Tag Archives: උපදේශයන්

සහෝදරත්වයේ වර්ධනය සහ ‘හජ්’ උත්සවය

ලෝකයේ නන් දෙසින් මුස්ලිම්වරු සෑම වසරක්ම පාසාම මක්කාවේ එක්රැස්වීම “හජ්” සොයා යාම නමින් හැඳින්වේ. ඉස්ලාම්හි පස්වන අනිවාර්ය කටයුත්ත හජ් ඉටු කිරීම වේ. තම ජීවිත කාලයේ දී වරක් වත් මෙය ඉටු කළ යුතුයි. පහසුකම් හා ශරීර සනීපය ඇති සෑම ස්ත්‍රී පුරුෂයකුටම මෙය අනිවාර්ය යුතුකමක් වන්නේ ය. පහසුකම් හා ශරීර සෞඛ්‍ය තිබියදීත් “හජ්” වන්දනය ඉටු නොකරන්නත් යහුදියෙක් හෝ නසාරාවරයෙක් වශයෙන් මරණයට පත් වන්නේය යනුවෙන් මුහම්මද් නබි (සල්) තුමාණෝ පැවසූහ.


නබි ආදම් (අෙලෙ) තුමා මැවීමට පෙර මලාඉකාවරුන් කඞබාව ගොඩ නංවා “තවාෆ්” කළහ. නබිතුමා භූමියට බට පසු එය ප්‍රතිසංස්කරණය කර ඉටු කළේය. නබී ආදම් (අෙලෙ) තුමා පටන් සියලු නබිවරුන්, නොයෙකුත් සමාජයට අයත් වුවත් කඞබාව නරඹා හජ් ඉටු කළහ. ඉබ්‍රාහිම් (අෙලෙ) නබිතුමා හා එතුමාගේ පුත් ඉස්මායිල් (අෙලෙ) නබිතුමා යළිත් කඞබාව ඉදිකළේය. මෙය සිදුවූයේ අදට අවුරුදු දහස් ගණනාවකට පෙරය.

නොයෙකුත් දෙසින් පැමිණෙන මුස්ලිම් බැතිමතුන් අතර දුප්පතුන්, පොහොසතුන්, සේවකයන්, රාජ්‍ය පාලකයන්, ආගමික නායකයන්, උගතුන් හා නූගතුන් ආදී නොයෙකුත් අය අතරින් නානා භාෂා කතාකරන නානා වර්ණයෙන් යුත් තානා ජාතිහු එහි එක්රැස් වන්නෝය. දුප්පත්කම හා පොහොසත්කම වැනි භේදයෙන් තොරව සියල්ලෝම අල්ලාහ්ත අලාගේ වහලුන් වන බව පිළිගත්තෝය. යහපත් අන්දමට ඉටු කෙරෙන “හජ්” වන්දනාවට ස්වර්ගය හැර වෙන කිසිම වේතනයක් නැත යැයි මුහම්මද් (සල්) තුමාණෝ පැවසූහ.

එහි සුදු වස්ත්‍ර ඇඳ “හජ්” සඳහා “ඉහ්රාම්” බැද ගත්තෝය. ලෙබ්බෛක් ! අල්ලාහුම්ම ලෙබ්බෛක් !! ලා ෂාරික ලක ලෙබ්බෛක් !! එනම් මම පැමිණියෙමි මගේ් අල්ලාහ් මම පැමිණියෙමි ඔබ හා සමානවක් කිසිවෙක් නැත. අල්ලාහ් ඔබ වෙත මා පැමිණියෙමි යන එකම ශබ්දයෙන් සියලු දෙනා අල්ලාහ් තආලා අමතන්නෝ ! ඇඳුම් පැළඳුම් වලින් හෝ කුල, ගෝත්‍ර, වර්ණ වැනි කිසිම භේදයකින් තොරව සියල්ලෝම එක්රැස්ව එක මවකගේ උපන් දරුවන් මෙන් සහෝදරත්වයෙන් හා සමගි සමානත්වයෙන් “හජ්” ඉටුකරති.

“හජ්” ඉටුකරන්න ජලයේ කිලිට සෝදා හරින්නාක් මෙන් හජ්ජය පාපයන් සෝදා හරින්නේ යැයි නබි (සල්) තුමාණන් පැවසූහ. හජ් ඉටුකළ අය එදින උපන් බිළින්දන් මෙන් පව් නොකළ වුන් වන්නේය. ඔවුන්ගේ යාඥාවලින් පිළිගනු ලැබේ. හජ් වන්දනයට යන අයට නබි (සල්) තුමා තැන්පත් කොට ඇති සාමාධිය සියාරතුල්රවිලතුන් නබි දැක ගැනීම ස්තී‍්‍ර පුරුෂ දෙපක්ෂයටම හිමි වූ විශේෂ සුන්නතයක් වේ. වන්දනා කරුවෝ හජ් වලට පෙර හෝ පසු මදිනාවට ගොස් මෙම සමාධිය සියාරත් කර ගනිති.

මගේ සොහොන දැක ගන්නා අයට “ෂෆාත්” හිමි වේ යැයි මුහම්මද් නබි (සල්) තුමා පැවසූහ. තවද මගේ මරණයෙන් පසු හජ් වන්දනය නිම වී මාගේ සොහොන දැක ගැනීමට පැමිණෙන අය හා මා ජීවත්ව සිටියදී මා දැක ගැනීමට පැමිණෙන අය හා සමාන වේ. මෙවැනි උසස් තත්ත්වයන් ලැබෙන පුණ්‍ය භූමිය “හජ්” ඉටුකිරීමේ උතුම් භාග්‍යය අපටත් අල්ලාහ් සුබහානතආලා ලං කර දෙත්වා !

ආමින් !
රුසෙයික් ෆාරුක්

චීන යකඩ හස්තය තුල ඉස්ලාමිය සමුහාන්ඩුවක්

දැහැමි දිවියකට මඟ සලසන රමලාන් උපවාසය

මුළු ලොව පුරා වෙසෙන කෝටි 200 පමණ වන ඉස්ලාම් බැතිමතුන්ගේ අතිශය පූජනීය ‘රමලාන්’ මාසය (10) රාත්‍රී නව සඳ උදාවීමත් සමඟ ආරම්භ විය. එතැන් පටන් පුරා මාසයක් කාන්තා, පිරිමි බාල මහලු භේදයෙන් තොරව සැවොම රමලාන් උපවාස ශීලය රකිමින් අල්ලාහ් දෙවියන් කෙරෙහි දක්වන අචල භක්තිය ලොවට පිළිබිඹු කරති.

ඉස්ලාමයේ ප්‍රධාන වගකීම් හා යුතුකම් 5 අතරින් සිව්වැන්න රමලාන් උපවාස ශීලයයි. චන්ද්‍ර වර්ෂයක් තුළ පුරා මාසයක් කාලයක් අඛණ්ඩව ආත්ම දමනයන් හා සංයමයකින් යුතුව උපවාස ශීලය රැකීම ඉස්ලාමීය බැතිමතුන්ට අනිවාර්ය කළ අල්ලාහ් දෙවියන් වහන්සේ ඒ පිළිබඳ ‘අල් කුරානයේ’ මෙසේ පවසා ඇත. “විශ්වාස වන්තයනි, ඔබලා පාපී ක්‍රියාවන්ගෙන් ඈත්කර යහමග ගමන් කිරීම සඳහා වූ නිවැරැදි මාර්ගය වන මෙය පෙර සිට අයට අනිවාර්ය කළාක් මෙන් ඔබලාටද අනිවාර්ය කරමි.”

ඉස්ලාමීය වර්ෂ අනුව හිජ්රි 02 වර්ෂයේදී ආරම්භ වී ඇති රමලාන් උපවාස ශීලය එදා සිට අද දක්වාත් මින් මතුවටත් පැවැත්වේ. ඉස්ලාමීය දින දර්ශනය අනුව රමලාන් මාසය වර්ෂයේ 9 වන මාසයයි. එය ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන්ගේ අතිශය පූජනීය මාසය ලෙස සැලකේ.

මාසයක් පුරා දිවා කාලය ආහාර පානාදියෙන් වැලකී අධිෂ්ඨාන පූර්වකව ආගමානුකූල සිතුවිලිවලින් යුතුව උපවාස ශීලයේ යෙදීම තුළින් ගතට මෙන්ම සිතටද බලවත් විවේකයක් ලැබේ. උපවාස ශීලය යනු දිවා කල පුරා කුසගින්නේ සිටීමම පමණක් නොවේ. එම කාල වකවානුව තුළ ආත්ම සංයමය හා ආත්මදමනය හුරුකරගෙන දෛනික කටයුතුවල එලෙසින්ම නිරත වෙමින් සිරුර හා මනස පාලනය කොට දැහැමි දිවිපෙවෙතක් ගතකිරීමේ අභ්‍යාසයක නිරතවීම මේ තුළින් අපේක්ෂා කෙරේ.

මෙම උපවාස ශීලය පිළිබඳ නබිනායක මුහම්මද් (සල්) උතුමාණෝ මෙසේ පැවසූහ.

“සිත කය වචනය හා පසිදුරන් පාලනය නොකර මිනිසා නිරහාරව කුසගින්නේ තැබීමට අල්ලාහ් දෙවියන් වහන්සේට කිසිම අවශ්‍යතාවයක් නැත. අල්ලාහ් දෙවියන් වහන්සේ අපේක්ෂා කරනු ලබන්නේ උපවාස ශීලය මගින් මිනිසාට ලැබෙන දැඩි විනය හා හික්මීම තුළින් ඔහු යහපත් මිනිසකු වශයෙන් අල්ලාහ් දෙවියන්ගේ නියමයන්ට අනුව මෙලොව පරලොව යහපතට මෙන්ම අනුනට හිරිහැරයක් නොමැතිව ජීවත්වීමට අවශ්‍ය පුහුණුව ලබාදීමයි.”

සිරුරට ආහාර නොගෙන ලබාදෙන වේදනාව තුළින් කුසගින්න දුකක් බව වටහා ගැනීම නිසා කුසගින්නේ ආදීනව වටහා ගන්නා පුද්ගලයා කුසගින්නේ සිටින්නෙකුගේ කුසගිණි නිවීමට පෙළඹවීම, තමුන් ඉදිරියේ කොතරම් ප්‍රනීත රස මසවලු තිබුණත් ඒවා කෙරෙහි ආශාවක් හා ඇල්මක් ඇති නොකොට කුසගින්නේ සිටීමෙන් ඕනෑම දෙයක් දරා ගැනීමේ ශක්තියක් ඇතිකර ලීම, අධික කුස ගින්න හා සාපිපාසාව නිසා ශරීරය දුර්වලවීම තුලින් ප්‍රවේගකාරි සිතුවිලි හා රාගික හැඟීම් පාලනය වීම, උපවාස ශීලය තුළින් අත්වේ

සහෝදරයාගේ අඩිපාරේ යමින් මාද ඉස්ලාමය වැළඳ ගතිමි

උපතින්ම කිතුණුවෙක් වූ මා නමින් කි්‍රස්ටිනා මනතුංගය. සහෝදරයන් දෙදෙනෙකුත් සහෝදරියන් හතරදෙනෙකින් යුත් මගේ පවුලේ බාලයා වූයේ මාය. මාගේ දෙමාපියන් උපතින්ම බෞද්ධයන් වූ අතර පසුව ඔවුන් කිතු දහම වැළඳ ගත්තෝ වෙති. ඔවුන් කිතුණුවන් වූ පසුව ඉපදුන නිසා පවූලේ උපතින්ම කිතුණුවෙක් වූයේ මා පමණ’.

කුඩා කල පටන් දේවස්ථානයට යමින් දේව වචනය උගත් මා ආගමික අතින් විවිධත්වයක් ඉසුලු අප රටේ නිවැරදි දහම කුමක්ද? යන්න සිතමින් කල්ගෙවීමි. මන්දයත් මා පවුලේ සියලු දෙනා කිතුණුවන් වූවද ඔවුන් තුලින් මා ලත් ආදර්ශයක් නොවීය. මා පවුල තුල නිතර දක්නට ලැබුවේ දෙමාපියන් අතර හා සහෝදර සහෝදරියන් අතර වූ ගැටුම්ය. මා පෙර පාසල් යන වියේදී මගේ පොඩි අයියා නිවසින් පිටවූණි. ඔහු මුළු මනින්ම පවුලේ අනිත් අයට වඩා වෙනස් අදහස් ඇති අයෙකි. ඉන් පසුව ඔහුව මුණගැසීමට හෝ ඔහුත් සමග කථා කිරීමට මට අවස්ථාවක් නොවීය.

ඉන් පසුත් පවුල තුල විශාල ලෙස ගැටුම් ඇති වීය. මේ අතර තුර කාලයේ මා පාසල් ගිය අතර පාසල තුලදී අනිකුත් සියලු විෂයන් අරඹයා මා කිතුණු දහමට ලකුණූ ලබා ගතිමි. මෙසේ කාලය ගතවිය. මේ වන විට මගේ පොඩි අයියා විවාහ වී සිටි අතර ඔහු කොළඹ පදිංචි වී සිටියේය.

මා දහසය වන වියට පා තබන විට දවසට තෙවරක් යාච්ඥා කරන මගේ පියාත් සැම විටම ක්‍රිස්තුස් වහන්සේගේ ගැන කියාදෙන මවත් අතර ගැටුම් උග්‍ර විය. මෙයින් මා සිත ඛෙහෙවින් කළකිරී තිබුණි. අවසානයේදී දෙදෙනා වෙන්විය. ඒ වන විට පවුලෙන් ඉවත්ව සිටි මගේ වැඩිමල් සහෝදරයා අපට උපකාර නොකර ඉවත බලා ගත්තේය. විවාහ වී සිටි සොහොයුරියගෙන්ද සරණක් නොවීය. මගේ වැඩිමල් සහෝදරයා බෞද්ධ කාන්තාවක් විවාහ කරගෙන සිටින අතර ඔවුන් කිතුණු දහම අදහති. විවාහ වී සිටි සොහොයුරියගේ සැමියා බෞද්ධ නිසා ඔවුන් අදහන්නේ බුදු දහමයි. මෙම සිදුවීම තුළ මගේ දේවස්ථානයේ ඇතැම් පුද්ගලයන් ක්‍රියා කල ආකාරය ගැනද මා සිත ඛෙහෙවින් කළකිරී තිබුනි. ඉන් පසුව මාත් මගේ මවත් මගේ වැඩිමහල් සහෝදරියත් විසුවේ පොඩි අයියාගේ නිවසේය.

මා දෙමාපියන් මගේ අයියාට නිවසේ සිටි කාලයේදී විවිධ කෙණහිලිකම් සිදු කළද ඔහු අපව නිවසට ගෙන විත් අපට කරුණාවෙන් සැලකීම ගැන මා හට පුදුම සිතුනි. එම නිවසේදී මාහට දැන ගැනීමට හැකිවූයේ මොහු ඉස්ලාම් දහම පිළිගෙන ඇති බවයි. මා ඔහුගේ ඡීවිතය තුලින් අප පවුලේ අනිකුත් පුද්ගලයන්ගේ ඡීවිත වලට වඩා විශාල වෙනසක් දුටුවේය. එබැවින් මා ඉස්ලාම් දහම ඉගෙන ගැනීමට උත්සුක වූයෙමි. මා පොතපතින්ද මාගේ අයියාගෙන්ද ඔහුගේ බිරිඳ ගෙන්ද ඉස්ලාමය ගැන ඉගෙන ගතිමි.

ඉන් අනතුරුව ඔහු අපට වෙනම නිවසක් තුල පදිංචි වීමට ඉඩ සලසා දුන්නේය. මෙයින් පසුව මා ඉස්ලාමය පිළිගැනීමට කැමති වූවද මගේ මවත් වැඩිමහල් සහෝදරියත් ඉස්ලාමයේ තිඛෙන යහපත දැන දැන එය පිළිගැනීමට මැලිකමක් දැක්වීය. ප්‍රථමයෙන් ඔවුන් මාද අධෛර්්‍යයට පත්කළ අතර පසුව මා ගත් තීරණයකට අනුව ලොව පාලනය කරන අල්ලාහ් හැර අන් දෙවියෙක් නොමැති බවත් එතුමා මේ විශ්වය මැවීමට පෙරත් සිටි අතර මේ විශ්වය විනාශ වූ පසුත් ඔහු සිටින බවත් එතුමාට මවක් පියෙක් හෝ දරුවන් නොමැති බවත් පිළිගෙන ඉස්ලාම් දහම වැළඳ ගතිමි.

මා මුස්ලිම් ආගම පිළිගත් පසු මේ ගැන මාහට හිතවත් කිතුණු යෙහෙළියකට පැවසුවෙමි. එවිට ඇය පැවසුවේ ඔබ උපතින්ම මුස්ලිම් නම් මා හට කම් නැත. නමුත් ඔබ කිතුණු ආගමේ සිට ආගම ගැන ඉගෙන ගෙන මුස්ලිම් වීම මා අනුමත කරන්නේ නැත. එවිට මා ඇයට පැවසුවේ මා කිතුණු දහම මෙන්ම ඉස්ලාම් දහමද ඉගෙන ගත් බවත් ඒ අවස්ථාවේ දී නිවැරදි දෙය තේරුම් ගැනීමට හැකිවූ බවත්ය.

ඇත්තෙන්ම කිතුණු දහමෙදී කිතු බැතියන් යේසුස් වහන්සේ(ඊසා නබි අෙලෙහිසලාම්)දෙවියන් වහන්සේගේ (අල්ලාහ්)පුත්‍රයා බවට විශ්වාස කරන අතර එතුමා දෙවි කෙනෙකු ලෙස අදහයි.

නමුත් බයිබලයේ පැරණි ගිවිසුමේ මෝසෙස්ගේ (මූසා නබි අෙලෙහිසලාම්) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ —මා හැර අන් දෙවිවරුන් තට ඇතිව නොසිටව යන්නයි˜ යේසුස් වහන්සේ(ඊසා නබි අෙලෙහිසලාම්) සැබෑ ලෙසම දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් දෙවියන් වහන්සේට(අල්ලාහ්ට) හැකිව තිබූණා අප හැර අන් දෙවිවරුන් තට ඇතිව නොසිටව යන්න ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමට එමෙන්ම බයිබලයේ සඳහන් වෙනවා ආබ්‍රහම් (ඉබ්‍රහිම් නබි අෙලෙහිසලාම්)තුමාද යේසුස් වහන්සේද(ඊසා නබි අෙලෙහිසලාම්) චර්මච්ඡේදනය කල බව නමුත් අද කිතුණු දහම තුල එවැනි දෙයක් සිදුනොවේ.

බයිබලයේ යේසු තුමා (ඊසා නබි අෙලෙහිසලාම්) පවසා තිඛෙනවා —මා පැමිණියේ ව්‍යවස්ථාව සම්පුර්ණ කිරීමට මිස ව්‍යවස්ථාව විනාශ කිරීමට නොවන බව˜

එසේ නම් අද කිතුණු සභාව තුල වනුයේ ව්‍යවස්ථාව කඩකිරීමක් බව මට වැටහුනි. ආරම්භයේදී ඉතා විනීතව අල්ලාහ්ට සතුට දනවන මාර්ගයේ ගමන් ගත් කිතුණුවන් අද ඔවුන් නොදැනම වැරදි මගකට යොමුවී ඇති බව මට හැඟණි. යේසුස් වහන්සේගේ (ඊසා නබි අෙලෙහිසලාම්) මව වන මරිය(මර්යම්) තුමියට කොටසක් ගරු කරති. තවත් කොටසක් වන්දනාද කරති. එහෙත් ඔවුන් හැඳ සිටින වස්ත්‍ර අනුව එතුමිය ජීවමානව වැඩසිටිනවා නම් පිහිට වීම කෙසේ වුවද එලවා ගනු නියතය. මෙසේ විකෘතිවූ දහමක් අදහන නූතන කිතුණුවන් ගැන මගේ හදවතෙහි නැගෙනුයේ ඉමහත් සංවේගයකි. මගේ අභිනව ආදර්ශකයාණන් වන මුහම්මද් නබි සල්ලල්ලාහු අෙලෙහිවසල්ලම් බලාපොරොත්තුව වූයේ මෙවැනි මුලාවීම කරණකොට ගෙන විනාශය කරා ගමන් කරන්නාවූ සියළුම දණන් හට නිවැරදි ජීවන මාර්ගය වන ඉස්ලාමය හඳුන්වා දීමයි. මෙලොව වසන්නාවූ සකල මුස්ලිම් වර්ගයා ගේම වගකීම සහ මෙහෙය විය යුත්තේද එයයි. නිවැරදි දහම සොයා මා පැමිණි ගමනෙන් අවසානයේදී නතරවූයේ විශ්ව දහම වන ඉස්ලාමය වැලඳ ගැනීමෙනි. ඒ සඳහා මට යහමග පෙන්වූ සර්වබලධාරී අල්ලාහ්ට දිවිහිමියෙන් නැමදුම් පුදමි. එසේම මට ඉස්ලාමය හඳුන්වා දුන් මගේ සහෝදරයා සහ නෑණාගේ අඩිපාරේ යමින් විනාශය කරා ගමන් කරන්නාවූ සියළුම දණන් හට නිවැරදි දහම වන ඉස්ලාමය හඳුන්වා දීමට දිවි හිමියෙන් කැපවෙමි.

අස්මා සිත්ති ෆර්සානා


බයිබලය-යේසුස් වහන්සේ- මෝසෙස්-මුහම්මද් නබි (සල්)

මෙය මමත් භාර්්‍යාවත් ඉස්ලාමයට ආ මුල් කාලයයි. සර්ව බලධාරි අල්ලාහ් දෙවිඳුන්ගෙන් යහ මග ලබා යන්තම් මුස්ලිමෙක් ලෙස ගමන් ඇරඹුවා පමණි. ඉස්ලාමය වෙත පැමිණෙන මුද්ගලයා මුහුණ දෙන ඊළඟ අභියෝගය නම් තමන්ගත් තීරණය හරි දෝ යන දෙගිඩියාවයි. වැරදීම මනුෂ්‍ය ස්වභාවයක් නිසා මමත් භාර්්‍යාවත් ගත් තීරණය හරි එකක් දැයි සිත දෙගිඩියාවෙන් පෙළෙන්නට වුණි. මෙසේ අප ඉස්ලාමයට පැමිණි වග අපගේ අසල්වැසියන්වත් නොදැන සිටීමට ප්‍රවේශම් වුනෙමු.

එහෙත් බළළා මල්ලෙන් එළියට පැන තිබුණි. මගේ බිරිය මටත් නොදන්වා අප ඉස්ලාමය වැළඳ ගත් බව සිය මිතුරියකට පැවසුවාය. ඇය රෝමානු කතෝලික දහමෙන් කිතු දහම වෙත හැරුණු කෙනෙකි. කලකට ඉහත ඇගේ නිවසේ යාඥා මෙහෙය සිදු කරන ලද්දේ මා විසිනි. ඇය විවාහ වී සිටින පුරුෂයා ඉතා භක්තිමත් කිතුණුවෙක් වූ අතර උපතේ සිටම කිතුණු ලබ්දිකයෙක් වූ ඔහු, බයිබලය ගැන ඉතා තියුණු දැනුමක් තිඛෙන අයෙකි.

මගේ බිරිඳ එම මිතුරියට අප ඉස්ලාමය වෙත ගිය රහස දැනුම් දුන් දා සිට සෑම දිනම රැකියාව අවසන් කර මා ගෙදර පැමිණෙන විට මගේ බිරිය අලූත් ප්‍රශ්නයක් ලෑස්තිකරගෙන සිටියාය. ඒ ඇගේ මිතුරිය සහ සැමියාගේ උපදෙස් පරිදිය. එම නිසා සෑම දිනම රාති්‍රයේ මගේ බිරිඳට මා දන්නා ඉස්ලාම් පොත් වලිනුත් බයිබලයෙනුත් කරුණු පහදන්නට මට සිදු විය. සෑම දිනම අපගත් තීරණය නිවැරදි නොවන බවට හේතුවක් ද සඳහන් බයිබල් පදයක් ඇගේ පුරුෂයා විසින් අප වෙත එවන ලදී. ඒවාට පිළිතුරු සැපයීම ඉබේම මගේ දෛනික රාජකාරි අතරට එක් විය. නමුත් කිසි දිනෙක ප්‍රශ්න ඉවරවන්නේ නැත. ඔහු ප්‍රශ්න එවයි. මම පිළිතුරු යවයි. මෙසේ සෙල්ලම දිගටම කෙරීගෙන යන්නට විය. එහෙත් කිසි දිනෙක ඔහු මා ඉදිරියේ කිසිවක් නොපවසයි. වැඩිකල් යන්නට මත්තෙන් මෙම කි්‍රයාවලිය ඔහුට එපා විය. බිරිඳ තුළ අවිශ්වාසයක් ගොඩනැගුණහොත් පවුල් ජීවිතය පවා අවදානමට ලක් වේ. ඇයට සිය මිතුරිය ආශ්‍රය නොකරන්න කියා තහංචි පැනවීම ද කළ හැක. මෙසේ දින ගණනාවකට පසු මා අකමැත්තෙන් වූවද තීරණයකට එළඹුනෙමි. ඉස්ලාමය වෙත ඒම පිළිබඳව මා ගත් තීරණය නිවැරදි බව තව පුද්ගලයෙක් ඉදිරියේ මාගේ භාර්්‍යාවට ඔප්පු කළ යුතුය. එයට මෙය කදිම අවස්ථාවකි. මා තීරණය කළේ මගේ භාර්්‍යාවගේ මිතුරියත් ඇගේ සැමියාත් සමග විවෘත සංවාදයකට එළඹීමටය. සාමාන්‍යයෙන් සංවාදයකට එළඹීමට මා හට බියක් නොතිබුනද ඔහුගේ ඉතා තියුණු බයිබලය පිළිබඳ දැනුම නිසා මා හට චකිතයක්ද විය.

කෙසේ වූවද දිනක් සන්ධ්‍යාවේ මම මගේ නිවසේ මායිම පසු කරමින් ඔහුගේ නිවස වෙත ළඟා වුනෙමි. එහි මා ඔහු සමග කළ සංවාදය අද මෙන් මතකය. ඒ නිසා එම සංවාදය එලෙසින්ම මම ඔබ වෙත ඉදිරිපත් කරමි.

මම මමත් මගේ බිරිඳත් ඉස්ලාමයට ගියා. ඒක අපි හරිදේ හොයලයි ගියේ. ඔයාට ඒ ගැන ප්‍රශ්නයක් තිඛෙනවාද?

ඔහු ඔයා ඉස්සෙල්ලාම ගිය හේතුව කියන්න. මම ඒකට උත්තර දෙන්නම්.

මම ඔහුගේ නිවසේ තිබූ බයිබලය අතට ගෙන එහි කවරයේ රන් අකුරින් ලියන ලද පාඨය පෙන්වා මේ මොකක්ද?

ඔහු ශුද්ධ බයිබලය

මම කවුද එහෙම ඉස්සෙල්ලා කිවුවේ?

ඔහු දන් නැහැ. නමුත් මේකේ එහෙම මුද්‍රණය කර තිඛෙනවා

මම බයිබලය කියන නමේ තේරුම මොකක්ද?

ඔහු නිරුත්තරය.

මම මමම කියන්නම්. බයිබලය යන නම බිබිලියෝස් යන ග්‍රීක වචනයෙන් බිඳී ආවත් එහි තේරුම පොත යන අරුතයි. මෙය නිකන් පොතක් නොවේ. පොත් 66 ක් එකතු කර හදපු පොතක් æ මෙහි මොනවද තියෙන්නේ?

ඔහු දේව වචන

මම දෙවියන් වහන්සේ කියපු වචනමද?

ඔහු ඔව්. ඒ දෙවියන් වහන්සේගේ දායාදයන් තුළින් ලියපු දෙවියන් වහන්සේගේම වචන වෙයි.

මම ඒක එහෙම නෙවෙයි කියා මම කියනවා.

ඔහු ඇයි ඔබ එහෙම කියන්නේ. දෙවියන් වහන්සේ කෝප වෙනවා ඔයාත් එක්ක.

මම ඒ කොහොමද?

ඔහු මතෙව් 5: 18-19 —සැබවක් නුඹලාට කියමි. අහසත් පොළොවත් පහව යන තෙක් සියල්ල සිදු වන තුරු ව්‍යස්ථාවෙන් එක අකුරක්වත් බිඳුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. එබැවින් මේ ආඥා වලින් ඉතා සුළු එකක්වත් කඩ නොකරන්නාවූ, කඩ කරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නාවු කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයන්හි ඉතා සුළුයයි කියනු ලබන්නේය.

මම ඒ කියන්නේ බයිබලය ගැන නොවේ. ව්‍යස්ථාව ගැනයි

ඔහු මට තේරෙන්නේ නැහැ ඔයා කියන දේ.

මම යේසුස් තුමා ඔය වචනය කියන කාලයේ බයිබලය තිබුණේ නැහැ. ඒ වෙනකොට බයිබලයේ භාගයක්වත් ලියලා තිබුනේ නැහැ. යේසුස් තුමා ඔතන ව්‍යස්ථාව කියන්නේ තෝරාහ් වලටයි. තෝරාහ් කියන්නේ දෙවියන් වහන්සේ මෝසෙස්ට දෙන ලද ව්‍යාස්ථාවටයි. බයිබලය කියලා පොත් එකතු කර පිළිගැනීමට ලක් වුණේ කි්‍ර.ව 382 දීය.

ඔහු යේසුස් වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා කියලා ඔබ පිළිගන්නේ නැද්ද?

මම නැහැ. දෙවියන් වහන්සේගේ පණිවුඩ කරුවෙකු ලෙස අපි එතුමාව ගෞරව කරනවා. ඒත් එතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොවන බවක් දෙවියන් වහන්සේට පුත්‍රයන් සිටිය නොහැකි බවත් ශ=ද්ධවූ කුර්ආනයෙහි සඳහන් වෙනවා.

ඔහු එහෙනම් ඔබ යේසුස් වහන්සේට නමස්කාර කරන්නේ නැද්ද?

මම යේසුස් තුමාට නමස්කාර කරන්න කියලා බයිබලයේවත් නැහැ.

ඔහු ඔබ එතකොට බයිබලය දෙවියන් වහන්සේගේ වචන කියා විශ්වාස කරන්නේම නැත්ද?

මම බයිබලය දෙවියන් වහන්සේගේ වචනත් මනුෂ්‍යයාගේ වචනත් මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒ නිසා යේසු තුමා මේ ලෝකෙට ඇවිත් දේශනා කරපු ආගමත් මිශ්‍ර වෙලා

ඔහු පරණ ගිවිසුමේ අනාගත වක්තෘවරු කියලා තියෙනවා යේසුස් වහන්සේ එනවා කියලාæ

මම යේසුස් තුමා ආවා. එතුමාගේ සේවය ඉවර වෙලා මේ ලෝකයෙන් ගියා. ඒත් එතුමා දෙවියන් වහන්සේගේ දූතයෙක් (වක්තෘවරයෙක්) පමණයි.

ඔහු එහෙම නම් යේසුස් වහන්සේ ගැන පරණ ගිවිසුමේ අනාගත වක්තෘන් කියලා තියෙන දේවල් බොරුද?

මම බයිබලයේ මුල් පොත් පහෙන් යේසුස් තුමා ගැන පදයක් ගෙන මට පෙන්වන්න.

ඔහු ද්විතීය කථාව 18: 18 —මම ඔවුන්ගේ සහෝදරයාගෙන් නුඹ සමාන අනාගත වක්තෘ කෙනෙකු ඔවුන්ට නැගිටුවා දී මගේ වචන ඔහුගේ මුඛයේ තබන්නෙමි. මා ඔහුට අණ කරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය˜

මම එහෙනම් යේසුස් තුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙන්නේ කොහොමද? මෙතන කියන්නේ අනාගත වක්තෘ කෙනෙක් ගැනනේ. නමුත් මෝසෙස් මෙතන කථා කරන්නේ යේසුස් තුමා ගැන නෙමෙයි.

ඔහු එහෙනම් කා ගැනද?

මම මෝසෙස් මෙතන කියන්නේ මම වගේම තව අනාගත වක්තෘවරයෙක් එනවා කියලයි. මෝසෙස්ගේ සේවයට සමාන එකම අනාගත වක්තෘවරයා මුහම්මද් නබි (සල්) තුමායි. එය බයිබල් විශාරදයන් වුනත් පිළිගන්නවා. මෙතන දෙවියන් වහන්සේ මාගේ වචනය ඔහුගේ මුඛයේ තබන්නෙමි කියනවා. මෙතන දෙවියන් වහන්සේ මුහම්මද් නබි (සල්) තුමාගේ මුඛයේ වචනයක් තැබුවා. ඒ ශ=ද්ධවූ කුර්ආනයයි.

ඔහු එහෙනම් දෙවියන් වහන්සේ මෙතන කියන්නේ මුහම්මද් ගැනද?

මම ඇත්ත වශයෙන්ම ඔව්. මෝසෙස් වගේම මුහම්මද් නබි (සල්) තුමාත් දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටියා. එම වෙහෙසේ ප්‍රතිඵලයක් හැටියට අද ලෝකයේ කෝටි 130 ක් පමණ මුස්ලිම් වරු ඉන්නවා. ඔවුන් දිනකට පස් වතාවක් දෙවියන් වහන්සේ නමස්කාර කරනවා. කිසිම බලපෑමක් නැතිවුනත් මුළු ලෝකයේම කි්‍රස්තියානි ආගමේ වර්ධනයට වඩා දෙගුණයක වර්ධන වේගයෙන් ඉස්ලාමය පැතිරෙනවා.

ඔහු සහෝදරයා එහෙනම් ඔබ ඔබගේ පාරේ යන්න. මම මගේ පාරේ යන්නම්.

මම කමක් නැහැ. නමුත් ඔබට ඔබේ පාරේ බොහෝ දුරට යා ගත නොහැකියි. මන්ද, ඔය පාර එකතැනකම කැරකෙන පාරක්. ඉදිරියට යන්න ඕන නම් කවදාහරි ඔබත් ඉස්ලාමය වැළඳ ගන්න. මෙම සංවාදයෙන් පසු ඉස්ලාමය වෙත පැමිණීම පිළිබඳව මා සිත තුළ තිබු දෙගිඩියාව පහ වීම පිළිබඳව සර්ව බලධාරි අල්ලාහ්ට ප්‍රශංසා කරමි.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.

සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා

කෙනෙකු මෙම විශ්වය, විශ්වයෙහි පවතින සුවිශාල නිර්මාණයන් කෙරෙහි තමන්ගේ අවධානය යොමුකළ විට මේ සියල්ල යම් සැලැස්මක් මත නිර්මාණය කරනු ලැබු බව අවබෝධ කරගනි. ශුද්ධවූ අල්කුර්ආනය එය මෙසේ සඳහන් කරයි.

—ඔබලා කල්පනා නොකළේද? සත්‍ය කාරණයකට මිස අල්ලාහ් අහස් හා පොළෝ නිර්මාණය නොකළේය.˜ (ශු කුර්ආන් 14: 19).

තවත් ස්ථානයක: —ඔවුන් අල්ලාහ් පිළිබඳ සිටගෙන සිටින විටත්, වාඩිවී සිටින විටත්, හාංසිවී සිටින විටත් සිහිපත්කරයි. තවද අහස් හා පොළෝ නිර්මාණයන් පිළිබඳ කල්පනාකරයි. හිමියනි. මේ සියල්ල ඔබ නිකමට නිර්මාණය නොකළේය ඔබ සුවිශුද්ධයි නිරයේ ගින්නේ ද~ුවමෙන් ද අපව ආරක‍ෂා කරනු මැන˜ යැයි ඔවුන් පවසයි.˜ (ශු කුර්ආන් 3: 191).

ලෝකයේ පවතින සියල්ල යම් ශක්තියකට බලයකට අවනතවී කි්‍රයාත්මක වෙයි.

මෙසේ මෙම විශ්වයෙහි සියල්ල ඔහුට අවනත වී ජීවත්වන විට බුද්ධිය කල්පනා කිරීමේ ශක්තිය ඇති මිනිසා පමණක් තමන් මවනු ලැබු එම අරමුණ නොදැන ජීවිත්වීම ඉතා කණගාටුදායක තත්ත්වයකි.

මිනිසා නිර්මාණය කරනු ලැබුවේ කුමක් සඳහාද යන අරමුණ ශුද්ධවු කුර්ආනය පැහැදිළි කරයි. —මා ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මාහට අවනත වීමට මිස නිර්මාණය නොකෙළෙමි˜ (ශු කුර්ආන් 51: 56).

තවත් සථානයක: —මරණය හා ජීවිතය නිර්මාණය කළේ ඔබලා අතුරින් කව්රුන් යහපත් කි්‍රයාවන් කර ශ්‍රද්ධාවන්ත පුද්ගලයන්වන්නේ යනු පර්්‍යයේෂණය කිරීම සඳහාය.˜ (ශු කුර්ආන් 67: 02).

මෙම විශ්වයෙහි ඉතා ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වන මිනිසා තමන්ට වඩා සෑම අතින්ම පහත් දේට වන්දනා මාන කරමින් සිටී. උදාහරණයට: ප්‍රතිමාවන්, ගස්, ගල්. ගින්න, ජලය, ඉර, හඳ, තාරකා, සාගරය, පෘතුවිය, ගවයා. තීක‍ෂණ බුද්ධියක් ඇති මිනිසා වෙනත් සියළු මිථ්‍යා විශ්වාසයන්ගෙන් මිදී අල්ලාහ්ට පමණක් අවනත වී ජීවත්විය යුතුයි. ලෝකයේ බහුතරයක්ම තමන් විසින් ඇතිකරගත් පිළිමයන්ට ප්‍රිතිමාවන්ට ගස්, ගල් ආදි දේට වන්දනා මාන කරති.

මෙම විශ්වයේ එකම නිර්මාතෘවරයා වන අල්ලාහ්ට පමණක් කෙනෙකු වන්දනා මාන කර ඔහුට පමණක් අවනතවී ජීවත්වන විට ඔහු —මුස්ලිම්˜ වශයෙන් හඳුන්වනු ලබයි. මෙම නාමය කෙනෙකුට ලැඛෙන්නේ අල්ලාහ්ට අවනතවී ජීවත්වන විට පමණයි. මිනිසා වෙනත් සියළු මිථ්‍යා විශ්වාසවලින්, මනඃකල්පිත දේවලින් මිදි, මුළුමනින්ම අල්ලාහ් දෙසට හැරෙන විට ඔහු මුස්ලිමෙකු වේ. කෙනෙකුගේ දෙලොව යහපත සඳහා අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ. ශුද්ධවූ අල්කුර්ආනය එය මෙසේ පවසයි:

—කව්රුන් ඉස්ලාම් හැර වෙනත් මගක් පිළිගනීද එය අල්ලාහ් ඉදිරියේ නොපිළිගැනේ. ඔහු විනිශ්ච දිනයෙහිදි පාඩු විදින්නෙකුද වේ˜ (ශු කුර්ආන් 3: 85).

මුස්ලිමෙකු වශයෙන් ජීවත්වෙන්නට කැමතිවන්නා අවංක සිතින් පහත සඳහන් පොරොන්දුව ගත යුතුයි: —අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහු, වඅෂ්හදු අන්න මුහම්මදර් රසුලූල්ලාහ්.˜ (යාඥා කරනු ලැබීමට එකම සුදුස්සා අල්ලාහ් හැර වෙනකිසිවෙකු නැත, තවද මුහම්මද් අල්ලාහ්ගේ ශාස්තෘවරයා බවත් මා ප්‍රතිඥා දෙමි.) මෙය කෙනෙකු අවංකව ප්‍රකාශ කළ විට ඔහු මුස්ලිමෙකු වේ. ඔහු දුන් මෙම ප්‍රතිඥාවට අබමල් රේණුවක තරම්වත් පටහැනිව ජීවත් නොවිය යුතුයි. අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන, නීති සම්පාදනය කිරීමේ බලය අල්ලාහ්ට පමණක් ඇති බව විශ්වාසය කර, යාඥාවන් තුළින් ඔහුගේ ඒකීයත්වය ස්ථාපිත කළ යුතුයි. අල්ලාහ්ට හැර වෙනත් කිසිවෙකුට කිසි දෙයකට දේවත්වය ඇති බව සිතීම හෝ දේවත්වයෙහි කොටසක් ඇති බව සිතීම හෝ බලවත් වරදකි.

අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබන කෙනෙකු ඔහු එකම දෙවියන් බවත්, ඔහුට කිසිදු අවශ්‍යතාවක් නැති බවත්, ඔහු උපත ලැබුවේද ඔහු දාව කව්රුත් උපතලැබුවේද නැත. ඔහුට සමානව කිසිවෙකු නැති බවත්, මනුෂ්‍යයින්ට ඇති සියළු දුර්වලතාවන්ගෙන් ඔහු සුවිශුද්ධ බවත් විශ්වාසකළ යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි අල්ලාහ් මෙසේ පවසයි: —අල්ලාහ් හැර ඔවුන් ප්‍රාර්ථනා (වන්දනා මාන) කරන දේ කිසිදෙයක් නිර්මාණය නොකළේය, තවද ඔවුන් නිර්මාණය කරනු ලැබුවන්ය. ඔවුන් ජීවතුන් අතර නොමැති මළවුන්ය, ඔවුන් යළි නැගිට්ටුවනු ලබන්නේ කෙදිනක යැයි ඔවුන් නොදන්නේය.˜

(ශු.කුර්ආන් 16: 20, 21).

—අල්ලාහ් හැර ඔබ ප්‍රාර්ථනා (වන්දනා මාන) කරන දේ ඔබලා මෙන් දාසයන්ය. ඔබලාගේ ප්‍රකාශයෙහි ඔබලා සත්‍යවන්තයින් නම් ඔබගේ කන්නලව්වට ඔවුන් පිළිතුරු දිය යුතයි.˜ (ශු කුර්ආන් 7: 194).

—අල්ලාහ් හැර ඔබලා ප්‍රාර්ථනා කරන දේ ඔබලාට පිහිටවීමට නොමැති දේවල්ය, තවද ඔවුන් තමන්ට පවා පිහිටවීමට නොහැකිය.˜ (ශු කුර්ආන් 7: 197).

නිර්මාතෘවරයාට පමණක් යාඥා කිරීමටත් ඔහු ඉදිරියේ පමණක් ප්‍රාර්ථනා කිරීමටත් අණකරන ඉස්ලාම්, නිර්මාණයන් ඉදිරියේ වැඳ වැටීම මුළුමනින් තහනම් කරයි. අල්ලාහ් කෙරෙහි මුළුමනින් විශ්වාසය තබා ඔහු විසින් එවනු ලැබූ අවසන් ශාස්තෘවරයානන් මුහම්මද් නබි (සල්) තුමන් අනුගමනය කරමින් ජීවත්විය යුතුයි. එතුමන් මෙම මිහිතලය මත අවුරුදු හැට තුනක් ජීවත්වුනේය. එතුමන්ගේ හතළිස් වැනි වියෙහිදි අල් කුර්ආනය අනාවරණය වීමට ඇරඹීමත් සමග එතුමන් ශාස්තෘවරයෙකු බවට පත්විය. එතුමන්ගේ අවසන් අවුරුදු විසි තුන හැම මුස්ලිමෙකු විසින් අනුගමනය කළ යුතු කාලයයි.

ඉන් පසු ඔහු දිනකට පස්වතාවක් සලාතය ස්ථාපිත කිරිම අනිවාර්්‍ය වෙයි. එම සලාතයන් නියමිත වේලාවන් හීදි ඉටු කළ යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි:

—නියත වශයෙන්ම සලාතය විශ්වාසවන්තයින් හට නියමිත වේලාවන්හීදි ඉටුකළ යුතු අනිවාර්්‍ය යාඥාවකි˜ (ශු කුර්ආන් 4: 131).

සලාතය යනු දාසයෙකු අල්ලාහ් හමුවන, ඔහු සමග කථා බහ කරන ඉතා වැදගත් අවස්ථාවකි. මෙම වටිනා උතුම් අවස්ථාව කෙනෙකුට ලබාගත හැකිවන්නේ සලාතය තුළිනි. වරක් මුහම්මද් නබි (සල්) තුමාණන් පවසන විට

—දාසයා තම හිමියන්ට ඉතා සමීපව සිටින අවස්ථාව නම් ඔහු සලාතයෙහි තම නළල පොළොව මත තබන (සජ්දා) අවස්ථාවයි. එවිට ඔබ අධිකලෙස ප්‍රාර්ථනාවන්හි නියැලෙන්න.˜

කෙනෙකු සලාතයට අවතීර්ණවෙන්නට පෙර තම සිරුරෙහි සමහර පෙදෙස් දෝවනය කර ගත යුතුයි. දෝවනයෙන් තොර සලාතය නොපිළිගැනේ.

අවසන් විනිශ්ච දිනයෙහිදි කෙනෙකුගේ යාඥාවන් අතුරින් ප්‍රථමයෙන් ප්‍රශ්න කරනු ලබන්නේ ඔහුගේ සලාතය පිළිබඳවයි. සලාතය නිවැරදි නම් ඔහුගේ අන් සියළු කි්‍රයාවන් යහපත් වනු ඇත. සලාතයෙහි අඩු පාඩුකම් ඇති වූ විට ඔහුගේ සෙසු සියළු කි්‍රයාවන්හි අඩු පාඩු ඇති වේ.

සලාතය තුළින් අල්ලාහ් අපේක‍ෂා කරන්නේ කුමක්ද? —නියත වශයෙන්ම සලාතය කෙනෙකුව වැරදි, නීච කි්‍රයාවලින් වළක් වයි.˜ (ශුකුර්ආන් 29: 45).

මෙයයි කෙනෙකු සලාතය තුළින් ලබාගත යුතු පන්නරය. සලාතය ස්ථාපිත කිරීම තුළින් සමාජයෙහි යහපත් පුරවැසියන් බිහිවිය යුතුයි යන්න අල්ලාහ් අපේක‍ෂා කරයි. සලාතය ස්ථාපිත කරන කෙනෙකු එය අල්ලාහ්ට බියවී ඉටු කරයි. එම බිය ඔහුගේ ජීවිතයේ වෙනත් හැම අවස්ථාවකදීම රඳා පැවතිය යුතුයි. පිරිමීන් එම සලාතය සමූහව ඉටුකළ යුතුයි.

කෙනෙකුගේ උරහිස සමග තවත් කෙනෙකෙගේ උරහිස ගැටී එකම පෙළක සිට සමූවහ දිනකට පස් වතාවක් මෙම සලාතය කෙනෙකු ඉටුකරන විට මට වඩා අන් අය පහත් යන හැගීම ඔහුගේ සිතෙන් පහවී යයි, ඒ වගේම මිනිසුන් අතර සමානත්මතාවය, එකමුතුකම, අන් අයගේ ඕනෑ ඒපාකම් සොයා බැලීමට මෙය හේතු කාරණා වේ.

සකාත් හෙවත් ශුද්ධකාරක බද්ධ.

මෙය මිළ මුදල් සම්පත්වලට හිමිකම් කියන්නන්  අවුරුද්දකට වරක් තමන්ගේ මිළ මුදල්වලින් සියට දෙකහමාරක් ගණන් බලා ගෙවිය යුතුයි. මෙය මිනිස් සමාජය තුළ නියමාකාරයට ඉටු වෙයි නම් දුප්පත් අසරණයින්ගේ සංඛ්‍යාව බොහෝ දුරට අවම කරන්නට ඉඩ තිබිනි. නමුත් අවසනාවන්තවාට මෙන් බොහෝ අය මෙයට වැරදි අර්ථකථනයන් දී රුපියලක් දෙකක් යාචකයන්ට දී මෙයයි සකාත් බද්ධ කියා සිතාගෙන සිටිති මොවුන් අල්ලාහ්ව මංමුළාකරන්නට උත්සහ කරති, නමුත් ඔවුන්ම ඔවුන්ව මංමුළා කරගනිති. සකාත් නම් එම උසස් යාඥාවෙන් ඉස්ලාම් අපේක‍ෂා කරන්නේ කුමක්ද?

—ශාස්තෘවරයානනි, ඔවුන්ගේ මිළ මුදල්වලින් බද්ධ අයකරගන්න ඔවුන් පරිශුද්ධකරන්න˜ (ශු කුර්ආනය 9: 103).

සකාත් (ශු,ද්ධකාරක) බද්ධ, ඇති නැති පරතරය සමාජයෙන් තුරන් කිරීම සඳහා ඉස්ලාම් යෙදු ඉතා උසස් වැඩපිළිවෙලකි. මිනිසා හැම තප්පරයකම සිහිපත් කළ යුතු ඉතා වැදගත් කරුණක් නම්, මට මෙම මිළ මුදල් සම්පත් අල්ලාහ් විසින් පිරිනැමුනු දයාදයන් මට ඔහු කෙසේ මිළ මුදල් වියදම් කරන්නට අණ කරන්නේද එම යහපත් මාර්ගයෙහි එය වියදම් කළ යුතුයි. වත්මන් සමාජයෙහි සොරකම, කොල්ලකෑම් වැඩිවීමට මෙම සකාත් නම් ශුද්ධකාරක බද්ධ නිසිලෙස ගණන් බලා නොගෙවීමත් හේතුවක් වෙයි.

අවසන් විනිශ්ච දිනයෙහි හැම කෙනෙකුම ප්‍රශ්න හතරකට පිළිතුරු සැපයිය යුතුයි. එම ප්‍රශ්නවලට පිළිතුරු නොදි ඔවුන්ගේ දෙපා සෙළවීමට පවා නොහැකිය. එම ප්‍රශ්න අතුරින් එකක් නම්: ඔබ මුදල් ඉපැයුවේ කෙසේද? එය වියදම් කළේ කෙසේද?

රමලාන් මස උපවාසයෙහි යෙදීම.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ කියයි: —විශ්වාසවන්තයිනි, ඔබට පෙර සිටි සමාජයන්ට උපවාසය අනිවාර්්‍ය කළාක් මෙන් ඔබටත් උපවාසය අනිවාර්්‍ය කර ඇත. ඒ තුළින් ඔබ බිය බැතියන් විය හැක˜ (ශු අල්කුර්ආනය 2: 103).

අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් නබි (සල්) තුමන්ගේ ප්‍රකාශය ද මෙය පැහැදිළි කරයි: —කව්රුන් අසත්‍ය කථා කිරිමෙන් ඒ අනූව කි්‍රයා කිරිමෙන් නොවැළක්වුනේද ඔහු කුසගින්නෙන් හා පිපාසයෙන් පසුවීමෙන් අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවක් නැත.˜

ඉහත සඳහන් කළ කුර්ආන් වාක්‍යයෙන්, නබි වදනින් තහවුරු වන ඉතා වැදගත් කරුණ නම් කෙනෙකු කුසගින්නෙන් හා පිපාසයෙන් පසුවීම පමණක් මෙහි අරමුණ නොවේ. ඒ වෙනුවට ඔහු වැරදි ක්‍රියාවන්ගෙන්, පහත් ලෙස හැසිරිමෙන් වැලකී සිටිය යුතුයි. ඔහු කෙසේ අල්ලාහ්ට බියවී ආහාර පාන ගැනීමට අවස්ථාව තිබියදීත් එයින් ඈත්වී සිටියේද, එලෙසම වැරදි කි්‍රයාවන් කිරිමට, අන් අය මුලාකිරිමට, අන් අයට හිංසා පීඩා කිරිමට සිතන හැමවිටම ඒ විශ්වාසය ඔහු තුළ පැවතිය යුතුයි. උපවාසය අනිවාර්්‍ය කළ අල්ලාහ් දෙවියන් අපෙන් අපේක‍ෂා කරන්නේ මෙම උතුම් ගුණාංගයන් අප තුළ පිහිටිය යුතු යන්නයි.

උපවාසයෙහි වැදගත්කම: —කව්රුන් විශ්වාසයෙන් යුතුව යහපත් ප්‍රතිඵල අපේක‍ෂා කරමින් උපවාසයෙන් පසුවෙයිද ඔහුගේ පෙර කළ සියළු පාපයන් කමා කරනු ලැබේ˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ.

හජ් කර්තව්‍ය.

ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන්වෙයි: —එම නිවසෙහි අල්ලාහ් වෙනුවෙන් හජ් ඉටු කිරීම එහි ගොස් ඒමට ශක්තයි ඇති අයට අනිවාර්්‍ය වේ˜. (ශු.කුර්ආනය 3: 98). කායිකව හා මුදල්මය වශයෙන් හැකියාව ඇති අය ජීවිතයේ එක් වතාවක් හජ් ඉටු කිරීම අනිවාර්්‍ය වේ.

—වැරදි ලෙස නොහැසිරි, පාපිෂ්ට කි්‍රයාවන් නොකර කව්රුන් අල්ලාහ් වෙනුවෙන් හජ් ඉටුකළේද ඔහු එදින උපත ලද් දරුවෙකු සේ යළි පැමිණෙන්නේය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. ඔහුගේ සියළු පාපයන් සමාකරනු ලැබේ, ඔහු පරිශුද්ධ වන්තයෙකු බවට ද ප්තවෙයි.

—පිළිගත් හජ් කර්තව්‍යයට ප්‍රසාදය ස්වර්ගය මිස නොමැත˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. කුමන දේශයට අයත් අය විය හැක, කුමන භාෂාවන් කථා කරන්නන් විය හැක, කුමන වර්ණයෙන් යුත් අය විය හැක හැමෝම එක හා සමානව සුදු ඇදුමකින් සැරසි යාඥාවන්හි නිරතවන එම ස්වර්ණමය අවස්ථාව හජ් කර්තව්‍ය තුළින් ලෝකවාසි ජනතාවට ඉස්ලාම් උදාකර දෙයි. විද්‍යාව තාක‍ෂණය දියුණුවුනු මෙවන් යුගයක පවා පංති භේදයන්, කුල භේදයන්, වර්ණ භේදයන් සමාජයෙන් මුලි නුපුටා දැමීමට නොහැකි අවස්ථාවක ඉස්ලාම් මෙම සියළු භේදයන් අතුගා දමා සමානත්මතාවය මුළු ලෝකයාටම හජ් කර්තව්‍ය තුළින් ඔප්පුකරයි.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —මනුෂ්‍යයිනි, අපි ඔබව එක් පිරිමියෙකුගෙන් හා එක් කාන්තාවකගෙන් නිර්මාණය කළෙමු.˜ (ශු,කුර්ආනය 49: 13).

අවසන් ශාස්තෘවරයානන් වරක් මෙසේ පැවසූහ: —අරාබ් ජාතිකයාට අරාබි නොවන්නාට වඩා කිසිදු උත්තරීතර භාවයක් හිමි නොවන්නේය.˜ මෙම සියළු ප්‍රකාශයන් වචනයට පමණක් සීමා නොකර එය ප්‍රයෝගීකව ඉටු කිරීමක් වශයෙන් ඉස්ලාම්හි යාඥා ක්‍රම පවති. සලාතය අනිවාර්්‍ය කළ ඉස්ලාම් එය සමූහව ඉටු කිරීමට අණ කිරීම තුළින් සමාජ භේදයන් වනසා සමානත්මතාවය තහවුරු කරයි. ඒ වගේම හජ් කර්තව්‍ය තුළින් මුළු ලෝකවාසි ජනතාව අතරම මෙම සමානත්මතාවය ඇතිකිරීමට වෙරදරයි.

සහෝදරයාæ සහෝදරිය. ඉස්ලාම් නියමිත භාෂාවකට හෝ දේශයකට හෝ කුලයකට හෝ වර්ණයකට හෝ අයිති ආගමක් නොවෙයි` එය මුළු මානව සංහතිය වෙනුවෙන් දායාද කරනු ලැබු ජීවන සැලැස්මකි.

ඉස්ලාම්හි උපතින් වර්ණයෙන් භාෂාවෙන් කුලයෙන් කෙනෙකු උසස්වීමට හෝ පහත්වීමට නොහැක.

ඉස්ලාමය තුළ සර්ව බලධාරි දෙවියන් අතර හා මනුෂ්‍යයින් අතර කිසිදු තැරැව්කරුවෙකු හෝ මැදිහත්කරුවෙකු නොමැත. තවද කිසිදු ජ්‍යෙතිෂ්‍යවේදියෙකුට හෝ ශාස්ත්‍රකාරයෙකුට මංමුළා කිරීමට ඉඩ ප්‍රස්තාව නැත.

ඉස්ලාම්හි ඒකීය දෙවියන් ඉදිරියේ හැර වෙන කිසි කෙනෙකු ඉදිරියේ වෙන කිසි දෙයක් ඉදිරියේ තමන්ගේ ආත්ම ගරුත්වය කෙලෙසන ආකාරයට වැඳ වැටීමට හෝ හිස නමා ආචාර කිරීමට හෝ නොහැක. වැඳ වැටීම සිරස නමා ආචාර කිරීම ඇතුළු සියළු ගරු කිරීම් එකීය දෙවියන්ට පමණක් හිමිය. මෙය ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්තියකි.

ඉස්ලාමීය සියළු නීති රීතින් බුද්ධි ගෝචරය. ඉතා ඥානාන්විතයæ කාලෝචිතයæ සැමටම ගැලපෙන්නේය. පිළිපැදීමට පහසුයæ සෑම කලකටම ගැලපෙන්නේය,ශත වර්ශ දා හතරක් ගෙවී ගියද කිසිදු සංශෝධනයක් අල්-කුර්ආනයේ හෝ ඉස්ලාමීය නීති රීතින්වල සිදු නොවීය. එවැනි අවශ්‍ය තාවක්ද මතු නොවීය.

මිනිසා උපත පටන් මරණයට පත්වන තෙක් මුහුණදෙන්නාවූ සියළු අර්බුදයන්ට නියම ආකාරයට ඉස්ලාම් පිළිතුරු සපයයි. මිනිසා තමන්ගේ ආත්ම ගරුත්වය රකිමින් හිතට එකඟව ජීවත්වීමේ මාර්ගය විවර කරයි. එම නිසා ඉස්ලාමයේ ඉගැන්වීම් නියම ආකාරයට දැන හඳුුන ජීවිතයට පරිවර්තනය කරගැනීමට ප්‍රමාද නොවන්න.

සකස් කිරීම: අබූ අස්මා

විද්‍යාව කොපමණ දියුණු වූවද ලෞකීක ජීවිතයේ තෘප්තිය උදෙසා

නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නීතිය ඉදිරියේ සැවෝම සමයැයි, මිනිසා කොපමණ මොර දුන්නත් මිනිසා විසින් නිර්මාණය කරන්නාවූ ව්‍යවස්ථාව තුළ එම ව්‍යවස්ථාවේ නිර්මාතෘන් ආවරණය නොවීම නව ලොවේ සුලභ දර්ශනයකි. කිසියම් සිද්ධියකදී සාමාන්‍ය පුරවැසියාට නීතිය කි්‍රයාත්මක කළ හැකි වූවද, රටේ ප්‍රධානින් කෙරෙහි නීතියේ දැල එලීම එතරම් පහසු නොවේ. එහෙයින් නීතිය ඉදිරියේ මිනිසුන් සියල්ල සමාන යන්න, මිනිසාට වඩා උසස් ශක්තියක් එම නීතිය සම්පාදනය කළ යුතු නොවේද? මින් පෙනෙන්නේ මිනිසා තම දෑතින් නීති සම්පාදනය කිළිටි කිරීම තුළින් තම සහෝදර මිනිසාට කොතරම් අසාධාරණයක් සිදුකර ඇත්ද?

තවද ඉස්ලාම් මිනිසාව තම ජීවිතයට ඇති ලොල් බවින් මුදවාලන්නේ ය. තම ජීවත්වීමේ ආශාවම මිනිසා ඒකාධිපතියන් පැසිස්ටවාදීන් හමුවේ දණ නැමීමට හේතුව ලෙස දක්නා ඉස්ලාම් අයුක්තියට අසාධාරණයට එහෙරහිව දිවි හිමියෙන් සටන් කිරීමට මිනිස් සමාජයට උගන්වා දේ. එය වනාහි මිනිස් සංහතිය වෙනුවෙන් කරන්නාවූ උදාර පුණ්‍ය කර්මයක් ලෙස ද දෙසයි. මෙය වනාහි මානව සංහතියට ඉස්ලාම් දුන් උසස් දායදයකි.

ඉස්ලාම් මිනිසාව ඔහුගේ පහත් හා මිලේච්ඡ හැඟීම් වලින් මුදවාලන්නේය. මිනිසා කොම්පියුටර් හෝ ඩිජිටල් යුගය දක්වා කොතරම් බාහිරව දියුණු වූවද, මිනිසාගේ සැබෑ සංවර්ධනය වනාහි තම තිරිසන් හැඟීම් තමා පාලනය තබා ගන්නේද? නැත්නම් ඊට වහල් වී තම සිතැඟි පරිදි කි්‍රයා කරන්නේ ද? යන්න තීරණය කිරීම මත වේ. ඔහු තවදුරටත් තම පහත් ආවේගයන්ට වහලෙකු වී සිටින්නේ නම් එහි අර්ථය මිනිසා දියුණු වී නොමැත යන්නයි. බාහිර වශයෙන් මිනිසා අඟහරු තරණය කළද එය එතරම් සැළකිය යුතු දෙයක් නොවේ. මෙය වනාහී ඉතිහාසගත සත්‍යයකි. ලෞකීක ජීවිතයේ තෘප්තිය උදෙසා පමණක්ම කි්‍රයා කළ කුමන සමාජයක් හෝ මේ ලොවේ බලය, අධිකාරය, ගෞරවය රැකගෙන මිනිස් සමාජයේ උන්නතියට හවුල් වී නොමැති බව පෙනීයයි. ගෞරවනීය ලෙස ජීවත් වූ ග්‍රීක අධිරාජ්‍යයට වූ ඉරණම කුමක්ද? රෝම රාජධානියේ වැටීමට හේතුව, පර්සියානු අධිරාජ්‍යයාගේ වැටීමට හේතුව ඉතිහාසයේ යම් අවස්ථාවක ශරත්වය විදහා දක්වනු ලැබූ ප්‍රංශ අධිරාජ්‍යයා තම කාම සුඛළ්ලිකානු ජීවන රටාව හේතුවෙන් දෙවන ලෝක මහා යුද්ධයේදී, සතුරා වෙත එක පහරින් යටත් වූයේ නැද්ද? වීරත්වයේ ගෞරවයෙන් පිදුම් ලද ජනතාවක් සතුරා ගෙන් තම රට බේරා ගැනීම වෙනුවට තම සරාගී දහනේ කේන්ද්‍රස්ථානය වූ පැරිසිය බේරා ගැනීමට කි්‍රයා කළේ නැද්ද?

ඇමෙරිකාවද, මීට දෙවැනි නොවේ. විද්‍යාව කොපමණ දියුණු වූවද, ඒ මගින් මිනිසාගේ ස්වාභාවික හැඟීම් වෙනස් කළ නොහැකිය. විද්‍යාව වනාහී අල්ලාහ්ගේ නීතියෙහි අල්ප මාත්‍ර වූ කොටසකි. ඇමෙරිකාවේ විශාල භූමි භාගයක් හා බාහිර දියුණුවක් ලබා තිබුණද සදාචාරත්මක ලෙස කාන්තාරයක් බවට පත්ව තිඛෙන්නේය. වර්ණ වාදය, මෙහි කලූ ජාතික ජනතාවට කරන්නාවූ තාඩන පීඩන, තවද එහි මිලෙච්ඡ හැඟීම් වල උල්පත මත්ද්‍රව්‍ය ඒ ආශ්‍රිත අනාචාරය මේ නිසා ඒඩ්ස් රෝගයේ ව්‍යාප්තිය.

නව ලෝක රටාවක් හඳුන්වාදෙන ඇමෙරිකාවේ වර්ණ වාදය කොතරම් දුරට මුල් බැසගෙන තිබේදැයි විටින් විට ඇති වන්නාවූ වර්ණවාදී කෝලාහලවලින් දිස්වේ. තවමත් ඇමෙරිකානුවන් වහලූන් ලෙස කළු ජාතීන්ව සැලකීම මොවුන්ගේ පහත් සිත නොවේද? තව දුරටත් ඇමෙරිකානු නීතිඥයින් පවසන්නේ කුමක්ද යත්?

—කළු ජාතිකයින් ඇමෙරිකාවේ සම්පත්ය, ඔවුනට මිනිස් අයිතිවාසිකම් ලැබේද යන්න සැලකීම අපේ කාර්යය නොවේ.˜

මේ වූ ආකාරයට ඇමෙරිකාවේ පමණක් නොවේ. ඔස්ටේ්‍රලියාවේ සිට බටහිර යුරෝපයේ සිට ආසියානු මහද්වීපය දක්වා වර්ණයේ, ජාතියේ, ලිංග භේදයේ නාමයෙන් (ඉස්ලාම්හි කාන්තා විමුක්තිය පිළිබඳ වෙනම ග්‍රන්ථයක් සකස් වේ.) 21 වන සියවසදීත් මිනිස් සමාජය තුළ පුහු සීමාවන් පනවාගෙන ඇණ කොටා ගැනීම කොතරම් අඥාණ කි්‍රයාවක් ද?

මිනිසාව මිනිසා පහත් කොට සැලකීම ආරම්භවන්නේ කොතැනින් ද?

මා උසස්ය: නුඹ පහත්ය: මා පාලකයාය: නුඹ පාලිතයාය: මා මේ ජාතිකයාය: නුඹ අර ජාතිකයාය: මා සුදු ජාතිකයාය: නුඹ කලූ ජාතිකයාය: යන වෙනස්කම් හා ඒ යටතේ නැගෙන්නා වූ උසස් හැඟීම් තමා වැනි මිනිසුන්ව පහත් කොට සැලකීමට, අගෞරව කිරීමට පොළඹවන්නේය.

මෙවන් ආකාරයට මානව සංහතිය ඛෙදා වෙන් කරන්නාවූ පුහු ප්‍රලාපයන් තුරන් කිරීමට කරුණාවෙන්, සහෝදරත්වයෙන් වෙලීමට ගතයුතු පියවර කුමක්ද?

මේ සඳහා මිනිසාගේ චින්තනයේ හා ආකල්පවල වෙනසක් සිදුවිය හැක. මිනිසුන් සියල්ලන්ම අල්ලාහ් විසින් මවා ඇත. ඔහුගේ දෘෂ්ටියට සියල්ලන් සමානය, මුළු මානව සංහතියම එකම පුරුෂ, ස්ත්‍රී, මූලයේ සිටම නිර්මාණය කළේය. ජාතිය, දේශය, වර්ණය, භාෂාව යන්න උස් පහත් බව මැනීමේ ඒකක නොවේ. මේ වෙනස් කම් සියල්ල එකිනෙකා හඳුනා ගැනීමේ ආධාරක මිස, අඩ දබර කර ගැනීමේ සාධක නොවේ…. විනය ගරුත්වය, සදාචාරය, භය භක්තිය ඇති අය අල්ලාහ් වෙත උසස් වන්නේය. ඔවුන් තම සෑම කි්‍රයාවක් කෙරෙහිම අල්ලාහ් වෙත වගකිව යුතුය.

මෙවන් චින්තනයන් කිසියම් මිනිසෙකු සිතේ තැන්පත් වූ විට ඔහු අන් මිනිසුන් කෙරෙහි පහත් හා නින්දිත ආකාරයට නොබලයි. ස්වභාවයෙන් අන් මිනිසුන් කෙරෙහි කරුණාව, දයාව දක්වයි.

නව සියවසේ ජාති, දේශ, වර්ණ වැනි සීමාවන්ගෙන් තොරව ජාත්‍යන්තර මුස්ලිම් ප්‍රජාව සහෝදර බැම්මෙන් එක්කර ඇත්තේ මේ ආකළ්පයයි. මේ චින්තයන මානව සමාජය පිළිගැනීමට හා කි්‍රයාත්ම කිරීමට ඉස්ලාම් අවශ්‍ය නොවේද?

මුහම්මද් නබි (සල්) තුමාණෝ පැවසූහ: —ආරාබි ජාතිකයින්, ආරාබි නොවන්නන්ට වඩා ද, කළු ජාතිකයින් සුදු ජාතිකයින්ට වඩා ද සුදු ජාතිකයින් කළු ජාතිකයින්ට වඩා ද උසස් නොවේ. අල්ලාහ් වෙත උසස් පුද්ගලයා භක්තිය ඇති පුද්ගලයා වේ.˜

ලෞකීක ජීවිතයේ බාහිර ඔපය පමණක් පිම්බීමට තම සියලූ සම්පත් කැටි කොට එල්ල කර ඇත්තාවූ ලෝක බලවතා නව සියවසේ දී මුළු මානව සංහතියටම හිසරදයක් වීම පමණක් නොව තමාගේ ගෞරවය, බලය අධිකාරයෙන් ද දුරස් වීම, දක්නට ලැබේ.

මේ සියල්ල තම ලොවේ ඇති වේදනා සහගත සිද්ධීන්ය. මෙයින් මානව සංහතිය මුදවා ගැනීමට ඉස්ලාම් අත්‍යවශ්‍ය නොවේද?



කතෘ: යූසුෆ් නියාස්


ක්‍රිස්තියානීන් හා මුස්ලිම්වරුන්

කිතු බැතිමතා : පසුගිය අවුරුදු දහය තුළ ක්‍රිස්තියානීන් හා මුස්ලිම්වරුන් අතර ඔවුනොවුන්ගේ ඇදහීම් පිළිබඳව නොයෙකුත් සංවාදයන් පැවතී ඇත. මීට හේතුව කුමක්ද?

මුස්ලිම්වරයා: අපගේ දෙපාර්ශවයට ම පොදුවූ කරුණු රාශියක් තිබීම මීට හේතු වන බව මම සිතිමි. මෙලොවට වක්තෘවරුන් බොහෝ දෙනෙක් එවූ එකම මැවුම්කාරයා කෙරෙහි අපි විශ්වාසය තබන්නෙමු : යේසුස් වහන්සේ ආශිර්වාද ලත් මෙසායා ( messiah )ලෙසත් දෙවියන්ගේ වචනයක් ලෙසත් විශ්වාසය තබන්නෙමු. එහෙත්, යුදෙව්වන් මෙම කරුණු විශ්වාසය නොකරති.

අල් කුර්ආනය මෙසේ පවසයි:

මලාඉකාවරු පැවසූහ: මර්යම් නියත වශයෙන්ම අල්ලාහ් තමන්ගෙන් වූ වචනයකින් ඔබට (පුතෙක් ලැබීමට ඇති බව) ශුභාරංචියක් පවසයි. ඔහුගේ නම මසීහ්, මර්යම්ගේ පුතා ඊසා යනුවේ. ඔහු මෙලොවෙහි ද එලොවෙහි ද ගෞරවයෙන් යුතු වූ ද, (දෙවියන් ඉතා) සමීපවුවන්ගෙන් කෙනෙක්ව ද සිටි.

මුස්ලිම්වරුන් හා ක්‍රිස්තියානීන් අතර යුරෝපය, කැනඩාව, ඇමරිකාව හා ඔස්ටේ්‍රලියාව ආදි රටවල සාකච්ජා පවත්වා ඇත. වැටිකන් නුවර (ක්‍රිස්තියානි) ශාස්ත්‍රයින් හා ඊජිප්තුෙවි මුස්ලිම් විශාරදයින් 1970 දී රෝමයේදීත් 1974 හා 1978 දී (ඊජිප්තුවේ අගනුවරය වූ) කයිරෝවෙහිදීත් සාකච්ජා පැවැත්වූහ. එමෙන් ම වැටිකන් නුවර ශාස්ත්‍රයින් සවුදි අරාබියාව් මුස්ලිම් ව්ශාරදයින් සමග 1974 දී රෝමයේ සාකච්ජා කළහ. (ශී්‍ර ලංකාවේ අගනුවර වූ) කොළඹ ද නොයෙකුත් සංවාද පැවැත් වූ අතර, ඉස්ලාමීය ඇදහිම් ව්ස්තර කරනමෙන් මුස්ලිම්වරුන් විටින්විට කි්‍රස්තියානි දේවස්ථාන වෙත කැඳවනු ලැබූහ.

කි. බැ: කි්‍රස්තියානි ආගම වර්ෂ 2000 ක් පමණ පැරණි ය..ඉස්ලාමය වර්ෂ 1400 කින් පමන පැරණිය. එසේ නම් දැන් පවත්වන මෙම සංවාදයෙන් ශත වර්ෂ ගනනාවකට පෙර නොපැවැත්වූයේ ඇයි දැයි කිව හැකිද ?

මුස්: මුස්ලිම්වරුන් අධික ලෙස වෙසෙන ආසියානික හා අප්‍රිකානු රටවල් ගණනාවක් පසුගිය ශත වර්ෂ තුන හතරක් ම බි්‍රතාන්‍ය, ප්‍රංශය, ඕලන්දය, ඛෙල්ජියම. ස්පාඤඤය පෘතුගීසිය වැනි රටවල්වලට යටත්ව තිබුණි. එම අවස්ථාවේ ක්‍රිස්තියානි මිෂනාරි වලට අයත් බොහෝ ආක්‍රමිකයන් නොයෙකුත් උපක්‍රම යොදමින්ද, දුගී දුප්පත් මුස්ලිම්වරුන්ට වෛද්‍ය ප්‍රතිකාර, ඇඳුම්, ආහාර පානාදිය, රැකියා වැනි දේ සපයා උදව් උපකාර කිරීමෙන්ද තම ආගමට හරවා ගැනීමට දැඩිලෙස උත්සහ කළහ. නමුත් මුස්ලිම්වරුන්ගෙන් ඉතා ටිකදෙනෙකි ඔවුන්ගේ ආගමට හැරුනේ. සමහරු ක්‍රිස්තියානි ආගමෙන් තමන්ට ශිෂ්ඨාචාරය සහ අද්‍යාපනික දියුණුව ලැබුණු බවට වැරදි මතයක් ඇති කරගෙන එම ආගම කරා ගියහ. ඇත්ත වශයෙන් යුරෝපයේ දේවස්ථානය (ක්‍රිස්තියානි මහා සභාව) හා වෙන වෙනම ක්‍රියාකාරීවන අන්දමින් වෙන් කිරීමෙන් පසුවය, ඔවුන් අදහස් කරන මෙම දියුණුව ලැබුවේ.

දෙවෙනි ලෝක සංග්‍රාමයෙන් පසු, ආසියාතික හා අප්‍රිකානු රටවල්හි විසූ මුස්ලිම්වරුන් බොහෝ දෙනෙක් බටහිරට ගොස් පදිංචි වූහ මොවුනතර කම්කරුවන් හා වෘතිය රැකියාවන් කරන අය බොහෝ දෙනෙක් සිටියහ. මෙම පදිංචි වීම මුස්ලිම්වරුන් ක්‍රිස්තියානි ජනතාව සමග ඉතාම සමීප වූ සම්බන්ධතාවයන් ඇතිකර ගැනීමට හේතු විය. මේ අතර මුස්ලිම් ශිෂ්්‍ය ශ්ෂ්්‍යාවන්ගෙන් විශාල පිරිසක් ද බටහිර ඉස්ලාමය හඳුන්වා දීමෙ හි දැඩි උනන්දුවෙන් ක්‍රයාකරන්නට වූහ.

කි. බැ: මෙකල, මෙවැනි සංවාදය අධික ලෙස පැවැත්වීමට වෙනත් හේතු තිබේද ?

මුස්: මෙම දෙපාර්ශ්වය ම තම තමන්ගේ ආගම්වලට අන් අය හරවා ගැනීමේ තරඟකාරිත්වයෙන් යුතුව ක්‍රියා කළ මුත්, ඉස්ලාමය ප්‍රත්‍යක්ෂව බැලීමට කිතු බැතිමතුන් වැඩි වැඩියෙන් උනන්දු වූ නිසාත්, එකිනෙකා අන් මතයන්ට විරුද්ධව ක්‍රියා නොකරන තත්වයක් උදාවූ නිසාත් මොවුනතර පවතින පරතරය කි්‍රමානුකූලව අඩු වී ගෙන එන බවයි මම අදහස් කරන්නේ. —මුහම්මද් රැවටිලිකාරයෙක්˜ කාර්්‍යක්ෂම නොවූ තැනැත්තෙක් —මී මැස්මොර රෝගියෙක්,˜ යනුවෙන් ක්‍රිස්තියානි ගුරුවරයෙක් නිතර නිතර කී බව මට තවමත් මතකයි. දැන් මෙලෙස ඉස්ලාමයට නින්දා අපහාස කරන ලේඛකයින් ඇත්තේ සුළු කොටසක් බව ඔබට වැටහෙයි.

මුස්ලිම් වරුන් වන අපි, යුදෙව්වන්ට මිත්‍යා දෘෂ්ටිකයන්ට ද වඩා කිතු බැතිමතුන්, අපට ළංවූවන් බව නිසැකව අපි විශ්වාසය තබා ඇත්තෙමු.

අල් කුර්ආනය මෙසේ පවසයි.නියත වශයෙන්ම යුදෙව්වන් හා මිත්‍යා දෘෂ්ඨිකයින් මුඃමින්වරුන්ට (ඉස්ලාමය අදහන්නන්ට) දැඩි ලෙස වෛර කරන්නන් ලෙස (නබිතුමානනි) ඔබ දකින්නේය. නියත වශයෙන් ම අපි ක්‍රිස්තියානීන් වෙමු,යි පවසන්නන් මුස්ලිම්වරුන්ට ස්නේහයෙන් ඉතා සමීපවුවන් ලෙස (නබිතුමානනි) ඔබ දකින්නේය.මන්දයත් ,ඔවුනතර භක්තිමත් උගතුන් ද තාපස වරුන් ද සිටිති. තවද, ඔවුහු අහංකාර වන්නේ ද නැත.

ඉතිහාසයේ පළමු වරට ,ඉස්මායෙල්ගේ පුත්‍රයා වූ කේදාර්ගේ මාර්ගයෙන් ඉස්මායෙල්ගෙ පරම්පරාවේ පැවත එන කෙනෙකු ලෙස මුහම්මද් (සල්)තුමා පිළිගන්නා තරම්, සමහර කි්‍රස්තියානි ආගමික කොටස් අති ව්ශාල ලෙස දියුණු වී ඇත.

ඇමරිකාවේ පිහිටි ප්රෙස්බිටේරියන් (Presbyterian)දේවස්ථාන කි්‍රස්තියානි අධ්‍යාපන මණ්ඩලයේ අනුග්‍රහයෙන් වර්ෂ 1980 දී ප්‍රකාශනය කරනු ලැබූ ඩේවිස් බයිබල් ශබ්ධ කෝෂයේ (the davis dictionary of the Bible) හි කේදාර් යනු ඉස්මායේල්ගේ පරම්පරාවේ ඇති වූ ගෝත්‍රයක්ය. කේදාර්ගේ ජනයින් ලෙස හඳුන්වනු ලැබුවන් (ඉෂ්මායේල්ගේ පුත්‍රයා වූ) කේදාර්ගේ පරම්පරාවේන් පැවත එන්නෝය. අවසානයේ දී මුහම්මද් ඉපදුනේද ඔවුන්ගේ මෙම ගෝත්‍රයේය. සමස්ත ලෝක බයිබල් ව්ශ්ව කෝෂය[the international standard Bible Encyelopedia] ඒ.එම් ෆූල්ටන් [A.S. Fulton] පැවසූ බව මෙසේ සඳහන් කරයි.

ඉෂ්මායේල්ගේ ගෝත්‍රයන් අතර කේදාර්ගේ ගෝත්‍රය ඉතා වැදගත් එකක් ව්ය යුතුයි. එහෙයින්, පසු කලෙක මෙම නව කාන්තාරයේ තිබුණු සෑම ගෝත්‍රයකට ම යෙදුනි.කේදාර් නම් වූ මෙම ගෝත්‍රය වෙතින් ඉෂ්මායේල්ගේ පරම්පරාවේ කෙනෙකු ලෙස පසු කලෙක මුහම්මද් උපත ලැබූ බව වංශ පරම්පරා ගැලිම්වරු ඔප්පු කරති.

ස්ම්ත්ගේ බයිබලය ශබ්ද කෝෂය මෙසේ සඳහන් කරයි. ඉෂ්මායේල්ගේ දෙවෙනි පුත්‍රයා කේදාර්ය .මෙම කේදාර්ගේ ගෝත්‍රයෙන් පැවත ආ ඉතාමත් කීර්තිමත් කුෙරෙෂ් කුලයෙ හි මුහම්මද් උපත ලැබීය. මෙනයින් එතුමා ආබ්‍රහම්ගේ පරම්පරාවේ කෙනෙකු වූ හ. හිජාස් හි විසූ අරාබින් බනී හබ්රු (රණ ශුරයෝ) නමින් අමතනු ලැබූහ. තව ද ඔවුහු, ආරම්භ කාලයේ සිටම ඉෂ්මායේල්වරුන්( ඉෂ්මායේල්ගේ පරම්පරාවේ අය) ලෙස හඳුන්වනු ලැබූහ.

පැල්ග්‍රේව් [palgra]මෙසේ පවසයි, —ඔවුන්ගේ (හිජාස්හි විසූ අරාබීන්ගේ) භාෂාව කුර්ආනය ලියන (අනාවරණය කරන) ලද (ක්‍රි. ව 610- එදා මෙන් වර්ෂ 1200 ටත් පසුව අදත්, කිසිදු වෙනසක් නොමැතිව පවිත්‍රව තිබීම පෙරදිග සමාජ ආයතනයේ ස්ථීරත්වය හා කල් පැවැතීම ඔප්පු කිරීමේ කදිම නිදසුනකි.

බටහර ලොවට පදිංචියට ගිය මුස්ලිම්වරුන් බටහිර ජනතාවට දී ඇති ඉතාම වටිනා සම්පත ඔවුන්ගේ මිනිස් සම්පත හෝ ශ්‍රම ශක්තිය හෝ නොවෙයි, එය කුමක් ද යත්, අද බටහිරයේ මුල් බසිමින් ඇති ඉස්ලාමයයි. බටහිරයේ ඇති සෑම රටකම මුස්ලිම් පල්ලි(මස්ජිද්)හා ඉස්ලාමීය සංව්ධාන බොහෝ ගණනක් ඇත. බටහිරයින් ඉතා අධික ලෙස ඉස්ලාමය වෙත ආපසු පැමිණීම, දෛනික සිද්ධියකි. මෙහි —ආගම වෙනස් කරගනියි˜ යැයි නොකියා, —තමාගේ ආගමට ආපසු එතී˜ යැයි මම සඳහන් කිරීම ඔබට ප්‍රහේලිකාවක් වනු ඇත. නියත වශයෙන්ම සෑම කෙනෙක් ම උපත ලබන්නේ අල්ලාහ්ට අවනත වීමෙහි ය. එනම් ඉස්ලාම් හි ය. සෑම දරුවෙකුගේම ස්වභාව්ක උපත සිදුවන්නේ මෙලෙස ය. නමුත් ඔවුන්ව යුදෙව් ආගමට හෝ කි්‍රස්තියානි ආගමට හෝ වෙනත් ආගමකට, නැතිනම් නාස්තික වාදීන් බවට වෙනස් කරන්නේ ඔවුන්ගේ දෙමාපියන්ය. නැතහොත් ඔවුහු වෙසෙන සමාජය ය.

අද බටහිර රටවල්හි ඉස්ලාමය වේගයෙන් ව්‍යාප්ත වීගෙන ඇත. මෙම ව්‍යාප්ත වීම කඩුවෙන් (ආයුධයෙන්, බලහත්කාරයෙන්) නොව, මුස්ලිම්වරුන් තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් කරගෙන යන ප්‍රචාරයන්ගෙන් සිදුවන බව නොරහසකි. කි්‍රස්තියානි මිෂනාරි නම් වූ විශේෂ සංවිධානයන් අප අතර නැත.

වර්ෂ 1934 සිට 1984 දක්වා ලෝක ජනගහනය 136 % කින් වැඩි වී ඇත. මෙම කාලය තුළ කි්‍රස්තියානි ආගම 47% කින් වර්ධනය වී ඇත. ඉස්ලාමය කි්‍රස්තියානි ආගමට වඩා පස් ගුණයක් අධිකව එනම් 235% කින් වර්ධනය වී ඇත. මෙම සංඛ්‍යා ලේඛන තම 50 වෙනි සංවත්සරය නිමිත්තෙන් —ද ප්ලේන් ටෘත්˜ [the plain truth] නම් වූ කි්‍රස්තියානි මාසික සඟරාව, 1984 පෙබරවාරි මස නිකුත් කළ ව්ශේෂ කලාපයෙහි සඳහන් කොට ඇත. එම සඟරාව මෙම ව්ස්තර උපුටා ගෙන ඇත්තේ ,”world almanac and book of facts 1935ග සහ .. Reader`s Digest almanac and year –book 1983 ග පොත්පතෙන්ය.

කි. බැ: යුදෙව් ආගම කි්‍රස්තියානි ආගම, ඉස්ලාමය යනාදී ආගම් තුනම එකම දෙවියන් විසින් දෙනු ලැබුවේ නම් ඒවා එකකට එකක් වෙනස් වී ඇත්තේ ඇයි?

මුස්: ආදම්(අෙලෙ) පටන් මුහම්මද් (සල්) තුමා දක්වා සියලූම වක්තෘවරුන් මුළු මානව සංහතියම අල්ලාහ්ට සම්පූර්ණයෙන් අවනත විය යුතුයි. යන එකම පනිවිඩය ඇතිවය මෙලොවට එවනු ලැබුවේ. මෙම අවනත වීම අරාබි භාෂාවෙන් ඉස්ලාම් යනු කියනු ලැබේ. —ඉස්ලාම්˜ යන වචනයට ශාන්තිය නම් වූ පදාර්ථයක් ඇත. එයින් සඳහන් වන්නේ මැවුම්කරුවා (අල්ලාහ්) ටත් මවනු ලැබූ ජීවීන්ටත් අතර පවතින ශාන්තිය වේ. යුදෙව් ආගමට හා කි්‍රස්තියානි ආගමට කවරෙකු විසින් කුමනාකාරයකින් එම නම තබනු ලැබුවේද, ඒ ආකාරයෙන් කවරෙකු විසින් හෝ ඉස්ලාමයට —ඉස්ලාම්˜ යන නම තබනු නොලැබුවේ ය. ඉස්ලාමයට මෙම අර්ථවත් නම තැබුවේ එය පිරිනැමූ අල්ලාහ් ය. මේ පිළිඹඳව අල්ලාහ් කුර්ආනයේ මෙසේ පවසයි.

—අද දින ඔබ වෙනුවෙන් ඔබගේ ආගම මම සම්පූර්ණ කළෙමි, ඔබ වෙත මගේ අනුග්‍රහය ද සම්පූර්ණ කළෙමි, තවද ඉස්ලාමය (යහපත්) ආගමක් වශයෙන් ඔබ සඳහා තෝරාගෙන ඇත්තෙමි.˜ (අල් කුර්ආන්5-3

යුදෙව් ආගම, කි්‍රස්තියානි ආගම යනා දී නම් බයිබලයේ පමණක් නොව බයිබල් ශබ්ද කෝෂයෙහි ද දක්නට නැත. ඊස්රාඉල්වරුන් වෙත එවනු ලැබූ කිසිම වකතෘවරයෙක් ඔවුන් සතු කාර්යභාරය ඉටුකරන කල්හි යුදෙව් ආගම යන නම භාවිතා නොකළහ. —මෙම පොළොව මත කි්‍රස්තියානි ආගම පිහිටුවමි˜ යැයි යේසුස් වහන්සේ නොපැවසූ හ. —කි්‍රස්තියානි˜ යන වචනය බයිබලයේ අලූත් ගිවිසුමෙහි තෙවරක් සඳහන් වී ඇත. යේසුස් වහන්සේ මෙලොවෙන් ගොස් බොහෝ කලකට පසු, එනම් ක්‍රි. ව 43 පමණ පළමුව මිත්‍යා දෘෂ්ඨිකයින් ද දෙවනු – යුදෙව්වන් ද අන්තියෝක් යන ස්ථානයෙහි දී කි්‍රස්තියානි යන වචනය කීහ.

බයිබලයේ අළුත් ගිවිසුම මේ ගැන සඳහන් කරයි.

—ගෝලයෝ කි්‍රස්තියානිකාරයෝයයි පළමුකොට කියනු ලැබුවේ අන්තියෝකියේදී ය.˜(අළුත් ගිවිසුම:11-26

පසුව දෙවෙනි රජු මෙසේ පැවසූ බව බයිබලයේ සඳහන් වෙයි.

—එවිට අග්‍රිපා කථා කොට, වැඩි පෙළඹීමක් නැතුවම නුඹ මා කි්‍රස්තියානිකාරයෙක් කරන්ට සිතනවායයි පාවුල් ට කීවේ ය.˜(අළුත් ගිවිසුම:26-28

මෙලෙස —කි්‍රස්තියානි˜ යන නම පළමුව පතුරුවන ලද්දේ යේසුස් වහන්සේගේ දේව ගැති මණ්ඩලයේම සිටි සතුරන් විසින් මිස මිතුරන් විසින් නොවන බව පැහැදිළිය. අනතුරුව, පේත්‍රැස් විසින් ද කි්‍රස්තියානි යන නමට විස්වාසය දක්වන ලදී.

මේ ගැන බයිබලය මෙසේ සඳහන් කරයි.

—නමුත්, යමෙක් කි්‍රස්තියානිකාරයෙකු මෙන් දුක්විඳී නම් ඔහු ලැජ්ජා නොවී ඒ නාමය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරත්වා˜ (අළුත් ගිවිසුම:1 පේත්‍රැස් 4-16

මෙම පොළොව මත මුස්ලිම් වරයෙක් ලෙස අමතනූ ලැබූ පළමු මිනිසා මුහම්මද් (සල්) තුමා නොවෙයි, අල්ලාහ්ට අංග සම්පූර්ණව අවනතවූ ආබ්‍රහම් තුමා වෙයි. එපමනක් නොව, ආබ්‍රහම්ට පෙර පැමිණී වක්තෘවරුන් වූ ආදම් සහ නෝවා යනාදින්ටද ඉස්ලාමය ජීවන සැලැස්මක් ලෙස අනාවරණය කොට තිබුණි. එවකට පටන් මුළු මිනිස් සංහතියටම අදාළ ජීවන සැලැස්මක් ලෙස ඉස්ලාමය බැබැළෙයි.

ඉස්ලාම් තුළ මිනිස් චරිතයට හිමි වැදගත් ස්ථානය :

සමාජ අධ්‍යයනය විද්වතුන් මිනිසා සමාජ සත්වයෙකු ලෙසිනුත් :ිදජස්ක ්බසප්ක- හිනාවෙන කල්පනා කරන සත්වයෙකු ලෙසිනුත් හැඳින්වූහ. මානව වර්ගයාගේ අරමුණු යම් දුරකට හෝ හඳුනාගත් විද්වතුන් :අදරියසචචසබට ්බසප්ක- නැමදුම් සත්වයා යනුවෙන් හැඳින්වූහ.

ඩාර්වින්ගේ පරිණාම වාදය මිනිසා වානරයාගෙන් පැමිණී බව කියයි. මිනිස් ආත්මය, මිනිසාට හිමි උසස් ස්ථානය, නිගාවට ලක් කෙරෙන මෙම සංකල්පය ඉදිරියේ පැන නැගෙන ගැටළු අනන්තය. දේවත්වය ප්‍රතිෙක‍ෂ්ප කිරීමට මෙම සංකල්පය ඉවහල් වීම නිසා සමහරුන් මෙයට පුළුල් ප්‍රචාරයක් ලබාදෙති. මෙය විද්‍යාව තහවුරු කළ සත්‍යක් නොව පුහු අනුමානයක් පමණි. අවම වශයෙන් ගත වුනු අවුරුදු දෙදහ තුළ කොහේ හෝ වානරයෙක් මිනිසෙකු බව පරිනාමත්වයට පත්විය කියා පුවතක් පෙන්වන්නට හැකිද?

මිනිසාගේ මැවුම් කරුවාණන් මෙසේ පවසයි: —මනුෂ්‍යයිනි නියත වශයෙන් අපි ඔබව එක් පිරිමියෙකුගෙන් හා එක් කාන්තාවකගෙන් නිර්මාණය කළෙමු. (පසුව) කෙනෙකෙ තවත් කෙනෙකු හඳුනා ගැනීම පිණිස ඔබව ජාතීන් කුලයන් වශයෙන් පත්කළෙමු. (එබැවින් ඔබ අතුරින් කෙනෙකු තවත් කෙනෙකු වඩා උඩඟ වීමට නොහැක). එනමුත් ඔඛෙන් කව්රුන් (අල්ලාහ්ට) බියබැතිව කටයුතු කරයිද නියතයෙන්ම ඔහු අල්ලාහ් ඉදිරියේ උතුම් පුද්ගලයාය˜ (ශ අල්කුර්ආනය 49: 13).

මිනිසා වර්ණයෙන්, ජාතියෙන්, දේශයෙන් වෙන්වී සිටීයත් සියල්ලන් එක් මවෙකුගේ හා පියෙකුගේ දරුවන් යන සංකල්පය ලෝකයට ඉදිරිපත් කර මිනිස් චරිතය උතුම් කොට සළකනු ලැබේ. තවද එකමුතුකමට අඩිතාලම දමනු ලැබේ. වෙනත් ස්ථානයක ඔහු පවසයි: අපි මිනිසා මනාව නිර්මාණය කළෙමු. (ශ.අල්කුර්ආනය 95: 4).

ඇත්ත වශයෙන්ම අපි ආදමිගේ පුත්‍රයා (මිනිසා) ගෞරවයට පත්කළෙමු. අපි මුහුදෙහි හා ගොඩබිමෙහි සැරිසන්නට තැබුවෙමු තවද, ඔවුන්ට දැහැමි දේ සැපයුවෙමු (ශ අල්කුර්ආනය 17: 70).

මිනිස් චරිතය ඉතා උසස් කොට සළකන ඉස්ලාම්, ඔහුට කල්පනා කිරීමේ ශක්තියක්, හොඳ නරක තෝරා බේරා බැලීම සඳහා දිව්‍යමය මග පෙන්වීමත් සමග ශාස්තෘවරු කලින් කලට අවතීර්ණ කළේය. මෙලොවෙහි පවතින සියළු දේ මිනිසා සඳහා නිර්මාණය කළ එම ස්වාමින් මිනිසාට සමහර වගකීම්ද පැවරුවේය. වෙනත් මැවීම් සේ මිනිසාට ජීවත්වෙන්නට නොහැකිය. මිනිසාගේ හැම කි්‍රයාවක් පිළිබඳම ඔහු ප්‍රශ්නකරනු ලබයි. ඒ සඳහා ඔහු එයට වගකිව යුතු වේ. ඒ සඳහා නියමිත වූ කාලය විනිශ්ච දිනයයි. ශාස්තෘවරුන්ගේ ප්‍රචාරයෙහි මූලික තේමාවවුනේ කුමක්ද? එම ශාස්තෘවරුන්ට අනාවරණය කරනු ලැබූ දිව්‍යමය ග්‍රන්ථයන්, මිනිසාගේ මතු ලොව ජීවිතය මෙම සියළු කරුණු කාරණා පිළිබඳ ඉදිරියේදි සාකච්ඡා කෙරේ.

අල්කුර්ආනය හා විද්‍යාව

නූතනයේ මිනිසා සියල්ල විද්‍යාත්මකව බැලීමටත් ඒ ඔස්සේ තර්ක විතර්ක ඉදිරිපත් කිරීමටත් පෙළඹ සිටී. මෙය හොද ප්‍රවණතාවයක් වුවද විද්‍යාත්මක ඇසින් ආගම් දෙස බැලීම තරමක මතභේදාත්මක කාරණයකි. ඒ බොහෝ ආගම් විද්‍යාව හමුවේ අසරණ වී සිටින බැවිනි. එසේම බුද්ධියේ ඉනිපෙත්තෙහි සිටින සමාජය අවබෝධ කරගතයුතු කාරණයක් ද ඇත. ඒ සමහරක් ආගමික විද්වතුන් විද්‍යාව හා ආගම ගලපන්නේ අහස පොළොව ගලපනවා සේය. ආගමික මූලාශ්‍රවල පවසන කාරණයත් විද්‍යාත්මකව ඉදිරිපත් කරන කාරණයත් අතර කිසිදු සම්බන්ධතාවයක් දක්නට නැත. නමුත් විද්‍යාවට සමාන්තරව තම දහම ගෙනයාමේ අරමුණින් මෙවැනි පදනම් විරහිත විද්‍යාත්මක කාරණයන් ප්‍රසිද්ධියේ මාධ්‍යවල සාකච්චා කරනවා නිරන්තරයෙන් අප දකින්නෙමු. මෙහි දී තම ආගම කෙරෙහි ඇති නැඹුරුතාවයත් භක්තියත් නිසා අන්ධ භක්තියන් ලෙස සියල්ල හිස්මුදුනින් පිලිගන්නත් ඒවා සත්‍ය බවට හිස් තර්ක විතරක් ඉදිරිපත් කරන්නටත් එහි අනුගාමිකයන් පෙලඹී සිටී.

ඉස්ලාම් දහම සම්බන්ධයෙන් පවසන්නට ඇත්තේ ඉස්ලාම් දේව පණිවුඩ පදනම් කරගත් දහමක් එය විද්‍යාවට එරෙහි වු හෝ විද්‍යාවට ආවඩන දහමක් නොවේ. එසේම ශුද්ධ වු අල්කුර්ආනය විද්‍යා ග්‍රන්ථයක් ද නොවේ. මේ නිසා මෙහි පවසන කාරණයන් විධයාත්මක සමීකරණ හෝ විද්‍යාගාර පරීක‍ෂණ, නිරීක‍ෂණ හා නිගමනයන් නොවේ. මෙහි පවසනනේ සත්‍යයයි එය මිනිස් බුද්ධියට ගෝචරද විද්‍යාත්මකද යන්න මිනිසා විසින් තීරණය කලයුතු කාරණයකි. එසේම එය විද්‍යාත්මක වුවත් එය විද්‍යාවේ කුමණ ෙක‍ෂ්ත්‍රය නියෝජනය කරනවාද යන්න මිනිස් බුද්ධියෙන් තීරණය කරන කාරණයකි.

ඒ අනුව ශුද්ධ වු අල්කුර්ආන් වාක්‍ය කිහිපයක් ඔබේ අවදානයට ඉදිරිපත් කරන්නේ එහි විනිශ්චය ඔබටම භාර කරමිණි. ……………

තාරකා විද්‍යාව

“අහසෙහි තාරුකා රාශියක් පිහිටුවා (එය) පහනක් ලෙසත් චන්ද්‍රයා ආලෝක පරාවර්ථකයක්ද කල………”

අල්කුර්ආන් 25:61

ජල ⁄ භූගෝල විද්‍යාව : Hydrology & Geogrphy

“….අහසින් වැසිදිය පහලකොට එම වැසිදිය පොළව තුළට විනිවිද යාමට සලස්වා ඒ තුලින් දිය උල්පත බිහිකර ඒ මගින් පොලොව මත විවිධ වර්ණයන්ගෙන් යුතු අස්වනු හටගන්වන්නේය……….

අල්කුර්ආන් 39:21

භූගර්භ විද්‍යාව : Geology

“…..පොළොව කම්පා නොවනු පිණිස එයමත තරසර කදුද…..”

අල්කුර්ආන් 16:15

ජීව විද්‍යාව : Zoology

“…..දිවි ඇති සියල්ල ජලයෙන් අප නිර්මාණය කලෙමු……… “

අල්කුර්ආන් 21:30

උද්භිද විද්‍යාව : Botany

“……අහසින් ජලය පහල කොට එයින් විවිද උද්භිද වර්ගයේ ජෝඩු මැව්වෙමු. “

අල්තුර්ආන් 20:53

වෛද්‍ය විද්‍යාව : Medicine

“……..(මී මැස්සන්ගේ) උන්ගේ උදරයෙන් විවිධ වර්ණවත් පානයන් වෑහෙන්නේය එහි මනුෂ්‍යාහට රෝග සුවය ඇත්තේය “

අල්කුර්ආන් 16:69

කායික විද්‍යාව : Physiology

“ඔවුන්ගේ ඇටකටු එක්රුස් කරන්නට අප නොහැක්කෙමු යයි ඔවුන් සිතන්නේද? ඔවුන්ගේ :Fingerprint– ඇගිලි තුඩ පවා නැවත තිබු ආකාරයටම මවන්න අප ශක්තිවන්තය “

අල්කුර්ආන් 75:3,4

කළල විද්‍යාව : Embryology

“සැබැවින්ම මා මිනිසා මැවුයේ ඉතා සුලූ ප්‍රමාණයක් වු තරල බිදුවකිනි “

අල්කුර්ආන් 76:02

විශ්ව සම්භවය

“ආරම්භයේ අහස පොළව එක් වී වායු ස්කන්ධයක්ව පැවතුනි. පසුව එය වෙන්කරන ලදී “

අල්කුර්ආන් 21:30

ඉහත අල්කුර්ආන් වාක්‍ය කෙරෙහි මධ්‍යස්ථව හිද බුද්ධිමත් අවදානය යොමු කරන්න. ඔබ මවිතයට පත්වෙනවා ඒකාන්තය.