ඉස්ලාම් ලබාදෙන දඩුවම්වල සාධාරණත්වය

එදා අරාබි දේශයේ කාන්තාරවාසීන් තිරිසනුන්වගේ කළ දඩුවම් ක්‍රම දැන් අප ක්‍රියාත්මක කරනවාද? රුපියලක් දෙකක් සොරකම් කළ වරදට සොරෙකුගේ අතක් කපා දැමීම සාධාරණද? ශිෂ්ඨාචාරයේ ඉහලම ස්ථානයට පැමිණ සිටින වර්තමාන යුගයට ඒවා ගැලපේද?

පරිසරයේ බලපෑමෙන් හා අවස්ථාව අනුව මෙවැනි වරදකට ඔහු පෙළඹෙන්නේය. ඔහුට අනුකම්පාව හා අනුග්‍රහය ලබාදිය යුතුය. ඔහු දඩුවම්ට ලක් කරනවාට වඩා අවශ්‍ය ප්‍රතිකර්ම ලබාදී පුනරුත්ථාපනය කිරීම බුද්ධිමත් ක්‍රියාවක් වන්නේය. මෙලෙස සමහරු අපට අවවාද අනුශාසනා කරති.
සොරෙක් සොරකම් කළ වරදට දඩුවම්ක් ලබාදීම ගැන දොස් නගන මේ විසිවන ශත වර්ශයේ කිසිම වැරද්දක් නොකළ අහිංසකයින් හතලිස් දහසක් පමණ දකුණු අප්‍රිකානුවන් විසින් මරා දැමීම මොන සාධාරණත්වයක් යටතේ සිදුකළාද? මේ ප්‍රශ්නය ඔවුන්ගෙන් ඇසුවොත් පිළිතුරු දිය නොහැකිව නිහ~ වන්නෝය.
යථාර්තයෙන් තොර කථාවලට මුලාවී අද ජනතාව අපමන හිරිහැරවලට හා දුක් වේදානවන්ට මුහුණ දී සිටින මේ විසිවෙනි ශතවර්ෂයට එය ගැලපෙයි.
ඕනෑකමින්ම ඉස්ලාමය වෙත බොරු චෝදනා එල්ල කරමින් දොස් පවරන අයට මේ ගැන සන්සුන්ව සිතන්ට ඉඩදී ඉස්ලාමය ලබාදෙනු ලබන දඩුවම්වල සාධාරණත්වය ගැන මෙහිදී සලකා බලමු.
hunger in Africaධනවාදීන්ගේ අර්ථකතනය.: ධනවාදී රටවල්වල තනිපුද්ගලයන්ට ප්‍රමාණය ඉක්මවූ නිදහසක් ඇත. ඔහු කුමන අයුරකින් ජීවත්වුවත් කිසිම කෙනෙකුට ඔහුගේ පෞද්ගලික ජීවිතයට බලපෑම් කළ නොහැක.
මිනිසා වැරදිවලට පොළඹවන්නේ පරිසරයයි. වරදකරුවා තම සිත පාලනය කළ නොහැකිවීමෙන් අවුල් සහගත මානසිකත්වය නිසා වරදට යොමුවන්නේය. වරදට හේතුව පරිසරය මිස එම පුද්ගලයා නොවේ. වරදකරුවා පරිසරයෙන් බිලිගනු ලැබූවෙකු නිසා ඔහුට දඩුවම් කරනු වෙනුවට හිමිවිය යුත්තේ අනුකම්පාවයි.
ධනවාදි සමාජ ක්‍රමය පරිසරය මත වරද පටවා වැරුද්ද සාධාරණීකරණය කරයි. කෙසේ හෝ වැරදි සඳහා දඩුවම්දීම ක්‍රමයෙන් අඩුකිරීම ඔවුන්ගේ උත්සහායයි. බොහෝ දුරට මෙම රටවල්වල වරදට දඩුවම් දීම සිදුවූවත් ඒවා දඩුවම් ලෙස ගණන් ගත නොහැක. ඒවා සාමාන්‍ය විනය කඩ කිරීමකදී දෙනු ලබන සුළු දඩුවම්කට සමාන දඩුවම් ලෙස ගත හැක.
සිග්මන් ෆ්‍රොයිඩ් මහතා මෙසේ විග්‍රහ කරයි.: ෆ්‍රොයිඩ් මහතා විසිවෙනි ශත වර්ෂයේ ප්‍රසිද්ධ චින්තකයෙකි(දර්ශනවාදියෙකි). ඔහු වැරදි සිදුවීමට හේතුව කුමක්දැයි මෙසේ විග්‍රහ කරයි.
වැරදිවලට ප්‍රධාන හේතුව මිනිසා තුල ඇති රාගික හැඟීමයි. කාමයෙන් මත්වුන මිනිසා විවිධ වැරදිවලට යොමුවෙයි. කාමය ඉහවහාගොස් පිටාර ගැලීමේදී ඒවා සංසිදුවා ගැනීමට මඟක් නොවූ විට වියරුවෙන් වරදට පෙළඹෙයි. කාමය, සමාජයෙන් පනවා ඇති බාධක, සාරධර්ම, සීමාවන් හා නීතිරීති මගින් මර්දනය කිරීමට යාමේදී මිනිසා වරදට ඉබේම පෙළඹෙයි.
මිනිසා පූර්ව නිගමනයක් උඩ ජීවත්වෙයි. තම ආශාවන් පාලනය කරගැනීමේ හැකියාවක් හෝ ශක්තියක් ඔහුට නැත. මේ ෆ්‍රොයිඩ් සොයාගත් කරුණුය.
කොමියුනිස්වරුන්ගේ මතය.: —රජය යනු පූජනීයයි. එයට සියලූ බලතල හිමිවන්නේය. රජයකට විරුද්ධවීමේ හැකියාවක් කිසිම මිනිසෙකුට නැත. මෙය කොමියුනිස්ට් වාදීන්ගේ තේමාව වන්නේය. එහෙයින් කොමියුනිස්ට් රාජ්‍යවල රජයට විරුද්ධව සටන් කරන්නන්ට කෘෘර වදහිංසාවලට ලක්වීමට සිදුවන අතර මරණ ද~ුවමද හිමිවන්නේය˜.
ආර්ථීක පරිහානියෙන් දුක් විඳින ජනතාව තුල සාරධර්ම බලාපොරොත්තු විය නොහැක. සාගතය හා ආර්ථීක ගැටළුවලට මැදිවී මිරිකෙන මිනිසා වැරදිවලට යොමුවීම නොවැළැක්විය හැකිය. ආර්ථීක ප්‍රශ්නයට හා සාගතයට විසදුමක් ලබාදුන් විට වැරදි සිදු නොවෙයි. සමානත්වය හා සහොදරත්වය ගොඩනැංව විට වැරදි ගැන සිතාබැලීමක් හෝ අවශ්‍ය වන්නේ නැත. මෙය කොමියුනිස්ට්වාදීන් දෙනු ලබන අර්ථ කථනයයි.
කොමියුනිස්ට් වාදයේ ජයග්‍රාහකයින් ලෙස උදම් අනන රුසියාව දුප්පත්කම තුරන්කර, සමානත්වය හා සහෝදරත්වය නිර්මාණය කළ රටක් බවට ලොවට ප්‍රකාශ කරමින් ඔල්වරසන් දෙයි.
එහෙත් රුසියාවේ බන්ධනාගාර, අධිකරණ හා ආරක්ෂක කටයුතු තවමත් එලෙසම පවතින්නේ මන්ද? මේ ගැන තවම කිසිම කෙමියුනිස්ට් වාදයකු පිළිතුරුදීමට ඉදිරිපත්වී නැත. මෙයින් හෙළිවන්නේ තවමත් ඒ රටේ වැරදි හා අපරාධ සිදුවෙමින් පවතින බව නොවේද? දුප්පත්කම නැතිකළත් වැරදි කරන පිරිසකුත් සිටිය හැක. සත්‍යයද එයයි.
ධනවාදීන්, ෆ්‍රොයිඩ් හා කොමියුනිස්ට්වාදීන් දරන මතවලද සත්‍යයක් ඇති බව අපට ප්‍රතික්ෂේප කළ නොහැක. මිනිසුන් වරදට යොමුවීමට සමහර අවස්ථාවන්හි ඔවුන් ජීවත්වන පරිසරයත් ඔවුන් තුල ඇතිවන මානසික ගැටළුවන්ද හේතු විය හැක. එහෙත් මිනිසා යනු සම්පූර්ණයෙන් පරිසරයට වහල්වූ සත්වයෙක් බව අපට පිළිගත නොහැක. යම් ගැටළුවකට මුහුණ දුන් කල ඔහු අක්‍රියව අසරණව සිටී යැයි අපට බලාපොරොත්තු විය නොහැක. ෆ්‍රොයිඩ් වැනි මනෝවිද්‍යඥයින්ට වැරදුන තැනද මෙයයි. මිනිසා පරිසරයට යටත්වීමේ මානසිකත්වය ගැන පමණක් සැළකිල්ලට ගත් ඔවුන් පරිසරය පාලනය කරමින් පරිසරයට විරුද්ධව සටන්කර ජයගැනීමේ හැකියාවක්ද ඇතිබව අමතක කර ඇත.
නිදි පැදුර(යහන) තෙත්වන නිසා මුත්‍රා යාම වළක්වා ගැනීමට හැකියාවක් ඇති ළමයාට වැඩිහිටියෙක්වී හදිසියේ තමා තුල ඇතිවන පහත් හැඟීම් හා ආශාවන් පාලනය කරගැනීමටද හැකියාවක් ඇති බව ඔවුන් අමතක කර ඇත. මිනිසුන්ගේ මානසිකත්වය හා ක්‍රියාවන් සඳහා ආර්ථීක ප්‍රශ්නය බලපාන බව පිළිගත යුතුය. සාගතය හා බඩගින්නෙන් දැඩිලෙස පෙලෙන්නකු සමහර විට අපරාධ කරන්නත් සදාචාරයෙන් ඉවත්වී යාමටත් ඉඩ ඇති බව සත්‍යයකි. මිනිසාගේ ඇතැම් වැරදි ක්‍රියාවන්ට ආර්ථීකය හා අවස්ථාව හේතුවෙයි. සාගතය හා බඩගින්න තුරන්කළ බවට හ~ නගන සෝවියට් දේශයේ තවමත් උසාවි හා බන්ධනාගාර පවත්වාගෙන යාම මෙය සනාථ කරයි. මෙහිදී ප්‍රධාන වශයෙන් සැළකිල්ලට ගත යුතු කරුණක් ඇත. වරදකරුවාට දඩුවම් කළ යුතුද නැද්ද යන්න තීරණය කිරීමට පෙර ඒ වරද සඳහා ඔහුගේ සහභාගිත්වය කොතරම් ප්‍රමාණයකට සිදුවීද යන්න නිගමනය කළ යුතුය. දඩුවම්ට ප්‍රථම ඉස්ලාමය විසින් කරනුයේ එයයි.

ඉස්ලාම් ලබා දෙන දඩුවම්වල සාධාරණත්වය
ඉස්ලාමය අන්ධ ලෙස ද~ුවම් පමුණුවන්නේවත්, වරද සිදුවූ පරිසරය හා අවස්ථාව ගැන නොවිමසා ඒවා ක්‍රියාත්මක කරන්නේවත් නැත. මේ පිළිබඳව ඉස්ලාමයට විශේෂ ක්‍රියාමාර්ගයක් ඇත. මෙහි කොමියුනිස්ට්වාදයේ හා ධනවාදයේ වැදගත් අංගද ඇතුළත් වෙයි. එහෙත් ඒවායේ දකින්න ලැබුණ අඩුපාඩු මෙහි දකින්නට නැත. ඉස්ලාමය වරදට දඩුවම් පැනවීමට පෙර වරදට සම්බන්ධ වටපිටාව හා පැවති වාතාවරණය ගැන සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඉස්ලාමය අවධාරණය කරයි.
වරදක් සිදුවූ විට ඉස්ලාමය කරුණු දෙකක් ගැන විශේෂයෙන් විමසුමට ලක් කරයි. ඉන් පළමුවැන්න වරදකරුගේ මානසිකත්වය. දෙවැන්න ඔහුගේ සමාජ තත්ත්වය. මේ ගැන ඉතා සුපරික්ෂාකාරීව සොයාබලා සාධාරණ ද~ුවමක් ලබා දෙයි. මෙය වැදගත් හේතූන් මත තර්කානුකූලව හා පෞද්ගලික මනාප හා අමනාපවලින් තොර ද~ුවමක් වන්නේය.
සමස්ථයක් වශයෙන් බැලූ බැල්මට ඉස්ලාම් ලබාදෙන දඩුවම් කෘෘර ඒවා ලෙස පෙනී ගියත් බුද්ධිමත්ව අවධානයෙන් යුතුව බලන විට එහි සාධාරණත්වය වැටහෙයි. ඉස්ලාම් ලබා දෙන දඩුවම් නැවත එවැනි වැරදි සිදුවීම වළක්වන අපරාධ මර්ධන දඩුවම් ලෙස සැලකේ. වරද කිරීමට බාහිර හේතූන් කිසිවක් නොමැතිව, ඕනෑකමින්ම වරද කළ බවට ඔප්පු කිරීමෙන් තොරව ඉස්ලාම් දඩුවම්ක් ලබා දෙන්නේ නැත.
උදාහරණයක් වශයෙන් සොරකම් කළොත් අත කපා දැමීම ඉස්ලාම් පනවන දඩුවම්යි. එම සොරකම කර ඇත්තේ දැරිය නොහැකි බඩගින්න(සාගින්න) හේතුකොටගෙන යැයි සැකයක් ඇතිවූවේ නම් එම දඩුවම් පනවනු නොලැබේ.


අයුතු ලිංගික සබඳතා පවත්වන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ගල්ගසා මරා දැමීම ඉස්ලාමයේ දඩුවම්යි. වරද කළ මොහොතේ වුවද වග විභාගයකින් තොරව මේ දඩුවම් පනවන්නේ නැත.

ලිංගික අපචාරයේ යෙදුන දෙදෙනා විවාහකයින් වීමත් එම වරද පිළිබඳව ඇසින් දුටු සාක්ෂි හතරක් ඉදිරිපත්වී එය සනාථවීමක්ද විය යුතු වෙයි. එසේ නොවූ අවස්ථාවක මෙම දඩුවම් පනවන්නේ නැත. එනම් විවාහවී සිටින දෙදෙනෙක් අයුතු ලිංගික සබඳතා පවත්වන බව ප්‍රචලිත නම් මේ දඩුවම් පනවනු ලැබේ. එය විශේෂයෙන් මතක තබාගත යුතු වෙයි. ඉස්ලාමය පනවා ඇති හැම දඩුවම්ක්ම ක්‍රියාත්මක කරන්නේ මෙවැනි පුළුල් පරීක්ෂණයක් මගින් පූර්ව නිගමනයකට බැසීමෙන් පසුව බව අමතක නොකළ යුතුය.
ඉස්ලාම් හි ඉතා ශ්‍රේෂ්ඨ නීති විශාරදයකු ලෙස දෙවන කලීෆා උමර් බින් කත්තාබ්(රළියල්ලාහු අන්හු)තුමන් විසින් පැනවූ නීතිය මෙයට වැදගත් උදාහරණයක් ලෙස ගත හැක. —ෂරීආ නමැති ඉස්ලාම් දහමෙන් පනවා ඇති නීති රීති අකුරටම ක්‍රියාත්මක කිරීම හා අනුගමනය කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ එතුමා, ඒ ගැන නොසැලකිල්ලෙන් මොහොතක් හෝ සිටියේ යැයි යමෙක් කියයි නම් එය කිසිසේත් අප පිළිගන්නේ නැත.
එතරම් නීතිගරුකවූ එතුමා සොරකම සඳහා ඉස්ලාමය පනවා ඇති දඩුවම් (එනම් අත කැපීම) රට සාගතයෙන් පෙළුන අවධියක කි්‍රයාත්මක නොකළේය. හේතුව මිනිසුන් දැඩි බඩගින්න නිසා සොරකමට පෙළඹෙන්න ඉඩ ඇති බව ඇතිවූ බිය නිසාය. පහත සඳහන් සිද්ධිය මෙය වඩාත් පැහැදිළි කරයි.
හාතිබ් ඉබ්නු අලි බල්දආ නමැත්තා ළඟ තරුණයින් කීපදෙනකු වැඩ කළහ. මොවුන් විසින් මුස්නා ගෝත්‍රිකයෙකුට අයත් ඔටු දෙනක් සොරකම් කළ බවට උමර්(රළියල්ලාහු අන්හු)තුමාට පැමිණිල්ලක් ලැබිණ. මේ ගැන කරුණු විමසා බැලීමේදී එම තරුණයින් වරද පිළිගත් අතර ඒ අනුව(ඉස්ලාම් නීතිය අනුව) උමර්(රළියල්ලාහු අන්හු)තුමා ඔවුන්ගේ අත් කැපීමට නියෝග කළේය. අනතුරුව තමා තුල ඇතිවූ සිතුවිල්ලක් අනුව —දෙවියන් මත දිවුරා කියමි. ඔබ මේ තරුණයින්ගෙන් වැඩ කරවීමේදී මොවුන්ට නිරාහාරව ඉන්නට සැළැස්වූ බවත්, ඒ හේතුව නිසා එම තහනම් ආහාරය ගැනීමට මොවුන්ට සිදුවූ බවත් මට දැනගන්න නොලැබුනේ නම් මොවුන්ගේ අත් කපා දමන්නෙමි˜යි කීවේය. පසුව එම තරුණයින්ගේ හාම්පුතාව ගෙන්වා මෙම තරුණයින්ගේ අත් නොකැපීම වෙනුවෙන් ඔබට වන්දියක් ගෙවීමට සිදුවෙයි. මොවුන් කළ සොරකමට (පෙළඹවීමට) හේතුවූයේ ඔබයි. එම නිසා ඔටු දෙනගේ වටිනාකම මෙන් දෙගුණයක් දඩ වශයෙන් අයිතිකරුට ගෙවීමට ඔබට නියම කරමියි ප්‍රකාශ කළේය.
මෙම පූර්වාදර්ශය වැදගත් පාඩමක් උගන්වන්නේය. වරදට පෙළඹීමට පරිසරය හේතුවී නම් දඩුවම් ලබාදීමක් නොකෙරෙයි. මෙය නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන්ගේ පහත සඳහන් හදීසයෙන් වඩාත් තහවුරු වන්නේය එනම් —සැකයක් හේතුවෙන් දඩුවම් කිරීමෙන් වළකින්න
ඉස්ලාමය වරදට පොළඹවන පරිසරය නැති කරයි.
දඩුවම්ක් පැනවීමට පෙර ඒ ගැන කොතරම් වගකීමකින් යුතුව කටයුතු කරන්නේද යන්න විමසා බලන විට ඉස්ලාමය පළමුවෙන්ම වරදට තුඩු දෙන පරිසරය(වටපිටාව) නැති කිරීමට කටයුතු කරන්නේය. වැරදිවලට පොළඹවන පරිසරයක් තිබේ නම් එය නැති කිරීමට අවශ්‍ය කි්‍රයාමාර්ග ගැනීමට පළමුව සිදුවන අතර දඩුවම් දීම ක්‍රියාත්මක වනුයේ දෙවනුවයි.
සාධාරණ හේතු කිසිවක් නොමැතිව ඕනෑකමින් යම් වරදක් කළ බව ඔප්පුවූ පසුව සාධාරණ දඩුවම්ක් ලබා දෙන ඉස්ලාමයේ එකම අරමුණ නැවත වැරදි සිදුවීම වළක්වාලීමයි. පරිසරයේ බලපෑමකින් හා සමාජයෙන් අවශ්‍ය ආරක්ෂාව නොලැබීමෙන් කරන වැරදි සඳහාද සැකයක් පහළවූ විටකදී දඩුවම් ලබා දෙන්නේ නැත. අවශ්‍ය වූවොත් ඒ වරද සඳහා ඔහුගේ මැදිහත්වීමට (වගකීමට) ප්‍රමාණවත් දඩුවම් ලබා දෙනු ඇත. (සිරද~ුවමක් වැනි) වරදට පොළඹවන පරිසරය නැති කිරීම සඳහා ඉස්ලාමය විවිධ ක්‍රියාමාර්ග දියත් කරයි.

ධනය සියලූ දෙනා අතර ඛෙදී යන අයුරින් කටයුතු කරයි. උමර් බින් අබ්දුල් අසීස් තුමාගේ පාලන සමයේ දුපත්පත්කම සහමුලින්ම තුරන් කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. වර්ණය, දේශය, කුලය, ආගම, භාෂාව හා සමාජ තරාතිරම නොසළකා සියලූම පුරවැසියන්ට එකසේ සළකා නඩත්තු කිරීම ඉස්ලාමීය රජයක පරම යුතුකමක් වෙයි. රැකියාවක් කළ හැකි සෑම පුරවැසියෙකුටම රැකියා පහසුකම් ලබාදීම රටේ නායකයකු සතු වගකීමයි. එසේ රැකියාවක් ලබාදීමට නොහැකි අවස්ථාවක ඔවුන් නඩත්තු කිරීමේ සම්පූර්ණ වගකීම රජය සතුය. එමෙන්ම රැකියාවක් කිරීමට අපහසු තත්ත්වයක පසුවන්නන් සියලූ දෙනාටම රජයේ පොදු භාණ්ඩාගාර අරමුදලින්, උපකාර කිරීමෙන් නඩත්තු කිරීම රජය සතුය (මූලික අවශ්‍යතා සපුරාලිය යුතුය).
මෙම පහසුකම් සියල්ල සපයාදීමෙන් අනතුරුවත් යමෙක් වරදක් කළ විට නැවතත් ඔහුගේ මානසිකත්වය, පරිසරය හා වෙනත් බාහිර හේතූන් පිළිබඳව ද සොයා බැලීමෙන් අනතුරුව ඔහු වැරදිකරුද යන්න තීන්දු කරනු ලැබේ.
ඉස්ලාමය, සෑම මනුෂ්‍යයෙකුටම පොදු ධර්මතාවක් වන කායික, මානසික අවශ්‍යතා සපුරාලීමට, නීත්‍යානුකූල ක්‍රමයක් ලෙස විවාහය හඳුන්වා දී ඇත. එසේ විවාහයක් කරගැනීමට යමෙකුට ආර්ථීක අපහසුකම් ඇත්නම් ඒ සඳහා පොදු අරමුදලින් (භාණ්ඩාගාරයෙන්) උදව් කරන්නැයි නියමකර ඇත.
කාමූක නාට්‍ය හා වෙනත් දර්ශන සමාජයෙන් තුරන් කිරීමට අවශ්‍ය සැලසුම් යොදා ඇත. (ඇඳුම් පැළදුම් හා සංස්කෘතිය මගින් මනස පාලනය කෙරේ) ජනතාවට තම ශක්තිය හා ධනය වැය කිරීමේ නිසි මඟ පෙන්වීම් කරයි. විවේකය ගත කිරීම සඳහා සමාජ සේවා හා අධ්‍යාත්මික වැඩ සටහන් සැළසුම් කොට, දිරිදීමේ හා පුහුණු කිරීමේ වැඩ සටහන් රාජ්‍ය මට්ටමින් හා සමාජ මට්ටමින් බොහෝ දුරට සංවිධානය කර ඇත.
මේ සියල්ලෙන් ඔබ්බට ගොස්, සිය රාගික හැඟීම්වලට මුල් තැනදී කාම අපචාරයේ යෙදෙන්නේ නම්, එය මිනිසුන් අතර ප්‍රචලිත නම් ඉස්ලාමීය දඩුවම් ක්‍රමය ඔහු මත ක්‍රියාත්මක වෙයි.
අද රටේ පවත්නා ආර්ථීක පරිහානිය, විකෘතිවූ විසමාචාරයෙන් දූෂිත පරිසරය යන හේතූන් නිසි වයසේ විවාහ වීමට බාධක වන්නේය. එපමණක නොව සදාචාරය හා සාරධර්ම මුලිනුපුටා දැමීමට පාදක වන කාරකයන් සුලභවී ඇත. මේවා නිසා අද තරුණ තරුණියන් ලිංගික අපචාරයට යොමු වෙති. බොහෝ දුරට ඔවුන් සාධාරණ යැයි කීමට සිදුවී ඇත.
ඉස්ලාමීය පාලනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන්නේ නම් කලාවේ මුවාවෙන් කාමුක (රාගය උද්දීපනය වන) ක්‍රියාවන් හිස ඔසවන්නේ නැත. එහි අමානුෂික ලිංගික අපචාර හා දූෂණ වෙත ළංවන්නට පුරවැසියන්ට ඉඩ නොදෙයි. මනස විකෘති කරන කාමුක නාට්‍ය දර්ශන, සිනමා දර්ශන, ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කරන පිළිකුල් සහගත පින්තූර හා හැසිරීම් කිසිවක් දකින්න ලැඛෙන්නේ නැත. මේ සියල්ල නැතිකර සදාචාරාත්මක පරිසරයක් ඇති කිරීමෙන් පසුව ගුණවත් යහපත් ප්‍රජාවක් බිහිවනු ඇත.
අවට පරිසරය දූෂිත නොවේ නම්, සමාජය තුල වරදට පොළඹවන කාරක නොවේ නම්, එවන් සමාජයක කාම අපචාරයේ යෙදෙන්නකුට දඩුවම් දීම සාධාරණය.
දඩුවම් කිරීමට පෙර වරදට පෙළඹිය හැකි කාරක නැති කරයි. ඉන්පසුවුවද යමෙක් හෝ පිරිසක් වැරදි කළද ඔවුන් කළ වරද පිළිබඳව සැකයක් පහළවූවොත් දඩුවම් කරන්නේ නැත. මේ තරම් සාධාරණ දඩුවම් ක්‍රම හෝ සමාජ සැලසුම් ක්‍රම ඉස්ලාමය හැර වෙන කිසිදු සමාජ ක්‍රමයක් නොමැත.
ඉස්ලාමය වරදක් දකින්නේ කෙසේද? සමීප වන්නේ කෙසේද? දඩුවම්ක් දීමට පෙර තමාට තමාම පනවාගෙන ඇති කොන්දේසි මොනවාද? යන්න ගැන අවබෝධයක් නොමැති බටහිර ලෝකය (යුරෝපාවාසීන්) ඉස්ලාමය මත බොරු චෝදනා නගයි. යුරෝපයේ දිනපතා දහස් ගණන් විවිධ දඩුවම් ලබා දෙන ඔවුන් සිතනුයේ ඉස්ලාමීය සමාජයක් තුලත් දිනපතා එසේ දඩුවම් ලබාදෙන බවයි. කස පහර, අත සිඳලීම, ගල්ගසා මරා දැමීම වැනිදේවල් දිනපතා සිදුකරන බවයි ඔවුන්ගේ හැඟීම.
ගතවූ වසර 400ක් මුළුල්ලේ පරිසරය ආක්‍රමනය කරමින් සොරකම් කිරීමේ වරදට අත සිඳලීමේ ද~ුවම ලබාදී ඇත්තේ හය වතාවක් පමණය. ඉස්ලාම් දඩුවම් ක්‍රම මගින් සිදුවන්නේ අපරාධ අවම කිරීම බව මෙයින් පැහැදිලිව සනාථ වන්නේය. ඉස්ලාමය ද~ුවම් ලබා දෙන්නේ මිනිසුන්ට කෘෘර වදහිංසාවලට ලක්කිරීමේ අරමුණින් නොව අපරාධ තුරන් කරලීමේ අරමුණින්ය.

ඉහත සඳහන් ද~ුවම් හය පවා ලබාදී ඇත්තේ සොරකමට පොළඹවන හේතූන් හා පරිසරයක් නොතිබියදී එසේ කිරීම නිසාය.
කිසිම සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ හා දූෂනවල යෙදෙන බටහිර වැසියන් තමන් වරදකරුවන් නිසා ඉස්ලාමය ලබාදෙන ද~ුවම් ගැන බියෙන් පසුවෙති. ඔවුන් කෝපවීමට වෙන හේතුවක් නම් පෙනෙන්න නැත.
ඉස්ලාමිය ද~ුවම් ක්‍රමවල ප්‍රායෝගික (කි්‍රයාත්මක කිරීමේ) වැදගත්කමක් නොපෙනෙන බව සමහරුන්ගේ මතයයි. සත්‍යය එසේ නොව ඒ ද~ුවම් ගැන සිතා බලන්නෙකුට මානසිකව ඇතිවන භය හා භීතිය හේතුකොට ගෙන අපරාධ කරනවා තබා ඒ ගැන සිතා බැලීමට පවා පසුබට වෙති. අපරාධ රැල්ලට හසුවී එහි නියැලී සිටින්නවුන් පවා ඉස්ලාමීය සමාජයක් තුල පවතින ද~ුවම් ගැන වරක් නොව දෙවරක්ම සිතා බැලීමට පෙළඹ්ය හැක.
සමාජයක යහපත, එහි ජනතාවගේ සදාචාරාත්මක බව යන සියල්ල ගැන සාමුහිකව සිතා කටයුතු කිරීමෙන් සිය හැඟීම්වලට මුල්තැන දෙන තරුණ පිරිස් නොමඟ යාමෙන් වළක්වා ගත හැක.
අපරාධයකට තුඩුදෙන සාධාරණ හේතු නොතිබියදීත් අපරාධයක් කළොත් ඔහු එයට සුදුසු ප්‍රතිඵලය ලබාගත යුතුය. මෙවැන්නන් පවා පුණරුත්ථාපනය කිරීමට අවශ්‍ය සෑම උත්සාහයක්ම ඉස්ලාමය විසින් දරන්නේය.
වර්තමානයේ තර්ක ශාස්ත්‍රය පිළිබද මනා දැනුමක් පුහුණුවක් හා නීති අංශයෙන් විශේෂඥ දැනුමක් ලද තරුණයින්ද- බටහිර වැසියන් ඉදිරිපත් කරන තර්කවලට රැවටී ඔවුන්ද ඉස්ලාමීය නීිතිය හා ද~ුවම් ගැන දෝෂාරෝපණය කීරීම කණගාටුවට කරුණක් වන අතර ඉස්ලාමීය නීතිය පිළිබඳව දැනුමක් හා අවබෝධයක් ලබාගත් විට ඔවුන්ටද යහපත් ඵල නෙලාගත හැකිවේවි යැයි මම තරයේ විශ්වාස කරමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: