Category Archives: උපවාසය

සරල ආහාරපාන -සනීපාරක්ෂක ජීවිතය

රමලානයේ සැබෑ අරුත-Why Ramadan brings us together

රමලාන් පිළිබඳව විවිධ මතිමතාන්තර මුස්ලිම් නොවන ජන සමාජයේ පැතිර ඇති බැව් නොරහසකි. ඒවායින් බොහෝ කරුණු රමලානය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය නොකළ මුස්ලිම් වුවද ඉස්ලාමය පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරන්නෝ විසින් පවසනු ලැබූ ඒවාය. ඉතිරිය එවැනි මුස්ලිම්වරුන්ගෙන් අසා දැනගත් කරුණු අනුව ස්වකීය නිගමනයකට එළැඹීමෙන් සෙසු ජනයා විසින්ම ගොඩනගා ගන්නා ලද ඒවාය.

සෙසු ජාතිකයන් මුස්ලිම් ජාතිකයෙකුගෙන් ඉස්ලාමය පිළිබඳ කරුණු විමසන්නේ ඔහුට ඒ ගැන අවබෝධයක් ඇතැයි පූර්ව නිගමනයකට එළැඹීමෙන් එවැනි මුස්ලිම් ජාතිකයන් ද ඉස්ලාමය පිළිබඳව හෝ එහි ඇතැම් කරුණු පිළිබඳව හෝ පූර්ණ අවබෝධයක්, දැනුමක් නොමැතිවුවත් එය සඟවාගනිමින් ස්වකීය පාණ්ඩිත්වය ප්‍රදර්ශනය කරමින් නිවැරදි මෙන්ම වැරදි කරුණු ද එසේ විමසන්නා ඉදිරියේ ගෙනහැර දක්වයි.

රමලානය පිළිබඳව පමණක් නොව ඉස්ලාමයේ බොහෝ කරුණු පිළිබඳවත් සෙසු ජාතීන් තුළ ගොඩනැගී ඇති බොහෝ මතිමතාන්තර නිවැරදි ඒවා නොවේ. ඉස්ලාම් වූ පමණින් සෑම මුස්ලිම් ජාතිකයෙකුටම ඉස්ලාමයේ කරුණු කාරණා පිළිබඳව පූර්ණ අවබෝධයක් නොමැත. පූර්ණ අවබෝධයක් ඇත්තන්ට ඒ පිළිබඳව සෙසු ජාතිකයන්ට පහදාදීමට තරම් හැකියාවක් නොමැත.

රමලාන් සමය උපවාස කාලයක් ලෙස ප්‍රධාන වශයෙන් හඳුන්වනු ලැබූවත් ඇත්තවශයෙන්ම එය උපවාසයකට වඩා රමලාන් ශීලය රැක්මක් ලෙස හැඳින්වීම වඩා නිවැරදිය.එම මාසයේ සෑම දිනෙකම පෙරදිග අහසේ සුද පෙනෙන්නට පෙර ආහාරපාන ගෙන සවස හිරු බැස යන තෙක් ආහාරපාන නොගත යුතුය. ඇසට පෙනෙන කිසිම දෙයක් සිරුරේ කිසිම තැනකින් සිරුර තුළට ඇතුල්වීම එම උපවාස ශීලය බිඳීමක් ලෙස සැළකේ. ඒ අනුව ලිංගික එක්වීමද දුම් බීම ද නොකළ යුතුවේ.

එම කාල සීමාව තුළ ඇසගැටෙන ලෞකික ආශාවන් උපදවන දසුන් තුළින් ආගමික නොවන සිතුවිලි සිතෙහි ඇතිවීමෙන් උපවාස ශීලය බිඳෙයි.රමලාන් උපවාසය යනු ඇත්තවශයෙන්ම ආහාර වර්ජනයක්ම නොවේ. මෙහි සැබෑ අරමුණ ආධ්‍යාත්මික පුහුණුවයි. රමලාන් මාසයේ දහවල් කාලයේ ආශාවන්, හැඟීම්, මර්දනයට බලකිරීම ඉතිරි මාස 11 තුළ ආධ්‍යාත්මිකව පිරිසුදු වීමට පුහුණුවක් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ආහාරපාන නොගෙන පමණක් උපවාසය රැකීමත් අල්ලාහ්ගේ කරුණාව හෝ ප්‍රතිලාභ බලාපොරොත්තු විය නොහැකිය. ‘බොරු කීමත්, එසේ හැසිරීමත් අත්හැරියේ නැද්ද ඔහු නිරාහාරව සිටීම අල්ලාහ් බාර නොගනියි. මෙවැනි උපවාසයෙන් අල්ලාහ් ඈත් වන්නේය”යැයි මුහම්මද් නබිතුමාණන් පැවසූ බැව් අබු හුෙරෙරා (රලි) දන්වා ඇත. (සහීහුල් බුහාරි)

උපවාසයේ යෙදෙන පුද්ගලයා සෑමවිටකම කළයුත්තේ උතුම් කාර්යයන් පමණි. නිරතුරුවම ඔහු හෝ ඇය අල්ලාහ් කෙරෙහි භක්තියෙන් ද සෙසු පුද්ගලයන් කෙරෙහි කරුණාවෙන්, මෛත්‍රියෙන් ද පසුවිය යුතුය.

ලෞකික ආශාවන්වලින් ඈත්විය යුතුය.

විනයගරුකව ශීලාචාරව හැසිරිය යුතුය.

අනුන්ගේ සිත් නොරිදෙන ලෙස කතාබහ කළ යුතුය.

රමලාන් ශීලය රැකීමෙන් මිනිසා කුසගින්න ඉවසා ගනියි. පිපාසය ඉවසා ගනියි. ආශාවන් හා හැගීම් ඉවසා ගනියි. සත්‍යයම කතා කිරීමටත්, නිසි මගෙහි ගමන් කිරීමටත් පුහුණුවෙයි.

එමෙන්ම මේ ශීලය රැකීමෙන් ආහාර වර්ජනය වන නිසා වසරක මාස 11ක් එක දිගටම අවිවේකී වූ මිනිස් සිරුරේ ආහාර ජීර්ණ පද්ධතියට විවේකයක් ලැබේ.

ලෙඩදුක් අඩුකර වැඩි කාලයක් ජීවත්වීමට මඟපෑදේ.

තම ශරීරය මනසින් පාලනය කර ගැනීමට නියම පුහුණුවක් ලැබේ.

එමෙන්ම දුගියාගේ කුසගින්නේ උග්‍රතාව අත්දැකීමෙන් අවබෝධ කර ගැනීමට පොහොසතාට නිසි අවස්ථාවක් රමලාන් උපවාස ශීලයෙන් ලැබේ.

දුගී දුප්පත් ජනතාවට හැකි පමණින් උදව් කිරීමට තරම් පරිත්‍යාගශීලී බවක් සිතට ඇතුලු වෙයි.

රමලාන් උපවාස ශීලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසාගේ ජීවන රිද්මයට ආලෝකයකි. ජීවිතයේ නිසි මග පෙන්වන්නකි.


ෆවුස් මොහොමඩ්.

” O ye who believe! Fasting is prescribed to you as it was prescribed to those before you, that ye may (learn) self-restraint ”  Qur’an 2:183

Islamic Relief uses, and has always used zakat to help some of the poorest, most needy, and the most destitute people on the planet. Your zakat donations bring joy to these people, who know that their brothers and sisters all over the world haven’t forgotten them.

දැහැමි දිවියකට මඟ සලසන රමලාන් උපවාසය

මුළු ලොව පුරා වෙසෙන කෝටි 200 පමණ වන ඉස්ලාම් බැතිමතුන්ගේ අතිශය පූජනීය ‘රමලාන්’ මාසය (10) රාත්‍රී නව සඳ උදාවීමත් සමඟ ආරම්භ විය. එතැන් පටන් පුරා මාසයක් කාන්තා, පිරිමි බාල මහලු භේදයෙන් තොරව සැවොම රමලාන් උපවාස ශීලය රකිමින් අල්ලාහ් දෙවියන් කෙරෙහි දක්වන අචල භක්තිය ලොවට පිළිබිඹු කරති.

ඉස්ලාමයේ ප්‍රධාන වගකීම් හා යුතුකම් 5 අතරින් සිව්වැන්න රමලාන් උපවාස ශීලයයි. චන්ද්‍ර වර්ෂයක් තුළ පුරා මාසයක් කාලයක් අඛණ්ඩව ආත්ම දමනයන් හා සංයමයකින් යුතුව උපවාස ශීලය රැකීම ඉස්ලාමීය බැතිමතුන්ට අනිවාර්ය කළ අල්ලාහ් දෙවියන් වහන්සේ ඒ පිළිබඳ ‘අල් කුරානයේ’ මෙසේ පවසා ඇත. “විශ්වාස වන්තයනි, ඔබලා පාපී ක්‍රියාවන්ගෙන් ඈත්කර යහමග ගමන් කිරීම සඳහා වූ නිවැරැදි මාර්ගය වන මෙය පෙර සිට අයට අනිවාර්ය කළාක් මෙන් ඔබලාටද අනිවාර්ය කරමි.”

ඉස්ලාමීය වර්ෂ අනුව හිජ්රි 02 වර්ෂයේදී ආරම්භ වී ඇති රමලාන් උපවාස ශීලය එදා සිට අද දක්වාත් මින් මතුවටත් පැවැත්වේ. ඉස්ලාමීය දින දර්ශනය අනුව රමලාන් මාසය වර්ෂයේ 9 වන මාසයයි. එය ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන්ගේ අතිශය පූජනීය මාසය ලෙස සැලකේ.

මාසයක් පුරා දිවා කාලය ආහාර පානාදියෙන් වැලකී අධිෂ්ඨාන පූර්වකව ආගමානුකූල සිතුවිලිවලින් යුතුව උපවාස ශීලයේ යෙදීම තුළින් ගතට මෙන්ම සිතටද බලවත් විවේකයක් ලැබේ. උපවාස ශීලය යනු දිවා කල පුරා කුසගින්නේ සිටීමම පමණක් නොවේ. එම කාල වකවානුව තුළ ආත්ම සංයමය හා ආත්මදමනය හුරුකරගෙන දෛනික කටයුතුවල එලෙසින්ම නිරත වෙමින් සිරුර හා මනස පාලනය කොට දැහැමි දිවිපෙවෙතක් ගතකිරීමේ අභ්‍යාසයක නිරතවීම මේ තුළින් අපේක්ෂා කෙරේ.

මෙම උපවාස ශීලය පිළිබඳ නබිනායක මුහම්මද් (සල්) උතුමාණෝ මෙසේ පැවසූහ.

“සිත කය වචනය හා පසිදුරන් පාලනය නොකර මිනිසා නිරහාරව කුසගින්නේ තැබීමට අල්ලාහ් දෙවියන් වහන්සේට කිසිම අවශ්‍යතාවයක් නැත. අල්ලාහ් දෙවියන් වහන්සේ අපේක්ෂා කරනු ලබන්නේ උපවාස ශීලය මගින් මිනිසාට ලැබෙන දැඩි විනය හා හික්මීම තුළින් ඔහු යහපත් මිනිසකු වශයෙන් අල්ලාහ් දෙවියන්ගේ නියමයන්ට අනුව මෙලොව පරලොව යහපතට මෙන්ම අනුනට හිරිහැරයක් නොමැතිව ජීවත්වීමට අවශ්‍ය පුහුණුව ලබාදීමයි.”

සිරුරට ආහාර නොගෙන ලබාදෙන වේදනාව තුළින් කුසගින්න දුකක් බව වටහා ගැනීම නිසා කුසගින්නේ ආදීනව වටහා ගන්නා පුද්ගලයා කුසගින්නේ සිටින්නෙකුගේ කුසගිණි නිවීමට පෙළඹවීම, තමුන් ඉදිරියේ කොතරම් ප්‍රනීත රස මසවලු තිබුණත් ඒවා කෙරෙහි ආශාවක් හා ඇල්මක් ඇති නොකොට කුසගින්නේ සිටීමෙන් ඕනෑම දෙයක් දරා ගැනීමේ ශක්තියක් ඇතිකර ලීම, අධික කුස ගින්න හා සාපිපාසාව නිසා ශරීරය දුර්වලවීම තුලින් ප්‍රවේගකාරි සිතුවිලි හා රාගික හැඟීම් පාලනය වීම, උපවාස ශීලය තුළින් අත්වේ

ෂඃබාන් මස සුවිශේෂත්වයන්

ආයිෂා (රලි) තුමිය විස්තර කරයි: ශාස්තෘවරයානන් උපවාසය නොකර සිටියා යනු පවසන තරමට උපවාසයෙහි නිරත වෙයි. උපවාසය නොකරයි යනු කියන තරමට උපවාසයෙන් තොර සිටි. රමලාන් මස හැර නබි (සල්) තුමන් පුරාවට උපවාසයෙහි යෙදුනු වෙනත් මාසයක් නොවීය. නබි (සල්) තුමන් අධිකව උපවාසයෙහි යෙදුනු මාසය ෂඃබාන් මාසයයි˜ (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).

—නබි (සල්) තුමන් උපවාසයෙහි නිරතවීමට පි්‍රය කළ මාසයන් ෂඃබාන් හා ඉන් පසු උදාවන රමලාන් මස වේ˜ වාර්තාකරන්නේ ආයිෂා (රලි). (මූලාශ්‍රයන්: අබූදාවුද්, නසායි, අහ්මද්).

නබි (සල්) තුමන් රමලාන් හැර අධිකව උපවාසයෙහි යෙදුනු මාසයක් පවතී නම් එය ෂඃබාන් මාසයයි. එබැවින් කාන්තා පිරිමි බේදයකින් තොර සෑම මුස්ලිමෙකුම ෂඃබාන් මස මෙම යාඥාව කිරීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කළ යුතුයි. මන්ද අප සමාජයෙහි ෂඃබාන් මස උපාවස යාඥාව කිරීම පිළිබඳ වැඩි උනන්දුවක් නොදක්වති. මතු සඳහන් ප්‍රකාශය එහි සුවිශේෂත්වය පිළිබඳ මොනවට තහවුරු කරයි.

උසාමතිබ්නු ෙසෙද් (රලි) විස්තර කරයි: මා නබි (සල්) තුමන්ගෙන් ෂඃබාන් මස මෙන් ඔබ උපවාසයෙහි නිරත වූ වෙනත් මාසයක් නොදුටුවෙමි යනුවෙන් ප්‍රශ්න කළෙමි. එයට එතුමන් රජබ් හා රමලාන් අතර මාසයක් පවති, එම මාසය පිළිබඳ ජනතාව නොසැළකිලිමත්ව සිටිති, නමුත් එය සර්ව බලධාරි අල්ලාහ් වෙතට යාඥාවන් ඉදිරිපත් කරනු ලබන මාසයයි, මාගේ යාඥාවන් අල්ලාහ් වෙතට ඉදිරිපත් කරනු ලබන විට මා උපවාසයෙන් පසුවීම ප්‍රිය කරමි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: අහ්මද්, නසායි).

අල්ලාහ් අභියසට යාඥාවන් ඉදිරිපත් කරනු ලබන මාසය යනුවෙන් නබි (සල්) තුමන් ෂඃබාන් මස සඳහන් කළහ, මා උපවාසයෙහි පසුවන තත්ත්වයක මාගේ යාඥාවන් අල්ලාහ් වෙතට ඉදිරිපත් කරනු ලැබීම මා පි්‍රය කරමි. යනුවෙන්ද එතුමන් පැවසූහ. අපි කොයි කවුරුත් මෙම කරුණ සැළකිල්ලට ගෙන ක්‍රියා කළ යුතුයි.

මග හැරුනු උපවාසයන් ඉටු කිරීම :

ආයිෂා (රලි) තුමිය පවසයි: මට රමලාන් මස මග හැරුනු උපවාසයන් ෂඃබාන්හි හැර ඉටු කිරීමට නොහැකි වන්නේය. (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).

මෙම පුවතෙන් ප්‍රත්‍යක‍ෂ වන කරුණ නම් රමලාන් මස මග හැරුනු අනිවාර්්‍ය උපවාසයන් ෂඃබාන් මස තෙක් කෙනෙකුට ප්‍රමාද කර ඉටු කිරීමට අනුමැතිය පවතින බවයි. විශේෂයෙන් ඔසප් වන කාන්තාවන්ට එම දිනයන්හි උපවාසයන් මග හැරේ. ඔවුන් රමලාන් මස හැර වෙනත් මාසයන්හි එය ඉටු කර යුතුයි, ෂඃබාන් මස තෙක් ප්‍රමාද කරන්නට අනුමැතිය ඇත.

රමලාන් මසට දිනක් හෝ දින දෙකක් ඉතිරිව

පවතින තත්ත්වයක උපවාසයන් නොකර සිටීම :

—රමලාන් මසට දිනක් හෝ දින දෙකක් ඉතිරිව පවතින තත්ත්වයක උපවාසයන් ඉටු නොකරන්න. නමුත් කෙනෙකු හැර, ඔහු උපවාසයෙහි යෙදීමට පුරුදුවී සිටින දිනයක් නම් ඔහුට එම දිනයෙහි උපවාසයෙහි යෙදිය හැක˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ.

වාර්තාකරන්නේ: අබූහුෙරෙරා (රලි). (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

ඉහත සඳහන් ප්‍රකාශයන් අදහස් කෙරෙන්නේ, උදාහරණයට: සෑම මසකම සඳුදා, බ්‍රහස්පතින්දා දිනවල උපවාසයෙහි යෙදීමට පුරුදුවී සිටින කෙනෙකු ෂඃබාන් මස අවසන් දින දෙක සඳුදා නැතහොත් බ්‍රහස්පතින්දා දිනයක් නම් ඔහුට එම දිනයෙහි උපවාසයෙහි නිරත වීමට අනුමැතිය ඇත. තවද අනිවාර්්‍ය උපවාසයන් මග හැරුනු පුද්ගලයාටත් එය ඉටු කිරීමට අනුමැතිය ඇත. ඒ හැර වෙන කිසිවෙකුට අනුමත නොවේ.

ෂඃබාන් මස 15 වැනි දින සුවිශේෂ දිනයක්ද?

ෂඃබාන් මස 15 වැනි දින සුවිශේෂ දිනයක් සේ සලකා බොහෝ අය යහපත් ක්‍රියාවන්හි නිරතවෙති. එම දින —බරාඅත්˜ යනුවෙන්ද හඳුන්වති. ෂඃබාන් මස 15 වැනි දින සුවිශේෂ දිනයක් යනුවෙන් පවසා සඳහන් වන නබි වදන්හි වාර්තාකරුවන් පෙළෙහි දුර්වලතාවන් පවතින නිසා, විශේෂයෙන් එම දිනයෙහි උපවාසයෙහි නිරතවීම හෝ වෙනත් විශේෂ යාඥාවන් කිරීම හෝ නොකළ යුතුයි. ඒ හැර ෂඃබාන් මසෙහි කෙනෙකුට වැඩි වශයෙන් උපවාසයෙහි නිරතවීමට නබි (සල්) තුමන්ගේ ආදර්ශයන් ඇත. නබි (සල්) තුමන්ගේ මග ඔස්සේ ගමන් කර දෙලොව ජයා ලබාගමු.

සකාතුල් ෆිත්ර් – රමලාන් උපවාස දානය

මෙය අනිවාර්්‍ය වීමේ පරමාර්ථය :

උපවාසයෙහි නිරතවූවාගෙන් සිදුවූ වැරදීන්, අර්ථ විරහිත කතාවන් ආදීන් ගෙන් පවිත්‍ර කරන අතර ඔහුගේ උපවාසයෙහි ඇති වූ අඩු ලූහු~ුකම් වලට ප්‍රති කර්මයක් වශයෙන්ද, දුප්පත්, අසරණයින් අත නොපා ඔවුන්ට උත්සව දින ආහාරය සඳහාද අල්ලාහ් මෙම ෆිත්රා දන් දීම අනිවාර්්‍ය කළ ඇත. මෙම දවස සමස්ත මුස්ලිම් ප්‍රජාවටම ඉතා ප්‍රීති දායක, සතුටු දායක දවසකි. අල්ලාහ් උපවාසය නිම කර දීම නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාවම ඔහුට කෘතඥාවය පළ කිරීම අනිවාර්්‍ය වෙයි.

මෙහි පවතින නීතිය හා මෙය දීමට අනිවාර්්‍ය පිරිස් :

මුස්ලිම් පිරිමීන්, කාන්තාවන්, ලොකු පොඩි, නිදහස්, වහලූ යන බේදයකින් තොර සෑම මුස්ලිමෙකුටම සකාතුල් ෆිත්ර් දන් දීම අනිවාර්්‍ය වෙයි. උත්සව දිනයේ අවශ්‍යතාවන් යන්නට වැඩි පුර ආහාර ඇති අය එක් —සාවූ˜ කි. ග්‍රෑම්. 2.60 ප්‍රමාණයක් දීම අනිවාර්්‍ය වේ.

මුස්ලිම් පිරිමීන්, කාන්තාවන්, ලොකු පොඩි, නිදහස්, වහලූ ආදි භේදයකින් තොර සියල්ලන්ට ධාන්‍ය පිටි වර්ග වලින්, සාඋ ප්‍රමාණයක් ලබා දීම නබි (සල්) තුමන් අනිවාර්්‍ය කළහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

එක් මුස්ලිමෙකු තමන් වෙනුවෙන්ද, තමන් විය හියදම් කරන තමන්ගේ බිරිඳ, දූ දරුවන් ඥාතීන් වෙනුවෙන්ද සකාතුල් ෆිත්ර් දන් දීම අනිවාර්්‍ය වෙයි. කුසෙහි සිටින දරුවා වෙනුවෙන්ද සකාතුල් ෆිත්ර් දන් දීම සතුටු දායක වෙයි. මෙසේ උස්මාන් (රලි) කි්‍රයා කළහ.

මෙය අනිවාර්්‍ය වන වේලාව:

රමලාන් මස අවසන් දින ඉර බැසීමේ සිට මෙය අනිවාර්්‍ය වෙයි. මෙය දීමට වඩා උචිත වේලාව: උත්සව සලාතයට පෙර මෙය පිරිනැමීමයි. තවද මෙය උත්සව දිනකට පෙර හෝ දින දෙකකට පෙර හෝ දිය හැක. මෙය උත්සව සලාතයෙන් පසු දීමට නොහැක.

දිය යුතු ප්‍රමාණය :

ධාන්‍ය වර්ග, වියලි ආහාර වර්ග, නැතහොත් පිටි වර්ග, වියලි මිදි වර්ග. කිරි කැට වර්ග නැතහොත් රට ඉඳි වර්ග, නැතහොත් ගමෙහි වැඩි වශයෙන් භාවිතා වන ආහාර වර්ගයන් දීමට හැක.

අපි නබි (සල්) තුමන්ගේ කාලයෙහි ආහාර වර්ගයන්ගෙන් එක් —සාඋ˜ ප්‍රමාණයක් දන් දෙමු. එම දිනවල අපේ ආහාරයන් හැටියට පිටි වර්ග වියලි ආහාර වර්ග, වියලි මිදි වර්ග. කිරි කැට වර්ග, රට ඉඳි වර්ග, භාවිතා විය˜. (වාර්තා කරන්නේ: අබූ සඊදුල් හුද්රි (රලි), සාධක: බුහාරි).


කිලෝ ග්‍රෑම් බරවලට අනූව සාඋ ප්‍රමාණය සකාතය විවිධ වර්ගයන්වලට අනූව වෙනස් වෙයි. පිරිසිදු පිටි ධාන්‍ය වර්ගවලින් 2.40 කිලෝ ග්‍රෑම් ප්‍රමාණය ආගමික විද්වතුන් ගේ තීරණයයි.

සාවූ එකක් යනු මුද්දු හතරක ප්‍රමාණයයි. මුද්දු එකක් යනු දෙ අත් එකතු කර ගන්නා ප්‍රමාණයයි. එබැවින් සිව් වතාවක් දෙ අත් එකතු කර ගන්නා ප්‍රමාණය සාවූ වෙයි. මෙම නූතන යුගයේ මිනුම අනුව කිලෝ දෙක හමාර හෝ තුන අතර වෙයි.

නියමිත ධාන්‍යය වර්ගයන් වෙනුවට මුදල්

ලබා දීම පිළිබඳ පවතින නීතිය:

සකාතුල් ෆිත්ර් දානය වෙනුවට එහි වටීනාකම ලබා දීම නබි (සල්) තුමන්ගේ මග පෙන්වීමට පටහැනි වේ. එසේ දුන්න ද එය නොපිළිගැනේ. මන්ද සකාතුල් ෆිත්ර් වෙනුවට එහි වටිනාකම නබි (සල්) තුමන් හෝ අනුගාමික මිත්‍රයින් හෝ දුන් බවට කිසිදු සාධකයක් නොමැත.


උපවාස ශීලය නිෂ්ඵල වන කරුණු

උපවාසය නිෂ්ඵල වන කරුණු රාශියක් ඇත. එම කරුණු වලින් වැළකී සිටිමටත්, අවදානමින් සිටීමටත් එම කරුණු පිළිබඳ සෑම මුස්ලිමෙකුම දැන සිටීම අවශ්‍ය වේ. එම කරුණු :-

1- දැනුවත්ව ආහාර පාන ගැනීම, ඒ හා සමාන කි්‍රයාවන්. උදාහරණයට:- උපවාසයෙහි නිරතවන්නා පෝෂණය සඳහා සේෙලෙන් එන්නත ශරීරයට ඇතුල් කිරීම. ලේ ඇතුල් කිරීම. පෝෂණය සඳහා නොව රොගී හේතුන් මත ඛෙහෙත් වර්ග විදීම උපවාසය නිෂ්ඵල නොකරයි. එනමුත් උපවාසය ඉටු කරමින් සිටින තත්ත්වයක මෙවැනි කරුණු වලින් වැළකි සිටීම වඩා උචිත වේ. අල්ලාහ් පවසයි: —ඔබලා රැයතෙක් උපවාසය සම්පූර්ණ කරන්න˜ (ශු අල්කුර්ආනය 2: 187).

උපවාසයෙහි නිරතවන්නා ඉහත කී කරුණු අමතකවීමෙන් කළ විට උපවාසය නිෂ්ඵල නොවෙයි. —අමතකවීමෙන් කෙනෙකු ආහාර පාන ගත් විට ඔහු උපවාසය අත් නොහැර සම්පූර්ණ කළ යුතුයි. නියතයෙන්ම අල්ලාහ්යි ඔහුට ආහාර පාන ලබා දුන්නේ˜ යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: බුහාරි. මුස්ලිම්, අබූදාවූද්, තිර්මිදි, නසයි).

2- මුවින්, නැතහොත් නාසයෙන් යම් දෙයක් කුස තුළට ඇතුල් වීම: උපවාසයෙහි නිරතවන්නා නොසිතු අන්දමට මැස්සෙක් නැතහොත් දූවිලි මෙන් යම් දෙයක් ඇතුල්වූවොත් එයින් උපවාසයට කිසිදු හානියක් නොසිදුවෙයි. කටට ආ සෙම වැනි දේ යළි ගිලීම තහනම් වේ. කටට නොපැමිණ කුසට යෑම වරදක් නොවෙයි. තවද මුෙඛන් පිටවන ලේ වැනි දේ ගිලීම තහනම්ය.

3- ඕනෑ කමින් වමනය පිටත් කිරීම. ඔහුට නොදැනුවත්ව එය පිටවූයේ නම් හානියක් නොවේ.

කව්රුන් වමනය ගනීද ඔහු උපවාසය යළි ඉටු කිරීම අවශ්‍ය නොවේ. කව්රුන් දැනුවත්ව ඕනෑ කමින් වමනය ගනීද ඔහු උපවාසය යළි ඉටු කළ යුතුයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: අබූදාවූද්, තිර්මිදි, අහ්මද්).

4- සංසර්ගයෙහි යෙදීම. ඉඹ ගැනීම, ස්පර්ෂ කිරීම ආදී කි්‍රයාවන් තුළින් ධාතු පිටවීම, නැතහොත් ඕනෑ කමින් ධාතු පිට කිරීම. නමුත් මදි පිටවීම පිළිබඳ විවිධ මතයන් පවති. එම මතයන් තුළින් පිළිගත් මතය වන්නේ මදි පිටවීමෙන් උපවාසය නිෂ්ඵල නොවෙයි. මදි යනු හැඟීම් උද්දීපනය වන විට පිටවන යම් රුධිරයකි.

5- ලේ පිටත් කිරීම නැතහොත් නළලෙන් ලේ විද ගැනීම නැතහොත් කොන්දේසි පිට ලේ විද පිට කිරීම. නැතහොත් සිරුරේ බර අඩු කිරීම සඳහා දැනුවත්ව ලේ විද පිට කිරීම මේ ආදි ක්‍රමයන් තුළින් ලේ පිට කිරීම. නමුත් වෛද්‍ය පර්්‍යයේෂණය සඳහා, දත් ගැලවීම සඳහා, ලේ විද පිට කිරීමේ අරමුණකින් තොර සුළුවෙන් ලේ පිටවූ විට එය උපවාසයට හානියක් නොකරයි.

6- ඔසප්වීම, දරු ප්‍රසූතය සඳහා රුධිරය පිටවීම. එය ඉර බැස යෑමට මදකට පෙර සිදුවූවත් උපවාසය නිෂ්ඵල වේ.

7- සංසර්ගයෙහි යෙදීම. එයින් ධාතු පිටවූවත් නොවූවත් උපවාසය නිෂ්ඵල වෙයි .

උපවාස ශීලය නිෂ්ඵල වීමේ කොන්දේසි:

ඉහත සඳහන් කි්‍රයාවන් මතු සඳහන් කොන්දේසි වලට අනූව සිදුවූ විටයි උපවාසය නිෂ්ඵල වන්නේ.

1- මනා සිහි බුද්ධියක් ඇති කෙනෙකු වීම.

2- සිහි සුන්වීමකින් තොර මනා සිහියකින් සිටීම.

3- බල කිරීමකට ඇතුල් නොව තෝරා ගැනීමේ නිදහස ඇති කෙනෙකු සේ සිටීම.

ඉහත සඳහන් උපවාසය නිශ්ඵල වන කරුණු තුළින් එකක් හෝ කෙනෙකු අමතක වීමෙන්, නැතහොත් නොදැනුවත්ව, නැතහොත් බල කිරීමෙන් (අකැමැත්තෙන්) කළේ නම් කුර්ආන්, හදිස් සාධක අනූව එම උපවාසය නිෂ්ඵල නොවෙයි.

අල්ලාහ් මෙසේ පවසයි: —අපගේ ස්වාමිනි, අපිට අමතක වූවේ නම්, අපි වැරදි කළේ නම් අපිව වරදකරු නොකරන්න˜ (ශු අල්කුර්ආන් 2: 286).

නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයක මෙසේ සඳහන් වෙයි:– —මාගේ සමාජයේ වැරදීන් අමකතවීමෙන්, බල කිරීමෙන් සිදුවන වන විට එය අල්ලාහ් මා වෙනුවෙන් කමා කළේය˜. (මූලාශ්‍රය: ඉබ්නු මාජා, තබ්රානි, ෙඛෙහකි, හාකිම්).

නබි (සල්) තුමන් පවසයි: —අමතකවීමෙන් කෙනෙකු ආහාර පාන ගත් විට ඔහු උපවාසය අත් නොහැර සම්පූර්ණ කළ යුතුයි. නියතයෙන්ම අල්ලාහ්යි ඔහුට ආහාර පාන ලබා දුන්නේ˜ යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: බුහාරි. මුස්ලිම්, අබූදාවූද්, තිර්මිදි, නසායි).

කව්රුන් තමන්ගේ උපවාසය දැනුවත්ව, මනා සිහියකින්, තෝරාගැනීමේ තත්ත්වයක් තුළ මගහරීවීද ඔහු අල්ලාහ්ගෙන් සමාව අයදීමද, එදින උපවාසය පසුව ඉටු කිරීමද අනිවාර්්‍ය වේ. මෙයට වන්දියක් නොමැත. නමුත් උපවාසයෙහි නිරත වී සිටින විට තම බිරිඳත් සමග සංසර්ගයෙහි යෙදෙන්නාට දැඩි වන්දියක් තිබේ. ඔහු වහලෙක් නිදහස් කළ යුතුයි, එයට නොහැකි විට මාස දෙකක් අඛණ්ඩව උපවාස ශීළය ඉටු කළ යුතුයි, එයටත් නොහැකි විට දුගීන් 60 දෙනෙකුට (සාඃ අඩක) 1.30 කි. ග්‍රෑම් ආහාර සැපයිය යුතුයි. ඉහත කී ආකාරයට වන්දියේ අනුපිළිවල අවදානයට ගෙන තමන්ට හැකි දේ ඉටු කළ යුතුයි.

හිරු බැස යෑම නැතහොත් හිරු උදාවීම පිළිබඳ සැක මතු වීම:

උපවාසයෙහි නිරතවන්නාට ඉර බැස යෑම පිළිබඳ සැක මතුවූයේ නම් ඔහු උපවාසයෙන් මිදීමට නොහැක. මන්ද දහවල් කාලය තවත් පවතින හෙයිනි. ඉර බැසීමට පෙර ඔහු උපවාසයෙන් මිදුනු බව තහවුරුවූයේ නම් ඔහුගේ උපවාසය නිෂ්ඵල වන අතර එය පසුව ඉටු කිරීමද අනිවාර්්‍ය වේ.

තවද ෆජ්ර් උදාවූයේද? නැද්ද? යන්න පිළිබඳ ඔහුට සැක පහළවූයේ නම් ආහාර පාන ගැනීමට ඔහුට අනුමැතිය ඇත. මන්ද රාත්‍රි කාලය තවත් පවතින හෙයිනි.

මෙයට සාධක වශයෙන් අල්ලාහ් මෙසේ පවසයි:- —උදෑසන වේලාව යන සුදු නූල (රාත්‍රිය යන) කළු නූලෙන් පැහැදිළව පෙනෙන තෙක් ආහාර පාන අනුභව කරන්න˜. (ශු අල්කුර්ආන් 2: 187).

වෛකල්පිත උපවාසයන්:-

කෙනෙකු මතු සඳහන් උපවාසයන් ඉටු කරන විට ඔහුට යහපත හිමිවන අතර, ඔහු එය නොකළ විට ඔහු වරදකරු නොවේ.

1- —උපවාසයෙහි ඉතා ශ්‍රේෂ්ඨ උපවාසය නබි දාවූද් (අෙලෙහි) ගේ උපවාසයයි. එතුමන් දවසක් හැර දවසක් උපවාසය ඉටු කළේය˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: බුහාරි. මුස්ලිම්).

2- —රමලාන් (මස ඉටු කරන උපවාසයට) පසු ඉතා ශ්‍රේෂ්ඨ උපවාසය මුහර්රම් මාසයෙහි උපවාසයයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

3– මුහර්රම් මස නම වැනි දින හා දහ වැනි දින උපවාසයන් ඉටු කිරීම: ආයිෂා (රලි) තුමිය විස්තර කරයි: නබි (සල්) තුමන් ආෂුරා දින උපවාසය ඉටු කිරීමට නියෝග කළේය, රමලාන් මස උපවාසය අනිවාර්්‍ය වීමත් සමග කැමති අයට (එම දින) උපවාසය ඉටු කරන්න කැමති අය උපවාසය ඉටු නොකර සිටින්න යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි). ආෂුරා යනු මුහර්රම් මස දහ වැනි දිනයි.

ආෂුරා (මුහර්රම් මස දහ වැනි) දින උපවාසය ඉටු කිරීම ගෙවී ගිය වසරෙහි සියළු පාපයන්ට වන්දිය වේ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

—මම ඉදිරි වසරේදී ජීවතුන් අතර සිටියේ නම්, (මුහර්රම් මස) නම වැනි දිනද උපවාසය ඉටු කරමි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

ඒ අනූව කෙනෙකුට මුහර්රම් මස නම වැනි දින හා දහ වැනි දින උපවාසයන් ඉටු කල හැක. නම වැනි දින ඉටු කිරීමට නොහැකිවූ කෙනෙකුට දහය හා එකළොහා ආදි දිනයන්හි ඉටු කිරීමටත් නබි වදන්හි සාධක පවති.

4- ෂව්වාල් මසෙහි දවස් හයක් උපවාසය ඉටු කිරීම සුන්නත් වේ. —කව්රුන් රමලාන් මස උපවාස ශීලය ඉටු කර අනතුරුව ෂව්වාල් මසෙහි උපවාසයන් හයක් ඉටු කරයිද ඔහු එම වසර පුරා උපවාස ශීලය ඉටු කළ කෙනෙකුට සමාන වෙයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

මෙහිදී අවදානය යොමු කළ යුතු කරුණ නම්, නෝන්බි අවුරුද්ද (ඊදුල් ෆිත්ර්) සැමරීමත් සමග අඛණ්ඩව දින හයක් එම උපවාසයන් ඉටු කළ යුතුයි නැතහොත් එය ඉටු කළ නොහැක යනුවෙන් බොහෝ අය වැරදි මතයක සිටිති. එසේ නොව ෂව්වාල් මස නිමවීමට පෙර කැමති දිනයක එය කෙනෙකුට ඉටු කළ හැක. ෂව්වාල් මස උපවාසයන් යනු හැඳින්වීම තුළින්ම එය ෂව්වාල් මස ඇතුලත ඉටු කළ යුතු උපවාසයන් යනුවෙන් තහවුරුවෙයි.

5- දුල් හජ් මස මුල් දින නමයෙහි උපවාසන් ඉටු කිරීම ප්‍රීති දායක කි්‍රයාවක් වෙයි. විශේෂයෙන් දුල්හජ් මස නම වැනි දින, එනම් අරෆා දින උපවාසය ඉටු කිරීම පිළිබඳ නබි (සල්) තුමන් පවසන විට, —එම උපවාසය ගෙවී ගිය හා උදාවන අවුරුද්දේ පාපයන්ට වන්දිය වේ˜. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්, අබූදාවූද්, තිර්මිදි. නසායි. ඉබ්නු මාජා). අරෆා දින උපවාසය හජ් කර්තව්‍ය ඉටු කරන්නන්ට නොව ගමෙහි රැඳී සිටින්නන් ඉටු කළ යුතු උපවාසයෙකි.

6- සෑම මසකම ආරම්භයෙහි නැතහොත් මැද, නැතහොත් අවසානයේ උපවාසයන් තුනක් ඉටු කිරීම සුන්නත් වෛකල්පිත කි්‍රයාවක් වෙයි. ආයිෂා (රලි) තුමිය විස්තර කරයි:- —මසක කුමන දිනයන්හි උපවාසය ඉටු කළ යුතුයි යනු පිළිබඳ නබි (සල්) තුමන් අවදානය යොමු නොකළහ˜. (මූලාශ්‍රය: මුස්ලිම්).

අය්යාමුල් බීල් යනුවෙන් හඳුන්වන මසක 13,14,15 යන දිනයන්හි උපවාසයන් ඉටු කිරීම ඉතා ශ්‍රේෂ්ඨ වේ. නබි (සල්) තුමන් මෙසේ පැවසීය: —ඔබ මසක දවස් තුනක් උපවාසයන් ඉටු කරන්නේ නම් එය 13,14,15 යන දිනයන්හි ඉටුකරන්න˜(මූලාශ්‍රය: අබූ දාවූද්, තිර්මිදි, නසායි).

7- සඳුදා. බ්‍රහස්පතින්දා ආදි දිනයන්හි උපවාසයන් ඉටු කිරීම සුන්නත් වේ. —සඳුදා, බ්‍රහස්පතින්දා දිනවල අල්ලාහ් වෙතට යාඥාවන් ඉදිරිපත් කරනු ලැබේ. එබැවින් මම උපවාසයෙහි නිරත වී සිටින තත්ත්වයක මාගේ යහපත් කි්‍රයාවන් අල්ලාහ් අභියසට ඉදිරිපත් කරනු ලැබීම මා ප්‍රිය කරමි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: අහ්මද්. නසායි. අබුදාවූද, තිර්මිදි).

නොකළ යුතු උපවාසයන්:

1- රජබ් මස පමණක් උපවාසයන් ඉටු කිරීම පිළිකුල් කි්‍රයාවකි. මන්ද එම මසෙහි උපවාසයන් කිරීම අඥාන සමයෙහි සිරිතකි. උමර් (රලි) රජබ් මාසයෙහි උපවාසය ඉටු කරන්නන් දකින විට ඔවුන් ආහාර ගන්නා තෙක් ඔවුන්ට ගැසුවේය. තවද එතුමන් මෙසේ පැවසූහ: ඔබලා ආහාර අනුභව කරන්න. මන්ද මෙම මස අඥාන සමාජය විසින් ගරු කළ මාසයකි. (මූලාශ්‍රය: අබූෙෂෙබා).

2- සිකුරාදා දින පමණක් උපවාසය ඉටු කිරීම පිළිකුල් වේ. —ඔබ සිකුරාදා දිනට පෙර දින හෝ පසු දින උපවාසය ඉටු නොකර සිකුරාදා දින පමණක් උපවාසය ඉටු නොකරන්න˜ යැයි නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

3- ෂඃබාන් මස පහළොස් වැනි දින පමණක් උපවාසය ඉටු කිරීම තුළින් එම දින විශේෂ කිරීම පිළිකුල් වේ. එම දිනයෙහි පමණක් විශේෂයෙන් උපවාසයන් ඉටු කිරීමට කිසිදු සාධකයක් නොමැත.

4- සෙනසූරාදා පමණක් උපවාසය ඉටු කිරීම පිළිබඳ පවතින නීතිය.

සෙනසූරාදා උපවාසය ඉටු කිරීමට අනුමැතිය ඇත. නමුත් එම දින පමණක් උපවාසය ඉටු කිරීම අනුමත නොවේ. සෙනසූරාදා උපවාසයත් සමග ඉරිදා හෝ සිකුරාදා උපවාසය ඉටු කරයි නම් කිසිදු වරදක් නැත.

5- ඉරිදා පමණක් උපවාසය ඉටු කිරීම.

සිකුරාදා, සෙනසූරාදා, ඉරිදා දිනයන්හි පමණක් උපවාසයන් ඉටු කිරීම පිළිකුල් වේ. එම දිනයන් සමග පවතින දිනවලද උපවාසය ඉටු කරන්නේ නම් කිසිදු වරදක් නැත.

සපුරා තහනම් උපවාසයන්:

1- උත්සව දෙක පවතින දිනයන්හි උපවාසයන් ඉටු කිරීම තහනම් වේ. —නබි (සල්) තුමන් උත්සව දෙක පවතින දිනයන්හි උපවාසයන් ඉටු කිරීම තහනම් කළහ. එය රමලාන් හා හජ් උත්සවයන් වේ˜. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

2- සැක සහිත දිනයන්හි උපවාසය ඉටු කිරීම තහනම් වේ. —කව්රුන් සැක සහිත දිනවල උපවාසයන් ඉටු කරයිද ඔහු කාසිම්ගේ පියාට එනම් නබි (සල්) තුමන්ට පිටු පෑවේය˜. යැයි නබි (සල්) ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: අබූදාවූද්, තිර්මිදි). සැක සහිත දිනයන් යනුවෙන් අදහස් කෙරෙන්නේ, රමලාන් මසට පෙර මාසය වන ෂඃබාන් මස 29 වැනි දිනයි. තවද රමලාන් මසට පෙර දිනයන් දෙකෙහිම උපවාසයන් ඉටු කිරීමට තහනම් කළ නබි (සල්) තුමන්ගේ වෙනත් ප්‍රකාශයන්ද තිබේ.

3- හජ් කර්තව්‍යයෙහි කැප කිරීමට සත්වයා නොලැබුනු —මුතමත්තිඃ˜ නැතහොත් —කාරින්˜ හැර තෂ්රීක් දිනවල උපවාසයන් ඉටු කිරීම හරාම් වේ. —කාහට (කුර්බානි) සත්වයා නොලැබුනේද ඔහු හැර වෙන කාහටවත් තෂ්රීක් දිනයන්හි උපවාසයන් ඉටු කිරීම අනමුත නොවේ˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. වාර්තා කරන්නේ: ඉබ්නු උමර් (රලි) (මූලාශ්‍රය: බුහාරි).

තෂ්රීක් දිනයන් යනු: දුල් හජ් මස 11, 12, 13 ආදි දිනයන් වේ.

4- බරාඅත් දින, මිඃරාජ් දින යැයි කියා උපවාසයන් ඉටු කරති. මෙයට නබි වදන්හි කිසිදු සාධකයක් නොමැත. ඉස්ලාම් අංග සම්පූර්ණ දහමක් යනුවෙන් විශ්වාස කරන මුස්ලිමෙකු කොහෙත්ම නබි (සල්) තුමන්ගේ මග පෙන්වීමෙන් තොර කි්‍රයාවක් කිරීමට නොඑළඹෙයි. ආගමික නාමයෙන් බිහි කරන ලද නූතන කි්‍රයාවන්ගෙන් කෙනෙකු සැම විටම අවධනාමෙන් සිටිය යුතුයි.

අවදානය යොමු කළ යුතු නීතියක්.

1- කෙනෙකු ස්නානය අනිවාර්්‍ය වූ තත්ත්වයක හිමිදිරියේ නැගිට්ටේ නම් නැතහොත් ඔසප් වූ කාන්තාවක් හෝ දරු ප්‍රසුතයෙන් ලේ හටගත් කාන්තාවක් හිමිදිරි උදෑසනට පෙර පවිත්‍රවූයේ නම් ඔවුන් සහර් ආහාරය ගෙන උපවාසයෙහි නිරත වෙයි. තවද ඔවුන් හිමිදිරි උදෑසනින් පසුවූවත් දිය නෑ හැක. නමුත් උදෑසන සලාතය සඳහා ඔවුන් දිය නා පිරිසිදුවීම අනිවාර්්‍ය වේ.

උපවාසයෙහි උචිත කි්‍රයාවන්

1- අබ්දුල්ලාහ් ඉබ්නු අනස් (රලි) පවසයි:- —උපවාසය ඉටුකරන්නා නිරතුරුව කුර්ආන් පාරායනය කිරීමද, දුආ, දික්ර් යාඥාවන්හි නිරතවීමද, දන් දීමද, පිළිකුල් දේ කතා කිරීමෙන් දිව ආරක‍ෂා කිරීමද සතුටු දායක වෙයි˜.

—මානවයාට යහ මග පෙන්වන අල්-කුර්ආනය රමලාන් මාසයෙහි අනාවරණය විය˜

(ශු අල්කුර්ආන් 2:185).

රමලාන් මාසයෙහි අල්-කුර්ආනය පහළවීම එහි සුවිශේෂත්වය මනාවට පෙන්නුම් කිරීමකි. නබි (සල්) තුමන් රමලාන් මස රාත්‍රි කාලයෙහි අල්කුර්ආනය ජිබ්රීල් (අෙලෙහි) ඉදිරියේ පාරායන කර පෙන්වීමට පුරුදු වී සිටියහ.

එතුමන්ගේ ජීවිතයේ අවසන් රමලාන් සමයේ දෙවතාවක් අල්කුර්ආනය පාරායනය කර පෙන්විය. (දේව දූත ජිබ්රීල් රමලාන් මස සෑම රාත්‍රියකම පාහේ නබි (සල්) තුමන්ට අල්-කුර්ආනය ඉගැන්වුවේය). මෙය ඉබ්නු අබ්බාස් (රලි) විස්තර කරයි. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

අල්කුර්ආනයත් සමග මුස්ලිමෙකුගේ සම්බන්ධතාවය ඉතා සමීපව පැවතිය යුතුයි. අල්කුර්ආනය ඇස් වල තබා ඉඹ ගැනීමට හෝ, එහි පරිච්ඡේදයන්, වාක්‍යන් බිත්තිවල එල්ලීමට හෝ කෙනෙකු මිය ගිය විට ඔහු වෙනුවෙන් පාරායනය කිරීමට හෝ අනාවරණය වූයේ නැත. එය අනාවරණය කරනු ලැබුවේ මුළු මානව සංහතියටම නිවැරදි මග පෙන්වීම සඳහායි. කෙතරම් දුරට කෙනෙකු අල්කුර්ආනයෙන් ඈත් වෙයිද එතරම් ඔහු යහ මාර්ගයෙන් ඉවත් වෙයි. එබැවින් අල්කුර්ආනය හොඳින් හදාරා එය අධ්‍යයනය කර, එහි ඉගැන්වීම් ජීවිතයට පරිවර්තනය කිරීම තුළින් පමණයි කෙනෙකුට දෙලොව ජය අත්පත් කරගත හැක්කේ.

අල්කුර්ආනය පාරායනය කිරීමට ඇති ප්‍රසාධයන්ද සුළු පටු නොවේ. වරක් නබි (සල්) තුමන් —කව්රුන් අල්කුර්ආනයෙහි එක් අකුරක් පාරායනය කරයිද ඔහුට ප්‍රසාධයන් දහයක් හිමිවෙයි˜ යනුවෙන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: තිර්මිදි).

අබ්දුල්ලාහ් ඉබ්නු අනස් (රලි) වාර්තා කරයි:- නබි නායක (සල්) තුමන් අධිකව දන් දීමට පුරුදු වී සිටියහ. තවද ජිබ්රිල් (අෙලෙහි) හමුවන රමලාන් සමයෙහි නබි (සල්) තුමන් අධිකව දන් දීමට පුරුදු වී සිටියහ. ජිබ්රීල් (අෙලෙහි) රමලාන් සියළු රාත්‍රියන්හි නබි (සල්) තුමන් හමුවී අල්-කුර්ආනය පාරායනය කර පෙන්වයි. නබි (සල්) තුමන් ඉතා වේගයෙන් හමන සුළඟට වඩා දන් දෙන්නෙකු වශයෙන් සිටියහ. (මූලාශ්‍රය: බුහාරි).

2- කව්රුන් උපවාසයෙහි නිරතවී සිටින්නාට බනිවීද ඔහු එම අවස්ථාවෙහි මම උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පමණක් පැවසීම සුන්නත් යහපත් කි්‍රයාවකි. —උපවාසය (පාප ක්‍රියා) වළක්වන පළිහකි, ඔබගෙන් කෙනෙකු උපවාසය ඉටු කරන්නේ නම් (වැරදි කි්‍රයා කිරීමෙන්) එය කිළිටු නොකළ යුතුය, ඔහුට යම් කෙනෙක් පරුෂ වචනවලින් බැන වදින විටද, ඔහුත් සමග සණ්ඩු සරුවල් වලට පැටලෙන විටද ඔහු මම උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පැවසිය යුතුය˜ යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

3- සහර් ආහාර අනුභව කිරීම:

උපවාසය සඳහා සහර් ආහාරය ගැනීම සුන්නත් යහපත් කි්‍රයාවක් වේ. —ඔබ සහර් කරන්න. මන්ද සහර් ආහාරයෙහි බරකත් නම් අභිවෘද්ධිය ඇත˜ යැයි නබි (සල්) ප්‍රකාශ කළහ. (බුහාරි, මුස්ලිම්).

—අප සමාජයේ උපවාසයට හා පුස්තක ලද් අයගේ උපවාසය අතර වෙනස සහ්ර් කිරීම˜ යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

—සහ්ර් ආහාරය යනු අභිවෘද්ධිය ඇති ආහාරයකි, එය අත් නොහරින්න, අවම වශයෙන් වතුර උගුරක් හෝ පානය කර එය කරන්න. නියතයෙන්ම අල්ලාහ් සහ්ර් කරන්නන්ට දයාව පුදන්නේය, ඔහුගේ දේව දූතවරුන්ද ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නේය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

ෙසෙද් ඉබ්නු සාබිත් (රලි) විස්තර කරයි: අපි නබි (සල්) තුමන් සමග සහර් ආහාරය ගත්තෙමු, පසුව නබි (සල්) තුමන් සලාතය සඳහා නැගිට්ටේය. එවිට ඔහුගෙන් සලාතය හා සහර් අතර පැවතුනු වේලාව කොපමණද? යනුවෙන් ප්‍රශ්න කරන ලදි (අල්කුර්ආනයෙහි) වාක්‍යන් පහනහක් පාරායනය කරන වේලාවයි˜ යනුවෙන් පිළිතුරු දුන්නේය. (මූලාශ්‍රය: බුහාරි).

සහර් කිරීම ප්‍රමාද කර. උපවාසයෙන් මිඳීම ඉක්මන් කිරීම සුන්නත් වෙයි. —මාගේ සමාජය සහර් (ආහාරය) ප්‍රමාද කර, උපවාසයෙන් මිඳීම ඉක්මන් කරන තෙක් යහපතෙහි සිටින්නෝය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාහ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

උපවාසයෙහි නිරත වන බොහෝ පිරිස් අලස භාවය නිසා සහර් ආහාරය නොගෙන උපවාසයෙහි නියැලති. ශුද්ධවූ අල්කුර්ආනයෙහි අල්ලාහ් යහපත් ශ්‍රද්ධාවන්ත පුද්ගලයින්ගේ උසස් ගුණාංග පිළිබඳ පවසන විට මෙසේ පවසයි:

—ඔවුන් සහර් වේලාවේ (තමන්ගේ පාපයන්ට) සමාව අයදිති˜ (ශු අල්කුර්ආන් 51: 18). ඉහත සඳහන් ප්‍රකාශයන් එහි අවශ්‍යතාවය හා වැදගත් කම පිළිබඳ කථා කරයි. එබැවින් නබි (සල්) තුමන්ගේ මෙම උතුම් මග පෙන්වීම කි්‍රයාවට නැංවීමට අපි කොයි කව්රුත් යුහුසුළු විය යුතුයි.

4- උපවාසයෙන් මිදීම:

ඉදිච්ච රට ඉඳි නැති විට සමාන්‍ය රට ඉඳි ගැනීම එය නැති විට ජලය පානය කිරීම, එයත් නැති විට කැමති ආහාර පානයක් ගනිමින් උපවාසයෙන් මිඳීම සුන්නත් වේ. (මූලාශ්‍රයන්: අබූ දාවූද්, තිර්මිදි, හාකිම්).

—උපවාසයෙන් මිදීම ප්‍රමාද නොකර ඉක්මන් කරන තෙක් ජනතාව යහපතෙහි සිටින්නෝය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

5- උපවාසයෙන් මිෙඳන විට කෙනෙකුට ප්‍රාර්ථනාවන්හි නියැලිය හැක. උපවාසයෙන් මිදීමත් සමග පහත සඳහන් ප්‍රාර්ථනාව උසුරීම සුන්නත් වේ.

ذَهَبَ الظَّمَأُ وَابْتَلَّتِ الْعُرُوقُ وَثَبَتَ الْأَجْرُ إِنْ شَاءَ اللَّهُ

—දහබල් ලමඋ වබ්තල්ලතිල් උරූකු වසබතල් අජ්රු ඉන් ෂා අල්ලාහ්˜

පිපාසය සංසිදුනි, නහරවල් තෙත්විය, අල්ලාහ්ගේ කැමැත්ත අනූව ප්‍රසාධයන් ස්ථීර විය. (මූලාශ්‍රයන්: අබූදාවූද්, හාකිම්, ෙඛෙහකි).

6- උපවාසය අතර වාරයේ දත් මැඳීම සුන්නත් වේ. ආමිර් ඉබ්නු රබීආ පවසයි: නබි (සල්) තුමන් උපවාසය අතර වාරයේ මට ගණින්නට නොහැකි වාර ගනන් දත් මැන්දේය. (මූලාශ්‍රයන්: අබූදාවූද්, අහ්මද්, තිර්මිදි). උපාවසය අතර වාරයේ දත් මැඳීම වැරදි කි්‍රයාවක් යනුවෙන් බොහෝ අය සිතති. එයින් උපවාසයට හානියක් වෙයි යනුවෙන් සිතති. මෙම මතයන් වැරදියි යන්නට ඉහත සඳහන් පුවත කදිම සාධකයකි.

7- අන් අය උපවාසයෙන් මිදීම සඳහා උපකාර වීම. —කව්රුන් තවත් කෙනෙකුට උපවාසයෙන් මිදීමට උපකාරී වන්නේද, ඔහුට සමාන ප්‍රසාධයන් ඔහුටත් හිමිවෙයි. ඔහුගේ ප්‍රසාධයන්හි කිසිදු අඩුවක් නොසිදුවෙයි˜. (මූලාශ්‍රයන්: තිර්මිදි, ඉබ්නුමාජා, ඉබ්නු හිබ්බාන්, අහ්මද්).

අපි වෙනත් කෙනෙකුගේ අමුත්තෙකු වශයෙන් උපවාසයෙන් මිදුනු විට පහත සඳහන් ප්‍රාර්ථනාව කළ යුතුයි:

أَفْطَرَ عِنْدَكُمُ الصَّائِمُونَ وَأَكَلَ طَعَامَكُمُ الْأَبْرَارُ وَصَلَّتْ عَلَيْكُمُ الْمَلَائِكَةُ

අෆ්තර ඉන්දකුමුස් සාඉමූන වඅකල තආමුකුමුල් අබ්රාර වසල්ලත් අෙලෙකුමුල් මලාඉකහ් යනුවෙන් පැවසිය යුුතුය.

(උපවාස ශීලය ඇත්තාවුන් ඔබ වෙත උපවාසයෙන් මිදුනහ. සුචරිත ඇත්තාවුත් ඔබගේ ආහාරය අනුභව කළහ. දේවදූත යෝද ඔබහට ප්‍රාර්ථනා කරන්නෝය) (මූලාශ්‍රය: අබූදාවුද්).

අන් අයට උපවාසයෙන් මිදීමට උපකාරි වීම මහගු කාර්්‍යයකි. එය සුළුවෙන් නොසැලකිය යුතුයි. උපවාසයෙන් පසුවෙන්නාට හිමිවන සමාන ප්‍රසාධයන් මොහුටත් හිමිවෙයි. දිළින්දාගේ කුසගින්න සැමටම දැනෙන මෙම මාසයේ අපි දිළින්දන්ට උපකාරි විය යුතුයි.

8- රමලාන් අවසන් දවස් දහය මස්ජිදයෙහි (ඉඃතිකාෆ්) රැඳී සිටීම සුන්නත් වෙයි.

9- උම්රා කර්තව්‍ය: රමලාන් සමයෙහි ඉටු කරන උම්රාව හජ් කර්තව්‍යට සමාන වෙයි. —මා සමග හජ් කිරීමට සමාන වෙයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි).

10- සියළු යාඥා කටයුතු උනන්දුවෙන් හා යුහුසුළුවෙන් නියමිත වේලාවන්හි කිරීම සුන්නත් වේ. විශේෂයෙන් රමලාන් අවසන් දවස් දහය, ආයිෂා (රලි) වාර්තා තුමිය කරයි: —නබි (සල්) රමලාන්හි අවසන් දවස් දහය උදාවූ විට තමන්ගේ පවුලේ අයද දිරි ගන්වමින්, තමන්ගේ යටි සළුවද තදින් බැඳ ගනි˜ (මූලාශ්‍රය: බුහාරි). මෙය යාඥාවන් සඳහාවූ සූදානමයි.


මුහර්රම් මාසය-මුල්ම මාසය
රමලාන් මස උපවාස ශීලය
උපවාසය අනිවාර්්‍ය වීමට කොන්දෙසි

උපවාසය අනිවාර්්‍ය වීමට කොන්දෙසි

1- මුස්ලිමෙකු වීම:- කාෆිර් (මිත්‍යා දෘෂ්ටිකයෙකුට උපවාසය අනිවාර්්‍ය නොවේ). ඔවුන් උපවාසයෙහි නියැලූනද එය නොපිළිගැනේ. ඉස්ලාම් දහමට ප්‍රවිශ්ටවීමට ඇති මූලික ප්‍රතිපත්තීන් දෙක නොපිළිගෙන මොනම යාඥාවක් කළත් එයට වළංගුභාවයක් හිමි නොවේ.

2- වැඩිවියට පත්ව සිටීම:- මෙයින් පැහැදිළි වන්නේ වැඩිවියට නොපත් වූ කුඩා දරුවන්ට උපවාසය අනිවාර්්‍ය නොවේ. එනමුත් පුරුදු පුහුණුව සඳහා ඔවුන් උපවාසයට දිරිගැන්වීම සතුටු දායක වේ.

3- මනා සිහිබුද්ධිය ඇති කෙනෙකු වීම:- මානසික රෝගීන්ට උපවාසය අනිවාර්්‍ය නොවේ යනු මෙයින් පැහැදිළි වෙයි. මන්ද මොවුන් බල කිරීමටද, හොඳ නරක තෝරා බේරා ගැනීමේ ශක්තියක්ද නොමැති පිරිසකි.

4- උපවාසය ඉටු කිරීමට ශක්තිය ඇති අය:- වයෝවෘද්ධ වීමෙන්, නැතහොත් රෝගී තත්ත්වය නිසා දුබලත්වයට පත්වූ අය මෙයින් පිටත්වෙයි.

5- සිය ගමෙහි රැඳී සිටීම:- ගමන් බිමන් වල නිරත වී සිටින්නන්ටත් අනිවාර්්‍ය නොවේ. ඔවුන් වෙනත් කාල වල මග හැරුනු උපවාසයන් ඉටු කළ යුතුය.

මේහා බැඳුනු වෙනත් සමහර නීති රීතින්:

1- ප්‍රශ්නය :-

රමලාන් දහවල් කාලයෙහි වෙනත් ආගමිකයෙකු ඉස්ලාම් දහම වැළඳ ගත් විට නැතහොත් මානසික රොගියෙකු යහපත් තත්ත්වයට හැරුනු විට පවතින නීතිය කුමක්ද?

පිළිතුර:- ඔවුන්ට අනිවාර්්‍ය නොවී තිබුනු තත්ත්වයක මෙය අළුතින් ඇතිවූ තත්ත්වයකි. එදින උපවාසය නිශ්ඵල වන ක්‍රියාවන්ගෙන් මිදී, එම උපවාසය පසුව ඉටු කිරීම ඔහුට අනිවාර්්‍ය නොවේ. මන්ද ඔවුන් උපවාසය ඉටු කිරීම අනිවාර්්‍ය වූ තත්ත්වයක නොසිටියේය. ඉන් පසු ඔවුන් දිගටම උපවාසයන් ඉටු කළ යුතුයි.

2- ප්‍රශ්නය:- රමලාන් දහවල් කාලයෙහි මගියෙකු තමන්ගේ ගමන අවසන් කර සිය ගම රටා බලා පැමිණියේ නම්, නැතහොත් ඔසප් වූ කාන්තාව නැතහොත් දරු ප්‍රසුත්‍රයෙන් පසු රුධිරය හටගන්නා කාන්තාවක් පවිත්‍ර වූයේ නම්, නැතහොත් උපවාසය ඉටු කිරීමට ශක්තිය නොමැති අයට ශක්තිය, වීරිය ලැබුනේ නම්. නැතහොත් රෝගී තත්වයෙන් මිදුනේ නම් පවතින නීතිය කුමක්ද?

පිළිතුර:- එදින උපවාසය නිෂ්ඵල වන කරුණු වලින් ඈත් නොවී. එම දිනය වෙනුවෙන් වෙනත් දිනයක උපවාසය ඉටු කිරීම ඔහුට අනිවාර්්‍ය වේ. මෙයට සාධක වශයෙන්: —කව්රුන් රමලාන් මස දහවල් කාලයෙහි උපවාසයෙන් මිදෙයිද ඔහු දහවල් අවසානයේදිද උපවාසයෙන් මිදිය යුතුයි˜ යනුවෙන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: ඉබ්නු අබිෙෂෙබා).

3- ප්‍රශ්නය:- රමලාන් මස උදාවූ ආරංචිය කෙනෙකුට නොලැබී පසු දින දහවල් කාලයෙහි දැනගනි වී නම් එහි නීතිය කුමක්ද?

පිළිතුර:- නිදසුනකට: ඈත පළාතක සිටින කෙනෙකු නව සඳ බලා ඊට පසු දින නීතිපතිවරයා වෙත පැමිණ සඳ බැලූ බව සාක‍ෂි දැරුවේ නම් පහත සඳහන් සාධකය අනූව උපවාසය නිෂ්ඵල වන සියළු කාර්්‍යයන්ගෙන් වැළකි සිටිය යුතුයි. —නබි (සල්) තුමන් ආෂූරා උපවාසය අනිවාර්්‍යවූ විට දහවල් කාලයෙහි ආහාරවලින් වැළකි සිටින ලෙස සමස්ත මුස්ලිම් ප්‍රජාවටම නියෝග කළහ. එතුමන්ද වැළකී සිටියහ˜.

(මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

මෙම උපවාසය වෙනත් දිනයක ඉටු කිරීමද අනිවාර්්‍ය වේ. මන්ද අනිවාර්්‍ය උපවාසය සඳහා ෆජ්ර් හිමිදිරියට පෙර චේතනාව ඇති කරගැනීම කොන්දේසියක් වේ. මෙම ක්‍රමයෙහි චේතනාව තහවුරු වී නොමැත.

රමලාන් මස උපවාස ශීලය-මූලිකත්වය හා ශ්‍රේෂ්ඨත්වය

ඉස්ලාම් දහම තුළ එයට පවතින මූලිකත්වය හා ශ්‍රේෂ්ඨත්වය:

රමලාන් මස උපවාසය ඉටු කිරීම අනිවාර්්‍යයි යන්නට ශුද්ධවූ අල්කුර්ආනයෙන් හා නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන්ගෙන්  සාධක:

ශුද්ධවූ අල්කුර්ආනයෙහි: —විශ්වාසවන්තයිනි, ඔබට පෙර විසු ජන සමාජයන්ට අනිවාර්්‍ය වූ සේම ඔබටද උපවාසය අනිවාර්්‍ය වේ. එයින් ඔබ බිය බැතිමතුන් විය හැක˜ (ශු අල්කුර්ආනය 2:183).

තවත් ස්ථානයක: —ඔබලා අතුරින් කව්රුන් එම (රමළාන්) මාසය ලබයිද ඔවුන් උපවාසය ඉටු කළ යුතුයි˜ (ශු අල්කුර්ආනය 2:185).

නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන් හි මෙයට සාධක:

—ඉස්ලාම් කුළුණු පහක් මත ස්ථාපිත වී ඇත. නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැති බවත්, මුහම්මද් අල්ලාහ්ගේ ශාස්තෘවරයා බවත් සාක‍ෂි දැරීම. සලාතය ස්ථාපිත කිරීම. (සකාත්) ශුද්ධකාරක බද්ධ ගෙවීම. රමලාන් මස තුළ උපවායෙහි යෙදීම. හජ් කිරීමට ශක්තිය ඇති අය හජ් කර්තව්‍ය ඉටු කිරීම. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

උපවාසයෙ හි හා රමලාන් සමයෙ හි ශ්‍රේෂ්ඨත්වය:

ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —මානවයාට නිවැරදි මග පෙන්වන අල්කුර්ආනය අනාවරණය කරනු ලැබූවේ රමලාන් මාසයේය˜ (ශුඅල්කුර්ආන් 2: 185).

—සව්ම්˜ උපවාස ශීලයට ලැඛෙන කුසල් සීමා රහිතයි යන්නට මතු සඳහන් ප්‍රකාශය සාධක වේ. —ආදම්ගේ පුත්‍රයාගේ යහපත් කි්‍රයාවන් ප්‍රගුණ කෙරෙයි එක් පිනක් දහ ගුණය සිට හත්සිය ගුණය දක්වා ප්‍රගුණ කෙරේ. අල්ලාහ් පවසයි: උපවාසය හැර සැබවින්ම එය මට අයිති වේ. මමයි එයට ප්‍රසාධයන් ලබා දෙන්නේ˜ (මූලාශ්‍රය: මුස්ලිම්). උපාවසයට ලැඛෙන ප්‍රසාධයන් අසීමිතයි යන්නට මෙම ප්‍රකාශය සාධක වේ.

ට් නබි (සල්) තුමන් පවසයි: ස්වර්ගයෙහි රයියාන් යනුවෙන් දොරටුවක් ඇත. මතු දිනයෙහි උපවාසයෙහි නිරතවූවන් එම දොරටුවෙන් පිවිසෙනු ඇත. ඔවුන් සමග වෙන කිසිවෙකු එම දොරටුවෙන් නොපිවිසෙයි. උපවාසයෙහි නිරතවූවන් කොහේදැයි එම දිනයෙහි අසනු ලැබේ? එවිට ඔවුන් නැගිට, ස්වර්ගයට පිවිසෙති. එයත් සමග එම දොරටුව වසනු ලැබේ. එයින් පසු කිසි කෙනෙකුට එම දොරටුවෙන් ඇතුල්විය නොහැක˜. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

—කව්රුන් රමලාන් මස තුළ කුසල් අපේක‍ෂා කරමින් විශ්වාසයෙන් යුක්තව උපවාසය ඉටු කරයිද ඔහුගේ පෙර සියළු පාපයන් කමා කරනු ලබයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

—උපවාසය හා අල්කුර්ආනය දාසයා වෙනුවෙන් අවසන් විනිශ්ච දිනයෙහි රෙකමාදාරු කරයි. උපවාසය පවසයි: හිමියනි, මා මොහුව ආහාර, වෙනත් ආශාවන් වලින් වළක්වා තැබුවෙමි. මොහු වෙනුවෙන් මා කෙරමාදාරු කරමි. අල්කුර්ආනය පවසයි: මා මොහුව රාති්‍ර කාලවල නින්දෙන් අවදි කර තැබුවෙමි. එබැවින් ඔහු වෙනුවෙන් රෙකමාදාරු කරමි˜ (මූලාශ්‍රයන්: අහ්මද්, හාකිම්).

උමාමා අල්බාහිලී (රලි) විස්තර කරයි: මා නබි (සල්) තුමන්ගෙන් අල්ලාහ් ඉදිරියේ යහපත ගෙන දෙන කි්‍රයාවක් නියෝග කරන්න යනුවෙන් ඉල්ලා සිටියෙමි. එයට එතුමන් ඔබට මා උපවාසයන් කිරීමට උපදෙස් කරමි, එයට සමාන වෙනත් යාඥාවක් නැත˜ යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: නසායි).

ට් ජාබිර් (රලි) විස්තර කරයි: —උපාවසය දාසයා නිරයෙන් මුදවන පළිහකි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (අත්තබරානි ෆිල් කබීර්).

ට් කව්රුන් අල්ලාහ්ගේ මාර්ගයෙහි දවසක් උපවාස ශීලය ඉටු කරයිද ඔහුගේ රුව නිරයෙන් අවුරුදු හැත්තෑවක දුරක ප්‍රමාණයක් අල්ලාහ් ඈත් කරන්නේය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. විස්තරකරන්නේ: අබූ සඊදුල් හුද්රි (රලි). මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

ට් —උපවාසයෙන් පසුවෙන්නාට දෙ ආකාරයේ සතුටක් ඇත, එකක් ඔහු උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුටයි. අන් එක විනිශ්ච දිනයෙහි ඔහුගේ හිමියන් වන අල්ලාහ් හමුවන විට ඇති සතුටයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. විස්තර කරන්නේ: අබූ හුෙරෙරා (රලි). (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

ට් —රමලාන් මස උදාවූයේ නම් ස්වර්ගයෙහි දොරටුවන් විවර කරනු ලබයි, නිරයෙහි දොරටුවන් වසනු ලබයි, ෙෂෙතාන්නුන්ට විලංගු දමනු ලබයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).

ට් —රමලාන් මස සෑම දහවල් හා රාති්‍ර කාලයෙහි නිරයට නියම කරනු ලැබූවන් අල්ලාහ් නිදහස් කරන්නේය˜ තවද මුස්ලිමෙකු ප්‍රාර්ථනා කළේ නම් ඔහුගේ ප්‍රාර්ථනාවන් පිළිගනු ලබයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

ට් —පස් වේල සලාතයන්, එක් ජුම්ආවෙහි සිට අනිත් ජුම්ආව, එක් රමලානයේ සිට අනිත් රමලානය, මේ අතර තුර සිදුවූ මහත් පාපයන් හැර සුළු පාපයන්ට වන්දිය වේ˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්, අහ්මද්).

උපවාස සමය විශේෂිත අවස්ථාවක් හැටියටත්, උපරිම ඵල නෙලා ගන්නට ලැබී ඇති කදිම අවස්ථාවක් හැටියටත්, පින් කුසල්, භක්ති ආදරයෙන් සමන්විත සීමිත කාලයක් හැටියටත්, යාඥා කටයුතු වල නිරත වීමට ලැබී ඇති අගනා අවස්ථාවක් හැටියටත් ඔබ සළකා නැවුම් උද්‍යයෝගයකින් කි්‍රයා කළ යුතුය .

එය අනිවාර්්‍ය වීමේ පරමාර්ථය:

පහත් හැඟීම්, වැරදි ආශාවලින් මනස පිවිතුරු කර, ශ්‍රද්ධාවන්ත භව මිනිසා තුළ වර්ධනය කිරීම සඳහා එය අනිවාර්්‍ය කර ඇත. එය මිනිස් සිරුර තුළ ෙෂෙතාන්ගේ ආධිපත්‍ය අඩු කරයි. අසීමිත ලෞකීක ආශාවන්ගෙන්, වැරදි ආකල්පවලින් මුදවා, සදාතනික වූ මරණින් මතු ජීවිතය කෙරෙහි වැඩි අවදානයක් යොමු කර, දුප්පත් අසරණ ජනතාවට උදව් උපකාර කිරීමේ මානසිකත්වයක්ද ඇති කරයි. තවද ශ්‍රද්ධාවන්ත බවට මනා පුහුණුවක් මෙයින් ලැබේ. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —මෙයින් ඔබ ශ්‍රද්ධාවන්තයින් විය හැක˜ (ශු අල්කුර්ආන් 2:183).


උපවාසය පිළිබඳ සංක‍ෂිප්ත වූ අර්ථ විවරණය:

අරාබි භාෂාවෙන් —සව්ම්˜ යන පදයට: වළක්වාගැනීම.

ඉස්ලාමීය කෝනයෙන් උපවාසය යනු:- හිමිදිරි උදෑසන සිට ඉර බස්නාහිරෙන් බැස යන තෙක් උපවාසය නිෂ්ඵල වන කාර්්‍යයන්ගෙන් ඈත්වී අල්ලාහ් මෙනෙහි කිරීමයි.

රමළාන් උපවාසය අනිවාර්්‍ය වීම:

උපවාසය හිජ්රි දෙවැනි අවුරුද්දේ අනිවාර්්‍ය විය. හිජ්රි යනුවෙන් අදහස් කෙරෙන්නේ නබි (සල්) තුමන් මක්කාවෙහි සිට මදීනාවට ගිය ගමනයි. නබි (සල්) තුමන් තමන්ගේ ජීවිතය තුළ අවුරුදු නමයක් උපවාස යාඥවෙහි නිරතවූහ.

මුහර්රම් මාසය- ශුද්ධවූ අල්කුර්ආනයෙහි පරිශුද්ධවූ මාස

—මුහර්රම් මස˜ චන්ද්‍ර මාස අනූව මුල්ම මාසය වන අතර පරිශුද්ධවූ මාස අතුරින් ද එකකි:

ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි:

—නියතයෙන්ම මාස ගණන අහස් හා පොළෝ මවනු ලැබූ දා සිට අල්ලාහ් ඉදිරියේ, අල්ලාහ්ගේ (සටහන්) පොතේ දොළහකි. එයින් මාස හතරක් පරිශුද්ධය. මෙයයි නිවැරදි නිත්‍යවූ දහම. එබැවින් එම මාසයන්හි (සටන් කර) ඔබට ඔබම හානියක් නොකරන්න˜ (9: 36).

අබී බක්රා (රලි) තුමා විස්තර කරයි: —සැබවින්ම අහස් හා පොළෝ මවන ලද දා සිට කාලය ගමන් කරමින් සිටී තවද අල්ලාහ් ඉදිරියෙහි මාස ගණන දොළහකි. එයින් මාස හතරක් පරිශුද්ධය. එම පරිශුද්ධවූ මාස අතුරින් තුනක් එක දිගට පැමිණෙයි. එය: — දුල්කඃදා, දුල්හජ්, මුහර්රම්˜ වේ. රජබ් මුළර් මාසය ජමාදුස්සානි හා ෂඃබාන් අතර පවතින මාසයකි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි).

පරිශුද්ධවූ මාස හතර නම්:

1- දුල්කඃදා. ඉස්ලාමීය මාසයන් අනූව 11 වැනි මාසයයි.

2- දුල්හජ්. ඉස්ලාමීය මාසයන් අනූව 12 වැනි මාසයයි.

3- මුහර්රම්. ඉස්ලාමීය මාසයන් අනූව 01 වැනි මාසයයි.

4- රජබ්. ඉස්ලාමීය මාසයන් අනූව 07 වැනි මාසයයි.

මෙම මාසය තුළ ඉටු කළ යුතු වෛකල්පිත උපවාසය:

මුල් වකවාණු වල එය අනිවාර්්‍ය වී පැවතුනි:

—කුෙරෙෂ්වරුන් අඥාන සමයේ ආෂූරා (දහ වැනි) දින උපවාසයෙන් පසුවූහ. නබි (සල්) තුමන් එම දිනයෙහි උපවාසයෙන් පසුවූහ. පසුව නබි (සල්) තුමන් මදීනාවට පැමිණීමත් සමග එතුමන් එම දිනයෙහි උපවාසය ඉටු කළ අතර මිත්‍රවරුන්ට ද එය ඉටු කරන ලෙස නියෝග කළහ. කවදා රමළාන් මස උපවාසය අනිවාර්්‍යවුනේ ද, එතැන් පටන් රිසි අයට ආෂූරා (දහ වැනි) දින උපවාසය ඉටු කිරීමටත් රිසි අයට ඉටු නොකර සිටීමටත් නබි (සල්) තුමන් නියෝග කළහ. (විස්තර කරන්නේ: ආයිෂා (රලි) තුමිය, මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).

ඉබ්නු අබ්බාස් (රලි) තුමන් විස්තර කරයි: —නබි (සල්) තුමන් මදීනාවට පැමිණී විට යුදෙව්වරුන් ආෂූරා (දහ වැනි) දින උපවාසයෙන් පසුවීම දුටුවේය. මේ පිළිබඳ ඔවුන්ගෙන් ප්‍රශ්න කළ විට, මෙය උතුම් වූ දවසකි. මෙවැනි දිනයකයි අල්ලාහ් මූසා (මෝසස්) තුමා ව ආරක‍ෂා කළේ. ෆිර්අවුන් හා ඔවුන්ගේ ආධාර කරුවන්ව අල්ලාහ් ජලයෙහි ගිල්වන්නට සැලැස්සුවේ. මූසා (මෝසස්) තුමා අල්ලාහ්ට කෘතඥවීමක් වශයෙන් උපවාසය ඉටු කළහ යනුවෙන් ඔවුන් පිළිතුරු දුන්හ. එවිට නබි (සල්) තුමන් මා මූසා ට හා එම උපවාසය ඉටු කිරීමට ඉතා සුදුස්සෙකු වේ යනුවෙන් පවසා එතුමන් උපවාසයෙන් පසුවූ අතර මිත්‍රවරුන්ට ද උපවාසයෙන් පසුවන ලෙස නියෝග කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

මුහර්රම් මස උපවාසයෙහි ශ්‍රේෂ්ඨත්වය:

—රමළාන් මසට පසු ශ්‍රේෂ්ඨ උපවාසය මුහර්රම් මස උපවාසයයි. අනිවාර්්‍ය සලාතයෙන් පසු ශ්‍රේෂ්ඨ වූ සලාතය රාති්‍ර කාලයෙහි ඉටු කරන සලාතයයි.˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. විස්තර කරන්නේ : අබූ හුෙරෙරා (රලි) තුමා. මූලාශ්‍රය: මුස්ලිම්).

වරක් ශාස්තෘවරයානන් පැවසූහ: —සෑම මසකම උපවාසයන් තුනක් (අඛණ්ඩව) ඉටු කිරීම ජීවිත කාලය පුරා උපවාසය ඉටු කළාට සමානය. අරෆා දින උපවාසය ගතවූ හා උදාවන වසරෙහි පාපයන්ට ප්‍රති කර්මය බව මා සිතමි. ආෂූරා (දහ වැනි) දින උපවාසය උදාවන වසරෙහි පාපයන්ට ප්‍රති කර්මය බව මා සිතමි.˜ (විස්තර කරන්නේ: අබූ කතාදා (රලි), මූලාශ්‍රය: මුස්ලිම්).

සටහන: අරෆා දින: දුල්හජ් මස 9 වැනි දිනයි. ආෂූරා දින: මුහර්රම් මස 10 වැනි දිනයි. යහපත් ක්‍රියාවන් ප්‍රති කර්මය වන්නේ සුළු පාපයන්ට මිස මහත් පාපයන්ට නොවේ.

යුදෙව්වරුන්ට සමාන නොවිය යුතුයි:

—ඔබලා ආෂූරා (දහ වැනි) දින උපවාසයෙන් පසුවන්න, යුදෙව්වරුන්ට සමාන නොවීම සඳහා ඊට පෙර හෝ පසුව දිනක් උපවාසයෙන් පසුවන්න˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: ඉබ්නු අබ්බාස් (රලි), මූලාශ්‍රය: අහ්මද්).

—ආෂූරා (දහ වැනි) දින නබි (සල්) තුමන් උපවාසය ඉටු කළ අතර මිත්‍රවරුන්ට ද නියෝග කළහ. මෙය යුදෙව්වරු හා කිතුවරු උතුම් කොට සළකන දිනයක් නොවේද යනු ප්‍රශ්න කළ විට, අපි ඉදිරි අවුරුද්දේ ජීවතුන් අතර සිටියේ නම් නම වැනි දින ද උපවාසය ඉටු කරමු යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. නමුත් එම අවස්ථාව එළඹීමට පෙරම නබි (සල්) තුමන් අපවත්වූහ.˜ (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රලි), මූලාශ්‍රය: අහ්මද්).

ඉහත ප්‍රකාශයන් අනූව, මුහර්රම් මස 09 වැනි දින හා 10 වැනි දින උපවාසයන් ඉටු කළ යුතුයි. නැතහොත් 10 වැනි හා 11 වැනි දින උපවාසයන් ඉටු කළ යුතුයි. මෙය වෛකල්පිත උපවාසයන් වේ.

මුහර්රම් මස තුළ ආගම සඳහන් නොකළ වෙනත් කිසිදු කි්‍රයාවක නිරතවීම මුස්ලිමෙකුට සුදුසු නොවේ. ශුද්ධවූ අල්කුර්ආනයෙහි හා නබි (සල්) තුමන්ගේ නිවැරදි ප්‍රකාශයන් හි සම්මතයෙන් තොරවූ කිසිදු කි්‍රයාවක් ආගමෙහි නාමයෙන් කිරීම නොමග යවන බිද්ආ වේ. මෙයින් ඉතා විමසිලිමත් විය යුතුය.

නබි (සල්) තුමන් වරක් මෙසේ ප්‍රකාශ කළහ: —කව්රුන් අපගේ විෂයෙහි අප නියෝග නොකළ දෙයක් අළුතින් ඇති කර කරයිද එය ප්‍රතිෙක‍ෂ්ප කෙරේ˜ (විස්තර කරන්නේ: ආයිෂා (රලි) තුමිය, මූලාශ්‍රය: මුස්ලිම්).

මුස්ලිම් වරුන් අතර ගමින් ගමට ආගමේ නාමයෙන් වෙනස් වූ දේ සිදුවෙමින් පවතී. එයට කොහෙත්ම ආගමික පිළිගැනීමක් නොලැඛෙනු ඇත. නිසි සාධක පවතින විට පමණයි අල්ලාහ් ඉදිරියෙහි එය පිළිගනු ලබන්නේ නැතහොත් එය ප්‍රතිෙක‍ෂ්ප කරනු ලබන බව ඉහත සඳහන් ප්‍රකාශය තුළින් මොනවට පැහැදිළි වෙයි.




සකස් කිරීම: ඉබ්නු යූසුෆ්