විශ්වයේ මැවීම ගැන කුර්ආනයේ එන සංකල්ප

විශ්වයේ මැවීම ගැන කුර්ආනයේ එන සංකල්ප පරීක‍ෂා කිරීමේදී කැපී පෙනෙන වඩාත්ම වැදගත් කරුණ වනුයේ, කුර්ආනීය විස්තර විග්‍රහයන්, බයිබලයේ එන කරුණු වලින් බොහෝ සේ වෙනස් වීමයි. මෙම අදහස් බයිබලයේ සහ කුර්ආනයේ සමානත්වයක් පෙන්වීමට උත්සාහ දරන, බටහිර සම්පාදකවරුන්ගේ අදහස් වලට පරස්පර විරෝධීතාවයක් දක්වයි. සුළු වශයෙන් ඇති සමානකම් විශාල වශයෙන් හුවා දක්වමින්, කැපීපෙනෙන ආකාරයේ විශාල වෙනස්කම් නිහ~ව නොසලකා හැරීම යථාර්ථය විරූප කර දැක්වීමකි. සමහර විට ඒ සඳහා ඔවුනට යම් හේතු සාධක තිබිය හැක.

මැවීම ගැන සඳහන් කිරීමේදී බටහිර ප්‍රදේශ වල පවත්නා ප්‍රබල අදහසක් වන —මැවීම සම්බන්ධව කුර්ආනයේ සඳහන් වන කරුණු මුහම්මද් නබි (සල්) තුමන් විසින් බයිබලයෙන් උපුටා ගත් ඒවාද˜ යන්න සලකා බැලිය යුතුය. මෙහිදී —දින 6ක මැවුම් කාලයක් සහ දෙවියන් විවේකගත් එක් දිනක කාලයක් (සැබැත්) වශයෙන් සම්පූර්ණ දින 7ක් මැවීමෙහි යෙදුණු බවට˜ බයිබලයේ එන කොටස් කුර්ආනයෙහි එන —අල්-අඃරාෆ්˜ පරිච්ඡේදය සමඟ සංසන්දනය කළ හැක.
ආකාශය සහ පොළොව දින 6ක් තුළ නිර්මාණය කරන ලද ඔබේ අධිපති දෙවියන්˜ (ශු කුර්ආනය¦ 7 54)
කෙසේ වූවද නූතන ව්‍යාඛ්‍යානයන්ට අනූව : Ayyam– යන අරාබි වදනෙහි තේරුම දවස් ලෙස සාමාන්‍යයෙන් යොදා ගත්තද, එහි නියම අර්ථය වනුයේ —දිගු කාල පරිච්ඡේදයක්˜ යන්නයි. (එබැවින් එයින් පැය 24 කින් සමන්විත වූ දවසක් ගැන අදහස් නොකෙරේ.)
මෙහි දැක්වෙන තවත් මූලික වැදගත් කරුණක් වනුයේ, බයිබලයේ මෙන් නොව කුර්ආනයේ පොළව හා අහස මැවීම පිළිබඳව අනුපිළිවෙලක් සඳහන් නොවීමයි. කුර්ආනයේ එය එකකට පළමුව අනෙක වශයෙන් නොව පොදු මැවුමක් ලෙස සඳහන් වේ. මේ බව —තාහා˜ පරිච්ඡේදයේ දැක්වේ.
පොළව සහ ඊට ඉහලින් අහස මැව්වේ දෙවියන්ය˜ (කුර්ආනය 20¦ 4)
කුර්ආනයේ එන කරුණු වලින් හැෙඟන පරිදි ආකාශමය සහ භෞමික පරිණාමයන් එකිනෙකට සමාන්තර වේ. තවද මූලික වායුමය ස්කන්ධයක් : Dukhaan– මැවීමේදී පැවැති බව සඳහන් කිරීම කුර්ආනයට පමණක් සීමිත වූ සඳහන් කිරීමකි. එසේම එකට එක්වී බැඳී පැවති මූලද්‍රව්‍ය ගොණුවක් : ratq– ක්‍රමක්‍රමයෙන් එකිනෙකින් වෙන්වී යාම ratq– පිළිබඳව ද කුර්ආනය විස්තර කරයි. මේවා —ෆුස්සිලත්˜ සහ —අල්-අන්බියා˜ යන පරිච්ඡේදය වල සඳහන් වේ.

දෙවියන් වහන්සේ මතු වී අහස දෙසට හැරෙන විට එය වායු ස්කන්ධයක්……. (ශු කුර්ආනය 41¦ 11)
විශ්වාස නොකරන්නන් හට නොපෙනෙත්ද? අහස සහ පොළව එකට එක්ව පැවති අතර මම එය වෙන්කර හැරියෙමි˜(ශු කුර්ආනය 21¦ 30)
නූතන විද්‍යාවට අනූකූලව මෙම එකිනෙකින් වෙන්වීමේ ක්‍රියාවේ ප්‍රතිඵලය ලෙස බොහෝ ලෝක ඇතිවුණි. මෙම සංකල්පයම කුර්ආනයේ බොහෝ ස්ථානවල දැක්වේ. උÞහරණයක් ලෙස ප්‍රථම පරිච්ඡේදය වූ —අල්-ෆාතිහා˜ හි පළමු වගන්තිය ගත හැක.
සියළු පැසසුම් සියලූ ලෝක වලට අධිපති වූ දෙවියන්ටම වේවා˜ (ශු.කුර්ආනය 1¦1)
මේ අනූව කුර්ආනීය සංකල්ප, නූතන අදහස් වන ප්‍රාථමික වලාකුලක මන්දාකිණි, ධූලි පැවැතීම හා එහි සංඝටක වෙන්ව යාමෙන් මන්දාකිණිද ඉන්පසුව ඒ තුලින් තාරකාද, එයින් පසු ග්‍රහලෝකද බිහිවුණිය, යන්න සමඟ මනා එකඟත්වයක් පිළිබිඹු කරයි. දැනට මේ සම්බන්ධව පවතින මහා පිපිරුම් වාදයට :Big bang Theory– අනූව ඝණීභවනය වූ ද්‍රව්‍යයන් තුළින්, ක්‍රමයෙන් පුළුල් වෙමින් විශාල ලෙස විහිදී යන —ප්‍රාග් මන්දාකිණි˜ නම්වූ කුඩා වලාවන් සෑදී පසුව එකිනෙකින් වෙන්වී, ඒ එක එකක් ස්වකීය ගුරුත්ව ෙක‍ෂ්ත්‍රයේ බලයෙන් එකමත එක වැටී ඉන්පසු ඇතිවන සමෝධානිත ගුරුත්ව ෙක‍ෂ්ත්‍රය හේතු කරගෙන වෙනත් මන්Þකිණි බවට පරිවර්තනය වේ. මෙය නව බි්‍රතාන්‍ය විශ්ව කෝෂයේ දහනව වැනි වෙළුමෙහි 636 වැනි පිටුවෙහි සඳහන් වේ.
කුර්ආනයේ —අල්-ෆුර්ඛාන්˜ පරිච්ඡේදයෙහි පොළව හා අහසට අතරමැදි මැවුම් ගැනද සඳහන් වේ.
දෙවියන් වහන්සේ අහස, පොළව හා ඒ අවට ඇති සියළු දෑ මැවූ අතර..….˜(ශු.අල්කුර්ආනය 2¦ 59)
මෙම අතරමැදි මැවුම් නූතන සොයාගැනීම් වලට අනුකූලව, —ප්‍රථමය පාලම්˜ නොහොත් පිටතින් සංවිධානය වූ තාරකා විද්‍යාත්මක පද්ධතීන් වේ.
මෙම කෙටි සමාලෝචනයෙන් පැහැදිලි වනුයේ කුර්ආනයේ දැක්වෙන කරුණු හා නූතන විද්‍යාත්මක දත්ත අතර ඇති මනා එකඟතාවයයි. එසේම බයිබලයේ අංශ ගණනාවකින්ම පෙන්වා දෙන —මැවුම˜ පිළිබඳ කරුණු නූතන විද්‍යාව හා එකඟ නොවන එමෙන්ම පිළිගත නොහැකි දෑ වේ. උදාහරණයක් ලෙස බයිබලයේ එන උත්පත්තිය පොතෙහි 1¦ 9-19 දක්වා වූ කරුණු සලකා බැලූවහොත් එහි පෘථීවිය තුන්වන දිනයෙහි නිර්මාණය කළ බවත්, අහස හතරවැනි දිනයේදී නිර්මාණය කළ බවත් සඳහන් වේ. නමුත් පෘථීවිය ඇතිවූයේ අහස, තරු හා ඉර ඇතිවීමෙන් පසුව බව නිසැකවම අප අද දන්නා බැවින් බයිබලයේ අදහස් ප්‍රතිෙක‍ෂ්ප කිරීමට අපට සිදුවේ. එබැවින් මෙබඳු වාතාවරණයක් යටතේදී හැගෙනුයේ —මුහම්මද් නබි (සල්) තුමන් බයිබලයෙන් කරුණු උපුටා ගැනීම කෙසේ වෙතත්, එහි ඇති වැරදි සංකල්ප නිවැරදි කිරීමක නම් යෙදුණු බවයි. (විශ්වයේ සම්භවය ගැන සලකා බැලීමේදී) එනමුදු විද්‍යාඥයිනට මෙම දැනුම ලබාගත හැකිවූයේ නබිතුමන්ගේ මරණින් ශතවර්ෂ ගණනාවකටම පසුවය.

තාරකා විද්‍යාව:

කුර්ආනයේ තාරකා විද්‍යාව සම්බන්ධ වැදගත් විස්තර සඳහන් වන බව මවිසින් බටහිර ජාතිකයන්ට පැවසූ බොහෝ අවස්ථාවලදී, ඔවුන් එයට පිළිතුරු වශයෙන් පැවසුයේ එය පුදුමයට කරුණක් නොවන බවයි. මක්නිසාද යත් යුරෝපීය ජාතිකයිනට වඩා අරාබි ජාතිකයින් තාරකා විද්‍යා ෙක‍ෂ්ත්‍රයෙහි ඉදිරියෙන් සිටි අතර ඔවුහු බොහෝ වැදගත් සොයා ගැනීම් වලටද වගකියති. නමුත් මෙය ඉතිහාසය පිළිබඳ නොදැනීම හේතුවෙන් සාවද්‍ය ලෙස තේරුම් ගනු ලැබූ අදහසකි. පළමුව අරාබි ලෝකය තුළ විද්‍යාත්මක දියුණුවක් ඇතිවූයේ කුර්ආනයේ පහලවීමෙන් සැලකිය යුතු තරම් කාලයකට පසුවය. දෙවනුව – කුර්ආනය පහල වූ වකවානුව තුළ ඉස්ලාමීය ජන සමාජය තුළ පැවති විද්‍යා දැනුම ගැන සලකා බලන විට කිසිම මිනිසෙකු ආකාශ වස්තූන් සම්බන්ධව කුර්ආනය හා සැසඳිය හැකි ප්‍රමාණයක හෝ ප්‍රකාශණයක් කිරීමට අපොහොසත් අය වූහ.

තාරකා විද්‍යාව යනු ඉතා පුළුල්ව සලකා බැලිය යුතු විෂය ෙක‍ෂ්ත්‍රයක් වූවද මම මෙහිදී එය ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නෙමි.

ඉර හා සඳ:

බයිබලයෙහි සූර්්‍යයාගේ සහ චන‍ද්‍රයාගේ ආලෝකයන් අතර ඇති එකම වෙනස ලෙස ඒවායේ ඇති ආලෝක ප්‍රමාණයන්ගේ අඩුවැඩි බව සඳහන් කරයි. නමුත් කුර්ආනයෙහි මේ දෙආකාරයක ආලෝකයන් ලෙස පැහැදිලිව වෙන්කර දක්වයි. සූර්යයාගේ ආලෝකය —ලාම්පුවක්˜ සිරාජ් : Siraaj

– ලෙසද, චන‍ද්‍රයාගේ ආලෝකය —එළිය˜ නූර් : noor– ලෙසද එහි සඳහන් වේ.

අල්ලාහ් විසින් ආකාශ 7 ක් එකකට ඉහලින් අනික සිටින සේ මවා ඒවාට ඉර (ලාම්පුව) සහ හඳ (එළිය) ලබා දුන් බව නොදුටුවෙහිද?˜ (ශු.කුර්ආනය 78¦ 12-13)ග

චන‍ද්‍රයා පරාවර්තිත ආලෝකය පමණක් ඇති ඛෙලහීන වස්තුවක් වන අතර, සූර්්‍යයා ස්ථීර, දහන කි්‍රයාවලියක් මඟින් ආලෝකය හා තාපය උපදවන ප්‍රධාන ආකාශ වස්තුවකි.

තාරකා සහ ග්‍රහලෝක:

This new image taken with NASA's Hubble Space Telescope depicts bright, blue, newly formed stars that are blowing a cavity in the center of a star-forming region in the Small Magellanic Cloud.කුර්ආනයේ 86 වැනි පරිච්ඡේදයෙහි 3 වන වගන්තියෙහි සඳහන් වන පරිදි තාරකා නජ්ම් : najm– යන වචනය තාඛීබ් :

Thaaqip

– නම් විශේෂණ පදය හා එක්ව යෙදේ. , Thaaqip, යන්නෙන් අදහස් වනුයේ, රාති්‍රයේ අඳුරු සෙවනැලි තුලින් විනිවිද මතුව පෙනෙන, තමා විසින් තමා තුළම දහනයක් ඇති කර ගනිමින් එහි ප්‍රතඵලයක් ලෙස ආලෝකය විහිදුවන වස්තූන් යන්නයි. දැනට සොයාගෙන ඇති කරුණු අනූව තාරකා යනු තමන් තුළම ස්වකීය ආලෝකය නිපදවා ගනු ලබන අපගේ සූර්්‍යයා බඳුම වූ ආකාශ වස්තූන්ය. (එනම් සූර්්‍යයාද තාරකාවකි.)

කුර්ආනයේ ග්‍රහලෝක හැඳින්වීම සඳහා —කව්කබ්˜: Kawkab-නම් වූ විශේෂ පදය යොදා ගනී. එයින් අදහස් වනුයේ ඒවාද ආකාශ වස්තූන් වන අතර, සූර්යයා මෙන් තමාගේ ආලෝකය තමාටම නිපදවා ගත නොහැකි ආලෝකය පරාවර්තනය කිරීමෙහි පමණක් යෙදෙන වස්තූන් බවයි.


පහල ආකාශය අලංකාර ආභරණ වූ ග්‍රහලෝක වලින් අපි සරසා ඇත්තෙමු.˜ (ශු. කුර්ආනය 37¦ 6)

කක්ෂය:

ආකාශ වස්තු පද්ධතීන් පිළිබඳව බලපැවැත්වෙන නීති රීතීන් තාරකා භෞතික විද්‍යාව විෂය තුළින් අද අපි ඉතා හොඳින් දැන සිටිමු. ඒ අනූව මන්දාකිණියක සමතුලිතතාවය රඳා පවතිනුයේ එහි ඇති ග්‍රහලෝක හා තාරකා ස්වකීය කක‍ෂවල පිහිටන ස්ථානයන් මත සහ මේ එක් එක් වස්තූන්ගේ ස්කන්ධයන් මඟින් ඇති කෙරෙන ගුරුත්වාකර්ෂණ බලය හා ඒවායේ චලන වේගයන් අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධතාවය මතය.

නූතන යුගයේදී පමණක් ගෙනහැර දැක්විය හැකි මෙම සත්‍යයන් කුර්ආනයේ —අල් අන්බියා˜ නම් පරිච්ඡේදයෙහි මෙසේ සඳහන් වේ.

රාති්‍රය සහ දවාලත්, සූර්යයා හා චන්ද්‍රයාත් මවන ලද්දේ දෙවියන් වහන්සේ විසිනි. සූර්යයා හා චන‍ද්‍රයා එකිනෙකින් වෙනස් වූ කක‍ෂවල ඒවාට ආවේණික වූ චලන වේගයන්ගෙන් යුතුව ගමන් කරති˜ (ශු. කුර්ආනය 21¦33)


, Yasbahoon යන අරාබි වදනින් අදහස් වනුයේ ගමන් කරන වස්තුවක් මඟින් ඇතිවන චලනය යන්නයි. එය ධාවකයෙකුගේ පොළව මත පිහිටි පාදවල චලනය හෝ, ජලයෙහි පැද්දීමේ කි්‍රයාව සඳහා ද යෙදෙන අතර, එය ආකාෂ වස්තුවක් සඳහා යොදන විට —තමන්ට ආවේණික චලනයක් සහිතව ගමන් කරන˜ යන අර්ථය ගෙනදේ.

—බයිබලය, කුර්ආනය සහ විද්‍යාව˜ නම් වූ මාගේ පොතෙහි මේ පිළිබඳව නිවැරදි සවිස්තරාත්මක විග්‍රහයන් (ආකාශ වස්තුවල චලනය පිළිබඳව) ඉදිරිපත් කර ඇත. චන‍ද්‍රයා සම්බන්ධයෙන් මෙම කරුණු දැනට ඉතා හොඳින් තහවුරු වී ඇති අතර, සූර්යයා සම්බන්ධව තවමත් එය එතරම් පුළුල් ලෙස භාවිතා නොකෙරේ.

දහවල සහ රාත්‍රිය:

කුර්ආනීය විස්තරවලට අනූව කෙරෙන දහවල හා රාති්‍රය සම්බන්ධ පැහැදිලි කිරීම් එÞට වඩා අදට යෝග්‍ය වන අන්දමින් සැකසී ඇත. , Kawwara, යන වදන මඟින් කුර්ආනයේ —අස්සුමර්˜ පරිච්ඡේදයෙහි, රාති්‍රය දහවල සමඟත් දහවල රාති්‍රය සමඟත් වෙලී හෝ ඇඹරී පවතින ආකාරය විස්තර කෙරේ.

ඔහු දහවල රාති්‍රය මතත් රාති්‍රය දහවල මතත් වෙලා ඇත˜(ශු. කුර්ආනය 39¦ 5)

, Kawwara,යන්නෙහි නියම අරුත නම් තලප්පාවක් (හිස් ආවරණයක්) හිසෙහි වෙලීම යන්නයි. කුර්ආනය පහළ වූ අවධියේදී මෙම සැසඳීම කිරීමට අත්‍යවශ්‍ය වූ තාරකා විද්‍යාත්මක දත්ත මිනිසුන් නොදැන සිටි බැවින් මෙය ඉතා පැහැදිලි හා වලංගු සංසන්දනය කිරීමකි. මිනිසා සඳමත පා තබා නිරීක‍ෂණය කරන තුරුම පෘථීවිය තම අක‍ෂය වටා කරකැවෙන බවත්, ලෝක ගෝලයෙහි අඳුරු අර්ධය සෑමවිටම ආලෝකමත් අර්ධය හා වෙලී පැවතීමත්, ආලෝකමත් අර්ධය එලෙසම අඳුරු අර්ධය හා වෙලී පැවතීමත් අප වටහාගෙන නොතිබුණි.

සෞර මුදුණ:

සූර්්‍යයා සඳහා ස්ථාවර ස්ථානයක් පැවතීම පිළිබඳව හරවත් ලෙසින් —යාසීන්˜ නම් කුර්ආනීය පරිච්ඡේදයේ විග්‍රහ වේ.

සූර්්‍යයා තම ගමන් මඟ නියමිත ස්ථානයක් කරා යොමුකර ඇත. ඒ සර්වබලධාරි අල්ලාහ්ගේ ආඥාවයි. ඔහු සියල්ල දනියි.˜

(ශු. කුර්ආනය 36¦ 38)

—මුස්තඛර්˜ , Mustaqarr,යන අරාබි වදනින් —නියමිත ස්ථාවර ස්ථානය˜ යන තේරුම ගෙනදේ. එය —හරියටම නම් කළ ස්ථානය˜ වශයෙන්ද දැක්විය හැක. නූතන තාරකා විද්‍යාවට අනූව සෞරග්‍රහ මණ්ඩලය තත්පරයට සැතපුම් 12 ක වේගයෙන් අභ්‍යාවකාශයේ පිහිටි හර්කියුලීස් නම් තාරකා පන්තිය (alpha lyrac)දෙසට ගමන් කරයි. මෙම —හර්කියුලිස්˜ තරු රාශියේ පිහිටීම ස්ථීරව හා නිවැරදිව ගණනය කර ඇති අතර මෙම ස්ථානය —සෞර මුදුණ˜ ලෙස තාරකා විද්‍යාඥයින් විසින් නම්කර ඇත.

විශ්වයේ ප්‍රසාරණය වීම:

—අද්-දාරියාත්˜ නම් කුර්ආනීය පරිච්ඡේදය මඟින් වක්‍ර ආකාරයෙන් පවසනුයේ නූතන විද්‍යාවේ අනගි සොයාගැනීමක් ලෙස දැක්වෙන —විශ්වය ප්‍රසාරණය වීම˜ පිළිබඳවයි.

මම අසහාය බලයක් සහිතව අහස සෑදුවෙමි. තවද එය ප්‍රසාරණය කරනු ලබන්නේ ද මා විසිනි˜(ශු. කුර්ආනය 51¦ 47)

විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව පළමු අදහස් ඉදිරිපත් වූයේ සාපේක‍ෂතා වාදය ඇසුරෙනි. පසුව මෙය තාරකා භෞතික විද්‍යාවේ එන ගණනය කිරීම් තුළින් තහවුරු කරන ලදී. මන්දාකිණි ආලෝකය වර්ණාවලියේ එන රතු පැහැ ප්‍රදේශය දෙසට දක්වන චලිතය, මන්දාකිණි 2ක් එකිනෙකින් ඉවත්වන දුර ප්‍රමාණයෙන් පැහැදිලි වේ. එබැවින් විශ්වයේ ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී.

අභ්‍යවකාශය ජය ගැනීම:

නූතන විද්‍යාව තුළින් අත්පත් කර ගන්නා ලද ජයග්‍රහණ අතරට —අභ්‍යවකාශය ජය ගැනීමද˜ මෑතකදී එක්වී ඇත. මිනිසාගේ මුල්ම චන‍ද්‍ර ගමන තුළින් මෙය සිදුවිය. කුර්ආනයෙහි එන —අර්-රහ්මාන්˜ පරිච්ඡේදයේ මේ පිළිබඳව අනාවැකි ඉදිරිපත් කර ඇත.

ඒකරාශිවී සිටින ජින්වරුනි, මිනිසුනි, ඔබට හැකිනම් පෘථීවි තලයේත් ආකාශයේත් යම් යම් ප්‍රදේශ තරණය කරන්න. එහෙත් අල්ලාහ්ගේ අනුදැනුම හා අධිකාරිය රහිතව ඔබට මෙම ප්‍රදේශ තුළට එළැඹිය නොහැක.˜ (ශු.කුර්ආනය 55¦ 33)

අභ්‍යවකාශයෙහි ගමන් කිරීමට බලය ලබාදිය හැක්කේ, අභ්‍යවකාශයේ චලන සම්බන්ධ නීති ක්‍රියාත්මක කරවන මැවුම්කරු හට පමණි. මෙම සම්පූර්ණ කුර්ආනීය පරිච්ඡේදයම මඟින් අල්ලාහ්ගේ පරෝපකාරී ගුණය හඳුනාගැනීමට මිනිස් වර්ගයා හට පොදු, විවෘත ආරාධනයක් කරනු ලබයි.


මතු සම්බන්ධයි.


ආචාර්ය මොරිස් බුෙඛයිල්

ප්‍රංශ වෛද්‍ය විද්‍යා ඇකඩමිය

සිංහල පරිවර්තනය:

නජ්මා පෙරේරා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: