පරිණාම වාදය පිලිබද ඉස්ලාමීය දැක්ම-අල්කුර්ආනයේ පවසන ආකාරයට පෘථීවියෙහි ජීවි හා මිනිස් සම්භවය

මිනිසාගේ මෙලොව සම්භවය තවමත් නොවිසදුනු පැනයයි. මේ මිනිස් සම්භවය පිලිබදව ඉදිරිපත්වන මත අතුරින් මත දෙකක් ප්‍රධාන තැනක් ගනී. එනම්,

පරිණාම වාදය
දේව මැවුම් වාදය

මෙම වාදයන්ට අමතරව මේ වාද දෙකෙහි මිශ්‍රණයක් ආකාරයේ වූ වාදයක් බෞද්ධයින් මතයක් ඉදිරිපත් කරයි. එනම්, මිනිසා පරිණාමවාදය පවසන ආකාරයට පියවරින් පියවර පරිණාමය වු අතර එම මිනිසාට අවශ්‍ය මානසික ශක්තිය ලැබුණේ බාහිරින් යන්නයි. මෙම වාදයන් සමාජයේ වාදවිවාද නොවී charles-darwin-the-origin-of-speciesසමාජගතව තිබුනත් මෑතකදී එනම් 2005 නොවැම්බරයේදී ඇමරිකාවේ ප්‍රාන්තයක් වන කැන්සාස් හී පාසල් මණඩල අධ්‍යාපන බලධාරීන් අධ්‍යාපන ආයතනයක් හී ඉගෙනුම් ලබන සිසුනට සම්ප්‍රද්‍රයික ජීව විද්‍යා විෂයන් තුල විද්‍යා විෂය ඒකකයක් ලෙස ” බුද්ධිමත් නිර්මාණකරණය ” (Intelligent Design) නම් සංකල්පය හදුන්වා දෙනු ලැබීය. මෙය ඇමරිකානු ජනාධිපතිගේ පැසසුමට පවා ලක්වී තිබේ. මේ නිසා පරිණාම වාදීන් හා ඊට සමාන වාදයන් ඉදිරිපත් කරන්නන් අතර විශාල කැළඹීමක් ඇතිවී තිබේ. ශ්‍රි ලංකාවේද පසුගිය දිනවල මේ පිලිබදව පුලූල්ව කතාබහ කෙරුණි. සමහරක් විද්වතුන් තමන්ගේ මතය ඉදිරියට ගෙනයාමට ලහිලහියේ සුදානම් වෙති. මේ මොහොතේ පෘථීවි මිනිස් සම්භවය පිලිබදව ඉස්ලාමීය දැක්ම කුමක්ද? යන්න පැහැදිලි කිරීමේ වගකීම මුස්ලීම්වරුන් වන අපටද පැවරී තිබේ.
ජීවි පාරිණාමය පිලිබදව වාදය
ආරම්භ කාලයේ ජීවි සම්භවය පිලිබදව මුල්ම අදහස ලොවට ඉදිරිපත් කරන ලද්දේ ඇරිස්ටෝටල් විසිනි. මීලගට මේ පිලිබදව කථා කලේ බයිබලයයි එහි,
“අද මේ ලොව දකින ජීවින් සියල්ල කෙසේ පවතින්නේද? ඒ ආකාරයටම ආරම්භයේ ඒ සියල්ල ඇතිවිය”
(උත්පත්ති 1:1සිට24)
යනුවෙන් පවසයි. මෙයට අවුරුදු 600 කට පමණ පසු අල්කුර්ආනය පරිණාම වාදය පිලිබදව ඉහත  මතයන්ට හාත්පසින් වෙනස් මතයක් ඉදිරිපත් කරන ලදී එය වන්නේ
“මෙලොව සියලු ජීවින් ජලයෙන් නිර්මාණය කලබවයි”
නමුත් ඇරිස්ටෝටල් හා බයිබලයහි සදහන් කරුණු ජනයා අතරට ගිය තරම් අල්කුර්ආනයේ සදහන් කරුණු ජනතාව අතරට නොයන ලදී. එයට හේතු මෙම වකවානුවේ මුස්ලීම්වරුන් ආගම කෙරෙහි තිබු උදාසීන භාවය හා මෙම මතයට ක්‍රිස්තියානිවරුන් ගෙනගිය විප්ලවකාරී ක්‍රියා පිලිවතයි.
මුල්ම විද්‍යාත්මක මතය ඉදිරිපත් වුයේ 1809 දී ප්‍රංශ ජාතික විද්‍යාඥයකු වන ලාමාක් (^Lamarck&) විසිනි. මොහුගේ වාදය ඉතා ඉක්මනිනම ජනතාවගෙන් ප්‍රතිෙක‍ෂ්ප වුවත් මොහුගේ අඩිපාරේ ගොස් මොහුට වඩා ප්‍රබල මතයක් පරිණාමවාදයේ පියා ලෙස හදුන්වන චාල්ස් ඩාවින් (Charless Darwin) විසින් දී ඉදිරිපත් කරන ලදී. මෙය ජනතාවගේ අවධානය දිනාගැනීමට සමත්විය. මොහු විසින් ඉදිරිපත් කල වාදය වුයේ,
පෘථීවිය ජලජ අවස්ථාවේදී හෙවත් ආදී සුපයක්ව පැවතියදී ඇතිවු ප්‍රතික්‍රියාවක් හේතුවෙන් ජලජ අවස්ථාවේ පවතින් ඒක ෙසෙලික ජීවියෙක් බිහිවු අතර එතැන් සිට සරල බහු ෙසෙලික ජීවින් බිහිවී අනතුරුව තවදුරටත් එය වැඩිදියුණු වී පෘෂ්ඨවංශීන් හා අපෘෂ්ඨවංශීන් ලෙස පරිණාමය සිදුවී සතුන් බවටත් පක‍ෂීන් බවටත් පත්විය
ඉහත වාදය දෙස අවදානය යොමුකිරීමේදී ගැටලූ කිහිපයක් මතුවනු ඇත.

එනම්
·        මෙම ආරම්භක ජීවියා පසුකලෙක විවිධ හැඩරුවින් හා විවිධ ලක‍ෂණයන්ගෙන් යුක්ත විවිධ ජීවින් බවට පරිවර්ථනය කල ශක්තිය කුමක්ද?
·        අප වර්ථමානයේ අනේක සතුන් දකින්නේමුග එම සතුන් ඔවුන්ට හැඩරුවින් සමාන පැටවුන් බිහිකරනවා මිස එහි පරිණාමයක් සිදුනොවේ. අද අප දකින පරිසරය මේ ආකාරයට ස්ථාවරව පවතින්නත් ආරම්භයේ පරිණාමයන් සිදුවන්නත් හේතුව කුමක්ද?
මෙයට ලාමාක් (Lamarck) දෙන පිලිතුර වන්නේ ” ජිවින්ගේ ජිවිත කාලයේ ඇතිවු විවිධ අවශ්‍යතාවයන්ල ඔවුන්ගේ උත්සාහයන් හා ඔවුන්ට ඇතිවු බලපෑම් හේතුවෙන් ඔවුන්ගේ පරම්පරාවට එම අවශ්‍යතාවය සැපිරිනා යන්නයි. උදාහර්ණයක් ලෙස ජිරාෆ් නැමැති සතාගේ ගෙල මෙපමණ දික්වුයේ එම සතා ආරම්භ කාලයේ උස් ස්ථානවල ආහාරගැනීමට වෙහෙසීමේ ප්‍රතිලයක් වශයෙනි “යන්නයි මෙය “අවයව භාවිතා කරන හා නොකරන නීතිය (Law of use and Disuse)”යනුවෙන් හදුන්වන ලදී.

මෙය ආරම්භයේ ජනයාගේ සිත් දිනාගන්න සමත්වුවත් පසුකාලීනව එය ප්‍රතික‍ෂ්ප විය. මෙම වාදය පිලිබදව මීයන් උපයෝගි කරගෙන පුලූල් පරීක‍ෂණයක නිරතවු ආචාර්‍ය වෛස්මන් (Weismann) මෙම වාදය සාවද්‍ය පදනමි විරහිත එකක් බව ඔප්පුකරන ලදී. ඔහු මීයන් විශාල සංඛ්‍යාවක් උපයෝගි කරගෙන මෙම පරීයේෂණය සිදුකරන ලදී. ඔහු මීයන්ගේ වලිග ඉවත් කරමින් පරම්පරා 80 ක් පරීක‍ෂා කරන ලදී. නමුත් කිසිදු පරම්පරාවක මීයන්ගේ වලිගයේ දිගෙහි අඩුවීමක් හෝ එහි වෙනසක් සිදුනොවුනි. ඒ අනුව ලාමාක්ගේ වාදය සත්‍ය නොවන බව ඔහු පවසන ලදී.
ලාමාක්ගේ වාදය සැබෑනම් සතුන්හට ඇතිවන එම බලපෑම යහපතට මෙන්ම අයහපතටත් බලපෑයුතුයි. උදාහර්ණයක් ලෙස සතකුගේ පාදයක් අනතුරකින් කැඩීගියේ නම් එසේත් නැත්නම් අහිමි වුයේ නම් එම පරම්පරාවේ උපදින සතුන් පාදයක් අහිමිව උපදිය යුතුයි. නමුත් එය එසේ නොවේ ලාමාක්ගේ මතයට විරුද්ධව ඉදිරිපත්කල හැකි ප්‍රබලවු මතයන් අද මිනිස් සමාජයේ දක්නට ඇත. ඒවායින් කිහිපයක් ඔබේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරමි. එනම් මිනිසා ඈත කාලයේ සිටම නියපොතු කැපීම, කෙස් ඉවත්කිරීම සිදුකරයි.එසේම මුස්ලීම්වරුන් චර්මඡෙද්‍ය සිදුකරයි. මෙය අද ඊයේ නොවේ අවුරුදු දහස් ගනනක සිට මෙය සිදුකරයි. නමුත් අදටත් උපදින දරුවන්ගේ වුවද මෙම නියපොතු වර්ධනය කෙස් වර්ධනය හා ලිංගේනද්‍රයේ පෙර සම සහිතව මිස රහිතව නොඋපදී ලාමාක්ගේ වාදයට අනුව එය එසේ විය නොහැක.


ඉස්ලාම් දහමේ දැක්ම
ඉස්ලාම් දහම චර්මඡේද්‍ය සැම කලටම අනකිරීම තුලින් ලාමාක්ගේ වාදය ඉස්ලාම් දහමද ප්‍රතිෙක‍ෂ්ප කරන බව මෙයින් තහවුරුවේ. එසේනම් පරිණාම වාදය ප්‍රායෝගික වන්නේ කෙසේද? මෙම ජිවින් බිහිවුයේ කෙසේද? පරිණාමවාදය ලාමාක් පැවසු ආකාරයට නොවේනම් එහි ස්වරුපය කුමක්ද? මේ පිලිබදව ඉස්ලාම් දහම කුමක් පවසනවාද යන්න දැන් අවධානය යොමු කරමු.
“අල්ලාහ් නිර්මාණයන් කෙසේ ප්‍රථමෝත්පාදනය කෙලේද? පසුව වෙනත් උත්පාදනයන් කරන්නේදැයි භූමියෙහි සැරිසැර බලව්.ඇත්තෙන්ම අල්ලාහ් සිල්ල කෙරෙහි බලසම්පන්නය”
ශ.ද්ධවු අල්කුර්ආනය සුරා අනකබුත් 29-20

ඉහතින් මතුකල සියලූ ප්‍රශ්න සදහා මෙම අල්කුර්ආන් වාක්‍ය පිලිතුරු දෙයි ඒ පිලිබද අවදානය යොමු කරමු. ආරම්භයේ ජීවියකු උත්පාදනය කල දෙවියන් එයින් වෙනත් ජීවින් මැවීම් සිදුකරනබව ඉහත අල්කුර්ආන් වාක්‍ය පවසයි.එසේම එම බිහිකිරීමේ ක්‍රියාවලිය අධ්‍යනය කරනලෙසද අනකරයි.මෙසේ අනකිරීමෙන් පෙනීයන්නේ ආරම්භ බිහිකිරීමේ ක්‍රියාවලියට වෙනස් ආකාරයේ ක්‍රියාවලියක් ඔස්සේ පසුමැවීම සිදුකරන බවයි. විවිධ මැවුම් ක්‍රියාවලියෙන් විවිධ ජීවින් බිහිවනවා යන්න පැවසීම නොවේද පරිණාම වාදය?

මෙහි විවිධ ආකාරයට මුල් ජීවියාගෙන් පසු ජීවින් බිහිකල බව මෙම වාක්‍ය පවසයි එකම අදියරකින් සියල්ල මවන්නේ නැතිව පෙර මැවීම හා පසු මැවීම යන වාක්‍යයෙන්ම පරිණාමය සිදුවීම සත්‍ය බව තහවුරු කරයි.
මෙසේ ගෙනහැර දැක්වීමේදී ගැටලූවක් මතුවේ එනම් මෙම වාක්‍ය ඇයි පරිණාමවාදය හා ගලපන්නේ මෙය ජිවියකු ගැබ්ගෙන කලලයේ විකාශනය පවසනවා යයි ඇයි නොපවසන්නේ? මෙම තර්කය සාධාර්ණ නම් එය එසේ යයි සැලකුවේනම් එම වාක්‍යයෙන් පවසන්නේ වස්සකුගෙන් බිහිවන වසුපැටියෙක් එසේත් නැත්නම් කිරිල්ලියක් බිහිකර වන කුරුලූ පැටියෙක් යන්න අදහස වේ. එසේනම් මෙම වාක්‍යයෙන් ආරම්භ මැවීම හා පසු මැවීම යනුවෙන් අදියර දෙකක් පැවසීම අවශ්‍ය නොවේ. එසේම වස්සකුගෙන් බිහිවන වසුපැටියෙක් එසේත් නැත්නම් කිරිල්ලියක් බිහිකරවන කුරුලූ පැටියෙක් සම්බන්ධ අධ්‍යනය කරන ලෙස පැවසීම ප්‍රමාණවත්ග නමුත් මෙම වාක්‍යයෙන් ආරම්භ මැවීම කෙසේ සිදුවුනේද? යන්නත් පසුමැවීම කෙසේ සිදුවන්නේද? යන්නත් අධ්‍යනය කරන ලෙස අනකරයි. එසේම මෙහි තවත් ඉතා වැදගත් කාරණයක් පවසයි එනම් මෙම මැවීම් අධ්‍යනය කිරීම සදහා පොලොවෙහි ගවේෂණ චාරිකාවක නිරතවිය යුතුබවද අවධාරනය කරයි.ඉහත වාක්‍යයෙන් පවසන්නේ කළලය සම්බන්ධයෙන් නම් මෙසේ ගවේෂණ චාරිකාවක නිරතවීම අවශ්‍ය නොවේ එසේනම් මෙය කළලය සම්බන්ධයෙන් නොව පරිණාමය සම්බන්ධයෙන් පවසනවා යන්න පැහැදිලිය.
එසේනම් ඉහත අල්කුර්ආන් වාක්‍යයට අනුව පරිණාමය ගවේෂණය තුලින් අවබෝධ කරගත හැකි බවත්, ඒ සදහා පොලොවෙහි ගවේෂණ චාරිකාවක නිරතවිය යුතුබවත්, එසේ ගවේෂණ කිරීමේදී දැනට පවතින ජීවීන් අධීක‍ෂණය කිරීමෙන් නතර නොවී මුල් ජීවියා පිලිබදවද ගවේෂණය සිදුකල යුතුබවත්,එසේ  සිදුකරන ලෙසත් පවසයිග මෙයින් පෙනීයන්නේ එසේ පරියේෂණ සිදුකිරීම කිරීම තුලින් සොයාගත හැකි සාක‍ෂි මෙම පොලවේ පවතින බවයි.

අතීතයේ විනාශ වී ගිය එම සතුන්ගේ පොසිලයන් අදටත් පාශාණවල තැන්පත්ව පවතින බව වර්ථමානයේ විද්‍යාඥයින් ඔප්පුකොට පෙන්වා ඇත.නමුත් අවිද්‍යාවේ මිත්‍යාමතවල ගිලී සිටී මීට අවුරුදු 1400 කට පෙර සමාජයේ මෙය අල්කුර්ආනයේ පවසා යන්න ආශ්චර්‍යක් නොවේද?.

ඉහත අල්කුර්ආන් වාක්‍යයේ සදහන් ආකාරයට ගවේෂණයේ නිරතවු කිසිදු විද්‍යාඥයෙකු අතීතයේ දක්නට නැත යම්තාක් දුරට හෝ මෙම කර්තව්‍ය කලේ චාල්ස් ඩාවින් විසිනි ඔහු එච් එම් එස් බීගිල් (H M S Beagle) නැමති නෞකාවක නැග වසර 05ක ගවේෂණ චාරිකාවක නිරතවිය එහිදී යම්තාක් දුරට පොසිල පිලිබදවද පරීක‍ෂණ හා නීරීක‍ෂණ කරන ලදී. මෙම ගවේෂණ චාරිකාව නිමකිරීමෙන් අනතුරුව එහිදී ලබාගත් දත්තයන්ට අනුව ලාමාක්ගේ මතය පිලිගත නොහැකි අසත්‍යක් බව පැවසු ඩාවින් පරිණාමයට හේතුව ස්වභාධර්මයේ අවශ්‍යතාවය හා තේරීම (Natural Selection) බව පවසන ලදී.
මෙහි ඩාවින් පවසන ස්වභාධර්මය වන්නේ යම් ප්‍රදේශයක පවතින උෂ්නත්වය, ජලය, වාතය යන්නෙහි රසායනික ස්වභාවය හා පොලොවෙහි ස්වභාවය යන්න වේග මේ අනුව යම් ප්‍රදේශයකට ගැලපෙන ජීවියා පියවරින් පියවර පරිණාමයට ලක්කරමින් ස්වභාධර්මය තමන්ට අවශ්‍ය ජීවියා තොරාගන්නා බවත්, එසේ ස්වභාධර්මයේ වෙනස් වීමට මුහුණ දිය නොහැකි ජීවින් ස්වභාධර්මය ප්‍රතිෙක‍ෂ්පකර දමන බවත්, ඩාවින් තවදුරටත් පවසන ලදී. මෙම නිගමනයට ඒමට ඩාවින්ට ඉවහල් වුයේ අල්කුර්ආනයේ පැවසු ආකාරයට පොලොවෙහි සිදුකල ගවේෂණ චාරිකාවයි. ඩාවින්ගේ මෙම නිගමනයට අනුව ලාමාක් පවසන ආකාරයට ජිරාෆ්ගේ ගෙල දික්වීම එම සත්වයාගේ උත්සාහයෙන් ලබාගත් ලක‍ෂණයක් යන්න අසත්‍යක් බවත්,එසේනම් එලූවන්ගේද ගෙල ඒ ආකාරයට දික්ව පැවතිය යුතුබවත්,පවසන ඩාවින් එම අංගලක‍ෂණය එම සතාට ලබාදෙන්නේ ස්වභාධර්ම විසින් බවත්, ජිරාෆ්ට එසේ ගෙල දික්ව පැවතීම ඔරොත්තු දෙන නිසා ස්වභාධර්මය එය ලබාදුන් අතර එලූවන්ට එය නොගැලපෙන නිසා ස්වභාධර්මය එය ප්‍රතිෙක‍ෂප කරන ලද බවත්.

එසේම කකුලක් අහිමිව ජීවත්වු සිව්පාවෙකුට බිහිවන පැටවාට කකුල් 03ක් හිමිනොවුයේ කකුල් 03ට වඩා කකුල් 04 න් ඇවිදීම පහසු බව ස්වභාධර්මය වටහාගත් නිසා බවත්. යනුවෙන් ඩාවින් මේ ආකාරයට ස්වභාධර්මයේ තේරීම විස්තර කරයි.
එසේනම් ඩාවින්ගේ ස්වභාධර්ම තේරීමට අනුව. චර්මඡේද්‍ය කරන පිරිමි පරම්පරාවේ ලිංගේද්‍රයේ පෙරසම නැති දරුවෙකු ඇයි ස්වභාධර්මය දායාද නොකලේ? මෙම පෙරසම පවතිනවාට වඩා නොපැවතීම මිනිසාට සෞඛ්‍ය අතින් වුවද යහපත් බව අද මුලූලොවම පිලිගත් සත්‍යයකි. ඇමරිකාව වැනි දියුණු රටවල්වල මුස්ලීම් නොවන්නන් පවා මෙම චර්මඡේද්‍ය අද සිදුකරන්න පෙලඹී සිටි. එවන් යහපත් වෙනස් කිරීමක් ස්වභාධර්මය ඉටුකරන්න නොපෙළබුණේ ඇයි? එය එසේ සිදුවුවානම් ඉස්ලාමයේ එක් නියෝගයක අසත්‍යවන්නට තිබුණි. එය එසේ නොවී ආරක‍ෂාකලේ ස්වභාධර්මයද?. එසේනම් ඩාවින්ගේ ස්වභාධර්ම තේරීමේ ඉස්ලාමයද අන්තර්ගත වුවක්ද?.
ප්‍රථමයෙන් මෙහිදී අවබෝධ කර ගතයුත්තක් ඇත. එනම් ලාමාක්ගේ සහා ඩාවින්ගේ වාදයන් උපකල්පනයන් මිස පරීක‍ෂණ හා නිරීක‍ෂණ තුලින් ලබාගත් නිගමනයන් නොවේ. මෙම ඩාවින්ගේ උපකල්පනය වු ස්වභාධර්ම වාදය සත්‍ය වුවත් අසත්‍ය වුවත් එයින් දේව වාදය ප්‍රතිෙක‍ෂ්ප කල නොහැක. එසේ කරන්නේ නම් එය අනුවනක්කාර, අන්තවාදී, ආගම් විරෝධියෙකුගේ ක්‍රියාවක් මිස බුද්ධිමත් තර්කයක් මත සිදුකරන්නක් නොවේ. මන්ද
එක් ස්වභාවික පරිසරයක් සැලකුවිට එයතුල කුමන ආකාරයේ ශරීර අවයවයන් සහිත ජීවින් බිහිකල යුතුද? යන්න කිසිවකු විසින් තෝරාගැනීමට අවශ්‍යනම් ඔහු එම ස්වභාධර්මයේ හා බිහිකරන ජීවියාගේ සියලූ අංගයන් පිලිබදවත්, එසේම ස්වභාධර්මය හා එම ජීවියා අතර ඇතිවන ගැටුම් පිලිබදවත්, එකකින් අනෙකට ඇතිවන බලපෑම් වැනි සියලූ අංගයන් පිලිබදව පුර්ණ අවබෝධයක් තිබිය යුතුය එසේ වුවොත් පමණි ස්වභාධර්මයට සුදුසු ජීවියකු බිහිකල හැකි වන්නේ. එසේනම් මෙම ශක්තිය මෙම ස්වභාධර්මයට පවතිනවාද? මෙම ප්‍රශ්නයට දිය හැකි හොදම හා නිවරුදිම පිලිතුර වන්නේ “නැත”යන්නයි එසේනම් මෙම පරිණාමය සිදුවන්නේ කෙසේද?
මෙම පරිණාමය ස්වභාධර්මයෙන් බැහැරවු සුපිරි බුද්ධියකින් යුක්ත සුවිශේෂවු ශක්තියක් මගින් සිදුකල යුත්තකි. එම සුවිශේෂ ශක්තිය තමා දෙවියන් ලෙස හදුන්වන්නේ. එසේනම් ඩාවින්ගේ වාදය සත්‍ය වුවත් එය දෙවියන් වෙත මගපෙන්වනවා මිස කිසිසේත් අදේව වාදයට මග නොපෙන්වයිග මෙය ඇසු පමණින් “ඩාවින් ස්වභාධර්මය පිලිබදව කථාකලා මිස දෙවියන් පිලිබදව කිසිසේත් කථා නොකරයි ඉතින් කෙසේද? දෙවියන් වෙත මගපෙන්වන බව පවසන්නේ” යන ගැටලූව ඇතිවිය හැකග මෙය සත්‍යය උකස් තැබුවන්ගේ තර්කයක් පමණිග උාහර්ණයකට මෙම ලිපිය සැලකුවේනම් තීන්ත උපයෝගි කරගෙන යත්ත්‍රයක් මගින් මුද්‍රනය කරගන්නා ලදී. එසේනම් මෙම ලිපිය නිර්මාණය කලේ යන්ත්‍රයක් මගින් නිසා මෙහි නිර්මාතෘ යන්ත්‍රය බව පවසනවාද? බුද්ධීය උකස් තැබුවන් මිස එසේ නොපවසයිග එසේත් නැත්නම් මෙය නිර්මාණය කල නිර්මාණකරුවෙක් සිටීයයි විශ්වාස කරනවාද? අපගේ බුද්ධිය කුමක් පවසයිද?

මෙම ලිපිය තුල කොතරම් අදහස් ගැබ්ව පවතීද? ඊටවඩා දහස් ගුනයකින් ජීවින් තුල දත්තයන් ගැබ්ව පවතී මේ තරම් තොරතුරු සමුහයක් ස්වභාධර්මය කෙසේද අවබෝධ කරගත්තේ? යයි ප්‍රශ්ණකල විට එය අනපේක‍ෂිත ආකාරයට සිදුවුවක් යයි පවසන තරමට ඩාවින් හා ඩාවින් වාදීන් චපලයින් බවට පත්වී ඇත. විඤ්ඤානයක් ඇති කිසිවකු මෙම වාදය පිලිගනීද?. කෙසේ වෙතත් මෙහිදී ඩාවින්ගේ වාදයට ස්තුතිය පලකල යුතුයි. මන්ද සියල්ල අනපේක‍ෂිත ආකාරයට යයි පැවසීම තුල තමාම තම වාදයේ අපැහැදිලි තත්වයක සිටී බව තහවුරු කිරීම නිසායග ඉතින් ඩාවින්ගේ වාදයේ ඩාවින් අපැහැදිලි තත්වයක සිටිද්දී එම වාදය පෙන්වා දේවවාදය ප්‍රතිෙක‍ෂප කිරීම සාධාර්ණ වු ක්‍රියාවක්ද?
මෙම ලිපිය මේ දක්වා කියවීමේදී කරුණු කිහිපයක් තහවුරු වනු ඇත. එනම් එය ශද්ධවු අල්කුර්ආනයේ 29-20 හි සදහන් ආකාරයට ජිවීන් සම්භවය සත්‍ය බවත්, ඒ පිලිබදව ගවේෂණයන් වුවද එහි සදහන් ආකාරයට සිදුකල යුතු බවත්, එසේ සිදුකිරීමට මිනිසාව පොලඹවන බවත්, එසේ පෙලඹවීම තුල එහි මිනිසාට සොයාගත හැකි දත්ත පවතින බවත්, තහවුරු කරයි. මේ අනුව මෙම දේව වාක්‍ය සත්‍ය කිරීමෙහි අකමැත්තෙන් වුවද ඩාවින්ද හවුල් වී සිටිති. පොදුවේ පරිණාමය මේ ආකාරයට ශ.ද්ධවු අල්කුර්ආනය කථාකලත් මිනිස් පරිණාමය මින් බැහැර වුවකි. ඒ පිලිබදව එනම් මිනිස් පරිණාමය පිලිබදව වෙනත් මතයක් ශ.ද්ධවු අල්කුර්ආනය ඉදිරිපත් කරයි.

මිනිස් පරිණාමය පිලිබදව අන් ආගමික දැක්ම
විද්‍යාවෙන් සිදුකෙරෙන හා මෙතෙක් සිදුකල කාර්‍යක් නම් යම් මතයක්, වාදයක් හෝ සිද්ධියක් ගෙන එය තහවුරු කිරීම සදහා සාක‍ෂීන් සෙවීම හා නිර්මාණය කිරීමයි. මේ ආකාරයටම පෘථීවි මිනිස් සම්භවය සම්බන්ධයෙන්ද ඩාවින් වාදය පෙරදැරි කරගෙන ඩාවින් මෙසේ පවසන බව පවසමින් සතුන් පිලිබදව අධ්‍යනයෙහි යෙදුනු මිනිසා තමා පිලිබදව තීරණය ගැනීමේදී ඉක්මන්වී “මිනිසා වදුරාගෙන් පරිණාම විය“යයි පවසන ලදීග ඒ සදහා ඩාවින්ගේ තර්කය වුයේ “ලොව සියලූ ජීවින් පරිණාමය වී තිබියදී මිනිසා පමණක් එසේ නොවන්නේ කෙසේද? මිනිසාත් වදුරාගෙන් පරිණාමය සිදුවිය”යන්නයි

මෙම ඩාවින්ගේ වාදය පිරිසක් පිලිගනිද්දී තවත් පිරිසක් එයට විරුද්ධව විප්ලව කරනලදී. මෙම වාදයට විරුද්ධව නැගීසිටීමට ප්‍රධානම හේතුවක් වුයේ එදා එම සමාජයේ පැවතුනු මිත්‍යාමතයන් හා ආගම් කෙරෙහි වු අන්ධ විශ්වාසයන්යග මෙයින් ශ්‍රි ලාංකිකයින් වන අපට ද බැහැරවීමට නොහැකි විය. ඒ අනුව ලාංකිකයින් වන අපට වැදගත් මත දෙකක් පිලිබදව කෙටි අවධානයක් යොමු කරමු. එනම්
*   ක්‍රිස්තියානි දහමේ පරිණාම වාදයෙහි ස්ථාවරය
*   බුදු දහමෙහි පරිණාම වාදයේ ස්ථාවරය


ක්‍රිස්තියානි දහමේ පරිණාම වාදයෙහි ස්ථාවරය
ක්‍රිස්තියානි දහම පරිණාම වාදය තරයේ ප්‍රතිෙක‍ෂ්ප කරයි. මෙම දහමේ විශ්වාසයට අනුව එනම් බයිබලයේ සදහන් ආකාරයට “අද මේ ලොව දකින ජීවින් සියල්ල කෙසේ පවතින්නේද? ඒ ආකාරයටම ආරම්භයේ ඒ සියල්ල ඇතිවිය “(බයිබලයේ උත්පත්ති 1:1සිට24)

එනම් ආරම්භයේ සියල්ල ජෝඩු වශයෙන් දෙවියන් විසින් මවනලද බවයි. ජීවින් සම්බන්ධයෙන් පොදුවේ මෙසේ පවසන බයිබලය මිනිස් සම්භවය පිලිබදව කාලවකවානු ඉදිරිපත් කරයි. එම කාලවකවානු ගනනය කිරීමේදී ආසන්න වශයෙන් අදට (2006 වර්ෂයට) වසර 8664කට පෙර මුල්මිනිසා බිහිවී ඇත. මෙම සංඛ්‍යා ලේඛන බයිබලයේ “උත්පත්ති”චේදයෙහි සදහන් වේ. එම ගනනය කිරීම් කෙටියෙන් මෙසේය
මුල්ම මිනිසා ආදම් සිට නෝවා දක්වා වසර ගනන 1556
නෝවා සිට ආබ්‍රාම් (ඉබ්බ්‍රාහීම් නබිතුමා)දක්වා වසර 3032
ආබ්‍රාම් සිට යේසුස් (ඊසා නබිතුමා) දක්වා වසර 2070
යේසුස් සිට මේ දක්වා වසර ගනන 2006
——
මුලූ එකතුව වසර 8664
වර්ථමානයේ සොයාගෙන ඇති පොසිල හා ජාන පරීක‍ෂණයන්ට අනුව මෙම කාලය එනම් වසර 8664 යන්න කිසිසේත් විය නොහැක්කකි. ජාන පරීක‍ෂණයන්ට අනුව ආදීතම මිනිසා ජීවත්වී ඇත්තේ මීට වසර 50000-60000 අතර කාලයේය. එසේම අද කෝටි 600 ක පමණ ජනගහනයක් ලොව පවතී. මෙවැනි විශාල ජනගහනයක් ලොව ඇතිවීමටනම් විශාල කාලපරාසයක් අවශ්‍ය වේ. ඒ අනුව සැලකුවද වසර 8664 යන්න කිසිසේත් විය නොහැකිය.

බුදු දහමේ පරිණාම වාදයෙහි ස්ථාවරය
බුදු දහම ජීවින් සම්භවය පිලිබදව පරිණාම වාදයට සමාන අදහසක් පවසන අතර සම්පුර්ණයෙන් පරිණාම වාදය පිලිනොගනී. බුදුදහමෙහි පවසන පරිණාමය ඩාවින්ගේ අනපේක‍ෂීත සිදුවීමට සමාන අදහසකි. එනම් පෘථීවියට බාහිරින් ආ මානසික ශක්තියක් පිලිබදව කථාකරයි. මෙය ඩාවින්ගේ ස්වභාධර්ම වාදයට සමාන වු තර්කයකි. එනම්
බුදුදහම ජීවයක් හටගන්නේ කෙසේද? යන්න පැහැදිලි කිරීමේදී “මහා තණ්හාසංඛ්‍යය සුත්‍රයෙහි” මෙසේ පවසය. එනම් ජීවියෙකු බිහිවීම සදහා කරුණු තුනක් සම්පුර්ණ විය යුතුය. ඒවානම්
1-     මාපිය දෙදෙනා එකතුවීම
2-    ජන්මානු සරු තත්වයේ පැවතීම
3-    මානසික ශක්තියක් අවශ්‍ය වීම
ඒ අනුව බුදු දහමේ විශ්වාසයට අනුව පෘථීවියෙහි ජීවියෙකු බිහිවීමට අවශ්‍ය පදාර්ථමය සැකැස්ම තිබුනත ජීවයට අවශ්‍යවන මානසික ශක්තිය පෘථීවි තලයේ තිබුනේ නැත. එම මානසික ශක්තිය බාහිරින් පෘථීවියට ලැබුණා යන්නයි.
පරිණාම වාදය පිලිබදව නූතන ගවේෂණ
මේ ආකාරයට විවිධ ආගම් හා දර්ශණයන් පෘථීවි මිනිස් සම්භවය පිලිබදව ඩාවින් වාදයට පක‍ෂව හා විපක‍ෂව විවිධ මත ඉදිරිපත් කරයි. ඉස්ලාම් දහමද ඩාවින් වාදය ප්‍රතිෙක‍ෂප කරන අතර එසේ ප්‍රතිෙක‍ෂප කිරීමෙන් නතර නොවී මිනිසා තුල පරිණාමය කෙසේ සිදුවන්නේද? එය කෙසේද අවබෝධ කරගත යුත්තේද? ඒ පිලිබදව කුමන ආකාරයට ගවේෂණය කලයුතුද?. වැනි කරුණුද මීට සියවස් 14කට පෙරම පැහැදිලිව ශද්ධ වු අල්කුර්ආනය පවසයි.
වර්ථමානයේ පුලුල් ගවෙිෂණයන් මෙි පිලිබදව සිදුකෙරෙන අතර එහිදී ලොව බිහිවු මුල් මිනිසා ජීවත්වු ප්‍රදේශය අද විද්‍යාඥයින් අනාවර්ණය කරගෙන ඇතග නුතන සොයාගැනීමට අනුව මෙම ආදීතම මිනිසා ජීවත්වී ඇත්තේ වර්ථමාන අප්‍රිකානු භූමියෙහිය. මේ පිලිබදව පුලූල් ගවේශණයක නිරතවු ආචාර්‍ය ස්පෙන්සර් වෙල්ස් Spenser Wels ශ.ද්ධවු අල්කුර්ආනයේ 29-20 පැවසු ආකාරයට පෘථීවියේ බොහෝ ප්‍රදේශවල හා රටවල  චාරිකාවේ නිරතවී මේ පිලිබදව ගවේශණයන් සිදුකරන ලදී. මොහු පෘථීවියේ සෑම ප්‍රදේශයකටම ගොස් ජන කොට්ඨාශ 50 ක ජනයින් 20000ක් පමණ තම පරීයේෂණ සදහා යොදාගන්නා ලදී. ලොව භාෂා 6000 ක් හා ජාතීන් 6000 ක් පමණ තිඛෙන බවත් මොහු තවදුරටත් පවසයි. මෙම පරියේෂණ තාක‍ෂණය උපයෝගි කරගෙන සිදුකරන ලද අතර ඔහු ලබාගත් දත්තයන්ට අනුව ඔහුගේ නිගමනය වුයේ ” ලොව අද ජීවත්වන සියලූ මිනිසුන්ගේ ෘභ මීට අවුරුදු 60000 කට පෙර අප්‍රිකාවේ ජීවත්වු මිනිසකු හා සැසදෙයි ” යන්නයි. වෙනත් ආකාරයකට පවසනවා නම් “මිනිසාගේ ආරම්භකයා වන ආදම් ජීවත්වු බව පැවසීම සත්‍ය බවත් ඔහු අප්‍රිකාවේ මුහුදු බඩ ප්‍රදේශයේ ජීවත්වු බවත් ස්පෙන්සර් වෙල්ස් තම ගවේශණාත්මක කෘතිය වන THE JOURNEY OF MAN ” හි පවසයි.


මේ පිලිබදව තවදුරටත් අදහස් දක්වන ආචාර්‍ය ස්පෙන්සර් මෙම මුල් මිනිසා ගල් යුගයත්, දඩයම් යුගයත් පසුකල මිනිසාහට ජීවත්වීම සදහා පහසුකම් හා බුද්ධිය අවශ්‍ය විය. මේ හේතුකොටගෙන මෙම මුල් මිනිසා ගමන් කරන ලදී. අප්‍රිකාවේ හිම යුගය අප්‍රිකාව කාන්තාරයක් වීමට බලපාන ලදී. මේ නිසා දඩයම් කරන සතුන් ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවන්නට විය. මේ නිසා ආදී මිනිසාහට දඩයම් කිරීම දුෂ්කර විය. එමනිසා ඔහු මුහුදු බඩ ජීවත්වීමට හුරුවිය. මේ ආකාරයට මිනිස් සම්බවය පැතිරෙන ලදී. මේ කාලයේ එනම් මීට අවුරුදු 50000-60000 අතර කාලයේ මුහුදු මට්ටම අද පවතින මට්ටමට වඩා මීටර් 100 ක් පමණ පහතින් පැවතුනු බවත්, අද ලොව පවතින කුඩා දුපත් බොහෝමයක් එදා මහාද්වීපයන් හා හාවී පැවතුනු බවත් ආචාර්‍ය ස්පෙන්ස් පෙන්වා දෙයි. තවදුරටත් කරුණු දක්වන ආචාර්‍ය තුමා මුහුදු මට්ටම ඉතා පහත් මට්ටමක පැවතී නිසා පහසුවෙන් ආදී මිනිසාහට විවිධ ප්‍රදේශවලට යාමටද හැකි වු බව පවසයි.

DNA තාක‍ෂණය උපයෝගි කරගෙන මේ සියල්ල ඔප්පුකර පෙන්වන ආචාර්‍ය ස්පෙන්සර්. DNA සම්බන්ධ අදහස් දැක්වීමේදී මෙසේ පවසයි “මිනිස DNA ඉතිහාසය පවසන ග්‍රන්ථයක් බවට පත්ව ඇත. එම ග්‍රන්ථය පවසන මුලූම පණිවුඩය වන්නේ මුල්ම මිනිසා අප්‍රිකාවේ ජීවත් වු බවයි. ” මෙම ආදී මිනිසාගේ ගමන් මාර්ගය සිතියම් ගතකල ස්පෙන්සර් අප්‍රිකාවේ සිට ඔස්ටේ‍රිලියාව දක්වාවු ගමන් මාර්ගය වැටී තිබුනේ ඉන්දියාව හරහා බව තම පොතෙහි පෙන්වාදෙයි. මේ පිලිබදව පරියේෂණ කල ඉන්දියානු පරීයේෂකයකු වන ආර්.එම්. පිච්චයිඅප්පන් (R.M Pichchai Appan) ඉන්දියාවෙන් ආදී මිනිසුන් 14 දෙනෙකුගේ පරම්පරාවන් DNA පරියේෂණ මගින් හදුනාගෙන තිබේ. මෙය ආචාර්‍ය ස්පෙන්සර්ගේ පරීයේෂණ ප්‍රථීපලය තහවුරු කිරීමකි. ආචාර්‍ය ස්පෙන්සර් තවදුරටත් මෙම මුල්මිනිසාට සමාන මිනිසුන් අදටත් ජීවත්වන බවත්, ඔවුන් නැමීබියාවල බොස්වානා යන රටවල ජීවත්වන බවත්, මිනිසාගේ වර්ණභේදය මීට වසර 30000 කට පෙර සිදුවු බවත් පෙන්වා දෙයි. මෙම වර්ණභේදය නිසා විවිධ ප්‍රදේශවල විවිධ රටවල ජීවත්වු මිනිසුන් අතර විවිධ අංග ලක‍ෂණ දක්නට විය. උදාහර්ණයක් ලෙස මොගෝලියානු ජාතිකයෙක්ල ජපන් ජාතිකයෙක්ල අප්‍රිකානු ජාතිකයෙකු සහ ශ්‍රි ලාංකිකයකු සැලකුවිට මොවුන් 04 දෙනාගේ බාහිර රූපයේ විවිධ අංග ලක‍ෂණවල පරස්පරතාවයන් දක්නට ලැබේ. ආදී මිනිසා එනම් ආදම් තුල සිදුවී පරිණාමය හේතුවෙන් අද දකින විවිධාකාර අංග ලක‍ෂණයන්ගෙන් යුත් විවිධ ජාතීන් ඇතිවිය. මෙය මිනිස් පරිණාම වාදයේ ස්ථාවරයයි.


මිනිසා තුල පරිණාමයන් සිදුවීම සත්‍යයකි. එයට ඉහත රූපරාමු හොදම උදාහරණයකි. ඉහතින් දක්වා ඇත්තේ ඇමරිකානු , නයිජීරියානු , ජපන් , මොන්ගෝලියානු , රතුරන්දියානු සහා ශ්‍රි ලංකිය ජාතීන්ගේ ඡායා රූපයි. එකම මිනිසාගෙන් බිහිවු මිනිස් සමාජය ඉහත ආකාරයට පරිණාමයන් සිදුවීම අද ලොව දක්නට ඇත. මෙය ශ.ද්ධවු අල්කුර්ආනයේ මෙසේ පවසයි.
“මනුෂ්‍යයෙනි ඇත්තෙන්ම නුඹලා එකම පුරුෂයකුගෙන් හා ස්ත්‍රියකින් නිර්මාණය කලෙමු. නුඹලා එකින් එකා දැන හදුනා ගනු පිණිස අප නුඹලා ජාතීන් හා ගෝත්‍රයන් වශයෙන් වෙන් කලෙමු “
ශ.ද්ධවු අල්කුර්ආනය 49-13

එකම මිනිසාගෙන් මුලු මිනිස් වර්ගයාම බිහිකලා යයි පවසන ශ.ද්ධවු අල්කුර්ආනය එම මිනිස් වර්ගයා විවිධ ගෝත්‍ර බවට පරිවර්ථනය කලබව ඉහත වාක්‍යයෙන් පවසයි. ඉහතින් සදහන් කල ශ.ද්ධවු අල්කුර්ආන් 29-20 වාක්‍යයෙන්ද අවබෝධ කරගත යුත්තේ මෙයයි. මෙි ආකාරයට පරිණාම වාදය පවසන ඉස්ලාමි දහම ඩාවින්ගේ වාදය එනම් “මිනිසා වදුරාගෙන්”යන්න තරයේ ප්‍රතිෙක‍ෂ්ප කරයි. එසේ ප්‍රතිෙක‍ෂ්ප කිරීමෙන් නතර නොවී පෘථිවි මිනිස් සමිභවය කෙසේ සිදුවුනේද? යන්නත් පැහැදිලිව සදහන් කරයි. එනම්
දෙවියන් නුඹ (මිනිසා) මැටිපසින් නිර්මාණය කරන ලදී
ශ.ද්ධවු අල්කුර්ආනය 35-11

ඉහත අල්කුර්ආන් වාක්‍යයෙන් මිනිසා මැටිපසින් නිර්මාණය වු බව පවසයි. මෙම මතය විද්‍යාවෙන් මේවනතුරු සනාථ නොකලත් ප්‍රතිෙක‍ෂ්ප කිරීමටද නොහැක. මන්ද සත්වයින් පිලිබද පුලුල් ගවේෂණයක නිරතවු මිනිසා එවැනි කටයුත්තක මිනිස් පරිණාමය සම්බන්දයෙන් සිදු නොකෙරුනි. එය කෙසේ වෙතත් මෑතකදී විද්‍යාව මේ සම්බන්ධයෙන් යෝධ පියවරක් තබන ලදී. එනම් ජාන තාක‍ෂණය ලොවට හදුන්වාදීමයි. මෙම ජාන තාක‍ෂණය සොයාගත් විද්‍යාඥ ආචාර්‍ය ෆැරන්සිස් ක්‍රික්  තම නවතම සොයාගැනීම වන ඩී එන් ඒ (DNA) තාක‍ෂණය ලොවට හදුන්වා දෙමින් මෙසේ පවසන ලදී. “මේ දක්වා අපට ලැබුණු දත්තයන් හා දැනුමන් අනුව මානවයාගේ පෘථීවි සම්බවය විශ්මයකි

මෙසේ ඔහු විශ්මයට පත්වුයේ මිනිසා පිලිබදව ගැඹුරු අධ්‍යනයක නිරතවු නිසාය. මෙම ඩී එන් ඒ (DNA) තාක‍ෂණය ලොව විශාල පෙරලියක් කරන්න සමත්ව ඇත. මෙම ඩී එන් ඒ (DNA) තාක‍ෂණය නිසා විද්‍යාවේද විශාල පෙරලියක් ඇතිවු අතර ඩාවින්ගේ පරිණාම වාදයද විහිලූවක් බවට පත්ව ඇත.
DNA යනු කමක්ද?
මෙම DNA පිලිබදව අදහස් දක්වන විද්‍යාඥයින් පවසන්නේ මෙය දත්ත ගබඩාවක් බවයි. එහි අන්තර්ගත තොරතුරු පිලිබදව පවසනවා නම් පිටු දසලක‍ෂයක් වන විශ්වකෝශයක් තරම් විශාල තොරතුරු එක DNA තුල අන්තර්ගතය. එසේම එක DNA  තුල කෝටි 5 කටත් වඩා වාර්තාවන් අන්තර්ගතය. මෙම වාර්තා සියල්ල නොනවත්වා කියෙව්වද වසර 100 ටත් වඩා අවශ්‍යවනු ඇත. එතරම් සවිස්තරව හා සියුම්ව මෙම DNA  තුල මෙම තොරතුරු අන්තර්ගතව ඇත. මෙම DNA  පිලිබද පරීයේෂණවල නිරතවී සිටින ආචාර්‍ය ෆිරාන්සිස් කොලින් පවසන්නේ “දැනට DNA  හි ඇති දත්තවලින් අනාවර්ණය කරගෙන ඇත්තේ 85්‍ර ක් පමණක් බවත්. තවදුරටත් හදුනා නොගෙන විශාල දත්ත ප්‍රමාණයක් ගබඩාවී ඇතිබවත් තවම මෙම පරියේෂණයේ තබා ඇත්තේ පලමු පියවර බවත්ය “මේ ආකාරයට මෙම ජාන තාක‍ෂණයට අවතීරණය වී සිටින මිනිසා මිනිස් පරිණාමය කවර ආකාරයෙන් දකින්නේද?

මෙම ජාන පිලිබදව අධ්‍යනයේ නිරතවු විද්‍යාඥයින් පවසන්නේ මිනිස් ශරීරයක් නිර්මාණය වීමට අවශ්‍ය අත්දැකීම් බුද්ධිය සම්බන්ධ සියලූ තොරතුරු මෙම DNA  තුල අන්තර්ගතව ඇති බවයි. මෙහි සැලකිය යුතු මුලිකම අංගය වන්නේ මුල් මිනිසා ලොවෙහි ඇතිවු කාලය පටන් සියලූ අංගයන්ගෙන් පරිපුර්ණ DNA  මිනිස් ශරීරයේ පැවත ආ බවයි. ගොඩනැගිල්ලක් නිර්මාණයේ දී එහි ආකෘතියෙහි එම නිවස සම්බන්ද සියලූ තොරතුරු සටහන් කරනවා සේම. මිනිසාගේ කළල අවස්ථාවේ සිට මියයන මොහොත දක්වාවු සියලූ තොරතුරු මෙම DNA  හි අන්තර්ගතය. මවගේ ගර්භාෂයේ ඩිම්බ සංසේචනය වු මොහොතේම බිහිවීමට යන දරුවාගේ සියලූ විස්තර එම දරුවාගේ ගතිගුණ, අවුරුදු 30 දී එම ශරීරයේ උස, වර්ණය, ලේ වර්ගය, මුහුණෙහි පෙනුම වැනි අංගලක‍ෂණ වයස අවුරුදු 30 මාස 09 කට පෙරම DNA  හි සදහන්වී හමාරය. DNA  ජාන තාක‍ෂණයේ තවත් යෝධ පියවරක් ඉදිරියට තබමින් මිනිස් ෙසෙලය චිත්‍රයකට නගනලදී.

මෙහි දක්වා ඇත්තේ එම චිත්‍රයයි. එය HUMAN GENOME PROJECT නමින් හැදින්විය. මෙම ෙසෙල (Cell) චිත්‍රයට නැගීමෙන් ඩාවින්ගේ වාදය තවදුරටත් මිත්‍යාවක් බවට ඔප්පුවන්නේ යයි විද්‍යාඥයින් පවසයි. මේ සම්බන්දයෙන් ගවේශණයක නිරතවු ක‍භභ රූපවාහිනිය මෑතකදී “මිනිසා සිම්පංචියාගෙන් සිතුවටත් වඩා පරස්පරයින් වේ “යන මාතෘකාව යටතේ වැඩසටහනක් ඉදිරිපත්කරන ලදී.

එහිදී මිනිසා හා සිම්පංචියා අතර ගැලපුම 98 % ක් බව ඩාවින් වාදීන් පැවසුවත්, එය එසේ නොවන බවත්, එහි ගැලපුම 95 % ක් බවත්, කැලිෆෝනියානු විද්‍යාඥයින් රායි බ්්‍රටන් ප්‍රමුඛ කන්ඩායම පෙන්වා දෙයි. මේ ආකාරයටම මෙම ජාන සැසැදීමෙහි නිරතවු ශිබ්ලි සහා අහල්කුයිස්ට් යන ජීවවිද්‍යාඥයින් දෙදෙනා 1987 දී තම පරීයේශණ ප්‍රතිඵලයJouríl of Molecular Evolution (V26 pp212) සගරාව මගින් ප්‍රකාශයට පත්කොට තිබුණි. එහිදි ඔහුන් පවසා තිබුනේ මෙම ගැලපුම 95 % ක් බවයි. නමුත් මොවුන්ගේ ප්‍රතිපලය අධ්‍යනය කල ශාරික් නැමැති විද්‍යාඥයකු පවසා සිටියේ මෙම ප්‍රථීපලයෙහි ගැටලූ බොහෝමයක් ඇති බවයි. මේ සම්බන්ධයෙන් පරියේෂණවල නිරතවු තවත් විද්‍යාඥයකු වන ආචාර්‍ය ඩාන් බ්‍රෙටන් 1996 මේ පිලිබදව පරියේෂණ කොට මිනිසා හා සිමිපංචියා අතර ගැලපුම 98 % කිසිසේත් විය නොහැකිබව පවසන ලදී. මේ ආකාරයට ඩාවින්ගේ මතයට පරස්පර මත ඉදිරිපත්වෙමින් පවතී. මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු කරුණක් ඇත. එනම් මිනිස් ජානය මේ ආකාරයට චිත්‍රයට නගා ඇතත් සිම්පංචියාගේ ජානය මේදක්වා මේ ආකාරයට චිත්‍රයට නගා නොමැත. එම නිසා මේ ආකාරයට මේ දෙක ගැලපීම විහිලූවක් බවට පත්වේ.

මිනිස් ජානවල අන්තර්ගතවන මුලික ප්‍රෝටීන ^Basic Protieì& 30-40 අතර සංඛ්‍යාවක් සිම්පංචියාගේ ප්‍රෝටීන හා සැසදෙන නිසා මිනිසා හා සිම්පංචියා අතර ගැලපුම 98 %  යයි ඩාවින් වාදින් තර්ක ඉදිරිපත් කරයි. නමුත් මිනිස් ශරීරයේ ලක‍ෂ ගනන් DNA පවතී ඒවා මගින් ලක‍ෂ ගනන් ප්‍රෝටීන හදුනාගෙන ඇත. එයින් ප්‍රෝටීන 40ක් පමණක් ගැලපීමෙන් 98 % ක් ගැලපෙනවා යයි තර්කකල නොහැක. මෙම ප්‍රෝටීන සිම්පංචියා තුල පමණක් නොවේ වෙනත් ජීවින් හා අජීවින් තුලද අන්තර්ගතය. උදාහර්ණ කිහිපයක්,
මිනිස් ශරීරයේ ඇතිවන නෙමටොත් (Namatone) පනුවන් සැලකුවේ නම්, ඔවුන්ගේ DNA හා මිනිස් DNA අතර ගැලපුම 75 %  බව නිව් සයන්ස්ටීස් මැයි 1999 (New Sciences May 1999) පවසයි. මේ ප්‍රතිපලය අනුව මිනිසා පරිණාම සිදුවුයේ මෙම නෙමටෝත් පනුවාගෙන් යයි පැවසිය හැකිද?.

මේ ආකාරයටම පළතුරු වල ඇතිවන පණුවන් විශේෂයක් නිරීක‍ෂණය කිරීමේදී එය මිනිස් DNA හා 60 %  ගැලපීය මේ අනුව තීරණය කරනවාද? මිනිස් පරිණාමය මෙම පණුවාගෙන් සිදුවු බව. එසේම කේම්බ්‍රිජ සරසවියේ මේ සම්බන්ධ කල පරියේෂණයකදී මිනිසා හා කුකුලා අතර ගැලපුම ඉතා කිට්ටුබව සොයාගන්නා ලදී. එසේම කුකුලාගෙන් පසු මිනිසාට බොහෝ කිට්ටුම ජීවියා කිඹුලා බවද අනාවර්ණය කරගන්නා ලද බව නිවි සයන්ස් (New Sciences) 1984 අගොස්තු කලාපයෙන් පෙන්වා දෙයි. එසේනම් මිනිසා පරිණාමය වුයේ කුකුලාගෙන් සහා කිඹුලාගෙන් යයි නොපවසන්නේ ඇයි?.

මිනිසා හා සිමිපංචියා අතර පරිණාමයේ සමිබන්ධයක් ඇතයි පෙන්වන්න හා ගැලපීම ඇතිකරන්න ඩාවින් වාදීන් තවත් ප්‍රධාන හේතුවක් ඉදිරිපත් කරයි.එනම් ක්‍රෝමසෝම (Cromosome) ගැලපුමයි.
සිමිපංචියාගේ ක්‍රෝමසෝන් 48ක් ඇති අතර මිනිසාගේ මෙහි අගය 46කි. මෙම අගයන් දෙක කිටිටු අගයන් දෙකක් වන බැවින් මිනිසා හා සිම්පංචියා අතර කිට්ටු නෑදෑකමක් පවතින බව ඩාවින්වාදීන් පවසයි. මෙසේ සැසදීම නිවැරදිනම් මිනිසාහට සිමිපංචියාට වඩා සමීපයෙක් නෑදෑයෙක් ඇත. එය වෙන කිසිවක් නොවෙි අප එදිනෙදා ආහාරයට ගන්නා අර්තාපල් අලයයි. අර්තාපල් අලයේත් මිනිසාගේ මෙන්ම ක්‍රෝමසෝන් 46ක් පවතී. එසේනම් මිනිසා පරිණාමය වුයේ අර්තාපල් අලය මගින් යයි පවසනවාද?
අනිකුත් ජීවින්ගේ මෙන්ම ජීවිඅනු මිනිසා තුලද දැකීම ස්වභාවිකයග මන්ද සියලූම ජීවින් වැඩෙන්නේ එකම ආකාරයේ පරිසරයක එකම ආකාරයේ ආහාරයන් අනුභව කරමින් බැවිනි. මේ නිසා සුලූ සුලූ වෙනස්කම් මෙම ජීවින් අතර පැවතුනත් මුලික ලක‍ෂණවල ප්‍රබල වෙනස්වීම් ඇති නොවේ. මේ අනුව පෙනීයන්නේ ජාන අතර තිඛෙන ගැලපුම හේතුකොටගෙන පමණක් පරිණාමවාදය පැහැදිලි කිරීම කල නොහැකි බවයි.

මෙසේ ජිවින් අතර මුලික ලක‍ෂණවල ගැලපුමට ප්‍රධාන හේතුව පරිණාම වාදය නොවන අතර එසේ වීමට හේතුව එකම ආකාරයේ සැලසුම් කරණයයි.මෙයට හොදම උදාහර්ණය, අද ලොව පවතින ගොඩනැගිලි ඉදිකිරීමෙහි කලාව සැලකුවිටල විවිධ ආකාරයේ ගොඩනැගිලි නිර්මාණය වුවත් එහි අමුද්‍රව්‍යන්හි වෙනසක් සිදුනොවේ. එනම් එම අමුද්‍රව්‍යන් ගල්ල වැලිල සිමෙන්ති, යකඩ වැනි දෑ වේ. මේ නිසා එක් ගොඩනැගිල්ලකින් අනික් ගොඩනැගිල්ල් පරිණාමය වුවායයි කිසිසේත් නොපවසමුග මේවා එකම ආකාරයේ අමුද්‍රවයන් උපයෝගි කරගෙන කරනු ලබන විවිධ නිර්මාණයන් වේග
එසේනම් ඩාවින්වාදීන් පවසන ආකාරයට ස්වභාධර්මයේ තේරීම් හේතුවෙන් ජීවින් බිහිවුයේ නැත.

මෙය සුපිරිබලයක් මෙන්ම සර්යවඥානයක් ඇත්තෙකුගේ සුපිරි සැලැස්මකට අනුව නිර්මාණයකි.
පරිණාම වාදය සම්බන්ධයෙන් ඉහත ආකාරයට එනම් අල්කුර්ආනයේ සුරා අන්කබුත්හි 20 (29-20) හි පවසන ආකාරටය පවසන අල්කුර්ආනය,මිනිසාගේ බිහිවීම සම්බන්ධයෙන් පවසද්දී විවිධ අදහස් දෙකක්් ඉදිරිපත් කරයි, එනම්
*   මිශ්‍ර තරල බිදුවකින් නිර්මාණය කලබවත්
*   මැටි පසින් නිරිමාණය කලබවත්ය


ඉහත මතයන් දෙස බැලීමේදී පරස්පරතාවයෙක් පෙනීයනු ඇත. නමුත් දේව වාක්‍යවල පරස්පරතාවයක් ඇතිවිය නොහැක. එසේනම් මෙය වටහා ගන්නේ කෙසේද?.

මෙයට සරල උදාහර්ණයක් ගෙහැර දැක්විය හැක. එනම් තේ කෝප්පයක් සැලකුවේ නම්ග ඒ සදහා උණුවතුරල තේකොල, සීනි සහා පිටි අවශ්‍යවේ.දැන් තේ කෝප්පයක් දෙස බලා කෙනෙකු එය පිටිවලින් සකස්කර ඇත.යනුවෙන්ද තවත් කෙනෙකු එය සීනි හා ජලයෙන් මගින් සකස්කර ඇත. යනුවේන්ද තවත් කෙනෙකු එය තේකොල මගින් සකස්කර ඇත. යනුවෙන්ද පවසයිනම්,මේවා සියල්ල එකින් එක පරස්පර යයි කිසිවිටක කිසිවකු විසින් නොපවසනු ඇත.මේ ආකාරයට මිනිස් නිර්මාණයේද පස සහා ජලබිංදු යන්න මිනිස් ශරීරයේ අන්තර්ගතයන් මිස පරස්පරයක් නොවේ.
මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්. දැනට ලෝකයේ කෝටි 600 ක පමණ ජනගහනයක් පවතීග මෙහි එක් පුද්ගලයකුගේ සාමාන්‍ය බර 50නට යයි සැලකුවේ නම්. මුලූ ජනගහනයේ සාමාන්‍ය බර 6000000000 ං 50නට = 30000000000නට (ටොන් 30000000) වේ. විද්‍යාඥයින්ගේ අදහස අනුව අද පෘථීවියෙහි සාමාන්‍ය බර එදා එනම් පෘථීවියෙහි කිසිදු ජීවියෙකු නොමැති අවස්ථාවේ කොපමණ ප්‍රමාණයක් තිබුනේද ඒ ප්‍රමාණයමය.

බරෙහි කිසිදු වෙනසක් ඇති නොවේ. මේ අනුව පෙනී යන්නේ පෘථීවිය තමාගේ බරින් 30000000000නට ක් මිනිසුන් බවට පත්කරගෙන ඇති බවයි. අප ආහාරයට ගන්නා ආහාර මෙම පස්වලින් නිර්මාණය වුවකි. වෙනත් ආකාරයකට පවසනවා නම් ඇත්තෙන්ම අප පස් අනුභව කරලයි ජීවත්වන්නනේ. මේ නිසයි පෘථීවියෙහි බර හි වෙනසක් සිදු නොවුයේ.

එසේ නොමැතිව සෑම මනුස්සයෙක් වෙනුවෙන්ම පෘථීවියෙහි බර දළ වශයෙන් 50නට ක් වැඩිවුවා නම් මේ වනවිට පෘථීවිය බර අධික වීම නිසා පෘථීවියෙහි සමතුලිතතාවය බිදී ගොස් චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ශනයට පෘථීවියත් සුර්‍යාගේ ගුරුත්වාකර්ශනයට පෘථීවියත් හසුවීම නිසා එකින් එකට ගැටී මේවනවිට විශාල විනාශයන් සිදුවී තිබිය යුතුය. නමුත් එසේ සිදු නොවුයේ පෘථීවියෙහි බරෙහි කිසිදු වෙනසක් සිදු නොවු බැවිනිග එසේ පෘථීවියෙහි බරෙහි කිසිදු වෙනසක් සිදුනොවීමට නම් පෘථීවියෙහි තිඛෙන පස් වෙනත් ද්‍රව්‍යන් බවට පරිවර්ථනය විය යුතුය. ඒ අනුව ආරම්භ මිනිසා ඇතුලූ ඔබත් මාත් සියලූදෙනාම බිහිවි ඇත්තේ පස්වලින් බව මෙම පෘථීවියෙහි බර අනාවර්ණය කරයි.

මෙය තවදුරටත් වටහා ගැනීමට මීට පෙර මියගිය අපේ පැරන්නන් වැලලූ තැන් පරීක‍ෂාකර බැලීම ප්‍රමාණවත්ය. ආරම්භය කෙසේද? අවසානයද ඒ ආකාරයටම බව වටහාගත හැකිවනු ඇත.
මිනිසා මැටි පසින් මැවුබව ඉස්ලාම් දහම පවසයි එසෙනම් මිනිස් ශරීරයේ අන්තර්ගත වියයුත්තේ පස් හෙවත් පසෙහි අන්තර්ගත රසායනික මුලද්‍රව්‍යන්ය.

මිනිස් ශරීරයේ විවිධ කොටස් අවයවයන් විවිධ නම්වලින් හැදින් වුවත්, එහි අවසානය ප්‍රතිඵලය පස සහා ජලයයි. ඉස්ලාම් දහමෙහි විශ්වාසය හා ඉගෙන්වීමට අනුව මුල්මිනිසා පසින් නිර්මාණය කලබව පවසයි. මේ අනුව වක්‍ර ආකාරයින් පවසන්නේ සියලූ මිනිසා පසින් නිර්මාණය කලබවයි.ඉස්ලාම් දහමේ පවසන මෙම කරුණ තවදුරටත් බුද්ධිමත් ආකාරයට අවධානය යොමුකර නිරීක‍ෂණය කරමු.
මෙය සරල පරීක‍ෂණයකින් තහවුරු කරගත හැක. එනම් බර 70නට වු සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ශරීරයේ අන්තර්ගත මුලද්‍රව්‍යන් බර අනුව වගුගත කලවිට. එය වටහාගත හැක. මෙම පරීක‍ෂණය ආචාර්‍ය ජාන් නම්ස්ලේ විසින් සිදුකරන ලදීග එම පරියේෂනය ” ද එමන්ට්ස් ” (The Amends) (තෙවන මුද්‍රණය 1998) නම් ග්‍රන්ථයේ පහත ආකාරයට සදහන්ව තීබුණි.
70නට ක බරක් ඇති මිනිස් ශරීරයක් සැලකුවිට එහි අඩංගු මුලද්‍රව්‍යන් පහත ආකාරයට වේ.

මිනිස් ශරීරයේ පවතින ඉහත සදහන් මුලද්‍රව්‍යන්වලින් ඔක්සිජන් හා හයිට්රජන් යන වායුන් දෙක හැර අනිකුත් සියලූ මුලද්‍රව්‍යන් පසෙහි පවතින්නේය. එසේම ඔක්සිජන් හා හයිට්රජන් එක්වී ජලය සෑදෙන්නේය. ඒ අනුව මිනිසා මැටිපසින් නිර්මාණය කලායයි පවසන අල්කුර්ආන් වාක්‍ය මෙයින් මනාව පැහැදිලි වේ. මේ අනුව සියල්ල පසින් බිහිවී නැවත පස්බවටම පත්වේ යයි පවසන අල්කුර්ආන් වාක්‍යද සත්‍යබව මින් තහවුරු වේ.

quran-reading
මේ අනුව අල්කුර්ආනයේ පවසන ආකාරයට පෘථීවියෙහි ජීවි හා මිනිස් සම්භවය සිදුවී ඇතිබව පැහැදිලි වේ. පැහැදිලිවම එය සර්ව බලධාරියකුගේ සැලසුම් සහගත නිර්මාණයක් මිස. ඩාවින් පවසනවා සේ අනපේක‍ෂිත ආකාරයට සිදුවුවාක් නොවේ. යන්නද ඉහතින් පැහැදිලි වේ. නමුත් මෙය කෙසේ සිදුවුයේද? ප්‍රායෝගික වන්නේ කෙසේද? යන්න පැහැදිලි කරගැනීම විද්‍යාවට පැවරී ඇති වගකීමකි. මන්ද ශ.ද්ධවු අල්කුර්ආනය මිනිස් සමාජයට ජීවත්වීමේ මාර්ගය පෙන්වාදෙන දේව ග්‍රන්ථයක් මිස විද්‍යාත්මක කරුණු පවසන විද්‍යා ග්‍රන්ථයක් නොවේ. එසේ විද්‍යා ප්‍රබන්ධයක් නොවන ශ.ද්ධවු දේව වාක්‍යයන් අඩංගු දේව ග්‍රන්ථයක් නිසයි මීට වසර 1400 කට පෙරම ලාමාක් සහා ඩාවින් අබිබවා පරිණාමවාදය පිලිබද සැබෑ තත්වය ලොවට පවසන්නේ.

අබු අර්ශද්

One response to “පරිණාම වාදය පිලිබද ඉස්ලාමීය දැක්ම-අල්කුර්ආනයේ පවසන ආකාරයට පෘථීවියෙහි ජීවි හා මිනිස් සම්භවය

  1. gune July 9, 2014 at 3:36 pm

    දෙවියන් මැව්වෙ කව්ද දන්නෑ.ඕවා හොදයි කොන්ඩෙ බැදපු කළු කොට චීනුන්ට.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: