දේව සංකල්පය ප්‍රතිෙක‍ෂ්ප කරන්නන්ට

දෙවැනි පාර්ශවය: මුල් පාර්ශ්වය මෙන් දේවත්වය ප්‍රතිෙක‍ෂ්ප නොකරන මොහුන් බහු දේවවාදය පිළිබඳ කථා කරයි, එම සංඛා්‍යාවෙන් වැඞ් දෙවිවරු එක් එක් අංශ පාලනය කරන බවත් විශ්වාස කරයි. බහු දේව වාදය ඇසුරෙන් පැන නගින ප්‍රශ්ණ නම්:

1)මෙම දෙවි දේවතාවුන්ගේ සංඛ්‍යාව තිස් තුන්කෝටිය දක්වා විහිදී යයි. මෙය තුළින්ම බහු දේව වාදයෙන් පසුවෙන්නන් තුළම නිසි විශ්වාසයක් නොමැති බව පැහැදිළි වෙයි. කිසිදු අධීක‍ෂණයකින් තොර ගතානු ගතිකත්වයෙන් ලැබුනු දෙයක් යැයි මොනවට තහවුරු වෙයි. බහු දේව වාදය සමාජය භේද බින්නකරයි. තමන්ට අයත් දේව ප්‍රතිමාවන් ප්‍රශංසා කිරීමේ මුළාවෙන් අන් අයගේ දෙවිවරුන්ට නින්දා කිරීමේ තත්ත්වය උදාවෙයි, බහු දේවත්වය පිළිගන්නා විට එම දෙවිවරුන්ගෙන් වැඞ් බලය ඇත්තේ කාහටද? එසේ වැඞ් බලය කෙනෙකුට සීමාවෙයි නම් අන් අයට වන්දනා මාන කිරීමෙන් ඇති ඵලය කුමක්ද?

2) බහු දේව වාදය පිළිගන්නා සැමෝම කෙසේ හෝ වන්දනා මාන කරන්නේ පිළිරුවකටය. එම පිළිරුවට, ප්‍රතිමාවට හිමිකම් කියන පුද්ගලයා ඉතිහාසයේ අපි සේම ජීවත් වූ මනුෂේ‍යක්ය, ඔහුගේ උපතට පෙර විශ්වයෙහි පාලනය සිදුවූයේ කෙසේද? ඔවුන්ගේ මරණයට පසු මෙම විශ්ව පාලනය කරන්නේ කව්ද? මනුෂේ‍යකූගේ පොදු සකල දුර්වලතාවන්ගෙන් ඔවුන් සමන්විතය. එසේ නම් අපි හා සමාන දුර්වලතාවන්ගෙන් සමන්විත කෙනෙකූට වන්දනා මාන කිරීමෙන් අපිට ලැඛෙන ප්‍රතිලාභ මොනවාද?

ශ.ද්ධවූ අල්කුර්ආනයෙහි අල්ලාහ් මෙසේ සඳහන් කරයි: —අල්ලාහ් හැර ඔබලා ප්‍රාර්ථනා කරන දේ ඔබලාට සමාන ¯සයන්ය. ඔබලාගේ ප්‍රකාශයෙහි ඔබලා සත්‍යවන්තයින් නම් ඔබලාගේ ප්‍රාර්ථනාවට ඔවුන් පිළිතුරු දිය යුතුයි˜ (ශ.අල්කුර්ආනය 7: 194).

වෙනත් ස්ථානයක: —අල්ලාහ් හැර ඔබලා ප්‍රාර්ථනා කරන දේ ඔබලාට පිහිටවීමට ශක්තියක් නොමැත. ඔවුන් තමන්ට පවා පිහිටවීමට නොහැකි අය වේ˜ (ශ.අල්කුර්ආනය 7: 197).

අල්ලාහ් හැර ඔවුන් ප්‍රාර්ථනා කරන දේ කිසිදෙයක් නොමැවුවේය, ඔවුන්ම මවනු ලැබූවන් වේ˜ (ශ. අල්කුර්ආනය 16: 20, 21).

3) එක් දෙවියෙකු හැර බොහෝ දෙවියන් සමාන බලයන්ට හිමිකම් කියන දෙවිවරු විශ්වය පාලනය කරනවා යැයි මොහොතකට උප කල්පනය කළොත්, ඒ තුළින් පැන නැගෙන ගැටළු අප්‍රමාණය. මන්දයත් පාසලක් වූවද, රටක් වූවද, කොටින්ම ගෘහයක් වූවද එක් විදුහල්පති කෙනෙකු යටතේ එක් ජනාධිපති වරයෙකු යටතේ එක් පියෙකු යටතේ පාලනය විය යුතුයි, එවිට එහි මනා පාලනයක් හා සංවරභාවයක් හා යහපත් අවනතභාවයක් ඇතිවනු ඇත. එසේ නොවූහොත් එහි ව්‍යාකුලභාවයක් ඇතිවනු නියතය.

මතු සඳහන් ශ.ද්ධවූ අල්කුර්ආන් වාක්‍ය මෙය සක්සුදක්සේ පැහැදිළි කරයි: —එදෙතැන (අහස්හි හා පොළොවෙහි) අල්ලාහ් හැර දෙවියෝවුහු නම් දෙතැනම ව්‍යාකූල වන්නේමය˜

(ශ. කුර්ආනය 21: 22).

මෙම විශ්වයෙහි පාලනය පමණක් බොහෝ දෙවිවරුන් යටතේ සිදුවේ යැයි අපේ තර්කන බුද්ධිය කෙසේ නම් පිළිගනීද? දෙවියන් (එම එකම බලය) යම් කිසි පෙදේසකට හෝ කාල සීමාවකට හෝ ඇතුල් නොවන්නේය. රෝමානු ශිෂ්ටාචාරයේ දෙවිවරු වශයෙන් වන්දනා මාන කළ ප්‍රතිමාවන් දැන් කෞතුකාගාරයන්හි ප්‍රදර්ශණයට තබා ඇත.

ඛෙලහීන මිනිසා තමන්ට හිමි දුර්වලතාවයන්ගෙන් යුත් දෙවිවරුන් නිර්මාණය කර ඔහුන්ගෙන් සහන පැතීම තුළින් මෙම මිථ්‍යා සංකල්ප බිහි විය. (එක් එක් ෙක‍ෂ්ත්‍ර සඳහා එක් එක් දෙවිවරු ඔවුන් විසින්ම නිර්මාණය කළහ. අද දිනද සමාජයෙහි මෙම පුහු සංකල්පය දක්නට හැක).

මිනිසා මේ ලොව උපත ලබයි, ඔහුට ආහාර පාන අවශ්‍ය වෙයි, ඔහුට මහන්සිය හා කාන්සිය ඇති වෙයි, අඛණ්ඩව යම් කිසි වැඩක් කිරීමට ඔහුට නොහැකිය, ඔහුට නින්ද අවශ්‍ය වෙයි, ඔහුට ආශාවන් තිබේ, තවත් පුද්ගලයෙකුගේ උදව් උපකාර ඔහු පතයි. මළ මුත්‍රා පහ කරයි, ඔහුගේ ලිංගික ආශාවන් ඉෂ්ට කරගැනීම සඳහා කාන්තාවකගේ අවශ්‍යතාව ඔහුට ඇතිවෙයි. ඔහුට දූ දරුවන් ඇත, ඔහු රෝගාතුර වෙයි. අවසානයේදි දුබලත්වයට පත්වී කෙදිනක හෝ ඔහු මිය යයි.

මේ සියළු මිනිසාට පොදු දුර්වලතාවන්ගෙන් මිදුනු දෙවියන් ඉතා පරිශද්ධය. යේසූස් වහන්සේ හා එතුමන්ගේ මව පිළිබඳ ශ.ද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන්වෙයි:

ඒ දෙදෙනා (මර්යම් හා ඊසා මේරි හා යේසූස්) ආහාර අනුභව කරනනන් වශයෙන් සිටියෝය˜

(ශ. අල්කුර්ආනය 5:75).

මෙසේ මිනිස් දුර්වලතාවන්ගෙන් සමන් විත දෙදෙනෙකු කෙසේ ඔවුන් දෙවිවරු වශයෙන් සළකා යාඥා කරන්නේ? යැයි අල්ලාහ් ප්‍රශ්න කරයි.

ඉස්ලාම් හැර ලෝකයේ අන් සියළු සංකල්ප උගන්වන්නේ තවත් අප හා සමාන මනුෂේ‍යකුට වන්දනා මාන කිරීමේ පාපය නොවෙයිද? දේවත්වය පිළිබඳ නිසි අර්ථ කථනයක් නොදීම නිසා සමහර විද්‍යාඥයින් පවා දේව සංකල්පය ප්‍රතිෙක‍ෂ්ප කරන ඛේදනීය තත්ත්වයකට තල්ලූවිය. ඉස්ලාම් ලෝකයට පැහැදිළි කළ දේව සංකල්පය බුද්ධි ගෝචර හා ඥානාන්විතය.

තුන්වැනි කොටස: මෙම විශ්වය මවා පාලනය කරන්නේ එකම දෙවි කෙනෙකි, මිනිසාගේ ජීවිතයට අවශ්‍ය කරන සියළු නීති රීතින් සම්පාදනය කිරීමේ පරමාධිපති බලය ඔහු සතුය, ඔහු මිනිසාගේ එකම ස්වාමියාය, ඔහුට දෙමව්පියන් දූ දරුවන් නැත, ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නොමැත, ඔහු කාලයකට හෝ ස්ථානයකට සීමාවී නැත, ඔහුගේ පාලන බලය විශ්වය පුරා විහිදී ඇත, මිනිසාට ඇති දුර්වලතාවන්ගෙන් මිදුනු ඔහු පරිශද්ධය, ඔහුගේ සියළු නීති රීතින්ට අවනත වී ජීවත්වීම දෙලොවෙහිම යහපත ගෙන දෙන්නේය, අපේ සියළු වන්දනා මාන ඔහු වෙනුවෙන්, ඔහුට පමණක් කළ යුතුය, ඔහු අභිමුව හැර වෙන කිසි වෙකු ඉදිරියේ වැඳ වැටීමට, හිස නමා ආචාර කිරීම තහනම්ය.

අල්ලාහ් මෙසේ පවසයි: —(ශාස්තෘවරයානනි) පවසන්න: අල්ලාහ් ඒකීයය. ඔහුට කිසිදු අවශ්‍යතාවක් නැත. ඔහු ජාතක කරන්නේද ජාතක කරනු ලබන්නේද නැත. ඔහුට සමානව කිසිවෙකු නැත˜ (ශ කුර්ආනය 112: 1-4).

තවත් ස්ථානයක මෙසේ සඳහන් වෙයි: —අල්ලාහ් ඔහු හැර අන් දෙවි කෙනෙක් නැත. ඔහු සදාතනික ද සමස්ත විශ්වයේ පාලකයාද වේ. ඔහු සැතපෙන්නේ වත් නිද්‍රෝපගත වන්නේ වත් නැත. ආකාශයන්හි හෝ මහ පොළොවේ යමක් වේද ඒ ඔහු ගේය. ඔහුගේ අවසරය පරිදි විනා ඔහු සමඟ මැදිහත් විය හැක්කේ කාහටද? ජනතාව ඉදිරියේ ඇති දෙයත් ඔවුන්ගෙන් සැඟ වී ඇති දෙයත් ඔහු දනියි. ඔහු සිය කැමැත්තෙන් ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයන් කිසිවක් ඔවුන්ට අවබෝධ කර ගත නොහැක. ඔහුගේ රාජ්‍යය අහස් පුරාත් මහා පොළෝ තලය මතත් විහිදෙයි. මේ දෙක රැකවල් කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා උත්කෘෂ්ට වන්නේ ඔහු පමණකි˜ (ශ.කුර්ආනය 2:255).

ඔබගේ දෙවියා (අල්ලාහ්) නම් දෙවියෙක් පමණකි. සර්ව ශභ කාරක හා සර්ව දයාන්විත අල්ලාහ් හැර අන් දෙවිකෙනෙක් නැත. (මෙම සත්‍ය දැකීම සඳහා ඔවුන්ට සංඥාවක් අවශ්‍ය නම්) තමන්ගේ සාමාන්‍ය බුද්ධිය උපයෝගී කරගන්නවුන්ට අප්‍රමාණ සංඥා ඇත්තේය.

අහසේ හා පොළොවේ නිර්මාණයෙහි දිවාරාත්‍රි මාරුවීමෙහි ද මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහාවූ බඩු බාහිරාදිය පුරවාගෙන සමුද්‍රතරණයෙහි යෙදෙන යාත්‍රාවල, මිය ගිය මහ පොළොවට ප්‍රාණය දෙමින් සකල සජීවී ජනයා අතර එය පතුරුවලන, අල්ලාහ් විසින් අහසින් එවනු ලබන වැසිදියෙහි, හමන සුළෙඟහි හා අණ ලැඛෙන තුරු කීකරුව අහස පොළොව අතර රැඳී සිටින වළාකුළුවල යන මේ දෙයෙහි ඔවුන්ට මෙම සංඥා දැකිය හැක. අල්ලාහ්ගේ ඒකත්වයට දෙස් දෙන මෙවැනි පැහැදිලි සංඥා දෘශ්‍යමාන ව තිබුණද අල්ලාහ්ට සමානයන් හා ප්‍රතිවිරුද්ධකරුවන් ඉදිරිපත් කරන අය මනුෂ්‍යයින් අතර වෙති. ඔවුහු අල්ලාහ්ට හිමි, භක්තිය ඔවුන්ට පුද කරමින් ඔවුන් අදහති. එහේත මුඃමින්වරු (විශ්වාසවන්තයින්) මහත් භක්තියෙන් යුතුව අල්ලාහ් පුදති. අහෝ තමන්ට ලැඛෙන්නට නියමිතව ඇති දණ්ඩනය ඉදිරියේ මොවුන්ට මතු පහළ අවබෝධය එනම්, බලයත් බලාධිකාරයත් ඇත්තේ අල්ලාහ්ට බවත්, ද~ුවම් කිරීමේදී අල්ලාහ් ඉතා ප්‍රචණ්ඩ බවත් මෙම අකීකරු අයට දැන් අවබෝධ වේ නම්, ඒ කොතරම් අගනේ ද? ඔහු ද~ුවම් පමුණුවන විට, ලෝකයේදී ඔවුන් අනුගමනය කළ ඒ නායකයන් හා මගපෙන්වන්නන් විසින් ම ඔවුන් හැර දමනු ඇත. එහෙත් ඔවුන්ට ද~ුවම් ලැබීම නම් නියතය˜ (ශ. කුර්ආනය 2: 163- 167).

—දැඩි විශ්වාසවන්තයින්ට මහ පොළොවෙහි හා ඔබ තුළද විවිධ සාක‍ෂීන් ඇත. ඔබලා අධ්‍යයන නොකරන්නේද˜?

(ශ. කුර්ආනය 51: 20, 21).

—අපිමයි ඔබව නිර්මාණය කළේ ඔබලා විශ්වාස නොකරන්නේද? ධාතු වශයෙන් ඇතුල් කරන දේ ඔබ කල්පනා නොකළේද? එය ඔබලා නිර්මාණය කළේද? නැත්නම් අපි නිර්මාණය කළෙමුද˜?

(ශ. කුර්ආනය 56: 57-59).

ඔබ වපුරන දේ දුටුවේද? එය ඔබ හටගන්වන්නේද? නැතිනම් අපි හටගන්වන්නෙමුද? (ශ. කුර්ආනය 56: 63- 64).

ඔබ පානය කරන ජලය දෙස දුටුවේද? වලාකුලෙන් ඔබ එය පතීත කරන්නේද? නැතිනම් අපි පතිත කරන්නෙමුද?

(ශ. කුර්ආනය 56: 68,69).

තවත් තැනක ඔහු පවසයි: —මනුෂ්‍යයිනි ඔබත් ඔබට පෙරාතුව සිටියවුනුත් මැවූ ඒ ස්වාමියා (අල්ලාහ්ට) අවනතවන්න, මෙලෙසින් පමණකි ඔබට ඔබව මුදාගත හැක්කේ ඔබට පොළොව යහනාවක් හා අහස වියනක් කෙළේ ඔහුය. තවද ඔබගේ පෝෂණය සඳහා සෑම ආහාර වර්ගයකම වැඞ්ම සඳහා අහසින් වැසි වස්වන්නේ ඔහුය. එබැවින් ඔබ මෙය දත් විට, අල්ලාහ් සමග සම තැන් ගැනීමට සමානයන් සාදා නොගත යුතුයි˜ (ශ. කුර්ආනය 2: 21, 22).



සකස් කිරීම: ඉබ්නු යූසුෆ්

Comments are closed.

%d bloggers like this: