නූතන ජුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් වල ප්‍රභවය වන ආබ්‍රහමීය දහම

Fresco with image of Ibrahim about to sacrifice his son

ඉන්දු නිම්නය ආශ්‍රිතව බිහිවුණු දහමක් වන බුදු සමයේද ප්‍රභවය (ආරම්භය) වර්තමාන ඉන්දියාවේ ප්‍රධාන ආගම වන හින්දු දහමේද ප්‍රභවය වන වෛදික දහමයි. වෛදික දහම යනු මීට වසර පන්දහසකට පමණ පෙර සිටි සෘෂි වරයන් අතින් ලියැවුණු සෘග්, අතර්වන්, යපූර් සහ සාම යන වේද ග්‍රන්ථ ඇසුරින් ඇරඹුණු දහමකි. ඇත්තෙන්ම මෙම වෛදික සෘෂිවරුන් විසින් සිදුකළ කාර්ය භාරය ඉස්ලාම් හි අපට උගන්වන නබි (දෙවිඳුන්ගේ මානව පණිවුඩකරු) සංකල්පයට බෙහෙවින්ම සමානය. ඉස්ලාම් අපට පවසන්නේ නබිවරුන්, අල්ලාහ් (දෙවිඳුන්) විසින් කලින් කලට ලොව සතර දිග්භාගය ‍වෙත 124,000 පමණ එවා ඇති බවයි. ඔවුන්ගේ කාර්යභාරය වී තිබුණේ අල්ලාහ්ගේ දේව පණිවුඩය මානවයන්ට දන්වා සිටීමයි. මෙම සෘෂිවරයන් විසින් සිදු කළේද තම අසහාය විශ්ව නිර්මාපකයාණන් (මහා බ්‍රහ්ම) ව මිනිසුන් වෙත හඳුන්වා දීමයි. වෛදික ග්‍රන්ථ වල අපට මුලින්ම දැකිය හැකි වන්නේ මහා බ්‍රහ්ම නැමති විශ්ව නිර්මාපකයාණන් පිළිබඳ ඒක දේවවාදී දේව සංකල්පයකි. මහා බ්‍රහ්මයන් විසින් විශ්වය අරඹා එහි ඇති සියළු දේ හට ගැන්වූ ආකාරය මෙම වේද ග්‍රන්ථ තුල ඉතා මැනවින් අන්තර්ගතය. පසුව මෙම මහා බ්‍රහ්මගේ අවතාර යනුවෙන් බිහි වන තවත් පුද්ගල නාම කිහිපයක් හරහා වෛදික දහම බහුදේව වාදය කරා ගමන් කර ඇති බව අපට පෙනේ. ඉස්ලාම් අපට පවසන ආකාරයට අල්ලාහ්ගේ නබිවරුන් විසින් ගෙනා ඒකදේව වාදී දහම් පණිවුඩ පසුකාලීණව විකෘති කිරීමෙන් ඒවා තුලට බහුදේව වාදය ඇතුළු වී ඇත.

Abraham's Departure,

මේ කාලයටම සමගාමීව මැදපෙරදිග ආසියාවේ නයිල් නිම්නය ආශ්‍රිතව මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය බිහි වී තිබුණි. නූතන ජුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් වල ප්‍රභවය වන ආබ්‍රහමීය දහම (Abrahamic Religion) බිහිවූයේ මෙම ශිෂ්ඨාචාරය තුලය. ආබ්‍රහම් – ඉබ්‍රාහීම් (Abraham) තුමා මීට වසර පන්දහසකට පමණ පෙර මෙසපොතේමියාවේ විසූ ශ්‍රේෂඨ ශාස්තෘ වරයෙකි. වර්තමාන කිතුණු සහ ජුදෙව් ආගම් අදහන අය තමන්ගේ දහම් වල ආදි පීතෘ වරයෙකු ලෙස ආබ්‍රහම් තුමාව සලකති. නමුත් වත්මන් කිතුණු දහම මෙන්ම ජුදෙව් දහමද මෙතුමාගේ ඉගැන්වීම් වලින් බොහෝ සේ ඈතට ගොස් ඇති බව අපට පෙනීයන වැදගත් කරුණකි. වි‍ශේෂයෙන්ම ආබ්‍රහම් තුමා විසින් දිවි නොතකා පෙන්වා දුන් (එකල සිටි බහු දේවවාදී අන්ධ භක්තිකයන් නිසා එතුමා හට නොයෙක් ගැහැට විඳින්නට සිදුවිය) ඒක දේවවාදී සංකල්පය වෙනුවට වත්මන් කිතුණු දහම ත්‍රිත්ව දේව සංකල්පයක් ‍විශ්වාස කිරීම සහ ආබ්‍රහම් තුමා දිවිහි‍මියෙන් එරෙහි වුණු සහ පිළිකෙව් කළ ප්‍රථිමා වන්දනාව කතෝලික වරු නැවත ආරම්භ කර තිබීම පෙන්වා දිය හැක.

File:Gomateswara.jpg

A statue of Jain prophet (or Jina) Bahubali in Karnataka.

බුදු දහම වනාහී අදේවවාදය මුල්කරගත් දහමකි. බුදු සමය පහළ වූ ප්‍රාග් බෞද්ධ සමාජයේ මෙවන් සමයවාද (දහම් මතවාද) රැසක් පැවති බව පැහැදිලි කරුණකි. විශේෂ‍යෙන් බුදුරජාණන්ට පෙර ශ්‍රමණ භාවයට පත්වූ මහාවීරයන් විසින් බිහි කළ ජෛන දහම පෙන්වා දිය හැක. ජෛන දහම යනු ‍ඓතිහාසික සාක්ෂි අනුව බුදු දහමට පෙර ලංකාවේද තිබුණු දහමකි. මෙම ජෛන දහම සම්පූර්ණයෙන්ම අවිහිංසාව පදනම් කරගත් දහමකි. එමනිසා ඔවුන් සත්ව ඝාතනය සහ මාංශ ආහාර අනුභවය දැඩිලෙස ප්‍රතික්ෂේප කරති. බුදුරජාණන් දෙසූ දහමෙහි අභිප්‍රාය වූයේ නිර්මාංශ ආහාර වලඳමින් ලෞකිකව ධාර්මික දිවියක් ගැන දෙසීමට වඩා පරලොව විමුක්තිය සලසන මාර්ගයක් සොයා යාම ගැනය. නමුත් වර්තමාන බොදුණුවන් එම පරලොව විමුක්තිය ලබා ගැනීමේ මාර්ගය සොයා යෑම පසෙකලා එකල සිටි ජෛනයන් (නිඝන්ඨයන්) මෙන් නිර්මාංශ ආහාර ගැන පමණක් ඝෝෂා කරමින් පසුවීම දෛවයේ සරදමක් මෙනි. එකල මෙම ජෛන දහම මෙන්ම තවත් බොහෝ ශ්‍රමණ නිකායන් බිහිවී තිබුණි. මේවායේ තිබුණු ප්‍රධානතම ලක්ෂණය නම් ජීවිතය ගැන පැන නැගුනු ප්‍රශ්ණ අරබයා ශ්‍රමණ වෙස් ගෙන විසඳුම් සෙවීමයි. මෙසේ ශ්‍රමණ වෙස්ගත් බොහෝ දෙනෙක් ගමන් විමුක්ති මාර්ගය සොයා ගත් බවට පෙන්වා දෙමින් තමන්ටම ගෝල පිරිසක් සහ ආශ්‍රම සාදාගෙන විසූහ. නමුත් මෙලෙස නානා මාදිලියේ විමුක්ති මාර්ගයන් ලොව තුල ඇති විය නොහැක. තිබිය හැක්කේ එක විමුක්ති මාර්ගයක් පමණි. ඒසේ නම් මෙම ශාස්තෘවරුන් දැන දැන මුසාවන් දෙසුවාද? නැත. ඔවුන් තමන්ගේම සංකල්පයකට අනුව විමුක්ති මාර්ගය සොයා ගන්නට උත්සාහ දැරුවද එමගින් සිදුව ඇත්තේ තම චින්තනය තුලම දෘශ්ඨි මායාවකට රැවටීමයි. මෙය හුදෙක් තමන් තමන්වම රවටා ගැනීමකට සමාන කළ හැක. නමුත් ඔවුන්ගේ සිතින් සිතන්නේ තමන් සිටිනුයේ නිර්මල පිවිතුරු මාර්ගයේ බවයි. මෙයට මානසික විද්‍යානුකූලව අර්ථකථනයක් ඇත.

බුදු සමය පහළවීමට ද මෙම ආගමික වාතාවරණය බෙහෙවින් උපස්ථම්භක (උපකාරී) වූ බවට කිසිදු සැකයක් නැත. මෙකල ආදියෙහි සිට පැවතුණු චිරාගත වෛදික සම්ප‍්‍රදායට ප‍්‍රතිවිරුද්ධ අදහස් වෛදික සම්ප‍්‍රදාය තුළම බිහි වෙමින් පැවතුණ බවට බොහෝ සාධක ඇත. මෙයට හේතුව වෛදික සම්ප්‍රදාය මේ වන විට බහුදේව වන්දනාවට ගොස් එම ඊනියා දෙවිවරු සංතෘප්ත කිරීමට බිලිපූජා සහ නොයෙකුත් යාගහෝම ක්‍රම ඇතිවී තිබුණි. එමෙන්ම දෙවියන්ට පුද සත්කාර කිරීම සඳහාය කියා වරප්‍රසාද ලත් බමුණු කුලයක්ද බිහි වී තිබුණි. මෙම බමුණු කුලය විසින් අනෙකුත් කුලවල ජනයාව පහත් අඩියකට ඇද දමමින් තමන් පමණක් දෙවියන්ගේ මහාර්ඝවූ නියෝජිතයන් බවට පෙන්වා දෙනු ලැබීය. මේ නිසා මුල් වේද ග‍්‍රන්ථවල සඳහන් මහා බ්‍රහ්ම කෙරෙන් එන විමුක්ති මාර්ගය පිළිබඳ සැක පහළකරමින් පසුකාලීණව පහල වූ ඇතැම් ශාස්තෘවරුන් විසින් ප‍්‍රකාශ කළ අදහස් ආරණ්‍යක ග‍්‍රන්ථවල ඉතා පැහැදිලිව දක්නට ලැබේ.

වෛදික දහමෙහි විමුක්ති මාර්ගය වන මහාබ්‍රහ්මට සිදුකරණ යාඥාවන් වෙනුවට උපනිෂද් යුගයේ මනුෂ්‍ය ඥාණයට මුල් තැන ලැබිණි. ඔවුන්ගේ අදහස වූයේ දෙවිකෙනෙක් නැත. මිනිසාට ස්වකීය ඥාණයෙන් පමණක් විමුක්තිය සලසා ගත හැකිය යනුවෙනි. එකල මෙම ඥාණය කෙරෙහි විශ්වාසය තැබු සමයවාද රාශියක් බිහිවී ඇත. බිහිවූ මෙම සමයවාද වලින් එකක් ලෙස බුදු සමය පෙන්වා දිය හැක. මෙමගින් පෙනී යන්නේ බුදු සමය හුදකලාව ඇති වූවක් නොවන බවයි. එය සහෝදර අනික් සමය රාශියක් සමග එකට වැඩුණු ඉගැන්වීම් ක‍්‍රමයකි. අනෙක් සමයන්ගේ බලපෑම නොමඳව ඒ කෙරෙහි දක්නට ලැබුණු බව අප විසින් අමතක නොකළ යුතුය.

A statue of Shiva in Bangalore

එකල පැවති මෙම සමයවාදයන් තුළ විඤ්ඤාණවාදී අදහස් ද, භෞතිකවාදී අදහස් ද දක්නට ලැබිණි. නමුත් එකල පැවති සියලු ඉන්දියානු ආගම් තුළ දක්නට ලැබෙන ආගමික සහනශීලීතාව ඇති වූයේ, ආරම්භක වෛදික සම්ප‍්‍රදාය තුළින්ම බව පැහැදිලි ය. මේ බව විඤ්ඤාණ වාදය – ලෝකෝත්තර දෙසට ද, භෞතික වාදය – ලෞකිකත්වය දෙසට ද යොමු වූ බව කරුණු අධ්‍යයනය කිරීමේදී පැහැදිලිව පෙනේ. ඉන්දියානු භෞතිකවාදී ආගම් සියල්ලටම මූලය ලෙස සලකන්නේ වේදය යි. ඔවුන් තම ඤාණ ප‍්‍රභවය ලෙස වේදය පිළිගත්තේ ඒ නිසාවෙනි.

කල් යත්ම මෙම වේදයේ ප‍්‍රභූත්වය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරමින් සමයවාද රාශියක් ඉන්දියාවේ බිහි විය. ශ‍්‍රමණ සම්ප‍්‍රදාය මේ අලුත් අදහස් අනුව බිහි විය. ශ‍්‍රමණ – බ‍්‍රාහ්මණයන් වශයෙන් ඒ පිරිස හැඳින්විණි.

File:Birth of Buddha at Lumbini.jpg

This picture depicts the birth of Gautama Buddha, in a forest at Lumbini, in Nepal. The legend goes that directly after his birth, he made 7 steps and proclaimed that he would end suffering and attain supreme enlightenment in this life. The Buddha's mother is holding a branch of a tree for support during birth. In the picture also some gods and some servants of can be seen.

කි‍්‍රස්තු පූර්ව 06 වන සියවසේ දී බුදු සමය ඉන්දියාවේ පහළ විය. කර්ම හා කර්ම විපාක පිළිගැනීම, සදාචාරාත්මක ජීවිතය නැවත අගය කිරීම, නැවත උත්පත්තිය පිළිගැනීම, විමුක්ති සාධනය විෂයෙහි මානසික සංවර්ධනය ප‍්‍රබලම සහ එකම සාධකය ලෙස සහනශීලීව පිළිගැනීම බුදු සමයේ එන වැදගත් ඉගැන්වීම් ලෙස සැලකෙයි. නමුත් වෛදික ස්ත්‍රෝත‍්‍ර නිර්මාණය කළ අට්ඨක, වාමදේව ආදී ඍෂිවරුන් බුදුරජාණන්ගේ පැසසුමට ලක් වී ඇත. බුදුරජාණන් පෙර විසූ ආචාර්යවරුන් කීප දෙනෙක් පිළිබඳ කෙරෙන වර්ණනාවෙන් ඒ බව පැහැදිලි වේ. සදාචාරසම්පන්න ජීවිතයක් ගත කළ මුනිවරු ලෙස ද ඒ අය හැඳින්විණි. එමෙන්ම බෝධිසත්වයන් වශයෙන් සිටියදී බුදුරජාණන්ට ද සත්‍ය ගවේෂණයේ දී ආලාරකාලාම, උද්දකරාම වැනි ආචාර්යවරු වැදගත් විය.

බුදුරජාණන් තම බුද්ධත්වයෙන් පසුව ඒ දෙදෙනා පිළිබඳව සළකා ඇත්තේ නුවණ මුහුකුරා ගිය තැනැත්තන් ලෙස ය. එසේම අනෙකුත් ශාස්තෘන් අතර බුදුරජාණන් කවර තැනක සිටින්නේදැයි තේරුම් ගැනීමට උපකාර වන සූත‍්‍රය, මජ්ජිම නිකායේ සංගරාව සූත‍්‍රයයි.

ප‍්‍රභවය, පැවැත්ම, අන්‍යොන්‍ය සම්බන්ධය ආදී කරුණු සලකා බලන විට බුදු සමය හා සමකාලීන අනෙක් සමයවාද අතර ගැටුමක් ඇතිවීමට අවකාශ නොමැත. ඇත්තටම බුදු සමය කි‍්‍රයාත්මක වූයේ එවැනි සහනශීලී ක‍්‍රමයකටය. මේ බව අනෙක් සමකාලීන ශාස්තෘවරුන් විෂයෙහි බුදුරජාණන් දැක්වු ආකල්ප වලින් එය මනාව පැහැදිලි වෙයි. සමහර ශාස්තෘවරුන් ගැන ප‍්‍රශංසා මුඛයෙන් කතා කොට ඇත. විනය පිටකයේ සිංහ සේනාපති පිළිබඳ පුවතත්, මජ්ජිම නිකායේ උපාලි ගෘහපතියා පිළිබඳ පුවතත් ඊට උදාහරණ වෙයි. එම දෙදෙනාම ජෛන මහාවීරගේ අනුගාමිකයන් ය. එම දෙදෙනා බුදුරජාණන් කෙරෙහි පැහැදීමට පත්විය.

මෙහි දී බුදුරජාණන් ඔවුන්ට පවසා සිටියේ තමන්ගේ මුල් ශාස්තෘවරයා වන නිගණ්ඨනාථ පුත්තයන්ට කළ ගෞරව සත්කාර නොපිරිහෙලා ඉටු කිරීමට ඔබ දෙපළ බැඳී සිටින බවයි. මෙසේ එම දෙදෙනා බුදුරජාණන්ට සියලු සත්කාර සම්මාන ගෞරව කිරීමට ඉදිරිපත් වූ අවස්ථාවක දී කලින් ශාස්තෘවරයාට ද සුපුරුදු අයුරින් සැළකීමට ඔවුන් පෙළඹවූහ. මෙවැනි කරුණු ති‍්‍රපිටකයේ තවත් බොහෝ තැන්හි දක්වා ඇත.

බුදුරජාණන් වෙත පැමිණෙන සමහර බමුණෝ විටෙක බුදු සමය පිළිගනිති. තවත් විටෙක මුලින් බුදුන් සමග එකඟ වී පසුව බමුණු මතය ම පිළිගනිති. ඇතැම් මහණ බමුන් බුදුන් වෙත එළඹ වාද විවාදයෙහි පැටලී බුදුරජාණන්ට නිග‍්‍රහ කරති. මේ සෑම දෙනා කෙරෙහිම බුදුරජාණන් අනුගමනය කරන්නේ මැදහත් පිළිවෙතකි. ඇතැම් අය තමන්ගේ ආරාමයට බුදුරජාණන් එතැයි බලාපොරොත්තුවෙන් සිටි බව මජ්ජිම නිකායේ චූල සකුඑදායි සූත‍්‍රයෙන් පැහැදිලි වෙයි. තවත් එක් අවස්ථාවක බුදුරජාණන් වච්ඡගොත්තයන්ගේ ආරාමයට ගිය බව සඳහන් වෙයි. මෙහිදී මම ඔබගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියෙමි. ඒ සඳහා අසුන් පනවා ඇත. අසුනේ හිඳගනු මැනවැයි වච්ඡගොත්තයන් බුදුරජාණන්ට ආරාධනා කරති. මේ බුදුරජාණන් ප‍්‍රාදේශීය සුළු ආගමික නායකයන් අතර පැවැති සුහද පිළිගැනීමයි.

නිගන්ඨනාථ පුත්තගේ සව්වන් වෙත බුදුරජාණන් එළඹ කළ සාකච්ඡාවලදී පූර්වකෘත අකුසල කර්ම ක්ෂය කිරීම පිළිබඳ බුදුරජාණන් දැක්වූ අදහස්වලට ඔව්හු එකඟ වෙති. එමෙන්ම නිගන්ඨනාථ පුත්තගේ අභාවය පිළිබඳ වුවද බුදුරජාණන්තුළ සතුටක් නොවීය. ෂඩ් ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම පිළිබඳව නොයෙක් විවේචන බුදුරජාණන්ට තිබුණ ද ඔවුන් පිළිබඳ නිහඬව සිටීමට වග බලාගත්හ. එයින් මිය ගිය පුද්ගලයන් විවේචනය නොකර සිටීමේ ගුණය බුදුරජාණන් තුලද වූ බව අපට පෙනේ. මෙය මුහම්මද් නබි (එතුමන්ට ක්ෂාන්තිය අත්වේවා) තුමාණන්ද සිය ජීවිතයෙන්ම පෙන්වා දුන් යහගුණයකි.

මහා පරිනිබ්බාණ සූත‍්‍රයේ දී බුදුරජාණන්ගේ අන්තිම ශ‍්‍රාවකයා වන සුභද්‍ර බුදුරජාණන්ට මෙසේ ප‍්‍රකාශ කරයි. ෂඩ් ශාස්තෘවරු එකිනෙකට පටහැනි අදහස් ප‍්‍රකාශ කරති. එහෙයින් මම කවරක් පිළිගත යුතුද? එහි දී බුදුරජාණන් ප‍්‍රකාශ කළේ එය එසේ තිබේවා. මම තොපට ධර්මය දේශනා කරමි. එය ඔබ අසන්න යනුවෙනි. එසේම අජාසත් රජුද ෂඩ් ශාස්තෘවරුන් පිළිබඳව විස්තරයක යෙදෙයි. තමා අඹ ගැන අසන විට ඔවුන් දෙල් ගැන කතා කරතියි අජාසත් රජු බුදුරදුන්ට ප‍්‍රකාශ කර සිටියි. බුදු රදුන් ඒ පිළිබඳව නිහඬ භාවයක් දක්වා ලෝකයේ යථා ස්වභාවය පිළිබඳ රජුට පැහැදිලි කරති.

ශ‍්‍රමණ බ්‍රාහ්මණයන්ට නිසි ලෙස සැලකිය යුතු බවත්, එසේ නොකරන්නේ නම් ඔහු වසලයකු බවත්, බුදුරජාණන් වසල සූත‍්‍රයේ දී වසලයන් ගැන කළ විවරණයේදී පැහැදිලි කළහ. තම ආගමට තමා යම් පමණකට සලකයි ද ඔබ අන් ආගම්වලට ද එසේ ගරු කරන්න. අන් ආගම්වලට ගරු නොකරන්නා තම ආගමට ද ගරු නොකරයි යන්න බුදු වදන පෙන්වා දෙයි. මජ්ජිම නිකායේ නිවාප, සන්ධක සූත‍්‍රවල ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් වර්ග සතරක් ගැන ඉදිරිපත් කොට ඇත.

1. පස්කම් සැප විඳිමින්, ඒවායේ මුලාව පමාවී සිටින අය.

2. සුළු කාලයකට පස්කම් සැප අතහැර පසුව ඒවායේ වසඟයට පැමිණෙන අය.

3. පස්කම් සැපයෙන් ප‍්‍රතික්ෂේප කොට යැපීම සඳහා පමණක් ආහාර ගන්නා එසේ වුවද සිතේ වැරැදි අදහස් පහළ වන අයයි.

4. පස්කම් සැප සම්පූර්ණයෙන් මිදී, විමුක්ති මාර්ගයට පිවිස ක‍්‍රමයෙන් සත්‍ය ගවේෂණ කරන අයයි.

සන්ධක සූත‍්‍රයට අනුව සමකාලීන ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් කොටස් 02 කට බෙදා ඇත. එක් කොටසක් අබ‍්‍රහ්මචරිය වශයෙනුත්, තවත් කොටසක් බ‍්‍රහ්මචරිය වශයෙනුත් දක්වා ඇත. බුදුවීමට පෙර සිද්ධාර්ථ තාපසයාණන්, ආලාරකාලාම, උද්දකාරාමපුත්ත සමීපයෙහි බඹසර හැසිරීම බ‍්‍රහ්මචරිය යනුවෙන් එය දක්වා ඇත. එමෙන්ම අර්ථවත් ජීවිතයට උපදෙස් නොදෙන බොරු ආගම් අබ‍්‍රහ්මචරිය ගණයට වැටේ. එම ආගම් වලින් දෙන උපදෙස් පිළිබඳව විමසා බලමු.

1. පරලොවක් නැතැයි පවසන අය.

2. කර්මඵල ගැන විශ්වාසයක් නැති අය.

3. සියල්ල ඉබේ සිදුවන බව පවසන අය

4. නියති වාදයක් ගැන කථා කරන අය.

මෙසේ පරලොවක් නැතැයි ඉස්ලාමයද නොපවසයි. සැබවින්ම පරලොවක් ඇත. හේතුවාදීන් සහ භෞතිකවාදීන්ගේ මතය අරබයා ඉස්ලාමය සහ බුදු දහම එකඟ නැත. ඉස්ලාමයද කර්මය ගැන පවසති. නමුත් ක්‍රියාවට ප්‍රතිවිපාකය අල්ලාහ් ගෙනි. සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ අභිමතය පරිදි බව ඉස්ලාමීය විශ්වාසයයි.

බුදුරජාණන් විසින් පැවසු මෙම අය ගැන දැන ගැනීම සඳහා පහත සඳහන් කරුණු වෙත ද අවධානය යොමු කළ යුතුව ඇත.

1. සියල්ල දන්නා බව පවසන ශාස්තෘන් සිටින ආගම්

2. අනු ශ‍්‍රවයට අනුරූප ආගම්

3. තර්කානුසාරීව හටගත් ආගම්

4. වික්ෂේපවාදී ආගම්

පළමු කරුණ සියල්ල දන්නා බව පැවසුවත්, ඒ අනුව නොහැසිරෙන බැවින් සියල්ල දන්නා බව පිළිබඳව සැක ඇතිවීම, පළමු කරුණින් පෙන්නුම් කරයි. ඉස්ලාමයට අනුව කිසිදු මිනිසෙකුට තමන් සියල්ල දන්නා බව පැවසිය නොහැක. සියල්ල දන්නේ මිනිසා සහ මුළු විශ්වයම නිර්මාණය කළ අසම සම අල්ලාහ් පමණි. දෙවන කරුණ ශ‍්‍රැතියට හිමි වෙයි. එය මනාව ඇසූ එකක් මෙන්ම මනාව නොඇසූ එකක් ද විය හැකිය. එමෙන්ම ශ්‍රැතිය යනු මුඛයෙන් මුඛයට ගමන් කිරීමක් බැවින් වෙනස් වීම අනිවාර්යය. තුන්වැනි කරුණ ගැන පැවසීමේ දී තර්කය හරියට මෙන්ම වැරදියට කළ හැකිය. තර්කයෙන් සත්‍ය සනාථ වනවාට වඩා නූතන යුගයේදී සිදු කරනුයේ අසත්‍ය සනාථ කිරීමයි. සතර වැනි කරුණ අනුව සත්‍ය යැයි ගත හැකි අදහසක් ප‍්‍රතික්ෂේප විය හැක.

සන්ධක සූත‍්‍රයට අනුව බුද්ධ කාලයේ තිබුණු සියලු සමයන් එක්කෝ අබ‍්‍රහ්මචරිය වාසයට හෝ බ‍්‍රහ්මචරිය වාසයට ඇතුළත් වෙයි. ඉස්ලාමය මේ කොටස් දෙකෙන්ම බැහැරවූ මාර්ගයක ගමන් කොට ඇති බව පෙනේ. ඉස්ලාම් දහම තුල අල්ලාහ් සියළු පරමාධිපත්‍යයේ හිමිකරුවාණන්ය. මෙය ආදි වෛදික යුගයේ මහා බ්‍රහ්ම වෙත තිබූ පරමාධිපත්‍යට සමානය. නමුත් සමහර අවස්ථාවල එයද අභිබවා යාමකි. මෙමගින් පෙර විසු වෛදික සෘෂිවරුන් පැවසුවේද ඉස්ලාමයම බව පැහැදිලිය. නමුත් පසුකාලීණව එය බහුදේවවාදය සහ බිලිපූජා දෙසට ගමන් කොට ඉන්පසුව අදේවවාදී ශ්‍රමණ නිකායන් බිහිවී ඇති බව පැහැදිලිය.

සූත‍්‍ර නිපාතයේ නන්ද සූත‍්‍රයට අනුව විමුක්තිය සාක්ෂාත් කළ හැක්කේ බෞද්ධ මාර්ගයෙන් පමණි. තණ්හාව පිරිසිඳ දැක ආශ‍්‍රව දුරු කරන්නේ බුදුරජාණන් සහ ශ‍්‍රාවකයන් පමණි. සත්‍ය දැකීමට බුදුරජාණන්ගේ අනුගාමිකයෙක් විය යුතුය. එසේ නොවන අන් අය පංචකාමයන්ට ගොදුරුව මාරයාගේ වසඟයට පැමිණෙත්. මෙය වනාහී ඉස්ලාමීය විශ්වාසයක් වන අවසන් විනිශ්චයට සමානය. මෙහිදී ඉස්ලාමය විශ්වාස නොකරන්නේ පුනරුත්පත්තිය සමග බැඳුණු සසර චක්‍රයයි. නමුත් භෞතික වාදයට සහ විඥාණවාදයට බරවූ බෞද්ධයන්ද මෙම සසර චක්‍රය විශ්වාස නොකරති.

බුද්ධ කාලයේ අනගාරිකව පැවිදිවීම සමකාලීන බොහෝ ආගම් දර්ශන පිළිගෙන තිබිණි. නමුත් ඉස්ලාමය මෙය පිළිකෙව් කරයි. ලොව තුල පවතින ආගම් ඇසුරින් බලන කළ අත්ථකිලමතානු යෝගය සහ අධිකකාමසුඛල්ලිකානු යෝගය යන දෙකෙන්ම බැහැරව මැදුම් පිළිවෙත ඉස්ලාම්ය. සැබවින්ම මෙම ජීවිතයේ ප්‍රශ්ණ හමුවේ කලකිරී ගිහිගෙය හැරයාම සහ හෙට මැරුණත් හිතට සැපයි අද ජොලිකරලා යන ආකල්පය දරන අධිකකාමසුඛල්ලිකානු යෝගයද ඉස්ලාමය පිළිකෙව් කරයි. මෙලොව දිවිය යනු අල්ලාහ් අප‍ වෙත තබා ඇති පරීක්ෂණයකි. මෙම පරීක්ෂණයෙන් පලා යාමද පරීක්ෂණය හමුවේ වගකීමෙන් තොරව ජීවත් වීමද මුස්ලිම් වරයෙකුට නොහොබිය

3 responses to “නූතන ජුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් වල ප්‍රභවය වන ආබ්‍රහමීය දහම

  1. Abu Arshad May 29, 2012 at 3:51 am

    බුදුරජාණන් වෙත පැමිණෙන සමහර බමුණෝ විටෙක බුදු සමය පිළිගනිති. තවත් විටෙක මුලින් බුදුන් සමග එකඟ වී පසුව බමුණු මතය ම පිළිගනිති. ඇතැම් මහණ බමුන් බුදුන් වෙත එළඹ වාද විවාදයෙහි පැටලී බුදුරජාණන්ට නිග‍්‍රහ කරති. මේ සෑම දෙනා කෙරෙහිම බුදුරජාණන් අනුගමනය කරන්නේ මැදහත් පිළිවෙතකි.

    බුදුන් වහන්සේ මැදහත් පිළිවෙලක් අනුගමනය කරත් අල්ලා නම් කෆීර්ලට දෙන දඬුවම් නම් මැදහත් නොවෙන්න පුළුවන්. බෙල්ල තියල තමය් යන්න වෙන්නේ. ලොල්.

  2. ranjith June 2, 2017 at 7:45 am

    බුදු දහම ගැන හරියට දන්නෙ නෙත්නම් නොලිය ඉන්න, එහට් සැම කරුනකි ම වැරදී. if you dont know about Buddhism dont write it.

  3. ranjith June 2, 2017 at 7:59 am

    ඔයල හිතනවා නම් අල්ලා මෙ විශ්වයම හෙදුව කියලා, මම කියනවා අල්ලාට කරන්න බැරි දෙවල්. ඒ තමයි
    වයසට යනකොට කෙස් සුදු වෙන එක නවත්තන්න
    වයසට යනකොට හම රෙලි වෙටෙන එක නවත්තන්න
    මෙරෙන එක නවත්තන්න

    මෙවා හරි සුලු දෙවල්, පුලුවන් නම් නවත්තන්න කියන්න

    ඔයාල හිත්නනවනෙ මෙරුනහ්ම අල්ලා ලගට යනව කියල, අයි ඔයා ජිවත් වෙන්නෙ අමරුව්නෙ, මෙරුනහම පස්නෙ ඉවරයි නෙ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: