ජිහාද් යනු ත්‍රස්තවාදය නොවේ

ජිහාද් සහ ත්‍රස්තවාදය යන මාතෘකාව සාධාරණ ලෙස සහ යුක්ති සහගත ලෙස අධ්‍යයනය කිරීමට නම් ජිහාද් යන පදය එහි සියලූම දෘෂ්ටිකෝණයෙන් විමසා බැලිය යුතුය. එමෙන්ම ත්‍රස්තවාදය යන පදය ද සියලූම දෘෂ්ටිකෝණයෙන් විමසා ජිහාද් යන පදය සමග සසඳා බැලිය යුතුය. එවිටය, ජිහාද් සහ ත්‍රස්තවාදය දෙක යහමින් අවබෝධ කර ගත හැකි වන්නේ.

ජිහාද් යනු පුළුල් ගැඹුරු අදහස් කීපයක් දෙන පදයකි. ඒ අදහස්වල එකිනෙකට අන්‍යෝන්‍ය සබැඳියාවක් තිඛෙන නමුත් පරස්පරතා දක්නට නොලැබේ. මුස්ලිම්වරයෙක් ස්වකීය ඉච්ඡාවන් ආශාවන් දමනය කරමින් යටපත් කරමින් ඉස්ලාමීය රාමුව තුළ දිවි පැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා දරන වෑයම, උත්සාහය සටන ජිහාද් යන්නෙහි මූලික අර්ථයයි. ජිහාද් යන්නෙහි දෙවැනි අර්ථය කුමක්ද යත්, විස්තීර්ණ, විසිරුණු තම ජන සමාජයේ ගෞරවය හා සාර ධර්ම සුරැකීම ඇපකැප වී වෙහෙසීම වේ. මෙහි අවසානය නම්, මුස්ලිම්වරුන්ගේ භූමිය සුරැකීම සඳහා හෝ තාඩන පීඩනවලට පාත්‍ර වූ ජනයින්ට පිහිට වීමේ අරමුණින් ඉස්ලාමීය සීමාව තුළ සිට සටන් කිරීම, අප්‍රහතික උත්සාහයේ නියැලීම යනාදී අදහස් මෙහි ගැබ් වී ඇත.

ඉහත සඳහන් මුල් අදහස් දෙක නබි මුහම්මද් (සල්) තුමා මදීනාවට හිජ්රත් යාමට පෙර පහළ කරන ලද අල්කුර්ආන් පාඨවලින් ඉස්මතු වේ. මක් නිසාද යත් මුස්ලිම්වරුන්ට ඒ සමයේ දී යුද්ධ කිරීමට තරම් පසුබිමක් නොතිබුණු හෙයිනි. මෙහි දැක්වෙන තෙවැනි අර්ථයට අනූව, එය ජිහාද් යන පදයට උසස් ස්වරූපයක් සහ සෘජු අර්ථයක් දෙන අවි හරඹට අමතරව මදීනා වකවානුවේ දී ඉස්ලාමය සුරැකීම සඳහා භාවිතා කළ වචන හරඹ මෙන්ම ලේඛන හරඹ ද ගැබ් වී ඇත.

හේතු දෙකක් උඩ ඉස්ලාමීය විද්වතුන් හා නීති විශාරදයන් —කිතාල්˜ (අවි සටන) යන පදයට වඩා, —ජිහාද්˜ යන පදය උසස් කොට සළකයි. ඊට එක් ප්‍රධාන හේතුවක් නම්, ජිහාද් යන්නෙහි පාරිභාෂිත අර්ථයට අනූව, යම්කිසි දෙයක් ලබාගැනීම, සාක‍ෂාත් කර ගැනීම සඳහා අප්‍රහත උත්සාහයක නිරත වීම වේ. මෙහි ජිහාද් යන පදය ඉහත සඳහන් කරුණු මනාව පැහැදිළි කර සිටී. එහෙත්, —කිතාල්˜ යන පදයෙන්, —මුස්ලිම්වරුන් යුද්ධ කිරීම සඳහා ම සැදී පැහැදී සිටින සටන්කාමි පිරිසක්˜ යන වැරදි අදහසක් ගෙන දෙයි.

මේ අනූව ජිහාද් යන්නෙහි සාරාංශය කුමක්ද යත්, ජනයින් තම අභිමත පරිදි තමන්ට ගැළපෙන දහමක් තෝරා ගැනීමේ අවස්ථාව වළක්වාලීමේ අටියෙන් මිනිසුන්ව තාඩන පීඩනයට පාත්‍ර කරන කි්‍රයාවන් වළක්වාලීම තුළින්, ඉස්ලාමයට ඇරයුම් කිරීමේ මෙහෙවර සුරැකීමටත්, මුස්ලිම්වරුන්ගේ භූමිය සුරැකීමටත්, පීඩිතයට පත් වී කොන් කරනු ලැබු ජනයින්ට පිහිට වීමටත් —අල්ලාහ්ගේ තෘප්තිය තකා˜ යන පිවිතුරු චේතනාවෙන්, මුස්ලිම් වරයෙක් තමන්ට හැකි උපරිම අයුරින් ඇප කැප වී කටයුතු කිරීම ජිහාද් වනු ඇත.

මේ අනූව අල්ලාහ්ගේ තෘප්තිය තකා ඉස්ලාමය වෙනුවෙන් යන උත්තරීතර පිවිතුරු චේතනාව පදනම් කරගෙන දිවි හිමියෙන්, වෙර වීර්යයෙන් කරනු ලබන අප්‍රහත උත්සාහය ජිහාද් නමින් හැඳින්වනු ලැබේ. තවද යුද්ධයට හේතු සාධක වන නැතිනම් සාධාරණියකරණය වන කරුණු ද මෙහි ගැබ් වී ඇත.

ජනයින් තමන් අභිමත දහමක් තෝරා ගැනීමේ නිදහස ඇති කිරීම තුළින් ඉස්ලාමයට ඇරයුම් කරන ව්‍යාපාරයට මග පාදා දීම ද මෙහි එක් අංගයකි. තමන් වෙත එල්ල කරන ආගම් විරෝධි හිංසා හා ප්‍රචණ්ඩ කි්‍රයාවන්ට එරෙහිව මුස්ලිම්වරුන්ගෙන් පිහිට පතන අයට පිහිට වීම සඳහා සටන් කිරීම තවත් සාධාරණ හේතුවකි. මුස්ලිම්වරුන්ගේ භූමිය හා ශ=ද්ධ ස්ථාන ආරක‍ෂා කර ගැනීම සඳහා සටන් වැදීම ද තවත් සාධාරණ හේතුවකි. එමෙන් ම පීඩනයටත් අසාධාරණයටත් ලක් වූ ජනතාව ඉන් මුදවා ගැනීම තවත් සාධාරණ හේතුවකි.

ජිහාද් ප්‍රකාශයට පත් කිරීමට හේතු සාධක කරුණු අතරින් මුලින්ම සඳහන් කළ කාරණය වන විශ්වාසය හා නිදහසට පදනම් කරුණ ජාත්‍යන්තර ප්‍රජාවට එරෙහිව කටයුතු කරන කාරණයක් වන්නේ නැත. මක්නිසාද යත්, එය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 18 වන වගන්තියෙන් තහවුරු කොට ඇති ලෝක ප්‍රජාව මීට අනුකූලව කටයුතු කරන්නේ නම් ජිහාද් ප්‍රකාශයට පත් කිරීමට තුඩු දෙන මූලික කරුණ ඉස්මතු නොවේ. මක් නිසාද යත් ඉස්ලාමීය දෘෂ්ඨිකෝණයෙන් —යුද්ධය˜ යනු සමාජයකට බලයෙන් පටවනු ලැබූ නැතිනම් බලයෙන් ඇතුළු කරනු ලැබූ තත්ත්වයක් මිස එය විසඳුමක් වන්නේ නැත.

මේ අවස්ථාවේ දී —රිද්දත්˜ (ඉස්ලාමයෙන් බැහැර වීම) සම්බන්ධයෙන් ඉස්ලාමය හඳුන්වා දී ඇති නීති රීති ගැනි කිසිවෙකු කලබල විය යුතු නොවේ. ඉස්ලාමයට අනූව ඉස්ලාමීය දහම හා රජය අතර වෙනසක් දක්නට නොලැබේ. එමනිසා කෙනෙක් ඉස්ලාම් දහම වැළඳ ගත් පසු ඉන් බැහැර වීම යනු ඉස්ලාමීය රජයට එරෙහි වීමේ වරදක් වනු ඇත. දේශ ද්‍රෝහියෙකු වශයෙන් ද එම කි්‍රයාව සලකනු ලැබේ. එපමණක් නොව ඉස්ලාමය වැළඳ ගන්නා කෙනෙක් මේ නීතිය හා කොන්දේසිය ද මැනවින් දැන හැඳින අවබෝධ කරගැනීමෙන් අනතුරුවයි ඉස්ලාමය වැළඳ ගන්නේ.

ජිහාද් ප්‍රකාශ කරනු ලබන ඊළඟ කාරණය වන මුස්ලිම්වරුන්ගේ ජීවිතය, නැතිනම් දේපල, නැතිනම් භූමිය වෙත කිසියම් ප්‍රහාරයක් එල්ල වන විට කළ හැකි ගත හැකි සෑම ක්‍රමෝපායක්ම ගෙන විසඳුමක් නොලද විට එයට එරෙහිව සටන් කිරීම සෑම මුස්ලිම් වරයෙකු සතු වගකීමක් වේ. මේ සම්බන්ධයෙන් අල් කුර්ආනය තුළින් අල්ලාහ් කීප අවස්ථාවක ම අපට නියෝග කරයි. ජිහාද් ප්‍රකාශයට පත් කිරීමට තුඩු දෙන මෙම අවස්ථාවේ දී පවා යම් යම් කොන්දේසිවලට යටත් විය යුතුය.

1- ජිහාද් යනු එක් ප්‍රහාරයට පිළිතුරු ප්‍රහාරයක් වන අතර, සතුරා නැතිනම් ප්‍රතිවාදියා යුද්ධයෙන් බැහැර වන විට ඊට අනුකූලව කටයුතු කළ යුතු වේ.

2- ප්‍රතිවාදියාගේ නැතිනම් සතුරාගේ ප්‍රහාරයට අනුකූලව ඊට සරිලන ආකාරයට ප්‍රති ප්‍රහාර එල්ල කළ යුතුය. මෙහිදී ආත්මාරක‍ෂාව මුආවෙන් මිනිස් සංහාරයක් කිරීම, අහිංසක ජනයින් ඝාතනය කිරීම අනුමත කළ නොහැකිය. එමෙන්ම අත් අඩංගුවට පත්වූවන්ගේ අයිතිවාසිකම් සුරුකිය යුතු වේ. ඉහත සඳහන් කොන්දේසි ආත්මාරක‍ෂාව හා බැඳී පවතිනවා පමණක් නොව ජාත්‍යන්තර නීති රීතිවලට ද අනුකූල වේ.

දැන් ඉතිං ත්‍රස්තවාදය යනු කුමක් දැයි විමසා බලමු. අපගේ දැනුමේ ප්‍රකාරයට —ත්‍රස්තවාදය˜ යන පදයට පැහැදිලි නිරවුල් අර්ථකථනයක්, නිර්වචනයක් කිසිදු ජාත්‍යන්තර සංවිධානයක් විසින් හෝ ලබාදී නැත. එනමුත් ඇතැම් රාජ්‍යයන් විසින් හෝ ඇතැම් ලේඛකයන් විසින් හෝ කරනු ලැබූ නිර්වචන අපට දැකිය හැකිය. නමුත් ඒවා හුදෙක් තමන්ට පක්ෂපාතී ලෙස, වාසි සහගත ලෙස ඒවා නිර්වචනය කර ඇති බව සක් සුදක්සේ පැහැදිලි වේ.

එම නිසා පහත සඳහන් පරිදි එය අපට නිර්වචනය කළ හැකිය. ත්‍රස්තවාදය යනු ජාත්‍යන්තර වශයෙන් හෝ නැතිනම් කිසියම් රටක ස්ථාපිත, සාමයට, සාධාරණත්වයට එරෙහි නීති විරෝධි, ප්‍රචණ්ඩත්වයෙන් හෝ ප්‍රචණ්ඩ තර්ජන ගර්ජන වලින් සමන්විත, ඊට හේතු සාධක වූ කරුණ සාධාරණ ද අසාධාරණ ද යැයි නොසළකා කැරළි ගැසීමයි.

මේ අනූව ත්‍රස්තවාදය යනු ජාත්‍යන්තරව අනුමත කරන ලද නීත්‍යානුකූලව පිහිටුවනු ලැබූ රජයට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන කැරැල්ලක් බව පැහැදිලි වේ. ඒ හැර අපට දකින්නට ලැඛෙන ආක්‍රමනකාරි හමුදා හෝ බලගතු රටවලින් පිහිටු වනු ලැබූ රූකඩ රජයන්ට එරෙහිව කරනු ලබන සටන් මින් අදහස් නොකෙරේ.

බලවත් රටවල් දුප්පත් ඛෙලහීන රටවලට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය මට්ටමේ ත්‍රස්තවාදය වූවද මෙම නිර්වචනය තුළ ගැබ් වී ඇත. මක්නිසාද යත් එය පවා ජාත්‍යන්තර වශයෙන් සාමය, සමාදානය සුනු විසුනු වීමට හේතු සාධක වන බැවිනි. යුද්ධයක් සාධාරණීය කරණය කිරීම සඳහා, ප්‍රචණ්ඩත්වය හෝ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නීත්‍යානුකූල යැයි නොසලකන බව මෙම නිර්වචනයේ ගැබ් වී ඇත.

ඉහත සඳහන් නිර්වචනයට අනූව පාකිස්ථානය, සවුදි අරාබියාව, ඇල්ජීරියාව වැනි රටවල ඇති වන්නා වූ ප්‍රචණ්ඩත්වයන් ත්‍රස්තවාදි කි්‍රයාවන් ලෙස සැලකිය යුතුවේ. ප්‍රචණ්ඩ කි්‍රයාවල යෙදෙන අය, තමන්ගේ ඒ ප්‍රචණ්ඩ කි්‍රයාවන් සාධාරණීය කරන්නට කරුණු දැක්වූවත් ඒවා ත්‍රස්තවාදී කි්‍රයාවන්ම වේ. මක්නිසාද යත්, ඔවුන් අනුගමනය කරන පිළිවෙත් ඉඳුරාම නීති විරෝධි වීමය.

ඉහත සඳහන් නිර්වචනයට අනූව ජිහාදය හා ත්‍රස්තවාදය අතර කිසිදු සමානකමක් හෝ සබඳකමක් නැති බව පෙනී යයි. හැරත් මේ දෙක අතර විශාල වෙනස්කම් හා මතු දැක්වෙන ආකාරයට පෙළ ගැස්විය හැකිය.

ජිහාද් යනු පිළිගත්, ප්‍රවීන විද්වතුන් විසින් සුපැහැදිලිව නිර්වචනය කරනු ලැබ ඇති පදයකි. එහෙත්, ත්‍රස්තවාදයට සතුටු විය හැකි කිසිදු නිර්වචනයක් ලබා දී නැත.

ජිහාද් හි මුළු මහත් අරමුණ මිනිස් ජීවිත ආරක‍ෂා කිරීමයි. නමුත් ත්‍රස්තවාදය ජීවිත විනාශ කිරීම පෙරදැරි කරගෙන කි්‍රයාත්මක වේ. තවද ත්‍රස්තවාදය විසින් රාජ්‍යයන් හා වෙනත් සිවිල් සංවිධාන හා ආයතන ද විනාශ කෙරේ.

ජිහාද් යනු මුස්ලිම් රාජ්‍යයක් යටතේ කි්‍රයාත්මක වන කි්‍රයාදාමයක් වන අතර එය තනි පුද්ගලයෙකු යටතේ කි්‍රයාත්මක නොවන්නකි. ඇත්තෙන්ම, සතුරන්, ප්‍රතිවාදීන් මුස්ලිම් රටක් ආක්‍රමණය කිරීමට තැත් කිරීමේදී ඔවුන්ගෙන් රට බේරා ගැනීමට සටන් කිරීම සෑම මුස්ලිම්වරයෙකුගේම වගකීමක් බවට පත් වනු ඇත.

ත්‍රස්තවාදය යනු නීත්‍යානුකූල රජයකට එරෙහිව කි්‍රයාත්මක වන ප්‍රචණ්ඩත්වයක් වේ.

සම්මුතියන්ට හා ගිවිසුම්වලට, ජිහාද් හි ගරුත්වයක් ඇත. එනමුත් ත්‍රස්තවාදය මේ කිසිවක් සැලකිල්ලට නොගනියි. ගිවිසුම් කැඩීම ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් එකකි.

අහිංසක සිවිල් ජනයන්, ස්ත්‍රීන්, කුඩා ළමුන් ඝාතනය කිරීම ජිහාද් සංකල්පයට අනූව ඉඳුරාම තහනම් වේ. එනමුත් කිසිදු භේදයකින්, වග විභාගයකින් තොරව ජන සංහාරය මත තම ජයග්‍රහණය ඇතැයි සැලකීම ත්‍රස්තවාදය වේ.

ජිහාද් මෙහෙයුම් යුධ හමුදා ඉලක්ක කරගෙන සිදු කෙරේ. එනමුත් ත්‍රස්තවාදය සිවිල් සමාජය ඉලක්ක කර ගෙන කටයුතු කරයි.

මේ පසුතලය යටතේ සිට පසුගිය ශතකය දෙස ආපසු හැරී බැලූවොත් කිසිදු සාධාරණයක්, යුක්තියක් නොමැතිව ආක්‍රමණශීලීව ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කළ අය කවුරුන් දැයි මැනවින් පැහැදිලි වනවා ඇත. අද ඊශ්‍රායෙල්වරුන් විසින් හා ඔවුන්ට රුකුල් දෙන රටවල් විසින් අසාධාරණයට හා අයුක්තියට භාජනය වන්නේ මුස්ලිම්වරුන්ය. අද ඇෆ්ගනිස්ථානය, ඉරාකය පලස්තීනය වැනි රටවල ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයට ලක් වී ඇත්තේ මුස්ලිම්වරුන් මිස අන් කවුරුන්ද?

එම නිසා අද දක්නට ලැඛෙන ප්‍රචණ්ඩ කි්‍රයාවන් වලට අවසානයක් ඇති කොට යහපත් සාමකාමි ජන සමාජයක් ගොඩ නැංවීම සඳහා මතු දැක්වෙන කි්‍රයාදාමයන් ගැනීම අවැසි වේ.

 අහිංසක මුස්ලිම්වරුන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් ගනු ලබන ප්‍රචණ්ඩ කි්‍රයාවන් බලවත් රාජ්‍යයන් අද – ගොළු බිහිරි ලෙස අනුමත කිරීම නතර කිරීම.

 ඉරාකයේ පාලනය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා නැවතත් ඉරාක් වැසියන් අතට ම පත් කිරීම.

 තම අනාගත ස්වයං තීරණ අයිතිය කාශ්මීර් ජනයන්ට ලබාදීම.

 මුස්ලිම් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට බලවත් රටවලට ඉඩ නොදීම. මෙම කි්‍රයා මාර්ගයන් නොපමාව ගනු ලබන්නේ නම් ලෝකයේ සාමය සමාදානය පිරී යහපත් එකක් වන බවට අපි තරයේ විශ්වාස කරමු.

2004 අප්‍රේල් මස 19- 22 දිනයන්හි ඉස්ලාමාබාත් හි ජාත්‍යන්තර ඉස්ලාමීය විශ්ව විද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයක ඉදිරිපත් කරනු ලැබූ —අල් ජිහාද් වල් ඉර්හාබ්˜ යන මැයින් අරාබි භාෂාවෙන් ලියැවුණු ගවේෂනාත්මක ලිපියේ සංක්ෂිප්ත පරිවර්තනයයි.
මහාචාර්ය රමළාන් ජුමුආ

One response to “ජිහාද් යනු ත්‍රස්තවාදය නොවේ

  1. ukku banda July 29, 2012 at 8:05 am

    මේ අනූව ජිහාද් යන්නෙහි සාරාංශය කුමක්ද යත්, ජනයින් තම අභිමත පරිදි තමන්ට ගැළපෙන දහමක් තෝරා ගැනීමේ අවස්ථාව වළක්වාලීමේ අටියෙන් මිනිසුන්ව තාඩන පීඩනයට පාත්‍ර කරන කි්‍රයාවන් වළක්වාලීම තුළින්, ඉස්ලාමයට ඇරයුම් කිරීමේ මෙහෙවර සුරැකීමටත්, මුස්ලිම්වරුන්ගේ භූමිය සුරැකීමටත්, පීඩිතයට පත් වී කොන්
    කරනු ලැබු ජනයින්ට පිහිට වීමටත් —අල්ලාහ්ගේ තෘප්තිය තකා˜ යන පිවිතුරු චේතනාවෙන්, මුස්ලිම් වරයෙක් තමන්ට හැකි උපරිම අයුරින් ඇප කැප වී කටයුතු කිරීම ජිහාද් වනු ඇත.

    එතකොට දැන් ඔහොම කරන්න වෙන්න නැතියවන්න අල්ලට කෙලිමන්ම ඔක්කෙමා මුස්ලිමි කරල මවන්න තිබිබනේ
    LOL LOL LOL LOL LOL LOL LOL LOL

    http://www.jihadwatch.org/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: