ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.

සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා

කෙනෙකු මෙම විශ්වය, විශ්වයෙහි පවතින සුවිශාල නිර්මාණයන් කෙරෙහි තමන්ගේ අවධානය යොමුකළ විට මේ සියල්ල යම් සැලැස්මක් මත නිර්මාණය කරනු ලැබු බව අවබෝධ කරගනි. ශුද්ධවූ අල්කුර්ආනය එය මෙසේ සඳහන් කරයි.

—ඔබලා කල්පනා නොකළේද? සත්‍ය කාරණයකට මිස අල්ලාහ් අහස් හා පොළෝ නිර්මාණය නොකළේය.˜ (ශු කුර්ආන් 14: 19).

තවත් ස්ථානයක: —ඔවුන් අල්ලාහ් පිළිබඳ සිටගෙන සිටින විටත්, වාඩිවී සිටින විටත්, හාංසිවී සිටින විටත් සිහිපත්කරයි. තවද අහස් හා පොළෝ නිර්මාණයන් පිළිබඳ කල්පනාකරයි. හිමියනි. මේ සියල්ල ඔබ නිකමට නිර්මාණය නොකළේය ඔබ සුවිශුද්ධයි නිරයේ ගින්නේ ද~ුවමෙන් ද අපව ආරක‍ෂා කරනු මැන˜ යැයි ඔවුන් පවසයි.˜ (ශු කුර්ආන් 3: 191).

ලෝකයේ පවතින සියල්ල යම් ශක්තියකට බලයකට අවනතවී කි්‍රයාත්මක වෙයි.

මෙසේ මෙම විශ්වයෙහි සියල්ල ඔහුට අවනත වී ජීවත්වන විට බුද්ධිය කල්පනා කිරීමේ ශක්තිය ඇති මිනිසා පමණක් තමන් මවනු ලැබු එම අරමුණ නොදැන ජීවිත්වීම ඉතා කණගාටුදායක තත්ත්වයකි.

මිනිසා නිර්මාණය කරනු ලැබුවේ කුමක් සඳහාද යන අරමුණ ශුද්ධවු කුර්ආනය පැහැදිළි කරයි. —මා ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මාහට අවනත වීමට මිස නිර්මාණය නොකෙළෙමි˜ (ශු කුර්ආන් 51: 56).

තවත් සථානයක: —මරණය හා ජීවිතය නිර්මාණය කළේ ඔබලා අතුරින් කව්රුන් යහපත් කි්‍රයාවන් කර ශ්‍රද්ධාවන්ත පුද්ගලයන්වන්නේ යනු පර්්‍යයේෂණය කිරීම සඳහාය.˜ (ශු කුර්ආන් 67: 02).

මෙම විශ්වයෙහි ඉතා ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වන මිනිසා තමන්ට වඩා සෑම අතින්ම පහත් දේට වන්දනා මාන කරමින් සිටී. උදාහරණයට: ප්‍රතිමාවන්, ගස්, ගල්. ගින්න, ජලය, ඉර, හඳ, තාරකා, සාගරය, පෘතුවිය, ගවයා. තීක‍ෂණ බුද්ධියක් ඇති මිනිසා වෙනත් සියළු මිථ්‍යා විශ්වාසයන්ගෙන් මිදී අල්ලාහ්ට පමණක් අවනත වී ජීවත්විය යුතුයි. ලෝකයේ බහුතරයක්ම තමන් විසින් ඇතිකරගත් පිළිමයන්ට ප්‍රිතිමාවන්ට ගස්, ගල් ආදි දේට වන්දනා මාන කරති.

මෙම විශ්වයේ එකම නිර්මාතෘවරයා වන අල්ලාහ්ට පමණක් කෙනෙකු වන්දනා මාන කර ඔහුට පමණක් අවනතවී ජීවත්වන විට ඔහු —මුස්ලිම්˜ වශයෙන් හඳුන්වනු ලබයි. මෙම නාමය කෙනෙකුට ලැඛෙන්නේ අල්ලාහ්ට අවනතවී ජීවත්වන විට පමණයි. මිනිසා වෙනත් සියළු මිථ්‍යා විශ්වාසවලින්, මනඃකල්පිත දේවලින් මිදි, මුළුමනින්ම අල්ලාහ් දෙසට හැරෙන විට ඔහු මුස්ලිමෙකු වේ. කෙනෙකුගේ දෙලොව යහපත සඳහා අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ. ශුද්ධවූ අල්කුර්ආනය එය මෙසේ පවසයි:

—කව්රුන් ඉස්ලාම් හැර වෙනත් මගක් පිළිගනීද එය අල්ලාහ් ඉදිරියේ නොපිළිගැනේ. ඔහු විනිශ්ච දිනයෙහිදි පාඩු විදින්නෙකුද වේ˜ (ශු කුර්ආන් 3: 85).

මුස්ලිමෙකු වශයෙන් ජීවත්වෙන්නට කැමතිවන්නා අවංක සිතින් පහත සඳහන් පොරොන්දුව ගත යුතුයි: —අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහු, වඅෂ්හදු අන්න මුහම්මදර් රසුලූල්ලාහ්.˜ (යාඥා කරනු ලැබීමට එකම සුදුස්සා අල්ලාහ් හැර වෙනකිසිවෙකු නැත, තවද මුහම්මද් අල්ලාහ්ගේ ශාස්තෘවරයා බවත් මා ප්‍රතිඥා දෙමි.) මෙය කෙනෙකු අවංකව ප්‍රකාශ කළ විට ඔහු මුස්ලිමෙකු වේ. ඔහු දුන් මෙම ප්‍රතිඥාවට අබමල් රේණුවක තරම්වත් පටහැනිව ජීවත් නොවිය යුතුයි. අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන, නීති සම්පාදනය කිරීමේ බලය අල්ලාහ්ට පමණක් ඇති බව විශ්වාසය කර, යාඥාවන් තුළින් ඔහුගේ ඒකීයත්වය ස්ථාපිත කළ යුතුයි. අල්ලාහ්ට හැර වෙනත් කිසිවෙකුට කිසි දෙයකට දේවත්වය ඇති බව සිතීම හෝ දේවත්වයෙහි කොටසක් ඇති බව සිතීම හෝ බලවත් වරදකි.

අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබන කෙනෙකු ඔහු එකම දෙවියන් බවත්, ඔහුට කිසිදු අවශ්‍යතාවක් නැති බවත්, ඔහු උපත ලැබුවේද ඔහු දාව කව්රුත් උපතලැබුවේද නැත. ඔහුට සමානව කිසිවෙකු නැති බවත්, මනුෂ්‍යයින්ට ඇති සියළු දුර්වලතාවන්ගෙන් ඔහු සුවිශුද්ධ බවත් විශ්වාසකළ යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි අල්ලාහ් මෙසේ පවසයි: —අල්ලාහ් හැර ඔවුන් ප්‍රාර්ථනා (වන්දනා මාන) කරන දේ කිසිදෙයක් නිර්මාණය නොකළේය, තවද ඔවුන් නිර්මාණය කරනු ලැබුවන්ය. ඔවුන් ජීවතුන් අතර නොමැති මළවුන්ය, ඔවුන් යළි නැගිට්ටුවනු ලබන්නේ කෙදිනක යැයි ඔවුන් නොදන්නේය.˜

(ශු.කුර්ආන් 16: 20, 21).

—අල්ලාහ් හැර ඔබ ප්‍රාර්ථනා (වන්දනා මාන) කරන දේ ඔබලා මෙන් දාසයන්ය. ඔබලාගේ ප්‍රකාශයෙහි ඔබලා සත්‍යවන්තයින් නම් ඔබගේ කන්නලව්වට ඔවුන් පිළිතුරු දිය යුතයි.˜ (ශු කුර්ආන් 7: 194).

—අල්ලාහ් හැර ඔබලා ප්‍රාර්ථනා කරන දේ ඔබලාට පිහිටවීමට නොමැති දේවල්ය, තවද ඔවුන් තමන්ට පවා පිහිටවීමට නොහැකිය.˜ (ශු කුර්ආන් 7: 197).

නිර්මාතෘවරයාට පමණක් යාඥා කිරීමටත් ඔහු ඉදිරියේ පමණක් ප්‍රාර්ථනා කිරීමටත් අණකරන ඉස්ලාම්, නිර්මාණයන් ඉදිරියේ වැඳ වැටීම මුළුමනින් තහනම් කරයි. අල්ලාහ් කෙරෙහි මුළුමනින් විශ්වාසය තබා ඔහු විසින් එවනු ලැබූ අවසන් ශාස්තෘවරයානන් මුහම්මද් නබි (සල්) තුමන් අනුගමනය කරමින් ජීවත්විය යුතුයි. එතුමන් මෙම මිහිතලය මත අවුරුදු හැට තුනක් ජීවත්වුනේය. එතුමන්ගේ හතළිස් වැනි වියෙහිදි අල් කුර්ආනය අනාවරණය වීමට ඇරඹීමත් සමග එතුමන් ශාස්තෘවරයෙකු බවට පත්විය. එතුමන්ගේ අවසන් අවුරුදු විසි තුන හැම මුස්ලිමෙකු විසින් අනුගමනය කළ යුතු කාලයයි.

ඉන් පසු ඔහු දිනකට පස්වතාවක් සලාතය ස්ථාපිත කිරිම අනිවාර්්‍ය වෙයි. එම සලාතයන් නියමිත වේලාවන් හීදි ඉටු කළ යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි:

—නියත වශයෙන්ම සලාතය විශ්වාසවන්තයින් හට නියමිත වේලාවන්හීදි ඉටුකළ යුතු අනිවාර්්‍ය යාඥාවකි˜ (ශු කුර්ආන් 4: 131).

සලාතය යනු දාසයෙකු අල්ලාහ් හමුවන, ඔහු සමග කථා බහ කරන ඉතා වැදගත් අවස්ථාවකි. මෙම වටිනා උතුම් අවස්ථාව කෙනෙකුට ලබාගත හැකිවන්නේ සලාතය තුළිනි. වරක් මුහම්මද් නබි (සල්) තුමාණන් පවසන විට

—දාසයා තම හිමියන්ට ඉතා සමීපව සිටින අවස්ථාව නම් ඔහු සලාතයෙහි තම නළල පොළොව මත තබන (සජ්දා) අවස්ථාවයි. එවිට ඔබ අධිකලෙස ප්‍රාර්ථනාවන්හි නියැලෙන්න.˜

කෙනෙකු සලාතයට අවතීර්ණවෙන්නට පෙර තම සිරුරෙහි සමහර පෙදෙස් දෝවනය කර ගත යුතුයි. දෝවනයෙන් තොර සලාතය නොපිළිගැනේ.

අවසන් විනිශ්ච දිනයෙහිදි කෙනෙකුගේ යාඥාවන් අතුරින් ප්‍රථමයෙන් ප්‍රශ්න කරනු ලබන්නේ ඔහුගේ සලාතය පිළිබඳවයි. සලාතය නිවැරදි නම් ඔහුගේ අන් සියළු කි්‍රයාවන් යහපත් වනු ඇත. සලාතයෙහි අඩු පාඩුකම් ඇති වූ විට ඔහුගේ සෙසු සියළු කි්‍රයාවන්හි අඩු පාඩු ඇති වේ.

සලාතය තුළින් අල්ලාහ් අපේක‍ෂා කරන්නේ කුමක්ද? —නියත වශයෙන්ම සලාතය කෙනෙකුව වැරදි, නීච කි්‍රයාවලින් වළක් වයි.˜ (ශුකුර්ආන් 29: 45).

මෙයයි කෙනෙකු සලාතය තුළින් ලබාගත යුතු පන්නරය. සලාතය ස්ථාපිත කිරීම තුළින් සමාජයෙහි යහපත් පුරවැසියන් බිහිවිය යුතුයි යන්න අල්ලාහ් අපේක‍ෂා කරයි. සලාතය ස්ථාපිත කරන කෙනෙකු එය අල්ලාහ්ට බියවී ඉටු කරයි. එම බිය ඔහුගේ ජීවිතයේ වෙනත් හැම අවස්ථාවකදීම රඳා පැවතිය යුතුයි. පිරිමීන් එම සලාතය සමූහව ඉටුකළ යුතුයි.

කෙනෙකුගේ උරහිස සමග තවත් කෙනෙකෙගේ උරහිස ගැටී එකම පෙළක සිට සමූවහ දිනකට පස් වතාවක් මෙම සලාතය කෙනෙකු ඉටුකරන විට මට වඩා අන් අය පහත් යන හැගීම ඔහුගේ සිතෙන් පහවී යයි, ඒ වගේම මිනිසුන් අතර සමානත්මතාවය, එකමුතුකම, අන් අයගේ ඕනෑ ඒපාකම් සොයා බැලීමට මෙය හේතු කාරණා වේ.

සකාත් හෙවත් ශුද්ධකාරක බද්ධ.

මෙය මිළ මුදල් සම්පත්වලට හිමිකම් කියන්නන්  අවුරුද්දකට වරක් තමන්ගේ මිළ මුදල්වලින් සියට දෙකහමාරක් ගණන් බලා ගෙවිය යුතුයි. මෙය මිනිස් සමාජය තුළ නියමාකාරයට ඉටු වෙයි නම් දුප්පත් අසරණයින්ගේ සංඛ්‍යාව බොහෝ දුරට අවම කරන්නට ඉඩ තිබිනි. නමුත් අවසනාවන්තවාට මෙන් බොහෝ අය මෙයට වැරදි අර්ථකථනයන් දී රුපියලක් දෙකක් යාචකයන්ට දී මෙයයි සකාත් බද්ධ කියා සිතාගෙන සිටිති මොවුන් අල්ලාහ්ව මංමුළාකරන්නට උත්සහ කරති, නමුත් ඔවුන්ම ඔවුන්ව මංමුළා කරගනිති. සකාත් නම් එම උසස් යාඥාවෙන් ඉස්ලාම් අපේක‍ෂා කරන්නේ කුමක්ද?

—ශාස්තෘවරයානනි, ඔවුන්ගේ මිළ මුදල්වලින් බද්ධ අයකරගන්න ඔවුන් පරිශුද්ධකරන්න˜ (ශු කුර්ආනය 9: 103).

සකාත් (ශු,ද්ධකාරක) බද්ධ, ඇති නැති පරතරය සමාජයෙන් තුරන් කිරීම සඳහා ඉස්ලාම් යෙදු ඉතා උසස් වැඩපිළිවෙලකි. මිනිසා හැම තප්පරයකම සිහිපත් කළ යුතු ඉතා වැදගත් කරුණක් නම්, මට මෙම මිළ මුදල් සම්පත් අල්ලාහ් විසින් පිරිනැමුනු දයාදයන් මට ඔහු කෙසේ මිළ මුදල් වියදම් කරන්නට අණ කරන්නේද එම යහපත් මාර්ගයෙහි එය වියදම් කළ යුතුයි. වත්මන් සමාජයෙහි සොරකම, කොල්ලකෑම් වැඩිවීමට මෙම සකාත් නම් ශුද්ධකාරක බද්ධ නිසිලෙස ගණන් බලා නොගෙවීමත් හේතුවක් වෙයි.

අවසන් විනිශ්ච දිනයෙහි හැම කෙනෙකුම ප්‍රශ්න හතරකට පිළිතුරු සැපයිය යුතුයි. එම ප්‍රශ්නවලට පිළිතුරු නොදි ඔවුන්ගේ දෙපා සෙළවීමට පවා නොහැකිය. එම ප්‍රශ්න අතුරින් එකක් නම්: ඔබ මුදල් ඉපැයුවේ කෙසේද? එය වියදම් කළේ කෙසේද?

රමලාන් මස උපවාසයෙහි යෙදීම.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ කියයි: —විශ්වාසවන්තයිනි, ඔබට පෙර සිටි සමාජයන්ට උපවාසය අනිවාර්්‍ය කළාක් මෙන් ඔබටත් උපවාසය අනිවාර්්‍ය කර ඇත. ඒ තුළින් ඔබ බිය බැතියන් විය හැක˜ (ශු අල්කුර්ආනය 2: 103).

අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් නබි (සල්) තුමන්ගේ ප්‍රකාශය ද මෙය පැහැදිළි කරයි: —කව්රුන් අසත්‍ය කථා කිරිමෙන් ඒ අනූව කි්‍රයා කිරිමෙන් නොවැළක්වුනේද ඔහු කුසගින්නෙන් හා පිපාසයෙන් පසුවීමෙන් අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවක් නැත.˜

ඉහත සඳහන් කළ කුර්ආන් වාක්‍යයෙන්, නබි වදනින් තහවුරු වන ඉතා වැදගත් කරුණ නම් කෙනෙකු කුසගින්නෙන් හා පිපාසයෙන් පසුවීම පමණක් මෙහි අරමුණ නොවේ. ඒ වෙනුවට ඔහු වැරදි ක්‍රියාවන්ගෙන්, පහත් ලෙස හැසිරිමෙන් වැලකී සිටිය යුතුයි. ඔහු කෙසේ අල්ලාහ්ට බියවී ආහාර පාන ගැනීමට අවස්ථාව තිබියදීත් එයින් ඈත්වී සිටියේද, එලෙසම වැරදි කි්‍රයාවන් කිරිමට, අන් අය මුලාකිරිමට, අන් අයට හිංසා පීඩා කිරිමට සිතන හැමවිටම ඒ විශ්වාසය ඔහු තුළ පැවතිය යුතුයි. උපවාසය අනිවාර්්‍ය කළ අල්ලාහ් දෙවියන් අපෙන් අපේක‍ෂා කරන්නේ මෙම උතුම් ගුණාංගයන් අප තුළ පිහිටිය යුතු යන්නයි.

උපවාසයෙහි වැදගත්කම: —කව්රුන් විශ්වාසයෙන් යුතුව යහපත් ප්‍රතිඵල අපේක‍ෂා කරමින් උපවාසයෙන් පසුවෙයිද ඔහුගේ පෙර කළ සියළු පාපයන් කමා කරනු ලැබේ˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ.

හජ් කර්තව්‍ය.

ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන්වෙයි: —එම නිවසෙහි අල්ලාහ් වෙනුවෙන් හජ් ඉටු කිරීම එහි ගොස් ඒමට ශක්තයි ඇති අයට අනිවාර්්‍ය වේ˜. (ශු.කුර්ආනය 3: 98). කායිකව හා මුදල්මය වශයෙන් හැකියාව ඇති අය ජීවිතයේ එක් වතාවක් හජ් ඉටු කිරීම අනිවාර්්‍ය වේ.

—වැරදි ලෙස නොහැසිරි, පාපිෂ්ට කි්‍රයාවන් නොකර කව්රුන් අල්ලාහ් වෙනුවෙන් හජ් ඉටුකළේද ඔහු එදින උපත ලද් දරුවෙකු සේ යළි පැමිණෙන්නේය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. ඔහුගේ සියළු පාපයන් සමාකරනු ලැබේ, ඔහු පරිශුද්ධ වන්තයෙකු බවට ද ප්තවෙයි.

—පිළිගත් හජ් කර්තව්‍යයට ප්‍රසාදය ස්වර්ගය මිස නොමැත˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. කුමන දේශයට අයත් අය විය හැක, කුමන භාෂාවන් කථා කරන්නන් විය හැක, කුමන වර්ණයෙන් යුත් අය විය හැක හැමෝම එක හා සමානව සුදු ඇදුමකින් සැරසි යාඥාවන්හි නිරතවන එම ස්වර්ණමය අවස්ථාව හජ් කර්තව්‍ය තුළින් ලෝකවාසි ජනතාවට ඉස්ලාම් උදාකර දෙයි. විද්‍යාව තාක‍ෂණය දියුණුවුනු මෙවන් යුගයක පවා පංති භේදයන්, කුල භේදයන්, වර්ණ භේදයන් සමාජයෙන් මුලි නුපුටා දැමීමට නොහැකි අවස්ථාවක ඉස්ලාම් මෙම සියළු භේදයන් අතුගා දමා සමානත්මතාවය මුළු ලෝකයාටම හජ් කර්තව්‍ය තුළින් ඔප්පුකරයි.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —මනුෂ්‍යයිනි, අපි ඔබව එක් පිරිමියෙකුගෙන් හා එක් කාන්තාවකගෙන් නිර්මාණය කළෙමු.˜ (ශු,කුර්ආනය 49: 13).

අවසන් ශාස්තෘවරයානන් වරක් මෙසේ පැවසූහ: —අරාබ් ජාතිකයාට අරාබි නොවන්නාට වඩා කිසිදු උත්තරීතර භාවයක් හිමි නොවන්නේය.˜ මෙම සියළු ප්‍රකාශයන් වචනයට පමණක් සීමා නොකර එය ප්‍රයෝගීකව ඉටු කිරීමක් වශයෙන් ඉස්ලාම්හි යාඥා ක්‍රම පවති. සලාතය අනිවාර්්‍ය කළ ඉස්ලාම් එය සමූහව ඉටු කිරීමට අණ කිරීම තුළින් සමාජ භේදයන් වනසා සමානත්මතාවය තහවුරු කරයි. ඒ වගේම හජ් කර්තව්‍ය තුළින් මුළු ලෝකවාසි ජනතාව අතරම මෙම සමානත්මතාවය ඇතිකිරීමට වෙරදරයි.

සහෝදරයාæ සහෝදරිය. ඉස්ලාම් නියමිත භාෂාවකට හෝ දේශයකට හෝ කුලයකට හෝ වර්ණයකට හෝ අයිති ආගමක් නොවෙයි` එය මුළු මානව සංහතිය වෙනුවෙන් දායාද කරනු ලැබු ජීවන සැලැස්මකි.

ඉස්ලාම්හි උපතින් වර්ණයෙන් භාෂාවෙන් කුලයෙන් කෙනෙකු උසස්වීමට හෝ පහත්වීමට නොහැක.

ඉස්ලාමය තුළ සර්ව බලධාරි දෙවියන් අතර හා මනුෂ්‍යයින් අතර කිසිදු තැරැව්කරුවෙකු හෝ මැදිහත්කරුවෙකු නොමැත. තවද කිසිදු ජ්‍යෙතිෂ්‍යවේදියෙකුට හෝ ශාස්ත්‍රකාරයෙකුට මංමුළා කිරීමට ඉඩ ප්‍රස්තාව නැත.

ඉස්ලාම්හි ඒකීය දෙවියන් ඉදිරියේ හැර වෙන කිසි කෙනෙකු ඉදිරියේ වෙන කිසි දෙයක් ඉදිරියේ තමන්ගේ ආත්ම ගරුත්වය කෙලෙසන ආකාරයට වැඳ වැටීමට හෝ හිස නමා ආචාර කිරීමට හෝ නොහැක. වැඳ වැටීම සිරස නමා ආචාර කිරීම ඇතුළු සියළු ගරු කිරීම් එකීය දෙවියන්ට පමණක් හිමිය. මෙය ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්තියකි.

ඉස්ලාමීය සියළු නීති රීතින් බුද්ධි ගෝචරය. ඉතා ඥානාන්විතයæ කාලෝචිතයæ සැමටම ගැලපෙන්නේය. පිළිපැදීමට පහසුයæ සෑම කලකටම ගැලපෙන්නේය,ශත වර්ශ දා හතරක් ගෙවී ගියද කිසිදු සංශෝධනයක් අල්-කුර්ආනයේ හෝ ඉස්ලාමීය නීති රීතින්වල සිදු නොවීය. එවැනි අවශ්‍ය තාවක්ද මතු නොවීය.

මිනිසා උපත පටන් මරණයට පත්වන තෙක් මුහුණදෙන්නාවූ සියළු අර්බුදයන්ට නියම ආකාරයට ඉස්ලාම් පිළිතුරු සපයයි. මිනිසා තමන්ගේ ආත්ම ගරුත්වය රකිමින් හිතට එකඟව ජීවත්වීමේ මාර්ගය විවර කරයි. එම නිසා ඉස්ලාමයේ ඉගැන්වීම් නියම ආකාරයට දැන හඳුුන ජීවිතයට පරිවර්තනය කරගැනීමට ප්‍රමාද නොවන්න.

සකස් කිරීම: අබූ අස්මා

Comments are closed.

%d bloggers like this: