ලොව ඉදිරිපත් වු ආගම් හා දර්ශණයන් සදහා ශාස්තෘවරුන්-ඉස්ලාමි දහම තුල ඔවුන්ගේ භූමිකාව කුමක්ද?

ඈත අතීතයේ සිටම ලොව ඉදිරිපත් වු ආගම් හා දර්ශණයන් සදහා ශාස්තෘවරුන්, උපදේශකයින් හා දාර්ශණිකයන් දක්නට ලැබුණි. උදාහර්ණයක් ලෙස බුදුදහමේ ගෞතම බුදුන්, ක්‍රිස්තුස් දහමේ යේසුස් තුමා, මාක්ස් වාදයේ කාල්මාක්ස්, යුදෙව් ආගමේ මෝසස් තුමා. ඉස්ලාම් දහමේ මුහම්මද් තුමා සදහන් කල හැක. මෙම ශාස්තෘවරුන් හා උපදේශකයින් අතර ඉස්ලම් දහම ද ශාස්තෘවරුන් පිලිබදව දසහන් කරයි. මෙි ශාස්තෘවරුන් කවිරුන්ද? ඉස්ලාමි දහම තුල ඔවුන්ගේ භූමිකාව කුමක්ද? මේ කාරණයන් පිලිබදව නිසි අවබෝධයක් නොමැති සමහර ඉස්ලාමි නොවන විද්වතුන් අනිකුත් ආගම් හා දර්ශණයන්වල ශාස්තෘවරුන් දකින ආකාරයට ඉස්ලාම් දහම පවසන ආගමික ශාස්තෘවරුන් ද උපකල්පනය කරමින් ඉස්ලාමි දහමට විරුද්ධව විවිධ ආකාරයේ විවේචනයන් ඉදිරිපත් කරයි. එමනිසා මේ කාරණය පිලිබදව සමාජය දැනුවත් කිරීමේ අනිවාර්‍ය වගකීම මුස්ලීම්වරුන් වන අපට පැවරී තිබේ.

ඉස්ලාම් දහමේ ආගමික ශාස්තෘවරයා “වක්තෘ” (^Prophet&) ලෙස හදුන්වයි. මෙහි අරුථ “දේව වාක්‍ය විස්තර කරන්නා, අනාගත වාක්‍ය දන්වන්නා” යන්න වේ. එසේම ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව මෙම වක්තෘවරුන් විශ්වාස කිරීම ඉස්ලාමයේ මුලික අංගයක් ද වේ. එමනිසා මෙම කාරණය පිලිබදව පුලුල්  අවබෝධයක් සමාජයට ලබාදීමද අත්‍ය අවශ්‍ය වේ. එ සදහා මෙම කාරණය පිලිබදව විවිධ කෝණයන්වලින් අවදානය යොමු කිරීම ද අවශ්‍ය වෙි. එනම්,


·        ඉස්ලාමි හි වක්තෘ විශ්වාසයේ ආකාරය කුමක්ද?
·        මෙම වක්තෘවරුන් කව්රුන්ද?
·        ඔවුනහට මෙම දහමතුල ඇති භූමිකාව කුමක්ද?
·        මෙවැනි වක්තෘවරුන්ගේ අවශ්‍යතාවය කුමක්ද?
·        වක්තෘවරුන් අදටත් පහලවෙන්නේද?

ඉස්ලාම් හි වක්තෘ විශ්වාසයේ ආකාරය
ඉස්ලාම් දහමෙහි විශ්වාසයට අනුව වක්තෘවරුන්ගේ මෙහෙවර වන්නේ දෙවියන්ගෙන් ලබාගන්නා පණිවුඩය පොදු ජනතාවට ප්‍රකාශ කොට ඒ අනුව ජීවත් වී ආදර්ශමත් ජීවන මාර්ගයක් පෙන්වාදීමයි. මෙම දේව පණිවුඩ මිනිසාට පහලවීම වක්තෘවරයාණන් වන මුහම්මද් තුමාට පමණක් සිදුවුවක් නොවේ. ඉස්ලාමීය විශ්වාසයට අනුව ලක‍ෂයකටත් අධික වක්තෘවරුන් සංඛ්‍යාවක් මෙම මෙහෙවර සදහා එනම් දේව පණිවුඩය ප්‍රකාශකොට පොදුජනයා යහමාර්ගයට පමුණුවාලීම සදහා දෙවියන් විසින් පොළොවෙි තෝරාපත් කර ඇත. එහි ආරමිභකයා වන්නේ මුල්ම මිනිසා වන ආදම් (අෙලෙ) තුමාය. මෙම ආදමි (අෙලෙ) තුමාව දෙවියන් විසින් මවා පොළොවට යවන ලදී. එසේ යැවීමේ දී  “යන්න නුඔට අවශ්‍ය ආකාරයට ජීවත්වන්න් ස්වමත අනුව පොලොවෙහි ක්‍රියාකරන්න” යයි එවා පොළොවෙහි අසරණකර නොදමා, මේ විශ්වයේ සියල්ල සැලසුම් සහගත ලෙස මැවු දෙවියන් වහන්සේ මනුෂ්‍යා සදහාද ජීවිත මාර්ගයක් සැලසුමි කර එය ලබාදී එවන ලදී. එය ශ.ද්ධ වු අල්කුර්ආනයේ පැවසීමේ දී 20-123, 2-38 හි වාක්‍යයන්වලින් මෙසේ පවසයි.
“මා හමුවේ සිට නුඹට මගපෙන්වීමක් එනු ඇත. එයයි නුඔ අනුගමනය කල යුත්තේ.
මේ අනුව ලොව මුල්ම මිනිසා මෙන්ම වක්තෘවරයානන් වන ආදම් තුමාගේ පටන් සියලූ මනුෂ්‍යයන් ක්‍රියාකල යුත්තේ ස්වමත අනුව නොව දෙවියන් වහන්සේගේ දේව නියෝගයන් හා මගපෙන්වීමන් අනුව යන්න පැහැදිලි වේ. මෙය ආදම් තුමාට පමණක් සුවිශේෂවු කාරණයක් නොවන අතර අවසාන වක්තෘ මුහම්මද් තුමා දක්වා සියලූම වක්තෘවරුන්ට පොදු වු නියෝගයකි. ඉස්ලාමීය විශ්වාසය අනුව මෙම නියෝගයයි විවිධ කාලවල පැමිණි  සියලූම වක්තෘවරුන් එ එ ජන කොටිඨාශවලට ඉටුකලේ.

මෙම වක්තෘවරුන් කව්රුන්ද
මෙසේ දේව පණිවුඩය ජනතාවට ප්‍රකාශ කිරීම සදහා විවිධ කාලවල විවිධ ජන කොට්ඨාශයන් සදහා  වක්තෘවරුන් දෙවියන් විසින් තෝරාපත්කර ඇත. මෙහිදී විශේෂයෙන් සදහන් කල යුත්තක් තිබේ. එනම් ලොව පහල වු සියලූම ශාස්ත්‍රවරුන් හා දාර්ශණිකයින් ජනයා අතර තමන්ට යයි යම් ස්ථානයක් ගොඩනගා ගන්නේ ඔවුන්ගේම උත්සාහය තුලිනි. උදාහරණයකට පවසනවා නම් බුදුන් වහන්සේ බුද්ධත්වය ලබාගත්තේ බොහෝ දුෂ්කර ක්‍රියාවන් කිරීමෙන්ය. නමුත් ඉස්ලාම් දහම පවසන “නබිත්වය හෙවත් වක්තෘත්වය” ඔවුනට හිමිවන්නේ ඔවුන්ගේ උත්සාහයෙන් නොව දෙවියන්ගේ කැමැත්තට අනුවයි.

මෙය ශ.ද්ධ වු අල්කුර්ආනයේ 6-124, 17-86 වාක්‍යයෙන් අවධාරනය කරයි. මේ ආකාරයට දෙවියන්ගේ කැමැත්ත අනුව තෝරාපත් කල වක්තෘවරුන් සංඛ්‍යාව ලක‍ෂයකටත් අධික යන්න ඉස්ලාම්හි විශ්වාසයයි. මෙපමණ විශාල සංඛ්‍යාවක් වක්තෘවරුන් මේ පොළොව මත ජීවත් වී මියගියද

ශ.ද්ධ වු අල්කුර්ආනයේ, නම් සදහන් වන්නේ ඔවුන්ගෙන් 25ක ගේ පමණි.

එනම් ආදම් (Adam), ඉද්රීස් (Idthrees), සුලෙයිමාන් (ීSuliman), හාරූන් (Harun), සකරීයා (Zakkareya), යහ්යා (Yahiya), අය්යුබි (Iyub), යුනුස් (Yoonus), යුසුෆ් (Yusuf), ඉස්යාල් (Alyasa), අල්යසා (Alyasa), දුල්හිෆ්ල් (Dulhifl), ශයෙබි (Shuib), සාලිහ් (Salih), හුද් (්‍Hud), ඉබ්‍රාහීම් (Abraham), ඉස්මායිල් (Ismael), ඉසහාක් (Issak), යාකුබ් (Jacob), ලූත් (Lot), දාවුද් (David), නුහ් (Noah), මොසස් (Moses), ඊසා (Jesus), මුහම්මද් (Muhammed) යන්න වේ.

මෙසේ  විශාල සංඛ්‍යාවක් වු වක්තෘවරුන් අතරින් කිහිපදෙනෙකුගේ පමණක් නමි සදහන්වීමට හේතුවක් ඇත. එනමි එ සමාජයේ එම වක්තෘවරුන් කිහිපදෙනාගේ මෙහෙවර වර්ථමාන සමාජයට ද ආදර්ශමත්, ප්‍රයොජනවත් වන නිසා මිස අනිකුත් වක්තෘවරුන් මීටවඩා පහත් යයි සලකන නිසා හෝ ඉහත නම් සදහන් වක්තෘවරුන් ඔවුන්ට වඩා උසස් යයි සලකන නිසා හෝ නොවේ.

උදාහර්ණයක්  ලෙස ලූත් (Lot) නම් වක්තෘවරයානන් මෙහෙවර සැලකුෙවි නමි ඔහුගේ ජන සමාජයේ තිබු පාපකි්‍රයාවකි සමලිංගික ඇසුර. මෙය ඉතාමත් දරුණු අන්දමින් ප්‍රසිද්ධියේම සිදුකෙරුණි. මෙම වක්තෘවරයානන්ට සිදුවයේ මෙම පාපක්‍රියාවේන් ජනයා මුදවා ගැනීමයි. එ සදහා ඔහු විවිධ ආකාරයේ අවවාද අනුශාසනා කරමින් කටයුතු කරන ලදී. අවසානයේ එ අවවාද අනුශාසනා පිලිනොගත් ඒ ජන කොට්ඨාශය ජීවත් වු නගරයම උඩුයටිකුරු කොට දෙවියන් වහන්සේ විසින් විනාශ කරන ලදී.

මෙම සමලිංගික ඇසුර වර්තමාන සමාජයේද දක්නට ඇත. එමනිසා වර්ථමාන සමාජයට අවවාදයක් ලෙසත් අනතුරු ඇගවීමක් ලෙසත් එදා ලූත් (අෙලෙ) තුමාගේ සමාජයට එතුමා අවවාද කල ආකාරයත් එය පිලිනොගැනීම නිසා ඔවුන් විනාශකල ආකාරයත් අල්කුර්ආනයේ පැවසීමේදී එ වක්තෘවරයාගේ නම සදහන් කරයි. මීට අමතරව ඉතිහාස සත්‍යන් විකෘතිකොට පවසන විට හා මන:කල්පිත විශ්වාසයන් ජනයා අතර පවතින විට ශ.ද්ධ වු අල්කුර්ආනය එය නිවරුදි කිරීමේදී ද වක්තෘවරුන්ගේ නම් සදහන් කරයි. උදාහර්ණයක් ලෙස යේසුස් (Jesus) (ඊසා (අෙලෙ)) තුමා යනු ඉස්ලාමීය විශ්වාසයට අනුව වක්තෘවරයෙකි. මොහු සම්බන්ධයෙන් ක්‍රිස්තියානිවරුන්ගේ බයිබලයේ විවිධ කරුණු සදහන් වේ. මෙතුමාව දේවත්වයෙන් ක්‍රිස්තියානි බයිබලයේ සදහන් වේ. මීට අමතරව ත්‍රිත්වය නම් සංකල්පයක් ද ඉදිරිපත් කරයි. ශ.ද්ධ වු අල්කුර්ආනය මේවා ප්‍රතිෙක‍ෂ්ප කරමින් සත්‍ය තත්වය ලොවට පවසයි. එසේ පැවසීමේදී වක්තෘවරයානන් වන ඊසා (Jesus) (අෙලෙ) තුමාගේ නම අල්කුර්ආනයේ සදහන් වේ. මේ ආකාරයට වක්තෘවරුන් කිහිදෙනෙකුගේ නමි පමණක් ශ.ද්ධ වු අල්කුර්ආනයේ සදහන් වුවත් විශාල සංඛ්‍යාවක් වක්තෘවරුන් හෙවත් නබිවරුන් පැමිණියා යන්න ඉස්ලාමීය විශ්වාසයයි.
ඔවුනහට මෙම දහමතුල ඇති භූමිකාව කුමක්ද?
මෙසේ පැමිණි සියලූම වක්තෘවරුන්ගේ මෙහෙවර වුයේ ජනයාහට දේව පණිවුඩය ප්‍රකාශ කොට එ ඔස්සේ ජනයා මෙහෙයවමින් එකම දෙවියා වෙත මග පෙන්වීමයි. මෙය ශ.ද්ධ වු අල්කුර්ආනයේ (16-36) වාක්‍ය මගින් මෙසේ පවසයි.”අල්ලාහ් දෙවියන් නමදින්නෟ, නපුරන්ගෙන් ඈත්වන්නෟ  යයි අවවාද කරන්නන් ලෙස සියලූ ජන කොට්ඨාශයන්ට වක්තෘවරුන් අප යැව්වෙමු

මෙම මෙහෙවර සදහා සමහරක් අවස්ථාවන්වල දී එකම අවස්ථාවේ එකකට වඩා වක්තෘවරුන් සංඛ්‍යාවක් තෝරාපත්කල අවස්ථාවන්ද ඉතිහාසයේ දක්නට ඇත. උදාහර්ණයක් ලෙස ශ.ද්ධ වු අල්කුර්ආන් 36-13, 10-75, 19-53, 20-30 වක්‍යයන්වල මේ බව සදහන් වේ. මේ ආකාරයට විවිධ අවස්ථාවල විවිධ සංඛ්‍යාවන්ගෙන් වක්තෘවරුන් පොළොවෙහි පත්කොට ඔවුන් මාර්ගයෙන් සෑම මිනිස් කොට්ඨාශයක්ම අවවාද අනුශාසනා කරන ලදී. මේ පිලිබදව දෙවියන් වහන්සේ ශ.ද්ධ වු අල්කුර්ආනයේ,
සෑම ජන කොට්ඨාශ්‍යකටම අප වත්කෘවරයෙක් යැව්වෙමු” (10-47)
සෑම භාෂාවකටම වක්තෘවරයෙක් (නබිිවරයෙක්) එවන ලදී.” (14-4)
මේ අනුව සෑම ජන කොට්ඨාශයක්ම වක්තෘවරයෙක් මගින් අවවාද අනුශාසනා ලබා ඇත යන්න ඉස්ලමීය විශ්වාසයයි. එසේ අවවාද අනුශාසනා නොකල කිසිදු ජන කොට්ඨාශයක් නොමැති බව ශ.ද්ධ වු අල්කුර්ආනයේ 35-24 වාක්‍ය අවධාරනය කරයි. එනම්,
ඇත්තෙන්ම, ශ.භාරංචි පවසන්නෙකු ලෙසත්, අවවාද කරන්නෙකු ලෙසත් සත්‍යවාදී නුඔව (මුහමිමද්) අප යැව්වෙමු. මෙසේ අවවාද කරන අනුශාසකයින් නොඑවු කිසිදු ජනාවක් නොවීය”
ඉහත කාර්‍යයට අමතරව එනමි අවවාද අනුශාසනා කරණවාට අමතරව මෙම වක්තෘවරුන්ට තවත් කාර්‍යයක්ද පැවරී තිබු බව ශ.ද්ධ වු අල්කුර්ආනයේ 3-50,51 මගින් පවසයි.

එනමි “මාහට පෙර ජිවත් වු වක්තෘවරුන් ගෙනආ දහමන් සත්‍ය කරණු පිණිසද, නුඔලාට මීට පෙර තහනම් කල සමහරක් සදහා අවසර ලබාදීම පිණිසද, අල්ලාහ් පමණි මාගේත්, නුඔලාගේත් දෙවියා එමනිසා ඔහුට පමණක් වන්දනා මාන කරන්න. මෙයයි සත්‍ය මාර්ගය යයි පවසනු පිණිසද

වක්තෘවරුන් එවුබව සදහන් වෙි. මේ අනුව වක්තෘවරුන්ගේ කාර්‍යභාරය ඉහත අල්කුර්ආන් වාක්‍යයෙන් පැහැදිලිය. එනමි,
* “එකම දෙවියා අල්ලාහ් පමණි” යන්න අවධාරනය කරණු පිණිස,
* “වන්දනාමාන කලයුත්තේ අල්ලාහ්ට පමණි”යන්න අවධාරණය කරනු      පිණිස,
*   පෙර විසු වක්තෘවරුන් සත්‍ය කරණු පිණිස,
*   පෙර විසු වක්තෘවරුන්ගේ දේශන, නියෝග සංශෝධනය කරනු පිණිස,
*   ඉස්ලාම් සත්‍ය මාර්ගයක් යයි අවධාරනය කරනු පිණිස,
*   තමන් ප්‍රකාශකරන දෑ ප්‍රයෝගිකව පෙන්වනු පිණීස,
මෙවැනි කරුණු බොහෝමයක් මුල්කරගෙන දේව වක්තෘවරුන් මේ පොළොවේ දෙවියන්ගේ නියෝජිතයන් ලෙස තෝරා පත්කරන ලදී.

මෙවැනි වක්තෘවරුන්ගේ අවශ්‍යතාවය කුමක්ද?
මිනිසාට යහපත් ජීවිතයක් ගතකිරිමට මාර්ගයක් අවශ්‍ය බව අප දනිමු. එම මාර්ගය දෙවියන් විසින් සකසා දුන් මාර්ගයක් නම් එය වඩාත් නිවරුදි වන බවද අප අවබෝධ කර සිටින්නෙමු. එසේ නම් දෙවියන් විසින් සකසා දුන් එම මාර්ගය මිනිසාහට ප්‍රකාශවන්නේ කෙසේද? මෙය ආකාර දෙකකට සිදුවිය හැක. එනමි,
දෙවියන් පැමිණ පොදු ජනයාහට නියෝගයන් හා අවවාදයන් ප්‍රකාශ කොට එවා ක්‍රියාවට නැංවීම.
*   දේව නියෝජිතයකු පත්කොට ඔවුන් තුලින් ජනයාට දේව පණිවුඩය ප්‍රකාශයට පත්කිරීම. මෙයද තවත් ප්‍රධාන කොටස් දෙකකට ඛෙදිය හැක.
Ø     මනුෂ්‍යාගෙන් නියෝජිතයකු පත්කිරීම,
Ø     මනුෂ්‍යවර්ගයෙන් බැහැරව නියෝජිතයෙක් පත්කිරීම.
ඉහත ප්‍රධාන කරුණු හා උප කරුණු පිලිබදව කෙටි අවධානයක් යොමු කලේනම් දේව නියෝජිතයා මනුෂ්‍යාගෙන් බැහැරව වෙන කුමන ආකාරයට පැමිණියත් එහි විවිධාකාර ගැටඑ කිහිපයක් මතුවේ. ඉන් ප්‍රධාන ගැටඑව වන්නේ මෙම දේව නියෝග හා ප්‍රකාශන සියලුදෙනා සදහා ප්‍රායෝගික බව ඔප්පුකර පෙන්විය යුතුයි. මෙය මනුෂ්‍යාගෙන් බැහැර වුවකුගෙන් ප්‍රකාශවන්නේ නමි, ක්‍රියාවට නැගෙන්නේ නම් තර්කයක් ගොඩනැගෙනු ඇත. එනම් “මෙය මනුෂ්‍යාට ප්‍රයෝගික නැහැ” යනුවෙන් පවසනු ඇත. මෙය ශ.ද්ධ වු අල්කුර්ආනයේ 6-8,9 වාක්‍යද අවධාරණය කරයි.

එනම් “මොහු සමග දේව දුතයෙක් නොයැව්වේ මන්ද? යයි ඔවුන් පවසති. (එයට දෙවියන් වහන්සේ) දේව දුතයෙකු පහල කලද ඔවුන් මිනිස් රුවින්ම පහල කරන්නෙමු” යනුවෙන් දෙවියන් වහන්සේ පිලිතුරු ලබාදෙන්නේ මෙි කාරණය නිසාය. මෙයට හොද උදාහර්ණයක් අද අප සමාජයේ දකින්නෙමු. එනම් මුස්ලීම්වරුන්  ඉටුකරන උපවාසය සැලකුවේ නම් මෙම උපවාසය දෙස ඉස්ලාම් නොවන්නන් මවිතයට පත්ව“මෙය කරන්න පුලූවන් දෙයක්ද? දුෂ්කර කාර්‍යයක් නොවෙිද?” යනුවෙන් ප්‍රශ්න කරයි. නමුත් ඉස්ලාමි දහම පිලිපදින කුඩා ළමයින්හට මෙය අනිවාර්‍ය නොවුවත් ඔවුන්ද මෙය ඉතා සතුටින් ඉටුකරයි. එයට හේතුව ඉස්ලාම් දහම පිලිපදින අපට එය මුහම්මද් (සල්) තුමාත් ඊට පෙර පැමිණි වක්තෘවරුනුත් ප්‍රායෝගිකව ඉටුකර පෙන්වා ඇති බව අප අවබෝධ කරගෙන සිටින බැවිනි. මෙම ආදර්ශය මනුෂ්‍යයන්ගෙන් බැහැරවු වෙනත් කිසිවකු විසින් පෙන්වුයේ නමි මුස්ලීමිවරුන්ට ද මෙය ප්‍රශ්නයක් වන්නට තිබුණි. නමුත් එසේ නොවී මුහමිමද් (සල්) තුමා මෙය ප්‍රායෝගිකව පෙන්වුවා යන විශ්වාසය නිසා මුස්ලීම්වරුන් වන අපට එය දුෂ්කර කාර්‍යයක් නොවේ. මේ අනුව වක්තෘවරුන් පැමිණිමත් ඔවුන් මනුෂ්‍යන්ගෙන් වීමත් ඉතා වැදගත් වේ.

වක්තෘවරුන් අදටත් පහලවෙන්නේද?
මෙම ප්‍රශ්නයට පිලිතුරු ලබාදීමට ප්‍රථම අවබෝධ කරගත යුත්තක් තිබේ. එනම් වක්තෘවරයෙකුගේ පැමිණීමෙින් අනතුරුව තවත් වක්තෘවරුන්ගේ පැමිණීමෙි අවශ්‍යතාවය කුමක්ද? මෙයට හේතු කිහිපයක් තිබිය හැක. එනම්,
*   තවදුරටත් දහමේ සංශෝධනයන් සිදුවිය යුතුවීම එනම් දහම සම්පුර්ණ නොවීම.
*   එදා වක්තෘවරුන් දේශනා කල දේශනයන් එ අයුරින්ම අදටත් ආරක්‍ෂා නොවීීම.
ඉස්ලාම් දහමේ විශ්වාසයට අනුව මුල්ම මිනිසා මෙන්ම ප්‍රථම වක්තෘවරයාණන් වන ආදම් (අෙලෙ) තුමාගේ පටන් අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමා දක්වා පැමිණි සියලූම වක්තෘවරුන් ජනතාවට දේශනා කලේ ඉස්ලාම් දහමයි. මෙය ශ.ද්ධ වු අල්කුර්ආනයේ 4-163 වාක්‍යයෙන් නුහ් වෙතද ඔහුගෙන් පසු පැමිණි වක්තෘ වන ඉබ්රාහීම්, ඉස්මායිල්, ඉස්හාක්, යාකූබ්, ඊසා, අයියුබ්, යුනුස්, හාරූන්, සුලෙයිමාන්, දාවුද් යන පිරිසට දේව පණිවුඩය පහල කල ආකාරයටම නුඹටත් (මුහමිමද්ටත්) දේව පණිවුඩය පහල කලෙමු යනුවෙන් පවසයිි.

මෙසේ දහස් ගනන් වක්තෘවරුන් මගින් විවිධාකාර සංශෝධනයන් කරමින් මේ දක්වා පැමිණි දහම තමා ඉස්ලාම් බවත් එය දෙවියන් විසින්ම තෝරා දුන් දහම බවත් ශ.ද්ධ වු අල්කුර්ආනයේ 3-19 වාක්‍යයෙන් මෙසේ පවසයි “නියත වශයෙන්ම ඉසලාම් පමණි අල්ලාහ් විසින් පිළිගනු ලැබු දහම“.

එසේම ශ.ද්ධ වු අල්කුර්ආනයේ තවත් ස්ථානයක වක්තෘවරුන් මගින් පහලකල මෙම දහම අවසානයේ සම්පුර්ණ කලබවත්, දෙවියන් හමුවේ අනුමත දහම ඉස්ලාම් බවත්, දෙවියන් වහන්සේ 5-3 වාක්‍යයෙන් පවසයි. එනම්,
අද දින මම නුඹලාට නුඹලාගේ දහම පරිපුර්ණ කලෙමු. නුඹලාට සන්මාර්ගයක් ලෙස ඉස්ලාම් දහම සතුටින් තෝරා දුන්නෙමු”
මෙම සහතිකය එනම් “පරිපුර්ණ කලෙමු” යන්න පැවසීම තුල තවදුරටත් දහමෙහි සංශෝධනයන් සිදුනොවන බව පැහැදිලිය. එසේම ශ.ද්ධ වු අල්කුර්ආනයේ 15-9 වාක්‍යයෙන්
අපය මෙය පහල කලේ අපමය මෙය ආරක්‍ෂා කරන්නේ
යනුවෙන් දෙවියන් වහන්සේ පැවසීම තුල මෙම ශ.ද්ධ වු අල්කුර්ආනය සැමකලටම ආරක‍ෂා වී ඇතිබවද ඒකාන්තය. මේ අනුව ලොව මීට ඉහත පැවසු දහමන්වලට අත්වු ඉරණම එනම් එහි පවසන කරුණු ආරක්‍ෂා නොවීම මෙන්ම විකෘත්ති වීම වැනි දෑ අල්කුර්ආනයට සිදුනොවන අතර එය එසේ සිදුනොවීමට හේතුව මෙය ආරක්‍ෂා වීම මිනිස් ක්‍රියාකාරකම්වලින් බැහැර වු දේව නියමයක් බැවිනි. එයයි ශ.ද්ධ වු අල්කුර්ආනයේ 15-9 වාක්‍යය අවධාරනය කරන්නේ.
මේ අනුව ඉස්ලාමීය විශ්වාසයට අනුව මෙම දේව ග්‍රන්ථය වන ශ.ද්ධ වු අල්කුර්ආනය ආරක්‍ෂා වී ඇත යන්න හා ඉස්ලාම් දහම පරපුර්ණ වුවා යන්න ඉහත දේව වාක්‍යයන් වන 5-3, 15-9 මගින් තහවුරු වේ.

මේ අනුව එනම් ඉස්ලාමි දහම සම්පුර්ණවීමත්, ආරක්‍ෂාවීමත් තුල වක්තෘවරුන්ගේ පැමිණීමට තිත තැඛෙන බව තහවුරු වේ. මේ අනුව මුහම්මද් (සල්) තුමා යන්න අවසාන වක්තෘවරයා යන්න ද පැහැදිලි වෙි. මෙය මුහම්මද් (සල්) තුමාණන් ලස්සන උදාහර්ණයකින් පැහැදිලි කරනලදී. එනම්, “පිරිසක් ඉතා අලංකාර වු මාලිගාවක් නරඹමින් ගමන්කරන විට එහි එක් ස්ථානයක බිත්තියේ ගඩොලක අඩුවක් දකී එය දුටු එම පිරිස කොතරම් අලංකාර වු මාලිගාවක්ද? එහී මේ ස්ථානයේ ගඩොලත් තිබුණේනම් මේ නිර්මාණය සර්ව සම්පුර්ණ වනවා නොවේද? යයි පවසන ලදී යයි පවසා “එ ගඩොල තම මාගේ පැමිණීම මාගේ පැමිණීමත් සමග එම මාලිගාව සර්ව සම්පුර්ණ වුවාසේ එ ආකාරයට මාගේ පැමිණීමත් සමග ඉස්ලාම් දහම සම්පුර්ණ වී වක්තෘ මෙහෙවර අවසාන් වේ“යනුවෙන් පවසන ලදී.

දැන් ඔබට ගැටඑවක් මතවිය හැක. එනම් “ඇයි මුහම්මද් තුමා අවසාන වක්තෘ බව පවසන්නේ ඇයි මොසස් තුමන් හෝ යේසුස් තුමන් අවසාන වක්තෘ වන්න බැරි.” මෙය බැලූ බැල්මට සාධාර්ණ වු තර්කයක් ලෙස පෙනුනත් එ එදහමන්වල මුලික ඉගෙන්වීමත් සමග බැලීමේදී එම තර්කය වැරදි පමණක් නොවේ මුහම්මද් (සල්) තුමායි අවසාන වක්තෘ විය යුත්තේ යන්න ද තහවුරු වේ. එ පිලිබදව අවදානය යොමු කලේනම්,
ලොව මේ දක්වා පැමිණි සියලූම වක්තෘවරුන් අවසාන වක්තෘවරයෙකු පිලිබදවත් ඔහුව අනුගමනය කිරීමෙි අවශ්‍යතාවය පිලිබදවත් සමාජය දැනුවත් කොට ඇත. අද දකින්නට ඇති ආගමිත ග්‍රන්ථයන්වල ද මේ බව සදහන්ව ඇත. උදාහර්ණයක් ලෙස ක්‍රිස්තියානිවරුන්ගේ බයිබලය සැලකුවේ නම්
නුඔට සමාන අනාගත වක්තෘ කෙනෙක් ඔවුනට නැගිටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි. මා ඔහුට අණ කරන සියල්ල ඔහු ඔවුනට කියන්නේ“(ද්විතීය කථාව 18-18)
ඉහත සදහන් බයිබල් වාක්‍යයෙන් මෝසස් තුමාට දෙවියන් වහන්සේ පවසන්නේ “නුඹට සමාන වක්තෘවරයෙක් අනාගතයේ පැමිණෙනවා යන්නයි“ඒ අනුව මෝසස්ට පෙර විසු සියලු වක්තෘවරුන්ගේ නියෝග හා අනුශාසනා මෝසස් තුමාගෙන් සංශෝධනය වන බවත් ඉදිරියට තවත් වක්තෘවරයෙක් පැමිණෙන මෝසස් තුමාගේ දේශනයන් එම වක්තෘවරයාණන්ගෙන් වෙනස් විය හැකි බවත්ය.

ඒ අනුව මෝසස් තුමා ජීවත් වී ඇත්තේ ක්‍රී:පු: 1500 දී බැවින් එතුමාට පෙර පැමිණි සියලූ දහමන් සංශෝධනය වන අතර එතුමාගෙන් පසු පැමිණි වක්තෘවරුන්ගේ දේශනයන් වලංගුභාවයට පත්වේ. දැන් ගැටඑව මෝසස් තුමාගෙන් පසු පැමිණි වක්තෘවරුන් කව්රුන්ද?
මෝසස් තුමාගෙන් පසු වක්තෘවරුන් දෙදෙනෙකු පැමිණි බව ඉතිහාසයේ සදහන් වේ. එ ක්‍රි:ව: 01 දී යේසුස් තුමා සහා ක්‍රි:ව: 571 දී මුහම්මද් තුමාය. මේ දෙදෙනාගෙන් අවසානයට පැමිණ ඇත්තේ මුහම්මද් තුමා වන අතර මෝසස් තුමාට දෙවියන් පැවසු ආකාරයට මෝසස්ට සමාන වක්තෘවරයා වන්නේත් මුහම්මද් තුමාය. මන්ද මෝසස් තුමා සමග යේසුස් තුමා හා මුහම්මද් තුමා සංසන්ධනාත්මකව බැලූවේ නම්, එනම් උපත, විවාහය, ජීවන රටාව, මරණය……. යන මේ සියල්ල 100්‍ර ගැලපෙන්නේ මුහම්මද් තුමාටය එ අනුව අවසාන වක්තෘවරයා විය යුත්තේ මුහම්මද් තුමා යන්න පැහැදිලි වේ.

මෙය තවදුරටත් අවබෝධ කරගැනීමට නම් මුහමිමද් තුමාගේ දේශනයන් කුමක්ද?, එතුමාහට දෙවියන්ගෙන් ලැබුණා යයි පවසන කරුනු මොනවාද? යන්නත් අවදානය යොමු කිරීම අවශ්‍ය වෙි. එසේ අවදානය යොමු කිරීමෙිදී මීට වසර 1400කට පෙර අරාජිකව පැවතී, නුගත්, කැලේ නීතිය රජකල සමාජයක එතුමා කල දේශනයන් අපට හමුවෙි. එම දේශනයන් තුල සැමකලටම ප්‍රායෝගිකවන නීති, මානව අයිතිවාසිකම්, අවවාද, අනුශාසනා මෙන්ම අතීත සිදුවීම්, වර්ථමාන සිදුවීම් හා අනාගතයේ සිදුවීමට යන සිද්ධින් හා විද්‍යාත්මක සත්‍යයන්. කිසිදු පරස්පරතාවයකින් හා නොගැලපීමකින් තොරව ප්‍රකාශ වන බව අවබෝධ කරගත හැකිවනු ඇත. මෙසේ පවසන විට නැවතත් ඔබට ගැටඑවක් මතුවිය හැක. “මේවා දේව පණිවුඩ”යයි පවසන්නේ මුහම්මද් තුමා නොවේද? ඇයි මේක එතුමාගේම කල්පිතයක් බව සිතන්න බැරි?
මෙවැනි තර්කයන් අතීතයේ සිටම විවිධ කාලවල ඉදිරිපත් වී ඇතිබව අපට අසන්නට ලැබේ. මේ ආකාරයට ඉදිරිපත් වන එවැනි තවත් තර්කයන් කිහිපයක් පහත සදහන් කරමි.
*   මේ මුහම්මද් පෙර දහමන්වලින් උපුටා දක්වනවා,
*   මේ මුහම්මද් දේව වක්තෘවරයෙක් නම් ඇයි අපිවගේ කන්නේ බොන්නේ දෙවියන් ඇයි දේව දුතයෙක් නොයවා මනුෂ්‍යයෙක් යැව්වේ.
*   මේ මුහම්මද් බොරුකාරයෙක් මිස වෙන නැත,

ඔවුන් පවසනවා සේ මුහම්මද් තුමා පැවසු කරුණු කල්පිතයක්, උපුටාදැක්වීමක්, බොරුවක්, නමි ඒ සමගම මතුවන ප්‍රශ්නයක් ඇත එනම් “ඒ කුමක් සදහාද?” යන්නයි. මෙසේ ප්‍රශ්න කරණ විට එයටද සමහරුන් විවිධ හේතුන්ද ඉදිරිපත් කරයි. එනම්,
*   සමාජයෙන් ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන්
*   මුදල් හම්බකිරීමේ අරමුණින්,
*   සමාජයෙන් විශේෂ සැලකිල්ලක් ගෞරවයක් බලාපොරොත්තුවෙන්,
*  පාලන බලයක් ලබාගැනීමෙි අරමුණින්,
*   තවත් සමහරුන් “එතුමාට පටුඅරමුණු තිබුනේ නැහැ නමුත් මානසික ආබාධයක් නිසා මේවාගේ කරුණු පැවසුවා” යයි පවසයි,
ඉහත ආකාරයේ විවිධ හේතූන් ඉදිරිපත් කරමින් මුහම්මද් (සල්) තුමාගේ දේශනයන් හා එතුමා ඉදිරිපත් කල ශ.ද්ධ වු අල්කුර්ආනය ප්‍රතිෙක‍ෂ්ප කරන්නන් වර්ථමානයේ මෙන්ම අතීතයේද සිටී බව ශ.ද්ධ වු අල්කුර්ආනයේ 25-7 හි පවසයි.

ඔවුන්ද එදා ඉදිරිපත් කලේ මීට සමාන තර්කයන්ය. ඔවුන් එදා පැවසුවේ “වක්තෘ යයි පවසන මොහුට කුමක් සිදුවෙලාද? මොහු ආහාර අනුභව කරති, වීතිවල ඇවිදිති, ඔහු සමග මලාඉකාවරයෙක් (දේව දුතයෙක්) පහල කොට ඔහු අවවාද අනුශාසනා නොකලේ මන්ද?”
ඉහත සදහන් වාදයන් පිලිබදව බුද්ධිමත් අයුරින් අවදානය යොමු කලේ නම්, ඔවුන්ගේ පලමු තර්කය මේ මුහම්මද් පෙර දහමන්වලින් උපුටා දක්වනවා යන්නයි. මෙහි සත්‍යයක් තිබේද? මේ ප්‍රශ්නයට පිලිතුරු ලබාදීමට ප්‍රථම මෙවැනි තර්කයක් ඉදිරිපත් කරන්නට හේතුව කුමක්ද? යන්න පිලිබදව අවදානය යොමු කිරීම සුදුසුයයි හැගේ. මන්ද එම කරුණ පැහැදිලි කරගැනීමේදී ඉහත ප්‍රශ්නයටද එයතුල පිලිතුරු ලැඛෙන නිසාය. මේ ආකාරයේ තර්කයක් ඉදිරිපත් කරන්න හේතුව ශ.ද්ධ වු අල්කුර්ආනයේ මුහම්මද් තුමාට පෙර පැමිණී වක්තෘවරුන් වන ඉබ්‍රාහීම්, ඉස්මායිල්, ඉසහාක්, යාකුබ්, ලූත් දාවුද්, නුහ්, මොසස්, ඊසා………….. යන ආකාරයට වක්තෘවරුන් 25ක ගේ නම් සදහන් වේ. මේ ඉහත සදහන් නම් ක්‍රිස්තියානිවරුන්ගේ, බයිබලයේද යුදෙවිවරුන්ගේ, ටෝරා නම් ග්‍රන්ථයේද අඩුවැඩි වශයෙන් සදහන් වේ. (මෙයට හේතුව මේ ලිපිය අවසාන දක්වා කියවීමේදී ඔබට පැහැදිලි වනු ඇත)

මේ දෙස මතුපිටින් බලන ඕනෑම කෙනෙකුට ඉහත සැකයන් මතුවීම සාධාර්ණය. නමුත් ඉහත නම් සදහන් ඔවුන් සම්බන්ධයෙන් බයිබලය හා ටෝරා හි කුමක් පවසනවාද? යන්නත් අල්කුර්ආනය කුමක් පවසනවාද? යන්නත් බුද්ධිමත් අවදානයක් යොමු කලේ නම් බයිබලය හා ටෝරා හි මෙම වක්තෘවරුන්ගේ නම් ඔවුන්ගේ පරම්පරාවන් පැවසීම සදහායි බොහෝවිට උපයෝගි කරගෙන ඇත්තේ නමුත් අල්කුර්ආනය එම තත්වයෙන් බැහැර වී ඔවුන් ඔවුන්ගේ කාලයේ ජනතාව යහමගට ගැනීම සදහා කල මෙහෙයන් හා ඔවුන්කල අවවාද, අනුශාසනාවන් හා උපදේශයන් ඉදිරිපත් කරයි. එසේම ක්‍රිස්තු භක්තිකයින් උත්තමයින් ලෙස ගරුකරන සමහරක් වක්තෘවරුන් පිලිබදව බයිබලයේ ඉතා පහත් අයුරින් සදහන් වේ. උදාහර්නයක් ලෙස (ලෝත් වක්තෘවරයෙකි ඔහු) ඔහුගේ දුවරු දෙදෙනා ම පියාට දාව දරුවන් පිලිසිද ගත්තාහ. (උත්පත්ති 19:36) හි සදහන් වේ.

මීට අමතරව (සාමුවෙල්11:2-5), (උත්පත්ති 9:23,24), (රාජාවලිය 11:1-10), (සාමුවෙල් 29:28) තවත් බොහෝ ස්ථානයන් හි මෙවැනි නින්දිත චෝදනා වක්තෘවරුන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරයි.

මෙය එම වක්තෘවරුන්හට කරන අපහසයකි. ශ.ද්ධ වු අල්කුර්ආනය පෙර දහමන්වල උපුටා දැක්වීමක් නම් අල්කුර්ආනයේද තිබිය යුත්තේ ඉහත සදහන් බයිබලයේ හා ටෝරා හි සදහන් කරුණුය. නමුත් ශ.ද්ධ වු අල්කුර්ආනයට ඊට වඩා ඉදිරියට ගොස් බයිබලයේ හා ටෝරා හි සදහන් කරුණු ද නිවරුදි කරමින් එම වක්තෘවරුන්ට හොද නාමයක් ලබාදීමටත් ඔවුන් උත්තමයින් යයි හදුන්වාදීමටත් හැකි වුයේ එය මනුෂ්‍ය චින්තනයන්ගෙන් බැහැර වු දේව වාක්‍යයන් නිසාම මිස මුහම්මද් තුමා වෙනත් ග්‍රන්ථයන්ගෙන් උපුටා දක්වන නිසා නොවේ.
ඉස්ලාම් දහමට හා මුහම්මද් තුමාට විරුද්ධව මතුකරන මීළඟ තර්කය. “ඇයි මනුෂ්‍යන්ගෙන් මගපෙන්වන්නෙකු හෙවත්  වක්තෘවරයෙක් පැමිණියේ ඇයි දේව දුතයින්ගෙන් (මලාඉකාවරුන්ගෙන්) නොආවේ” යන්නයි.

මෙම තර්කයම වැරදිය මන්ද වක්තෘවරයෙක් යනු ඔහු විසින් ජනතාවට ඉදිරිපත් කරන දහම හා දර්ශනය තමා ජීවිතයේ ක්‍රියාවට නැගීම තුලින් ප්‍රායෝගිකව ජනතාවට පෙන්විය යුතුය. එසේනම් මෙම කාර්‍ය, කටයුත්ත දේව දුතයින් මගින් සිදුවුයේ නම් “මනුෂ්‍යයන් වන අපට දේව දුතයින් මෙන් ක්‍රියාකල නොහැක මෙය අපට ප්‍රායෝගික නැත” යයි තර්ක කරණු ඇත. එසේ කිසිවකු විසින් තර්ක කරයි නම් එහි වරදක්ද නැත. මේ අනුව යම් දහමක් දර්ශනයක් ක්‍රියාවට නැගීමේදී එය මිනිසාට ප්‍රායෝගික විය යුතුය. එය මිනිසාට ප්‍රායෝගික බව තහවුරු කිරීම සදහා එය මනුෂ්‍යයෙකු විසින්ම ක්‍රියාවට නැගිය යුතුය. එම දහම හෝ දර්ශනය තම ජීවිතය තුල ප්‍රායෝගිකව පෙන්වා සියලූ දෙනා සදහා මෙය ප්‍රායෝගික බව තහවුරු කල යුතුය.
ඉස්ලාම් දහමට හා මුහම්මද් තුමාට විරුද්ධව මතුකරන මීළඟ තර්කය. මේ මුහම්මද් බොරුකාරයෙක් යන්නයි. මෙය සත්‍යයක් නම් එසේ බොරු කීමේ අවශ්‍යතාවය කුමක්ද? වක්තෘවරයෙක් වීමට ප්‍රථම එනම් වයස අවුරුදු 40 දක්වා වු කාලයේ කාගෙත් ආදරයට, විශ්වාසයට හා ගෞරවයට පාත්‍රවී සිටියේය. මේ නිසාම එදා සමාජය එතුමාට “අස්සිද්දීක්, අල්අමීන්”(සත්‍යවන්තයා, විශ්වාසවන්තයා) යන ගෞරව නාමයන් ලබාදී තිබුණි.

එවන් උතුම් වු ගෞරවයකට පාත්‍රවී සිටී එතුමා මෙම දේව පණිවුඩයන් ජනතාවට පැවසීම නිසා ජනතාවගෙන් අපහසයන් විදීමට සිදුවිය. එතුමා එදා පැවසුවේ බොරුවක් නම් ගැටඑවක් මතුවේ එනම් සමාජයේ කාගෙත් අවදානය හා ගෞරවය දිනා සිටී එතුමා මෙම බොරුව පවසන්නේ කුමක් සදහාද?. මෙම ප්‍රශ්නයටත් සමහරක් පුද්ගලයන් විවිධ හේතුන් ඉදිරිපත් කරයි. එනමි,
*   සමාජයෙන් ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන්,
*   මුදල් හම්බකිරීමේ අරමුණින්,
*   සමාජයෙන් විශේෂ සැලකිල්ලක් ගෞරවයක් බලාපොරොත්තුවෙන්,
*   පාලන බලයක් ලබාගැනීමෙි අරමුණින්,
*   තවත් සමහරුන් “එතුමාට පටුඅරමුණු තිබුනේ නැහැ නමුත් මානසික ආබාධයක් නිසා මේවාගේ කරුණු පැවසුවා”
යයි පවසයි,
මේ ආකාරයට විවිධ චෝදනා ඔවුන් ඉදිරිපත් කරයි. මෙසේ ඉදිරිපත් කරන චෝදනා කොතරම් දුරට සාධාර්ණද? යන්නත් එවා කොතරම් දුරට එතුමාට ගැලපෙනවාද? යන්නත් වෙන වෙනම අවදානය යොමු කරමු.

සමාජයේ ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන්
එතුමාගේ අරමුණ එම සමාජයේ ප්‍රසිද්ධියක් ලබාගැනීම නම් එය නබිත්වය හෙවත් වක්තෘවරයෙකු වීමට පෙර එම සමාජයෙන් නොඅඩුව හිමිව තිබුණි. එතුමා තමා වක්තෘවරයෙකු බව ප්‍රකාශ කිරීමට පෙර එම සමාජය එතුමාව ඇමතුවේ “අස්සිද්ධික්” සත්‍යවන්තයා යනුවෙනි. එ තරමට කාගෙත් සිත් දිනාගෙන කටයුතු කිරීමට හැකි වී තිබුණි. නමුත් තමා දේව වක්තෘ බව ප්‍රකාශකිරීමත් සමග එ සියල්ල අනික් පැත්ත ගැසී බොරුකාරයා, වංචාකාරු, හුනියම්කරු යනුවෙන් චෝදනා කරන ලදී. මේ සියලූ චෝදනා මධ්‍යයේ වුවද එතුමා දේව වාක්‍යයන් පොදු ජනයාහට ප්‍රකාශ කලේ එය තමාගේ පුද්ගලික අවශ්‍යතාවයක් නොවන දේව නියෝගයන් නිසාය. එතුමාට අවශ්‍ය වී තිබුනේ ජනප්‍රියත්වය නම් එම සමාජයේ පැවතී බහුදේව සංකල්පය හා මිත්‍යා විශ්වාසයන්ට පක්‍ෂව අදහස් පලකිරීමට තිබුනි. එසේ වුවානම් එදා තිබු ගෞරවය හා ජනප්‍රියතාවය තවතවත් වැඩිවන්නට තිබුණි‚ නමුත් එ සියල්ල පසෙකලා සත්‍ය දේව සංකල්පය වන එක දේව සංකල්පය ජනතාව අතර එඩිතරව ප්‍රකාශ කිරීම නිසා තමා උපන් බිමින්ම නෙරපන ලදී. ඉතින් මෙයතුල කොහේද ජනප්‍රිය වීමේ අරමුණක් පවතින්නේ.

වස්තූන් රුස්කිරීම, පාලන බලය ලබාගැනීමේ අරමුණින්
මුහම්මද් තුමා මෙම දේව පණිවුඩය ජනතාව ඉදිරියේ පැවසීමට පෙර එනම් වයස අවුරුදු 40 දක්වා එම ප්‍රදේශයේ සිටී ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකි. නමුත් මේ සත්‍ය දහම අවබෝධ කරගැනීමත් සමග තමා සතු සියලූ ධනයන් දුගී ජනයාට ඛෙදාදෙන ලදී. කොතරමි දුගී තත්වයට පත්වුවද යන්න පවසනවා නමි ආහාර වෙිල පවා සපයාගැනීමට නොහැකි තත්වයට පත්වීය. එතුමාගේ බිරිද වන ආයිෂා (රලි) තුමිය වරක් පැවසුවා “අප නිවසේ මාසයක පමණ කාලයක් ලිප ඇවිලූනේ නැහැ හේතුව උයන්න කිසිවක් නිවසේ තිබුණේ නැහැ”තවත් අවස්ථාවක එතුමාගේ බිරිද ප්‍රකාශ කලා “අපේ නිවසේ රාත්‍රී කාලයේ පහනක් දැල්වුයේ නැහැ හේතුව පහනට දාන්න තෙල් මිලදී ගන්න අපට වත්කමක් තිබුණේ නැහැ” මේ ආකාරයට එතුමාගේ දුගී තත්වය මතුකර පෙන්විය හැකි සාක්‍ෂි ඕනෑ තරම් ඉදිරිපත් කල හැක.

එසේම එතුමාට තිබු තවත් චෝදනාවක් වන්නේ බලය පිලිබදව ආසාවක් එතුමාට තිබුණා යන්නයි. මෙය ද අසත්‍ය වු ප්‍රකාශයකි. මන්ද එදා එතුමා කල ධර්මානුශාසනාවන් නතර කළේ නම්, රටේ කිරුළ පැළදවීමටත්, සියඑම සම්පත් එතුමාගේ පාමුල ගොඩගැසීමටත්, අවශ්‍යනම් රටේ සිටින සුන්දරම කාන්තාව සරණපාවාදීමටත් ඔවුන් ඉදිරිපත් වු බව ඉතිහාසයේ සදහන් වේ. මේ අනුව එතුමා වස්තූන් රුස්කිරීම හා බලය ලබාගැනීම යන පටු අරමුණක් තුල කොටුවී නැත යන්න පැහැදිලි වේ. එසේම මෙම සත්‍ය දහම ජනයා අතර ප්‍රකාශකිරීම නිසාම එතුමා උපන්බිමින් නෙරපන ලදී. මේ නිසා එතුමා මදීනාවට ගිය අතර එහිදී එතුමාට පාලන බලය එරට වාසීන් සතුටින් ලබාදෙන ලදී. එහි පාලකයා වු එතුමාගේ ජීවිත රටාව බැලූවේ නම් එය ඉතාම දිළිදු දිවියක් විය. කුඩා කටුමැටි පැල්පතක රාත්‍රියට නිවසේ දැල්වීමට පහනට තෙල්පවා නොමැති, කුසගින්නට නිසි ආහාර පවා නොමැති දිළිදු දිවියක් එතුමා ගතකරන ලද්දේ එයින් මිදීමට අවස්ථාවක් නොමැතිවත් නොවේ. එදා එතුමා වචනයක් පැවසුවේ නම් තමාසතු සියලූ සම්පත් එතුමාගේ පාමුල ගෙනත් ගොඩගැසීමට එතුමාගේ පරිවාරකයින් බලා සිටියා. එ සදහා විටින් විට සහාභාවරුන් හෙවත් පරිවාරකයින් අවසරයද ඉල්ලා සිටින ලදී නමුත් නබිතුමා එ සියල්ල ප්‍රතික්‍ෂේප කලා පමණක් නොව තමාගේ පවුලේ ඥාතීන්ට පවා එවැනි උපකාර කිරීම තහනම් කරන ලදී. එපමණක් නොවේ තමාගෙන් පසු තමාසතු සම්පත් පවා උරුම විය යුත්තේ මහා භාණ්ඩාගාරයට බවත් ඒවා ඥාතීන් ලබාගැනීම තහනමි බවත් ප්‍රකාශකර සිටින ලදී. මෙවැනි පාලකයෙක් ලෝක ඉතිහාසයේ දකින්න පුලවන්ද? තමාට, තමාගේ පවුලට, තමන්ගේ ඥාතීන්ට යනුවෙන් ඛෙදාගන්නා පාලකයින් හමුවේ මේ පාලකයා බලාපොරොත්තු වුයේ කුමක්ද? දැන් ඔබට සිතෙන්නට පුලූවනි “දිළිදු දිවියක් ගතකලත්, වස්තූන් රුස් නොකලත් ගෞරවයක් සමාජයෙන් බලාපොරොත්තු වන්නට ඇති”. මෙයද සත්‍යයක් නොවේ.

මන්ද තමා දේව වාක්‍ය යයි පවසන කරුණු මගින් සමාජයෙන් ගෞරවයක්, ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වන්නේ නමි එවැනි කෙනෙකු තමාගේ ගෞරවයට හානිදායක ආකාරයේ කරුණු දේව වාක්‍ය වශයෙන් කිසිසේත් ප්‍රකාශ නොකරනු ඇත. නමුත් ශ.ද්ධ වු අල්කුර්ආනයේ එවැනි මුහම්මද් (සල්) තුමාණන් හට දෙවියන් අවවාද කරන අවස්ථාද දක්නට ලැබේ. එවැනි අවස්ථා කිහිපයක් ඔඛෙි අවදානයට පහතින් ඉදිරිපත් කරමි.
*   තම දෙවියන්ගේ සොමිනස තකා උදය සවස තම දෙවියා හඩගසන ඔවුන් පලවා නොහරිව්. නුඔ එසේ කලේ නම් නුඔද අපරාධකරුවන්ගෙන් කෙනෙකු වන්නේය (6-52)
*   ..…ඔවුනට සමාවදීම හෝ නොදීම නුඔට අයිති දෙයත් නොව….…….. (3-128)
නුඔට (මුහම්මද්ට) සිතු කෙනෙකු නිවරුදි මාර්ගයට ගත නොහැක. අල්ලාහ් සිතු කෙනෙකුට නිවරුදි මාර්ගය පෙන්වන්නේය. (28-56)
මීට අමතරව ශ.ද්ධ වු අල්කුර්ආනයේ 8-68, 66-1, 28-56, 15-88, 20-131, 18-28 සහා 80-1 සිට 10 දක්වා ඇති වාක්‍යයන් උදාහර්ණ වශයෙන් ගෙනහැර දැක්විය හැක. ඉහත අල්කුර්ආන් වාක්‍යයන්ට අමතරව තමාට එවැනි විශේෂ වු ගෞරවයක් අනවශ්‍ය බව පවසා නතර නොවීී එසේ කිරීම තහනම් ද කලා. එවැනි අවස්ථා කිහිපයක් පහතින් ඉදිරිපත් කරමි.
*   අන් ආගමිකයින් දෙපා වැද නමස්කාර කරනවා සේ නුඹලා මාහට එසේ නොකරන්න.
*   තමා වෙනුවේන් වාඩිවු තැනින් නැගිට ගෞරව නොකරන්න.
*   යේසුස් වහන්සේට ක්‍රිස්තියානිවරුන් සීමාව ඉක්මවා වර්ණනා කලාසේ මාහට එසේ නොකරන්න.
*   මා ද නුඹලා මෙන්ම සාමාන්‍ය මනුෂ්‍යයෙකි මා හට සැගවුණු කරුණු පිලිබදව විශේෂ ඥානයක් හෝ ශක්තියක් නොමැත විශේෂත්වය වන්නේ දෙවියන්ගේ පණිවුඩය මට ලැඛෙනවා එපමණයි.


මේ ආකාරයට එතුමා කල ප්‍රකාශයන් බොහෝමයක් ඇතත් ඉහතින් කිහිපයක් සදහන් කර ඇත්තෙමු. මේවායින් පෙනීයන්නේ මුහමිමද් තුමාට එතුමාට කියා විශේෂ වු තත්වයක් නිර්මාණය කරගෙන නොසිටී බවයි. එම නිසයි මුහම්මද් (සල්) තුමා සිටින සභාවකට එතුමාව නොදුටු කෙනෙකු පැමිණියා නම් ඔවුන්ගේ පලමු ප්‍රශ්නය වුයේ “නුඔලාගෙන් කව්රුද මුහම්මද්” යන්න. එයින්ද පෙනීයන්නේ බාහිර ස්වරුපයෙන් ද එතුමා සාමාන්‍ය මනුෂ්‍යයකු වුවා යන්නයි. මේ අනුව එතුමාට සමාජයේ ගෞරවය ලබාගැනීම හෝ රටේ පාලන බලය පිලිබදව සිහිනයක් ආශාවක් පැවතුනා යන්න ඉස්ලාම් දහම පිලිබදව අවබෝධයක් නැත්තෙකුගේ අන්තවාදී ප්‍රකාශයක් පමණි‚

මානසික ආබාධයක් හේතුකොටගෙන කරනලද දෙඩවිල්ලකි.
මෙයද සමහරක් විද්වතුන් ඉස්ලාම් දහමට හා මුහම්මද් (සල්) තුමාණන් හට එරෙහිව ඉදිරිපත් කරන චෝදනාවකි. මෙම චෝදනාව ඉදිරිපත් කිරීම තුල එය ඉදිරිපත් කරන්නන්ගේ විෂය පිලිබදව තිඛෙන අනවබෝධය හා අන්තවාදීත්වය පැහැදිලි වේ. එසේම මෙවැනි චෝදනාවක් ඉදිරිපත් කරන්නන් පිලිබදව හාස්යයක් මෙන්ම අනුකමිපාවක්ද ඇති වෙි. මන්ද සමාජ සාධාර්ණ වු නීතීන්, විද්‍යාත්මික සත්‍යයන්, දේශපාලන උපදෙස්, යටපත් වු ඉතිහාසයන්, අනාගත සිදුවීමන්, මනූෂ්‍ය දිවියට අවශ්‍ය අවවාද අනුශාසනාවන් සහා මරණින් මතු දිවියෙහි සිද්ධීන්, මෙි ආකාරයේ සියලූ ක්‍ෂේත්‍රයන් ආවර්ණය කරමින් සැමකලටම ප්‍රායෝගිකවන ආකාරයේ කරුණු ප්‍රකාශ කිරීම මානසික ආබාධයක් නිසා කරනලද දෙඩවිල්ලක් නම්, එම දෙඩවිලි තුල අභියෝගයන් ඇත මේවා ජයගැනීමට මේ දක්වා නොහැකි වුයේ ඇයි?, එම දෙඩවිලි තුල විද්‍යාත්මක සත්‍යයයන් ඇත මේවා අසත්‍ය බව විද්‍යාවට ඔප්පුකිරීමට නොහැකි වුයේ ඇයි?, එම දෙඩවිලි තුල දේශපාලන හා නීති උපදෙස් ඇත මේවා ප්‍රායෝගික නොවන බව ඔප්පුකිරීමට නොහැක්කේ ඇයි?, එම දෙඩවිලි තුල මානව අයිතීන් විශේෂයෙන් කාන්තා අයිතීන් පිලිබදව පුලූල්ව පවසා ඇත. මේවා ප්‍රායෝගක නොවන බව පැවසීමට නොහැක්කේ ඇයි?

මේ ආකාරයට පෙලගස්සාගෙන යාහැකි වුවත් ලිපියෙහි දීර්ඝවීම සැලකිල්ලට ගෙන අවසාන වශයෙන් අසන්නේ මෙයයි. එනම්,”මානසික ආබාධිතයෙක් දොඩවන්නේ මේ ආකාරයෙ සැමකලටම ප්‍රායෝගික, කිසිවකු විසින් අසත්‍ය කල නොහැකි, එදා විද්‍යාවට පවා උපකල්පනය කල නොහැකි වු විද්වත් අදහස්ද?”

ඔබගේ අවබෝධයට පහසු පිණිස මෑතකදී අනාවර්ණය කරගත් විද්‍යාත්මක සත්‍යයක් මීට වසර 1400කට පෙර අල්කුර්ආනයේ පවසා තිබීම ඔබගේ අවධානයට යොමු කරමි.
පහත්ම භූමියෙහි ඔවුහු ඔවුන්ගේ පරාජයෙන් පසු පරාජය කරන්නේය
මෙහි ඉහතින් දක්වා ඇත්තේ ශ.ද්ධ වු අල්කුර්ආනයේ 30-3 වාක්‍යයයි. ඉහත වාක්‍යයෙන් රෝමය හා පාරසියවරුන් අතර පැවතී යුද්ධයේදී රෝමය පරාජ වු මොහොතේ ඉහත පරාජයෙන් පසු නැවත රෝමය පහත්ම භූමියකදී ජයගන්නා බව අනාවැකියක් පවසයි. ඒ ආකාරයටම නැවත ඔවුන් දෙපිරිස අතර මළමුහුද ආසන්නයේ යුද්ධය සිදුවු අතර එහිදී රෝමවරුන් ජයගන්නා ලදී. මෙි සදහා ඉතිහාසයේ පැහැදිලි සාක‍ෂි ඇත. මෙහි ශ.ද්ධ වු අල්කුර්ආනය අනාවැකි දෙකක් පවසයි. එකක් එනමි රෝමවරුන් ජයගැනීම මෙය මුහමිමද් තුමාගේ කාලයේම සිදුවිය. අනිත් කාරණය පහත් භූමියක මෙය සිදුවන බව මෙම පහත් භූමිය යන්න පිලිබදව මුස්ලීමිවරුන්ටද විශාල කුතුහලයක් තිබුණි.

නමුත් මෑතකදී කල ගවේෂණයකින් ඉතා වැදගත් කරුණක් අනාවර්ණය කරගැනීමට භූවි්‍යාඥයින් සමත් විය. එනම් ලොව පහත්ම භූමිය මළමුහුද පිහිටි භූමිය යන්නයි. එය මුහුදු මට්ටමේ සිට මීටර් 395ක් පහතින් පිහිටා ඇති බවත් අනාවර්ණය කරගන්නා ලදී. මෙතරම් විශාල සත්‍යයක් අල්කුර්ආනය මීට වසර 1400ට පෙර පැවසුවත් විද්‍යවට මෙය අනාවර්ණය කරගැනීමට හැකි වුයේ වසර 1400කට පසුවයි. එසේනමි ඉහත 30-3 අල්කුර්ආන් වාක්‍යයද දෙඩවිල්ලක ප්‍රථිපලයක්ද?


මෙවැනි නුතන විද්‍යාව අනාවර්ණය කරගත් බොහෝ කරුණු ශ,ද්ධ වු අල්කුර්ආනය මීට වසර 1400කට පෙර පවසා ඇතිබව සාක‍ෂි ඇතිව පෙලගැස්සීය හැක. නමුත් ලිපියෙහි දීර්ඝවීම සැලකිල්ලට ගෙන ඉහත එක් උදාහර්ණයකින් මෙම කොටස අවසන් කරන්නේ මෙවැනි චෝදනාවන් ඉදිරිපත් කරන විද්වතුන්ගේ බුද්ධිය හා මානසික තත්වය පිලිබදව සාධාර්ණ වු සැකයක්, කුතුහලයක් මතුකරමිනි.
ඉස්ලාම් දහමේ මුලික විශ්වාසයන්ගෙන් 04වන විශ්වාසය වන වක්තෘ විශ්වාසය ඉහත සදහන් ආකාරයට වේ. මෙම විශ්වාසය තුල අනිකුත් ආගම් හා දර්ශණයන්වල මෙන් එම ශාස්තෘවරුන්ට දේවත්වයක් හෝ දිව්‍යමය ස්වභාවයක් කිසිසේත් ආදේශ නොකරමු. එ අනුව ඉහත විශ්වාසයේ පිහිටා සැමදා කටයුතු කිරීමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හිමිවේවා යයි ප්‍රාර්ථනා කරමින් මෙය අවසන් කරමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: