වයඹ දිග භාරතීය කුණාටුවේ සම්මා දිට්‌ඨිය

“සමාජයේ විෂම තැන්වලට පහරදීමට, දුර්වල තැන් විවේචනය කිරීමට ඔහු කවිය අවියක්‌ කර ගත්තේය. මිනිස්‌ ජීවිතයේ දුක නසා එය සුගන්ධවත් පුෂ්පයක්‌ ලෙසින් විකසිත කරවීමට ඔහු කවිය ඔසුවක්‌ කර ගත්තේය. ජීවිතයේ ගැඹුරටම කි¹ බැස “උපතේ යථාර්ථය” ලොවට පිළිබිඹු කර පෙන්වීමට ඔහු කවිය කැටපතක්‌ කර ගත්තේය.

පකිස්‌තානයේ ප්‍රකට ගත් කතුවරයකු වන එස්‌. ඒ. වාහිඩ්, මහා කවි අල්ලාම් මුහම්මද් ඉක්‌බාල් පිළිබඳව හැඳින්වීමක්‌ කරන්නේ එසේය.

ඉක්‌බාල් ඉතා පොහොසත් සාහිත්යිකා, මුනිවර, දාර්ශනික සහ ආගමික සම්ප්‍රදායක උරුමක්‌කරුවෙකි. ඔහු ජීවත්වූ සමාජයේ පැවැති හා ඊට පූර්වයෙහි පටන් පැවතගෙන ආ ඉස්‌ලාමීය සංස්‌කෘතියේද, චින්තනයේද සාරය උරා ගත්තේය. මිනිසාගේ විශ්ව සහෝදරත්වය ඔහුගේ සෑම ප්‍රකාශනයකින්ම ක්‍රියාකාරකමකින්ම අවධාරණය කරනු ලැබීය.

ඔහුගේ මාධ්‍යය කවියයි. සිය ජාතික බසට පමණක්‌ සීමා නුවූ මුහම්මද් ඉක්‌බාල් ඉංගී්‍රසියද ප්‍රබල ලෙස භාවිත කළේය. ඉක්‌බාල්ගේ ඉංග්‍රීසියේ කෘතහස්‌ත බව ඔහු ලියූ ඉංග්‍රීසි කෘති 2 න් මොනවට පිළිබිඹු විය.

ඔහු යුරෝපයේ ගත කළ කාලය සියලු ජීවිතය වෙනස්‌ අරමුණකට යොමු කළ සන්ධිස්‌ථානයක්‌ විය. ආත්මාර්ථකාමී පටු ජාතිවාදය, එවකට යුරෝපය පුරා පැතිර පැවැති දේශපාලන අර්බුදවලට මූලික හේතුව බව ඔහු අවබෝධ කර ගත්තේය.

“එංගලන්තයේ ඉස්‌ලාම් දහම” යන මැයෙන් ලන්ඩන් නුවර කැක්‌ස්‌ටන් ශාලාවේ ඉක්‌බාල් පැවැත්වූ දේශනයට එකල ලන්ඩනයේ සෑම පුවත්පතකින්ම පාහේ පුළුල් ප්‍රචාරයක්‌ ලබාදී තිබිණි. ඉක්‌බාල් යන නාමය ලන්ඩනය පුරා ප්‍රචලිත වීමට එම විප්ලවීය දේශනය ඉවහල් විය.

සිය මවුබිමට සේවය කිරීම, සහෝදර ජනතාවගේ දුක, සැප බෙදා ගැනීම, අධිරාජ්‍යවාදී පාලනයෙන් ඔවුන් මුදවා ගැනීම වැනි කරුණු ඔහුගේ සිත් තුළ ගිනි පුළිඟු මෙන් නිරන්තරයෙන් අවදිවූ බැවින් ඔහු සිය රට බලා ඒමට තීරණය කළේය.

1908 යළි ඉන්දියාවට ආ ඔහු ලාහෝර් රජයේ විදුහලේ කථිකාචාර්යවරයකු ලෙස සේවය ඇරඹුවේය. දර්ශනවාදය හා ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස එහි කටයුතු කළ ද ආර්ථික හේතු මත එයින් ඉල්ලා අස්‌වූ හෙතෙම නීති ක්‍ෂේත්‍රයට යොමු වූයේය. මෙම කාල වකවානුවේ ඔහුගේ පුද්ගලික ජීවිතයද වියවුල් සහගත විය. 1916 දී කරීම් බීබිගෙන් දික්‌කසාද වන්නට ඔහු තීරණය කළේය. එහෙත් ඉන් අනතුරුවද ඇයගේ සහ ළමයින්ගේ සුබසිද්ධිය වෙනුවෙන් අඛණ්‌ඩව උදව් උපකාර කිරීමට ඔහු පසුබට නොවීය.

පසුකාලයේ ආගමික සහ ආධ්‍යාත්මික විෂයන් කෙරේ වැඩිපුර අවධානය යොමු කළ ඉක්‌බාල් සිය සාහිත්‍ය නිර්මාණ මුද්‍රිත කෘති ලෙස පාඨකයන් වෙත රැගෙන ඒමට පෙළඹුණේය.

“අන්ජුමාන් – ඊ – හිමායත් – ඊ – ඉස්‌ලාම්” නම් වූ සංවිධානයට සම්බන්ධ වන ඉක්‌බාල් කෙටිකලකින්ම එහි ප්‍රධාන ලේකම් ධුරය දක්‌වා ඉදිරියට පැමිණියේය. එම සංවිධානයේ සාමාජිකත්වය ලැබ සිටියේ ලේඛකයන්. කවීන් හා දේශප්‍රේමී දේශපාලනඥයන්ය. මනුෂ්‍ය සමාජයේ අභිවෘද්ධිය තකා ආධ්‍යාත්මික මගපෙන්වීමක්‌ කිරීම සිය මෙහෙවර විය යුතු බව ඔහුගේ හැඟීම විය. බටහිර යුරෝපයේ හා මැදපෙරදිග රටවල ඔහු විසූ කාලයේ ලත් අත්දැකීම් මේ සිතිවිල්ලට බලපෑවේය. ඉක්‌බාල් දර්ශනවාදියකු ලෙස බොහෝ ආභාස ලැබුවේ බටහිර දාර්ශනිකයන්වූ නීට්‌ෂේ, හෙන්රි බර්ග්සන්. සහ ගොතේ වැන්නවුන් ගෙනි. මේ සියල්ලටම වඩා කවියකු හා දාර්ශනිකයකු වූ මවුලානා රූමි ඔහුගේ චින්තනයට ප්‍රබල බලපෑමක්‌ කර තිබිණි.

කුඩා කල සිටම ගැඹුරු ආගමික ආභාසයක්‌ මත හැදුණු වැඩුණු ඉක්‌බාල් ඉස්‌ලාමීය ශිෂ්ටාචාරයේ ඉතිහාසය හා දේශපාලන අනාගතය ගැඹුරින් හදාළේය. රූමි සිය මාර්ගෝපදේශකයා විය යුතු බවට ඉක්‌බාල් තුළ පිළිගැනීමක්‌ ඇතිවූයේ එම හැදෑරීම්වලදීය.

අල්ලාම් මුහම්මුද් ඉක්‌බාල්ගේ .Rමපම්e – ඊaනය්dස. කෘතියෙන් ඔහු අවධාරණය කළේ ඉස්‌ලාමය වඩාත් යහපත් ජීවන මාර්ගය බවයි. ජනතා අපේක්‌ෂා වෙනුවෙන් සිය පෞද්ගලික අභිමතාර්ථ කැප කළ ඔහු, සමාජයෙන් පරිබාහිර වී ස්‌වාත්මය ප්‍රත්‍යක්‍ෂ කරගත නොහැකි බැව් අවධාරණය කළේය.

1917 දී ඔහු පර්සියන් බසින් පළ කළ පද්‍ය කෘතියක තේමාව වූයේ “පෞද්ගලිකත්වය සහ සමාජය, අතර ඉස්‌ලාමීය සදාචාරය හා සමාජ මූලධර්මවල සහසම්බන්ධතාව” යන්නයි. ඔහුට එය තහවුරු කරන්නට ඇවැසි වූයේ ඉස්‌ලාමය හරහාය.

ඉක්‌බාල් කෙමෙන් විශ්ව මුස්‌ලිම් ප්‍රජාව අමතන විද්වතකු බවට පත්විය. බටහිර සම්භාව්‍ය දර්ශනවාද හැදෑරීමෙන් සහ එම රටවල විසීමෙන් ලත් අත්දැකීම් ඔස්‌සේ වෙනම කෝණයකින් ඉස්‌ලාමය දෙස බැලූ ඔහු මානව වර්ගයාගේ යහපත තකා එමගින් කළ හැකි දේ ප්‍රත්‍යක්‍ෂ කර ගත්තේය. ඒ වෙනුවෙන් කැප වුණේය.

1930 ලාහෝරයේදී පළ කරන ලද ඉක්‌බාල්ගේ දෙවන පොත වූ Reජදබිඑරමජඑසදබ දෙ Reකසටසදමි ඔයදමටයඑ සබ ෂික්‌රප. යන කෘතියට පදනම් වූයේ ඔහුගේ දේශන එකතුවකි. නූතන යුගයේ ඉස්‌ලාමයේ භූමිකාව, ආගමක්‌ ලෙස මෙන්ම දේශපාලනමය හා නීතිමය දාර්ශනිකත්වය යන තේමාවන් මත පදනම්ව එම කෘතිය සැකසිණි. එවකට සිටි ඇතැම් ප්‍රකට මුස්‌ලිම් දේශපාලනඥයන් ගේ පටු ආකල්ප හා දේශපාලනමය මැදිහත්වීම විවේචනය කරමින් පුළුල් දාර්ශනික තලයක සිය මත ඉදිරිපත් කිරීම ඔහුගෙන් දිස්‌ වූ විශේෂ ලක්‍ෂණයකි.

ඉන්දියාව හා පකිස්‌තානය වෙන්වීම පිළිබඳව ඇතිවූ සංවාදයට සක්‍රීය ලෙස මැදිහත් වූ ඉක්‌බාල් කියා සිටියේ අතිවිශාල මුස්‌ලිම් ජන සමූහයකට මුස්‌ලිම් නොවන පාලනයක්‌ තුළ ෂරී අත් ජීවන ක්‍රමය අනුගමන කිරීම අපහසු බවයි. ඔහු මුස්‌ලිම් ලීගයට සම්බන්ධ වූයේ මුස්‌ලිම්වරුන්ගේ ප්‍රගතිශීලී දේශපාලන මතවාදය බලාත්මක කළ හැකි සහ සමගිය සංරක්‌ෂණය කළ හැකි නායකයකු ලෙස මොහමඩ් අලි ජින්නා පිළිබඳ තිබූ විශ්වාසය නිසාය. වයඹ දිග ඉන්දියාව හරහා හමා එන කුණාටුවට සම්මා දිට්‌ඨියක්‌ ලබා දිය හැකි එකම ඉන්දියානුවා අලිජින්නා බව ඉක්‌බාල් කියා සිටියේය. සිය ගද්‍ය නිර්මාණ තුළින්, තමන් දුර්ලභ ගණයේ දාර්ශනිකයකු බව නොකියා කී අල්ලාම් මුහම්මද් ඉක්‌බාල් ස්‌වීයතාව තුළින් යථාර්ථය සොයා ගිය සුෆී ජීවිතයකට හිමිකම් කීවේය.

ලෝක ප්‍රකට කවියකු ලෙස පිළිගැනීමට ලක්‌ වන විට ඔහුගේ කවි වැඩි වශයෙන් ලියෑවී තිබුණේ උර්දු බසින් නොවේ. පර්සියන් බසිනි. 12,000 ක්‌ පමණ වූ ඔහුගේ කවි අතුරෙන් කවි 7000 ක්‌ පමණ පර්සියන් බසින් ලියෑවී තිබිණ.

මෙම අසහාය කවියා රෝගාතුරව සිට මිය යන විට දිවි ගෙවූයේ ලාහෝර් නුවරය. ඔහු අභාවප්‍රාප්ත වූයේ 1938 දීය. ඉක්‌බාල්ගේ සමාධිය ඓතිහාසික බඩිෂාහි දේවස්‌ථානය ආසන්නයේ පිහිටා තිබේ. අද එය රාජ්‍යාරක්‌ෂාව සහිත වෙසෙස්‌ සමාධියකි. ඔහුගේ ජන්ම දිනය ජාතික නිවාඩු දිනයක්‌ බවට පත් කර ඇති පකිස්‌තානු රජය “ඉක්‌බාල් දිනය” වාර්ෂිකව අති උත්කර්ෂවත් ලෙස සමරන්නේ ඔහුගේ සාහිත්‍ය හා දර්ශනය ගැඹුරින් අවලෝකනය කරමිනි.

 

www.allamaiqbal.com

Comments are closed.

%d bloggers like this: