ඉස්ලාම්හි මානව හිතසුව පිණිස වූ මූලික අයිතිවාසිකම්

ඉස්ලාම්හි මානව හිතසුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කල යුතුය, ඒවා පිළිපැදිය යුතුය. යථොක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා, නීත්‍යානුකුල රැකවරණය පමණක් නොව, ඵලදායි සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාම්, ඉදිරිපත් කරයි.

මෙසේ පෞද්ගලික හා පොදු යහපත පිණිස සිදුකරන්නාවූ සියල්ලක්ම සදාචාරත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් කෙරේ දක්වන ජනාදරයට අතිශය වැදගත්කමක් හිමිකරන ඉස්ලාම්, ගතානුගතිකත්වයට වහල්ව සිටීමේ කි්‍රයාවට එරෙහිව අනතුරු අඟවයි. ශ.ද්ධවූ අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ:

—පෙරදිගට හෝ බටහිරට මුහුණ හැරවීම ශීලයක් නොවේ. ශීලය වන්නේ අල්ලාහ්, මතු දිනය, හා දේව දූතවරුන්, ශාස්තෘවරුන් කෙරේ විශ්වාසය පිහිටුවීම. අල්ලාහ් කෙරේ ස්නේහයෙන් ලේ ඥාතීන්, අනාථයන්, දිළින්දන්, මගින් හා යාචකයන් වෙනුවෙන් ස්වකීය වස්තුවෙන් විය පැහැදම් කිරීම, වහලූන් නිදහස් කරවීම, අදාළ වතාවත් පිරීම, සකාත් (ශ.ද්ධකාරක බද්ධ) ගෙවීම, පොරොන්දු ඉටුකිරීම හා දුක් පීඩා ෙඛදයන්හි දී ඉවසා සිටීම යනාදියයි. මෙවැන්නෝ සැදැහැවත්හු වෙති, මෙවැන්නෝ අල්ලාහ්ට බියැත්තෝ වෙති.˜ (ශ. අල්කුර්ආනය 2¦ 177)

මෙකී පාඨයන්ගෙන්, සිල්වත් හා අල්ලාහ් කෙරේ බියැත්තන් පිළිබඳව විසිතුරු විග්‍රහයක් කෙරේ. මිනිසා විනයාචාර ධර්ම පිළිපැදිය යුතු අතරම අල්ලාහ්ට හා හුදී ජනතාවට සෙනෙහවත් වීමෙහි ලා නිරතුරු සැළකිලිමත් විය යුතුය. මෙහිලා අවශ්‍යතා සතරක් ඉදිරිපත් කෙරේ.

(1) අපේ විශ්වාසය- භක්තිය- අව්‍යාජ විය යුතුය, අවංක විය යුතුය.

(2) සහෝදර ජනතාව වෙනුවෙන් කි්‍රයාත්මක වශයෙන් Þන පරිත්‍යාග කළ යුතුය.

(3) සමාජ සංවිධාන යනාදියට ඇප උපකාර කරමින් හොඳ පුරවැසියන් විය යුතුය.

(4) සෑම විටෙකම, සෑම මොහොතකම චිත්ත ස්ථාවරත්වය පවත්වා ගත යුතුය.

කිසියම් හැසිරීමක්- කල් කි්‍රයාවක්- යහපත් හෝ අයහපත් යැයි තීරණය කෙරෙන්නේ ඉහත සඳහන් කරුණු පදනම් කරගනිමිනි. සෑම සදාචාරාත්මක පැවැත්මක්ම මෙකී විනිශ්චය ක්‍රමය වටා, භ්‍රමණය වේ. මිනිසෙකු කෙරෙහි සදාචාරත්මක අණපනත් පැනවීමට පෙරාතුව, ඔහුගේ සෑම කටයුත්තක්, කි්‍රයාවක් මෙන්ම සෑම තැනකදීම, සෑම මොහොතකදීම අල්ලාහ් ඔහු දෙස දෘෂ්ටිය හෙලමින් සිටින බව, මුළු ලෝකයෙන්ම සැඟවුණත් අල්ලාහ්ගෙන් මුවා විය නොහැකි බව, අන් සියල්ලන්ම මුළා කළත් අල්ලාහ් මුළා කළ නොහැකි බව කවරෙකුගේ ග්‍රහණයෙන් මිදුනත් අල්ලාහ්ගේ ග්‍රහණයෙන් මිදිය නොහැකි බව යනාදිය මිනිසාගේ සිතෙහි තහවුරු කිරීම සඳහා ඉස්ලාම් වෙරදරයි. මෙසේ, අල්ලාහ්ගේ ප්‍රසාදයට ඉහවල් වූ දේ මිනිස් ජීවිතයක පරමාර්ථය විය යුතු බව නිර්ණය කොට, ඉස්ලාම් මගින් සදාචාරත්මක වශයෙන්වූ උසස් තත්ත්වයද සලසා දෙනු ලැබේ. මානව සදාචාරත්මක සංවර්ධනයෙහි අසීමිත අගයක් ඇතිකිරීමෙහිලා මෙය ඉවහල් වේ. දිව්‍යමය හෙළිකිරීම් – වහී -යනු ඥානයේ මුල සාරය වශයෙන් සලකා, මේ සදාචාරාත්මක තත්ත්වයනට අනම්‍ය බව හා ස්ථාරවත්වය ලබා දෙනු ලැබේ.

සාධාරණ හේතු සහගත ලෙස චර්යාවේ හැඩගැස්වීම අභ්‍යාස කිරීම හා වෙනස් කිරීම් කරගත හැකිය. එහෙත් හිතාමතා සිදුකරන වරදක් වශයෙන්, බැරැරුම් වෙනසක් සිදුකිරීමක් හෝ සදාචාරය ලිහිල් කරවීමක් හෝ පවත්නා අඛණ්ඩභාවය කඩකරන්නක් වශයෙන් එබඳු වෙනසක් කළ නොහැකිය. අල්ලාහ් කෙරේ ඇල්ම හා බිය හේතුවෙන් වූ සදාචාරයන්ට මෙ මගින් අනුමැතිය ලැබේ. මේ නිසා බාහිර බල පෑමකින් තොරව මිනිසා සදාචාරය ඔස්සේ යවනු ලැබේ. අල්ලාහ් සහ මතු දිනය පිළිබඳ ඇදහිලි සහිතව ඉතා ඕනෑකමින් හා උනන්දුවෙන්ද අවංකව එමෙන්ම හෘදයාංග ලෙස සදාචාරත්මක පැවතුම් සකසා ගනු පිණිස, මිනිසාට හැකියාවක් ඇති වේ.

මේ සදාචාර නීතිරීතින්හි අව්‍යාජ ස්වභාවයක් නැත, අමුතු ආටෝපද නැත, සාමාන්‍ය සදාචාර පැතුම් වලින් ඈත් කිරීමක්ද නැත, හේතු විරහිත ලෙස හෝ අතිශයෝක්තියෙන් කිසියම් අංශයක් අමතක කොට හැර දමා නැත. ව්‍යවහාරයේ ඇති සියලූම සදාචාර විනයන් ගැන සලකා ඇත. ඒ ඒ තැන්හි එකිනෙක උචිත ලෙස පිහිටුවා, ජීවන සැලැස්මක් තුළ සමස්ථයක් වශයෙන් සපුරා කි්‍රයාත්මක වන අන්දමින් වග බලාගෙන ඇත. මෙ මගින් මිනිසාගේ පෞද්ගලික හා සාමුහික ජීවන අරමුණු පුළුල්කරවනු ලැබේ. මිනිසාගේ ගෘහස්ථ හැසිරීම්, පෘථග්ජන පැවතුම් මෙන්ම, දේශපාලනික, ආර්ථීක, අධිකරණ අධ්‍යාපනික හා සාමාජික ෙක‍ෂත්‍රයන් හි කි්‍රයා කටයුතු වලදි පිළිපැදිය යුතු සදාචාර විනය ධර්මයන් විග්‍රහ කෙරේ. ඉස්ලාමිය සදාචාරයෙන්, මිනිස් ජීවිතය නිවසින් සමාජය දක්වාත්, කෑම මේසයේ සිට යුද පිටිය හා සාම සම්මේලන දක්වාත්, කොටින්ම තොටිල්ලේ සිට සොහොන් බිම දක්වා සැකසිය යුතු ආකාරය ඉගැන්වේ. ඉස්ලාමිය සදාචාරය තුළින් කිසිදු අංශයක් ගිලිහි නැත. කිසිදු ෙක‍ෂ්ත්‍රයක් මගහැරි නැත. එය අවබෝධයටද පහසුය. එමගින් ජීවිත කාර්යාවලිය උතුම් පරමාර්ථ සහිතව ඉටුකරවනු ලැබේ. මෙහිලා ආත්මාර්ථකාමි හෝ පහත් ලාභාපේක‍ෂාවෙන් ගෙවන ජීවිතයකට ඉඩ නැත.

ඉස්ලාමීය විනයෙන් යහපත් පැවතුම් සහිත, අයහපත් පැවතුම් වලින් මිදුණාවු සාර්ථක ජීවිතයක් සඳහා පෙළඹවීම සිදුකෙරේ. සිල්වත් ශික‍ෂාකාමි සඳහා පමණක් නොව, එකි යහ ගුණ ප්‍රගුණ කිරීමටත් කෙළෙස් දමනය කොට ශුභ ගුණ දහම් පුහුණු කිරීමටත් අශුභ ගුණදහම් තුරන් කිරීමටත් පොළඹවනු ලැබේ. හෘදය ශාක‍ෂියට එකඟ වූ දිවිපෙවෙතක් සකසා ගැනීමත්, කවර අවස්ථාවක් යටතේ වූවද වරදට යොමුවීමෙන් වැළකී සිටීමටත් ඉස්ලාමීය සදාචාරයේ අරමුණු වේ. මේ ඇරයුමට ප්‍රතිචාරයක් දක්වන්නෝ,

ඒකීය සමාජයක් වශයෙන් එක්රැස් කරනු ලැබ —මුස්ලිම්˜ යන නමින් හඳුන්වනු ලැඛෙති. මේ සමාජයේ සාමුහික වශයෙන් එක්සත් වෙමින් යහපත ස්ථාපනය කිරීමට හා අයහපත මුලිනුපුටා දැමීමට වෙර දැරිය යුතුය. මුස්ලිමෙකු ගේ ජීවිතයේ විවිධ අංශයන් හිදී බලපාන අයුරින් උගන්වන ලද සÞචාර මූලධර්මයන් කීපයක් මෙහිලා සඳහන් කෙරේ.

අල්ලාහ් පිළිබඳ මතකය :

මේ වු කලී, මුස්ලිමෙකු තුළ පිහිටිය යුතු උසස්තම ලක‍ෂණය වශයෙන් කුර්ආන්හි සඳහන් වේ. —ඔබ අතුරින් අතිශය සම්මානනීය අය වූ කලී, අල්ලාහ් අබියස, අල්ලාහ් පිළිබඳ මනා සිහියක් සහිත පුද්ගලයාය.˜ (ශ. අල්කුර්ආනය 49¦ 13)

අවනත භාවය, සන්සුන් තැන්පත් භාවය, ආත්ම දමනය, සත්‍යවාදී භාවය, අවංක භාවය, විනීත භාවය, ඉවසිලිවන්ත භාවය, ස්ථාවරත්වය හා පොරොන්දු ඉටුකිරීම් යනාදිය අල්කුර්ආනයෙන් පුන පුනා ඉගැන්වෙන සදාචාර විනයන්ය, අල්කුර්ආන්හි මෙසේ සඳහන් වේ.

—තවද අවංක හා ස්ථාවර වූවන්ට අල්ලාහ් ඇලූම් කරයි.˜ (ශ. අල්කුර්ආනය 3¦ 146)


—යහපත සිදුකරන්නන්ට අල්ලාහ් යහපත සලසන බැවින් ඔබේ රක‍ෂකයාගෙන් කමා භාජනය පිණිසත් ඔහු පිළිබඳ මතකයෙන් යුතුව ඇති කල්හි හා නැති කල්හි දන්පින් කරන්නා වූත්, කෝපය දමනය කරගන්නා වූත්, සහෝදර දනන් (ගේ වරදට) සමාව දෙන්නා වූත් පින්වතුන් සඳහා, වෙන් කොට ඇති ස්වර්ග සම්පත්තිය පිණිසත් ඔබ තරඟකාරිව ඉදිරිපත් වන්න.˜ (ශ. අල්කුර්ආනය 3¦ 133- 134)


—නිසි කල සලාත්හි යෙදෙන්න, යුක්තිය ඉටුකරන්න, වරදින් මිදෙන්න, කුමක් සිදුවෙතත් ඉවසිලිවන්ත වන්න, එය වෙනස් නොවන සුළු ධර්මතාවයකි˜ අනුන් අභියස අහංකාර නොවන්න. මහ පොළොව මත අවිනීත ලෙස ගමන් නොකරන්න. අල්ලාහ්, උඩගු හා පුරසාරම් දොඩන්නන් නොරුස්සයි. ඔබ ගේ (පා) පියවර අතර සාමාන්‍ය ප්‍රමාණයේ පරතරයක් තබා ගන්න. කට හ~ පහත කරගන්න. උස් හඬ්න් කරන කතාව, ඇත්තෙන්ම බූරුවාගේ ඛෙරිහන් බඳු වේ.˜ (ශ, අල්කුර්ආනය 31¦ 18- 19)

මුස්ලිමෙකු ගේ විනයගරුක හැසිරීම් ලූහුඬ්න් දක්වන විලාශයෙන් ශාස්තෘවරයානන් මෙසේ ප්‍රකාශ කළහ.

—මගේ ආරක‍ෂකයා මට අණපනත් නවයක් පවරා ඇත. එනම් හුදෙකලාව හෝ සාමුහිකව සිටියත් නිරන්තරයෙන්ම අල්ලාහ් පිළිබඳ සිහිය, කෝපාවිෂ්ඨව හෝ සතුටු සන්සුන්ව සිටියත් යුක්තිය තෙපලීම, දුප්පත් හෝ ධනවත්ව සිටියදීත් තැන්පත්වීම, මගෙන් ඉවත් වූවත් යළි ළංකරගැනීම, මා පිටුදකින උදවියටත් උදව් උපකාර කිරීම, නිසොල්මන්ව සිටියදී චින්තනයෙහි නිරතවීම, මා බලන බැල්ම අවවාදානුශාසනාවක් වීම, සහ නිවැරදි දේ අවධාරණය කරවීම යන නවයයි, ඒ.˜

සමාජියීය වගකීම්:


ඉස්ලාමීය ඉගැන්වීම අනුකුලව, සාමාජික වගකීම් වනාහි කරුණාව හා පරාර්ථය පිණිස විය යුතු වේ. විශේෂ අවස්ථාවන්හි දී කරුණාව පිළිබඳ වූ මෙකී පුළුල් ශීලය නොසලකා හරිනු ලබන බැවින්, විවිධ අවස්ථාවන් පිළිපැදිය යුතු කරුණාව පිළිබඳ විශේෂ කි්‍රයාවන්, වගකීම් හා සම්බන්ධතා පිළිබඳව විග්‍රහ කෙරේ. සම්බන්ධතා පිළිබඳව පුළුල්ව සැලකීමේ දී අපගේ මූලික වගකීම වනුයේ, දෙගුරුන්, සැමියා, අඹුදරුවන් හා ඉනික්බිතිව සෙසු ඥාතීන්, අසල්වැසියන්, මිතුරන් හා දන්නා හඳුනනවුන් අනාථයන් හා වැන්දඹුවන්, ස්වකීය සමාජයේ දිළින්දන්. සහෝදර මුස්ලිමුන්, සකල මිනිසුන් හා සත්වයින් ද කෙරෙහිය.

දෙගුරුන්:

මව් පිය දෙදෙනාට ගරුකිරීම හා උපස්ථාන කිරීම, ඉස්ලාම් හි අවධාරණයෙන් ඉගැන්වේ. මෙය ඉස්ලාමීය භක්තියට ඉවහල් වන, වැදගත් අංශයක් වේ.

—ඔබේ ආරක‍ෂකයා තමා හැර සෙස්සෙකු නොපුදන ලෙසත් දෙමව්පියන්ට කරුණා දයාව ලෙසත් ඔබට අණකරයි. ඔබේ ජීවිත කාලය තුළ ඔවුන්ගෙන් කෙනෙකු හෝ දෙදෙනාම මහළු වියට පත්වූවා නම්, ඔවුන්ගේ සිත් රිදවන කිසිදු වදනක් පැවසීම හෝ ඔවුන් කොන් කිරීම නොකරන්න. ඔවුන්ට ගරුසරුව කතා කරන්න. කාරුණික ලෙස කීකරු වන්න. පසුව පවසන්න.

—මගේ ආරක්ෂකයාණෙනි, මා කුඩා කල ඔවුන් මා කෙරේ දැක්වූ සෙනෙහස මෙන් ඔවුන් කෙරේ ඔබේ පරම දයාව දක්වන්න.˜ (ශ.අල්කුර්ආනය 17: 26).

සෙසු ඥාතීන් :

—දිළින්දන් මගින් මෙන්ම බන්දුන්ට ද හිමිවිය යුතු උරුමකම් ප්‍රදානය කරන්න. තවද නාස්ති කාරයෙකු මෙන් ඔබේ වස්තුව විනාශ නොකරන්න.˜ (ශ. අල්කුර්ආනයථ 17: 26).

අසල්වැසියන්:

නබි (සල්) තුමාණෝ මෙසේ වදාළහ: —අසල්වැසියා, සාගින්නෙන් පීඩා විඳින කල, කුසපුරා ආහාර ගන්නා, මුස්ලිමෙක් නොවේ. තවද ස්වකීය නොපනත් පැවතුම් නිසා අසල්වැසියා අනාරක‍ෂිත තත්ත්වයේ පසුවේ නම් ඔහු විශ්වාසවන්තයෙකු (ශ්‍රද්ධාවන්තයෙකු) නොවේ.˜

සැබවින්ම කුර්ආනයට හා සුන්නාහ්වට (ශාස්තෘවරයානන්ගේ ජීවිතයට) අනුකූලව, මුස්ලිමෙකු විසින් සදාචාරාත්මක වගකීම් ඉටුකළ යුතුවන්නේ, ස්වකීය දෙගුරුන් නෑ හිතවතුන් හා අසල්වැසියන්ට පමණක් නොවේ. සමස්ත මානව සංහතියම, සකල ප්‍රාණයෙකුම, ඵලදායි ගස්, පැලෑටි වස්තූන් කෙරේද ඉටුකළ යුතු වගකීම් ඇත. නිදසුනක් වශයෙන්, විනෝදය සඳහා සත්ව හා කුරුළු දඩයම් යනාදියට අවසරයක් නැත. එසේම උග්‍ර අවශ්‍යතාවයකින් තොරව ඵල දරන වෘක්ෂලතාවන් කපා හැරීමද තහනම් කොට ඇත. මෙසේ, මූලික සදාචාරාත්මක පැවැත්මේදී ඉස්ලාම් මගින් උසස් සදාචාරාත්මක විනයක් ගොඩනගා ඇත.

ඒවායේ ශ්‍රේෂඨත්වය, මිනිසාට පහසුවෙන්ම අවබෝධවනු ඇත. ඉස්ලාම් මගින්, මිනිසුන් කෙරෙන්, ආත්ම වර්ණනාව, දුෂ්ඨ පාලනය, අශික‍ෂිත හා අවිනීත භාවය යනාදිය කෙළෙස් දුරු කැරවේ. ඒ වෙනුවට, අල්ලාහ් කෙරේ බියැති, ශ්‍රද්ධාවත් ප්‍රතිපත්තිගරුක හා වරදෙහි නොබැෙඳන පුරුෂයන් ගොඩනගනු ලැබේ. සදාචාරාත්මක වශයෙන් වූ වගකීම් පිළිබඳ හැඟීම් පුබුදුවන්නා වූ අතරම ආත්ම සංයමයට ඉවහල්වන හැකියාවද වඩවයි. ඉස්ලාම් මගින් සෑම විටෙකම, කරුණාව, දයාව ත්‍යාගශීලි භාවය, අනුකම්පාව, සමාදානය, අනුන්ගේ සෙත් පැතීම, විනීත භාවය හා සියලූ සත්වයන් කෙරෙහි සත්‍යවාදි භාවය පිහිටුවා ගැන්මේ හැඟීම් පෝෂණය කෙරේ. එමගින්, යහපත සැලසෙන සෑම උතුම් කාර්යයක් සඳහාම අනුබලය ලැබේ.




Comments are closed.

%d bloggers like this: