ඉස්ලාම් ආගමේ දේශපාලනමය, ආර්ථීකමය, සමාජයීය ක්‍රමය

ඉස්ලාම් ආගමේ දේශපාලනමය, ආර්ථීකමය, සමාජයීය ක්‍රමය ගැන විස්තර වශයෙන් සාකච්ඡා කිරීමට මෙම පරිච්ඡේදයේ ඇති ඉඩ ප්‍රමාණය ඉතා සීමිතය. අපරදිග උගතුන් විසින් ඉස්ලාම් ආගමට විරුද්ධව පතුරුවා හරින ලද වැරදි මතයක් ගැන මතු පළ වන ග්‍රන්ථ වල කරන අතර තුර ම, ඉහත සඳහන් කරුණු ගැන ද සවිස්තරව සාකච්ඡා කිරීමට හැකි වන බැවින් ඒ පිළිබඳ සෑහෙන අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. පහත සඳහන් කරුණු අපගේ පාඨකයන් ඉදිරියේ තැබීමට කැමැත්තෙමු.

පළමුකොට, ඉස්ලාම් ආගම හුදු විඥානවාදී, දර්ශනයක් නොවන බව අවබෝධ කරගත යුතුය. අනෙක් අතින්, එය මිනිස් වර්ගයාගේ නියම අවශ්‍යතා සම්පූර්ණයෙන් ආශ්වාදය කරමින් ඒවා හඳුනා ගැනීමට උත්සාහ කරන ප්‍රායෝගික ජීවන ක්‍රමයෙකි.
දෙවනුව, මිනිසාගේ නියම අවශ්‍යතා සපුරාලීමට උත්සාහ කිරීමේ දී, මනුෂ්‍ය ස්වභාවය අනූව ඉස්ලාම් ආගම එහි සම – තුලිතතාවක් ඇති කරයි. පුද්ගලයාගේ ශරීරය හා ආත්මය අතරත්, හේතුව හා ආධ්‍යාත්මය අතරත්, සමතුලිතතාවක් රැකෙන අයුරින් එය පුද්ගලයාගෙන් අරඹයි.
කිසි විටෙක එක් පැත්තකින් අනෙක් පැත්ත අභිභවනය කිරීමට ඉඩ නොදෙයි. ආත්මය ඉහළ තලයෙන්ම නැංවීම පිණිස මෘග ආශාවන් මර්දනය කිරීමක් එය නොකරයි. කාමුක ආශාවන් පිනැවීමේ දී මිනිසා තිරිසන් තත්ත්වය වැනි පහත් මට්ටමකට පත් කිරීමක් ද නොකරයි. එය කරන්නේ, මනුෂ්‍ය ආත්මයේ පැවැත්මට තර්ජනය කරන එසේ නැතිනම්, එහි එක් කොටසක් අනෙක් කොටස්වලට විරුද්ධ ව තබන, අභ්‍යන්තර මානසික ගැටුම් ඉවත් කොට, අර අංශ දෙක එක් උසස් තැනක දී හමු කිරීමයි. මේ නිසා එය පුද්ගල අවශ්‍යතා අතර සම-තුලිත බවක් ඇති කිරීමට කි්‍රයා කරයි. එය පුද්ගලයන් හෝ සමාජය පාගාගෙන ඉඳීමට එක් පුද්ගලයකුට කිසි විට ඉඩ නොදෙයි. එසේ ම පුද්ගලයෙකු පාගාගෙන හිඳීමට සමාජයට ද ඉඩ නොදෙයි. එක් පන්තියකට හෝ මනුෂ්‍ය කොට්ඨාශයකට තවත් පන්තියක් හෝ මනුෂ්‍ය කොට්ඨාශයක් වාලූන් කර ගැනීමට එය ඉඩ නොදෙයි. අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ සියලූ බලවේගවල දී, ඔවුනොවුන් අතර ගැටුම් වළක්වයි. ඔවුනට එකට අත්වැල් බැඳ ගැනීමට අනුශාසනා කරයි. මිනිස් වර්ගයාගේ පොදු යහපත පිණිස එක්සත් වන ලෙස කියයි. ඉස්ලාම් ආගම මේ අයුරින් සංවරශීලී, සුභසාධක ක්‍රමයක් අනුගමනය කරයි.


මෙසේ, ඉස්ලාම් ආගම ආධ්‍යාත්මික හා බාහිර අංශ අතරේත්, ආර්ථීක හා මානුෂික අංශ අතරේත් යන විවිධ සමාජ අංශ අතර සම තුලිතතාවක් රැකගනියි. කොමියුනිස්ට් වාදය පිළිගන්නාක් මෙන්, මානුෂික් පැවැත්ම ආර්ථීක කරුණු භෞතික පැත්ත විසින් අභිභවනය කරනු ලැබේය යන්නත් ඉස්ලාම් ආගම විශ්වාස නොකරයි. මනුෂ්‍ය ජීවිතය සංවිධනාය කිරීමට උසස් අදහස් වල ආධ්‍යාත්මික පක‍ෂය පමණක් සෑහේය යනුවෙන් පවිත්‍ර ආධ්‍යාත්මාවදීන් හා විඥානවාදීන් කරන ප්‍රකාශයට එය එකඟ නොවේ. මනුෂ්‍ය සමාජය ගොඩනැගෙන්නේ එක් කෙනෙකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් නොව විවිධාකාර මූලයක් එකතුවීමෙන් බව ඉස්ලාම් ආගම පිළිගනියි. මේ සියල්ල සැලකිල්ලට ගෙන ශරීරයට, බුද්ධියට හා ආත්මයට සම්පූර්ණයෙන් ඉඩ දී, ඒවා සාමකාමී රාමුවක් තුළ සංවිධානය කිරීම හොඳ ම ජීවන පද්ධතිය බව ද ඉස්ලාම් ආගම පිළිගනියි.
වෙතනුව, සමාජ දර්ශනයක් වශයෙන් හා ආර්ථීක ක්‍රමයක් වශයෙන් ඉස්ලාම් ආගමේ සම්පූර්ණ නිදහස් පැවැත්මක් ඇති බව සිහි තබා ගත යුතුය. එහි සමහර බාහිර ගති ලක‍ෂණ ධනවාදයට හෝ කොමියුනිස්ට් වාදයට සමානයයි මතුපිටින් පෙණුන ද, ඇත්ත වශයෙන්, මේ එකක්වත් නොවේ. මෙම ක්‍රමවල වැරදි සහ නොගැලපෙන තැන් ඉවත් කොට හොඳ ලක‍ෂන පමණක් එය රඳවා ගනියි. සමාජ ක්‍රමයෙහි පදනම පුද්ගලයා ය යනුවෙන් සලකන වර්තමාන අපරදිග පවත්නා ගති ලක‍ෂණවල තත්ත්වයට ම නොවැටි ඉස්ලාම් ආගම පුද්ගලවාදය පිටුදකී. පුද්ගලයාගේ නිදහස සෑම අතින්ම ආරක‍ෂා විය යුතු යයි ද, සමාජය විසින් කිසිම හේතුවක් නිසා එම නිදහසට ඇඟිලි නොගැසිය යුතු යයි ද කියයි. පුද්ගල නිදහස යන සංකල්පය මත ගොඩනැගුණු, අපරදිග වර්තමාන ධනවාදය නමැති විෂ බීජය විසින් පුද්ගලයා හදා වඩා ආරක‍ෂා කළ ජන සමාජය ඇතුළු අනිකුත් අය සූරාකනු ලබයි. සමාජයේ වැදගත්කම හොඳින් අවබෝධ කරගත් ඉස්ලාම් ආගම පෙරදිග යුරෝපීය රටවල දක්නට ලැඛෙන අන්දමේ අන්තයකට යන්නේ නැත. මනුෂ්‍ය ජීවිතයේ පදනම වූ සමාජය තුළ පුද්ගලයෙක් යනු ස්වකීයයි පැවැත්මක් නැති, තම රංචුවෙන් නිදහස් විය නොහැකි, නොවැදගත් වාහනයෙකියි එම යුරෝපිය රටවල් සිතයි. මේ නිසා නිදහස හා බලය විඳින්නේ සමාජයයි. ඒ පිළිබඳ ව ප්‍රශ්න කිරීමට හෝ තම අයිතිවාසිකම් ඉල්ලා සිටීමට හෝ පුද්ගලයාට කිසිම බලයක් නැත. මේ අයුරින් පුද්ගල ජීවිත කැමැති පරිදි හැඩ ගැස්වීමේ පරම බලය ඇත්තේ රාජ්‍යයටයයි යන ආකල්පය සහිත ව කොමියුනිස්ට් වාදය බිහි විය.
ඉස්ලාම් කොමියුනිස්ට් වාදයටත්, ධනවාදයටත් අතරමැදී සම-තුලිතතාවක් ඇත්තකි. පුද්ගලයාට තම සහෝදර ජනතාව පාගා ගැනීමට නොව, ඔහුගේ දක‍ෂතාවන් වැඩි දියුණු කර ගැනීමට නිදහස අවශ්‍ය යන්න හා පුද්ගලයා හා රාජ්‍යය අතර සාමය පැවතිය යුතුය යන්න ද පිළිගනිමින්. ජන සමාජයටත්, සංවිධාන වූ ජන සමාජයක ලක‍ෂණය වූ රාජ්‍යයටත්, මනුෂ්‍ය ජීවිතයේ මෙම සාමය ආරක‍ෂා කොට පවත්වාගෙන යාමට හා කි්‍රයාත්මක කිරීමටත්, සමාජ ආර්ථීක සම්බන්ධතා පාලනය කිරීමටත් විශාල බලතල ලබාදෙයි. ඉස්ලාම් ආගමට අනූව මෙම සම්පූර්ණ සැකිල්ලෙහි පදනම වන්නේ පුද්ගලයන් හා සමූහ අතර පවත්නා අන්‍යෝන්‍ය ආදරයයි. එය ගොඩනගා ඇත්තේ ඔවුනොවුන් අතර කුළල් කා ගැනීම් මතවත්, කොමියුනිස්ට් සමාජවල දක්නට ලැඛෙන පන්ති අරගල මතවත් නොවේ.
ඉස්ලාම් ආගම දකින අයුරින්, මෙම උසස් ජීවන ක්‍රමය කිසියම් ආර්ථීක පීඩනයක් නිසා ඇති වූවක් හෝ, අන්‍යෝන්‍ය විරුද්ධවාදී මිනිස් සමූහවල පරස්පරව ගැටෙන අවශ්‍යතා නිසා ඇතිවූවක් හෝ නොවේ. මෙපමණක් නොවේ, මෙම ක්‍රමය, ප්‍රබුද්ධ ජීවන ක්‍රමයක් වශයෙන් ලෝකයට එළිදරවු කරන ලද්දේ මිනිසුන් ආර්ථීක කරුණු වලට විශේෂ වැදගත් තැනක් දුන් අවධියකදී නොවේ. වර්තමානයේ අප දක්නා අරුතින් සමාජ සාධාරණය පිළිබඳ ව කිසිවක් ඔවුන් දැන සිටියේ නැත. කොමියුනිස්ට් වාදය හා ධනවාදය පශ්චාත්කාලීන වර්ධනයෝ වෙති. මනුෂ්‍ය ජීවිතයෙහි සමාජ හා ආර්ථීක අංශයන්හි ප්‍රතිසංස්කරණ ගැන සලකන විට, කාල්මාක්ස්ගේ නම සාමාන්‍යයෙන් සම්බන්ධ වී පවත්නා, මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාර, නිවාස හා ලිංගික තෘප්තිය යන කරුණු සඳහා ප්‍රතිපාදන සැලසීම රජයක යුතුකමයි. මෙම අදහස මනුෂ්‍ය චින්තනය පිළිබඳ ඉතිහාසයේ මහා විප්ලවයක් ඇති කළේ ය. එහෙත්, කාල්මාක්ස්ට බොහෝ කලකට පෙර, අවුරුදු එක් දහස් තුන්සියකට පෙර, ඉස්ලාම් ආගම ලෝකය ඉදිරියේ පුද්ගලයාගේ මෙම අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශ කළේය.

මේ අයුරින් අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන් මෙසේ කීය: —අප සඳහා (ඉස්ලාමීය රාජ්‍යය) යම් කිසිවෙක් රාජ්‍ය සේවකයකු ලෙස කි්‍රයා කරන්නේ ද, ඔහුට භාර්යාවක් නැත්තේද, ඔහුට භාර්යාවන් සිටිය යුතුය. නිවසක් නැතිනම් ජීවත් වීම සඳහා ඔහුට නිවසක් ලබා දිය යුතුය. සේවකයෙකු නැත්නම් සේවකයෙකු සොයා ගත යුතුය. ඔහුට (සත්වයෙකු) වාහනයක් නැතිනම් සත්වයෙකු සොයි දිය යුතුය.˜ මෙම මූලික අයිතිවාසිකම් පිළිබඳ ඓතිහාසික ප්‍රකාශනයෙහි අන්තර්ගත වන්නේ කාල් මාක්ස් කියූ දෙය පමණක් නොවේ. පන්ති අතර ද්වේශයක් නැතිව, ලේ ගලන විප්ලව නැතිව, ආහාර, නිවාස හා ලිංගික තෘප්තිය හා පෙර කී මූලයන් ප්‍රතිෙක‍ෂ්ප කිරීමක් නැතිව, කාල්මාක්ස් කියූ දෙයට වැඩිපුර දේ එහි අඩංගු වේ.
මේවා ඉස්ලාමීය ජීවන පද්ධතියේ කැපී පෙනෙන ලක‍ෂණ ය. එබඳු නීති හා මූල ධර්ම සහිත වූ ද, මානුෂික පැවැත්ම, හැඟීම්, සිතුවිලි, කි්‍රයා, වන්දනා, ආර්ථීක කටයුතු, සමාජ සම්බන්ධතා, ආශාවේග හා ආධ්‍යාත්මික ප්‍රාර්ථනා ආදී සියල්ල ඇතුළත් වූ ද, සරල සාමකාමී උතුම් ජීවන ක්‍රමයක් පිළිබඳ රාමුවක් තුළ සංවිධානය කරන ලද, ආගමක් එහි මනුෂ්‍යයාට ඇති ප්‍රයෝජනවත් බව කවදාවත් නැති නොවේය යන්න තහවුරු කිරීමට මේවා ප්‍රමාණවත් වෙයි.
එබඳු ආගමක සහ ජීවිතයේ අරමුණු සමාන බැවින් එම ආගම කවදාවත් විනාශ වන්නට බැරිය. මේ නිසා පෘථීවිය මතුපිට ජීවය පවත්නා තුරු එය පවත්නේ ය.
සමකාලීන ලෝක තත්ත්වය ගැන සලකා බලන විට, මිනිස් වර්ගයාට ඉස්ලාම් ආගමට පරාංමුඛ වීමට හෝ එහි ජීවන ක්‍රමය ප්‍රතිෙක‍ෂ්ප කිරීමට හෝ පුළුවන්කමක් නැත. ඒ නිසා ප්‍රබුද්ධ විසිවැනි සියවස තුළ ජීවත් වන මිනිසා තවමත් අතිශයින් මිලේච්ඡ වූ ද, අමිහිරි වූ ද සමාජ අසාධාරණකම්වල නියුක්ත වී සිටී.

ඇමරිකාව හා දකුණු අප්‍රිකාව මෙයට සාධක සපයයි. ඇත්ත වශයෙන්ම විසිවැනි සියවසේ ලෝකය විසින් ඉස්ලාම් ආගමෙන් උගත යුතු බොහෝ දේ ඇත. බොහෝ කලකට පෙර ඉස්ලාම් ආගම සියලූ සමාජ අසාධාරණකම්වලින් මනුෂ්‍යත්වය මුදා ගත්තේ ය. සමානාත්මතාව පිළිබඳ විචිත්‍ර චිත්‍රයක් එහි අඩංගුවූයේ පමණක් නොවේ. භක්තියෙන් මිස අන්‍යයන් මත ප්‍රමුඛතාවයක් කිසිවකුට ලැබිය නොහැකි යයි ප්‍රකාශ කරමින් කලූ, සුදු හා රතු මිනිසුන් අතර අද්විතීය සමානාත්මතාවක් ප්‍රායෝගික වශයෙන් ම එය ලබා ඇත. එය කළු මිනිසුන් වාල් බවින් මුදා ගත්තා පමණක් නොව, ඉස්ලාම් රාජ්‍ය තුළ උසස්ම තත්ත්වයට පැමිණීමට ඔවුන්ට ඇති අයිතිවාසිකම් ද පිළිගත්තේය. නිදහස් පුද්ගලයන් මෙන් ඔවුන්ට ඉස්ලාම් රාජ්‍යයේ ප්‍රධානීන් වීමට හැකිය. අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන් මෙසේ කීය: —නීග්‍රෝ වාලකු ඔබගේ ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබුවහොත් ඔහු අල්ලාහ්ගේ නීතිය ඔබ කෙරෙහි බල පවත්වන තාක් කල් ඔහුට සවන් දෙන්න. ඔහුට කීකරු වන්න.˜
අධිරාජ්‍යවාදයේ හා අත්තනෝමතිකත්වයේ පාපයන්ට හා මිලේච්ඡ ලක‍ෂණවලට මැදි වූ වර්තමාන ලෝකය තමන් බැඳ ඇති යදම් බිඳ දැමීමට ඉස්ලාම් ආගමට පමණක් හැකිය යන ඉස්ලාම් පණිවුඩය කෙසේ අමතක කළ හැකි ද? අධිරාජ්‍ය වාදයටත් සියලූ ආකාර සූරාකෑම්වලටත් ඉස්ලාම් ආගම විරුද්ධය. දෙවියන් වහන්සේගේ වචනය පතුරුවා හැරීමේ අදහසින් ඉස්ලාම් ආගම විසින් දිනාගන්නා ලද රටවල මිනිසුනට කරන ලද සැලකිල්ල කෙතරම් පරාර්ථකාමී ද? උතුම් ද? යන්න සිතා ගැනීමට පවා —ශීලාචාර˜ යුරෝපයට නොහැකි ය. මේ කරුණෙහි දී, උමර් බින් අල් කත්තාබ් කලීෆා (පාලකයා) ගේ ප්‍රසිද්ධ තීරණයක් සඳහන් කිරීමට කැමැත්තෙමු. ඊජිප්තුවේ ජයග්‍රාහී ජනරාල් වරයකු වූ ද, ගෞරවනීය ආණ්ඩුකාරයා වූ ද අම්ර් බින් අල් ආස් (රලි) තුමන්ගේ පුත්‍රයාට කිසිදු නෛතික සාධාරණත්වයක් නැතිව ඊජිප්තු කි්‍රස්තියානිකාරයාට පහර දීමේ හේතුවෙන් කස පහර දීමට නියම කළේය. තම කීර්තිමත් පියා නිසා ඔහු පාලක තුමාගේ කස පහරින් බේරුණේ අනූනවයෙනි.
ඉස්ලාම් රාජ්‍යයේ වැසියන් බුක්ති විඳින සිවිල් නිදහස කෙතරම් ද යන්න මෙම කරුණින් පැහැදිළි වෙයි.
ජීවිතයට විස කැවූ ධනවාදයේ පාපය ඊට පසු දක්නට ලැබිණ. එය නැතිකර දැමීමටත් මනුෂ්‍ය ජාතිය එහි දුෂ්ට විපාකයන්ගෙන් මුදවා ගැනීමටත් නැවතත් ඉස්ලාම් ආගම අවශ්‍ය විය. ධනපති ආර්ථීකයක ලක‍ෂණ වූ ගිනි පොලිය, ධනය රැස්කොට සඟවා තැබීම, ඉස්ලාම් ආගම විසින් තහනම් කරනු ලැබේ. වෙනත් වචනවලින් කියනවා නම්, මෙහි මීට අවුරුදු එක් දහස් තුන්සියයකට පෙර කළාක් මෙන්. ඉස්ලාම් ආගමට පමණක් ධනපති වාදයේ පාපයන් සාර්ථක ලෙස නැවැත්විය හැකි බවය. මිනිස් හදවතේ ආධ්‍යාත්මික ස්පන්දනය වියලවන්නේ නැතිව, සමාජ සාධාරණය පවත්වා ගැනීමට ඉස්ලාම් ආගමෙන් තරම් උපකාරයක්, භෞතික වාදී අදේව වාදී කොමියුනිස්ට් වාදය විසින් ජය ගන්නා ලද ලෝකයේ නොලැඛෙයි. ඉස්ලාම් ආගම මිනිසාගේ ලෝකය පටු හැඟීම් සහිත ලෝකයකට සීමා නොකරයි. මේ හැමට ම වඩා, ඉස්ලාම් ආගම පහත් පන්තියේ ඒකාධිපතීත්වයක් උපයෝගි කොටගෙන මනුෂ්‍ය වර්ගයා මත බලහත්කාරයෙන් තම ආගමික දර්ශනය කි්‍රයාත්මක කිරීමට අදහස් නොකරයි. උනන්දුවක් ද නොදරයි.
ආගමේ අනිවාර්ය බවක් නැත. ඇත්ත වශයෙන් ම ගුණවත් බව කෘෘර බවෙන් වෙන්ව කැපී පෙනෙනු ඇත.˜ (අල්කුර්ආනය 2: 256).
අවසාන වශයෙන්, තවමත් යුද්ධයේ සෙවනැලි වලින් වැසුණු ලෝකයට, පෘථීවිය මතුපිට සාමය ඇති කොට පවත්වාගෙන යා හැකි එකම මාර්ගය වන ඉස්ලාම් දෙස නොහැරී සිටිය නොහැකි ය.
ඉස්ලාම් යුගය ආරම්භ වූවා පමණකි. අවසන් වී නැත. එය සිඳී ගිය බලවේගයක් නොවේ. ජීවමාන ගතික බලවේගයකි. යුරෝපය මධ්‍යතන යුගයේ අඳුරු අගාධවල මාර්ගය සොයමින් බඩ ගෑ යුගයෙහි, පොළෝ තලය ආලෝකවත් කළ ඉස්ලාම් ආගමේ ඒ දීප්තිමත් ඓතිහාසික අතීතය මෙන් ම එහි අනාගතය ද දීප්තිමත් ය.
ශ.ද්ධවූ කුර්ආනය මෙසේ සඳහන් කරයි: —ඔබගේ වාලූන් පිළිබඳව ද එසේ ය. ඔවුන් තුළ පවත්නා කිසියම් යහ ගුණයක් ඔබ දන්නේ නම් ඔවුනට පෙනෙන පරිදි ඔවුන් නිදහස් කිරීම පිළිබඳ ප්‍රකාශනය ලියන්න. අල්ලාහ් ඔබට යම් ධනයක් ප්‍රදානය කොට ඇත් ද, එම ධනය ඔවුනට ද ප්‍රදානය කරන්න.˜ (අල්කුර්ආනය 14: 33).
ඉස්ලාම් ආගම මොනම ක්‍රමයක හෝ මිථ්‍යා විශ්වාසයන්ට විරුද්ධ බැවින් එයට මිනිස් බුද්ධිය වර්ධනය කිරීමේ ශක්තියක් ඇත. පසුගිය කාල පරිච්ඡේදවල දී මනුෂ්‍යත්වය, චින්තනය පිළිබඳ විවිධ අසාධාරණකම්වලට හා මිනිසාගේ අභිරුචියට අනූව හැඩ ගැසුණු සමහර පුරුදුවලට ගොදුරු වූ බව පෙනෙන අතර සමහර ඒවා මිනිසා විසින් නිර්මාණය කරන ලද දෙවියන්ගෙන් පැවතෙන බව ද පෙනේ. මේ අයුරින් මිනිස් බුද්ධිය ඉස්ලාම් ආගම පැමිණීමට පෙර අණ්ධකාරයේ බඩගාමින් තිබිණ. ඉස්ලාම් ආගම පැමිණීමත් සමග ම මිනිස් බුද්ධිය පරිණත බවට පත්විය. බහුබූත අදහස් වලින්, ඊනියා දෙවිවරුන්ගෙන්, යුදෙවු සම්ප්‍රදායන්ගෙන් හා ඛෙලහීන කි්‍රස්තියානි පල්ලියෙන් ද මුදවනු ලැබූ එම මිනිස් බුද්ධිය යළිත් වරක් සත්‍ය විශ්වාසයේ හා සත්‍ය දෙවියන් වහන්සේගේ අභියසට පමුණුවන ලදී.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: