කුර්ආනය සහ විද්‍යාව

කුර්ආනය අනාවරණය වීමෙන් ශත වර්ෂ ගණනාවක් පසුවන තුරුත්, එහි අන්තර්ගත බොහෝ වැකි පිළිබඳව අවබෝධ කරගැනීමට මිනිසා අපොහොසත් විය. එයට හේතුව එකල මිනිසුන් සතුව ඒවා තේරුම් ගැනීමට සෑහෙන තරම් විද්‍යාත්මක දැනුමක් නොතිබීමයි. ස්වභාවික සිද්ධාන්තයන් පිළිබඳව කුර්ආනයේ එන බොහෝ දෑ තේරුම් බේරුම් කරගත හැකි තත්ත්වයක විස්තර විචාරයන් ඉදිරිපත් කරන ලද්දේ ඉතා මෑතකදීය. කුර්ආනයේ එන පැරණි විස්තර විචාරයන් කියවීමෙන් තහවුරු වනුයේ, එකල එම සංස්කාරක වරුන් කෙබඳු මට්ටමක දැනුමකින් යුතු වූවන්ද යන්නය. ඔවුන් කුර්ආනයේ අඩංගු බොහෝ වැකිවල නිසි ගැඹුරු අර්ථය වටහා ගැනීමට සම්පූර්ණයෙන්ම අපොහොසත් වූ බව මෙයින් පෙනී යයි. එසේම විසිවන ශතවර්ෂයේ අගභාගය වන අද කාලයේදී පවා, විද්‍යාවේ ඇති අති උත්කෘෂ්ඨ දියුණුව තුළින් වූවද, සාමාන්‍ය විද්‍යාඥයකු හට කුර්ආනයේ එන විෂයයන්, විශේෂිත වූ ගවේෂණයකින් තොරව වටහා ගැනීමට පහසු නොවන්නකි. මෙයින් පැහැදිලි වනුයේ කුර්ආනයේ එන සියළුම වාක්‍යයන් හරිහැටි තේරුම් ගැනීමට නම්, අද දවසේ පවා, ඉතා හොඳ පුහුණු, විද්‍යාත්මක, විශ්වකෝෂ ඥාණයක් යමෙකුට අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු බවයි.

මවිසින් මෙහිදී —විද්‍යාව˜ යනුවෙන් අර්ථ දක්වනුයේ, බැලූ බැල්මට ඉතා සරල, සාමාන්‍ය අර්ථ කථනයක් වූ —දැනුම˜ යන්නයි.

එයට මතවාදයන් අඩංගු නොවේ. මක්නිසාදයත් කිසියම් සිද්ධාන්තයක් හෝ සිද්ධාන්ත සමූහයක් පැහැදිලි කිරීමට යම් කලකදී උපයෝගී කරගනු ලබන මතවාදයක්, ඊට පසුව කෙරෙන නව පැහැදිලි කිරීමක් තුළින් ප්‍රතිෙක‍ෂ්ප වී යන බැවිනි. මෙලෙස ඇතිවන නව මතවාදයන්, විද්‍යාත්මක දියුණුවේ ආධාරයෙන් තවදුරටත් ව්‍යාජ ඒවා බවට තහවුරු වෙමින් බිඳ වැටේ. මා මෙහි සඳහන් කිරීමට අදහස් කරනුයේ එබඳු ව්‍යාජ මතවාද පිළිබඳව නොව, තවදුරටත් සාකච්ඡාවට බඳුන් නොවන, එනම් ස්ථීරව තහවුරු වූ විද්‍යාත්මක දැනුම සහ කුර්ආනයේ එන වගන්තීන් සම්බන්ධවයි. කෙසේ වෙතත් මෙහිදී තවමත් සියයට සීයක්ම (100%) ස්ථාපිත නොවූ —විද්‍යාත්මක කරුණු˜ කිහිපයක්ද ඉදිරිපත් කරන අතර, ඒවා හැකි පමණ පැහැදිලි කර පෙන්වා දීමට මම උත්සාහ කරමි.

කුර්ආනයේ එන සමහර දුර්ලභ උදාහරණයන්, තවමත් නූතන විද්‍යාව තුළින් සනාථ කිරීමට මිනිසා අපොහොසත්ව ඇත. මෙවැනි කොටස්ද, ඉදිරි අනාගතයේ දී ඇතිවිය හැකි නව විද්‍යාත්මක දැනුම තුළින් තහවුරු කළහැකි බවට විශාල සම්භාවිතාවක් වන බව පෙන්වා දීමට මම උත්සාහ දරමි. උදාහරණයක් ලෙස කුර්ආනයේ එන ජීවයේ ජලජ සම්භවය සම්බන්ධ වාක්‍යය පහත දැක්වේ.

—තවද, මම සෑම ජීව වස්තුවක්ම ජලයෙන් නිර්මාණය කළෙමි˜ (ශු. කුර්ආනය 21- 30)

විද්‍යාත්මක කරුණු මෙලෙස සලකා බැලීමේදී, අප අමතක නොකළ යුතු වැදගත් කරුණක් නම්: කුර්ආනය යනු අතිවිශිෂ්ඨ ආගමික ග්‍රන්ථයක් වන අතර එය තනිකරම විද්‍යාත්මක අරමුණු වලින්ම පමණක් හෙබි විද්‍යා අත්පොතක් නොවන බවයි. අල්ලාහ්ගේ විශ්මිත මැවුම් හා නොයෙකුත් ස්වභාවික සිද්ධාන්ත කුර්ආනයේ ගෙනහැර දැක්වෙන ආකාරය පිළිබඳව විමසිල්ලෙන් බැලූ විට අපට පෙනී යනුයේ, එය රචනා කිරීමෙහි ප්‍රධානතම අරමුණ වනුයේ සර්වබලධාරී දේවත්වය තහවුරු කරලීම බවයි. විද්‍යාත්මකව ගොඩනැගුණකැ යි ඇතැමුන් සළකණු ලබන නාස්තික වාද හෙවත් අදේව වාදය (දෙවියෙක් නොමැති යැයි සැලකීම) මඟින් දේව විශ්වාස වනසා දමා සමාජයේ පාලන බලය ලබාගැනීමට තැත් කරන යුගයක, කුර්ආනයේ වක්‍ර ආකාරයකින් හෝ හෙළිදරවු කෙරෙන ඉතා වටිනා විද්‍යාත්මක දැනුම් සම්භාරය, නියත වශයෙන්ම අප ලද මහගු තිළිණයකි. කුර්ආනයෙහි ඇති ආශ්චර්්‍යයමත්භාවය සනාථ කිරීමට මීට අමතරව වෙනත් කිසිදු ලක‍ෂණයක් හුවා දැක්වීම අනවශ්‍යය. කුර්ආනයේ එන විද්‍යාත්මක කරුණු, ඉස්ලාමීය හෙළිදරව් කිරීමට පමණක් විශේෂිත වන අතර, බයිබලයේ මෙවැනි ගුණාංග දක්නට නොලැබේ.

මවිසින් කරන ලද පර්යේෂණයේදී සම්පූර්ණයෙන්ම, විෂය මූලිකව රැඳී සිටීමට හැමවිටම මම උත්සාහ කළෙමි. කුර්ආනය පිළිබඳව විෂය මූලිකව කරුණු හැදෑරීමෙහිලා සාර්ථකත්වයක් අප ලැබූ බව මම විශ්වාස කරමි. මෙම විෂය මූලික භාවය වෛද්‍යවරයෙකු පළමු වරට රෝගියකුගේ වාර්තාවක් කියවීමට සමකළ හැකිය. වෙනත් අයුරකින් පැවසුවහොත්, නිවැරදි රෝග විනිශ්චයකට එළැඹිය හැක්කේ ඉතා ප්‍රවේශමෙන් රෝග ලක‍ෂණ සියල්ල විශ්ලේෂනය කිරීමෙන් පමණි. තවද මෙම අධ්‍යයනය සඳහා මා පළමුව යොමුකරවූයේ ඉස්ලාමය පිළිබඳව ඇති විශ්වාසය නොව, සත්‍ය සොයාගැනීම පිළිබඳව මා තුළ වූ හුදු ආශාව බව අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. අද මා එය දකින්නේ මෙසේය. මාගේ අධ්‍යයන කටයුතු හමාර වනවිට මා රැස්කර ගන්නා ලද කරුණු පදනම් කරගෙන කුර්ආනය යනු සත්‍ය වශයෙන්ම අල්ලාහ් දෙවියන් විසින් මෙලොවට පහළ කරවන ලද ග්‍රන්ථයක් බවට කිසිදු සැකයකින් තොරව මම පිළිගනිමි.

කුර්ආනයේ ඇති වලංගුභාවය:

කුර්ආනය හා විද්‍යාව යන ප්‍රධාන මාතෘකාව වැඩි දුර විග්‍රහ කිරීමට මත්තෙන් අප විසින් සලකා බැලිය යුතු ඉතා වැදගත් කරුණක් වේ. එනම් කුර්ආනයෙහි ඇති වලංගුභාවය කෙබඳුද යන්නයි.

කුර්ආනය මෙලොව පහළ වූ මුල් අවධියේදී මුහම්මද් නබි (සල්) තුමන් සහ ඔහුගේ සගයින් හා ඔහු වටා ඒකරාශීව සිටි විශ්වාවන්තයින් විසින් එය කටපාඩම් කර මතකයේ රඳවාගත් අතරම, මුහම්මද් නබි (සල්) තුමන්ගේ අනුගාමිකයින් අතුරින් තෝරා පත්කරගන්නා ලද රචකයින් පිරිසක් විසින් ඒවා මැටි පුවරු මත හා ගල්වල ලියා තබන ලදී. මෙම කර්තව්‍ය සම්පූර්ණ කිරීම සඳහා දළ වශයෙන් වසර 23 ක කාලයක් ගත වූ අතර ඊට සමකාලීනවම නිල නොවන පිටපත් ගණනාවක්ම ලියා තබන ලදි. කුර්ආනයේ ප්‍රථම නිල පිටපත නිකුත් කිරීම මුහම්මද් නබි (සල්) තුමාගේ මරණින් වසරකට පසු කලීෆා අබූබක්කර් (රලි) නම් පාලකයාගේ උපදෙස් මත සිදුවිය. මෙහිදී අප දතයුතු තවත් ඉතා වැදගත් කරුණක් නම් මෙම නිල කුර්ආනයේ නිර්වද්‍යතාවය, කටපාඩමින් එකල මිනිසුන් දැන සිටි කුර්ආනය සහ ලියා තබන ලද නිල නොවන පිටපත් ඇසුරින් හරස් පරීක‍ෂණයට භාජනය කිරීමෙන් තහවුරු කරන ලද බවයි. සෑම මිනිසෙකුටම කියවීමේ හා ලිවීමේ හැකියාව නොතිබුණු යුගයක, කටපාඩමින් මතකයේ රඳවාගත් දැනුම අතිශයින්ම වැදගත් තැනක් ගනි. එයට හේතුව සියළු දෙනාටම කටපාඩම් කර කරුණු මතකයේ තබාගත හැකි වීමයි. එසේ වූවද, අල්කුර්ආනය ලේඛණගත කර තැබීමේ අවශ්‍යතාවය එහිම එන —අල් අලක්˜ නම් පරිච්ඡේදයේ පළමු පද්‍ය 4න් පැහැදිළි වේ. මෙය මුහම්මද් නබි (සල්) තුමාට පහළ වූ මුල්ම දේව වදන් වේ.

—කියවන්න, ඔබේ මැවුම්කරු වූ ඔබේ අධිපතිගේ නාමයෙන්, ඔබේ අධිපති ඉතා උදාරය, ඔබට පෑනෙන් ඉගැන්වූයේ ඔහුයි. ඔබ නොදත් දේ ඔබට ඉගැන්වූයේ ඔහුයි˜ (ශු, කුර්ආනය 96 ¦ 3- 5)

කියවන්න,

මෙහදී පෑන යනුවෙන් අදහස් වන්නේ මානව විඥාණයයි.

මින් පසුව පාලන තන්ත්‍රයට පිවිසි උස්මාන් නම් වූ පාලකයා (මොහු මුහම්මද් නබි (සල්) තුමන්ගේ මරණින් වර්ෂ 13 කට පසුව 13 වසරක් කාලය තුළ රාජ්‍ය පාලනය කළේය.) ඔහුගේ පාලන සමයේ ප්‍රථම වසර 2 තුළ නිල කුර්ආනයේ පිටපත් 7ක් පුනර්නිෂ්පාදනය කර එවකට ලෝකයේ මුස්ලිම් පාලන බලය පැවතිවිශාල ප්‍රදේශයක් තුළ පතුරුවා හරින ලදී. එසේම සියළුම නිල නොවන පිටපත් විනාශ කර දැමූ අතර, මින් පසු කෙරුණු සැම ප්‍රති නිර්මාණයක්ම සිදුවූයේ මෙම මුල් ග්‍රන්ථ පිටපත් හතෙන් පමණි.

මා ලියු —බයිබලය, කුර්ආනය හා විද්‍යාව˜ යන ග්‍රන්ථයෙහි, මුහම්මද් තුමාගේ හිජ්රා ගමණය (කි්‍ර. ව. 622 දී මක්කාවේ සිට මදීනාවට සංක්‍රමණය වීම) ට පෙර පහල වූ කුර්ආනීය වැකි උපුටා දැක්වීම තුලින් සනාථ වන්නේ කුර්ආනය ලේඛණගත වීම මුහම්මද් තුමා මක්කාවෙන් නික්ම යෑමට පෙර සිටම සිදුවූ බවයි.

මෙලෙස කුර්ආනය පහළ වූ කාලය තුළම නිල පිටපත් ප්‍රකාශ කිරීමට සිදුවූ බව සනාථ කිරීමට බොහෝ ඓතිහාසික සාක‍ෂි වේ. මහාචාර්ය —ජාකොබ් බර්ක්ට˜ අනූව, කුර්ආනය හා බයිබලය සැසඳීමේදී, යුදෙව්- කි්‍රස්තියානි ග්‍රන්ථ පහලවීමටත්, රචනා කිරීමටත් අතර වූ ඉතා දිගු කාල පරතරය සසඳන විට කුර්ආනය වලංගුතාවයෙන් අතිශයින්ම ඉහල මට්ටමක වූවකි. එසේම තවත් අප විසින් අමතක නොකළ යුතු කරුණක් වනුයේ කුර්ආනය පහළ වූ අවධියේම සිදුකළ එහි ප්‍රථම නිල ලිඛිත ග්‍රන්ථයෙහි අත් පිටපත් ගණනාවක්ම අදද අප අතර නිරුපද්‍රිතව පවතින බවයි.

තවත් වැදගත් කරුණක් මෙහිලා සඳහන් කිරීමට මම කැමැත්තෙමි. කුර්ආනයෙන් එන කරුණු මැනවින් අධ්‍යයනය කිරීමේදී, නූතන විද්‍යාත්මක දැනුමට එය අනුකුල වන බව අද අපට පැහැදිලි වූවද, අතීතයේ වූ මිනිසුන් මේ පිළිබඳව ගැඹුරින් වටහා ගැනීමට අපොහොසත් වූ අතර, කුර්ආනීය වැකි සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමටද අද පවා මිනිසා අපොහොසත්ය. මිනිසුන් විසින් මෙම ග්‍රන්ථය නිර්මාණය කරන ලද්දේ නම් හෝ මිනිසුන් විසින් එහි යම් කිසි වෙනසක් ඇතිකරන ලද්දේ නම් හෝ අද පවා තේරුම් ගත නොහැකිව කුර්ආනය පුරා විසිරී ඇති වගන්ති, මිනිස් වංචාවකට ලක් නොවී එලෙසින්ම, ආරම්භක ස්වරූපයෙන් අල්පමාත්‍ර වූ වෙනසකින් තොරව පැවතීම කිසිසේත් සිදුවිය නොහැක්කකි. එසේම කුර්ආනයේ එන කිසිදු කොටසකට යමෙකු විසින් ඉතා සුළු හෝ වෙනසක් ඇති කරන ලද්දේ නම් එහි ඇති ලාක‍ෂණික ඒකාබද්ධතාවය කැපී පෙනෙන අන්දමින් බිඳ වැටී විනාශ වනු ඇත. එබැවින් එබඳු යම් වෙනසක් සිදුවී තිබුණි නම් එමගින් නූතන දැනුම හා කුර්ආනයෙහි එන කරුණු එකඟත්වයෙන් සනාථ වීම නිසැක වශයෙන්ම වැළැකෙනු ඇත. මක්නිසාදයත් එය එතරම් හොඳින් කැපී පෙනෙන බැවිනි. එම නිසා කුර්ආනයේ එන අදටත් තේරුම් ගත නොහැකිවූද, කිසිම වෙනසකට බඳුන් නොවූ වදන් එහි වලංගුතාවය විඳහා පෙන්වන මනා සළකුණු බව ඕනෑම සාධාරණ අපක‍ෂපාතී නිරීක‍ෂකයෙකුට වැටහෙනු ඇත.

කුර්ආනය මිනිසා වෙත පහළ වීම පුරා වසර 23ක කාලයක් මුළුල්ලෙහි සිදුවිණි. මෙය —හිජ්රා˜ හි දෙපස පිහිටි එක හා සමාන, කාල පරිච්ඡේද 2කින් සමන්විතය. (නබිතුමන්ගේ මක්කා සිට මදීනාව බලා සංක්‍රමණය වීම හිජ්රා නම් වේ). මේ අනූව බැලීමේදී පොතෙහි එන විද්‍යාත්මක කරුණු විසිරී පැවතීම ස්වභාවිකය. අප විසින් සිදුකළ අධ්‍යයනයේදී, එක් එක් විෂයයට අදාලව විවිධ පරිච්ඡේද වල විසිරී පැවතුණු අදහස් වෙන් වෙන් වශයෙන් නැවත ගොණු කිරීමට අපට සිදුවිය.

ඒවා කෙසේ වර්ගීකරණය කළ යුතුද යන්න මා හට මීළඟට ඇතිවූ පැණයයි. එනමුදු කුර්ආනයේ වර්ගීකරණයක් පිළිබඳව කිසිදු සඳහනක් හෝ යෝජනාවක් සොයාගත නොහැකි වූ බැවින්, ඒවා මාගේ සිතැඟි පරිදි ඉදිරිපත් කිරීමට මම තීරණය කළෙමි.

මා සිතන පරිදි පළමුව සලකා බැලිය යුතු කරුණ වන්නේ —මැවීමයි˜ මෙහිදී කුර්ආනයේ එන වගන්ති අද ලොව ව්‍යාප්තව පවතින විශ්වයේ සම්භවය සම්බන්ධ අදහස් හා සංසන්දනය කිරීම සුදුසු වේ. මීළඟට මෙම මාතෘකාව පහත සඳහන් අනුමාතෘකා යටතේ ඛෙදා දක්වන ලදි. තාරකා විද්‍යාව, පෘථීවිය, සත්ත්ව සහ ශාක රාජධානි, මිනිසා සහ මිනිස් ප්‍රජනන කි්‍රයාවලිය තව දුරටත් කුර්ආනයේ සහ බයිබලයේ එන වගන්තීන් අනූව ඉහත සඳහන් මාතෘකා වලට අදාල සංසන්දනයක් සහ ඒවා නූතන දැනුම තුළින් පැහැදිළි කිරීම ප්‍රයෝජනවත් වෙතැයි මම සිතමි. මෙය සිදුකරන ලද්දේ බයිබලයේ එන —ජල ගැල්ම, නික්ම යෑම, හා මැවීම˜ යන කොටස් ඇසුරිනි. එයට හේතුව මෙම මාතෘකා අද පවතින දැනුම ඇසුරින් අර්ථකථනය කිරීමට හැකි ඒවා වීමයි.

විශ්වයේ මැවීම:

විශ්වයේ මැවීම ගැන කුර්ආනයේ එන සංකල්ප පරීක‍ෂා කිරීමේදී කැපී පෙනෙන වඩාත්ම වැදගත් කරුණ වනුයේ, කුර්ආනීය විස්තර විග්‍රහයන්, බයිබලයේ එන කරුණු වලින් බොහෝ සේ වෙනස් වීමයි. මෙම අදහස් බයිබලයේ සහ කුර්ආනයේ සමානත්වයක් පෙන්වීමට උත්සාහ දරන, බටහිර සම්පාදකවරුන්ගේ අදහස් වලට පරස්පර විරෝධීතාවයක් දක්වයි. සුළු වශයෙන් ඇති සමානකම් විශාල වශයෙන් හුවා දක්වමින්, කැපීපෙනෙන ආකාරයේ විශාල වෙනස්කම් නිහ~ව නොසලකා හැරීම යථාර්ථය විරූප කර දැක්වීමකි. සමහර විට ඒ සඳහා ඔවුනට යම් හේතු සාධක තිබිය හැක.

මැවීම ගැන සඳහන් කිරීමේදී බටහිර ප්‍රදේශ වල පවත්නා ප්‍රබල අදහසක් වන —මැවීම සම්බන්ධව කුර්ආනයේ සඳහන් වන කරුණු මුහම්මද් නබි (සල්) තුමන් විසින් බයිබලයෙන් උපුටා ගත් ඒවාද˜ යන්න සලකා බැලිය යුතුය.

මෙහිදී —දින 6ක මැවුම් කාලයක් සහ දෙවියන් විවේකගත් එක් දිනක කාලයක් (සැබැත්) වශයෙන් සම්පූර්ණ දින 7ක් මැවීමෙහි යෙදුණු බවට˜ බයිබලයේ එන කොටස් කුර්ආනයෙහි එන —අල්-අඃරාෆ්˜ පරිච්ඡේදය සමඟ සංසන්දනය කළ හැක.

—ආකාශය සහ පොළොව දින 6ක් තුළ නිර්මාණය කරන ලද ඔබේ අධිපති දෙවියන්˜ (ශු: කුර්ආනය¦ 7 54)

කෙසේ වූවද නූතන ව්‍යාඛ්‍යානයන්ට අනූව (Ayyam)- යන අරාබි වදනෙහි තේරුම දවස් ලෙස සාමාන්‍යයෙන් යොදා ගත්තද, එහි නියම අර්ථය වනුයේ —දිගු කාල පරිච්ඡේදයක්˜ යන්නයි. (එබැවින් එයින් පැය 24 කින් සමන්විත වූ දවසක් ගැන අදහස් නොකෙරේ.)

මෙහි දැක්වෙන තවත් මූලික වැදගත් කරුණක් වනුයේ, බයිබලයේ මෙන් නොව කුර්ආනයේ පොළව හා අහස මැවීම පිළිබඳව අනුපිළිවෙලක් සඳහන් නොවීමයි. කුර්ආනයේ එය එකකට පළමුව අනෙක වශයෙන් නොව පොදු මැවුමක් ලෙස සඳහන් වේ. මේ බව —තාහා˜ පරිච්ඡේදයේ දැක්වේ.

—පොළව සහ ඊට ඉහලින් අහස මැව්වේ දෙවියන්ය˜ (ශු. කුර්ආනය 20¦ 4)


කුර්ආනයේ එන කරුණු වලින් හැෙඟන පරිදි ආකාශමය සහ භෞමික පරිණාමයන් එකිනෙකට සමාන්තර වේ. තවද මූලික වායුමය ස්කන්ධයක් (Dukhaan)- මැවීමේදී පැවැති බව සඳහන් කිරීම කුර්ආනයට පමණක් සීමිත වූ සඳහන් කිරීමකි. එසේම එකට එක්වී බැඳී පැවති මූලද්‍රව්‍ය ගොණුවක් (ratq) ක්‍රමක්‍රමයෙන් එකිනෙකින් වෙන්වී යාම (fatq)- පිළිබඳව ද කුර්ආනය විස්තර කරයි. මේවා —ෆුස්සිලත්˜ සහ —අල්-අන්බියා˜ යන පරිච්ඡේදය වල සඳහන් වේ.

—දෙවියන් වහන්සේ මතු වී අහස දෙසට හැරෙන විට එය වායු ස්කන්ධයක්……. (ශු. කුර්ආනය 41¦ 11)

—විශ්වාස නොකරන්නන් හට නොපෙනෙත්ද? අහස සහ පොළව එකට එක්ව පැවති අතර මම එය වෙන්කර හැරියෙමි˜(ශු. කුර්ආනය 21¦ 30)

නූතන විද්‍යාවට අනූකූලව මෙම එකිනෙකින් වෙන්වීමේ ක්‍රියාවේ ප්‍රතිඵලය ලෙස බොහෝ ලෝක ඇතිවුණි. මෙම සංකල්පයම කුර්ආනයේ බොහෝ ස්ථානවල දැක්වේ. උදාහරණයක් ලෙස ප්‍රථම පරිච්ඡේදය වූ —අල්-ෆාතිහා˜ හි පළමු වගන්තිය ගත හැක.

—සියළු පැසසුම් සියලූ ලෝක වලට අධිපති වූ දෙවියන්ටම වේවා˜ (ශු කුර්ආනය 1¦1)

මේ අනූව කුර්ආනීය සංකල්ප, නූතන අදහස් වන ප්‍රාථමික වලාකුලක මන්දාකිණි, ධූලි පැවැතීම හා එහි සංඝටක වෙන්ව යාමෙන් මන්දාකිණිද ඉන්පසුව ඒ තුලින් තාරකාද, එයින් පසු ග්‍රහලෝකද බිහිවුණිය, යන්න සමඟ මනා එකඟත්වයක් පිළිබිඹු කරයි.

දැනට මේ සම්බන්ධව පවතින මහා පිපිරුම් වාදයට (Big bang Theory)- අනූව ඝණීභවනය වූ ද්‍රව්‍යයන් තුළින්, ක්‍රමයෙන් පුළුල් වෙමින් විශාල ලෙස විහිදී යන —ප්‍රාග් මන්දාකිණි˜ නම්වූ කුඩා වලාවන් සෑදී පසුව එකිනෙකින් වෙන්වී, ඒ එක එකක් ස්වකීය ගුරුත්ව ෙක‍ෂ්ත්‍රයේ බලයෙන් එකමත එක වැටී ඉන්පසු ඇතිවන සමෝධානිත ගුරුත්ව ෙක‍ෂ්ත්‍රය හේතු කරගෙන වෙනත් මන්දාකිණි බවට පරිවර්තනය වේ. මෙය නව බි්‍රතාන්‍ය විශ්ව කෝෂයේ දහනව වැනි වෙළුමෙහි 636 වැනි පිටුවෙහි සඳහන් වේ.

කුර්ආනයේ —අල්-ෆුර්ඛාන්˜ පරිච්ඡේදයෙහි පොළව හා අහසට අතරමැදි මැවුම් ගැනද සඳහන් වේ.

—දෙවියන් වහන්සේ අහස, පොළව හා ඒ අවට ඇති සියළු දෑ මැවූ අතර……˜(ශු. අල්කුර්ආනය 2¦ 59)

මෙම අතරමැදි මැවුම් නූතන සොයාගැනීම් වලට අනුකූලව, —පදාර්ථමය පාලම්˜ නොහොත් පිටතින් සංවිධානය වූ තාරකා විද්‍යාත්මක පද්ධතීන් වේ.

මෙම කෙටි සමාලෝචනයෙන් පැහැදිලි වනුයේ කුර්ආනයේ දැක්වෙන කරුණු හා නූතන විද්‍යාත්මක දත්ත අතර ඇති මනා එකඟතාවයයි. එසේම බයිබලයේ අංශ ගණනාවකින්ම පෙන්වා දෙන —මැවුම˜ පිළිබඳ කරුණු නූතන විද්‍යාව හා එකඟ නොවන එමෙන්ම පිළිගත නොහැකි දෑ වේ. උදාහරණයක් ලෙස බයිබලයේ එන උත්පත්තිය පොතෙහි 1¦ 9-19 දක්වා වූ කරුණු සලකා බැලූවහොත් එහි පෘථීවිය තුන්වන දිනයෙහි නිර්මාණය කළ බවත්, අහස හතරවැනි දිනයේදී නිර්මාණය කළ බවත් සඳහන් වේ. නමුත් පෘථීවිය ඇතිවූයේ අහස, තරු හා ඉර ඇතිවීමෙන් පසුව බව නිසැකවම අප අද දන්නා බැවින් බයිබලයේ අදහස් ප්‍රතිෙක‍ෂ්ප කිරීමට අපට සිදුවේ. එබැවින් මෙබඳු වාතාවරණයක් යටතේදී හැගෙනුයේ —මුහම්මද් නබි (සල්) තුමන් බයිබලයෙන් කරුණු උපුටා ගැනීම කෙසේ වෙතත්, එහි ඇති වැරදි සංකල්ප නිවැරදි කිරීමක නම් යෙදුණු බවයි. (විශ්වයේ සම්භවය ගැන සලකා බැලීමේදී) එනමුදු විද්‍යාඥයිනට මෙම දැනුම ලබාගත හැකිවූයේ නබිතුමන්ගේ මරණින් ශතවර්ෂ ගණනාවකටම පසුවය.

තාරකා විද්‍යාව:

කුර්ආනයේ තාරකා විද්‍යාව සම්බන්ධ වැදගත් විස්තර සඳහන් වන බව මවිසින් බටහිර ජාතිකයන්ට පැවසූ බොහෝ අවස්ථාවලදී, ඔවුන් එයට පිළිතුරු වශයෙන් පැවසුයේ එය පුදුමයට කරුණක් නොවන බවයි. මක්නිසාද යත් යුරෝපීය ජාතිකයිනට වඩා අරාබි ජාතිකයින් තාරකා විද්‍යා ෙක‍ෂ්ත්‍රයෙහි ඉදිරියෙන් සිටි අතර ඔවුහු බොහෝ වැදගත් සොයා ගැනීම් වලටද වගකියති. නමුත් මෙය ඉතිහාසය පිළිබඳ නොදැනීම හේතුවෙන් සාවද්‍ය ලෙස තේරුම් ගනු ලැබූ අදහසකි. පළමුව අරාබි ලෝකය තුළ විද්‍යාත්මක දියුණුවක් ඇතිවූයේ කුර්ආනයේ පහලවීමෙන් සැලකිය යුතු තරම් කාලයකට පසුවය. දෙවනුව – කුර්ආනය පහල වූ වකවානුව තුළ ඉස්ලාමීය ජන සමාජය තුළ පැවති විද්‍යා දැනුම ගැන සලකා බලන විට කිසිම මිනිසෙකු ආකාශ වස්තූන් සම්බන්ධව කුර්ආනය හා සැසඳිය හැකි ප්‍රමාණයක හෝ ප්‍රකාශණයක් කිරීමට අපොහොසත් අය වූහ.

තාරකා විද්‍යාව යනු ඉතා පුළුල්ව සලකා බැලිය යුතු විෂය ෙක‍ෂ්ත්‍රයක් වූවද මම මෙහිදී එය ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නෙමි.

ඉර හා සඳ:

බයිබලයෙහි සූර්්‍යයාගේ සහ චන‍ද්‍රයාගේ ආලෝකයන් අතර ඇති එකම වෙනස ලෙස ඒවායේ ඇති ආලෝක ප්‍රමාණයන්ගේ අඩුවැඩි බව සඳහන් කරයි. නමුත් කුර්ආනයෙහි මේ දෙආකාරයක ආලෝකයන් ලෙස පැහැදිලිව වෙන්කර දක්වයි. සූර්යයාගේ ආලෝකය —ලාම්පුවක්˜ සිරාජ් (Siraaj)- ලෙසද, චන‍ද්‍රයාගේ ආලෝකය —එළිය˜ නූර් (noor)- ලෙසද එහි සඳහන් වේ.

—අල්ලාහ් විසින් ආකාශ 7 ක් එකකට ඉහලින් අනික සිටින සේ මවා ඒවාට ඉර (ලාම්පුව) සහ හඳ (එළිය) ලබා දුන් බව නොදුටුවෙහිද?˜ (ශු. කුර්ආනය 78¦ 12-13)

චන‍ද්‍රයා පරාවර්තිත ආලෝකය පමණක් ඇති ඛෙලහීන වස්තුවක් වන අතර, සූර්්‍යයා ස්ථීර, දහන කි්‍රයාවලියක් මඟින් ආලෝකය හා තාපය උපදවන ප්‍රධාන ආකාශ වස්තුවකි.

තාරකා සහ ග්‍රහලෝක:

කුර්ආනයේ 86 වැනි පරිච්ඡේදයෙහි 3 වන වගන්තියෙහි සඳහන් වන පරිදි තාරකා නජ්ම් (najm)- යන වචනය තාඛීබ් (thaaqib)- නම් විශේෂණ පදය හා එක්ව යෙදේ. ,”Thaaqip”, යන්නෙන් අදහස් වනුයේ, රාති්‍රයේ අඳුරු සෙවනැලි තුලින් විනිවිද මතුව පෙනෙන, තමා විසින් තමා තුළම දහනයක් ඇති කර ගනිමින් එහි ප්‍රතඵලයක් ලෙස ආලෝකය විහිදුවන වස්තූන් යන්නයි. දැනට සොයාගෙන ඇති කරුණු අනූව තාරකා යනු තමන් තුළම ස්වකීය ආලෝකය නිපදවා ගනු ලබන අපගේ සූර්්‍යයා බඳුම වූ ආකාශ වස්තූන්ය. (එනම් සූර්්‍යයාද තාරකාවකි.)

කුර්ආනයේ ග්‍රහලෝක හැඳින්වීම සඳහා —කව්කබ්˜ (Kawkab) නම් වූ විශේෂ පදය යොදා ගනී. එයින් අදහස් වනුයේ ඒවාද ආකාශ වස්තූන් වන අතර, සූර්යයා මෙන් තමාගේ ආලෝකය තමාටම නිපදවා ගත නොහැකි ආලෝකය පරාවර්තනය කිරීමෙහි පමණක් යෙදෙන වස්තූන් බවයි.

—පහල ආකාශය අලංකාර ආභරණ වූ ග්‍රහලෝක වලින් අපි සරසා ඇත්තෙමු.˜ (ශු කුර්ආනය 37¦ 6)

කක්ෂය:

ආකාශ වස්තු පද්ධතීන් පිළිබඳව බලපැවැත්වෙන නීති රීතීන් තාරකා භෞතික විද්‍යාව විෂය තුළින් අද අපි ඉතා හොඳින් දැන සිටිමු. ඒ අනූව මන්දාකිණියක සමතුලිතතාවය රඳා පවතිනුයේ එහි ඇති ග්‍රහලෝක හා තාරකා ස්වකීය කක‍ෂවල පිහිටන ස්ථානයන් මත සහ මේ එක් එක් වස්තූන්ගේ ස්කන්ධයන් මඟින් ඇති කෙරෙන ගුරුත්වාකර්ෂණ බලය හා ඒවායේ චලන වේගයන් අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධතාවය මතය.

නූතන යුගයේදී පමණක් ගෙනහැර දැක්විය හැකි මෙම සත්‍යයන් කුර්ආනයේ —අල් අන්බියා˜ නම් පරිච්ඡේදයෙහි මෙසේ සඳහන් වේ.

—රාති්‍රය සහ දවාලත්, සූර්යයා හා චන්ද්‍රයාත් මවන ලද්දේ දෙවියන් වහන්සේ විසිනි. සූර්යයා හා චන‍ද්‍රයා එකිනෙකින් වෙනස් වූ කක‍ෂවල ඒවාට ආවේණික වූ චලන වේගයන්ගෙන් යුතුව ගමන් කරති˜ (ශු. කුර්ආනය 21¦33)

,”Yasbahoon”, යන අරාබි වදනින් අදහස් වනුයේ ගමන් කරන වස්තුවක් මඟින් ඇතිවන චලනය යන්නයි. එය ධාවකයෙකුගේ පොළව මත පිහිටි පාදවල චලනය හෝ, ජලයෙහි පැද්දීමේ කි්‍රයාව සඳහා ද යෙදෙන අතර, එය ආකාෂ වස්තුවක් සඳහා යොදන විට —තමන්ට ආවේණික චලනයක් සහිතව ගමන් කරන˜ යන අර්ථය ගෙනදේ.

දහවල සහ රාත්‍රිය:

කුර්ආනීය විස්තරවලට අනූව කෙරෙන දහවල හා රාති්‍රය සම්බන්ධ පැහැදිලි කිරීම් එÞට වඩා අදට යෝග්‍ය වන අන්දමින් සැකසී ඇත. “Kawwara” යන වදන මඟින් කුර්ආනයේ —අස්සුමර්˜ පරිච්ඡේදයෙහි, රාති්‍රය දහවල සමඟත් දහවල රාති්‍රය සමඟත් වෙලී හෝ ඇඹරී පවතින ආකාරය විස්තර කෙරේ.

—ඔහු දහවල රාති්‍රය මතත් රාති්‍රය දහවල මතත් වෙලා ඇත˜(ශු. කුර්ආනය 39¦ 5)

“Kawwara” යන්නෙහි නියම අරුත නම් තලප්පාවක් (හිස් ආවරණයක්) හිසෙහි වෙලීම යන්නයි. කුර්ආනය පහළ වූ අවධියේදී මෙම සැසඳීම කිරීමට අත්‍යවශ්‍ය වූ තාරකා විද්‍යාත්මක දත්ත මිනිසුන් නොදැන සිටි බැවින් මෙය ඉතා පැහැදිලි හා වලංගු සංසන්දනය කිරීමකි. මිනිසා සඳමත පා තබා නිරීක‍ෂණය කරන තුරුම පෘථීවිය තම අක‍ෂය වටා කරකැවෙන බවත්, ලෝක ගෝලයෙහි අඳුරු අර්ධය සෑමවිටම ආලෝකමත් අර්ධය හා වෙලී පැවතීමත්, ආලෝකමත් අර්ධය එලෙසම අඳුරු අර්ධය හා වෙලී පැවතීමත් අප වටහාගෙන නොතිබුණි.

සෞර මුදුණ:

සූර්්‍යයා සඳහා ස්ථාවර ස්ථානයක් පැවතීම පිළිබඳව හරවත් ලෙසින් —යාසීන්˜ නම් කුර්ආනීය පරිච්ඡේදයේ විග්‍රහ වේ.

—සූර්්‍යයා තම ගමන් මඟ නියමිත ස්ථානයක් කරා යොමුකර ඇත. ඒ සර්වබලධාරි අල්ලාහ්ගේ ආඥාවයි. ඔහු සියල්ල දනියි.˜(ශු. කුර්ආනය 36¦ 38)

—මුස්තඛර්˜”Mustaqarr” යන අරාබි වදනින් —නියමිත ස්ථාවර ස්ථානය˜ යන තේරුම ගෙනදේ. එය —හරියටම නම් කළ ස්ථානය˜ වශයෙන්ද දැක්විය හැක. නූතන තාරකා විද්‍යාවට අනූව සෞරග්‍රහ මණ්ඩලය තත්පරයට සැතපුම් 12 ක වේගයෙන් අභ්‍යාවකාශයේ පිහිටි හර්කියුලීස් නම් තාරකා පන්තිය (alpha lyrac)- දෙසට ගමන් කරයි. මෙම —හර්කියුලිස්˜ තරු රාශියේ පිහිටීම ස්ථීරව හා නිවැරදිව ගණනය කර ඇති අතර මෙම ස්ථානය —සෞර මුදුණ˜ ලෙස තාරකා විද්‍යාඥයින් විසින් නම්කර ඇත.

විශ්වයේ ප්‍රසාරණය වීම:

—අද්-දාරියාත්˜ නම් කුර්ආනීය පරිච්ඡේදය මඟින් වක්‍ර ආකාරයෙන් පවසනුයේ නූතන විද්‍යාවේ අනගි සොයාගැනීමක් ලෙස දැක්වෙන —විශ්වය ප්‍රසාරණය වීම˜ පිළිබඳවයි.

—මම අසහාය බලයක් සහිතව අහස සෑදුවෙමි. තවද එය ප්‍රසාරණය කරනු ලබන්නේ ද මා විසිනි˜(ශු. කුර්ආනය 51¦ 47)

විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව පළමු අදහස් ඉදිරිපත් වූයේ සාපේක‍ෂතා වාදය ඇසුරෙනි. පසුව මෙය තාරකා භෞතික විද්‍යාවේ එන ගණනය කිරීම් තුළින් තහවුරු කරන ලදී. මන්දාකිණි ආලෝකය වර්ණාවලියේ එන රතු පැහැ ප්‍රදේශය දෙසට දක්වන චලිතය, මන්දාකිණි 2ක් එකිනෙකින් ඉවත්වන දුර ප්‍රමාණයෙන් පැහැදිලි වේ. එබැවින් විශ්වයේ ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී.

අභ්‍යවකාශය ජය ගැනීම:

නූතන විද්‍යාව තුළින් අත්පත් කර ගන්නා ලද ජයග්‍රහණ අතරට —අභ්‍යවකාශය ජය ගැනීමද˜ මෑතකදී එක්වී ඇත. මිනිසාගේ මුල්ම චන‍ද්‍ර ගමන තුළින් මෙය සිදුවිය. කුර්ආනයෙහි එන —අර්-රහ්මාන්˜ පරිච්ඡේදයේ මේ පිළිබඳව අනාවැකි ඉදිරිපත් කර ඇත.

—ඒකරාශිවී සිටින ජින්වරුනි, මිනිසුනි, ඔබට හැකිනම් පෘථීවි තලයේත් ආකාශයේත් යම් යම් ප්‍රදේශ තරණය කරන්න. එහෙත් අල්ලාහ්ගේ අනුදැනුම හා අධිකාරිය රහිතව ඔබට මෙම ප්‍රදේශ තුළට එළැඹිය නොහැක.˜ (ශු. කුර්ආනය 55¦ 33)

අභ්‍යවකාශයෙහි ගමන් කිරීමට බලය ලබාදිය හැක්කේ, අභ්‍යවකාශයේ චලන සම්බන්ධ නීති ක්‍රියාත්මක කරවන මැවුම්කරු හට පමණි. මෙම සම්පූර්ණ කුර්ආනීය පරිච්ඡේදයම මඟින් අල්ලාහ්ගේ පරෝපකාරී ගුණය හඳුනාගැනීමට මිනිස් වර්ගයා හට පොදු, විවෘත ආරාධනයක් කරනු ලබයි.

මතු සම්බන්ධයි.

ආචාර්ය මොරිස් බුෙඛයිල්

ප්‍රංශ වෛද්‍ය විද්‍යා ඇකඩමිය සිංහල පරිවර්තනය:නජ්මා පෙරේරා.

Comments are closed.

%d bloggers like this: