Category Archives: ගෝලීය

මානව හිතවාදී ඉස්ලාමයෙන් බිහිවූ සදාචාරාත්මක සැලැස්ම

ඉස්ලාම් හී මානව හිත සුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. යථෝක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා නීත්‍යානුකූල රැකවරණය පමණක් නොව ඵලදායි සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාමය ඉදිරිපත් කරයි. මෙසේ පෞද්ගලික හා පොදු යහපත පිණිස සිදු කරන්නා වූ සියල්ලක්ම සදාචාරාත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් කෙරේ දක්වන භක්තියට අතිශය වැදගත්කමක් හිමිකර දෙන ඉස්ලාමය ගතානුගතිකත්වයට වහල්ව සිටීමේ ක්‍රියාවට එරෙහිව අනතුරු හඟවයි.

පෙරදිගට හෝ බටහිරට මුහුණ හැරවීම ශීලයක් නොවේ. ශීලය වන්නේ අල්ලාහ්, කියාමත් දවස (ලොව අවසන් දිනය) හා මලාධිකාවරු ආගම් හා නබිවරුන් කෙරේ විශ්වාසය පිහිටුවීම, අල්ලාහ් කෙරේ ස්නේහයෙන් ලේ ඥාතීන්, අනාථයින් දිළින්දන්, මගීන් හා යාචකයින් වෙනුවෙන් ස්වකීය වස්තුවෙන් විය පැහැදම් කිරීම, වහලුන් නිදහස් කරවීම, අදාළ වතාවත් කිරීම සකාත් ගෙවීම පොරොන්දු ඉටුකිරීම හා දුක් පීඩා හිදී ඉවසා සිටීම යනාදියයි. මෙවැන්නෝ සැදැහැවත්හු වෙති. මෙවැන්නෝ අල්ලාහ්ට බිය ගැත්තෝ වෙති.

(අල්කුරානය 2:177)

ඉස්ලාමයට අනුව මිනිසා විනයානුකූ®ල ධර්ම පිළිපැදිය යුතු අතරම අල්ලාහ්ට හා හුදී ජනතාවට සෙනෙහෙවන්ත වීමෙහිලා නිරතුරු සැළකිළිමත් විය යුතුය. මෙහිලා අවශ්‍යතා සතරක් ඉදිරිපත් කෙර්.

1. අපේ ඊමාන් භක්තිව අව්‍යාජ විය යුතුය. අවංක විය යුතුය.

2. සහෝදර ජනතාව වෙනුවෙන් දාන පරිත්‍යාග කළ යුතුය.

3. සමාජ සංවිධාන යනාදියට ඇප උපකාර කරමින් හොඳ පුරවැසියන් විය යුතුය.

4. සෑම විටකම සෑම මොහොතකම චිත්ත ස්ථාවරත්වය පවත්වා ගත යුතුය.

කිසියම් හැසිරීමක් කල් ක්‍රියාවක් යහපත් හෝ අයහපත් යැයි තීරණය කෙරෙන්නේ ඉහත කී කරුණු පදනම් කර ගනිමිනි. සෑම සදාචාරාත්මක පැවැත්මක්ම මෙකී විනිශ්චය ක්‍රමය වටා භ්‍රමණය වේ.

මිනිසකු කෙරෙහි සදාචාරාත්මක අණපනත් පැනවීමට පෙරාතුව ඔහුගේ සෑම කටයුත්තක් ක්‍රියාවක්ම මෙන්ම සෑම තැනකදීම සෑම මොහොතකදීම අල්ලාහ් ඔහු දෙස ඥෂ්ටිය හෙලමින් සිටින බව මුලු ලෝකයෙන්ම සැඟවුවත් අල්ලාහ්ගෙන් සැඟවිය නොහැකි බව අන් සියල්ල මුලාවට පත්කළත් අල්ලාහ් මුලා කිරීමට නොහැකි බව, කවරකුගේ ග්‍රහහණයෙන් මිදුනත් අල්ලාහ්ගේ ග්‍රහණයෙන් මිදිය නොහැකි බව යනාදිය මිනිසාගේ සිතෙහි තහවුරු කිරීමට ඉස්ලාමය වෙර දරයි.

මෙසේ අල්ලාහ්ගේ ප්‍රසාදයට ඉවහල් වූ දේ මිනිස් ජීවිතයක පරමාර්ථය විය යුතු බව නිර්ණය කොට සදාචාරාත්මක වශයෙන් වූ උසස් තත්ත්වය ද ඉස්ලාමය මගින් සලසා දෙනු ලැබේ. මානව සදාචාරාත්මක සංවර්ධයෙහි අසීමිත අගයන් ඇති කිරීමෙහිලා මෙය ඉවහල් වේ. දිව්‍යමය හෙළිකිරීම් (‘වහී) යනු ඥානයේ මූලහරය වශයෙන් සළකා මේ සදාචාරාත්මක තතත්ත්වයට නොසැලෙන ස්ථාවරත්වයක් ලබා දෙයි.

සාධාරණ හෝ හේතු සහගත ලෙස චර්යාවේ හැඩ ගැස්වීම් අභාසය කිරීම සහ වෙනස් කිරීම් කරගත හැක. එහෙත් හිතාමතා සිදු කරන වරදක් වශයෙන් බැරෑරුම් වෙනස් කිරීමක් හෝ සදාචාරව ලිහිල් කරවීමක් හෝ පවතින අඛණ්ඩ භාවය කඩකිරීමක් වශයෙන් එබඳු වෙනසක් කළ නොහැකිව අල්ලාහ් කෙරෙහි ඇල්ම සහ බිය හේතුවෙන් වූ සදාචාරයනට මේ මගින් අනුමැතිය ලැබේ. මේ නිසා බාහිර බලපෑමකින් තොරව මිනිසා සදාචාරය ඔස්සේ යවනු ලැබේ.

අල්ලාහ් සහ කියමන් දවස පිළිබඳව ඇදහිලි සහිතව ඉතා ඕනෑකමින් හා උනන්දුවත් අවංකව මෙන්ම හෘදයාංගමව සදාචාරාත්මක පැවැතුම් සකසා ගනු පිනිස මිනිසාට හැකියාවක් ඇතිවේ. මේ සදාචාර නීතිරීතින් හා ව්‍යාජ ස්වභාවයක් නැත. අමුතු ආටෝප ද නැත. සාමාන්‍ය සදාචාර පැවැතුම් වලින් ඈත් කිරීමක්ද නැත. හේතු විරහිත ලෙස හෝ අතිශයෝක්තියෙන් කිසියම් අංශුවක් හෝ අමතක කොට හැර දමානැත. ව්‍යවහාරයේ ඇති සියලුම සදාචාර විනයන් ගැන මෙහි සළකා ඇත.

ඒ ඒ තැන් හී එකිනෙකට උචිත ලෙස පිහිටුවා ජීවන සැලැස්මක් තුල සමස්ථයක් වශයෙන් සපුරා ක්‍රියාත්මක වන අන්දමින් සැකසී ඇත. මෙමගින් මිනිසාගේ පෞද්ගලික හා සාමුහික ජීවන අරමුණු පුළුල් කරවනු ලැබේ. මිනිසාගේ ගෘහස්ත හැසිරීම්, පෘථග්ජන පැවැතුම් මෙන්ම දේශපාලනික, ආර්ථික, අධිකරණ, අධ්‍යාපනික හා සමාජයීය කටයුතුවලදී පිළිපැදිය යුතු සදාචාරාත්මක විනය ධර්මයන් ඉස්ලාමයේ මෙලෙස විග්‍රහ කර තිබේ.

ඉස්ලාමීය සදාචාරයෙන් මිනිස් ජීවිතය, නිවසත් සමාජය දක්වාත් කෑම මේසයේ සිට යුද පිටිය හා සාම සම්මේලන දක්වාත් කෙටියෙන්ම කිවහොත් තොටිල්ලේ සිට සොහොන් බිම දක්වා සකස්විය යුතු ආකාරය ඉගැන්වේ. ඉස්ලාමීය සදාචාරය තුළින් කිසිදු අංශුවක් ගිලිහී නැත. කිසිදු ක්‍ෂේත්‍රයක් මගහැරී නැත. එය අවබෝධය ද පහසුය. එමගින් ජීවිතය උතුම් පරමාර්ථ සහිතව හැඩ ගස්වා ගත හැකිය. මෙහිලා ආත්මාර්ථකාමී හෝ පහත් ලාභාපේක්‍ෂාවෙන් ගෙවන ජීවිතයකට ඉඩක් ද නැත.

හෘද සාක්ෂියට එකඟ වූ ද්වි පෙවතක් සකසා ගැනීමත් කවර අවස්ථාවක් යටතේ වුවද වරදට යොමුවීමෙන් වැලකී සිටීමටත් මිනිසා පෙළඹවීම ඉස්ලාමීය සදාචාරයේ අරමුණ වේ.

ෆවුස් මොහොමඩ්

සහෝදරත්වයේ වර්ධනය සහ ‘හජ්’ උත්සවය

ලෝකයේ නන් දෙසින් මුස්ලිම්වරු සෑම වසරක්ම පාසාම මක්කාවේ එක්රැස්වීම “හජ්” සොයා යාම නමින් හැඳින්වේ. ඉස්ලාම්හි පස්වන අනිවාර්ය කටයුත්ත හජ් ඉටු කිරීම වේ. තම ජීවිත කාලයේ දී වරක් වත් මෙය ඉටු කළ යුතුයි. පහසුකම් හා ශරීර සනීපය ඇති සෑම ස්ත්‍රී පුරුෂයකුටම මෙය අනිවාර්ය යුතුකමක් වන්නේ ය. පහසුකම් හා ශරීර සෞඛ්‍ය තිබියදීත් “හජ්” වන්දනය ඉටු නොකරන්නත් යහුදියෙක් හෝ නසාරාවරයෙක් වශයෙන් මරණයට පත් වන්නේය යනුවෙන් මුහම්මද් නබි (සල්) තුමාණෝ පැවසූහ.


නබි ආදම් (අෙලෙ) තුමා මැවීමට පෙර මලාඉකාවරුන් කඞබාව ගොඩ නංවා “තවාෆ්” කළහ. නබිතුමා භූමියට බට පසු එය ප්‍රතිසංස්කරණය කර ඉටු කළේය. නබී ආදම් (අෙලෙ) තුමා පටන් සියලු නබිවරුන්, නොයෙකුත් සමාජයට අයත් වුවත් කඞබාව නරඹා හජ් ඉටු කළහ. ඉබ්‍රාහිම් (අෙලෙ) නබිතුමා හා එතුමාගේ පුත් ඉස්මායිල් (අෙලෙ) නබිතුමා යළිත් කඞබාව ඉදිකළේය. මෙය සිදුවූයේ අදට අවුරුදු දහස් ගණනාවකට පෙරය.

නොයෙකුත් දෙසින් පැමිණෙන මුස්ලිම් බැතිමතුන් අතර දුප්පතුන්, පොහොසතුන්, සේවකයන්, රාජ්‍ය පාලකයන්, ආගමික නායකයන්, උගතුන් හා නූගතුන් ආදී නොයෙකුත් අය අතරින් නානා භාෂා කතාකරන නානා වර්ණයෙන් යුත් තානා ජාතිහු එහි එක්රැස් වන්නෝය. දුප්පත්කම හා පොහොසත්කම වැනි භේදයෙන් තොරව සියල්ලෝම අල්ලාහ්ත අලාගේ වහලුන් වන බව පිළිගත්තෝය. යහපත් අන්දමට ඉටු කෙරෙන “හජ්” වන්දනාවට ස්වර්ගය හැර වෙන කිසිම වේතනයක් නැත යැයි මුහම්මද් (සල්) තුමාණෝ පැවසූහ.

එහි සුදු වස්ත්‍ර ඇඳ “හජ්” සඳහා “ඉහ්රාම්” බැද ගත්තෝය. ලෙබ්බෛක් ! අල්ලාහුම්ම ලෙබ්බෛක් !! ලා ෂාරික ලක ලෙබ්බෛක් !! එනම් මම පැමිණියෙමි මගේ් අල්ලාහ් මම පැමිණියෙමි ඔබ හා සමානවක් කිසිවෙක් නැත. අල්ලාහ් ඔබ වෙත මා පැමිණියෙමි යන එකම ශබ්දයෙන් සියලු දෙනා අල්ලාහ් තආලා අමතන්නෝ ! ඇඳුම් පැළඳුම් වලින් හෝ කුල, ගෝත්‍ර, වර්ණ වැනි කිසිම භේදයකින් තොරව සියල්ලෝම එක්රැස්ව එක මවකගේ උපන් දරුවන් මෙන් සහෝදරත්වයෙන් හා සමගි සමානත්වයෙන් “හජ්” ඉටුකරති.

“හජ්” ඉටුකරන්න ජලයේ කිලිට සෝදා හරින්නාක් මෙන් හජ්ජය පාපයන් සෝදා හරින්නේ යැයි නබි (සල්) තුමාණන් පැවසූහ. හජ් ඉටුකළ අය එදින උපන් බිළින්දන් මෙන් පව් නොකළ වුන් වන්නේය. ඔවුන්ගේ යාඥාවලින් පිළිගනු ලැබේ. හජ් වන්දනයට යන අයට නබි (සල්) තුමා තැන්පත් කොට ඇති සාමාධිය සියාරතුල්රවිලතුන් නබි දැක ගැනීම ස්තී‍්‍ර පුරුෂ දෙපක්ෂයටම හිමි වූ විශේෂ සුන්නතයක් වේ. වන්දනා කරුවෝ හජ් වලට පෙර හෝ පසු මදිනාවට ගොස් මෙම සමාධිය සියාරත් කර ගනිති.

මගේ සොහොන දැක ගන්නා අයට “ෂෆාත්” හිමි වේ යැයි මුහම්මද් නබි (සල්) තුමා පැවසූහ. තවද මගේ මරණයෙන් පසු හජ් වන්දනය නිම වී මාගේ සොහොන දැක ගැනීමට පැමිණෙන අය හා මා ජීවත්ව සිටියදී මා දැක ගැනීමට පැමිණෙන අය හා සමාන වේ. මෙවැනි උසස් තත්ත්වයන් ලැබෙන පුණ්‍ය භූමිය “හජ්” ඉටුකිරීමේ උතුම් භාග්‍යය අපටත් අල්ලාහ් සුබහානතආලා ලං කර දෙත්වා !

ආමින් !
රුසෙයික් ෆාරුක්

මහ පොළොවේ ඇති විශිෂ්ට ජලය වන zසම් zසම් ජලය

චීන යකඩ හස්තය තුල ඉස්ලාමිය සමුහාන්ඩුවක්

නබි වදන්::::::::

සදාචාරය පගා දමන රාජ්‍ය නොවන සංවිධාන

බටහිර රටවල් විසින් සොරාගත් විද්‍යා පුනරුදයේ සැබෑ උරුමක්‌කරුවා ඉස්‌ලාම් ලෝකයද…..?

වර්තමානයේදී ලෝකයේ පැවැත්ම ප්‍රධාන වශයෙන් තීරණය වී ඇත්තේ විද්‍යාව සහ තාක්‍ෂණයේ දියුණුව මතය. මෙම දියුණුව ලෝකයට දායාද කළේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව විද්‍යාඥයන් අතර පවතින්නේ කඹ ඇදීමකි. ඇතැම් විද්‍යාඥයන් මේ පුනරුදය යුරෝපයට අයත් බව පවසන අතර තවත් සමහර විද්‍යාඥයින් පවසන්නේ ඉස්‌ලාම් ධර්මය පැවති රටවලින් මේ පුනරුදය බිහි වූ බවයි.

යුරෝපා රටවලට විද්‍යා පුරනරුදය ගමන් කිරීමට සියවස්‌ ගණනාවකට පෙර ඉස්‌ලාම් රටවල විද්‍යා පුනරුදය ආරම්භ වූ බවට මේ වන විට බොහෝ සාක්‍ෂි සටහන් හමුවී ඇත. මේ අනුව අකමැත්තෙන් වුවද විද්‍යා හා තාක්‍ෂණයේ මුල් උරුමය ඉස්‌ලාම් රටවලට ලබාදීමට යුරෝපා විද්‍යාඥයන්ට සිදුව ඇත.

විද්‍යා පුනරුදයේ මුල් පුරුක්‌වල හිමිකාරවරු ඉස්‌ලාම් රටවලට අයිති බවත් පසුකාලීනව මුදලට යට වූ සංවර්ධන ක්‍රියාදාම හමුවේ සංවර්ධිත රටවල් යුරෝපා රටවල් කේන්ද්‍ර කර ගනිමින් නව විද්‍යා පුනරුදයක්‌ ආරම්භ කළ බවත් පවසන්නේ බ්‍රිතාන්‍යයේ සරේ සරසවියේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ ජීම් අල්කලීල් මේ වසරේදී ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද…….? නව කෘතිය මේ තේමාව කදිමට විවරණය කර දෙන්නකි.

ඉස්‌ලාම් රාජ්‍ය වල විද්‍යා පුනරුදය ඇති වූ අන්දමත් එය කෙමෙන් පරිහානියට පත් වූ අන්දමත් සම්බන්ධව අපූරු විවරණයක්‌ පසුගියදා නිව් සයන්ටිස්‌ට්‌ සඟරාව පළ කර තිබුණේ ජීම් අල්කලීල් සමග කළ සම්මුඛ සාකච්ඡාවක්‌ ඇසුරිණි. මේ ලිපිය සැකසෙන්නේ එහි අනුවාදයක්‌ ලෙසිනි. ඉස්‌ලාම් ලෝකය සම්බන්ධව අප නොදන්නා බොහෝ දේ මෙහිදී අනාවරණය වෙයි.

ඉරාකයේ උපත ලබා එහි හැදී වැඩෙන ජීම් අල්කලීන් ඉස්‌ලාම් විද්‍යා පුනරුදයේ ස්‌වර්ණමය යුගය සම්බන්ධව ප්‍රවීණයකු විය.

ඉස්‌ලාම් විද්‍යා පුනරුදයේ ස්‌වර්ණමය යුගය සම්බන්ධව බොහෝ බටහිර ජාතිකයන්ට කිසි අවබෝධයක්‌ නැත. ඒ සම්බන්ධව යමක්‌ පැවසුවහොත්?

ඔව්. ක්‍රි. ව. 8 හා 9 වන ශත වර්ෂයේ ආරම්භ වන විට අරාබි අධිරාජ්‍යය ඉතා ප්‍රබල තත්ත්වයක පැවතුණා. අවට රාජ්‍ය වලින් අය කරගත් බදු මුදල් ආදායම නිසා අධ්‍යාපන අංශයේ වැඩ වලට වියදම් කිරීමටත්, ශිෂ්‍යත්ව ප්‍රදානය ආදියටත් අවශ්‍ය තරම් මුදල් තිබුණා.

බැග්ඩෑග් නගරයේ ඉදිවුන නුවණේ නිකේතනය පුනරුදයේ කේන්ද්‍රස්‌ථානය වුණා. අල් මාමක්‌නම් කැලිප්ස්‌වරයා මේ නිකේතනය බිහි කිරීමට පුරෝගාමියා වුණා.

මුල් කාලයේ දී ග්‍රීක භාෂාවෙන් ලියවුණ පොත් පත් ආරාබි භාෂාවට පරිවර්තනය සිදු වූ අතර, මේ සමග ඉස්‌ලාම් ලෝකය තුළ බුද්ධි විප්ලවයක්‌ සිදු විය. ජාත්‍යන්තර විද්‍යා සාහිත්‍ය තුළ ප්‍රධාන භාෂාව බවට පත්වූයේ අරාබි භාෂාවය. අසල්වැසි පර්සියාවෙන්ද මේ කෙරෙහි බලපෑමක්‌ විය. මේ සම්බන්ධව අරාබි විද්වතෙකු පැවසූවේ, “අරාබියේ අපට අවශ්‍ය තරම් වචන තියෙනවා. ඒත් අදහස්‌ ගලා එන්නේ පර්සියාවෙන්” ලෙසිනි. ග්‍රීක විද්‍යාවෙන් අනුකරණයක්‌ සිදු කිරීම හැරෙන්නට අලුත් යමක්‌ සිදු කිරීමට ඉස්‌ලාම් ලෝකය අසමත් වූ බවට බටහිර රටවල මතයක්‌ පවතිනවා. මේ ගැන ඔබේ අදහස කුමක්‌ද?

ලෝකයට බොහෝ නව නිෂ්පාදන බිහි වුණේ අරාබි විද්‍යාඥයන්ගේ අදහසිනි. තවද විද්‍යාව පළමු වරට ලෝකයට දායාද කළේත් අරාබි විද්‍යාඥයන් විසිනි. විද්‍යාත්මක සිද්ධාන්ත වගේම පර්යේෂණ රාශියකුත් මේ අතර ප්‍රධාන වේ. එම් සියල්ල බටහිර රාජ්‍යයේ විද්‍යා පුනරුදය ඇති වීමට වසර සිය ගණනකට පෙර ඇති වූවකි.

අරාබි ලෝකය සතු වූ දියුණු විද්‍යා පුනරුදය සම්බන්ධව නිදසුන් ගෙනහැර දැක්‌විය හැකිද?

ඇත්තෙන්ම ඔව්, ඉස්‌ලාම් ගණිතඥයකු වූ අල් – ක්‌වරිශ්මි විසින් ගණිතයට ඇල්ජිබරා……….? යන වචනය හඳුන්වා දුන්නා. නැවත වරක්‌ පිහිටු වීම………….? යන්න තමයි ඒකෙ තේරුම. අල්ජිබරා ගණිත ක්‍රමයේ පියා ලෙස සැලකෙන්නේ ඔහු තමයි. ඒත් ඒක තවම විශ්වාස නැහැ. නොදන්නා දේ හඳුන්වා දීමට යන සංකල්පය හඳුන්වා දුන්නෙත් ඉස්‌ලාම් පුනරුදයෙන් තමයි.

ආලෝකයේ ගමන් මාර්ගය සරල රේඛීය ගමන් කරන බව අවබෝධ කර ගැනීමටත් පෙර සිටම ජ්‍යාමිතික ශිල්ප ක්‍රම ඉස්‌ලාම් ලෝකයේ භාවිත වුණා. ඉබ්ස්‌ – අල් සේතා විසින් ආලෝකයේ ගමන් මග පෙන්වීමට ජ්‍යාමිතිය භාවිත කර තිබෙනවා. මෙතරම් දියුණු ස්‌ථානයක පැවති ඉස්‌ලාම් විද්‍යාව මෙසේ පරිහානියට පත් වූයේ කෙසේද?

11 වන සියවස වන විට ඉස්‌ලාම් ලෝකය මිත්‍යා විශ්වාස තම පැරණි විද්‍යාත්මක ක්‍රමයන් අමතක කරමින් මායාවන් පසුපස ගමන් කරන්නට වුණා. ඔවුන් ප්‍රතිවිද්‍යාවාදීන් වුණා. 13 වන සියවස වනවිට මෝගල් අධිරාජ්‍යයේ නැගී සිටීම බැග්ඩෑඩය විනාශ කළා.

කෙසේ නමුත් වුණත් අරාබි ලෝකයේ බිඳ වැටීම වේගවත්ව සිදුවූවක්‌ නොවෙයි. පහළොස්‌වන සියවස දක්‌වාම අරාබි විද්‍යා පුනරුදයේ පැවැත්ම සිදු වුණා.

මේ තරම් දියුණු විද්‍යා පුනරුදයක්‌ ඉස්‌ලාම් ලෝකයේ පැවතියත් මේ සම්බන්ධව බටහිර ලෝකය අඩුවෙන් දැන සිටියේ ඇයි?

අරාබි ලෝකය බිඳ වැටෙමින් පවතින විට යුරෝපය පුරා මුදල් සංසරණය සීග්‍රයෙන් සිදුවුණා.

යුරෝපා ජාතීන්ද විද්‍යා පුනරුදය ආරම්භ කළේ පැරණි අරාබි සහ ග්‍රීක සාහිත්‍ය ආභාෂය ලබමින් අරාබි භාෂාවෙන් ලතින් භාෂාවට සියල්ල පරිවර්තනය කරගත්තා. තෝමස්‌ ඇක්‌වයිනාස්‌ සහ ෆැන්සිස්‌ බේකර් වැනි දාර්ශනිකයන් අරාබි ලෝකයේ පුනරුදයේ ආභාෂය ලැබූ විද්වතුන් ගණයට අයත්.

පසු කාලීනව යුරෝපා රටවල් ලොව පුරා තම ජනපද පිහිටුවන්නට වුණා. ආසියාව, මැද පෙරදිග රටවල් හා අප්‍රිකානු රටවල් යුරෝපා ජාතීන්ගේ ආභාෂය ලැබුවා. මේ රටවල් යටත් කර ගන්නා විට නොදියුණු ග්‍රෝත්‍රික ජනයාගෙන් පිරී පැවැති බව පවසන්න ඔවුන්ට ඕනෑ වුණා.

තම රටවලට මෙන් නොව ආසියානු හා අප්‍රිකානු රටවල නොදියුණු ජනාවාස පැවති බව පෙන්වීමට බටහිර ජාතීන්ට ඕන වුණා. මෙම රටවල් තම යුරෝපා රටවල් වලට වඩා දියුණු තාක්‍ෂණයක්‌ පැවති බව පිළිගැනීමට යුරෝපා රටවල් කැමති නැහැ. ඒ කුහකත්වය ඔවුන් තුළ තිබෙනවා.

බටහිර ලෝකයේ පීඩිත ඉස්‌ලාම් විද්‍යා පුනරුදය යටපත් කරගෙන තිබෙනවාද?

ඔව් යුරෝපා රටවල ඉස්‌ලාම් රටවල් කෙරෙහි දැඩි බියක්‌ පවතිනවා……………?

මුස්‌ලිම් ලෝකය තමන් සතු වූ දියුණු විද්‍යා පුනරුදය සම්බන්ධව ආඩම්බර වන්නේ නැහැ නේද?

ඔව් විද්‍යා දියුණුව සම්බන්ධව ඉස්‌ලාම් රටවල පවතින්නේ සෘණාත්මක ඥානයක්‌. කුරාණයේ නොමැති විද්‍යාවක්‌ සමග ජීවත්වීමට ඔවුන්ට අවශ්‍ය නැහැ. මීට වසර දහසකට පෙර ඉස්‌ලාම් ලෝකය පැවති දියුණුව සියල්ලටම අමතක වෙලා. මීට වසර දහසකට පෙර ඉස්‌ලාම් විද්‍යා පුනරුදය ඉතා ඉහළ ස්‌ථානයක පැවතුනා. විද්‍යාවේ පාලනය පැවතුනේ ඉස්‌ලාම් ලෝකය අතේ. පුනරුදය මුල් තත්ත්වයට යළි පත්වීමට උත්සාහ කරන්න ඕන. සෞදි අරාබියේ අබ්දුල්ලා රජු විද්‍යාව සහ තාක්‍ෂණය වෙනුවෙන් නව සරසවියක්‌ පසුගියදා විවෘත කළා නේද?

ඔව් මේ සරසවිය නූතන ඉස්‌ලාම් විද්‍යා පුනරුදයේ ප්‍රධාන සන්ධිස්‌ථානය වේ. දැනටමත් යුරෝපයේ ප්‍රධානම සරසවි රැසක්‌ම මේ සරසවිය සමග එකතු වීමට තරග කරනවා. වසර තුනක්‌ ඇතුළත සෞදි ඩොලර් බිලියන ගණනාවක මුදල් ආයෝජනයක්‌ ලෙස මෙය ක්‍රියාත්මක වෙනවා.

මේ සරසවිය මගින් නව විද්‍යා පර්යේෂණ සිදු කිරීමට අපේක්‍ෂිත අතර අලුත්ම අලුත් විද්‍යාගාර පර්යේෂණ යටතේ සිදු කිරීමට නියමිතය.

ඔබ විසින් සිදු කරන ක්‌වොන්ටම පර්යේෂණ සම්බන්ධව යමක්‌ පැවසිය හැකිද?

පරමාණුව න්‍යෂ්ටියට සම්බන්ධ භෞතික භාවිතය ගැන පර්යේෂණ සිදු කරනවා. ප්‍රොaට්‍රොaන සහ නියුට්‍රොaන න්‍යෂ්ටිය තුළ තදින් මතු වී පවතින බව අප විශ්වාස කළත් සමහර නියුට්‍රොaන න්‍යෂ්ටියට පිටතින් භ්‍රමණය වන බව මා සොයාගත්තා.

(අන්තර්ජාලය ඇසුරින්)
වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

ඇමේරිකානුවන්ගෙන් විඳිනා ශාරීරික, මානසික වේදනාවන්

අබූ කුරෙයිබ් සිපිරිගෙයි සිට…..

මාගේ පවුලටත්, අර්රමාදී අල්කාලිදියියා, අල්ෆල්ලූජා නගරයන්හි ජීවත්වන ගෞරවනීය සහෝදරවරුනි, මේ ලෝකයේ ජීවත්වන මුළුමහත් ගෞරවනීය ජනතාවනි, සෑම ජන කොටසකටම මම කරන කාරුණික ඉල්ලීමයි මේ.

ඔබ සැමට අල්ලාහ්ගේ ශාන්තිය සමාදානය උදාවේවා, අල්ලාහ් ඉතා ප්‍රශංසනීයයි.

—විශ්වාසවන්තයිනි, ඔබලා අල්ලාහ්ට උදව්කරොත් අල්ලාහ් ඔබලාට උදව්කරයි. තවද ඔබලාගේ පාදයන් ශක්තිමත් කරයි.˜ (ශ අල්කුර්ආනය 47: 7).



මෙම ඉල්ලීම ඔබට ප්‍රකාශකරන්නේ ඇමේරිකානුවන් විසින් අබුකුෙරෙබ් සිරගෙයි සිටින ඔබේම සහෝදරිය —නූර්ය˜

මම කොතැනින් ආරම්බ කරන්නද? මෙම සිපිරිගෙයි විඳින අනන්ත, අප්‍රමාණ කුරිරු, අමානුෂික ද~ුවම් මා කෙසේ විස්තර කරන්නද? එනමුදු එය විස්තර කරන්න වචන නැති තරම්ය. ඔබලා රසකර කර අනුභව කරන විට අපි කුසගින්නේ විඳින දුක පිළිබඳ කියන්නද? ඔබලා මිහිරි පැන් පානය කර පිපාසය සංසිඳුවා ගන්නා විට අපි, අපේ පිපාසය පිළිබඳ පවසන්නද? නැත්නම් ඔබලා අලංකාර ලෙස ඇඳ පැළඳගෙන ඉන්න විට අපි අපේ නිරුවත පිළිබඳ කියන්නද? නැත්නම් ඔබලා සැමදා සැප නින්දක පසුවන විට අපි නිදි වරන බව කියන්නද?

මා ආදරණීය සහෝදරවරුණි.

අපි ඇමේරිකානුවන්ගෙන් විඳිනා ශාරීරික, මානසික වේදනාවන් ඔබට කෙසේ විස්තර කරන්න්ද? තනියම විඳිනා මහත් දුකත්, ඔබලාගේ විශ්වාසයන්, අපගේ ගෞරවය ආරක‍ෂා කරගැනීමටත්, අපි ඉවසාගෙන සිටින මේ තිරිසනුන්ගේ වේදනාව ඔබට කියන්නද? මේ තිරිසනුන් අපේ ගෞරවය උදුරාගෙන හමාරය. අපට නැතිවූ ගෞරවය නැවත ලබාගන්න අපි යළි අලූතින් ඉපිදිය යුතුය.

කොහේද? අපේ ආගමික නායකයින් නිදිකිරා වැටෙමින් සිටීද? මදක් එසේ සිතන්නට මගේ සිත කියයි. නමුත් මා එසේ කියන්නට පැකිලෙමි. ඔබලා උතුම් පුරුෂයන් වූ නබි (සල්) තුමන්ගේ වදන් අමතක කළාද? සත්‍ය වශයෙන්ම අල්ලාහ් මේ පිළිබඳ ඔඛෙන් විමසනු අනිවාර්්‍යය.

මාගේ මේ දුක් ගැනවිලි අසා අපේ තත්ත්වය වටහාගන්න. අමානුෂික, කුරිරු අපරාධයන්ට විරුද්ධව ඔබලා පෙළ ගැසෙන්න. සහෝදර, සහෝදරියනි,අල්ලාහ්ට බියවී අඳුරේ සිදුවන මෙම අපරාධ එළිමහනට ගෙනියන්න. එක කුස උපන් සහෝදරියන් සේ අපව සිතන්න. අපි විඳිනා දුක් කරදර මදක් ඔබගේ මතකයට ආවර්ජනය කරන්න. තිරිසන් ඇමේරිකානුවන් මත් පැන් පානය කරමින් පැමිණ අපව දූෂණය කර, විනාශ කරන්නේය. කුරිරුකම දැක අප බියවී කෑගසන්නෙමු. එහෙත්, එය පාළු ගෙදර නගන විලාපයකි. අපගේ අඳෝනාවට සවන්දෙන්න සිටින්නේ පවුරු වලල්ලෙන් වටවූ සිරගෙයි තිරිසන්නු පමණි.

මගේ ලිපිය නිම කිරීමට පෙර අවසන් වශයෙන් කියන්නේ සහෝදර, සහෝදරියනි, අල්ලාහ්ට බියවන්න, අපගේ ගර්භාෂයේ අන්‍යන්ගේ දරු පැටව්වලින් පිරීපවති. නැවතත් මා ඔබලාගෙන් ඉල්ලන්නේ ආයුධ තිබේ නම් ප්‍රථමයෙන් මෙම සිරගෙය විනාශකරන්න අපත් සමග තිරිසන්නු ඇමේරිකානුවන්ව මරා දමන්න. මෙය මා ඔබලාගෙන් අල්ලාහ් වෙනුවෙන් ඉල්ලා සිටිමි.

සහෝදර, සහෝදරියනි, අබූකුෙරෙබ් සිරගෙයි සිදුවන අනන්ත, අප්‍රමාණ වද හිංසාවන්ට වගකිවයුත්තේ අපියි, මෙය සඳහා අපි කුමක් කළ යුතුද? එය අප ඉදිරියේ බැලිය යුතු සිතිය යුතු කරුණක් වූවද සැබවින්ම අපි එය බැලූවෙමුද? ඇසුවෙමුද?

අපි වරදක් කලාවත්ද,?




පරිවර්තනය: සිෆානා බින්ත් යූසුෆ්

විද්‍යාව කොපමණ දියුණු වූවද ලෞකීක ජීවිතයේ තෘප්තිය උදෙසා

නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නීතිය ඉදිරියේ සැවෝම සමයැයි, මිනිසා කොපමණ මොර දුන්නත් මිනිසා විසින් නිර්මාණය කරන්නාවූ ව්‍යවස්ථාව තුළ එම ව්‍යවස්ථාවේ නිර්මාතෘන් ආවරණය නොවීම නව ලොවේ සුලභ දර්ශනයකි. කිසියම් සිද්ධියකදී සාමාන්‍ය පුරවැසියාට නීතිය කි්‍රයාත්මක කළ හැකි වූවද, රටේ ප්‍රධානින් කෙරෙහි නීතියේ දැල එලීම එතරම් පහසු නොවේ. එහෙයින් නීතිය ඉදිරියේ මිනිසුන් සියල්ල සමාන යන්න, මිනිසාට වඩා උසස් ශක්තියක් එම නීතිය සම්පාදනය කළ යුතු නොවේද? මින් පෙනෙන්නේ මිනිසා තම දෑතින් නීති සම්පාදනය කිළිටි කිරීම තුළින් තම සහෝදර මිනිසාට කොතරම් අසාධාරණයක් සිදුකර ඇත්ද?

තවද ඉස්ලාම් මිනිසාව තම ජීවිතයට ඇති ලොල් බවින් මුදවාලන්නේ ය. තම ජීවත්වීමේ ආශාවම මිනිසා ඒකාධිපතියන් පැසිස්ටවාදීන් හමුවේ දණ නැමීමට හේතුව ලෙස දක්නා ඉස්ලාම් අයුක්තියට අසාධාරණයට එහෙරහිව දිවි හිමියෙන් සටන් කිරීමට මිනිස් සමාජයට උගන්වා දේ. එය වනාහි මිනිස් සංහතිය වෙනුවෙන් කරන්නාවූ උදාර පුණ්‍ය කර්මයක් ලෙස ද දෙසයි. මෙය වනාහි මානව සංහතියට ඉස්ලාම් දුන් උසස් දායදයකි.

ඉස්ලාම් මිනිසාව ඔහුගේ පහත් හා මිලේච්ඡ හැඟීම් වලින් මුදවාලන්නේය. මිනිසා කොම්පියුටර් හෝ ඩිජිටල් යුගය දක්වා කොතරම් බාහිරව දියුණු වූවද, මිනිසාගේ සැබෑ සංවර්ධනය වනාහි තම තිරිසන් හැඟීම් තමා පාලනය තබා ගන්නේද? නැත්නම් ඊට වහල් වී තම සිතැඟි පරිදි කි්‍රයා කරන්නේ ද? යන්න තීරණය කිරීම මත වේ. ඔහු තවදුරටත් තම පහත් ආවේගයන්ට වහලෙකු වී සිටින්නේ නම් එහි අර්ථය මිනිසා දියුණු වී නොමැත යන්නයි. බාහිර වශයෙන් මිනිසා අඟහරු තරණය කළද එය එතරම් සැළකිය යුතු දෙයක් නොවේ. මෙය වනාහී ඉතිහාසගත සත්‍යයකි. ලෞකීක ජීවිතයේ තෘප්තිය උදෙසා පමණක්ම කි්‍රයා කළ කුමන සමාජයක් හෝ මේ ලොවේ බලය, අධිකාරය, ගෞරවය රැකගෙන මිනිස් සමාජයේ උන්නතියට හවුල් වී නොමැති බව පෙනීයයි. ගෞරවනීය ලෙස ජීවත් වූ ග්‍රීක අධිරාජ්‍යයට වූ ඉරණම කුමක්ද? රෝම රාජධානියේ වැටීමට හේතුව, පර්සියානු අධිරාජ්‍යයාගේ වැටීමට හේතුව ඉතිහාසයේ යම් අවස්ථාවක ශරත්වය විදහා දක්වනු ලැබූ ප්‍රංශ අධිරාජ්‍යයා තම කාම සුඛළ්ලිකානු ජීවන රටාව හේතුවෙන් දෙවන ලෝක මහා යුද්ධයේදී, සතුරා වෙත එක පහරින් යටත් වූයේ නැද්ද? වීරත්වයේ ගෞරවයෙන් පිදුම් ලද ජනතාවක් සතුරා ගෙන් තම රට බේරා ගැනීම වෙනුවට තම සරාගී දහනේ කේන්ද්‍රස්ථානය වූ පැරිසිය බේරා ගැනීමට කි්‍රයා කළේ නැද්ද?

ඇමෙරිකාවද, මීට දෙවැනි නොවේ. විද්‍යාව කොපමණ දියුණු වූවද, ඒ මගින් මිනිසාගේ ස්වාභාවික හැඟීම් වෙනස් කළ නොහැකිය. විද්‍යාව වනාහී අල්ලාහ්ගේ නීතියෙහි අල්ප මාත්‍ර වූ කොටසකි. ඇමෙරිකාවේ විශාල භූමි භාගයක් හා බාහිර දියුණුවක් ලබා තිබුණද සදාචාරත්මක ලෙස කාන්තාරයක් බවට පත්ව තිඛෙන්නේය. වර්ණ වාදය, මෙහි කලූ ජාතික ජනතාවට කරන්නාවූ තාඩන පීඩන, තවද එහි මිලෙච්ඡ හැඟීම් වල උල්පත මත්ද්‍රව්‍ය ඒ ආශ්‍රිත අනාචාරය මේ නිසා ඒඩ්ස් රෝගයේ ව්‍යාප්තිය.

නව ලෝක රටාවක් හඳුන්වාදෙන ඇමෙරිකාවේ වර්ණ වාදය කොතරම් දුරට මුල් බැසගෙන තිබේදැයි විටින් විට ඇති වන්නාවූ වර්ණවාදී කෝලාහලවලින් දිස්වේ. තවමත් ඇමෙරිකානුවන් වහලූන් ලෙස කළු ජාතීන්ව සැලකීම මොවුන්ගේ පහත් සිත නොවේද? තව දුරටත් ඇමෙරිකානු නීතිඥයින් පවසන්නේ කුමක්ද යත්?

—කළු ජාතිකයින් ඇමෙරිකාවේ සම්පත්ය, ඔවුනට මිනිස් අයිතිවාසිකම් ලැබේද යන්න සැලකීම අපේ කාර්යය නොවේ.˜

මේ වූ ආකාරයට ඇමෙරිකාවේ පමණක් නොවේ. ඔස්ටේ්‍රලියාවේ සිට බටහිර යුරෝපයේ සිට ආසියානු මහද්වීපය දක්වා වර්ණයේ, ජාතියේ, ලිංග භේදයේ නාමයෙන් (ඉස්ලාම්හි කාන්තා විමුක්තිය පිළිබඳ වෙනම ග්‍රන්ථයක් සකස් වේ.) 21 වන සියවසදීත් මිනිස් සමාජය තුළ පුහු සීමාවන් පනවාගෙන ඇණ කොටා ගැනීම කොතරම් අඥාණ කි්‍රයාවක් ද?

මිනිසාව මිනිසා පහත් කොට සැලකීම ආරම්භවන්නේ කොතැනින් ද?

මා උසස්ය: නුඹ පහත්ය: මා පාලකයාය: නුඹ පාලිතයාය: මා මේ ජාතිකයාය: නුඹ අර ජාතිකයාය: මා සුදු ජාතිකයාය: නුඹ කලූ ජාතිකයාය: යන වෙනස්කම් හා ඒ යටතේ නැගෙන්නා වූ උසස් හැඟීම් තමා වැනි මිනිසුන්ව පහත් කොට සැලකීමට, අගෞරව කිරීමට පොළඹවන්නේය.

මෙවන් ආකාරයට මානව සංහතිය ඛෙදා වෙන් කරන්නාවූ පුහු ප්‍රලාපයන් තුරන් කිරීමට කරුණාවෙන්, සහෝදරත්වයෙන් වෙලීමට ගතයුතු පියවර කුමක්ද?

මේ සඳහා මිනිසාගේ චින්තනයේ හා ආකල්පවල වෙනසක් සිදුවිය හැක. මිනිසුන් සියල්ලන්ම අල්ලාහ් විසින් මවා ඇත. ඔහුගේ දෘෂ්ටියට සියල්ලන් සමානය, මුළු මානව සංහතියම එකම පුරුෂ, ස්ත්‍රී, මූලයේ සිටම නිර්මාණය කළේය. ජාතිය, දේශය, වර්ණය, භාෂාව යන්න උස් පහත් බව මැනීමේ ඒකක නොවේ. මේ වෙනස් කම් සියල්ල එකිනෙකා හඳුනා ගැනීමේ ආධාරක මිස, අඩ දබර කර ගැනීමේ සාධක නොවේ…. විනය ගරුත්වය, සදාචාරය, භය භක්තිය ඇති අය අල්ලාහ් වෙත උසස් වන්නේය. ඔවුන් තම සෑම කි්‍රයාවක් කෙරෙහිම අල්ලාහ් වෙත වගකිව යුතුය.

මෙවන් චින්තනයන් කිසියම් මිනිසෙකු සිතේ තැන්පත් වූ විට ඔහු අන් මිනිසුන් කෙරෙහි පහත් හා නින්දිත ආකාරයට නොබලයි. ස්වභාවයෙන් අන් මිනිසුන් කෙරෙහි කරුණාව, දයාව දක්වයි.

නව සියවසේ ජාති, දේශ, වර්ණ වැනි සීමාවන්ගෙන් තොරව ජාත්‍යන්තර මුස්ලිම් ප්‍රජාව සහෝදර බැම්මෙන් එක්කර ඇත්තේ මේ ආකළ්පයයි. මේ චින්තයන මානව සමාජය පිළිගැනීමට හා කි්‍රයාත්ම කිරීමට ඉස්ලාම් අවශ්‍ය නොවේද?

මුහම්මද් නබි (සල්) තුමාණෝ පැවසූහ: —ආරාබි ජාතිකයින්, ආරාබි නොවන්නන්ට වඩා ද, කළු ජාතිකයින් සුදු ජාතිකයින්ට වඩා ද සුදු ජාතිකයින් කළු ජාතිකයින්ට වඩා ද උසස් නොවේ. අල්ලාහ් වෙත උසස් පුද්ගලයා භක්තිය ඇති පුද්ගලයා වේ.˜

ලෞකීක ජීවිතයේ බාහිර ඔපය පමණක් පිම්බීමට තම සියලූ සම්පත් කැටි කොට එල්ල කර ඇත්තාවූ ලෝක බලවතා නව සියවසේ දී මුළු මානව සංහතියටම හිසරදයක් වීම පමණක් නොව තමාගේ ගෞරවය, බලය අධිකාරයෙන් ද දුරස් වීම, දක්නට ලැබේ.

මේ සියල්ල තම ලොවේ ඇති වේදනා සහගත සිද්ධීන්ය. මෙයින් මානව සංහතිය මුදවා ගැනීමට ඉස්ලාම් අත්‍යවශ්‍ය නොවේද?



කතෘ: යූසුෆ් නියාස්


ක්‍රිස්තියානීන් හා මුස්ලිම්වරුන්

කිතු බැතිමතා : පසුගිය අවුරුදු දහය තුළ ක්‍රිස්තියානීන් හා මුස්ලිම්වරුන් අතර ඔවුනොවුන්ගේ ඇදහීම් පිළිබඳව නොයෙකුත් සංවාදයන් පැවතී ඇත. මීට හේතුව කුමක්ද?

මුස්ලිම්වරයා: අපගේ දෙපාර්ශවයට ම පොදුවූ කරුණු රාශියක් තිබීම මීට හේතු වන බව මම සිතිමි. මෙලොවට වක්තෘවරුන් බොහෝ දෙනෙක් එවූ එකම මැවුම්කාරයා කෙරෙහි අපි විශ්වාසය තබන්නෙමු : යේසුස් වහන්සේ ආශිර්වාද ලත් මෙසායා ( messiah )ලෙසත් දෙවියන්ගේ වචනයක් ලෙසත් විශ්වාසය තබන්නෙමු. එහෙත්, යුදෙව්වන් මෙම කරුණු විශ්වාසය නොකරති.

අල් කුර්ආනය මෙසේ පවසයි:

මලාඉකාවරු පැවසූහ: මර්යම් නියත වශයෙන්ම අල්ලාහ් තමන්ගෙන් වූ වචනයකින් ඔබට (පුතෙක් ලැබීමට ඇති බව) ශුභාරංචියක් පවසයි. ඔහුගේ නම මසීහ්, මර්යම්ගේ පුතා ඊසා යනුවේ. ඔහු මෙලොවෙහි ද එලොවෙහි ද ගෞරවයෙන් යුතු වූ ද, (දෙවියන් ඉතා) සමීපවුවන්ගෙන් කෙනෙක්ව ද සිටි.

මුස්ලිම්වරුන් හා ක්‍රිස්තියානීන් අතර යුරෝපය, කැනඩාව, ඇමරිකාව හා ඔස්ටේ්‍රලියාව ආදි රටවල සාකච්ජා පවත්වා ඇත. වැටිකන් නුවර (ක්‍රිස්තියානි) ශාස්ත්‍රයින් හා ඊජිප්තුෙවි මුස්ලිම් විශාරදයින් 1970 දී රෝමයේදීත් 1974 හා 1978 දී (ඊජිප්තුවේ අගනුවරය වූ) කයිරෝවෙහිදීත් සාකච්ජා පැවැත්වූහ. එමෙන් ම වැටිකන් නුවර ශාස්ත්‍රයින් සවුදි අරාබියාව් මුස්ලිම් ව්ශාරදයින් සමග 1974 දී රෝමයේ සාකච්ජා කළහ. (ශී්‍ර ලංකාවේ අගනුවර වූ) කොළඹ ද නොයෙකුත් සංවාද පැවැත් වූ අතර, ඉස්ලාමීය ඇදහිම් ව්ස්තර කරනමෙන් මුස්ලිම්වරුන් විටින්විට කි්‍රස්තියානි දේවස්ථාන වෙත කැඳවනු ලැබූහ.

කි. බැ: කි්‍රස්තියානි ආගම වර්ෂ 2000 ක් පමණ පැරණි ය..ඉස්ලාමය වර්ෂ 1400 කින් පමන පැරණිය. එසේ නම් දැන් පවත්වන මෙම සංවාදයෙන් ශත වර්ෂ ගනනාවකට පෙර නොපැවැත්වූයේ ඇයි දැයි කිව හැකිද ?

මුස්: මුස්ලිම්වරුන් අධික ලෙස වෙසෙන ආසියානික හා අප්‍රිකානු රටවල් ගණනාවක් පසුගිය ශත වර්ෂ තුන හතරක් ම බි්‍රතාන්‍ය, ප්‍රංශය, ඕලන්දය, ඛෙල්ජියම. ස්පාඤඤය පෘතුගීසිය වැනි රටවල්වලට යටත්ව තිබුණි. එම අවස්ථාවේ ක්‍රිස්තියානි මිෂනාරි වලට අයත් බොහෝ ආක්‍රමිකයන් නොයෙකුත් උපක්‍රම යොදමින්ද, දුගී දුප්පත් මුස්ලිම්වරුන්ට වෛද්‍ය ප්‍රතිකාර, ඇඳුම්, ආහාර පානාදිය, රැකියා වැනි දේ සපයා උදව් උපකාර කිරීමෙන්ද තම ආගමට හරවා ගැනීමට දැඩිලෙස උත්සහ කළහ. නමුත් මුස්ලිම්වරුන්ගෙන් ඉතා ටිකදෙනෙකි ඔවුන්ගේ ආගමට හැරුනේ. සමහරු ක්‍රිස්තියානි ආගමෙන් තමන්ට ශිෂ්ඨාචාරය සහ අද්‍යාපනික දියුණුව ලැබුණු බවට වැරදි මතයක් ඇති කරගෙන එම ආගම කරා ගියහ. ඇත්ත වශයෙන් යුරෝපයේ දේවස්ථානය (ක්‍රිස්තියානි මහා සභාව) හා වෙන වෙනම ක්‍රියාකාරීවන අන්දමින් වෙන් කිරීමෙන් පසුවය, ඔවුන් අදහස් කරන මෙම දියුණුව ලැබුවේ.

දෙවෙනි ලෝක සංග්‍රාමයෙන් පසු, ආසියාතික හා අප්‍රිකානු රටවල්හි විසූ මුස්ලිම්වරුන් බොහෝ දෙනෙක් බටහිරට ගොස් පදිංචි වූහ මොවුනතර කම්කරුවන් හා වෘතිය රැකියාවන් කරන අය බොහෝ දෙනෙක් සිටියහ. මෙම පදිංචි වීම මුස්ලිම්වරුන් ක්‍රිස්තියානි ජනතාව සමග ඉතාම සමීප වූ සම්බන්ධතාවයන් ඇතිකර ගැනීමට හේතු විය. මේ අතර මුස්ලිම් ශිෂ්්‍ය ශ්ෂ්්‍යාවන්ගෙන් විශාල පිරිසක් ද බටහිර ඉස්ලාමය හඳුන්වා දීමෙ හි දැඩි උනන්දුවෙන් ක්‍රයාකරන්නට වූහ.

කි. බැ: මෙකල, මෙවැනි සංවාදය අධික ලෙස පැවැත්වීමට වෙනත් හේතු තිබේද ?

මුස්: මෙම දෙපාර්ශ්වය ම තම තමන්ගේ ආගම්වලට අන් අය හරවා ගැනීමේ තරඟකාරිත්වයෙන් යුතුව ක්‍රියා කළ මුත්, ඉස්ලාමය ප්‍රත්‍යක්ෂව බැලීමට කිතු බැතිමතුන් වැඩි වැඩියෙන් උනන්දු වූ නිසාත්, එකිනෙකා අන් මතයන්ට විරුද්ධව ක්‍රියා නොකරන තත්වයක් උදාවූ නිසාත් මොවුනතර පවතින පරතරය කි්‍රමානුකූලව අඩු වී ගෙන එන බවයි මම අදහස් කරන්නේ. —මුහම්මද් රැවටිලිකාරයෙක්˜ කාර්්‍යක්ෂම නොවූ තැනැත්තෙක් —මී මැස්මොර රෝගියෙක්,˜ යනුවෙන් ක්‍රිස්තියානි ගුරුවරයෙක් නිතර නිතර කී බව මට තවමත් මතකයි. දැන් මෙලෙස ඉස්ලාමයට නින්දා අපහාස කරන ලේඛකයින් ඇත්තේ සුළු කොටසක් බව ඔබට වැටහෙයි.

මුස්ලිම් වරුන් වන අපි, යුදෙව්වන්ට මිත්‍යා දෘෂ්ටිකයන්ට ද වඩා කිතු බැතිමතුන්, අපට ළංවූවන් බව නිසැකව අපි විශ්වාසය තබා ඇත්තෙමු.

අල් කුර්ආනය මෙසේ පවසයි.නියත වශයෙන්ම යුදෙව්වන් හා මිත්‍යා දෘෂ්ඨිකයින් මුඃමින්වරුන්ට (ඉස්ලාමය අදහන්නන්ට) දැඩි ලෙස වෛර කරන්නන් ලෙස (නබිතුමානනි) ඔබ දකින්නේය. නියත වශයෙන් ම අපි ක්‍රිස්තියානීන් වෙමු,යි පවසන්නන් මුස්ලිම්වරුන්ට ස්නේහයෙන් ඉතා සමීපවුවන් ලෙස (නබිතුමානනි) ඔබ දකින්නේය.මන්දයත් ,ඔවුනතර භක්තිමත් උගතුන් ද තාපස වරුන් ද සිටිති. තවද, ඔවුහු අහංකාර වන්නේ ද නැත.

ඉතිහාසයේ පළමු වරට ,ඉස්මායෙල්ගේ පුත්‍රයා වූ කේදාර්ගේ මාර්ගයෙන් ඉස්මායෙල්ගෙ පරම්පරාවේ පැවත එන කෙනෙකු ලෙස මුහම්මද් (සල්)තුමා පිළිගන්නා තරම්, සමහර කි්‍රස්තියානි ආගමික කොටස් අති ව්ශාල ලෙස දියුණු වී ඇත.

ඇමරිකාවේ පිහිටි ප්රෙස්බිටේරියන් (Presbyterian)දේවස්ථාන කි්‍රස්තියානි අධ්‍යාපන මණ්ඩලයේ අනුග්‍රහයෙන් වර්ෂ 1980 දී ප්‍රකාශනය කරනු ලැබූ ඩේවිස් බයිබල් ශබ්ධ කෝෂයේ (the davis dictionary of the Bible) හි කේදාර් යනු ඉස්මායේල්ගේ පරම්පරාවේ ඇති වූ ගෝත්‍රයක්ය. කේදාර්ගේ ජනයින් ලෙස හඳුන්වනු ලැබුවන් (ඉෂ්මායේල්ගේ පුත්‍රයා වූ) කේදාර්ගේ පරම්පරාවේන් පැවත එන්නෝය. අවසානයේ දී මුහම්මද් ඉපදුනේද ඔවුන්ගේ මෙම ගෝත්‍රයේය. සමස්ත ලෝක බයිබල් ව්ශ්ව කෝෂය[the international standard Bible Encyelopedia] ඒ.එම් ෆූල්ටන් [A.S. Fulton] පැවසූ බව මෙසේ සඳහන් කරයි.

ඉෂ්මායේල්ගේ ගෝත්‍රයන් අතර කේදාර්ගේ ගෝත්‍රය ඉතා වැදගත් එකක් ව්ය යුතුයි. එහෙයින්, පසු කලෙක මෙම නව කාන්තාරයේ තිබුණු සෑම ගෝත්‍රයකට ම යෙදුනි.කේදාර් නම් වූ මෙම ගෝත්‍රය වෙතින් ඉෂ්මායේල්ගේ පරම්පරාවේ කෙනෙකු ලෙස පසු කලෙක මුහම්මද් උපත ලැබූ බව වංශ පරම්පරා ගැලිම්වරු ඔප්පු කරති.

ස්ම්ත්ගේ බයිබලය ශබ්ද කෝෂය මෙසේ සඳහන් කරයි. ඉෂ්මායේල්ගේ දෙවෙනි පුත්‍රයා කේදාර්ය .මෙම කේදාර්ගේ ගෝත්‍රයෙන් පැවත ආ ඉතාමත් කීර්තිමත් කුෙරෙෂ් කුලයෙ හි මුහම්මද් උපත ලැබීය. මෙනයින් එතුමා ආබ්‍රහම්ගේ පරම්පරාවේ කෙනෙකු වූ හ. හිජාස් හි විසූ අරාබින් බනී හබ්රු (රණ ශුරයෝ) නමින් අමතනු ලැබූහ. තව ද ඔවුහු, ආරම්භ කාලයේ සිටම ඉෂ්මායේල්වරුන්( ඉෂ්මායේල්ගේ පරම්පරාවේ අය) ලෙස හඳුන්වනු ලැබූහ.

පැල්ග්‍රේව් [palgra]මෙසේ පවසයි, —ඔවුන්ගේ (හිජාස්හි විසූ අරාබීන්ගේ) භාෂාව කුර්ආනය ලියන (අනාවරණය කරන) ලද (ක්‍රි. ව 610- එදා මෙන් වර්ෂ 1200 ටත් පසුව අදත්, කිසිදු වෙනසක් නොමැතිව පවිත්‍රව තිබීම පෙරදිග සමාජ ආයතනයේ ස්ථීරත්වය හා කල් පැවැතීම ඔප්පු කිරීමේ කදිම නිදසුනකි.

බටහර ලොවට පදිංචියට ගිය මුස්ලිම්වරුන් බටහිර ජනතාවට දී ඇති ඉතාම වටිනා සම්පත ඔවුන්ගේ මිනිස් සම්පත හෝ ශ්‍රම ශක්තිය හෝ නොවෙයි, එය කුමක් ද යත්, අද බටහිරයේ මුල් බසිමින් ඇති ඉස්ලාමයයි. බටහිරයේ ඇති සෑම රටකම මුස්ලිම් පල්ලි(මස්ජිද්)හා ඉස්ලාමීය සංව්ධාන බොහෝ ගණනක් ඇත. බටහිරයින් ඉතා අධික ලෙස ඉස්ලාමය වෙත ආපසු පැමිණීම, දෛනික සිද්ධියකි. මෙහි —ආගම වෙනස් කරගනියි˜ යැයි නොකියා, —තමාගේ ආගමට ආපසු එතී˜ යැයි මම සඳහන් කිරීම ඔබට ප්‍රහේලිකාවක් වනු ඇත. නියත වශයෙන්ම සෑම කෙනෙක් ම උපත ලබන්නේ අල්ලාහ්ට අවනත වීමෙහි ය. එනම් ඉස්ලාම් හි ය. සෑම දරුවෙකුගේම ස්වභාව්ක උපත සිදුවන්නේ මෙලෙස ය. නමුත් ඔවුන්ව යුදෙව් ආගමට හෝ කි්‍රස්තියානි ආගමට හෝ වෙනත් ආගමකට, නැතිනම් නාස්තික වාදීන් බවට වෙනස් කරන්නේ ඔවුන්ගේ දෙමාපියන්ය. නැතහොත් ඔවුහු වෙසෙන සමාජය ය.

අද බටහිර රටවල්හි ඉස්ලාමය වේගයෙන් ව්‍යාප්ත වීගෙන ඇත. මෙම ව්‍යාප්ත වීම කඩුවෙන් (ආයුධයෙන්, බලහත්කාරයෙන්) නොව, මුස්ලිම්වරුන් තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් කරගෙන යන ප්‍රචාරයන්ගෙන් සිදුවන බව නොරහසකි. කි්‍රස්තියානි මිෂනාරි නම් වූ විශේෂ සංවිධානයන් අප අතර නැත.

වර්ෂ 1934 සිට 1984 දක්වා ලෝක ජනගහනය 136 % කින් වැඩි වී ඇත. මෙම කාලය තුළ කි්‍රස්තියානි ආගම 47% කින් වර්ධනය වී ඇත. ඉස්ලාමය කි්‍රස්තියානි ආගමට වඩා පස් ගුණයක් අධිකව එනම් 235% කින් වර්ධනය වී ඇත. මෙම සංඛ්‍යා ලේඛන තම 50 වෙනි සංවත්සරය නිමිත්තෙන් —ද ප්ලේන් ටෘත්˜ [the plain truth] නම් වූ කි්‍රස්තියානි මාසික සඟරාව, 1984 පෙබරවාරි මස නිකුත් කළ ව්ශේෂ කලාපයෙහි සඳහන් කොට ඇත. එම සඟරාව මෙම ව්ස්තර උපුටා ගෙන ඇත්තේ ,”world almanac and book of facts 1935ග සහ .. Reader`s Digest almanac and year –book 1983 ග පොත්පතෙන්ය.

කි. බැ: යුදෙව් ආගම කි්‍රස්තියානි ආගම, ඉස්ලාමය යනාදී ආගම් තුනම එකම දෙවියන් විසින් දෙනු ලැබුවේ නම් ඒවා එකකට එකක් වෙනස් වී ඇත්තේ ඇයි?

මුස්: ආදම්(අෙලෙ) පටන් මුහම්මද් (සල්) තුමා දක්වා සියලූම වක්තෘවරුන් මුළු මානව සංහතියම අල්ලාහ්ට සම්පූර්ණයෙන් අවනත විය යුතුයි. යන එකම පනිවිඩය ඇතිවය මෙලොවට එවනු ලැබුවේ. මෙම අවනත වීම අරාබි භාෂාවෙන් ඉස්ලාම් යනු කියනු ලැබේ. —ඉස්ලාම්˜ යන වචනයට ශාන්තිය නම් වූ පදාර්ථයක් ඇත. එයින් සඳහන් වන්නේ මැවුම්කරුවා (අල්ලාහ්) ටත් මවනු ලැබූ ජීවීන්ටත් අතර පවතින ශාන්තිය වේ. යුදෙව් ආගමට හා කි්‍රස්තියානි ආගමට කවරෙකු විසින් කුමනාකාරයකින් එම නම තබනු ලැබුවේද, ඒ ආකාරයෙන් කවරෙකු විසින් හෝ ඉස්ලාමයට —ඉස්ලාම්˜ යන නම තබනු නොලැබුවේ ය. ඉස්ලාමයට මෙම අර්ථවත් නම තැබුවේ එය පිරිනැමූ අල්ලාහ් ය. මේ පිළිඹඳව අල්ලාහ් කුර්ආනයේ මෙසේ පවසයි.

—අද දින ඔබ වෙනුවෙන් ඔබගේ ආගම මම සම්පූර්ණ කළෙමි, ඔබ වෙත මගේ අනුග්‍රහය ද සම්පූර්ණ කළෙමි, තවද ඉස්ලාමය (යහපත්) ආගමක් වශයෙන් ඔබ සඳහා තෝරාගෙන ඇත්තෙමි.˜ (අල් කුර්ආන්5-3

යුදෙව් ආගම, කි්‍රස්තියානි ආගම යනා දී නම් බයිබලයේ පමණක් නොව බයිබල් ශබ්ද කෝෂයෙහි ද දක්නට නැත. ඊස්රාඉල්වරුන් වෙත එවනු ලැබූ කිසිම වකතෘවරයෙක් ඔවුන් සතු කාර්යභාරය ඉටුකරන කල්හි යුදෙව් ආගම යන නම භාවිතා නොකළහ. —මෙම පොළොව මත කි්‍රස්තියානි ආගම පිහිටුවමි˜ යැයි යේසුස් වහන්සේ නොපැවසූ හ. —කි්‍රස්තියානි˜ යන වචනය බයිබලයේ අලූත් ගිවිසුමෙහි තෙවරක් සඳහන් වී ඇත. යේසුස් වහන්සේ මෙලොවෙන් ගොස් බොහෝ කලකට පසු, එනම් ක්‍රි. ව 43 පමණ පළමුව මිත්‍යා දෘෂ්ඨිකයින් ද දෙවනු – යුදෙව්වන් ද අන්තියෝක් යන ස්ථානයෙහි දී කි්‍රස්තියානි යන වචනය කීහ.

බයිබලයේ අළුත් ගිවිසුම මේ ගැන සඳහන් කරයි.

—ගෝලයෝ කි්‍රස්තියානිකාරයෝයයි පළමුකොට කියනු ලැබුවේ අන්තියෝකියේදී ය.˜(අළුත් ගිවිසුම:11-26

පසුව දෙවෙනි රජු මෙසේ පැවසූ බව බයිබලයේ සඳහන් වෙයි.

—එවිට අග්‍රිපා කථා කොට, වැඩි පෙළඹීමක් නැතුවම නුඹ මා කි්‍රස්තියානිකාරයෙක් කරන්ට සිතනවායයි පාවුල් ට කීවේ ය.˜(අළුත් ගිවිසුම:26-28

මෙලෙස —කි්‍රස්තියානි˜ යන නම පළමුව පතුරුවන ලද්දේ යේසුස් වහන්සේගේ දේව ගැති මණ්ඩලයේම සිටි සතුරන් විසින් මිස මිතුරන් විසින් නොවන බව පැහැදිළිය. අනතුරුව, පේත්‍රැස් විසින් ද කි්‍රස්තියානි යන නමට විස්වාසය දක්වන ලදී.

මේ ගැන බයිබලය මෙසේ සඳහන් කරයි.

—නමුත්, යමෙක් කි්‍රස්තියානිකාරයෙකු මෙන් දුක්විඳී නම් ඔහු ලැජ්ජා නොවී ඒ නාමය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරත්වා˜ (අළුත් ගිවිසුම:1 පේත්‍රැස් 4-16

මෙම පොළොව මත මුස්ලිම් වරයෙක් ලෙස අමතනූ ලැබූ පළමු මිනිසා මුහම්මද් (සල්) තුමා නොවෙයි, අල්ලාහ්ට අංග සම්පූර්ණව අවනතවූ ආබ්‍රහම් තුමා වෙයි. එපමනක් නොව, ආබ්‍රහම්ට පෙර පැමිණී වක්තෘවරුන් වූ ආදම් සහ නෝවා යනාදින්ටද ඉස්ලාමය ජීවන සැලැස්මක් ලෙස අනාවරණය කොට තිබුණි. එවකට පටන් මුළු මිනිස් සංහතියටම අදාළ ජීවන සැලැස්මක් ලෙස ඉස්ලාමය බැබැළෙයි.