සැකයට තුඩුදෙන දෙයින් ඈත්වී සැකයෙන් තොරවු දේ පමණක පිහිටාසිටින්න

සත්‍ය යනු කුමක්ද
අලි ඉබ්නු අබු තාලිබ් රලි තුමන් විස්තර කරයි ඔබ සැකයට තුඩුදෙන දෙයින් ඈත්වී සැකයෙන් තොරවු දේ පමණක පිහිටාසිටින්න සත්‍ය යනු අධ්‍යත්මිකව සැනසීමත් අසත්‍ය යනු අධ්‍යත්මිකව ව්‍යාකුලතාවයන් ඇති කරයිම යනුවෙන් නබි (සල්)තුමන් පැවසුහ ( මුලාශ්‍රය – තිර්මිදී
නබි (සල්) තුමන් ස්ත්‍ය යන ගුණාංය පැහදිලිකිරිම සදහා විවිධ ප්‍රකාශයන් කලහ ඒ අතරින් එක් ප්‍රකාශයක් සත්‍ය යනු කුමක්ද ? යැයි දැන ගැනීම සදහා අපි මෙහි විස්තර කරමු
මිනිසෙකු කුමන ක්‍රියාවක් කරන විටත් ඔහුගේ සිතහි යම් කිසි දෙගිඩියාවක් දැනෙන්නේ නම් එම ක්‍රියාව පිලිබද ඔහු අවදානම් විය යුතුයි කුමන ක්‍රියාවක් කරන විට ඔහුට අධ්‍යත්මිකව සැනසිමක් ලැබෙයිද එයයි සත්‍ය යනු ඉහත සදහන් නබි(සල්) තුමන්ගේ ප්‍රකාශය තහවුරු කරයි ජනතාවගේ විනිශ්චය කෙසේ වුවත්ම (මුලාශ්‍රය – අහ්මද් ,දාරමී)
කෙනෙකු යම් ක්‍රියාවක් කරන විට අධ්‍යත්මික අසහනයක් දකී , ඔහු එම අසහනකාරී තත්වයෙන් මිදීමට සදහාත් ජනයාගේ යහපත් ප්‍රතිචාරය උදෙසාත් එය ජනාය ඉදිරියේ තබයි . එසේ ඔවුන්ගේන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනු විට ඔහු එය කිරිමට උත්සාහ කරයි නමුත් මෙම නබි වදන එසේ කටයුතු නොකරන ලෙස පවසයි ඒ වෙනුවට එම ක්‍රියාවහි විනිශ්චය තම සිතින්ම විමසන ලෙස මෙම නබි වදන පැහදිළි කරයි තම ක්‍රියාවන් පිළිබද නිවැරදිව විනිශ්චය කිරිම සදහා ඔහුට සිතක් ඇත ප්‍රථමයෙන් එම සිතයි ඔහුගේ ක්‍රියාවන් යහපත්ද ? අයහපත්ද? යනු විනිශ්ච කරන්නේ
ධර්මය කළ ඉතා මහඟු කර්තව්‍ය නම් ඔහු තුල සිතක් ඇති කිරිමයි . ඔහු තම සිතට එකඟව ජිවත්විය යුතුයි .කෙනෙකු තම සිත ආගමික ඉගැන්වීම් වලට අනූකුලව පවත්වාගන්නේ නම් ඔහුගේ ජිවිතයයි කුමන දේ හරි , කුමන දේ වැරදි මෙය කෙතරම් දුරට අනුමත වේ , මෙය කෙතරම් දුරට තහනම් වේ ආදී සීමාවන් ඔහුගේ හිත ඔහුට පහදා දීමට පටන් ගනී . මෙවැනි තත්ත්වයක් තුළ ඔහුගේ හිත ඔහුගේ ක්‍රියාවන් පිලිබද නිවරැදි විනිශ්චයක් ලබාදෙයි
එනමුත් මිනිසා තම හිතට විරුද්ධව කටයුතු කිරිමට වෙරදරයි . එයට ලෞකික අලංකාරයන් , නැතහොත් පහත් ආශාවන්ගේ බලය හේතුවිය හැක .දහම වැරදි ක්‍රියාවක් සේ දකින දේ ඔහු තම දෛනික ජිවිතය තුළ නිවැරදි ලෙස දකින්නට උත්සාහ කරයි .එවිට දහම හා ඔහුගේ දෛනික ජිවිතය අතර සටනක් අරඹෙයි . මෙය ඔහු හා ඔහුගේ සිත අතර පවතින සටනකි . මෙම සටනහි ඔහු සැනසෙයි නම් ඔහු තම දහමට විශ්වාසනීය පුද්ගලයකු වේ . ඒ වේනුවට අසහනය පීඩනය හිත තුළ රජ කළ ඊටත් ඉහලින් එම ක්‍රියාව ඔහු කරයි නම් ඔහු තම ධර්මයට එක් මුහුණක් හා තම ජිවිතයට එක් මුහුණක් පෙන්ව ව්‍යාජ ලෙස කටයුතු කරයි . එවිටයි ඔහු තුළ බොරුව රජ කර සත්‍ය ඔහුගෙන් පිටවේන්නේ . ධර්මය අපට කුමන දේ සත්‍ය යනුවෙන් පහදා දෙයිද ඒ අනුව අපි කටයුතු කළ යුතුයි . ඇත්ත කථා කිරිම පමණක් සත්‍ය නොවේ .ඒ වෙනුවට සත්‍යට ඉතා පුළුල් අර්ථයක් ඇත . එයයි මෙම නබි වදන පැහදිලි කරන්නේ.
මිනිසෙකුගේ ජිවිතය තුළ විශේෂයෙන් අල්ලාහ්ට පමණක් අවනතවී ජිවත් වන බව පොරුන්දුවු මුස්ලිමෙකුගේ ජිවිතය තුළ සත්‍ය නම් ගුණංගය අනිවාර් ‍යෙන් රජ කළ යුතුයි .
වරක් නබිතුමන්ගෙන් විමසන ලදි මුස්ලිමෙකු මසුරු විය හැකිද ? අදෛර්ය විය හැකිද? එයට එතුමන් එසේ විය හැකියයි පිලිගත්හ . යලි එතුමාගෙන් එක් විශ්වාසවන්තයෙකු බොරු කිව හැකිද යනු විමසන ලදි එයට එතුමන් විශ්වාසවන්තයෙකුදෛනික ජිවිතය තුළ නිවැරදි ලෙස දකින්නට උත්සාහ කරයි .එවිට දහම හා ඔහුගේ දෛනික ජිවිතය අතර සටනක් අරඹෙයි . මෙය ඔහු හා ඔහුගේ සිත අතර පවතින සටනකි . මෙම සටනහි ඔහු සැනසෙයි නම් ඔහු තම දහමට විශ්වාසනීය පුද්ගලයකු වේ . ඒ වේනුවට අසහනය පීඩනය හිත තුළ රජ කළ ඊටත් ඉහලින් එම ක්‍රියාව ඔහු කරයි නම් ඔහු තම ධර්මයට එක් මුහුණක් හා තම ජිවිතයට එක් මුහුණක් පෙන්ව ව්‍යාජ ලෙස කටයුතු කරයි . එවිටයි ඔහු තුළ බොරුව රජ කර සත්‍ය ඔහුගෙන් පිටවේන්නේ . ධර්මය අපට කුමන දේ සත්‍ය යනුවෙන් පහදා දෙයිද ඒ අනුව අපි කටයුතු කළ යුතුයි . ඇත්ත කථා කිරිම පමණක් සත්‍ය නොවේ .ඒ වෙනුවට සත්‍යට ඉතා පුළුල් අර්ථයක් ඇත . එයයි මෙම නබි වදන පැහදිලි කරන්නේ.
මිනිසෙකුගේ ජිවිතය තුළ විශේෂයෙන් අල්ලාහ්ට පමණක් අවනතවී ජිවත් වන බව පොරුන්දුවු මුස්ලිමෙකුගේ ජිවිතය තුළ සත්‍ය නම් ගුණංගය අනිවාර් ‍යෙන් රජ කළ යුතුයි .
වරක් නබිතුමන්ගෙන් විමසන ලදි මුස්ලිමෙකු මසුරු විය හැකිද ? අදෛර්ය විය හැකිද? එයට එතුමන් එසේ විය හැකියයි පිලිගත්හ . යලි එතුමාගෙන් එක් විශ්වාසවන්තයෙකු බොරු කිව හැකිද යනු විමසන ලදි එයට එතුමන් විශ්වාසවන්තයෙකු බොරු කිව නොහැකිය යනුවේන් පිළිතුර දුනහ ( මූලාශ්‍රය – මුවත්තා මාලික් )
සමහර පාපයන් බල කිරිම නිසා මුස්ලිමෙකු මගින් සිදුවිය හැක. නමුත් ඔහු මොනම අවස්ථාවක හෝ බොරු කිව නොහැක . මන්ද ඔහු තම සිතට විරුද්ධව ජිවත් විය නොහැක . එසේ ජිවත්වීම කුහකත්වය ඔහු තුළ රජ කිරිමක් වේ.
කව් රුන් සතුව පහත සදහන් සිව්වැදෑරුම ගුණාංග පවතිද ඔහු සැබෑ කුහකයකි , මින් එකක් හෝ ඔහු සතුවුවත් කුහකත්වයහි ගුණාංගයක් ඔහු සමග පවති . විශ්වාසභංගත්වය කථා කළ විට බොරු කථා කරයි . තර්ක කළ විට විතර්කයෙහි යෙදෙයි යනුවෙන් නබිතුමන් පැවසුහ . ( මුලාශ්‍රය – බුහාරි )
මෙම නබි වදන හි සදහන් කරුනක් නම් : කථා කළවිට බොරු කථා කරයි ( කිරතුරුවම ඔහුගේ මුවින් මූසාව පිටවෙයි ) ඔහු තම සිත තුළ පවතින දේට විරුද්ධව භාහිර ජිවිතයහි කටයුතු කරයි . එම ගුණාංගය හා විශ්වාසය අතර කිසිදු සම්බන්ධයක් නැත . විශ්වාසයෙන් යුතු පුද්ගලයකු තම විශ්වාසයහි පවතින දුර්වලකම නිසා වරදක් කළ හැක නමුත් ඔහුව එම වැරදි ක්‍රියාවෙන් මුදවා අල්ලාහ් ඉදිරියට ඔහු රැගෙන ගොස් නීතියෙන් පනව ඇති දඩුවම් ලැබිමට සලස්සන්නේ කුමක්ද ? සැබවින්ම සත්‍ය නම් උසස් ගුණාංගය හැර වෙන කිසිවක් නැත එම සත්‍ය නැත්නම් ඔහු නිවැරදි මගට යලි හැරන්නේ නැත . එබවින් සත්‍ය නම් ගුණාංග මිනිසා නිවැරදි මාර්ගයහි සිටීමට ඉතා අවශ්‍ය කරුනකි . එය විශ්වාසයෙය්හි මුලික ගුණාංගයක් වශයෙන්ද අල්කුර ආන්ය විස්තර කරයි . ශුධවු අල්කුර් ආන් මගින් අල්ලාහ් විශ්වාසයන්ට මෙසේ අණකර සිටි . විශ්වාසවන්තයිනි අල්ලාහ්ට බියවනු ද තවද සත්‍යවන්තයින් සමග එක්ව සිටිනු ( 9:119)
බොරු කාරයින් සමග ඔබ ආශ්‍රය නොකර යුතුයි . ඔවුන් සමග ආශ්‍රය කිරිමෙන් හෝ එම නීච ගුණාංගය ඔබට නොවැළදිය යුතුයි . සත්‍ය වනතයින් සමග එක්ව ආශ්‍රය කරන්න , මන්ද කෙනෙකු තුළ සත්‍ය නම් ගුණාංගය පිහිටි තිබෙන විට වෙනත් සියළු උසස් ගුණාංගයන් ඔහු තුළ පවතිනවාට කිසිදු සැකයක් නැත . එය එම මිනිසා කෙරෙහි ආකර්ශනිය භාවයක් ඇති කරයි . එම මිනිසාගේ සෑම ක්‍රියාවක්ම අවදානය කිරිමට අප දිරිගන්වයි . ඔහු ආශ්‍රය කිරිමටත් එය මග විවර කරයි නමුත් මූසාවත් සමග ජිවත්වන්නන් සමග ආශ්‍රය පවත්වනවිට එම පහත් ගුණාංගයන් අපවත් ආක්‍රමණය කරනු ඇත . එබෙවින් විශ්වාසවන්තයිනි අල්ලාහ්ට බියවනු ද තවද සත්‍යවන්තයින් සමග එක්ව සිටිනු ( 9:119)
යනුවෙන් අල්ලාහ් උපදෙස් කරන්නේ .
සත්‍ය යන ගුණාංගය මුළුමනින්ම අපි අවබොධ කරගන්නේ නම් එය අප සිතත් සමග සාමකාමිව , කිසිදු දෙගිඩියාවකින් තොර අසහනකාරි මානසිකත්වයෙන් තොර ජිවත් වීම යනු කිව හැක . සත්‍ය නම් ගුණාංගයත් සමග කෙනෙකු ජිවත් වීමට මෙයයි අර්ථය . අප සිතට විරුද්ධව කටයුතු නොකළ යුතුයි සිතත් සමග සටන් කාමිත්වයක් ඇති කර එයට එරෙහිව කටයුතු නොකර යුතුයි . අපි සෑම අවස්ථාවකම අප සිතත් සමග සිටිය යුතුයි . තම සිතත් සමග සාමකාමිව සටිය යුතුයි මිනිසෙකු සෑම අවස්ථාවේදීම තමන්ට සමීපව තබා ගන්නේ තමන්ගේ සිතයි . එම සිතත් සමග ජිවත් වීමට සමහරුන්ට අසීරු වෙයි ඔවුන් කව් රුන්දැයි ඔබට දන්නවාද?
ඔවුන්ගේ සිත්තුළ විවිධ අර්බුදයන් ඇත . එම අර්බුදයන් ඔවුන් විසින්ම මතු කරගන්නා ලදි . ගනු දෙනු තුළින් විවිධ ප්‍රශ්න මතු කරගනිති. විශ්වාසය පලුදුවන ආකරයට ඔවුන් කටයුතු කරති . පොරුන්දු දී එය කඩකර විවිධ ප්‍රශ්න මතු කරගනිති යමක් ලබාගන්නා විට එය යළි ලබාදීමේ අරමුණකින් තොර ලබාගනිමින් ප්‍රශ්න මතු කර ගනිති. යමක් ලනාගන්නා විට එය යළි ලබා දීමේ කිසිම අදහසක් ඔවුන් තුළ නැත
මෙසේ දෛනික ජිවිතයහි විවිධ අවස්ථාවන්හි සිතට විරුද්ධව කටයුතු කරමින් අර්බුද මතු කරගනිති . මේවැනි විවිධ අසහනකාරි තත්වයන් මැද්දේ මිනිසා තම සිතත් සමග තනිව සිටින විට ඔහුට මහත් පීඩනයක් ඇතිවෙයි . එවැනි තත්ත්වයක් තුළ ඔහු තමන්ව අමතක කිරිමට උත්සහ කරයි .තමන් සමග සිටින තම සිත ඔහුට පාලනය කිරිමට නොහැකි වෙයි . මෙම තත්ත්වය අමතක කිරිම සදහා රූපවාහිනි යන්ත්‍රය , ගුවන් විදුලිය , නැතහොත් මිත්‍රයෙකුගේ පිහිට ඔහු සොයන්න පටන් ගනි. නැත්හොත් සූරා සැල් , රාත්‍රි සමාජ ශාලා , මත් ද්‍රව්‍ය , මත්පැන් හි පිහිට සොයා තමන් අමතක කිරිමට වෙර දරයි . මන්ද ඔහුට තම සිත සමග තනිව ජිවත් වීමට නොහැක මෙසේ ඔහු තුළ ඔහු මහත් අර්බුදයක් මතු කරගෙන ඇත .
මෙවැනි ඛෙදනීය තත්ත්වයකට මිනිසාට මුහුණ දීමට සිදුවූයේ ඔහු තම සිතට විරුද්ධ ජිවිතයක් ගත කිරිමට පටන් ගැනිමයි . ඔහුගේ සිත මූළුමනින් වනසා එයට විරුද්ධව ජිවත් වීම පහසු කාර්යක් නෝවේ . මන්ද සෑම මොහතකම , සෑම නිමෙෂයකම ඔහුත් සමග ජිවත් වන ඔහුගේ සිතට විරුද්ධව කටයුතු කරන විට යහපත් ජිවිතයක් ගත කිරිම යනු මූලාවක් පමණි .
ඉස්ලාම් දහම මිනිසෙකුට ලබාදෙන මහඟු දායාදයක් නම් අධ්‍යත්මික සැනසීමක් නැත්නම් ඇයි මෙම ජිවිතය ? යනු දුක් සූසූම් හෙළන බොහෝ අය අපි දකිමු . අධ්‍යාත්මික සැනසීම සදහා ඉස්ලාම් පෙන්වන මග කෙතරම් අපුරුද

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: