තරුණ විය කෙසේ සකස් විය යුතුද? තරුණ කාලයේ ඉටුකළ යුතු සේවාවන්..

කෘෂිකර්මාන්තය සහ ලෝහ කර්මාන්තය

දෙමව්පියන්ට ගරු කරමු.. ඉස්ලාමයේ දෙමව්පිය දු දරු සබදතා …

මඩ වලින් නිර්මාණය කරන ලද බටහිර අප්‍රිකාවේ මහා මස්ජිදය

චීනයේ මහා මස්ජිදය-Great Mosque in Xian

මැලේසියාවේ ක්‍රිස්ටල් මස්ජිදය

ෂෙයික් සෙයිඩ් මස්ජිදය -මැදපෙරදිග විශාලතම හා ලොව තුන් වන විශාලම ඉස්ලාමිය මස්ජිදය-අබුඩාබි

mosquescolonesmainhall

polieleosDSCF0253

DSCF0251DSCF0252DSCF0257mosque1

හැදියාව-ඉස්ලාම් දහම්හි පරම අරමුණ මිනිසා හැදියාව අතින් උතුම් කෙනෙකු බවට පත්කිරිමයි

ඉස්ලාම් දහම්හි පරම අරමුණ මිනිසා හැදියාව අතින් උතුම් කෙනෙකු බවට පත්කිරිමයි. එනම් නබිතුමන්ද තමන්ගේ පැමිණිම මිනිසා තුළ හොඳ හැදියාවක් ඇතිකිරිමයි
“හැදියාව” යන වචනය නිරන්තර කතාබහට ලක්‌වන්නකි. එය ඉංග්‍රීසි බසින් ඨදදා ඊරුedසබට යනුවෙන් දැක්‌වේ. එක්‌ එක්‌ පුද්ගලයන්ගේ හැදියාවන් වෙනස්‌ය. ඒ සඳහා විශේෂම හේතුව ඔවුන් සිටින පරිසරයයි. එනම් ඔවුන්ගේ දෙමාපියන් කතාබහ කරන විලාසය, පාවිච්චි කරන වචන ශිෂ්ට නම් ළමයින්ගේ කතාබහත් ශිෂ්ටයි. වැඩිහිටි ගෞරවය ආරක්‌ෂා වන පරිසරයක්‌ නම් පුංචි ළමයින්ද වැඩිහිටි ගෞරවය රකිනවා. එමෙන්ම ආගම දහම පිළිබඳ නැඹුරුවක්‌ ඇත්නම් ඒ තුළින් මනා සංවරභාවයක්‌ සෑම ජීවිතයකටම ලැබෙනු ඇත. යම් කිසිවෙකු මෙවැනි යහපත් පරිසරයක ජීවත් වේ නම් ඒ පුද්ගලයා හික්‌මුණු කෙනකු වනු ඇත. එවැනි අය උඹ, තෝ, වරෙන්, පලයන් ආදී වචන ද පාවිච්චි නොකරනු ඇත. එයට හේතු නම් එම පරිසරයේ එවැනි වචන පාවිච්චිය නොමැති නිසාය. තම ආගම දහමට යොමු වීමෙන් ඒ පුද්ගලයා සන්සුන් වූ මනසක්‌ ඇති කෙනකු වනු ඇත. ඒ නිසා උදේ සවස වන්දනා කිරීම සඳහා කාලය යොදා ගන්නවා. අනවශ්‍ය දේ බැහැර කරනවා.

දැන් සමාජයෙන් ගිලිහී යන උතුම් සාර්ධර්මයක්‌ ඇත. එනම් වැඩිහිටියන්ට ගෞරව දැක්‌වීමයි. පුටුවක වාඩි වී සිටින විට වැඩිහිටි කෙනෙක්‌ ආවොත් ඉන් නැගිට ආචාර දක්‌වන්නේ කී දෙනෙක්‌ද… සැලකිය යුතු කෙනාට සලක්‌නන ඕන. ගරු කරන්aන ඕන කෙනාට ගරු කරන්න ඕන. විශේෂයෙන් ආගමික උතුමන්ට ගරු සත්කාර කළ යුතුමයි. යම් කෙනෙක්‌ එවැනි ගරු කළ යුතු කෙනකුට අගෞරවයෙන් සිටිනවා නම් ඒ පුද්ගලයා පිරිහුණු කෙනෙක්‌. නැතිනම් පිරිහීමට පත්වෙමින් සිටින කෙනෙක්‌.

සමහර ස්‌ථාන තිබෙනවා කිසිම චාරයක්‌ නැති. ඒ ස්‌ථානවල සිටින ප්‍රධානියොත් එහෙමයි. වෙලාවකට වැඩක්‌ කරන්න තේරෙන්නේ නැහැ. කතා කරන්න ගියාම එළිවෙනව, රෑ වෙනවා පේන්නෙ නැහැ. ඇඳුම පැළඳුම වුවත් කිසිදු පිළිවෙළක්‌ නැත. ඇඳුම් පැළඳුම් කෙතරම් තිබුණත් ඒවා නිසි තැනට පාවිච්චි කරන්න දන්නේ නැත්නම් තමාගේ අඩුව කැපිල පෙනෙනු ඇත. විශේෂයෙන් පන්සලකට පැමිණෙන විට සුදු ඇඳුමින් සැරසී එන්න පිළිවන් නම් ඉතා යෝග්‍යය. කලු ඇඳුමක්‌ ඇඳගෙන ආවොත් එහි නොගැලපෙන භාවයද පැහැදිලිව පෙනෙනවා. සමහර කාන්තාවන් පන්සලට එන්නෙත් බාත්රූම් එකට යනව වගේ ඇඳුම් ඇඳගෙනය. එවැනි ඇඳුම් ඇඳගෙන එන අයට යම් යම් අකරතැබ්බයන්ට මුහුණ දෙන්න සිදුවන බව නිරන්තරයෙන් අසන්නත් ලැබෙනවා. සමහර අයට මොන ඇබැද්දිය වුවත් දවසක්‌ දෙකක්‌ යන විට අමතක වෙනවා. ඒ ඔවුන්ගේ හැදියාවයි.

එසේම, සමහරු “පිරිසිදු” කියන වචනයවත් දන්නේ නැති වගේය. දත් ටික මැදගන්න, ඇඳුම පිරිසිදු කරගන්න, කොණ්‌ඩේ පීරගන්න, ඉන්න ස්‌ථානය පිරිසිදු කරගන්න කිසිදු වුවමනාවක්‌ නැත. ශරීරය පිරිසිදු කරගන්න, නියපොතු කපන්න කිසිම අවශ්‍යතාවක්‌ නැත. යක්‌ෂයන්ගේ, යක්‌ෂණියන්ගේ නියපොතු වගේ තියන අයත් ඉන්නවා.

ඒ විතරක්‌යෑ, කොයි මොහොතක හෝ අත ඉස්‌සුවොත් කිහිල්ලෙන් හමන නෝගඳ අනෙක්‌ අයට ඉවසාගත නොහැකි වනු ඇත. ඒ නිසා තමන් නිරන්තරව අනෙක්‌ කෙනාට අප්‍රිය වන හැටියට ඉන්න එපා. එහෙම ඉන්නව නම් ඔබ කරන්නේ අන් අයට කරදරයකි. කෙටියෙන්ම ලියනව නම් තමන් නාලා පිරිසිදුව ඉන්නවා කියන්නෙ සමාජ සේවයක්‌.

සමහර අයගේ පුදුම හැදියාවක්‌ තිබෙන්නේ. විශේෂයෙන් ලංකාවේ අයට විශේෂ වූ පුරුද්දක්‌ ලෙස ඉන්න තැන කෙළ ගැසීම දැක්‌විය හැකිය. මිදුලේ වුවත්, පාරේ වුවත්, බස්‌ හෝල්ට්‌ එකේ වුවත්, බස්‌ ස්‌ටෑන්ඩ් එකේ වුවත් කොතැනක වුවත් කතා කරමින් ඉන්න ගමන් එතනම කෙළ ගහනවා. මෙතන කෙළ ගැසීම හොඳ නෑ නේද…

අනෙක්‌ අයට පෑගෙයි නේද කියල කිසිම සිතක්‌ ඇති වන්නේ නැත. උදේ පාන්දරක බලන්නකෝ පාරේ තොටේ හැම තැනම කෙළ ගහල හරියට සනත් ජයසූරිය හතරේ පාරවල් හතර පැත්තට ගහන්න වගේ හැරුණු හැරුණු පැත්තට කෙළ ගහනවා. සමහර අවස්‌ථාවල පසුපසින් එන අයටද කෙල වදින අවස්‌ථා ඇත. විශේෂයෙන් උදේ පාන්දර පාරෙත්, බස්‌ හෝල්ට්‌වලත්, බස්‌ ස්‌ටෑන්ඩ්වලත් අඩිය තියන්න බැරි තත්ත්වෙට පත්වෙනවා. බුලත් කෙළ පාරවල්ද හැමතැනම. බස්‌ එකේ යන ගමනුත් ජනේලයෙන් කෙළ ගහනවා. ආයෙ ඉතින් තවත් කෙනෙක්‌ ගැන හිතන්නේ නැත. මේවා එක්‌ එක්‌ පුද්ගලයන් ඇබ්බැහි වී ඇති දේවල්ය. මෙයින් වළකින එක අමාරු දෙයක්‌ නොවේ. සිංගප්පූරුව වැනි රටවල්වල පාරේ කෙළ ගැසීම තහනම්. කෙළ ගහල අහු වුණොත් දඩ. ඒ නිසා ඒ රටවල් පිරිසිදුවට තබාගෙන තිබෙනවා.

ඒ වගේම ටොපියක්‌ කෑවොත් ටොපි කොළේ බිමට දානවා. වෙනත් කෑමක්‌ බීමක්‌ වුවත්, එහි කොළ කෑලි මාළුපිනිත් එක්‌කම පාරට වීසි කරනවා. බලන්නකෝ, ලංකාවේ ප්‍රධාන නගරය කෙතරම් අලංකාරද කියල. අපේ මැති ඇමැතිවරු දේශපාලනඥයෝ විදෙස්‌ රටවලටත් යනවනේ. ඒ යන වෙලාවෙ මතක්‌ වෙන්නේ නැද්ද, අයියෝ කොළඹ නගරයවත් පිරිසිදු නගරයක්‌ බවට පත්කරන්න ඕන කියලා. වෙනත් රටවල මිනිස්‌සු ලංකාවට ආවම මෙහි කොලොම්පුරේ ශ්‍රියා දකින කොට මොනව හිතෙනවැද්ද?

කොළඹ ඕල්කට්‌ මාවත ආශ්‍රිත ප්‍රදේශය මොන තරම් අපිරිසිදුවට පත්වෙලාද? තැන් තැන්වල කූඩාරම් කෑලි, තැන් තැන්වල කුණු ගොඩවල්, හැමතැනම දුගඳ හමනවා. ඇත්තටම මේව රට හදන, රට හදන්න දඟලන අලුගුත්තේරුවන්ට පේන්නේ නැද්ද? ලංකාවේ ප්‍රධාන නගරය මෙසේ අප්‍රසන්නව තිබෙන විට ලැ-ජාව කාටද හිමිවෙන්නේ.

“මතට තිත” වැඩසටහන ආරම්භ කළ පළමු කාලය තුළ ප්‍රසිද්ධ ස්‌ථානවල දුම්පානය කිරීම බොහෝ දුරට අවම විණි. නමුත් දැන් සුපර් මාර්කට්‌වල, බස්‌ හෝල්ට්‌වල, බස්‌ ස්‌ටෑන්ඩ්වල සහ සමහර බස්‌වල රියෑදුරන් හා කොන්දොස්‌තරවරුන් බසය තුළම දුම්පානය කිරීම දකින්නට ලැබෙනවා. ඔවුන්ට දිගට හරහට දඩ ගහනව නම් නීති යළිත් ක්‍රියාත්මක වේවි. සමහරු සිගරැට්‌ පත්තු කරගෙන සතර දිසාවටම දුම් වළලු අරිනවා. අනෙක්‌ අය ගැන කිසිදු තැකීමක්‌ නැත.

ඒ වගේම කිවිසුන් යන විට (කැස්‌ස) හෝ ඈනුම් යන විට අතින් හෝ ලේන්සුවකින් මුඛය ආවරණය කළ යුතුය. එහෙත් බොහෝ විට දකින්නට ලැබෙන්නේ කහින විට ජරාස්‌ ගාල මුළු ස්‌ථානයේම කෙළ පවා විසිරෙන ආකාරයෙන් ක්‍රියාත්මක වීමයි. අනෙක්‌ මිනිස්‌සු ගැන අංශු මාත්‍රයකවත් අවධානයක්‌ නැත. කිවිසුම් යැමෙන් ඒ ශරීරවල ඇති විෂ අනෙක්‌ පුද්ගලයන්ට ප්‍රවේශ වන්නට පිළිවන්. ඒ නිසා එවැනි අවස්‌ථාවන්වලදී ශිෂ්ට සම්පන්නව කටයුතු කරන්න.

සමාජයේ ඒ ඒ ස්‌ථානවලදී හැසිරිය යුතු ආකාරයක්‌ ඇත. මිනිසාට ඒ විශේෂතාවන් දැන හඳුනා ගැනීමට හැකියාව තිබිය යුතුමයි. එසේ නැතිනම් අනෙක්‌ සත්ත්වයන්ගේ හා මිනිසුන්ගේ වෙනසක්‌ දකින්න විදියක්‌ නැහැනේ. තමන් කතා කරන වචන කතා කරන විලාසය, ශබ්ද පාලනය ආදී හැමදෙයක්‌ම දැනගත යුතුය. එසේ නොවුණහොත් අනිත් අය ඔබට කට වාචාලයා කියන්නත් පිළිවන්.

තමාගේ වාහනය කොහේ හෝ තැනක නවතා දැමීමේදී අන් අයට අවහිරයක්‌ නොවන සේ එය කළ යුතුය. බොහෝ විට දකින්නට ලැබෙන්නේ තම වාහනය අනෙක්‌ කෙනාගේ වාහනය ගන්නට නොහැකි ආකාරයට නවතා තැබීමයි. සමහරු ගේට්‌ටුව අවහිර වන සේ වාහන නතර කර තබනවා. ඒ වගේම ප්‍රධාන මාර්ගවල ද සමහරක්‌ පිස්‌සු නටන ආකාරය දකින්නට ලැබෙනවා. මේ සෑම දේකින්ම කියා පාන්නේ අනුන් ගැන තුට්‌ටුවකටවත් මායිම් නොකරන නිසාය. අන් අයගේ අවශ්‍යතා දැනගෙන අනෙක්‌ අයගේ පහසුව සිතන පතන පරිසරයක සිටියා නම් එවැනි ආකාරයේ ආත්මාර්ථකාමී වන්නේ නැත.

ඒ වගේම අපේ සමහර දෙනා බණ ශාලාවකට හෝ වෙනත් ස්‌ථානයකට හෝ ගියාම එම ස්‌ථානයේ ඇතුලේ කෙතරම් ඉඩ තිබුණත් වාඩි වෙන්නේ දොරකඩ අහුරාගෙනය. ඒ අයට කොහෙත්ම සිතන්නට ඔලුවක්‌ නැහැ. එතනින් යන එන්නන්ට බාධාවක්‌ බව වැටහෙන්නේම නැත.

මේ නිසා තම හැදියාව නිරන්තර යහපත් කරගත යුතුය. තමා තුළ තිබෙන අලුගුත්තේරු ඇබ්බැහිවීම් දැන හඳුනාගෙන අයින් කළ යුතුය. තමාගේ සැප විහරණය පමණක්‌ නොව අනෙක්‌ පුද්ගලයාගේ සැපත සතුට ගැන ද සිතා කටයුතු කරන්න. අනෙක්‌ අයට කරදරයක්‌ හිරිහැරයක්‌ වන කිසිදු දෙයක්‌ කරන්නට පෙළඹෙන්න එපා. අනෙක්‌ පුද්ගලයාගේ අවශ්‍යතාවනුත් දැන හඳුනාගෙන ජීවත් වෙන්න. එයයි උතුම් මනුෂ්‍යත්වය

බටහිර රටවල් විසින් සොරාගත් විද්‍යා පුනරුදයේ සැබෑ උරුමක්‌කරුවා ඉස්‌ලාම් ලෝකයද…..?

වර්තමානයේදී ලෝකයේ පැවැත්ම ප්‍රධාන වශයෙන් තීරණය වී ඇත්තේ විද්‍යාව සහ තාක්‍ෂණයේ දියුණුව මතය. මෙම දියුණුව ලෝකයට දායාද කළේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව විද්‍යාඥයන් අතර පවතින්නේ කඹ ඇදීමකි. ඇතැම් විද්‍යාඥයන් මේ පුනරුදය යුරෝපයට අයත් බව පවසන අතර තවත් සමහර විද්‍යාඥයින් පවසන්නේ ඉස්‌ලාම් ධර්මය පැවති රටවලින් මේ පුනරුදය බිහි වූ බවයි.

යුරෝපා රටවලට විද්‍යා පුරනරුදය ගමන් කිරීමට සියවස්‌ ගණනාවකට පෙර ඉස්‌ලාම් රටවල විද්‍යා පුනරුදය ආරම්භ වූ බවට මේ වන විට බොහෝ සාක්‍ෂි සටහන් හමුවී ඇත. මේ අනුව අකමැත්තෙන් වුවද විද්‍යා හා තාක්‍ෂණයේ මුල් උරුමය ඉස්‌ලාම් රටවලට ලබාදීමට යුරෝපා විද්‍යාඥයන්ට සිදුව ඇත.

විද්‍යා පුනරුදයේ මුල් පුරුක්‌වල හිමිකාරවරු ඉස්‌ලාම් රටවලට අයිති බවත් පසුකාලීනව මුදලට යට වූ සංවර්ධන ක්‍රියාදාම හමුවේ සංවර්ධිත රටවල් යුරෝපා රටවල් කේන්ද්‍ර කර ගනිමින් නව විද්‍යා පුනරුදයක්‌ ආරම්භ කළ බවත් පවසන්නේ බ්‍රිතාන්‍යයේ සරේ සරසවියේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ ජීම් අල්කලීල් මේ වසරේදී ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද…….? නව කෘතිය මේ තේමාව කදිමට විවරණය කර දෙන්නකි.

ඉස්‌ලාම් රාජ්‍ය වල විද්‍යා පුනරුදය ඇති වූ අන්දමත් එය කෙමෙන් පරිහානියට පත් වූ අන්දමත් සම්බන්ධව අපූරු විවරණයක්‌ පසුගියදා නිව් සයන්ටිස්‌ට්‌ සඟරාව පළ කර තිබුණේ ජීම් අල්කලීල් සමග කළ සම්මුඛ සාකච්ඡාවක්‌ ඇසුරිණි. මේ ලිපිය සැකසෙන්නේ එහි අනුවාදයක්‌ ලෙසිනි. ඉස්‌ලාම් ලෝකය සම්බන්ධව අප නොදන්නා බොහෝ දේ මෙහිදී අනාවරණය වෙයි.

ඉරාකයේ උපත ලබා එහි හැදී වැඩෙන ජීම් අල්කලීන් ඉස්‌ලාම් විද්‍යා පුනරුදයේ ස්‌වර්ණමය යුගය සම්බන්ධව ප්‍රවීණයකු විය.

ඉස්‌ලාම් විද්‍යා පුනරුදයේ ස්‌වර්ණමය යුගය සම්බන්ධව බොහෝ බටහිර ජාතිකයන්ට කිසි අවබෝධයක්‌ නැත. ඒ සම්බන්ධව යමක්‌ පැවසුවහොත්?

ඔව්. ක්‍රි. ව. 8 හා 9 වන ශත වර්ෂයේ ආරම්භ වන විට අරාබි අධිරාජ්‍යය ඉතා ප්‍රබල තත්ත්වයක පැවතුණා. අවට රාජ්‍ය වලින් අය කරගත් බදු මුදල් ආදායම නිසා අධ්‍යාපන අංශයේ වැඩ වලට වියදම් කිරීමටත්, ශිෂ්‍යත්ව ප්‍රදානය ආදියටත් අවශ්‍ය තරම් මුදල් තිබුණා.

බැග්ඩෑග් නගරයේ ඉදිවුන නුවණේ නිකේතනය පුනරුදයේ කේන්ද්‍රස්‌ථානය වුණා. අල් මාමක්‌නම් කැලිප්ස්‌වරයා මේ නිකේතනය බිහි කිරීමට පුරෝගාමියා වුණා.

මුල් කාලයේ දී ග්‍රීක භාෂාවෙන් ලියවුණ පොත් පත් ආරාබි භාෂාවට පරිවර්තනය සිදු වූ අතර, මේ සමග ඉස්‌ලාම් ලෝකය තුළ බුද්ධි විප්ලවයක්‌ සිදු විය. ජාත්‍යන්තර විද්‍යා සාහිත්‍ය තුළ ප්‍රධාන භාෂාව බවට පත්වූයේ අරාබි භාෂාවය. අසල්වැසි පර්සියාවෙන්ද මේ කෙරෙහි බලපෑමක්‌ විය. මේ සම්බන්ධව අරාබි විද්වතෙකු පැවසූවේ, “අරාබියේ අපට අවශ්‍ය තරම් වචන තියෙනවා. ඒත් අදහස්‌ ගලා එන්නේ පර්සියාවෙන්” ලෙසිනි. ග්‍රීක විද්‍යාවෙන් අනුකරණයක්‌ සිදු කිරීම හැරෙන්නට අලුත් යමක්‌ සිදු කිරීමට ඉස්‌ලාම් ලෝකය අසමත් වූ බවට බටහිර රටවල මතයක්‌ පවතිනවා. මේ ගැන ඔබේ අදහස කුමක්‌ද?

ලෝකයට බොහෝ නව නිෂ්පාදන බිහි වුණේ අරාබි විද්‍යාඥයන්ගේ අදහසිනි. තවද විද්‍යාව පළමු වරට ලෝකයට දායාද කළේත් අරාබි විද්‍යාඥයන් විසිනි. විද්‍යාත්මක සිද්ධාන්ත වගේම පර්යේෂණ රාශියකුත් මේ අතර ප්‍රධාන වේ. එම් සියල්ල බටහිර රාජ්‍යයේ විද්‍යා පුනරුදය ඇති වීමට වසර සිය ගණනකට පෙර ඇති වූවකි.

අරාබි ලෝකය සතු වූ දියුණු විද්‍යා පුනරුදය සම්බන්ධව නිදසුන් ගෙනහැර දැක්‌විය හැකිද?

ඇත්තෙන්ම ඔව්, ඉස්‌ලාම් ගණිතඥයකු වූ අල් – ක්‌වරිශ්මි විසින් ගණිතයට ඇල්ජිබරා……….? යන වචනය හඳුන්වා දුන්නා. නැවත වරක්‌ පිහිටු වීම………….? යන්න තමයි ඒකෙ තේරුම. අල්ජිබරා ගණිත ක්‍රමයේ පියා ලෙස සැලකෙන්නේ ඔහු තමයි. ඒත් ඒක තවම විශ්වාස නැහැ. නොදන්නා දේ හඳුන්වා දීමට යන සංකල්පය හඳුන්වා දුන්නෙත් ඉස්‌ලාම් පුනරුදයෙන් තමයි.

ආලෝකයේ ගමන් මාර්ගය සරල රේඛීය ගමන් කරන බව අවබෝධ කර ගැනීමටත් පෙර සිටම ජ්‍යාමිතික ශිල්ප ක්‍රම ඉස්‌ලාම් ලෝකයේ භාවිත වුණා. ඉබ්ස්‌ – අල් සේතා විසින් ආලෝකයේ ගමන් මග පෙන්වීමට ජ්‍යාමිතිය භාවිත කර තිබෙනවා. මෙතරම් දියුණු ස්‌ථානයක පැවති ඉස්‌ලාම් විද්‍යාව මෙසේ පරිහානියට පත් වූයේ කෙසේද?

11 වන සියවස වන විට ඉස්‌ලාම් ලෝකය මිත්‍යා විශ්වාස තම පැරණි විද්‍යාත්මක ක්‍රමයන් අමතක කරමින් මායාවන් පසුපස ගමන් කරන්නට වුණා. ඔවුන් ප්‍රතිවිද්‍යාවාදීන් වුණා. 13 වන සියවස වනවිට මෝගල් අධිරාජ්‍යයේ නැගී සිටීම බැග්ඩෑඩය විනාශ කළා.

කෙසේ නමුත් වුණත් අරාබි ලෝකයේ බිඳ වැටීම වේගවත්ව සිදුවූවක්‌ නොවෙයි. පහළොස්‌වන සියවස දක්‌වාම අරාබි විද්‍යා පුනරුදයේ පැවැත්ම සිදු වුණා.

මේ තරම් දියුණු විද්‍යා පුනරුදයක්‌ ඉස්‌ලාම් ලෝකයේ පැවතියත් මේ සම්බන්ධව බටහිර ලෝකය අඩුවෙන් දැන සිටියේ ඇයි?

අරාබි ලෝකය බිඳ වැටෙමින් පවතින විට යුරෝපය පුරා මුදල් සංසරණය සීග්‍රයෙන් සිදුවුණා.

යුරෝපා ජාතීන්ද විද්‍යා පුනරුදය ආරම්භ කළේ පැරණි අරාබි සහ ග්‍රීක සාහිත්‍ය ආභාෂය ලබමින් අරාබි භාෂාවෙන් ලතින් භාෂාවට සියල්ල පරිවර්තනය කරගත්තා. තෝමස්‌ ඇක්‌වයිනාස්‌ සහ ෆැන්සිස්‌ බේකර් වැනි දාර්ශනිකයන් අරාබි ලෝකයේ පුනරුදයේ ආභාෂය ලැබූ විද්වතුන් ගණයට අයත්.

පසු කාලීනව යුරෝපා රටවල් ලොව පුරා තම ජනපද පිහිටුවන්නට වුණා. ආසියාව, මැද පෙරදිග රටවල් හා අප්‍රිකානු රටවල් යුරෝපා ජාතීන්ගේ ආභාෂය ලැබුවා. මේ රටවල් යටත් කර ගන්නා විට නොදියුණු ග්‍රෝත්‍රික ජනයාගෙන් පිරී පැවැති බව පවසන්න ඔවුන්ට ඕනෑ වුණා.

තම රටවලට මෙන් නොව ආසියානු හා අප්‍රිකානු රටවල නොදියුණු ජනාවාස පැවති බව පෙන්වීමට බටහිර ජාතීන්ට ඕන වුණා. මෙම රටවල් තම යුරෝපා රටවල් වලට වඩා දියුණු තාක්‍ෂණයක්‌ පැවති බව පිළිගැනීමට යුරෝපා රටවල් කැමති නැහැ. ඒ කුහකත්වය ඔවුන් තුළ තිබෙනවා.

බටහිර ලෝකයේ පීඩිත ඉස්‌ලාම් විද්‍යා පුනරුදය යටපත් කරගෙන තිබෙනවාද?

ඔව් යුරෝපා රටවල ඉස්‌ලාම් රටවල් කෙරෙහි දැඩි බියක්‌ පවතිනවා……………?

මුස්‌ලිම් ලෝකය තමන් සතු වූ දියුණු විද්‍යා පුනරුදය සම්බන්ධව ආඩම්බර වන්නේ නැහැ නේද?

ඔව් විද්‍යා දියුණුව සම්බන්ධව ඉස්‌ලාම් රටවල පවතින්නේ සෘණාත්මක ඥානයක්‌. කුරාණයේ නොමැති විද්‍යාවක්‌ සමග ජීවත්වීමට ඔවුන්ට අවශ්‍ය නැහැ. මීට වසර දහසකට පෙර ඉස්‌ලාම් ලෝකය පැවති දියුණුව සියල්ලටම අමතක වෙලා. මීට වසර දහසකට පෙර ඉස්‌ලාම් විද්‍යා පුනරුදය ඉතා ඉහළ ස්‌ථානයක පැවතුනා. විද්‍යාවේ පාලනය පැවතුනේ ඉස්‌ලාම් ලෝකය අතේ. පුනරුදය මුල් තත්ත්වයට යළි පත්වීමට උත්සාහ කරන්න ඕන. සෞදි අරාබියේ අබ්දුල්ලා රජු විද්‍යාව සහ තාක්‍ෂණය වෙනුවෙන් නව සරසවියක්‌ පසුගියදා විවෘත කළා නේද?

ඔව් මේ සරසවිය නූතන ඉස්‌ලාම් විද්‍යා පුනරුදයේ ප්‍රධාන සන්ධිස්‌ථානය වේ. දැනටමත් යුරෝපයේ ප්‍රධානම සරසවි රැසක්‌ම මේ සරසවිය සමග එකතු වීමට තරග කරනවා. වසර තුනක්‌ ඇතුළත සෞදි ඩොලර් බිලියන ගණනාවක මුදල් ආයෝජනයක්‌ ලෙස මෙය ක්‍රියාත්මක වෙනවා.

මේ සරසවිය මගින් නව විද්‍යා පර්යේෂණ සිදු කිරීමට අපේක්‍ෂිත අතර අලුත්ම අලුත් විද්‍යාගාර පර්යේෂණ යටතේ සිදු කිරීමට නියමිතය.

ඔබ විසින් සිදු කරන ක්‌වොන්ටම පර්යේෂණ සම්බන්ධව යමක්‌ පැවසිය හැකිද?

පරමාණුව න්‍යෂ්ටියට සම්බන්ධ භෞතික භාවිතය ගැන පර්යේෂණ සිදු කරනවා. ප්‍රොaට්‍රොaන සහ නියුට්‍රොaන න්‍යෂ්ටිය තුළ තදින් මතු වී පවතින බව අප විශ්වාස කළත් සමහර නියුට්‍රොaන න්‍යෂ්ටියට පිටතින් භ්‍රමණය වන බව මා සොයාගත්තා.

(අන්තර්ජාලය ඇසුරින්)
වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

වයඹ දිග භාරතීය කුණාටුවේ සම්මා දිට්‌ඨිය

“සමාජයේ විෂම තැන්වලට පහරදීමට, දුර්වල තැන් විවේචනය කිරීමට ඔහු කවිය අවියක්‌ කර ගත්තේය. මිනිස්‌ ජීවිතයේ දුක නසා එය සුගන්ධවත් පුෂ්පයක්‌ ලෙසින් විකසිත කරවීමට ඔහු කවිය ඔසුවක්‌ කර ගත්තේය. ජීවිතයේ ගැඹුරටම කි¹ බැස “උපතේ යථාර්ථය” ලොවට පිළිබිඹු කර පෙන්වීමට ඔහු කවිය කැටපතක්‌ කර ගත්තේය.

පකිස්‌තානයේ ප්‍රකට ගත් කතුවරයකු වන එස්‌. ඒ. වාහිඩ්, මහා කවි අල්ලාම් මුහම්මද් ඉක්‌බාල් පිළිබඳව හැඳින්වීමක්‌ කරන්නේ එසේය.

ඉක්‌බාල් ඉතා පොහොසත් සාහිත්යිකා, මුනිවර, දාර්ශනික සහ ආගමික සම්ප්‍රදායක උරුමක්‌කරුවෙකි. ඔහු ජීවත්වූ සමාජයේ පැවැති හා ඊට පූර්වයෙහි පටන් පැවතගෙන ආ ඉස්‌ලාමීය සංස්‌කෘතියේද, චින්තනයේද සාරය උරා ගත්තේය. මිනිසාගේ විශ්ව සහෝදරත්වය ඔහුගේ සෑම ප්‍රකාශනයකින්ම ක්‍රියාකාරකමකින්ම අවධාරණය කරනු ලැබීය.

ඔහුගේ මාධ්‍යය කවියයි. සිය ජාතික බසට පමණක්‌ සීමා නුවූ මුහම්මද් ඉක්‌බාල් ඉංගී්‍රසියද ප්‍රබල ලෙස භාවිත කළේය. ඉක්‌බාල්ගේ ඉංග්‍රීසියේ කෘතහස්‌ත බව ඔහු ලියූ ඉංග්‍රීසි කෘති 2 න් මොනවට පිළිබිඹු විය.

ඔහු යුරෝපයේ ගත කළ කාලය සියලු ජීවිතය වෙනස්‌ අරමුණකට යොමු කළ සන්ධිස්‌ථානයක්‌ විය. ආත්මාර්ථකාමී පටු ජාතිවාදය, එවකට යුරෝපය පුරා පැතිර පැවැති දේශපාලන අර්බුදවලට මූලික හේතුව බව ඔහු අවබෝධ කර ගත්තේය.

“එංගලන්තයේ ඉස්‌ලාම් දහම” යන මැයෙන් ලන්ඩන් නුවර කැක්‌ස්‌ටන් ශාලාවේ ඉක්‌බාල් පැවැත්වූ දේශනයට එකල ලන්ඩනයේ සෑම පුවත්පතකින්ම පාහේ පුළුල් ප්‍රචාරයක්‌ ලබාදී තිබිණි. ඉක්‌බාල් යන නාමය ලන්ඩනය පුරා ප්‍රචලිත වීමට එම විප්ලවීය දේශනය ඉවහල් විය.

සිය මවුබිමට සේවය කිරීම, සහෝදර ජනතාවගේ දුක, සැප බෙදා ගැනීම, අධිරාජ්‍යවාදී පාලනයෙන් ඔවුන් මුදවා ගැනීම වැනි කරුණු ඔහුගේ සිත් තුළ ගිනි පුළිඟු මෙන් නිරන්තරයෙන් අවදිවූ බැවින් ඔහු සිය රට බලා ඒමට තීරණය කළේය.

1908 යළි ඉන්දියාවට ආ ඔහු ලාහෝර් රජයේ විදුහලේ කථිකාචාර්යවරයකු ලෙස සේවය ඇරඹුවේය. දර්ශනවාදය හා ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස එහි කටයුතු කළ ද ආර්ථික හේතු මත එයින් ඉල්ලා අස්‌වූ හෙතෙම නීති ක්‍ෂේත්‍රයට යොමු වූයේය. මෙම කාල වකවානුවේ ඔහුගේ පුද්ගලික ජීවිතයද වියවුල් සහගත විය. 1916 දී කරීම් බීබිගෙන් දික්‌කසාද වන්නට ඔහු තීරණය කළේය. එහෙත් ඉන් අනතුරුවද ඇයගේ සහ ළමයින්ගේ සුබසිද්ධිය වෙනුවෙන් අඛණ්‌ඩව උදව් උපකාර කිරීමට ඔහු පසුබට නොවීය.

පසුකාලයේ ආගමික සහ ආධ්‍යාත්මික විෂයන් කෙරේ වැඩිපුර අවධානය යොමු කළ ඉක්‌බාල් සිය සාහිත්‍ය නිර්මාණ මුද්‍රිත කෘති ලෙස පාඨකයන් වෙත රැගෙන ඒමට පෙළඹුණේය.

“අන්ජුමාන් – ඊ – හිමායත් – ඊ – ඉස්‌ලාම්” නම් වූ සංවිධානයට සම්බන්ධ වන ඉක්‌බාල් කෙටිකලකින්ම එහි ප්‍රධාන ලේකම් ධුරය දක්‌වා ඉදිරියට පැමිණියේය. එම සංවිධානයේ සාමාජිකත්වය ලැබ සිටියේ ලේඛකයන්. කවීන් හා දේශප්‍රේමී දේශපාලනඥයන්ය. මනුෂ්‍ය සමාජයේ අභිවෘද්ධිය තකා ආධ්‍යාත්මික මගපෙන්වීමක්‌ කිරීම සිය මෙහෙවර විය යුතු බව ඔහුගේ හැඟීම විය. බටහිර යුරෝපයේ හා මැදපෙරදිග රටවල ඔහු විසූ කාලයේ ලත් අත්දැකීම් මේ සිතිවිල්ලට බලපෑවේය. ඉක්‌බාල් දර්ශනවාදියකු ලෙස බොහෝ ආභාස ලැබුවේ බටහිර දාර්ශනිකයන්වූ නීට්‌ෂේ, හෙන්රි බර්ග්සන්. සහ ගොතේ වැන්නවුන් ගෙනි. මේ සියල්ලටම වඩා කවියකු හා දාර්ශනිකයකු වූ මවුලානා රූමි ඔහුගේ චින්තනයට ප්‍රබල බලපෑමක්‌ කර තිබිණි.

කුඩා කල සිටම ගැඹුරු ආගමික ආභාසයක්‌ මත හැදුණු වැඩුණු ඉක්‌බාල් ඉස්‌ලාමීය ශිෂ්ටාචාරයේ ඉතිහාසය හා දේශපාලන අනාගතය ගැඹුරින් හදාළේය. රූමි සිය මාර්ගෝපදේශකයා විය යුතු බවට ඉක්‌බාල් තුළ පිළිගැනීමක්‌ ඇතිවූයේ එම හැදෑරීම්වලදීය.

අල්ලාම් මුහම්මුද් ඉක්‌බාල්ගේ .Rමපම්e – ඊaනය්dස. කෘතියෙන් ඔහු අවධාරණය කළේ ඉස්‌ලාමය වඩාත් යහපත් ජීවන මාර්ගය බවයි. ජනතා අපේක්‌ෂා වෙනුවෙන් සිය පෞද්ගලික අභිමතාර්ථ කැප කළ ඔහු, සමාජයෙන් පරිබාහිර වී ස්‌වාත්මය ප්‍රත්‍යක්‍ෂ කරගත නොහැකි බැව් අවධාරණය කළේය.

1917 දී ඔහු පර්සියන් බසින් පළ කළ පද්‍ය කෘතියක තේමාව වූයේ “පෞද්ගලිකත්වය සහ සමාජය, අතර ඉස්‌ලාමීය සදාචාරය හා සමාජ මූලධර්මවල සහසම්බන්ධතාව” යන්නයි. ඔහුට එය තහවුරු කරන්නට ඇවැසි වූයේ ඉස්‌ලාමය හරහාය.

ඉක්‌බාල් කෙමෙන් විශ්ව මුස්‌ලිම් ප්‍රජාව අමතන විද්වතකු බවට පත්විය. බටහිර සම්භාව්‍ය දර්ශනවාද හැදෑරීමෙන් සහ එම රටවල විසීමෙන් ලත් අත්දැකීම් ඔස්‌සේ වෙනම කෝණයකින් ඉස්‌ලාමය දෙස බැලූ ඔහු මානව වර්ගයාගේ යහපත තකා එමගින් කළ හැකි දේ ප්‍රත්‍යක්‍ෂ කර ගත්තේය. ඒ වෙනුවෙන් කැප වුණේය.

1930 ලාහෝරයේදී පළ කරන ලද ඉක්‌බාල්ගේ දෙවන පොත වූ Reජදබිඑරමජඑසදබ දෙ Reකසටසදමි ඔයදමටයඑ සබ ෂික්‌රප. යන කෘතියට පදනම් වූයේ ඔහුගේ දේශන එකතුවකි. නූතන යුගයේ ඉස්‌ලාමයේ භූමිකාව, ආගමක්‌ ලෙස මෙන්ම දේශපාලනමය හා නීතිමය දාර්ශනිකත්වය යන තේමාවන් මත පදනම්ව එම කෘතිය සැකසිණි. එවකට සිටි ඇතැම් ප්‍රකට මුස්‌ලිම් දේශපාලනඥයන් ගේ පටු ආකල්ප හා දේශපාලනමය මැදිහත්වීම විවේචනය කරමින් පුළුල් දාර්ශනික තලයක සිය මත ඉදිරිපත් කිරීම ඔහුගෙන් දිස්‌ වූ විශේෂ ලක්‍ෂණයකි.

ඉන්දියාව හා පකිස්‌තානය වෙන්වීම පිළිබඳව ඇතිවූ සංවාදයට සක්‍රීය ලෙස මැදිහත් වූ ඉක්‌බාල් කියා සිටියේ අතිවිශාල මුස්‌ලිම් ජන සමූහයකට මුස්‌ලිම් නොවන පාලනයක්‌ තුළ ෂරී අත් ජීවන ක්‍රමය අනුගමන කිරීම අපහසු බවයි. ඔහු මුස්‌ලිම් ලීගයට සම්බන්ධ වූයේ මුස්‌ලිම්වරුන්ගේ ප්‍රගතිශීලී දේශපාලන මතවාදය බලාත්මක කළ හැකි සහ සමගිය සංරක්‌ෂණය කළ හැකි නායකයකු ලෙස මොහමඩ් අලි ජින්නා පිළිබඳ තිබූ විශ්වාසය නිසාය. වයඹ දිග ඉන්දියාව හරහා හමා එන කුණාටුවට සම්මා දිට්‌ඨියක්‌ ලබා දිය හැකි එකම ඉන්දියානුවා අලිජින්නා බව ඉක්‌බාල් කියා සිටියේය. සිය ගද්‍ය නිර්මාණ තුළින්, තමන් දුර්ලභ ගණයේ දාර්ශනිකයකු බව නොකියා කී අල්ලාම් මුහම්මද් ඉක්‌බාල් ස්‌වීයතාව තුළින් යථාර්ථය සොයා ගිය සුෆී ජීවිතයකට හිමිකම් කීවේය.

ලෝක ප්‍රකට කවියකු ලෙස පිළිගැනීමට ලක්‌ වන විට ඔහුගේ කවි වැඩි වශයෙන් ලියෑවී තිබුණේ උර්දු බසින් නොවේ. පර්සියන් බසිනි. 12,000 ක්‌ පමණ වූ ඔහුගේ කවි අතුරෙන් කවි 7000 ක්‌ පමණ පර්සියන් බසින් ලියෑවී තිබිණ.

මෙම අසහාය කවියා රෝගාතුරව සිට මිය යන විට දිවි ගෙවූයේ ලාහෝර් නුවරය. ඔහු අභාවප්‍රාප්ත වූයේ 1938 දීය. ඉක්‌බාල්ගේ සමාධිය ඓතිහාසික බඩිෂාහි දේවස්‌ථානය ආසන්නයේ පිහිටා තිබේ. අද එය රාජ්‍යාරක්‌ෂාව සහිත වෙසෙස්‌ සමාධියකි. ඔහුගේ ජන්ම දිනය ජාතික නිවාඩු දිනයක්‌ බවට පත් කර ඇති පකිස්‌තානු රජය “ඉක්‌බාල් දිනය” වාර්ෂිකව අති උත්කර්ෂවත් ලෙස සමරන්නේ ඔහුගේ සාහිත්‍ය හා දර්ශනය ගැඹුරින් අවලෝකනය කරමිනි.

 

www.allamaiqbal.com