පරිණාම වාදයේ නීති බිඳ හෙලන සත්වයා-කොට්ටෝරුවා

කොට්ටෝරුවන් උගේ හොටයෙන් ගස්වල කඳන්වල ඛෙන හාරා තම නිවහන තනා ගන්නා බව අපි කවුරුත් දනිමු. ඌ ගස්වලට කොටන්නේ ඛෙන හැරීමට Gold-whiskered Barbetපමණක් නොව ගස්වල සිටින කෘමීන් හා පණුවන් ඇල්ලීමටත් අනෙක් කොට්ටෝරුවන් සමඟ පණිවිඩ හුවමාරු කරගැනීමටත්ය. —කොටලා කොටලා කොට්ටෝරුවා කෙසෙල් ගහට කොටපු දාට තමා වැඩේ˜ යනුවෙන් කියමනක්ද ජන වහරේ පවතී. එය මිනිසුන්ට අදාළ වූවත් කොට්ටෝරුවාට නම් අදාළ නොවේ. හේතුව කොට්ටෝරුවාගේ විශ්මිත නිමැවුම කිසිදු කෙසෙල් ගසකට කෙටීමට ඌව පොළඹවන්නේ නැති නිසයි. ලොව කොට්ටෝරු වර්ග 218 ක් පමණ සිටින අතර ලංකාවේද වර්ග කීපයක් සිටිති. ෆොසිල වාර්තාව අනූව කොට්ටෝරුවාගේ අතීතය වර්ෂ මිලියන 25 ක් පමණවූ මයෝසීන යුගය දක්වා දිවෙයි.

පරිණාමය නොවූ බවට පැහැදිළි සාක‍ෂි ඇතිව පරිණාම වාදයේ නීති බිඳ හෙලන සත්වයෙකු සිටී නම් උගේ මැවුම්කරුවා දෙවියන් වහන්සේ විය යුතුයි. එවන් සත්වයෙකි කොට්ටෝරුවා. සාමාන්‍ය වශයෙන් කොට්ටෝරුවෙක් දිනකට 10. 000 ක් පමණ වාරයන් ගස්වලට කොටයි. තත්පරයකට වාර 20 ක් පමණ වූ වේගයෙන් ඌට කෙටිය හැකිය. මිනිසෙක් එසේ කළහොත් මොළයේ රුධිර වාහනය ඇති වී මරණය ළඟා වනු ඇත. මෙසේ පහර දෙන විට උගේ මොළයට කිසිම හානියක් නොවන්නේ ඇයිද යන්න අප කවුරුත් සිතා නොබලන කරුණකි.
කොට්ටෝරුවාගේ හිස එම කාර්යයට සරිලන සේ උත්කෘෂ්ඨ ලෙස මවනු ලැබ ඇත. සෑම පහරකම කම්පනය අවශෝෂණය කරගත හැකි වන පරිදි අපූර්ව ලෙස උගේ හිස්කබල දරා ඇති පද්ධතිය සැකසී ඇත. ඌගේ නළල හා හිස් කබලෙහි පේශී හොටයට සම්බන්ධ වන අතර හක්කේ ඉතාමත් ශක්තිමත් සන්ධි ගසට කෙටීමේ කාර්යයේදී යෙදෙන බලයේ කම්පනය අඩු කිරීමට ඛෙහෙවින් ඉවහල් වේ. කිසිම හිසරුදාවක් නැතිවම ඌ රාති්‍රය ගත කරන්නේය. සැලසුම හා නිර්මාණය එතෙකින් නොනවතී. පයින් ගස් වලට කොට්ටෝරුවන් වඩාත් ප්‍රියකරන අතර එහි ඛෙන සෑදීමට පෙර එහි වයස පිරික්සති. උන් සෑම විටම තෝරාගන්නේ වයස අවුරුදු 100ට වැඩි ගස්ය. එවැනි ගස්වල රෝගයක් නිසා තද හා ඝනව තිබු පොත්ත තද බවින් අඩුවෙයි. මෙය මෑතකදි සොයා ගත්තකි. නමුත් කොට්ටොරුවා මෙය අතීතයේ සිට කරගෙන ආ දෙයකි. එම තේරීමට තවත් හේතු තිඛෙයි. ඔවුන් තම ඛෙනය වටා තවත් සිදුරු සාදති. ටික කාලයකින් එම සිදුරුවලින් ඇලෙන සුළු ලාටු ගලා විත් එම සිදුරු පිරී යයි. මෙය උන්ගේ සතුරන් වන සර්පයින්ගෙන් බේරීමට වූ උපායකි. මෙය සොයාගන්නා ලද්දේ මෑතකදීය.
තවත් සිත්කළු ලක‍ෂණයක් නම් ඔවුන්ගේ දිවයි. අනෙකුත් පක්ෂීන් මෙන් නොව කොට්ටෝරුවාගේ දිව උගේ හොට මෙන් පස් ගුණයක් පමණ දිගයි. සිහින් මෙන්ම දික් වු දිව කුහුඹුවන්ගේ ගැල් තුළට පවා රිංගවිය හැකිය. එහි ඇලෙන සුළු ද්‍රව්‍ය නිසා කෘමීන් එහි ඇලෙති. මැවීමේ පරිපූර්ණත්වය තවත් විදහා දක්වන්නක් නම් කුහුඹුවන්ගේ සිරුරේ ඇති අම්ලයන් උගේ දිවට හානි නොවන පරිදි උගේ දිවෙහි ව්‍යූහය නිම වී තිබීමයි. එතෙකින් නොනැවති උගේ දිවෙහි අග පසුපසට නෙරූ ඇමුණුම් කොකු වැනි ව්‍යූහයක් පිහිටයි. එයින් ඌ අල්ලා ගන්නා කෘමීන් හා පණුවන් පහසුවෙන් හොට තුළට ගෙන ආ හැකිය. මැවීම අග්‍රහණ්‍ය නොවේද? සමහර කොට්ටෝරුවන්ගේ දිව හිස් කබල වටා ගොස් ඇස් අතරින් ඇසට පහළින් සිරුරට සම්බන්ධ වේ. උපරිම දිගක් දිවට මෙයින් ලැඛෙන්නේය.
තවද උගේ අඛණ්ඩ කෙටීමට උපකාරී වන සේ උගේ වලිගයේ පිහාටු ප්‍රත්‍යස්ථ ලෙස සැකසී ඇත. පාද යුගවල වලිග පිහාටු ති්‍රකෝණාකාර ලෙස පිහිටන සේ ගසක් තදින් බදා ගනී. කොටන විට වල්ගා පිහාටු විහදී ගසට ඇලී පිහිටයි. අනෙක් විශේෂත්වය නම් සිරස් ලෙස සිට ගස් තදින් බදාගෙන කෙටීමේ යාන්ත්‍රණය සිදු කිරීම තවත් පහසුවන පරිදි උගේ පාද ඇඟිලි ඉදිරියට යුගලයක් හා පසුපස යුගලයක් ලෙස 4 ක් පිහිටීමයි. එපමණක් නොව ඌට රිසි පරිදි ගසෙහි ඉහළටත් පහළටත් පැති වලටත් චලනය විය හැකිය.
පරිණාමවාදීන් මේවා පිළිබඳ සිතා බැලිය යුතුයි.
දැඩි හොට
ශක්තිමත් හිස් කබල
කම්පන අවශෝෂක කාටිලේජ
හිස්කබල වටා දිවෙන දීර්ඝ ඇලෙන සුළු ඇමුණුම් කොකු සහිත දිව
ප්‍රථ්‍යස්ථ වලිග පිහාටු
පාද ඇඟිලි ගණන හා එහි හැඩය

යන මේ ලක්ෂණ ඌ ලබා ඇතතේ කිනම් මුතුන් මිත්තන්ගෙන්ද? පරිණාම වාදය පවසන පරිදි මෙම සියලූ ලක්ෂණ ක්‍රමයෙන් පරිණාමය වූයේ නම් මේ වන විට කොට්ටෝරුවා නම් සත්වයා වඳ වී තිබිය යුතුය. ඉහත සඳහන් අංග වලින් එකක් හෝ නොමැති වූ කල කෘමීන් හා පණුවන් ඇල්ලීමේ කාර්යය කළ නොහැක්කකි.


අනෙක් සෑම ලක්ෂණයක්ම තිබී දැඩි හොටක් නැත්නම්? හොට බිඳුණු කොට්ටෝරුවන් සයල්ලම කුසගින්නේ මැරී කොට්ටෝරු වර්ගයාගේ අවසානය ඉතා ඉක්මනින් ළඟා වී වඳ වී යනු නිසැකය. අනෙක් සියලූ අංශ තිබී තද හිස් කබලක් නොතිබුණහොත්? මෙහිදීත් ප්‍රතිඵලය කලින් කී පරිදිය. සියලූ උපාංග ලැබී කෙටි දිවක් තිබුණොත්? ගස්වල සිටින කෘමීන් හා පණුවන් ආහාරයට ගැනීම කළ නොහැකි කාර්යයක් වනු ඇත. සියලූ අංශ තිබී දිවෙහි ඇලෙන සුළු ද්‍රව්‍ය හෝ ඇමුණුම් කොකු වැනි ව්‍යූහය නොතිබුණහොත්? මෙහිදීත් කුසගින්නේ මිය යෑමට සිදුවන්නේය. සියලූ අවයව තිබී ඇඟලි අඩුවෙන් තිබුණොත්? ගස්වල කෘමීන් හෝ පණුවන් ඇල්ලීම කළ නොහැක්කකි. මෙම සෑම අවස්ථාවකම අවසාන ඵලය කොට්ටෝරු වර්ගයාගේ අභාවයයි.
නමුත් එය එසේ නොවේ. මැවීම පරිපූර්ණය. මෙම සත්වයා පැකේජයක් මෙන් උගේ පැවැත්මට අවශ්‍ය සියලූම අංශ ලබා සිටී. තවදුරටත් පරිණාමය වීමේ උවමනාවක් ඌ හට නොමැත. ෆොසිල වාර්තාවලට අනූව මයෝසින යුගයේත් සිටියේ අද සිටින එම කොට්ටෝරුවාමය. කොට්ටෝරුවා හිටි හැටියේම අහම්ඛෙන් කිසිම ශක්තියක බලපෑමක් නොමැතිව බිහිවුණේ යැයි පැවසුවහොත්æ එය විහිළුවකි.
ජීවීන් තුළ තිඛෙන්නාවූ අසීමිත ගුණාංග පිළිබඳව සලකා බැලු විද්‍යාඥයින් එවන් සංකීර්ණවූත් පුදුම ඵලවන සුළුවූත් ව්‍යූහයක් අහම්ඛෙන් :(By Chance)– සිදුවීමේ සම්භාවිතාව ගණිතමය ලෙස ගණනය කළහ. ප්‍රතිඵලය ශ=න්‍යය :(Zero)– බවයි ඔවුන්ගේ නිගමනය වූයේæ
කොට්ටෝරුවා නම් වූ සත්වයා පමණක් නොව සෑම ජීවියක්ම එයටම ආවේණික වූ පරිපූර්ණවූත් අංග සම්පුර්ණ වූත් පද්ධතියකට හිමිකම් කියන්නේය. පරිණාමවාදීන් ඒ ගැන මොහොතක් සිතා බැලිය යුතුයි. මොහොතක් තමන්ගේම ශරීරයේ නිමැවුම ගැන සිතා බැලූවහොත්, එයම සෑහේ.

මෙම අසීමිත ප්‍රමාණයක් වූ අංග සම්පූර්ණ නිර්මාණයන් බිහි කළා වූ ශිල්පියෙකු සිටිය යුතු යන්න කෙනෙකුට අවබෝධ නොවන්නේ නම් එය තම බුද්ධිය රැවටීමකි. නිර්මාණයන් තිබේ නම් එය බිහිකළ ශිල්පියෙකු ද සිටිය යුතුයි. කොට්ටෝරුවා විදහා පාන්නේ ද උගේ මැවුම්කරුවා මෙන්ම අපගේ ද මැවුම්කරුවාගේ මහිමයයි. අප අවට ජීවය පමණක් නොව මුළු විශ්වයම මවා පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරි අල්ලාහ් දෙවියන් වහන්සේගේ ඥානයට අභියෝග කිරීමට උත්සාහ කිරීම අප අපටම කරගන්නා හිරිහැරයකි¦ නිගාවකිæ

කුද්රතුල්ලා නාපාවල B. sc.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: