Tag Archives: අයිතිවාසිකම්

මානව හිතවාදී ඉස්ලාමයෙන් බිහිවූ සදාචාරාත්මක සැලැස්ම

ඉස්ලාම් හී මානව හිත සුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. යථෝක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා නීත්‍යානුකූල රැකවරණය පමණක් නොව ඵලදායි සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාමය ඉදිරිපත් කරයි. මෙසේ පෞද්ගලික හා පොදු යහපත පිණිස සිදු කරන්නා වූ සියල්ලක්ම සදාචාරාත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් කෙරේ දක්වන භක්තියට අතිශය වැදගත්කමක් හිමිකර දෙන ඉස්ලාමය ගතානුගතිකත්වයට වහල්ව සිටීමේ ක්‍රියාවට එරෙහිව අනතුරු හඟවයි.

පෙරදිගට හෝ බටහිරට මුහුණ හැරවීම ශීලයක් නොවේ. ශීලය වන්නේ අල්ලාහ්, කියාමත් දවස (ලොව අවසන් දිනය) හා මලාධිකාවරු ආගම් හා නබිවරුන් කෙරේ විශ්වාසය පිහිටුවීම, අල්ලාහ් කෙරේ ස්නේහයෙන් ලේ ඥාතීන්, අනාථයින් දිළින්දන්, මගීන් හා යාචකයින් වෙනුවෙන් ස්වකීය වස්තුවෙන් විය පැහැදම් කිරීම, වහලුන් නිදහස් කරවීම, අදාළ වතාවත් කිරීම සකාත් ගෙවීම පොරොන්දු ඉටුකිරීම හා දුක් පීඩා හිදී ඉවසා සිටීම යනාදියයි. මෙවැන්නෝ සැදැහැවත්හු වෙති. මෙවැන්නෝ අල්ලාහ්ට බිය ගැත්තෝ වෙති.

(අල්කුරානය 2:177)

ඉස්ලාමයට අනුව මිනිසා විනයානුකූ®ල ධර්ම පිළිපැදිය යුතු අතරම අල්ලාහ්ට හා හුදී ජනතාවට සෙනෙහෙවන්ත වීමෙහිලා නිරතුරු සැළකිළිමත් විය යුතුය. මෙහිලා අවශ්‍යතා සතරක් ඉදිරිපත් කෙර්.

1. අපේ ඊමාන් භක්තිව අව්‍යාජ විය යුතුය. අවංක විය යුතුය.

2. සහෝදර ජනතාව වෙනුවෙන් දාන පරිත්‍යාග කළ යුතුය.

3. සමාජ සංවිධාන යනාදියට ඇප උපකාර කරමින් හොඳ පුරවැසියන් විය යුතුය.

4. සෑම විටකම සෑම මොහොතකම චිත්ත ස්ථාවරත්වය පවත්වා ගත යුතුය.

කිසියම් හැසිරීමක් කල් ක්‍රියාවක් යහපත් හෝ අයහපත් යැයි තීරණය කෙරෙන්නේ ඉහත කී කරුණු පදනම් කර ගනිමිනි. සෑම සදාචාරාත්මක පැවැත්මක්ම මෙකී විනිශ්චය ක්‍රමය වටා භ්‍රමණය වේ.

මිනිසකු කෙරෙහි සදාචාරාත්මක අණපනත් පැනවීමට පෙරාතුව ඔහුගේ සෑම කටයුත්තක් ක්‍රියාවක්ම මෙන්ම සෑම තැනකදීම සෑම මොහොතකදීම අල්ලාහ් ඔහු දෙස ඥෂ්ටිය හෙලමින් සිටින බව මුලු ලෝකයෙන්ම සැඟවුවත් අල්ලාහ්ගෙන් සැඟවිය නොහැකි බව අන් සියල්ල මුලාවට පත්කළත් අල්ලාහ් මුලා කිරීමට නොහැකි බව, කවරකුගේ ග්‍රහහණයෙන් මිදුනත් අල්ලාහ්ගේ ග්‍රහණයෙන් මිදිය නොහැකි බව යනාදිය මිනිසාගේ සිතෙහි තහවුරු කිරීමට ඉස්ලාමය වෙර දරයි.

මෙසේ අල්ලාහ්ගේ ප්‍රසාදයට ඉවහල් වූ දේ මිනිස් ජීවිතයක පරමාර්ථය විය යුතු බව නිර්ණය කොට සදාචාරාත්මක වශයෙන් වූ උසස් තත්ත්වය ද ඉස්ලාමය මගින් සලසා දෙනු ලැබේ. මානව සදාචාරාත්මක සංවර්ධයෙහි අසීමිත අගයන් ඇති කිරීමෙහිලා මෙය ඉවහල් වේ. දිව්‍යමය හෙළිකිරීම් (‘වහී) යනු ඥානයේ මූලහරය වශයෙන් සළකා මේ සදාචාරාත්මක තතත්ත්වයට නොසැලෙන ස්ථාවරත්වයක් ලබා දෙයි.

සාධාරණ හෝ හේතු සහගත ලෙස චර්යාවේ හැඩ ගැස්වීම් අභාසය කිරීම සහ වෙනස් කිරීම් කරගත හැක. එහෙත් හිතාමතා සිදු කරන වරදක් වශයෙන් බැරෑරුම් වෙනස් කිරීමක් හෝ සදාචාරව ලිහිල් කරවීමක් හෝ පවතින අඛණ්ඩ භාවය කඩකිරීමක් වශයෙන් එබඳු වෙනසක් කළ නොහැකිව අල්ලාහ් කෙරෙහි ඇල්ම සහ බිය හේතුවෙන් වූ සදාචාරයනට මේ මගින් අනුමැතිය ලැබේ. මේ නිසා බාහිර බලපෑමකින් තොරව මිනිසා සදාචාරය ඔස්සේ යවනු ලැබේ.

අල්ලාහ් සහ කියමන් දවස පිළිබඳව ඇදහිලි සහිතව ඉතා ඕනෑකමින් හා උනන්දුවත් අවංකව මෙන්ම හෘදයාංගමව සදාචාරාත්මක පැවැතුම් සකසා ගනු පිනිස මිනිසාට හැකියාවක් ඇතිවේ. මේ සදාචාර නීතිරීතින් හා ව්‍යාජ ස්වභාවයක් නැත. අමුතු ආටෝප ද නැත. සාමාන්‍ය සදාචාර පැවැතුම් වලින් ඈත් කිරීමක්ද නැත. හේතු විරහිත ලෙස හෝ අතිශයෝක්තියෙන් කිසියම් අංශුවක් හෝ අමතක කොට හැර දමානැත. ව්‍යවහාරයේ ඇති සියලුම සදාචාර විනයන් ගැන මෙහි සළකා ඇත.

ඒ ඒ තැන් හී එකිනෙකට උචිත ලෙස පිහිටුවා ජීවන සැලැස්මක් තුල සමස්ථයක් වශයෙන් සපුරා ක්‍රියාත්මක වන අන්දමින් සැකසී ඇත. මෙමගින් මිනිසාගේ පෞද්ගලික හා සාමුහික ජීවන අරමුණු පුළුල් කරවනු ලැබේ. මිනිසාගේ ගෘහස්ත හැසිරීම්, පෘථග්ජන පැවැතුම් මෙන්ම දේශපාලනික, ආර්ථික, අධිකරණ, අධ්‍යාපනික හා සමාජයීය කටයුතුවලදී පිළිපැදිය යුතු සදාචාරාත්මක විනය ධර්මයන් ඉස්ලාමයේ මෙලෙස විග්‍රහ කර තිබේ.

ඉස්ලාමීය සදාචාරයෙන් මිනිස් ජීවිතය, නිවසත් සමාජය දක්වාත් කෑම මේසයේ සිට යුද පිටිය හා සාම සම්මේලන දක්වාත් කෙටියෙන්ම කිවහොත් තොටිල්ලේ සිට සොහොන් බිම දක්වා සකස්විය යුතු ආකාරය ඉගැන්වේ. ඉස්ලාමීය සදාචාරය තුළින් කිසිදු අංශුවක් ගිලිහී නැත. කිසිදු ක්‍ෂේත්‍රයක් මගහැරී නැත. එය අවබෝධය ද පහසුය. එමගින් ජීවිතය උතුම් පරමාර්ථ සහිතව හැඩ ගස්වා ගත හැකිය. මෙහිලා ආත්මාර්ථකාමී හෝ පහත් ලාභාපේක්‍ෂාවෙන් ගෙවන ජීවිතයකට ඉඩක් ද නැත.

හෘද සාක්ෂියට එකඟ වූ ද්වි පෙවතක් සකසා ගැනීමත් කවර අවස්ථාවක් යටතේ වුවද වරදට යොමුවීමෙන් වැලකී සිටීමටත් මිනිසා පෙළඹවීම ඉස්ලාමීය සදාචාරයේ අරමුණ වේ.

ෆවුස් මොහොමඩ්

හජ් ඉතිහාසය

ඉස්ලාමයේ පංච මහා වගකීම් වලින් පස්වැන්න හජ් වන්දනාව ඉටුකිරීමයි. හජ් යන අරාබි පදයේ අරුත “සොයා යාම” “පෙරට යාම” යන්නයි. එනම් මුල්ම සිද්ධස්ථානය වන ක:බාව සොයා යාමයි. ආර්ථිකව හා ශාරීරිකව වශයෙන් හැකියාව ඇති අය හජ් මෙහෙය සඳහා යාම අනිවාර්ය වේ. මේ පිළිබඳ අල්කුර්ආනය මෙසේ පවසයි. හැකියාව තිබෙන අය එහි ගොස් අල්ලාහ් වෙනුවෙන් හජ් වතාවන් ඉටු කිරීම අනිවාර්ය වේ. යම් කෙනෙක් ඊට පිටුපායි නම් අල්ලාහ්ට කිසිවක් අඩු නොවේ. මන්ද නියත වශයෙන්ම අල්ලාහ් අවශ්‍යතාවන් නොමැත්තෙකි.

ලොවේ නොයෙක් පෙදෙස් වල සිටි නොයෙක් භාෂාවන් හසුරුවන මිලියන ගණනක බැතිමත්හු මක්කාවේ ක:බා දේවස්ථානයේ දී එකම දිනක එකම වේලාවක චාම් ඇඳුමෙන් සැරසී එකම දිශාවකට හැරී ජාති කුල වර්ණ උස් පහත් ආදී භේදවලින් තොරව අල්ලාහ් දෙවියන් වෙනුවෙන් වාර්ෂිකව සිදු කරන මේ මහා නමස්කාරය මෙලොව ඇති විශාලම දේව මෙහෙයයි.

හජ් වන්දනය මුස්ලිම් ජනතාවගේ සහෝදරත්ව සම්බන්ධතාවය ගොඩනැඟීමේ කදිම අවස්ථාවකි. මුස්ලිම් බැතුමතුන්ගේ වගකීම වනුයේ අල්ලාහ් දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම අවනත වීමයි. එය දේශනවලට සීමා විය යුතු නැත. එය හජ් කර්තව්‍යයෙන් වඩාත් පැහැදිලිවේ.

මීට වසර දහස් ගණනකට පෙර ඉරාකයේ දේව පවුලක නබි ඉබිරාහිමි තුමා උපත ලැබීය. එකල රට පාලනය කළේ කමිරුද් නම් කෲර රජ කෙනෙකි. ඔහුට දෙවියන් ලෙස සලකා නමස්කාර වැඳුම් පිදුම් කළ යුතු යැයි මහජනයාට අණකොට තිබිණ. මෙම දුර්මතයට විරුද්ධව නැගී සිටි ඉබ්රාහිමි නබිතුමා අල්ලාහ් හැර වෙන කිසිවෙකුට නමස්කාර නොකරන ලෙස ප්‍රසිද්ධ දේශනා පැවැත්විය. මෙයින් කෝපයට පත් රජතුමා නබි තුමා ගිනිමැලයක දමා පුළුස්සන ලෙස අණකළේ ය.

රාජ අණට අනුව ගිනිමැලයට දැමීමට සූදුනම් වූ මොහොතේ දේව දූත ජිබිරිල් අෙලෙතුමා උදව් සඳහා පැමිණියේද, අල්ලාහ්ගේ අචල විශ්වාසයයෙන් නොසැලුණු මෙතුමා “දෙවියන් මා සමඟ සිටියි” යනුවෙන් පිළිතුරු දුන්හ. රාජ අණට අනුව දැමීමත් ඔහුට එය සුළං හමන උද්‍යානයක් බවට පත්ව තිබූ බව සඳහන් වේ.

තම 80 වැනි වියේදී අල්ලාහ් ආලාගේ මාර්ගයේ යෙදවීමට තමන්ට දරුවෙක් ලබා දෙන ලෙස ඔහු ඇයද සිටියේ ය. මෙම ඇයදීම පිළිගත් අල්ලාහ් තආලා ඉබ්රාහිමි නබිතුමාගේ බිරිඳ වන හාජ්රා රළි තුප්ධ ඉස්මායිල් කම් දරුවකු දායාද කළහ.

මෙසේ දින ගෙවෙද්දී දිනක් නබි තුමා සිහිනයක් දුටුවේය. එනම් වයෝ වෘද්ධ වියට පත් ලැබුණු දරුවා සහ බිරිඳ කාන්තරයේ තනිකර දමන ලෙස අණ කළ සිහිනය. මෙය අල්ලාහ්හආලාගේ ආඥාවක් ලෙස ඒකාන්තයෙන් පිළිගත් ඉබ්රාහිමි තුමා ගිනියම් වූ කාන්තාරයේ පුත් ඉස්මායිල් වහා හාෂ්රා රළිතුමියට තනිකර දමා පැමිණියේය. ආහාරයක් හෝ දිය බිඳක් නොමැති මව සහ පුතා කාන්තාරයේ මැද දිව යන්නට වූහ.

අවසානයේ දෙඅත් ඔසවා අල්ලාහ් තආලාගෙන් පිහිට පැතීය. පුදුමයක් මෙන් පුතුගේ පාමුල දිය උල්පතක් බිහිවිය. මෙයින් පිපාසය සන්සිදුවාගත් දෙදෙනා “සම් සම්” (නවතිනු නවතිනු) යනුවෙන් හඩනඟා වේගයෙන් ගලා ආ දිය පහර නතර කිරීමට උත්සාහ කළාය. මීට අවුරුදු දහස් ගණනකට පෙර මතු වූ මේ උල්පත අද පවා මක්කාවේ ලක්‍ෂ සංඛ්‍යාත ජනයා පිපාසය සංසිදුවන්නේ ඉබ්රාහිම් නබි තුමාගේ උත්තරීතර පරිත්‍යාගය නිසාය.

මේ මහා වැලිකතරේ මතුවූ ‘සම් සම්” දිය උල්පත උදාවීමත් සමඟම ජනයා එහි වාසය කිරීමට පටන් ගත්හ. කලකට පසු එය ජනාකීර්ණ මක්කා නගරය බවට පත්විය. වන්දනාකරුවන්ගේ වත් පිළිවෙත් කරන කේන්ද්‍රස්ථානය වන මෙය සාමය හා ආරක්ෂාව ලබාදෙන ස්ථානය වේ. ඈත අතීතයේ සිට අද දක්වා මෙම ස්ථානය අල්ලාහ්තආලා ආරක්ෂාකර ඇත.

අල්ලාහු වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තබා ඉදිරිපත්වූ ඉස්මායිල් නබිතුමාණන් විසින් කරන්නට යෙදුනු පරිත්‍යාගය සිහිපත් කිරීම සඳහා අද ලොව පුරා සිටින බැතිමත්හු හජ් උළෙල සමරනු ලබයි. ආගමික හා සංස්කෘතික අතින් ක:බා ස්ථානය වැදගත් වේ. ක: බා ස්ථානයට පැමිණෙන කාහටත් අල්ලාහ් දෙවියන්ගේ අසීමිත ආදරය හිමිවේ. ලෝකයේ නොයෙක් පෙදෙස් වලින් පැමිණි ජනයාගේ එකම චේතනාව ඔවුන්ගේ භක්ත්‍යාදරය සර්ව බලධාරි අල්ලාහ් දෙවියන් වහන්සේ වෙත පළකිරීම හැර වෙනත් පටු හෝ පෞද්ගලික මතාන්තර මෙහි නොවේ.

සහෝදරත්වයේ වර්ධනය සහ ‘හජ්’ උත්සවය

ලෝකයේ නන් දෙසින් මුස්ලිම්වරු සෑම වසරක්ම පාසාම මක්කාවේ එක්රැස්වීම “හජ්” සොයා යාම නමින් හැඳින්වේ. ඉස්ලාම්හි පස්වන අනිවාර්ය කටයුත්ත හජ් ඉටු කිරීම වේ. තම ජීවිත කාලයේ දී වරක් වත් මෙය ඉටු කළ යුතුයි. පහසුකම් හා ශරීර සනීපය ඇති සෑම ස්ත්‍රී පුරුෂයකුටම මෙය අනිවාර්ය යුතුකමක් වන්නේ ය. පහසුකම් හා ශරීර සෞඛ්‍ය තිබියදීත් “හජ්” වන්දනය ඉටු නොකරන්නත් යහුදියෙක් හෝ නසාරාවරයෙක් වශයෙන් මරණයට පත් වන්නේය යනුවෙන් මුහම්මද් නබි (සල්) තුමාණෝ පැවසූහ.


නබි ආදම් (අෙලෙ) තුමා මැවීමට පෙර මලාඉකාවරුන් කඞබාව ගොඩ නංවා “තවාෆ්” කළහ. නබිතුමා භූමියට බට පසු එය ප්‍රතිසංස්කරණය කර ඉටු කළේය. නබී ආදම් (අෙලෙ) තුමා පටන් සියලු නබිවරුන්, නොයෙකුත් සමාජයට අයත් වුවත් කඞබාව නරඹා හජ් ඉටු කළහ. ඉබ්‍රාහිම් (අෙලෙ) නබිතුමා හා එතුමාගේ පුත් ඉස්මායිල් (අෙලෙ) නබිතුමා යළිත් කඞබාව ඉදිකළේය. මෙය සිදුවූයේ අදට අවුරුදු දහස් ගණනාවකට පෙරය.

නොයෙකුත් දෙසින් පැමිණෙන මුස්ලිම් බැතිමතුන් අතර දුප්පතුන්, පොහොසතුන්, සේවකයන්, රාජ්‍ය පාලකයන්, ආගමික නායකයන්, උගතුන් හා නූගතුන් ආදී නොයෙකුත් අය අතරින් නානා භාෂා කතාකරන නානා වර්ණයෙන් යුත් තානා ජාතිහු එහි එක්රැස් වන්නෝය. දුප්පත්කම හා පොහොසත්කම වැනි භේදයෙන් තොරව සියල්ලෝම අල්ලාහ්ත අලාගේ වහලුන් වන බව පිළිගත්තෝය. යහපත් අන්දමට ඉටු කෙරෙන “හජ්” වන්දනාවට ස්වර්ගය හැර වෙන කිසිම වේතනයක් නැත යැයි මුහම්මද් (සල්) තුමාණෝ පැවසූහ.

එහි සුදු වස්ත්‍ර ඇඳ “හජ්” සඳහා “ඉහ්රාම්” බැද ගත්තෝය. ලෙබ්බෛක් ! අල්ලාහුම්ම ලෙබ්බෛක් !! ලා ෂාරික ලක ලෙබ්බෛක් !! එනම් මම පැමිණියෙමි මගේ් අල්ලාහ් මම පැමිණියෙමි ඔබ හා සමානවක් කිසිවෙක් නැත. අල්ලාහ් ඔබ වෙත මා පැමිණියෙමි යන එකම ශබ්දයෙන් සියලු දෙනා අල්ලාහ් තආලා අමතන්නෝ ! ඇඳුම් පැළඳුම් වලින් හෝ කුල, ගෝත්‍ර, වර්ණ වැනි කිසිම භේදයකින් තොරව සියල්ලෝම එක්රැස්ව එක මවකගේ උපන් දරුවන් මෙන් සහෝදරත්වයෙන් හා සමගි සමානත්වයෙන් “හජ්” ඉටුකරති.

“හජ්” ඉටුකරන්න ජලයේ කිලිට සෝදා හරින්නාක් මෙන් හජ්ජය පාපයන් සෝදා හරින්නේ යැයි නබි (සල්) තුමාණන් පැවසූහ. හජ් ඉටුකළ අය එදින උපන් බිළින්දන් මෙන් පව් නොකළ වුන් වන්නේය. ඔවුන්ගේ යාඥාවලින් පිළිගනු ලැබේ. හජ් වන්දනයට යන අයට නබි (සල්) තුමා තැන්පත් කොට ඇති සාමාධිය සියාරතුල්රවිලතුන් නබි දැක ගැනීම ස්තී‍්‍ර පුරුෂ දෙපක්ෂයටම හිමි වූ විශේෂ සුන්නතයක් වේ. වන්දනා කරුවෝ හජ් වලට පෙර හෝ පසු මදිනාවට ගොස් මෙම සමාධිය සියාරත් කර ගනිති.

මගේ සොහොන දැක ගන්නා අයට “ෂෆාත්” හිමි වේ යැයි මුහම්මද් නබි (සල්) තුමා පැවසූහ. තවද මගේ මරණයෙන් පසු හජ් වන්දනය නිම වී මාගේ සොහොන දැක ගැනීමට පැමිණෙන අය හා මා ජීවත්ව සිටියදී මා දැක ගැනීමට පැමිණෙන අය හා සමාන වේ. මෙවැනි උසස් තත්ත්වයන් ලැබෙන පුණ්‍ය භූමිය “හජ්” ඉටුකිරීමේ උතුම් භාග්‍යය අපටත් අල්ලාහ් සුබහානතආලා ලං කර දෙත්වා !

ආමින් !
රුසෙයික් ෆාරුක්

නබි (සල් ) තුමාණන්ගේ හතරවන දියණිය ෆාතිමා (රලි ) තුමිය

හිජාබයේ වැදගත්කම-විෂමාචාර වූ ගැහුණු පිරිමි සම්බන්ධතාවය හා එයින් ඇතිවන භයානක තත්ත්ව

සදාචාරය දිවි හිමියෙන් රැකිය යුත්තකි යන්න, මිනිස් සමාජයේ දීර්ඝ කාලයක් පැවත එන අදහසකි. ලොව ජීවත් වූ, ජීවත් වන කවුරුන් හෝ වේවා, මෙම අදහසට වෙනස් වූ තවත් අදහසක් දැරූ බවට හෝ දරණ බවට හෝ සාක‍ෂියක් නැත.

සෑම ආගමක්ම විෂමාචාර වූ ගැහුණු – පිරිමි සම්බන්ධතාවය හා එයින් ඇතිවන භයානක තත්ත්වය හෙළා දකියි, පිවිතුරු සදාචාරාත්මක ජීවිතය උතුම් කොට සළකයි, එයට ආශිර්වාද කරයි. නමුත්, එම සදාචාරාත්මක ජීවිතය කෙසේ ගෙන එන්නේ ද, පවින් පිරුණු විෂමාචාරය මුලින් උදුරා දමන්නේ කෙසේ ද යනු ගැන ඉස්ලාමය හැර සෙසු ආගම් ප්‍රායෝගික මගක් ගෙන දක්වා කි්‍රයාත්මක කළේ නැත.

ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කිසිම කඩතුරාවක් හෝ ආවරණයක් නොමැතිව, උරෙන් උර ගැටී සෙල්ලම් කිරීමටත්, සෑම කටයුත්තක්ම කිරීමටත් හැකි පරිසරයක් ඇතිකර දීමෙන් පසුව, සදාචාරයේ මහිමය ගැන කතා කිරීමෙන් කිසිම ඵලක් නැත. අද, නොයෙකුත් සමාජයන් හි ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයන් වැරදි මාර්ගයන්හි හැඩගැසීම, විෂමාචාරය ව්‍යාප්ත වීමට ප්‍රධාන කාරණයක් වී ඇත.

මෙම භයානක තත්ත්වය මුස්ලිම් තුළත් ඇතිවීමේ ලකුණු දැන් සමහර තැන්හි පෙනෙන්නට ඇත. මෙයට කාරණය නම්, මුස්ලිම්වරුන්ගෙන් වැඩිදෙනෙක් ඉස්ලාමයෙන් තොරව තම ජීවිතය පවත්වාගෙන යෑමට පටන් ගැනීමය. මෙම අනුවේදනීය තත්ත්වය ඇතිකිරීමෙහිලා ඉස්ලාමයට විරුද්ධ බටහිර, ලෞකික චින්තයන් හා එම චින්තන අනූව බටහිර පන්නයට ආවඩන ලේබල් මුස්ලිම්වරුන් කි්‍රයා කරගෙන යයි. මෙය වනාහි මුළු මානව සංහතියම තිරිසන් යුගයක් කරා ගෙනයන නින්දිත කි්‍රයාවකි.

ඉස්ලාමය වනාහි මානව සංහතිය තුළ සදාචාරාත්මක සමාජ ක්‍රමයක් ඇතිකිරීමෙහිලා ස්ථීර චේතනාවක් හා වැඩපිළිවෙලක් ගෙන ඇති දිවිපෙවෙතකි. මේ නම් අකුරට පමණක් සීමාවූවන් නොවේ. මුළු ලොවටම ආදර්ශමත් විශිෂ්ඨ සමාජයක් ඇතිකිරීමට මේවා තුළින් ඉස්ලාමය සමත් වී ඇත.

මෙම චේතනාව හා කි්‍රයා පිළිවෙළ පියවර සතරකින් සමන්විත ය.


පළවෙනි පියවර: විෂමාචාර ලෙස ස්ත්‍රීන් හා පුරුෂයින් අතර ඇතිවෙන සම්බන්ධතාවයන් ලොවෙහි ඇති කරන පාපකාරී තත්ත්වය කුමක්ද, සමාජ පරිහානිය කුමක්ද, ගෙන එන ලෙඩ රෝග මොනවාද, එයින් ඇතිවන අපකීර්තියන් හා අගෞරවයන් මොනවා ද යනු ඉස්ලාමය විස්තර කරයි. එමෙන්ම, මෙම පාපකාරී කි්‍රයාවන් නිසා මරණින් මතු ජීවිතයේ අල්ලාහ් අභියස හා අනෙකුත් තැන්හි ලැඛෙන ද~ුවම් හා දුක්ඛිත තත්ත්වයන් මොනවා ද යන්න ද ගෙන දක්වයි. මෙලෙස, දුරාචාරය කෙතරම් පාපකාරී කි්‍රයාවක් ද යන්න අප හද තුළ ඇති කරයි.


දෙවනුව: ලේ ඥාතීන් නොවන අන්‍ය ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කඩතුරාවක් නොමැතිව, නිදහස් ආශ්‍රයක් ඇතිකර ගැනීමේ පරිසරය, විෂමාචාර කි්‍රයාවන්ට තුඩුදෙන බව කවුරුත් දන්නා කරුණකි. එම නිසා, එම පරිසරය වෙනස් කිරීමට ඉස්ලාමය මඟ පාදයි. සෑම කෙනෙකුගේම බැල්ම, කතාව හා ක්‍රියාවන් කෙසේ විය යුතුද, ඇඳුම් පැළඳුම් කෙසේ තිබිය යුතුද, කිට්ටු ඥාතීන් (උදාහරණයක් වශයෙන්: පියා – දුව, මව- පුතා, සහෝදර – සහෝදරියන්) අතර පවා යමක් කමක් තේරෙන වයසට ආ විට කෙසේ හැසිරිය යුතු ද වැනි දේ විස්තර කරන, ඒවා කි්‍රයාත්මක කොට පෙන්නුවේය.


තෙවනුව: ඉහත සඳහන් පරිදි ස්ත්‍රී හා පුරුෂ දෙපාර්ශ්වයම වෙන්කොට තැබුවත්, ඔවුන්ගේ සිත හා කය වැඩෙන විට ඒ සමඟම යම් යම් හැඟීම් හා එකිනෙකා කෙරෙහි කිසියම් ආදරයක්, ආශාවක් ද වැඩෙයි, මෙයින් ශාරීරිකා අවශ්‍යතාවයන් ද ඔවුන්ට ඇතිවෙයි. මෙය ඉස්ලාමය විසින් තහනම් කොට නැත. නමුත්, මෙය වැරදි මාර්ගයකින් ඉටුකර ගැනීමට ඉස්ලාමය ඉඩ නොදෙයි. මේ සඳහා ඉස්ලාමය ඇතිකර ඇති කි්‍රයා නම්, අල්ලාහ් පවසා ඇති පරිදි නීත්‍යානුකූලව ස්ත්‍රිය හා පුරුෂයා විවාහ විය යුතු බවය. මෙම විවාහය පහසුවෙන් කර ගැනීමට ඉස්ලාම් අවශ්‍ය විධි විධාන යොÞ ඇත.

සිව්වෙනුව : ඉහත සඳහන් සෑම කි්‍රයා මාර්ගයක් ම අභිබවා යම් ස්ත්‍රියක් හෝ පුරුෂයක් වැරදි කළහොත්, ඔවුන් විවාහ කර, කළ වරදට ද~ුවම් දීම සඳහා නීති පද්ධතියක් ද ඉස්ලාමය විසින් සකසා ඇත. උස් කඳුවැටි හා ගැඹුරු පල්ලම් අතර ඇති මාවත්හි වේගයෙන් යන වාහනයන්ගේ ආරක‍ෂාව තකා සමහර තැන්හි මාර්ග සංඥා දක්නට ඇත. එමෙන්ම, සවිමත් තාප්ප ද දක්නට ඇත. මෙයින් පෙනීයන්නේ එම සංඥාවන් නොතකා වේගයෙන් යන්නන් බේරාගැනීමට මෙම තාප්ප තනා ඇති බව ය. මෙවැන්නක් ය ඉස්ලාමයේ නීති පද්ධතියත්. මේ වනාහි සදාචාරයේ පැවැත්ම සඳහා ඉස්ලාමය කි්‍රයාත්මක කරන ඉහත සඳහන් කි්‍රයා මාර්ගය නොතකා වැරදි කරන්නන් යහ මඟට ගෙන ඒමට හා එවැන්නන්ගෙන් මානව සංහතිය ආරක‍ෂා කර ගැනීමට ගනු ලබන පියවරකි.

මෙලෙස, සදාචාරාත්මක සමාජයක් නගා සිටුවීමෙහි ලා ඉතා ශ්‍රේෂ්ඨමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් අනූව කටයුතු කළ ඉස්ලාමය වැනි තවත් ආගමක් හෝ ජීවන සැලැස්මක් ලබා ගැනීම කිසිසේත් නොහැක.

ඉස්ලාමය එතරම් ශ්‍රේෂ්ඨ ජීවන සැලැස්මක්ය. මිනිස් ජීවිතයේ සෑම අංගයක් ම, සෑම දෙයක්ම සොබා දහමට එකඟව කරගෙන යෑම සඳහා පහසු වැඩ පිළිවෙළක් එහි ඇත. එපමණක් නොව, ඉස්ලාමයේ මෙම වැඩ පිළිවෙළ අනූව සමාජයක් ද ඇතිකරනු ලැබ ඇත. අද මුස්ලිම්වරු නොයෙකුත් ප්‍රශ්නයන්ට මුහුණ පා සිටිති. මෙවන් අවධියක ද අනෙක් සමාජයීය මිනිසුන්ට වඩා මුස්ලිම්වරුන් අතර සංවරභාවයෙන් යුත් උසස් ගුණාංග ඇත්තේ නම්, එයට සම්පූර්ණ හේතුව වන්නේ ඉස්ලාමයේ මඟ පෙන්වීම ය.

ඉස්ලාමයේ මෙම කරුණු සම්බන්ධව, අප සැවොම මොහොතක් සිතා බැලීම අවශ්‍යය. අද, මානව සංහතියෙහි සදාචාරය ගෙන ඒමට මෙය හැර වෙනත් මඟක් නොමැත.

ටානියා නශ්රුදීන්- මහනුවර

* කාන්තාව සහ අධ්‍යාපනය
* කාන්තාවට ලබා දී ඇති අයිතීන්
* හිජාබ් -ෆර්දාව ඇඳීම සහ කාන්තා නිදහස
* දික්කසාදය හා ඉස්ලාම් නීතිය
* ගැහැණු පිරිමි දෙපාර්ශවයම ළඟින් ඇසුරු කිරීම
* කථා කිරීමේ අයිතිය
* පවුල් කටයුතු මෙන්ම පොදු කටයුතුවලදී
* සාක්ෂි කීම-සාධාරණත්වය
* කාන්තාව සහ දේශපාලනය
* දේපල (වස්තුව) පිළිබඳ අයිතිය
* හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද?

හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද?

මිනිසෙකු යහ මග යන්නේ නම් ඔහුගේ ස්වභාවික හැඟීම් හා ක්‍රියාවන් පිවිතුරු වන්නේ ය, ඔහු වැරදි කිරීමෙන් වැළකී සිටින්නේ යග එවැන්නෙක් තම භාර්යාව හෝ දූවරුන් අන්‍ය පිරිමින්ගේ බැල්මට ලකවීම ප්‍රතික්ෂේප කරයි. හිජාබය මෙයට අදාළ එකකිග —ගීරාහ්˜ නම් වූ සිත් කනස්සල්ල මිනිසාට සංවරභාවය ඇතිකර, තම කාන්තාවන් අන්‍යයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට උදව් වෙයි.

අද ලොවෙහි බහුතර ජනතාව සංවරභාවයෙන් යුතුව කටයුතු කිරීම බොහෝ දුරට නැතිවී ගොස් ඇත. එවැන්නන් අන්‍ය ස්ත්‍රීන් දෙස කාමුක ආශාවෙන් යුතුව බලයි.මොවුන් තම ස්ත්‍රීන් දෙස වෙනත් අය එලෙසම බැලීම ගැන කිසිදු අහිතක් සිතන්නේ නැත. වැඩි දෙනෙක් ඇඳුම් ඇඳ ඇතත් (නොඇඳපු ලෙස පෙනෙන) අඩ නිර්වස්ත්‍රව සිටින ස්තී්‍රන් සමග වාඩිවී විසිතුරු දේ බලා සතුටුවන බව ඔබ දකින්නට ඇත.

තවද මොවුන්ගේ භාර්යාවන් එවැනි පරිසරයක තම ශරීරයේ රහස් ප්‍රදේශ පෙනෙන ලෙස අඩ නිර්වස්ත්‍රව සිටීම හෝ ඔවුන් දෙස අනෙක් පිරිමින් රාගාධික බැලූම් හෙලීම ගැන හෝ කනස්සල්ලට පත් නොවෙයි. ඇත්ත වශයෙන්ම එලෙස බලා දෙනෙත් පිනවීම හෝ සිතින් කාම සැප භුක්ති විඳීම ඔවුන්ට ප්‍රශ්නයක් බව හැෙඟන්නේ නැත. ඔවුන්ගේ අභ්‍යන්තර හැඟීම් වන්නේ අපට බලන්න හැකිනම් ඔවුන්ට බැලීමේ වරදක් නැත යන්න ය. මෙය මෙවැන්නන්ගේ ස්වාධීන වූ තේරීමකි.

මොවුන්ගෙන් ටික දෙනෙක් පමණය තම භාර්යාවන්ට වෙනත් පිරිමීන් සමග නොමනා සබඳකම් ඇති බව දැනගතහොත් දුක් වන්නේ, එවිට ඔවුන් කම්පනයට ලක්වෙයි, තම ගෟරවය උසස් තත්වය හා කීර්තිය සහ මුලින්ම නැති වූ බව සිතා වේදනාවට පත්වෙයි.

සමහර සමාජයන්හි මෙවැනි ප්‍රශ්න නිරාකරනය කරගැනීමට පොලීසිය කැඳවයි. වෙන කිසිවක් ගැන නොතකා —ගීරාහ්˜ නම් වූ සංවරභාවයෙන් යුත් සිත් කනස්සල්ල නැති මෙවැන්නෙක් —දුගඳ වූ මඩ වගුරක ගිලිහී සිටින ඌරෙකුට˜ සමාන බව කිව නොහැකි ද?

වර්තමාන ලෝකයේ බොහෝ සමාජයන් හි මෙවන් තිරිසන් හැඟීම් වලින් යුත් ගුණ හා ක්‍රියාවන් ලැව් ගින්නක් සේ පැතිරීගෙන එන බව නොරහසකි.

අලි (රලි) තුමා කාන්තාවන් ටික දෙනෙක් හමුවූ විට මෙසේ පැවසූ හ:

—වෙළඳ පොළෙ හි සිටින මුස්ලිම් නොවන කුෆ්ෆාර් (විශ්වාසවන්තයින් නොවන පිරිමීන්) වෙත කාන්තාවන් වූ ඔබ සැවෝම එක්රොක් වන බව මට දැන ගැනීමට ලැබී ඇත. ඔබට —ගීරාහ්˜ (සංවරභාවයෙන් යුත් කනස්සල්ලක්) නැත්තේ ද? කවුරුන් වෙත —ගීරාහ්˜ (නම් වූ සංවරභාවය) නැත්තේ ද ඔවුන් වෙත යහපත් දේ කිසිවක් නැත. ඉස්ලාමය —ගීරාහ්˜ ව විශ්වාසය (ඊමානය)ට ඇතුළත් වූ කොටසක් ලෙස සලකයි˜

ඉස්ලාමයට අනූව, භාර්යාව දියණියන් හෝ අනෙකුත් කිනම් මුස්ලිම් කාන්තාවක් වූවත්, ඔවුන්ගේ ගෞරවය, සදාචාරය තකා ඔවුන්ව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය කටයුතු කිරීම අනිවාර්්‍ය ය. මෙයට අදාළ දේශනයන් හා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ගෙන දෙන අගනා ජීවන සැලැස්මක් ඇත්තේ නම් එය ඉස්ලාම් පමණ ය.

තබර්රුජ ය (කාන්තාවන්ගේ වශීකරනය පෙන්වීම) නින්දාවකි.

1- තබර්රුජ් යනු අල්ලාහ් ට සහ ඔහුගේ වක්තෘවරයාණන් ට අකීකරුවීම වේ.

(තබර්රුජ්: භාෂාව අනූව මෙහි තේරුම, —කාන්තාවකගේ රූ සපුව විදහා පෙන්වීම, ඇයගේ මුහුණ විදහා පෙන්වීම, ඇයගේ ශරීරයේ හැඩරුව පෙන්වීම, තම ස්වාමි පුරුෂයා හැර අන් පුරුෂයන් තමන් වෙත ලඟා කර ගැනීමට ගන්නා සෑම ප්‍රයත්නයක් ම කිරීම˜ යනාදිය වෙයි.

ඉස්ලාමය අනූව මෙහි තේරුම නම්, —කාන්තාව තම රූ සපුව විදහා පෙන්වීම˜ යනු වෙයි. තවද, —ඇය තම ශරීරයේ හැඩරුව පෙනෙන ලෙස (අන් අයගේ හැඟීම් ඇවිස්සෙන ලෙස) ඇවිදීම˜ නම් වූ තේරුමක් මෙයට ඇත. (අල්තබාරි 22-4 සමහරුන්ගේ අදහස් අනූව, අන්‍ය පිරිමින්ට කැපී පෙනෙන අයුරින් සිටීමට කාන්තාවක් තමාට හැකි සෑම අන්දමකින් ම තම ශරීරය අලංකාරවත් කරගන්නේද, ඒ සෑමයක්ම —තබර්රුජ්˜ වෙයි. යනු තේරුම වේ.

—සමහර විට කාන්තාවක් අන් අයගේ සිත් හා බැල්ම ඇදගන්නා අදහසින් දීප්තිමත් පාටවලින් අලංකාර වූ හිස් වැස්මක් දමන්නේ නම් එය ද ජාහිලියියා (අඥාන සමයේ) —තබර්රුජ්˜ නම් වූ වශීකරණ ක්‍රමයකි.˜ (මව්ලානා මව්දූදි (රහ්) තුමාගේ —ද හිජාබ්˜ නම් වූ කෘතිය පි: 132.

අල්ලාහ් ට සහ ඔහුගේ වක්තෘ (සල්) තුමාණන්ට කීකරු නොවන කෙනෙක් තමාට ම හිංසා පීඩාව ඇති කරගන්නෙකු වෙයි. එසේ නැතිව ඔහුගේ එම අකීකරුභාවයෙන් අල්ලාහ්ට කිසිදු හිංසාවක් පීඩාවක් ඇතිවන්නේ නැත.

නබි (සල්) තුමා මෙසේ පැවසූ හ:

—මගේ සමාජයට ඇතුල් වූ සෑම කෙනෙක් ම ස්වර්ගයට ඇතුල් වෙයි. ප්‍රතික්ෂේප කළවුන් හැර, එවිට අල්ලාහ්ගේ දූතවරයානනි, ප්‍රතික්ෂේප කරන්නවුන් කවුරු ද? යනු ඔවුහු (නබිතුමාගේ මිත්‍රයන්) ඇසූ හ. එයට පිළිතුරු දුන් නබි (සල්) තුමා, කවුරුන් මට කීකරු වන්නේ ද ඔවුන් ස්වර්ගයට පිවිසෙියි, කවුරුන් මට අකීකරු වන්නේ ද ඔවුන් ය (එහි පිවිසීමට) ප්‍රතික්ෂේප කරන්නන්,˜ යනු කීහ. (සහීහුල් බුහාරි, අරාබි ඉංග්‍රීසි පොත් පෙළ, වෙළුම: 9ල හදීස් අංක: 384 පි: 284.

මුආවියා (රලි) තුමා සිරියාවේ හමාස් නම් වූ ස්ථානයේ එක් රැස්වීමක් අමතා කතා කරන විට නබි (සල්) තුමා කරුණු හතක් තහනම් කළ බවත් එයින් එකක් ලෙස තබර්රුජය ගෙන දැක් වූ බවත් සඳහන් කළේ ය. (ඉමාම් අහ්මද් තුමාගේ මෙම සටහන එතුමාගේ —මුස්නද්˜ ග්‍රන්ථයේ (4-101 අරාබි භාෂාව) ඇත).

—අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි)තුමා මෙසේ පවසයි: —නබි (සල්) තුමා ගතිගුණ දහයක් ප්‍රිය කළේ නැත. එයින් එකක් ලෙස නොහොබිනා තැනක තම රූ සපුව පෙන්වන තබර්රුජය ද සඳහන් වෙයි.˜ (අන්නසාඊ පවසන මෙම හදීසය එතුමාගේ —සුනන්˜ අරාබි භාෂා 8-141. කෘතියෙහි සඳහන් වී ඇත.

ඉමාම් සුයූති (රහ්) තුමා මෙසේ කීහ:

—කාන්තාවක් තමන් අලංකාරවත් කර අන් අයට පෙන්වීම —තබර්රුජ්˜ වෙයි. මෙය නින්දිත ක්‍රියාවකි. මෙයයි —නොහොබිනා තැනක˜ යනුවෙන් ඉහතින් සඳහන් කොට ඇත්තේ. නමුත් තම සැමියා වෙනුවෙන් අලංකාරවී ඔහුට තම සුන්දරත්වය පෙන්වීමෙහි වරදක් නැත.˜

2- තබර්රුජ් යනු භයානක, විනාශකාරි පාපයක් වේ.

රුකයියා නැමැත්තියගේ දියණිය වූ උමයිමාහ් ඉස්ලාමය පිළිගැනීමටත්, නබි (සල්) තුමා —අල්ලාහ්ගේ වක්තෘ˜ බව විශ්වාස කිරීමටත් නබි තුමා වෙත ආවා ය. එවිට නබි (සල්) තුමා ඇය අමතා මෙසේ කීහ:

—මගේ මෙම උපදෙස්වලට සවන් දෙන්න: ඔබ අල්ලාහ්ට අවනත වන කල්හි ඔහුට වෙනත් කොටස් කරුවන් එක් කළ නොයුතුයි, ඔබ සොරකම් නොකළ යුතුයි, ඔබ නොමනා ශාරීරික සම්බන්ධයන් හි හෝ විෂමාචාරයෙහි හෝ නොයෙදිය යුතුයි, ඔබ ඔබගේ ළදරුවන් නොමැරිය යුතුයි, ඔබ ඔබගේ අත් හා පාදයන් අතර ඕපාදූප නොකිව යුතුයි¦ ඔබ විලාප නගා නො ඇඬිය යුතුයි, ඔබ ජාහිලියියා (ඉස්ලාමයට පෙර වූ ආඥන) කාලයෙහි මෙන් —තබර්රුජ්˜ (නම් වූ සිත් වසඟවන අයුරින් පෙන්වීම) නොකළ යුතුයි.˜

(ඉමාම් අහ්මද් තුමාගේ —මුස්නද්˜ (2-196 හි මෙය සඳහන් කර ඇත. අහ්මද් ජාකිර් (රහ්) තුමා —මෙම හදීසය පවසන්නන්ගේ පෙළ යහපත් ය, යනු කියා ඇත. තවද, එතුමා මෙසේ කියයි: ඉබ්නු කසීර් (රහ්) තුමා තම තෆ්සීරයෙහි (8ථ 327-328 මෙම හදීසය ගෙන දක්වා, —මෙම හදීසය පවසන්නන්ගේ පෙළ යහපත් ය˜ යන්න ද කියා ඇත. තව ද, මෙම හදීසය අත්තිර්මිදී, අන්නසායී, ඉබ්නුමාජාහ් නම් වූ ග්‍රන්ථයන් සමග සම්බන්ධ කරයි. මෙම හදීසයට පහත සඳහන් වාක්‍යය සාක‍ෂි දරයි:

—ශාස්තෘවරයානනි. විශ්වාසවන්තියන් වූ කාන්තාවන් දිවුරුම් දීම සඳහා ඔබ වෙත ඇවිත්, ඔවුන් අල්ලාහ් සමග වෙනත් යමක් සම නොකරන බවත්, සොරකම් නොකරන බවත්, විෂමාචාරයේ නොහැසිරෙන බවත්, තමන්ගේ ලදරුවන් නොමරණ බවත්, තමන්ගේ අත් හා පාදයන් අතර ඕපා දූප නොකියන බවත්, කිනම් යහපත් කාර්්‍යයකදී වූවත් ඔබට අකීකරු නොවන බවත් පොරොන්දුවන්නේ නම්, එවිට ඔවුන් ගෙන් වූ දිවුරුම් දීම පිළිගන්න.˜ අල්කුර්ආන් 60ථ 12.

ඉහත සඳහන් කුර්ආන් වාක්‍යයෙහි සහ හදීසයෙහි —අත් හා පාදයන් අතර ඕපාදූප නොතිබිය යුතුයි˜ යනු සඳහන් වෙයි. මේ ගැන විස්තරයක් දෙන —තෆ්හීමුල් කුර්ආන්˜ නම් වූ තෆ්සීරය මෙලෙස සඳහන් කරයි. මෙහි තේරුම දෙවර්ගයකට අයත් ඕපා දූප වේ. එකක් නම්, එක් කාන්තාවක්, අනෙක් කාන්තාවන් අන් පිරිමින් සමග නොමනා සබඳකම් පවත්වාගෙන යන බව අපවාද කීම, එවැනි කතා මිනිසුන් අතර පැතිරවීම. අනෙක: එක් කාන්තාවක් වෙනත් කෙනෙකුට දාව වැදූ ලදරුවෙක්, —මේ ඔබගේ ලදරුවාය.˜ කියා තම සැමියා විශ්වාස කරලීම වේ.˜ (මව්ලානා මව්දූදි (රහ්) තුමා කුර්ආන් වාක්‍ය 60ථ 12 යට දුන් විස්තරය.)

මෙහි, නබි (සල්) තුමා භයානක පාපකාරි ක්‍රියාවන් සමග තබර්රුජය ද එකතු කර ඇති බව පැහැදිළි ය.

3- තබර්රුජය අල්ලාහ්ගේ ශාපයට ලකවීම සහ ඔහුගේ කාරුණික භාවයෙන් ඈත්වීමට හේතු වේ.

නබි (සල්) තුමා පැවසූ හ:

—මගේ සමාජයේ පසු කලෙක කාන්තාවන් ඇඳුම් ඇඳ ඇතිමුත් (ඇත්ත වශයෙන්) නිර්වස්ත්‍රව සිටියි, ඔවුන්ගේ හිස මත ඔටුවන්ගේ මොල්ලිය වැනි (හිසකෙස් අලංකාරවත් කර) ඇත. ඔවුන්ට ශාප කරන්න. නියත වශයෙන් ඔවුන් ශාපයට ලක්විය යුත්තන් වේ˜ (අල්මුඃජම් අස්සඊර් ග්‍රන්ථයෙහි (පි:232) ඇති මෙම හදීසය අත්තබරානි පවසයි. අල්බානි (රහ්) තම හිජාබ් පි:56. ග්‍රන්ථයෙහි මෙම හදීසය සත්‍ය එකක් බව පවසයි. ඉබ්නු අබ්දුල් බර් වෙනුවෙන් අස්සුයූති මෙසේ පවසයි: —විනිවිද පෙනෙන ඇඳුම් අඳින කාන්තාවන් තම ශරීරයේ සුන්දරත්වය පිටත පෙන්වන්නෝය යනු අල්ලාහ්ගේ වක්තෘවරයානන් වදාරා සිටීයහ. ඇත්ත වශයෙන් ම ඔවුන් ඇඳුම් ඇන්ද නිර්වස්ත්‍රව සිටින්නෝ වෙති.˜)

4- තබර්රුජය නරකාදියේ සිටිනවුන්ගේ ගතිගුණ හා සමාන ය.

නබි (සල්) තුමා පැවසූහ:

—නරකාදියේ සිටින මිනිසුන්ගෙන් මම කිසිවිටෙක නොදුටු කොටස් දෙකක අයත් අය සිටිති. (ඔවුන්ගෙන්) එක් කොටසකට අයත් අය ගවයන්ගේ වලිග වැනි කස තබා සිටියි. ඔවුන් එම කසවළින් (එහි සිටින) මිනිසුන්ට පහර දෙයි. අනෙක් කොටසට අයත් අය නම් ඇඳුම් ඇන්ද ද නිර්වස්ත්‍රව සිටින කාන්තාවන්ය. ඔවුන් නොමග ගිය අතර, ඔවුන්ගේ හිසෙ හි මොල්ලියක් ලෙස උසට (අළංකාරවත් කළ) කෙස්වළින් අනෙක් අයද නොමග යවන්නෝ ය. මෙම කාන්තාවන් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. (එපමණක් නොව) ස්වර්ගයේ සුගන්ධය රස විඳින්නද නොහැක. එය ආඝ්‍රණය කිරීමේ භාග්‍යය ඔවුන්ට හිමිවන්නේ නැත. එහි සුගන්ධය බොහෝ දුරට හමනු ඇත˜ (සහීහ් මුස්ලිම්).

5 – තබර්රුජය මරණින් පසු ජීවිතයෙ හි අන්ධකාරය ගෙන දෙයි.

නබි (සල්) තුමා මෙසේ පැවසූහ:

—ලොවෙහි තම සැමියාට හැර (අන් කෙනෙක් වෙනුවෙන්) අලංකාර වත් වී ඇවිදින කාන්තාවගේ තත්වය මරණින් පසු ජීවිතයෙ හි අන්ධකාරය මෙන් ය. එහි කිසිම ආලෝකයක් නොතිඛෙයි.˜

(ඉමාම් තිර්මිදි තම සුනන් හි (1167 මෙය සඳහන් කරයි. අල්බානි (රහ්) මෙය දුර්වල හදීසයක් බව කියයි. ඔහුගේ —අල්ලයීෆා˜ (දුර්වල හදීස්˜ නම් වූ ග්‍රන්ථය (1800 බලන්න. අබූබකර් බින් අරබි (රහ්) තුමා මෙසේ කියයි: මෙම හදීසය සඳහන් කරන ඉමාම් තිර්මිදි —මෙය දුර්වල හදීසයක්˜ බව කියයි. නමුත් මෙහි ඇති අදහස් නිවැරදි ය. එනම් අකීකරුභාවය ඇත්තෙන්ම හිංසාවක් හා වේදනාවක් වේ.˜ මෙයින් අදහස් වන්නේ මෙවැනි කාන්තාවන් මරණින් පසු ජීවිතයේදී කළු ශරීරයන් ඇතිව අඳුරේ අඳුරුවූවන් මෙන් එන්නෝ ය යන්නය. නමුත්, අල්ලාහ්ට අනවත වී හැසිරීමෙන් ලැඛෙන ලැඛෙන වේදනාවන් සතුට හා උසස් තත්ත්වය ගෙන එන්නේය. මීට හේතුව නම්, ඔවුන් අල්ලාහ්ගේ සහ ඔහුගේ වක්තෘ (සල්) තුමාගේ ත්‍යාගයන් බලාපොරොත්තුව සිටින හෙයින් ය. උදාහරණයක් වශයෙන් මෙලොවෙහි උපවාසයේ පසුවන්නෙකුගේ මුවින් පිටවන සුවඳ නරක විය හැක. නමුත්, අල්ලාහ් වෙත එය කස්තූරි සුවඳටත් වඩා සුවඳය. මෙයට හේතුව, ඔහු අල්ලාහ්ට අවනතව කි්‍රයා කිරීමය. එමෙන් ම කාන්තාවක් අල්ලාහ්ට අවනතව හිජාබ් අඳින විට, ඇය ප්‍රතිගාමි ය¦ පරණ තාලයේ කෙනෙකි¦ ඇවිදින් කූඩාරමක් වැනියæ˜ යනු සමහරුන් කියන්නට පුළුවනි. නමුත් මරණින් පසු ජීවිතයෙහි ජය ගන්නේ ඇය ය. ඇයට බැනවැදුනු අය විපතට පත්වෙයි, ඔවුන් අල්ලාහ්ගේ ප්‍රකෝපයට ලක්වෙයි).

6- තබර්රුජය zනිෆාක්z (කපටිකම) වේ.

නබි(සල්)තුමා මෙසේ පැවසූහ:

—ඔබගේ කාන්තාවන්ගෙන් උතුම් අය වන්නේ දැඩි ආදරය හා දයාව (ගැබ් ගැනීමේ) සශ්‍රිකත්වය, (උදව් උපකාර කිරීමේ) කාරුණිකත්වය, අල්ලාහ්ට බියව කරුණු දැක්වීම යනාදිය ඇත්තෝ වෙති. ඔබගේ කාන්තාවන්ගෙන් ඉතා නරක අය වන්නේ මුතබර්රිජාත් (තම රූ සපුව ප්‍රදර්ශණය කරන කාන්තාවන්) වූවන් හා මුතහයියිලාත් (උඩගුකම සහ ආඩම්බරය යනාදියෙන් යුතුව ඇවිදින කාන්තාවන්) වූවන් ය. ඔවුන් කපටීන් වෙයි. කිනම් අය ස්වර්ගයට පිවිසෙන්නේ ද ඔවුන් දූවිලි වැදුනු කපුටන් මෙන් ය.˜

(අල් ෙඛෙහකී සුනන් හි (7 වැනි වෙළුම, පි: 82) මෙය සඳහන් කරයි, අබූ අන්නයීම් තම අල් හිලියාක් (8 වැනි වෙළුම, පි: 376 නම් වූ පොතෙහි ද, අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) තුමා මෙම පුවත පැවසූ බව කියයි. අල්බානි ගේ හොඳ හදීසයන්. …… (අරාබි) පොතේ 1849 හා 632 බලන්න.

දූවිලි වැදුනු කපුටන් ට රතු පාදයන් ඇත. මෙය උපමාවකි. මෙම උපමාවෙන් කාන්තාවන්ගෙන් ටික දෙනෙක් පමණ ය ස්වර්ගයට පිවිසෙන්නේ. යනු පෙන්වා දෙනු ලැබේ. එනම් මෙවැනි කපුටන් ඉතා දුර්ලභය.

7- තබර්රුජය නීච අවනම්බුකාර ක්‍රියාවකි.

නබි (සල්) තුමා මෙසේ පැවසූහ:

—කිසියම් කාන්තාවක් තම ස්වාමි පුරුෂයාගේ නිවසේ හැර තවත් ස්ථානයක (නොමනා ලෙස පෙනී සිටින අදහසින්) තම ඇඳුම් ගලවන්නේ නම් ඇය අල්ලාහ් ගේ ආරක්ෂාව නැති කර ගනියි.˜

(ඉමාම් අහ්මද් පවසන මෙම හදීසය අල් හාකිම් තම —මුස්තද්රක්˜ නම් වූ (අරාබි) ග්‍රන්ථයෙහි සඳහන් කරයි. (වෙළුම:4ථ පි:288- මෙය බුහාරි, මුස්ලිම් ග්‍රන්ථ අනූව සත්‍ය හදීසයක් බවත්, අද්දහබි, ඉබ්නුමාජාහ් යනාදීන් මෙය කෙරෙහි සිත යොමුකර ඇති බවක් ඔහු කියයි.

ඉමාම් අල් මන්නාවි (රහ්) තුමා මෙසේ කියයි: —කිසියම් කාන්තාවක් තම ස්වාමිපුරුෂයාගේ නිවසේ හැර තවත් ස්ථානයක තම ඇඳුම් ගැලවීම˜ යනු නබි (සල්) තුමාගේ ප්‍රකාශයෙ හි තේරුම නම්, —තම ඇඳුම්වලින් අපේකෂිත ආරක්ෂාව නැතිකර අන්‍යයන්ට තම රූ සපුව පෙන්වීම˜ යන්න ය. තවද එය අල්ලාහ්ගේ ආරක්ෂාව ද නැතිකර ගන්නීය. “ආදම්ගේ දරුවනී,  නියත වශයෙන්ම අප ඔබට ඔබගේ රහස් ප්‍රදේශ වසා ගැනීමටත් ඔබට අලංකාරවත් වීමටත් සළුපිළි දුන්නෙමු. නමුත් පවිත්‍රතාවය නම් වූ සළුපිළි ඔබට ඉතා උතුම් වන්නේ ය.˜ නම් වූ අල්ලාහ්ගේ වාක්‍යයන්ට විරුද්ධව හැසිරීමෙන් ඇය කෙරෙහි ඇති අල්ලාහ්ගේ ආරක්ෂාව නැතිවෙයි.

—එපමණක් නොවෙයි, ඇය තම ශරීරයේ වැසිය යුතු ප්‍රදේශ නොවසා, සංවරභාවයෙන් තොරව හැසිරීමෙන් තම සැමියාට ද ද්‍රෝහි වන්නීය. මෙයින් අල්ලාහ්ගේ ආරක්ෂාව නැතිවීම නියත යි. තවද ඇය අවමානයට ද ලක්වෙයි. මෙලෙස ඇයගේ ජීවිතය අඳුරට පත්වී යයි.˜

8- තබර්රුජය නොයෙක් පාපයන්ට මග පෙන්වන මහා පාපයකි.

කාන්තාව (ගේ මුහුණ අත් ආදිය සමහරුන්ට පෙනෙනවා හැර ඇය) ආවරණය වී සිටීම අවශ්‍ය ය. ඇයගේ ශරිරය මුළුමනින්ම පිටත පෙන්විය යුත්තක් නොවේ. එහෙයින් ඇය තම රූ සපුව හා හැඩරුව අන්‍ය අයට පෙන්වීමේ චේතනාවෙන් ඇඳුම් ඇඳීම නීච ලැජ්ජාවක් නැති ක්‍රියාවකි.

අල්ලාහ් මෙවැනි, නිර්ලජ්ජි වූ පාප ක්‍රියාවන්ගෙන් ඈත් වී සිටින ලෙස තමාට අවනතවන්නට උපදෙස් දෙයි.

—(අවිශ්වාසී වූ) ඔවුහු යම්කිසි විෂමාචාරයක් කර (එයින් වළක්වනු ලැබුව හොත්) —අපගේ මුතුන් මිත්තන්ද මෙලෙස කිරීම අපි දැක්කෙමු¦ අල්ලාහ් මෙලෙස කරන මෙන් අපට අණ කළේය˜ යනු කියති. සැබැවින්ම අල්ලාහ් විෂමාචාරයන් කරන මෙන් අණ නොකරයි. (ශාස්තෘවරයානනි, අල්ලාහ් අණකළ දේ ද යනු) ඔබ නොදන්නා කරුණු සම්බන්ධයෙන් අල්ලාහ් බොරු කියන්නෙ හි දැයි ඔබ අසන්න.˜ (අල් කුර්ආන් 7ථ 28.

ඇත්ත වශයෙන්ම ෂෙයිතාන් (සාතාන්)ය මෙවැනි පාපකාරී ක්‍රියාවන් කිරීමට දිරි දෙන්නේ.

අල්ලාහ් පවසයි:

—ෂෙයිතාන් ඔබ වෙත එල්ල කරන්නේ දිළිඳුකමේ තර්ජනයයි. නිර්ලජ්ජි, ලෝභි ක්‍රියා කලාපයක් අනුගමනය කිරීමට ඔහු ඔබ පොළොඹවයි˜ (අල් කුර්ආන් 2ථ 268.

—මුතබර්රිජාත්˜ යනු පාප කාර්්‍යයන් පතුරුවන විෂ බීජ වේ. මෙම විෂ බීජ මුස්ලිම් සමාජය තුළ නිර්ලජ්ජිව පාප කි්‍රයාවන් පතුරුවන්නට තරම් බල සම්පන්නය.

අල්ලාහ් අවවාද කරයි:

—නියත වශයෙන් ම, දේව විශ්වාසය ඇත්තන් අතර නින්දිත කි්‍රයාවන් (දුෂ්ට අදහසින් කියන ඕපාදූප) පැතිරිය යුතුය යනු කවරෙකු හෝ පි්‍රය කරන්නේ ද, ඔවුන්ට මෙලොවෙහි ද මරණින් මතු ද වේදනාකාරී දරුණු ද~ුවම් ඇත්තේ ය. තවද, අල්ලාහ් සියල්ල දන්නේය¦ ඔබ නොදන්නේ ය.˜ (අල්කුර්ආන් 24ථ 19.

ඇත්තෙන්ම —තබර්රුජ්˜ යනු ස්ත්‍රී පුරුෂයන් අතර විෂමාචාරය ඇති කරන ප්‍රධාන කරුණක් වේ.

9- තබර්රුජය ෂෙයිතාන්ගේ මාර්ගය යි.

ආදම් (මිනිස් ඉතිහාසයේ පළමු මිනිසාය. මොහු අල්ලාහ්ගේ නබිවරයෙකි). සහ හව්වා (එම පළමු මිනිසාගේ බිරිඳ වේ). දෙදෙනාගේ ජීවිතයේ ඇති වූ සෑම ප්‍රශ්ණයක් ම, අල්ලාහ්ගේ හතුරා වූ ෂෙයිතාන්ගේ කූට උපක්‍රමවලට සාක්ෂි දරයි. ඔහු ඔවුන්ගේ රහස් ප්‍රදේශ පිටත පෙන්වන ආශාව ඇතිකර නීච නිර්ලජ්ජ වු පව් පැතීමට තුඩු දුන්නේ ය. තවද ෂෙයිතාන් කාන්තාවකගේ තබර්රුජය, තම නීච අරමුණ ඉටුකරගැනීමට ප්‍රයෝජනවත් කරගත් පළමු දෙය බව අප වටහා ගතයුතු ය.

අල්ලාහ් අවවාද කරයි:

—ආදාම්ගේ දරුවනී, ෂෙයිතාන් ඔබගේ දෙමාපිය දෙදෙනා ඔවුන්ගේ රහස් අවයවයන් ඔවුන් දෙදෙනාට දැක ගැනීම පිණිස ඔවුන් නිර්වස්ත්‍රකොට, (ඒ හේතුවෙන්) ඔවුන් ස්වර්ගයෙන් බැහැර කළේ කෙසේ ද, එලෙසින් ඔහු ඔබ ව විපතට පත් නොකළ යුතුයි.˜

මෙයින් —තබර්රුජය˜ සඳහා වු කැඳවීම ඇතිකර කාන්තාවන්ගේ අලංකාරයන් පිටත පෙන්වීමේ කාර්්‍යය ඇතිකළේ ෂෙයිතාන් බව පැහැදිළි ය.

—කාන්තා නිදහස˜ නම් වූ නමින් වැරදි මාර්ගයකට කැඳවන නායකයින් සැම දෙනාට ම නායකයා ඔහුමය. කරුණාන්විත අල්ලාහ්ට අවනත නොවී ෂෙයිතාන්ට අවනතවී ඔහු අනුගමනය කරන සෑම දෙනාටම ඉමාම් (නායකයා) ඔහුම ය. ඇත්තෙන්ම කියනවා නම්, කවුරුන් මුසුලිම්වරුන් නොමග යවා, ඔවුන්ගේ පරම්පරාවෙන් පැවත එන්නන්ද නොමග යැවීමට මාන බලන්නේ ද, ඔවුන්ගේ මග පෙන්වන්නා ෂෙයිතාන් ය.

නබි (සල්) තුමා මෙසේ පැවසූහ:

—මම කිසියම් —ෆිත්නා˜ (හිංසා පීඩා) වක් තබා යන්නේ නැත. එහෙත් කාන්තාවන්ගෙන් පිරිමින්ට ඇතිවන —ෆිත්නා˜ (හිංසා පීඩා)වන් හැර,˜ (සහීහ් මුස්ලිම්).

ආදාම් (අෙලෙ) තුමා අමතක වී එක් වරදක් කළහ. ඒ සඳහා පශ්චාත්තාපයට පත් වූ හෙතෙම අල්ලාහ්ගේ සමාව අයැද සිටියහ. කරුණාන්විත අල්ලාහ් එතුමාගේ ඉල්ලීම පිළි ගෙන සමාව දුන්නේ ය. නමුත් ප්‍රශ්නය එතැනින් නිමවුනේ නැත. ආදම් හා ෂෙයිතාන් අතර වූ සටන නොනැවතී කෙරීගෙන යයි. ෂෙයිතාන් අදත් ස්ත්‍රී පුරුෂයන් අල්ලාහ්ට අවනතවී හැසිරීමට ඉඩ නොදී පව්කිරීමට පොළඹවයි. ඔහුගේ මෙම මාර්ගයෙන් ඈත වී අපට බේරාගැනීම නම් අල්ලාහ්ගේ උපකාරය පතා ඔහු වෙත යෑම විනා වෙන කළයුතු දෙයක් නොමැත. අල්ලාහ් වෙත දැඩි විශ්වාසයක් ඇතිව අපගේ පව් වලට පශ්චාත්තාපවී සමාව අයැද සිටීමටත් අල්ලාහ් ගැනම සිතා, එතුළින් වැරදි පාප හැඟීම් දුෂ්ඨ චේතනා අනියම් ආශාවන් යනාදියෙන් අපව බේරා ගැනීමට ඔහු වෙතම රැඳී සිටීමත් අනිවාර්්‍ය ය.

ඇත්ත වශයෙන්ම, ඉස්ලාමය නම් වූ සදාචාරාත්මක ජීවන සැලැස්ම නිසියාකාරව ම අප පිළිපදින්නේ නම් දෙලොවෙහි ම අපගේ ජීවිතය සුඛිත මුදිත වීම නොඅනුමාන ය.


ලොව පුරා මුස්ලිම් කාන්තාවන් හිජාබය පලදිති

හිජාබ්-  (දෑත් හා මුහුණ පමණක් නිරාවරණය වේ )

නිකාබ් – ( දෙඇස් පමණක් නිරාවරණය වේ.)
බුර්කා – ( කිසිවක් නිරාවරණය නොවේ.)


මතු සම්බන්ධයි …….



මහාචාර්ය සෙයික් මුහම්මද් බින් ඉස්මායිල්

ඉංග්‍රීසි පරිවර්තනය හා අර්ථ විවරණය

ආචාර්්‍යය සාලිහ් අස් සාලිහ්

සිංහල පරිවර්තනය

එස්. එම්. මන්සූර්

* කාන්තාව සහ අධ්‍යාපනය
* කාන්තාවට ලබා දී ඇති අයිතීන්
* හිජාබ් -ෆර්දාව ඇඳීම සහ කාන්තා නිදහස
* දික්කසාදය හා ඉස්ලාම් නීතිය
* ගැහැණු පිරිමි දෙපාර්ශවයම ළඟින් ඇසුරු කිරීම
* කථා කිරීමේ අයිතිය
* පවුල් කටයුතු මෙන්ම පොදු කටයුතුවලදී
* සාක්ෂි කීම-සාධාරණත්වය
* කාන්තාව සහ දේශපාලනය
* දේපල (වස්තුව) පිළිබඳ අයිතිය

මා හඳුනා ගත් ඉස්ලාමය-ආගමක් දිහා මතු පිටින් බලා හෝ, සමහරුන්ගේ වැරදි ප්‍රචාරයන් පදනම් කරගෙන හෝ එහි හොඳ නරක මැනිය නොහැක. එබැවින් එම ආගම හොඳින් අධ්‍යයනය කරන්න, එහි ඇති ඉගැන්වීම් මැනවින් කියවා බලන්න. ඉන් පසු තීරණයකට එළඹෙන්න.

පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.

දයාබර වැඩිහිටියනි. සහෝදර, සහෝදරියනි, මම 2005-01-05 දින සවුදි රාජ්‍යයට පා තැබූ කෙනෙකි. මාගේ නිවසේ උග්‍රව පැවතුනු ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ අරමුණින් විදේශ ගතවූ මට, කබලෙන් ලිපට වැටෙන්නා සේ මාස තුනක් ගතවීමට පෙර මාගේ පියාණන් මෙලොවින් සමුගත්තේය. මෙය මට ලොකු කම්පනයක් ඇති කළ සිදුවීමක් විය. මාගේ පියාණන්ගේ අවසන් කටයුතු වලට සහභාගිවීමට උත්සහ කළද මා වැඩ කරන සේවා ස්ථානයෙන් මට අවසරයක් නොලැබුනි. මේ අයුරින් විවිධ දුක් කම්කටොළු මැද්දේ ජීවිතය ගත කරමින් සිටින විට, මුස්ලිම් ආගමිකයින්ගේ සුවිශේෂී කාල පරිචේඡේදයක් වූ රමදාන් මාසය උදාවුනි. මෙම කාලය තුළ මගේ සිත තුළ පහළ වූ සිතුවිල්ලක් නම්, මාගේ ජීවිතයෙහි මා මුහුණ දෙමින් සිටින ප්‍රශ්නවලට අල්ලාහ් දෙවියන්ගෙන් පිහිට පැතීමයි. ඒ අනුව මා අල්ලාහ් දෙවියන්ගෙන් මාගේ මෙම ප්‍රශ්ණ හා දුක්කම්කටොළු නිරාකරනය කර දෙන මෙන් ඔබ වහන්සේගේ උදව්ව හා පිහිට පතමි. තවද මාගේ ජීවිතයේ පැහැදිළි වෙනසක් උදාකර දෙනු මැනවි, එසේ වූවොත් මම ඔබ වහන්සේගේ මග ඔස්සේ ගමන් කරමි යනුවෙන් අධිශ්ඨාන කර රමලාන් මාසයේ උපවාසයේ යෙදුනෙමි.

අල්හම්දු ලිල්ලාහ් (සියළු ප්‍රශංසා අල්ලාහ්ට හිමිය) රමලාන් මාසයේ නිමාවත් සමග මාගේ ජීවිතයේ විශාල වෙනසක් සිදුවිය. අල්ලාහ් දෙවියන්ගේ පිහිටෙන් දුක් කම්කටොළු පහව ගොස් තිබුනි. ආර්ථීක අපහසුතා විසඳී තිබුනි. තවත් පැහැදිළි වෙනසක් වුනි. එනම් රියාල් 270 වක පඩියට සවුදියට පැමිණී මට මාසික ආදායම රියාල් 1000 දක්වා වැඩිවී තිබුණි. සැබවින්ම මෙය අල්ලාහ් දෙවියන්ගේ ශක්තියයි. පසුව මට ඉස්ලාම් ධර්මය ඉගෙන ගැනීමේ ආශාව ඇතිවිය. ඒ අනුව මිතුරෙකුගේ උදව්ව උපකාරය මත පොත්පත් ගෙන කියවන්නට පටන් ගත්තෙමි. ඒ අනූව ඉස්ලාම් ධර්මය ගැන විශාල පැහදීමක් හා විශ්වාසයක් ගොඩ නැගුනි. අනතුරුව මම 2005- 11- 16 වැනි දින —අෂ්හදු අන් ලාඉලාහ ඉල්ලල්ලාහ් වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලූහු˜ (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැති බවත්, මුහම්මද් (සල්) අල්ලාහ් විසින් එවන ලද ශාස්තෘවරයකු බවත් මා ප්‍රතිඥා දෙමි) යන ප්‍රකාශයෙන් පසු මුස්ලිමෙකු වශයෙන් ජීවිතයෙහි නවක පිටුවක් පෙරලූවෙමි. දයාබර සහෝදර සහෝදරියනි. අද මා ජීවිතයේ සාර්ථතකත්වයක් ලබා සිටිමි. අධ්‍යාත්මිකව මට තෘප්තියක් ලැබී ඇත. මට නිවැරදි මග ලැබුනු බව මා තුළ දැඩි විශ්වාසයක් ඇත. මා මීට පෙර මුහුණ දුන් ප්‍රශ්න කෙසේ නිරාකරණය වුනේද යනු මටම සිතා ගත නොහැක. සැබැවින්ම සියළු ප්‍රශංසා අල්ලාහ්ට හිමිවේවා., මාගේ ජීවිතයේ බොහෝ ප්‍රශ්න නිමවී ඇත. ගත කළාවූ පීඩාකාරී ජීවිතයට අද නව පනක් ලැබී ඇත. මංමුලා වී සිටී මට නිවැරදි මග කියා දුන් අල්ලාහ් ඔබ වහන්සේට සියළු ප්‍රශංසා හිමිවේවා. අද මා විශ්වාස කරමින් සිටින්නේ මිනිසුන් විසින් මනඃකල්පිතව ඇති කරගත් දෙවිවරුන් හෝ මිනිසුන් විසින් අඹාගත් ප්‍රතිමාවන් හෝ නොවේ. සත්‍ය වශයෙන්ම මෙම විශ්වයේ මැවුම් කරු හා පාලකයා හා ශාස්තෘවරුන් යවා මානවයටා නිවැරදි මග පෙන්වූ එකම දෙවියන් වන අල්ලාහ්ට පමණයි මා යාඥා කරන්නේ. සහෝදර. සහෝදරියනි, මුස්ලිමෙකු වශයෙන් ඉටු කල යුතු ඉතා වැදගත් යාඥා අතුරින් එකක් නම්, අල්ලාහ් වෙනුවෙන් යාඥා කිරීම පිණිස ප්‍රථමයෙන් ඉදි කරන ලද ශුද්ධවූ කඃබාවට ගොස් උම්රා, හජ් වැනි යාඥාවන් ඉටු කිරීම වේ. ලෝකයේ වෙසෙන කෝටි සංඛ්‍යාත මුස්ලිම් වරුන් එම ස්ථානයට ගොස් හජ්, උම්රා වැනි යාඥාවන් ඉටු කිරීමේ ආශාවෙන් පසුවෙති. නමුත් එම අවස්ථාව සෑම මුස්ලිමෙකුටම උදානොවන්නේය. නමුත් මට අල්ලාහ්ගේ දයාවෙන් එම අවස්ථාවද මාගේ ජීවිතයේ උදාවුනි. එය මට මාගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවකි. මා තුන් වරක් උම්රා යාඥාවද, එක් වරක් හජ් යාඥාවද ඉටු කළෙමි. සැබැවින්ම මෙය අල්ලාහ් දෙවියන් මා කෙරෙහි දැක්වූ විශේෂ කරුණාවයි.

මාගේ දයාබර සහෝදර, සහෝදරියනි, ඔබලාට මාගේ පණිවුඩය නම්:

ආගමක් දිහා මතු පිටින් බලා හෝ, සමහරුන්ගේ වැරදි ප්‍රචාරයන් පදනම් කරගෙන හෝ එහි හොඳ නරක මැනිය නොහැක. එබැවින් එම ආගම හොඳින් අධ්‍යයනය කරන්න, එහි ඇති ඉගැන්වීම් මැනවින් කියවා බලන්න. ඉන් පසු තීරණයකට එළඹෙන්න.

ප්‍රිය සහෝදර, සහෝදරියනි, බටහිර මාධ්‍යයන් කරන පදනම් විරහිත ප්‍රචාරයන් මත සිට ඉස්ලාම් දිහා නොබලන්න. ශුද්ධවූ අල්කුර්ආනය අධ්‍යයනය කරන්න, මහත්මා චරිතයක් වූ අවසන් ශාස්තෘවරයානන් වන (මුහම්මද් නබි තුමන්ගේ) ජීවිතය කියවන්න. ඒ තුළින් ඔබට නිසැකවම සත්‍ය අවබෝධ වනු ඇත.

අබ්දුර් රහීම්, බොරලැස්ගමුව.

සහෝදරයාගේ අඩිපාරේ යමින් මාද ඉස්ලාමය වැළඳ ගතිමි

උපතින්ම කිතුණුවෙක් වූ මා නමින් කි්‍රස්ටිනා මනතුංගය. සහෝදරයන් දෙදෙනෙකුත් සහෝදරියන් හතරදෙනෙකින් යුත් මගේ පවුලේ බාලයා වූයේ මාය. මාගේ දෙමාපියන් උපතින්ම බෞද්ධයන් වූ අතර පසුව ඔවුන් කිතු දහම වැළඳ ගත්තෝ වෙති. ඔවුන් කිතුණුවන් වූ පසුව ඉපදුන නිසා පවූලේ උපතින්ම කිතුණුවෙක් වූයේ මා පමණ’.

කුඩා කල පටන් දේවස්ථානයට යමින් දේව වචනය උගත් මා ආගමික අතින් විවිධත්වයක් ඉසුලු අප රටේ නිවැරදි දහම කුමක්ද? යන්න සිතමින් කල්ගෙවීමි. මන්දයත් මා පවුලේ සියලු දෙනා කිතුණුවන් වූවද ඔවුන් තුලින් මා ලත් ආදර්ශයක් නොවීය. මා පවුල තුල නිතර දක්නට ලැබුවේ දෙමාපියන් අතර හා සහෝදර සහෝදරියන් අතර වූ ගැටුම්ය. මා පෙර පාසල් යන වියේදී මගේ පොඩි අයියා නිවසින් පිටවූණි. ඔහු මුළු මනින්ම පවුලේ අනිත් අයට වඩා වෙනස් අදහස් ඇති අයෙකි. ඉන් පසුව ඔහුව මුණගැසීමට හෝ ඔහුත් සමග කථා කිරීමට මට අවස්ථාවක් නොවීය.

ඉන් පසුත් පවුල තුල විශාල ලෙස ගැටුම් ඇති වීය. මේ අතර තුර කාලයේ මා පාසල් ගිය අතර පාසල තුලදී අනිකුත් සියලු විෂයන් අරඹයා මා කිතුණු දහමට ලකුණූ ලබා ගතිමි. මෙසේ කාලය ගතවිය. මේ වන විට මගේ පොඩි අයියා විවාහ වී සිටි අතර ඔහු කොළඹ පදිංචි වී සිටියේය.

මා දහසය වන වියට පා තබන විට දවසට තෙවරක් යාච්ඥා කරන මගේ පියාත් සැම විටම ක්‍රිස්තුස් වහන්සේගේ ගැන කියාදෙන මවත් අතර ගැටුම් උග්‍ර විය. මෙයින් මා සිත ඛෙහෙවින් කළකිරී තිබුණි. අවසානයේදී දෙදෙනා වෙන්විය. ඒ වන විට පවුලෙන් ඉවත්ව සිටි මගේ වැඩිමල් සහෝදරයා අපට උපකාර නොකර ඉවත බලා ගත්තේය. විවාහ වී සිටි සොහොයුරියගෙන්ද සරණක් නොවීය. මගේ වැඩිමල් සහෝදරයා බෞද්ධ කාන්තාවක් විවාහ කරගෙන සිටින අතර ඔවුන් කිතුණු දහම අදහති. විවාහ වී සිටි සොහොයුරියගේ සැමියා බෞද්ධ නිසා ඔවුන් අදහන්නේ බුදු දහමයි. මෙම සිදුවීම තුළ මගේ දේවස්ථානයේ ඇතැම් පුද්ගලයන් ක්‍රියා කල ආකාරය ගැනද මා සිත ඛෙහෙවින් කළකිරී තිබුනි. ඉන් පසුව මාත් මගේ මවත් මගේ වැඩිමහල් සහෝදරියත් විසුවේ පොඩි අයියාගේ නිවසේය.

මා දෙමාපියන් මගේ අයියාට නිවසේ සිටි කාලයේදී විවිධ කෙණහිලිකම් සිදු කළද ඔහු අපව නිවසට ගෙන විත් අපට කරුණාවෙන් සැලකීම ගැන මා හට පුදුම සිතුනි. එම නිවසේදී මාහට දැන ගැනීමට හැකිවූයේ මොහු ඉස්ලාම් දහම පිළිගෙන ඇති බවයි. මා ඔහුගේ ඡීවිතය තුලින් අප පවුලේ අනිකුත් පුද්ගලයන්ගේ ඡීවිත වලට වඩා විශාල වෙනසක් දුටුවේය. එබැවින් මා ඉස්ලාම් දහම ඉගෙන ගැනීමට උත්සුක වූයෙමි. මා පොතපතින්ද මාගේ අයියාගෙන්ද ඔහුගේ බිරිඳ ගෙන්ද ඉස්ලාමය ගැන ඉගෙන ගතිමි.

ඉන් අනතුරුව ඔහු අපට වෙනම නිවසක් තුල පදිංචි වීමට ඉඩ සලසා දුන්නේය. මෙයින් පසුව මා ඉස්ලාමය පිළිගැනීමට කැමති වූවද මගේ මවත් වැඩිමහල් සහෝදරියත් ඉස්ලාමයේ තිඛෙන යහපත දැන දැන එය පිළිගැනීමට මැලිකමක් දැක්වීය. ප්‍රථමයෙන් ඔවුන් මාද අධෛර්්‍යයට පත්කළ අතර පසුව මා ගත් තීරණයකට අනුව ලොව පාලනය කරන අල්ලාහ් හැර අන් දෙවියෙක් නොමැති බවත් එතුමා මේ විශ්වය මැවීමට පෙරත් සිටි අතර මේ විශ්වය විනාශ වූ පසුත් ඔහු සිටින බවත් එතුමාට මවක් පියෙක් හෝ දරුවන් නොමැති බවත් පිළිගෙන ඉස්ලාම් දහම වැළඳ ගතිමි.

මා මුස්ලිම් ආගම පිළිගත් පසු මේ ගැන මාහට හිතවත් කිතුණු යෙහෙළියකට පැවසුවෙමි. එවිට ඇය පැවසුවේ ඔබ උපතින්ම මුස්ලිම් නම් මා හට කම් නැත. නමුත් ඔබ කිතුණු ආගමේ සිට ආගම ගැන ඉගෙන ගෙන මුස්ලිම් වීම මා අනුමත කරන්නේ නැත. එවිට මා ඇයට පැවසුවේ මා කිතුණු දහම මෙන්ම ඉස්ලාම් දහමද ඉගෙන ගත් බවත් ඒ අවස්ථාවේ දී නිවැරදි දෙය තේරුම් ගැනීමට හැකිවූ බවත්ය.

ඇත්තෙන්ම කිතුණු දහමෙදී කිතු බැතියන් යේසුස් වහන්සේ(ඊසා නබි අෙලෙහිසලාම්)දෙවියන් වහන්සේගේ (අල්ලාහ්)පුත්‍රයා බවට විශ්වාස කරන අතර එතුමා දෙවි කෙනෙකු ලෙස අදහයි.

නමුත් බයිබලයේ පැරණි ගිවිසුමේ මෝසෙස්ගේ (මූසා නබි අෙලෙහිසලාම්) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ —මා හැර අන් දෙවිවරුන් තට ඇතිව නොසිටව යන්නයි˜ යේසුස් වහන්සේ(ඊසා නබි අෙලෙහිසලාම්) සැබෑ ලෙසම දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් දෙවියන් වහන්සේට(අල්ලාහ්ට) හැකිව තිබූණා අප හැර අන් දෙවිවරුන් තට ඇතිව නොසිටව යන්න ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමට එමෙන්ම බයිබලයේ සඳහන් වෙනවා ආබ්‍රහම් (ඉබ්‍රහිම් නබි අෙලෙහිසලාම්)තුමාද යේසුස් වහන්සේද(ඊසා නබි අෙලෙහිසලාම්) චර්මච්ඡේදනය කල බව නමුත් අද කිතුණු දහම තුල එවැනි දෙයක් සිදුනොවේ.

බයිබලයේ යේසු තුමා (ඊසා නබි අෙලෙහිසලාම්) පවසා තිඛෙනවා —මා පැමිණියේ ව්‍යවස්ථාව සම්පුර්ණ කිරීමට මිස ව්‍යවස්ථාව විනාශ කිරීමට නොවන බව˜

එසේ නම් අද කිතුණු සභාව තුල වනුයේ ව්‍යවස්ථාව කඩකිරීමක් බව මට වැටහුනි. ආරම්භයේදී ඉතා විනීතව අල්ලාහ්ට සතුට දනවන මාර්ගයේ ගමන් ගත් කිතුණුවන් අද ඔවුන් නොදැනම වැරදි මගකට යොමුවී ඇති බව මට හැඟණි. යේසුස් වහන්සේගේ (ඊසා නබි අෙලෙහිසලාම්) මව වන මරිය(මර්යම්) තුමියට කොටසක් ගරු කරති. තවත් කොටසක් වන්දනාද කරති. එහෙත් ඔවුන් හැඳ සිටින වස්ත්‍ර අනුව එතුමිය ජීවමානව වැඩසිටිනවා නම් පිහිට වීම කෙසේ වුවද එලවා ගනු නියතය. මෙසේ විකෘතිවූ දහමක් අදහන නූතන කිතුණුවන් ගැන මගේ හදවතෙහි නැගෙනුයේ ඉමහත් සංවේගයකි. මගේ අභිනව ආදර්ශකයාණන් වන මුහම්මද් නබි සල්ලල්ලාහු අෙලෙහිවසල්ලම් බලාපොරොත්තුව වූයේ මෙවැනි මුලාවීම කරණකොට ගෙන විනාශය කරා ගමන් කරන්නාවූ සියළුම දණන් හට නිවැරදි ජීවන මාර්ගය වන ඉස්ලාමය හඳුන්වා දීමයි. මෙලොව වසන්නාවූ සකල මුස්ලිම් වර්ගයා ගේම වගකීම සහ මෙහෙය විය යුත්තේද එයයි. නිවැරදි දහම සොයා මා පැමිණි ගමනෙන් අවසානයේදී නතරවූයේ විශ්ව දහම වන ඉස්ලාමය වැලඳ ගැනීමෙනි. ඒ සඳහා මට යහමග පෙන්වූ සර්වබලධාරී අල්ලාහ්ට දිවිහිමියෙන් නැමදුම් පුදමි. එසේම මට ඉස්ලාමය හඳුන්වා දුන් මගේ සහෝදරයා සහ නෑණාගේ අඩිපාරේ යමින් විනාශය කරා ගමන් කරන්නාවූ සියළුම දණන් හට නිවැරදි දහම වන ඉස්ලාමය හඳුන්වා දීමට දිවි හිමියෙන් කැපවෙමි.

අස්මා සිත්ති ෆර්සානා


ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.

සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා

කෙනෙකු මෙම විශ්වය, විශ්වයෙහි පවතින සුවිශාල නිර්මාණයන් කෙරෙහි තමන්ගේ අවධානය යොමුකළ විට මේ සියල්ල යම් සැලැස්මක් මත නිර්මාණය කරනු ලැබු බව අවබෝධ කරගනි. ශුද්ධවූ අල්කුර්ආනය එය මෙසේ සඳහන් කරයි.

—ඔබලා කල්පනා නොකළේද? සත්‍ය කාරණයකට මිස අල්ලාහ් අහස් හා පොළෝ නිර්මාණය නොකළේය.˜ (ශු කුර්ආන් 14: 19).

තවත් ස්ථානයක: —ඔවුන් අල්ලාහ් පිළිබඳ සිටගෙන සිටින විටත්, වාඩිවී සිටින විටත්, හාංසිවී සිටින විටත් සිහිපත්කරයි. තවද අහස් හා පොළෝ නිර්මාණයන් පිළිබඳ කල්පනාකරයි. හිමියනි. මේ සියල්ල ඔබ නිකමට නිර්මාණය නොකළේය ඔබ සුවිශුද්ධයි නිරයේ ගින්නේ ද~ුවමෙන් ද අපව ආරක‍ෂා කරනු මැන˜ යැයි ඔවුන් පවසයි.˜ (ශු කුර්ආන් 3: 191).

ලෝකයේ පවතින සියල්ල යම් ශක්තියකට බලයකට අවනතවී කි්‍රයාත්මක වෙයි.

මෙසේ මෙම විශ්වයෙහි සියල්ල ඔහුට අවනත වී ජීවත්වන විට බුද්ධිය කල්පනා කිරීමේ ශක්තිය ඇති මිනිසා පමණක් තමන් මවනු ලැබු එම අරමුණ නොදැන ජීවිත්වීම ඉතා කණගාටුදායක තත්ත්වයකි.

මිනිසා නිර්මාණය කරනු ලැබුවේ කුමක් සඳහාද යන අරමුණ ශුද්ධවු කුර්ආනය පැහැදිළි කරයි. —මා ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මාහට අවනත වීමට මිස නිර්මාණය නොකෙළෙමි˜ (ශු කුර්ආන් 51: 56).

තවත් සථානයක: —මරණය හා ජීවිතය නිර්මාණය කළේ ඔබලා අතුරින් කව්රුන් යහපත් කි්‍රයාවන් කර ශ්‍රද්ධාවන්ත පුද්ගලයන්වන්නේ යනු පර්්‍යයේෂණය කිරීම සඳහාය.˜ (ශු කුර්ආන් 67: 02).

මෙම විශ්වයෙහි ඉතා ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වන මිනිසා තමන්ට වඩා සෑම අතින්ම පහත් දේට වන්දනා මාන කරමින් සිටී. උදාහරණයට: ප්‍රතිමාවන්, ගස්, ගල්. ගින්න, ජලය, ඉර, හඳ, තාරකා, සාගරය, පෘතුවිය, ගවයා. තීක‍ෂණ බුද්ධියක් ඇති මිනිසා වෙනත් සියළු මිථ්‍යා විශ්වාසයන්ගෙන් මිදී අල්ලාහ්ට පමණක් අවනත වී ජීවත්විය යුතුයි. ලෝකයේ බහුතරයක්ම තමන් විසින් ඇතිකරගත් පිළිමයන්ට ප්‍රිතිමාවන්ට ගස්, ගල් ආදි දේට වන්දනා මාන කරති.

මෙම විශ්වයේ එකම නිර්මාතෘවරයා වන අල්ලාහ්ට පමණක් කෙනෙකු වන්දනා මාන කර ඔහුට පමණක් අවනතවී ජීවත්වන විට ඔහු —මුස්ලිම්˜ වශයෙන් හඳුන්වනු ලබයි. මෙම නාමය කෙනෙකුට ලැඛෙන්නේ අල්ලාහ්ට අවනතවී ජීවත්වන විට පමණයි. මිනිසා වෙනත් සියළු මිථ්‍යා විශ්වාසවලින්, මනඃකල්පිත දේවලින් මිදි, මුළුමනින්ම අල්ලාහ් දෙසට හැරෙන විට ඔහු මුස්ලිමෙකු වේ. කෙනෙකුගේ දෙලොව යහපත සඳහා අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ. ශුද්ධවූ අල්කුර්ආනය එය මෙසේ පවසයි:

—කව්රුන් ඉස්ලාම් හැර වෙනත් මගක් පිළිගනීද එය අල්ලාහ් ඉදිරියේ නොපිළිගැනේ. ඔහු විනිශ්ච දිනයෙහිදි පාඩු විදින්නෙකුද වේ˜ (ශු කුර්ආන් 3: 85).

මුස්ලිමෙකු වශයෙන් ජීවත්වෙන්නට කැමතිවන්නා අවංක සිතින් පහත සඳහන් පොරොන්දුව ගත යුතුයි: —අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහු, වඅෂ්හදු අන්න මුහම්මදර් රසුලූල්ලාහ්.˜ (යාඥා කරනු ලැබීමට එකම සුදුස්සා අල්ලාහ් හැර වෙනකිසිවෙකු නැත, තවද මුහම්මද් අල්ලාහ්ගේ ශාස්තෘවරයා බවත් මා ප්‍රතිඥා දෙමි.) මෙය කෙනෙකු අවංකව ප්‍රකාශ කළ විට ඔහු මුස්ලිමෙකු වේ. ඔහු දුන් මෙම ප්‍රතිඥාවට අබමල් රේණුවක තරම්වත් පටහැනිව ජීවත් නොවිය යුතුයි. අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන, නීති සම්පාදනය කිරීමේ බලය අල්ලාහ්ට පමණක් ඇති බව විශ්වාසය කර, යාඥාවන් තුළින් ඔහුගේ ඒකීයත්වය ස්ථාපිත කළ යුතුයි. අල්ලාහ්ට හැර වෙනත් කිසිවෙකුට කිසි දෙයකට දේවත්වය ඇති බව සිතීම හෝ දේවත්වයෙහි කොටසක් ඇති බව සිතීම හෝ බලවත් වරදකි.

අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබන කෙනෙකු ඔහු එකම දෙවියන් බවත්, ඔහුට කිසිදු අවශ්‍යතාවක් නැති බවත්, ඔහු උපත ලැබුවේද ඔහු දාව කව්රුත් උපතලැබුවේද නැත. ඔහුට සමානව කිසිවෙකු නැති බවත්, මනුෂ්‍යයින්ට ඇති සියළු දුර්වලතාවන්ගෙන් ඔහු සුවිශුද්ධ බවත් විශ්වාසකළ යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි අල්ලාහ් මෙසේ පවසයි: —අල්ලාහ් හැර ඔවුන් ප්‍රාර්ථනා (වන්දනා මාන) කරන දේ කිසිදෙයක් නිර්මාණය නොකළේය, තවද ඔවුන් නිර්මාණය කරනු ලැබුවන්ය. ඔවුන් ජීවතුන් අතර නොමැති මළවුන්ය, ඔවුන් යළි නැගිට්ටුවනු ලබන්නේ කෙදිනක යැයි ඔවුන් නොදන්නේය.˜

(ශු.කුර්ආන් 16: 20, 21).

—අල්ලාහ් හැර ඔබ ප්‍රාර්ථනා (වන්දනා මාන) කරන දේ ඔබලා මෙන් දාසයන්ය. ඔබලාගේ ප්‍රකාශයෙහි ඔබලා සත්‍යවන්තයින් නම් ඔබගේ කන්නලව්වට ඔවුන් පිළිතුරු දිය යුතයි.˜ (ශු කුර්ආන් 7: 194).

—අල්ලාහ් හැර ඔබලා ප්‍රාර්ථනා කරන දේ ඔබලාට පිහිටවීමට නොමැති දේවල්ය, තවද ඔවුන් තමන්ට පවා පිහිටවීමට නොහැකිය.˜ (ශු කුර්ආන් 7: 197).

නිර්මාතෘවරයාට පමණක් යාඥා කිරීමටත් ඔහු ඉදිරියේ පමණක් ප්‍රාර්ථනා කිරීමටත් අණකරන ඉස්ලාම්, නිර්මාණයන් ඉදිරියේ වැඳ වැටීම මුළුමනින් තහනම් කරයි. අල්ලාහ් කෙරෙහි මුළුමනින් විශ්වාසය තබා ඔහු විසින් එවනු ලැබූ අවසන් ශාස්තෘවරයානන් මුහම්මද් නබි (සල්) තුමන් අනුගමනය කරමින් ජීවත්විය යුතුයි. එතුමන් මෙම මිහිතලය මත අවුරුදු හැට තුනක් ජීවත්වුනේය. එතුමන්ගේ හතළිස් වැනි වියෙහිදි අල් කුර්ආනය අනාවරණය වීමට ඇරඹීමත් සමග එතුමන් ශාස්තෘවරයෙකු බවට පත්විය. එතුමන්ගේ අවසන් අවුරුදු විසි තුන හැම මුස්ලිමෙකු විසින් අනුගමනය කළ යුතු කාලයයි.

ඉන් පසු ඔහු දිනකට පස්වතාවක් සලාතය ස්ථාපිත කිරිම අනිවාර්්‍ය වෙයි. එම සලාතයන් නියමිත වේලාවන් හීදි ඉටු කළ යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි:

—නියත වශයෙන්ම සලාතය විශ්වාසවන්තයින් හට නියමිත වේලාවන්හීදි ඉටුකළ යුතු අනිවාර්්‍ය යාඥාවකි˜ (ශු කුර්ආන් 4: 131).

සලාතය යනු දාසයෙකු අල්ලාහ් හමුවන, ඔහු සමග කථා බහ කරන ඉතා වැදගත් අවස්ථාවකි. මෙම වටිනා උතුම් අවස්ථාව කෙනෙකුට ලබාගත හැකිවන්නේ සලාතය තුළිනි. වරක් මුහම්මද් නබි (සල්) තුමාණන් පවසන විට

—දාසයා තම හිමියන්ට ඉතා සමීපව සිටින අවස්ථාව නම් ඔහු සලාතයෙහි තම නළල පොළොව මත තබන (සජ්දා) අවස්ථාවයි. එවිට ඔබ අධිකලෙස ප්‍රාර්ථනාවන්හි නියැලෙන්න.˜

කෙනෙකු සලාතයට අවතීර්ණවෙන්නට පෙර තම සිරුරෙහි සමහර පෙදෙස් දෝවනය කර ගත යුතුයි. දෝවනයෙන් තොර සලාතය නොපිළිගැනේ.

අවසන් විනිශ්ච දිනයෙහිදි කෙනෙකුගේ යාඥාවන් අතුරින් ප්‍රථමයෙන් ප්‍රශ්න කරනු ලබන්නේ ඔහුගේ සලාතය පිළිබඳවයි. සලාතය නිවැරදි නම් ඔහුගේ අන් සියළු කි්‍රයාවන් යහපත් වනු ඇත. සලාතයෙහි අඩු පාඩුකම් ඇති වූ විට ඔහුගේ සෙසු සියළු කි්‍රයාවන්හි අඩු පාඩු ඇති වේ.

සලාතය තුළින් අල්ලාහ් අපේක‍ෂා කරන්නේ කුමක්ද? —නියත වශයෙන්ම සලාතය කෙනෙකුව වැරදි, නීච කි්‍රයාවලින් වළක් වයි.˜ (ශුකුර්ආන් 29: 45).

මෙයයි කෙනෙකු සලාතය තුළින් ලබාගත යුතු පන්නරය. සලාතය ස්ථාපිත කිරීම තුළින් සමාජයෙහි යහපත් පුරවැසියන් බිහිවිය යුතුයි යන්න අල්ලාහ් අපේක‍ෂා කරයි. සලාතය ස්ථාපිත කරන කෙනෙකු එය අල්ලාහ්ට බියවී ඉටු කරයි. එම බිය ඔහුගේ ජීවිතයේ වෙනත් හැම අවස්ථාවකදීම රඳා පැවතිය යුතුයි. පිරිමීන් එම සලාතය සමූහව ඉටුකළ යුතුයි.

කෙනෙකුගේ උරහිස සමග තවත් කෙනෙකෙගේ උරහිස ගැටී එකම පෙළක සිට සමූවහ දිනකට පස් වතාවක් මෙම සලාතය කෙනෙකු ඉටුකරන විට මට වඩා අන් අය පහත් යන හැගීම ඔහුගේ සිතෙන් පහවී යයි, ඒ වගේම මිනිසුන් අතර සමානත්මතාවය, එකමුතුකම, අන් අයගේ ඕනෑ ඒපාකම් සොයා බැලීමට මෙය හේතු කාරණා වේ.

සකාත් හෙවත් ශුද්ධකාරක බද්ධ.

මෙය මිළ මුදල් සම්පත්වලට හිමිකම් කියන්නන්  අවුරුද්දකට වරක් තමන්ගේ මිළ මුදල්වලින් සියට දෙකහමාරක් ගණන් බලා ගෙවිය යුතුයි. මෙය මිනිස් සමාජය තුළ නියමාකාරයට ඉටු වෙයි නම් දුප්පත් අසරණයින්ගේ සංඛ්‍යාව බොහෝ දුරට අවම කරන්නට ඉඩ තිබිනි. නමුත් අවසනාවන්තවාට මෙන් බොහෝ අය මෙයට වැරදි අර්ථකථනයන් දී රුපියලක් දෙකක් යාචකයන්ට දී මෙයයි සකාත් බද්ධ කියා සිතාගෙන සිටිති මොවුන් අල්ලාහ්ව මංමුළාකරන්නට උත්සහ කරති, නමුත් ඔවුන්ම ඔවුන්ව මංමුළා කරගනිති. සකාත් නම් එම උසස් යාඥාවෙන් ඉස්ලාම් අපේක‍ෂා කරන්නේ කුමක්ද?

—ශාස්තෘවරයානනි, ඔවුන්ගේ මිළ මුදල්වලින් බද්ධ අයකරගන්න ඔවුන් පරිශුද්ධකරන්න˜ (ශු කුර්ආනය 9: 103).

සකාත් (ශු,ද්ධකාරක) බද්ධ, ඇති නැති පරතරය සමාජයෙන් තුරන් කිරීම සඳහා ඉස්ලාම් යෙදු ඉතා උසස් වැඩපිළිවෙලකි. මිනිසා හැම තප්පරයකම සිහිපත් කළ යුතු ඉතා වැදගත් කරුණක් නම්, මට මෙම මිළ මුදල් සම්පත් අල්ලාහ් විසින් පිරිනැමුනු දයාදයන් මට ඔහු කෙසේ මිළ මුදල් වියදම් කරන්නට අණ කරන්නේද එම යහපත් මාර්ගයෙහි එය වියදම් කළ යුතුයි. වත්මන් සමාජයෙහි සොරකම, කොල්ලකෑම් වැඩිවීමට මෙම සකාත් නම් ශුද්ධකාරක බද්ධ නිසිලෙස ගණන් බලා නොගෙවීමත් හේතුවක් වෙයි.

අවසන් විනිශ්ච දිනයෙහි හැම කෙනෙකුම ප්‍රශ්න හතරකට පිළිතුරු සැපයිය යුතුයි. එම ප්‍රශ්නවලට පිළිතුරු නොදි ඔවුන්ගේ දෙපා සෙළවීමට පවා නොහැකිය. එම ප්‍රශ්න අතුරින් එකක් නම්: ඔබ මුදල් ඉපැයුවේ කෙසේද? එය වියදම් කළේ කෙසේද?

රමලාන් මස උපවාසයෙහි යෙදීම.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ කියයි: —විශ්වාසවන්තයිනි, ඔබට පෙර සිටි සමාජයන්ට උපවාසය අනිවාර්්‍ය කළාක් මෙන් ඔබටත් උපවාසය අනිවාර්්‍ය කර ඇත. ඒ තුළින් ඔබ බිය බැතියන් විය හැක˜ (ශු අල්කුර්ආනය 2: 103).

අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් නබි (සල්) තුමන්ගේ ප්‍රකාශය ද මෙය පැහැදිළි කරයි: —කව්රුන් අසත්‍ය කථා කිරිමෙන් ඒ අනූව කි්‍රයා කිරිමෙන් නොවැළක්වුනේද ඔහු කුසගින්නෙන් හා පිපාසයෙන් පසුවීමෙන් අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවක් නැත.˜

ඉහත සඳහන් කළ කුර්ආන් වාක්‍යයෙන්, නබි වදනින් තහවුරු වන ඉතා වැදගත් කරුණ නම් කෙනෙකු කුසගින්නෙන් හා පිපාසයෙන් පසුවීම පමණක් මෙහි අරමුණ නොවේ. ඒ වෙනුවට ඔහු වැරදි ක්‍රියාවන්ගෙන්, පහත් ලෙස හැසිරිමෙන් වැලකී සිටිය යුතුයි. ඔහු කෙසේ අල්ලාහ්ට බියවී ආහාර පාන ගැනීමට අවස්ථාව තිබියදීත් එයින් ඈත්වී සිටියේද, එලෙසම වැරදි කි්‍රයාවන් කිරිමට, අන් අය මුලාකිරිමට, අන් අයට හිංසා පීඩා කිරිමට සිතන හැමවිටම ඒ විශ්වාසය ඔහු තුළ පැවතිය යුතුයි. උපවාසය අනිවාර්්‍ය කළ අල්ලාහ් දෙවියන් අපෙන් අපේක‍ෂා කරන්නේ මෙම උතුම් ගුණාංගයන් අප තුළ පිහිටිය යුතු යන්නයි.

උපවාසයෙහි වැදගත්කම: —කව්රුන් විශ්වාසයෙන් යුතුව යහපත් ප්‍රතිඵල අපේක‍ෂා කරමින් උපවාසයෙන් පසුවෙයිද ඔහුගේ පෙර කළ සියළු පාපයන් කමා කරනු ලැබේ˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ.

හජ් කර්තව්‍ය.

ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන්වෙයි: —එම නිවසෙහි අල්ලාහ් වෙනුවෙන් හජ් ඉටු කිරීම එහි ගොස් ඒමට ශක්තයි ඇති අයට අනිවාර්්‍ය වේ˜. (ශු.කුර්ආනය 3: 98). කායිකව හා මුදල්මය වශයෙන් හැකියාව ඇති අය ජීවිතයේ එක් වතාවක් හජ් ඉටු කිරීම අනිවාර්්‍ය වේ.

—වැරදි ලෙස නොහැසිරි, පාපිෂ්ට කි්‍රයාවන් නොකර කව්රුන් අල්ලාහ් වෙනුවෙන් හජ් ඉටුකළේද ඔහු එදින උපත ලද් දරුවෙකු සේ යළි පැමිණෙන්නේය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. ඔහුගේ සියළු පාපයන් සමාකරනු ලැබේ, ඔහු පරිශුද්ධ වන්තයෙකු බවට ද ප්තවෙයි.

—පිළිගත් හජ් කර්තව්‍යයට ප්‍රසාදය ස්වර්ගය මිස නොමැත˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. කුමන දේශයට අයත් අය විය හැක, කුමන භාෂාවන් කථා කරන්නන් විය හැක, කුමන වර්ණයෙන් යුත් අය විය හැක හැමෝම එක හා සමානව සුදු ඇදුමකින් සැරසි යාඥාවන්හි නිරතවන එම ස්වර්ණමය අවස්ථාව හජ් කර්තව්‍ය තුළින් ලෝකවාසි ජනතාවට ඉස්ලාම් උදාකර දෙයි. විද්‍යාව තාක‍ෂණය දියුණුවුනු මෙවන් යුගයක පවා පංති භේදයන්, කුල භේදයන්, වර්ණ භේදයන් සමාජයෙන් මුලි නුපුටා දැමීමට නොහැකි අවස්ථාවක ඉස්ලාම් මෙම සියළු භේදයන් අතුගා දමා සමානත්මතාවය මුළු ලෝකයාටම හජ් කර්තව්‍ය තුළින් ඔප්පුකරයි.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —මනුෂ්‍යයිනි, අපි ඔබව එක් පිරිමියෙකුගෙන් හා එක් කාන්තාවකගෙන් නිර්මාණය කළෙමු.˜ (ශු,කුර්ආනය 49: 13).

අවසන් ශාස්තෘවරයානන් වරක් මෙසේ පැවසූහ: —අරාබ් ජාතිකයාට අරාබි නොවන්නාට වඩා කිසිදු උත්තරීතර භාවයක් හිමි නොවන්නේය.˜ මෙම සියළු ප්‍රකාශයන් වචනයට පමණක් සීමා නොකර එය ප්‍රයෝගීකව ඉටු කිරීමක් වශයෙන් ඉස්ලාම්හි යාඥා ක්‍රම පවති. සලාතය අනිවාර්්‍ය කළ ඉස්ලාම් එය සමූහව ඉටු කිරීමට අණ කිරීම තුළින් සමාජ භේදයන් වනසා සමානත්මතාවය තහවුරු කරයි. ඒ වගේම හජ් කර්තව්‍ය තුළින් මුළු ලෝකවාසි ජනතාව අතරම මෙම සමානත්මතාවය ඇතිකිරීමට වෙරදරයි.

සහෝදරයාæ සහෝදරිය. ඉස්ලාම් නියමිත භාෂාවකට හෝ දේශයකට හෝ කුලයකට හෝ වර්ණයකට හෝ අයිති ආගමක් නොවෙයි` එය මුළු මානව සංහතිය වෙනුවෙන් දායාද කරනු ලැබු ජීවන සැලැස්මකි.

ඉස්ලාම්හි උපතින් වර්ණයෙන් භාෂාවෙන් කුලයෙන් කෙනෙකු උසස්වීමට හෝ පහත්වීමට නොහැක.

ඉස්ලාමය තුළ සර්ව බලධාරි දෙවියන් අතර හා මනුෂ්‍යයින් අතර කිසිදු තැරැව්කරුවෙකු හෝ මැදිහත්කරුවෙකු නොමැත. තවද කිසිදු ජ්‍යෙතිෂ්‍යවේදියෙකුට හෝ ශාස්ත්‍රකාරයෙකුට මංමුළා කිරීමට ඉඩ ප්‍රස්තාව නැත.

ඉස්ලාම්හි ඒකීය දෙවියන් ඉදිරියේ හැර වෙන කිසි කෙනෙකු ඉදිරියේ වෙන කිසි දෙයක් ඉදිරියේ තමන්ගේ ආත්ම ගරුත්වය කෙලෙසන ආකාරයට වැඳ වැටීමට හෝ හිස නමා ආචාර කිරීමට හෝ නොහැක. වැඳ වැටීම සිරස නමා ආචාර කිරීම ඇතුළු සියළු ගරු කිරීම් එකීය දෙවියන්ට පමණක් හිමිය. මෙය ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්තියකි.

ඉස්ලාමීය සියළු නීති රීතින් බුද්ධි ගෝචරය. ඉතා ඥානාන්විතයæ කාලෝචිතයæ සැමටම ගැලපෙන්නේය. පිළිපැදීමට පහසුයæ සෑම කලකටම ගැලපෙන්නේය,ශත වර්ශ දා හතරක් ගෙවී ගියද කිසිදු සංශෝධනයක් අල්-කුර්ආනයේ හෝ ඉස්ලාමීය නීති රීතින්වල සිදු නොවීය. එවැනි අවශ්‍ය තාවක්ද මතු නොවීය.

මිනිසා උපත පටන් මරණයට පත්වන තෙක් මුහුණදෙන්නාවූ සියළු අර්බුදයන්ට නියම ආකාරයට ඉස්ලාම් පිළිතුරු සපයයි. මිනිසා තමන්ගේ ආත්ම ගරුත්වය රකිමින් හිතට එකඟව ජීවත්වීමේ මාර්ගය විවර කරයි. එම නිසා ඉස්ලාමයේ ඉගැන්වීම් නියම ආකාරයට දැන හඳුුන ජීවිතයට පරිවර්තනය කරගැනීමට ප්‍රමාද නොවන්න.

සකස් කිරීම: අබූ අස්මා

දෑවැද්ද-ඉස්ලාමය කුමක් කියයිද ?