විහාරය හා විහාර භූමිය තුල මුස්ලීම්වරුන්

අනෙකුන් සියලූ ඇදහිලි මු`ඵමනින් ම බැහැර කර ඉස්ලාම් ආගමේ ශික්ෂා දැඩි ලෙස අනුගමනය කරන මෙන් ඉස්ලාම් ආගම සිය අනුගාමිකයන් හට නියම කරයි. උඩරට මුස්ලිම්වරුන්ට සිය ආගම නිදහසේ ඇදහීමට අවසර තිබුණු අතර ඔවුහු තම ආගමට භක්තිමත් වුහ. එහෙත් තමන් අදහන ආගමට හානියක් නොවන අයුරින් බෞද්ධ විහාර ක්‍රමයේ ක්‍රියාදාමයට හුරු වීමේ නම්‍යශීලී භාවයක් සහ හැඩ ගැසීමේ ශක්තියක් ඔවූන්ට තිබිණි. අප ඉහත දුටු පරිදි විහාර ගම්වලට දෙන ලද ඉඩම්වල, විහාරයේ රාජකාරී ඉටු කරන පංගුකරුවන් පදිංචි වූ අතර ඉන් සමහර දෙනෙක් මුස්ලිම්නරු වූහ. විහාර ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේනදී සමාජයේ විවිධ පාර්ශ්වයන් සුහද ව  ඒකාබද්ධව වීම අවශ්‍යයෙන්ම සිදුවිය යුතුය. ජාතිය සහ ආගම අතින් බහුතර  ජනතාව ගෙන් වෙනස් වූ මුස්ලිම්වරුන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා මේ ක්‍රියාදාමය හා බද්ධ වුයේ, කවර හෝ තත්වයකට අවශ්‍ය පරිදි හැඩ ගැසීමට මුස්ලිම්වරුන්ට ඇති ශක්තියත්, කවුරුත් හෝ වූව ඉවසීමෙන් පිළිගැනීමට උඩරට ආයතන සතු ශක්තියන්, විශේෂයෙන් ම ආගම පිළිබඳව දැඩි අවිචාර බුද්ධියකින් ක්‍රියා කළ අවධියකදී බෞද්ධයන් දැක්වූ සහනශීලීතාවන් ප්‍රදර්ශනය කරමිනි. විහාර ඉඩම් වල පදිංචි ව සිටි මුස්ලිම්වරුන් බුද්ධාගමට හරවාගැනීම සඳහා භික‍ෂූන් වහන්සේලා කිසිඳු උත්සහයක් නොදැරු බව පැහැදිළිය.  ඒ වෙනුවට, ඔවුන් සතුව තිබුණු  දක්ෂතා සහ සම්පත් විහාරයට වැඩදායක වන අයුරින් යොදවාගනු ලැබීය.

Mosque at Matara, Sri Lanka by YimHafiz.

Mosque at Matara, Sri Lanka

අප විසින් දක්වන ලද පරිදි  මුස්ලිම්වරුන් ප්‍රධාන වශයෙන් වෙළෙන්ඳන් වූ අතර ඔවුන් සතුව තවලම් ගවයෝ සිටියහ. ඒ අනුව විහාර ඉඩම්වල  පදිංචිව සිටි මුස්ලිම්වරුන් බොහෝවිට  පැටවිලි පගු (ප්‍රවාහන කටයුතු සඳහා වූ ඉඩම්) භුක්ති විඳි බැව් පෙනේ. ඔවුන් විසින් විහාරයට කළ යුතු වූ ප්‍රධාන රාජකාරිය වුයේ, කුඹුරේ සිට අටුව (ධාන්‍ය ගබඩාව) දක්වා ධාන්‍ය  රැගෙන යාම සහ  මුහුදුබඩ ප්‍රදේශවලින් ඔවුන් ලබා ගන්නා ලූණු  සහ කරවල සැපයීමත්ය. මේ හිතකර සම්බන්ධතා ගොඩ නැගුණු ස්ථානයකට කදිම නිදර්ශනයක් නම් එහි සලකුණ අද පවා දක්නට ලැඛෙන කුරුණෑගල පුරාණ රිදී විහාරයයි.  උඩරට රජවරුන්ගේ නොමසුරු ත්‍යාගශීලීභාවයෙන් විශාල ලාභ ප්‍රයෝජන අත්වූ මේ විහාරයට ගම්වර සතක් පූජා කර තිබිණි.  එයින් එකක් රඹුක්න්දක මුළුමතින්ම මුස්ලිම් ගමක් වුයේය. එහි එක් එක් කුලී නිවැසියා විසින් ඉටු කරන ලද රාජකාරිය සහ ගෙවූ මුදල රාජකාරි බදු ලේඛනයෙහි සඳහන් වේ. ඒ රාජකාරි අතරට, ධාන්‍ය ප්‍රවාහණය කිරීම, විහාර භූමිය අලංකාර කිරීම සඳහා සුදු වැලි ගෙන ඒම, යම් යම් වියලි සලාක ද්‍රවශ, ප්‍රධාන වශයෙන් පොල් සහ කරවල සැපයීම සහ සුළු සුළු ගාස්තු මුදලින් ගෙවීම ඇතුළත් විය.

Buddhis-Muslim amnityරිදි විහාරයේ භක‍ෂුන් වහන්සේලා මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සඳහා විහාර ගමේ කොටසක් පවරා දී මුස්ලිම් පූජකවරයෙකුගේ නඩත්තුව සඳහා ද ඉඩම් කොටසක් වෙන් කර තිබීම. නූතන යුගයේ සම්මත පිළිවෙත අනුව පවා ඉතා උදාර කාර්යයන් වශයෙන් සැලකිය හැකිය. මුස්ලිම් පදිංචිකරුවන් කිසිඳු පැකිළිමකින් තොරව බෞද්ධ විහාරයට සේවය කළ ඇති අතර, ඔවුන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතා පිරිමසාලීම සඳහා මුස්ලිම් පූජකවරයකුට විහාරය විසින් විවෘත වම  සහයෝගය දක්වන ලදී. ආගම් පිළිබඳ ඉතිහාසයේ අද්විතීය ගණයේ එකක්වූ විශිෂ්ට ආගමික සහනශීලතාවක් ප්‍රකට කළ මේ සිද්ධිය 1870 දී බි්‍රතාන්‍ය රාජකාරි බදු කොමසාරිස්වරුන්ගේ විස්මයට හේතු විය. ඒ මුස්ලිම් පල්ලිය,  විහාරයේ සිට සැතපුම් භාගයක් දුරින්, මුලින් රිදී විහාරයට අයිතිව තිබුණු ඉඩමක අද ද පිහිටා තිඛෙනු දැකිය හැකි යැයි ඒ විහාරයේ අධිපති තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක ස්වාමීන් වහන්සේ ග්‍රන්ථ කර්තෘව දන්වා සිටියහ. එය එකල ආගමික සහනශීලිතාව පිළිබඳ අනුස්මරණීය සිද්ධියකි. සමස්ථ සමාජ ආර්ථීක ව්‍යුහය දැන් කඩා වැටී විසුනු වී තිබුණ ද හොඳ හිත සහ සුහදත්වය තවම පවති.

කුැරණෑගල දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සගිකයකු ව සිටි එ මෙන්ම රඹුකන්දන ගෞරව සැලකිල්ලට පාත්‍ර වූ පුරවැසියෙකු වූ යු. එන්. ආසන ලෙබ්බේ සාක‍ෂ්‍ය දරමින්, 1930 දී මුස්ලිම් ළමයින් බොහෝ දෙනෙකු පන්සල්වල අධ්‍යාපනය ලැබු බවත් ඔවුන් ගෙන් ඇතැමුන් අවුරුදු දහයක් තරම් දීර්ඝ කාලයක් පන්සලේම පදිංචි ව සිටි බවත්  ප්‍රකාශ කළේය. ඔවුනතුරින් වැඩිදෙනෙක් සිංහල භෂාව සහ දේශිය වෛද්‍ය ක්‍රමය හැදෑරු හ. අධ්‍යාපනය හැම විටම නොමිලයේ සැපයුණු අතර, පන්සල්වල ඉඳුම් හිටුම් සහ කෑම බීම ද නොමිලයේ සැලසුණු නමුත් භක‍ෂුන් වහන්සේලා තම භාරයේ සිටි ළමයින් බුද්ධාගමට හරවාගැනීමට කිසිඳු උත්සහයක් නොදැරූහ. පන්සල්වල ජීවත් වෙන අතරම ඔවුන් ගේ යාච්ඤ මෙහෙයන් පැවැතිවීමට සහ කෝරාන පන්තිවලට යෑමට මුස්ලිම් ළමයින්ට පහසුකම් සලසන ලදී.

ලෞකිකකරණයේ සහ නවීකරණයේ බලපෑම්වලින් තවම පාරම්පරිකව සාරධර්ම දිය වී ගොස් නොමැති මේ දුර බැහැර ගමේ පදිංචි මුස්ලිම් ජනතාව විහාරයේ කටයුතු වලට ස්වේච්ඡාවෙන් දායක වන අතර විහාර උත්සවවලදී, විශේෂයෙන්ම ඇසළ පෙරහැරේදී මුස්ලිම් ළමයි කණ්ඩායමක් වශයෙන් ඊට සහභාගි වෙත්. ඔවුන්ගේ උදවු උපකාර අවශ්‍ය වන අවස්ථාවලදී භක‍ෂුන් වහන්සේ විසින් ඒ බැව් මුස්ලිම් පූජකවරයාට දන්වනු ලබන අතර ඔහු අවශ්‍ය පිරිස් සැපයීම සඳහා සියළු විධි විධාන සලසයි. රාජකාරි සේවය නතර කොට ඇති බැවින් තව දුරටත් සේවය කිරීමට ඔවුන් බැඳි නොසිටින නමුත් ගරු සැලකිලි දැක්වීමේ සහ මිත්‍රත්වයේ ජීවය තවම බිඳවැටි නොමැත. නිශ්ශබ්ද වන ලෙස දැක්වෙන සංඥා පුවරු හෝ එසේ කරන ලෙසට විධානක කර හෝ නොමැති නමුත් පෙරහර මුස්ලිම් පල්ලිය පසුකර යන විට එහි ඛෙරකරුවන් ගෞරව දැක්වීමක් වශයෙන් ස්වේච්ඡාවෙන්ම ඛෙර වාදනය නතර කරන බැව් යු. එන්. ආසන ලෙබ්බේ ප්‍රකාශ කළේය.

කලින් අප දුටු පරිදි අකුරණ උඩරට පැරනිතම මුස්ලිම් ජනවාසවලින් එකකි. මහනුවර අස්ගිරි අලූත් විහාරය සතු විශාල ඉඩම් ප්‍රමාණයක් අකුරණ පිහිටා තිබුණු අතර එහි යම් යම් පංගු භුක්ති විඳි මුස්ලිම් පවුල් ගණනාවක් සිටියහ. ලූණු දෙන පංගුව භුක්ති විඳි අය සිරිත් පරිදි ලූණු සහ කරවල  සැපයූහ.  අනිකුත් පංගුකරුවන් මසකට වරක් විහාරයට එළවළු කඳක් පිරිනැමු අතර අලූත් අවුරුද්දට පසුව ඒ සෑම අයෙක්ම එළවළු කඳක් හා බුලත් හුරුල්ලක් බැගින් නායක ස්වාමින් වහන්සේට පිළිගැන්වූ හ. විහාර ඉඩම් පංගුවක් භුක්ති විඳින මුස්ලිම් වෛද්‍යවරයෙකු වන අබුබකර් ලෙබ්බේ වෙදරාල වාර්ෂිකව අස්ගිරි අලූත් විහාරයේ නායක ස්වාමින් වහන්සේට මුදල් ත්‍යාගයක් හා දුම්කොළයක් පිළිගැන්වු බැව් සැලකිල්ල යොමු විය. යුතු සිද්ධියකි. දුම්කොළ බුලත් විට සඳහා අවශ්‍ය දෙයක් වන අතර ස්වාමින් වහන්සේලා ගේ ඉතා සුළු අවශ්‍යතාවක් පවා මේ ආකාරයෙන් සපුරාලූ බවක් පෙනේ. ඊටත් වඩා වැදගත් වනුයේ අලූත් අවුරුදු දිනයේදී  පංගුකාරයා සම්ප්‍රදායික තෑගි බෝග සමග අනිවාර්යයෙන්ම පෙනුමක් රැගෙන ගොස් නායක ස්වාමින් වහන්සේ බැහැ දැකීමයි. මුස්ලිම් නොවන විහාර ඉඩම් හිමියා සහ මුස්ලිම් කුලී නිවැසියා අතර පවත්නා අන්‍යෝන්‍ය රඳාපැවැත්ම ඉන් ශක්තිමත් වේ.

කුරුණෑගල රිදී විහාරය සහ මහනුවර අස්ගිරි අලූත් විහාරය සම්බන්ධ මේ සිද්ධීත්, මෑත කාලීන සංක්‍රමණිකයන් මෙන්ම ජාතිය සහ ආගම අතින් විජාතිකයන් වු මුස්ලිම්වරුන් උඩරට සමාජයට පිළිගනු ලැබුවේ අවාසිදායක තත්ව යටතේ නොවන බැව් පෙන්නුම් කෙරෙන නිදසුන් දෙකක් පමණි. විහාර ඉඩම්වල මුස්ලිම්වරුන් පදිංචි ව සිටි සෑම අවස්ථාවකම දී ඔවුන් විහාරයට සේවය කරමින් උඩරට සමාජ පද්ධතියේම කොටසක් බවට පත්වූ අතර, මුස්ලිම්වරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටි සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ ආධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලීම උදෙසා භික‍ෂුන් වහන්සේලා හෝ රජු හෝ විසින් මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සඳහා ඉඩමක් වෙන් කර දෙනු ලැබිය. පංගොල්ලමඩ මුස්ලිම් පල්ලිය ඉදි කර ඇත්තේ දෙගල්දොරුව විහාරයට අයිති ඉඩම් කොටසකය. මහනුවර වර්තමාන කටුපල්ලිය සහ මිරාමක්කම් පල්ලිය ඉදි කරනු ලැබුවේ උඩරට රජවරුන් විසින් තෑගි කරන ලද ඉඩම් වලය. කටුපල්ලිය ගෘහ නිර්මාණ ශිල්පය අතින් දළදා මාළිගාවේ මඟ=ල් මඩුවට සමාන වන අතර එහි කැටයම් කළ දැව කණු ඇම්බැක්කේ දේවාලයය සිහිපත් කරවයි. පෙනුමෙන් උඩරට ලී දොරටුවක ස්වරූපය ගත්, බරැති පිත්තල කැබලි අල්ලා මුදුනේ කෝරාන පාඨයක් කොටා ඇති පල්ලි දොර, තත්කාලීන හැඟීම් මූර්තිමත් කරමින්, ආගම එක්සත් කිරීමේ සාධකයක් විය හැකි බව නරඹන්නන්ට සිහිපත් කරවයි.

දහහත් වන ශත වර්ෂය තරම් ඈත අතීතයේදී උඩරට රජවරුන් විහාරය සඳහා ඉඩම් පිරිනැමූ ආකාරයෙන්ම මුස්ලිම් පල්ලිවල නඩත්තුව සඳහාද ඉඩම් දුන් බවත්, එහෙත් අනිවාර්ය රාජකාරිය වෙනුවට කුලී පදිංචිකරුවන් එහි නඩත්තුව සඳහා මුදලින් ආධාර කළ බවත්, නොක්ස් ගේ තියුණු අධ්‍යයනයෙන් ප්‍රත්‍යක‍ෂ වේ. පිනට දහමට ළැදි සිංහල ජනතාව විසින් පූජනීය ස්ථාන ඉදි කරගැනීම පිණිස මුස්ලිම්වරුන්ට ඉඩම් පරිත්‍යාග කරන ලද අවස්ථා ද විය. ෂෂ වන රාජසිංහ රජු (1635 – 1687) සහ ඔහු ගේ රට වැසියන් පිළිකුල් කිරීමට හැමතින්ම හේතු තිබුණු රොබට් නොක්ස් මෙසේ පවසයි. zzසිංහල වර්ගයා ඔවුන්ගේ ජාතියට අයත් දුප්පතුන්ට පමණක් නොව විජාතික විදේශික වූ දුප්පතුන් හටත් එක්වන් අනුකම්පාවෙන් සලකති. විශේෂයෙන් ඉස්ලාම් භක්තික යාචකයන් හටත් පින් පිණිස දෙති. ඔවුන්ට අයත් සිද්ධස්ථානයක් කන්දේ නුවර පිහිටා ඇත්තේය. සැම නිදහස් ගම්වැසියෙකු විසින්ම මේ සිද්ධස්ථානයට පෙනුමක් දිය යුතු යැයි පෙර එක් රජෙක් නියෝගයක් කළේය. ඔවුන් හිඟමනෙහි එන්නේ දැඩි විශAවාසයකිනි. ඔවුන් කියන්නේ ජනතාවගේ පින් පල සම්පූර්ණ කරලීම සඳහා ඔවුන් හිඟමනේ එන බවයි. ජනතාව හුදු පින් තකාම නිදහස් ලෙස ඔවුන්ට ආධාර කරති. ධනවතුන් විසින් ඔවුන්ට පිනට දෙන ලද ඉඩ කඩම් තැනින් තැන ඇත. එම ඉඩම්හි ගෙවල් තනා ජීවත් වන ඔවුහු ඒ දේපළ සදහටම පරපුරෙන් පරපුරට හිමි වන්නට ඉඩ හරිති.

ගම්පොළ අසල පිහිටි කහටපිටිය පල්ලිය හා සම්බන්ධ පුරාවෘත්ත සිංහල රජවරුන් මුස්ලිම් ජනතාව කෙරෙහි දැක්වූ නිර්ලෝභීකම තව දුරටත් පෙන්වාදෙයි. පල්ලිය දැන් පිහිටි භූමි භාගය පෙර ගසක් දෙකක් සහිත මුඩු බිමක් විය. පුරාවෘත්තයට අනුව, මක්කමෙන් පැමිණි තවුසකු මෙහි වාඩි වී භාවනාවේ නිමග්නව සිටි අතර කිතුල් ගසක් මදින්නට එහි පැමිණි රා මදින්නෙක් භාවනානුයෝගී තවුසා ගේ උදාර තැන්පත් ඉරියව් දැක වශි විය. මේ රූපය සජීවි එකක්ද අජීවී එකක් දැයි සැක හැර දැන ගැනීමට ඔහුට අවශ්‍ය වූයෙන් ඔහු විසින්ම ඒ රූපයේ නාස්තුඩ කපාදමන ලදැයි පැවසේ. තවුසා කිසිඳු සෙලවීමක් නොමැතිව පිළිමයක් මෙන් හුන්නේය. තමා විසින් කපා දමන ලද නාස්තුඩු යළිත් නාසයට සවි වී තිඛෙනු පසු දා උදෑසන දුටු රා මදින්නා විස්මයෙන් ගල් ගැසිණි. ගෞරව සම්ප්‍රයුක්ත බියකින් ඇලලීගිය රා මදින්නා ගම්පොළ රජුට තමා දුටු දේ විස්තර කළේය. රජු තවුසා වෙත ගොස් ඔහුට කුමක් අවශ්‍ය දැයි විචාළේය. හිස තබාගැනීමට කුඩා බිම් කඩක් පමණකැයි තවුසා පිළිතුරු දුන්නේය. අවශ්‍ය බිම් ප්‍රමාණය කොපමණ දැයි රජ ඇසු විට තවුසා තම සක්කර වළල්ල සිටු දිසාවට විසි කර අවශ්‍ය ප්‍රදේශය දක්වා සිටියේය. ඒ අනුව, ඉල්ලීම ඉටු කැරුණු අතර ඒ භූමි භාගය සක්කරන් කොටුව නමින් දැනුදු ප්‍රසිද්ධ ව පවති.

භවකුෆ් සාන්තුවරයා දේවත්වයට පත් කොට ඔහු සිහි වීම පිණිස සොහොන් කොතක් ඉදි කරනු ලැබීය. පසු කාලයකදී ඒ ස්ථානයෙහි පල්ලියක් ගොඩ නගන ලද අතර, එය වන්දනාකරුවන් නිතර දෙවේලේ පැමණෙන ප්‍රසිද්ධ ස්ථානයක් වී තිබේ. පෘතුගීසීන්ගේ සහ ඕලන්දකාරයන් ගේ තාඩන පීඩන ආරම්භ වීමටත් පෙර සිට උඩරට රජු සහ වැසියන් මුස්ලිම් භක්තිකයන්ට (එමෙන්ම අනෙකුත් සියලූ ආගමිකයන්ටත්) ඔවුන්ගේ ආධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලන තරමට පවා නැඹුරු වී සහනශීලීතාවකින් ක්‍රියා කළ බවට මෙය තව ද නිදසුනකි. තම ජාතියට අයත් නොවු ජනගහනයක් මැද කුඩා සුළු තරයකට තම ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව රැකගැනීම පහසු වුයේ යහපත් අදහසින් කළ එවැනි ක්‍රියාවන් නිසාය.

2 responses to “විහාරය හා විහාර භූමිය තුල මුස්ලීම්වරුන්

  1. prabhath February 9, 2012 at 5:44 pm

    L.T.T.E.එක උඹලට පොට්ටනි වෙළෙන්දෝ කියලා උතුරෙන් පන්නපු එක සාධාරණයි

  2. prabhath February 9, 2012 at 5:47 pm

    මුන් තරම් කපටි ජාතියක් මේ ලෝකේ කොහේවත් නෑ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: