Category Archives: පරිසරය

චීන යකඩ හස්තය තුල ඉස්ලාමිය සමුහාන්ඩුවක්

ආගම යල්පැන ගිය දෙයක්ද?

මේ විශ්වයේ හා ජීවිතයේ රහස් මිනිසාට හඳුන්වාදීම පමණක් විද්‍යාවෙන් කළ හැකි දේයයි ප්‍රමුඛ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මිනිසා විද්‍යාව විසින් සොයා ගත් ඒවා පමණක් සත්‍යය. අනෙක් ඒවා හිස්ය. එහෙත්, එබඳු මෙබඳු ප්‍රකාශයක් කිරීමේ දී ඔවුහු, විද්‍යාවේ බුද්ධිමත් හා ආකර්ශනීය වාර්තා ඇතිවත් එය තවම ළදරු අවස්ථාවේය යන කරුණ අමතක කරති. එසේම බොහෝ දේ පිළිබඳ සත්‍යතාව හෝ අසත්‍යතාව ගැන සුළු අනවශ්‍ය සමීක‍ෂණයක් කරනවාට වඩා සත්‍යයේ ගැඹුරට යාමට එයට නුපුළුවන් බව කීමට හැමදාම පසුබට වෙති. එහෙත්, විද්‍යාවේ අනුගාමිකයන් තවමත් කෑගසා බලධාරි ලෙස අපට කියන්නේ මනුෂ්‍ය ආත්මය තරම් වටිනා දෙයක් තවත් නැත කියා ය. සංවේදන ඉන්ද්‍රියයන්ගේ සීමාවන්ට මැදි වූ මිනිසාට අඥානය සමග සම්බන්ධතාවක් ඇති කරගත හැකිය. දුරඥානය මගින් හෝ සිහින මගින් එයට බැල්මක් හෙළිය හැකිය යන්න ඔවුහු ප්‍රතිෙක‍ෂ්ප කරති.

ඔවුන් ඒවා ප්‍රතිෙක‍ෂ්ප කරන්නේ ඒවා හුදු මායාවන් බව ඔප්පු කිරීම නිසා නොවේ. මනුෂ්‍ය සංඥානයේ ක්ෂේත්‍රය ඉක්මවා ගිය යම් කිසි දෙයක් දෙවියන් වහන්සේගේ සන්තෝෂයට හේතු වන හෙයින් හා ප්‍රමාණවත් නොවන උපකරණ සහිත ප්‍රායෝගික විද්‍යාව එහි රහස එළිදරවු කිරීමට අපොහොසත් හෙයින් ය. මිනිසාගේ පරීක‍ෂණයට විෂය නොවන දෙයක් වූ මෙය මෙම මහත්වරුන් එදෙසට හැරවීමට ශක්තිමත් වෙයි. ඔවුන්ගෙන් සමහරු මනුෂ්‍ය ආත්මය හා සමාන දෙයක් තවත් නැතැයි ලෝකයාට කීමට උනන්දු වෙති.

අද මිනිසා පෙළෙන —ප්‍රබුද්ධ අඥානය˜ එබඳුය. මෙම —විද්‍යාත්මක˜ මකුළු දැල් පිස දැමීමටත් ඈත අතීතයෙන් උරුම වූ මානසික දුර්වලතාවන් නැති කර දැමීමටත් ඉස්ලාම් ආගමේ අවශ්‍යතාව ගැන සිතමින් මිනිසා දුකින් දවසරින අයුරු මෙයින් පෙනේ. මිනිසාගේ අඥාන බව පෙන්නුම් කරන පිළිම වන්දනාව පැරණි ක්‍රමයයි. විද්‍යාභිවාදය එහි නවීනතම අර්ථයයි. මිනසත් බවේ සාධකය හා භාරය නිදහස් කරගැනීම පිණිස මේ දෙවැදෑරුම් අවශ්‍යතාවන් නැතිකර දැමිය යුතු වෙයි. මෙම කාර්ය සාධනයේ දී මනුෂ්‍යත්වයට ඇති එකම බලාපොරොත්තුව ඉස්ලාම් ආගමයි. ආගම හා විද්‍යාව අතර සාමය රඳවා ගත හැක්කේත්, (සාමය නැති කර ගත් ආපදාපන්න වර්තමාන ලෝකයට ඒවා නැවත ලබාදිය හැක්කේත්) මිනිස් සාධනය හා අන්තඥානය අතරත්, මිනිසාගේ ඥානයට ඇති ආශාව හා දෙවියන් වහන්සේ කෙරෙහි ආශාව අතරත් සමනය කළ නොහැකි විරුද්ධතාවක් ඇති කරමින්, අපරදිග ජීවිතය කෙරෙහි පවත්නා නොගැළපෙන ආකල්ප මගින් සාමය හා සමාදානය නැති කර ගත් ආපදාපන්න වර්තමාන ලෝකයට ඒවා නැවත ලබා දිය හැක්කේත් ඉස්ලාම් ආගමට පමණකි.

ඓතිහාසික වශයෙන් වර්තමාන යුරෝපීය ශිෂ්ටාචාරය රෝම අධිරාජ්‍යය විසින් වර්තමාන යුරෝපයට උරුම කොට දුන්නා වූ ද එකකි. මෙම ග්‍රීක ශිෂ්ටාචාරයෙන් මිනිසා ඔහුගේ දෙවියන්ගේ සම්බන්ධතාව අන්‍යෝන්‍ය විරුද්ධතාවයක් හැටියටත් ස්ත්‍රිය ද්වේශයක් හැටියටත් දක්නට ලැබේ. මානුෂික ප්‍රයත්නයේ රහස් මෙබඳුය. එසේ නැතහොත්, මිනිසාට මෙලොවදී අත ගැසීමට සිදු වන හොඳ දේවල් තහනම් කරන හා හැකි නම් ආපසු ගන්නා මේ නිෂප්‍රයෝජනවත් හා ඊර්ෂ්‍යාකාරි දෙවිවරුන්ගෙන් ඈතට පැන යාමට කරන උත්සාහයක් සේ පෙනේ. මේ අයුරින් බලන විට, මිනිසාගේ විද්‍යාත්මක සොයාගැනීම් වනාහී තමාට එබඳු දේවල් කිරීමට තරහවෙන් ඉඩ නොදෙන දෙවියන්ගෙන් පළිගැනීම පිණිස ලැබූ ජයග්‍රහණවලට වෙනත් නමකි.

වර්තමාන බටහිර වැසියාගේ යටිහිත ආක්‍රමණ කොටගෙන සිටින්නේ මෙම ග්‍රීක සංස්කෘතියේ විනාශකාරි ප්‍රවේගය මිස අනෙකක් නොවේ. කරුණු පිළිබඳ අර්ථ නිරූපණයේ දී සමහර විට මෙය පැහැදිළි වේ. භෞතික අංශයෙන් මිනිසා ලබා ඇති ජයග්‍රහණ, ස්වභාව ධර්මය තමන් වෙත නම්මා ගත් කිසියම් උසස් ගුණ බලයක් වෙතින් ලබා ගත් අනර්ඝ වේගයක් ලෙසින් වර්තමාන අපරදිග නම් කරන්නේ අත ග්‍රීක ප්‍රවේගය නිසා ය. වර්තමාන අපරදිග දෙවියන් වහන්සේ කෙරෙහි දක්වන ආකල්පය මෙබඳු යයි දැන ගත යුතුය. අපරදිග කියන හැටියට, මිනිසාට දෙවියන් වහන්සේ ඉදිරියේ මුනින් වැටීමට සිදුවන්නේ මිනිසාගේ ම දුර්වලතාව පිළිබඳ හැඟීම නිසාය. එහෙත්, විද්‍යාවේ විවිධ ක්ෂේත්‍රයන්හි මිනිසා ඉදිරියට තබන සෑම පියවරක් ම ඔහු ජීවිතයේ උසස් තැනකට පත් කරයි. ඔහු දේවත්වයේ කිට්ටුවට ගෙන එයි. අවසානයේ දී ඔහු ජීවිතයේ සියලූම රහස් හෙළිදරවු කොට ජීවිතයද මවයි. මෙය නවීන විද්‍යාඥයාගේ පස්සු අදහසකි. මේ අයුරින් දෙවියන් වහන්සේ යයි කියනු ලබන තැනැත්තාගේ තත්තවයට පැමිණෙයි. එවිට ඔහු අදෘෂ්ට දෙවියන් වහන්සේ ඉදිරියෙහි තව දුරටත් මුනින් වැටීමට නොසිතන්නේ ය. කුමක් නිසාද? ඔහු දෙවියන් වහන්සේගේ තත්ත්වයට නැග ඇති බැවිනි.

වර්තමාන අපරදිග අප පෙළෙන ඉතා භයානක ව්‍යාධිය මෙයයි. එය මුළු ජීවිතයටම විෂ පොවා ඇත. මනුෂ්‍යත්වය ඉරා වෙන්කොට, එක් කොටසක් අනෙක් කොටසට විරුද්ධව තබා ඇත. සාමය, සමාදානය හා සැනසීම දුර්ලභ ධර්ම බවට පත්වී ඇත. එහෙත්, අවසාන බලා පොරොත්තුවක් ඇත. ඒ ඉස්ලාම් ආගමයි. මනුෂ්‍යත්වය දෙවියන් වහන්සේ යන වචනය දෙසට හරවමු. අදේවක අපරදිග විසින් ඇතිකරන ලද විනාශයෙන් මනුෂ්‍යත්වය මුදවා ගත හැක්කේ දෙවියන් වහන්සේට පමණක් බැවිනි. ඒ නිසා, ලබා ගන්නා කවර හෝ දැනුමක්, ද්‍රව්‍යයක්, හෝ තමා විඳින ආධ්‍යාත්මික ලාභයක් හෝ ඇත්ත වශයෙන් ම දෙවියන් වහන්සේ විසින් දෙන ලද පරිත්‍යාගයෙකැයි කියා ඉස්ලාම් ආගම මිනිසාට සුන්දර පෙනුමක්ද ලබා දෙයි. එසේ ලත් දැනුම මනුෂ්‍ය වර්ගයාට සේවය පිණිස යොදවන තාක් දෙවියන් වහන්සේ මිනිසා සමග සතුටු වන සේක. ඉස්ලාම් ආගම පවසන දෙවියන් වහන්සේ කිසි විටෙක තම යටත් වැසියන් තුළ පවත්නා දැනුම ලබා ගැනීමේ අභිලාෂයට විරුද්ධ නොවන සේක. ඔවුන් තමන් වහන්සේගේ බලධාරීත්වයට අභියෝග කරනු ඇතැයි කියා හෝ තමන් වහන්සේ අභිභවනවය කරනු ඇතැයි කියා හෝ බියක් උන් වහන්සේ තුළ නැත. මිනිසා තම විද්‍යාත්මක දැනුම අනිසි ලෙස යෙදුවහොත්, අන්‍යයන් පෙළීම පිණිස ආයුධයක් ලෙස යොදා ගත හොත්, එසේ නැත්නම් තම අනුගාමිකයන් ආක්‍රමණය කිරීමට යොදාගත හොත් පමණක් දෙවියන් වහන්සේ කෝපයට පත් වන සේක.

මේ අයුරින් ඉස්ලාම් ආගම සාමය හා සමාදානය ඇති කරන්නේ පමණක් නොව, මනුෂ්‍ය වර්ගයා දුෂ්ට භාවයෙන් හා මර්දනයෙන් මුදා ගන්නේය. මෙයට අවුරුදු එක් දහස් හාරසියකට පෙර ඉස්ලාම් ආගම බොරු දෙවිවරුන්ගෙන් ලෝකය නිදහස් කළ අවස්ථාවේ පැවැති අදහසට වඩා හොඳ අදහසක් සමකාලීන ලෝකය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් නොකරයි. දස ලක‍ෂ ගණන් වැඩ කරන ජනතාවගේ ලේ උරා බොමින්, ඔවුන් මර්දනය කරමින්, ඔවුන්ගේ අහිංසකත්වය හා අවාසනාවන්ත භාවය දඩමීමා කරගෙන මුදල් උපයමින්, දුෂ්ටභාවය, හිතුවක්කාර රජවරුන්ගේ වේශයෙන් ද, දඩබ්බර කැරළි නායකයන්ගේ වේශයෙන් ද හිත්පිත් නැති ධනපතීන්ගේ වේශයෙන් ද, පිටරටවල පැතිරෙමින් පවති. මේ අතර තවත් පන්තියක පිරිසත්, තුවක්කුවෙන් හා කඩුවෙන් පාලනය කරමින් ද, මිනිසාගේ නිදහස නැති කරමින් ද, තමන් කි්‍රයා කරන්නේ මහජනයාගේ, එසේ නැත්නම් නිර්ධන පන්තියේ කැමැත්තට අනූවයයි කියමින් ද කි්‍රයා කරති.

ඉස්ලාම් ආගම මනුෂ්‍ය වර්ගයා මෙම සියලූම යදම්වලින් මුදා ගත්තේ ය යන පිළිගැනීම ගැන සමහර පාඨකයන් මෙසේ ප්‍රශ්න කරනු ඇත. එසේ නම්, ඇතැම් මුස්ලිම් ඉස්ලාම් ආගමේ නාමයෙන් තම අනුගාමිකයන් හා අවමානයට පත්කරමින්, නිදහස නැති කරමින් කි්‍රයා කරද්දී, ඉස්ලාම් ආගම එම මර්දනකාරී දුෂ්ට බල වේගයෙන් තම අනුගාමිකයන් නිදහස් නොකරන්නේ මන්ද? එම ඒකාධිපතීන් ඉස්ලාම් ආගම දඩමීමා කොටගෙන තම විජිතයන්හි පවත්වන බලයට වඩා වැඩි බලයකුත් පාලනයකුත් පරීක‍ෂණයකුත් එම විජිත කෙරෙහි ඉස්ලාම් ආගමට ඇති බව එබඳු පාඨකයනට පෙන්නා දීමට අපි කැමැත්තෙමු. දෙවියන් වහන්සේ විසින් ම ප්‍රකාශ කරන ලද පරිදි ඔවුහු මෙම පන්තියට අයති වෙති.

—දෙවියන් වහන්සේ විසින් එළිදරවු කරන ලද නීති අනූව යම් කිසිවෙක් පාලනය නොකරත් නම් ඔවුහු දෙවියන් වහන්සේ විශ්වාස නොකරන්නාහු ය.˜ (ශු.අල්කුර්ආනය 5 – 44)

තවද,

—නැත, දෙවියන්ගේ නාමයෙන් ඊට දිය යුතු පිළිතුර —නැත˜ යන්නය. ඔවුනතර මත භේදයකට තුඩු දුන් කරුණු විෂයෙහි විසඳුමක් සැපයීමට ඔවුන් ඔබට අවස්ථාවක් සලස්වා නොදෙන්නේ නම් ද, ඔබගේ විනිශ්චයට අදාළ ව ඔවුන් පටු ආකල්පයක් නොගෙන ඊට සාකල්‍යයෙන් ම අනුකූල නොවන්නේ නම් ද යථාර්ථ වශයෙන් ම ඔවුහු බැතිමත්තු නොවන්නාහු ය.˜ (ශු, කුර්ආනය)





කතෘ: මහාචාර්ය මුහම්මද් කුතුබ්.

පරිවර්තනය: බී. එන්. ආර්. ජයසේන.

  • භූගත ජලය -විද්‍යා‍ව තුලින් සියල්ල දකින්න
  • ජීවයේ උපත-(Birth of Universe)
  • හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද?
  • හිජාබයේ වැදගත්කම-විෂමාචාර වූ ගැහුණු පිරිමි සම්බන්ධතාවය හා එයින් ඇතිවන භයානක තත්ත්ව
  • සහෝදරයාගේ අඩිපාරේ යමින් මාද ඉස්ලාමය වැළඳ ගතිමි
  • හිජාබ් -ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද?
  • බහුදේව වාදය ඉස්ලාම් ප්‍රතිෙක‍ෂප කරන්නේ ඇයි ?
  • * කාන්තාව සහ අධ්‍යාපනය
    * කාන්තාවට ලබා දී ඇති අයිතීන්
    * හිජාබ් -ෆර්දාව ඇඳීම සහ කාන්තා නිදහස
    * දික්කසාදය හා ඉස්ලාම් නීතිය
    * ගැහැණු පිරිමි දෙපාර්ශවයම ළඟින් ඇසුරු කිරීම
    * කථා කිරීමේ අයිතිය
    * පවුල් කටයුතු මෙන්ම පොදු කටයුතුවලදී
    * සාක්ෂි කීම-සාධාරණත්වය
    * කාන්තාව සහ දේශපාලනය
    * දේපල (වස්තුව) පිළිබඳ අයිතිය


    භූගත ජලය -විද්‍යා‍ව තුලින් සියල්ල දකින්න

    විද්‍යා‍ව තුලින් සියල්ල දකින්න හතිහලමින් දුවන සමාජයේ විද්‍යාඥයන් පවා මවිත කරවන බොහෝ අනාවැකි හා ඉඟි අල්කුර්ආනයේ අන්තර්ගතව ඇත. නමුත් මෙහි අවාසනාවන්ත කම වන්නේ මෙම කුර්ආනය මනුෂ්‍යයාගේ අවධානයට ලක්නොවීමයි. විශේෂයෙන් බහුතර මූස්ලීම්වරැන් හට ද මේ පිලිබදව අවබෝධයකි නොමැතිවීම මෙහි අවාසනාවන්ත තත්වය තවත් හොදින් පිළිඹිබු කරවයි. මෙවන් වූ තත්වය හි ප්‍රථිපලය වන්නේ මෙම සත්‍ය විද්‍යාඥයන් මඟින් සමාජගත වනවිට මවිතයට පත්ව පිලිගැනීමයි. නමුත් මීට සියවස් 14 කට පෙර තමා ශුද්ධත්වයෙන් ගරැකරන කුර්ආනය තුල මෙම කරැණු අන්තර්ගත යන්න බහුතර මුස්ලීම් ප්‍රජාවට අවබෝධයක් නැත. උදාහර්ණයක් ලෙස පවසනවා නම්,

    භූගත ජලය

    භූගත ජලය එසේත් නැත්නම් පොළොව අභ්‍යන්තරයේ තැන්පත්ව පවතින ජලය. ඇතිවන්නේ කෙසේද?

    මෙය තාක්ෂණයේ හා විද්‍යාවේ ඉනිපෙත්තෙ හි සිටින අද සරලව පිලිතුරැ දියහැකි පහසු ප්‍රශ්නයකි. නමුත් මේ පිලිබදව දශක කිහිපයක්ම පරියේෂණ ගවේෂණ ලොව තුල සිදුවුවා යන්න යථාර්ථයයි. ඒ අදට සාපේක්ෂව දියුණු තාක්ෂණික මෙවලම් නොමැති අවධියකය. ඒ අනුව මේ පිලිබදව විවිධ මත සමාජය තුල ප්‍රකාශ වුනි. එනම්,

    • ක්‍රි පූ 7 වන සියවසයේ දී තෙල්ස්, (Thales) නැමැත්තා පැවසුවේ “වේගයෙන් හමනසුළඟ හේතුවෙන් මුහුදෙ තිබෙන ජලය පොලව තුලට ඇදී යන බවයි” එන්නේය
    • ඉහත මතය සමාන මතයක්  ප්ලාටෝ, (Plato) නැමැත්තා ද පවසන ලදී
    • පසෙහි ඇති ජලවාෂ්ප සිසිල් වී පොළොව යට තැන්පත් වී දියඋල්පත් සඳහා ජලයලබා දෙන බව ඇරිස්ටෝටල් නැමැත්තා පවසන ලදී.

    ඉහත මතවාදයන් සියල්ල 18 වන සියවසය දක්වාම පැවත එන ලදී.

    නමුත් භූගත ජලය ඇති වන්නේ වර්ෂාව හේතුවෙන් බව ප්‍රථමයෙන් ලොවට පෙන්වා දෙන ලද්දේ 1580 දීය. එනම් මීට වසර 430 කට පෙරය. ඒ බර්නාඞ් පල්සියි, (Bernard  Palissy) නැමැත්තාවිසිනි. මොහු පැවසුවේ

    “භූගත ජලය වර්ෂාව මගින් පොළොවට  කිදාබසින ජලය”  බවයි, මෙම මතය  පසු කාලීනව එනම් 17  වන සියවසයේ  දී E මාර්රියෝට්, P පෙරාඋල්ට් නැමති විද්‍යාඥයින් දෙපල විසින් පරියේෂණ මගින් ලොවට තහවුරැ කරන ලදී.

    නමුත් ශුද්ධ වූ කුර්ආනය 7 වන සියවසයේ දී එනම් මෙම මතය (ප්‍රථමයෙන් සමාජය තුල ප්‍රකාශ වූයේ මීට වසර 430කට පමණ පෙරය එසේ) සමාජය තුල ප්‍රකාශවීමටත් වසර 1000 කට පමණ පෙර පැහැදිලිවම “භූගත ජලය” යනු වර්ෂාව හේතු කොටගෙන පොළොව අභ්‍යන්තරයේ තැන්පත් වන ජලය බව පහත ආකාරයට ප්‍රකාශ කර සිටී.

    “අපි අහසින් ජලය පහල කළෙමු අපි එය පොළවෙහි තැන්පත් කළෙමු”

    ශුද්ධ වූ කුර්ආනයේ 23-18

    මෙවැනි සත්‍යයක් මීට වසර 1430 කට පෙර කිසිවිටෙකත් මිනිස් බුද්ධියක් පදනම් කරගෙන පැවසිය නොහැකි බව ඉහත කරැණූවලින් මනාව පැහැදිලි වේ. එසේ නම් ශුද්ධ වූ කුර්ආනය මෙය පැවසූවේ කෙසේද? ඒ එය දිව්‍යමය වාක්‍ය නිසා නොවේද?

    යහමග.කොම් වෙබ් අඩවිය ඇසුරෙන්

    දෑවැද්ද-ඉස්ලාමය කුමක් කියයිද ?

    විද්‍යාව කොපමණ දියුණු වූවද ලෞකීක ජීවිතයේ තෘප්තිය උදෙසා

    නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නීතිය ඉදිරියේ සැවෝම සමයැයි, මිනිසා කොපමණ මොර දුන්නත් මිනිසා විසින් නිර්මාණය කරන්නාවූ ව්‍යවස්ථාව තුළ එම ව්‍යවස්ථාවේ නිර්මාතෘන් ආවරණය නොවීම නව ලොවේ සුලභ දර්ශනයකි. කිසියම් සිද්ධියකදී සාමාන්‍ය පුරවැසියාට නීතිය කි්‍රයාත්මක කළ හැකි වූවද, රටේ ප්‍රධානින් කෙරෙහි නීතියේ දැල එලීම එතරම් පහසු නොවේ. එහෙයින් නීතිය ඉදිරියේ මිනිසුන් සියල්ල සමාන යන්න, මිනිසාට වඩා උසස් ශක්තියක් එම නීතිය සම්පාදනය කළ යුතු නොවේද? මින් පෙනෙන්නේ මිනිසා තම දෑතින් නීති සම්පාදනය කිළිටි කිරීම තුළින් තම සහෝදර මිනිසාට කොතරම් අසාධාරණයක් සිදුකර ඇත්ද?

    තවද ඉස්ලාම් මිනිසාව තම ජීවිතයට ඇති ලොල් බවින් මුදවාලන්නේ ය. තම ජීවත්වීමේ ආශාවම මිනිසා ඒකාධිපතියන් පැසිස්ටවාදීන් හමුවේ දණ නැමීමට හේතුව ලෙස දක්නා ඉස්ලාම් අයුක්තියට අසාධාරණයට එහෙරහිව දිවි හිමියෙන් සටන් කිරීමට මිනිස් සමාජයට උගන්වා දේ. එය වනාහි මිනිස් සංහතිය වෙනුවෙන් කරන්නාවූ උදාර පුණ්‍ය කර්මයක් ලෙස ද දෙසයි. මෙය වනාහි මානව සංහතියට ඉස්ලාම් දුන් උසස් දායදයකි.

    ඉස්ලාම් මිනිසාව ඔහුගේ පහත් හා මිලේච්ඡ හැඟීම් වලින් මුදවාලන්නේය. මිනිසා කොම්පියුටර් හෝ ඩිජිටල් යුගය දක්වා කොතරම් බාහිරව දියුණු වූවද, මිනිසාගේ සැබෑ සංවර්ධනය වනාහි තම තිරිසන් හැඟීම් තමා පාලනය තබා ගන්නේද? නැත්නම් ඊට වහල් වී තම සිතැඟි පරිදි කි්‍රයා කරන්නේ ද? යන්න තීරණය කිරීම මත වේ. ඔහු තවදුරටත් තම පහත් ආවේගයන්ට වහලෙකු වී සිටින්නේ නම් එහි අර්ථය මිනිසා දියුණු වී නොමැත යන්නයි. බාහිර වශයෙන් මිනිසා අඟහරු තරණය කළද එය එතරම් සැළකිය යුතු දෙයක් නොවේ. මෙය වනාහී ඉතිහාසගත සත්‍යයකි. ලෞකීක ජීවිතයේ තෘප්තිය උදෙසා පමණක්ම කි්‍රයා කළ කුමන සමාජයක් හෝ මේ ලොවේ බලය, අධිකාරය, ගෞරවය රැකගෙන මිනිස් සමාජයේ උන්නතියට හවුල් වී නොමැති බව පෙනීයයි. ගෞරවනීය ලෙස ජීවත් වූ ග්‍රීක අධිරාජ්‍යයට වූ ඉරණම කුමක්ද? රෝම රාජධානියේ වැටීමට හේතුව, පර්සියානු අධිරාජ්‍යයාගේ වැටීමට හේතුව ඉතිහාසයේ යම් අවස්ථාවක ශරත්වය විදහා දක්වනු ලැබූ ප්‍රංශ අධිරාජ්‍යයා තම කාම සුඛළ්ලිකානු ජීවන රටාව හේතුවෙන් දෙවන ලෝක මහා යුද්ධයේදී, සතුරා වෙත එක පහරින් යටත් වූයේ නැද්ද? වීරත්වයේ ගෞරවයෙන් පිදුම් ලද ජනතාවක් සතුරා ගෙන් තම රට බේරා ගැනීම වෙනුවට තම සරාගී දහනේ කේන්ද්‍රස්ථානය වූ පැරිසිය බේරා ගැනීමට කි්‍රයා කළේ නැද්ද?

    ඇමෙරිකාවද, මීට දෙවැනි නොවේ. විද්‍යාව කොපමණ දියුණු වූවද, ඒ මගින් මිනිසාගේ ස්වාභාවික හැඟීම් වෙනස් කළ නොහැකිය. විද්‍යාව වනාහී අල්ලාහ්ගේ නීතියෙහි අල්ප මාත්‍ර වූ කොටසකි. ඇමෙරිකාවේ විශාල භූමි භාගයක් හා බාහිර දියුණුවක් ලබා තිබුණද සදාචාරත්මක ලෙස කාන්තාරයක් බවට පත්ව තිඛෙන්නේය. වර්ණ වාදය, මෙහි කලූ ජාතික ජනතාවට කරන්නාවූ තාඩන පීඩන, තවද එහි මිලෙච්ඡ හැඟීම් වල උල්පත මත්ද්‍රව්‍ය ඒ ආශ්‍රිත අනාචාරය මේ නිසා ඒඩ්ස් රෝගයේ ව්‍යාප්තිය.

    නව ලෝක රටාවක් හඳුන්වාදෙන ඇමෙරිකාවේ වර්ණ වාදය කොතරම් දුරට මුල් බැසගෙන තිබේදැයි විටින් විට ඇති වන්නාවූ වර්ණවාදී කෝලාහලවලින් දිස්වේ. තවමත් ඇමෙරිකානුවන් වහලූන් ලෙස කළු ජාතීන්ව සැලකීම මොවුන්ගේ පහත් සිත නොවේද? තව දුරටත් ඇමෙරිකානු නීතිඥයින් පවසන්නේ කුමක්ද යත්?

    —කළු ජාතිකයින් ඇමෙරිකාවේ සම්පත්ය, ඔවුනට මිනිස් අයිතිවාසිකම් ලැබේද යන්න සැලකීම අපේ කාර්යය නොවේ.˜

    මේ වූ ආකාරයට ඇමෙරිකාවේ පමණක් නොවේ. ඔස්ටේ්‍රලියාවේ සිට බටහිර යුරෝපයේ සිට ආසියානු මහද්වීපය දක්වා වර්ණයේ, ජාතියේ, ලිංග භේදයේ නාමයෙන් (ඉස්ලාම්හි කාන්තා විමුක්තිය පිළිබඳ වෙනම ග්‍රන්ථයක් සකස් වේ.) 21 වන සියවසදීත් මිනිස් සමාජය තුළ පුහු සීමාවන් පනවාගෙන ඇණ කොටා ගැනීම කොතරම් අඥාණ කි්‍රයාවක් ද?

    මිනිසාව මිනිසා පහත් කොට සැලකීම ආරම්භවන්නේ කොතැනින් ද?

    මා උසස්ය: නුඹ පහත්ය: මා පාලකයාය: නුඹ පාලිතයාය: මා මේ ජාතිකයාය: නුඹ අර ජාතිකයාය: මා සුදු ජාතිකයාය: නුඹ කලූ ජාතිකයාය: යන වෙනස්කම් හා ඒ යටතේ නැගෙන්නා වූ උසස් හැඟීම් තමා වැනි මිනිසුන්ව පහත් කොට සැලකීමට, අගෞරව කිරීමට පොළඹවන්නේය.

    මෙවන් ආකාරයට මානව සංහතිය ඛෙදා වෙන් කරන්නාවූ පුහු ප්‍රලාපයන් තුරන් කිරීමට කරුණාවෙන්, සහෝදරත්වයෙන් වෙලීමට ගතයුතු පියවර කුමක්ද?

    මේ සඳහා මිනිසාගේ චින්තනයේ හා ආකල්පවල වෙනසක් සිදුවිය හැක. මිනිසුන් සියල්ලන්ම අල්ලාහ් විසින් මවා ඇත. ඔහුගේ දෘෂ්ටියට සියල්ලන් සමානය, මුළු මානව සංහතියම එකම පුරුෂ, ස්ත්‍රී, මූලයේ සිටම නිර්මාණය කළේය. ජාතිය, දේශය, වර්ණය, භාෂාව යන්න උස් පහත් බව මැනීමේ ඒකක නොවේ. මේ වෙනස් කම් සියල්ල එකිනෙකා හඳුනා ගැනීමේ ආධාරක මිස, අඩ දබර කර ගැනීමේ සාධක නොවේ…. විනය ගරුත්වය, සදාචාරය, භය භක්තිය ඇති අය අල්ලාහ් වෙත උසස් වන්නේය. ඔවුන් තම සෑම කි්‍රයාවක් කෙරෙහිම අල්ලාහ් වෙත වගකිව යුතුය.

    මෙවන් චින්තනයන් කිසියම් මිනිසෙකු සිතේ තැන්පත් වූ විට ඔහු අන් මිනිසුන් කෙරෙහි පහත් හා නින්දිත ආකාරයට නොබලයි. ස්වභාවයෙන් අන් මිනිසුන් කෙරෙහි කරුණාව, දයාව දක්වයි.

    නව සියවසේ ජාති, දේශ, වර්ණ වැනි සීමාවන්ගෙන් තොරව ජාත්‍යන්තර මුස්ලිම් ප්‍රජාව සහෝදර බැම්මෙන් එක්කර ඇත්තේ මේ ආකළ්පයයි. මේ චින්තයන මානව සමාජය පිළිගැනීමට හා කි්‍රයාත්ම කිරීමට ඉස්ලාම් අවශ්‍ය නොවේද?

    මුහම්මද් නබි (සල්) තුමාණෝ පැවසූහ: —ආරාබි ජාතිකයින්, ආරාබි නොවන්නන්ට වඩා ද, කළු ජාතිකයින් සුදු ජාතිකයින්ට වඩා ද සුදු ජාතිකයින් කළු ජාතිකයින්ට වඩා ද උසස් නොවේ. අල්ලාහ් වෙත උසස් පුද්ගලයා භක්තිය ඇති පුද්ගලයා වේ.˜

    ලෞකීක ජීවිතයේ බාහිර ඔපය පමණක් පිම්බීමට තම සියලූ සම්පත් කැටි කොට එල්ල කර ඇත්තාවූ ලෝක බලවතා නව සියවසේ දී මුළු මානව සංහතියටම හිසරදයක් වීම පමණක් නොව තමාගේ ගෞරවය, බලය අධිකාරයෙන් ද දුරස් වීම, දක්නට ලැබේ.

    මේ සියල්ල තම ලොවේ ඇති වේදනා සහගත සිද්ධීන්ය. මෙයින් මානව සංහතිය මුදවා ගැනීමට ඉස්ලාම් අත්‍යවශ්‍ය නොවේද?



    කතෘ: යූසුෆ් නියාස්


    අති පාරිශුද්ධවූත්, මහා කාරුණිකවූත්, පරම දයාබර වූත් අල්ලාහ්

    ගින්දර යුගයේ සිට අඟහරු යුගය දක්වා භෞතික වශයෙන් අනේක විධ යෝධ පියවරවල් තබමින් ඉතා සීඝ්‍ර ලෙස තාක‍ෂණික ලොවට අවතීර්ණ වූ නව යුගයේ මිනිසා මෙතෙකුත් තම පහත් හැඟීම් හා මිලේච්ඡ ආශාවන් වෙතින් මිදී ඉදිරියට ඒ මේ ප්‍රවණතාවයක් පෙන්නුම් නොකිරීම නව යුගයේ මුළු මානව සංහතියටම අති විශාල අභියෝගයකි.

    මිනිසා අති විශාල වශයෙන් භෞතික වස්තූන් කෙරෙහි සම්බන්ධතා වර්ධනයෙහිලා ඉදිරියෙන් සිටියද, මිනිසාගේ සිත නොදියුණු වනචාරි යුගයක පැවතීම මිනිසා ලබාගත් සියලූ ද්‍රව්‍යමය වර්ධනයන් ක‍ෂණිකව විනාශ කිරීම පමණක් නොව මුළු මිනිස් සංහිතයම දරුණු ආගාධයක් කරා තල්ලූ කිරීමකි.

    මිනිසා භෞතික හා ලෞකික වශයෙන් ලබාගත් දියුණුවේ සාර්ථකත්වය රඳා පවතිනුයේ ඔහු තමා හා විශ්වය පිළිබඳ ලබා ගන්නා වූ නිවැරදි දැනුම ආශ්‍රයෙනි.

    මිනිසාගේ දැනුම, බුද්ධිය හා අවබෝධය සැලකීමෙහිලා, කිසියම් සීමාවකට කොටුවී ඇති බව පැහැදිලිය.

    විශ්වයේ සර්ව බලධාරියා වූ අල්ලාහ් මිනිසාව ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙස පෘථීවියට ප්‍රවේශ කර මුලූ පෘඵිවි තලය තුළම මිනිසාව ඇගයීමට ලක් කර ඇත.

    කාලයේ මැවුම් කරුවූ අල්ලාහ් ඒ කාලය තුළ මිනිසාව සිර කර ඇත.

    පෘථීවියේ මැවුම් කරුවූ අල්ලාහ් අවකාශය තුළ මිනිසාව වෙල ඇත.

    ආලෝකයේ මැවුම් කරුවූ අල්ලාහ් මිනිසාව ඒ ආලෝකයට වහල් කර ඇත.

    අන්ධකාරයේ මැවුම් කරුවූ අල්ලාහ් මිනිසාව ඒ අන්ධකාරයේ අවශ්‍යතාවය කෙරෙහි ගොනු කර ඇත.

    මේ වූ ආකාරයට ඉර, හඳ, ග්‍රහ තරු හා සුවිශාල විශ්වයන්ගේ මැවුම් කරුවූ සර්ව බලධාරි අල්ලාහ් පෘථීවි තලයෙහි තම උසස් නිර්මාණයක් වූ මිනිසාට අවශ්‍ය සියල්ල කිසිම අතපසුවීමකින් තොරව අංග සම්පූර්ණ කර ඇත. ඒ අනූව මිනිසාගේ බුද්ධියේ වර්ධනය ද වරින් වර අල්ලාහ් විසින් වර්ධනය කර ඇත. මිනිස් අවශ්‍යතාවයට සරිලන ආකාරයට ඒ හා සමාන වූ දැනුමක් මිනිසාට ලබා දෙන්නේද අල්ලාහ්ය. උදාහරණ වශයෙන් ගල් අඟරු, ඛනිජ තෙල්, ගෑස්, පරමාණු බලය, යනාදි ලෙස මිනිසාට අවබෝධය මඟ පෙන්වීම් කරන්නේ අල්ලාහ්ය. මේ සියලූ බල ශක්තීන් මිනිස් අවශ්‍යතාවන්ය. ඒවා අවශ්‍ය වකවානු තුළ මිනිස් බුද්ධියට මඟ පෙන්වනු ලබන්නේද, අල්ලාහ්ය.

    මිනිසා විසින් හිරුට අවශ්‍ය හීලියම් වායුව සැපයුම් කළ යුතු නැත. වාතයට ඔක්සිජන් හෝ ජල වාෂ්ප සැපයිය යුතු නොවේ. ඒ සියල්ල අල්ලාහ් විසින් ක්‍රමවත්ව සූක‍ෂම හා සැලසුම් සහගතව සිදුකරන්නේය.


    විශ්වයේ හා පෘථීවියේ අවධානය යොමු කළ විට මිනිසා වෙනුවෙන් අල්ලාහ් විසින් ප්‍රදානය කරන ලද්දාවූ දායාදයන් මිනිසාට ගිණුම් ගත කිරීමට බැරී තරමට ඉමහත්ය.

    —මිනිසාගේ නිර්මාතෘ අල්ලාහ්ය. ඔහු මිනිසාට කථීකත්වය හා අවබෝධය ලබා දුන්නේය. හිරු හා සඳු ඒවාට නිශ්චිත කරනු ලැබුවා වූ මාර්ගයෙහි ගමන් කරන්නේය, ගස් වැල් ශාක යනාදිය අල්ලාහ්ව පිදුම් කරන්නේය, අහස මැවූ අල්ලාහ් එය උස් කළේය, මිනුම සමතුළිත භාවය හා යුක්තිය පිහිටුවාලූයේ මිනිසා එම සමතුළනයෙහි, සීමාව නො ඉක්මවාලීමටයි, යුක්ත ලෙස මිනුමෙහි යෙදෙන්න. එහි අඩුවක් නොකරන්න. තවද ඔහු පෘථීවිය මවා එය මැවීම්වලට උචිත කළා. එහි පලතුරු හා රට ඉඳි ගස්ද තිඛෙන්නේය. තවද පොතු සහිත ධාන්‍යයද, සුගන්ධය දෙන්නාවූ පැළෑටිද ඇත්තේය.˜ (ශු කුර්ආන් 55: 1- 12).

    අල්ලාහ් විසින් මිනිසාට පමණක් නොව ස්වභාව ධර්මයටද ජීවය ලබා දී ඇත. හිරු සඳු, තාරකා සියල්ල අල්ලාහ්ගේ අණ පිළිපැද නිශ්චිත මාර්ගයෙහි ගමන් කරන්නේය, ඒ සිය්ලල මිනිසාට සේවය කිරීමට බැඳී සිටින්නේය.

    —සූර්යයා, චන‍ද්‍රයා යන දෙපල තමන්ට නිශ්චිත මාර්ගයෙහිලා ගමන් කිරීම කෙරෙහි ඔබට අවනත කර දී ඇත.˜ (ශුද්ධවූ කුර්ආන් 14: 33).

    තවද ගස්වැල් හා යෝධ ඝනයේ ශාක ගැන සලකා බැලීමේදි පරිසරයේ වැදගත්ම සාධකය ශාක බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. අප වෙසෙන්නා වූ භූමියෙන් තුනෙන් එකක් ගස් වැල් වලින් ගහනය වී ඇති බව පෙනීයයි. පරිසර සංරක්ෂණයට බලපාන මේ ශාක මගින් වාතය පවිත්‍ර කර, ජල සැපයුම් ක්‍රමවත් කර, ලක‍ෂ සංඛ්‍යාත පක‍ෂීන්ට හා සතුන්ට නවාතැන් සපයන්නේය, තවද මෙම ශාක කාබන්ඩයොක්සයිඩ් වාතය හා වෙනත් වායු ස්වසනය කර පෘථීවියේ ශිතෝෂණ භාවය ආරක‍ෂා කර පරිසර සමතුළනය රැකදෙන්නේය. මිනිසාට වැළෙඳන්නාවූ ලෙඩ රෝග සුව කිරීමට ලබා ගන්නා වූ ඖෂධ 3000 ක් වූ ශාක වර්ගයෙන්ම ලබා ගන්නේය. මේ මඟින් පිළිකා සඳහාද ඖෂධ ලබාගන්නේය. මේ ශාක වර්ග 2000 ක් ම ඇමසන් වනයෙහි පවතින්නේය.

    ඉස්ලාමීය දෘෂ්ටිය අනූව අහස පොළොව, අවකාශය, කඳු, ගස්වැල්, අහසේ සැරිසරන්නාවූ පක‍ෂීන්ද, සතුන්ද අල්ලාහ්ව ප්‍රශංසා කරන්නේය.

    —සත් මහා අහසද, පෘථීවිය හා ඇති සියල්ලද, අල්ලාහ්ට ප්‍රශංසා කරන්නේය, අල්ලාහ්ට ප්‍රශංසා නොකරන්නාවූ කිසිම වස්තුවක් නොමැත්තේය, නමුදු එසේ ප්‍රශංසා ස්තෝත්‍ර කිරීම ඔබට නොෙඳන්නේය.˜ (ශු අල්කුර්ආන් 15: 44).

    තවද ජලය, භූමිය, වාතය, ගින්දර, සූර්යයා ලෝකය, ශාකයන් යනාදිය මිනිසාට පමණක් නොව සෑම ජීවියෙකුටම පොදුය. එහෙයින් මෙම සම්පත් මිනිසාට සීමාව ඉක්මවා පරිහරණය කළ නොහැකිය.

    —එසේම දාවුද් සමග එක්ව (ස්තෝත්‍ර) කිරීමට කඳු හා පක්ෂීන්ද අවනත කර දුන්නෙමු˜ (ශු කුර්ආන් 17: 79).

    නබි (සල්) තුමාණෝ මිනිසුන්ට පමණක් නොව සතුන්ටද, ගස්වැල්, පක‍ෂීන්, පමණක් නොව කඳුවලට පවා කරුණා, දයාව පෙන්වූහ. මදීනා නගරය අවට පිහිටි උහද් ශීඛරය කෙරෙහි නබි තුමාණෝ දැඩි සෙනෙහසක් දැක්වූහ. එක් වරක් උහද් ශිඛරය කම්පනය වනු දුටු නබි (සල්) තුමාණෝ

    —උහද් සන්සුන්වන්න˜ ඊට පැවසූහ. මෙහිදී මිනිසුන් සමග කථා කරන්නාක් මෙන් කඳු ශිඛරය සමඟ කථා කළෝය, තවත් විටෙක —උහද් අපට සෙනෙහස පුදන්නේය, අපද එයට සෙනෙහස පුදන්නෙමු˜ යි කීවෝය.

    සැම වස්තුවක්ම අල්ලාහ්ගේ පාලනයෙහිම පවතින්නේය. ඒවා අල්ලාහ් විසින් මිනිසාට අවනත කර දී ඇත. සැබෑ උරුමක්කරුවා අල්ලාහ්ය. මේ වස්තූන් මිනිසාට වගකීමක් ලෙසම බාර දී ඇත.

    —ඔහුම අහසේ සිට ජලය පතිත කර ඒ මගින් සෑම වස්තුවකම මූලයන් අවතීර්ණ කළේය˜ (ශු අල්කුර්ආන් 6: 100).

    ජලය වනාහි ඉතාමත් වැදගත් සම්පතකි. සෑම ජීවියෙකුගේම ජීවිත ජලය සමග වෙලී පවතී. පෘථීවියේ 3රැ4 ක්ම ජලයෙන් වට වී ඇත. එහි බාහිරව 70්‍ර ක් ම ජලයම වේ. දූවිලි සමග මෙන්ම වාතයේ ද, පෘථීවි අභ්‍යන්තරයේද, පස් සමගද, සෑම ජීවියෙකු වෙතම ජලය පවත්නේය. මිනිස් ශරීරයෙහි 70්‍ර ක් ම ජලය වේ. තවද අප අහරට ගන්නා පලතුරු, ධාන්‍ය, එලවළු වලද වැඩිම ප්‍රතිශතයක් ජලයම වේ.

    පෘථීවි ජලයෙන් 98්‍ර ක් ම සාගර ලෙස පවත්නේය. එය ලූණු රස සහිතය, තවද 1්‍ර ක් උත්තර හා දක‍ෂිණ ධ්‍රැවයේ හිම ලෙස මිදි පවත්නේය. එහෙයින් පෘථීවි ජලයෙන් 99්‍ර ක්ම සෘජුවම පරිහරණය කළ නොහැකිය. එසේම පෘථීවි ජීවින් සියල්ලන්ම 1්‍ර ක් වූ ජලයම තම අවශ්‍යතා සඳහා පරිහරණය කළ යුතු වන්නේය.

    අල්ලාහ්ගේ දායාදයන්ගෙන් ජලය ඉතාමත් උසස් දායාදයන්ය.

    —අහසෙහි සිට සැලසුම් සහගතව ජලය අප පතිත කළෙමු. පසුව එය පෘථීවියේ ගබඩා කළෙමු. අප එය නැති කර දැමීමටද ශක්තිමත් වෙමු.˜ (ශු අල්කුර්ආන් 23: 18).

    භූගත ජලය වර්ෂාව මඟින් පතිත වන්නාවූ ජලයම බව මෑතකදී සොයාගත් විද්‍යාත්මක සත්‍යයකි මෙයම කුර්ආන්හි අල්ලාහ් පවසා ඇත.

    පානීය ජලය අපගේ දිවට උචිත රසයෙකින් අල්ලාහ් සංයුක්ත කර ඇත. එය ලූණු හෝ තිත්ත රස නොවී දිවට උචිත රසයකින් සංයුක්ත වී ඇත.

    සාගර ජලය ලූණු රසම වේ. එය ජීවීන්ට පානය කළ නොහැකිය. එසේම එහි ලූණු රසය නොමවේනම් අපවිත්‍ර වී යනු ඇත.

    —ඔබ පානය කරන්නා වූ ජලය දෙස බැලූවේද? එය වලාකුළු මතින් ඔබ පතිත කරන්නේද? නො එසේනම් අප පතිත කරන්නේද? අප සිතුවේ නම් එය පානය කළ නොහැකි නීරස බවට හරවන්නෙමු. ඊට ඔබ ස්තුති පූර්වක විය යුතු නොවේද?˜ (ශු කුර්ආන් 56: 68-70).

    තවද මුහුදු ජලය සූර්යාලෝකය මඟින් ජල වාෂ්ප බවට හැරවෙන්නේය. තවද භූගත ජලයද ශාකයන්ගේ මුල් මගින් උරාගෙන පත්‍ර මඟින් ජල වාෂ්ප ලෙස වාතයට මුස් කරන්නේය.

    හිරු රශ්මිය මඟින් ගොඩබිම් සීඝ්‍රයෙන් උණුසුම් වී එහි ඇති වාතය බර අඩු වී ඉහළ එසවීම තුළින් මුහුදේ වූ ජල වාෂ්ප සහිත වාතය ඒ අඩුව පිරවීම සඳහා ගොඩබිම් කරා හමන්නේය. එහෙයින් එම ජල වාෂ්ප සහිත වාතය ඉහල එසවීම තුළින් වලාකුළු බවට පත් වී වර්ෂාව පතිත කරන්නේය. ඒ මගින් ජීවීන්ට ප්‍රයෝජනවත් වන්නාවූ ගංගා ද සෑදෙන්නේය.

    —අල්ලාහ් සුළඟ හැමීමට සලස්වන්නේය, ඒවා මතින් වලාකුළු ගමන් කරන්නේය. පසුව ඒවා වියළි, ඉරිතලා ගිය භූමියට පතිත කර ඒ මගින් මලානික වී ගිය භූමිය සකි්‍රය කරන්නෙමු.˜ (ශු අල්කුර්ආන් 35: 9).

    වලාකුළු තුළ කිසියම් ප්‍රමාණයක විදුලිය කෙටීමක් සිදුවන්නේය. මෙය අපට ගෙරවිලි හා විදුලි කෙටීම ලෙස පෙනේ. මෙය එකිනෙකට ප්‍රතිවිරුද්ධ අංශුන් අතර සිදුවන්නාවූ සූක‍ෂම කි්‍රයාවලියකි. මෙම ප්‍රතික්‍රියා තුළ කිසියම් වෙනසක් සිදුවේ නම් ජලය නීරස වන්නේය. තවද විදුලි කෙටීම හේතුවෙන් ශාක සඳහා අවශ්‍ය ගණනය කළ නොහැකි නයිට්‍රජන් ප්‍රමාණයක් උත්පාදනය වීම කෙතරම් ආශ්චර්යක්ද?

    —ආලෝකමත් විදුලි කෙටීම ඔහුම, ඔබට පෙන්වන්නේය, ඒ තුළින් ඔබට බිය හා වාසියක් සිදුවන්නේය, තවද ජලයෙන් සපිරු වලාකුළු ඔහුම ඇති කරන්නේය.˜ (ශු කුර්ආන් 13: 12).

    තවද පානීය ජලය තමා තුළ දෘෂ්ඨිය පහරන්නා විදුලිය හා සවන බිහිරි කරවන ගෙරවිලි සහිත වීම කොතරම් ආශ්චර්යක්ද?

    —අල්ලාහ්ගේ දායාදයන් ඔබ ගණනය කළේ නම්, එය ගණනය කිරීමට ඔබට නොහැකිය, ඇත්ත වශයෙන්ම මිනිසා සාපරාධී හා කළගුණ නොදත්තෙකු වන්නේය.˜ (ශු කුර්ආන් 14: 34).

    —ඔබ මැවුම්කරුගේ වාක්‍යයන් ලිවීමට සියලූ සාගරයන් උපයෝගී කරගත්තද, එවැනිම තවත් ප්‍රමාණයක් උපයෝගි කරගත්තද, (සියලූ ශාකයන් පන්හිඳ ලෙස යොදාගත්තද) ඒවා නිමවූවද, ඔබේ මැවුම්කරුගේ වාක්‍යයන් නිම නොවේ.˜ (ශු කුර්ආන් 18: 109).

    සර්ව බලධාරී මහා කාරුණික අල්ලාහ් මිනිසාගේ සියලූ අවශ්‍යතා සපුරා පෘථීවියට ප්‍රවේශ කර ඇත.

    —ඔබට පෘථීවියේ සෑම පහසුකමක් සපුරා එහි ජීවන පහසුවද සපුරාලූවෙමු.˜ (ශු කුර්ආන් 7: 10).

    විශ්වයේ සෑම අංගයක්ම මිනිස් ජීවිතයේ පහසුව, සෞභාග්‍යය හා සශ්‍රීකත්වය තකා ඉතා විශාල කාර්ය භාරයක් ඉටු කරන්නේය. උදාහිරෙන් සූර්යයා පිබිදීමත් සමඟ මිනිසා තම නින්දෙන් අවදිවන්නේය. දහවල ඔහුගේ ශ්‍රමය කැප කිරීමට අවශ්‍ය, උෂ්ණත්වය, ශක්තිය හා කඩිසර බව ලබා දෙන්නේය. දහවල මුළුල්ලේ ශ්‍රමය කැප කළ මිනිසාට දැන් විවේකය අවශ්‍ය වන්නේය. ඒ සඳහා අඳුරු සළුව වසාලීමට අවශ්‍ය ආකාරයට සූර්යයා බටහිර සයුරේ ගිලිහීමත් සමඟ රෑ ඝනදුර මිනිසාව වෙලාගැනීමටත්, ඔහුගේ මහන්සිය මඟහැරීමට නිදියහනට ගොස් සුවය, විවේකය ලබාගන්නේය.

    —රැය ද මොවුන්ට එක් හාස්කමකි. ඒ තුළින්ම අප දහවල උදුරා ගන්නෙමු. එවිට ඔවුන් අඳුර ලබාගන්නේය.˜ (ශු කුර්ආන් 36: 37).

    ඉහත දැක්වූ ආකාරයටම මිනිස් ජීවිතයේ පැවැත්මට අවශ්‍ය වූ ජලය අහසින් පතිත වීමද, ඒ හේතුවෙන්ම ඉරි තැලී වියලි ගිය භූමියට ජීවය ලැඛෙන්නේය. තවද සශ්‍රීක වූ ශාකයන් දෑස් පිනවන පුෂ්පයන් විවිධ රසැති පලතුරු වර්ග එසේ සිව්පාවුන්ගෙන් මස් හා කිරි වර්ග භූමිය අභ්‍යන්තරයේ ඇති ඛනිජ වර්ග, පාෂාණ මේ ආදී මිනිස් ජීවිතයේ බාහිර අවශ්‍යතා සඳහා කෙතරම් සූක‍ෂම ලෙස සැලසුම් කර ඇත්ද? යන්න අල්ලාහ් පෙන්වා දෙයි.

    —අල්ලාහ් අහස හා පොළොව නිර්මාණය කිරීම කෙරෙහිද, රැය හා දහවල යළි යළි පැමිණීම තුළින්ද, මිනිසාට ප්‍රයෝජනවත් දෑ සාගරයන් මතින් ගෙන යන්නාවූ නෞකා මඟින්ද, අහසෙහි සිට ජලය පතිත කර අල්ලාහ් ඒ තුළින් වියළී මලානික වී ගිය භූමිය ප්‍රාණවත් කිරීම තුළින්ද, එහිම සෑම වර්ගයකම ජීවීන් ව්‍යාප්ත කිරීම තුළින්ද, සුළඟ සෑම දිශාවකටම හැරවීම තුළින්ද, අහස හා පොළොව අතර සීමා වී සිටින්නාවූ වලාකුළු තුළින්ද බුද්ධිමත් ජනතාවට සාක‍ෂීන් තිඛෙන්නේමය.˜ (ශු අල්කුර්ආන් 2: 164).

    ඇත්ත වශයෙන්ම පෘථීවිය මිනිසාගේ බාහිර අවශ්‍යතා සියල්ල සපුරා තිබුණද, මිනිසා වනාහී භෞතික වස්තූන් මෙන් අණු හා පÞර්ථවලින් පමණක් ගහන වේ, ඔහු ආත්මයකින්, මනසකින් හා ශරීරයකින් යුක්ත වූවෙකි. මිනිසාගේ ශරීරයෙහි හා මනසෙහි අවශ්‍යතා සපුරා තිබුණද, ආත්මයෙහි අවශ්‍යතාවද සපුරා ලිය යුතුය. ඒ සැපරීම් වස් දැනුම, බුද්ධිය අවබෝධය අසමත් වී ඇත. ඔහුගේ දැනුම කිසියම් සීමාවකට යටත් වී ඇති බව අල්ලාහ් පෙන්නුම් කරයි.

    —ඔබට දායාද කර ඇත්තේ ඉතාමත් අල්ප මාත්‍ර වූ ඥාණයක් පමණි.˜ (ශු අල්කුර්ආන් 17:85).


    අල්කුර්ආනය හා විද්‍යාව

    නූතනයේ මිනිසා සියල්ල විද්‍යාත්මකව බැලීමටත් ඒ ඔස්සේ තර්ක විතර්ක ඉදිරිපත් කිරීමටත් පෙළඹ සිටී. මෙය හොද ප්‍රවණතාවයක් වුවද විද්‍යාත්මක ඇසින් ආගම් දෙස බැලීම තරමක මතභේදාත්මක කාරණයකි. ඒ බොහෝ ආගම් විද්‍යාව හමුවේ අසරණ වී සිටින බැවිනි. එසේම බුද්ධියේ ඉනිපෙත්තෙහි සිටින සමාජය අවබෝධ කරගතයුතු කාරණයක් ද ඇත. ඒ සමහරක් ආගමික විද්වතුන් විද්‍යාව හා ආගම ගලපන්නේ අහස පොළොව ගලපනවා සේය. ආගමික මූලාශ්‍රවල පවසන කාරණයත් විද්‍යාත්මකව ඉදිරිපත් කරන කාරණයත් අතර කිසිදු සම්බන්ධතාවයක් දක්නට නැත. නමුත් විද්‍යාවට සමාන්තරව තම දහම ගෙනයාමේ අරමුණින් මෙවැනි පදනම් විරහිත විද්‍යාත්මක කාරණයන් ප්‍රසිද්ධියේ මාධ්‍යවල සාකච්චා කරනවා නිරන්තරයෙන් අප දකින්නෙමු. මෙහි දී තම ආගම කෙරෙහි ඇති නැඹුරුතාවයත් භක්තියත් නිසා අන්ධ භක්තියන් ලෙස සියල්ල හිස්මුදුනින් පිලිගන්නත් ඒවා සත්‍ය බවට හිස් තර්ක විතරක් ඉදිරිපත් කරන්නටත් එහි අනුගාමිකයන් පෙලඹී සිටී.

    ඉස්ලාම් දහම සම්බන්ධයෙන් පවසන්නට ඇත්තේ ඉස්ලාම් දේව පණිවුඩ පදනම් කරගත් දහමක් එය විද්‍යාවට එරෙහි වු හෝ විද්‍යාවට ආවඩන දහමක් නොවේ. එසේම ශුද්ධ වු අල්කුර්ආනය විද්‍යා ග්‍රන්ථයක් ද නොවේ. මේ නිසා මෙහි පවසන කාරණයන් විධයාත්මක සමීකරණ හෝ විද්‍යාගාර පරීක‍ෂණ, නිරීක‍ෂණ හා නිගමනයන් නොවේ. මෙහි පවසනනේ සත්‍යයයි එය මිනිස් බුද්ධියට ගෝචරද විද්‍යාත්මකද යන්න මිනිසා විසින් තීරණය කලයුතු කාරණයකි. එසේම එය විද්‍යාත්මක වුවත් එය විද්‍යාවේ කුමණ ෙක‍ෂ්ත්‍රය නියෝජනය කරනවාද යන්න මිනිස් බුද්ධියෙන් තීරණය කරන කාරණයකි.

    ඒ අනුව ශුද්ධ වු අල්කුර්ආන් වාක්‍ය කිහිපයක් ඔබේ අවදානයට ඉදිරිපත් කරන්නේ එහි විනිශ්චය ඔබටම භාර කරමිණි. ……………

    තාරකා විද්‍යාව

    “අහසෙහි තාරුකා රාශියක් පිහිටුවා (එය) පහනක් ලෙසත් චන්ද්‍රයා ආලෝක පරාවර්ථකයක්ද කල………”

    අල්කුර්ආන් 25:61

    ජල ⁄ භූගෝල විද්‍යාව : Hydrology & Geogrphy

    “….අහසින් වැසිදිය පහලකොට එම වැසිදිය පොළව තුළට විනිවිද යාමට සලස්වා ඒ තුලින් දිය උල්පත බිහිකර ඒ මගින් පොලොව මත විවිධ වර්ණයන්ගෙන් යුතු අස්වනු හටගන්වන්නේය……….

    අල්කුර්ආන් 39:21

    භූගර්භ විද්‍යාව : Geology

    “…..පොළොව කම්පා නොවනු පිණිස එයමත තරසර කදුද…..”

    අල්කුර්ආන් 16:15

    ජීව විද්‍යාව : Zoology

    “…..දිවි ඇති සියල්ල ජලයෙන් අප නිර්මාණය කලෙමු……… “

    අල්කුර්ආන් 21:30

    උද්භිද විද්‍යාව : Botany

    “……අහසින් ජලය පහල කොට එයින් විවිද උද්භිද වර්ගයේ ජෝඩු මැව්වෙමු. “

    අල්තුර්ආන් 20:53

    වෛද්‍ය විද්‍යාව : Medicine

    “……..(මී මැස්සන්ගේ) උන්ගේ උදරයෙන් විවිධ වර්ණවත් පානයන් වෑහෙන්නේය එහි මනුෂ්‍යාහට රෝග සුවය ඇත්තේය “

    අල්කුර්ආන් 16:69

    කායික විද්‍යාව : Physiology

    “ඔවුන්ගේ ඇටකටු එක්රුස් කරන්නට අප නොහැක්කෙමු යයි ඔවුන් සිතන්නේද? ඔවුන්ගේ :Fingerprint– ඇගිලි තුඩ පවා නැවත තිබු ආකාරයටම මවන්න අප ශක්තිවන්තය “

    අල්කුර්ආන් 75:3,4

    කළල විද්‍යාව : Embryology

    “සැබැවින්ම මා මිනිසා මැවුයේ ඉතා සුලූ ප්‍රමාණයක් වු තරල බිදුවකිනි “

    අල්කුර්ආන් 76:02

    විශ්ව සම්භවය

    “ආරම්භයේ අහස පොළව එක් වී වායු ස්කන්ධයක්ව පැවතුනි. පසුව එය වෙන්කරන ලදී “

    අල්කුර්ආන් 21:30

    ඉහත අල්කුර්ආන් වාක්‍ය කෙරෙහි මධ්‍යස්ථව හිද බුද්ධිමත් අවදානය යොමු කරන්න. ඔබ මවිතයට පත්වෙනවා ඒකාන්තය.


    ඉස්ලාම්හි මානව හිතසුව පිණිස වූ මූලික අයිතිවාසිකම්

    ඉස්ලාම්හි මානව හිතසුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කල යුතුය, ඒවා පිළිපැදිය යුතුය. යථොක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා, නීත්‍යානුකුල රැකවරණය පමණක් නොව, ඵලදායි සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාම්, ඉදිරිපත් කරයි.

    මෙසේ පෞද්ගලික හා පොදු යහපත පිණිස සිදුකරන්නාවූ සියල්ලක්ම සදාචාරත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් කෙරේ දක්වන ජනාදරයට අතිශය වැදගත්කමක් හිමිකරන ඉස්ලාම්, ගතානුගතිකත්වයට වහල්ව සිටීමේ කි්‍රයාවට එරෙහිව අනතුරු අඟවයි. ශ.ද්ධවූ අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ:

    —පෙරදිගට හෝ බටහිරට මුහුණ හැරවීම ශීලයක් නොවේ. ශීලය වන්නේ අල්ලාහ්, මතු දිනය, හා දේව දූතවරුන්, ශාස්තෘවරුන් කෙරේ විශ්වාසය පිහිටුවීම. අල්ලාහ් කෙරේ ස්නේහයෙන් ලේ ඥාතීන්, අනාථයන්, දිළින්දන්, මගින් හා යාචකයන් වෙනුවෙන් ස්වකීය වස්තුවෙන් විය පැහැදම් කිරීම, වහලූන් නිදහස් කරවීම, අදාළ වතාවත් පිරීම, සකාත් (ශ.ද්ධකාරක බද්ධ) ගෙවීම, පොරොන්දු ඉටුකිරීම හා දුක් පීඩා ෙඛදයන්හි දී ඉවසා සිටීම යනාදියයි. මෙවැන්නෝ සැදැහැවත්හු වෙති, මෙවැන්නෝ අල්ලාහ්ට බියැත්තෝ වෙති.˜ (ශ. අල්කුර්ආනය 2¦ 177)

    මෙකී පාඨයන්ගෙන්, සිල්වත් හා අල්ලාහ් කෙරේ බියැත්තන් පිළිබඳව විසිතුරු විග්‍රහයක් කෙරේ. මිනිසා විනයාචාර ධර්ම පිළිපැදිය යුතු අතරම අල්ලාහ්ට හා හුදී ජනතාවට සෙනෙහවත් වීමෙහි ලා නිරතුරු සැළකිලිමත් විය යුතුය. මෙහිලා අවශ්‍යතා සතරක් ඉදිරිපත් කෙරේ.

    (1) අපේ විශ්වාසය- භක්තිය- අව්‍යාජ විය යුතුය, අවංක විය යුතුය.

    (2) සහෝදර ජනතාව වෙනුවෙන් කි්‍රයාත්මක වශයෙන් Þන පරිත්‍යාග කළ යුතුය.

    (3) සමාජ සංවිධාන යනාදියට ඇප උපකාර කරමින් හොඳ පුරවැසියන් විය යුතුය.

    (4) සෑම විටෙකම, සෑම මොහොතකම චිත්ත ස්ථාවරත්වය පවත්වා ගත යුතුය.

    කිසියම් හැසිරීමක්- කල් කි්‍රයාවක්- යහපත් හෝ අයහපත් යැයි තීරණය කෙරෙන්නේ ඉහත සඳහන් කරුණු පදනම් කරගනිමිනි. සෑම සදාචාරාත්මක පැවැත්මක්ම මෙකී විනිශ්චය ක්‍රමය වටා, භ්‍රමණය වේ. මිනිසෙකු කෙරෙහි සදාචාරත්මක අණපනත් පැනවීමට පෙරාතුව, ඔහුගේ සෑම කටයුත්තක්, කි්‍රයාවක් මෙන්ම සෑම තැනකදීම, සෑම මොහොතකදීම අල්ලාහ් ඔහු දෙස දෘෂ්ටිය හෙලමින් සිටින බව, මුළු ලෝකයෙන්ම සැඟවුණත් අල්ලාහ්ගෙන් මුවා විය නොහැකි බව, අන් සියල්ලන්ම මුළා කළත් අල්ලාහ් මුළා කළ නොහැකි බව කවරෙකුගේ ග්‍රහණයෙන් මිදුනත් අල්ලාහ්ගේ ග්‍රහණයෙන් මිදිය නොහැකි බව යනාදිය මිනිසාගේ සිතෙහි තහවුරු කිරීම සඳහා ඉස්ලාම් වෙරදරයි. මෙසේ, අල්ලාහ්ගේ ප්‍රසාදයට ඉහවල් වූ දේ මිනිස් ජීවිතයක පරමාර්ථය විය යුතු බව නිර්ණය කොට, ඉස්ලාම් මගින් සදාචාරත්මක වශයෙන්වූ උසස් තත්ත්වයද සලසා දෙනු ලැබේ. මානව සදාචාරත්මක සංවර්ධනයෙහි අසීමිත අගයක් ඇතිකිරීමෙහිලා මෙය ඉවහල් වේ. දිව්‍යමය හෙළිකිරීම් – වහී -යනු ඥානයේ මුල සාරය වශයෙන් සලකා, මේ සදාචාරාත්මක තත්ත්වයනට අනම්‍ය බව හා ස්ථාරවත්වය ලබා දෙනු ලැබේ.

    සාධාරණ හේතු සහගත ලෙස චර්යාවේ හැඩගැස්වීම අභ්‍යාස කිරීම හා වෙනස් කිරීම් කරගත හැකිය. එහෙත් හිතාමතා සිදුකරන වරදක් වශයෙන්, බැරැරුම් වෙනසක් සිදුකිරීමක් හෝ සදාචාරය ලිහිල් කරවීමක් හෝ පවත්නා අඛණ්ඩභාවය කඩකරන්නක් වශයෙන් එබඳු වෙනසක් කළ නොහැකිය. අල්ලාහ් කෙරේ ඇල්ම හා බිය හේතුවෙන් වූ සදාචාරයන්ට මෙ මගින් අනුමැතිය ලැබේ. මේ නිසා බාහිර බල පෑමකින් තොරව මිනිසා සදාචාරය ඔස්සේ යවනු ලැබේ. අල්ලාහ් සහ මතු දිනය පිළිබඳ ඇදහිලි සහිතව ඉතා ඕනෑකමින් හා උනන්දුවෙන්ද අවංකව එමෙන්ම හෘදයාංග ලෙස සදාචාරත්මක පැවතුම් සකසා ගනු පිණිස, මිනිසාට හැකියාවක් ඇති වේ.

    මේ සදාචාර නීතිරීතින්හි අව්‍යාජ ස්වභාවයක් නැත, අමුතු ආටෝපද නැත, සාමාන්‍ය සදාචාර පැතුම් වලින් ඈත් කිරීමක්ද නැත, හේතු විරහිත ලෙස හෝ අතිශයෝක්තියෙන් කිසියම් අංශයක් අමතක කොට හැර දමා නැත. ව්‍යවහාරයේ ඇති සියලූම සදාචාර විනයන් ගැන සලකා ඇත. ඒ ඒ තැන්හි එකිනෙක උචිත ලෙස පිහිටුවා, ජීවන සැලැස්මක් තුළ සමස්ථයක් වශයෙන් සපුරා කි්‍රයාත්මක වන අන්දමින් වග බලාගෙන ඇත. මෙ මගින් මිනිසාගේ පෞද්ගලික හා සාමුහික ජීවන අරමුණු පුළුල්කරවනු ලැබේ. මිනිසාගේ ගෘහස්ථ හැසිරීම්, පෘථග්ජන පැවතුම් මෙන්ම, දේශපාලනික, ආර්ථීක, අධිකරණ අධ්‍යාපනික හා සාමාජික ෙක‍ෂත්‍රයන් හි කි්‍රයා කටයුතු වලදි පිළිපැදිය යුතු සදාචාර විනය ධර්මයන් විග්‍රහ කෙරේ. ඉස්ලාමිය සදාචාරයෙන්, මිනිස් ජීවිතය නිවසින් සමාජය දක්වාත්, කෑම මේසයේ සිට යුද පිටිය හා සාම සම්මේලන දක්වාත්, කොටින්ම තොටිල්ලේ සිට සොහොන් බිම දක්වා සැකසිය යුතු ආකාරය ඉගැන්වේ. ඉස්ලාමිය සදාචාරය තුළින් කිසිදු අංශයක් ගිලිහි නැත. කිසිදු ෙක‍ෂ්ත්‍රයක් මගහැරි නැත. එය අවබෝධයටද පහසුය. එමගින් ජීවිත කාර්යාවලිය උතුම් පරමාර්ථ සහිතව ඉටුකරවනු ලැබේ. මෙහිලා ආත්මාර්ථකාමි හෝ පහත් ලාභාපේක‍ෂාවෙන් ගෙවන ජීවිතයකට ඉඩ නැත.

    ඉස්ලාමීය විනයෙන් යහපත් පැවතුම් සහිත, අයහපත් පැවතුම් වලින් මිදුණාවු සාර්ථක ජීවිතයක් සඳහා පෙළඹවීම සිදුකෙරේ. සිල්වත් ශික‍ෂාකාමි සඳහා පමණක් නොව, එකි යහ ගුණ ප්‍රගුණ කිරීමටත් කෙළෙස් දමනය කොට ශුභ ගුණ දහම් පුහුණු කිරීමටත් අශුභ ගුණදහම් තුරන් කිරීමටත් පොළඹවනු ලැබේ. හෘදය ශාක‍ෂියට එකඟ වූ දිවිපෙවෙතක් සකසා ගැනීමත්, කවර අවස්ථාවක් යටතේ වූවද වරදට යොමුවීමෙන් වැළකී සිටීමටත් ඉස්ලාමීය සදාචාරයේ අරමුණු වේ. මේ ඇරයුමට ප්‍රතිචාරයක් දක්වන්නෝ,

    ඒකීය සමාජයක් වශයෙන් එක්රැස් කරනු ලැබ —මුස්ලිම්˜ යන නමින් හඳුන්වනු ලැඛෙති. මේ සමාජයේ සාමුහික වශයෙන් එක්සත් වෙමින් යහපත ස්ථාපනය කිරීමට හා අයහපත මුලිනුපුටා දැමීමට වෙර දැරිය යුතුය. මුස්ලිමෙකු ගේ ජීවිතයේ විවිධ අංශයන් හිදී බලපාන අයුරින් උගන්වන ලද සÞචාර මූලධර්මයන් කීපයක් මෙහිලා සඳහන් කෙරේ.

    අල්ලාහ් පිළිබඳ මතකය :

    මේ වු කලී, මුස්ලිමෙකු තුළ පිහිටිය යුතු උසස්තම ලක‍ෂණය වශයෙන් කුර්ආන්හි සඳහන් වේ. —ඔබ අතුරින් අතිශය සම්මානනීය අය වූ කලී, අල්ලාහ් අබියස, අල්ලාහ් පිළිබඳ මනා සිහියක් සහිත පුද්ගලයාය.˜ (ශ. අල්කුර්ආනය 49¦ 13)

    අවනත භාවය, සන්සුන් තැන්පත් භාවය, ආත්ම දමනය, සත්‍යවාදී භාවය, අවංක භාවය, විනීත භාවය, ඉවසිලිවන්ත භාවය, ස්ථාවරත්වය හා පොරොන්දු ඉටුකිරීම් යනාදිය අල්කුර්ආනයෙන් පුන පුනා ඉගැන්වෙන සදාචාර විනයන්ය, අල්කුර්ආන්හි මෙසේ සඳහන් වේ.

    —තවද අවංක හා ස්ථාවර වූවන්ට අල්ලාහ් ඇලූම් කරයි.˜ (ශ. අල්කුර්ආනය 3¦ 146)


    —යහපත සිදුකරන්නන්ට අල්ලාහ් යහපත සලසන බැවින් ඔබේ රක‍ෂකයාගෙන් කමා භාජනය පිණිසත් ඔහු පිළිබඳ මතකයෙන් යුතුව ඇති කල්හි හා නැති කල්හි දන්පින් කරන්නා වූත්, කෝපය දමනය කරගන්නා වූත්, සහෝදර දනන් (ගේ වරදට) සමාව දෙන්නා වූත් පින්වතුන් සඳහා, වෙන් කොට ඇති ස්වර්ග සම්පත්තිය පිණිසත් ඔබ තරඟකාරිව ඉදිරිපත් වන්න.˜ (ශ. අල්කුර්ආනය 3¦ 133- 134)


    —නිසි කල සලාත්හි යෙදෙන්න, යුක්තිය ඉටුකරන්න, වරදින් මිදෙන්න, කුමක් සිදුවෙතත් ඉවසිලිවන්ත වන්න, එය වෙනස් නොවන සුළු ධර්මතාවයකි˜ අනුන් අභියස අහංකාර නොවන්න. මහ පොළොව මත අවිනීත ලෙස ගමන් නොකරන්න. අල්ලාහ්, උඩගු හා පුරසාරම් දොඩන්නන් නොරුස්සයි. ඔබ ගේ (පා) පියවර අතර සාමාන්‍ය ප්‍රමාණයේ පරතරයක් තබා ගන්න. කට හ~ පහත කරගන්න. උස් හඬ්න් කරන කතාව, ඇත්තෙන්ම බූරුවාගේ ඛෙරිහන් බඳු වේ.˜ (ශ, අල්කුර්ආනය 31¦ 18- 19)

    මුස්ලිමෙකු ගේ විනයගරුක හැසිරීම් ලූහුඬ්න් දක්වන විලාශයෙන් ශාස්තෘවරයානන් මෙසේ ප්‍රකාශ කළහ.

    —මගේ ආරක‍ෂකයා මට අණපනත් නවයක් පවරා ඇත. එනම් හුදෙකලාව හෝ සාමුහිකව සිටියත් නිරන්තරයෙන්ම අල්ලාහ් පිළිබඳ සිහිය, කෝපාවිෂ්ඨව හෝ සතුටු සන්සුන්ව සිටියත් යුක්තිය තෙපලීම, දුප්පත් හෝ ධනවත්ව සිටියදීත් තැන්පත්වීම, මගෙන් ඉවත් වූවත් යළි ළංකරගැනීම, මා පිටුදකින උදවියටත් උදව් උපකාර කිරීම, නිසොල්මන්ව සිටියදී චින්තනයෙහි නිරතවීම, මා බලන බැල්ම අවවාදානුශාසනාවක් වීම, සහ නිවැරදි දේ අවධාරණය කරවීම යන නවයයි, ඒ.˜

    සමාජියීය වගකීම්:


    ඉස්ලාමීය ඉගැන්වීම අනුකුලව, සාමාජික වගකීම් වනාහි කරුණාව හා පරාර්ථය පිණිස විය යුතු වේ. විශේෂ අවස්ථාවන්හි දී කරුණාව පිළිබඳ වූ මෙකී පුළුල් ශීලය නොසලකා හරිනු ලබන බැවින්, විවිධ අවස්ථාවන් පිළිපැදිය යුතු කරුණාව පිළිබඳ විශේෂ කි්‍රයාවන්, වගකීම් හා සම්බන්ධතා පිළිබඳව විග්‍රහ කෙරේ. සම්බන්ධතා පිළිබඳව පුළුල්ව සැලකීමේ දී අපගේ මූලික වගකීම වනුයේ, දෙගුරුන්, සැමියා, අඹුදරුවන් හා ඉනික්බිතිව සෙසු ඥාතීන්, අසල්වැසියන්, මිතුරන් හා දන්නා හඳුනනවුන් අනාථයන් හා වැන්දඹුවන්, ස්වකීය සමාජයේ දිළින්දන්. සහෝදර මුස්ලිමුන්, සකල මිනිසුන් හා සත්වයින් ද කෙරෙහිය.

    දෙගුරුන්:

    මව් පිය දෙදෙනාට ගරුකිරීම හා උපස්ථාන කිරීම, ඉස්ලාම් හි අවධාරණයෙන් ඉගැන්වේ. මෙය ඉස්ලාමීය භක්තියට ඉවහල් වන, වැදගත් අංශයක් වේ.

    —ඔබේ ආරක‍ෂකයා තමා හැර සෙස්සෙකු නොපුදන ලෙසත් දෙමව්පියන්ට කරුණා දයාව ලෙසත් ඔබට අණකරයි. ඔබේ ජීවිත කාලය තුළ ඔවුන්ගෙන් කෙනෙකු හෝ දෙදෙනාම මහළු වියට පත්වූවා නම්, ඔවුන්ගේ සිත් රිදවන කිසිදු වදනක් පැවසීම හෝ ඔවුන් කොන් කිරීම නොකරන්න. ඔවුන්ට ගරුසරුව කතා කරන්න. කාරුණික ලෙස කීකරු වන්න. පසුව පවසන්න.

    —මගේ ආරක්ෂකයාණෙනි, මා කුඩා කල ඔවුන් මා කෙරේ දැක්වූ සෙනෙහස මෙන් ඔවුන් කෙරේ ඔබේ පරම දයාව දක්වන්න.˜ (ශ.අල්කුර්ආනය 17: 26).

    සෙසු ඥාතීන් :

    —දිළින්දන් මගින් මෙන්ම බන්දුන්ට ද හිමිවිය යුතු උරුමකම් ප්‍රදානය කරන්න. තවද නාස්ති කාරයෙකු මෙන් ඔබේ වස්තුව විනාශ නොකරන්න.˜ (ශ. අල්කුර්ආනයථ 17: 26).

    අසල්වැසියන්:

    නබි (සල්) තුමාණෝ මෙසේ වදාළහ: —අසල්වැසියා, සාගින්නෙන් පීඩා විඳින කල, කුසපුරා ආහාර ගන්නා, මුස්ලිමෙක් නොවේ. තවද ස්වකීය නොපනත් පැවතුම් නිසා අසල්වැසියා අනාරක‍ෂිත තත්ත්වයේ පසුවේ නම් ඔහු විශ්වාසවන්තයෙකු (ශ්‍රද්ධාවන්තයෙකු) නොවේ.˜

    සැබවින්ම කුර්ආනයට හා සුන්නාහ්වට (ශාස්තෘවරයානන්ගේ ජීවිතයට) අනුකූලව, මුස්ලිමෙකු විසින් සදාචාරාත්මක වගකීම් ඉටුකළ යුතුවන්නේ, ස්වකීය දෙගුරුන් නෑ හිතවතුන් හා අසල්වැසියන්ට පමණක් නොවේ. සමස්ත මානව සංහතියම, සකල ප්‍රාණයෙකුම, ඵලදායි ගස්, පැලෑටි වස්තූන් කෙරේද ඉටුකළ යුතු වගකීම් ඇත. නිදසුනක් වශයෙන්, විනෝදය සඳහා සත්ව හා කුරුළු දඩයම් යනාදියට අවසරයක් නැත. එසේම උග්‍ර අවශ්‍යතාවයකින් තොරව ඵල දරන වෘක්ෂලතාවන් කපා හැරීමද තහනම් කොට ඇත. මෙසේ, මූලික සදාචාරාත්මක පැවැත්මේදී ඉස්ලාම් මගින් උසස් සදාචාරාත්මක විනයක් ගොඩනගා ඇත.

    ඒවායේ ශ්‍රේෂඨත්වය, මිනිසාට පහසුවෙන්ම අවබෝධවනු ඇත. ඉස්ලාම් මගින්, මිනිසුන් කෙරෙන්, ආත්ම වර්ණනාව, දුෂ්ඨ පාලනය, අශික‍ෂිත හා අවිනීත භාවය යනාදිය කෙළෙස් දුරු කැරවේ. ඒ වෙනුවට, අල්ලාහ් කෙරේ බියැති, ශ්‍රද්ධාවත් ප්‍රතිපත්තිගරුක හා වරදෙහි නොබැෙඳන පුරුෂයන් ගොඩනගනු ලැබේ. සදාචාරාත්මක වශයෙන් වූ වගකීම් පිළිබඳ හැඟීම් පුබුදුවන්නා වූ අතරම ආත්ම සංයමයට ඉවහල්වන හැකියාවද වඩවයි. ඉස්ලාම් මගින් සෑම විටෙකම, කරුණාව, දයාව ත්‍යාගශීලි භාවය, අනුකම්පාව, සමාදානය, අනුන්ගේ සෙත් පැතීම, විනීත භාවය හා සියලූ සත්වයන් කෙරෙහි සත්‍යවාදි භාවය පිහිටුවා ගැන්මේ හැඟීම් පෝෂණය කෙරේ. එමගින්, යහපත සැලසෙන සෑම උතුම් කාර්යයක් සඳහාම අනුබලය ලැබේ.




    ඉස්ලාම් හි මානව අයිතිවාසිකම්

    සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ සහ විශ්වත් මණ්ඩලයේ අසහාය ස්වාමියාද, ඒ සියල්ලකම ආරක‍ෂක, පෝෂක හා ස්වාමියා අල්ලාහ් වන කල ඔහු විසින් මවන ලද සෑම මිනිසෙකුම සමානය. ඔහු සව්සතට මෙත් වඩයි. ඔහුගේ දයා මහිමයෙන් ජීවීන් හටගනී. පොදුවේ සෑම මිනිසෙකුටම පෞරුෂත්වය හා ගුරුත්වය පිරිනමා ඇත. ස්වකීය සාරයෙන් ප්‍රාණය පිඹ ඇත. එනම්, ඔහු අබියස, සෑම මිනිසකුම සමස්ථයකි. මිනිසුන්ගේ පෞද්ගලික ගුණාංග හැර සංස්කාරයන් වශයෙන් කව්රුත් එක සමානය. කුලය, ජාතිය, දේශය, වර්ණය වශයෙන් ඔවුනොවුන්ගේ ආයාශයෙන් පිහිටුවාගත් භේදයක් විනා, අල්ලාහ්ගේ මැවීම් සම්බන්ධයෙන් කිසිදු භේදයක් නැත. මේ අනූව සෑම මිනිසෙකුම එකිනෙකා, අනෙකාට අයත්වෙයි. සෑම මිනිසෙකුම ආතම ගරුත්වයෙන් හා හිතාදර ස්වාමියා වෙනුවෙන් හිතැඟි කැපවීමක් සහිතව එක ම සහෝදර සමාජයකට අයත් වෙති. මෙබඳු ප්‍රසන්න පරිසරයක් තුළ අල්ලාහ් ගේ ඒකීයත්වය පිළිබඳ පිළිවෙත බලගතු ලෙස කේන්ද්‍රගත වේ. මානව සංහතියද, මානව සහෝදරත්වයද ඒ හා සමාන බව අවධාරනය කෙරේ.

    පෘථීවිය මත කවර තැනක වූවද ඉස්ලාමීය රජයක් ස්ථාපනය වී ඇතිවිට, එයට භෞමික වශයෙන් ප්‍රාන්ත සීමාවන් පිහිටුවා මානව නිදහස මර්දනය කිරීමට ඉස්ලාම් නොපෙළඹේ. ඉස්ලාම් මගින්, මානව සංහතිය උදෙසා ඇතැම් පොදූ මූලික අයිතිවාසිකම් කිහිපයක් ඉදිරිපත් කෙරේ. ඉස්ලාම් රජයක බල ප්‍රදේශය තුළ හෝ පිටත කවර තැනක වාසය කළත්, රජයක් සමග සාමයෙන් පසුවෙතත්, සංග්‍රාමයක පැටලී සිටියත්, සෑම අවස්ථාවකදීම එකී අයිතිවාසිකම් වලට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. මෙය අල්කුර්ආනයේ ඉතා පැහැදිලිව විග්‍රහ කෙරේ.

    විශ්වාසවන්තයිනි ඔබ අල්ලාහ්ට යුතුකම් ඉටු කරන්නෙකු වන්න, යුක්ති ගරුක ලෙස සාක‍ෂි කියන්න. සෙස්සන් කෙරේ ඔබට ඇති ගෞරවය නිසා යුක්තියෙන් ඉවත්වන්නෙකු නොවන්න. සාධාරණ වන්න. එය අල්ලාහ් කෙරේ බියැත්තෙකුගේ තත්ත්වය ට ඔබ සමීපවත් කරයි.˜ (අල්කුර්ආනය 5ථ 8-

    මනුෂ්‍ය රුධිරය පවිත්‍ර වස්තුවක් ලෙස ආරක‍ෂා කෙරේ. එය අසාධාරණ අන්දමින් සෙලවිය නොහැකිය. මනුෂ්‍ය රුධිරයට පිරිනමා ඇති මේ උතුම් භාවය උල්ලංඝනය කරමින්, යමෙකු අන් කිසිවෙකු ඝාතනය කළේ නම්, එය මුළු මානව සංහතිය ම ඝාතනය කළා හා සමාන වේ. රුධිර වන්දිය පිණිස නොවී, යම් කිසිවෙකු පොලෝතලය මත මනුෂ්‍ය ඝාතනයෙන් දූෂණයෙහි යෙදේ නම් ඒ වූ කලී මුළු මානව සංහතියම ඝාතනය කිරීමක් බඳු වේ. කාන්තාවන්, දරුවන්, වැඩි මහළුන්, රෝගින් හා ආබාධියන්ට හිංසා උපද්‍රව සිදුකිරීම තහනම් වේ. සෑම අවස්ථාවක දීම කාන්තාවන් ගේ පතිවතයට ගරු කළ යුතුය. දිළින්දන්ට ආහාර පාන පිළිගැන්විය යුතුය. ඇඳිවත් නැත්තවුන්ට වස්ත්‍රාදිය පිදිය යුතුය. තුවාල ලදවුන්ට හා රෝගින්ට ඔවුන් ඉස්ලාමීය සමාජයට අයත් වූවත්, සතුරු පිළෙහි සිටියත් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය.

    ඉස්ලාම්හි මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතිකා කිරීමේදී එහි සැබෑ අදහස වනුයේ එකී අයිතිවාසිකම්, අල්ලාහ් විසින් ප්‍රදානය කළාවු දේ බවයි. ඒවාට මුළු උරුමක්කාරයා අල්ලාහ් විතරයිය. ඒවා කිසියම් රජකු හෝ රාජ්‍ය සභාවකින් ප්‍රදානය කෙරුනේ නොවේ. රජුන් හෝ රාජ්‍ය සභාවිසින් පුදන ලද අයිතිවාසිකම් පෙරළා ඔවුන් විසින්ම අවලංගු කළ හැකිය. ආඥාදායක පාලකයන් විසින් හිමිකෙරෙන අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද තත්ත්වය එසේම වේ. ඔවුන්ගේ අභිමතය පරිදි අයිතිවාසිකම් පිදීමත්, පෙරළා අවලංගු කිරීමත් එමෙන් ම ඒ නීති රීතින් ප්‍රසිද්ධියේ තමන් විසින්ම කඩ කිරීමත් ඔවුන්ට සුළු දෙයකි. එහෙත්, ඉස්ලාම්හි දැක්වෙන මිනිස් අයිතිවාසිකම් අල්ලාහ් විසින්ම ප්‍රදානය කරන ලද්දක් බැවින්, ලොවැති කවර රාජ්‍ය සභාවකට හෝ රජයකට ඒවායේ වෙනස් කම් හෝ සංශෝධනයක් සිදු කිරීමට, කිසිදු උරුමයක් නැත. බලයක් නැත. මේ වූ කලී හුදෙක් නාම මාත්‍රයෙන් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින්, ලේඛන වලට පමණක් සීමා කළ මානව අයිතිවාසිකම් නොවේ. දාර්ශනික සිද්ධාන්ත මෙන්, ස්වභාවික ජීවිතයෙන් ඈත් කොට පනවන ලද මානව අයිතිවාසිකම් ද නොවේ.

    අල්ලාහ් විසින් පනවන ලද මෙය, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයට සමකළ නොහැකිය. හේතුව එක්සත් ජාතීන් විසින් සම්පාදිත ප්‍රඥප්තිය මිනිසුන් කෙරේ අදේශ කළ නොහැකි නමුත්, අල්ලාහ්ගේ නීතිය සෑම විශ්වාසවන්තයකුටම පොදු වෙයි. එය් ඉස්ලාමීය භක්තියේ අංගයකි. මුස්ලිම්වරු යයි හඳුන්වා ගන්නා වූ සෑම මුස්ලිම්වරයෙකුම, පාලකයෙකුම එය පිළිගත යුතු අතර, මැනවින් වටහා ගෙන කි්‍රයාත්මක කළ යුතුය. අල්ලාහ්ගේ සහතිකයක් සහිත, එකී අයිතිවාසිකම් කි්‍රයාත්මක කිරීම අතපසු කිරීම හෝ ඒවා ප්‍රතිෙක‍ෂ්ප කිරීමට පෙළැඹීම නො එසේ නම්, ඒවායේ සංශෝධන වෙනස්කම් සිදුකිරීමට තැත් කිරීම හෝ නාම මාත්‍රයෙන් පිළිගෙන, ප්‍රායෝගික වශයෙන් ඒවා කඩකිරීම වරදක් වේ. එබඳු වරදක් සිදුකරන රජයකට අත්වන ද~ුවම අල්කුර්ආනයේ පැහැදිලිව සඳහන් වේ.

    —අල්ලාහ් විසින් පනවන ලද දෙයට අනුකූල ව යුක්ති විනිශ්චය නොකරන්නෝ විශ්වාසවන්තයින් නොවෙති.˜ (අල්කුර්ආනය 5ථ 44-

    ඉස්ලාමීය රජයක් තුළ මානව අයිතිවාසිකම් :

    1- දේපල සම්පත්වල ආරක‍ෂාව අවසාන හජ් මෙහෙය සමයේ දී ශාස්තෘවරයානන් මුහම්මද් (සල්) තුමා කළ දේශනයේ මෙසේ සඳහන් කළේය. —පරමාන්ත දිනයේ යළි මතුවී ස්වාමියා හමුවන තාක්, කෙනෙකුගේ ප්‍රාණය හා දේපළ සම්පත් අනෙකාට තහනම් වේ.˜ ඉස්ලාමීය රජයක් තුළ වෙසෙන මුස්ලිම් නොවන දිම්මිවරුන් ගැන ද මුහම්මද් (සල්) තුමා සඳහන් කරයි: —සම්මුතියට බැඳී සිටින වුන්, දිම්මිවරුන් ඝාතනය කරන්නාට ස්වර්ගයේ සුවඳ හෝ නොදැනෙන්නේය.˜

    2- ගරුත්වයේ ආරක‍ෂාව: අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ:

    1- —විශ්වාසවන්තයිනි ඔබ අතුරින් පිරිසක්, සෙසු පිරිසකගේ උපහාසයට ලක් නොකරන්න.˜ 2- ඔබ එකිනෙකා අපහාස නොකරන්න.3- පටබැඳි නම්වලින් අනුන්ට නිග්‍රහ නොකරන්න.4- ඕපාදූපවල නොයෙදෙන්න. අනුන් නැති තැන ඔවුන්ගේ වැරදි කතා නොකරන්න. (ශ. අල්කුර්ආනය 49ථ 11- 12-

    3- පෞදිගලික ජීවිතය පිළිබඳ ආරක‍ෂාව: අල්කුර්ආනයේ මේ අණපනත් පැනවේ.

    1- අනුන්ගේ රහස් නොසොයන්න.

    2- ගෙහිමියාගේ අනුමැතිය ඇතිබැව නිශ්චය වනතාක් ඔහුගේ ගෙතුළට නොපිවිසෙන්න.

    4- පෞද්ගිලක නිදහසට ආරක‍ෂාව:

    විවෘත උසාවියක නඩු විභාගයකින් තොරව කිසිදු පුද්ගලයෙකු සිරගත කිරීම ඉස්ලාමයෙන් තහනම් වේ. කෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන, ඔහුගේ නිදහසට හා ආරක‍ෂාවට කරුණු ඉදිරිපත් කිරීමේ සැලකිය යුතු අවස්ථාවක් ලබා නොදී, බන්ධනාගාර ගත කිරීම ඉස්ලාමයෙන් සපුරා තහනම් වේ.

    5- ආඥාදායකත්වයට එරෙහිවීමේ උරුමය:

    ඉස්ලාමයෙන් හිමිකර දී ඇති මානව අයිතිවාසිකම් අතර රජයක ඒකාධිපති වාදයට එරෙහිව නැගී සිටීමේ අයිතිවාසිකම් ද අඩංගු වේ. මේ පිළිබඳව අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ. —කෙනෙකුට තුවාල සිදුකිරීමක් වූ කලෙක විනා ප්‍රසිද්ධියේ වරදක් කතාකිරීමේ කි්‍රයාව අල්ලාහ් නොරුස්සයි.˜

    පෙර සඳහන් කළාක් මෙන්, සෑම බලයක්ම ආධිපත්‍යයක් ම අල්ලාහ් සතු වේ. මිනිසා සතුවන්නේ, හුදෙක් නියෝජිතයෙකුට හිමිවන තරමේ සීමිත බලයකි. මෙබඳු වගකීමක්, බලයක් දරන්නා එය මහ ජනතාවගේ සේවය පිණිස යොදාගත යුතු අතර මහ ජනතාව හමුවේ ගරුසරු ව පෙනී සිටිය යුතුය. මෙය, හස්රත් අබූබක්කර් (රලි) තුමා විසින් ආදර්ශයෙන් සනාථ කරන ලදී. එතුමා කලීෆා වීමෙන් පසු කළ කුළුඳුල් දේශනයේ දී —මා නිවැරදි ව සිටිනතාක් කල් මට සහයෝගය දක්වන්න. මා වරදක් කරන කල එය නිදොස් කරවන්න. මා, අල්ලාහ් සහ ඔහුගේ ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමාගේ අණපනත්, හා අවවාදානුශාසනා පිළිපදින තාක් කල් මට කීකරුවන්න. මා එයින් බැහැර වනකල මගෙන් ඉවත්වන්න.˜

    6- කථා කිරීමේ නිදහස:

    වැරැදි හා ප්‍රචණ්ඩ කි්‍රයා පැතිරවීමට නොව, සිල්වත් බව හා සත්‍යය ස්ථාපනය කිරීමේ අරමුණින්, ඉස්ලාමීය රජයක සෑම පුරවැසියෙකුටම සිතීමේ හා කථා කිරීමේ නිදහස ඉස්ලාමයෙන් ප්‍රදානය කෙරේ. ඉස්ලාමීය කතා කිරීමේ නිදහස වූ කලී, වත්මන්හි බටහිර රටවල පවත්නා එකී නිදහස් පිළිවෙතට වඩා අතිශයින් උසස්ය. කිසිදු හේතුවක් මත, වැරැදි හා ප්‍රචණ්ඩකම් ව්‍යාප්ත කිරීමේ කි්‍රයාවලට ඉස්ලාමයෙන් අනුමැතිය නොලැබේ. විවේචනය කිරීමේ මුවාවෙන්, නොමනා හා අසංවර ලෙස කතා කිරීමට කිසිවෙකුට අයිතිවාසකිමක් නැත. යම් යම් අවස්ථාවල, නිශ්චිත කරුණු සඳහා දිව්‍යමය හෙළි කිරීම් පහළ වූවාදැයි මුහම්මද් (සල්) තුමන්ගෙන් විමසීම මිත්‍රවරුන්ගේ සිරිත විය. එබඳු දිව්‍යමය හෙළි කිරීමක් නොවිණැයි එතුමා පළ කළා නම් එකී කරුණු සම්බන්ධයෙන් මුස්ලිමුන් තම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමද සිරිත විය.

    7- සමිති සමාගම් සඳහා නිදහස:

    සමිති, සමාගම් හෝ පක‍ෂ සංවිධාන යනාදිය ස්ථාපනය කරගැන්ම පිණිස ඉස්ලාමීය, ස්වකිය ජනතාවට නිදහස ප්‍රදානය කරයි. මේ නිදහස ද යම් යම් පොදු නීතීන්ට යටත් වේ.

    8- සිතීමේ හා ඇදහීමේ නිදහස:

    ඉස්ලාම්හි මෙසේ ප්‍රකාශ වේ. ශ්‍රද්ධාව පිළිබඳ ව බලපෑමක් නොතිබිය යුතුය. මෙයට පටහැනි ලෙස, ඒක පාක‍ෂික සමාජයන්හි මෙකී පුද්ගල නිදහස ඉඳුරා අහිමි කර ඇති රජයක මෙකී අයුතු බලපෑම් මගින් මිනිසා එක්තරා වහල් බැම්මකට නතු කොට ඇත. එක්තරා අවධියක, මිනිසුන් වහල් භාවයේ තබා ගැන්මේ කි්‍රයාව, මිනිසා මත මිනිසා ඉඳුරා ආධිපත්‍ය පවත්වා ගැන්මක් වශයෙන් සලකනු ලැබුණි. එබඳු වහල් වෘත්තිය, දැන් නීතියෙන් තහනම් කර ඇත. නමුත්, ඒ වෙනුවට ඒක පාක‍ෂික රාජ්‍යයන්හි ඒ හා සමාන රාජ්‍ය තාන්ති්‍රක නීති මගින් මිනිසුන් පාලනය කෙරේ.

    9- ආගමික නිදහස හා ආරක‍ෂාව:

    සිතීමේ හා ඇදහිලි පිළිබඳ නිදහස අනූව කෙනෙකුගේ ආගමික දෘෂ්ඨියට අදාළ ගරුත්වය ඉස්ලාම් මගින් ප්‍රත්‍යක‍ෂ කෙරේ. මෙකී අයිතිවාසිකමට පටහැණිව කිසිවක් කිරීම හෝ ප්‍රකාශ කිරීමක් කළ නොහැකිය.10- වැරදි සිර ද~ුවමින් ආරක‍ෂාව:

    සෙස්සෙකු කළ වරදක් අපරාධයක් සඳහා අනෙකෙකු සිරගත කිරීමේ කි්‍රයාවෙන් ඉස්ලාම් ආරක‍ෂාව සලසා දෙයි. මේ පිළිවෙත, අල්කුර්ආනයේ මෙසේ විග්‍රහ කෙරේ. —කෙනෙකුගේ බරක් තවත් කෙනෙකු මත නොපැටවිය යුතුය.˜

    11- මූලික අවශ්‍යතා සඳහා වූ අයිතිවාසිකම:

    දිළින්දන්ට උදව් උපකාර කරමින් සහයෝගය දැක්විය යුතුය. මෙය දිළින්දන්, සඳහා වූ අයිතිවාසිකමකි. —තවද ඔවුන්ගේ වස්තුවෙන් නැති බැරි දනන්ට උරුමයක් ඇත.˜

    12- අධිකරණය හමුවේ සමානාත්මතාවය:

    ඉස්ලාම්, ස්වකීය බැතිමතුන්ට නීතිය හමුවේ සම්පූර්ණ සමානාත්මතාවය පිරිනමයි.

    13- නීතියට පිටුපා නොයන පාලකයන්:

    එක්තරා ප්‍රභූ කාන්තාවක් සොරකමක් කළ නිසා අත් අඩංගුවට ගනු ලැබුවේය. මේ නඩුව මුහම්මද් (සල්) තුමා හමුවට ගෙනෙන ලදි. ඇයට ද~ුවම් නොකළ යුතු යැයි සෙස්සෝ එතුමා ට නිර්දේශ කළහ. මුහම්මද් (සල්) තුමාගේ පිළිතුර වූයේ මෙයයි. —ඔබට කලින් විසු ජාතීන් විනාශයට පත්වූයේ, ඔවුන් සාමාන්‍ය පුරවැසියන්ට ද~ුවම් කළ අතර, තමන්ගේ උසස් ඥාතීන් කළ අපරාධයන්ට ද~ුවම් නොකළ හෙයිනි. මා ජීවත් කරවන ඔහුගේ නාමයෙන්, මුහම්මද්ගේ (තම) දියණිය ෆාතිමා මේ වරද කළත් මම ඇයගේ අත කපන්නෙමි.˜

    14- රාජ්‍ය කටයුතු වල නිරතවීමේ අයිතිවාසිකම්:

    —තවද, ඔවුන්ගේ කාර්්‍ය පරිපාටින් ඔවුනතර කෙරෙන සාකච්ඡාවන් මගින් සිදුවේ.˜ (ශ. අල්කුර්ආනය 42ථ38- —ෂුරා˜ හෙවත් ව්‍යවස්ථාදායක සභාව යන්නෙහි අරුත එයයි. අනෙකක් නොවේ. රජයේ විධායක නායකයා හා සෙසු සාමාජිකයෝ, මහ ජනතාවගේ නිදහස් ඡන්දයෙන් තේරි පත්විය යුත්තාහ.

    අවසාන වශයෙන්, ඉහත සඳහන් කළ හා නොකළ මානව අයිතිවාසිකම් අත්කරගැන්මෙහි ලා ඉස්ලාම් කි්‍රයාකරන්නේ ඒවා ආරක‍ෂා කිරීමෙන් පමණක් නොව, ප්‍රධාන වශයෙන්ම පවුල් මහන්තත්වය (රදළවාදය), භාෂාමය අහංකාරකම්, හා ආර්ථීක වරප්‍රසාද, බඳු පහත් තිරිසන් ආකල්ප වලින් මිදීමට ද මිනිසාට ඇරයුම් කරමිනි. ඉස්ලාම් මානව වර්ගයාට ආරාධනය කරන්නේ, උදාර මනසක් සහිතව, මහගු පැවැත්මක් හා එමගින් සහෝදරත්වයේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරගැන්මෙහි ලා ඉවහල් වන්නාවූ ජීවිතයක් පවත්වා ගැනීමටයි.

    ලොව සුපතල විද්වතුන් මෙලෙස පවසා ඇත-කාරුණික ශ්‍රේෂ්ඨ මිනිසා

    අපගේ සිතුම් රටාව බොහෝ විට හැඩගැසි ඇත්තේ දෙමව්පියන්ගෙන්, පරිසරයෙන් හා පාරම්පරිකව උරුමවු අදහස් හා සිරිත් විරිත් කිසිම විමසිමකින් තොරව පරම සත්‍යයන් ලෙස පිළිගැනීමටය.මේ හේතුවෙන් මේ සිතුම් රටාවෙන් පරිබාහිර වූ අදහස් ද එම අදහස් ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨ මිනිසුන්ද නිර්දය ලෙස ප්‍රතික්ෂේප කිරීමට අපි හුරුවී ඇත්තෙමු. මෙම සම්ප්‍රදායික සිතිවිලි රටාවෙන් මිදී මධ්‍යස්ථ හා නිදහස් චින්තකයින්ගේ මග අනුගමනය කරමින් මනුෂ්‍ය වර්ගයාට අන්ධකාරයේ අගාධයෙන් ගොඩ ඒමට ආලෝකයක් ලෙස ක්‍රියාකළ ශ්‍රේෂ්ඨ මිනිසෙකු ගැන විමසුමක යෙදෙන්නට අප හා එක්වන ලෙස ඔබට කාරුණිකව ආරාධනය කරන්නෙමු.

    Global Islam

    නමුත් ගතවූ ශත වර්ෂ කිහිපය තුළ මෙම කාරුණික ශ්‍රේෂ්ඨ මිනිසාට එරෙහිව ඇතැමුන් විසින් නොයෙක් මාදිලියේ දෝෂාරෝපණයන් එල්ල කරන ලදි. නවීන විද්‍යාත්මක යුගය ආරම්භ වූ පසු බටහිර ලෝකයාට පටු චින්තනයන් හා එදිරිවාදකම් පසෙකලා නිදහස් චින්තනයෙන් සන්නද්ධ වී සත්‍යය කුමක්ද යන්න පමණක් දැන ගන්නා පිපාසය ඇතිවූ නිසා ඔවුන් මෙම ශ්‍රේෂ්ඨ මිනිසාගේ චරිතය දෙස නව කෝණයකින් බලන්නට පටන්ගත්හ. එමගින් සත්‍ය කරුණු බොහොමයක් ඔවුන් වටහා ගන්නටද වූහ.මෙයට ශත වර්ෂ 14 කට පෙර අරාබි කාන්තාරයේ අනාථයෙකු ලෙස උපත ලැබ කිසිම සම්මත අධ්‍යාපනයකින් තොරව මුලු මහත් මනුෂ්‍ය වර්ගයාටම ආලෝකයක් දන්වමින් අන්ධකාරයෙන් ගොඩ එන්නට මග එළි පෙහෙළි කළ මේ ශ්‍රේෂ්ඨ මිනිසා අන් කිසිවෙක් නොව, සත්‍යය වූ එකම දෙවියන් වහන්සේගේ අවසාන වක්තෘත්වය ලැබූ මුහම්මද් නබි තුමාණන්ය. මෙම උත්තරීතර මිනිසා ගැන මුස්ලිම් නොවන විද්වතුත් පළ කළ අවංක අදහස් කිහිපයක් මෙම ලිපියට එක්කොට ඉදිරිපත් කර ඇත්තෙමු.ඔවුන්ගෙන් මතු වූ තම හෘද සාක්ෂියේ හඬ ඔබ සැමට ඉදිරිපත් කරන්නේ මෙම ශ්‍රේෂ්ඨ නායකයා පිළිබඳ යථාර්තය පැහැදිලි කිරීම සඳහාය.

    වයස සතළිහ තෙක් මුහම්මද් නබි නායකතුමා රාජාන්ත්‍රිකයෙකු ලෙස හෝ දේශණා කරන්නෙකු ලෙස හෝ කථිකයෙකු ලෙස හෝ ප්‍රචලිත වී සිටියේ නැත. එතෙක් එතුමන් නෛතික හෝ දේශපාලනය ගැන හෝ ආර්ථිකය, සමාජ පැවැත්ම ගැන, යහගුණාංග ගැන හෝ කථා කරනු කිසිවෙකු දැක නොමැත.නමුත් එතුමා සතුව ඉතා උසස් ගතිගුණ මාලාවක් තිබුණු බවට කිසිදු තර්කයක් නැත. නමුත් මෙම ගතිපැවැතුම් මුහම්මද් තුමාගෙන් අතිවිශේෂ යමක් නුදුරු අනාගතයේ නිකුත් වෙතැයි යන ඉගියක් ආරම්භයේදී නිකුත් වූයේද නැත.

    තරුණ වියේහිදීම සත්‍යවන්තයා, විශ්වාසවන්තයා යනාදි ආරුඩ නම්වලින් සියල්ලන් විසින් ආදරයෙන් අමතනු ලැබූ මුහම්මද්තුමා, මැදිවියට පත්වන්නට වූ පසු නුදුරු ගල් ගුහාවකට ගොස් නිතර හුදෙකලා වන්නට විය. වයස අවුරුදු සතලිහක් වූ විට එතුමන්ට දූත මෙහෙය දෙවිදුන් විසින් නියම කරන්නට යෙදී, එම හුදෙකලා ගල් ලෙනෙහි දෘශ්‍යමානවූ ජිබ්රීල් නම් අග්‍ර දෙව දූතයා මගින් ශුද්ධවූ අල්-කුර්ආන් ග්‍රන්ථයේ වැකි කිහිපයක් අනාවරණය කරන්නට යෙදිණි. මෙලෙස ඇරඹුනු දිව්‍යමය අනාවරණයන්, පුරා වසර 23 ක් පැවතියේය. මෙම අනාවරණයන් එහි අංශු මාත්‍ර වෙනසකට හෝ බදුන් නොවී අදත් පහළ වූ එම බසින්ම සංරක්ෂනය කරනු ලැබ තිබේ.

    මෙම අනාවරණයන් පහළ වනතාත් සමඟම මුහම්මද් තුමා කෙරෙහි මහත් විප්‍යීසයන් ඇති වන්නට පටන් ගත්තේය. සත්‍යවන්තයා යන විරුදාවලියෙන් එතුමා පිදූ අරාබීන් මොහු මුසාවාදියෙකැයි එක රැයින්ම චෝදනා නගන්නට වූහ.

    පුරා සතලිස් වසරක් සැවොම විසින් පසසනු ලැබූ යහදිවියක් ගත කළ නිහතමානී පුද්ගලයෙකුට සැනින් වංක පුද්ගලයෙකු බවට පත්වී තමා, දෙවිදුන්ගේ අවසාන දූතයා යයි අති විශාල මූසාවක් කීව හැකිද?එයින් සිය නිජබිමේ ඇති වන්නට වූ කලබල හා මැසිවිලි ඉවසා සිටිය හැකිද?

    එයින් කිසිදු ලෞකික සැපතක්ද එතුමා අපේක්ෂා නොකර සිටි තත්ත්වයක් මත මෙසේ එතුමා තමන් වෙත දරා ගත නොහැකි දුෂ්කරතාවයන් ඇති කර ගත්තේ ඇයිද? යන සාධාරණ ප්‍රශ්ණය කාහටත් ඇති වනු නියතය. එතුමාගේ නව ධර්මයේ ප්‍රචාරය අත් හරින්නේ නම් මුහම්මද් තම රජු සේ ‍පත් කරගන්නා බවටද, සියළු ලෞකික සම්පත් එතුමාගේ දෙපා මුල තබනා බවටද එතුමාගේ යු‍ගයේ නායකයින් ඇවිටිලි කළ තත්ත්වයද මෙහිදී අප අමතක නොකළ යුතුය. නමුත් එතුමා සියල්ල ප්‍රතික්ෂේප කරමින් තෝරා ගත්තේ ඉතා දරුණු අරගලයක් හා කටුක දිවියකි.

    ඒ මන්ද?

    එතුමාව විනාශ කර දැමීමට කුමන්ත්‍රණය කරමින් පෙළ ගැසුනු නගරයේ ප්‍රබලයන් හා ධනවතුන් හමුවේ තනි පුද්ගලයෙකු වශයෙන් මුහම්මද් තුමා නොසැලී මහමෙරක් මෙන් නැගී සිටි විලසින්ම ඉස්ලාම් ධර්මය ලෝක අවසාන දක්වා මිනිස් වර්ගයා නිසි මග යොමුකරන්නට පහළ වූ එකම සත්‍ය මග ලෙස සර්වබලධාරී දෙවිදුන් තෝරා ගත් බව නොපෙනේද? එපමණක් නොව මුහම්මද් තුමා පවතින ක්‍රිස්තියානි හා යුදෙව් ආගම්වගට පටහැනි ලබ්ධියක් ගෙන එම අරමුණු කොට සිටියේ නම් එතුමන් ජේසුස් හා මෝසස් පිළිනොගන්නෙකු (ඔවුන්ගේ යැයි පවසන්නාවූ අද පවතින ලබිධින් වන යුදෙව් සහ කිතිණු ලබිධින් නොවේ) සත්‍ය මුස්ලිමෙකු විය නොහැකිය යන කොන්දේසිය ඉස්ලාමය වැළඳ ගන්නට කැමති වූවත් ඉදිරියේ තබයිද?

    වසර සතලිහක් දක්වා ඉතා චාම් දිවියක් ගත කළ, කියවන්නට හෝ ලියන්නට නුගත් මෙම සන්සුන් පුද්ගලයා, එකම රැයක් මුළු අරාබිකරයම සලිත කරවන හා එතුමන්ද ඉමහත් කම්කටොළුවලට ලක්වන කාර්යයක් තමා මත පටවා ගැනීමෙන් කුමන ලෞකික දියුණුවක් අපේක්ෂා කළේද?

    කිසිවක් නොමැත

    එපමණක් ද නොවේ. කිසිදු ලේඛණ හැකියාවක් තිබූ බවට ප්‍රසිද්ධියක් නොදරා සිටි මෙම තැන්පත් මිනිසා ගෙන ආ විශ්මය ජනක වාක්‍යයන් දහස් ගණන් හා සමාන කළ හැකි, තබා එයට ගව් ගණනකින්වත් සමීප විය හැකි එකම එක වැකියක් සම්පාදනය කිරීමට අපොහසත්ව කිවිඳුන්ගෙන් පිරී මුළු මහත් අරාබි ලෝකයම මුව අයා ගෙන සිටි ආශ්චර්යට කෙසේ අප කරුණු දක්වමුද? එපමණක්ද? ලෝකය විද්‍යාවේ හීනිපෙත්තට පැමිණ ඇති මෙම මෑත යුගයේ නානාප්‍රකාර උපකරණ මෙවලම් හා තාක්ෂණයන් උපයෝගී කර ගනිමින් සොයාගෙන උදම් අනිතා විද්‍යාත්මක සත්‍යයන් බොහොමයක් එකලම ඉදිරිපත් කළ මුහම්මද් තුමා, එහි හිමිකම් හෝ සාඩම්බරය තමන් සතු යයි කිසිවිටෙක කියා නොගත්තේය.

    අවසාන වශයෙන් මුහම්මද් තුමා ස්ථීරව සිටි එතුමන්ගේ ඉස්ලාමීය ප්‍රතිපත්තිය ජයග්‍රාහී වූ පසුවද එතුමා එමගින් හෝ ලෞකික සම්පත්වල ආශ්වාදය ලබන්නට වෑයම් නොකර, සිරිත් පරිදි දුෂ්කර දිවියක්ම තමන්ට ප්‍රමාණවත් කර ගත්තේ ඇයි දැයි අසනු කැමැත්තෙමු. එම ශ්‍රේෂ්ඨතම පුද්ගලයා සිය මරණ මංචකයේ ප්‍රකාශ කළ වාක්‍යයන් ගැන හෝ මඳක් සිතන්න.

    දෙවිදුන්ගේ පණිවිඩකරුවන්  වන අප කිසිදු වස්තුවකට උරුමක්කාරයන් නොවෙමු. අප තබා යන දෙය දන්දීම සඳහා පමණි.

    ලොවට දෙවිදුන් විසින් විටින් විට නොයෙක් දේශයන්ට හා මිනිස් වර්ගයාට එවනු ලැබූ නබිවරුන් හෙවත් සත්‍ය දූතයන‍්ගේ දීර්ඝ දම්වැලේ අවසාන පුරුක වන මුහම්මද් තුමන් පිළිබඳ ලොව විසූ මුස්ලිම් නොවන ලෝප්‍රකට විද්වතුන් කළ ප්‍රකාශයන් කිහිපයකට අප දැන් යොමුවෙමු.

    මයිකල් එච්. හාට් : ‘The 100 : A Ranging of the Most Influential Persons in History’ නම් ග්‍රන්ථය (නිව්යෝර්ක් – 1978, පිටුව 33)

    “මෙම ලැයිස්තුවේ මුලටම මා මුහම්මද් තෝරා ගෙන තිබීම ගැන ඇතැමුන් විශ්මයට පත්වනු ඇති අතර තවත් සමහරුන් ඒ පිළිබඳ ප්‍රශ්ණ නගනු ඇත. නමුත් ඉතාමත්ම සාර්ථක අන්දමින් ආගමික හා සමාජීය ‍ක්ෂේත්‍රයෙන්හි ජයක් ලැබුවේ එතුමා පමණි.”

    මහත්මා ගාන්ධි තුමා මුහම්මද් තුමාගේ චරිතය පිළිබඳ ‘Yong India’ සඟරාවට අදහස් දක්වමින්,

    “අද ලොව සිටිනා ලක්ෂ සංඛ්‍යාත හදවත්වල රැඳී සිටිනා ශ්‍රේෂ්ඨතම පුද්ගලයා පිළිබඳ දැන ගැනීමට මට අවශ්‍ය විය. එය කියවන මට, ඉස්ලාම් ධර්මය බහුතරයක් මනුෂ්‍ය ජීවිතය විශේෂ තැනක් ගන්නට හේතු වූයේ අසිපත නොවන බව වැටහුණි. එයට හේතු වූයේ වක්තෘවරයාගේ චාම් ජීවිත රටාවයි. තමන් ගැන කිසිවිටෙක නොතකන පරාර්ථකාමී ගුණාංගයයි. එතුමාගේ පොරොන්දුවලට එතුමා දැක්වූ වැදගත්කමයි.එතුමාගේ සහයන්ට හා අනුගාමීකයන්ට එතුමා දැක්වූ කැපවීමයි. එතුමාගේ නොබියවන සුළු ස්ථීර බව,දෙවිදුන් කෙරෙහි එතුමා තැබූ අවල විශ්වාසය, එතුමාගේ අරමුණේ එතුමාට තිබුණු අධිෂ්ඨාණය ‍යනාදිය එතුමන් ඉදිරියේ තිබූ සියළු බාධක සුනුවිසුනු කළේය මිස එය කළේ අසිපතක් නොවේ. නබිතුමන්ගේ ජීවිත කතාවේ අවසාන කොටස මා කියවා නිම කළ විට, ඔහු ගැන තවත් මට කියවන්නට යමක් නැති බව දැක මා ඉමහත් ශෝකයට පත්විමි.”

    ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයෙකුවූ ලාමාර්ටීන් (ප්‍රංශය – 1854 කාණ්ඩය 2 පිටුව 276-277)

    “මිනිස් හැකියාවන්වල ශ්‍රේෂ්ඨ බව මැනිය හැකි ඒකකයෙන් තුන, අරමුණේ විශාලත්වය, ඒ සඳහා ඇති පහසුකම්වල අල්ප බව හා ලද ජයග්‍රහණයේ විශිෂ්ඨත්වය යනාදීය නම්, මුහම්මද් හ ඉතිහාසයේ අන් කිසිවෙකු සසඳන්නට පොහොසත් වය හැක්කේ කවුරුන්ටද? ලොව සුප්‍රකට මිනිසුන් තැනුවේ අව් ආයුධ නීතීන් හා අධිරාජ්‍යයන් පමණි. ඔවුන්ගේ එම ඉදිකිරීම් ඔවුන් දෑස් ඉදිරිපිටම සුනුවිසුනු විය. නමුත් මුහම්මද් සලිත කළේ හමුදාවන්, නීතීන්, අධිරාජ්‍යයන්, ජනයින් හා කුලපතියන් පමණක් නොවේ. එවකට ලොව සිටි තුනෙන් කොටසක්වූ මිලියන සංඛ්‍යාත ජනයින්ද, අල්තාරයන්ද, දෙවිවරුන්ද, ආගම්ද, අදහස්ද, විශ්වාසයන් හා ආත්මයන්ද මුහම්මද් සෙලවූයේය.”

    තවද, ජයග්‍රහණයේදී එතුමා පෙන්වූ චාම් බව, එකම අධිෂ්ඨානයක් සඳහා මිස රාජ්‍යයන් අත්පත්කර ගැනීමට නොවූ එතුමාගේ කැපවීම, එතුමාගේ නිමක් නැති වන්දනය, දෙවිඳුන් සමඟ එතුමා කළ අභිරහස් කථනයන්, මරණය හා මරණයෙන්ද එතුමා ලද ජය මේ සියල්ල අපට දක්වන්නේ මූලාවක් නොව නීති පද්ධතියකින් ‍ගොඩනැගීමට එතුමාට සහය වූ ශක්තියයි. එක් අතකින් දෙවිඳුන් කවුරුන්දැයි කියනා අතර,කවුරුන් දෙවිඳුන් නොවන්නේද යන්නත් අපට එතුමා පවසයි.

    දාර්ශනිකයා, කථිකයා, වක්තෘවරයා, නීතිසම්පාදකයා, සටන්කාමියා, ප්‍රතිපත්තීන් ගොඩනැගු පුද්ගලයා තර්කානූකූල සංකල්පයන් ස්ථාපිත කළ මිනිසා, පිළිම නැති ආගමක් ඇති කළ නායකයා,අධිරාජ්‍යයන් විස්සක් හා එක් අධ්‍යාත්මික විශ්වයක් ගොඩනැඟු සෙන්පතියා. එතුමා නම් මුහම්මද් වේ. මිනිස් හැකියාවන් මිනිය හැකි සියළුම මිනුම් උපයෝගී කිරීමෙන් පසු මුහම්මද්ට වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් තවත් විසුවේදැයි අපට නොබියව ඇසිය හැක.

    මුහම්මද් ආගමික ගරුවරයෙකු විය. සමාජ ප්‍රතිසංස්කරණය කරන්නෙක් විය. යහපත් මගපෙන්වන්නෙකු විය. දක්ෂ පාලකයෙකු විය. එතුමා කුළුපග මිතුරෙක්ද, අගනා සහයෙකුද, හොඳ පියෙකු,ආදරවන්ත සැමියෙකු යනාදි මෙම සියළු චරිතවල සම්මිශ්‍රණයක් විය. මොහුගේ මෙම ගුණාංගවලින් එකක් හෝ මෙතරම් රමණීය ලෙස පිහිටි පුද්ගලයෙකු මුළු මිනිස් ඉතිහාසයේම නොමැති තරම්ය.මෙතරම් සුවිශාල ජයක් හිමි කර දුන්නේ එතුමා සතුව තිබූ අසීමිත පරාර්ථකාමි බවයි.

    එඩ්වර්ඩ් ගිබන් හා සයිමන් ඕක්ලේ – ඔවුන්ගේ History of the Saracen Empire (Londonග්‍රන්ථයෙහි (පිටුව 54)

    ප්‍රචාරය නොව අප මවිතයට පත් කරන්නේ, එතුමාගේ ධර්මයේ ස්ථීර බවයි. ශත වර්ෂ 13 ක් පුරා පැවැති ඉන්දියානු, අප්‍රිකානු හා තුර්කි විප්ලවයන්ගෙන් පසුවද එතුමා මක්කාවෙහි හා මදීනාවෙහි කැටයම් කළ එම නිර්දේශයන්ම අද වනතුරුත් එලෙසින්ම ගලේ කෙටුවාක් මෙන් නොවෙනස්ව පවතී. ලොව පුරා ජීවත් වන මුස්ලිම්වරු සිය ධර්මය කෙරෙහි ඇති විශ්වාසයේ අරමුණ මෙන් රැක සිටින්නේ, මිනිසාගේ චින්තනයට ග්‍රහණය කළ නොහැකි විශ්මය ජනක ස්නේහයකින් යුතුවය. අල්ලාහ් දෙවිඳුන් හැර අන් දෙවි‍කෙනෙකු නැත. මුහම්මද් උන්වහන්සේගේ දූතයාය යනු ඔවුන්ගේ සරල හා නොවෙනෙස්වන ප්‍රකාශයයි. දෘෂ්ඨියට පෙනෙන කිසිම පිළිරුවකින් ඉස්ලාමයේ නැණවත් ප්‍රතිරූපය අවතක්සේරුවට පත් නොකරන ලදී. එසේම නබිවරයාගේ ගෞරයද, මනුෂ්‍ය සීමාවෙන් ඔබ්බට ගෙන යන නොලද්දේය.

    බොස්වර්න් ස්මිත් Mohamad and Mohammadanism (London 1874 පිටුව 92)

    එතුමා පාප් වහන්සේ හා සීසර් යන චරිතවල එකතු‍වකි. නමුත් එතුමා වෙත පාප් වහන්සේගේ ආටෝපයන් කිසිවක් නොතිබුණි. එමෙන්ම එතුමාට ප්‍රබල හමුදාවක් නොමැති, ආරක්ෂක භටයන් නැති,සුවිශාල මාළිගා හෝ ස්ථීර ආදායමක් නැති සීසර් කෙනෙකු විය. දිව්‍යමය නීතියෙන් තමා රජ කළේ යයි යමෙකුට කිව හැකි නම් ඒ මුහම්මද්ට පමණි. එතුමා සන්නකයේ සියළුම බලයන් එයට අදාල උපකරණ කිසිවක් නොමැතිවම එතුමාට හිමිව තිබුණේය.

    ඇනී බෙසාන්ට් The Life and Teachings of Muhammad (මදුරාසිය – 1932)

    එම ශ්‍රේෂ්ඨ වක්තෘවරයාගේ ජීවිත කතාව හා එතුමාගේ චරිතය කියවන හා එතුමා කෙසේ මිනිසුන්ට ඉගැන්වූයේද හා කෙසේ ජීවත් වූයේද යයි අධ්‍යයනය කරන කිසිවෙකුට එතුමා පිළිබඳ සිතේ ගෞරවයක් මිස අන් කිසිවක් ඇති වීමට කොහෙත්ම ඉඩ නැත. මා ඔබට මෙසේ කියන කියුම ඔබ අසා හුරුවූ ඒවාම විය හැකි නමුත් නැවත නැවත එතුමාගේ චරිතය කියවන සෑම වරක්ම පාසා මෙම අරාබි ජාතික ගුරුවරයා පිළිබඳ අභිමානය හා ගරුත්වය මා හද තුළ නැවුම් වෙමින්ම පවතින්නේය.

    ඩබ්. මොන්ටිගෝමරි Mohammad at Mecca (ඔක්ස්ළෆර්ඩ් ) ග්‍රන්ථය 1953 පිටුව 53

    සිය විශ්වාසය සඳහා කම්කටොළු විඳීමට එතුමාගේ නිරන්තර සූදානම, එතුමාව තමන්ගේ නායකයා ලෙසින් පිළිගැනීමට පෙළගැසී සිටි එතුමාගේ අනුගාමිකයන්ගේ උසස් යහගුණාංග හා අවසානයේදී එතුමා ලත් ජයේ විශාලත්වය යනාදී මේ සියල්ල එතුමාගේ නිහතමානී බවට දෙස් දෙයි.මුහම්මද් කපටියෙකු යයි තර්ක කිරීමට ඉදිරිපත් වන්නෙකුට ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගෙන් මුහම්මද් තරමට බටහිර ලොව සැහැසි ලෙස යටපත් කිරීමට තැන් කළ ‍අන් පුද්ගලයෙකු නැත්තේමය.

    තෝමස් කාලයිල් මහතා සිය Heroes and Hero Worship යන කෘතියේ

    මෙසේ විමතිය පල කරයි. ගැමියන් එක‍්කොට දශක දෙකකින් ලොව උතුම් ශිෂ්ඨාචාරයක් ඇති ප්‍රබල ජන කොටසක් බවට තනි වෑයමකින් පත් කළ වගනම් විශ්මයජනකය.

    මහාචාර්ය කේ. එස්. රාමක්‍රිෂ්ණ රාඕ  සිය Muhammad, The Prophet of Islam යන කෘතියේ මෙසේ පවසයි.

    මුහම්මද්ගේ චරිතය නම් පරිමාණයට ඇතුල් වී එය සම්පූර්ණයෙන් වටහා ගැනීම ඉතා දුෂ්කර බව පෙනේ. ඇත්තෙන්ම මට ග්‍රහණය කරන්නට හැකි වූයේ ඉන් බිඳක් පමණි. එය කෙතරම් මනස්කාන්ත සිද්ධි මාලාවක එකතුවක්ද, වරෙක දෙවිඳුන්ගේ යටහත් දූතයෙක් එතුමා තුලින් පිළබිඹු වෙයි. ‍මොහොතකින් එතුමා වීර සෙන්පතියෙකි.විටෙකඔහුවෙළෙන්දෙකි.සැනින්එතුමාරාජතාන්ත්‍රි‍යෙකි.කථිකයෙකි. සමාජප්‍රතිසංස්කරණයකරන්නෙකි. කථිකයෙකි. සමාජයප්‍රතිසංස්කරණයකරන්නෙකි. තවත් විටෙක එතුමා අනාථයින්ගේ රැකවළෙකි. වහළුන් රැකගන්නෙකි. ස්ත්‍රීන්ගේ ගැලවුම් කරුවෙකි. තවත් විටෙක විනිසුරුවකි, සැදැහැවත් පුද්ගලයෙකි. එපමණක් නොව මෙම සියළු චරිත සියල්‍ලේම එතුමා එක හා සමාන කථානායකයෙකි.

    දාර්ශනිකයෙකුවූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ ඔහුගේ The Genuine Islam (1936) ග්‍රන්ථයේ

    එතුමා මිනිස් වර්ගයාගේ ගැලවුම්කරුවා යයි අමතනු ලැබිය  යුතුය. එතුමා වැනි පුද්ගලයෙකු මෙම ලෝක‍‍යේ අධිරාජ්‍යවාදියා බවට පත්වුවහොත් වර්තමාන ලොව මුහුණ පා සිටින සියළුම ගැටළුවලින් එතුමා එය මුදවා ලොවට අද අත්‍යාවශ්‍ය වී ඇති සාමය හා සතුට ගෙනෙනු ඇත යයි මා තරයේ විශ්වාස කරමි.

    ලොව මෙතෙක් පා තබා ඇති විශිෂ්ඨතම පුද්ගලයා එතුමාය. එතුමා ආගමක් දෙසූවේය. රාජ්‍යයක් ස්ථාපිත කළේය. ජාතියක් ගොඩනැගුවේය. ගුණ යහපත් බවට නව මුහුණුවරක් ඉදිරිපත් ක‍ළේය. අළුත් දේශපාලනමය හා සමාජීය ප්‍රතිසංස්කරණයන් ආරම්භ කළේය. ප්‍රබල හා ක්‍රියාශීලි සමාජයක් ගොඩනැඟුවේය. ‍එම සමාජය මුහම්මද්ගේ දෙසුම් සියල්ල ක්‍රියාවට නංවමින් එය ප්‍රායෝගික බව ලොවට පෙන්වමින් සිටිනා අතර, සදාකල් පැවතෙන සේ මනුෂ්‍ය වර්ගයාගේ සිතුම් පැතුම්හි හා හැසිරීම් අතින් මහත් ඵලදායී පෙරලියක් ඇති කර ඇත්තේය.

    එතුමා මුහම්මද් නම් විය. එතුමා අරාබි දේශයේ ක්‍රි.ව. 570 දී උපන්නේය. සිය සතලිස් වැනි වියෙහි දෙවිඳුන්ගේ අණ පරිදි ඉස්ලාම් ධර්මය දෙසුවේය. සිය හැටතුන්වෙනි වයසෙහි මෙලොවින් නික්ම ගියේය.එතුමාගේ 23 න් වසරක කෙටි දූත මෙහෙයෙන් එතුමා පළමුව මුළු මහත් අරාබිකරයම මිසදුටු බහු දේව පිළිම වැඳුම්වලින් මුදවා, සත්‍යවූ එකම දෙවි කෙනෙකු නැමදීම කරා ඒකරාශී කළේය. තිරිසන් කල්ක්‍රියාවලින්ද, අඥාණයේ අඳුරෙන්ද, එකිනෙකා කුලල් කා ගැනීමෙන් හා වහල් බවින් පෙලී, ආර්ථික අහේනියේ හිනිපෙත්තේ සිටි අරාබීන් එයින් නිදහස් කර, සමෘද්ධිමත් දියුණුවක් කරා උසස් කරමින්, මානූෂික සානුකම්පාව හා ශ්‍රේෂ්ඨ ගුණදම්වලින් හෙබ් සමාජයක් පෙරදැරි කොට ගත් උතුම් ධර්මයක ධජය යටතේ එතුමා එක්සත් කළේය.

    සිවිපාවුන් මෙන් ජීවත් වෙමින් සිටි මිනිස් රංචුවක් මෙසේ විශාල අනභිබවනීය තලයකට පත්කිරීම සඳහා එතුමන්ට ගතවූයේ දශක දෙකක කාලයක් පමණක් වීම, මෙම විපර්යාසය වෙත නැණවත් ලෝකයාට ඇති වන විමතිය සිය දහස් වාරයකින් වැඩි කරනු නියතය.

    අවසන් නිගමනය

    එම ආශ්චාර්යමත් පෙරළියට ශත වසර 14 ක් වයස් වී තිබුණද, එම ධර්මයේ නීති පද්ධතිය හා මුහම්මද් තුමාගේ අගනා උපදෙස් සම්භාරය තිතකිනුදු නොවෙනස්වී, එලෙසින්ම පැවතීම සර්ව බලධාරී එකම දෙවිඳුන්ගේ පූර්ණාරක්ෂාව එයට තිබෙන බවට නොසෙල්විය හැකි කදිම සාධකයකි. එතුමන් ජීවත් වූ එම යුගයේ මෙන්ම, වර්ථමාන නවීන ලෝකයේ සමාජ පිරිහීම් හා අහේනි තත්ත්වයන් මෙන්ම දුර්භික්ෂයන්ටද ඉස්ලාමය ඉදිරිපත් කරන දැනමුතුකම් එදා මෙන් අදත් යහමින් ගැලපෙන‍්නේමය. මෙය මුස්ලිම් ලෝක‍යාගේ පුරසාරමක් නොව ඉතිහාසය අපට පැහැදිළිව පෙන්වන සත්‍ය තත්වයයි.

    නැනවත් හා සාධාරණ ලෙසින් යමක් තක්සේරුවට ලක් කරන පුද්ගලයෙකු අසන මෙම තොරතුරැ නිශ්වය වශයෙන් සත්‍යයන්ද? එසේ වූවහොත් මෙම දෙසුම් ගැන අසන්න. පසුව මේ ගැන තවත් දැන ගැනීමට උනන්දු වන්න. ඒ සඳහා ඔබට කිසිදු වෑයක් වන්නේද නැත. නමුත් එසේ ඔබ කරන වෑයම ඔබගේ ජීවිතයේ මහත් වෙනසක් කරනු නොඅනුමානය

    Source: www.dawahcorner.net