Tag Archives: උඩරට රාජධානි

සහෝදරත්වයේ වර්ධනය සහ ‘හජ්’ උත්සවය

ලෝකයේ නන් දෙසින් මුස්ලිම්වරු සෑම වසරක්ම පාසාම මක්කාවේ එක්රැස්වීම “හජ්” සොයා යාම නමින් හැඳින්වේ. ඉස්ලාම්හි පස්වන අනිවාර්ය කටයුත්ත හජ් ඉටු කිරීම වේ. තම ජීවිත කාලයේ දී වරක් වත් මෙය ඉටු කළ යුතුයි. පහසුකම් හා ශරීර සනීපය ඇති සෑම ස්ත්‍රී පුරුෂයකුටම මෙය අනිවාර්ය යුතුකමක් වන්නේ ය. පහසුකම් හා ශරීර සෞඛ්‍ය තිබියදීත් “හජ්” වන්දනය ඉටු නොකරන්නත් යහුදියෙක් හෝ නසාරාවරයෙක් වශයෙන් මරණයට පත් වන්නේය යනුවෙන් මුහම්මද් නබි (සල්) තුමාණෝ පැවසූහ.


නබි ආදම් (අෙලෙ) තුමා මැවීමට පෙර මලාඉකාවරුන් කඞබාව ගොඩ නංවා “තවාෆ්” කළහ. නබිතුමා භූමියට බට පසු එය ප්‍රතිසංස්කරණය කර ඉටු කළේය. නබී ආදම් (අෙලෙ) තුමා පටන් සියලු නබිවරුන්, නොයෙකුත් සමාජයට අයත් වුවත් කඞබාව නරඹා හජ් ඉටු කළහ. ඉබ්‍රාහිම් (අෙලෙ) නබිතුමා හා එතුමාගේ පුත් ඉස්මායිල් (අෙලෙ) නබිතුමා යළිත් කඞබාව ඉදිකළේය. මෙය සිදුවූයේ අදට අවුරුදු දහස් ගණනාවකට පෙරය.

නොයෙකුත් දෙසින් පැමිණෙන මුස්ලිම් බැතිමතුන් අතර දුප්පතුන්, පොහොසතුන්, සේවකයන්, රාජ්‍ය පාලකයන්, ආගමික නායකයන්, උගතුන් හා නූගතුන් ආදී නොයෙකුත් අය අතරින් නානා භාෂා කතාකරන නානා වර්ණයෙන් යුත් තානා ජාතිහු එහි එක්රැස් වන්නෝය. දුප්පත්කම හා පොහොසත්කම වැනි භේදයෙන් තොරව සියල්ලෝම අල්ලාහ්ත අලාගේ වහලුන් වන බව පිළිගත්තෝය. යහපත් අන්දමට ඉටු කෙරෙන “හජ්” වන්දනාවට ස්වර්ගය හැර වෙන කිසිම වේතනයක් නැත යැයි මුහම්මද් (සල්) තුමාණෝ පැවසූහ.

එහි සුදු වස්ත්‍ර ඇඳ “හජ්” සඳහා “ඉහ්රාම්” බැද ගත්තෝය. ලෙබ්බෛක් ! අල්ලාහුම්ම ලෙබ්බෛක් !! ලා ෂාරික ලක ලෙබ්බෛක් !! එනම් මම පැමිණියෙමි මගේ් අල්ලාහ් මම පැමිණියෙමි ඔබ හා සමානවක් කිසිවෙක් නැත. අල්ලාහ් ඔබ වෙත මා පැමිණියෙමි යන එකම ශබ්දයෙන් සියලු දෙනා අල්ලාහ් තආලා අමතන්නෝ ! ඇඳුම් පැළඳුම් වලින් හෝ කුල, ගෝත්‍ර, වර්ණ වැනි කිසිම භේදයකින් තොරව සියල්ලෝම එක්රැස්ව එක මවකගේ උපන් දරුවන් මෙන් සහෝදරත්වයෙන් හා සමගි සමානත්වයෙන් “හජ්” ඉටුකරති.

“හජ්” ඉටුකරන්න ජලයේ කිලිට සෝදා හරින්නාක් මෙන් හජ්ජය පාපයන් සෝදා හරින්නේ යැයි නබි (සල්) තුමාණන් පැවසූහ. හජ් ඉටුකළ අය එදින උපන් බිළින්දන් මෙන් පව් නොකළ වුන් වන්නේය. ඔවුන්ගේ යාඥාවලින් පිළිගනු ලැබේ. හජ් වන්දනයට යන අයට නබි (සල්) තුමා තැන්පත් කොට ඇති සාමාධිය සියාරතුල්රවිලතුන් නබි දැක ගැනීම ස්තී‍්‍ර පුරුෂ දෙපක්ෂයටම හිමි වූ විශේෂ සුන්නතයක් වේ. වන්දනා කරුවෝ හජ් වලට පෙර හෝ පසු මදිනාවට ගොස් මෙම සමාධිය සියාරත් කර ගනිති.

මගේ සොහොන දැක ගන්නා අයට “ෂෆාත්” හිමි වේ යැයි මුහම්මද් නබි (සල්) තුමා පැවසූහ. තවද මගේ මරණයෙන් පසු හජ් වන්දනය නිම වී මාගේ සොහොන දැක ගැනීමට පැමිණෙන අය හා මා ජීවත්ව සිටියදී මා දැක ගැනීමට පැමිණෙන අය හා සමාන වේ. මෙවැනි උසස් තත්ත්වයන් ලැබෙන පුණ්‍ය භූමිය “හජ්” ඉටුකිරීමේ උතුම් භාග්‍යය අපටත් අල්ලාහ් සුබහානතආලා ලං කර දෙත්වා !

ආමින් !
රුසෙයික් ෆාරුක්

චීන යකඩ හස්තය තුල ඉස්ලාමිය සමුහාන්ඩුවක්

සහෝදරයාගේ අඩිපාරේ යමින් මාද ඉස්ලාමය වැළඳ ගතිමි

උපතින්ම කිතුණුවෙක් වූ මා නමින් කි්‍රස්ටිනා මනතුංගය. සහෝදරයන් දෙදෙනෙකුත් සහෝදරියන් හතරදෙනෙකින් යුත් මගේ පවුලේ බාලයා වූයේ මාය. මාගේ දෙමාපියන් උපතින්ම බෞද්ධයන් වූ අතර පසුව ඔවුන් කිතු දහම වැළඳ ගත්තෝ වෙති. ඔවුන් කිතුණුවන් වූ පසුව ඉපදුන නිසා පවූලේ උපතින්ම කිතුණුවෙක් වූයේ මා පමණ’.

කුඩා කල පටන් දේවස්ථානයට යමින් දේව වචනය උගත් මා ආගමික අතින් විවිධත්වයක් ඉසුලු අප රටේ නිවැරදි දහම කුමක්ද? යන්න සිතමින් කල්ගෙවීමි. මන්දයත් මා පවුලේ සියලු දෙනා කිතුණුවන් වූවද ඔවුන් තුලින් මා ලත් ආදර්ශයක් නොවීය. මා පවුල තුල නිතර දක්නට ලැබුවේ දෙමාපියන් අතර හා සහෝදර සහෝදරියන් අතර වූ ගැටුම්ය. මා පෙර පාසල් යන වියේදී මගේ පොඩි අයියා නිවසින් පිටවූණි. ඔහු මුළු මනින්ම පවුලේ අනිත් අයට වඩා වෙනස් අදහස් ඇති අයෙකි. ඉන් පසුව ඔහුව මුණගැසීමට හෝ ඔහුත් සමග කථා කිරීමට මට අවස්ථාවක් නොවීය.

ඉන් පසුත් පවුල තුල විශාල ලෙස ගැටුම් ඇති වීය. මේ අතර තුර කාලයේ මා පාසල් ගිය අතර පාසල තුලදී අනිකුත් සියලු විෂයන් අරඹයා මා කිතුණු දහමට ලකුණූ ලබා ගතිමි. මෙසේ කාලය ගතවිය. මේ වන විට මගේ පොඩි අයියා විවාහ වී සිටි අතර ඔහු කොළඹ පදිංචි වී සිටියේය.

මා දහසය වන වියට පා තබන විට දවසට තෙවරක් යාච්ඥා කරන මගේ පියාත් සැම විටම ක්‍රිස්තුස් වහන්සේගේ ගැන කියාදෙන මවත් අතර ගැටුම් උග්‍ර විය. මෙයින් මා සිත ඛෙහෙවින් කළකිරී තිබුණි. අවසානයේදී දෙදෙනා වෙන්විය. ඒ වන විට පවුලෙන් ඉවත්ව සිටි මගේ වැඩිමල් සහෝදරයා අපට උපකාර නොකර ඉවත බලා ගත්තේය. විවාහ වී සිටි සොහොයුරියගෙන්ද සරණක් නොවීය. මගේ වැඩිමල් සහෝදරයා බෞද්ධ කාන්තාවක් විවාහ කරගෙන සිටින අතර ඔවුන් කිතුණු දහම අදහති. විවාහ වී සිටි සොහොයුරියගේ සැමියා බෞද්ධ නිසා ඔවුන් අදහන්නේ බුදු දහමයි. මෙම සිදුවීම තුළ මගේ දේවස්ථානයේ ඇතැම් පුද්ගලයන් ක්‍රියා කල ආකාරය ගැනද මා සිත ඛෙහෙවින් කළකිරී තිබුනි. ඉන් පසුව මාත් මගේ මවත් මගේ වැඩිමහල් සහෝදරියත් විසුවේ පොඩි අයියාගේ නිවසේය.

මා දෙමාපියන් මගේ අයියාට නිවසේ සිටි කාලයේදී විවිධ කෙණහිලිකම් සිදු කළද ඔහු අපව නිවසට ගෙන විත් අපට කරුණාවෙන් සැලකීම ගැන මා හට පුදුම සිතුනි. එම නිවසේදී මාහට දැන ගැනීමට හැකිවූයේ මොහු ඉස්ලාම් දහම පිළිගෙන ඇති බවයි. මා ඔහුගේ ඡීවිතය තුලින් අප පවුලේ අනිකුත් පුද්ගලයන්ගේ ඡීවිත වලට වඩා විශාල වෙනසක් දුටුවේය. එබැවින් මා ඉස්ලාම් දහම ඉගෙන ගැනීමට උත්සුක වූයෙමි. මා පොතපතින්ද මාගේ අයියාගෙන්ද ඔහුගේ බිරිඳ ගෙන්ද ඉස්ලාමය ගැන ඉගෙන ගතිමි.

ඉන් අනතුරුව ඔහු අපට වෙනම නිවසක් තුල පදිංචි වීමට ඉඩ සලසා දුන්නේය. මෙයින් පසුව මා ඉස්ලාමය පිළිගැනීමට කැමති වූවද මගේ මවත් වැඩිමහල් සහෝදරියත් ඉස්ලාමයේ තිඛෙන යහපත දැන දැන එය පිළිගැනීමට මැලිකමක් දැක්වීය. ප්‍රථමයෙන් ඔවුන් මාද අධෛර්්‍යයට පත්කළ අතර පසුව මා ගත් තීරණයකට අනුව ලොව පාලනය කරන අල්ලාහ් හැර අන් දෙවියෙක් නොමැති බවත් එතුමා මේ විශ්වය මැවීමට පෙරත් සිටි අතර මේ විශ්වය විනාශ වූ පසුත් ඔහු සිටින බවත් එතුමාට මවක් පියෙක් හෝ දරුවන් නොමැති බවත් පිළිගෙන ඉස්ලාම් දහම වැළඳ ගතිමි.

මා මුස්ලිම් ආගම පිළිගත් පසු මේ ගැන මාහට හිතවත් කිතුණු යෙහෙළියකට පැවසුවෙමි. එවිට ඇය පැවසුවේ ඔබ උපතින්ම මුස්ලිම් නම් මා හට කම් නැත. නමුත් ඔබ කිතුණු ආගමේ සිට ආගම ගැන ඉගෙන ගෙන මුස්ලිම් වීම මා අනුමත කරන්නේ නැත. එවිට මා ඇයට පැවසුවේ මා කිතුණු දහම මෙන්ම ඉස්ලාම් දහමද ඉගෙන ගත් බවත් ඒ අවස්ථාවේ දී නිවැරදි දෙය තේරුම් ගැනීමට හැකිවූ බවත්ය.

ඇත්තෙන්ම කිතුණු දහමෙදී කිතු බැතියන් යේසුස් වහන්සේ(ඊසා නබි අෙලෙහිසලාම්)දෙවියන් වහන්සේගේ (අල්ලාහ්)පුත්‍රයා බවට විශ්වාස කරන අතර එතුමා දෙවි කෙනෙකු ලෙස අදහයි.

නමුත් බයිබලයේ පැරණි ගිවිසුමේ මෝසෙස්ගේ (මූසා නබි අෙලෙහිසලාම්) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ —මා හැර අන් දෙවිවරුන් තට ඇතිව නොසිටව යන්නයි˜ යේසුස් වහන්සේ(ඊසා නබි අෙලෙහිසලාම්) සැබෑ ලෙසම දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් දෙවියන් වහන්සේට(අල්ලාහ්ට) හැකිව තිබූණා අප හැර අන් දෙවිවරුන් තට ඇතිව නොසිටව යන්න ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමට එමෙන්ම බයිබලයේ සඳහන් වෙනවා ආබ්‍රහම් (ඉබ්‍රහිම් නබි අෙලෙහිසලාම්)තුමාද යේසුස් වහන්සේද(ඊසා නබි අෙලෙහිසලාම්) චර්මච්ඡේදනය කල බව නමුත් අද කිතුණු දහම තුල එවැනි දෙයක් සිදුනොවේ.

බයිබලයේ යේසු තුමා (ඊසා නබි අෙලෙහිසලාම්) පවසා තිඛෙනවා —මා පැමිණියේ ව්‍යවස්ථාව සම්පුර්ණ කිරීමට මිස ව්‍යවස්ථාව විනාශ කිරීමට නොවන බව˜

එසේ නම් අද කිතුණු සභාව තුල වනුයේ ව්‍යවස්ථාව කඩකිරීමක් බව මට වැටහුනි. ආරම්භයේදී ඉතා විනීතව අල්ලාහ්ට සතුට දනවන මාර්ගයේ ගමන් ගත් කිතුණුවන් අද ඔවුන් නොදැනම වැරදි මගකට යොමුවී ඇති බව මට හැඟණි. යේසුස් වහන්සේගේ (ඊසා නබි අෙලෙහිසලාම්) මව වන මරිය(මර්යම්) තුමියට කොටසක් ගරු කරති. තවත් කොටසක් වන්දනාද කරති. එහෙත් ඔවුන් හැඳ සිටින වස්ත්‍ර අනුව එතුමිය ජීවමානව වැඩසිටිනවා නම් පිහිට වීම කෙසේ වුවද එලවා ගනු නියතය. මෙසේ විකෘතිවූ දහමක් අදහන නූතන කිතුණුවන් ගැන මගේ හදවතෙහි නැගෙනුයේ ඉමහත් සංවේගයකි. මගේ අභිනව ආදර්ශකයාණන් වන මුහම්මද් නබි සල්ලල්ලාහු අෙලෙහිවසල්ලම් බලාපොරොත්තුව වූයේ මෙවැනි මුලාවීම කරණකොට ගෙන විනාශය කරා ගමන් කරන්නාවූ සියළුම දණන් හට නිවැරදි ජීවන මාර්ගය වන ඉස්ලාමය හඳුන්වා දීමයි. මෙලොව වසන්නාවූ සකල මුස්ලිම් වර්ගයා ගේම වගකීම සහ මෙහෙය විය යුත්තේද එයයි. නිවැරදි දහම සොයා මා පැමිණි ගමනෙන් අවසානයේදී නතරවූයේ විශ්ව දහම වන ඉස්ලාමය වැලඳ ගැනීමෙනි. ඒ සඳහා මට යහමග පෙන්වූ සර්වබලධාරී අල්ලාහ්ට දිවිහිමියෙන් නැමදුම් පුදමි. එසේම මට ඉස්ලාමය හඳුන්වා දුන් මගේ සහෝදරයා සහ නෑණාගේ අඩිපාරේ යමින් විනාශය කරා ගමන් කරන්නාවූ සියළුම දණන් හට නිවැරදි දහම වන ඉස්ලාමය හඳුන්වා දීමට දිවි හිමියෙන් කැපවෙමි.

අස්මා සිත්ති ෆර්සානා


ඉස්ලාම් තුළ මිනිස් චරිතයට හිමි වැදගත් ස්ථානය :

සමාජ අධ්‍යයනය විද්වතුන් මිනිසා සමාජ සත්වයෙකු ලෙසිනුත් :ිදජස්ක ්බසප්ක- හිනාවෙන කල්පනා කරන සත්වයෙකු ලෙසිනුත් හැඳින්වූහ. මානව වර්ගයාගේ අරමුණු යම් දුරකට හෝ හඳුනාගත් විද්වතුන් :අදරියසචචසබට ්බසප්ක- නැමදුම් සත්වයා යනුවෙන් හැඳින්වූහ.

ඩාර්වින්ගේ පරිණාම වාදය මිනිසා වානරයාගෙන් පැමිණී බව කියයි. මිනිස් ආත්මය, මිනිසාට හිමි උසස් ස්ථානය, නිගාවට ලක් කෙරෙන මෙම සංකල්පය ඉදිරියේ පැන නැගෙන ගැටළු අනන්තය. දේවත්වය ප්‍රතිෙක‍ෂ්ප කිරීමට මෙම සංකල්පය ඉවහල් වීම නිසා සමහරුන් මෙයට පුළුල් ප්‍රචාරයක් ලබාදෙති. මෙය විද්‍යාව තහවුරු කළ සත්‍යක් නොව පුහු අනුමානයක් පමණි. අවම වශයෙන් ගත වුනු අවුරුදු දෙදහ තුළ කොහේ හෝ වානරයෙක් මිනිසෙකු බව පරිනාමත්වයට පත්විය කියා පුවතක් පෙන්වන්නට හැකිද?

මිනිසාගේ මැවුම් කරුවාණන් මෙසේ පවසයි: —මනුෂ්‍යයිනි නියත වශයෙන් අපි ඔබව එක් පිරිමියෙකුගෙන් හා එක් කාන්තාවකගෙන් නිර්මාණය කළෙමු. (පසුව) කෙනෙකෙ තවත් කෙනෙකු හඳුනා ගැනීම පිණිස ඔබව ජාතීන් කුලයන් වශයෙන් පත්කළෙමු. (එබැවින් ඔබ අතුරින් කෙනෙකු තවත් කෙනෙකු වඩා උඩඟ වීමට නොහැක). එනමුත් ඔඛෙන් කව්රුන් (අල්ලාහ්ට) බියබැතිව කටයුතු කරයිද නියතයෙන්ම ඔහු අල්ලාහ් ඉදිරියේ උතුම් පුද්ගලයාය˜ (ශ අල්කුර්ආනය 49: 13).

මිනිසා වර්ණයෙන්, ජාතියෙන්, දේශයෙන් වෙන්වී සිටීයත් සියල්ලන් එක් මවෙකුගේ හා පියෙකුගේ දරුවන් යන සංකල්පය ලෝකයට ඉදිරිපත් කර මිනිස් චරිතය උතුම් කොට සළකනු ලැබේ. තවද එකමුතුකමට අඩිතාලම දමනු ලැබේ. වෙනත් ස්ථානයක ඔහු පවසයි: අපි මිනිසා මනාව නිර්මාණය කළෙමු. (ශ.අල්කුර්ආනය 95: 4).

ඇත්ත වශයෙන්ම අපි ආදමිගේ පුත්‍රයා (මිනිසා) ගෞරවයට පත්කළෙමු. අපි මුහුදෙහි හා ගොඩබිමෙහි සැරිසන්නට තැබුවෙමු තවද, ඔවුන්ට දැහැමි දේ සැපයුවෙමු (ශ අල්කුර්ආනය 17: 70).

මිනිස් චරිතය ඉතා උසස් කොට සළකන ඉස්ලාම්, ඔහුට කල්පනා කිරීමේ ශක්තියක්, හොඳ නරක තෝරා බේරා බැලීම සඳහා දිව්‍යමය මග පෙන්වීමත් සමග ශාස්තෘවරු කලින් කලට අවතීර්ණ කළේය. මෙලොවෙහි පවතින සියළු දේ මිනිසා සඳහා නිර්මාණය කළ එම ස්වාමින් මිනිසාට සමහර වගකීම්ද පැවරුවේය. වෙනත් මැවීම් සේ මිනිසාට ජීවත්වෙන්නට නොහැකිය. මිනිසාගේ හැම කි්‍රයාවක් පිළිබඳම ඔහු ප්‍රශ්නකරනු ලබයි. ඒ සඳහා ඔහු එයට වගකිව යුතු වේ. ඒ සඳහා නියමිත වූ කාලය විනිශ්ච දිනයයි. ශාස්තෘවරුන්ගේ ප්‍රචාරයෙහි මූලික තේමාවවුනේ කුමක්ද? එම ශාස්තෘවරුන්ට අනාවරණය කරනු ලැබූ දිව්‍යමය ග්‍රන්ථයන්, මිනිසාගේ මතු ලොව ජීවිතය මෙම සියළු කරුණු කාරණා පිළිබඳ ඉදිරියේදි සාකච්ඡා කෙරේ.

ඉස්ලාම් ඌරු මස් අනුභව කිරීම තහනම් කර ඇත්තේ ඇයි?

ආහාර පාන අපගේ සෞඛ්‍ය කෙරේ සෘජුව බලපායි. එය අපගේ කායික සුවතාව කෙර් පමණක් නොව ආධ්‍යාත්මික සුවතාව කෙරේත් බලපෑමක් ඇති කරයි. ආරෝග්‍යමත් සමාජයකට මේ කරුණු දෙකම සමව බලපාන්නේය. ඉස්ලාමය ආහාර පාන පිළිබඳව නීතිරීති පනවා තිඛෙන්නේ එබැවිනි. මනා සෞඛ්‍යයක් සඳහාත් ආධ්‍යාත්මික පාරිශුද්ධිය තකාත් ඉස්ලාමය ගෙන ඇති පියවරවල් වලින් එකක් නම් ඌරු මස් කෑමෙන් වැලකීමට අණ කිරීමයි.

ඉස්ලාමය ශාරීරික පිරිසිදුතාවය අවධාරණය කරයි. සලාතය, දෙවියන් මෙනෙහි කිරීම සහ අනෙකුත් කැපකිරීම් තුළින් ආධ්‍යාත්මය පවිත්‍ර වන්නේය. එමගින් මිනිසා තුල සාරධර්ම වර්ධනයත් ඉස්ලාමය අවධාරණය කර සිටියි. මිනිසා හැදෙන වැඩෙන පරිසරයත් ලබන අධ්‍යාපනයත් අනූව වෙනස් විය හැකි නිසා සුචරිතය අත්කර ගන්නේ කෙසේද යන්නත් නරක පුරුදු අත් හරින්නේ කෙසේද යන්නත් පිළිබඳව ඉස්ලාමය මනාව මග පෙන්වයි.

මිනිසා හට කායික අවශ්‍යතා ඇත්තේය. ආහාර, නින්ද, හා ලිංගික ආශාව එයින් මූලික ඒවාය. ඔහු තුල කණගාටුව, සතුට, ආදරය, බිය, කල කිරීම, තණ්හාව වැනි ස්වභාවික චිත්ත උද්වේගයන්ද පවති. මිනිසා මුළුමනින්ම මේවායින් තොර විය යුතු යැයි ඉස්ලාම් නොපවසන නමුත් ඒවා පාලනය කරගන්නා ආකාරය පිළිබඳව ආගමික අධ්‍යාපනය මගින් හා එය පදනම් කොට ගත් යහපත් චර්යා මගින් උගන්වයි.

ඌරු මස් අනුභව කිරීම ඉස්ලාමය තහනම් කර ඇත්තේද මේ පදනම යටතේය. වෛද්‍ය විශේෂඥයන් ඌරු මස් හානිදායක ආහාරයක් බව පවසති. එය අනුභවය මිනිසා තුල නිවටභාවය ඇති කරන අතර ආධ්‍යාත්මික ගුණාංග හා යහපත් සාරධර්ම මිනිසා තුලින් හීන වීමට හේතු වේ. මිනිස් ජීවිතය කය හා ආත්මය යන දෙකේම සංකලනයකි. කයට හානිකර දෙයක් ආත්මයටද හානිකර වේ. ඌරුමස් අනුභවය මගින් ලඡ්ජාව හා විලිබිය අඩු කරයි. ඒවා බහුලව අනුභව කරන සමාජ තුල පහත් ආධ්‍යාත්මික මට්ටමක් දැකිය හැකිය. කන්‍යාභාවය, නිර්මලත්වය, විලිබිය යනාදිය අතීතයට පමණක් උරුම වූ දෙයක් බවට යුරෝපයේත් එම සංස්කෘතිය වැළඳගත් අන් රටවලත් අද පත්ව තිබේ. මෑතක කරන ලද සමීක‍ෂණයක් මගින් අණාවරණය වූ කරුණක් නම් යුරෝපයේ එක්තරා රටක විවාහයට පෙරම ගැබ් ගන්නා ගැහැණු ළමුන්ගේ ප්‍රතිශතය 70% ක් පමණ බවයි. සමහර බටහිර රටවල සමලිංගික විවාහ පවා නීතියෙන් අනුමත කර ඇති බව ඔබ දන්නා කරුණකි.

තහනම විවිධ කෝනවලින්….

අල්-කුර්ආනය ඌරුමස් අනුභව කිරීම තහනම් කරයි.

අල්කුර්ආනයේ ස්ථාන 4 ක මෙම තහනම ගැන සඳහන් වේ. මෙ ස්ථාන නම් 2-173 5-3 6-145 සහ 16-115 වේ. —…ඔබලාට ආහාරයට තහනම් දේවල් නම්: මළ සතුන්ගේ මස්, ලේ, ඌරු මස් සහ අල්ලාහ් හැර වෙනත් දෙයක් වෙනුවෙන් ඝාතනය කල සතුන්…….˜ 5-3  ඌරු මස් කෑම තහනම් ඇයි යන ප්‍රශ්නය අසන මුස්ලිම් අයෙකුට පිළිතුරු ලෙස මෙම වාක්‍යය සෑහේ.

බයිබලය ඌරුමස් අනුභව කිරීම තහනම් කරයි.

කිතු දහම අදහන අයෙකු ඔහුගේ ආගමික ග්‍රන්ථවල ඉගැන්වීම්වලට එකඟ වනු ඇත. ඌරු මස් අනුභව කිරීම බයිබලයේ තහනම් කර ඇත. Leviticus  ග්‍රන්ථයේ —…… තවද ඌරාගේ කුර ඛෙදී තිබුනද ඌ ආහාර වමාරා නොකයි. ඌ ඔබට අපවිත්‍ර වේ.˜ (Leviticus  11 7-8) බයිබලයේ Deuteronomy ග්‍රන්ථයේද ඌරු මස් අනුභවය තහනම් ලෙස පවසා ඇත. —….. තවද ඌරාගේ කුර ඛෙදී තිබුනද ඌ ආහාර වමාරා නොකයි. ඌ ඔබට අපවිත්‍ර වේ.˜ (Deuteronomy  14 8 ) මීට සමාන තහනම් කිරීමක් බයිබලයේ Isaiah ග්‍රන්ථයේ 65 ඡේදයේ 2-5 වාක්‍යවල සඳහන් වේ.

ඌරුමස් අනුභවය විවිධ රෝගවලට හේතු වේ.

අනෙකුත් මුස්ලිම් නොවන සහ නාස්තික වාදියෙක් නම් විද්‍යාත්මක හා තර්කානුකුල හේතු පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේය. ඌරු මස් අනුභව කිරීම 70 කට නොඅඩු රෝග ගණනාවකට හේතු වේ. මිනිස් සිරුර තුළ වට පණුවා, කොකු පණුවා, කිරි පණුවා වැණි විවිධ පණු වර්ග තිබිය හැකිය. මොවුන් අතුරින් වඩාත්ම අනතුරු දායක වන්නේ Taenia Soliumයන විද්‍යාත්මක නමින් හඳුන්වන Tapeworm හෙවත් පටි පණුවායි. ඌරා තුල සිටින මෙම පණුවා සතුන් තුල සිටින පටිපණු වර්ග වලින් භයානකම වටිපණු වර්ගය වේ. ඌගේ දිග සාමාන්‍යයෙන් අඩි 8 ක් පමණ වන අතර අඩි 30 ක් දක්වා වැඩිය හැක. ආහාරයට ගන්නා ඌරු මස් වලින් මිනිස් සිරුරට ඇතුළු වන මෙම පණුවා හෝ බිත්තර බඩවැලෙහි රැෙඳයි. ඌගේ බිත්තර රුධිර සංසරණ පද්ධතියට එක්වී සිරුරෙහි බොහෝ අවයව කරා පැමිණිය හැක. මොළයට ඇතුළු වූයේ නම් ධාරණ ශක්තිය නැති විය හැකිය. හෘදයට ඇතුළු වූවහොත් හෘදයාබාධයෙන් මරණය අත්විය හැක. ඇසට ඇතුළු වූවහොත් ඇස අන්ධ විය හැකිය. අක්මාවට ඇතුළු වූයේ නම් එය හානිවේ. තවත් අනතුරුදායක පණු වර්ගයක් නම් Trichura Tichurasis වේ. පොදුවේ පවතින වැරදි මතයක් නම් ඌරු මස් හොඳින් තැම්ඛෙන සේ පිසුවහොත් මෙම බිත්තර මැරෙණ බවයි. ඇමෙරිකාවේ සිදුකළ පර්යේෂණයකින් අණාවරණය වූ කරුණක් නම් Trichura Tichurasis ශරීරගතවූ රෝගීන් 24 කගෙන් 22 ක්ම ඌරුමස් හොඳින් තැම්ඛෙන සේ පිස අනුභව කළ අයයි. මෙයින් පෙනී යන්නේ මෙම පණු බිත්තර සාමාන්‍ය තත්ව යටතේ පිසූ විට විනාශ නොවන බවයි.

ඌරු මස්වල මේද නිපදවන ද්‍රව්‍ය අඩංගුයි.

ඌරු මස්වල මාංශ වර්ධක ද්‍රව්‍ය ඉතා අඩුවන අතර වැඩිපුර මේද අඩංගු වේ. මෙම මේද රුධිර නාල වල තැන්පත් වීම හේතුවෙන් අධි රුධිර පීඩනය හා හෘදයාබාධ මරණ ඇති වේ. ඇමෙරිකානුවන්ගෙන් 50% කට වඩා ජනයා අධි රුධිර පීඩනයෙන් පෙළීම පුදුමයක් නොවේ.

ඌරා මිහිතලය මත සිටින අශික‍ෂිතම සත්වයෙකි.

ඌරා ජීවත් වන්නේ කුණුකසළ, අසූචි ආදිය ආහාරයට ගැනීමෙනි. අප දන්නා තරමින් ඌරා දෙවියන් විසින් මවන ලද හොඳම කසළ ශෝධකයා යැයි කිව හැකිය. නවීන වැසිකිළි නොමැති පිටිසර පෙදෙස්වල ගම් වැසියන් මළ පහ කරන්නේ විවෘත එළීපහළියේය. සැනෙකින්ම මේ කරා එන ඌරන් ඒවා කා දමයි. එමගින් එතැන පිරිසිදු වේ. සමහර දියුණු රටවල ඌරන් ඉතා ආරක‍ෂිත සෞඛ්‍ය යටතේ හොඳ ආහාර ලබා දී පාලනය කරන්නේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. මෙවැනි තත්ව යටතේ වෙර දරා රැක ගත්තද ස්වභාවයෙන්ම ඌ අශික‍ෂිතම වන්නේ තමාගේම මළපහ ආහාරයට ගන්නවා පමණක් නොව තම සගයන්ගේද මළපහ ආහාරයට ගැනීමයි.

අලඡ්ජිම සත්වයා ඌරාය.

පෘතුවි තලයේ වෙසෙන සත්වයන් අතුරින් විළිබියක් නැති අලඡ්ජි සත්වයා ඌරාය. තම සහකාරිය සමග සංසර්ගයේ යේදීමට තම මිතුරන් කැඳවන එකම සත්වයා ඌරාය. බටහිර රටවල බොහොමයක් දෙනා ඌරු මස් අනුභව කරති. බොහෝ විට නැටුම් සාදවලට පසුව තම බිරියන් හුවමාරු කර යහන් ගතවීම ඔවුන් තුල ඇති පුරුද්දක් වෙයි. මෙය ඌරන්ගේද පුරුද්ද වේ.

ඉස්ලාමය ඌරු මස් අනුභව කිරීම තහනම් කිරීම පිළිබඳව අප නොදන්නා තවත් බොහෝ හේතු තිබිය හැකිය. විශ්වයත් එහි පවත්නා සියල්ලත් මැවූ සර්ව බලධාරි අල්ලාහ්ම ඒ පිළිබඳව හොඳින් දනියි. ඔහුගේ අණ පිළිපැදීම පුද්ගල මට්ටමිනුත්, පවුල් මට්ටමිනුත්, සමාජ මට්ටමිනුත්, අවසානයේ ලෝක මට්ටමිනුත් මිනිස් වර්ගයාට යහපත සලසනු නිසැකයි.

සෑම මැවීමක්ම දෙවියන් වහන්සේ විසින් අරමුණක් ඇතිව මවනු ලැබ තිඛෙයි. මෙහිදී මෙනෙහි කළ යුතු තවත් කරුණක් නම් ඌරුමස් අනුභවය තහනම් කළ පමණින් ඌරා වෛරයට ලක්විය යුතු සතෙකු නොවේ. මුහම්මද් (සල්) තුමා සත්වයන්ට කරුණාව දක්වන ලෙසත් ඔවුනට වධ හිංසා පමුණුවීමෙන් වැළකී සිටින ලෙසත් දේශනා කර ඇත්තාහ.

කේ. එම්. නාපාවල B. Sc

රාජකීය මෙහෙවරේ විශ්වාසනීයව-මුස්ලිම්වරු

උඩරට රාජධානියේ මුස්ලිම් ජාතිකයන් නොයෙකුත් ආකාරයෙන් රඩුට සේවය කළ අතර, බොහෝ විට ඇතැම් සේවා රහස්‍ය සහ ගෞරව ස්වභාවයේ ඒවා විය. 1762 දී ඉංගි්‍රසි ජාතික ජෝන් පයිබස් දින 13ක් ගත කරමින් ති්‍රකුණාමලයේ සිට ගන්නෝරුව දක්වා ගිය ගමනේදී පයිබස් ගේ පරිවාරක නිලධරයා වශයෙන් ගිය රජු ගේ බලය ලත් නියෝජිතයා මුස්ලිම්වරයෙකු වුයේය. පරිවාරක නිලධරයා ගේ නම පයිබස් ස`දහන් කර පුතා පයිබස් සම`ග නිතර ගැවසෙනු දුටු බවක්, කොළඹ දී (මේ දුත මෙහෙවර පිළිබ`ද ව ඉතා විමසිලිමත් ව සිටි) ඕලන්දකාරයන්ට වාර්තා කර තිබේ. මවුලා මුහන්දිරම් ගේ පුතා ඉටු කළ සේවය ගැන ඉතා සතුටට පත් රජු ඊට තෑගි වශයෙන් ඔහු රත්රන්වලින් නැහැවීය. 39 ඊට අමතර ව, පියා ගෙන් සහ පුතා ගෙන් පගෝදි 1500ක සහ 2000ක මුදලක් භාණ්ඩාගාරයට අය විය යුතුව ඇති බවට වු පොරොන්දු නෝට්ටුවක් ඉරාදමා ණය අවසන් කරදමනු ලැබීය. 40 කාර්ණාටකයේ නවාබ් මුහම්මද් අලි ම`ගින් බි්‍රතන්‍ය උදවු උපකාර ලබාගැනීම පිළිබ`දව සාකච්ඡා කරනු පිණිස උඩරට රජු විසින් මවුලා මුහන්දිරම් ගේ පුත් උදුමා ලෙබ්ඛෙ නවාබ් වෙත යවන ලද බැව් ඉහත ස`දහන් මුලාශ්‍රයයෙන් ම අපට දැනගත හැකිය. 41 සැක පහල කළ නවාබ්, ඒ වැනි වැදගත් දුත මෙහෙවරක් ස`දහා සිංහල ඇමැතිවරයකු නෙන්ව්වේ මන්දැයි ඔහු ගෙන් ප්‍රශ්න කර, උදුමා ලෙබ්බේ ගේ නිර්ව්‍යාජත්වය සොයා බැලීම ස`දහා උඩරට රාජ සභාවට දුතයකු එවීමට තරම් දුරට ක්‍රියාත්මක වුයේය. තවත් අවස්ථාවක දී, රජු සහ ඕලන්දවරුන් අතර ගැටුම උත්සන්න වුව හොත්, රජුට හේවායින් බ`දවා ගැනීම ස`දහා මවුලා මුහන්දිරම් මදුරාසියට යවනු ලැබීය. 42 රාජධානියෙන් පිටත සිදු වන දේවල් පිළිබ`දව ඉක්මන් තොරතුරු ලබාගැනීම ස`දහාත්, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ මෙන්ම සමාගම සතුව පැවති ප්‍රදේශවල බල දේශපාලන කටයුතු සොයා බැලීම ස`දහාත් රජු ඔහු ගේ මුස්ලිම් වැසියන් යොදාගති. මුස්ලිම් වරුන් උඩරට රජු ගේ සිත් දුෂ්‍ය කරන බවටත්, මුස්ලිම්වරුන් උඩරට රාජසභාව ප්‍රයෝගකාරි වී ඇති බවටත්, සමාගමේ කටයුතු සම්බන්ධයෙන් හො`ද දැනුමක් ලබා ඇති බවටත්, ඕලන්ද ආණ්ඩුකාර ජෑන් ස්කරූදර් (1757 – 1762) පැමිණිලි කරයි.

ඕලන්ද හමුදා මහනුවර අල්ලාගත් අවස්ථාවේ දී ඔවුන්ට විරුද්ධ ව සටහන් කිරීමට ප්‍රංශ ජාතිතයන්ට ගේ ආධාර ඉල්ලා කිර්ති ශී්‍ර රාජසිංහ රජු ඔහු ගේ ප්‍රිතම මුස්ලිම් වෛද්‍යවරයා වු ගෝපාල මුදලි පොන්ඩිචෙරියට යැවු බව, බි්‍රතාන්‍ය කොෟතුකාගාරයෙන් සොයාගත්, 1765 දින දරන ඉඩම් ප්‍රදානය කිරිමේ තඹ සන්නසකින් අනාවරණය වේ. සන්නස් පත්‍රයේ ම ස`දහන් වේ. උඩරට රජවරුන් තම මුස්ලිම් වැසියන් කෙරෙහි තැබු අවල විශ්වාසය සහ කුලූපග භාවය මෙයින් මනාව පෙනේ.
මුස්ලිම්වරුන් සතු වු මුහුදු යාත්‍රා පරිචය, අන්තර්ජාතික සම්බන්ධතා, විවිධ භාෂා කතා කිරීමේ දක්ෂතාව නිසාත්, 44 රයික්ලොෆ් වැන් ගොයන්ස්පවසන අන්දමට 45 චාටු බස් බිකිණිමට ශර දැනුමක් ඔවුන්ට තිබුනු නිසාත්, උසස් පෙලේ මුස්ලිම්වරු වැදගත් විදේශ මෙහෙවර ස`දහා තෝරාගනු ලැබුහ. යථෝක්ත අගනා දක්ෂතා නිසා ම ඔවුන්ට සුවිශේෂ වු ැාජතාන්ත්‍රික ඥානයක් තිබිණි. 1283 තරම් ඈත අතිතයේ දී යාපහුවේ ෂ වන බුවනෙකබාහු (1272 – 1284) වෙළෙ`ද සම්බන්ධකම් කෙළින්ම ඇති කරගැනීම සාකච්ඡා කිරිම ස`දහා අල්හාප් අබු උත්මාන් ඊපජිප්තුවේ රාජසභාවට යැවු දා සිට, ඒ වැනි තානාපති රාජකාරි, සිංහල රජවරුන් විසින් සාම්ප්‍රදායික ව මුස්ලිම්වරුන්ට පවරා ඇති බව් පෙනේ.

තානාපති මුදියන්සේලාගේ යන වාසගම සහිත ඇතැම් මුස්ලිම් පවුල් උඩරට ප්‍රදේශවල සිටිනු දැකිම සැලකිය යුතු කරුණකි. මුදියන්සේ යනු ඉහළ නිලධරයෙකි. බොහෝ වාසගම් වලින් පවුලේ අය මුලින් දැරූ තනතුරු හෙළි කර බැවින්, මේ පවුල්වල ආදිතමයන් උඩරට රජවරුන් ගේ තානාපතිවරුන් ලෙස සේවය කළා විය හැකිය.

මුස්ලිම්වරුන් සහ රාජකීය උල්පැන් ගේ
රජ මාලිගාවේ තවත් වැදගත් අංශයක් වුයේ උල්පැන් ගෙය යි. පවුල් 500ක් පමණ සංඛ්‍යාවක් හවුල් වන මේ සේවය සංකීර්ණ එකකි. ඒ සියලූ ම පවුල් උල්පැන් ගේ රාජකාරිය ස`දහා ලැබුණු ඉඩකඩම් භක්ති වි`දිති. මේ සංකීර්ණ රාජකාරියට මුස්ලිම්වරුන් බ`දවාගත් බවට සාක්ෂ්‍ය ඇතත් ඒ කවර තත්වයේ තනතුරුවලට දැයි නිසැකව ම කිව නොහැකිය. රජු ගේ පා දෝවනය කිරීමේ වරප්‍රසාදය ඔවුන්ට පිරිනැමුවා විය හැකිය. ඒ සෙත් නැති නම්, මුස්ලිම්වරුන්ට පැන් උණු කිරීම ස`දහා උල්පැන් ගෙට දර සැපයීමේ කාර්යය ඉටු කිරීමෙන් ඊට දුරස්ථ ව සහභාගි වුවා විය හැකිය. 46

මුස්ලිම්වරුන් සහ රාජකීය මුල්තැන් ගේ
මුස්ලිම්වරුන් යොදවනු ලැබු වඩා වැදගත් වගකිම්වලින් භාරදුර කර්තව්‍යයක් වුයේ, රජ මාලිගාවේ මුල්තැන් ගෙයයි. 47 රජු ගේ ජිවිතය ර`දා පැවතුණේ ඔවුන් ගේ අතේ බැවින් රාජකීය මුල්තැන් ගේ රාජකාරි කටයුතු අතිශයින් විශ්වාසවන්ත හිතෛෂි සේවකයන්ට පමණක් සීමා විය. කන්ද උඩරට රජවරුන් මුස්ලිම් ආහාර පාන ස`දහා රුචිකත්වයක් ඇති ව සිටිනා පමණක් නොව, මුස්ලිම්වරුන් සිංහාසනයට ඉතා පක්ෂපාත අනුගාමිකයන් වශයෙන් සලකනු ලැබු බැව් ද දක්නට ලැබේ.
හමුදාවේ මුස්ලිම්වරු
ආරම්භයේ සිටම මුස්ලිම්වරු සිංහල රජවරුන් ගේ හමුදාවලට බැ`දී එහි ඉතා ඉහළ තනතුරුවලට පත් වුහ. සීතාවක, කෝට්ටේ සහ කන්ද උඩරට රජවරුන් වෙනුවෙන් ඔවුන් සටන් කළ අයුරු අපි දුටුමු. කන්ද උඩරට රාජධානිය පැවති කාලය මු`ඵල්ලේම උඩරට රජ්ජුරුවන් ගේ පාබළ හමුදාවේසැලකිය යුතු සංඛ්‍යාවක් මුස්ලිම්වරු වුහ. උඩරට රජු ගේ පාබළ හමුදාවේ, විශේෂයෙන්ම රාජධානියේ අවසන් දිනවල, මුදල් ප්‍රශ්න නිසා, කුඩා එකක් විය. 1810 දී මලාබාර්වරුන් 400 දෙනකු ද, මුස්ලිම්වරුන් 250 දෙනකු ද, මැලේ ජාතියන් 200 දෙනකු ද, මහනුවර සටන් පුහුණුව ලැබු බැව් දක්නා ලදි. 48 දේශීය කුමන්ත්‍රණ ගැන පරික්ෂාවෙන් සිටිම ස`දහා රජවරුන් විසින් තම හමුදාවල සිංහල නොවන සේනාංකයක් තඩා ගැනීම අසාමාන්‍ය කරුණක් නොවීය.

මුස්ලීම්වරුන්ගෙන් ලාංකීය සමාජයට ලැබුණු දායකත්වය

දිවයිනේ සැඟවුණු ප්‍රදේශවල විශේෂයෙන්ම නැගෙනහිර පළාත්වල මේ නොදියුණු පුරුද්ද තවම දැකිය හැකිය. මේ දිස්ත්‍රික්ක වල සංචාරය කිරීමේදී කඳුකර අඩි පාරවල් දිගේ වෙහෙසකර ගමනක ඇදෙන, බඩු බර පැටවුණු දිගු ගව පේළි අපට බොහෝ විට හමු වෙති. ගවයන් ඉදිරියට ඇදෙන විට කර බැඳි ගෙජ්ජි කිංකිණි රාවය නංවයි. ඇතැම් විට මධ්‍යාහ්න අවු රහ්මියේ කැලැබද දිය කඳුරක් අයිනේ ළිප් ගිනි මොළවාගෙන තම ආහාරය පිස ගැනීමට සුදානම් කරන ලද ගවයන් ඒ අසල උලාකමින් දියේ ගිලෙමින් සිටිනු පෙනේ. මුදාහළ බඩු ගෝනි පසෙකින් ගොඩ ගසා තිබේ. මේ සංචාරක වෙළඳාමේ නිරත වී සිටින බොහෝ කොට මුස්ලිම්වරු වූහ. ක්‍රමානුකූල වගා කිරීමකින් තොරව නිවෙස් වටා සුළුවෙන් වැටි ඇති දේශිය කෝපි සමග හුවමාරු කරගැනීම සඳහා ලූණු, මුහුදු බඩ පිහිටි ආණ්ඩුවේ ගබඩාවලින් උඩරට කඳුකරයට ගෙන ඒම ඔවුන්ගේ ව්‍යාපාරය විය. එසේ ලැඛෙන ලාභවලින් කපු රෙදි සහ පිත්තල භාජන, කරවල සහ වෙනත් වෙළඳ ද්‍රව්‍ය මිලදී ගන්නා තවලම්කරුවෝ ඒවා රට අභ්‍යන්තරයේ හුදෙකලා වූ ගම්මානවලට ගෙන යති.

එමර්සන් ටෙනන්ටි
මේ වූකලි බි්‍රතාන්‍ය සිවිල් සේවකයෙකු විසින් මුස්ලිම් වෙළෙන්ඳන්ගේ තවලමක් පිළිබඳව ඇති දර්ශනීය විස්තරයකි. කාන්තාරයේ ප්‍රවාහණ ක්‍රමයක් වූ තවලම ශ්‍රි ලංකාවට හඳුන්වා දෙන ලද්දේ මුස්ලිම්වරුන් විසිනැයි සමහරු කියති. කාන්තාරයේ ඔටුවා වෙනුවට මෙහිදි ගවයා යොදාගෙන තිබේ. රාජධානියට පහසුවෙන් ප්‍රවේශ වීමට නෙහැකි වීම එය ආරක‍ෂා කරගැනීමේ හොඳම ක්‍රමය වූ බැවින් ප්‍රවාහණ සහ පනිවිඩ හුවමාරු පහසුකම් වැඩි දියුණු කිරීමට උඩරට රජවරු කැමැත්තක් නොදැක්වූහ. නිර්භීත මුස්ලිම්වරුන් රට අභ්‍යන්තරයට පැමිණි පසු එහි දුෂ්කර කඳුකර මාර්ගවලට සරිලන ප්‍රවාහණ ක්‍රමයක් සකසාගැනීමට ඔවුන්ට සිදු වූ බැවින්, කාන්තාර තරණය කළ තවලම් පිළිබඳ මතකයක් තිබුණු ඔවුහු ඒ සඳහා ගවයා යොදාගත් හ.
මුස්ලිම්වරු සහ උඩරට වෙළඳාම
මුස්ලිම්වරුන් ප්‍රධාන අතරමැදියන් වශයෙන් ක්‍රියා කළ උඩරට රාජධානියේ වෙළඳ රටාව ගැන මේ අවස්ථාවේදි විමසා බැලීම වැදගත් වනු ඇත. ගිරි දුර්ග බවලින් වට වූ සිය රජාධානියට කොටු වී සිටීමට උඩරට රජවරුන් සුදානම් නොවු බවත්, දහහත් වන ශත වර්ෂයේදී ඔවුන් බල පරාක්‍රමයෙන් වැඩෙත්ම සිය වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෙන්ම බාහිර ලෝකය සමග සිය සම්බන්ධකම් පවත්වාගෙන යාමටද කැමැත්තක් දැක්වූ බවත් දක්නට ලැබිණ.

දිවයිනේ මුහුදුබඩ පළාත් පෘතුගීසීන්ගේ ග්‍රහණයෙන් ඕලන්දකරුවන් අතට පත් වෙන විටත් නැගෙනහිර වෙරළේ කොට්ටියාර්හි සහ මඩකලපුවේ ද, බටහිර වෙරළේ කල්පිටියේ සහ පුත්තලමේ ද වරායවල් උඩරැටිඉයනගේ පාලනයට යටත් ව තිබිණි. ඒවා මගින් ඔවුහු, මුස්ලිම්වරුන් සහ හෙට්ටීන් අතරමැදියන් ලෙසින් යොදාගෙන මදුරා සහ කොරමණ්ඩල් නගර සමග වෙළහෙළඳාම් කළහ. මේ එක් එක් වරායක් රාජධානීයේ බවිවිධ ප්‍රදේශ පිට වීමේ මාර්ගයක් වුයේය. රජුට අයත් හොඳම වරාය තිරිකුණාමලය අසල පිහිටි කොට්ටියාර් විය. එහි සිට සැතපුම් කිහිපයක් නුදුරින් රට අභ්‍යන්තරයේ කිලිවෙට්ටිහි, වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කළ විශාල වෙළෙඳපොළක් පිහිටියේය. එහි වූ රාජකීය රේගු මඩුවේ දී මුලාදෑනියෙක් රජු වෙනුවෙන් බදු අය කෙළේය.

බි්‍රතාන්‍ය තානාපති ජෝන් පයිබස්ට පොළි වෙළෙන්ඳන් සමූහයක් මුණ ගැසුණේ ද කිලිවෙට්ටිහිදීය. රටවැසියන්ට විකිණීම සඳහා ඔවුහු තල ඇට, පබළු සහ කොට්ට පොල් ගෙන එමින් සිටියහ. කොට්ටියාර් සිට මහනුවර දක්වාවූ මාර්ගය මහවැලි ගං ඉවුර දිගේ වැටී තිබුණු අතර වෙළෙඳ ද්‍රව්‍ය ඔබ මොබ ගෙන යමින් සිටි මුස්ලිම් වෙළෙඳ තවලම් එහි නිරතුරුවම දක්නා ලදී. 1762 දී තිරිකුණාමලයේ සිට මහනුවර බලා යමින් සිටි පයිබස්ට අතරමගදී ගවයන් විස්සක් තිහක් සහිත මුස්ලිම් තවලමක් හමු විය. ඔවුහු ලූණුවලට මාරු කිරීම සඳහා ධාන්‍ය මලූ මුහුදු බඩ නගරවලට ගෙන යමින් සිටියහ. කාලයාගේ ඇවෑමෙන් මේ මාර්ග දිගට මුස්ලිම් ජනවාස බිහිවී ඇති බැවින් රට මැද සිට වරායවල් කරා විහිදි ගිය ඒ පැරණි වෙළඳ මාර්ග අපගේ අධ්‍යයනයට වැදගත් වේ. පණිවිඩ හුවමාරුව ඉතා දුර්වලව පැවති අවධියකදී බර අදින ගවයන් කිහිප දෙනෙකු ගෙන් සමන්විත තවලමකට එහි ගමනාන්තය දක්වා යාමට දින කිහිපයක්ම ගත විය. ඒ නිසා, රාත්‍රී ලැගුම් පොළවල් පමණක් නොව, වෙහෙස මහන්සියට පත්ව සිටි ගොන්නුන්ට තණ උලා කන්නට ද දිය බී පවස නිවාගන්නට සාගින්නෙන් පෙළුනු තවලම්කරුවන්ට ඔවුන් ගේ දිවා ආහාරය පිසගන්නට ද හැකි දිවා නැවතුම් පොළවල් ද, දිය පාරක් අසලින් අවශ්‍ය විය. බොහෝ මුස්ලිම් ජනාවාසවල කේන්ද්‍රස්ථානය වුයේ එ වැනි නැවතුම් පොළවල්ය.


පයිබස් පසු කළ මුස්ලිම් ගම්මාන කිහිපයක් ඔහු විස්තර කරයි. පඟරාන එවැනි එක් ගමෙකි. නිවාස දොළසකින් පමණ සමන්විත මේ ගමේ වැසියන්ට කුඹුරු ඉඩම් තිබුණු අතර, ප්‍රධාන වශයෙන් මී හරකුන් ගෙන් සමන්විත පනහක හැටක පමණ ගව පට්ටියක් ද විය. ගොබවිතැන්  බත් කිරීමට උචිත අයුරින් පඟරාන කවුඩුල්ල ඔය ඉවුරේ පිහිටා තිබුණු හෙයින් සමහර ගම්මු ගොවිතැන් කටයුතු සඳහාම එහි පදිංචිව සිටියහ. ඒ ඔය අසබඩ ම පිහිටි නුදම්මන ගම මුස්ලිම් ගෙවල් දස දොළසකින් පමණ සමන්විත විය. ගෙවල් හතඅටකින් සමන්විත, ගවයන් තිහහතලියක් සිටි නිකවටන පයිබස් විස්තර කළ  තවත් ගම්මානයකි. දහඅට වන සියවසේ අග භාගය වන විට රට අභ්‍යන්තරය කරා විහිදි ගිය වෙළඳ මාර්ග දිගට කුඩා මුස්ලිම් ජනාවාස බිහි වී තිබුණු බැව් පැහැදිලි වේ. වැඩි වුව හොත්, නිවාස දොළසකින් පමණ සමන්විත වූ ඒ ගම්වල වැසියන් ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වෙළඳාම වූවත්, ජලය ලබාගත හැකි ස්ථානවල ඔවුහු වී ගොවිතැන ද කළහ. ප්‍රවාහණ කටයුතු සඳහා මෙන්ම ගොවිතැන් කටයුතු සඳහාත් ඔවුහු ගවයන් ඇති කළහ. එදිනෙදා අදින ඇඳුම් සඳහා රෙදි විවීම ද ඔවුන් ගේ එක් කර්මාන්තයක් ව ූඅතර, ඩඑය කළේ ස්ත්‍රීපන් විය හැකිය. මහනුවර විසූ දිසාවට බදු වශයෙන් රෙදි කොටසක් බැගිපන් දීමට එක් එක් පවුලකට සිදු විය.
1762 දී පවා උඩරට රජුගේ බලය තිරිකුනණාමලය අවට ප්‍රදේශවල, ඔහුගේ මුස්ලිම් හා දෙමළ වැසියන් අතර පවා,  තදින් පැතිරි තිබුණු බැව් පයිබස් ගේ විස්තරයෙන් පෙනේ. මුතුර්හි ගම්මුලාදෑනියා රාජකාරිය සඳහා ගැමිබයන් කැඳවු අතර ඉන් සමහර දෙනෙක් රජුගේ ආගන්තුකයා, ඒ නම් පයිබස් කැටුව යාමට සහ ඔහුගේ ආවතේව කිරීමට යොදවනු ලැබූහ. පයිබස් ගමන් කළ පල්ලැක්කිය ඔසවාගෙන යාමත්, ඔහුට බත් සහ කුකුලූ මස් වැනි ආහාර සැපයීමත් ඇතැමුන් ගේ රාජකාරිය විය. දෙමළ පවුලකට අයත් නිවසක ඔහු රාත්‍රිය ගත කළ අතර, එයද ඔවුනට නියමිත වු රාජකාරියේ කොටසක් වූයේය. මේ ආකාරයට, රජුගේ ආගන්තුකයා වූ තානාපතිවරයා (පයිබස්) දිස්ත්‍රික්කයේ සීමාව පසු කරන තුරුම ඔහුගේ වුවමනාවෙන් පිරිමසාලීමට එම දිස්ත්‍රික්කයේ ගම්මුලාදෑනිවරුන් වගබලා ගත්හ. දිස්ත්‍රික්ක සීමාවේ දී ඊළඟ දිස්ත්‍රික්කයේ ගම්මුලාදෑනිවරුන් ඒ වගකීම බාරගත් අතර තානාපතිවරයා අගනුවරට පැමිණෙන තුරුම මේ ක්‍රමය අනුගමනය කරනු ලැබීය.
ක්‍රිස්තු පූර්ව කාලයේ සිට සිංහල රජවරුන් ගේ ධාන්‍යාගාරය වූ දීඝවාපිය මඩකලපු ප්‍රදේශයේ පිහිටියේය. දුටුගැමුණු රජු (ක්‍රි. පූ. 111 – 137) යුද කටයුතුවලට සුදානම් වීම සඳහා ගොවිතැන් කටයුතු මෙහෙය වීමට ඔහු ගේ මලණුවන් වූ සද්ධාතිස්ස කුමරුන් යවනු ලැබුවේ එම ප්‍රදේශයටය. වාරි ශිෂ්ටාචාරෙඉය් බිඳ වැටීමත් සමග මේ ප්‍රදේශය, සෙනරත් රජුගේ රාජ්‍ය සමය දක්වාම වල් බිහි වී විනාශ වී තිබිණි. පෘතුගීසීන්ට විරුද්ධව සෙනරත් රජු මෙහෙය වූ යුද කටයුතු සඳහා සුදානම් වනු පිණිස මේ ප්‍රදේශයේ වී ගොවිතැන යළි ආරම්භ කිරීමට ඔහු දෙමළ සහ මුස්ලිම් පිරිස් විශාල සංඛ්‍යාවලින් මේ ප්‍රදේශයේ පදිංචි කරවු බැව් අපි දුටුමු. මේ ප්‍රදේශයේ ප්‍රධාන වී නිෂ්පාදන ප්‍රදේශයක් වශයෙන් වර්ධනය බවිය. එහිදි මඩකලපුවේ අතිරික්ත වී ඒවා අවශ්‍ය දිවයිනේ වෙනත් පළාත්වලට ගෙන යනු ලැබීය. මහනුවර සිට මිණිපේ වෙල්ලස්ස හරහා මඩකලපුව දක්වා විහිදුණු මාර්ග තිබුණු අතර ඒවා දිගට මුස්ලිම් ජනාවාස බිහි විය. කොට්ටියාර් සහ මඩකලපුව වරායවලට යාත්‍රා කළ සම්පත් නම් කුඩා යාත්‍රා සිය ගණනින් දකුණු ඉන්දියාව සමග උද්‍යෝගවත්  ව වෙළෙඳ කටයුතු වල යෙදි සිටි බැව් පෙනේ.
පුත්තලම සහ කල්පිටිය වරායවල් ජනබහුල සරුසාර හත්කෝරලයට සම්බන්ධ විය. හත්කෝරලයේ නිෂපාදන, ප්‍රධාන වශයෙන් පුවක් සහ සහල්, මුස්ලිම් වෙළෙන්ඳන් විසින් තවලම් මගින් කල්පිටිය දක්වා ගෙනයාමට සිදු විය. මදුරාපුරයේ සහ තන්ජෝරයේ සිට පැමිණෙන විශාල යාත්‍රා සාමාන්‍යයෙන් කල්පිටියේ නැංගුරම් ලු බැවින් එසේ කිරීම අවශ්‍ය විය. පුත්තලම් – කල්පිටි වෙරළ තීරුව දිගට විශාල මුස්ලිම් ජනගහනයක් කේන්ද්‍රගත ව සිටි අතර කුමාර වන්නිය නම් වූ ඒ ප්‍රදේශයේ ප්‍රධානයන් ගෙන් යටත් පිරිසෙයින් එක් තැනැත්තෙක් හෝ මුස්ලිම්වරයෙක් වූයේය. ඔහු පුත්තලමේ දිසාව යටතේ ක්‍රියා කළේය. ඔහුගේ බල සීමා ප්‍රදේශය තුළ මුස්ලිම් මෙන් ම සිංහල ගැමියෝද වූහ.
යුරෝපීය ජාතිකයන් බටහිර මුහුදු තීරය දිගට පැළ පදියම් වී සිටිය බැවින් උඩරට රාජධානියේ දකුණු හා නිරිත දිග ප්‍රදේශවල අයට මුහුදට ප්‍රවේශ වීමේ ඍජු මාර්ගයක් නොවීය. එබැවින්, වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කරගැනීම සිදුවුයේ දේශ සීමාවේ පිහිටි රුබවන්වැල්ල, සීතාවක සහ කටුවන නගරවලදීය. මුස්ලිම්වරුන් තම තවලම් සමග මේ නගරවල වෙළහෙළඳාමේ යෙදුණු බැව් කිහිප තැනකම සඳහන් වී තිබේ. උඩරට රාජධානීයේ නිෂපාදන රුවන්වැල්ලේ දි සහ සීතාවක දී කොළඹ වෙළඳපොළට ලබාගත හැකි වු අතර කටුවනදී දකුණේ වෙළෙඳුන් සමග ගනුදෙනු සිදු කරන ලදී.

View of the harbor of Trincomale

View of the harbor of Trincomale