා පුනරුදය ආරම්භ කළේ පැරණි අරාබි හා ග්‍රික ආභාෂය ලබමින් .අරාබි භාෂවෙන් ලතින් භාෂවට ඔවුන් සියල්ල පරිවර්ථනය කරගත්තා .තෝමස් ඇක්වනායිස් හා ෆ්‍රැන්සිස් බෙකර් වැනි දර්ශණිකය අරාබි ලොකයේ පුනරුදයේ ආභාෂය ලැබූ විද්වතුන්ය .
පසුකාලීනව යුරෝප රටවල් ලොව පුරා තම ජන පද පිහිටවන්නට වූණා .ආසියාව,මැද පෙරදිග ,අප්‍රිකානු රටව යුරෝපයේ ආභාෂ ලබන්නට විය .මේ රටවල් යටත්කර ගන්නා විට නොදියුණු ගොත්‍රික ජාතින්ගෙන් පිරි තිබුනු බව ඔවුන්ට පවසන්නට ඕන විය .
තම රටවල් මෙන් නොව ආසියා හා අප්‍රිකා රටවල් වල නොදියුණු ජනාවාස පැවති බව පෙන්වීමට බටහිර ජාතින්ට ඕන විය .මෙම රටවල් තම යුරෝප රටවලට වඩා දියුණු තාක්ෂනයක් පැවති බව පිළිගැනිමට යුරෝප රටවල් කැමති නැහ .ඒ කුහකත්වය තුළ තිබනවා .
බටහිර ලෝකයේ පිඩිත ඉස්ලාම් විද්‍යා පුනරුදය යටපත් කරගෙන තිබනවාද ?
ඔව් , යුරෝප රටවල්ට ඉස්ලාම් රටවල් පිළිබඳ දැඩි භියක් පවතිනවා.
මුස්ලිම් ලෝකය තමන් සතුවු දියුණු විද්‍යා පුනරුදය සම්බන්ධව ආඩම්බර වන්නේ නැහ නේද?
ඔව් ,විද්‍යා දියුණව පිළිබඳ ඉස්ලාම් රටවල පවතින්නේ ඍණත්මක ඥානයක් .
කුරාණයේඅ නොමැති විද්‍යාව සමඟ ජිවත්වීමට ඔවුන්ට අවශ්‍ය නැහ.මීට වසර දහසකට පෙර ඉස්ලාම් ලොකයේ පැවති දියුණුව සියල්ලන්ටම අමතක වෙලා .
මීට අවුරුදු දහසකට පෙර ඉස්ලාම් විද්‍යා පුනරුදය ඉතා ඉහල ස්ථානයක පැවතුණා.විද්‍යාවේ පාලනය පැවතුණේ ඉස්ලාම් ලෝකය අතේ .පුනරුදය මුල තත්ත්වයට පත්වන්න යලි උත්සාහ කරන්නට ඕනෑ.
සෞදියේ අබ්දුල්ලා රජු විද්‍ය හා තාක්ෂණය වෙනුවෙන් නව සරසවියක් විවෘත කලා නේද?
ඔව් මේ සරසවිය නුතන විද්‍යා පුනරුදයේ ප්‍රධාන සංධිස්ථානයක වේවි. දැනටමත් යුරෝපයෙ ප්‍රධාන සරසවි රැසක්ම මේ සරසවිය සමග එකතු වීමට තරඟ කරනවා.වසර තුනක් තුළ සෞදි රියාල් බිලියන ගණනාවක් මුදල් අයෝජනයක් ලෙස මෙය ක්‍රියාත්මක වෙනවා .
මෙම සරසවිය මගින් නව විද්‍යා පරියෙෂන සිදුකිරිමට අපෙක්ෂිත් අතර අලුත්ම අලුත් විද්‍යාගාර පරියේෂන යටතේ සිදුකිරිමට නියමිතයි .
ඔබ විසින් සිදුකරන ක්වොටම පර්යේෂණ සම්බන්ධ යමක් පැවසිය හැකිද ?
පරමාණු න්‍යෂ්ටියට සම්බන්ධ භෞතික භාවිතය ගැන පර්යේෂණ සිදුකරනවා .ප්‍රොටෝන් හා නියුට්‍රොන් න්‍යෂ්ටිය තුළ තදින් මතුවී පවතින බව අප විස්වාශ කරන සමහර නියුට්‍රොන් න්‍යෂ්ටියට පිටතින් භ්‍රමණය වන බව මා සොයා ගත්තා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: