Tag Archives: අල්ලාහ්

සහෝදරයාගේ අඩිපාරේ යමින් මාද ඉස්ලාමය වැළඳ ගතිමි

උපතින්ම කිතුණුවෙක් වූ මා නමින් කි්‍රස්ටිනා මනතුංගය. සහෝදරයන් දෙදෙනෙකුත් සහෝදරියන් හතරදෙනෙකින් යුත් මගේ පවුලේ බාලයා වූයේ මාය. මාගේ දෙමාපියන් උපතින්ම බෞද්ධයන් වූ අතර පසුව ඔවුන් කිතු දහම වැළඳ ගත්තෝ වෙති. ඔවුන් කිතුණුවන් වූ පසුව ඉපදුන නිසා පවූලේ උපතින්ම කිතුණුවෙක් වූයේ මා පමණ’.

කුඩා කල පටන් දේවස්ථානයට යමින් දේව වචනය උගත් මා ආගමික අතින් විවිධත්වයක් ඉසුලු අප රටේ නිවැරදි දහම කුමක්ද? යන්න සිතමින් කල්ගෙවීමි. මන්දයත් මා පවුලේ සියලු දෙනා කිතුණුවන් වූවද ඔවුන් තුලින් මා ලත් ආදර්ශයක් නොවීය. මා පවුල තුල නිතර දක්නට ලැබුවේ දෙමාපියන් අතර හා සහෝදර සහෝදරියන් අතර වූ ගැටුම්ය. මා පෙර පාසල් යන වියේදී මගේ පොඩි අයියා නිවසින් පිටවූණි. ඔහු මුළු මනින්ම පවුලේ අනිත් අයට වඩා වෙනස් අදහස් ඇති අයෙකි. ඉන් පසුව ඔහුව මුණගැසීමට හෝ ඔහුත් සමග කථා කිරීමට මට අවස්ථාවක් නොවීය.

ඉන් පසුත් පවුල තුල විශාල ලෙස ගැටුම් ඇති වීය. මේ අතර තුර කාලයේ මා පාසල් ගිය අතර පාසල තුලදී අනිකුත් සියලු විෂයන් අරඹයා මා කිතුණු දහමට ලකුණූ ලබා ගතිමි. මෙසේ කාලය ගතවිය. මේ වන විට මගේ පොඩි අයියා විවාහ වී සිටි අතර ඔහු කොළඹ පදිංචි වී සිටියේය.

මා දහසය වන වියට පා තබන විට දවසට තෙවරක් යාච්ඥා කරන මගේ පියාත් සැම විටම ක්‍රිස්තුස් වහන්සේගේ ගැන කියාදෙන මවත් අතර ගැටුම් උග්‍ර විය. මෙයින් මා සිත ඛෙහෙවින් කළකිරී තිබුණි. අවසානයේදී දෙදෙනා වෙන්විය. ඒ වන විට පවුලෙන් ඉවත්ව සිටි මගේ වැඩිමල් සහෝදරයා අපට උපකාර නොකර ඉවත බලා ගත්තේය. විවාහ වී සිටි සොහොයුරියගෙන්ද සරණක් නොවීය. මගේ වැඩිමල් සහෝදරයා බෞද්ධ කාන්තාවක් විවාහ කරගෙන සිටින අතර ඔවුන් කිතුණු දහම අදහති. විවාහ වී සිටි සොහොයුරියගේ සැමියා බෞද්ධ නිසා ඔවුන් අදහන්නේ බුදු දහමයි. මෙම සිදුවීම තුළ මගේ දේවස්ථානයේ ඇතැම් පුද්ගලයන් ක්‍රියා කල ආකාරය ගැනද මා සිත ඛෙහෙවින් කළකිරී තිබුනි. ඉන් පසුව මාත් මගේ මවත් මගේ වැඩිමහල් සහෝදරියත් විසුවේ පොඩි අයියාගේ නිවසේය.

මා දෙමාපියන් මගේ අයියාට නිවසේ සිටි කාලයේදී විවිධ කෙණහිලිකම් සිදු කළද ඔහු අපව නිවසට ගෙන විත් අපට කරුණාවෙන් සැලකීම ගැන මා හට පුදුම සිතුනි. එම නිවසේදී මාහට දැන ගැනීමට හැකිවූයේ මොහු ඉස්ලාම් දහම පිළිගෙන ඇති බවයි. මා ඔහුගේ ඡීවිතය තුලින් අප පවුලේ අනිකුත් පුද්ගලයන්ගේ ඡීවිත වලට වඩා විශාල වෙනසක් දුටුවේය. එබැවින් මා ඉස්ලාම් දහම ඉගෙන ගැනීමට උත්සුක වූයෙමි. මා පොතපතින්ද මාගේ අයියාගෙන්ද ඔහුගේ බිරිඳ ගෙන්ද ඉස්ලාමය ගැන ඉගෙන ගතිමි.

ඉන් අනතුරුව ඔහු අපට වෙනම නිවසක් තුල පදිංචි වීමට ඉඩ සලසා දුන්නේය. මෙයින් පසුව මා ඉස්ලාමය පිළිගැනීමට කැමති වූවද මගේ මවත් වැඩිමහල් සහෝදරියත් ඉස්ලාමයේ තිඛෙන යහපත දැන දැන එය පිළිගැනීමට මැලිකමක් දැක්වීය. ප්‍රථමයෙන් ඔවුන් මාද අධෛර්්‍යයට පත්කළ අතර පසුව මා ගත් තීරණයකට අනුව ලොව පාලනය කරන අල්ලාහ් හැර අන් දෙවියෙක් නොමැති බවත් එතුමා මේ විශ්වය මැවීමට පෙරත් සිටි අතර මේ විශ්වය විනාශ වූ පසුත් ඔහු සිටින බවත් එතුමාට මවක් පියෙක් හෝ දරුවන් නොමැති බවත් පිළිගෙන ඉස්ලාම් දහම වැළඳ ගතිමි.

මා මුස්ලිම් ආගම පිළිගත් පසු මේ ගැන මාහට හිතවත් කිතුණු යෙහෙළියකට පැවසුවෙමි. එවිට ඇය පැවසුවේ ඔබ උපතින්ම මුස්ලිම් නම් මා හට කම් නැත. නමුත් ඔබ කිතුණු ආගමේ සිට ආගම ගැන ඉගෙන ගෙන මුස්ලිම් වීම මා අනුමත කරන්නේ නැත. එවිට මා ඇයට පැවසුවේ මා කිතුණු දහම මෙන්ම ඉස්ලාම් දහමද ඉගෙන ගත් බවත් ඒ අවස්ථාවේ දී නිවැරදි දෙය තේරුම් ගැනීමට හැකිවූ බවත්ය.

ඇත්තෙන්ම කිතුණු දහමෙදී කිතු බැතියන් යේසුස් වහන්සේ(ඊසා නබි අෙලෙහිසලාම්)දෙවියන් වහන්සේගේ (අල්ලාහ්)පුත්‍රයා බවට විශ්වාස කරන අතර එතුමා දෙවි කෙනෙකු ලෙස අදහයි.

නමුත් බයිබලයේ පැරණි ගිවිසුමේ මෝසෙස්ගේ (මූසා නබි අෙලෙහිසලාම්) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ —මා හැර අන් දෙවිවරුන් තට ඇතිව නොසිටව යන්නයි˜ යේසුස් වහන්සේ(ඊසා නබි අෙලෙහිසලාම්) සැබෑ ලෙසම දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් දෙවියන් වහන්සේට(අල්ලාහ්ට) හැකිව තිබූණා අප හැර අන් දෙවිවරුන් තට ඇතිව නොසිටව යන්න ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමට එමෙන්ම බයිබලයේ සඳහන් වෙනවා ආබ්‍රහම් (ඉබ්‍රහිම් නබි අෙලෙහිසලාම්)තුමාද යේසුස් වහන්සේද(ඊසා නබි අෙලෙහිසලාම්) චර්මච්ඡේදනය කල බව නමුත් අද කිතුණු දහම තුල එවැනි දෙයක් සිදුනොවේ.

බයිබලයේ යේසු තුමා (ඊසා නබි අෙලෙහිසලාම්) පවසා තිඛෙනවා —මා පැමිණියේ ව්‍යවස්ථාව සම්පුර්ණ කිරීමට මිස ව්‍යවස්ථාව විනාශ කිරීමට නොවන බව˜

එසේ නම් අද කිතුණු සභාව තුල වනුයේ ව්‍යවස්ථාව කඩකිරීමක් බව මට වැටහුනි. ආරම්භයේදී ඉතා විනීතව අල්ලාහ්ට සතුට දනවන මාර්ගයේ ගමන් ගත් කිතුණුවන් අද ඔවුන් නොදැනම වැරදි මගකට යොමුවී ඇති බව මට හැඟණි. යේසුස් වහන්සේගේ (ඊසා නබි අෙලෙහිසලාම්) මව වන මරිය(මර්යම්) තුමියට කොටසක් ගරු කරති. තවත් කොටසක් වන්දනාද කරති. එහෙත් ඔවුන් හැඳ සිටින වස්ත්‍ර අනුව එතුමිය ජීවමානව වැඩසිටිනවා නම් පිහිට වීම කෙසේ වුවද එලවා ගනු නියතය. මෙසේ විකෘතිවූ දහමක් අදහන නූතන කිතුණුවන් ගැන මගේ හදවතෙහි නැගෙනුයේ ඉමහත් සංවේගයකි. මගේ අභිනව ආදර්ශකයාණන් වන මුහම්මද් නබි සල්ලල්ලාහු අෙලෙහිවසල්ලම් බලාපොරොත්තුව වූයේ මෙවැනි මුලාවීම කරණකොට ගෙන විනාශය කරා ගමන් කරන්නාවූ සියළුම දණන් හට නිවැරදි ජීවන මාර්ගය වන ඉස්ලාමය හඳුන්වා දීමයි. මෙලොව වසන්නාවූ සකල මුස්ලිම් වර්ගයා ගේම වගකීම සහ මෙහෙය විය යුත්තේද එයයි. නිවැරදි දහම සොයා මා පැමිණි ගමනෙන් අවසානයේදී නතරවූයේ විශ්ව දහම වන ඉස්ලාමය වැලඳ ගැනීමෙනි. ඒ සඳහා මට යහමග පෙන්වූ සර්වබලධාරී අල්ලාහ්ට දිවිහිමියෙන් නැමදුම් පුදමි. එසේම මට ඉස්ලාමය හඳුන්වා දුන් මගේ සහෝදරයා සහ නෑණාගේ අඩිපාරේ යමින් විනාශය කරා ගමන් කරන්නාවූ සියළුම දණන් හට නිවැරදි දහම වන ඉස්ලාමය හඳුන්වා දීමට දිවි හිමියෙන් කැපවෙමි.

අස්මා සිත්ති ෆර්සානා


අති පාරිශුද්ධවූත්, මහා කාරුණිකවූත්, පරම දයාබර වූත් අල්ලාහ්

ගින්දර යුගයේ සිට අඟහරු යුගය දක්වා භෞතික වශයෙන් අනේක විධ යෝධ පියවරවල් තබමින් ඉතා සීඝ්‍ර ලෙස තාක‍ෂණික ලොවට අවතීර්ණ වූ නව යුගයේ මිනිසා මෙතෙකුත් තම පහත් හැඟීම් හා මිලේච්ඡ ආශාවන් වෙතින් මිදී ඉදිරියට ඒ මේ ප්‍රවණතාවයක් පෙන්නුම් නොකිරීම නව යුගයේ මුළු මානව සංහතියටම අති විශාල අභියෝගයකි.

මිනිසා අති විශාල වශයෙන් භෞතික වස්තූන් කෙරෙහි සම්බන්ධතා වර්ධනයෙහිලා ඉදිරියෙන් සිටියද, මිනිසාගේ සිත නොදියුණු වනචාරි යුගයක පැවතීම මිනිසා ලබාගත් සියලූ ද්‍රව්‍යමය වර්ධනයන් ක‍ෂණිකව විනාශ කිරීම පමණක් නොව මුළු මිනිස් සංහිතයම දරුණු ආගාධයක් කරා තල්ලූ කිරීමකි.

මිනිසා භෞතික හා ලෞකික වශයෙන් ලබාගත් දියුණුවේ සාර්ථකත්වය රඳා පවතිනුයේ ඔහු තමා හා විශ්වය පිළිබඳ ලබා ගන්නා වූ නිවැරදි දැනුම ආශ්‍රයෙනි.

මිනිසාගේ දැනුම, බුද්ධිය හා අවබෝධය සැලකීමෙහිලා, කිසියම් සීමාවකට කොටුවී ඇති බව පැහැදිලිය.

විශ්වයේ සර්ව බලධාරියා වූ අල්ලාහ් මිනිසාව ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙස පෘථීවියට ප්‍රවේශ කර මුලූ පෘඵිවි තලය තුළම මිනිසාව ඇගයීමට ලක් කර ඇත.

කාලයේ මැවුම් කරුවූ අල්ලාහ් ඒ කාලය තුළ මිනිසාව සිර කර ඇත.

පෘථීවියේ මැවුම් කරුවූ අල්ලාහ් අවකාශය තුළ මිනිසාව වෙල ඇත.

ආලෝකයේ මැවුම් කරුවූ අල්ලාහ් මිනිසාව ඒ ආලෝකයට වහල් කර ඇත.

අන්ධකාරයේ මැවුම් කරුවූ අල්ලාහ් මිනිසාව ඒ අන්ධකාරයේ අවශ්‍යතාවය කෙරෙහි ගොනු කර ඇත.

මේ වූ ආකාරයට ඉර, හඳ, ග්‍රහ තරු හා සුවිශාල විශ්වයන්ගේ මැවුම් කරුවූ සර්ව බලධාරි අල්ලාහ් පෘථීවි තලයෙහි තම උසස් නිර්මාණයක් වූ මිනිසාට අවශ්‍ය සියල්ල කිසිම අතපසුවීමකින් තොරව අංග සම්පූර්ණ කර ඇත. ඒ අනූව මිනිසාගේ බුද්ධියේ වර්ධනය ද වරින් වර අල්ලාහ් විසින් වර්ධනය කර ඇත. මිනිස් අවශ්‍යතාවයට සරිලන ආකාරයට ඒ හා සමාන වූ දැනුමක් මිනිසාට ලබා දෙන්නේද අල්ලාහ්ය. උදාහරණ වශයෙන් ගල් අඟරු, ඛනිජ තෙල්, ගෑස්, පරමාණු බලය, යනාදි ලෙස මිනිසාට අවබෝධය මඟ පෙන්වීම් කරන්නේ අල්ලාහ්ය. මේ සියලූ බල ශක්තීන් මිනිස් අවශ්‍යතාවන්ය. ඒවා අවශ්‍ය වකවානු තුළ මිනිස් බුද්ධියට මඟ පෙන්වනු ලබන්නේද, අල්ලාහ්ය.

මිනිසා විසින් හිරුට අවශ්‍ය හීලියම් වායුව සැපයුම් කළ යුතු නැත. වාතයට ඔක්සිජන් හෝ ජල වාෂ්ප සැපයිය යුතු නොවේ. ඒ සියල්ල අල්ලාහ් විසින් ක්‍රමවත්ව සූක‍ෂම හා සැලසුම් සහගතව සිදුකරන්නේය.


විශ්වයේ හා පෘථීවියේ අවධානය යොමු කළ විට මිනිසා වෙනුවෙන් අල්ලාහ් විසින් ප්‍රදානය කරන ලද්දාවූ දායාදයන් මිනිසාට ගිණුම් ගත කිරීමට බැරී තරමට ඉමහත්ය.

—මිනිසාගේ නිර්මාතෘ අල්ලාහ්ය. ඔහු මිනිසාට කථීකත්වය හා අවබෝධය ලබා දුන්නේය. හිරු හා සඳු ඒවාට නිශ්චිත කරනු ලැබුවා වූ මාර්ගයෙහි ගමන් කරන්නේය, ගස් වැල් ශාක යනාදිය අල්ලාහ්ව පිදුම් කරන්නේය, අහස මැවූ අල්ලාහ් එය උස් කළේය, මිනුම සමතුළිත භාවය හා යුක්තිය පිහිටුවාලූයේ මිනිසා එම සමතුළනයෙහි, සීමාව නො ඉක්මවාලීමටයි, යුක්ත ලෙස මිනුමෙහි යෙදෙන්න. එහි අඩුවක් නොකරන්න. තවද ඔහු පෘථීවිය මවා එය මැවීම්වලට උචිත කළා. එහි පලතුරු හා රට ඉඳි ගස්ද තිඛෙන්නේය. තවද පොතු සහිත ධාන්‍යයද, සුගන්ධය දෙන්නාවූ පැළෑටිද ඇත්තේය.˜ (ශු කුර්ආන් 55: 1- 12).

අල්ලාහ් විසින් මිනිසාට පමණක් නොව ස්වභාව ධර්මයටද ජීවය ලබා දී ඇත. හිරු සඳු, තාරකා සියල්ල අල්ලාහ්ගේ අණ පිළිපැද නිශ්චිත මාර්ගයෙහි ගමන් කරන්නේය, ඒ සිය්ලල මිනිසාට සේවය කිරීමට බැඳී සිටින්නේය.

—සූර්යයා, චන‍ද්‍රයා යන දෙපල තමන්ට නිශ්චිත මාර්ගයෙහිලා ගමන් කිරීම කෙරෙහි ඔබට අවනත කර දී ඇත.˜ (ශුද්ධවූ කුර්ආන් 14: 33).

තවද ගස්වැල් හා යෝධ ඝනයේ ශාක ගැන සලකා බැලීමේදි පරිසරයේ වැදගත්ම සාධකය ශාක බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. අප වෙසෙන්නා වූ භූමියෙන් තුනෙන් එකක් ගස් වැල් වලින් ගහනය වී ඇති බව පෙනීයයි. පරිසර සංරක්ෂණයට බලපාන මේ ශාක මගින් වාතය පවිත්‍ර කර, ජල සැපයුම් ක්‍රමවත් කර, ලක‍ෂ සංඛ්‍යාත පක‍ෂීන්ට හා සතුන්ට නවාතැන් සපයන්නේය, තවද මෙම ශාක කාබන්ඩයොක්සයිඩ් වාතය හා වෙනත් වායු ස්වසනය කර පෘථීවියේ ශිතෝෂණ භාවය ආරක‍ෂා කර පරිසර සමතුළනය රැකදෙන්නේය. මිනිසාට වැළෙඳන්නාවූ ලෙඩ රෝග සුව කිරීමට ලබා ගන්නා වූ ඖෂධ 3000 ක් වූ ශාක වර්ගයෙන්ම ලබා ගන්නේය. මේ මඟින් පිළිකා සඳහාද ඖෂධ ලබාගන්නේය. මේ ශාක වර්ග 2000 ක් ම ඇමසන් වනයෙහි පවතින්නේය.

ඉස්ලාමීය දෘෂ්ටිය අනූව අහස පොළොව, අවකාශය, කඳු, ගස්වැල්, අහසේ සැරිසරන්නාවූ පක‍ෂීන්ද, සතුන්ද අල්ලාහ්ව ප්‍රශංසා කරන්නේය.

—සත් මහා අහසද, පෘථීවිය හා ඇති සියල්ලද, අල්ලාහ්ට ප්‍රශංසා කරන්නේය, අල්ලාහ්ට ප්‍රශංසා නොකරන්නාවූ කිසිම වස්තුවක් නොමැත්තේය, නමුදු එසේ ප්‍රශංසා ස්තෝත්‍ර කිරීම ඔබට නොෙඳන්නේය.˜ (ශු අල්කුර්ආන් 15: 44).

තවද ජලය, භූමිය, වාතය, ගින්දර, සූර්යයා ලෝකය, ශාකයන් යනාදිය මිනිසාට පමණක් නොව සෑම ජීවියෙකුටම පොදුය. එහෙයින් මෙම සම්පත් මිනිසාට සීමාව ඉක්මවා පරිහරණය කළ නොහැකිය.

—එසේම දාවුද් සමග එක්ව (ස්තෝත්‍ර) කිරීමට කඳු හා පක්ෂීන්ද අවනත කර දුන්නෙමු˜ (ශු කුර්ආන් 17: 79).

නබි (සල්) තුමාණෝ මිනිසුන්ට පමණක් නොව සතුන්ටද, ගස්වැල්, පක‍ෂීන්, පමණක් නොව කඳුවලට පවා කරුණා, දයාව පෙන්වූහ. මදීනා නගරය අවට පිහිටි උහද් ශීඛරය කෙරෙහි නබි තුමාණෝ දැඩි සෙනෙහසක් දැක්වූහ. එක් වරක් උහද් ශිඛරය කම්පනය වනු දුටු නබි (සල්) තුමාණෝ

—උහද් සන්සුන්වන්න˜ ඊට පැවසූහ. මෙහිදී මිනිසුන් සමග කථා කරන්නාක් මෙන් කඳු ශිඛරය සමඟ කථා කළෝය, තවත් විටෙක —උහද් අපට සෙනෙහස පුදන්නේය, අපද එයට සෙනෙහස පුදන්නෙමු˜ යි කීවෝය.

සැම වස්තුවක්ම අල්ලාහ්ගේ පාලනයෙහිම පවතින්නේය. ඒවා අල්ලාහ් විසින් මිනිසාට අවනත කර දී ඇත. සැබෑ උරුමක්කරුවා අල්ලාහ්ය. මේ වස්තූන් මිනිසාට වගකීමක් ලෙසම බාර දී ඇත.

—ඔහුම අහසේ සිට ජලය පතිත කර ඒ මගින් සෑම වස්තුවකම මූලයන් අවතීර්ණ කළේය˜ (ශු අල්කුර්ආන් 6: 100).

ජලය වනාහි ඉතාමත් වැදගත් සම්පතකි. සෑම ජීවියෙකුගේම ජීවිත ජලය සමග වෙලී පවතී. පෘථීවියේ 3රැ4 ක්ම ජලයෙන් වට වී ඇත. එහි බාහිරව 70්‍ර ක් ම ජලයම වේ. දූවිලි සමග මෙන්ම වාතයේ ද, පෘථීවි අභ්‍යන්තරයේද, පස් සමගද, සෑම ජීවියෙකු වෙතම ජලය පවත්නේය. මිනිස් ශරීරයෙහි 70්‍ර ක් ම ජලය වේ. තවද අප අහරට ගන්නා පලතුරු, ධාන්‍ය, එලවළු වලද වැඩිම ප්‍රතිශතයක් ජලයම වේ.

පෘථීවි ජලයෙන් 98්‍ර ක් ම සාගර ලෙස පවත්නේය. එය ලූණු රස සහිතය, තවද 1්‍ර ක් උත්තර හා දක‍ෂිණ ධ්‍රැවයේ හිම ලෙස මිදි පවත්නේය. එහෙයින් පෘථීවි ජලයෙන් 99්‍ර ක්ම සෘජුවම පරිහරණය කළ නොහැකිය. එසේම පෘථීවි ජීවින් සියල්ලන්ම 1්‍ර ක් වූ ජලයම තම අවශ්‍යතා සඳහා පරිහරණය කළ යුතු වන්නේය.

අල්ලාහ්ගේ දායාදයන්ගෙන් ජලය ඉතාමත් උසස් දායාදයන්ය.

—අහසෙහි සිට සැලසුම් සහගතව ජලය අප පතිත කළෙමු. පසුව එය පෘථීවියේ ගබඩා කළෙමු. අප එය නැති කර දැමීමටද ශක්තිමත් වෙමු.˜ (ශු අල්කුර්ආන් 23: 18).

භූගත ජලය වර්ෂාව මඟින් පතිත වන්නාවූ ජලයම බව මෑතකදී සොයාගත් විද්‍යාත්මක සත්‍යයකි මෙයම කුර්ආන්හි අල්ලාහ් පවසා ඇත.

පානීය ජලය අපගේ දිවට උචිත රසයෙකින් අල්ලාහ් සංයුක්ත කර ඇත. එය ලූණු හෝ තිත්ත රස නොවී දිවට උචිත රසයකින් සංයුක්ත වී ඇත.

සාගර ජලය ලූණු රසම වේ. එය ජීවීන්ට පානය කළ නොහැකිය. එසේම එහි ලූණු රසය නොමවේනම් අපවිත්‍ර වී යනු ඇත.

—ඔබ පානය කරන්නා වූ ජලය දෙස බැලූවේද? එය වලාකුළු මතින් ඔබ පතිත කරන්නේද? නො එසේනම් අප පතිත කරන්නේද? අප සිතුවේ නම් එය පානය කළ නොහැකි නීරස බවට හරවන්නෙමු. ඊට ඔබ ස්තුති පූර්වක විය යුතු නොවේද?˜ (ශු කුර්ආන් 56: 68-70).

තවද මුහුදු ජලය සූර්යාලෝකය මඟින් ජල වාෂ්ප බවට හැරවෙන්නේය. තවද භූගත ජලයද ශාකයන්ගේ මුල් මගින් උරාගෙන පත්‍ර මඟින් ජල වාෂ්ප ලෙස වාතයට මුස් කරන්නේය.

හිරු රශ්මිය මඟින් ගොඩබිම් සීඝ්‍රයෙන් උණුසුම් වී එහි ඇති වාතය බර අඩු වී ඉහළ එසවීම තුළින් මුහුදේ වූ ජල වාෂ්ප සහිත වාතය ඒ අඩුව පිරවීම සඳහා ගොඩබිම් කරා හමන්නේය. එහෙයින් එම ජල වාෂ්ප සහිත වාතය ඉහල එසවීම තුළින් වලාකුළු බවට පත් වී වර්ෂාව පතිත කරන්නේය. ඒ මගින් ජීවීන්ට ප්‍රයෝජනවත් වන්නාවූ ගංගා ද සෑදෙන්නේය.

—අල්ලාහ් සුළඟ හැමීමට සලස්වන්නේය, ඒවා මතින් වලාකුළු ගමන් කරන්නේය. පසුව ඒවා වියළි, ඉරිතලා ගිය භූමියට පතිත කර ඒ මගින් මලානික වී ගිය භූමිය සකි්‍රය කරන්නෙමු.˜ (ශු අල්කුර්ආන් 35: 9).

වලාකුළු තුළ කිසියම් ප්‍රමාණයක විදුලිය කෙටීමක් සිදුවන්නේය. මෙය අපට ගෙරවිලි හා විදුලි කෙටීම ලෙස පෙනේ. මෙය එකිනෙකට ප්‍රතිවිරුද්ධ අංශුන් අතර සිදුවන්නාවූ සූක‍ෂම කි්‍රයාවලියකි. මෙම ප්‍රතික්‍රියා තුළ කිසියම් වෙනසක් සිදුවේ නම් ජලය නීරස වන්නේය. තවද විදුලි කෙටීම හේතුවෙන් ශාක සඳහා අවශ්‍ය ගණනය කළ නොහැකි නයිට්‍රජන් ප්‍රමාණයක් උත්පාදනය වීම කෙතරම් ආශ්චර්යක්ද?

—ආලෝකමත් විදුලි කෙටීම ඔහුම, ඔබට පෙන්වන්නේය, ඒ තුළින් ඔබට බිය හා වාසියක් සිදුවන්නේය, තවද ජලයෙන් සපිරු වලාකුළු ඔහුම ඇති කරන්නේය.˜ (ශු කුර්ආන් 13: 12).

තවද පානීය ජලය තමා තුළ දෘෂ්ඨිය පහරන්නා විදුලිය හා සවන බිහිරි කරවන ගෙරවිලි සහිත වීම කොතරම් ආශ්චර්යක්ද?

—අල්ලාහ්ගේ දායාදයන් ඔබ ගණනය කළේ නම්, එය ගණනය කිරීමට ඔබට නොහැකිය, ඇත්ත වශයෙන්ම මිනිසා සාපරාධී හා කළගුණ නොදත්තෙකු වන්නේය.˜ (ශු කුර්ආන් 14: 34).

—ඔබ මැවුම්කරුගේ වාක්‍යයන් ලිවීමට සියලූ සාගරයන් උපයෝගී කරගත්තද, එවැනිම තවත් ප්‍රමාණයක් උපයෝගි කරගත්තද, (සියලූ ශාකයන් පන්හිඳ ලෙස යොදාගත්තද) ඒවා නිමවූවද, ඔබේ මැවුම්කරුගේ වාක්‍යයන් නිම නොවේ.˜ (ශු කුර්ආන් 18: 109).

සර්ව බලධාරී මහා කාරුණික අල්ලාහ් මිනිසාගේ සියලූ අවශ්‍යතා සපුරා පෘථීවියට ප්‍රවේශ කර ඇත.

—ඔබට පෘථීවියේ සෑම පහසුකමක් සපුරා එහි ජීවන පහසුවද සපුරාලූවෙමු.˜ (ශු කුර්ආන් 7: 10).

විශ්වයේ සෑම අංගයක්ම මිනිස් ජීවිතයේ පහසුව, සෞභාග්‍යය හා සශ්‍රීකත්වය තකා ඉතා විශාල කාර්ය භාරයක් ඉටු කරන්නේය. උදාහිරෙන් සූර්යයා පිබිදීමත් සමඟ මිනිසා තම නින්දෙන් අවදිවන්නේය. දහවල ඔහුගේ ශ්‍රමය කැප කිරීමට අවශ්‍ය, උෂ්ණත්වය, ශක්තිය හා කඩිසර බව ලබා දෙන්නේය. දහවල මුළුල්ලේ ශ්‍රමය කැප කළ මිනිසාට දැන් විවේකය අවශ්‍ය වන්නේය. ඒ සඳහා අඳුරු සළුව වසාලීමට අවශ්‍ය ආකාරයට සූර්යයා බටහිර සයුරේ ගිලිහීමත් සමඟ රෑ ඝනදුර මිනිසාව වෙලාගැනීමටත්, ඔහුගේ මහන්සිය මඟහැරීමට නිදියහනට ගොස් සුවය, විවේකය ලබාගන්නේය.

—රැය ද මොවුන්ට එක් හාස්කමකි. ඒ තුළින්ම අප දහවල උදුරා ගන්නෙමු. එවිට ඔවුන් අඳුර ලබාගන්නේය.˜ (ශු කුර්ආන් 36: 37).

ඉහත දැක්වූ ආකාරයටම මිනිස් ජීවිතයේ පැවැත්මට අවශ්‍ය වූ ජලය අහසින් පතිත වීමද, ඒ හේතුවෙන්ම ඉරි තැලී වියලි ගිය භූමියට ජීවය ලැඛෙන්නේය. තවද සශ්‍රීක වූ ශාකයන් දෑස් පිනවන පුෂ්පයන් විවිධ රසැති පලතුරු වර්ග එසේ සිව්පාවුන්ගෙන් මස් හා කිරි වර්ග භූමිය අභ්‍යන්තරයේ ඇති ඛනිජ වර්ග, පාෂාණ මේ ආදී මිනිස් ජීවිතයේ බාහිර අවශ්‍යතා සඳහා කෙතරම් සූක‍ෂම ලෙස සැලසුම් කර ඇත්ද? යන්න අල්ලාහ් පෙන්වා දෙයි.

—අල්ලාහ් අහස හා පොළොව නිර්මාණය කිරීම කෙරෙහිද, රැය හා දහවල යළි යළි පැමිණීම තුළින්ද, මිනිසාට ප්‍රයෝජනවත් දෑ සාගරයන් මතින් ගෙන යන්නාවූ නෞකා මඟින්ද, අහසෙහි සිට ජලය පතිත කර අල්ලාහ් ඒ තුළින් වියළී මලානික වී ගිය භූමිය ප්‍රාණවත් කිරීම තුළින්ද, එහිම සෑම වර්ගයකම ජීවීන් ව්‍යාප්ත කිරීම තුළින්ද, සුළඟ සෑම දිශාවකටම හැරවීම තුළින්ද, අහස හා පොළොව අතර සීමා වී සිටින්නාවූ වලාකුළු තුළින්ද බුද්ධිමත් ජනතාවට සාක‍ෂීන් තිඛෙන්නේමය.˜ (ශු අල්කුර්ආන් 2: 164).

ඇත්ත වශයෙන්ම පෘථීවිය මිනිසාගේ බාහිර අවශ්‍යතා සියල්ල සපුරා තිබුණද, මිනිසා වනාහී භෞතික වස්තූන් මෙන් අණු හා පÞර්ථවලින් පමණක් ගහන වේ, ඔහු ආත්මයකින්, මනසකින් හා ශරීරයකින් යුක්ත වූවෙකි. මිනිසාගේ ශරීරයෙහි හා මනසෙහි අවශ්‍යතා සපුරා තිබුණද, ආත්මයෙහි අවශ්‍යතාවද සපුරා ලිය යුතුය. ඒ සැපරීම් වස් දැනුම, බුද්ධිය අවබෝධය අසමත් වී ඇත. ඔහුගේ දැනුම කිසියම් සීමාවකට යටත් වී ඇති බව අල්ලාහ් පෙන්නුම් කරයි.

—ඔබට දායාද කර ඇත්තේ ඉතාමත් අල්ප මාත්‍ර වූ ඥාණයක් පමණි.˜ (ශු අල්කුර්ආන් 17:85).


ඉස්ලාම් සතු සුවිශේෂත්වයන්

ඉස්ලාම් සතු සුවිශේෂත්වයන්

ඉස්ලාම් දහම කිසිදු මනුෂේ‍යකුගේ නමින් පිහිටුනු ආගමක් නොවෙයි. එය විශ්වය නිර්මාණය කර, පාලනය කරමින් සිටින අල්ලාහ් විසින් මානවයාට පිරිනමනු ලැබූ ජීවන ක්‍රමයකි. එයින් තහවුරු වන වැදගත් කරුණ නම්, ඉස්ලාම් ආරම්භක මිනිසා පටන් පැවත එන ආගම බවයි. ලෝක ඉතිහාසය තුළදි බිහිවූ කෙනෙකුගේ නමින් පිහිටුනු දහමක් නොවෙයි. අතරමගදි නිර්මාණයවුනු දහම් තුළින් ඊට පෙර ජීවත්වූ අයට පිළිසරණක් වන්නට මගක් නොමැත. එවිට එය අසාධාරණයක් වනු ඇත. එනමුත් ඉස්ලාම් ඉදිරියේ පමණක් මෙවැනි ප්‍රශ්ණයක් හටගන්නේ නැත. මන්ද ඉස්ලාම් ආරම්භක මිනිසා පටන් පැවත ආ දහමකි. නිර්මාතෘවරයා විසින් මිනිසාට පිරිනමනු ලැබූ ජීවන සැලැස්මකි.

Hell is hotter

ශුද්ධවූ අල්කුර්ආනයෙහි ඔහු පවසයි: —අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ˜ (ශු කුර්ආනය: 3: 19).

ඉස්ලාම් හැර කව්රුන් වෙනත් ආගමක් ප්‍රිය කරයිද එය නොපිළිගැනේ, ඔහු මතු දිනයේදි පාඩු විදින්නෙකුද වේ˜ (ශු කුර්ආනය 3: 85).

මිනිසුන් අතර බහුලව පවතින වැරදි මතයක් නම් ඉස්ලාම් අවුරුදු එක්දාස් හාරසියකට පෙර බිහිවුනු ආගමක් බව. මෙයට හේතුව මුහම්මද් නබි (සල්) තුමන් මක්කාවෙහි සිට මදීනාව බලා ගිය හිජ්රා ගමන මුල්කොටගෙන ඉස්ලාමීය දින දර්ශනය සැකසීමයි. මෙය ඉස්ලාමයේ ආරම්භය නොවේ.

මුහම්මද් නබි (සල්) තුමන් පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: —ඔහු අල්ලාහ්ගේ දුතවරයාද, අවසන් ශාස්තෘවරයාද වේ˜

(ශු කුර්ආනය 33: 40).

අවසන් ශාස්තෘවරයා යනු සඳහන්වීමෙන් අදහස්වන්නේ මීට පෙරත් ශාස්තෘවරු පැමිණුනු බවයි. මෙය තවත් සාක‍ෂාත් කරන වාක්‍යන් ශුද්ධවූ අල්කුර්ආනයෙහිද, නබි වදන්වලද අනන්තව දැකගත හැක.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —නූහ්ට හා ඔහුට පසු පැමිණුනු ශාස්තෘවරුන්ට අපි දේව පණිවුඩ අනාවරය කළාක්මෙන් (මුහම්මද්æ) ඔබටද අපි දේව පණිවුඩ අනාවරණය කළෙමු. තවද ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යඃකුබ් (ඔහුගේ) පරම්පරාව, ඊසා, අයියූබ්, යූනුස්, හාරූන්, සුෙලෙමාන් වැනි අයටද අපි දේව පණිවුඩ අනාවරණය කළෙමු. දාවූද්ට සබූර් නම් (දේව ග්‍රන්ථය) අනාවරණය කළෙමු. (මුහම්මද්æ) මීට පෙර ඔබට සමහර ශාස්තෘවරුන් පිළිබඳ පුවත් දැන්වුවෙමු. සමහර ශාස්තෘවරුන්ගේ පුවත් ඔබට නොපැවසුවෙමු˜

(ශු.කුර්ආනය 4: 163,164).

—(ශාස්තෘවරයානනි) ඔබ පවසන්න මම ශාස්තෘවරුන්ගෙන් අළුත් කෙනෙකු නොවේ˜. (ශු.කුර්ආනය 46: 9).

මෙම සියළු අල්කුර්ආන් පාඨයන් තුළින් තහවුරුවන්නේ ඉස්ලාම් මිනිස් ආරම්භය පටන් පැවත එන ආගමක් බවයි.

නිර්මාණයන්ට වැඳ වැටීම මුළුමනින් තහනම් කර නිර්මාතෘ ඉදිරියේ පමණක් යාඥාවන්, වන්දනා මාන කිරීම ඉස්ලාම්හි මූලික හරය හා දර්ශනය වේ. සමාන දුර්වලතාවන්ගෙන් යුත් තවත් මිනිසෙකු ඉදිරියේ වැඳ වැටීම උතුම් කි්‍රයාවක් සේ නොසළකා මුළුමනින්ම එය තහනම් කිරීම. හිස නමා ආචාර කිරීම, ගරු කිරීම සඳහා නැගිට සිටීම මේ සියල්ල ඉස්ලාම් තහනම් කරයි. දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීමට අණකරන ඉස්ලාම් ඔවුන් ඉදිරියේ වැඳ වැටීමට තහනම් කරයි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —ඔබේ ස්වාමින් තමන්ට හැර වෙනත් කිසිවෙකුට වන්දනාමාන නොකරනලෙස නියෝග කළේය, තවද දෙමාපියන්ට යුතුකම් ඉටු කරන ලෙසත් ඔහු නියෝග කළේය˜

(ශු කුර්ආනය 17: 23)

තැරැව්කරුවන් අවශ්‍ය නැත:

වෙනත් දේව සංකල්ප හා සිද්ධාන්ත මෙන් නොව කෙනෙකු ඉස්ලාම් දහමෙහි දෙවියන්ට සෘජුව සම්බන්ධවීමට හැක. ඉස්ලාම් දහමෙහි තැරැව්කරුවන් අවශ්‍ය නැත. ඉතා සීමිත කුලයන්ට ගෝත්‍රයන්ට පමණක් පිරිනමන එම ආගමික ප්‍රමුඛත්වය, පෘථගජනයන් දේව දූතයන් බවට පරිවර්තනය කරන පුහු දුර්මතයන්ට ඉස්ලාම් දහම තුළ අබමල් රේණුවක තරම්වත් අවකාශයක් නැත. සියළු ජනයා එක හා සමාන වේ. පරමාන්ත දිනයේදි ඔහුගේ කි්‍රයාවන් චේතනාවන් මුල්තැන ගනු ඇත.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි:

—මාගේ දාසයන් මා පිළිබඳ ඔඛෙන් ප්‍රශ්න කළා නම්, මා ඉතා සමීප බව පවසන්න. මා ප්‍රාර්ථනාකරන්නන්ගේ ප්‍රාර්ථනාවන් පිළිගනිමි. ඔවුන් මාගෙන් ප්‍රාර්ථනා කරත්වා, මා කෙරෙහි විශ්වාසය තබත්වා˜

(ශු අල්කුර්ආනය 2: 186).

මිථ්‍යා විශ්වාසයන්ට, අන්ධ භක්තීන්ට ඉස්ලාම් තුළ ඉඩ නැත:

ආගමෙහි නමින් රැවට්ටීම, මං මුළා කිරීම හැම කාලයකදීම පාහේ සිදුවිය. එයට මූලික හේතුව ඔවුන් අදහන ආගම් සංකල්ප එම දොරටුවන් විවර කර තැබීමයි. නැතහොත් ආගමික මූලිකත්වය හොබවන බොහෝ උදවිය තමන්ට අදෘශ්‍යමාන දේ දන්නා බවත් අනාගතය පිළිබඳ අනාවැකි කීමේ හැකියාව තමන් සතු බව පවසා අහිංසක ජනයා මං මුළා කරති. නමුත් මෙසේ පවසන සියල්ලන් සාමාන්‍ය ජනයාගෙන් යැපීම පැහැදිළිව දැක ගත හැකි කරුණකි. මෙවැනි දේට ඉස්ලාම්හි කොහෙත්ම ඉඩ නැත. මුස්ලිමෙකු තම ප්‍රාණයට වඩා උසස් කොට සළකන මුහම්මද් නබි (සල්) තුමන්, මුළු ලොව වාසි ජනතාවටම අවසන් ශාස්තෘවරයා වශයෙන් පැමිණුනු, ඒ වගේම අල්ලාහ්ගේ විශේෂ ගෞරවයට පාත්‍රවූ එම උදාර පුරුෂයාට පවා අල්කුර්ආනය මගින් අල්ලාහ් මෙසේ නියෝග කරයි:

(ශාස්තෘවරයානනි) පවසන්න, අල්ලාහ් කැමතිවූවා නම් හැර මට කිසිදු යහපතක් හෝ විපතක් කරගැනීමට ශක්තිය නොමැත. අදෘශ්‍යමාන දේ පිළිබඳ ඥානය මා තුළි පවතී නම් මා යහපත පමණක් වැඩිකර ගමි. (එවැනි අවස්ථාවක) මට කිසිදු විපතක් ඇති නොවේ. මම විශ්වාස කරන ජනතාවට අවවාද කරන්නා හා සුභාශිංෂණය පතන්නා පමණය˜

(ශු අල්කුර්ආනය 7: 188).

සාත්‍ර, මන්ත්‍ර, ගුරුකම් වලට හෝ මිථ්‍යා විශ්වාසයන්ට හෝ අන්ධ භක්තීන්ට හෝ ඉස්ලාම් තුළ කොහෙත්ම ඉඩ නැත. එම දොරටුවන් සියල්ලට ඉස්ලාම් අගුළු දැමූහ.

අන් අයගේ යුතුකම් ඉටු කිරීම:

නිර්මාතෘවරයා අල්ලාහ්ට පමණක් යුතුකම් ඉටුකර සීමාකර ගැනීම පරිපූර්ණ විශ්වාසවන්තයෙකු කියාගැනීමට කොහෙත්ම ප්‍රමාණවත් නොවේ යැයි අල්ලාහ් පවසයි. —තවද අල්ලාහ්ට පමණක් යාඥා කරන්න ඔහුට කිසිදු දෙයක් සමාන නොකරන්න, තවද දෙමාපියන්ටද, ලේ ඥාතීන්ටද, අනාථයින්ටද, දුගීන්ටද, මගීන්ටද, ඥාතීන්වන අසල්වැසියන්ටද, ඥාතීන් නොවන අසල්වැසියන්ටද, ඔබේ අසලින් සිටින්නාටද, ඔබේ දකුණු අත හිමිකරගත් අයටද උපකාර කරන්න˜

(ශු කුර්ආනය 4: 36).

ඉහත සඳහන් මෙම පාඨයෙන් සනාථ වන කරුණ නම් සලාතය, උපවාසය නිසිලෙස ඉටුකර, තමන්ගේ පවුල් ඥාතීන්, අසල්වැසියන්, වෙනත් අයගේ යුතුකම් ඉටු නොකර එය පැහැර හරින, ඒ වගේම තමන්ගේ ව්‍යාපාරයන් ගනු දෙනු පවිත්‍රව නොපවත්නා අන් අය හූරාකන මෙ වැනි අය හොඳින් අවදානය යොමු කළ යුතු වදනකි. ඉස්ලාම් සීමිත යාඥා ක්‍රමවලට පමණක් සීමාවුනු ආගමක් නොවෙයි. එය මිනිසෙකුගේ මුළු ජීවිත කාලයම යාඥාවක් වශයෙන් පරිවර්තනය කරන්නට උත්සා දරයි.

නබි (සල්) තුමන්ගෙන් කෙනෙකු වරක් මුස්ලිම් වරුන් අතුරින් ශ්‍රේෂ්ඨයා කව්දැයි ප්‍රශ්න කළ විට, —කව්රුන් තම දිවෙන් හා දෑතින් අන් අයට හිරි හැර නොකරන්නේද ඔහු නියම මුස්ලිමෙකු වේ˜ යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).

—ඉස්ලාම්˜ විශ්ව නිර්මාතෘ ඉදිරියෙහි පිළිගැනුනු එකම දහම :

ඉස්ලාම් දහම කෙනෙකුට උපතින්ම හිමිවන බූදලයක් නොවෙයි. ඔහු එහි ඉගැන්වීම් දැන හඳුන, අල්ලාහ්ට පමණක් අවනත වී, එහි නියෝගයන් පිළිපැදීමට කිසිදු අවස්ථාවක නොපැකිළී, ඔහු විසින් තෝරාපත් ගනු ලැබූ අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් නබි (සල්) තුමන් අනුගමනය කර ජීවත්වෙයි නම් ඔහුයි නියම මුස්ලිම්.

—ඉස්ලාම්˜ යනු ශාන්තිය හා සාමය යන අර්ථයන් ගෙන දෙන වචනයකි. ඔබ වෙනත් සහෝදරයෙකු හමුවූ විට —අස්සලාමු අෙලෙකුම්˜ යනුවෙන් ආමන්ත්‍රණය කළ යුතුයි. මෙහි අර්ථය නම් ඔබට සාමය, ශාන්තිය උදාවේවා,මෙය සෑම අවස්ථාවකටම, සෑම මොහොතකටම, පුද්ගලයෙකුටම ගැලපෙන සුභ පැතීමකි. විශ්ව නිර්මාතෘ ඉදිරියේ පිළිගැනුනු එකම දහම ඉස්ලාම් බව ශුද්ධවූ අල්කුර්ආනය සඳහන් කරයි: —අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ˜ (ශුඅල්කුර්ආනය 3: 19).

ලෞකික ආශාවන්ගෙන් මිදී ජීවත්වීමට අවශ්‍ය නොවේ:

අල්ලාහ්ගේ තෘප්තිය හා උසස් සුවර්ගය උදෙසා කෙනෙකු මෙම ජීවිතයේ සෑම ආශාවක්ම මැඩලිය යුතුද? සෑම ආශාවකින්ම මිදී ජීවත්විය යුතුද? එය එසේ නොවේ. අල්ලාහ්ගේ තෘප්තිය හා සදාතනිකවූ සෞභාග්‍ය වන ස්වර්ගය හිමිකර ගැනීමේ අරමුණින් මෙම ජීවිතයේ සෑම ආශාවකින්ම කෙනෙකු මිදී ජීවත්වීමට අවශ්‍ය නොවේ. එය ඉස්ලාමීය ඉගැනවීමද නොවේ. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —කෙනෙකුට දරන්න බැරි දුෂ්කර ආයාසයක් අල්ලාහ් නොපටවන්නේය˜ (ශු කුර්ආනය 2: 286).

මිනිසා තුළ ස්වභාවයෙන්ම පිහිටා ඇති ආශාවන්ට තහනම් පැනවීම ප්‍රායෝගික නොවේ.

අධ්‍යාත්මිකව ඉතා උසස් ස්ථානයක් හිමිකරගැනීමට විවාහය බාධාවක් වශයෙන් දකින සමහර සිද්ධාන්ත එය වැළැක්වීමට උත්සාහ දරයි. නමුත් ඉස්ලාම් එසේ නොව විවාහය එම ගමනට රුකුලක් වශයෙන් දකි. වරක් නබි (සල්) තුමන් තරුණ පරපුර අමතා —තරුණයිනි, ඔබ අතුරින් විවාහ කරගැනීමට ශක්තිය ඇතිකෙනා විවාහ කරගන්න, නියතයෙන්ම එය ඔබේ බැල්ම (වැරදි දේ බැලීමෙන්) පහත හෙළයි, ඔබ වැරදි මගට යොමුවීමෙන් ඔබව වළක්වයි˜ ඉස්ලාම් අධ්‍යාත්මිකව කෙනෙකු ලබාගන්නා උසස් ස්ථානයට විවාහය රැකුලක් සේ දකි එය ආවඩයි.

තවත් වරක් අවසන් ශාස්තෘවරයානන්: —ඔඛෙන් කෙනෙකු තම ලිංගික ආශාවන් සිය බිරිඳත් සමග ඉටුකරගැනීමත් පින් ගෙනදෙන කි්‍රයාවකි යනුවෙන් පැවසූ විට, රැස්ව සිටි මිත්‍රවරුන් කෙනෙකු තම ලිංගික ආශාවන් ඉටුකර ගැනීමටත් යහපතක් තිබේදැයි මවිතයෙන් විමසු විට, ඔඛෙන් කෙනෙකු අනියම් මාර්ගයකින් එය ඉටුකරන විට එයට පාපයන් හිමිවෙනවා නොවේද? එසේ යැයි ඔවුන් කී විට ඉස්ලාම් අනුමත කළ මාර්ගයෙහි එය ඉටුකරන විට එයට යහපත හිමිවනු ඇත˜ යැයි ප්‍රකාශ කළහ.

ඉහත සඳහන් මෙම සියළු පුවත්වලින් තහවුරුවන වැදගත් කරුණ නම් ලෞකීක ආශාවන් යටපත්කර ජීවත්වීමට කොහෙත්ම ඉස්ලාම් අනුමත නොකරයි. එම ආශාවන් ඉස්ලාම් පෙන්වූ මග ඔස්සේ ඉටු කරගැනීම උතුම් කි්‍රයාවක් සේ ඉස්ලාම් දකි. මෙයින් පෙනීයන තවත් කාරණයක් නම් ඉස්ලාම් ප්‍රායෝගික හා ස්වභාවික දහමකි. මිනිසාගේ භාහිර පැත්ත නොසළකා හැර ඔහුගේ ආත්මාවට පමණක් මූලිකත්වදය නොදෙයි. ඒ වගේම ඔහුගේ භාහිර පැත්තට මූලිකත්වය දී අධ්‍යාත්මික පැත්ත නොසළකා හැරීමද නොකරයි. මධ්‍යම ප්‍රතිපදාවක් ඉස්ලාම් අනුගමනය කිරීම මෙහි සැළකිය යුතු කරුණකි.

මුදල් ඉපැයීම ඉස්ලාම් යහපත් කි්‍රයාවක් සේ දකි:

සලාතය (දේව නැමදුම) නිමවූ විට ඔබ මහ පොළොවෙහි විසිරගොස් අල්ලාහ්ගේ භාග්‍යන් උපයන්න˜

(ශු අල්කුර්ආනය 62: 10).

අඛණ්ඩව යාඥා කටයුතු කිරීමට පමණක් කොහෙත්ම ඉස්ලාම් නො උගන්වයි. නැතහොත් කෙනෙකු සිය බිරිඳගේ දූදරුවන්ගේ පවුලේ ඥාතීන්ගේ යුතුකම් පැහැර හැරීම ඉස්ලාම් දකින්නේ බලවත් වරදක් සේය.

කෙනෙකු සිය බිරිඳට කවන බත් පිඩද දන් දීමක් ලෙස˜ නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. කෙනෙකු මෙම සමාජ වගකීම් පැහැර හැර කටයුතු කිරීමට ඉස්ලාම් අනුමත නොකරයි. සමාජයෙන් ඈත්වී වන ගත ජීවත්වන පුද්ගලයාට වඩා සමාජයෙහි අර්බුදයන් මැද යහපත් පුරවැසියෙක් ලෙස ජීවත්වන පුද්ගලයා ඉස්ලාම් ප්‍රියකරයි.

සමානාත්මතාවය:

සමානාත්මතාවය පිළිබඳ බොහෝ ආගම්, සංකල්ප කථා කළද එයට විරුද්ධ වන අවස්ථා එමටය. එනමුත් ඉස්ලාම් සමානාත්මතාවය ප්‍රයෝගික ඔප්පු කළ දහමකි. ඉස්ලාම් ඒ වෙනුවෙන් දැමු වැඩ පිළිවෙල ඉතා ප්‍රශංසනීයයි. අරාබිකරයේ උපත ලැබ එම පරිසරයේම ජීවත් වූ අරාබි ජාතිකයෙකු වූ අවසන් ශාස්තෘවරයානන්, (මුහම්මද් නබි (සල්) තුමන්) එම ජනතාව බලා, ඔබලා මේ කරුණ සිහි තබාගන්න

—අරාබි නොවන ජාතිකයින්ට වඩා අරාබි ජාතිකයින්ට කිසිදු සුවිශේෂත්වයක් හිමිවන්නේ නැත. කළු ජාතිකයෙකුට වඩා සුදු ජාතිකයෙකුට කිසිදු සුවිශේෂත්වයක් නැත. සුවිශේෂත්වය හිමිවනුයේ අල්ලාහ් කෙරෙහි බිය බැතිව කටයුතු කරන්නාටය˜ යනුවෙන් ප්‍රකාශ කළහ.

තවත් වරක් මෙසේ ප්‍රකාශ කළහ: —මනුෂ්‍යින් සියල්ල ආදම්ගේ පුත්‍රයන්ය, ආදම් පසින් නිර්මාණය කරනු ලැබිනි˜ ඉස්ලාම් කෙරෙහි ඇදි එන ජනයා අතුරින් කුල භේදයන් වර්ණ භේදයන් හේතු කොටගෙන බැට කන බොහෝ උදවියද වේ. විද්‍යාව තාක‍ෂණය දියුණුවූ මෙවන් යුගයක පවා දියුණුවූ රටවල්හි කළු ජාතීන්ට වෙනත් සිද්ධස්ථාන, සුදු ජාතීන්ට වෙනත් සිද්ධස්ථාන, කළු ජාතීන්ට වෙනත් පාසැල්, සුදු ජාතීන්ට වෙනත් පාසැල්, මෙම නූතන යුගයෙහි පවා සුනඛයන් ලවා කළු ජාතීන්ට වද හිංසා පමුණුවූ සෝචනීය දර්ශනයන් විද්‍යුත් මාධ්‍යන් තුළින් ඇසුවෙමු, දුටුවෙමු.

දිනකට පස් වරක් ඉටුකරන සලාතය සමූහව ඉටු කිරීමට ඉස්ලාම් නියෝග කිරීම තුළින් එම සමානාත්මතාවය ස්ථාපිත කරයි. එම සලාතයන් ඉටු කරන අවස්ථාවෙහි උරෙනුර ගැටි පෙළ ගැසිය යුතුය.

අවුරුද්දකට වරක් සීයට දෙක හමාරක් තම ධනයෙන් දුගීන්ට දුප්පතුන්ට ලබාදෙන ලෙස ඉස්ලාම් ධවනතුන්ට අනිවාර්්‍ය කිරීමෙන් එම සමානාත්මතාවය ස්ථාපිත කරයි.

වසරකට වරක් පුරා මාසයක් උපවාසයෙහි නිරතවීමට අණ කිරීමෙන් පොහොසතාට කුස ගින්නෙහි අමාරුව දැනෙයි, එයින් ඔහු තුළ දිළින්දන්ට උදව් කිරීමේ මානසිකත්වයක් උදාවෙයි. හජ් හෙවත් උසස් යාඥාව තුළින් කුමන දේශයට, වර්ණයට, භාෂාවට අයත් කෙනෙකු හෝ වේවා, හැමෝම එක හා සමාන ඇඳුමකින් සැරසී එම යාඥාවන් ඉටු කිරීම මගින් ජාත්‍යන්තර සහෝදරත්වයක්, සමානාත්මතාවයක් ඉස්ලාම් ගොඩනගයි.

ඉස්ලාම් හා පවිත්‍රත්වය:

මිනිසාගේ ජීවිතයෙහි සෑම අංශයක් පිළිබඳම අවධාරණය කරන ඉස්ලාම් පවිත්‍රත්වය කෙරෙහිද වැඩි සැළකිල්ලක් දක්වයි. ශුද්ධවූ අල්කුර්ආනය පවසයි: —සැබවින්ම අල්ලාහ් පශ්චාත්තාපකරන්නන් හා පවිත්‍රවන්තයින් ප්‍රියකරයි˜

(ශු කුර්ආනය 9: 108).

තවද ඉස්ලාම් පවිත්‍රත්වය දේව විශ්වාසයෙහි අඩක් වශයෙන් පවසයි. වරක් ශාස්තෘවරයානන් පවසන විට —පවිත්‍රත්වය විශ්වාසයෙහි අඩකි˜ මෙම ප්‍රකාශයන් සියල්ල ඉස්ලාම් වචනයට පමණක් සීමා නොකර, මෙයට දැමු ප්‍රායෝගික වැඩපිළිවෙල ඉතා ප්‍රශංසනීයයි. කෙනෙකු දිනකට පස්වරක් අල්ලාහ් වෙනුවෙන් සලාතය ස්ථාපිත කළ යුතුයි, හැම සලාතයක් පාසාම ඔහු දෝවනය කරගත යුතුයි.

නබි (සල්) තුමන් වරක් මෙසේ ප්‍රකාශ කළහ, —ස්භවායෙන්ම පිහිටුනු කරුණු පහක් ඇත. චර්ම ඡේදනය, මර්ම ස්ථානයෙහි හා කිසිල්ලෙහි රෝමයන් ඉවත් කිරීම, නියපොතු කැපීම, උඩු රැවුල කොට කිරීම˜ (මූලාශ්‍රය: බුහාරි).

මුත්‍රා පහ කිරීමෙන් පසු එය පවිත්‍ර නොකර සිටීම මරණින් මතු ජීවිතයෙහි ද~ුවම් ලද වරදක් සේ ඉස්ලාම් අවධාරණය කරයි.

—(ශාස්තෘවරයානනි) ඔවුන්ට අනුමත දේ පිළිබඳ ඔඛෙන් ප්‍රශ්නකරයි, පරිශුද්ධ දේ ඔවුන්ට අනුමත බව පවසන්න˜

(ශු කුර්ආනය 5: 4).

කෙනෙකුගේ මුළු ජීවිතයම පවිත්‍රවිය යුතු බව ඉස්ලාම් උගන්වයි.

ඉස්ලාම් දහමට පිවිසීම තුළින් කෙනෙකුට ලැඛෙන වරප්‍රසාද:

කෙනෙකු සියළු මිථ්‍යා විශ්වාසවලින් මිදී, ඔහු විසින් අඹා ගත් ප්‍රතිමාවන්ට වැඳ පුදා ගැනීමෙන් බැහැර වී විශ්වයේ එකම බලය ශක්තිය අල්ලාහ් දෙසට පමණක් හැරි ඔහුගේ එකීය බාවය හා ඔහු විසින් තෝරාපත් ගනු ලැබූ අවසන් ශාස්තෘවරයා මුහම්මද් නබි (සල්) තුමන්ගේ ශාස්තෘ පදවිය පිළිගෙන ඒ අනූව ජීවත්වන බව ප්‍රතිඥාවක් ගත් විට ඔහු හෙතෙම මුස්ලිමෙකු වේ. —මුස්ලිම්˜ යන නාමය කෙනෙකුට උපතින්, ජාතියෙන්, වර්ණයෙන්, දේශයෙන්, භාෂාවෙන් හිමි නොවේ. මුස්ලිම් යනු අල්ලාහ්ට අවනත වී ජීවත්වන්නාය. ඔහුගේ අණ පණත් වලට අවනත වී ඔහු වැළකු දෙයින් මුළුමනින් ඈත්වී තම ජීවිතය හැඩ ගසා ගන්නාය.

කෙනෙකු මුස්ලිම් වීමෙන් ඔහුගේ පෙර පාපයන් සියල්ල කමා කරනු ලබයි. ඔහු එදින උපත ලද දරුවෙකු සේ පාපයන්ගෙන් පරිශුද්ධ වෙයි. මරණින් මතු ජීවිතයෙහි ඔහුට සදාතනික ජය හිමිවෙයි. ඔහු නිරයෙහි ද~ුවම් වලින ඔහුට රැකවරණය ලැඛෙයි.


ඉස්ලාම් ඌරු මස් අනුභව කිරීම තහනම් කර ඇත්තේ ඇයි?

ආහාර පාන අපගේ සෞඛ්‍ය කෙරේ සෘජුව බලපායි. එය අපගේ කායික සුවතාව කෙර් පමණක් නොව ආධ්‍යාත්මික සුවතාව කෙරේත් බලපෑමක් ඇති කරයි. ආරෝග්‍යමත් සමාජයකට මේ කරුණු දෙකම සමව බලපාන්නේය. ඉස්ලාමය ආහාර පාන පිළිබඳව නීතිරීති පනවා තිඛෙන්නේ එබැවිනි. මනා සෞඛ්‍යයක් සඳහාත් ආධ්‍යාත්මික පාරිශුද්ධිය තකාත් ඉස්ලාමය ගෙන ඇති පියවරවල් වලින් එකක් නම් ඌරු මස් කෑමෙන් වැලකීමට අණ කිරීමයි.

ඉස්ලාමය ශාරීරික පිරිසිදුතාවය අවධාරණය කරයි. සලාතය, දෙවියන් මෙනෙහි කිරීම සහ අනෙකුත් කැපකිරීම් තුළින් ආධ්‍යාත්මය පවිත්‍ර වන්නේය. එමගින් මිනිසා තුල සාරධර්ම වර්ධනයත් ඉස්ලාමය අවධාරණය කර සිටියි. මිනිසා හැදෙන වැඩෙන පරිසරයත් ලබන අධ්‍යාපනයත් අනූව වෙනස් විය හැකි නිසා සුචරිතය අත්කර ගන්නේ කෙසේද යන්නත් නරක පුරුදු අත් හරින්නේ කෙසේද යන්නත් පිළිබඳව ඉස්ලාමය මනාව මග පෙන්වයි.

මිනිසා හට කායික අවශ්‍යතා ඇත්තේය. ආහාර, නින්ද, හා ලිංගික ආශාව එයින් මූලික ඒවාය. ඔහු තුල කණගාටුව, සතුට, ආදරය, බිය, කල කිරීම, තණ්හාව වැනි ස්වභාවික චිත්ත උද්වේගයන්ද පවති. මිනිසා මුළුමනින්ම මේවායින් තොර විය යුතු යැයි ඉස්ලාම් නොපවසන නමුත් ඒවා පාලනය කරගන්නා ආකාරය පිළිබඳව ආගමික අධ්‍යාපනය මගින් හා එය පදනම් කොට ගත් යහපත් චර්යා මගින් උගන්වයි.

ඌරු මස් අනුභව කිරීම ඉස්ලාමය තහනම් කර ඇත්තේද මේ පදනම යටතේය. වෛද්‍ය විශේෂඥයන් ඌරු මස් හානිදායක ආහාරයක් බව පවසති. එය අනුභවය මිනිසා තුල නිවටභාවය ඇති කරන අතර ආධ්‍යාත්මික ගුණාංග හා යහපත් සාරධර්ම මිනිසා තුලින් හීන වීමට හේතු වේ. මිනිස් ජීවිතය කය හා ආත්මය යන දෙකේම සංකලනයකි. කයට හානිකර දෙයක් ආත්මයටද හානිකර වේ. ඌරුමස් අනුභවය මගින් ලඡ්ජාව හා විලිබිය අඩු කරයි. ඒවා බහුලව අනුභව කරන සමාජ තුල පහත් ආධ්‍යාත්මික මට්ටමක් දැකිය හැකිය. කන්‍යාභාවය, නිර්මලත්වය, විලිබිය යනාදිය අතීතයට පමණක් උරුම වූ දෙයක් බවට යුරෝපයේත් එම සංස්කෘතිය වැළඳගත් අන් රටවලත් අද පත්ව තිබේ. මෑතක කරන ලද සමීක‍ෂණයක් මගින් අණාවරණය වූ කරුණක් නම් යුරෝපයේ එක්තරා රටක විවාහයට පෙරම ගැබ් ගන්නා ගැහැණු ළමුන්ගේ ප්‍රතිශතය 70% ක් පමණ බවයි. සමහර බටහිර රටවල සමලිංගික විවාහ පවා නීතියෙන් අනුමත කර ඇති බව ඔබ දන්නා කරුණකි.

තහනම විවිධ කෝනවලින්….

අල්-කුර්ආනය ඌරුමස් අනුභව කිරීම තහනම් කරයි.

අල්කුර්ආනයේ ස්ථාන 4 ක මෙම තහනම ගැන සඳහන් වේ. මෙ ස්ථාන නම් 2-173 5-3 6-145 සහ 16-115 වේ. —…ඔබලාට ආහාරයට තහනම් දේවල් නම්: මළ සතුන්ගේ මස්, ලේ, ඌරු මස් සහ අල්ලාහ් හැර වෙනත් දෙයක් වෙනුවෙන් ඝාතනය කල සතුන්…….˜ 5-3  ඌරු මස් කෑම තහනම් ඇයි යන ප්‍රශ්නය අසන මුස්ලිම් අයෙකුට පිළිතුරු ලෙස මෙම වාක්‍යය සෑහේ.

බයිබලය ඌරුමස් අනුභව කිරීම තහනම් කරයි.

කිතු දහම අදහන අයෙකු ඔහුගේ ආගමික ග්‍රන්ථවල ඉගැන්වීම්වලට එකඟ වනු ඇත. ඌරු මස් අනුභව කිරීම බයිබලයේ තහනම් කර ඇත. Leviticus  ග්‍රන්ථයේ —…… තවද ඌරාගේ කුර ඛෙදී තිබුනද ඌ ආහාර වමාරා නොකයි. ඌ ඔබට අපවිත්‍ර වේ.˜ (Leviticus  11 7-8) බයිබලයේ Deuteronomy ග්‍රන්ථයේද ඌරු මස් අනුභවය තහනම් ලෙස පවසා ඇත. —….. තවද ඌරාගේ කුර ඛෙදී තිබුනද ඌ ආහාර වමාරා නොකයි. ඌ ඔබට අපවිත්‍ර වේ.˜ (Deuteronomy  14 8 ) මීට සමාන තහනම් කිරීමක් බයිබලයේ Isaiah ග්‍රන්ථයේ 65 ඡේදයේ 2-5 වාක්‍යවල සඳහන් වේ.

ඌරුමස් අනුභවය විවිධ රෝගවලට හේතු වේ.

අනෙකුත් මුස්ලිම් නොවන සහ නාස්තික වාදියෙක් නම් විද්‍යාත්මක හා තර්කානුකුල හේතු පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේය. ඌරු මස් අනුභව කිරීම 70 කට නොඅඩු රෝග ගණනාවකට හේතු වේ. මිනිස් සිරුර තුළ වට පණුවා, කොකු පණුවා, කිරි පණුවා වැණි විවිධ පණු වර්ග තිබිය හැකිය. මොවුන් අතුරින් වඩාත්ම අනතුරු දායක වන්නේ Taenia Soliumයන විද්‍යාත්මක නමින් හඳුන්වන Tapeworm හෙවත් පටි පණුවායි. ඌරා තුල සිටින මෙම පණුවා සතුන් තුල සිටින පටිපණු වර්ග වලින් භයානකම වටිපණු වර්ගය වේ. ඌගේ දිග සාමාන්‍යයෙන් අඩි 8 ක් පමණ වන අතර අඩි 30 ක් දක්වා වැඩිය හැක. ආහාරයට ගන්නා ඌරු මස් වලින් මිනිස් සිරුරට ඇතුළු වන මෙම පණුවා හෝ බිත්තර බඩවැලෙහි රැෙඳයි. ඌගේ බිත්තර රුධිර සංසරණ පද්ධතියට එක්වී සිරුරෙහි බොහෝ අවයව කරා පැමිණිය හැක. මොළයට ඇතුළු වූයේ නම් ධාරණ ශක්තිය නැති විය හැකිය. හෘදයට ඇතුළු වූවහොත් හෘදයාබාධයෙන් මරණය අත්විය හැක. ඇසට ඇතුළු වූවහොත් ඇස අන්ධ විය හැකිය. අක්මාවට ඇතුළු වූයේ නම් එය හානිවේ. තවත් අනතුරුදායක පණු වර්ගයක් නම් Trichura Tichurasis වේ. පොදුවේ පවතින වැරදි මතයක් නම් ඌරු මස් හොඳින් තැම්ඛෙන සේ පිසුවහොත් මෙම බිත්තර මැරෙණ බවයි. ඇමෙරිකාවේ සිදුකළ පර්යේෂණයකින් අණාවරණය වූ කරුණක් නම් Trichura Tichurasis ශරීරගතවූ රෝගීන් 24 කගෙන් 22 ක්ම ඌරුමස් හොඳින් තැම්ඛෙන සේ පිස අනුභව කළ අයයි. මෙයින් පෙනී යන්නේ මෙම පණු බිත්තර සාමාන්‍ය තත්ව යටතේ පිසූ විට විනාශ නොවන බවයි.

ඌරු මස්වල මේද නිපදවන ද්‍රව්‍ය අඩංගුයි.

ඌරු මස්වල මාංශ වර්ධක ද්‍රව්‍ය ඉතා අඩුවන අතර වැඩිපුර මේද අඩංගු වේ. මෙම මේද රුධිර නාල වල තැන්පත් වීම හේතුවෙන් අධි රුධිර පීඩනය හා හෘදයාබාධ මරණ ඇති වේ. ඇමෙරිකානුවන්ගෙන් 50% කට වඩා ජනයා අධි රුධිර පීඩනයෙන් පෙළීම පුදුමයක් නොවේ.

ඌරා මිහිතලය මත සිටින අශික‍ෂිතම සත්වයෙකි.

ඌරා ජීවත් වන්නේ කුණුකසළ, අසූචි ආදිය ආහාරයට ගැනීමෙනි. අප දන්නා තරමින් ඌරා දෙවියන් විසින් මවන ලද හොඳම කසළ ශෝධකයා යැයි කිව හැකිය. නවීන වැසිකිළි නොමැති පිටිසර පෙදෙස්වල ගම් වැසියන් මළ පහ කරන්නේ විවෘත එළීපහළියේය. සැනෙකින්ම මේ කරා එන ඌරන් ඒවා කා දමයි. එමගින් එතැන පිරිසිදු වේ. සමහර දියුණු රටවල ඌරන් ඉතා ආරක‍ෂිත සෞඛ්‍ය යටතේ හොඳ ආහාර ලබා දී පාලනය කරන්නේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. මෙවැනි තත්ව යටතේ වෙර දරා රැක ගත්තද ස්වභාවයෙන්ම ඌ අශික‍ෂිතම වන්නේ තමාගේම මළපහ ආහාරයට ගන්නවා පමණක් නොව තම සගයන්ගේද මළපහ ආහාරයට ගැනීමයි.

අලඡ්ජිම සත්වයා ඌරාය.

පෘතුවි තලයේ වෙසෙන සත්වයන් අතුරින් විළිබියක් නැති අලඡ්ජි සත්වයා ඌරාය. තම සහකාරිය සමග සංසර්ගයේ යේදීමට තම මිතුරන් කැඳවන එකම සත්වයා ඌරාය. බටහිර රටවල බොහොමයක් දෙනා ඌරු මස් අනුභව කරති. බොහෝ විට නැටුම් සාදවලට පසුව තම බිරියන් හුවමාරු කර යහන් ගතවීම ඔවුන් තුල ඇති පුරුද්දක් වෙයි. මෙය ඌරන්ගේද පුරුද්ද වේ.

ඉස්ලාමය ඌරු මස් අනුභව කිරීම තහනම් කිරීම පිළිබඳව අප නොදන්නා තවත් බොහෝ හේතු තිබිය හැකිය. විශ්වයත් එහි පවත්නා සියල්ලත් මැවූ සර්ව බලධාරි අල්ලාහ්ම ඒ පිළිබඳව හොඳින් දනියි. ඔහුගේ අණ පිළිපැදීම පුද්ගල මට්ටමිනුත්, පවුල් මට්ටමිනුත්, සමාජ මට්ටමිනුත්, අවසානයේ ලෝක මට්ටමිනුත් මිනිස් වර්ගයාට යහපත සලසනු නිසැකයි.

සෑම මැවීමක්ම දෙවියන් වහන්සේ විසින් අරමුණක් ඇතිව මවනු ලැබ තිඛෙයි. මෙහිදී මෙනෙහි කළ යුතු තවත් කරුණක් නම් ඌරුමස් අනුභවය තහනම් කළ පමණින් ඌරා වෛරයට ලක්විය යුතු සතෙකු නොවේ. මුහම්මද් (සල්) තුමා සත්වයන්ට කරුණාව දක්වන ලෙසත් ඔවුනට වධ හිංසා පමුණුවීමෙන් වැළකී සිටින ලෙසත් දේශනා කර ඇත්තාහ.

කේ. එම්. නාපාවල B. Sc

අල්ලාහ්ට ආදේශයන් ගැනීමේ ඇති විපාක

අල්ලාහ්ට ආදේශයන් ගැනීමේ ඇති විපාක

පාපයන් අතුරින් ඉතා භයානක පාපය වශයෙන් ඉස්ලාම් සළකන්නේ අල්ලාහ්ට සමානයන් ගැනීමේ පාපයයි. මෙම පාපයට කෙනෙකු ජීවතුන් අරත සිටින විටම සමාව ලබා නොගත්තේ නම් ඔහුට මරණින් මතු ජීවිතයෙහි සදාතනිකව ද~ුවම් විඳීමට සිදුවෙයි. ඉස්ලාම් දහමෙහි මූලිකි හරයවන්නේ අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන ඔහුට පමණක් යාඥා කිරීමෙන් නොනැවතී, වෙනත් කිසිදු දෙයකට යාඥා නොකර සිටීමයි. අල්ලාහ්ට හැර වෙනත් දේට යාඥා කරන විට, ඔහුට පමණක් හිමි උසස් ගුණාංගයන් වෙනත් ඔහුගේ නිර්මාණයන්ටත් පවතින බව විශ්වාස කරන විට, ඔහුගේ දේවත්වයෙහි අබ ඇටයක ප්‍රමාණයකට හෝ වෙනත් ඔහුගේ මැවීම් අතුරින් කව්රුන් හෝ හිමිකම් කියන බව විශ්වාස කරන විට ඔහු අල්ලාහ්ට හවුල් කරුවන් ඇති කළ මහත් පාපය කළ කෙනෙකු වශයෙන් සළකනු ලබයි.

අල්ලාහ්ට ආදේශයන් ගැනීමේ භයානක පාපය පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනයෙහි සඳහන් පාඨයන් මදකට කියවන්න:

අල්ලාහ් මෙසේ පවසයි : —නියත වශයෙන්ම අල්ලාහ් තමන්ට සමානයන් ගැනීමේ පාපය සමා නොකරන්නේය. ඒ හැර වෙනත් (පාපයන්) ඔහු රිසි අයට කමා කරයි. කව්රුන් අල්ලාහ්ට හවුල් කරුවන් ගනීද ඔහු මහත් පාපය මනඃකල්පිත කළේය.˜ (ශු අල්කුර්ආන් 4- 48).

—නියතයෙන් අල්ලාහ් ඔහුට ආදේශයන් ගැනීම සමා නොකරන්නේය. ඒ හැර වෙනත් (පාපයන්) ඔහු කැමති අයට සමා කරයි. කව්රුන් අල්ලාහ්ට සමානයන් තබයිද ඔහු ප්‍රකට දුර්මාර්ගයේය.˜ (ශු.අල්කුර්ආන් 4 – 116).

—අල්ලාහ්ට කිසිදු හවුල් කරුවෙකු නොගෙන ඔහුට සම්පූර්ණයෙන් අවනතවන්න. යමෙක් අල්ලාහ්ට සමානයන් තබන්නේද ඔහු අහසින් වැටුනාක් මෙන්ය. එවිට පක‍ෂීන් ඔහු පැහැර ගන්නේ හෝ සුළඟ දුර තැනකට ඔහු උසුලාගෙන යන්නේ හෝ වන්නේය. (අල්ලාහ්ගේ අණ) එය. යමෙක් අල්ලාහ්ගේ මාර්ග සලකුණු ගරු කරන්නේද ඇත්තෙන්ම එය සිත්හි බිය බැතිමත් කමින්ය.˜ (ශු අල්කුර්ආන් 22- 31 32).

—මම ඔබ මෙන් මිනිසෙකු පමණි. (එහෙත්) ඔබගේ හිමියා එකම හිමියා යැයි මට දේව අනාවරණය පහළ වෙයි. එබැවින් යමෙක් ඔහුගේ හිමි හමුවීම ප්‍රිය කරයිද ඔහු යහකම් කරත්වා. තවද ඔහුගේ හිමි නැමදීමෙහිදි එකද සමානයකු නොගනිත්වා යැයි (ශාස්තෘවරයානනි ඔබ) කියන්න.˜ (ශු අල්කුර්ආන් 18- 110).

—ඔබටද ඔබට පෙරවූවන්ටද මාගේ දේව අනාවරණය වූයේ, ඔබ සමානයන් තැබුවේ නම් ඔබගේ යහකම් නිෂ්ඵල වන්නේමය. ඔබ පරාජිතයන්ගෙන්ද වන්නේය.˜ (ශු. අල්කුර්ආන් 39- 65).

—කව්රුන් අල්ලාහ්ට සමානයන් තබයිද ඔහුට ස්වර්ගය තහනම් වන අතර, ඔහුගේ නවාතැන නිරයයි, අපරාධ කරුවන්ට කිසිදු පිහිටක් නැත.˜ (ශු. අල්කුර්ආන් 5- 72).

නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන් තුළ: —කව්රුන් අල්ලාහ් හැර වෙනත් දේට යාඥා කරමින්, සමානයන් ගත් තත්ත්වයක මිය යයිද ඔහු නිරයට පිවිසෙනු ඇත.˜ යනුවෙන් නබි (සල්) ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි).

—කව්රුන් අල්ලාහ්ට හවුල් කරුවන් ගත් තත්ත්වයක ඔහු හමුවෙයිද ඔහු නිරයට පිවිසෙනු ඇත.˜ (මූලාශ්‍රය: මුස්ලිම්).

අල්ලාහ් පැවසු බව නබි (සල්) තුමන් පවසයි: —ඔබ සමානයන් තබන දෙවිවරුන්ගෙන් මම අවශ්‍ය නැත්තෙකි. කව්රුන් මා හැර වෙනත් අය එක් කළ නැමදුම් කරයිද ඔහු හා ඔහු සමානයන් ගනිමින් කළ කි්‍රයාව මා අත් හැරියෙමි.˜ (මූලාශ්‍රය: මුස්ලිම්).


උපවාසයෙහි උචිත කි්‍රයාවන්

1- අබ්දුල්ලාහ් ඉබ්නු අනස් (රලි) පවසයි:- —උපවාසය ඉටුකරන්නා නිරතුරුව කුර්ආන් පාරායනය කිරීමද, දුආ, දික්ර් යාඥාවන්හි නිරතවීමද, දන් දීමද, පිළිකුල් දේ කතා කිරීමෙන් දිව ආරක‍ෂා කිරීමද සතුටු දායක වෙයි˜.

—මානවයාට යහ මග පෙන්වන අල්-කුර්ආනය රමලාන් මාසයෙහි අනාවරණය විය˜

(ශු අල්කුර්ආන් 2:185).

රමලාන් මාසයෙහි අල්-කුර්ආනය පහළවීම එහි සුවිශේෂත්වය මනාවට පෙන්නුම් කිරීමකි. නබි (සල්) තුමන් රමලාන් මස රාත්‍රි කාලයෙහි අල්කුර්ආනය ජිබ්රීල් (අෙලෙහි) ඉදිරියේ පාරායන කර පෙන්වීමට පුරුදු වී සිටියහ.

එතුමන්ගේ ජීවිතයේ අවසන් රමලාන් සමයේ දෙවතාවක් අල්කුර්ආනය පාරායනය කර පෙන්විය. (දේව දූත ජිබ්රීල් රමලාන් මස සෑම රාත්‍රියකම පාහේ නබි (සල්) තුමන්ට අල්-කුර්ආනය ඉගැන්වුවේය). මෙය ඉබ්නු අබ්බාස් (රලි) විස්තර කරයි. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

අල්කුර්ආනයත් සමග මුස්ලිමෙකුගේ සම්බන්ධතාවය ඉතා සමීපව පැවතිය යුතුයි. අල්කුර්ආනය ඇස් වල තබා ඉඹ ගැනීමට හෝ, එහි පරිච්ඡේදයන්, වාක්‍යන් බිත්තිවල එල්ලීමට හෝ කෙනෙකු මිය ගිය විට ඔහු වෙනුවෙන් පාරායනය කිරීමට හෝ අනාවරණය වූයේ නැත. එය අනාවරණය කරනු ලැබුවේ මුළු මානව සංහතියටම නිවැරදි මග පෙන්වීම සඳහායි. කෙතරම් දුරට කෙනෙකු අල්කුර්ආනයෙන් ඈත් වෙයිද එතරම් ඔහු යහ මාර්ගයෙන් ඉවත් වෙයි. එබැවින් අල්කුර්ආනය හොඳින් හදාරා එය අධ්‍යයනය කර, එහි ඉගැන්වීම් ජීවිතයට පරිවර්තනය කිරීම තුළින් පමණයි කෙනෙකුට දෙලොව ජය අත්පත් කරගත හැක්කේ.

අල්කුර්ආනය පාරායනය කිරීමට ඇති ප්‍රසාධයන්ද සුළු පටු නොවේ. වරක් නබි (සල්) තුමන් —කව්රුන් අල්කුර්ආනයෙහි එක් අකුරක් පාරායනය කරයිද ඔහුට ප්‍රසාධයන් දහයක් හිමිවෙයි˜ යනුවෙන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: තිර්මිදි).

අබ්දුල්ලාහ් ඉබ්නු අනස් (රලි) වාර්තා කරයි:- නබි නායක (සල්) තුමන් අධිකව දන් දීමට පුරුදු වී සිටියහ. තවද ජිබ්රිල් (අෙලෙහි) හමුවන රමලාන් සමයෙහි නබි (සල්) තුමන් අධිකව දන් දීමට පුරුදු වී සිටියහ. ජිබ්රීල් (අෙලෙහි) රමලාන් සියළු රාත්‍රියන්හි නබි (සල්) තුමන් හමුවී අල්-කුර්ආනය පාරායනය කර පෙන්වයි. නබි (සල්) තුමන් ඉතා වේගයෙන් හමන සුළඟට වඩා දන් දෙන්නෙකු වශයෙන් සිටියහ. (මූලාශ්‍රය: බුහාරි).

2- කව්රුන් උපවාසයෙහි නිරතවී සිටින්නාට බනිවීද ඔහු එම අවස්ථාවෙහි මම උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පමණක් පැවසීම සුන්නත් යහපත් කි්‍රයාවකි. —උපවාසය (පාප ක්‍රියා) වළක්වන පළිහකි, ඔබගෙන් කෙනෙකු උපවාසය ඉටු කරන්නේ නම් (වැරදි කි්‍රයා කිරීමෙන්) එය කිළිටු නොකළ යුතුය, ඔහුට යම් කෙනෙක් පරුෂ වචනවලින් බැන වදින විටද, ඔහුත් සමග සණ්ඩු සරුවල් වලට පැටලෙන විටද ඔහු මම උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පැවසිය යුතුය˜ යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

3- සහර් ආහාර අනුභව කිරීම:

උපවාසය සඳහා සහර් ආහාරය ගැනීම සුන්නත් යහපත් කි්‍රයාවක් වේ. —ඔබ සහර් කරන්න. මන්ද සහර් ආහාරයෙහි බරකත් නම් අභිවෘද්ධිය ඇත˜ යැයි නබි (සල්) ප්‍රකාශ කළහ. (බුහාරි, මුස්ලිම්).

—අප සමාජයේ උපවාසයට හා පුස්තක ලද් අයගේ උපවාසය අතර වෙනස සහ්ර් කිරීම˜ යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

—සහ්ර් ආහාරය යනු අභිවෘද්ධිය ඇති ආහාරයකි, එය අත් නොහරින්න, අවම වශයෙන් වතුර උගුරක් හෝ පානය කර එය කරන්න. නියතයෙන්ම අල්ලාහ් සහ්ර් කරන්නන්ට දයාව පුදන්නේය, ඔහුගේ දේව දූතවරුන්ද ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නේය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

ෙසෙද් ඉබ්නු සාබිත් (රලි) විස්තර කරයි: අපි නබි (සල්) තුමන් සමග සහර් ආහාරය ගත්තෙමු, පසුව නබි (සල්) තුමන් සලාතය සඳහා නැගිට්ටේය. එවිට ඔහුගෙන් සලාතය හා සහර් අතර පැවතුනු වේලාව කොපමණද? යනුවෙන් ප්‍රශ්න කරන ලදි (අල්කුර්ආනයෙහි) වාක්‍යන් පහනහක් පාරායනය කරන වේලාවයි˜ යනුවෙන් පිළිතුරු දුන්නේය. (මූලාශ්‍රය: බුහාරි).

සහර් කිරීම ප්‍රමාද කර. උපවාසයෙන් මිඳීම ඉක්මන් කිරීම සුන්නත් වෙයි. —මාගේ සමාජය සහර් (ආහාරය) ප්‍රමාද කර, උපවාසයෙන් මිඳීම ඉක්මන් කරන තෙක් යහපතෙහි සිටින්නෝය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාහ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

උපවාසයෙහි නිරත වන බොහෝ පිරිස් අලස භාවය නිසා සහර් ආහාරය නොගෙන උපවාසයෙහි නියැලති. ශුද්ධවූ අල්කුර්ආනයෙහි අල්ලාහ් යහපත් ශ්‍රද්ධාවන්ත පුද්ගලයින්ගේ උසස් ගුණාංග පිළිබඳ පවසන විට මෙසේ පවසයි:

—ඔවුන් සහර් වේලාවේ (තමන්ගේ පාපයන්ට) සමාව අයදිති˜ (ශු අල්කුර්ආන් 51: 18). ඉහත සඳහන් ප්‍රකාශයන් එහි අවශ්‍යතාවය හා වැදගත් කම පිළිබඳ කථා කරයි. එබැවින් නබි (සල්) තුමන්ගේ මෙම උතුම් මග පෙන්වීම කි්‍රයාවට නැංවීමට අපි කොයි කව්රුත් යුහුසුළු විය යුතුයි.

4- උපවාසයෙන් මිදීම:

ඉදිච්ච රට ඉඳි නැති විට සමාන්‍ය රට ඉඳි ගැනීම එය නැති විට ජලය පානය කිරීම, එයත් නැති විට කැමති ආහාර පානයක් ගනිමින් උපවාසයෙන් මිඳීම සුන්නත් වේ. (මූලාශ්‍රයන්: අබූ දාවූද්, තිර්මිදි, හාකිම්).

—උපවාසයෙන් මිදීම ප්‍රමාද නොකර ඉක්මන් කරන තෙක් ජනතාව යහපතෙහි සිටින්නෝය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

5- උපවාසයෙන් මිෙඳන විට කෙනෙකුට ප්‍රාර්ථනාවන්හි නියැලිය හැක. උපවාසයෙන් මිදීමත් සමග පහත සඳහන් ප්‍රාර්ථනාව උසුරීම සුන්නත් වේ.

ذَهَبَ الظَّمَأُ وَابْتَلَّتِ الْعُرُوقُ وَثَبَتَ الْأَجْرُ إِنْ شَاءَ اللَّهُ

—දහබල් ලමඋ වබ්තල්ලතිල් උරූකු වසබතල් අජ්රු ඉන් ෂා අල්ලාහ්˜

පිපාසය සංසිදුනි, නහරවල් තෙත්විය, අල්ලාහ්ගේ කැමැත්ත අනූව ප්‍රසාධයන් ස්ථීර විය. (මූලාශ්‍රයන්: අබූදාවූද්, හාකිම්, ෙඛෙහකි).

6- උපවාසය අතර වාරයේ දත් මැඳීම සුන්නත් වේ. ආමිර් ඉබ්නු රබීආ පවසයි: නබි (සල්) තුමන් උපවාසය අතර වාරයේ මට ගණින්නට නොහැකි වාර ගනන් දත් මැන්දේය. (මූලාශ්‍රයන්: අබූදාවූද්, අහ්මද්, තිර්මිදි). උපාවසය අතර වාරයේ දත් මැඳීම වැරදි කි්‍රයාවක් යනුවෙන් බොහෝ අය සිතති. එයින් උපවාසයට හානියක් වෙයි යනුවෙන් සිතති. මෙම මතයන් වැරදියි යන්නට ඉහත සඳහන් පුවත කදිම සාධකයකි.

7- අන් අය උපවාසයෙන් මිදීම සඳහා උපකාර වීම. —කව්රුන් තවත් කෙනෙකුට උපවාසයෙන් මිදීමට උපකාරී වන්නේද, ඔහුට සමාන ප්‍රසාධයන් ඔහුටත් හිමිවෙයි. ඔහුගේ ප්‍රසාධයන්හි කිසිදු අඩුවක් නොසිදුවෙයි˜. (මූලාශ්‍රයන්: තිර්මිදි, ඉබ්නුමාජා, ඉබ්නු හිබ්බාන්, අහ්මද්).

අපි වෙනත් කෙනෙකුගේ අමුත්තෙකු වශයෙන් උපවාසයෙන් මිදුනු විට පහත සඳහන් ප්‍රාර්ථනාව කළ යුතුයි:

أَفْطَرَ عِنْدَكُمُ الصَّائِمُونَ وَأَكَلَ طَعَامَكُمُ الْأَبْرَارُ وَصَلَّتْ عَلَيْكُمُ الْمَلَائِكَةُ

අෆ්තර ඉන්දකුමුස් සාඉමූන වඅකල තආමුකුමුල් අබ්රාර වසල්ලත් අෙලෙකුමුල් මලාඉකහ් යනුවෙන් පැවසිය යුුතුය.

(උපවාස ශීලය ඇත්තාවුන් ඔබ වෙත උපවාසයෙන් මිදුනහ. සුචරිත ඇත්තාවුත් ඔබගේ ආහාරය අනුභව කළහ. දේවදූත යෝද ඔබහට ප්‍රාර්ථනා කරන්නෝය) (මූලාශ්‍රය: අබූදාවුද්).

අන් අයට උපවාසයෙන් මිදීමට උපකාරි වීම මහගු කාර්්‍යයකි. එය සුළුවෙන් නොසැලකිය යුතුයි. උපවාසයෙන් පසුවෙන්නාට හිමිවන සමාන ප්‍රසාධයන් මොහුටත් හිමිවෙයි. දිළින්දාගේ කුසගින්න සැමටම දැනෙන මෙම මාසයේ අපි දිළින්දන්ට උපකාරි විය යුතුයි.

8- රමලාන් අවසන් දවස් දහය මස්ජිදයෙහි (ඉඃතිකාෆ්) රැඳී සිටීම සුන්නත් වෙයි.

9- උම්රා කර්තව්‍ය: රමලාන් සමයෙහි ඉටු කරන උම්රාව හජ් කර්තව්‍යට සමාන වෙයි. —මා සමග හජ් කිරීමට සමාන වෙයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි).

10- සියළු යාඥා කටයුතු උනන්දුවෙන් හා යුහුසුළුවෙන් නියමිත වේලාවන්හි කිරීම සුන්නත් වේ. විශේෂයෙන් රමලාන් අවසන් දවස් දහය, ආයිෂා (රලි) වාර්තා තුමිය කරයි: —නබි (සල්) රමලාන්හි අවසන් දවස් දහය උදාවූ විට තමන්ගේ පවුලේ අයද දිරි ගන්වමින්, තමන්ගේ යටි සළුවද තදින් බැඳ ගනි˜ (මූලාශ්‍රය: බුහාරි). මෙය යාඥාවන් සඳහාවූ සූදානමයි.


මුහර්රම් මාසය-මුල්ම මාසය
රමලාන් මස උපවාස ශීලය
උපවාසය අනිවාර්්‍ය වීමට කොන්දෙසි

උපවාසය අනිවාර්්‍ය වීමට කොන්දෙසි

1- මුස්ලිමෙකු වීම:- කාෆිර් (මිත්‍යා දෘෂ්ටිකයෙකුට උපවාසය අනිවාර්්‍ය නොවේ). ඔවුන් උපවාසයෙහි නියැලූනද එය නොපිළිගැනේ. ඉස්ලාම් දහමට ප්‍රවිශ්ටවීමට ඇති මූලික ප්‍රතිපත්තීන් දෙක නොපිළිගෙන මොනම යාඥාවක් කළත් එයට වළංගුභාවයක් හිමි නොවේ.

2- වැඩිවියට පත්ව සිටීම:- මෙයින් පැහැදිළි වන්නේ වැඩිවියට නොපත් වූ කුඩා දරුවන්ට උපවාසය අනිවාර්්‍ය නොවේ. එනමුත් පුරුදු පුහුණුව සඳහා ඔවුන් උපවාසයට දිරිගැන්වීම සතුටු දායක වේ.

3- මනා සිහිබුද්ධිය ඇති කෙනෙකු වීම:- මානසික රෝගීන්ට උපවාසය අනිවාර්්‍ය නොවේ යනු මෙයින් පැහැදිළි වෙයි. මන්ද මොවුන් බල කිරීමටද, හොඳ නරක තෝරා බේරා ගැනීමේ ශක්තියක්ද නොමැති පිරිසකි.

4- උපවාසය ඉටු කිරීමට ශක්තිය ඇති අය:- වයෝවෘද්ධ වීමෙන්, නැතහොත් රෝගී තත්ත්වය නිසා දුබලත්වයට පත්වූ අය මෙයින් පිටත්වෙයි.

5- සිය ගමෙහි රැඳී සිටීම:- ගමන් බිමන් වල නිරත වී සිටින්නන්ටත් අනිවාර්්‍ය නොවේ. ඔවුන් වෙනත් කාල වල මග හැරුනු උපවාසයන් ඉටු කළ යුතුය.

මේහා බැඳුනු වෙනත් සමහර නීති රීතින්:

1- ප්‍රශ්නය :-

රමලාන් දහවල් කාලයෙහි වෙනත් ආගමිකයෙකු ඉස්ලාම් දහම වැළඳ ගත් විට නැතහොත් මානසික රොගියෙකු යහපත් තත්ත්වයට හැරුනු විට පවතින නීතිය කුමක්ද?

පිළිතුර:- ඔවුන්ට අනිවාර්්‍ය නොවී තිබුනු තත්ත්වයක මෙය අළුතින් ඇතිවූ තත්ත්වයකි. එදින උපවාසය නිශ්ඵල වන ක්‍රියාවන්ගෙන් මිදී, එම උපවාසය පසුව ඉටු කිරීම ඔහුට අනිවාර්්‍ය නොවේ. මන්ද ඔවුන් උපවාසය ඉටු කිරීම අනිවාර්්‍ය වූ තත්ත්වයක නොසිටියේය. ඉන් පසු ඔවුන් දිගටම උපවාසයන් ඉටු කළ යුතුයි.

2- ප්‍රශ්නය:- රමලාන් දහවල් කාලයෙහි මගියෙකු තමන්ගේ ගමන අවසන් කර සිය ගම රටා බලා පැමිණියේ නම්, නැතහොත් ඔසප් වූ කාන්තාව නැතහොත් දරු ප්‍රසුත්‍රයෙන් පසු රුධිරය හටගන්නා කාන්තාවක් පවිත්‍ර වූයේ නම්, නැතහොත් උපවාසය ඉටු කිරීමට ශක්තිය නොමැති අයට ශක්තිය, වීරිය ලැබුනේ නම්. නැතහොත් රෝගී තත්වයෙන් මිදුනේ නම් පවතින නීතිය කුමක්ද?

පිළිතුර:- එදින උපවාසය නිෂ්ඵල වන කරුණු වලින් ඈත් නොවී. එම දිනය වෙනුවෙන් වෙනත් දිනයක උපවාසය ඉටු කිරීම ඔහුට අනිවාර්්‍ය වේ. මෙයට සාධක වශයෙන්: —කව්රුන් රමලාන් මස දහවල් කාලයෙහි උපවාසයෙන් මිදෙයිද ඔහු දහවල් අවසානයේදිද උපවාසයෙන් මිදිය යුතුයි˜ යනුවෙන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: ඉබ්නු අබිෙෂෙබා).

3- ප්‍රශ්නය:- රමලාන් මස උදාවූ ආරංචිය කෙනෙකුට නොලැබී පසු දින දහවල් කාලයෙහි දැනගනි වී නම් එහි නීතිය කුමක්ද?

පිළිතුර:- නිදසුනකට: ඈත පළාතක සිටින කෙනෙකු නව සඳ බලා ඊට පසු දින නීතිපතිවරයා වෙත පැමිණ සඳ බැලූ බව සාක‍ෂි දැරුවේ නම් පහත සඳහන් සාධකය අනූව උපවාසය නිෂ්ඵල වන සියළු කාර්්‍යයන්ගෙන් වැළකි සිටිය යුතුයි. —නබි (සල්) තුමන් ආෂූරා උපවාසය අනිවාර්්‍යවූ විට දහවල් කාලයෙහි ආහාරවලින් වැළකි සිටින ලෙස සමස්ත මුස්ලිම් ප්‍රජාවටම නියෝග කළහ. එතුමන්ද වැළකී සිටියහ˜.

(මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

මෙම උපවාසය වෙනත් දිනයක ඉටු කිරීමද අනිවාර්්‍ය වේ. මන්ද අනිවාර්්‍ය උපවාසය සඳහා ෆජ්ර් හිමිදිරියට පෙර චේතනාව ඇති කරගැනීම කොන්දේසියක් වේ. මෙම ක්‍රමයෙහි චේතනාව තහවුරු වී නොමැත.

සත්‍ය යනු කුමක්ද?

අලි ඉබ්නු අබී තාලිබ් (රලි) විස්තර කරයි: —ඔබ සැකයට තුඩු දෙන දෙයින් ඈත් වී, සැකයෙන් තොරවූ දේ පමණක් පිහිටා සිටින්න. සත්‍ය යනු අධ්‍යාත්මිකව සැනසීමත්, අසත්‍ය යනු අධ්‍යාත්මිකව ව්‍යාකුලතාවයත් ඇති කරයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: තිර්මිදි).

නබි (සල්) තුමන් සත්‍ය යන ගුණාංගය පැහැදිළි කිරීම සඳහා විවිධ ප්‍රකාශයන් කළහ. ඒ අතුරින් එක් ප්‍රකාශයක් සත්‍ය යනු කුමක්ද? යැයි දැන ගැනීම සඳහා අපි මෙහි විස්තර කරමු.

මිනිසෙකු කුමන කි්‍රයාවක් කරන විටත් ඔහුගේ සිතෙහි යම් කිසි දෙගිඩියාවක් දැනෙන්නේ නම් එම කි්‍රයාව පිළිබඳ ඔහු අවදනාම් විය යුතුයි. කුමන කි්‍රයාවන් කරන විට ඔහුට අධ්‍යාත්මිකව සැනසීමක් ලැඛෙයිද එයයි සත්‍ය යනු ඉහත සඳහන් නබි (සල්) තුමන්ගේ ප්‍රකාශය තහවුරු කරයි.

වෙනත් වාර්තාවක —ජනයාගේ විනිශ්චය කෙසේ වූවත්˜ (මූලාශ්‍රයන්: අහ්මද්, දාරමි).

කෙනෙකු යම් ක්‍රියාවක් කරන විට අධ්‍යාත්මික අසහනයක් දකී, ඔහු එම අසහනකාරි තත්ත්වයෙන් මිදීම සඳහාත් ජනයාගේ යහපත් ප්‍රතිචාරය උදෙසාත් එය ජනයා ඉදිරියේ තබයි. එසේ ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනු විට ඔහු එය කිරීමට උත්සහ කරයි. නමුත් මෙම නබි වදන එසේ කටයුතු නොකරන ලෙස පවසයි. ඒ වෙනුවට එම කි්‍රයාවෙහි විනිශ්චය තම සිතින්ම විමසන ලෙස මෙම නබි වදන පැහැදිළි කරයි. තම කි්‍රයාවන් පිළිබඳ නිවැරදිව විනිශ්චය කිරීම සඳහා ඔහුට සිතක් ඇත. ප්‍රථමයෙන් එම සිතයි ඔහුගේ කි්‍රයාවන් යහපත්ද? අයහපත්ද? යනු විනිශ්චය කරන්නේ.

ධර්මය කළ ඉතා මහගු කර්තව්‍ය නම් ඔහු තුළ සිතක් ඇති කිරීමයි. ඔහු තම සිතට එකඟව ජීවත්විය යුතුයි. කෙනෙකු තම සිත ආගමික ඉගැන්වීම් වලට අනූකුලව පවත්වාගන්නේ නම්, ඔහුගේ ජීවිතයෙහි කුමන දේ හරි, කුමන දේ වැරදි, මෙය කෙරතම් දුරට අනුමත වේ, මෙය කෙතරම් දුරට තහනම් වේ ආදී සීමාවන් ඔහුගේ හිත ඔහුට පහදා දීමට පටන්ගනි. මෙවැනි තත්ත්වයක් තුළ ඔහුගේ හිත ඔහුගේ කි්‍රයාවන් පිළිබඳ නිවැරදි විනිශ්චයක් ලබාදෙයි.

එනමුත් මිනිසා තම හිතට විරුද්ධව කටයුතු කිරීමට වෙරදරයි. එයට ලෞකීක අලංකාරයන්, නැතහොත් පහත් ආශාවන්ගේ බලය හේතු විය හැක. දහම වැරදි කි්‍රයාවක් සේ දකින දේ ඔහු තම දෛනික ජීවිතය තුළ නිවැරදි ලෙස දකින්නට උත්සහ කරයි. එවිට දහම හා ඔහුගේ දෛනික ජීවිතය අතර සටනක් ඇරඹෙයි. මෙය ඔහු හා ඔහුගේ සිත අතර පවතින සටනකි. මෙම සටනෙහි ඔහු සැනසෙයි නම් ඔහු තම දහමට විශ්වාසනීය පුද්ගලයකු වේ. ඒ වෙනුවට අසහනය පීඩනය හිත තුළ රජ කළ ඊටත් ඉහළින් එම කි්‍රයාව ඔහු කරයි නම් ඔහු තම ධර්මයට එක් මුහුණක් හා තම ජීවිතයට එක් මුහුණක් පෙන්වා ව්‍යාජ ලෙස කටයුතු කරයි. එවිටයි ඔහු තුළ බොරුව රජ කර, සත්‍ය ඔහුගෙන් පිටවෙන්නේ. ධර්මය අපට කුමන දේ සත්‍ය යනුවෙන් පහදා දෙයිද ඒ අනූව අපි කටයුතු කළ යුතුයි. ඇත්ත කථා කිරීම පමණක් සත්‍ය නොවේ. ඒ වෙනුවට සත්‍යට ඉතා පුළුල් අර්ථයක් ඇත. එයයි මෙම නබි වදන පැහැදිළි කරන්නේ.

මිනිසෙකුගේ ජීවිතය තුළ විශේෂයෙන් අල්ලාහ්ට පමණක් අවනතවී ජීවත් වන බව පොරොන්දු වූ මුස්ලිමෙකුගේ ජීවිතය තුල සත්‍ය නම් ගුණාංගය අනිවාර්ේ‍යන් රජ කළ යුතුය.

වරක් නබි (සල්) තුමන්ගෙන් විමසන ලදි: —මුස්ලිමෙකු මසුරු විය හැකිද? අධෛර්්‍යය විය හැකිද? එයට එතුමන් එසේ විය හැක යැයි පිළිගත්හ. යළි එතුමන්ගෙන් එක් විශ්වාසවන්තයෙකු බොරු කිව හැකිද? යනු විමසන ලදි එයට එතුමන් විශ්වාසවන්තයෙකු බොරු කිව නොහැකිය යනුවෙන් පිළිතුරු දුන්හ˜ (මූලාශ්‍රය: මුවත්තා මාලික්).

සමහර පාපයන් බල කිරීම නිසා මුස්ලිමෙකු මගින් සිදුවිය හැක. නමුත් ඔහු මොනම අවස්ථාවක හෝ බොරු කිව නොහැක. මන්ද ඔහු තම සිතට විරුද්ධව ජීවත් විය නොහැක. එසේ ජීවිත්වීම කුහකත්වය ඔහු තුළ රජ කිරීමක් වේ.

කව්රුන් සතුව පහත සඳහන් සිව්වැදෑරුම් ගුණාංග පවතීද ඔහු සැබෑ කුහකයකි, මින් එකක් හෝ ඔහු සතුවූවත් කුහකත්වයෙහි ගුණාංගයක් ඔහු සමග පවති. විශ්වාස භංගත්වය (විශ්වාස කළ විට එයට පිටුපෑම). කථා කළ විට බොරු කථා කරයි. (අසත්‍ය දේ ඔහුගේ මුවින් නිරතුරුවම පිටවෙයි). පොරොන්දු දුන් විට එය කඩ කරයි. තර්ක කළ විට විතර්කයෙහි යෙදෙයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).

මෙම නබි වදනෙහි සඳහන් කරුණක් නම්: —කථා කළ විට බොරු කථා කරයි˜. (නිරතුරුව ඔහුගේ මුවින් මුසාව පිටවෙයි). ඔහු තම සිත තුළ පවතින දේට විරුද්ධව භාහිර ජීවිතයෙහි කටයුතු කරයි. එම ගුණාංගය හා විශ්වාසය අතර කිසිදු සම්බන්ධයක් නැත.

විශ්වාසයෙන් යුත් පුද්ගලයෙකු තම විශ්වාසයෙහි පවතින දුර්වලකම නිසා වරදක් කළ හැක. නමුත් ඔහුව එම වැරදි ක්‍රියාවෙන් මුදවා අල්ලාහ් ඉදිරියට ඔහු රැගෙන ගොස්, නීතියෙන් පනවා ඇති ද~ුවම් ලැබීමට සලස්සන්නේ කුමක්ද? සැබවින්ම සත්‍ය නම් උසස් ගුණාංගය හැර වෙන කිසිවක් නැත. එම සත්‍ය නැත්නම් ඔහු නිවැරදි මගට යළි හැරෙන්නේ නැත. එබැවින් සත්‍ය නම් ගුණාංගය මිනිසා නිවැරදි මාර්ගයෙහි සිටීමට ඉතා අවශ්‍ය කරුණකි. එය විශ්වාසයෙහි මූලික ගුණාංගයක් වශයෙන්ද අල්කුර්ආනය විස්තර කරයි. ශ.ද්ධවූ අල්කුර්ආනය මගින් අල්ලාහ් විශ්වාසවන්තයින්ට මෙසේ අණකර සිටි.

විශ්වාසවන්තයිනි, අල්ලාහ්ට බියවනු තවද සත්‍යවන්තයින් සමග එක්ව සිටිනු˜ (ශ. අල්කුර්ආනය 9: 119).

බොරු කාරයින් සමග ඔබ ආශ්‍රය නොකර යුතුයි. ඔවුන් සමග ආශ්‍රය කිරීමෙන් හෝ එම නීච ගුණාංගය ඔබට නොවැළඳිය යුතුයි. සත්‍ය වන්තයින් සමග ආශ්‍රය කරන්න, මන්ද කෙනෙකු තුළ සත්‍ය නම් ගුණාංගය පිහිටි තිඛෙන විට වෙනත් සියළු උසස් ගුණාංගයන් ඔහු තුළ පවතිනවාට කිසිදු සැකයක් නැත. එය එම මිනිසා කෙරෙහි ආකර්ශනීය භාවයක් ඇති කරයි. එම මිනිසාගේ සෑම කි්‍රයාවක්ම අවදානය කිරීමට අප දිරිගන්වයි. ඔහු ආශ්‍රය කිරීමටත් එය මග විවර කරය.ි නමුත් මුසාවත් සමග ජීවත්වන්නන් සමග ආශ්‍රය පවත්වන විට එම පහත් ගුණාංගයන් අපවත් ආක්‍රමණය කරනු ඇත.

එබැවිනුයි —විශ්වාසවන්තයිනි අල්ලාහ්ට බියවනු තවද සත්‍යවන්තයින් සමග එක්ව සිටිනු˜ (ශ. අල්කුර්ආනය 9: 119). යනුවෙන් අල්ලාහ් උපදෙස් කරන්නේ.

සත්‍ය යන ගුණාංගය මුළුමනින් අපි අවබෝධ කරගන්නේ නම්, එය අප සිතත් සමග සාමකාමීව, කිසිදු දෙගිඩියාවකින් තොර, අසහනකාරි මානසිකත්වයකින් තොර ජීවත් වීම යනු කිව හැක. සත්‍ය නම් ගුණාංගයත් සමග කෙනෙකු ජීවත් වීමට මෙයයි අර්ථය. අප සිතට විරුද්ධව අපි කටයුතු නොකළ යුතුයි. සිතත් සමග සටන් කාමි තත්ත්වයක් ඇති කර එයට එරෙහිව කටයුතු නොකර යුතුයි. අපි සෑම අවස්ථාවකම අප සිතත් සමග සිටිය යුතුයි. තම සිතත් සමග සාමකාමීව සිටිය යුතුයි. මිනිසෙකු සෑම අවස්ථාවේදීම තමන්ට සමීපව තබා ගන්නේ තමන්ගේ සිතයි. එම සිතත් සමග ජීවත් වීමට සමහරුන්ට අසීරු වෙයි. ඔවුන් කව්රුන්දැයි ඔබට දන්නවාද?

ඔවුන්ගේ සිත් තුළ විවිධ අර්බුදයන් ඇත. එම අර්බුදයන් ඔවුන් විසින්ම මතු කරගන්නා ලදි. ගනු දෙනු තුළින් විවිධ ප්‍රායෝගික ප්‍රශ්න මතු කරගනිති. විශ්වාසය පලූදුවන ආකාරයට ඔවුන් කටයුතු කරති. පොරොන්දු දී එය කඩකර විවිධ ප්‍රශ්න මතු කරගනිති. යමක් ලබාගන්නා විට එය යළි ලබාදීමේ අරමුණකින් තොර ලබාගනිමින් ප්‍රශ්න මතු කර ගනිති. යමක් ලබාගන්නා විට එය යළි ලබා දීමේ කිසිදු අදහසක් ඔවුන් තුළ නැත.

මෙසේ දෛනික ජීවිතයෙහි විවිධ අවස්ථාවන්හි සිතට විරුද්ධව කටයුතු කරමින් අර්බුද මතු කරගනිති. මෙවැනි විවිධ අසහනකාරි තත්ත්වයන් මැද්දේ මිනිසා තම සිතත් සමග තනිව සිටින විට ඔහුට මහත් පීඩනයක් ඇති වෙයි. එවැනි තත්ත්වයක් තුළ ඔහු තමන්ව අමතක කිරීමට උත්සහ කරයි. තමන් සමග සිටින තම සිත ඔහුට පාලනය කිරීමට නොහැකි වෙයි. මෙම තත්ත්වය අමතක කිරීම සඳහා රූපවාහිනි යන්ත්‍රය, ගුවන් විදුලිය, නැතහොත් මිත්‍රයෙකුගෙ පිහිට ඔහු සොයන්න පටන් ගනි. නැතහොත් සුරා සැල්, රාති්‍ර සමාජ ශාලා, මත් ද්‍රව්‍ය, මත් පැන්හි පිහිට සොයා තමන් අමතක කිරීමට වෙර දරයි. මන්ද ඔහුට තම සිත සමග තනිව ජීවත් වීමට නොහැක. මෙසේ ඔහු තුළ ඔහු මහත් අර්බුදයක් මතු කරගෙන ඇත.

මෙවැනි ඛේදනීය තත්ත්වයකට මිනිසාට මුහුණ දීමට සිදුවූයේ ඔහු තම සිතට විරුද්ධ ජීවිතයක් ගත කිරීමට පටන් ගැනීමයි. ඔහුගේ සිත මුළුමනින් වනසා එයට විරුද්ධව ජීවත් වීම පහසු කාර්්‍යයක් නොවේ. මන්ද සෑම මොහොතකම, සෑම නිමේෂයකම ඔහුත් සමග ජීවත් වන ඔහුගේ සිතට විරුද්ධව කටයුතු කරන විට යහපත් ජීවිතයක් ගත කිරීම යනු මුලාවක් පමණි.

ඉස්ලාම් දහම මිනිසෙකුට ලබාදෙන මහගු දායාදයක් නම් අධ්‍යාත්මික සැනසීමයි. මෙම සැනසීමට සාපේක‍ෂව වෙනත් කිසිදු සම්පතක් මෙම විශ්වයෙහි නොමැත. ජීවිතයෙහි සැනසීමක් නැත්නම් ඇයි මෙම ජීවිතය? යනු දුක් සුසුම් හෙළන බොහෝ අය අපි දකිමු. අධ්‍යාත්මික සැනසීම සඳහා ඉස්ලාම් පෙන්වන මග කෙතරම් අපූරුද..

මරණින් මතු ජීවිතයක් ඇත්දැයි යන ගැටළුව

මරණින් මතු ජීවිතයක් ඇත්දැයි යන ගැටළුව විද්‍යාත්මක නිගමනයකට අදාළවූවක් නොවේ. හේතුව විද්‍යාව මගින් කෙරෙන්නේ ඉන්ද්‍රියයන්ට විෂය වූ දත්තයන් විෂ්ලේෂණය කිරීම පමණි. එපමණක් ද නොවේ.

නූතන වහරින් පවසතොත්, මිනිසා විද්‍යාත්මක නිරීක‍ෂණ හා පර්යේෂණයන් හි නිරත වන්නට වූයේ, ඉකුත් ශත වර්ෂ කීපය තුළ පමණි. මරණින් මතු ජීවිතය පිළිබඳ පිළිවෙත, ඔහුට දුරාතීතයේ සිට හුරුපුරුදුවූවකී. සෑම ශාස්තෘවරයෙක්ම තම ප්‍රජාව අමතා අල්ලාහ් අදහන ලෙසත්, මරණින් මතු ජීවිතය පිළිබඳ විශ්වාසය පිහිටුවන ලෙසත් දෙසූහ. ඔවුන් මොනතරම් අවධාරණයකින් එය ඉගැන්වූවාද යත්, මරණින් මතු ජීවිතයක් නැති කල එමගින් නැෙඟන්නේ අල්ලාහ්ට පිටුපෑමක්, සෙසු ඕනෑම විශ්වාසයක් නිශ්ඵල වන බවත් තරයේ ප්‍රකාශ කළහ.

අල්ලාහ්ගේ සෑම ශාස්තෘවරයෙක්ම මරණින් මතු ජීවිතය පිළිබඳව ඒකා කාරව, ඒ ගැන අතිශය ඇදහිලි සහිතව කරුණු සඳහන් කළහ. ඒ ශාස්තෘවරුන් විසු වකවානු අතර දහස් සංඛ්‍යාත වසරක පරතරයක් පැවතියත් මරණින් මතු ජීවිතය සම්බන්ධයෙන් ඔවුන් දත් දැනුම් ප්‍රමාණය සමාන විය. නිදසුනක් වශයෙන් —වහී˜ දිව්‍ය හෙලිදරව් – දැක්විය හැකිය. මරණින් මතු ජීවිතය පිළිබඳ විශ්වාසයක් නොවූ බැවින්, ඒ සෑම ශාස්තෘවරයකුම සමාකාලීන ජනතාවගේ ගැරහුමට ලක්වූ බව අපි දනිමු. ඒ ගැරහුම්, විරෝධතා මධ්‍යයේ වූවද, ඒ ශාස්තෘවරුන්ට අවංක අනුගාමිකයෝ ඛෙහෙවින් ඒක රාශි වූහ.

මෙහිදී පැනනගින ප්‍රශ්නයක් නම්, තත් සමාජයෙන් කොන්කරනු ලැබීම පවා නොතකා, තදින් කාවැදි තිබුණු විශ්වාස, මතිමතාන්තර හා මුතුන්මිත්තන්ගේ සිරිත් විරිත්, ගතානුගතික මතිමතාන්තර යනාදිය දුරුලන්නට තරම් මොවුන් පෙළැඹවූයේ කවරක්ද යන්නයි. මීට සරළම පිළිතුර නම්, ඔවුන් සත්‍යය වටහාගැන්මෙහිලා දැඩි අවශ්‍යතාවයකින් තම සිත්සතන් යොමු කිරීමයි. ඔවුන් එය වටහාගත්තේ අනුදැනුමක් සහිතවද? එසේ විය නොහැකිය. මරණින් මතු ජීවිතය පිළිබඳ අනුදැනුමක්, අත්දැකීමක් පිහිටිය නොහැකිය. අත්දැකීමට අමතරව, අල්ලාහ් විසින් මිනිසාට, යථාර්ථවාදි සෞන්දර්්‍යාත්මක හා සදාචාරාත්මක හැඟීම් හිමිකර දී ඇත. සත්‍යය මත මිනිසාට මඟපෙන්වීමක් ලබාදෙන්නේ මෙකී හැඟීමයි. ඉන‍ද්‍රීයයන්ට ගෝචර වූ දත්තයන් මගින් එය විග්‍රහ කළ නොහැකිය. අල්ලාහ්ගේ ශාස්තෘවරුන්, අල්ලාහ් සහ මරණින් මතු ජීවිතය ගැන විශ්වාසය පිහිටුවන මෙන් තම ජනතාව කැඳවන අතරම සෞන්දර්්‍යාත්මක, සදාචාරත්මක හා යථාර්ථවාදි හැඟීම් ද ඒ හා ආදේශ කළහ. නිදසුනක් වශයෙන් මක්කාවේ ප්‍රතිමා වන්දකයන් විසින් මරණින් මතු ජීවිතය පිළිබඳ පිළිවෙත නොපිළිගත් අවස්ථාවේ, ඔවුන් ගේ දුබලකම හූවා දක්වනු පිණිස අල්කුර්ආනයෙන් තර්කානුකුල හා යථාර්ථවාදි විග්‍රහයක් මගින් එය සනාථ කෙරුණි.

තවද ඔහු අපට ආදේශකයින් පිහිටුවයි. ඔහුගේ මැවීම් ගැන අමතක කොට —මේ ඇටකටු දිරාපත්වූ පසු එයින් යළි මතුකරන්නේ කෙසේදැ˜ යි (විමසයි) පවසන්න, ප්‍රාරම්භයේ දී එය නිපදවූ ඔහුට යළි මතුකරන්නේය. හේතුව ඔහු සියලූ නිර්මාණයක් ගැනම දනී. හරිත වෘක්ෂයක් තුළින් ඔබට ගින්දර සැපයුවේ කව්ද? ඔබ එයින් දල්වන්නෙහි. ආකාශ හා මහ පොළොව මැව්වේ කව්ද? ඒ අන්දමින් මැවිය හැක්කේ කාටද? සැබෑය. ශ්‍රේෂ්ඨතම මැවුම්කාරයා ඔහුය. ඔහු සර්වඥානීවේ.˜ (අල්කුර්ආන් 36 ¦ 78-81)

කාෆිර් වරුන් මරණින් මතු ජීවිතය නොඅදහා සිටීමෙහි ලා කිසිදු පදනමක් නැති බව, සෙසු අවස්ථාවකදී විස්තර කෙරේ.

මෙලෝ ජීවිතය හැර වෙනත් ජීවිතයක් නැතැයි ඔවුහු පවසති. අපි මරුමුවට පත්වෙමු. අපි ජීවත්වෙමු. කාලය විනා අප වනසන සෙසු කිසිවක් නැත. ඒ ගැන ඔවුන්ට කිසිදු දැනුමක් නැත. ඔවුන් දරන්නේ හුදෙක් උපකල්පන පමණි. අපේ වහී (දේව හෙළිදරව් කිරීම්) ඔවුන්ට දේශනාකරන විට, ඔවුන්ගේ එකම තර්කය වන්නේ මෙයයි. ඔබ ඇත්ත ෙÞඩවනවා නම් අපේ පියවරුන් (යළි) මතු කරන්න. ගෙනත් පෙන්වන්න යන්නයි˜ (අල්කුර්ආන් 45 ¦ 24-25)

නියත වශයෙන්ම මළගිය සියල්ල, අල්ලාහ් යළි මතු කරන්නේය. එහෙත් අල්ලාහ්ට ස්වකීය සැලැස්මක් තිබේ. මේ මුළු මහත් විශ්වත් මණ්ඩලයම විනාශයට පත්ව, මළගිය සියල්ල අල්ලාහ් හමුවේ නැගීසිටින දිනයක් උදාවනු ඇත. එය ජීවිතයේ ආරම්භක දවසයි. එමතු අවසානයක් නැත. තවද, එදින සෑම පුද්ගලයකුටම ඔවුනොවුන් කළ කුසල් හා අකුසලයට අදාල ඵල විපාක ප්‍රදානය කෙරේ.

මරණින් මතු ජීවිතයක අවශ්‍යතාවය සම්බන්ධයෙන් මිනිසා ඉල්ලා සිටින විග්‍රහය, අල්කුර්ආනයෙන් සැපයේ. ඇත්තෙන්ම මරණින් මතු ජීවිතයක් නැත්නම්, අල්ලාහ් කෙරේ පිහිටුවන ඇදහිල්ල නිෂ්ඵල වනු ඇත. නැත්නම් අල්ලාහ් පිළිබඳ ඇදහිල්ල පිහිටුවා ගත්තත්, මිනිසුන් මවා ඔහුගේ ඉරණම නොවිසඳන ඒ අල්ලාහ් අසාධාරණ හා පක‍ෂග්‍රාහි අල්ලාහ් කෙනෙකුයි හැෙඟනු ඇත. නිසැක වශයෙන්ම අල්ලාහ් සාධාරණය, ශත සංඛ්‍යාත අහිංසක ජනතාව ඝාතනය කරමින් සමාජයේ දැවැන්ත දූෂණ දුරාචාරයන් හි නිරත වෙමින්, තමන්ගේ වැඩකටයුතු කරවා ගනු පිණිස අසංඛ්‍යාත දනන් වහල් භාවයේ යොදවා ගනිමින් යනාදි වශයෙන් සීමාතික්‍රාන්ත සාපරාධී කටයුතු වල යොමුවූවන්ට අල්ලාහ් ද~ුවම් කරන්නේමය.

මේ මිහිතලය මත ඉතා ලඝු ජීවිත කාලයක් ගතකරන මිනිසාට අඩු තරමින් මේ භෞතික ලෝකය පවා සදාකාලික නොවන කල, ඔහු කළ කුශලාකුශලයන්ට අදාළ ඵල විපාක පමුණුවාලිමට තරම්, කාලය ප්‍රමාණවත් නොවේ. යුක්තිය විනිශ්චය කරන දිනයක් උදාවිය යුතු බවත්, එහිදි සෑම ආත්මයකම ඉරණම, ඔවුනොවුන් ඉදිරිපත් කරන සටහන් වාර්තා අනූව, අල්ලාහ් විසින් යුක්තිය විනිශ්චය කෙරෙන බවත් නොඅනුමානය.

—කාෆිර්හු (ප්‍රතිෙක‍ෂ්පකයින්) මෙසේ කියති: ඒ මොහොත අපට කිසිදා උදා නොවේ. පවසන්න. නැත. මගේ ස්වාමියාගේ නාමයෙන්, එය නිසැක වශයෙන්ම ඔබටත් උදාවන්නේය. (ඔහු) අවිද්‍යමාන දේද දකි. පරමාණුවක තරම් නැත්නම් ඊට වැඩි හෝ අඩුබරක් වූවද ආකාශයන්හි හෝ පෘථීවිය මත (ඔහුගේ දෘෂ්ටියෙන්) මුවා විය නොහැකිය. එය පැහැදිලි සටහනේ සඳහන් වේ. ඔහු අදහා යහපත සිදුකරන්නන්ට ඔහු තිළිණ ප්‍රදානය කරයි, ඔවුන්ට සමාව හා විශාල තිළිණ ද ඇත. එහෙත් අපේ වහී (දේව හෙළිදරව් කිරීම්) වලට එරෙහිව අභියෝග කරමින් කලබල කරනවුන්ට පීඩාකාරි ද~ුවම් හා (දේව) උදහස හිමි වේ.˜ (අල්කුර්ආන් 34 ¦ 3-5)

යළි මතුවන – කියාමත් – දිනය වුකලී, අල්ලාහ්ගේ පරම සාධාරණත්වය හා පරම කරුණා දයාව යන දිව්‍ය ගුණාංග සපුරා පිරී උතුරා යන දවයසි. තමන්ට සදාකාලික සංතුෂ්ඨිය ලැඛෙතැයි අදහා, ලෞකික ජීවිත සමයේ අල්ලාහ් වෙනුවෙන් දුක් පීඩා දරාගත් දනන් කෙරේ ඔහු විශිෂ්ඨතම මෛත්‍රි මහිමය හලනු ඇත. එහෙත් මතු දිවියක් සම්බන්ධයෙන් නොසැලකිල්ලෙන්, අල්ලාහ්ගේ අණසක කඩකළවුන් ඛේදනීය ශෝකාන්තයකට පත්වෙති. මෙකී උභය පාර්ශ්වයම සංසන්දන කරමින් අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ.

—මොවුන් එක හා සමානද? අපේ මහගු පොරොන්දු ලදවුන් එය අත්කරගනු පිණිස ළඟාවන්නේ කව්ද? අප විසින් මෙලෝ මත සුව පහසු ජීවිතයක් ලදවුන් (ද~ුවම් පිණිස) ගෙනෙනු ලැබුවන් හා සිටිත්ද?˜ (අල්කුර්ආන් 26¦ 61)

ලෞකීක ජීවිතය වූකලී, මරණින් මතු සදාකාළික ජීවිතය සඳහා සූදානම් වීම පිණිස වූවකී. මරණින් මතු ජීවිතය ප්‍රතිෙක‍ෂ්ප කරන්නා, ස්වකීය තණ්හා ආශාවන්ට වහල් වෙමින් සිල්වත් හා අල්ලාහ් කෙරේ බියැත්තන්ට උපහාස කරති.

මෙවැන්නෝ තම වරද වටහා ගන්නේ මරණාසන්න මොහොතේය. එහිදී මෙලෝ ජීවිතය සඳහා තවත් වැඩි අවස්ථාවක් ලැබේවායි. පතමින් වැලපෙති. ඔවුන්ට එබඳු අවස්ථාවක් උදා නොවේ. මරණාසන්න මොහොතේ ඔවුන් පසුවන ශෝකාතුරු තත්ත්වය හා කියාමත් පරමාන්ත දවසේ, ඔවුන් පසුවන ඛේදනීය විලාශය හා අවංක විශ්වාසවන්තයින් සඳහා සහතික වූ සදාකාලික ආශිර්වාදය ගැන අල්කුර්ආනයේ මැනවින් විස්තර කෙරේ.

—ඔවුනතුරින් කෙනෙකු මරණසාන්න වූ විට මගේ ස්වාමිනි මා ආපසු යවන්න. මවිසින් නොකරන ලද කුශල් පුරන්නෙමි˜ යි පවසයි. නමුත් නැත. එය ඔහු ෙදාඩන වදනක් පමණී. එවැන්නවුන්ගේ පසුපස, යළි මතුකරනු ලබන දිනය තාක් සම්බන්ධයක් පවති. සූර් – නලාව පිඹිණ කල ඔවුනතර එදින නෑ සබඳතා නොදිස් වේ. එකිනෙකාගෙන් ඉල්ලාගත හැකි කිසිවක් නැත මිණුම් තරාදිය බරවන්නේ කාගේද, ඔහු ජයග්‍රාහි වෙති. තරාදිය සැහැල්ලූවන්නේ කාගේද ඔහු ආත්මය නරකාදියට පත්කර ගනිති. ඔවුන්ගේ මුහුනු නරකාදියෙන් පිළිස්සෙයි. ඔවුහු එතුළ අඳුරින් මැලවෙති. මරණින් මතු ජීවිතය පිළිබඳ ඇදහිල්ලෙන් මතු ජීවිතය සාරවත් වනවා පමණක් නොව, මිනිසුන්ගේ කි්‍රයාකලාප සම්බන්ධයෙන් අතිශය වගකීම් හා ආකල්ප ඇතිවීමේන් මහ පොලෝ මතද සාමය හා සතුට රජකරයි.

අරාබියේ ජනතාව ගැන සිත යොමුකරන්න. මරණින් මතු ජීවිතය පිළිබඳ ඇදහිල්ලක් නැති අවධියේ, සූරාව, සූදුව, ගෝත්‍රික සටන්, ආරවුල්, මං පැහැරීම් හා මිනිස් ඝාතන යනාදිය ඔවුන්ගේ වැදගත් කි්‍රයාකලාප විය. එහෙත් එකම අල්ලාහ් හා මරණින් මතු ජීවිතය පිළිබඳව ඔවුන් අදහන්නට පටන් ගත් වහාම, ඔවුහු සමස්ත ලෝකයේ ම දැහැමි ශීලාචාර සම්පන්න ජාතියක් බවට පත්වූහ. ඔවුහු දුසිරිත් අත්හළහ. දුකේදී එකිනෙකාට පිහිටවූහ. තමන්ගේ සෑම අර්බුදයක්ම ගැටළුවක්ම යුක්තියෙන් සාධරණත්වයෙන් හා සමානාත්මතාවයෙන් නිරාකරණය කරගත්හ. එසේම මරණින් මතු ජීවිතය පිළිබඳ අවිශ්වාසය නිසා, එලෝ වශයෙන් පමණක් නොව මෙලෝ වශයෙන්ද අනර්ථකාරි ප්‍රතිඵල ගෙන දේ. මුළු මහත් රාජ්‍යයක්ම එය ප්‍රතිෙක‍ෂ්ප කරන්නේ නම්, ඒ සමාජය තුළ සර්වාකාර දුසිරිත් හා දූෂණවලින් පිරීතිරී ගොස්, එය ඉඳුරා විනාශ වී යනු ඇත. අල්කුර්ආනයෙන්, ආද් හා සමූද් වරුන්ට මෙන්ම ෆාරාවෝ වරුන්ට අත්වූ පරිහානිය තරමක් විස්තර කෙරේ.

—සමූද් හා ආද් (වාර්ගිකයෝ) මතු සිදුවන ධර්මාධිකරණය ගැන නොඇදහූහ. සමූද් වරු අකුණු සැරයෙන්ද, ආද් වරු බියකුරු කුනාටුවකින්ද විනාශ කරනු ලැබූහ. අල්ලාහ් එය ඔවුන් කෙරේ පුරා දින අටක් හා රාත්‍රි හතක් මුළුල්ලේ ම පහත් කළේය. මේ නිසා එහි දනෝ කපා හෙලන ලද ඉඳිගස් මෙන් දරඳඩු බවට පත්වූහ.˜

—දැන් ඔවුන්ගේ සිදුවූ ඛේදය දුටුවෙහිද? ෆාරාවෝ ද පෙර දී එසේම වූහ. (එයද) ඔවුන්ගේ පුරවරද විනාශ කරන ලදී. ඔවුහු වරද සිදුකලහ. අල්ලාහ් යැවූ ශාස්තෘවරයාට එරෙහිව කඩාකප්පල් කාරි කි්‍රයාවන් කළහ. එනිසා අල්ලාහ් ඔවුන් දැඩිලෙස ග්‍රහණය කළේය. ජලය උතුරා ගැලූවිට අපි ගමන් ගන්නා නැවක් තුලට ඔබ දැමුවෙමු. එමගින් ඔබට සිහිපත් කරවීමක් හා සාවධානව ශ්‍රවණය කරවීමක් සඳහාය.

එ නිසා —සූර්˜ නලාව වරක් නාද කළ විට පෘථීවිය හා කඳු පර්වත එස වී, නිමේෂයකින් (එක්වරම) සුණු විසුණු වී යයි. පසුව එදින භීති භ්‍රාන්තය රජකරයි, එදින අහස කැඩී බිඳී දුබල වී යයි. එවිට පොත සුරතෙහි ලද්දෝ මෙන්න, මගේ පොත, රැගෙන කියවන්න. ඇත්තෙන්ම මා කළ දේ වල ප්‍රතිඵලය මට ලැඛෙතියි ඇදහුවෙමි. එමනිසා, ඔහුට පැද්දෙන උතුම් උයනේ ජීවිතය අත්වනු ඇත. මැනවින් කා බී සැනසෙන්න. ඔබ එවැන්නක් කළේ බොහෝ කලකට පෙරය.˜

—එහෙත් පොත වමතෙහි ලත් අය මෙසේ පවසනු ඇත. මට මගේ පොත ලැබුණේ නැහැ නොවැ. එනිසා මා කළ දේවල ප්‍රතඵලය මාදන්නේ නැහැ නොවැ, මේ අවසානයද? අහෝ මගේ වස්තුවෙන් මට පිහිටක් නැත. මගේ ආධිපත්‍යය- බලය මගෙන් ගිලිහී ගොස්ය.˜ (ශ. අල්කුර්ආනය 69¦ 4-39)

මරණින් මතු ජීවිතය ඇදහීමට ඉවහල්වූ මෙබඳු අවබෝධාත්මක කරුණු කුර්ආනයේ අඩංගු වේ.

පළමුව: මරණින් මතු ජීවිතය ගැන විශ්වාසය පිහිටුවන මෙන් සෑම ශාස්තෘවරයෙක්ම දේශනා කළහ.

දෙවනුව: මේ විශ්වාසයේ පදනමින් සමාජයක් ගොඩ නැගුණු කල, එය සාමුහික හා සදාචාරත්මක ෙදාසින් තොරව ශ්‍රේෂ්ඨතම සාමකාමි සමාජයක් වනු ඇත.

තෙවනුව: ශාස්තෘවරයානන්ගේ අඛණ්ඩ අනතුරු ඇඟවීම්වලින් පසුවත්, ජන කොටසක් සාමුහික වශයෙන්ම ඇදහිල්ල    ප්‍රතිෙක‍ෂ්ප කළේ නම්, අල්ලාහ් විසින් මෙලොවෙහිදීම ඒ ජන කොටස වනසා දමන බව ඉතිහාසයෙන් තහවුරු වේ.

සිව්වනුව: මිනිසාගේ සදාචාරත්මක යථාර්ථවාදී හා සෞන්දර්්‍යාත්මක අනුදැනීම් මගින් මරණින් මතු ජීවිතය ගැන වටහා ගත හැකිය.

පස්වනුව: මරණින් මතු ජීවිතයක් නැත්නම්, අල්ලාහ්ගේ යුක්ති සාධාරණත්වය හා කරුණා මෛති්‍රයෙහි අර්ථයක් නැත.


දිනකට පස් වරක් සලාතය ඉටු කිරීම මගින් ලැඛෙන සුභාෂිංශණ

සියළු පැසසුම් හා ප්‍රශංසාවන් විශ්වයෙහි මැවුම් කරුවූ අල්ලාහ්ටම හිමි වේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා.

සහෝදරයානනි, සලාතය යනු තම හිමියන් වෙනුවෙන් කෙනෙකු දිනකට පස් වරක් ඉටු කළ යුතු අනිවාර්්‍ය යාඥාවකි. එය ඉටු කිරීම මගින් ලැඛෙන සුභාෂිංශණ රාශියක් මෙහි දැක්වේ.

• සලාතය වෙනත් සියළු යාඥාවන්ට වඩා උතුම් යන සුභාශිංෂණය:

මුහම්මද් නබි (සල්) තුමන්ගෙන් යාඥාවන් අතුරින් ඉතා ශ්‍රේෂ්ඨ යාඥාව කුමක් දැයි විමසනු ලැබීය? එවිට නබි (සල්) තුමන් —සලාතය නියමිත වේලාවට ඉටු කිරීම˜ යැයි පිළිතුරු දුන්හ. (මූලාශ්‍රය: මුස්ලිම්).

• සලාතය සකල ලොව හිමියන් හා දාසයා

අතර සම්බන්ධතාවය යන සුභාශිංෂණය:

—නියතයෙන්ම ඔඛෙන් කෙනෙකු සලාතය ඉටු කරයි නම් ඔහු තම හිමියන් සමග පිළිසඳරක යෙදෙයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. ( මූලාශ්‍රය: බුහාරි).

• සලාතය ආගමෙහි කුළුණ යන සුභාශිංෂණය:

—ක්‍රියාවන්ගේ මුල ඉස්ලාම් වේ, එහි කුළුණ සලාතයයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: තිර්මිදි).

• සලාතය ආලෝකය යන සුභාශිංෂණය:

—සලාතය ආලෝකයකි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: මුස්ලිම්, තිර්මිදි).

• සලාතය කුහකත්වයෙන් මුදවයි යන සුභාශිංෂණය:

—කුහකයින්ට ෆජ්ර්, ඉෂා සලාතයන් මෙන් අමාරු සලාතයක් වෙනත් නැත, ඒ සඳහා ලැඛෙන ප්‍රසාදයන් ඔවුන් දන්නේ නම් දන ගසා හෝ පැමිණ සලාතයට සහභාගිවනු ඇත.˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).

• සලාතය අපාය ගින්නෙන් මුදවයි යන සුභාශිංෂණය:

—හිරු උදාවීමට පෙර හා ඉර බැස යෑමට පෙර සලාතය ඉටු කරන කිසිවෙකුව නිරය හානියක් නොකරයි යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. මෙයින් අදහස් කෙරන්නේ: ෆජ්ර් හා අස්ර් සලාතයයි. (මූලාශ්‍රය: මුස්ලිම්).

• සලාතය පහත් හා නීච කි්‍රයාවලින් මුදවයි යන සුභාශිංෂණය:

අල්ලාහ් මෙසේ පවසයි: —සලාතය ස්ථාපිත කරන්න නියතයෙන්ම සලාතය නීච හා පිළිකුල් කි්‍රයාවන්ගෙන් ඔබ මුදවයි.˜ අල් අනකබූත්: 45

• සලාතය අවශ්‍ය අවස්ථාවන්හි උපකාරි වන බව සුභාශිංෂණය:

අල්ලාහ් පවසයි: —ඉවසීමෙන් හා සලාතය ස්ථාපිත කිරීමෙන් ඔබ අල්ලාහ්ගෙන් පිහිට පතන්න.˜ අල්බකරා 2 – 45

• සලාතය තනිව ස්ථාපිත කිරීමට වඩා

සමූහව ඉටු කිරීමේදි හිමිවන විශේෂත්වයන් පිළිබඳ සුභාශිංෂණය:

—තනිව සලාතය ඉටු කිරීමට වඩා සමූහව සලාතය ඉටු කිරීම විසි හත් ගුණයකින් ප්‍රසාදයන් ප්‍රගුණ කරයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ (මූලාශ්‍රය: මුත්තෆකුන් අෙලෙහි).

• සලාතය ස්ථාපිත කරන්නාට දේව දූතයින් සමාව හා

දයාව පතා ප්‍රාර්ථනා කිරීම පිළිබඳ සුභාශිංෂණය:

—ඔඛෙන් කෙනෙකු සලාතය කරන ස්ථානයෙහි කිල්ලකින් තොර රැඳී සිටින තෙක් මලායිකා (දේව දූතයින්) ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නෝය. හිමියනිæ ඔහුට සමාව ලබාදෙනු මැන, හිමියනි, ඔහුට කරුණාව දක්වනු මැන.˜ (යනුවෙන් ප්‍රාර්ථනා කරති.) (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).

• පාපයන් කමා කෙරෙන බව සුභාශිංෂණය:

—කෙනෙකු සලාතය වෙනුවෙන් මනා ලෙස දෝවනය කර, අනිවාර්්‍ය සලාතය ඉටු කිරීම සඳහා සහභාගිවී ජනතාව සමග හෝ සමූහව හෝ මස්ජිදයෙහි එය ඉටු කරයි නම් ඔහුගේ පාපයන් අල්ලාහ් කමා කරයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

• කයෙන් පාපයන් පිටවෙන බව සුභාශිංෂණය :

ඔඛෙන් කෙනෙකුගේ දොරටුව ඉදිරියෙන් ගඟක් ගලයි එහි කෙනෙකු දවසකට පස් වතාවක් ස්නානය කරයි නම්, ඔහුගේ ශරීරයෙහි කුණු කුමක් හෝ රැෙඳයිද? යනුවෙන් නබි (සල්) තුමන් විමසූහ. රැස්ව සිටී මිත්‍රවරුන් ඔහුගේ සිරුරෙහි කුණු කිසිවක් හෝ නොරැෙඳයි යනුවෙන් පිළිතුරු දුන්හ. පස් වේල සලාතයද එසේමයි. එය පාපයන් සෝදා දමයි යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).

• සවර්ගයෙහි උසස් ගෞරවයන් හිමිවෙයි යන සුභාශිංෂණය:

—කව්රුන් මස්ජිදය බලා පියවරවල් තබයිද නැතහොත් (මස්ජිදයට ගොස්) යළි හැරෙයෙිද ඔහු යන විට හා එන විට තබන හැම පියවරක් පාසාම ස්වර්ගයෙහි ගෞරවයන් ඔහුට හිමිවෙයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).

පියවරක් පාසා පාපයක් මැකෙන අතර

ගෞරවයන් වැඩි වෙන බව සුභාශිංෂණය:

—කෙනෙකු තම නිවසෙහි සිට පිරිසිදුව, අල්ලාහ්ගේ නිවසින් එක් නිවසකට අනිවාර්්‍ය සලාතය ඉටු කිරීමේ අරමුණින් පියවර තබයි නම්, ඔහු තබන එක් පියවරකට පාපයක් මැකෙයි, අන් එකට ගෞරවයක් වැඩි කරනු ලැබේ.˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

• සලාතයට කල් වෙලා ඇතුව සහභාගිවීම සඳහා

මහගු ප්‍රසාදයන් ලැබීම පිළිබඳ සුභාශිංෂණය:

—ජනතාව අදාන් (කැඳවීමේ) හා මුල් පෙළේ වැදගත්කම දැනගනිවී නම් කුස පත් ඇදීමකින් තොරව එම අවස්ථාව වෙනත් කෙනෙකුට ලබා නොදෙනු ඇත. සලාතයට ඉක්මන්වීමෙන් ලැඛෙන ප්‍රති පලය දැනගනිවී නම් එයටද ඉක්මන් වේවි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).

• සලාතය මග බලා සිටින්නා සලාතයෙහි

රැඳී සිටින්නා යන සුභාශිංෂණය:

—ඔබලා අතුරින් කෙනෙකු සලාතය මග බලා සිටින්නේ නම් ඔහු සලාතයෙහි සිටින්නෙකු වශයෙන් සලකනු ලබයි. ඔහුගේ පවුල්, ඥාතීන් කරා යෑමෙන් සලාතය හැර වෙන කිසිවක් ඔහු වැළකුවේ නැත˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).

• කාගේ ආමීන් මලායිකා (දේව දූත) වරුන්ගේ

ආමීන් සමග සම්බන්ධ වෙයිද ඔහුගේ

පෙර පාපයන් කමා කරනු ලබයි:

නබි (සල්) තුමන් මෙසේ පවසයි: —ඔඛෙන් කෙනෙකු ආමීන් පවසන විට අහසෙහි සිටින දේව දූතවරුන්ද ආමීන් කියන්නෝය ඔවුන්ගේ ආමීන් සමග ඔබගේ ආමීන් එක්වෙයි නම් ඔබගේ පෙර පාපයන් කමා කරනු ලැබේ.˜ (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).

ආමීන් යනු: ප්‍රාර්ථනාවක අවසානයේදී කියන වචනයකි. මෙය කියන්නාද පතනු ලබන එම ප්‍රාර්ථනාවට ඇතුළු වෙයි. ඒ තුළින් ඔහුටද ඒ දේ හිමිවෙයි. ඉහත සඳහන් ප්‍රකාශයෙහි කියවෙන්නේ, සමූහව සලාතය ඉටු කරන විට, සලාතය හොබවන්නාට පසුපසින් සිටින්නන් ඔහුගේ ප්‍රාර්ථනාවට ආමීන් කියයි. එය හා දේව දූතවරුන්ගේ ආමීන් එකම මොහොතකම පවතින විට ඔවුන්ගේ පාපයන් කමා කරනු ලබයි යනු වේ.

• අල්ලාහ්ගේ ආරක‍ෂාව ලැඛෙන බව සුභාශිංෂණය:

—කව්රුන් සුබහ් සලාතය ඉටු කරයිද ඔහු අල්ලාහ්ගේ රැකවරණයෙහි පසුවෙයි.˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

සුබහ් සලාතය යනු: හිමිදිරි උදෑසන ඉටු කරන සලාතය වේ. මෙයට ෆජ්ර් යනුවෙන් වෙනත් නමක්ද ඇත.

මතු දිනයෙහි සම්පූර්ණ ආලෝකය ලැඛෙන බව සුභාශිංෂණය:

නබි (සල්) තුමන් මෙසේ පවසයි: අඳුරු කාලයන්හි මස්ජිදය බලා ගමන් කරන්නන්ට මතු දිනයේ සම්පූර්ණ ආලෝකය ලැඛෙනු ඇත යන සුභාශිංෂණය ලබාගන්න.˜ (මූලාශ්‍රයන්: අබූ දාවුද්, තිර්මිදි).

• කව්රුන් සුබහ් හා අස්ර් සලාතයන් සමූහව

ස්ථාපිත කරයිද ඔවුන්ට ස්වර්ගය

ලැඛෙන බව සුභාශිංෂණය:

නබි (සල්) තුමන් මෙසේ පවසයි: —කව්රුන් සුබහ් හා අස්ර් සලාතයන් (නිරතුරුව) ඉටු කරයිද ඔහු ස්වර්ගයට පිවිසෙයි.˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි). සුබහ් සලාතය යනු: හිමිදිරි උදෑසන හා අස්ර් සලාතය යනු: සනධ්‍යා භාගයේදී ඉටුකරන සලාතයකි.

• —සිරාත්˜ නම් පාලම කඩ කර ස්වර්ගයට පිවිසීමේ සුභාශිංෂණය:

නබි (සල්) තුමන් පවසයි: —මස්ජිදය (දේවස්ථානය) බිය භක්තිකයින් සියල්ලන්ගේ නිවසයි. කව්රුන් අල්ලාහ්ගේ නිවස භක්තියෙන් හා කරුණාවෙන් සරසයිද ඔහුව අල්ලාහ් සිරාත් යන පාලම කඩ කර ස්වර්ගය හිමිකර දෙන්නට වගකීම් භාරගන්නේය.˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (තබරානි, සහ්හහූල් අල්බානි).

සිරාත් යනු පාලමකි. මතු දිනයෙහි එය කඩ නොකර කෙනෙකුට ස්වර්ගයට පිවිසිය නොහැක.

අපි කෙතරම් කාර්්‍ය බහුලවූවත් සලාතයට මුල්තැන දෙමින්, සර්ව බලධාරි අල්ලාහ්ගේ ඇරයුමට පිළිතුරු දී නිසි ලෙස එය ඉටු කර අල්ලාහ් විසින් පොරොන්දු වූ මෙම සුභාශිංෂණයන් ලබා ගැනීම සඳහා අද සිට කි්‍රයා කරමු.






සකස් කිරීම: අෂ්ෙෂෙක් ඊදුල් අනසි

පරිවර්තනය: එම්. වයි. එම්. අස්හර්