පුනරුත්පත්තිය හා බුද්ධිමත් විමසුමක

පුනරුත්පත්තිය” මෙය ලාංකීය සමාජයේ බෞද්ධයින් අතර ජනප්‍රිය වු මාතෘකාවකි.
විශෙෂයෙන් රූපවාහිනි මාධ්‍යන්වල ආකර්ශනීය වැඩසටහනකි. එම නිසා මෙම පඅනරුත්පත්තිය පිලිබදව බුද්ධිමත් විමසුමක් කිරීමට අදහස් කරමි. මෙම පුනරුත්පත්තිය යන වචනයට ශබ්දකෝෂය හා විශ්ව කොෂයන් මගින් ලබාදෙන අරුථ පිලිබදව අවධානය යොමුකලේ නම් ” ———————– “යනුවෙන් සදහන් වේ.
නමුත් එහි සරල අදහස සැලකුවේ නම් “යම් ජීවියෙකුගේ මරණයත් සමග සියල්ලල අවසන් නොවී එම ජීවියා හා බැදුනු යමක් දිගින් දිගටම පවතිනවා යන්නයි” මෙය ආත්මයක්, පටිසන්ධි විඥානයක්, ගන්ධබ්භයක්……………. යනාදී ලෙස විවිධ ආකාරයේ නම්වලින් හා ඒ ඒ නම්වලට ආවේනික වු විවිධ ස්වරූපයන් ද මෙම විශ්වාසයන් හා බද්ධ වී පවතී. විශෙෂයෙන් මෙම විශ්වාසය වර්ථමාන ලාංකිය සමාජයේ හින්දු හා බෞද්ධයින් අතර ප්‍රබලව පවතී. ලාංකීය සමාජයේ හින්දු හා බෞද්ධ ආගම් තුල පමණක් මෙම ව්ශ්වාසය දක්නට ලැබුණ ද මෙම පුනරුත්පත්ති හෙවත් ආත්මයෙන් ආත්ම ඉපිද මියයෑම ලොව බොහෝ ආගම්වල පවසන්නා වු සිද්ධාන්තයකි. මෙය ආත්මවාදය යනුවෙන් ද හදුන්වයි.

ආත්මවාදය යනු “පුද්ගලයෙකු මියයන විට අමරණීය යමක් එම පුද්ගලයාගෙන් ඉවත් වී යන බවත්, ඒ ඉවත් වන දෑ වෙනත් ස්ථානයක දී ප්‍රතිසන්ධියක් ලබා නැවත පුද්ගලයකු බවට පත්ව ඉපදෙනවා” යන්නයි. සමහරක් බෞද්ධ විද්වතුන් මෙම මතය තවත් ඉදිරියට ගෙනයමින් පුනරුත්පත්තිය හෙවත් ආත්මවාදය මීට වෙනස් ආකාරයකට ඉදිරිපත් කිරීමක්ද දක්නට ලැබේ. එනම්, යම් කෙනෙකු තම ලෞකික ජීවිතය යහපත් ආකාරයට ගත කලේ නම් ඊළ` ආත්මයේ දී මනුෂ්‍යත්වයක් ද නොඑසේ නම් මනුෂ්‍ය ආත්මයක් නොවන තිරිසන් සතෙකුගේ ආත්මයක් ද ලබන්නට සිදුවන බව පවසයි. එනම් තමන් කරනු ලබන පං පව් අනුව තම මීළ` ආත්මයේ ස්වරුපය තීරණය වෙනවා යන්න ඔවුන්ගේ විශ්වාසයයි.

තවද තමන්ගේ කුසල් අනුව මනුෂ්‍ය ආත්මයක් ලැබුව ද එම මනුෂ්‍ය ආත්මය තුල ද තමන් පෙර ආත්මයේ කල කුසල් අකුසල් අනුව  යහපත් අයහපත් මිනිසුන් ලෙසත්, දුප්පත් පොහොසත් ලෙසත්, රෝගි නිරෝගි ලෙසත්…………. යනාදී වශයෙන් සියල්ල තීරණය වනවා යන්න ඔවුන්ගේ විශ්වාසයයි. මේ ආකාරයට විවිධ  මතයන් සමාජයේ වපුරණ මොහොතක ඒ පිලිබදව බුද්ධිමත් අවධානයක් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි.

ඒ අනුව මුස්ලීම්වරුන් වශයෙන් මේ පිලිබදව ඉස්ලාම් කුමක් පවසනවා ද? යන්නත්, මෙම ආත්මවාදය හෙවත් පුනරුත්පත්තිය කොතරම් ප්‍රායෝගික ද? යන්නත්, එය කොතරම් බුද්ධිගෝචර ද?  යන්නත් දැන් අවධානය යොමු කරමු.

ප්‍රථමයෙන් මෙම ආත්මවාදය ඉස්ලාමීය ඇසින් විමසුමක් කරන්නේ නම්. ඉස්ලාම් දහම ආත්මවාදී සංකල්පය එනම් නැවත නැවත ඉපදීම යන්න තරයේ ප්‍රතිෙක‍ෂ්ප කරන දහමකි. මේ කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය වන්නේ මනුෂ්‍යා ඇතු` සිය`එම ජීවින් මෙලොව එක් වරක් පමණක් උපදින අතර එම ජීවිත කාලය තුල කරණු ලබන යහපත් හා අයහපත් කටයුතු සදහා ලෝක අවසාන විනිශචය දිනයක දී සර්ව බලධාරී දෙවියන් විසින් විනිශ්චය කරනු ලබන අතර මිනිසුන් කල පිං පව් අනුව තමන්ට හිමිතැන ස්වර්ගයද, අපායද යන්නත් අනිකුත් ජීවින් අතර යම් අසාධාර්ණයන් සිදුවී තිබේ නම් ඔවුන් සදහා එම ස්ථානයේ දී සාධාර්ණයක් ඉටු කරනවා යන්නත් ඉස්ලාමීය විශ්වාසයයි. ඒ අනුව ජීවියෙකුගේ මරණයෙන් පසුවත් යමක් ඉතිරි වෙනවා යන්න ඉස්ලාම් දහම ද විශ්වාස කරන අතර එය තවත් උත්පත්තියක් සදහා බලනොපානවා යන්න ඉස්ලාමීය විශ්වාසයයි.

ඉස්ලාමීය විශ්වාසය ඉහත ආකාරයේ පවසද්දී මුස්ලම් නොවන්නෙකු හට “ඉස්ලාම් පවසන්නේ නැති නිසා මේ ආත්මවාදය බොරු වෙනවාද?” යන ප්‍රශ්නය ඇති විය හැක. මෙවැනි ප්‍රශ්නයක් සැබැවින්ම ඇති වියයුතු අතර එසේ වුවානම් තම ාමා ඉහතින් පැවසු බුද්ධීමත් අවධානයක් යොමුකිරීමක් මෙන්ම මෙම ලිපියට වඩාත් සාධාර්ණයක් සිදුවන්නේ. එසේ නොවේ නම් මෙය අන්ධ භක්තියක් හෝ අන්තවාදීත්වයක් බවට පත්වනු ඇත. එවැනි දුර්වලතාවයන් ඇති නොවේවා යයි ප්‍රාර්ථනා කරමින් දැන් මාතෘකාව එනම් මෙම පුනරුත්පත්තිය හෙවත් ආත්මවාදය ප්‍රායෝගික බුද්ධිගෝචර කාරණයක් ද යන්න අවධානය යොමු කරමු.

අද ලොව කෝටි 600 කට අධික ජනගහනයක් සිටී. මීට වසර 100 කට පෙර මෙම ජනගහනය ආසන්න වශයෙන් කෝටි 200 ක් පමණ. තවත් ඈතට එනම් අවුරුදු 1000 ක් පමණ ආපස්සට ගියේ නම් එදා ලෝක ජනගහනය සාපේක‍ෂව ඉතා සුඑ සංඛ්‍යාවක් වනු ඇත.

මේ ආකාරයට අතීතයටම ගියේනම් අවසානයේ එකම එක මිනිස් යුවලකින්් අවසන් වනු ඇත. මෙය සෑම දහමක්ම, දර්ශණයක්ම (පරිණාමවාදීන්, අදේවවාදීන් වුවද) පිලිගන්නා සත්‍යයකි. මෙය මනුෂ්‍යාගේ බිහිවීම සදහා පමණක් නොවේ ලොව සෑම ජීවියකු සදහාම මෙය පොදු වු නියමයකි.

උදාහර්ණයක් ලෙස වර්ථමානයේ ලොව ජීවත් වන ජීවින් වර්ග සංඛ්‍යාව මිනිසා ඇතු`එව වර්ග 1000ක් යයි ද ඒවා සියල්ල එකවිට බිහිවුවා යයිද උපකල්පනය කලේ නම්. ආරම්භයේ පැවතී ජීවින් සංඛ්‍යාව ජෝඩු 1000 කි. එසේත් නැත්නම් ජීවින් (ස්ත්‍රී හා පුරුෂ වශයෙන්) 2000 කි. ආත්මවාදී හෙවත් පුනරුත්පත්ති සංකල්පයට අනුව ආරම්භ ජීවි සංඛ්‍යාව වන 2000 හි අදටත් කිසිදු වෙනසක් සිදු නොවිය යුතුය. වෙනසක් සිදුවන්නේ නම් මනුෂ්‍ය සංඛ්‍යාව අඩු වී වෙනත් ජීවීන් සංඛ්‍යාව වැඩිවිය හැක. එසේත් නැත්නම් අනිකුත් ජීවීන් සංඛ්‍යාව අඩු වී මිනිසුන් සංඛ්‍යාව වැඩිවිය හැක. නමුත් කිසිදු හේතුවක් නිසා සමස්ථ එකතුවෙහි කිසිදු වෙනසක් සිදුවිය නොහැක. එනම් ආරම්භක ජීවින් සංඛ්‍යාවත් වර්ථමාන ජීවීන් සංඛ්‍යාවත් සැමවිටම සමාන විය යුතුය. සමහරක් ආගම්වල විශ්වාසයන් වන නිර්වාණය, නිවන, ස්වර්ගය……… යනදී කාරණයන් නිසා නැවත ඉපදීමක් සිදුනොව අවස්ථාවල පෙර පැවසු සංඛ්‍යාව අඩුවිය හැක.

උදාහර්ණයකට පෙර සියවසයේ මිනිසුන් 100 ක් නිර්වාණය ලබා ගත්තේ නම් වර්ථමානයේ මු`එ සංඛ්‍යාවෙන් 100ක් අඩුවිය යුතුයි. එනම් පෙර උදාහර්ණයට අනුව මු`එ සංඛ්‍යාව 1900ක් විය හැක. නමුත්  කිසිදු හේතුවක් නිසා හෝ උපරිම සංඛ්‍යාව වන 2000 හි වෙනසක් සිදුවිය නොහැක.

දැන් ඉහත උදාහර්ණය පසෙක තබා යථාර්ථය දෙස අවධානය යොමු කලේ නම් විද්‍යාව දියුණුවෙ හි ඉනිපෙත්තෙ හි සිටින මේ මොහොතේ ජීවීන් වර්ගයන් හා එහි ප්‍රමාණාත්මක අගයනුත් සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා යන්න කිසිවකුටත් ප්‍රතිෙක‍ෂ්ප කල නොහැක. ආරම්භයේ පැවතී එක් මිනිසා අද කෝටි 600ක් දක්වා ගොස් ඇති මේ මොහෙතේ මිනිසුන්ට සාපේක‍ෂව ජීවින් සංඛ්‍යාව ද වැඩි වී ඇත. විශෙෂයෙන් වර්ථමානයේ සිය`එදෙනා පිලිගන්නා ජීවියකුවන බැක්ටීරියාව කෙරෙහි අවධානය යොමු කලේ නම් මෙම ජීවියා විනාඩි කිහිපයකින් බිලියන දහස් ගනන් බිහිවේ. මෙම ජීවින් සම්බන්ධයෙන් ආත්මවාදීන් පවසන්නේ කුමක්ද?.  සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුහට මෙම බැක්ටීරියා ක්‍රියාකාරීත්වයම ප්‍රමාණව වනු ඇත මෙම ආත්මවාදය අසත්‍යක් බව වටහා ගැනීමට. මෙසේ ලොව දිනෙන් දින ජීවින් සංඛ්‍යාව වැඩිවෙමින් පෑවතීම තුල පෙනීයන්නේ පුනරුත්පත්තිය නොවේ. අලූතින් ජීවින් බිහිවනවා යන්න නොවේද?.

අබු අර්ශද

One response to “පුනරුත්පත්තිය හා බුද්ධිමත් විමසුමක

  1. Helaya March 22, 2011 at 7:41 pm

    ලොකය යන්නෙහි විශාලත්වය පිළිබදව හොද විස්තරයක් අංගුත්තර නිකායේ, නිකනිපාතයේ, ද්විතීය පන්නාසකයේ, ආනන්ද වග්ගයේ 10 වන සුත්රනයේ දක්වලා තියෙනවා. එහි සදහන් වන ආකාරයට, භුමි 31 කින් යුක්ත වන ස්ථානයක් එක ලොක ධාතුවක් යනුවෙන් හදුන්වනු ලබනවා. ඒ අනුව පැහැදිලි වන්නේ අපාය ලොක හා දිව්යන ලොක සියල්ල අපේ මෙ පෘථිවි පෘශ්ඨය අවටම පිහිටලා තියෙනවා කියන එකයි. එබදු ලොක ධාතු 1000 ක් සහශ්රීය ලෝක ධාතුවක් යනුවෙන් දක්වලා තියෙනවා චුලනි ලෝක ධාතු යනුවෙන් හදුන්වන්නේත් මෙයයි. චුලනි ලොක ධාතු 1000ක් 1000 සින් වැඩිකල විට (ලොක ධාතු දසලක්ෂයක්) එය ද්වි සහශ්රි0 ලොක ධාතු යනුවෙන් දක්වා ඇත මධ්ය ම ලොක ධාතු යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මෙ මධ්යචම ලොක ධාතුව 1000 සින් වැඩි කල විට ලැබෙන ලොක ධාතු (කොටි ලක්ෂය) ත්රි සහශ්රීස ලොකධාතුව නමි වෙ. මහා සහශ්රීත ලොකධාතුව යනුද මෙයයි.

    අපගේ මෙම සක්වල (ලොකධාතුව) හා ඒ වටා පිහිටි 999 ක් වු සක්වලයන් එනමි සහශ්රී( ලොක ධාතුව නැත්නමි චුලනි ලොකධාතුව, යන්න සෘධිමත් ස්රා්වකයන්වහන්සේලාටද විශයවන බව දක්වා ඇත.

    මධ්ය ම ලොකධාතුව හෙවත් ද්වි සහශ්රින ලොකධාතුව
    මෙය බුදුවරැන්ගේ ජාතික්ෂේත්රතය වශයෙන් දක්වා ඇත. ත්රි.සහස්ශ්රිස හෙවත් මහා සහශ්රීෂ ලොක ධාතුව මෙය තථාගතවන් වහන්සේගේ ආඥාක්ෂේත්රැය වශයෙන් දක්වලා තියෙනවා. ඒ ලොකධාතුවට අයත් සියලු ලොකයන්හි ආටානාටි පිරිත, ඉසිගිලිය පිරිත, ධජග්ග පිරිත, බොජ්ජංගපිරිත, ඛන්ධපිරිත, මොරපරිත්තය, රතනපරිත්තය, මෙත්තපරිත්තය යන පිරිත්හි බලය පිහිටන බව දක්වා තියෙනවා. බුදුපියානන් වහන්සේ පරිනිර්වාණය ගැන දැක්වෙන මහාපරිනිර්වාන සුත්රියේ දක්වා ඇති පරිදි තථාගතයන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ශේෂ වු රෝම ධාතු 10,000 ක් සක්වල බ්ර හ්මයන් විසින් දසදහසක් චක්රාේවාට වෙත පිලිවලින් ගෙනගිය බව දක්වා තිබෙනවා.

    මෙ මහා සහශ්රිා ලොකධාතුවෙන් පිටත් තවත් අනන්ත අප්රබමාණ ලොකයන් ඇත. මෙහි ප්රතමාණය උපමාවකින් දක්වා ඇත. කෝටි ලක්ෂයක් සක්වල බ්රපහ්මලොව තෙක් පිරවිමට තරමි අඹ ඇට ගෙන යමිකිසි අයෙක් හමුවෙන හමුවෙන සක්වලට එක් අඹ ඇටය බැගින් දමමින් එක් දිශාවකට ගමන් ගතහොත් අඹ ඇට ඉවරවනවා මිස, ඒ දිශාවෙ සක්වල ඉවරවිමක් සිදුනො වේ.

    මෙම ලේඛකයාගේ (අබූ අර්ශද්) අනිත් තර්කය වන පුනරුත්පත්තිය ගැන අභිධර්ම පොත් වල සදහන් ආකාරය ගැන සඳහනක් කොලොත් හොඳයි කියලා මට හිතුනා

    “කමිමා විපාකා වත්තන්ති-විපාකෝ කමිම සමිබවෝ
    තස්මා පුනබිබවෝ හෝති-එවං ලොකෝ පවත්තති.”

    “කර්මය හේතුකොටගෙන විපාකයෝ පවතින්නේය. විපාකය කර්මයෙන් හටගන්නේය.එහෙයින් නැවත ඉපදිම වෙ”. මෙසේ ලොකය පවතියි.

    මෙ කියනුයේ කර්මය නිසා විපාක ඇතිවිමි වශයෙන් නැවත උපදින බවයි. එනමි පටිචිච සමුත්පාදයේ සංඛාර පචිචයා විඥානා කියන ස්ථානයයි.

    නාමකාය හා රැප කාය කියා සත්ත්වයින්ගේ කොටස් දෙකකි. ඒ කියන්නේ සිත හා කය වශයෙන් කොටස් දෙකක් තිබෙනා බවයි. මෙයින් සිත කය ඇසුරැ කරමින් කයෙහි පිහිටා ඇත. මෙයින් රැප කාය යන්න භෞතිකව ස්පර්ශ කල හැකි දැකිය හැකි එකක් වුවද, සිත එසේ ස්පර්ශ කිරිමට හෝ දැකිමට හැකියාවක් නැත. උපන් සිතක් අසුරක් ගසන කාලයක් හෝ නොපැවති බිදි යෑම එහි ස්වභාවයයි. මෙසේ සිත් බිදි බිදි යනවාත් සමගම අලුත් අලුත් සිත් එහි පහල වෙයි. මෙසේ නිවනට පත් වන තුරැ මෙ සිත් පරමිපරාව නොසිදි පවතියි.

    අභිධර්ම පොත් වල සදහන් ආකාරයට සත්ත්ව ශරිරයේ හෘධය ඇතුලත විඥානයට (විඥානය යනු චෛතසිකයන්ද සමග සිතට කියන නාමයයි) පැවතිම සදහා උපකාර වන එක්තරා ධාතු කොටසක් ඇත. මෙය වස්තුරෑපය හා හෘර්ධ වස්තුව යනුවෙන් හදුන්වයි. මෙම වස්තුරැපය ඇසට පෙනෙන රැපයක් නොවෙ. එලෙසම මෙයද බිදි බිදි පරමිපා වශයෙන් පවතින්නකි. සත්වයන්ගේ සිත් පරමිපරාව පවතින්නේ මෙ වස්තුරැපය තුලය.

    කෙසේ වුවත් කුමණ අයුරකින් හෝ මෙ වස්තුරැපය අක්රිසය වුවහොත් එහිදි විඥානයන්ට ඉපදිමට හැකියාව නැතිවි යයි. එය ක්රනමයෙන් හින වි ගොස් කිසිවක් ඉතිරි නොවි නැති වි යයි. ඉන් පසු ශරිරයේ සිත් ඉපදිමට සුදුසු තැනක් නොමැති වි යයි. මෙ ශරිරයේ උපදින අන්තිම සිත ඉපදි නිරැද්ධ වු විට සත්ත්වයා මළේ යයි කියනු ලැබේ. එම මිය යන ලද සත්ත්වයාගේ විඥාන ධාතුවට නැවත ඉපදිමට එම ශරිරයේ උපකාරි වන දෙයක් තවදුරටත් නොවුවත්, මෙම සිත් ඉපදිමෙ ශක්තිය එලසින්ම පවතින බැවින් එම විඥානයට පසුව ඉපදිය යුතු අනිත් විඥානය කුමක් හෝ ස්ථානයක උපත ලබන්නේය. මෙලෙස ශරිරයකින් අවසන් වරට ඉපිද බිදියන විඥානය චුති චිත්තය ලෙසත් එය පසුව එම සිත්පරමිපරාවටම අයත්ව වෙනත් තැනක උපදින පළමු සිත ප්ර තිසන්ධි චිත්තය ලෙසත් හදුන්වනු ලබයි.

    සිත්හි ස්වභාවය වන්නේ අන් තැනකට නොහොස් උපන් තැනම බිදි අතුරැදහන් වි යාමයි. මෙ ශරිරයේ වස්තුරැපය ඇසුරැ කර උපන් සිත් සියල්ල මෙ ශරිරය තුලම නිරැද්ධ වි යන යයි. නිරැද්ධව යන ලද අවසන් සිත හෙවත් චුති චිත්තය, මෙ ශරිරයේ පහල වු සිතක් නොව මම ශරිරයේ වු සිත් පරමිපරාවටම අයත්ව තිබි. වෙනත් සත්වයෙකුගේ පළමු සිත වශයෙන් ජනිත වුවකි. මිය යන ලද සත්ත්වයන්ගේ හා අලුතින් උපත ලද සත්වයාගේ රැපයන් එකිනෙකට වෙනස් වුවත්, ඔවුන්ගේ සිත් පැවත එන පරමිපරාව එක් බැවින් අර මළ සත්ත්වයාම දිව්යතලොකයට ගියා හෝ අපායට ගියා යැයි භාෂා ව්යසවහාරයේදි කියනු ලැබේ.

    මරණාසන්න සත්ත්වයාගේ සිතට කර්මය, කර්ම නිමිත්ත, ගතිනිමිත්ත යන තුනෙන් එකක් දර්ශනය වන්නේය. මෙහි කරිමය යනු. ඒ සත්ත්වයා එ භවයේදි කරණ ලද හෝ ඊට පෙර භව වලදි කරණ ලද හෝ කුසලාකුසල කර්මයන්ය. මෙ අවස්ථාවෙදි එයින් එකක් සිහි වෙ. කර්ම නිමිත්ත යනු, ඒ ඒ කර්මයන් සිදුකිරිමට උපකාරි වු බඩු භාහිර ආදියයි. ජිවිත කාලයම ප්රාවණගාථය කල අයෙකුට සත්ත්වයින් මැරිමට උපකාරි වු අය හෝ ඒ සදහා ඔහු භාවිතා කල පිහි ආදි දැ දර්ශනය විමට පුලුවන. දන් දුන් අයට දාන වස්තු ආදියත්, වන්දනා කල අයට මල් පුජා භාණ්ඩ ආදියත් දර්ශනය විය හැක. මෙම දර්ශනය විමි සිහින පෙනෙන ලෙස සිතට පෙනෙන දේවල්ය.

    ගති නිමිත්ත යනු කර්මය නිසා මතු උපදින ස්ථානයේ ඇති දෙයක් දර්ශනය විමය. නරකයේ උපදිනා සත්ත්වයින්ට යමපල්ලන් ගිනි දැල් ආදියත්, දෙවි ලොව උපදිනා අයට දිව්යන විමාන, දිව්යභ රථ ආදියත්, ප්රේතතව උපදනා අයට, ප්රේටථයන්ගේ විමාන ආදියත්, මනුශ්යාව උපදිනා අයට රතු පලසක් මෙන් මවි කුසයත් දර්ශනය වන බව දක්වා ඇත. මෙ දක්වා ඇත්තේ සියල්ල්ම නොව කොටසක් පමණි. ඉද හිට ගති නිමිත්ත ඇසට පෙනෙන තැනැත්තන්ද ඇත. දුටු ගැමුණු මහ රජුගේ අවසන් මොහොතේ සදෙවි ලොවෙන් රථ සයක් පැමිණි බව දක්වා තිබිම එබදු අවස්ථාවකි. රේවති ප්රේමථ වස්තුව, චිංචි මානවිකාච, දේවදත්ත ආදින් පොලව පලාගෙන නරකයට යැම සිදුවුයේ ඔවුන්ගේ ගතිනිමිත්ත ඇසට පෙනෙමිනි.

    මෙලෙස මෙම නිමිත්ත දර්ශනය වෙමින් පවතින විට, ඒ සත්ත්වයා තුල පවතින අවිද්යාමව නිසා මෙ උපදින්නට යන බවයේ ආදිනවය නොපෙනෙයි. තෘශ්ණාව නිසා නැවත ඉපදිමෙ කැමැත්ත ඇතිව සිත් පරමිපරාව ඒ දෙසට බරවෙ (එනමි භව තෘහ්ණා, කාම තෘශ්ණා ආදිය ඇතිව සිටි).මෙසේ සිත් පරමිපරාව පැවතියදී මෙ ශරිරයේ උපන් අවසන් සිත නිරැද්ධ වනවාත් සමගම එලබ සිටි අරමුණ එනමි කර්මය, කර්ම නිමිත්ත හෝ ගතිනිමිත්ත අරමුණු කරගනිමින් කර්මය විපාකත්වයට පැමිණිම ලෙස නව ස්ථානයේ සිතක් පහල වෙ. එවිට සත්ත්වයා නැවත උපත ලැබුවා යැයි කියනු ලබයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: