මරණින් මතු ජීවිතයක් ඇත්දැයි යන ගැටළුව

මරණින් මතු ජීවිතයක් ඇත්දැයි යන ගැටළුව විද්‍යාත්මක නිගමනයකට අදාළවූවක් නොවේ. හේතුව විද්‍යාව මගින් කෙරෙන්නේ ඉන්ද්‍රියයන්ට විෂය වූ දත්තයන් විෂ්ලේෂණය කිරීම පමණි. එපමණක් ද නොවේ.

නූතන වහරින් පවසතොත්, මිනිසා විද්‍යාත්මක නිරීක‍ෂණ හා පර්යේෂණයන් හි නිරත වන්නට වූයේ, ඉකුත් ශත වර්ෂ කීපය තුළ පමණි. මරණින් මතු ජීවිතය පිළිබඳ පිළිවෙත, ඔහුට දුරාතීතයේ සිට හුරුපුරුදුවූවකී. සෑම ශාස්තෘවරයෙක්ම තම ප්‍රජාව අමතා අල්ලාහ් අදහන ලෙසත්, මරණින් මතු ජීවිතය පිළිබඳ විශ්වාසය පිහිටුවන ලෙසත් දෙසූහ. ඔවුන් මොනතරම් අවධාරණයකින් එය ඉගැන්වූවාද යත්, මරණින් මතු ජීවිතයක් නැති කල එමගින් නැෙඟන්නේ අල්ලාහ්ට පිටුපෑමක්, සෙසු ඕනෑම විශ්වාසයක් නිශ්ඵල වන බවත් තරයේ ප්‍රකාශ කළහ.

අල්ලාහ්ගේ සෑම ශාස්තෘවරයෙක්ම මරණින් මතු ජීවිතය පිළිබඳව ඒකා කාරව, ඒ ගැන අතිශය ඇදහිලි සහිතව කරුණු සඳහන් කළහ. ඒ ශාස්තෘවරුන් විසු වකවානු අතර දහස් සංඛ්‍යාත වසරක පරතරයක් පැවතියත් මරණින් මතු ජීවිතය සම්බන්ධයෙන් ඔවුන් දත් දැනුම් ප්‍රමාණය සමාන විය. නිදසුනක් වශයෙන් —වහී˜ දිව්‍ය හෙලිදරව් – දැක්විය හැකිය. මරණින් මතු ජීවිතය පිළිබඳ විශ්වාසයක් නොවූ බැවින්, ඒ සෑම ශාස්තෘවරයකුම සමාකාලීන ජනතාවගේ ගැරහුමට ලක්වූ බව අපි දනිමු. ඒ ගැරහුම්, විරෝධතා මධ්‍යයේ වූවද, ඒ ශාස්තෘවරුන්ට අවංක අනුගාමිකයෝ ඛෙහෙවින් ඒක රාශි වූහ.

මෙහිදී පැනනගින ප්‍රශ්නයක් නම්, තත් සමාජයෙන් කොන්කරනු ලැබීම පවා නොතකා, තදින් කාවැදි තිබුණු විශ්වාස, මතිමතාන්තර හා මුතුන්මිත්තන්ගේ සිරිත් විරිත්, ගතානුගතික මතිමතාන්තර යනාදිය දුරුලන්නට තරම් මොවුන් පෙළැඹවූයේ කවරක්ද යන්නයි. මීට සරළම පිළිතුර නම්, ඔවුන් සත්‍යය වටහාගැන්මෙහිලා දැඩි අවශ්‍යතාවයකින් තම සිත්සතන් යොමු කිරීමයි. ඔවුන් එය වටහාගත්තේ අනුදැනුමක් සහිතවද? එසේ විය නොහැකිය. මරණින් මතු ජීවිතය පිළිබඳ අනුදැනුමක්, අත්දැකීමක් පිහිටිය නොහැකිය. අත්දැකීමට අමතරව, අල්ලාහ් විසින් මිනිසාට, යථාර්ථවාදි සෞන්දර්්‍යාත්මක හා සදාචාරාත්මක හැඟීම් හිමිකර දී ඇත. සත්‍යය මත මිනිසාට මඟපෙන්වීමක් ලබාදෙන්නේ මෙකී හැඟීමයි. ඉන‍ද්‍රීයයන්ට ගෝචර වූ දත්තයන් මගින් එය විග්‍රහ කළ නොහැකිය. අල්ලාහ්ගේ ශාස්තෘවරුන්, අල්ලාහ් සහ මරණින් මතු ජීවිතය ගැන විශ්වාසය පිහිටුවන මෙන් තම ජනතාව කැඳවන අතරම සෞන්දර්්‍යාත්මක, සදාචාරත්මක හා යථාර්ථවාදි හැඟීම් ද ඒ හා ආදේශ කළහ. නිදසුනක් වශයෙන් මක්කාවේ ප්‍රතිමා වන්දකයන් විසින් මරණින් මතු ජීවිතය පිළිබඳ පිළිවෙත නොපිළිගත් අවස්ථාවේ, ඔවුන් ගේ දුබලකම හූවා දක්වනු පිණිස අල්කුර්ආනයෙන් තර්කානුකුල හා යථාර්ථවාදි විග්‍රහයක් මගින් එය සනාථ කෙරුණි.

තවද ඔහු අපට ආදේශකයින් පිහිටුවයි. ඔහුගේ මැවීම් ගැන අමතක කොට —මේ ඇටකටු දිරාපත්වූ පසු එයින් යළි මතුකරන්නේ කෙසේදැ˜ යි (විමසයි) පවසන්න, ප්‍රාරම්භයේ දී එය නිපදවූ ඔහුට යළි මතුකරන්නේය. හේතුව ඔහු සියලූ නිර්මාණයක් ගැනම දනී. හරිත වෘක්ෂයක් තුළින් ඔබට ගින්දර සැපයුවේ කව්ද? ඔබ එයින් දල්වන්නෙහි. ආකාශ හා මහ පොළොව මැව්වේ කව්ද? ඒ අන්දමින් මැවිය හැක්කේ කාටද? සැබෑය. ශ්‍රේෂ්ඨතම මැවුම්කාරයා ඔහුය. ඔහු සර්වඥානීවේ.˜ (අල්කුර්ආන් 36 ¦ 78-81)

කාෆිර් වරුන් මරණින් මතු ජීවිතය නොඅදහා සිටීමෙහි ලා කිසිදු පදනමක් නැති බව, සෙසු අවස්ථාවකදී විස්තර කෙරේ.

මෙලෝ ජීවිතය හැර වෙනත් ජීවිතයක් නැතැයි ඔවුහු පවසති. අපි මරුමුවට පත්වෙමු. අපි ජීවත්වෙමු. කාලය විනා අප වනසන සෙසු කිසිවක් නැත. ඒ ගැන ඔවුන්ට කිසිදු දැනුමක් නැත. ඔවුන් දරන්නේ හුදෙක් උපකල්පන පමණි. අපේ වහී (දේව හෙළිදරව් කිරීම්) ඔවුන්ට දේශනාකරන විට, ඔවුන්ගේ එකම තර්කය වන්නේ මෙයයි. ඔබ ඇත්ත ෙÞඩවනවා නම් අපේ පියවරුන් (යළි) මතු කරන්න. ගෙනත් පෙන්වන්න යන්නයි˜ (අල්කුර්ආන් 45 ¦ 24-25)

නියත වශයෙන්ම මළගිය සියල්ල, අල්ලාහ් යළි මතු කරන්නේය. එහෙත් අල්ලාහ්ට ස්වකීය සැලැස්මක් තිබේ. මේ මුළු මහත් විශ්වත් මණ්ඩලයම විනාශයට පත්ව, මළගිය සියල්ල අල්ලාහ් හමුවේ නැගීසිටින දිනයක් උදාවනු ඇත. එය ජීවිතයේ ආරම්භක දවසයි. එමතු අවසානයක් නැත. තවද, එදින සෑම පුද්ගලයකුටම ඔවුනොවුන් කළ කුසල් හා අකුසලයට අදාල ඵල විපාක ප්‍රදානය කෙරේ.

මරණින් මතු ජීවිතයක අවශ්‍යතාවය සම්බන්ධයෙන් මිනිසා ඉල්ලා සිටින විග්‍රහය, අල්කුර්ආනයෙන් සැපයේ. ඇත්තෙන්ම මරණින් මතු ජීවිතයක් නැත්නම්, අල්ලාහ් කෙරේ පිහිටුවන ඇදහිල්ල නිෂ්ඵල වනු ඇත. නැත්නම් අල්ලාහ් පිළිබඳ ඇදහිල්ල පිහිටුවා ගත්තත්, මිනිසුන් මවා ඔහුගේ ඉරණම නොවිසඳන ඒ අල්ලාහ් අසාධාරණ හා පක‍ෂග්‍රාහි අල්ලාහ් කෙනෙකුයි හැෙඟනු ඇත. නිසැක වශයෙන්ම අල්ලාහ් සාධාරණය, ශත සංඛ්‍යාත අහිංසක ජනතාව ඝාතනය කරමින් සමාජයේ දැවැන්ත දූෂණ දුරාචාරයන් හි නිරත වෙමින්, තමන්ගේ වැඩකටයුතු කරවා ගනු පිණිස අසංඛ්‍යාත දනන් වහල් භාවයේ යොදවා ගනිමින් යනාදි වශයෙන් සීමාතික්‍රාන්ත සාපරාධී කටයුතු වල යොමුවූවන්ට අල්ලාහ් ද~ුවම් කරන්නේමය.

මේ මිහිතලය මත ඉතා ලඝු ජීවිත කාලයක් ගතකරන මිනිසාට අඩු තරමින් මේ භෞතික ලෝකය පවා සදාකාලික නොවන කල, ඔහු කළ කුශලාකුශලයන්ට අදාළ ඵල විපාක පමුණුවාලිමට තරම්, කාලය ප්‍රමාණවත් නොවේ. යුක්තිය විනිශ්චය කරන දිනයක් උදාවිය යුතු බවත්, එහිදි සෑම ආත්මයකම ඉරණම, ඔවුනොවුන් ඉදිරිපත් කරන සටහන් වාර්තා අනූව, අල්ලාහ් විසින් යුක්තිය විනිශ්චය කෙරෙන බවත් නොඅනුමානය.

—කාෆිර්හු (ප්‍රතිෙක‍ෂ්පකයින්) මෙසේ කියති: ඒ මොහොත අපට කිසිදා උදා නොවේ. පවසන්න. නැත. මගේ ස්වාමියාගේ නාමයෙන්, එය නිසැක වශයෙන්ම ඔබටත් උදාවන්නේය. (ඔහු) අවිද්‍යමාන දේද දකි. පරමාණුවක තරම් නැත්නම් ඊට වැඩි හෝ අඩුබරක් වූවද ආකාශයන්හි හෝ පෘථීවිය මත (ඔහුගේ දෘෂ්ටියෙන්) මුවා විය නොහැකිය. එය පැහැදිලි සටහනේ සඳහන් වේ. ඔහු අදහා යහපත සිදුකරන්නන්ට ඔහු තිළිණ ප්‍රදානය කරයි, ඔවුන්ට සමාව හා විශාල තිළිණ ද ඇත. එහෙත් අපේ වහී (දේව හෙළිදරව් කිරීම්) වලට එරෙහිව අභියෝග කරමින් කලබල කරනවුන්ට පීඩාකාරි ද~ුවම් හා (දේව) උදහස හිමි වේ.˜ (අල්කුර්ආන් 34 ¦ 3-5)

යළි මතුවන – කියාමත් – දිනය වුකලී, අල්ලාහ්ගේ පරම සාධාරණත්වය හා පරම කරුණා දයාව යන දිව්‍ය ගුණාංග සපුරා පිරී උතුරා යන දවයසි. තමන්ට සදාකාලික සංතුෂ්ඨිය ලැඛෙතැයි අදහා, ලෞකික ජීවිත සමයේ අල්ලාහ් වෙනුවෙන් දුක් පීඩා දරාගත් දනන් කෙරේ ඔහු විශිෂ්ඨතම මෛත්‍රි මහිමය හලනු ඇත. එහෙත් මතු දිවියක් සම්බන්ධයෙන් නොසැලකිල්ලෙන්, අල්ලාහ්ගේ අණසක කඩකළවුන් ඛේදනීය ශෝකාන්තයකට පත්වෙති. මෙකී උභය පාර්ශ්වයම සංසන්දන කරමින් අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ.

—මොවුන් එක හා සමානද? අපේ මහගු පොරොන්දු ලදවුන් එය අත්කරගනු පිණිස ළඟාවන්නේ කව්ද? අප විසින් මෙලෝ මත සුව පහසු ජීවිතයක් ලදවුන් (ද~ුවම් පිණිස) ගෙනෙනු ලැබුවන් හා සිටිත්ද?˜ (අල්කුර්ආන් 26¦ 61)

ලෞකීක ජීවිතය වූකලී, මරණින් මතු සදාකාළික ජීවිතය සඳහා සූදානම් වීම පිණිස වූවකී. මරණින් මතු ජීවිතය ප්‍රතිෙක‍ෂ්ප කරන්නා, ස්වකීය තණ්හා ආශාවන්ට වහල් වෙමින් සිල්වත් හා අල්ලාහ් කෙරේ බියැත්තන්ට උපහාස කරති.

මෙවැන්නෝ තම වරද වටහා ගන්නේ මරණාසන්න මොහොතේය. එහිදී මෙලෝ ජීවිතය සඳහා තවත් වැඩි අවස්ථාවක් ලැබේවායි. පතමින් වැලපෙති. ඔවුන්ට එබඳු අවස්ථාවක් උදා නොවේ. මරණාසන්න මොහොතේ ඔවුන් පසුවන ශෝකාතුරු තත්ත්වය හා කියාමත් පරමාන්ත දවසේ, ඔවුන් පසුවන ඛේදනීය විලාශය හා අවංක විශ්වාසවන්තයින් සඳහා සහතික වූ සදාකාලික ආශිර්වාදය ගැන අල්කුර්ආනයේ මැනවින් විස්තර කෙරේ.

—ඔවුනතුරින් කෙනෙකු මරණසාන්න වූ විට මගේ ස්වාමිනි මා ආපසු යවන්න. මවිසින් නොකරන ලද කුශල් පුරන්නෙමි˜ යි පවසයි. නමුත් නැත. එය ඔහු ෙදාඩන වදනක් පමණී. එවැන්නවුන්ගේ පසුපස, යළි මතුකරනු ලබන දිනය තාක් සම්බන්ධයක් පවති. සූර් – නලාව පිඹිණ කල ඔවුනතර එදින නෑ සබඳතා නොදිස් වේ. එකිනෙකාගෙන් ඉල්ලාගත හැකි කිසිවක් නැත මිණුම් තරාදිය බරවන්නේ කාගේද, ඔහු ජයග්‍රාහි වෙති. තරාදිය සැහැල්ලූවන්නේ කාගේද ඔහු ආත්මය නරකාදියට පත්කර ගනිති. ඔවුන්ගේ මුහුනු නරකාදියෙන් පිළිස්සෙයි. ඔවුහු එතුළ අඳුරින් මැලවෙති. මරණින් මතු ජීවිතය පිළිබඳ ඇදහිල්ලෙන් මතු ජීවිතය සාරවත් වනවා පමණක් නොව, මිනිසුන්ගේ කි්‍රයාකලාප සම්බන්ධයෙන් අතිශය වගකීම් හා ආකල්ප ඇතිවීමේන් මහ පොලෝ මතද සාමය හා සතුට රජකරයි.

අරාබියේ ජනතාව ගැන සිත යොමුකරන්න. මරණින් මතු ජීවිතය පිළිබඳ ඇදහිල්ලක් නැති අවධියේ, සූරාව, සූදුව, ගෝත්‍රික සටන්, ආරවුල්, මං පැහැරීම් හා මිනිස් ඝාතන යනාදිය ඔවුන්ගේ වැදගත් කි්‍රයාකලාප විය. එහෙත් එකම අල්ලාහ් හා මරණින් මතු ජීවිතය පිළිබඳව ඔවුන් අදහන්නට පටන් ගත් වහාම, ඔවුහු සමස්ත ලෝකයේ ම දැහැමි ශීලාචාර සම්පන්න ජාතියක් බවට පත්වූහ. ඔවුහු දුසිරිත් අත්හළහ. දුකේදී එකිනෙකාට පිහිටවූහ. තමන්ගේ සෑම අර්බුදයක්ම ගැටළුවක්ම යුක්තියෙන් සාධරණත්වයෙන් හා සමානාත්මතාවයෙන් නිරාකරණය කරගත්හ. එසේම මරණින් මතු ජීවිතය පිළිබඳ අවිශ්වාසය නිසා, එලෝ වශයෙන් පමණක් නොව මෙලෝ වශයෙන්ද අනර්ථකාරි ප්‍රතිඵල ගෙන දේ. මුළු මහත් රාජ්‍යයක්ම එය ප්‍රතිෙක‍ෂ්ප කරන්නේ නම්, ඒ සමාජය තුළ සර්වාකාර දුසිරිත් හා දූෂණවලින් පිරීතිරී ගොස්, එය ඉඳුරා විනාශ වී යනු ඇත. අල්කුර්ආනයෙන්, ආද් හා සමූද් වරුන්ට මෙන්ම ෆාරාවෝ වරුන්ට අත්වූ පරිහානිය තරමක් විස්තර කෙරේ.

—සමූද් හා ආද් (වාර්ගිකයෝ) මතු සිදුවන ධර්මාධිකරණය ගැන නොඇදහූහ. සමූද් වරු අකුණු සැරයෙන්ද, ආද් වරු බියකුරු කුනාටුවකින්ද විනාශ කරනු ලැබූහ. අල්ලාහ් එය ඔවුන් කෙරේ පුරා දින අටක් හා රාත්‍රි හතක් මුළුල්ලේ ම පහත් කළේය. මේ නිසා එහි දනෝ කපා හෙලන ලද ඉඳිගස් මෙන් දරඳඩු බවට පත්වූහ.˜

—දැන් ඔවුන්ගේ සිදුවූ ඛේදය දුටුවෙහිද? ෆාරාවෝ ද පෙර දී එසේම වූහ. (එයද) ඔවුන්ගේ පුරවරද විනාශ කරන ලදී. ඔවුහු වරද සිදුකලහ. අල්ලාහ් යැවූ ශාස්තෘවරයාට එරෙහිව කඩාකප්පල් කාරි කි්‍රයාවන් කළහ. එනිසා අල්ලාහ් ඔවුන් දැඩිලෙස ග්‍රහණය කළේය. ජලය උතුරා ගැලූවිට අපි ගමන් ගන්නා නැවක් තුලට ඔබ දැමුවෙමු. එමගින් ඔබට සිහිපත් කරවීමක් හා සාවධානව ශ්‍රවණය කරවීමක් සඳහාය.

එ නිසා —සූර්˜ නලාව වරක් නාද කළ විට පෘථීවිය හා කඳු පර්වත එස වී, නිමේෂයකින් (එක්වරම) සුණු විසුණු වී යයි. පසුව එදින භීති භ්‍රාන්තය රජකරයි, එදින අහස කැඩී බිඳී දුබල වී යයි. එවිට පොත සුරතෙහි ලද්දෝ මෙන්න, මගේ පොත, රැගෙන කියවන්න. ඇත්තෙන්ම මා කළ දේ වල ප්‍රතිඵලය මට ලැඛෙතියි ඇදහුවෙමි. එමනිසා, ඔහුට පැද්දෙන උතුම් උයනේ ජීවිතය අත්වනු ඇත. මැනවින් කා බී සැනසෙන්න. ඔබ එවැන්නක් කළේ බොහෝ කලකට පෙරය.˜

—එහෙත් පොත වමතෙහි ලත් අය මෙසේ පවසනු ඇත. මට මගේ පොත ලැබුණේ නැහැ නොවැ. එනිසා මා කළ දේවල ප්‍රතඵලය මාදන්නේ නැහැ නොවැ, මේ අවසානයද? අහෝ මගේ වස්තුවෙන් මට පිහිටක් නැත. මගේ ආධිපත්‍යය- බලය මගෙන් ගිලිහී ගොස්ය.˜ (ශ. අල්කුර්ආනය 69¦ 4-39)

මරණින් මතු ජීවිතය ඇදහීමට ඉවහල්වූ මෙබඳු අවබෝධාත්මක කරුණු කුර්ආනයේ අඩංගු වේ.

පළමුව: මරණින් මතු ජීවිතය ගැන විශ්වාසය පිහිටුවන මෙන් සෑම ශාස්තෘවරයෙක්ම දේශනා කළහ.

දෙවනුව: මේ විශ්වාසයේ පදනමින් සමාජයක් ගොඩ නැගුණු කල, එය සාමුහික හා සදාචාරත්මක ෙදාසින් තොරව ශ්‍රේෂ්ඨතම සාමකාමි සමාජයක් වනු ඇත.

තෙවනුව: ශාස්තෘවරයානන්ගේ අඛණ්ඩ අනතුරු ඇඟවීම්වලින් පසුවත්, ජන කොටසක් සාමුහික වශයෙන්ම ඇදහිල්ල    ප්‍රතිෙක‍ෂ්ප කළේ නම්, අල්ලාහ් විසින් මෙලොවෙහිදීම ඒ ජන කොටස වනසා දමන බව ඉතිහාසයෙන් තහවුරු වේ.

සිව්වනුව: මිනිසාගේ සදාචාරත්මක යථාර්ථවාදී හා සෞන්දර්්‍යාත්මක අනුදැනීම් මගින් මරණින් මතු ජීවිතය ගැන වටහා ගත හැකිය.

පස්වනුව: මරණින් මතු ජීවිතයක් නැත්නම්, අල්ලාහ්ගේ යුක්ති සාධාරණත්වය හා කරුණා මෛති්‍රයෙහි අර්ථයක් නැත.


Comments are closed.

%d bloggers like this: