Category Archives: හජ් කර්ව්‍යය

මානව හිතවාදී ඉස්ලාමයෙන් බිහිවූ සදාචාරාත්මක සැලැස්ම

ඉස්ලාම් හී මානව හිත සුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. යථෝක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා නීත්‍යානුකූල රැකවරණය පමණක් නොව ඵලදායි සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාමය ඉදිරිපත් කරයි. මෙසේ පෞද්ගලික හා පොදු යහපත පිණිස සිදු කරන්නා වූ සියල්ලක්ම සදාචාරාත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් කෙරේ දක්වන භක්තියට අතිශය වැදගත්කමක් හිමිකර දෙන ඉස්ලාමය ගතානුගතිකත්වයට වහල්ව සිටීමේ ක්‍රියාවට එරෙහිව අනතුරු හඟවයි.

පෙරදිගට හෝ බටහිරට මුහුණ හැරවීම ශීලයක් නොවේ. ශීලය වන්නේ අල්ලාහ්, කියාමත් දවස (ලොව අවසන් දිනය) හා මලාධිකාවරු ආගම් හා නබිවරුන් කෙරේ විශ්වාසය පිහිටුවීම, අල්ලාහ් කෙරේ ස්නේහයෙන් ලේ ඥාතීන්, අනාථයින් දිළින්දන්, මගීන් හා යාචකයින් වෙනුවෙන් ස්වකීය වස්තුවෙන් විය පැහැදම් කිරීම, වහලුන් නිදහස් කරවීම, අදාළ වතාවත් කිරීම සකාත් ගෙවීම පොරොන්දු ඉටුකිරීම හා දුක් පීඩා හිදී ඉවසා සිටීම යනාදියයි. මෙවැන්නෝ සැදැහැවත්හු වෙති. මෙවැන්නෝ අල්ලාහ්ට බිය ගැත්තෝ වෙති.

(අල්කුරානය 2:177)

ඉස්ලාමයට අනුව මිනිසා විනයානුකූ®ල ධර්ම පිළිපැදිය යුතු අතරම අල්ලාහ්ට හා හුදී ජනතාවට සෙනෙහෙවන්ත වීමෙහිලා නිරතුරු සැළකිළිමත් විය යුතුය. මෙහිලා අවශ්‍යතා සතරක් ඉදිරිපත් කෙර්.

1. අපේ ඊමාන් භක්තිව අව්‍යාජ විය යුතුය. අවංක විය යුතුය.

2. සහෝදර ජනතාව වෙනුවෙන් දාන පරිත්‍යාග කළ යුතුය.

3. සමාජ සංවිධාන යනාදියට ඇප උපකාර කරමින් හොඳ පුරවැසියන් විය යුතුය.

4. සෑම විටකම සෑම මොහොතකම චිත්ත ස්ථාවරත්වය පවත්වා ගත යුතුය.

කිසියම් හැසිරීමක් කල් ක්‍රියාවක් යහපත් හෝ අයහපත් යැයි තීරණය කෙරෙන්නේ ඉහත කී කරුණු පදනම් කර ගනිමිනි. සෑම සදාචාරාත්මක පැවැත්මක්ම මෙකී විනිශ්චය ක්‍රමය වටා භ්‍රමණය වේ.

මිනිසකු කෙරෙහි සදාචාරාත්මක අණපනත් පැනවීමට පෙරාතුව ඔහුගේ සෑම කටයුත්තක් ක්‍රියාවක්ම මෙන්ම සෑම තැනකදීම සෑම මොහොතකදීම අල්ලාහ් ඔහු දෙස ඥෂ්ටිය හෙලමින් සිටින බව මුලු ලෝකයෙන්ම සැඟවුවත් අල්ලාහ්ගෙන් සැඟවිය නොහැකි බව අන් සියල්ල මුලාවට පත්කළත් අල්ලාහ් මුලා කිරීමට නොහැකි බව, කවරකුගේ ග්‍රහහණයෙන් මිදුනත් අල්ලාහ්ගේ ග්‍රහණයෙන් මිදිය නොහැකි බව යනාදිය මිනිසාගේ සිතෙහි තහවුරු කිරීමට ඉස්ලාමය වෙර දරයි.

මෙසේ අල්ලාහ්ගේ ප්‍රසාදයට ඉවහල් වූ දේ මිනිස් ජීවිතයක පරමාර්ථය විය යුතු බව නිර්ණය කොට සදාචාරාත්මක වශයෙන් වූ උසස් තත්ත්වය ද ඉස්ලාමය මගින් සලසා දෙනු ලැබේ. මානව සදාචාරාත්මක සංවර්ධයෙහි අසීමිත අගයන් ඇති කිරීමෙහිලා මෙය ඉවහල් වේ. දිව්‍යමය හෙළිකිරීම් (‘වහී) යනු ඥානයේ මූලහරය වශයෙන් සළකා මේ සදාචාරාත්මක තතත්ත්වයට නොසැලෙන ස්ථාවරත්වයක් ලබා දෙයි.

සාධාරණ හෝ හේතු සහගත ලෙස චර්යාවේ හැඩ ගැස්වීම් අභාසය කිරීම සහ වෙනස් කිරීම් කරගත හැක. එහෙත් හිතාමතා සිදු කරන වරදක් වශයෙන් බැරෑරුම් වෙනස් කිරීමක් හෝ සදාචාරව ලිහිල් කරවීමක් හෝ පවතින අඛණ්ඩ භාවය කඩකිරීමක් වශයෙන් එබඳු වෙනසක් කළ නොහැකිව අල්ලාහ් කෙරෙහි ඇල්ම සහ බිය හේතුවෙන් වූ සදාචාරයනට මේ මගින් අනුමැතිය ලැබේ. මේ නිසා බාහිර බලපෑමකින් තොරව මිනිසා සදාචාරය ඔස්සේ යවනු ලැබේ.

අල්ලාහ් සහ කියමන් දවස පිළිබඳව ඇදහිලි සහිතව ඉතා ඕනෑකමින් හා උනන්දුවත් අවංකව මෙන්ම හෘදයාංගමව සදාචාරාත්මක පැවැතුම් සකසා ගනු පිනිස මිනිසාට හැකියාවක් ඇතිවේ. මේ සදාචාර නීතිරීතින් හා ව්‍යාජ ස්වභාවයක් නැත. අමුතු ආටෝප ද නැත. සාමාන්‍ය සදාචාර පැවැතුම් වලින් ඈත් කිරීමක්ද නැත. හේතු විරහිත ලෙස හෝ අතිශයෝක්තියෙන් කිසියම් අංශුවක් හෝ අමතක කොට හැර දමානැත. ව්‍යවහාරයේ ඇති සියලුම සදාචාර විනයන් ගැන මෙහි සළකා ඇත.

ඒ ඒ තැන් හී එකිනෙකට උචිත ලෙස පිහිටුවා ජීවන සැලැස්මක් තුල සමස්ථයක් වශයෙන් සපුරා ක්‍රියාත්මක වන අන්දමින් සැකසී ඇත. මෙමගින් මිනිසාගේ පෞද්ගලික හා සාමුහික ජීවන අරමුණු පුළුල් කරවනු ලැබේ. මිනිසාගේ ගෘහස්ත හැසිරීම්, පෘථග්ජන පැවැතුම් මෙන්ම දේශපාලනික, ආර්ථික, අධිකරණ, අධ්‍යාපනික හා සමාජයීය කටයුතුවලදී පිළිපැදිය යුතු සදාචාරාත්මක විනය ධර්මයන් ඉස්ලාමයේ මෙලෙස විග්‍රහ කර තිබේ.

ඉස්ලාමීය සදාචාරයෙන් මිනිස් ජීවිතය, නිවසත් සමාජය දක්වාත් කෑම මේසයේ සිට යුද පිටිය හා සාම සම්මේලන දක්වාත් කෙටියෙන්ම කිවහොත් තොටිල්ලේ සිට සොහොන් බිම දක්වා සකස්විය යුතු ආකාරය ඉගැන්වේ. ඉස්ලාමීය සදාචාරය තුළින් කිසිදු අංශුවක් ගිලිහී නැත. කිසිදු ක්‍ෂේත්‍රයක් මගහැරී නැත. එය අවබෝධය ද පහසුය. එමගින් ජීවිතය උතුම් පරමාර්ථ සහිතව හැඩ ගස්වා ගත හැකිය. මෙහිලා ආත්මාර්ථකාමී හෝ පහත් ලාභාපේක්‍ෂාවෙන් ගෙවන ජීවිතයකට ඉඩක් ද නැත.

හෘද සාක්ෂියට එකඟ වූ ද්වි පෙවතක් සකසා ගැනීමත් කවර අවස්ථාවක් යටතේ වුවද වරදට යොමුවීමෙන් වැලකී සිටීමටත් මිනිසා පෙළඹවීම ඉස්ලාමීය සදාචාරයේ අරමුණ වේ.

ෆවුස් මොහොමඩ්

හජ් ඉතිහාසය

ඉස්ලාමයේ පංච මහා වගකීම් වලින් පස්වැන්න හජ් වන්දනාව ඉටුකිරීමයි. හජ් යන අරාබි පදයේ අරුත “සොයා යාම” “පෙරට යාම” යන්නයි. එනම් මුල්ම සිද්ධස්ථානය වන ක:බාව සොයා යාමයි. ආර්ථිකව හා ශාරීරිකව වශයෙන් හැකියාව ඇති අය හජ් මෙහෙය සඳහා යාම අනිවාර්ය වේ. මේ පිළිබඳ අල්කුර්ආනය මෙසේ පවසයි. හැකියාව තිබෙන අය එහි ගොස් අල්ලාහ් වෙනුවෙන් හජ් වතාවන් ඉටු කිරීම අනිවාර්ය වේ. යම් කෙනෙක් ඊට පිටුපායි නම් අල්ලාහ්ට කිසිවක් අඩු නොවේ. මන්ද නියත වශයෙන්ම අල්ලාහ් අවශ්‍යතාවන් නොමැත්තෙකි.

ලොවේ නොයෙක් පෙදෙස් වල සිටි නොයෙක් භාෂාවන් හසුරුවන මිලියන ගණනක බැතිමත්හු මක්කාවේ ක:බා දේවස්ථානයේ දී එකම දිනක එකම වේලාවක චාම් ඇඳුමෙන් සැරසී එකම දිශාවකට හැරී ජාති කුල වර්ණ උස් පහත් ආදී භේදවලින් තොරව අල්ලාහ් දෙවියන් වෙනුවෙන් වාර්ෂිකව සිදු කරන මේ මහා නමස්කාරය මෙලොව ඇති විශාලම දේව මෙහෙයයි.

හජ් වන්දනය මුස්ලිම් ජනතාවගේ සහෝදරත්ව සම්බන්ධතාවය ගොඩනැඟීමේ කදිම අවස්ථාවකි. මුස්ලිම් බැතුමතුන්ගේ වගකීම වනුයේ අල්ලාහ් දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම අවනත වීමයි. එය දේශනවලට සීමා විය යුතු නැත. එය හජ් කර්තව්‍යයෙන් වඩාත් පැහැදිලිවේ.

මීට වසර දහස් ගණනකට පෙර ඉරාකයේ දේව පවුලක නබි ඉබිරාහිමි තුමා උපත ලැබීය. එකල රට පාලනය කළේ කමිරුද් නම් කෲර රජ කෙනෙකි. ඔහුට දෙවියන් ලෙස සලකා නමස්කාර වැඳුම් පිදුම් කළ යුතු යැයි මහජනයාට අණකොට තිබිණ. මෙම දුර්මතයට විරුද්ධව නැගී සිටි ඉබ්රාහිමි නබිතුමා අල්ලාහ් හැර වෙන කිසිවෙකුට නමස්කාර නොකරන ලෙස ප්‍රසිද්ධ දේශනා පැවැත්විය. මෙයින් කෝපයට පත් රජතුමා නබි තුමා ගිනිමැලයක දමා පුළුස්සන ලෙස අණකළේ ය.

රාජ අණට අනුව ගිනිමැලයට දැමීමට සූදුනම් වූ මොහොතේ දේව දූත ජිබිරිල් අෙලෙතුමා උදව් සඳහා පැමිණියේද, අල්ලාහ්ගේ අචල විශ්වාසයයෙන් නොසැලුණු මෙතුමා “දෙවියන් මා සමඟ සිටියි” යනුවෙන් පිළිතුරු දුන්හ. රාජ අණට අනුව දැමීමත් ඔහුට එය සුළං හමන උද්‍යානයක් බවට පත්ව තිබූ බව සඳහන් වේ.

තම 80 වැනි වියේදී අල්ලාහ් ආලාගේ මාර්ගයේ යෙදවීමට තමන්ට දරුවෙක් ලබා දෙන ලෙස ඔහු ඇයද සිටියේ ය. මෙම ඇයදීම පිළිගත් අල්ලාහ් තආලා ඉබ්රාහිමි නබිතුමාගේ බිරිඳ වන හාජ්රා රළි තුප්ධ ඉස්මායිල් කම් දරුවකු දායාද කළහ.

මෙසේ දින ගෙවෙද්දී දිනක් නබි තුමා සිහිනයක් දුටුවේය. එනම් වයෝ වෘද්ධ වියට පත් ලැබුණු දරුවා සහ බිරිඳ කාන්තරයේ තනිකර දමන ලෙස අණ කළ සිහිනය. මෙය අල්ලාහ්හආලාගේ ආඥාවක් ලෙස ඒකාන්තයෙන් පිළිගත් ඉබ්රාහිමි තුමා ගිනියම් වූ කාන්තාරයේ පුත් ඉස්මායිල් වහා හාෂ්රා රළිතුමියට තනිකර දමා පැමිණියේය. ආහාරයක් හෝ දිය බිඳක් නොමැති මව සහ පුතා කාන්තාරයේ මැද දිව යන්නට වූහ.

අවසානයේ දෙඅත් ඔසවා අල්ලාහ් තආලාගෙන් පිහිට පැතීය. පුදුමයක් මෙන් පුතුගේ පාමුල දිය උල්පතක් බිහිවිය. මෙයින් පිපාසය සන්සිදුවාගත් දෙදෙනා “සම් සම්” (නවතිනු නවතිනු) යනුවෙන් හඩනඟා වේගයෙන් ගලා ආ දිය පහර නතර කිරීමට උත්සාහ කළාය. මීට අවුරුදු දහස් ගණනකට පෙර මතු වූ මේ උල්පත අද පවා මක්කාවේ ලක්‍ෂ සංඛ්‍යාත ජනයා පිපාසය සංසිදුවන්නේ ඉබ්රාහිම් නබි තුමාගේ උත්තරීතර පරිත්‍යාගය නිසාය.

මේ මහා වැලිකතරේ මතුවූ ‘සම් සම්” දිය උල්පත උදාවීමත් සමඟම ජනයා එහි වාසය කිරීමට පටන් ගත්හ. කලකට පසු එය ජනාකීර්ණ මක්කා නගරය බවට පත්විය. වන්දනාකරුවන්ගේ වත් පිළිවෙත් කරන කේන්ද්‍රස්ථානය වන මෙය සාමය හා ආරක්ෂාව ලබාදෙන ස්ථානය වේ. ඈත අතීතයේ සිට අද දක්වා මෙම ස්ථානය අල්ලාහ්තආලා ආරක්ෂාකර ඇත.

අල්ලාහු වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තබා ඉදිරිපත්වූ ඉස්මායිල් නබිතුමාණන් විසින් කරන්නට යෙදුනු පරිත්‍යාගය සිහිපත් කිරීම සඳහා අද ලොව පුරා සිටින බැතිමත්හු හජ් උළෙල සමරනු ලබයි. ආගමික හා සංස්කෘතික අතින් ක:බා ස්ථානය වැදගත් වේ. ක: බා ස්ථානයට පැමිණෙන කාහටත් අල්ලාහ් දෙවියන්ගේ අසීමිත ආදරය හිමිවේ. ලෝකයේ නොයෙක් පෙදෙස් වලින් පැමිණි ජනයාගේ එකම චේතනාව ඔවුන්ගේ භක්ත්‍යාදරය සර්ව බලධාරි අල්ලාහ් දෙවියන් වහන්සේ වෙත පළකිරීම හැර වෙනත් පටු හෝ පෞද්ගලික මතාන්තර මෙහි නොවේ.

සහෝදරත්වයේ වර්ධනය සහ ‘හජ්’ උත්සවය

ලෝකයේ නන් දෙසින් මුස්ලිම්වරු සෑම වසරක්ම පාසාම මක්කාවේ එක්රැස්වීම “හජ්” සොයා යාම නමින් හැඳින්වේ. ඉස්ලාම්හි පස්වන අනිවාර්ය කටයුත්ත හජ් ඉටු කිරීම වේ. තම ජීවිත කාලයේ දී වරක් වත් මෙය ඉටු කළ යුතුයි. පහසුකම් හා ශරීර සනීපය ඇති සෑම ස්ත්‍රී පුරුෂයකුටම මෙය අනිවාර්ය යුතුකමක් වන්නේ ය. පහසුකම් හා ශරීර සෞඛ්‍ය තිබියදීත් “හජ්” වන්දනය ඉටු නොකරන්නත් යහුදියෙක් හෝ නසාරාවරයෙක් වශයෙන් මරණයට පත් වන්නේය යනුවෙන් මුහම්මද් නබි (සල්) තුමාණෝ පැවසූහ.


නබි ආදම් (අෙලෙ) තුමා මැවීමට පෙර මලාඉකාවරුන් කඞබාව ගොඩ නංවා “තවාෆ්” කළහ. නබිතුමා භූමියට බට පසු එය ප්‍රතිසංස්කරණය කර ඉටු කළේය. නබී ආදම් (අෙලෙ) තුමා පටන් සියලු නබිවරුන්, නොයෙකුත් සමාජයට අයත් වුවත් කඞබාව නරඹා හජ් ඉටු කළහ. ඉබ්‍රාහිම් (අෙලෙ) නබිතුමා හා එතුමාගේ පුත් ඉස්මායිල් (අෙලෙ) නබිතුමා යළිත් කඞබාව ඉදිකළේය. මෙය සිදුවූයේ අදට අවුරුදු දහස් ගණනාවකට පෙරය.

නොයෙකුත් දෙසින් පැමිණෙන මුස්ලිම් බැතිමතුන් අතර දුප්පතුන්, පොහොසතුන්, සේවකයන්, රාජ්‍ය පාලකයන්, ආගමික නායකයන්, උගතුන් හා නූගතුන් ආදී නොයෙකුත් අය අතරින් නානා භාෂා කතාකරන නානා වර්ණයෙන් යුත් තානා ජාතිහු එහි එක්රැස් වන්නෝය. දුප්පත්කම හා පොහොසත්කම වැනි භේදයෙන් තොරව සියල්ලෝම අල්ලාහ්ත අලාගේ වහලුන් වන බව පිළිගත්තෝය. යහපත් අන්දමට ඉටු කෙරෙන “හජ්” වන්දනාවට ස්වර්ගය හැර වෙන කිසිම වේතනයක් නැත යැයි මුහම්මද් (සල්) තුමාණෝ පැවසූහ.

එහි සුදු වස්ත්‍ර ඇඳ “හජ්” සඳහා “ඉහ්රාම්” බැද ගත්තෝය. ලෙබ්බෛක් ! අල්ලාහුම්ම ලෙබ්බෛක් !! ලා ෂාරික ලක ලෙබ්බෛක් !! එනම් මම පැමිණියෙමි මගේ් අල්ලාහ් මම පැමිණියෙමි ඔබ හා සමානවක් කිසිවෙක් නැත. අල්ලාහ් ඔබ වෙත මා පැමිණියෙමි යන එකම ශබ්දයෙන් සියලු දෙනා අල්ලාහ් තආලා අමතන්නෝ ! ඇඳුම් පැළඳුම් වලින් හෝ කුල, ගෝත්‍ර, වර්ණ වැනි කිසිම භේදයකින් තොරව සියල්ලෝම එක්රැස්ව එක මවකගේ උපන් දරුවන් මෙන් සහෝදරත්වයෙන් හා සමගි සමානත්වයෙන් “හජ්” ඉටුකරති.

“හජ්” ඉටුකරන්න ජලයේ කිලිට සෝදා හරින්නාක් මෙන් හජ්ජය පාපයන් සෝදා හරින්නේ යැයි නබි (සල්) තුමාණන් පැවසූහ. හජ් ඉටුකළ අය එදින උපන් බිළින්දන් මෙන් පව් නොකළ වුන් වන්නේය. ඔවුන්ගේ යාඥාවලින් පිළිගනු ලැබේ. හජ් වන්දනයට යන අයට නබි (සල්) තුමා තැන්පත් කොට ඇති සාමාධිය සියාරතුල්රවිලතුන් නබි දැක ගැනීම ස්තී‍්‍ර පුරුෂ දෙපක්ෂයටම හිමි වූ විශේෂ සුන්නතයක් වේ. වන්දනා කරුවෝ හජ් වලට පෙර හෝ පසු මදිනාවට ගොස් මෙම සමාධිය සියාරත් කර ගනිති.

මගේ සොහොන දැක ගන්නා අයට “ෂෆාත්” හිමි වේ යැයි මුහම්මද් නබි (සල්) තුමා පැවසූහ. තවද මගේ මරණයෙන් පසු හජ් වන්දනය නිම වී මාගේ සොහොන දැක ගැනීමට පැමිණෙන අය හා මා ජීවත්ව සිටියදී මා දැක ගැනීමට පැමිණෙන අය හා සමාන වේ. මෙවැනි උසස් තත්ත්වයන් ලැබෙන පුණ්‍ය භූමිය “හජ්” ඉටුකිරීමේ උතුම් භාග්‍යය අපටත් අල්ලාහ් සුබහානතආලා ලං කර දෙත්වා !

ආමින් !
රුසෙයික් ෆාරුක්

ඉහ්රාම් ඇඳ චේතනාව තැබීමෙන් පසු නොකළ යුතු කි්‍රයාවන්

ඉහ්රාම් ඇඳ චේතනාව තැබීමෙන් පසු නොකළ යුතු තහනම් කි්‍රයාවන්

1- හිස කෙස් ඇතුළුව ශරීරයෙහි සෙසු ස්ථානවල රෝමයන් ඉවත් කිරීම.

2- නියපොතු කැපීම.

3- සුවඳ විළවුන් භාවිතා කිරීම, සුවඳ සබන් භාවිතා කිරීම විය හැක.

4- නිම කළ ඇඳුම් ඇඳීම තහනම්ය, (පා මේස් ඇතුළුව) නමුත් අත් ඔරලෝසු, පටි, ඇස් කන්නාඩි වැනි දේ පැළඳිය හැක.

5- පිරිමීන් හිස ආවරණය කිරීම.

6- ඉඹ ගැනීම, ධාතු පිට කිරීම.

7- සංසර්ගයෙහි යෙදීම.

8- විවාහ ගිවිසුම් ඇති කර ගැනීම.

9- දඩයම් කිරීම.

සටහන :- 1

ඉහත සඳහන් කරුණු හයෙන් එකක් හෝ සිදු වූ විට එයට වන්දි වශයෙන් පහත සඳහන් කරුණු තුනින් එකක් ඉෂ්ට කළ යුතුයි.

1- එක් එළුවෙක් (කුර්බානි) කැප කළ යුතුය. (එය දුගීන්ට ඛෙදා දිය යුතු අතර අපි ආහාරයට නොගත යුතුය).

2- නැතහොත් දුගීන් හය දෙනෙකුට ආහාර ලබා දිය යුතුය. (කෙනෙකුට කිලෝ එක හමාරක් බැගින් දිය යුතුය)

3- නැතහොත් උපවාස තුනක් රැකිය යුතුය (මක්කාවෙහි).

සටහන :- 2

ඉහත සඳහන් කරුණු අතුරින් හත් වැනි කරුණ වන සංසර්ගයෙහි යෙදීම ඉහ්රාම් ඇඳුමෙන් සැරසී චේතනාව ඇති කරගැනීමෙන් පසු කිරීම මහත් පාපයකි. මෙම නියෝගය උල්ලංඝනය කරමින් යම් කෙනෙකු ප්‍රථම ඉහ්රාමයෙන් මිදීමට පෙර සංසර්ගයෙහි යෙදුනේ නම් පහත සඳහන් ද~ුවම් වලට ඇතුල් වනු ඇත.

1- එය මහත් පාපයකි. (ඔහු මහත් පාපිෂ්ටයකි).

2- හජ් කර්තව්‍ය නොපිළිගැනේ.

3- දිගටම හජ්හි ඉදිරි කර්තව්‍යන් කරමින් නිමා කළ යුතුය.

4- වන්දි වශයෙන් යළි හජ් කරන විට ඔටුවෙකු (කුර්බානි) කැප කළ යුතුය.

ප්‍රථම ඉහ්රාමයෙන් මිදී, දෙවැනි ඉහ්රාමය- තවාෆුල් ඉෆාලා කිරීමට පෙර බිරිඳත් සමග එක්වුනේ නම් ඔහුට වන්දි වශයෙන් —දමු˜ ෆිද්යා වශයෙන් එක් එළුවෙකු දීම අවශ්‍ය වේ.

සටහන :- 3

අට වැනි කරුණ වන විවාහ ගිවිසුම කරන තත්ත්වයකට කෙනෙකු පත්වූයේ නම් ඔහු ඒ වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුය.

සටහන :- 4

නම වැනි කරුණ වන දඩයම් කිරීම (මුහුදු දඩයම් නොවේ) ගොඩ බිමේ දඩයම් කළ විට දඩයම් කරන සත්තු සංඛ්‍යාවට සාපේක‍ෂව වන්දි වශයෙන් එළුවන් කැප කළ යුතුය.

උම්රා යනු: ඉහ්රාම්, තවාෆ්, සයී (සක්මන් කිරීම), හිස කෙස් බූ ගැසීම, නැතහොත් කොට කර කැපීම ආදි කරුණු වලින් සමන්විත යාච්ඥාවකි.


හජ් කර්ව්‍යය

හජ් යාඥාවෙහි සුවිශේෂත්වයන්

සුදු වස්ත්‍රයන් දෙක ඇඳ චේතානව

හජ් හි ඉටු කළ යුතු අනිවාර්්‍ය කරුණු




හජ් හි ඉටු කළ යුතු අනිවාර්්‍ය කරුණු

හජ් කර්වත්‍යයෙහි නීති රීතීන් අතුරින්

හජ් කර්තව්‍යයෙහි මූලික කරුණු :

1- ඉහ්රාම් ඇඳ චේතනාව තැබීම.

2- 9 වැනි දින අරෆාවෙහි රැඳී සිටීම.

3- තවාෆ් අල් ඉෆාලා ඉටු කිරීම.

4- සයී කිරීම. (සෆා- මර්වා අතර සක්මනයෙහි යෙදීම). මේ අතුරි එකක් මග හැරුනද හජ් කර්තව්‍ය නොපිළිගැනේ.

හජ් හි ඉටු කළ යුතු අනිවාර්්‍ය කරුණු :

1- නියමිත සීමාවෙහි ඉහ්රාම් ඇඳීම.

2- ඉර බැස යන තෙක් අරෆාවෙහි රැඳී සිටීම.

3- මුස්තලිෆාවෙහි රාති්‍රයෙහි රැඳී සිටීම.

4- අයියාමුත් තෂ්රීක් 11, 12, 13 යන දිනයන්හි මිනාවෙහි රැඳී සිටීම.

5- ජම්රාවෙහි ගල් ගැසීම.

6- හිස කෙස් බූ ගැසීම නැතහොත් කොට කිරීම (බූ ගැසීම වැදගත් වේ).

7- තවාෆ් අල්විදා (ගමනෙහි තවාෆය කිරීම).

ඉහ්රාමයට පෙර කළ යුතු සුන්නාවන් (වෛකල්පිත කි්‍රයාවන්).

1- නියපොතු කැපීම.

2- උඩු රැවුල කැපීම.

3- කිසිල්ලේ රෝමයන් ඉවත් කිරීම.

4- රහස්‍ය පෙදේස්හි රෝමයන් ඉවත් කිරීම.

5- ස්නානය කිරීම.

6- යටි රැවුලට, හිසට සුවඳ විලවුන් ආලේප කිරීම.

(ඉහ්රාම් ඇඳුමට ආලේප නොකළ යුතුය).

7- ඉහ්රාම් ඇඳුම පිරිමීන්ට සුදු වර්ණයෙන් යුතුව තිබීම.

ඉහ්රාමෙන් පසු කළ යුතු සුන්නත් වෛකල්පිත කි්‍රයාවන්

1- තල්බියා සඡ්ජායනය කිරීම. (පිරිමීන් ශබ්ද නගා හා කාන්තාවන් නිහ~ව කීම).

2- හජරුල් අස්වද් ගල ඉඹ ගැනීම. එසේ කිරීමට නොහැකි විට එයට සඥා කිරීම.

3- තවාෆ්හි (උම්රාවෙහි තවාෆ් නැතහොත් තවාෆුල් කුදූම්) අපි උඩු කය මත දමා ඇති ඉහ්රාම් ඇඳුමෙහි කොටසක් දකුණු උරහිස යටින් ගෙන වම් උරහිස මත දැමිය යුතුය. මෙයට —අල් ඉල්තිබා˜ යනුවෙන් කියනු ලැබේ.

4- තවාෆ් සක්මනය නිම කිරීමත් සමග මකාමේ ඉබ්‍රාහීම් යන ස්ථානයෙහි රක්අත් දෙකක් සලාතය කළ යුතුය.

5- තවාෆ් කරන විට පළමු තුන් වතාව ඉතා වේගයෙන්, පාදයන් සමීපව තබමින් ගමන් කළ යුතුය. මෙයට අරාබියෙන් (අර්රමල්) යනුවෙන් කියනු ලැබේ.


හජ් කර්ව්‍යය

හජ් යාඥාවෙහි සුවිශේෂත්වයන්

සුදු වස්ත්‍රයන් දෙක ඇඳ චේතානව


සුදු වස්ත්‍රයන් දෙක ඇඳ චේතානව

සුදු වස්ත්‍රයන් දෙක ඇඳ චේතානව ඇති කරගැනීමට පනවා ඇති සීමාවන්

1- —කර්නුල් මනාසිල්˜ (ෙසෙලූල් කබීර්): මෙය තායිෆ් නරගයට සමීපව පිහිටී ස්ථානයකි. මෙය නජ්ද් වාසින්ගේ හා එම මාර්ගයෙන් පැමිණෙන සියල්ලන් සඳහාවූ සීමාව වේ. —කර්නුල් මනාසිල්˜ යනු මක්කාවට නැගෙනහිරින් පිහිටී ඇති පර්වතයක නමයි. මෙය මක්කාවෙහි සිට කි. මී. 95 කට ඈතින් පිහිටී ඇත.

2- යලම්ලම්:– මෙය මක්කාවෙහි සිට කි. මී. 60 ඈතින් ඇති ජිද්දා පෙදෙසෙහි පිහිටි ඇති සඃදියා යන ස්ථානය වෙයි. ශී්‍ර ලංකාවෙහි හා ඉන්දියාවෙහි වෙසෙන්නන්ට හා මෙම මාර්ගයෙන් පැමිණෙන්නන්ට සීමාව මෙය වේ.

3- දුල් හුෙලෙෆා : මෙය මදීනා මුනව්වරාවට සමීපව පිහිටි ස්ථානයකි. මෙයට අබාර් අලි (අබ්යාර් අලි) යනුවෙන් කියනු ලැබේ. මෙය මදීනා වැසියන්ට හා මෙම මාර්ගයෙන් පැමිණෙන සියල්ලන්ගේ සීමාව වෙයි. මෙය මක්කාවට උතුරින් කි. මී. 450 ඈතින් පිහිටී ඇත.

4- අල්ජුහ්ෆා: මෙය රාබිඃ යන පෙදේසට සමීපව පිහිටී ස්ථානයකි. මෙය සිරියා වැසියන්ට හා මෙම මාර්ගයෙන් ගමන් කරන අයට පනවා ඇති සීමාව වේ. මෙය මක්කාවට උතුරින් සාමානේ‍යන් කි. මී. 187 ඈතින් පිහිටි ඇත.

5- දාතු ඉර්ක් :- මෙය ඉරාක් වැසියන්ගේ හා මෙම මාර්ගයෙන් පැමිණ අයගේ සීමාව වේ.

6- මක්කා වැසියන් මක්කාව තුළම ඉහ්රාම් ඇඳිය යුතුය.

හජ් කර්ව්‍යය

හජ් යාඥාවෙහි සුවිශේෂත්වයන්


හජ් යාඥාවෙහි සුවිශේෂත්වයන්

හජ් යාඥාවෙහි සුවිශේෂත්වයන්

—කි්‍රයාවන්ගෙන් උතුම් කි්‍රයාව කුමක් දැයි නබි (සල්) තුමන්ගෙන් විමසූ විට. අල්ලාහ් හා ඔහුගේ දූතවරයා විශ්වාස කිරීම යැයි පිළිතුරු දුන්හ. පසුව උතුම් කුමක් දැයි ඇසූ විට අල්ලාහ්ගේ මාර්ගයෙහි ශුද්ධවූ සටන් කිරීම යැයි පිළිතුරු දුන්හ. පසුව උතුම් ක්‍රියාව කුමක් දැයි විමසූ විට පාප කි්‍රයාවන්ගෙන් මිශ්‍ර නොවූ පිළිගත් හජ් කර්තව්‍යය යැයි පිළිතුරු දුන්හ.˜ (මූලාශ්‍රය: බුහාරි).

—සංසර්ගයේ නොයෙදී, වැරදි කි්‍රයාවන් නොකර කව්රුන් හෝ අල්ලාහ් වෙනුවෙන් යන පවිත්‍ර චේතානාවෙන් හජ් කර්තව්‍ය ඉටු කරයිද ඔහු එදින උපත ලද දරුවෙකු මෙන් කිසිදු පාපයකින් තොර යළි හැරෙනු ඇත.˜ යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

—එක් උම්රාවක්, තවත් උම්රාවක් අතර සිදුවූ පාපයන්ට වන්දිය වෙයි, පිළිගත් හජ් කර්තව්‍ය සඳහාවූ ප්‍රසාදය ස්වර්ගය හැර වෙන කිසිවක් නොමැත.˜ (මූලාශ්‍රය: බුහාරි).

—හජ් ඉටු කරන්නා, උම්රා කරන්නා හා ශුද්ධවූ යුද්ධයෙහි නිරතවන්නා යන තිදෙනා අල්ලාහ්ගේ අමුත්තන්ය. (මූලාශ්‍රයන්: ඉබ්නු මාජා, ඉබ්නු හිබ්බාන්).

—හජ් කරන්නන් හා උම්රා කරන්නන් අල්ලාහ්ගේ අමුත්තන්ය. ඔවුන් ඔහුගෙන් ඇයදූ විට ඔහු පිරිනමන්නේය. ඔවුන් පශ්චාත්තාප වූ විට එම පශ්චාත්තාපය ඔහු පිළිගන්නේය.˜ (මූලාශ්‍රයන්: ඉබ්නුමාජා, නසායි).

වරක් ආයිෂා (රලි) තුමිය කාන්තාවන් ශුද්ධවූ සටනට සහභාගි වීම අනිවාර්්‍යද? යනුවෙන් විමසා සිටියාය, එයට ශාස්තෘවරයානන් එසේය ඔවුන්ට අනිවාර්්‍යයි නමුත් එහි සටන් කිරීමක් නැත එය හජ් හා උම්රා වේ˜ යනුවෙන් පිළිතුරු දුන්හ. (මූලාශ්‍රය: ඉබ්නු මාජා).

—කෙනෙකු ඉස්ලාම් දහම පිළිගැනීම ඔහු පෙර කළ සියළු පාපයන් විනාශ කරයි, කෙනෙකු හිජ්රත් සංක්‍රමණය කිරීම ඔහු පෙර කළ පාපයන් විනාශ කරයි, කෙනෙකු හජ් කර්තව්‍ය ඉටු කිරීම ඔහු පෙර කළ පාපයන් විනාශ කරයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).

හිජ්රත් යනුවෙන් අදහස් කෙරෙන්නේ: අල්ලාහ්ගේ දහම තමන් ජීවත් වන ස්ථානයෙහි ස්ථාපිත කිරීමට නොහැකි වන විට එය ස්ථාපිත කිරීම සඳහා වෙනත් ස්ථානයක් බලා ගමන් කිරීමයි.

අල්ලාහ්ට ආදේශයන් ගැනීමේ ඇති විපාක

අල්ලාහ්ට ආදේශයන් ගැනීමේ ඇති විපාක

පාපයන් අතුරින් ඉතා භයානක පාපය වශයෙන් ඉස්ලාම් සළකන්නේ අල්ලාහ්ට සමානයන් ගැනීමේ පාපයයි. මෙම පාපයට කෙනෙකු ජීවතුන් අරත සිටින විටම සමාව ලබා නොගත්තේ නම් ඔහුට මරණින් මතු ජීවිතයෙහි සදාතනිකව ද~ුවම් විඳීමට සිදුවෙයි. ඉස්ලාම් දහමෙහි මූලිකි හරයවන්නේ අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන ඔහුට පමණක් යාඥා කිරීමෙන් නොනැවතී, වෙනත් කිසිදු දෙයකට යාඥා නොකර සිටීමයි. අල්ලාහ්ට හැර වෙනත් දේට යාඥා කරන විට, ඔහුට පමණක් හිමි උසස් ගුණාංගයන් වෙනත් ඔහුගේ නිර්මාණයන්ටත් පවතින බව විශ්වාස කරන විට, ඔහුගේ දේවත්වයෙහි අබ ඇටයක ප්‍රමාණයකට හෝ වෙනත් ඔහුගේ මැවීම් අතුරින් කව්රුන් හෝ හිමිකම් කියන බව විශ්වාස කරන විට ඔහු අල්ලාහ්ට හවුල් කරුවන් ඇති කළ මහත් පාපය කළ කෙනෙකු වශයෙන් සළකනු ලබයි.

අල්ලාහ්ට ආදේශයන් ගැනීමේ භයානක පාපය පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනයෙහි සඳහන් පාඨයන් මදකට කියවන්න:

අල්ලාහ් මෙසේ පවසයි : —නියත වශයෙන්ම අල්ලාහ් තමන්ට සමානයන් ගැනීමේ පාපය සමා නොකරන්නේය. ඒ හැර වෙනත් (පාපයන්) ඔහු රිසි අයට කමා කරයි. කව්රුන් අල්ලාහ්ට හවුල් කරුවන් ගනීද ඔහු මහත් පාපය මනඃකල්පිත කළේය.˜ (ශු අල්කුර්ආන් 4- 48).

—නියතයෙන් අල්ලාහ් ඔහුට ආදේශයන් ගැනීම සමා නොකරන්නේය. ඒ හැර වෙනත් (පාපයන්) ඔහු කැමති අයට සමා කරයි. කව්රුන් අල්ලාහ්ට සමානයන් තබයිද ඔහු ප්‍රකට දුර්මාර්ගයේය.˜ (ශු.අල්කුර්ආන් 4 – 116).

—අල්ලාහ්ට කිසිදු හවුල් කරුවෙකු නොගෙන ඔහුට සම්පූර්ණයෙන් අවනතවන්න. යමෙක් අල්ලාහ්ට සමානයන් තබන්නේද ඔහු අහසින් වැටුනාක් මෙන්ය. එවිට පක‍ෂීන් ඔහු පැහැර ගන්නේ හෝ සුළඟ දුර තැනකට ඔහු උසුලාගෙන යන්නේ හෝ වන්නේය. (අල්ලාහ්ගේ අණ) එය. යමෙක් අල්ලාහ්ගේ මාර්ග සලකුණු ගරු කරන්නේද ඇත්තෙන්ම එය සිත්හි බිය බැතිමත් කමින්ය.˜ (ශු අල්කුර්ආන් 22- 31 32).

—මම ඔබ මෙන් මිනිසෙකු පමණි. (එහෙත්) ඔබගේ හිමියා එකම හිමියා යැයි මට දේව අනාවරණය පහළ වෙයි. එබැවින් යමෙක් ඔහුගේ හිමි හමුවීම ප්‍රිය කරයිද ඔහු යහකම් කරත්වා. තවද ඔහුගේ හිමි නැමදීමෙහිදි එකද සමානයකු නොගනිත්වා යැයි (ශාස්තෘවරයානනි ඔබ) කියන්න.˜ (ශු අල්කුර්ආන් 18- 110).

—ඔබටද ඔබට පෙරවූවන්ටද මාගේ දේව අනාවරණය වූයේ, ඔබ සමානයන් තැබුවේ නම් ඔබගේ යහකම් නිෂ්ඵල වන්නේමය. ඔබ පරාජිතයන්ගෙන්ද වන්නේය.˜ (ශු. අල්කුර්ආන් 39- 65).

—කව්රුන් අල්ලාහ්ට සමානයන් තබයිද ඔහුට ස්වර්ගය තහනම් වන අතර, ඔහුගේ නවාතැන නිරයයි, අපරාධ කරුවන්ට කිසිදු පිහිටක් නැත.˜ (ශු. අල්කුර්ආන් 5- 72).

නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන් තුළ: —කව්රුන් අල්ලාහ් හැර වෙනත් දේට යාඥා කරමින්, සමානයන් ගත් තත්ත්වයක මිය යයිද ඔහු නිරයට පිවිසෙනු ඇත.˜ යනුවෙන් නබි (සල්) ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි).

—කව්රුන් අල්ලාහ්ට හවුල් කරුවන් ගත් තත්ත්වයක ඔහු හමුවෙයිද ඔහු නිරයට පිවිසෙනු ඇත.˜ (මූලාශ්‍රය: මුස්ලිම්).

අල්ලාහ් පැවසු බව නබි (සල්) තුමන් පවසයි: —ඔබ සමානයන් තබන දෙවිවරුන්ගෙන් මම අවශ්‍ය නැත්තෙකි. කව්රුන් මා හැර වෙනත් අය එක් කළ නැමදුම් කරයිද ඔහු හා ඔහු සමානයන් ගනිමින් කළ කි්‍රයාව මා අත් හැරියෙමි.˜ (මූලාශ්‍රය: මුස්ලිම්).


හජ් කර්ව්‍යය-ඉස්ලාම් සමානාත්මතාවය, සහෝදරත්වය

ඉස්ලාම් සමානාත්මතාවය, සහෝදරත්වය ඉතා අගය කොට සළකන දහමකි. ඉස්ලාම් එය වචනවලට පමණක් සීමා නොකර එයට ප්‍රායෝගික මුහුණුවරක් ලබා දීමට විවිධ වැඩ පිළිවෙලවල් යොදා ඇත. ශත වර්ෂ 14 කට පෙරම ඉස්ලාම් මෙම සමානාත්මතාවය මානවයා අතර ස්ථාපිත කළේය. අපේ ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන්, තම ජීවිතයෙහි ඉටු කළ අවසන් හජ් කර්ව්‍යයේහිදී ජනතාව අමතා එතුමන් කළ දේශණයන් අතුරින්

—අරාබි නොවන ජාතිකයාට වඩා අරාබි ජාතිකයාට කිසිදු උත්තරීතර භාවයක් නැත, අරාබි නොවන ජාතිකයාටද අරාබි ජාතිකයාවට වඩා කිසිදු උත්තරීතර භාවයක් නැත. කළු ජාතිකයාට වඩා සුදු ජාතිකයාට කිසිදු උත්තරීතර භාවයක් නැත. සුදු ජාතිකයාට වඩා කළු ජාතිකයාටද කිසිදු උත්තරීතර භාවයක් නැත. උත්තරීතර භාවය කෙනෙකුට හිමිවන්නේ අල්ලාහ්ට අවනතවී ජීවත් වීමෙන් පමණයි˜ යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: අහ්මද්).

දිනකට පස් වතාවක් සලාතය ස්ථාපිත කිරීමට නියෝග කළ ඉස්ලාම්, එය සමූහව ඉටු කිරීමද නියෝග කරයි. එකට පෙළ ගැසී උරෙනුර ගැටී කෙනෙකු මෙම යාඥාව දිනකට පස් වරක් ඉටු කරන විට ඔහුගේ සිතෙහි මා ඔහුට වඩා උසස් යන උඩඟකම පහවී යෑම නිසැකය. මෙය ගම තුළ සමානාත්මතාවය, සහෝදරත්වය ගොඩනැගීම සඳහා ඉස්ලාම් දැමූ වැඩ පිළිවෙලයි. ජගත් සහෝදරත්වය සඳහා ඉස්ලාම් දැමු වැඩපිළිවෙල නම් එයයි හජ් කර්ව්‍යය. ලෝකයේ විවිධ කෝනවලින් එක් රැස්වෙන ජනතාව නියමිත ස්ථානයකට පැමිණීමත් සමග නිම නොකළ සුදු වස්ත්‍රයන් දෙකකින් සැරසී එක හා සමානව එම ස්ථානයට රැස්වී විශ්වයෙහි නිර්මාතෘවරයා වන අල්ලාහ්ට යාඥා කරති. මෙම හදවත් අතර මම යුරෝපියානු, මම අප්‍රිකානු, මම ආසියානු යන හැඟීමට වඩා අප සියල්ල සහෝදර මුස්ලිම් වරුන් යන හැඟීමයි ඉහළින් පවතින්නේ. මෙය තුළින් ඉස්ලාම් අපේක‍ෂා කරන්නේ ජාත්‍යන්තර සාමයයි.

මෙයට කදිම නිදසුනක් වශයෙන් —මැල්කම් එක්ස්˜ කළ ප්‍රකාශය මෙහි සටහන් කිරීම යෝග්‍යයි සිතමි. සුදු අධිරාජ්‍ය වාදීන් වූ ඇමරිකානුවන්ගේ වද හිංසා වලින් කළු ජාතීන් මුදවා ගැනීම සඳහා හ~ නැගු, විරෝධතා ව්‍යාපාර දියත් කළ නායකයකු නම් ඔහුයි මැල්කම් එක්ස්, ඉස්ලාම් පවසන උසස් ජීවන ක්‍රමය අධ්‍යයනය කරමින් ඉස්ලාම් දහම වැළඳගත් එක් චරිතයකි.

පසුව හජ් කර්තව්‍ය ඉටු කිරීම සඳහා මක්කාවට පැමිණී විට, එහි දුටු දර්ශනයන් ඔහුව මවිතයට පත්කළේය. එනම් කළු ජාතීන් සුදු ජාතීන් යන කිසිදු භේදයකින් තොර සියළු අය සහෝරදවරුන් මෙන් එකම ඇඳුමකින් සැරසී උරෙනුර ගැටී යාඥා කිරීමයි.

—මෙම නිදහස වෙනුවෙනුයි අපි ඇමරිකාවෙහි හ~ නගමින් සිටින්නේ නමුත් ඉස්ලාම් එය ශත වර්ෂ 14 කට පෙරම ලබාදී ඇත˜ යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ඉස්ලාම් දහම පිළිබඳ පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරන්නන් එම දහම පිළිබඳ මධ්‍යස්ථ, අපක‍ෂපාති විග්‍රහයක් කරන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

An estimated three million Muslim pilgrims flock to Mecca for the hajj pilgrimage, one of the world's biggest displays of mass religious devotion and duty for able-bodied Muslims. Above, Muslim pilgrims walk towards Mecca's Grand Mosque to perform the Friday prayer on Dec. 5, 2008.