Category Archives: දේශපාලන

චීන යකඩ හස්තය තුල ඉස්ලාමිය සමුහාන්ඩුවක්

සදාචාරය පගා දමන රාජ්‍ය නොවන සංවිධාන

ආගමික අවබෝධය- ඉස්ලාමය සහ සමාජය

විද්‍යාව කොපමණ දියුණු වූවද ලෞකීක ජීවිතයේ තෘප්තිය උදෙසා

නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නීතිය ඉදිරියේ සැවෝම සමයැයි, මිනිසා කොපමණ මොර දුන්නත් මිනිසා විසින් නිර්මාණය කරන්නාවූ ව්‍යවස්ථාව තුළ එම ව්‍යවස්ථාවේ නිර්මාතෘන් ආවරණය නොවීම නව ලොවේ සුලභ දර්ශනයකි. කිසියම් සිද්ධියකදී සාමාන්‍ය පුරවැසියාට නීතිය කි්‍රයාත්මක කළ හැකි වූවද, රටේ ප්‍රධානින් කෙරෙහි නීතියේ දැල එලීම එතරම් පහසු නොවේ. එහෙයින් නීතිය ඉදිරියේ මිනිසුන් සියල්ල සමාන යන්න, මිනිසාට වඩා උසස් ශක්තියක් එම නීතිය සම්පාදනය කළ යුතු නොවේද? මින් පෙනෙන්නේ මිනිසා තම දෑතින් නීති සම්පාදනය කිළිටි කිරීම තුළින් තම සහෝදර මිනිසාට කොතරම් අසාධාරණයක් සිදුකර ඇත්ද?

තවද ඉස්ලාම් මිනිසාව තම ජීවිතයට ඇති ලොල් බවින් මුදවාලන්නේ ය. තම ජීවත්වීමේ ආශාවම මිනිසා ඒකාධිපතියන් පැසිස්ටවාදීන් හමුවේ දණ නැමීමට හේතුව ලෙස දක්නා ඉස්ලාම් අයුක්තියට අසාධාරණයට එහෙරහිව දිවි හිමියෙන් සටන් කිරීමට මිනිස් සමාජයට උගන්වා දේ. එය වනාහි මිනිස් සංහතිය වෙනුවෙන් කරන්නාවූ උදාර පුණ්‍ය කර්මයක් ලෙස ද දෙසයි. මෙය වනාහි මානව සංහතියට ඉස්ලාම් දුන් උසස් දායදයකි.

ඉස්ලාම් මිනිසාව ඔහුගේ පහත් හා මිලේච්ඡ හැඟීම් වලින් මුදවාලන්නේය. මිනිසා කොම්පියුටර් හෝ ඩිජිටල් යුගය දක්වා කොතරම් බාහිරව දියුණු වූවද, මිනිසාගේ සැබෑ සංවර්ධනය වනාහි තම තිරිසන් හැඟීම් තමා පාලනය තබා ගන්නේද? නැත්නම් ඊට වහල් වී තම සිතැඟි පරිදි කි්‍රයා කරන්නේ ද? යන්න තීරණය කිරීම මත වේ. ඔහු තවදුරටත් තම පහත් ආවේගයන්ට වහලෙකු වී සිටින්නේ නම් එහි අර්ථය මිනිසා දියුණු වී නොමැත යන්නයි. බාහිර වශයෙන් මිනිසා අඟහරු තරණය කළද එය එතරම් සැළකිය යුතු දෙයක් නොවේ. මෙය වනාහී ඉතිහාසගත සත්‍යයකි. ලෞකීක ජීවිතයේ තෘප්තිය උදෙසා පමණක්ම කි්‍රයා කළ කුමන සමාජයක් හෝ මේ ලොවේ බලය, අධිකාරය, ගෞරවය රැකගෙන මිනිස් සමාජයේ උන්නතියට හවුල් වී නොමැති බව පෙනීයයි. ගෞරවනීය ලෙස ජීවත් වූ ග්‍රීක අධිරාජ්‍යයට වූ ඉරණම කුමක්ද? රෝම රාජධානියේ වැටීමට හේතුව, පර්සියානු අධිරාජ්‍යයාගේ වැටීමට හේතුව ඉතිහාසයේ යම් අවස්ථාවක ශරත්වය විදහා දක්වනු ලැබූ ප්‍රංශ අධිරාජ්‍යයා තම කාම සුඛළ්ලිකානු ජීවන රටාව හේතුවෙන් දෙවන ලෝක මහා යුද්ධයේදී, සතුරා වෙත එක පහරින් යටත් වූයේ නැද්ද? වීරත්වයේ ගෞරවයෙන් පිදුම් ලද ජනතාවක් සතුරා ගෙන් තම රට බේරා ගැනීම වෙනුවට තම සරාගී දහනේ කේන්ද්‍රස්ථානය වූ පැරිසිය බේරා ගැනීමට කි්‍රයා කළේ නැද්ද?

ඇමෙරිකාවද, මීට දෙවැනි නොවේ. විද්‍යාව කොපමණ දියුණු වූවද, ඒ මගින් මිනිසාගේ ස්වාභාවික හැඟීම් වෙනස් කළ නොහැකිය. විද්‍යාව වනාහී අල්ලාහ්ගේ නීතියෙහි අල්ප මාත්‍ර වූ කොටසකි. ඇමෙරිකාවේ විශාල භූමි භාගයක් හා බාහිර දියුණුවක් ලබා තිබුණද සදාචාරත්මක ලෙස කාන්තාරයක් බවට පත්ව තිඛෙන්නේය. වර්ණ වාදය, මෙහි කලූ ජාතික ජනතාවට කරන්නාවූ තාඩන පීඩන, තවද එහි මිලෙච්ඡ හැඟීම් වල උල්පත මත්ද්‍රව්‍ය ඒ ආශ්‍රිත අනාචාරය මේ නිසා ඒඩ්ස් රෝගයේ ව්‍යාප්තිය.

නව ලෝක රටාවක් හඳුන්වාදෙන ඇමෙරිකාවේ වර්ණ වාදය කොතරම් දුරට මුල් බැසගෙන තිබේදැයි විටින් විට ඇති වන්නාවූ වර්ණවාදී කෝලාහලවලින් දිස්වේ. තවමත් ඇමෙරිකානුවන් වහලූන් ලෙස කළු ජාතීන්ව සැලකීම මොවුන්ගේ පහත් සිත නොවේද? තව දුරටත් ඇමෙරිකානු නීතිඥයින් පවසන්නේ කුමක්ද යත්?

—කළු ජාතිකයින් ඇමෙරිකාවේ සම්පත්ය, ඔවුනට මිනිස් අයිතිවාසිකම් ලැබේද යන්න සැලකීම අපේ කාර්යය නොවේ.˜

මේ වූ ආකාරයට ඇමෙරිකාවේ පමණක් නොවේ. ඔස්ටේ්‍රලියාවේ සිට බටහිර යුරෝපයේ සිට ආසියානු මහද්වීපය දක්වා වර්ණයේ, ජාතියේ, ලිංග භේදයේ නාමයෙන් (ඉස්ලාම්හි කාන්තා විමුක්තිය පිළිබඳ වෙනම ග්‍රන්ථයක් සකස් වේ.) 21 වන සියවසදීත් මිනිස් සමාජය තුළ පුහු සීමාවන් පනවාගෙන ඇණ කොටා ගැනීම කොතරම් අඥාණ කි්‍රයාවක් ද?

මිනිසාව මිනිසා පහත් කොට සැලකීම ආරම්භවන්නේ කොතැනින් ද?

මා උසස්ය: නුඹ පහත්ය: මා පාලකයාය: නුඹ පාලිතයාය: මා මේ ජාතිකයාය: නුඹ අර ජාතිකයාය: මා සුදු ජාතිකයාය: නුඹ කලූ ජාතිකයාය: යන වෙනස්කම් හා ඒ යටතේ නැගෙන්නා වූ උසස් හැඟීම් තමා වැනි මිනිසුන්ව පහත් කොට සැලකීමට, අගෞරව කිරීමට පොළඹවන්නේය.

මෙවන් ආකාරයට මානව සංහතිය ඛෙදා වෙන් කරන්නාවූ පුහු ප්‍රලාපයන් තුරන් කිරීමට කරුණාවෙන්, සහෝදරත්වයෙන් වෙලීමට ගතයුතු පියවර කුමක්ද?

මේ සඳහා මිනිසාගේ චින්තනයේ හා ආකල්පවල වෙනසක් සිදුවිය හැක. මිනිසුන් සියල්ලන්ම අල්ලාහ් විසින් මවා ඇත. ඔහුගේ දෘෂ්ටියට සියල්ලන් සමානය, මුළු මානව සංහතියම එකම පුරුෂ, ස්ත්‍රී, මූලයේ සිටම නිර්මාණය කළේය. ජාතිය, දේශය, වර්ණය, භාෂාව යන්න උස් පහත් බව මැනීමේ ඒකක නොවේ. මේ වෙනස් කම් සියල්ල එකිනෙකා හඳුනා ගැනීමේ ආධාරක මිස, අඩ දබර කර ගැනීමේ සාධක නොවේ…. විනය ගරුත්වය, සදාචාරය, භය භක්තිය ඇති අය අල්ලාහ් වෙත උසස් වන්නේය. ඔවුන් තම සෑම කි්‍රයාවක් කෙරෙහිම අල්ලාහ් වෙත වගකිව යුතුය.

මෙවන් චින්තනයන් කිසියම් මිනිසෙකු සිතේ තැන්පත් වූ විට ඔහු අන් මිනිසුන් කෙරෙහි පහත් හා නින්දිත ආකාරයට නොබලයි. ස්වභාවයෙන් අන් මිනිසුන් කෙරෙහි කරුණාව, දයාව දක්වයි.

නව සියවසේ ජාති, දේශ, වර්ණ වැනි සීමාවන්ගෙන් තොරව ජාත්‍යන්තර මුස්ලිම් ප්‍රජාව සහෝදර බැම්මෙන් එක්කර ඇත්තේ මේ ආකළ්පයයි. මේ චින්තයන මානව සමාජය පිළිගැනීමට හා කි්‍රයාත්ම කිරීමට ඉස්ලාම් අවශ්‍ය නොවේද?

මුහම්මද් නබි (සල්) තුමාණෝ පැවසූහ: —ආරාබි ජාතිකයින්, ආරාබි නොවන්නන්ට වඩා ද, කළු ජාතිකයින් සුදු ජාතිකයින්ට වඩා ද සුදු ජාතිකයින් කළු ජාතිකයින්ට වඩා ද උසස් නොවේ. අල්ලාහ් වෙත උසස් පුද්ගලයා භක්තිය ඇති පුද්ගලයා වේ.˜

ලෞකීක ජීවිතයේ බාහිර ඔපය පමණක් පිම්බීමට තම සියලූ සම්පත් කැටි කොට එල්ල කර ඇත්තාවූ ලෝක බලවතා නව සියවසේ දී මුළු මානව සංහතියටම හිසරදයක් වීම පමණක් නොව තමාගේ ගෞරවය, බලය අධිකාරයෙන් ද දුරස් වීම, දක්නට ලැබේ.

මේ සියල්ල තම ලොවේ ඇති වේදනා සහගත සිද්ධීන්ය. මෙයින් මානව සංහතිය මුදවා ගැනීමට ඉස්ලාම් අත්‍යවශ්‍ය නොවේද?



කතෘ: යූසුෆ් නියාස්


කාන්තා අයිතිවාසිකම්- දේශපාලනය

ඉස්ලාම් දහම කාන්තාවන්ගේ නිදහස සීමාකර තිබේ. ඔවුන්ට නිදහසේ සැරිසරන්න ඉඩක් නැත. ඉස්ලාම් යනු අයුක්ති සහගත ආගමක් යැයි ප්‍රකාශ කරන සමහර කාන්තා නිදහස් සටන්කාමීන්, ගැහැණු පිරිමි දෙපාර්ශවයටම දේශපාලන වශයෙන්ද සම තැන ලබා දිය යුතු යැයි හඩ නඟති. දේශපාලනයේ ප්‍රවර්ධනය ගැන සිතන මොවුන් කාන්තාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි අසුභවාදී පැත්ත ගැන කල්පනා කර නැත.

Women featured in Britain's first Muslim Women Power List

ඉස්ලාම් දහම කාන්තාවන්ගේ ශක්තියට හා හැකියාවන්ට අනුකූලව අවශ්‍ය සෑම නිදහසක් මෙන්ම අයිතීන්ද ලබාදී ඇත. ඔවුන්ට ඉසිලිය හැකි ප්‍රමාණයට වැඩි බරක් ඔවුන් මත පටවා නැත.

දේශපාලනය ගැහැණුන්ගේ ස්වභාවයට (ශක්තියට) ඔරොත්තු නොදෙන දෙයකි. රටක් පාලනය කිරීම නිවසක් පාලනය කිරීමක් මෙන් නොවේ. රටක නායකත්වයක් දැරීමේදී පාලකයා රටේ මුළු මහත් ප්‍රජාවගේම ඕනෑ එපා කම්, දුක සැප හා ජීවිතයේ නිතර ඇතිවන ගැටළු ආදිය දැන ගැනීමටත් ඒවාට අවශ්‍ය විසදුම් ලබාදීමටත් හැකිවිය යුතු අතර නීතිරීති මගින් ප්‍රජාව යහ මගට යොමු කිරීමේ වගකීමද ඔහු සතුය.

නීතිය ශක්තිමත් විය යුතුය. නීතිය ශක්තිමත් වීමට නම් එය ක්‍රියාත්මක කරන්නා තුල කායික හා මානසික ශක්තියක් තිබිය යුතුය. ඒ ශක්තිය ඇති තැනැත්තා කිසිවෙකුට පක්ෂපාතී නොවිය යුතුය. එහෙත් කාන්තාවන් තුල මේ ශක්තිය තිබේද?

අද කාන්තාවන්ට අවශ්‍ය ආරක්ෂාව ලැඛෙන්නේ නැත. අතවරවලට ලක්වෙති. අපහාසයට උපහාසයට භාජනය වෙති. පැහැරගෙන යාමට ලක් වෙති. එපමණක් නොව ඔවුන් වෙළඳ භාණ්ඩයක් බවට පත්වී සිටිති. මේ සියල්ල අද දිනපතා සෑම තැනකම සිදුවෙමින් පවතින සාමාන්‍ය සිද්ධීන් බවට පත්වී ඇත. මේ ආකාරයට තම පතිවතට හා ජීවිතයට වගකිව නොහැකිව අසරණවී සිටින කාන්තාවන්ට රටක් සුරකින්න පුළුවන්ද?

රට වැසියන් තම ආරක්ෂාව පතා ආරක්ෂක අංශ වෙත යන්නේය. එහෙත් එම ආරක්ෂක අංශවල සේවය කරන කාන්තාවන් තම උසස් නිලධාරීන්ගෙන් ආරක්ෂාවීම සදහා යා යුත්තේ කා ළඟටද? මෙසේ තම ආරක්ෂාව (ආත්මාරක්ෂාව) සලසා ගත නොහැකි කාන්තාව රට ආරක්ෂා කරනුයේ කෙසේද? කුමන ආකාරයෙන් බැලූවත් කාන්තාවක් පිරිමියකුගේ උදව්වක් ඇතුව ජීවත් විය යුතුවන්නේය. මෙය කාන්තාවගේ ස්වභාවයේම පවතින දුබලතාවයකි. ගැහැණුන්ට වඩා පිරිමින් ශක්තිමත්ය. තනිවම යමක් කිරීමේ කායික හා මානසික ශක්තියක් මෙන්්ම ඉදිරිපත් වීමේ හැකියාවක්ද ඇත.

මෙයට අමතරව කාන්තාවන්ගේ ශාරීරික ස්වභාවය ගැනද සලකා බැලිය යුතුය. ගැහැණියක් ගැබ්ගත් විට ප්‍රමාණය ඉක්මවූ ශාරීරික හා මානසික වෙහෙස කුසේ දරුවාට මෙන්ම මවගේ සෞඛ්‍යට හා ජීවිතයට පවා අනතුරු දායකය. පාලකයින් ලෙස කැපවීමට සූදානම් අය මුළු කාලයම ඒ සදහා යෙදවිය යුතු වන්නේය.

සතියක් තුල පැය 40 ක් (දිනකට පැය 6 බැගින්) මනස යොදවන වැඩවල යෙදීම නිසා අඩුකාලීන දරු උපත් සියයට 40 දක්වා වැඩිවිය හැකි බවත් ගැබ්ගත් කාන්තාවන් තම සේවා කාලය අඩුකර ගැනීම හෝ වැඩට යාම සම්පූර්ණයෙන්ම (ගර්භනී කාලය තුල) නතර කළ යුතු බව ඉතාලියේ පෙරුගියා ව්ශ්ව විද්‍යාලයේ කරන ලද පරීක්ෂණ වාර්තාවකින් හෙළිවෙයි.

තමා වැදූ බිළිඳා ළදරු වයස පුරා අවුරුදු දෙකක් කිරි දී දැනුමෙන් ශක්තියෙන් හා කුසලතා අතින් පෝෂනය කර දක්ෂ හා සදාචාර සම්පන්න පුරවැසියකු වශයෙන් රටට දායාදකර දීම මවකගේ පරම යුතුකම වන්නේය. අද ළදරුවන්ට කිරිදීම සදහා මව්වරුන්ට අවශ්‍ය තරම් නිවාඩු නොලැබේ. සේවා ස්ථානයෙන් ප්‍රසූත නිවාඩු ලැඛෙන්නේ ඉතා අඩුවෙන්ය. බොහෝ විට මාස 4 ක් හෝ 6ක් ප්‍රසූත නිවාඩු වශයෙන් ලබා දෙනු ඇත. ඉන් පසු දරුවාට කිරිබීම නවතා දමා සේවයට යන්නීය. මෙය සේවා ස්ථානයක වැඩ කරන කාන්තාවකගේ තත්ත්වයයි.

දේශපාලනය කරන කාන්තාවන්ට නිවාඩු දෙන්නේ කවුද? තත්ත්වය තව දුරටත් මෙසේ පැවතුනොත් දරුවාගේ දැනුම, කුසලතා හා විනය යන ඒවා ප්‍රශ්නාර්ථයක් වන්නේය. ජාතියේ යහපතට කැමති කාන්තාවන් මේ කරුණු ගැන අවධානය යොමු කළ යුතුය. දෙවියන් අණ කළ මේ කාර්යයන්හි හොදින් නියැලී ජාතියේ දියුණුව සදහා වෙහෙසිය යුතුය.

සමතැන ලබා ගැනීම සදහා සටන් කරන කාන්තා සංවිධාන වෙත ඉහත සදහන් කරුණු ඉදිරිපත් කළ විට ඔවුන් ඊට වෙනස්වූ අදහසක් ඉදිරිපත් කරති. ගැහැණියගේ නිදහස ඇගේ ස්වාමිපුරුෂයා විසින් පැහැර ගත නොහැක. ගැහිණියක් මවක් වීමත් එයින් වැළකී සිටීමත් පිළිබඳ තීරණයක් ගැනීමේ නිදහස ඇය සතු විය යුතු යැයි ප්‍රකාශ කරති. මවකගේ මහිමය ලෝකයාට අවබෝධ කර දෙන ඔවුන්ම එය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඉල්ලා හඩ නැගීම වේදනා ගෙන දෙන කරුණකි.

මානව වර්ගයා සදහා තමන් විසින් ඉටු කරන උතුම් සේවාවන් ගැන සිතා නොබැලීම නිසා මෙවැනි අදහස් කාන්තාවන් විසින් ප්‍රකාශ කෙරෙයි. අද ඔවුන් ප්‍රකාශ කරන ආකාරයේ කාන්තාවන් එදාත් සිටියා නම්, අද මේ ලෝකය ලබා ඇති සමෘද්ධිය, සංවර්ධනය අපට දකින්න ලැබේද?

මෙතෙක් ලොව පාලනය කළ – අදත් පාලනය කරමින් සිටින කාන්තා රාජ්‍ය නායිකාවන් පිළිබඳව මොහොතක් සිතා බැලිය යුතුය. එම නායිකාවන්ගෙන් කිසිවෙක් රටේ ඇතිවන කිසිම ආරවුලක් සදහා ස්වෙච්ඡාවෙන් තීරණයක් (විසඳුමක්) ගෙන නැත. කිසිම තැනකට ඔවුන්ට හදිසියේ පැමිණිමට නොහැක. නමින් පමණක් ඔවුන් අතේ පාලනය තිබුනත් පරිපාලනය පවත්වාගෙන යනු ලබන්නේ පිරිමි පක්ෂයේ අදහස් හා යෝජනා මතය.

කාන්තාව වනාහි මිලකළ නොහැකි සම්පතක්වූ ගොවි බිමක් බඳුය එහි පිරිමින් බෝග වගා කරති. ඒ සුන්දරවූ ගොවිබිම විසින් එම බීජ පැළ කරවා එම සශ්‍රීක වගාවන්ගේ අස්වැන්න ලොවට ලබා දෙයි. මෙලොව විද්‍යාඥයින් තාක්ෂණ ඉන්ජිනේරුවන්, දක්ෂ පාලකයින් බිහිකිරීම සදහා තම ලේ කිරි කර පොවා ජාතියට ලබා දුන්නේ එම උදාර මාතාවන්ය. මේ ලෝකය මෙතෙක් දුටු තවදුරටත් දකින්නට ලැඛෙන සියලූ ආශ්චර්යයන්ට හා දියුණුවේ ප්‍රධාන කොටස්කාරියන් වන්නේ කාන්තාවන්ය.

කාන්තාවන්ගේ හැකියාවන් හා ස්වභාවය අනුව ඔවුන්ගේ වැදගත්කම අගය කරන ඉස්ලාමය ඔවුන්ගේ හැකියාවන්ට අදාලව උසස් තත්ත්වයක් ලබාදී ඇත. කාන්තාවන් වූ කලී සදා ආරක්ෂාකර ගරුකළ යුත්තකි. ඔවුන් දේශපාලනයට යොමුවීමෙන් අධික බරක් පටවා ගෙන වැඩි වගකීම්වලින් සිත්තැවුලට පත් වීමෙන් වළකා සතුටින් ජීවත් වීම සදහා කාන්තාවන් දේශපාලන නායකත්වයට පත් නොවන ලෙස කියා තිඛෙයි.

පර්සියාවේ ජනතාව තම රුජින වශයෙන් ඉස්රාගේ දියණිය තෝරාගත් බව දැනගත් නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණෝ

—පාලන බලතල ගැහැණියක් අතට පවරාදෙන ජනතාව කිසිදිනක ජය නොලබන්නෝයැ˜යි ප්‍රකාශ කළහ. (වාර්තාකරු: අබූබක්කර් (රළියල්ලාහු අන්හු) මූලාශ්‍රය: බුහාරි, තිර්මිදි, අහ්මද්).

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මෙම අවවාදයෙන් පැහැදිලි වන්නේ එතුමා කාන්තාවන් කෙරෙහි දැක්වූ සැළකිල්ලයි. එයිනුත් අද දකින්න ලැඛෙන ප්‍රජාතන්ත්‍රවාදය නමින් කෙරෙන නාඩගම් හේතුවෙන් දේශපාලනයට සම්බන්ධ කාන්තාවන් දෙස බලන විට ඇතිවන්නේ සතුටක් වෙනුවට කනගාටුවකි. කාන්තාවන්ගේ ජන්දය බලාපොරොත්තුවන දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති මධ්‍යස්ථ මතධාරි උගතුන් බොහෝ දෙනෙක්, කාන්තාවන්ට දේශපාලනයේ ඉඩදීම ප්‍රිය කරන බවක් නොපෙනේ.

ඉස්ලාමය කාන්තාවන් දේශපාලනය නායකත්වය ගෙන කටයුතු කිරීමට සහයෝගය නොදැක්වූවත්, ඔවුන් පාලනයේ ඇති ගුණදොස් විවේචනය කිරීම, අවශ්‍ය යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම හා විරෝධතාව දැක්වීම යනාදිය ඉස්ලාමය තහනම් නොකරයි. මෙයට අවශ්‍ය සාක්ෂි ඉතිහාස පෙරලා බලන කෙනකුට දැනගත හැක.

මක්කා ජයග්‍රහනයට පෙර උම්රා (හජ වන්දනා කාලය නොවන වෙනත් කාලවල මක්කමට ගොස් වතාවත්වල යෙදීම) සදහා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හා සහාබාවරුන් සියලූ දෙනා මදීනාව සිට මක්කාව බලා යන අතරමග මක්කාවට ඇතල්වී වතාවත් කිරීමට බාධා පැමිණි නිසා ආපසු මදීනාව බලා යාමට අකමැත්තෙන් නබි තුමා කළ ඉල්ලීම පවා නොසලකා සිටි අවස්ථාවේ උම්මු සල්මා තුමියගේ උපදෙස් පිළිගෙන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පළමුවෙන් තම කෙස් කපා සත්ව පරිත්‍යාගය ඉටු කිරීම දුටු සහබාවරු එතුමාව අනුගමනය කරමින් උම්රා වන්දනාවේ අවසන් ක්‍රියාවන් ඉටුකර ආපසු යාමට සූදානම් වූහ. එම මව් තුමියගේ ස්ථානෝචිත ප්‍රඥාව (තැනට ඔබින නුවන) නිසා එතැන උදාවී තිබුන නොසන්සුන්තාව මඟ හැරී මදීනාවාසීන් හා මක්කාවාසීන් අතර ඇවිලෙන්න ගිය යුධ වාතාවරණයද සාමකාමි අතට හැරුණු බව ඉතිහාසය මගින් දැනගන්නෙමු.

—විශ්වාසවන්ත පිරිම්න්ද විශ්වාස වනත් කාන්තාවන්ද එකිනෙකාගේ සහායකයන්ය. ඔවූහු යහපත් දෙය කිරීමට පොළඹවති. නරක දෙයින් වළක්වාලති˜ යන අල්-කුර්ආන් 9:71 වැකිය.

සාමාන්‍ය වැසියන් අතරේ පමණක් නොව රජ පුටුවල වාඩිවී සිටින අයගෙන් පවා ප්‍රශ්න කිරීමේ අයිතිය කාන්තාවන්ට හිමි බව අල්-කුර්ආනය කියයි. මේ හැර නායකත්වයෙන් තොරව, ප්‍රශ්න කරන්නන් ලෙස හෝ විරුද්ධ පාක්ෂිකයින් ලෙස තම ස්ත්‍රී ස්වභාවයට ඔරොත්තු දෙන අයුරින් දේශපාලනයේ කොටස් කාරියන්වීම ඉස්ලාමය අනුමත කරන්නේය.

අනෙකුත් සැබැදි….

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්- සාක්ෂි දීම

කාන්තා අයිතිවාසිකම්-උපදෙස් (අනුශාසනා)

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-කථා කිරීමේ අයිතිය

ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමිව තිඛෙන අයිතීන් හා වරප්‍රසාධයන්

ඉස්ලාම් කාන්තාවට ලබා දී ඇති අයිතීන් -කෙතරම් දුරට කාන්තා අයිතීන් ආරක‍ෂා කර ඇත්තේද?

දික්කසාදය හා ඉස්ලාම් නීතිය

කාන්තා නිදහස වෙනුවෙන් හඩ නැගු ඇය ඉස්ලාම් දහම ප්‍රචාරය කරන උතුම් කාන්තාවක් වූයේ කෙසේද?

හිජාබ් -ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද?

වෙනත්….

most powerful Muslim woman

most powerful Muslim women in Britain

ඉස්ලාම් ආගමේ දේශපාලනමය, ආර්ථීකමය, සමාජයීය ක්‍රමය

ඉස්ලාම් ආගමේ දේශපාලනමය, ආර්ථීකමය, සමාජයීය ක්‍රමය ගැන විස්තර වශයෙන් සාකච්ඡා කිරීමට මෙම පරිච්ඡේදයේ ඇති ඉඩ ප්‍රමාණය ඉතා සීමිතය. අපරදිග උගතුන් විසින් ඉස්ලාම් ආගමට විරුද්ධව පතුරුවා හරින ලද වැරදි මතයක් ගැන මතු පළ වන ග්‍රන්ථ වල කරන අතර තුර ම, ඉහත සඳහන් කරුණු ගැන ද සවිස්තරව සාකච්ඡා කිරීමට හැකි වන බැවින් ඒ පිළිබඳ සෑහෙන අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. පහත සඳහන් කරුණු අපගේ පාඨකයන් ඉදිරියේ තැබීමට කැමැත්තෙමු.

පළමුකොට, ඉස්ලාම් ආගම හුදු විඥානවාදී, දර්ශනයක් නොවන බව අවබෝධ කරගත යුතුය. අනෙක් අතින්, එය මිනිස් වර්ගයාගේ නියම අවශ්‍යතා සම්පූර්ණයෙන් ආශ්වාදය කරමින් ඒවා හඳුනා ගැනීමට උත්සාහ කරන ප්‍රායෝගික ජීවන ක්‍රමයෙකි.
දෙවනුව, මිනිසාගේ නියම අවශ්‍යතා සපුරාලීමට උත්සාහ කිරීමේ දී, මනුෂ්‍ය ස්වභාවය අනූව ඉස්ලාම් ආගම එහි සම – තුලිතතාවක් ඇති කරයි. පුද්ගලයාගේ ශරීරය හා ආත්මය අතරත්, හේතුව හා ආධ්‍යාත්මය අතරත්, සමතුලිතතාවක් රැකෙන අයුරින් එය පුද්ගලයාගෙන් අරඹයි.
කිසි විටෙක එක් පැත්තකින් අනෙක් පැත්ත අභිභවනය කිරීමට ඉඩ නොදෙයි. ආත්මය ඉහළ තලයෙන්ම නැංවීම පිණිස මෘග ආශාවන් මර්දනය කිරීමක් එය නොකරයි. කාමුක ආශාවන් පිනැවීමේ දී මිනිසා තිරිසන් තත්ත්වය වැනි පහත් මට්ටමකට පත් කිරීමක් ද නොකරයි. එය කරන්නේ, මනුෂ්‍ය ආත්මයේ පැවැත්මට තර්ජනය කරන එසේ නැතිනම්, එහි එක් කොටසක් අනෙක් කොටස්වලට විරුද්ධ ව තබන, අභ්‍යන්තර මානසික ගැටුම් ඉවත් කොට, අර අංශ දෙක එක් උසස් තැනක දී හමු කිරීමයි. මේ නිසා එය පුද්ගල අවශ්‍යතා අතර සම-තුලිත බවක් ඇති කිරීමට කි්‍රයා කරයි. එය පුද්ගලයන් හෝ සමාජය පාගාගෙන ඉඳීමට එක් පුද්ගලයකුට කිසි විට ඉඩ නොදෙයි. එසේ ම පුද්ගලයෙකු පාගාගෙන හිඳීමට සමාජයට ද ඉඩ නොදෙයි. එක් පන්තියකට හෝ මනුෂ්‍ය කොට්ඨාශයකට තවත් පන්තියක් හෝ මනුෂ්‍ය කොට්ඨාශයක් වාලූන් කර ගැනීමට එය ඉඩ නොදෙයි. අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ සියලූ බලවේගවල දී, ඔවුනොවුන් අතර ගැටුම් වළක්වයි. ඔවුනට එකට අත්වැල් බැඳ ගැනීමට අනුශාසනා කරයි. මිනිස් වර්ගයාගේ පොදු යහපත පිණිස එක්සත් වන ලෙස කියයි. ඉස්ලාම් ආගම මේ අයුරින් සංවරශීලී, සුභසාධක ක්‍රමයක් අනුගමනය කරයි.


මෙසේ, ඉස්ලාම් ආගම ආධ්‍යාත්මික හා බාහිර අංශ අතරේත්, ආර්ථීක හා මානුෂික අංශ අතරේත් යන විවිධ සමාජ අංශ අතර සම තුලිතතාවක් රැකගනියි. කොමියුනිස්ට් වාදය පිළිගන්නාක් මෙන්, මානුෂික් පැවැත්ම ආර්ථීක කරුණු භෞතික පැත්ත විසින් අභිභවනය කරනු ලැබේය යන්නත් ඉස්ලාම් ආගම විශ්වාස නොකරයි. මනුෂ්‍ය ජීවිතය සංවිධනාය කිරීමට උසස් අදහස් වල ආධ්‍යාත්මික පක‍ෂය පමණක් සෑහේය යනුවෙන් පවිත්‍ර ආධ්‍යාත්මාවදීන් හා විඥානවාදීන් කරන ප්‍රකාශයට එය එකඟ නොවේ. මනුෂ්‍ය සමාජය ගොඩනැගෙන්නේ එක් කෙනෙකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් නොව විවිධාකාර මූලයක් එකතුවීමෙන් බව ඉස්ලාම් ආගම පිළිගනියි. මේ සියල්ල සැලකිල්ලට ගෙන ශරීරයට, බුද්ධියට හා ආත්මයට සම්පූර්ණයෙන් ඉඩ දී, ඒවා සාමකාමී රාමුවක් තුළ සංවිධානය කිරීම හොඳ ම ජීවන පද්ධතිය බව ද ඉස්ලාම් ආගම පිළිගනියි.
වෙතනුව, සමාජ දර්ශනයක් වශයෙන් හා ආර්ථීක ක්‍රමයක් වශයෙන් ඉස්ලාම් ආගමේ සම්පූර්ණ නිදහස් පැවැත්මක් ඇති බව සිහි තබා ගත යුතුය. එහි සමහර බාහිර ගති ලක‍ෂණ ධනවාදයට හෝ කොමියුනිස්ට් වාදයට සමානයයි මතුපිටින් පෙණුන ද, ඇත්ත වශයෙන්, මේ එකක්වත් නොවේ. මෙම ක්‍රමවල වැරදි සහ නොගැලපෙන තැන් ඉවත් කොට හොඳ ලක‍ෂන පමණක් එය රඳවා ගනියි. සමාජ ක්‍රමයෙහි පදනම පුද්ගලයා ය යනුවෙන් සලකන වර්තමාන අපරදිග පවත්නා ගති ලක‍ෂණවල තත්ත්වයට ම නොවැටි ඉස්ලාම් ආගම පුද්ගලවාදය පිටුදකී. පුද්ගලයාගේ නිදහස සෑම අතින්ම ආරක‍ෂා විය යුතු යයි ද, සමාජය විසින් කිසිම හේතුවක් නිසා එම නිදහසට ඇඟිලි නොගැසිය යුතු යයි ද කියයි. පුද්ගල නිදහස යන සංකල්පය මත ගොඩනැගුණු, අපරදිග වර්තමාන ධනවාදය නමැති විෂ බීජය විසින් පුද්ගලයා හදා වඩා ආරක‍ෂා කළ ජන සමාජය ඇතුළු අනිකුත් අය සූරාකනු ලබයි. සමාජයේ වැදගත්කම හොඳින් අවබෝධ කරගත් ඉස්ලාම් ආගම පෙරදිග යුරෝපීය රටවල දක්නට ලැඛෙන අන්දමේ අන්තයකට යන්නේ නැත. මනුෂ්‍ය ජීවිතයේ පදනම වූ සමාජය තුළ පුද්ගලයෙක් යනු ස්වකීයයි පැවැත්මක් නැති, තම රංචුවෙන් නිදහස් විය නොහැකි, නොවැදගත් වාහනයෙකියි එම යුරෝපිය රටවල් සිතයි. මේ නිසා නිදහස හා බලය විඳින්නේ සමාජයයි. ඒ පිළිබඳ ව ප්‍රශ්න කිරීමට හෝ තම අයිතිවාසිකම් ඉල්ලා සිටීමට හෝ පුද්ගලයාට කිසිම බලයක් නැත. මේ අයුරින් පුද්ගල ජීවිත කැමැති පරිදි හැඩ ගැස්වීමේ පරම බලය ඇත්තේ රාජ්‍යයටයයි යන ආකල්පය සහිත ව කොමියුනිස්ට් වාදය බිහි විය.
ඉස්ලාම් කොමියුනිස්ට් වාදයටත්, ධනවාදයටත් අතරමැදී සම-තුලිතතාවක් ඇත්තකි. පුද්ගලයාට තම සහෝදර ජනතාව පාගා ගැනීමට නොව, ඔහුගේ දක‍ෂතාවන් වැඩි දියුණු කර ගැනීමට නිදහස අවශ්‍ය යන්න හා පුද්ගලයා හා රාජ්‍යය අතර සාමය පැවතිය යුතුය යන්න ද පිළිගනිමින්. ජන සමාජයටත්, සංවිධාන වූ ජන සමාජයක ලක‍ෂණය වූ රාජ්‍යයටත්, මනුෂ්‍ය ජීවිතයේ මෙම සාමය ආරක‍ෂා කොට පවත්වාගෙන යාමට හා කි්‍රයාත්මක කිරීමටත්, සමාජ ආර්ථීක සම්බන්ධතා පාලනය කිරීමටත් විශාල බලතල ලබාදෙයි. ඉස්ලාම් ආගමට අනූව මෙම සම්පූර්ණ සැකිල්ලෙහි පදනම වන්නේ පුද්ගලයන් හා සමූහ අතර පවත්නා අන්‍යෝන්‍ය ආදරයයි. එය ගොඩනගා ඇත්තේ ඔවුනොවුන් අතර කුළල් කා ගැනීම් මතවත්, කොමියුනිස්ට් සමාජවල දක්නට ලැඛෙන පන්ති අරගල මතවත් නොවේ.
ඉස්ලාම් ආගම දකින අයුරින්, මෙම උසස් ජීවන ක්‍රමය කිසියම් ආර්ථීක පීඩනයක් නිසා ඇති වූවක් හෝ, අන්‍යෝන්‍ය විරුද්ධවාදී මිනිස් සමූහවල පරස්පරව ගැටෙන අවශ්‍යතා නිසා ඇතිවූවක් හෝ නොවේ. මෙපමණක් නොවේ, මෙම ක්‍රමය, ප්‍රබුද්ධ ජීවන ක්‍රමයක් වශයෙන් ලෝකයට එළිදරවු කරන ලද්දේ මිනිසුන් ආර්ථීක කරුණු වලට විශේෂ වැදගත් තැනක් දුන් අවධියකදී නොවේ. වර්තමානයේ අප දක්නා අරුතින් සමාජ සාධාරණය පිළිබඳ ව කිසිවක් ඔවුන් දැන සිටියේ නැත. කොමියුනිස්ට් වාදය හා ධනවාදය පශ්චාත්කාලීන වර්ධනයෝ වෙති. මනුෂ්‍ය ජීවිතයෙහි සමාජ හා ආර්ථීක අංශයන්හි ප්‍රතිසංස්කරණ ගැන සලකන විට, කාල්මාක්ස්ගේ නම සාමාන්‍යයෙන් සම්බන්ධ වී පවත්නා, මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාර, නිවාස හා ලිංගික තෘප්තිය යන කරුණු සඳහා ප්‍රතිපාදන සැලසීම රජයක යුතුකමයි. මෙම අදහස මනුෂ්‍ය චින්තනය පිළිබඳ ඉතිහාසයේ මහා විප්ලවයක් ඇති කළේ ය. එහෙත්, කාල්මාක්ස්ට බොහෝ කලකට පෙර, අවුරුදු එක් දහස් තුන්සියකට පෙර, ඉස්ලාම් ආගම ලෝකය ඉදිරියේ පුද්ගලයාගේ මෙම අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශ කළේය.

මේ අයුරින් අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන් මෙසේ කීය: —අප සඳහා (ඉස්ලාමීය රාජ්‍යය) යම් කිසිවෙක් රාජ්‍ය සේවකයකු ලෙස කි්‍රයා කරන්නේ ද, ඔහුට භාර්යාවක් නැත්තේද, ඔහුට භාර්යාවන් සිටිය යුතුය. නිවසක් නැතිනම් ජීවත් වීම සඳහා ඔහුට නිවසක් ලබා දිය යුතුය. සේවකයෙකු නැත්නම් සේවකයෙකු සොයා ගත යුතුය. ඔහුට (සත්වයෙකු) වාහනයක් නැතිනම් සත්වයෙකු සොයි දිය යුතුය.˜ මෙම මූලික අයිතිවාසිකම් පිළිබඳ ඓතිහාසික ප්‍රකාශනයෙහි අන්තර්ගත වන්නේ කාල් මාක්ස් කියූ දෙය පමණක් නොවේ. පන්ති අතර ද්වේශයක් නැතිව, ලේ ගලන විප්ලව නැතිව, ආහාර, නිවාස හා ලිංගික තෘප්තිය හා පෙර කී මූලයන් ප්‍රතිෙක‍ෂ්ප කිරීමක් නැතිව, කාල්මාක්ස් කියූ දෙයට වැඩිපුර දේ එහි අඩංගු වේ.
මේවා ඉස්ලාමීය ජීවන පද්ධතියේ කැපී පෙනෙන ලක‍ෂණ ය. එබඳු නීති හා මූල ධර්ම සහිත වූ ද, මානුෂික පැවැත්ම, හැඟීම්, සිතුවිලි, කි්‍රයා, වන්දනා, ආර්ථීක කටයුතු, සමාජ සම්බන්ධතා, ආශාවේග හා ආධ්‍යාත්මික ප්‍රාර්ථනා ආදී සියල්ල ඇතුළත් වූ ද, සරල සාමකාමී උතුම් ජීවන ක්‍රමයක් පිළිබඳ රාමුවක් තුළ සංවිධානය කරන ලද, ආගමක් එහි මනුෂ්‍යයාට ඇති ප්‍රයෝජනවත් බව කවදාවත් නැති නොවේය යන්න තහවුරු කිරීමට මේවා ප්‍රමාණවත් වෙයි.
එබඳු ආගමක සහ ජීවිතයේ අරමුණු සමාන බැවින් එම ආගම කවදාවත් විනාශ වන්නට බැරිය. මේ නිසා පෘථීවිය මතුපිට ජීවය පවත්නා තුරු එය පවත්නේ ය.
සමකාලීන ලෝක තත්ත්වය ගැන සලකා බලන විට, මිනිස් වර්ගයාට ඉස්ලාම් ආගමට පරාංමුඛ වීමට හෝ එහි ජීවන ක්‍රමය ප්‍රතිෙක‍ෂ්ප කිරීමට හෝ පුළුවන්කමක් නැත. ඒ නිසා ප්‍රබුද්ධ විසිවැනි සියවස තුළ ජීවත් වන මිනිසා තවමත් අතිශයින් මිලේච්ඡ වූ ද, අමිහිරි වූ ද සමාජ අසාධාරණකම්වල නියුක්ත වී සිටී.

ඇමරිකාව හා දකුණු අප්‍රිකාව මෙයට සාධක සපයයි. ඇත්ත වශයෙන්ම විසිවැනි සියවසේ ලෝකය විසින් ඉස්ලාම් ආගමෙන් උගත යුතු බොහෝ දේ ඇත. බොහෝ කලකට පෙර ඉස්ලාම් ආගම සියලූ සමාජ අසාධාරණකම්වලින් මනුෂ්‍යත්වය මුදා ගත්තේ ය. සමානාත්මතාව පිළිබඳ විචිත්‍ර චිත්‍රයක් එහි අඩංගුවූයේ පමණක් නොවේ. භක්තියෙන් මිස අන්‍යයන් මත ප්‍රමුඛතාවයක් කිසිවකුට ලැබිය නොහැකි යයි ප්‍රකාශ කරමින් කලූ, සුදු හා රතු මිනිසුන් අතර අද්විතීය සමානාත්මතාවක් ප්‍රායෝගික වශයෙන් ම එය ලබා ඇත. එය කළු මිනිසුන් වාල් බවින් මුදා ගත්තා පමණක් නොව, ඉස්ලාම් රාජ්‍ය තුළ උසස්ම තත්ත්වයට පැමිණීමට ඔවුන්ට ඇති අයිතිවාසිකම් ද පිළිගත්තේය. නිදහස් පුද්ගලයන් මෙන් ඔවුන්ට ඉස්ලාම් රාජ්‍යයේ ප්‍රධානීන් වීමට හැකිය. අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන් මෙසේ කීය: —නීග්‍රෝ වාලකු ඔබගේ ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබුවහොත් ඔහු අල්ලාහ්ගේ නීතිය ඔබ කෙරෙහි බල පවත්වන තාක් කල් ඔහුට සවන් දෙන්න. ඔහුට කීකරු වන්න.˜
අධිරාජ්‍යවාදයේ හා අත්තනෝමතිකත්වයේ පාපයන්ට හා මිලේච්ඡ ලක‍ෂණවලට මැදි වූ වර්තමාන ලෝකය තමන් බැඳ ඇති යදම් බිඳ දැමීමට ඉස්ලාම් ආගමට පමණක් හැකිය යන ඉස්ලාම් පණිවුඩය කෙසේ අමතක කළ හැකි ද? අධිරාජ්‍ය වාදයටත් සියලූ ආකාර සූරාකෑම්වලටත් ඉස්ලාම් ආගම විරුද්ධය. දෙවියන් වහන්සේගේ වචනය පතුරුවා හැරීමේ අදහසින් ඉස්ලාම් ආගම විසින් දිනාගන්නා ලද රටවල මිනිසුනට කරන ලද සැලකිල්ල කෙතරම් පරාර්ථකාමී ද? උතුම් ද? යන්න සිතා ගැනීමට පවා —ශීලාචාර˜ යුරෝපයට නොහැකි ය. මේ කරුණෙහි දී, උමර් බින් අල් කත්තාබ් කලීෆා (පාලකයා) ගේ ප්‍රසිද්ධ තීරණයක් සඳහන් කිරීමට කැමැත්තෙමු. ඊජිප්තුවේ ජයග්‍රාහී ජනරාල් වරයකු වූ ද, ගෞරවනීය ආණ්ඩුකාරයා වූ ද අම්ර් බින් අල් ආස් (රලි) තුමන්ගේ පුත්‍රයාට කිසිදු නෛතික සාධාරණත්වයක් නැතිව ඊජිප්තු කි්‍රස්තියානිකාරයාට පහර දීමේ හේතුවෙන් කස පහර දීමට නියම කළේය. තම කීර්තිමත් පියා නිසා ඔහු පාලක තුමාගේ කස පහරින් බේරුණේ අනූනවයෙනි.
ඉස්ලාම් රාජ්‍යයේ වැසියන් බුක්ති විඳින සිවිල් නිදහස කෙතරම් ද යන්න මෙම කරුණින් පැහැදිළි වෙයි.
ජීවිතයට විස කැවූ ධනවාදයේ පාපය ඊට පසු දක්නට ලැබිණ. එය නැතිකර දැමීමටත් මනුෂ්‍ය ජාතිය එහි දුෂ්ට විපාකයන්ගෙන් මුදවා ගැනීමටත් නැවතත් ඉස්ලාම් ආගම අවශ්‍ය විය. ධනපති ආර්ථීකයක ලක‍ෂණ වූ ගිනි පොලිය, ධනය රැස්කොට සඟවා තැබීම, ඉස්ලාම් ආගම විසින් තහනම් කරනු ලැබේ. වෙනත් වචනවලින් කියනවා නම්, මෙහි මීට අවුරුදු එක් දහස් තුන්සියයකට පෙර කළාක් මෙන්. ඉස්ලාම් ආගමට පමණක් ධනපති වාදයේ පාපයන් සාර්ථක ලෙස නැවැත්විය හැකි බවය. මිනිස් හදවතේ ආධ්‍යාත්මික ස්පන්දනය වියලවන්නේ නැතිව, සමාජ සාධාරණය පවත්වා ගැනීමට ඉස්ලාම් ආගමෙන් තරම් උපකාරයක්, භෞතික වාදී අදේව වාදී කොමියුනිස්ට් වාදය විසින් ජය ගන්නා ලද ලෝකයේ නොලැඛෙයි. ඉස්ලාම් ආගම මිනිසාගේ ලෝකය පටු හැඟීම් සහිත ලෝකයකට සීමා නොකරයි. මේ හැමට ම වඩා, ඉස්ලාම් ආගම පහත් පන්තියේ ඒකාධිපතීත්වයක් උපයෝගි කොටගෙන මනුෂ්‍ය වර්ගයා මත බලහත්කාරයෙන් තම ආගමික දර්ශනය කි්‍රයාත්මක කිරීමට අදහස් නොකරයි. උනන්දුවක් ද නොදරයි.
ආගමේ අනිවාර්ය බවක් නැත. ඇත්ත වශයෙන් ම ගුණවත් බව කෘෘර බවෙන් වෙන්ව කැපී පෙනෙනු ඇත.˜ (අල්කුර්ආනය 2: 256).
අවසාන වශයෙන්, තවමත් යුද්ධයේ සෙවනැලි වලින් වැසුණු ලෝකයට, පෘථීවිය මතුපිට සාමය ඇති කොට පවත්වාගෙන යා හැකි එකම මාර්ගය වන ඉස්ලාම් දෙස නොහැරී සිටිය නොහැකි ය.
ඉස්ලාම් යුගය ආරම්භ වූවා පමණකි. අවසන් වී නැත. එය සිඳී ගිය බලවේගයක් නොවේ. ජීවමාන ගතික බලවේගයකි. යුරෝපය මධ්‍යතන යුගයේ අඳුරු අගාධවල මාර්ගය සොයමින් බඩ ගෑ යුගයෙහි, පොළෝ තලය ආලෝකවත් කළ ඉස්ලාම් ආගමේ ඒ දීප්තිමත් ඓතිහාසික අතීතය මෙන් ම එහි අනාගතය ද දීප්තිමත් ය.
ශ.ද්ධවූ කුර්ආනය මෙසේ සඳහන් කරයි: —ඔබගේ වාලූන් පිළිබඳව ද එසේ ය. ඔවුන් තුළ පවත්නා කිසියම් යහ ගුණයක් ඔබ දන්නේ නම් ඔවුනට පෙනෙන පරිදි ඔවුන් නිදහස් කිරීම පිළිබඳ ප්‍රකාශනය ලියන්න. අල්ලාහ් ඔබට යම් ධනයක් ප්‍රදානය කොට ඇත් ද, එම ධනය ඔවුනට ද ප්‍රදානය කරන්න.˜ (අල්කුර්ආනය 14: 33).
ඉස්ලාම් ආගම මොනම ක්‍රමයක හෝ මිථ්‍යා විශ්වාසයන්ට විරුද්ධ බැවින් එයට මිනිස් බුද්ධිය වර්ධනය කිරීමේ ශක්තියක් ඇත. පසුගිය කාල පරිච්ඡේදවල දී මනුෂ්‍යත්වය, චින්තනය පිළිබඳ විවිධ අසාධාරණකම්වලට හා මිනිසාගේ අභිරුචියට අනූව හැඩ ගැසුණු සමහර පුරුදුවලට ගොදුරු වූ බව පෙනෙන අතර සමහර ඒවා මිනිසා විසින් නිර්මාණය කරන ලද දෙවියන්ගෙන් පැවතෙන බව ද පෙනේ. මේ අයුරින් මිනිස් බුද්ධිය ඉස්ලාම් ආගම පැමිණීමට පෙර අණ්ධකාරයේ බඩගාමින් තිබිණ. ඉස්ලාම් ආගම පැමිණීමත් සමග ම මිනිස් බුද්ධිය පරිණත බවට පත්විය. බහුබූත අදහස් වලින්, ඊනියා දෙවිවරුන්ගෙන්, යුදෙවු සම්ප්‍රදායන්ගෙන් හා ඛෙලහීන කි්‍රස්තියානි පල්ලියෙන් ද මුදවනු ලැබූ එම මිනිස් බුද්ධිය යළිත් වරක් සත්‍ය විශ්වාසයේ හා සත්‍ය දෙවියන් වහන්සේගේ අභියසට පමුණුවන ලදී.

ශ්‍රි ල0කාවේ ඒඩ්ස් වැඩි වීමක් මිස අඩු වීමක් නෑ-ශ්‍රි ල0කාවේ තත්වය ගැන බොහෝ දෙනෙක් දන්නෙ නෑ

මෙවර මෙම තේමාව තෝරා ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ වනිතාවන් හා බාලිකාවන් අතර මෙම වසංගතය වේගයෙන් පැතිර යෑමේ භයානකත්වයක් තිබීමයි. මෑතකදී ගත් සංඛ්‍යා ලේඛන පෙන්නුම් කළේ කාන්තාවන්ගෙන් අඩක්ම, එනම් 50%ක්ම එච්.අයි.වී වෛරසයෙන් ආසාදිත වූ බවයි. මෙම තත්ත්වය ඉතා භයානකය. එබැවින් ඊට එරෙහිව විශේෂ සැලකිල්ලකින් කි්‍රයා කිරීමට කටයුතු කරගෙන යෑමට අධිෂ්ඨානය කොට ඇත.

ඒඩ්ස් යනු කුමක්ද? Aquired Immune Deficency Syndromeයන්න කෙටියෙන්, එහි මුලකුරු පමණක් ගෙනAIDS වචනය සෑදී ඇත. එය සිංහලෙන්, —මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය හීන කරන මාරක රෝගය˜ යනු පරිවර්තනය කරති. මෙම වසංගතය හටගෙන පැතිර යෑමට හේතුවන වෛරසය එච්.අයි.වී නමින් හැඳින්වේ. එනම්, Human Immuno suppression virus යනු වේ.මෙය ඉතා භයානක වෛරසයකි. මෙය කෙනෙකුගේ ශරීර ගතවීමෙන් සති ගණනක් තුළ ඒඩ්ස් රෝගය වැළඳිය හැක. ඇතැම් විට මෙම රෝගය වැළඳීමට මාස ගණනක් හෝ වසර ගණනක් ගත විය හැකිය. එහෙත් කෙනෙකුගේ ශරීරය තුළ සැඟවී ඇති මෙම වෛරසය එම කාලය තුළ තවත් කෙනෙකුගේ ශරීරයට ඇතුළුවීමේ භයානකත්වයක් ඇත. මිනිස් සිරුර තුළ ස්වාභාවිකවම ලෙඩ රෝගවලට එරෙහිව කි්‍රයා කිරීමේ ශක්තියක් ක්‍රියාත්මක වෙමින් පවතී. එම ශක්තිය – ෙසෙලය —සුදු රුධිරාණුව˜ :(White Blood Cell) – නමින් හැඳින්වේ. මිනිසාගේ රුධිරය සමඟ සංකලනය වී පවතින මෙම —සුදු රුධිරාණුව˜ සිරුර තුළ ලෙඩරෝග ඇති කරන රෝග බීජ විනාශ කර දමයි. එමගින් මිනිසා නිරෝගීව ජිවත් වීමේ වාසනාව ලබා ගන්නේය. එහෙත් එච්.අයි.වී නම් වූ වෛරසය කෙනෙකුගේ ශරීර ගත වී කලක් යන විට —සුදු රුධිරාණුව˜ නම් වූ ෙසෙලයට පහර දෙන්න පටන් ගනී. එමගින් සුදු රුධිරාණුව ක්‍රමයෙන් විනාශයට පත් වෙයි. මෙයින් වන්නේ ශරීරය තුළ පවතින ලොඩරෝගවලට එරෙහි ප්‍රතිශක්තියක් නැති වී යාමයි. මෙම අසාධ්‍ය දුර්වල තත්ත්වයට —ඒඩ්ස්˜ යනු කියනු ලැබේ. මෙවැනි තත්ත්වයකට පත් වූ සිරුරක ඛෙලහීනතාවය හේතුකොට ගෙන ඕනෑම රෝගයක් ඉතා පහසුවෙන් වැළෙඳන්න හැකි වනු ඇත. එවන් තත්ත්වයකට පත් වූ රෝගියෙක් සුව කිරීම ඉතා අපහසු කාර්යයකි. එහි ප්‍රතිඵලය වන්නේ එවැන්නෝ ඒඩ්ස් රෝගයට ගොදුරුවී අකාලයේ මිය යෑමයි. මෙම වසංගතයේ පැතිරයෑම 2003 වසර අවසානය වන විට මුළු ලොවෙහිම එච්.අයි.වී වෛරසය සමග ජීවත්වන්නන්ගේ සංඛ්‍යාව මිලියන 37.8 ක් වේ. මෙම වෛරසයට වසරකට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව මිලියන 4.8 ක් පමණ වේ. මේ වනතෙක් 2009 දෙසැම්බර් පළවෙනිදා තෙක් – මෙම වෛරසයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව මිලියන 65ක් පමණ වේ. මේ වනතෙක් මුළු ලොවෙහිම ඒඩ්ස් වැළඳුනු රෝගීන් මිලියන 25 ක් පමණ මිය ගොස් ඇත. මෙසේ මිය යන්නන්ගේ අනුපාතය තත්ත්පර 10ට කෙනෙකු බැගින් වේ. මෙම වෛරසය 95%ක්ම පැතිරයන්නේ දියුණු වන තුන්වන ලොවේ රටවලය. මෙම වෛරසය ලැගුම් ගත් වැඩි අයකගේ වයස් පරතරය 15-24 වන බවත් හෙළි වී ඇත. එනම් රටට සමාජයට යමක් කළ හැකි තරුණ තරුණියන් මෙයට බිලිවන බව මෙයින් වැටහේ. මොවුන්ගෙනුත් 2003 වසරේ රෝගාතුර වූවන් ගෙන් 50%ක්ම කාන්තාවන් බව සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ එච්.අයි.වී වෛරසය ශරීර ගතවූවෙකු ගැන වාර්තා වූයේ 1986 දීය, ඔහු විදේශිකයෙකි. ලාංකිකයෙකුට මෙම වෛරසය ශරීරගත වූයේ 1987 දීය. 2004 සැප්තැම්බර් මාසය වන විට එච්.අයි.වී වෛරසය ශරීර ගත වූ ශී්‍ර ලාංකිකයන්ගේ සංඛ්‍යාව 591 කි. මොවුන්ගෙන් 346 දෙනෙක් පිරිමින් වන අතර 245 දෙනෙක් ගැහැනුන්ය. ඒඩ්ස් රෝගය වැළඳුණු අය 174 දෙනෙකි. මෙම රෝගය හේතු කොට ගෙන මියගියවුන් 129 දෙනෙකි. එච්.අයි.වී. වෛරසය ශරීර ගත වූ ළමුන්ගේ සංඛ්‍යාව 12 කි. එච්.අයි.වී. වෛරසය ශරීර ගතවූවන්ගේ සංඛ්‍යාව 591 ක් බවට වාර්තාවූවත්, 2004 සැප්තැම්බර් මාසය දක්වා 3500-7000 අතර අයට මෙම වෛරසය ශරීර ගත වී ඇති බව විවිධ පරීක‍ෂණ වලින් හෙළි වී ඇත. මොවුන්ගෙන් 82% ක්ම වයස 15-49 අතර වේ. මෙය වළක්වා ලීමට පමා වන සෑම මිනිත්තුක්ම ගෙවී යන්නේ අප රටේ ජනතාව මරුවා සමග වාසය කරන තත්ත්වයකිනි. ඒඩ්ස් පැතිර යන ආකාරය *ඒඩ්ස් පමණක් නොව සියලූම වර්ගයේ සමාජ රෝග 98% ක් පමණ හටගන්නේ අනියම් ලිංගික සබඳතා හේතු කොටගෙනය. *මීට අමතරව සුළු වශයෙන් රුධිර පාරවිලයනය :(Transfusion)– නිසාද මෙම රෝගය හට ගැනේ. *තවද ගැබිණි මවකට මෙම වෛරසය ශරීර ගත වී තිබේ නම් ඇයගේ දරුවාගේ ශරීරයටද එය ඇතුළු විය හැකිය. එයින් එම දරුවාගේ ජීවිතයද අසාර්ථක වනු ඇත. විශේෂයෙන් ස්තී්‍ර පුරුෂයින් අතර තිඛෙන අනියම් ලිංගික සබඳතා සහ සම ලිංගික සබඳතා මීට හේතුවන බව පැහැදිලිවම ඔප්පු වී ඇත. උදාහරණ වශයෙන් කරුණු එකක් දෙකක් ගෙන බලමු. වෛද්‍ය ශාන්ත හෙට්ටි ආරච්චි මහතා —රාවය˜ පුවත්පතෙහි මෙසේ කියයි: Sri Lankan volunteers light candles in front of a portrait of Sri Lankan doctor Kamalika Abeyratne, who died of AIDS, during a <br/>candlelight vigil to commemorate World Aids Day in Colombo, Sri Lanka, Tuesday, Dec. 1, 2009.ඉතා ඈත ගමක —අවිවාහක˜ පුද්ගලයෙක් මට මෑතදී මුණ ගැසුනා. ඔහුත් එක්ක කතා කරන කොට ඔහු කිවුවා ගමේදී ලිංගික සම්බන්ධතා දෙකක් පැවැත්තුවා කියලා. එකක් ගමට ආ කාන්තාවක් සමග. අනෙක් සම්බන්ධතාව තම —සහෝදරයාගේ˜ බිරිඳ සමග. එතකොට අපිට ප්‍රශ්නයක් පැන නැගුනා කොයි සම්බන්ධතාව තුළින්ද මේ පුද්ගලයාට රෝගය වැළඳුනේ කියලා… මේ සිද්ධියේදී බරපතල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. එක පැත්තකින් මේ පුද්ගලයාගේ සහෝදරයාගේ පවුල් ඒකකය. මේ රෝගය සහෝදරයාට වැළෙඳන්න පුළුවන්, සහෝදරයාගේ විවාහය කඩාකප්පල් වෙන්නත් පුළුවන්˜ මෙම —රාවය˜ පුවත කෙතරම් වේදනාසහගත සිද්ධියක්ද? තම සහෝදරයාගේ භාර්යාව තම කාමාශාවට නතුකර ගන්නා මෙම තත්ත්වය කෙතරම් පාපකාරී කි්‍රයාවක්ද? මෙම පාපය එළිපිට කියන තරම් ඔහුට ධෛර්යයක් තිබීම කෙතරම් අවාසනාවන්තද? හෙට දවසක ඔහු තම සහෝදරිය හෝ මව ගැන සිතා බලයිද? තවත් උදාහරණයක් මෙසේය: —ඔහු ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වූ අයෙකි. සිය වෘත්තිමය අවශ්‍යතාවකට හම්බන්තොට සිට කොළඹ ඒමට බසයකට නැගි ඔහු එහිදී තරුණියක හා හාද විය. පසුව සබඳතාවක් බවට පත් වූ ඒ හාදකම කෙතරම් දුර දිග ගියේදයත් කොළඹ යමින් සිටි මෙම තැනැත්තා තරුණියත් සමඟ කළුතරින් බැස ඇය සමග හෝටලයක ගත කළේය. මෙම ක‍ෂණික සබඳතාවයේ අවසන් ප්‍රතිඵලය වූයේ කුමක්ද? ඔහුට —ඒඩ්ස් රෝගී වෛරසය ශරීරගත වීමයි.˜ මෙම පුවත ගෙන එන්නේ —දිවයින˜ පුවත්පතයි. එච්.අයි.වී. වෛරසය ශරීර ගතවීමටත්, ඒඩ්ස් රෝගය වැළඳීමටත් හේතු වූ මෙවන් සිදුවීම් රැසක් ඇත. එම සිදුවීම් ලියන්නට පටන්ගතහොත් පිටු 150 කින් හෝ 200 කින් සමන්විත පොතක් විය හැකිය. මෙයින් පෙනී යන්නේ මෙම වසංගත ඒඩ්ස් රෝගයට මුල්වන්නේ කාමය වරදවා හැසිරීම බවයි. මෙය සනාථ කරන අන්දමින් වෛද්‍ය ශාන්ත හෙට්ටි ආරච්චි මහතා මෙසේ කරුණු දක්වයි. —මේ දිනවල එබඳු රෝගීන්ගේ පැමිණීමේ වැඩිවීමක් අපි දකිනවා. ඒකට See full size imageහේතුවෙලා තියෙන්නේ අප සමාජය තුළ ලිංගික —සම්බන්ධතාව ගොඩ නගා ගැනීම˜ ඉතා පහසු කරුණක් බවට පත්ව තිබීම. ඒ වගේම මාධ්‍ය හරහා මිනිසුන්ට කරන පෙළඹවීම වැඩියි. මීට වසර ගණනාවකට ඉහතදී අපේ සායනවලට ආවේ වයස අවුරුදු 40 ඉක්මවූ රෝගීන්. නමුත් දැන් අපේ සායනවලට බහුලව එන්නේ වයස අවුරුදු විසි ගණන්වල තරුණ පිරිස්˜—මෑත සිට —කාර්යාලවල˜ අනියම් ලිංගික සම්බන්ධතාවල විලාසිතාවක් දක්නට ලැඛෙනවා. මේ තුළින් ඇති විය හැකි ප්‍රශ්න ගැන හිතන්න ඕන. ප්‍රශ්න පැන නැගීමට ප්‍රථම, මේ රෝග වැළෙඳන්නේ එක් පුද්ගලයෙකුට වුණත්, ඒ හරහා දරුවන්ට, දෙමාපියන්ට, සමාජයට ඇතිවෙන ප්‍රශ්න බර පතළයි˜ පාසල් ළමුන් —අපේ සායනවලට එනවා ලිංගික ශ්‍රමිකයන් (ගණිකාවන්), එවැනි කාන්තාවන් සමග අපි කථා කරන කොට…. ළමයින් එන්නේ නැද්ද කියලා (අහනකොට ඔවුන් කීවේ) —බොහෝ අය එනවා. පාසල් ළමයි එනවා˜ කියලා… —පාසල් ඇඳුම් බෑග් එකේ දාගෙන එනවා˜ කියනවා. —උඩින් ටී ෂර්ට් එකක් දාගෙන එනවා˜ අඩුම වශයෙන් මේ කාන්තාවන් ළඟට යන අයෙකුට දරන්න ඕන වියදම රු1000/- සිට ඉහළ අගයක් වෙනවා.˜ —අපිට තිඛෙන ප්‍රශ්නය මේකයි. ළමයින්ට (මෙතරම්) සල්ලි කොහෙන්ද මේවගේ ගණනක් ගෙවන්න? අපිට මේ කාන්තාවෝ කිව්වා. —සමහර ආයතනවල (ගණිකා මඩම්වල) බොස් එක්ක මේ ළමයි ගිහින් කතා කළාම ගණන භාගයක් අඩු කරනවා˜ කියලා. මේක මේ ළමයි මෙවැනි තැන්වලට ඇද ගන්න —භාග ටිකට්˜ එකක් කඩනව වගේ වැඩක්නේ. ළමයින්ට සල්ලි දෙනකොට දෙමාපියන් හැමවිටම තම දරුවන් ගැන සොයන්න ඕන. දරුවෝ දෙමාපියන් දෙන සල්ලිවලට මොනවද කරන්නේ කියලා˜ —පාසල් ළමයි ලබාගන්නා මේ අත්දැකීම් තවත් යහළුවන්ට කියනවා. එතකොට තවත් පිරිසක් මෙය කෙරෙහි (මෙම ගණිකාවන් කෙරෙහි) යොමුවනවා. එක් සුළුදෙයකින් තම මුළු ජීවිතයම අඳුරු වෙන්න පුළුවන්˜ ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය සුජාතා සමරකෝන් මහත්මිය පවසන්නේ තවත් දෙයකි. එය මෙසේය: —ශ්‍රී ලංකාවේ නම් ගණිකා වෘත්තියේ යෙදෙන්නන්, මැද පෙරදිග සේවය සඳහා යන කාන්තාවන්, නව යොවුන් වියේ පසුවන පාසල් ශිෂ්‍යාවන්, අනවශ්‍ය ගැබ්ගැනීම්වලට ලක්වන්නන්, ඇඟලූම් කලාපයේ සේවිකාවන් යන කාන්තාවන් ඒඩ්ස් රෝගයට ලක්වීමේ වැඩි අවදානමක් සහිත කොටස්ය. මොවුන්ගෙන් මැදපෙරදිග රටවල රැකියා සඳහා ගොස් සිටින මිලියන 1.2 ක් වන ශ්‍රී ලාංකීය කාන්තාවන් මෙම රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී˜ —…… සංචාරක කර්මාන්තයේ දියුණුවීමත් සමගම සංචාරක මඟපෙන්වන්නන් (ටුවරිස්ට් ගයිඩ්ස්), හෝටල්වල —රූම් බෝයි˜ වශයෙන් සේවය කරන තරුණයන් මෙන්ම මුහුදු වෙරළ ආශ්‍රිතව ජීවත වන කුඩා පිරිමි ළමුන් (බීච් බෝයිස්) මෙම රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතී˜ මෙම සටහන්වලින් පෙනීයන්නේ මෙම ඒඩ්ස් රෝගය වැළඳීමට හා පැතිර යෑමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ —අනියම් ලිංගික සම්බන්ධතා˜ බවයි. මෙහි කිසිදු සැකයක් නැත. මෙම ප්‍රතිකාර ක්‍රම නියම විසඳුමක් වෙයිද? එච්.අයි.වී / ඒඩ්ස් වැළඳීම සම්බන්ධව මෙතරම් පැහැදිලිව කරුණු කාරණා ගෙන දක්වන වගකීම් භාර අය, ඊට පවසන ප්‍රතිකාර ක්‍රම දෙස බලන විට ඇති වන්නේ මහත් වේදනාවකි. ඔවුන් පවසන ප්‍රතිකාර ක්‍රමය මෙයයි. —මෙම වසංගතය පැතිර යෑම වැළැක්වීමට ඒ ගැන විශේෂ දැනුමක් ලබා ගත යුතුයි¦ පිරිමියෙකු හෝ ගැහැනියක් තම ලිංගික සම්බන්ධතාව තමාට විශ්වාසවන්ත සහකාරයෙකුට හෝ සහකාරියට සීමා කරගත යුතුයි. ඒ හැර අන් අය සමඟ ලිංගික සම්බන්ධතාව තබාගන්නා විට කොන්ඩොමය නමින් වූ උපත් පාලන කොපුව :(Condom)– පාවිච්චි කළ යුතුයි˜ මෙය ඇත්තෙන්ම, —කැහි ගෑනි එපා කියලා හොටු ගෑනි ගත්තා වගේ කථාවක්˜ මෙයින් කවදාවත් මෙම ප්‍රශ්නය විසෙඳන්නේ නැත. —කබලින් ලිපට වැටුනා˜ වගේ වෙනවා මිසක්. —කවුද මේ විශ්වාසවන්ත සහකාරයා හෝ සහකාරිය? *ඇයි තම ලිංගික සම්බන්ධතාව —අඹු – සැමි දෙදෙනා අතර පමණක් තබා ගත යුතුයි˜ යනු නොකියන්නේ? *ඇයි කොන්ඩෝමයක මාර්ගයෙන් තවත් අය සමඟ ලිංගික සම්බන්ධතා තබාගැනීමට උනන්දු කරවන්නේ? *අඹු – සැමි දෙදෙනා අතර පවතින ආදරය හා බැඳීමෙන් යුතු වූ සදාචාරය මොවුහු නිර්වචනය කරන්නේ කුමන ආකාරයටද? බුදුන් වහන්සේගේ —කාමය˜ පිළිබඳ ශික්ෂා පදයට ඔවුන්දෙන විවරණය කුමක්ද? සැබවින්ම, මෙම ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක කළහොත් මිනිස් සමාජය තව තවත් දරුණු තත්ත්වයකට පත්වනවා සිකුරුයි. ඉන්පසු කියන්නන් ලියන්නන් කවුරුත් නැති හෙට දවසක් උදාවිය හැකිය. නියම විසඳුමක් ලබාගැනීමට …….. මෙවන් තත්ත්වයෙන් මිනිස් සමාජය ගලවා ගැනීමට, විශේෂයෙන් අප රට තුළ මෙම රෝගය නැත්තටම නැති කිරීමට කරුණු තුනක් අනුගමනය කළ යුතුයි. 1- පවිත්‍ර සදාචාරාත්මක චින්තනයක් සිතෙහි ධාරණය කරගැනීම. 2- ඊට සරිලන සේ ජීවත් වීමට යහපත් පරිසරයක් ඇති කරගැනීම. 3- වැරදි සිදුවන විට එය වළක්වාලීමට අවශ්‍ය නිසි පියවර ගැනීම. සදාචාරාත්මක චින්තනයක් මිනිස් වර්ගයා ශ්‍රේෂ්ඨවූත් උතුම් වූත් දේව නිර්මාණයකි. ඔවුනට බුද්ධියක් ඇත, කල්පනා කිරීමේ ශක්තියක් ඇත, හොඳ නරක තෝරා බේරාගැනීමේ හැකියාවක් ඇත, ඔවුනට විලිලැජ්ජා ගතියක් ඇත. ඔවුන් තම ශරීරය ආවරණය කර ගැනීම පිණිසි ඇඳුම් අඳිති. ඔවුනට සමූහ බැඳීමක් ඇත. දෙමාපියන්, දූදරුවන්, නෑදෑයින්, වැඩිහිටියන් හා ඔවුනතර ඇති ඥාති සම්බන්ධතා හඳුනති. ඔවුන් උගන්වති, ඉගෙනගනිති, එමගින් දිනෙන් දින දැනුම වර්ධනය කරගනිති. විශේෂයෙන් ඔවුනට ආගමක් ධර්මයක් ඇත. එමගින් විශිෂ්ඨ මගපෙන්වීමක් ඇත. එබැවින් ඔවුන් නොමග නොයා යුතුයි. දනින දකින දේ කිරීමටත් කෝපය හටගත් විට සණ්ඩුදබර කිරීමටත්, කාමාශාව හටගත් පමණින් එය සන්සිඳවා ගැනීමට තිරිසනුන් මෙන් කාන්තාවන් පසුපස ලූහුබැඳ යෑමටත් තැත්නොකළ යුතුයි. හේතුව ඔවුන් පහත් ඝනයේ කැලෑ සතුන් -තිරිසනුන් නොවීමයි. කොයි කාර්යයක් වූවද, එය කි්‍රයාවට නැංවීමේ පිළිවෙල ඔවුන් දනී. ඒ ගැන මනා දැනුමක් ඔවුනට ඇත. ලොවෙහි මිනිස් වර්ගයා හැර වෙනත් කිසිම සත්තව ජාතියකට —විවාහය˜ යනු බන්ධනයක් නැත. මොවුනට මෙම බන්ධනය තිඛෙන්නේ මංමාවත්වල බල්ලන් මෙන් නොහැසිරී තම ශාරීරික අවශ්‍යතා නිසි ආකාරයට ඉටු කර ගැනීමටයි. එබැවින්, සෑම කෙනෙකුම තම ආත්ම පාරිශද්ධිය හා සදාචාරත්මක පවිත්‍රතාවය සිතෙහි ධාරණය කරගත යුතුයි, කාමව වරදවා හැසිරීමෙන් වැළකී සිටිය යුතුයි. මෙය කෙනෙකුගේ වින්තනයක්, ප්‍රතිපත්තියක් විය යුතුයි. නබි මුහම්මද් (සල්) තුමා පැවසූහ: —නියත වශයෙන්ම මිනිසාගේ සිරුරෙහි මාංශ කැබැල්ලක් තිබේ, එය යහපත් තත්ත්වයක තිඛෙයි නම් ඔහුගේ සෑම කි්‍රයාවක්ම යහපත් වෙයි. එය පරිහානියට පත් වේ නම් ඔහුගේ සියළු කි්‍රයා අයහපත් වෙයි. දැනගන්න එයයි හදවත˜ (මූලාශ්‍රය: බුහාරි). තවත් වරක් එතුමා මෙසේ පැවසූහ: —අල්ලාහ් (දෙවියන්) ඔබගේ (ශාරීරික) හැඩරුව හෝ ඔබගේ සම්පත් දෙස නොබලයි. එහෙත්, (ඔහු) ඔබගේ හදවත් හා කි්‍රයාවන් බලයි.˜ මෙම නබි වදන් අනූව අපගේ හදවත් හා එහි හටගන්නා සිතිවිලි පවිත්‍ර විය යුතුයි, එහි ජීවිතය සම්බන්ධ උතුම් චේතනාවක්, ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එම ප්‍රතිපත්තියෙහි ස්තී්‍ර පුරුෂ ලිංගික සම්බන්ධතා ගැන පැහැදිලි තීරණයක් තිබිය යුතුයි. පරිසරයක් අවශ්‍යයි කොයිතරම් උතුම් චින්තනයක්, ප්‍රතිපත්තියක් හෝ ආගමක් වූවද එය කි්‍රයාවට නැංවීමට නම් ඊට අදාළ පරිසරයක් තිබිය යුතුයි. ඒ අතින්, කාමය වරදවා නොහැසිරීමට නම්, එයින් ඒඩ්ස් වැනි සමාජ රෝග නොවැළඳීමට නම් ඊටම සරිලන සමාජ ක්‍රමයක්, පරිසරයක් තිබීම අවශ්‍යයි. —ඔබගේ දරුවා සත්වියට පා තැබූ විට සලාතය (දේව නැමදුම) ඉටුකරන ලෙස පවසන්න. ඔවුන් දසවියට පත් වූ පසුවත් සලාත් නොකළේ නම් ගහන්න, මෙම වියට පත් වූ විට ඔවුන්ගේ නිදියහන වෙන්කොට තබන්න. (දරුවන් කීප දෙනෙක් එක් යහනේ එක් වී නිදාගන්න ඉඩ නොදෙන්න)˜ යනු නබි (සල්) තුමා පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්). මෙහි කරුණු දෙකක් ඇත. එකක් දේව නැමදුම. අනෙක: තනි තනිවම නිදා ගැනීම යනාදියයි. මේ දෙක අතර කිට්ටු සම්බන්ධතාවක් ඇත. කීප දෙනෙකු – කුඩා ළමුන් පමණක් නොව, වැඩිහිටියන් පවා – එකට ගැටී ගෙන නිදාගන්නා විට අත් පා ස්පර්ශ වීමේ තත්ත්වයක් ඇති වෙයි. අනුන්ගේ රහස් පෙදෙස් දැකීමේ තත්ත්වයක් ඇති වෙයි. එවිට වැරදි සිතීම් පහළ වීමට ඉඩ කඩ ඇති විය හැකිය. මෙය මගහරවා ගැනීමට සෑම සියලූ දෙනාම නින්දට යන විට තනිතනිවම සිටිය යුතුයි. මෙම තත්ත්වයෙහි වැරදි නොකිරීමට උදව්වන ප්‍රධාන දෙයක් වන්නේ දේව විශ්වාසයයි. එය දේව නැමදුමෙන් සිතෙහි ධාරණය වන්නේය. එවිට මිනිසා නොමඟ නොයයි. නබි (සල්) තුමා මෙම ඉගැන්වීම් දරුවෙකුගේ ආරම්භ අවධියේම ගෙන එනමෙන් ඉහත නබි වදනින් ගෙන දක්වන්නේය. මේ අනූව නිවසක ගැවසෙන ස්ත්‍රී, පුරුෂයින්, වාහනයක යන ස්ත්‍රී පුරුෂ මගීන් පෝලිමක තෙරපීගෙන සිටින පුරුෂයින් හැප්පීමෙන්, උරෙන් උර ගැටෙන සේ වාඩිවීමෙන් වන්නේ විපතක් නොවේද? අද සමාජයේ ඊට උදාහරණ රැසක් ඇති බව කිව යුතුද? එබැවින් ස්ත්‍රී පුරුෂයන් අතර වැරදි ඇතිවීමට නොහැකි පරිසරයක් තිබිය යුතුයි. පියා- දුව, සහෝදරයා – සහෝදරිය, සීයා – මිනිබිරිය, බාප්පා – දුව මාමා – ලේලි නැන්දා – බෑනා, මස්සිනා – නෑනා, මිතුරන් – මිතුරියන් යන අය අතර වූවද වැටක්, සදාචාරාත්මක හැසිරීම් රටාවක් තිබිය යුතුයි. අනවශ්‍ය විහිළු කිරීම් හා කථා බස් නොතිබිය යුතුයි. නොඑසේ නම් වන්නේ කුමක්ද? —මානව හිමිකම් හා දියුණුව වෙනුවෙන් කටයුතු කරන —නීතිවේදීන්ගේ ආයතනයේ˜ අධ්‍යක‍ෂ කල්යානන්ද තිරණගම මහතා 2003.02.27 දින කොළඹ, රේණුකා හෝටලයෙහි පැවති සම්මන්ත්‍රණයක ගෙන දැක්වූ කරුණු ඊට කදිම උදාහරණයයි. ඔහු පැවසූ පරිදි, දූෂණයට ලක් වූ ගැහැණු ළමුන් 229 කගේ පරීක‍ෂණයෙන් හෙළි වූයේ මෙම කරුණුය. ඔවුන්ගෙන් 128 දෙනෙක් විවාහ වූ පිරිමින් අතින් දූෂණයට ලක්වී ඇත. 24 දෙනෙක් දූෂණය කොට ඇත්තේ නිතර දෙවේලේ ඒ ළමුන්ගේ නිවෙස්වලට යන එන කිටිටු ඥාතීන් විසිනි. 4 දෙනෙක් බාප්පලා විසින්ද, 4 දෙනෙක් එක් කුස උපන් සහෝදරයින් විසින්ද, දෙදෙනෙක් සීයලා විසින්ද, 18 දෙනෙක් ඔවුන්ගේම තාත්තලා විසින්ද දූෂණය කොට ඇත. මේ සම්බන්ධව වැඩි විස්තර ,Ceylon Daily News, (2003-02-27) පුවත් පතෙන් ලබා ගත හැකිය. අද රටේ සිදුවන මෙවැනි ස්තී්‍ර දූෂණ, ස්තී්‍රන්ට කරන විවිධ අතවර, මිනී මැරුම් යනාදී දහස ගණන් උදාහරණ ඇත. එබැවින් ස්ත්‍රී පුරුෂයින් නිදහසේ හැසිරීමට (Free Mixing)– ඇති ඉඩකඩ සම්පූණයෙන් වසා දැමිය යුතුයි. සංචාරක කර්මාන්තය, ගණිකා මඩම්…… මෙය විධිමත් කළ යුතුයි. මෙනමින් අප රටට පැමිණෙන සංචාරකයන්ගෙන් බහුතරය එච්.අයි.වී/ඒඩ්ස් වසංගතයට ගොදුරු වූවන්ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ස්ත්‍රී දූෂණය, සමලිංගික සහභාගීත්වය හා ළමා දූෂණයෙහි හැසිරෙන්නන් බවට තොරතුරු ඇත. ඔවුන්ගේ මාර්ගයෙන් අසභ්‍ය පොත්පත් හා පින්තූර ඛෙදාහරින බවට බොහෝ සාක‍ෂි ඇත. මේවා කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතුයි.  ගණිකාවන්ගේ කි්‍රයාකාරිත්වය මුළුමනින්ම නවතාලීමට අවශ්‍ය පියවර ගත යුතුයි. ගණිකා මඩම් පවත්වන්නන්ට එරෙහිව නීතිමය පියවරක් ගෙන කටයුතු කළ යුතුයි. ඉතාමත් නින්දිත, පාපකාරී, තිරිසන් කි්‍රයාවක් —ගණිකා වෘත්තිය˜ නමින් සමාජ ඒකකයක් ලෙස තබාගැනීමේ කි්‍රයාව සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි.  ඇඟලූම් සේවක සේවිකාවන්, පිරට රැකියාවලට යන සේවක සේවිකාවන්, කාර්යාලවල සේවය කරන සේවක සේවිකාවන්, ති්‍රවිධ හමුදාවේ සේවය කරන සේවක සේවිකාවන් යන අය අතර අවකල් කි්‍රයා ඇති වීමේ සියලූ මාර්ග වසා දැමිය යුතුයි.  තරුණ තරුණියන්, පාසල් සිසුන්, කුඩා දරු දැරියන් වරදට යොමුවන්නේ කොතැනද යනු පරීක‍ෂාකර බලා එම තැන් ඇහිරිය යුතුයි. ඩෙංගු උණ වළක්වාලීමට එම මදුරුවන් විනාශ කිරීමට පියවර ගන්නා සේම අපගේ නව පරපුර වැනසෙන තැන් සොයා විනාශ කළ යුතුයි.  රූපවාහිනිය, පුවත් පත්, සඟරා, සිනමාහල් යනාදිය තුළින් මිනිසා නොමග යවන සුළු චිත්‍රපට, නාට්‍ය, වෙළඳ දැන්වීම්, පින්තූර, අදහස්, අඩනිරුවත් නැටුම්, රාගය උත්සන්න කරන ගීත යනාදියට තිතක් තැබිය යුතුයි.  පෙම් උයනේ සංකල්පය අත්හැරිය යුතුයි. වෙරළ බඩ පෙදෙස්, උද්‍යාන, දුම්රියස්ථාන හා බස්ගාල් කරන ස්ථාන, බස්වල පිටුපස ආසන වැනි ස්ථානවල අශෝභන අන්දමින් හැසිරෙන ස්තී්‍ර පුරුෂයින්ගේ එම කි්‍රයාව නැවැත්විය යුතුයි. ඒ සඳහා රජය පමණක් නොව මහජනතාවද දැඩි සැලකිල්ලෙන් යුතුව හා සාමකාමීව කටයුතු කළ යුතුයි.  දේශපාලන පක‍ෂ තම වාසිය තකා තරුණ තරුණියන් —ජොලි කිරීමට˜ අවසථාව සැලසෙන —යොවුන් පුර˜ වැනි සමුළු පැවැත්වීම ගැන දෙවරක් සිතා බැලිය යුතුයි. එයින් නව පරපුර නොමග යෑමේ වාතාවරණයක් පවතී නම් අනිවාර්යයෙන්ම එය නැවැත්විය යුතුයි.  සෑම ස්ත්‍රී පුරුෂයෙක්ම නිසි වියට පැමිණි විට විවාහ වීමේ අවස්ථාව ලබාදිය යුතුයි. එයට කිසිදු අංශයක් බාධා ඇති විය නොයුතුයි. එයින් බොහෝ දුරට දුරාචාරයේ හැසිරීම වැළැක්වෙන අතර පිරීමින්ට වගකීමකුත් ස්තී්‍රන්ට ආරක‍ෂාවකුත් සැලසේ. ඉස්ලාමීය මග පෙන්වීම ඉස්ලාමය —දුරාචාරයේ හැසිරෙනු එපා˜ යනු පැවසීමට වඩා පුළුල් අර්ථයක් ගෙන දෙන විලසින්, —ඔබ දුරාචාරයට ළං නොවන්න˜ (අල්කුර්ආන් 17¦ 32) යනු අවවාද කරයි. මේ ගැන අප මඳක් කල්පනා කළ යුතු වේ. ඕනෑම දෙයක ළංවීමක් තිබුනොත් එහි කි්‍රයාවක් ඇති වෙයි. විදුලියේ ධනාත්මක හා රිනාත්මක දෙක වෙන්ව තිබියදී විදුලිය කි්‍රයාත්මක නොවෙයි. යම් විටක මේ දෙක ළං වූයේ නම් එහි කි්‍රයාවක් සිදුවෙයි, විදුලි එළිය ලැඛෙයි. මෙලෙස – ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය අතර වැටක් – බාධකයක් – තිබුනහොත් නොමනා කි්‍රයා අවම කර ගත හැක. එසේ නොමැතිව, ස්තී්‍ර පුරුෂ දෙදෙනා වැටක් නැතිව, නිදහසේ හැසිරෙන පරිසරයක් වූවහොත් එයින් වැරදි සිදුවිය හැකිය. ඉහත කරුණු ඊට සාධක වෙයි. නබි (සල්) තුමා වරක් මෙසේ පැවසූහ: —දෑස් කරන දුරාචාරය (අන්‍ය ස්තී්‍ර පුරුෂයන් දෙස වැරදි චේතනාවෙන්) බැලීමයි, කන්වල දුරාචාරය (අසභ්‍ය දේට ඉතා ආශාවෙන්) සවන් දීමයි, කටේ දුරාචාරය (කාන්තාවන් හෝ පුරුෂයන් වර්ණනා කොට) කථා කිරීමයි. අත්වල දුරාචාරය (සීමාව ඉක්මවා) අත් තැබීමයි, පාදවල දුරාචාරය (වැරදි කිරීම සඳහා) පිය නැගීමයි. (මෙම කි්‍රයා තුළින්) සිතේ ආශාවන් ඇති වෙයි. ඉක්බිතිව එම සිත නොයෙක් සිතිවිලි බිහි කරයි. පසුව රහස් පෙදෙස එය ඇත්තක් හෝ බොරුවක් කරයි. (එනම් එම වැරදි කි්‍රයාව ඉටු කරයි, නැති නම් ඉටු නොකරයි)˜ (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්). මෙලෙස මෙම පාපකාරී කි්‍රයාවට අවස්ථාවක් නොලැඛෙන සේ සමාජ ක්‍රමයක් පරිසරයක් ඇති කර ගැනීම අප කාගේත් වගකීමකි. එවිට ඒඩ්ස් මාරයාගේ ප්‍රවේශයට මාර්ගයක් ලැඛෙන්නේ නැත. වැරදි සිදුවීම වැළැක්වීමට….. ඉහත සඳහන් පරිදි වැරදි නොකරන පරිසරයක් ඇති කොට, ආගම දහමෙන් සියලූ දෙනා නිතිපතා දැනුවත් කිරීමෙන් පසුවද සුළු වශයෙන් වැරදි කරන්නන් සිටිය හැකිය. එවැන්නන් යහමග ගෙන ඒමට අවශ්‍ය උපදෙස්, අවවාදනුශාසනා යනාදිය දිය යුතුයි, ආදරයෙන් හා කරුණාවෙන් ඔවුන් හොඳ මාර්ගයට ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ කිසිවක් ප්‍රයෝජනවත් නොවුනේ නම්, සමාජයේ යහපත තකා ඔවුන්ට ද~ුවම් දිය යුතුයි. ඉස්ලාමයට අනූව විවාහ වූවන් දුරාචාරයේ හැසිරුනා නම් ඔවුන්ට මරණීය ද~ුවම දිය යුතුයි. විවාහ නොවූ අය නම් කස පහර සියයක් දිය යුතුයි. මෙසේ ද~ුවම් දීම කෙසේ සාධාරණ වන්නේද? යනු මාධ්‍යවේදියෙකු වරක් ඉස්ලාමීය විද්වතකුගෙන් විමසීය. ඊට පිළිතුරු දුන් එතුමා හොඳ උදාහරණයක් මෙසේ පවසා එහි සාධාරණත්වය ගෙන දැක්වූයේය. —කෙනෙකුගේ අතේ ඇඟිල්ලක තුවාලයක් හට ගනී. එම තුවාලයට දිගු කලක් විවිධ ඛෙහෙත් කළත් එය සුව වනවා වෙනුවට දිනෙන් දින නරක අතට හැරෙනු පෙනේ. ඇතැම් විට එය පිළිකාවකට හැරෙන්නත් ඉඩ තිඛෙනු දක්නට ඇත. මෙවන් අවසථාවක කළ යුත්තේ මුළු ශරීරයේ ආරක‍ෂාව තකා එම ඇඟිල්ල වෛද්‍යවරයාගේ මාර්ගයෙන් කපා දැමීමයි. එය නොකළොත් පිළිකාව ශරීරය පුරා පැතිරී ජීවිතයම නැති වී යයි. එය කපා දැම්මොත් අහිමි වන්නේ ඇඟිල්ලක් පමණයි. ආරක‍ෂා කරගන්නේ සම්පූර්ණ ශරීරයයි, ජීවිතයයි.˜එමෙන්ම දුරාචාරයේ හැසිරෙන අය යහමග ගෙන එන්න මහත් උත්සාහයක් දැරීමෙන් පසුවද ඔවුන් නොහැදුනේ නම් නිසි ද~ුවම් දීම ඉතා අවශ්‍ය වන්නේය. එයින් අපට අහිමි වන්නේ පාපයේම ජීවත් වූ සුළුතරයකි. එහෙත්, ආරක‍ෂා කරගන්නේ කෝටි සංඛ්‍යාත ජනයින්ගේ ලෝකයකි. මීට අදාළ ඉස්ලාමීය දණ්ඩ නීතිය කෙසේ නම් දරඳ~ුවන්නේද?˜ මෙම විස්තර වලින් එම මාධ්‍යවේදියා සෑහීමකට පත් වූ බව වෙයි. ඉස්ලාමයෙහි දණ්ඩ නීතිය කි්‍රයාත්මක වන්නේ දෙවනුවයි. පළමුව කෙරන්නේ යහපත් මිනිස් සමාජයක් බිහිකිරීමට අවශ්‍ය අවවාදානුසාසනා දී ඊට අනුකූලවූ සමාජ ක්‍රමයක්, පරිසරයක් ඇති කිරීමට උත්සාහ දැරීමයි. අවසාන වශයෙන් ……. ඒඩ්ස් හා වෙනත් සමාජ රෝගයන්ගෙන් තොර වූ මිනිස් සමාජයක් බිහි කිරීමට ඉහත සඳහන් ක්‍රමවිධි අනුගමනය කිරීම හැර වෙනත් මගක් නැති බව කල්පනා කරන කාටත් වැටහෙනවා ඇත. ඒ හැර —ඒඩ්ස් වලින් ආරක‍ෂා වීමට විශ්වාසවන්ත සහකාරයෙකු / සහකාරියක් සමග ශාරීරික සම්බන්ධකම් තබා ගන්න. ඊට වැඩි අය සමග ශාරීරික සම්බන්ධකම් පවත්වන්නේ නම් උපත් පාලන කොපු පාවිච්චි කරන්න˜ යනු පැවසීම දුරාචාරයට නව මඟපෙන්වීමකි. එය නොකළ යුතුයි. ඒ වෙනුවට කිව යුත්තේ, —ඔබගේ ශාරීරික, ලිංගික සම්බන්ධකම් තබා ගත යුත්තේ අඹු – සැමි දෙදෙනා අතර පමණයි˜ යනුවෙනි. මෙසේ කීම බුද්ධියට එකඟය, සියල්ලට එකඟය, මිනිස් ස්වභාවයටද එකඟය. ඉතින් උතුම් සදාචාර සමාජයක් බිහිකිරීමට පාඨක ඔබ සූදානම් වීම ඔබගේ ධාර්මික වගකීමක් නොවේද? ශ්‍රි ල0කාවේ තත්වය වැඩිම ඒඩ්ස් රෝගින් ප්‍රමානයක් සිටින(දෙවනි තැන )ඉන්දියාව ල0කාවට ආසන්නයෙන් පිහිටීම,ශ්‍රිල0කාවට කෙසේ බලපායිද? Map of HIV AIDS cases

උතුරු අප්‍රිකාව හා මැදපෙරදිග රටවල් ඒඩ්ස් රෝගින් අඩුම අගයක් ගනී

දකුනු අප්‍රිකාව,ඉන්දියාව,ඇමෙරිකාව වැඩිම අගයක් ගනී.

File:People living with HIV AIDS world map.PNG එස්. එම්. මන්සූර්.

නවීන ප්‍රකාශ විද්‍යාවේ පියා ඉබ්නු අල් හයිතම්

ක්‍රි.ව. 570 සවුදී අරාබියේ මක්කාහි උපත ලද මුහම්මද් නබි (සල්) තුමා කුඩා අවදිය පටන් සත්‍යය හා අවංක වූත් උතුම් ගුණාංග වලින් හෙබි වූත් පුද්ගලයෙකු විය. ඉබ්රාහීම් (අෙලෙ) තුමා දෙසුවාක් මෙන් මෙතුමා ද එකම දෙවියන් පිළිබඳවත් ඔහුගේ මැවීම් පිළිබඳවත් දේශනා කළහ. අල්කුර්ආනය පාදක කරගනිමින් එතුමාගේ අනුගාමිකයන් දැනුම ඉදිරියට ගෙන යෑමේ කර්තව්‍යයට නව ජීවයක් දුන්හ. ඔවුහු ඉස්ලාමීය ශිෂ්ඨාචාරය තුළින් ග්‍රීක ඥානයෙහි සෑම අංශයකම උරුමක්කාරයින් බවට පත්වූහ. මුස්ලිම්වරු නොසිටින්නට ග්‍රීක දැනුම සදහටම ඉන්මතු ආ පරපුරට නොලැබී යාමට තිබුණි. මෙම දායාදය ලොව සැමට ලැඛෙන සේ ඔවුහු ඒවා එකතු කොට ආරක‍ෂා කළහ. පසුව ඒවා අධ්‍යයනය කර තවත් වැඩි දියුණු කරමින් ලොව විද්‍යා ප්‍රගතියට මඟ පෑදූහ. ඉරානය, ඉරාකය, ස්පාඤ්ඤය, ඊජිප්තුව, සිරියාව ලෙස දැන් හැඳින්වෙන රටවල් ලොවට දැනුම පැතිරවීමේ මධ්‍යස්ථාන විණ.

බොහෝමයක් යුරෝපීය ජාතීන් අඳුරු යුගයක  (Dark Ages)– සිටින විට මධ්‍ය කාලීන එම යුගයේ මුස්ලිම්වරු අධ්‍යාපනිකව හා තාක්ෂණිකව උසස් මට්මටක සිටීයහ. ඉස්ලාමීය පාලකයන් තම රටවල් දැනුම ලොවට පැතිරවීමේ මධ්‍යස්ථානය බවට පත් කළහ. වසර දහසක් පමණ පැවති එම සාමකාමී වාතාවරණය යටතේ කි්‍රස්තියානි, යුදෙව් ඇතුළු සෑම ජාතීන්ටම දැනුම රිසිසේ ලබා ගැනීමේ අවස්ථාව ලබාදුන්නේය. අරාබි ග්‍රන්ථ සියල්ල අනෙකුත් භාෂාවලට පරිවර්තනය කළහ. 5 වන 15 වන ශත වර්ෂ අතර කාලය තුළ මුස්ලිම් විද්‍යාඥයින් විද්‍යා ලොවේ ප්‍රමුඛයන් වූහ.
මෙම තත්ත්වය නොරිස්සු අධමයින් ආගමික සටනක් දියත් කළහ. සියලූම අරාබි ග්‍රන්ථ එක් රැස් කළ ඔවුහු ස්පාඤ්ඥයේ ග්‍රැනඩා නගරයේ කන්දක් මෙන් ගොඩගසා ගිනිබත් කර දැමූහ. ඒ ඇසුරේ සිටි කෝටි 3 ක් පමණ මුස්ලිම්වරුන් කෘෘර ලෙස ඝාතනය කෙරිණි. මෙම ඉරණමම අන්දලූසියා නගරයටත් අත්විණ. මීට කළින්ම ඉරාකයේ බැග්ඩැඩ් නගරයේ සියලූ අරාබි ග්‍රන්ථ ටයිග්‍රස් නදියට දමා විනාශ කර තිබිණ. දින ගණනාවක් තිස්සේ ටයිග්‍රස් නදිය තීන්ත නිසා කළු පාටින් ගලාගිය බව ඉතිහාසයේ සඳහන් වේ. මෑතකදී පවා ඉරාකය ආක්‍රමණය කළවුන් ඓතිහාසික ලිපි ලේඛන රාශියක් තැන්පත් කර තිබූ ජාතික පුස්තකාලය වනසා දැමූ බව සඳහන් කරනු වටි. එපමණක් නොව කෘෘර මිනිස් ඝාතනය ද ලේ පිපාසිත අධමයින්ගේ දෛනික ජීවිතයේ අංශයන් බවට පත්ව තිබිණ.
ඉස්ලාම් දහමට එරෙහි ආගමික යුද්ධය දේශයෙන් දේශය ගිල ගනිමින්ද, ලොව ජනයා තව තවත් දුප්පත්භාවයට පත්කරමින්ද ලොවට විශාල පාඩුවක් හා අසාධාරණයක් සිදුකරමින් ද ලොව පුරා භීෂණය පතුරුවමින් ද ඉදිරියට ඇදී ගියේය.
එදා ලොවට දැනුම ඛෙදා දුන්, ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් හිමි ඉරාකය ලොවට දායාද කළ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු පිළිබඳ තොරතුරු බිඳක් මෙහිදී අප ඉදිරිපත් කරමු.
කි්‍ර.ව. 965 හි ඉරාකයේ බස්රාහි උපත ලද අබූ අලි හසන් ඉබ්නු අල් හයිතම් සුප්‍රකට භෞතික විද්‍යාඥයෙකි. ප්‍රකාශ විද්‍යාව සහ විද්‍යාත්මක ක්‍රමය සඳහා වූ ඔහුගේ දායකත්වය විශිෂ්ඨ විය. බටහිර ලොවේ ඔහුව හැඳින්වෙන්නේ —අල් හසෙන්˜ නමිනි. ඔහු ගණිතඥයෙකු මෙන්ම ඉංජිනේරුවෙකු ලෙස ද කීර්තිය දැරීය. බස්රාවලත්, බැග්ඩැඩ් වලත් ඉගෙනගත් පසුව ඊජිප්තුවට පැමිණියේය. එහි දී කලීෆා (පාලක) අල්-හකීම් නයිල් නදිය පිටාර ගැලීම වැළැක්වීම සඳහා මඟක් සෙවීමේ කාර්යය ඔහු වෙත පැවරීය.
එම කාර්යය අසාර්ථක වූ නිසා රජු ඔහු සමඟ උරණව නිවාස අඩස්සියේ රැඳවිය. කලීෆා (පාලක) අල්-හකීම්ගේ වියෝව දක්වාම එහි රැඳී සිටි ඔහු ආලෝකය පිළිබඳව බොහෝ පර්යේෂණ සිදු කළේය. ඉන් පසු ඔහු කයිරෝහි අස්හර් මස්ජිදය අසල අර්ධ ගෝලාකාර වහලයක් සහිත කුඩා නිවසක පදිංචි විය. එහි දී ගණිතය පිළිබඳ කතුවරයෙකු ලෙසත් ගුරුවරයෙකු ලෙසත් තම කටයුතු ඇරඹිය. පොත් පරිවර්තනයේ ද නියැලූණේය. යුක්ලිඩ්ගේ , Elements, සහ ටොලමිගේ , Almagest, ඒවා අතුරින් කීපයකි.

islamobs.jpg (64176 bytes)පරිවර්තන වලට පමණක් තම කටයුතු සීමා නොකළ ඉබ්නු හයිතම් ප්‍රකාශ විද්‍යාව, තාරකා විද්‍යාව, සහ ගණිතය පිළිබඳව පොතක් ද ලිවිය. විවිධ මූලාශ්‍ර වලින් පෝෂණය වූ ඒවා අතිශය ඵලදායී විය. භෞතික විද්‍යාව, ගණිතය හා දර්ශන විද්‍යාව පිළිබඳව අරාබි බසින් පොත් 200 ක් පමණ ඔහු විසින් ලියන ලදී. ඇරිස්ටෝටල්ගේ දාර්ශනික ග්‍රන්ථ, ගැලන්ගේ වෛද්‍ය ග්‍රන්ථ ඇතුළුව යුක්ලිඩ්, ඇපලෝනියස්, ආකිමිඩීස් ආදීන්ගේ ගැටළු පිළිබඳව එම ග්‍රන්ථවල සාකච්ඡා කෙරිණ.
වෙළුම් 7 කින් යුක්ත විස්තරාත්මක —කිතාබ් අල්-මනාසිර්˜ නම් වූ ප්‍රකාශ විද්‍යාව පිළිබඳ ග්‍රන්ථය ඉබ්නු හයිතම්ගේ නිර්මාණ අතුරින් වැදගත්ම එකක් විය. ඔහුගේ පර්යේෂණ හා ඒ සම්බන්ධ සියලූ විස්තර එහි අඩංගු විය. ගැඹුරු ලෙස විද්‍යාත්මක ක්‍රමය උපයෝගී කොට ගෙන ලියූ මෙම ග්‍රන්ථය මධ්‍යකාලීන යුගයේ චින්තනයන් සියල්ලම වාගේ අන්තර්ගත විය. දෘෂ්ඨිය පිළිබඳව පූර්ණ හා පැහැදිලි වාදයක් ජ්‍යාමිතය හා කායික විද්‍යාව උපයෝගී කොට පැහැදිලි කෙරේ. වස්තුවක් ඇසට පෙනෙන්නේ කිරණයක් ඇසෙන් නිකුත් වී වස්තුව මත පතිත වීම හේතුවෙන් බව පවසන යුක්ලිඩ් හා ටොලමිගේ වාදය ප්‍රතිෙක‍ෂ්ප කළ ඉබ්නු හයිතම් පරීක්ෂණාත්මකව එය වැරදි බව ඔප්පු කළේය.
ඉබ්නු හයිතම් ඉදිරිපත් කළ තර්කය වූයේ ආලෝකය ඇති පෙදෙසක ඇති ලක‍ෂ්‍යයක් හෝ වස්තුවක් සෑම දිශාවකටම ආලෝකය විහිදුවන අතර එම කිරණ ඇස තුළට සම්ප්‍රේෂණය වීමෙන් දැකීම ඇතිවන බවයි. ගැඹුරු වූත් භෞතික විද්‍යාවේ අනාගත වර්ධනය සඳහා මඟ පෑදූ ඔහුගේ සොයා ගැනීම් නිසා ජෝජ් සාටන් නම් ඇමෙරිකානු ඉතිහාසඥයා ඔහුව හැඳින්වූයේ —ශ්‍රේෂ්ඨ මුස්ලිම් භෞතික විද්‍යාඥයා සහ ප්‍රකාශ විද්‍යා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ශිෂ්‍යයා˜ යනුවෙනි.
විවිධ මාධ්‍ය තුළින් ආලෝකය සම්ප්‍රේෂණය පිළිබඳව අධ්‍යයනය කළ ඔහු වර්තනය පිළිබඳ නියම සොයා ගත්තේය. නමුත් එහි ගෞරවය අද හිමිවන්නේ ස්නෙල් නම් විද්‍යාඥයාටයි. එම නියම —ස්නෙල් නියම˜ අද ප්‍රකටය. ආලෝකය විවිධ වර්ණවලින් සංයුක්ත බවත් එම වර්ණ අපකිරණය වීම පිළිබඳවත් ඔහු සොයා ගත්තේය. ආලෝකය සම්බන්ධ සෙවනැලි, ග්‍රහණයන්, දේදුනු ආදී බොහෝ භෞතික සංසිද්ධි පිළිබඳ දීර්ඝ විස්තර ඉදිරිපත් කළ අතර ආලෝකයේ භෞතික ස්වභාවය පිළිබඳව උපග්‍රහණ ඉදිරිපත් කළේය.
තමා ජීවත් වූ නිවස අඳුරු කොට පිටත සිට කුඩා සිදුරකින් ආලෝකය පැමිණීමට සලස්වා කැමරාව පිළිබඳව මුල්ම පර්යේෂණ සිදු කළේ ඉබ්නු හයිතම්ය. මෙය ,Camera Obscura, නමින් හැඳින්වේ. ඇසෙහි විවිධ කොටස් හා දෘෂ්ඨිය පිළිබඳව විද්‍යාත්මක පැහැදිළි කිරීමක් මුල් වරට විස්තරාත්මකව ඉදිරිපත් කළේ ඉබ්නු හයිතම්ය. ක‍ෂිතිජයේ දී සූර්යයා හා චන්ද්‍රයා තරමින් විශාලව පෙනීම පිළිබඳව ඉතාම නිවැරදි ලෙස පැහැදිලි කළ ඔහු දෙනෙති : Binocular– දෘෂ්ඨිය පිළිබඳව සාකච්ඡා කොට තිබුණි.
ප්‍රකාශ විද්‍යාව පිළිබඳ විස්කිරණ ලෙස පර්යේෂණවල යෙදී සොයා ගැනීම් බොහෝමයක් කර නවීන භෞතික විද්‍යාවේ දියුණුවට මඟ පෑදූ හෙයින් ඉබ්නු හයිතම් —නවීන ප්‍රකාශ විද්‍යාවේ පියා˜ යන විරුදාවලි නාමය ලබා සිටි. බටහිරයෙහි විද්‍යාත්මක ප්‍රගතියට —කිතාබ් අල් මනාසිර්˜ ග්‍රන්ථය විශාල බලපෑමක් ඇති කළේය. රෝජර් බේකන් සහ කෙප්ලර් මෙන්ම නිව්ටන්ගේ අධ්‍යයනයන් සඳහා එම ග්‍රන්ථයේ ලතින් පරිවර්තනය ඉමහත් පිටුවහලක් විය. එමගින් පර්යේෂණ ක්‍රමවල ද විශාල දියුණුවක් ඇති විය.
ගෝලීය සහ පරාවලයික දර්පණ සහ ගෝලීය අපේරණය පිළිබඳව ද ඔහු පර්යේෂණ සිදු කොට ඇත. කාචවල විශාලම බලය පිළිබඳවත් පරීක්ෂණ සිදු කළේය. ඔහුගේ —මීසාන් අල්-හික්මා˜ නම් ග්‍රන්ථයේ වායුගෝලයේ ඝනත්වය පිළිබඳව සාකච්ඡා කරන අතර වායුගෝලයේ උස සමඟ ඇති සම්බන්ධතාව ගොඩ නැගීය. වායුගෝලය තුළින් ආලෝක වර්තනය පිළිබඳව ද විස්තර ඉදිරිපත් කරයි. හිරු උදාවන හා බසින මොහොතේ අහසේ වර්ණ පිළිබඳව විස්තර කරන ඔහු හිරු ක‍ෂිතිජයට 19Ÿ ක් පහළින් සිටින විටද එසේ දිස්වීම ඇරඹීම හෝ නැවතීම සිදුවන බව සොයාගෙන තිබුණි. එමගින් වායුගෝලයේ උස සැතපුම් 55ක් බව දක්වයි. තවද එම ග්‍රන්ථයේ ඔහු ස්කන්ධ අතර ආකර්ෂණ බලය පිළිබඳව ද සාකච්ඡා කරයි. ගුරුත්වජත්වරණය පිළිබඳව ද ඔහු දැන සිටි බව ඉන් වැටහේ.
ගණිතය හා භෞතික විද්‍යා ෙක‍ෂ්ත්‍රයේ ඉබ්නු හයිතම්ගේ දායකත්වය ශ්‍රේෂ්ඨය. විජ ගණිතය හා ජ්‍යාමිතය සම්බන්ධ කොට විශ්ලේෂ ජ්‍යාමිතිය දියුණු කළේය. චලිතය පිළිබඳව අධ්‍යයනය කළ ඔහු බාහිර බලයක් යෙදෙනතාක් කල් වස්තුවක් ඒකාකාරව ගමන් කිරීම හෝ නිශ්චලව තිඛෙන බවත් බාහිර බලයක් යෙදුණු විට එය නැවතීම හෝ චලිතයේ වෙනසක් සිදුවන බව කීය. මෙය චලිතය පිළිබඳව පළමු නියමයට බොහෝ දුරට සමාන වේ.
200 ක් වූ ඔහුගේ අරාබි ග්‍රන්ථ වලින් කීපයක් පමණක් ආරක‍ෂා වී ඇත. එනමුදු ඔහුගේ ශාස්ත්‍රීය ලේඛනවල ලතින් පරිවර්තන බොහෝමයක් අරක්ෂිතව පවතී. විශ්වය පිළිබඳව බොහෝ ග්‍රන්ථ මධ්‍ය කාලීන යුගයේ ලතින් හිබ්රූ හා අනෙකුත් භාෂාවලට පරිවර්තනය කෙරිණ.
ඔහුගේ ග්‍රන්ථවල සුවිශේෂත්වය නම් විද්‍යාත්මක ක්‍රමය පැහැදිලිව ආදේශ කිරීමයි. භෞතික සංසිද්ධි ක්‍රමානුකූලව නිරීක්ෂණය කොට විද්‍යාත්මක වාදයක් ගොඩ නැගීම ඔහු අතින් සිදුවිය. මෙය විද්‍යාත්මක විධි ක්‍රමයේ සංසිද්ධියක් විය. නිරීක‍ෂණය, උප කල්පනය තහවුරු කිරීම යන මූලික අංශ ක්‍රමවත් ලෙස සම්බන්ධ කොට ස්ථීර පදනමක් මත විද්‍යාත්මක අන්වේශන සිදු කළේය. පොදුවේ භෞතික විද්‍යාවටත්, විශේෂයෙන් ප්‍රකාශ විද්‍යාවටත් ඉබ්නු හයිතම් කළ සේවය විශිෂ්ඨය. එමගින් ප්‍රකාශ විද්‍ය ෙක‍ෂ්ත්‍රයේ න්‍යායයික හා ප්‍රායෝගික අංශ 2 ට නව යුගයක දොර විවෘත විය. ක්‍රි.ව 1040 දී ඔහු මෙලොවින් වියෝ විය.
කේ. නාපාවල B.Sc.දෝහා – කටාර්.

අත්අඩංගුවට පත්වීමට කල ලොකුම වරද ඉස්ලාම් දහම වැලද ගැනීමද?

පසුගිය 2010.03.27 දින අත්අඩංගුවට ගත් ලේඛිකාව පිලිබදව පුවත්පත් මගින් මෙන්ම අන්තර්ජාල සිංහල ඊකදට ම`ගින් ද විවිධ කරුණු දැන ගැනීමට හැකි විය. එහි දී විශේෂයෙන් 2010 මාර්තු මස 30 වන දින “සති මැද ලංකා“පුවත්පතේ පහත ආකාරයේ ලිපියක් පලවී තිබුණි. එනම්,

2010 මාර්තු මස 30 “සති මැද ලංකා”

බෞද්ධාගම සහ ඉස්ලාම් ආගම පිළිබඳව විවරණයක යෙදෙමින් කෘති දෙකක් රචනා කළ සාරා මාලනී පෙරේරා නම් කතුවරියක් මිරිහාන පොලිසිය විසින් කොළඹදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විසින් රචනා කළ .අඳුරින් එළියට.  (From Darkness to Light) – සහ  .ප‍්‍රශ්න සහ පිළිතුරු. :ූ(Questions and Answers)– යන කෘති දෙක හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව සාරාගේ සහෝදරියක වන මාරියම් මහත්මිය විදෙස් ප‍්‍රවෘත්ති සේවයකට පවසා තිබිණිග  Gulf Daily News ප‍්‍රවෘත්ති සේවයට ඇය වැඩිදුරටත් පවසා තිබුණේ අදාළ කෘති මඟින් බෞද්ධාගමට අපහාසයක් සිදුවන බවට .හෙළ උරුමය. නම් සංවිධානයක් කළ පැමිණිල්ලක් මීට හේතු වී ඇති බවයිග සාරා මාලනී නම් තම සහෝදරිය අධිකරණයට පවා ඉදිරිපත් නොකොට නීති විරෝධී ලෙස මෙසේ රඳවාගෙන සිටීම බරපතළ අසාධාරණයක් බවද ඇය  Gulf Daily News වෙත පවසා තිබිණි. මේ පිළිබඳව BBC ලෝක සේවයට අදහස් දක්වමින් සාරාගේ නීතීඥයාවන ඇලෙක්ස් ප‍්‍රනාන්දු මහතා පවසා තිබුණේ මෙතෙක් මෙම අත්අඩංගුවට ගැනිමට හෝ රඳවා තබා ගැනීමට හේතුවක් පොලිසිය විසින් ඉදිරිපත් කර නැති බවයිගලංකාවේ උපන් සාරා මාලනී පෙරේරා උපතින් බෞද්ධාගමික කාන්තාවක වන අතර පසුව ඉස්ලාම් ආගම වැලඳගෙන තිබේග බහරේන්හි පදිංචිව සිටි ඇය මාස කිහිපයකට පෙර ලංකාවට පැමිණ තිබේග ඇය ලියූ කෘති දෙකේ මුද්‍රිත පිටපත් තොගයක් නැව් මඟින් බහරේන් වෙත ප‍්‍රවාහනය කිරීම සඳහා ප‍්‍රවාහන සමාගමකට භාරදී ඇති අතර අදාළ සමාග මේ හිමිකරු විසින් මෙම කෘති පිළිබඳව හෙළ උරුමයට දැනුම් දී ඇති බවත් ඔවුන්ගේ අනුදැනුම මත කොළඹදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවත්  Gulf Daily News වාර්තා කර තිබිණිග

මේ පිළිබඳව අප මිරිහාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු සාරා මාලනී අත්අඩංගුවට ගත් බව සඳහන් කළ අතර වැඩිදුර තොරතුරු ලබාදිය නොහැකි බව පැවැසීයග පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු සඳහන් කළේ රාජ්‍ය විරෝධී ක‍්‍රියාවකට සම්බන්ධ බවට සැක කරමින් ඇය අත්අඩංගුවට ගෙන රඳවාගැනීමේ නියෝග(Detention Order– යටතේ රඳවාගෙන ප‍්‍රශ්න කරන බවයිග සාරා මාලනී ග‍්‍රන්ථ කතුවරියක් ද යන්න තමා නොදන්නා බව පැවැසූ ඒ මහතා මීට අදාළ වාර්තාවක් තමන් ඉල්ලා ඇතත් මෙතෙක් එය නොලැබුණු බවද සඳහන් කළේ

ඉහත ලිපිය කියවන අපට මෙම සාරා මාලනී පෙරේරා අත්අඩංගුවට පත්වීමට කල ලොකුම වරද ඉස්ලාම් දහම වැලද ගැනීමද? එසේත් නැත්නම් බුදුදහමට එරෙහිව පොත් ලිවීමද? යන සැකය අපට ඇති වේ. මන්ද රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ මත අත්අඩංගුවට ගනු ලැබු ඇයට එරෙහිව තවම චෝදනා පත්‍රයක් නැත. එසේම මෙම සිදුවීම තුල සුපුරුදු පරිධි ප්‍රධාන චරිතය ර`ග දක්වන්නේ හෙල උරුමය සංවිධානයයි. ඔවුන්ගේ මෙවැනි ක්‍රියා කලාපයන් ලාංකීය සු`එ ආගම් අනුගාමිකයන් හට අ`එත් දෙයක් නොවේ. එසේම ඇය අත්අඩංගුවට පත්වීමට පසුබිම් වූ සිදුවීම ද විවිධ සැකයන් ඇති කරයි. ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ද යම් යම් සැකයන් ඇතිවීම කිසිවකුටත් ප්‍රතිෙක‍ෂ්ප කල නොහැක. මෙහි දී ඉස්ලාම් දහම හා බද්ධව මෙම චෝදනාව පවතින නිසා මේ සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය ද ලාංකීය සමාජය දැනගත යුතුවේ. එනම්,

සැබැවින්ම ඇය රාජ්‍ය විරෝධි ක්‍රියාවක නියලී තිබේ නම් එය ඉස්ලාම් දහම අනුමත නොකරන බරපතල වරදකි. එසේම සැබෑ මුස්ලීම්වරයෙකු දේශ ද්‍රේහියකු හෝ රටේ නීතියට අවනත නොවන කෙනෙකු විය නොහැක. මෙය ඉස්ලාම් මුස්ලීම්වරුන්ට අවධාරනය කරන අනිවාර්‍ය කාරණයක් යන්න ඇය මෙන්ම මුස්ලීම් ප්‍රජාව ද අවබෝධ කරගත යුතුය. නමුත් ඇයට එරෙහිව දේශද්‍රේහි චෝදනා පත්‍රයක් කිසිවකු හෝ කිසියම් සංවිධානයක් නිර්මාණය කරන්නේ නම් එය ඉතාම පහත් මිලෙච්ඡ ක්‍රියාවකි. එයට එරෙහිවීම මනුෂ්‍යත්වය අගයන සෑම කෙනෙකුගේම අනිවාර්‍ය යුතුකමකි.

එසේම මෙම සිදුවීමත් සම`ග ලාංකීය සමාජයට අවධාරනය කල යුතු තවත් කාරණයක් ඇත. එනම් මෙම තත්වයට ඇය පත්වීමට බලපෑ හේතුව ඇය ඉස්ලාම් දහම වැලද ගැනීම නම්, මෙම අත්අඩංගුවට ගැනීම ලාංකීය සු`එ ආගම්වලට හා එහි අනුගාමිකයන්ට කරන බරපතල අනතුරු ඇ`ගවීමක් ලෙසයි අප දකින්නේ. එසේම රටේ ව්‍යවස්ථාවෙන්ම මේ රටේ සෑම පුරවැසියෙකුටම ලබාදී තිඛෙන අයිතිය වන ආගමික නිදහස අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. කිසියම් කෙනෙකු තමන් උපතින් උරුම වූ දහමින් බැහැරව වෙනත් දහමක් හෝ දර්ශනයයක් පිලිපැදීම කිසිවිටෙකත් වරදක් විය නොහැක. මන්ද මීට වසර 2500 කට පෙර බුදුදහම ප්‍රකාශ වන්නේ ද අද මෙන්ම වෙනත් ආගම්, ඇදහිලි, විශ්වාසයන් හා දර්ශනයන් පිලිපදින සමාජයක යන්න අප අමතක කලයු=තු නොවේ. එසේම ගෞතම බුදුන් විසින් අවබෝධ කරගත් එම සත්‍ය සමාජයට ප්‍රකාශ කිරීම ද වරදක් නොවේ. මන්ද ඒ වන විට සමාජයේ පැවති  ඇදහිලි, විශ්වාසයන්ට සාපේක‍ෂව තමන් විසින් අවබෝධ කරගත් මාර්ගය වඩාත් නිවරුදි  යයි තමන් සිතන නිසා. එම පදනමේ හිද කිසිවකු තමන් අවබෝධ කරගත් සත්‍යයක් සමාජයට දේශනා කිරීම හෝ තමන් අවබෝධ කරගත් මාර්ගයක් පිලිගෙන ඒ ඔස්සේ කටයුතු කිරීම ද වරදක් නොවේ. එය වරදක් වේ නම් එදා බුදුදහම සමාජයට ප්‍රකාශවීමත් වරදක් වනු ඇත. කිසිවකු එය වරදක් යයි නොපවසනු ඇත. අප ද එය වරදක් ලෙස නොදකිමු එසේම අද එය සිදු වුවත් ශිෂ්ඨසම්පන්න සමාජයක් ලෙස එය වරදක් ලෙස නොදැකිය යුතුය. එසේ ක්‍රියා කිරීම බුදුදහම ද අනුමත කරන ආදර්ශයකි. එසේ තිබිය දී සැබැවින්ම ඇය බුදුදහම අතහැර යාම පිලිබදව කිසියම් හැ`ගීමක් ඇත්නම් කලයුතුව ඇත්තේ ආගමික ඉගෙන්වීමන් ගෙනහැර දක්වමින් ඇයට හා සමාජයට කරුනු පහදාදීමයි. එයයි සිදුවිය යුත්තේ නමුත් සිදුවන්නේ කුමක්ද? සමාජයේ කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය මත බෞද්ධ සමාජයට බුදුදහම හා එහි ඉගෙන්වීම් ප්‍රකාශ කරනවා වෙනුවට අනිත් අගම්වලට විවිධ ආකාරයේ තහන්චි දමමින් සමාජයට වැරදි ආදර්ශයක් පෙන්වා දෙමින් අසාර්ථක වෑයමක නිරතව සිටී. මෙවන් ක්‍රියා සැබෑ බෞද්ධයකු කිසිවිටෙකත් අනුමත නොකරනු ඇත. එසේම් බුද්ධිමත් සමාජය මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමුකල යුතුය.

ඔවුන්ගේ පදනමේ හිද බැලූවේ නම් එනම්, බුදුදහම විමර්ශනටය කරමින් පොත් ලිවීම අත්අඩංගුවට ගැනීමට තරම් වරදක් නම්, මේ වන විට ඉස්ලාම් දහමට එරෙහිව ලාංකීය සමාජය තුල ප්‍රකාශයට පත්වී ඇති පොත් සංඛ්‍යාව කොපමණද? අතුරින් කිහිපයක් සදහන් කරන්නේ නම්,

සිහළ අභියොගය ( පාඨලී චම්පික රණවක )

ජාතික මනස හා මහා සිංහලය ( ඛෙංගුමුවේ නාලක හිමි )

අල් ජිහාද් අල්කයිදා ( පාඨලී චම්පික රණවක )

මගේ දේශය අවදිකරන හ`ඩ ( සෝම හිමි )

බුදුසමය හා දෙවියෝ ( නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි )

වෙනත් සමයන් අතර බුදුසමය ( කන්නිමහර සුමංගල හිමි )

සිංහලේ ජාතික සටන ( දයාවංශ ජයකොඩි )

අල්ලාහු අක්බර් ( කොලට් සේනානායක, නාරද කරුණාතිලක )

ආදම් සිංහලයකි ( මතුගම මහින්ද විෙජ්තිලක )

අඩස`ද ක`එවර ( සුජිත් අක්කරවත්ත )

ධර්මපාල ලිපි ( ආනන්ද ඩබ් පී ගුරුගෙ )

58 හදිසි අවස්ථාව ( ටාසි විට්ටච්චි )

පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් ( ඛෙල්ලන ඥානවිමලනා හිමි )

අදුරු මිසදිටු බිද හෙළන්නට ( ඤානදීප හිමි )

නුවණැස පාදන සිරි සදහම් ( ඥානානන්ද හිමි )

ඉහත පදනමේ හිද බලනවිට මේ පිරිස් වෙනුවෙන් ක්‍රියාත්මක නීතිය කුමක්ද?. ඇය විසින් ලියන ලද පොත නම් මෙම අත්අඩංගුවට හේතුව මේ පිරිස් සදහා ඒ නීතිය ක්‍රියාත්මකවීමක් අප නොදකින්නේ ඇයි?. මෙහිදී ද යමක් පැවසිය යුතුය. එනම් ඉස්ලාම් තවත් දහමක් හෝ තවත් පිරිසකගේ විශ්වාසයක් අපහස කිරීම අනුමත නොකරන එසේ කිරීම පිලිබදව දැඩිව අවවාද කරන දහමකි. ඒ අනුව ඇය විසින් හෝ වෙනත් ඕනෑම කෙනෙකු විසින් කිසියම් දහමක් අපහසයට ලක්කරයි නම් එම ක්‍රියාව ඉස්ලාම් නොවේ. නමුත් තමන් අවබෝධ කරගත් දැනුමෙන් සමාජය තුල සංවාදයක් ගොඩනැගීම කුමන දහමින් සිදුකලත් එය ඇගයීමට ලක් කලයුතු කාරණයක් මිස අත්අඩංගුවට ගැනීමට කාරණයක් නොවේ.  ඉහත සදහන් සමහරක් කෘතීන් සෘජුවම කිසිදු පදනමකින් තොරව ඉස්ලාම් විවේචනයට හා අපහසයට ලක්කරයි.

එහි සමහරක් කතෘ සමාජයේ ප්‍රබල දේශපාලන චරිත (උදාහර්නයට”අල් ජිහාද් අල්කයිදා” කතෘ පාඨලී චම්පික රණවක මෙහි ඔහු මුස්ලීම් සමාජයේ සමහරක් ක්‍රියාකලාපය දෙස බලා ඉස්ලාම් දහම විවේචනය කර ඇත. මේ පදනමේ හිද බුදුදහම කිසිවකු විවේචනය කරයි නම් එය මෝඩ මෙන්ම අන්තවාදී ක්‍රියාවක් යන්න  සිය`එ දෙනා අවිවාදයෙන් පිලිගන්නා සත්‍යයකි.) අප කිසිවිටෙකත් ඉහත පිරිසගේ තත්වයට පත්ව මෙම පිරිස් අත්අඩංගුවට පත් කලයුතු යයි නොපවසමු. අප අවශ්‍ය නම් කලයුතු වන්නේ එම කෘතීන්ට පිලිතුරු සැපයීම පමණි. මන්ද සැබෑ දහමකට එරෙහිව විවේචනයන් එල්ලවීම හෝ එහි ඉගෙන්වීම් සමාජයට විවෘතවීම පිලිබදව කලබල වියයුතු නොවේ. නමුත් මිත්‍යාවන්ට එසේ ක්‍රියාකල නොහැක. මිත්‍යාවන්ට පැවැත්ම ඇත්තේ එය සමාජයෙන් වසන් වන තරමටය. ඒ අනුව බියවිය යුතු වන්නේ මිත්‍යාවන් මිස සැබෑ දහමන් නොවේ.

මෙවැනි සිදුවීම්වල දී ලාංකීය සමාජයේ සමහරක් ස්වාමිණ් වහන්සේලා ඉදිරිපත් කරන චෝදනාවක් වන්නේ බුදුදහම පිලිබදව නිසි අවබෝධයක් නොමැති ජනතාව මේ විවිධ පිරිස් තම තමන්ගේ ආගම්වලට හරවා ගන්නා බවයි. මෙය බෞද්ධ සමාජයම අවතක්සේරුවට ලක්කර වන හාස්‍ය උපදවන තර්කයකි. මන්ද ලාංකීය සමාජයේ රූපවාහිණි, ගුවන්විදුලි හා මුද්‍රත මාධ්‍යයන් කිහිපයක්ම මේ බුදුදහම ප්‍රචාරය සදහාම කටයුතු කරමින් සිටින මේ වකවානුවේ විශේෂයෙන් එම ප්‍රචාරයන්ට සාපේක‍ෂව අනිකුත් ආගම් සදහා එවැනි ප්‍රචාරයන් සිදුනොවන වකවානුවක ලාංකීය බෞද්ධ සමාජය බුදුදහම නොදන්නවා යයි කිසිවකු පවසන්නේ නම් මෙම ක්‍රියාවලියන් තුල කොතනක හෝ වරදක් ඇති බව බෞද්ධ සමාජය ම අවබෝධ කරගත යුතුය. එසේම මෙවැනි පදනම් විරහිත තම වගකීම්වලින් බැහැර වන මෙම තර්කයන් පිලිබදව බෞද්ධ සමාජය වරක් නොව දෙවරක් සිතිය යුතුය. එසේ සිතීමට පොළොඹවන ලිපියක් පසුගිය දිනක අන්තර්ජාලයේ හමුවිය. එහි මෙවැනි අත්අඩංගුවට ගැනීම් පිලිබදව ද ඇය කථා කොට ඇත. එම ඊකදට සටහන මෙහි ඉදිරිපත් කරන්නේ ඇයට ද යමක් පවසමිණි. එනම්,

“ඔබ වැනි පිරිස් වර්ථමාන ලාංකීය සමාජයේ කාලීන අවශ්‍යතාවයකි”

දේශපාලන කටයුත්තක් නම් එයට ඉස්ලාම් ආගම හෝ මුස්ලීම් ජනතාව අවදානමට ලක් නොකර එය දේශපාලන රාමුවට පමණක් සීමා කරන්න

ඉස්ලාමීය මුලික ඉගෙන්වීමන් පවා නොදැන ඉස්ලාමීය විවේචනය කිරීම අද සමාජයේ සු`එභ වු කාරණයක් වී ඇත. මෙම විවේචකයන් දැනුවත් කිරීමේ අරමුණින් ඔවුන් ඉදිරිපත් කරණ කාරණයන් පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය පැහැදිලි කිරීමට මේ ම`ගින් අප අපේක‍ෂා කර සිටිමු.

2007/12/16 දින ඉරුදින පුවත්පත්

මේධානන්ද හිමියන්ගේ තනතුරට නොගැලපෙන තුට්ටුදෙකේ කථාවක්….

ellawala medhananda

පුරාවිද්‍යා චක්ක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් 2007.12.12 ˜වීරකේසරී˜ පුවත්පතට කල ප්‍රකාශනයක් උපුටා දක්වමින් 2007.12.16 ˜ඉරුදින්˜ පුවත්පතේ පලකොට තිබුණි. එහි ˜නැගෙනහිර පළාත මුස්ලීම්වරුන්ගේ මව්බිම නොවන බවත්, ඔවුන්ගේ මව්බිම විය යුත්තේ සෞදිඅරාබිය˜ යනුවෙන් ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි එල්ලාවල මේධානන්ද හිමියෝ ප්‍රකාශ කල බවට සදහන්ව තිබුණි. මේ ආකාරයට මුස්ලීම්වරුන් හා ඉස්ලාම් දහමට එරෙහි වු ප්‍රකාශන හා මාධ්‍ය සාකච්චාවන් පසුගිය කාල වකවනුවේ එතුමා නායකත්වය දෙන හෙළ උරුමය පක‍ෂ සාමාජිකයන්ගෙන් බහුලව දක්නට ලැබුණී. එවැනි තත්වයක් මධ්‍යයේ හෙල උරුම නායක පුරාවිද්‍යා චක්ක්‍රවර්ති මේධානන්ද හිමියන් කල මෙම ප්‍රකාශය හේතු කොටගෙන මාහට උන්වහන්සේ පිලිබදව හා උන්වහන්සේ නායකත්වය දෙන පක‍ෂය පිලිබදව ප්‍රශ්න කිහිපයක් මතු වේ. එනම්,

·       පුරාවිද්‍යාව පිලිබදව හසල දැනුමක් ඇති උන්වහන්සේට ලාංකීය මුස්ලීම්වරුන්ගේ මව්බිම පිලිබදව නිසි අවබෝධයක් නැත්තේ ඇයි?

·        ˜මව්බිම˜ යන වචනයට උන්වහන්සේ ලබාදෙන අර්ථ කථනය කුමක්ද?

·        වර්ථමානයේ ජනවාර්ගික ගැට`එවක් පවතින මාගේ මව්බිම උන්වහන්සේගේ ධර්මදීපයක් බවට පත් කරන්නට යන්නේ මේ ආකාරයට සු`එ ජාතීන් රටින් බැහැර කරමින්ද?

·        හෙළයන්ගේ උරුමය රුක දෙන්නට හදන්නේ මේ ආකාරයටද?

·        මෙවැනි මතයන් දරමින් ලාංකීය වර්ථමාන ජනවාර්ගික ගැට`එවට ඔබ වහන්සේ නියෝජනය කරන පක‍ෂයෙන් පිලිගත හැකි. විසදුමක් එම පීඩිත ජනතාවට ලැබේ යයි බලාපොරොත්තු වීම විහි`එවක් නොවේද?

·       ජාතිය හා ආගම පිලිබදව පැහැදිලි අදහසක් නැති උන්වහන්සේගේ මෙම ප්‍රකාශය මුස්ලීම් ජනතාවට පමණක් නොවේ ලාංකීය සු`එතරයක්ව ජීවත්වන සියල්ලටම රතු එලියක් වනවා නොවේද?

·        අතීතයේ පටන් රජවරුන් හා මුස්ලීම්වරුන් අතර පැවතී සමීප සම්බන්ධතාවයත්, පසුකාලීනව ස්වාමින්වහන්සේලා හා මුස්ලීම්වරුන් අතර පැවතී අවංක බැදීමන් පුරාවිද්‍යාව පිලිබදව ගවේශනය කල එල්ලාවල මේධෘනන්ද හිමියන්ට දැනගැනීමට නොහැකි වුවාද එසේත් නැත්නම් ඒවා සියල්ල හිතා මතා යට ගැසුවාද?

·        ඉහත කිසිවක් නොවේ නම් මේ සියල්ලට වඩා ඔබ්බට ගොස් වර්ථමාන ලාංකීය දේශපාලන රාමුවතුල හිද සුපුරුදු දේශපාලඥයකුගේ චරිතය ර`ග දක්වමින් දේශපාලන වාසි ලබන්න උත්සාහ කරනවාද?

මෙම ලිපිය මගින් ගරු එල්ලාවල මේධානන්ද හිමියන්ගේ අවධානයට කරුණු කිහිපයක් යොමු කිරීමට අදහස් කරමි. වර්ථමානයේ ශ්‍රී ලංකාවේ ජීවත්වන සිය`එ මුස්ලීම්වරුන්ගේ මව්බිම මේ ලක්බිමයි. මේ බිම මාගේ මව උපන් බිමයි, මවගේ මව උපන් බිමයි, එය කොතරම් අතීතයට ගියත් එහි වෙනසක් නැත. ආරම්භ කාලයේ විදේශවල සිට මුස්ලීම් ව්‍යාපාරිකයන් වෙළෙදාම් සදහා ලක්බිමට පැමිණෙන ලදී. ඔවුන්ගේ වෙළද දක‍ෂතාවය හා අවංකභාවය අවබෝධකර ගෙන සිටී රජවරුන් පවා මුස්ලීම් වෙළෙන්දුන්ට රටේ වෙළද කටයුතු භාර කල අවස්ථාවන් ද දක්නට ලදී. එසේම වෙළදාම සදහා පැමිණි පිරිස ලංකීය බෞද්ධ කාන්තාවන් විවාහ කරගන්නා ලදී. මෙය වඩාත් හොදින් තහවුරු වන්නේ ඉතිහාසයේ කිසිදු අවස්ථාවක විදේශ කාන්තාවන් ලංකාවට ගෙන ආ බවට සදහන් නොවීම තුලිනි. මේ අනුව සැලකුවත් වර්ථමාන මුස්ලීම්වරුන්ගේ මව්බිම ලංකාවයි. එසේ නොමැතිව ලෝකයේ ඉස්ලාම් දහමේ ආරම්භය හෝ මුස්ලීම් බහුතරය ජීවත්වන ප්‍රදේශය පදනම් කරගෙන වර්ථමාන මුස්ලීම්වරුන්ගේ මව්බිම තීරණය කරනවා නම් ලාංකීය බෞද්ධයින්ගේ මව්බිම ද ලංකාව නොව දඹදිව එසේත් නැත්නම් උතුරු ඉන්දියාව විය යුතු නොවේද? එසේ විය යුතුයයි රටේ බහුතරයක් වන බෞද්ධයින් හෝ මුස්ලීම්වරුන් වන අප ද පිලිනොගනිමු. මව්බිම තීරණය කරන සාධකය ඒ ඒ ජන කොට්ඨාශ පිලිපදින ආගම හා බැදුණූ කාරණයක් නොවේ. අප ආගමික වශයෙන් බෞද්ධ වුවත්, ක්‍රිස්තියානි වුවත්, මුස්ලීම් වුවත් එසේත් නොවේනම් හින්දු වුවත් අප සියල්ල ජාතියක් වශයේන ලාංකිකයන්ය. මෙම ගැට`එව තවත් කෝණයකින් එනම් විදේශයකින් සංක්‍රමණයවීම පදනම් කරගෙන මෙම ගැට`එවට පිලිතුරු සොයන්නේ නම් මුස්ලීම්වරුන් වෙළදාම සදහා ලංකාවට පැමිණීයා සේම විජය කුමරුගේ පැමිණිමත් සම`ග තමා සිංහල ජාතියේ ආරම්භය සිදුවන්නේ කාලයෙන් අඩු වැඩි වුවත් දෙපිරිසගේම පියවරුන් සංක්‍රමණිකයන් යන්නෙ හි කිසිදු මත භේදයක් නැත. එසේම මේ සියල්ල කුවේණිගේ දරුවන් යන්නෙහි ද මතභෙAදයක් නැත. මේ අපේ ද මව්බිම යන්නට මීටත් වඩා සාක‍ෂී අවශ්‍යද? අපේ මේ උරුමය මුස්ලීම්වරුන් වන අප අහිමි කරගන්න කිසිවිටෙකත් සුදානම් නැත. ලාංකීය බෞද්ධයින්ට මෙන්ම මේ රට පිලිබදව අපට ද හැ`ගීමක් ඇත. එය රජවරුන්ගේ සමයේත්, පසු කාලීනව අධිරාජ්‍යවාදීන්ගෙන් රට මුදාගැනීමේදීත් ඊට පසුකාලවලදීත් එය ප්‍රායෝගිකව ඔප්පුකොට පෙන්වා ඇත. අතීතයේ පමණක් නොවේ වර්ථමානයේ ඛෙදුම්වාදීන්ට මුදලට රට පාවාදෙන සමහරුන් හමුවේත් ˜මිලේනියම් සිටි˜ වැනි තීරණාත්මක අවස්ථාවල මුස්ලීම්වරුන් නායකත්වය ලබාදෙමින් මෙම ජතික හැගීම වාචිකව නොව ප්‍රායෝගිකව ඔප්පුකොට පෙන්වා ඇත. මේ තරම් සරල කාරණයක් අවබෝධ කරගන්නට තරම්වත් ඉතිහාසය පිලිබදව හසල දැනුමක් ඇති එල්ලාවල හිමියන්ගේ මනස විවෘත්ත නොවුයේ ඇයිද?.

අතීතයේ පටන් ලාංකීය සමාජයේ විවිධ ආගමිකයින් ඉතා සුහදව කටයුතු කර ඇත. එවැනි ජන සමාජයක් මධ්‍යයේ හිද බහුතරයක් නියෝජනය කරන ආගමික නායකයෙක් මෙන්ම විද්වතෙක් මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශනයක් කිරීම ඒ විවිධ ආගමිකයින් අතර ඇති බැදීමට අකුල් හෙලීමකි. එසේම ජනවාර්ගික ගැට`එවක් පවතින අප රටට මෙවැනි ප්‍රකාශන මරු පහරකි. අතීතයේ බෞද්ධ ස්වාමින්වහන්සේලා හා මුස්ලීම් ජනතාව ඉතා සමීපව කටයුතු කල බවට ඕනෑතරම් සාක‍ෂි ඇත. සමහරක් අවස්ථාවල ස්වාමින්වහන්සේලා මුස්ලීම් දේවස්ථාන ඉදිකර ගැනීම සදහා පන්සලට අයත් භූමීන් ලබාදුන් බවට ද ඉතිහාසයේ සදහන් වේ. මේ අකාරයට සුහදව කටයුතු කල ජනතාව මධ්‍යයේ මෙවැනි ප්‍රකාශන මේධානන්ද හිමියන් සිදුකිරීම ජාතියක් වශයෙන් දෙවරක් සිතා බැලිය යුතුයි.

මෙවැනි ප්‍රකාශන සිදුකිරීමට බලපෑ කාරණය නැගෙනහිර පළාතේ ඇති වු ඉඩම් ආරව්ලක් බව සදහන් වේ. නමුත් මෙම ප්‍රකාශය තුල මුස්ලීම්වරුන් වන අප දකින්නේ ලාංකීය මුස්ලීම්වරුන් පිලිබදව උන්වහන්සේ හට තිබු ආකල්පය මල්ලෙන් එලියට පැනීමකි. කෙසේ වෙතත් එතුමාගෙන් මා ඉල්ලා සිටින්නේ සැබෑ මුස්ලීම්වරයෙකු කිසිවිටෙකත් අන්සතු වස්තුවක් තමා සතුකර නොගනී. එය ඉස්ලාම් දහමේ මහා පාපයකි. එවන් තත්වයක බෞද්ධ සමාජයට යම් අසාධාරණයක් මුස්ලීම් ජනතාවගෙන් සිදුවී ඇත්නම් කලයුතුව ඇත්තේ එයට ආගම්වාදී මුහුණුවරක් හෝ දේශපාලනවාදී මුහුණූවරක් නොදී නිතියේ ඉදිරියට එය ගෙනයාමයි. මා සිතන්නේ මේධානන්ද හිමියන්ගේ මෙම ප්‍රකාශය තුල සෘජුවම ආගම්වාදීත්වයක් තිබුණ ද පසුබිමින් ඇත්තේ පැහැදිලිවම දේශපාලනමය ගැටුමකි. මන්ද පසුගිය දිනවල ලාංකීය දේශපාලනයේ ඇති වු උණුසුම්කාරී තත්වය එයට ප්‍රධාන හේතුවක් විය හැක. එය වඩාත් හොදින් පසුගිය දිනවල පැවතී අයවැය විවාදය තහවුරු කලා. එනම් අයවැය දෙවන වර කියවීමෙන් අනතුරුව පැවතී ඡන්ද විමසීමේ දී අණ්ඩුවට පක‍ෂව ඡන්දය ලබාදුන් රව්ෆ් හකීම් ඇතු`එ කන්ඩායම දේශප්‍රේමීන් ලෙස ඉහත ස්වාමිණ් වහන්සේ නායකත්වය දෙන පක‍ෂ සාමාජිකයින් පවා මාධ්‍යයට පවසා සිටියා. එසේ හදුන්වා දුන් එම දේශප්‍රෙමීන්ම තෙවන වර අයවැය ඡන්ද විමසීමේ දී දේශද්‍රෙහීන් බවට පත්වුනා මෙය තමා ලාංකීය දේශපාලනය, කෙසේ වෙතත් ස්වාමින් වහන්සේගේ සහා එතුමාගේ මතයට සමාන මතයන් දර සියල්ලගේ අවදානය සදහා එක් කාරණයක් පැවසිය යුතුයි. එනම් වර්ථමාන ලාංකීය සමාජයේ මුස්ලීම් ජනතාව හා ඉස්ලාම් දහම නියෝජනය කරන බව පවසමින් විවිධ දේශපාලන පක‍ෂයන් හා දේශපාලඥයන් ආණ්ඩු පක‍ෂයේ හා විපක‍ෂයේ සිටියත් මේ සිය`එ දේශපාලඥයින් මුස්ලීම් ජනතාව හා ඉස්ලාම් දහම ලංසුවට තබා දේශලානයේ වැජඹෙනවා මිස මොවුන්ගෙන් කිසිවකු ඉස්ලාම් දහම හෝ මුස්ලීම් ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී නොසිටින බව අවධාරනය කලයුතුයි. මා එසේ පවසන්නේ ලාංකීය සමාජයේ අතීතය පුරාවට දැකපු කාරණයක් ඇත. එනම් මීට වසර 17 කට පමණ පෙර මුස්ලීම් ජනයාගේ උපන් බිමි වන යාපනයේ ඔවුන් නෙරපාහැරිම. මීට වසරකට පෙර මුතූර්වලන් නෙරපාහැරිම……. මේ සෑම අවස්ථාවකම මුස්ලීම් දේශපාලඥයින් කලේ කුමක්ද? තමන්ගේ ඡන්ද මල්ල තර කර ගන්න වාද විවාද කලා පමණි. පසුගිය දිනවල මුස්ලීම් ව්‍යාපාරිකයන් පැහැර ගැනීම, කප්පම් ගැනීම යනාදී වශයෙන් විවිධ හිරිහැරයන් සිදුවුනා. මුස්ලීම් දේශපාලඥයින් කලේ කුමක්ද? තමන්ගේ ඡන්ද මල්ල තරකරගන්න වාද විවාද කලා පමණි. මේ ආකාරයට මුස්ලීම් ජනතාවට ගැට`එ ඇතිවන සෑම අවස්ථාවකම මුස්ලීම් දේශපාලඥයින් ක්‍රියා කොට ඇත්තේ ඉහත ආකාරයට පමණි. එමනිසයි මා නැවතත් අවධාරනය කරන්නේ මෙම දේශපාලඥයින් මුස්ලීම් ජනතාව හෝ ඉස්ලාම් දහම නියෝජනය කරන්නේ නැති බව.

එමනිසා ගරු ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ මෙය දේශපාලන කටයුත්තක් නම් එයට ඉස්ලාම් ආගම හෝ මුස්ලීම් ජනතාව අවදානමට ලක් නොකර එය දේශපාලන රාමුවට පමණක් සීමා කරන්න. එසේ නොමැතිව යම් ජන කොට්ඨාශයකට මුස්ලීම්වරුන්ගෙන් අසාධාරණයක් සිදුවී ඇති බව පවසන්නේ නම්, එය නීතිය ඉදිරියට ගෙන ගොස් එම ගැට`එව සදහා විසදුමක් ලබාගන්න. මන්ද ˜සැබෑ මුස්ලීම්වරුන් සැමදා නිතිගරුක විය යුතුයිæ˜ යන්න ඉස්ලාම් දහම කියාදෙන වැදගත් පාඩමකි. ඒ බවත් අවදාරනය කරමන් අවසාන වශයෙන්, මේ රට අපෙත් රටයි අපේ මව්බිමයි අප ශරිරයේ ඇති ලේ, මස්, ඇට, නහර මේ සියල්ල පෝශණය වෙලා තියෙන්නේ මේ ලක්පොළොවින් එය අපෙත් උරුමයක් බවත්. එය එසේ නොවේ යයි කිසිවකු පවසයි නම් එය පිලිගන්න මුස්ලීම්වරුන් වන අප සුදානම් නැති බවත් පවසා මෙම ලිපිය අවසාන් කරමි.

.