මුස්ලිම්වරුන් තුළ ආගමික සදාචාරයක් හැදියාවක් තියෙනවා

අනුරාධපුර ගාලදිවුල් වැව ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත දොඹවලගම ශ්‍රී අභිනවාරාමාධිපති රැලිපනාවේ පඤ්ඤාසිරි ස්වාමිපාදයාණන් වහන්සේ සමග පැවැත්වූ සාකච්ඡාවක්

ප්‍රශ්නය: ගරු හාමුදුරුවනේ දැන් ලංකාවේ තිඛෙන ඉස්ලාම් සමාජය හා බෞද්ධ සමාජය අතර දැනට තිඛෙන සම්බන්ධීකරණය කොයි ආකාරයෙන් ද ඔබ වහන්සේ දකින්නේ?
පිළිතුර: මුස්ලිම් (ඉස්ලාම්) ආගම කියන්නේ එකක්¦ බෞද්ධ ආගම කියන්නේ තවත් එකක්. ඒ දෙක අතර සම්බන්ධතාවයක් තිඛෙනවා කියන එකක් අපිට දකින්න අමාරුයි. නමුත් වර්තමානයේ පවත්නා තත්ත්වය හැටියට මුස්ලිම් (ඉස්ලාම්) ආගම දේව වාදී ආගමක් හැටියට ආගමෙන් මිනිසුන් බැඳලා තියෙනවා. ඒ වගේම නොනැසි පවතින නීති සමූහයක් තියෙනවා. ඒ නීති ඒ අයගේ ආගමිකත්වය රැකගන්නට විශාල වශයෙන් මහන්සියක් අරගෙන තියෙනවා. එම නිසා අපේ බෞද්ධ සමාජයට වඩා ඒ අයගේ යම්කිසි ආගමික හැදියාවක් තියෙනවා.


ප්‍රශ්නය: ඒ කියන්නේ සිංහල බෞද්ධයන්ට වැඩිය මුස්ලිම් සමාජය තුළ ආගමික වශයෙන් හැදියාවක් තියෙන බව ඔබ වහන්සේ පිළිගන්නවා.
පිළිතුර: නීතිමය රාමුවකට කොටු කරල හරි ඒ අයගේ යම්කිසි ආගමික සදාචරායක් හැදියාවක් තියෙනවා.


ප්‍රශ්නය: හාමුදුරුවනේ බෞද්ධ ආගමේ හැටියට පළවෙනි ශික්ෂා පදය තමයි ප්‍රාණඝාත අකුසලයෙන් වැළකීම. නමුත් අතීතයේ බුදුන් දවස සිටම බෞද්ධයන් බොහෝ දෙනෙක් මාංශ භක්ෂකයින්. එහෙත් ඔවුන් මුස්ලිම් සමාජයට චෝදනා කරනවා, ප්‍රාණ ඝාතනය කරමින් මස් අනුභව කරන්නේ මුස්ලිම් අය කියලා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස මොකක් ද?
පිළිතුර: ප්‍රාණඝාතනය බුදු දහමේ ප්‍රතිෙක‍ෂ්ප කරන දෙයක්. පළවෙනි ශික්ෂා පදයේම හඳුන්වනවා —පානාතිපාතා වේරමණි සික්ඛා පදං˜ කියලා. ඒ නිසා මස් කෑම කෙසේ වෙතත් ප්‍රාණ ඝාතනය කියන එක බුද්ධාගමේ දැඩිව ප්‍රතිෙක‍ෂ්ප කරනවා.


ප්‍රශ්නය: හාමුදුරුවනේ මම ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම, මස් කන නිසාද ප්‍රාණ ඝාතනය කරන්නේ. නැතිනම් ප්‍රාණ ඝාතනය කරන නිසා ද මස් කන්නේ කියලා
පිළිතුර: ඔය ප්‍රශ්නය හරියට අර කිකිළි ද බිත්තරේ ද ඉස්සරලා ආවේ කියලා ඇහුවා වගේ නේද? ඒ නිසා ඔය ප්‍රශ්නයට උත්තර හොයන්න අමාරුයි


ප්‍රශ්නය: දැන් මේ ප්‍රාණ ඝාත අකුසලය හරහා බෞද්ධයන් ඉස්ලාම් සමාජයට කරන චෝදනාව තමයි හරකුන් මැරීම. ඉස්ලාම් සමාජය විසින් බෞද්ධයින්ට කරන චෝදනාව නම් —බුදු හිමි මස් කන්න එපා˜ කියද්දී ඇයි බෞද්ධයෝ මස් කන්නේ කියන දේ. මෙය ඔබ වහන්සේ දකින්නේ කොයි ආකාරයෙන් ද?
පිළිතුර: —මස් කන්න එපා˜ කියලා බුදු හිමියන් කියලා නෑනේ. දේවදත්ත තෙරුන් වහන්සේ ගේ වර 5 ක් (ඉල්ලීම් පහක්) තියෙනවා එයින් එකක් තමයි —ජීවිතාන්තය දක්වා භික්ෂූන් වහන්සේලා නිර්මාංශ විය යුතුයි කියලා.˜ එහිදි බුදු හිමියන් කීවා, —කැමති අයට මස් කෑමටත් අකැමති අයට නොකෑමටත් පුළුවනිය. නමුත් එය කන්න හෝ නොකන්න කියලා තහනම් කිරීම අසාධාරණයි˜ යනුවෙන් පැවසුවා


ප්‍රශ්නය: එසේ නම් බුදු හිමියන් එය දැඩිව ප්‍රතිෙක‍ෂ්ප කරන්නේ නැහැæ
පිළිතුර: බුදු හාමුදුරුවෝ සමහර භික්ෂූන් රෝගී වූ අවස්ථාවල දී එය සුවකර ගැනීම සඳහා කෑමට මස් තිඛෙන ස්ථානවල පිණ්ඩපාතයේ යන්න කියලා නියෝග කළා. මොකද ඒ තැනදී මස් ලැඛෙන නිසා. ඒ නිසා මස් කෑමම කියලා ප්‍රතිෙක‍ෂ්ප කිරීමක් කොතනැකදී වත් කරන්නේ නැහැ. නමුත් සත්ත්ව ඝාතනය ප්‍රතිෙක‍ෂ්ප කරනවා


ප්‍රශ්නය: මස් අනුභව කිරීම අතර හරකා සම්බන්ධව කොහොමද බුදු දහමේ අර්ථ නිරූපණය කරන්නේ? ඒ කියන්නේ හරකා හැර අන් සතුන් මැරුවාට කමක් නැහැ කියලා දේශනා කර තිඛෙන්වා ද?
පිළිතුර: කිසිම සත්ත්වයෙක් මරන්න කියලා නැහැ. මරන්න කියන්නෙත් නෑ. මරන්න එපා කියලත් නෑ. සමහරක් වේලාවට රැකියාව වශයෙන් සතුන් මරලා මස් කර විකුණා යැපෙන පුද්ගලයන් සිටිනවා. උදාහරණ වශයෙන් ඡේතවනාරාමයේ අල්ලපු වැටේ හිටියේ චුන්ද. ඔහුගේ රැකියාව තමා මස් පිණිස ඌරන් ඇති කර මරන එක. එකකොට ඌරො මරන්න එපා කියලා බුදු හිමියන් ඒ බමුණාගේ ගෙදර ගිහිල්ලා කියලා නෑ. තමන්ගේ රැකියාව කරගෙන යන්න ඔහුට අයිතියක් තියෙනවා. එය කිසිදු අයුරකින් තහනම් කළේ නැහැ. නමුත් බෞද්ධයන් ගේ අරමුණ නිවන් දැකීමයි. එහෙම නම් මෙයට ප්‍රාණ ඝාතනය මහත් බාධාවක්. ඒ නිසා නිවන් දකින්නට උත්සාහ දරන කෙනෙක් සිටිනවා නම් මස් මාංශ වලින් තොර විය යුතුයි. එහෙම නොවෙනවා නම් ඔහුට නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ


ප්‍රශ්නය: හාමුදුරුවනේ බුදු හිමියන් කොතැනක හරි ති්‍රපිටකයේ කියලා තියෙනවාද හරකා ගැන විශේෂ කරලා. ගවයන් ඝාතනය කරන්න එපා කියලා?
පිළිතුර: කොතැනකවත් කියලා නැහැ. නමුත් ගවයා සම්පතක් හැටියට පෙන්නලා තියෙනවා. ගවයා උතුම්ම සම්පතක්. ගව සම්පත තරම් වටිනා සම්පතක් ලෝකේ නැහැ කියන එක පෙන්නලා දීලා තියෙනවා. මිහිපිට ඇති එකම සම්පත ගව සම්පත කියලයි කියන්නේ


ප්‍රශ්නය: හාමුදුරුවනේ මෙතැනදී තවත් එක් ප්‍රශ්නයක් තමයි ලාංකීය බෞද්ධයින් හැර වෙනත් රටවල වෙසෙන බෞද්ධ සහ අබෞද්ධ ජනතාවට එම රටවල පාරිසරික පසුබිම අනූව ධාන්‍ය වර්ග හා එළවළු, පළතුරු නොමැතිකම. මෙවැනි පලාත් වල වෙසෙන්නන් අනුභවය සඳහා තිඛෙන්නේ මාංස පමණක්ම නම් ඔවුන් කරන්නේ කුමක් ද? බුදු දහම තුළින් මෙවැනි අවස්ථා වලට මුහුණ දී තිඛෙන්නේ කොයි අයුරින්ද?
පිළිතුර: බුදු හිමියන් සතුන් මරන්න එපා කියලා නෑ. දේශයෙන් දේශයට ආවේනික රටාව අනූව මිනිසා හැඩ ගැසිය යුතුයි. උදාහරණයක් වශයෙන් ගත්තහම ඇමරිකාව, ස්විට්සර්ලන්තය වැනි රටවල ජීවත්වන මිනිසුන් බැටළු මස් කන්න ඕනි. එහෙම නැතිනම් ඒ අයගේ ඇෙඟ් උෂ්ණත්වය පවත්වාගෙන යන්න බැහැ. මම බෞද්ධ වුනා භික්ෂුවක් වුනා කියලා බැහැ. ඒ ඒ රටවල රාජ්‍ය නීතිය හා රටට ආවේනික වූ පොදු සම්මතයන්ට අපි අවනතවෙන්න ඕනි. නැතිනම් පුද්ගලයා විනාශ වෙනවා. මෙතැනදී පුද්ගල විනාශයක් වූවොත් ආගම පැහැදිලිවම විනාශ වෙනවා. බුහු දහම විනාශ නොවෙන්න නම් මිනිසා ආරක‍ෂා විය යුතුයි. නිකරුනේ නොමැරි සිටිය යුතුයි


ප්‍රශ්නය: හාමුදුරුවනේ බොහෝ බෞද්ධයන් අතර මෙහෙමත් මතයක් තියෙනවා. අපේ ගෞතම බුදුහිමියන් බුදු වීමට පෙර ගව ආත්මෙක ඉපදුණු නිසා (නන්ද විශාල ජාතක කථාව) එයට ගෞරවයක් වශයෙන් ගවයන් මැරීම ප්‍රතිෙක‍ෂ්ප කරන බව. ඒ ඇත්තද?
පිළිතුර: නැහැ. ඒකාලේ ඉන්දියාවේ තිබුණු සම්ප්‍රදායක් තමයි එය. ශිව භක්තිකයින්ගේ තිඛෙනවා ගවයාට ගරු කිරීමක්. මූලිකත්වය දීමක්, ඊට හේතුව ශිව දෙවියන්ගේ වාහනය ගවයා වීමයි. ලෝකය නිර්මාණය කළ පුද්ගලයාගේ වාහනය ගවයා. ඒ නිසයි ඔවුන් වඳින්නේ. ඒ එක්කම බුදු හිමියනුත් එයට විරුද්ධ නොවී ගවයාට මූලිකත්වය දී තිඛෙනවා


ප්‍රශ්නය: හාමුදුරුවනේ ඇතැම් බෞද්ධයින් හා බෞද්ධ නොවන සමහර පුද්ගලයින් කියන කථාවක් තමයි බුදු දහමට වෙනත් ආගම් තුළින් යම් යම් කොටස් ඇතුළත් වී ඇති බව. මෙතැනදී විශේෂ තැනක් ගන්නවා ආශෝක රජුගේ කාලය. බුදු දහමට ආශෝක දහම කියලත් කියනවා. මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස පැහැදිළි කරනවා නම්…æ
පිළිතුර: ඔව් බුදු දහමට එවකට පැවති ඉන්දියානු ආගම් වලින් යම් යම් කරුණු ඇතුළත් වෙලා තිඛෙනවා. විශේෂයෙන් විනය නීති පවා සකස් වෙලා තියෙනවා. විවිධ ආගම් වලින් එකතු වෙලා තමයි වස් විසීම, පාවහන් පැළඳීම වාගේ දේවල්. ඒ ඒ යුගවල ඒ ඒ දේශයන් වලින් නැගුණු උද්ඝෝෂණ, මහජන මතයන්, එයට ගරු කිරීමක් වශයෙන්, ඇහුම්කන් දීමක් හැටියට ඒවාට ඉඩ දුන්නා. නමුත් නීතියක්ම කියලාවත් එහි පවක් වෙනවා කියලාවත් නැහැ.


ප්‍රශ්නය: ඒ කියන්නේ හාමුදුරුවනේæ මෙය බුදු හිමියන්ගේ තනි තීරණයක් නොවෙයිද?
පිළිතුර: බුදු හාමුදුරුවරුන්ගේ තනි තීරණයක් නොවෙයි. මහජන මතය තුළ ගොඩ නැගුණු එකක්. අවුරුදු 20 ක් යනකම්ම නීතියක් පැනෙව්වේ නැහැනේ බුදු හාමුදුරුවෝ


ප්‍රශ්නය: එහෙම නම් මේ තිඛෙන්නේ බුදු දහම පමණක්ම නෙවෙයි නේද? වෙනත් ආගම් එකතු වෙලා හැදුනු ආගමක්ද?
පිළිතුර: ඒක වැරදි මතයක්, බුදු හිමිගේ දහම සෙසු ආගම් වලට වඩා බොහෝ සේ වෙනස්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අනිත් ආගම්වල තිඛෙන මතයන් වලට හා මහජන මතයන් වලට එකඟයි. මහජන මතයට එකඟ නොවන රාජ්‍ය නීතියට එකඟ නොවන දහමක් නොවෙයි බුදු දහම කියන්නේ. බුදු හිමි කිසිදු තැනක මම තමයි ශාස්තෘෘවරයා, මට කැමති විදිහට නීති සම්පාදනය කොට ඒවා සමාජයට පනවන්න පුළුවන් කියලා කි්‍රයා කළේ නැහැ


ප්‍රශ්නය: හාමුදුරුවනේ ලංකාවේ පවතින ආගම් වලින් ඉස්ලාම් ආගම ගත් විට එහි තුළ යම් නීතිමය රාමුවක් පනවලා තියෙනවා. ඉස්ලාම් භක්තිකයෝ මේ නීති රාමුව තුළට අන්තර්ගතව තමයි එම ආගම අදහන්නේ. මෙවැනි නීති පද්ධතියක් ඉස්ලාමය තුළ තිඛෙන නිසා එම ඉස්ලාම් සමාජය ඉතා යහපත් අතට හැරෙනවා. ඉතිං මෙවැනි නීති පද්ධතියක් බුදු දහමේ අන්තර්ගතව තිඛෙනවාද? එසේ නැතිනම් බුදු දහම සහ බෞද්ධ ජනතාව ආරක‍ෂා කිරීමට කුමන කි්‍රයා පටිපාටියක් ද කි්‍රයාත්මක කරන්නේ?
පිළිතුර: බුදු දහම කියන්නේ මිනිසාගේ යහපතට කි්‍රයා කරන ආගමක්. ඒ වගේම නිදහස් ආගමක්. අන් ආගම්වලට වගේ බෞද්ධයා ආගම තුළින් නීතිමය රාමුවකට කොටු කරලා ඇද බැඳ තබලා නැහැ. බුදු හිමි කීවේ තමා හොඳ කුසලයක් කළත්, නරක අකුසලයක් කළත්, එහි විපාකය තමාමයි විඳින්නේ. වෙන කෙනෙක්ට එය හිමිවෙන්නේ නැහැ. කියලා. —තම තම නැන පමණින් දැන ගත යුතු˜ බුදු දහම කියන්නේ ප්‍රඥාවන්තයින්ට මිසක් අඥානයින්ට නොවේ. එසේ නම් හොඳ පාරේ යා යුතු බව දැන ගත යුත්තේ තමන් මිසක් වෙන කෙනෙක් නොවෙයිනේ. අශ්වයෙක් වතුර විළක් ළඟට ගෙනි යන්න පුළුවන්, ඒත් ඌට වතුර පොවන්න බැහැ. බුදු දහම මැනවින් පාර පෙන්නලා දී තිඛෙනවා. එහි ගමන් කළ යුතු ක්‍රමය කියා දීලා තියෙනවා. එහි ගමන් කිරීම මිනිසා සතුයි. අත් හළ යුතු අන්ත දෙකක් තියෙනවා. එය අත්හැරලා මැදුම් පිළිවෙත අනුගමනය කළ යුතුයි. බෞද්ධයාගේ අරමුණ තමයි නිවන. එයට යා යුතු ක්‍රමය පෙන්නා දී තිඛෙනවා මිසක් —එහි අනිවාර්යයෙන්ම යන්න නොගියොත් ද~ුවම් කරනවාය˜ කියලා බුදු දහමේ කියලා නෑ. ද~ුවම් දීම බුදු හාමුදුරුවෝ ප්‍රතිෙක‍ෂ්ප කරනවා. නීති තියෙනවා භික්ෂුන් වහන්සේලාටත් ගිහි අයටත් වෙන වෙනම. එම නීති කැඩුනයි කියලා පවක් සිද්ධ වෙන්නේ නෑ. නමුත් ඒකෙන් වෙන හානියක් තියෙනවා. පවක් නෙමේ එතන තියෙන්නේ. තමන් කරන හොඳ නරක දෙකටම විපාකයක් තියෙනවා. හොඳ දේට හොඳ විපාකත් නරක දේට නරක විපාකත් වෙන වෙනම ලැඛෙනවා. බුදු හිමිගේ මතය නම් මාගේ ආගම හොඳයි නම් මා හොඳයි නම් පිළිපදින්න. මා කාටවත් බල කරලා ආගමට එන්න කියන්නේ වත් පිළිපදින්න කියන්නේවත් නැහැ. බෞද්ධයෙක් වශයෙන් නිවන් මාවතේ ඔබ ගමන් කරනවා නම් මේ නීති රීති අනුගමනය කරන්න කියලා බුදු හිමි දේශනා කළා.


ප්‍රශ්නය: හොඳයි මම මෙහෙම කීවොත් හාමුදුරුවනේ. දැන් ඒ නීති කි්‍රයාත්මක වෙන්නේ නෑ කියලා.
පිළිතුර: ඒක තමයි අපත් උත්සාහ කරන්නේ ඒවා කි්‍රයාත්මක කරන සමාජයක් හදන්න. මේ නීති කි්‍රයාත්මක නෑ කියන්නේ මිනිසුන් නියම මාර්ගයේ යන්නේ නෑ කියන එක. වැඩි වශයෙන් බෞද්ධ කියලා කියා ගත්තු බෞද්ධයන් මිසක් නියම බෞද්ධයෝ අද දකින්න නැහැ. ඉන්නවා නම් ඉන්නේ ඉතා අල්පයි.


ප්‍රශ්නය: දැන් හාමුදුරුවනේ අපි බෞද්ධ සංස්කෘතිය ගැන කථා කළොත් නියම බෞද්ධ කාන්තාවකගේ හැසිරීම, ඇඳුම් පැළඳුම් ගැන සඳහන් වෙනවා මේ විදියට —පෙකිනිය නොදක්වා, සලූ පට ඇඳ බොලට දක්වා, නොපා තන සක්වා, සිනා නොමසෙන් දසන් දක්වා.˜ මෙවැනි ක්‍රමයට අද බෞද්ධ කාන්තාව හැසිරෙනවාද කියන එක නම් ප්‍රශ්නයක් නේද හාමුදුරුවනේ? හැබැයි මේ අයුරින් අඳින පළඳින කාන්තාවන් වෙනත් සමාජ වලින් අපිට දකින්න පුළුවන්. විශේෂයෙන් ඉස්ලාම් කාන්තාව. මේ ගැන ඔබ වහන්සේ…?
පිළිතුර: ඒ කියන්නේ සිංහල ලාංකීය බෞද්ධ අපි විතරයිනේ ගණන් ගන්නේ සිංහල නොවන සියලූ බෞද්ධයන් ගාව ඔබ කියන ලක්ෂණය තියෙනවා. තායිලන්තය, ජපානය වැනි රටවල් දිහා බලන්න. සිංහල බෞද්ධ අපි ළඟ තියෙනවා අන්‍යකරණය කියන එක. අනිත් අය වැළඳ ගැනීම, අනුකරණය කිරීම. එවැනි හේතු නිසා බොහෝ දේ වෙනස් වෙලා තියෙනවා. බෞද්ධ කිව්වාහම ඒක ලෝකවාසී සකල සියලූ බෞද්ධයන්ට කරන අසාධාරණයක්. ඒ නිසා සිංහල බෞද්ධයා කියන වචනේ දැම්මොත් හරියි නේද? තායිලන්තය, බුරුමය, ඔස්ටේ්‍රලියාව, ජපානය මේ ආදි රටවල් ගණනාවක විශාල බෞද්ධයින් පිරිසක් සිටිනවා. ඒ අයයි ලාංකිය අපියි සංසන්දනය කරන්න ගියොත් මේ රටවල්වල වෙසෙන බෞද්ධයන්ට විශාල නිගාවක් සිද්ධ වෙනවා. ඒනිසා මෙය සිංහල ජාතිය තුළ වෙසෙන්නන් අතර පමණයි දකින්න ලැඛෙන්නේ


ප්‍රශ්නය: හාමුදුරුවනේ බුදු හිමි බහු දේව වාදය නැහැ කීවත් කිනම් හෝ ස්ථානයක දී මේ තුන් ලෝකෙම දෙවියන් නෑම කියලා කීවාද?
පිළිතුර: කිසිම තැනක එහෙම සඳහන් වෙන්නේ නැහැ. බුදු හිමියන් දෙවියන් නැහැයි කියන්නේ නැහැනේ. දේව වාදී නිර්මාණයන් ඊශ්වර වාදී නිර්මාණයන් පමණයි බුදු හාමුදුරුවෝ ප්‍රතිෙක‍ෂ්ප කළේ. එදා ඉන්දියාවේ සිටිය බමුණෝ තමන් උපන්නේ මහ බ්‍රහ්මයාගේ මුඛයෙන්, අන් අය බාහුවෙන්, දණ හිසින් ආදී කියන මෙවැනි සංකල්ප සමාජයෙන් බැහැර කළා. නමුත් දෙවියන් නෑ කියන්නේ නැහැ. බුදු හිමියන් මංගල සූත්‍රය, මහා සමය සූත්‍රය, පරාභව සූත්‍ර ය ආදිය දේශනා කරලා තියෙන්නේ දෙවියන්ට. එහෙම නම් බුදු හිමි දෙවියන් නැහැ කියලා සඳහන් කර තියෙනවා කියලා යමෙක් කියනවා නම් මේ සූත්‍රයනුත් බොරු වෙනවා. ඒනිසා දෙවියන් නෑ කියන සඳහනක් බුදු දහමේ නැහැ.


ප්‍රශ්නය: හාමුදුරුවනේ එතකොට තිස්තුන් කෝටියක් දෙවියන් ගැන බුදු දහමේ සඳහන් කර තිඛෙනවාද?
පිළිතුර: මේවා සාහිත්‍යමය වශයෙන් එන බලි තොවිල් වලින් එන දේවල් තමයි ඔය කියන තිස්තුන් කෝටියක් දෙවියන්ගේ කථාව. තිස්තුන් කෝටියක් දෙවියෝ ඉන්නේ හින්දු ආගමේ. මේ මෑතකදී විවිධ ක්‍රම වේද තුළින් බුදු දහම තුළට ඔය කියන දේව සංකල්ප ඇතුළත් වුනා විනා බුදු හිමියන් කොතනකවත් දේශනා කරලා නැහැ


ප්‍රශ්නය: දැන් හාමුදුරුවනේ ලෝකයේ ප්‍රධාන ආගම් ගත්තාම ඒ හැම ආගමක්ම දෙවියන් වඳිනවා. එයිනුත් ප්‍රධාන දෙවියෙක් ඉන්නවා. උදාහරණයක් වශයෙන් බුදු හිමි සඳහන් කරනවා (දෙවානි දෙවෝ බ්‍රහ්මානි බ්‍රහමෝ) දෙවියන්ට දෙවි වූ බ්‍රහ්මයාට බ්‍රහ්ම වූ ආදි වශයෙන්. මේ ගැන හිතන විට ඉස්ලාම්හි කියන පරිදි එකම දෙවි කෙනෙක් සර්ව විශ්වයටම ප්‍රධාන වූ සර්ව බලධාරි දෙවියෙක් ගැන කියනවා. මේ ගැන ඔබ වහන්සේ මොකද කියන්නේ?
පිළිතුර: බුදු දහම එය ප්‍රතිෙක‍ෂ්ප කරනවා. තමාගේ විමුක්තිය තමාම සොයා ගත යුතුයි. තමන් හැර තමාගේ විමුක්තිය වෙන කෙනෙක්ට උදා කරලා දෙන්න බැහැ. මගේ විමුක්තිය මා සලසා ගත යුතුයි. ඔබේ විමුක්තිය ඔබ සලසා ගත යුතුයි.


ප්‍රශ්නය: හාමුරුවනේ දැන් බුදු හිමිගේ මව මහාමායා දේවිය මාතෘ දිව්‍ය පුත්‍රයා නමින් දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබා සිටිනවා. නිවන් දකින්න තරම් පිං මදි අය දිව්‍ය ලෝකයේ උපදිනවා. නන්ද කුමරු (බුදු හිමියන්ගේ සොයුරා) ට දිව්‍ය ලෝකය පෙන්නුවා. විශේෂයෙන් ලංකාවේ රජ කළ දුටුගැමුණු රජතුමා දිව්‍ය ලෝකයේ උපත ලබා තිඛෙනවා. එසේ නම් බුද්ධ දේශනාවේ දිව්‍ය ලෝක සංකල්පය බැහැර කරන්නේ නැහැ නේද? දන්දීම දිව්‍ය ලෝක සැප උදාකරනවා කියලා බුදු හිමි දේශනා කළා. මෙහිදී අපට පැහැදිලි වන එක් කරුණක් තමයි පැහැදිලිවම බුදු හිමියන් දිව්‍ය ලෝකය ගැන සඳහන් කළ බව. මේ බව පැහැදිළි කරනවා නම්…
පිළිතුර: දිව්‍ය ලෝකය නැහැයි කියා බුදු හිමි දේශනා කරලා නැහැ. දිව්‍ය ලෝක ගැන බුදු හිමියන් දේශනා කළා. නමුත් දෙවියන් මේ ලෝකය මැවුවාය. මෙහි සියල්ල දෙවියන්ගේ මැවීමක්ය යන සංකල්පය තරයේම ප්‍රතිෙක‍ෂ්ප කරනවා. මේ ලෝකය මැවූ දෙවි කෙනෙක් නැහැ කියලා දේශනා කළා. මේවා වෙනත් ආගම් තුළින් වෙනත් සමාජයන් තුළින් විවිධ වූ බලපෑම් මත බෞද්ධ ආගමට ඇතුළත් වූ දේවල්. ඒ වගේම ඇතැම් ලේඛකයන් ඔවුන්ගේ දැනුම අනූව ඇතිකරගත් මතයන් තුළ ඉඳගෙන ලියූ දේවල් නියම විදිහට කියනවා නම් අද අප කරන්නේ අඳුරේ ඉඳගෙන ආලෝකය නොදකින පිරිසක් වශයෙන් යමක් අඳුර තුළම අතගාන්නා වගේ වැඩක්. කොටින්ම කියනවා නම් නියම බෞද්ධ දර්ශනයේ මෙවැනි දේ සඳහන් වෙන්නේ නැහැ.


ප්‍රශ්නය: හාමුදුරුවනේ දිව්‍ය ලෝක ගැන බුදු හිමියන් සඳහන් කරලා තියෙන බව ඇත්තක්නේ. එසේ නම් මේ දිව්‍ය ලෝක තුළ ජීවත් වන්නේ දෙවියන් නේද?
පිළිතුර: මම මීට පෙරත් කීවා බුදු හාමුදුරුවෝ දෙවියන් නෑ කීවේ නැහැ දෙවියන් ඉන්නවා. දිව්‍ය ලෝක තියෙනවා.


ප්‍රශ්නය: එහෙනම් මේ දෙවියන්ට ප්‍රධානියෙක් නැද්ද? ඔබ වහන්සේ සඳහන් කළා නේද දැන් ප්‍රධාන දෙවියෙක් නෑ කියලා?
පිළිතුර: ඒක අතපසු වීමක්. බුදු දහමේ හැටියට ශක්‍ර දෙවියන් තමයි මේ සියලූ දෙවියන්ට නායක. මේ සියලූ දෙවියන් ශක්‍ර දෙවියන්ට තමයි අවනත වන්නේ.


ප්‍රශ්නය: මේකෙන් කියන්නේ එසේ නම් ස්වාමීත්වය දරන දෙවියෙක් සිටිනවා කියලා නේද?
පිළිතුර: ඔව්. ඉන්නවා, එය හැමෝම පිළිගන්නවා

සාකච්ඡා කළේ: ධනුෂ්ක බී. රත්නායක

ප්‍රබෝධය

Comments are closed.

%d bloggers like this: