Tag Archives: ක්‍රිස්තියානි

නවීන ප්‍රකාශ විද්‍යාවේ පියා ඉබ්නු අල් හයිතම්

ක්‍රි.ව. 570 සවුදී අරාබියේ මක්කාහි උපත ලද මුහම්මද් නබි (සල්) තුමා කුඩා අවදිය පටන් සත්‍යය හා අවංක වූත් උතුම් ගුණාංග වලින් හෙබි වූත් පුද්ගලයෙකු විය. ඉබ්රාහීම් (අෙලෙ) තුමා දෙසුවාක් මෙන් මෙතුමා ද එකම දෙවියන් පිළිබඳවත් ඔහුගේ මැවීම් පිළිබඳවත් දේශනා කළහ. අල්කුර්ආනය පාදක කරගනිමින් එතුමාගේ අනුගාමිකයන් දැනුම ඉදිරියට ගෙන යෑමේ කර්තව්‍යයට නව ජීවයක් දුන්හ. ඔවුහු ඉස්ලාමීය ශිෂ්ඨාචාරය තුළින් ග්‍රීක ඥානයෙහි සෑම අංශයකම උරුමක්කාරයින් බවට පත්වූහ. මුස්ලිම්වරු නොසිටින්නට ග්‍රීක දැනුම සදහටම ඉන්මතු ආ පරපුරට නොලැබී යාමට තිබුණි. මෙම දායාදය ලොව සැමට ලැඛෙන සේ ඔවුහු ඒවා එකතු කොට ආරක‍ෂා කළහ. පසුව ඒවා අධ්‍යයනය කර තවත් වැඩි දියුණු කරමින් ලොව විද්‍යා ප්‍රගතියට මඟ පෑදූහ. ඉරානය, ඉරාකය, ස්පාඤ්ඤය, ඊජිප්තුව, සිරියාව ලෙස දැන් හැඳින්වෙන රටවල් ලොවට දැනුම පැතිරවීමේ මධ්‍යස්ථාන විණ.

බොහෝමයක් යුරෝපීය ජාතීන් අඳුරු යුගයක  (Dark Ages)– සිටින විට මධ්‍ය කාලීන එම යුගයේ මුස්ලිම්වරු අධ්‍යාපනිකව හා තාක්ෂණිකව උසස් මට්මටක සිටීයහ. ඉස්ලාමීය පාලකයන් තම රටවල් දැනුම ලොවට පැතිරවීමේ මධ්‍යස්ථානය බවට පත් කළහ. වසර දහසක් පමණ පැවති එම සාමකාමී වාතාවරණය යටතේ කි්‍රස්තියානි, යුදෙව් ඇතුළු සෑම ජාතීන්ටම දැනුම රිසිසේ ලබා ගැනීමේ අවස්ථාව ලබාදුන්නේය. අරාබි ග්‍රන්ථ සියල්ල අනෙකුත් භාෂාවලට පරිවර්තනය කළහ. 5 වන 15 වන ශත වර්ෂ අතර කාලය තුළ මුස්ලිම් විද්‍යාඥයින් විද්‍යා ලොවේ ප්‍රමුඛයන් වූහ.
මෙම තත්ත්වය නොරිස්සු අධමයින් ආගමික සටනක් දියත් කළහ. සියලූම අරාබි ග්‍රන්ථ එක් රැස් කළ ඔවුහු ස්පාඤ්ඥයේ ග්‍රැනඩා නගරයේ කන්දක් මෙන් ගොඩගසා ගිනිබත් කර දැමූහ. ඒ ඇසුරේ සිටි කෝටි 3 ක් පමණ මුස්ලිම්වරුන් කෘෘර ලෙස ඝාතනය කෙරිණි. මෙම ඉරණමම අන්දලූසියා නගරයටත් අත්විණ. මීට කළින්ම ඉරාකයේ බැග්ඩැඩ් නගරයේ සියලූ අරාබි ග්‍රන්ථ ටයිග්‍රස් නදියට දමා විනාශ කර තිබිණ. දින ගණනාවක් තිස්සේ ටයිග්‍රස් නදිය තීන්ත නිසා කළු පාටින් ගලාගිය බව ඉතිහාසයේ සඳහන් වේ. මෑතකදී පවා ඉරාකය ආක්‍රමණය කළවුන් ඓතිහාසික ලිපි ලේඛන රාශියක් තැන්පත් කර තිබූ ජාතික පුස්තකාලය වනසා දැමූ බව සඳහන් කරනු වටි. එපමණක් නොව කෘෘර මිනිස් ඝාතනය ද ලේ පිපාසිත අධමයින්ගේ දෛනික ජීවිතයේ අංශයන් බවට පත්ව තිබිණ.
ඉස්ලාම් දහමට එරෙහි ආගමික යුද්ධය දේශයෙන් දේශය ගිල ගනිමින්ද, ලොව ජනයා තව තවත් දුප්පත්භාවයට පත්කරමින්ද ලොවට විශාල පාඩුවක් හා අසාධාරණයක් සිදුකරමින් ද ලොව පුරා භීෂණය පතුරුවමින් ද ඉදිරියට ඇදී ගියේය.
එදා ලොවට දැනුම ඛෙදා දුන්, ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් හිමි ඉරාකය ලොවට දායාද කළ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු පිළිබඳ තොරතුරු බිඳක් මෙහිදී අප ඉදිරිපත් කරමු.
කි්‍ර.ව. 965 හි ඉරාකයේ බස්රාහි උපත ලද අබූ අලි හසන් ඉබ්නු අල් හයිතම් සුප්‍රකට භෞතික විද්‍යාඥයෙකි. ප්‍රකාශ විද්‍යාව සහ විද්‍යාත්මක ක්‍රමය සඳහා වූ ඔහුගේ දායකත්වය විශිෂ්ඨ විය. බටහිර ලොවේ ඔහුව හැඳින්වෙන්නේ —අල් හසෙන්˜ නමිනි. ඔහු ගණිතඥයෙකු මෙන්ම ඉංජිනේරුවෙකු ලෙස ද කීර්තිය දැරීය. බස්රාවලත්, බැග්ඩැඩ් වලත් ඉගෙනගත් පසුව ඊජිප්තුවට පැමිණියේය. එහි දී කලීෆා (පාලක) අල්-හකීම් නයිල් නදිය පිටාර ගැලීම වැළැක්වීම සඳහා මඟක් සෙවීමේ කාර්යය ඔහු වෙත පැවරීය.
එම කාර්යය අසාර්ථක වූ නිසා රජු ඔහු සමඟ උරණව නිවාස අඩස්සියේ රැඳවිය. කලීෆා (පාලක) අල්-හකීම්ගේ වියෝව දක්වාම එහි රැඳී සිටි ඔහු ආලෝකය පිළිබඳව බොහෝ පර්යේෂණ සිදු කළේය. ඉන් පසු ඔහු කයිරෝහි අස්හර් මස්ජිදය අසල අර්ධ ගෝලාකාර වහලයක් සහිත කුඩා නිවසක පදිංචි විය. එහි දී ගණිතය පිළිබඳ කතුවරයෙකු ලෙසත් ගුරුවරයෙකු ලෙසත් තම කටයුතු ඇරඹිය. පොත් පරිවර්තනයේ ද නියැලූණේය. යුක්ලිඩ්ගේ , Elements, සහ ටොලමිගේ , Almagest, ඒවා අතුරින් කීපයකි.

islamobs.jpg (64176 bytes)පරිවර්තන වලට පමණක් තම කටයුතු සීමා නොකළ ඉබ්නු හයිතම් ප්‍රකාශ විද්‍යාව, තාරකා විද්‍යාව, සහ ගණිතය පිළිබඳව පොතක් ද ලිවිය. විවිධ මූලාශ්‍ර වලින් පෝෂණය වූ ඒවා අතිශය ඵලදායී විය. භෞතික විද්‍යාව, ගණිතය හා දර්ශන විද්‍යාව පිළිබඳව අරාබි බසින් පොත් 200 ක් පමණ ඔහු විසින් ලියන ලදී. ඇරිස්ටෝටල්ගේ දාර්ශනික ග්‍රන්ථ, ගැලන්ගේ වෛද්‍ය ග්‍රන්ථ ඇතුළුව යුක්ලිඩ්, ඇපලෝනියස්, ආකිමිඩීස් ආදීන්ගේ ගැටළු පිළිබඳව එම ග්‍රන්ථවල සාකච්ඡා කෙරිණ.
වෙළුම් 7 කින් යුක්ත විස්තරාත්මක —කිතාබ් අල්-මනාසිර්˜ නම් වූ ප්‍රකාශ විද්‍යාව පිළිබඳ ග්‍රන්ථය ඉබ්නු හයිතම්ගේ නිර්මාණ අතුරින් වැදගත්ම එකක් විය. ඔහුගේ පර්යේෂණ හා ඒ සම්බන්ධ සියලූ විස්තර එහි අඩංගු විය. ගැඹුරු ලෙස විද්‍යාත්මක ක්‍රමය උපයෝගී කොට ගෙන ලියූ මෙම ග්‍රන්ථය මධ්‍යකාලීන යුගයේ චින්තනයන් සියල්ලම වාගේ අන්තර්ගත විය. දෘෂ්ඨිය පිළිබඳව පූර්ණ හා පැහැදිලි වාදයක් ජ්‍යාමිතය හා කායික විද්‍යාව උපයෝගී කොට පැහැදිලි කෙරේ. වස්තුවක් ඇසට පෙනෙන්නේ කිරණයක් ඇසෙන් නිකුත් වී වස්තුව මත පතිත වීම හේතුවෙන් බව පවසන යුක්ලිඩ් හා ටොලමිගේ වාදය ප්‍රතිෙක‍ෂ්ප කළ ඉබ්නු හයිතම් පරීක්ෂණාත්මකව එය වැරදි බව ඔප්පු කළේය.
ඉබ්නු හයිතම් ඉදිරිපත් කළ තර්කය වූයේ ආලෝකය ඇති පෙදෙසක ඇති ලක‍ෂ්‍යයක් හෝ වස්තුවක් සෑම දිශාවකටම ආලෝකය විහිදුවන අතර එම කිරණ ඇස තුළට සම්ප්‍රේෂණය වීමෙන් දැකීම ඇතිවන බවයි. ගැඹුරු වූත් භෞතික විද්‍යාවේ අනාගත වර්ධනය සඳහා මඟ පෑදූ ඔහුගේ සොයා ගැනීම් නිසා ජෝජ් සාටන් නම් ඇමෙරිකානු ඉතිහාසඥයා ඔහුව හැඳින්වූයේ —ශ්‍රේෂ්ඨ මුස්ලිම් භෞතික විද්‍යාඥයා සහ ප්‍රකාශ විද්‍යා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ශිෂ්‍යයා˜ යනුවෙනි.
විවිධ මාධ්‍ය තුළින් ආලෝකය සම්ප්‍රේෂණය පිළිබඳව අධ්‍යයනය කළ ඔහු වර්තනය පිළිබඳ නියම සොයා ගත්තේය. නමුත් එහි ගෞරවය අද හිමිවන්නේ ස්නෙල් නම් විද්‍යාඥයාටයි. එම නියම —ස්නෙල් නියම˜ අද ප්‍රකටය. ආලෝකය විවිධ වර්ණවලින් සංයුක්ත බවත් එම වර්ණ අපකිරණය වීම පිළිබඳවත් ඔහු සොයා ගත්තේය. ආලෝකය සම්බන්ධ සෙවනැලි, ග්‍රහණයන්, දේදුනු ආදී බොහෝ භෞතික සංසිද්ධි පිළිබඳ දීර්ඝ විස්තර ඉදිරිපත් කළ අතර ආලෝකයේ භෞතික ස්වභාවය පිළිබඳව උපග්‍රහණ ඉදිරිපත් කළේය.
තමා ජීවත් වූ නිවස අඳුරු කොට පිටත සිට කුඩා සිදුරකින් ආලෝකය පැමිණීමට සලස්වා කැමරාව පිළිබඳව මුල්ම පර්යේෂණ සිදු කළේ ඉබ්නු හයිතම්ය. මෙය ,Camera Obscura, නමින් හැඳින්වේ. ඇසෙහි විවිධ කොටස් හා දෘෂ්ඨිය පිළිබඳව විද්‍යාත්මක පැහැදිළි කිරීමක් මුල් වරට විස්තරාත්මකව ඉදිරිපත් කළේ ඉබ්නු හයිතම්ය. ක‍ෂිතිජයේ දී සූර්යයා හා චන්ද්‍රයා තරමින් විශාලව පෙනීම පිළිබඳව ඉතාම නිවැරදි ලෙස පැහැදිලි කළ ඔහු දෙනෙති : Binocular– දෘෂ්ඨිය පිළිබඳව සාකච්ඡා කොට තිබුණි.
ප්‍රකාශ විද්‍යාව පිළිබඳ විස්කිරණ ලෙස පර්යේෂණවල යෙදී සොයා ගැනීම් බොහෝමයක් කර නවීන භෞතික විද්‍යාවේ දියුණුවට මඟ පෑදූ හෙයින් ඉබ්නු හයිතම් —නවීන ප්‍රකාශ විද්‍යාවේ පියා˜ යන විරුදාවලි නාමය ලබා සිටි. බටහිරයෙහි විද්‍යාත්මක ප්‍රගතියට —කිතාබ් අල් මනාසිර්˜ ග්‍රන්ථය විශාල බලපෑමක් ඇති කළේය. රෝජර් බේකන් සහ කෙප්ලර් මෙන්ම නිව්ටන්ගේ අධ්‍යයනයන් සඳහා එම ග්‍රන්ථයේ ලතින් පරිවර්තනය ඉමහත් පිටුවහලක් විය. එමගින් පර්යේෂණ ක්‍රමවල ද විශාල දියුණුවක් ඇති විය.
ගෝලීය සහ පරාවලයික දර්පණ සහ ගෝලීය අපේරණය පිළිබඳව ද ඔහු පර්යේෂණ සිදු කොට ඇත. කාචවල විශාලම බලය පිළිබඳවත් පරීක්ෂණ සිදු කළේය. ඔහුගේ —මීසාන් අල්-හික්මා˜ නම් ග්‍රන්ථයේ වායුගෝලයේ ඝනත්වය පිළිබඳව සාකච්ඡා කරන අතර වායුගෝලයේ උස සමඟ ඇති සම්බන්ධතාව ගොඩ නැගීය. වායුගෝලය තුළින් ආලෝක වර්තනය පිළිබඳව ද විස්තර ඉදිරිපත් කරයි. හිරු උදාවන හා බසින මොහොතේ අහසේ වර්ණ පිළිබඳව විස්තර කරන ඔහු හිරු ක‍ෂිතිජයට 19Ÿ ක් පහළින් සිටින විටද එසේ දිස්වීම ඇරඹීම හෝ නැවතීම සිදුවන බව සොයාගෙන තිබුණි. එමගින් වායුගෝලයේ උස සැතපුම් 55ක් බව දක්වයි. තවද එම ග්‍රන්ථයේ ඔහු ස්කන්ධ අතර ආකර්ෂණ බලය පිළිබඳව ද සාකච්ඡා කරයි. ගුරුත්වජත්වරණය පිළිබඳව ද ඔහු දැන සිටි බව ඉන් වැටහේ.
ගණිතය හා භෞතික විද්‍යා ෙක‍ෂ්ත්‍රයේ ඉබ්නු හයිතම්ගේ දායකත්වය ශ්‍රේෂ්ඨය. විජ ගණිතය හා ජ්‍යාමිතය සම්බන්ධ කොට විශ්ලේෂ ජ්‍යාමිතිය දියුණු කළේය. චලිතය පිළිබඳව අධ්‍යයනය කළ ඔහු බාහිර බලයක් යෙදෙනතාක් කල් වස්තුවක් ඒකාකාරව ගමන් කිරීම හෝ නිශ්චලව තිඛෙන බවත් බාහිර බලයක් යෙදුණු විට එය නැවතීම හෝ චලිතයේ වෙනසක් සිදුවන බව කීය. මෙය චලිතය පිළිබඳව පළමු නියමයට බොහෝ දුරට සමාන වේ.
200 ක් වූ ඔහුගේ අරාබි ග්‍රන්ථ වලින් කීපයක් පමණක් ආරක‍ෂා වී ඇත. එනමුදු ඔහුගේ ශාස්ත්‍රීය ලේඛනවල ලතින් පරිවර්තන බොහෝමයක් අරක්ෂිතව පවතී. විශ්වය පිළිබඳව බොහෝ ග්‍රන්ථ මධ්‍ය කාලීන යුගයේ ලතින් හිබ්රූ හා අනෙකුත් භාෂාවලට පරිවර්තනය කෙරිණ.
ඔහුගේ ග්‍රන්ථවල සුවිශේෂත්වය නම් විද්‍යාත්මක ක්‍රමය පැහැදිලිව ආදේශ කිරීමයි. භෞතික සංසිද්ධි ක්‍රමානුකූලව නිරීක්ෂණය කොට විද්‍යාත්මක වාදයක් ගොඩ නැගීම ඔහු අතින් සිදුවිය. මෙය විද්‍යාත්මක විධි ක්‍රමයේ සංසිද්ධියක් විය. නිරීක‍ෂණය, උප කල්පනය තහවුරු කිරීම යන මූලික අංශ ක්‍රමවත් ලෙස සම්බන්ධ කොට ස්ථීර පදනමක් මත විද්‍යාත්මක අන්වේශන සිදු කළේය. පොදුවේ භෞතික විද්‍යාවටත්, විශේෂයෙන් ප්‍රකාශ විද්‍යාවටත් ඉබ්නු හයිතම් කළ සේවය විශිෂ්ඨය. එමගින් ප්‍රකාශ විද්‍ය ෙක‍ෂ්ත්‍රයේ න්‍යායයික හා ප්‍රායෝගික අංශ 2 ට නව යුගයක දොර විවෘත විය. ක්‍රි.ව 1040 දී ඔහු මෙලොවින් වියෝ විය.
කේ. නාපාවල B.Sc.දෝහා – කටාර්.

මුස්ලීම්වරුන්ගේ දැඩි අවධානයට යොමු වියයුත හලාල්-හරාම්

මුස්ලීම්වරුන්ගේ දැඩි අවධානයට යොමු වියයුතු ඉස්ලාම් අවධාරනය කරන මූලික කාරණයක් තමා “හරාම් හලාල්” යන්න. මෙහි “හරාම්” යන්නේ හි සරල තේරුම තහනම් එසේත් නැත්නම් මුස්ලීම්වරුන් විසින් වැලකී සිටිය යුතු කාරණය හෝ ක්‍රියාව යන්නයි. එසේම “හලාල්” යන්නෙ හි සරල තේරුම මුස්ලීම්වරුන් සදහා අනුමත කාරණයන් හෝ ක්‍රියාවන් යන්නයි.

සමස්ථ ශ්‍රී ලාංකීය ප්‍රජාවට”හරාම්” යන වචනය පිලිබදව එතරම් අවබෝධයක් නොතිබුන ද හලාල් යන වචනය පිලිබදව සැලකිය යුතු අවබෝධයක් ඇත. නමුත් ඔවුන් සම`ග මේ පිලිබදව අදහස් ුහුවමාරු කරගැනීමේ දී පැහැදිලි වන්නේ මෙය මුස්ලීම්වරුන් සදහා ආහාර පාන වි්ශ්ෂයෙන් මාංශ අනුභවයට තෝරා ගැනීම සම්බන්ධයෙන් ඉස්ලාම් දහමින් පනවා ඇති නීතියක් යන්නයි. මෙය එක් අංශයකින් නිවරුදි වුවත් එය සම්පූර්ණ නිවරුදි අර්ථකථනය නොවේ.

මෙහි දී මූලිකවම අවබෝධ කරගත යුතු කාරණයක් ඇත. එනම් ඉස්ලාම් දහම වතාවත් පමණක් අවධාරණය කරන දහමක් නොවේ. එය පරිපූර්ණ ජීවන මාර්ගයකි. එහි මනුෂ්‍යයන් වශයෙන් දෛනිකව මුහුණදෙන නොයෙක් ගැට`එ හා එයට විසදුම් වශයෙන් ජීවත් විය යුතු ආකාරය ඉස්ලාම් දහම නමින් මුස්ලීම් සමාජයට අවධාරනය කරයි. එසේ ඉස්ලාම් මුස්ලීම්වරුන් සදහා අවධාරනය කරන අනුමත කරන සියල්ල හලාල් යයි හැදින්වේ. එය ආහාර පානවලට පමණක් සීමා නොවන අතර ඇදුම් පැලදුම්, ඖෂධ වර්ග, ගමන් බිමන්, කථාබහ, ආගමික කටයුතු………. යනාදී වශයෙන් සිය`එම කාරණා සදහා මෙම හරාම් හලාල් නීතිය වලංගු වේ. මෙහි දී අවධාරනය කලයුතු තවත් කාරණයක් ඇත. එනම් රටක නීතියෙන් යම් ක්‍රියාවක් එසේත් නැත්නම් ආහාරයක් භාවිතයට අනුමතිය දී තිඛෙන්නට පු`එවන නමුත් එය ඉස්ලාම් තහනම් කරන්නේ නම් අනිවාර්‍යයෙන්ම ඉන් මුස්ලීම්වරුන් වැලකී සිටිය යුතුය. උදාහර්ණයකට ඌරු මාංශ අනුභවය හා අලෙවිය ඉස්ලාම් තහනම් කරයි එය ලාංකීය නීතිය අනුව අනුමත වූ කරුණකි නමුත් මුස්ලීම්වරුන් අනිවාර්‍යයෙන්ම වැලකී සිටිය යුතුය. තවත් උදාහර්ණයක් පවසනවා නම් මුස්ලීම්වරයෙකුගේ ඇදුම් සම්බන්ධයෙන් ඉස්ලාම් විවිධ කොන්දේසි යොදා ඇත. නමුත් ලාංකීය නීතිය අනුව ඒ සම්බන්ධයෙන් එවැනි නීතියක් ක්‍රියාත්මක නොවේ. නමුත් මුස්ලීම්වරුන් ඉස්ලාමීය නීකියට අවනත වීම අනිවාර්‍ය වේ එසේ නොවීම හරාම් හෙවත් බරපතල වරදක් ලෙස ඉස්ලාම් දකී. මේ අනුව හරාම් හලාල් යන්න පිලිබදව ඔබට දළ අවබෝධයක් ලැබී ඇතැයි සිතමි.

මෙහි මෙවැනි ලිපියක් ඉදිරිපත් කිරීමට පදනම් වූ කාරණය වන්නේ අද මෙම “හලාල් :්‍” යන වචනය භාණ්ඩ අලෙවිය සදහා යොදාගන්නා ප්‍රචාරන උපක්‍රමයක් බවට පත්වී තිබීමයි. එය කොතරම් ද යයි පවසනවා  නම් ඌරු මාංශ අලෙවිකරන වෙළද ආයතන පවා මෙම “හලාල්” යන  සලකුණ  සූක‍ෂම ආකාරයට භාවිතා කරමින් මුස්ලීම් ජනතාව නොම`ග යවමින් සිටී. විශෙAෂයෙන් අද බොහෝ ආහාරවල සත්ව තෙල් භාවිතා කරයි. එහි ද විශේෂයෙන් ඌරු තෙල් බහුලව භාවිතා කරයි. මේවා පිලිබදව මුස්ලීම් සමාජයේ දැඩි අවධානය යොමු විය යුතුය. “හලාල්” යන වචනය සටහන් වී තිබූ පමණින් එය හලාල් බව නිගමනය කල නොහැක. එය පිලිගත් විද්වත් මඩුල්ලක් විසින් සහතික කර තිබීමද අත්‍ය අවශ්‍ය වේ. මීට අමතරව ඕනෑම ආහාරයක එහි නිෂ්පාදනයේ දී භාවිතා කල අමුද්‍රව්‍ය සටහන් කරන අතර එහි දී E-cord සදහන් කරයි. මෙමE-cord මගින් ද යම්තාක් දුරකට කුන වර්ගයේ සත්ව තෙල් මිශ්‍රකර තිබේ ද යන්න හදුනාගත හැක.  මෙහි දී විශේෂයෙන්E-cord පිලිබදව කිසියම් දැනුමක් සමාජය ලබාගෙන සිටිය යුතුය, එසේම සමහරක් ඖෂධ නිෂ්පාදනයේ දී ද ඉස්ලාම් තහනම් කල සත්ව කොටස් භාවිතා කරයි. උදාහර්ණයකට දියවැඩියා රෝගීන් සදහා භාවිතා කරන “ඉන්සි්‍යුලින්”නිෂ්පාදනයේ දී ගවයා මෙන්ම ඌරා ද යොදාගනී. මේවා පිලිබදව හැකි පමණින් මුස්ලීම් ප්‍රජාව සොයා බලා සුදුසු දෑ තෝරාගත යුතුය.

මෙහිදී සෑම කෙනෙකුහටම මේවා තොරා බේරා ගැනීමේ හැකියාව හා තාක්ෂණ දැනුම නැති බව අප හොදින් දනිමු. එවන් තත්වයක් යටතේ විශ්වාසනීය ආකාරයට සමාජය දැනුවත් කරන විශෙAෂ විද්වත් උපදෙස් හා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සංගම් විශේෂයෙන් මේ සම්බන්ධයෙන් : ACJU– (ශ්‍රී ලාංකීය ආගමික විද්වත් සංගමය අනගි මෙහෙවරක් සිදුකරයි.) එම සංගමයේ වෙබ් අඩවිය තුලින් යම්තාක් දුරට නිවරුදි තොරතුරු ලබාගත හැක. මෙවැනි වෙබ් අඩවිවල තිඛෙන තොරතුරු සමස්ථ මුස්ලීම් ප්‍රජාවගේම අවධානයට යොමු කරලීම සෑම මුස්ලීම්වරයෙකුගේම අනිවාර්‍ය කාලීන වගකීමක් බව ද සෑම මුස්ලීම්වරයෙකුම අවබෝධ කරගත යුතුය. එසේම සමාජය නොම`ග යවමින් බොරුවට  “හලාල් : HALAL” යන ලේබලය භාවිතා කරන පිරිසට එරෙහිව නැගීසිටීම හා ඔවුන් නීතිය හමුවට පැමිණවීම ද අප සෑම කෙනෙකුගේම වගකීමක් බව ද වටහා ගත යුතුය. එසේම මේවා පිලිබදව නොසැලකීලිමත්ව නොහිද අවදියෙන් ක්‍රියා කිරීම ද අනිවාර්‍ය වේ. මේ පිලිබදව ඉස්ලාම් ඉතා අලංකාර උපදෙසක් පවසයි. එනම්,

නබිතුමාණන් වරක් මෙසේ පවසන ලදී. “සැබෑ මුස්ලීම්වරයා කව්ැන්ද යත් ඉස්ලාම් අනුමත කර තිබිය දී පවා (එය ඉස්ලාම් අනුමත කරයිද? නොකරයිද? එය කලොත් මා වරදක් කල කෙනෙකු බවට පත්වේද? යන) සැකය නිසා කිසිවකු ඉන් දුරස්වන්නේ ද ඔහු තමා සැබෑ මුස්ලීම්වරයා (මූමීන්වරයා) වේ”

ග්‍රන්ථය :- තිර්මිදි

ඉහත නබිවදන අනුව මුස්ලීම්වරුන් යම් කාරණයක් සම්බන්ධයෙන් විශේෂයෙන් සැකයට තුඩුදෙන කාරණයක දී ක්‍රියා කලයුතු ආකාරය මනාව පිලිබිඹු කරයි. මේ අනුව මුස්ලීම්වරයෙකු කිසිදු කාර්‍යයක් අඩමානයේ හිද කටයුතු කල නොහැක. එසේම යම් කරුණක් සම්බන්ධයෙන් පූර්ණ ඥානයක් නැත්නම් ඉන් වැලකී සිටීම නුවනක්කාර ක්‍රියාවක් බව ශ=ද්ධ වූ අල්කුර්ආනය ද මෙසේ අවධාරනය කරයි.

නුඹලාට කවරක් පිලිබදව ඥානයක් නැත්තේද එය අනුගමනය නොකරන්න

ශ=ද්ධ වූ කුර්ආනය

ඒ අනුව මුස්ලීම්වරුන් වන අප ඉස්ලම් පවසන හරාම් හලාල් හුදෙක් ලේබලයට පමණක් සීමා නොකොට ඒ පිලිබදව අවධියෙන් හා අවබෝධයෙන් කටයුතු කර හරාමයෙන් මිදුනු යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අප සැම අධිශ්ඨාන කරගනිමු.

(සියල්ල හොදින් දන්නේ අල්ලාහ් පමණි)

නූතන ජුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් වල ප්‍රභවය වන ආබ්‍රහමීය දහම

Fresco with image of Ibrahim about to sacrifice his son

ඉන්දු නිම්නය ආශ්‍රිතව බිහිවුණු දහමක් වන බුදු සමයේද ප්‍රභවය (ආරම්භය) වර්තමාන ඉන්දියාවේ ප්‍රධාන ආගම වන හින්දු දහමේද ප්‍රභවය වන වෛදික දහමයි. වෛදික දහම යනු මීට වසර පන්දහසකට පමණ පෙර සිටි සෘෂි වරයන් අතින් ලියැවුණු සෘග්, අතර්වන්, යපූර් සහ සාම යන වේද ග්‍රන්ථ ඇසුරින් ඇරඹුණු දහමකි. ඇත්තෙන්ම මෙම වෛදික සෘෂිවරුන් විසින් සිදුකළ කාර්ය භාරය ඉස්ලාම් හි අපට උගන්වන නබි (දෙවිඳුන්ගේ මානව පණිවුඩකරු) සංකල්පයට බෙහෙවින්ම සමානය. ඉස්ලාම් අපට පවසන්නේ නබිවරුන්, අල්ලාහ් (දෙවිඳුන්) විසින් කලින් කලට ලොව සතර දිග්භාගය ‍වෙත 124,000 පමණ එවා ඇති බවයි. ඔවුන්ගේ කාර්යභාරය වී තිබුණේ අල්ලාහ්ගේ දේව පණිවුඩය මානවයන්ට දන්වා සිටීමයි. මෙම සෘෂිවරයන් විසින් සිදු කළේද තම අසහාය විශ්ව නිර්මාපකයාණන් (මහා බ්‍රහ්ම) ව මිනිසුන් වෙත හඳුන්වා දීමයි. වෛදික ග්‍රන්ථ වල අපට මුලින්ම දැකිය හැකි වන්නේ මහා බ්‍රහ්ම නැමති විශ්ව නිර්මාපකයාණන් පිළිබඳ ඒක දේවවාදී දේව සංකල්පයකි. මහා බ්‍රහ්මයන් විසින් විශ්වය අරඹා එහි ඇති සියළු දේ හට ගැන්වූ ආකාරය මෙම වේද ග්‍රන්ථ තුල ඉතා මැනවින් අන්තර්ගතය. පසුව මෙම මහා බ්‍රහ්මගේ අවතාර යනුවෙන් බිහි වන තවත් පුද්ගල නාම කිහිපයක් හරහා වෛදික දහම බහුදේව වාදය කරා ගමන් කර ඇති බව අපට පෙනේ. ඉස්ලාම් අපට පවසන ආකාරයට අල්ලාහ්ගේ නබිවරුන් විසින් ගෙනා ඒකදේව වාදී දහම් පණිවුඩ පසුකාලීණව විකෘති කිරීමෙන් ඒවා තුලට බහුදේව වාදය ඇතුළු වී ඇත.

Abraham's Departure,

මේ කාලයටම සමගාමීව මැදපෙරදිග ආසියාවේ නයිල් නිම්නය ආශ්‍රිතව මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය බිහි වී තිබුණි. නූතන ජුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් වල ප්‍රභවය වන ආබ්‍රහමීය දහම (Abrahamic Religion) බිහිවූයේ මෙම ශිෂ්ඨාචාරය තුලය. ආබ්‍රහම් – ඉබ්‍රාහීම් (Abraham) තුමා මීට වසර පන්දහසකට පමණ පෙර මෙසපොතේමියාවේ විසූ ශ්‍රේෂඨ ශාස්තෘ වරයෙකි. වර්තමාන කිතුණු සහ ජුදෙව් ආගම් අදහන අය තමන්ගේ දහම් වල ආදි පීතෘ වරයෙකු ලෙස ආබ්‍රහම් තුමාව සලකති. නමුත් වත්මන් කිතුණු දහම මෙන්ම ජුදෙව් දහමද මෙතුමාගේ ඉගැන්වීම් වලින් බොහෝ සේ ඈතට ගොස් ඇති බව අපට පෙනීයන වැදගත් කරුණකි. වි‍ශේෂයෙන්ම ආබ්‍රහම් තුමා විසින් දිවි නොතකා පෙන්වා දුන් (එකල සිටි බහු දේවවාදී අන්ධ භක්තිකයන් නිසා එතුමා හට නොයෙක් ගැහැට විඳින්නට සිදුවිය) ඒක දේවවාදී සංකල්පය වෙනුවට වත්මන් කිතුණු දහම ත්‍රිත්ව දේව සංකල්පයක් ‍විශ්වාස කිරීම සහ ආබ්‍රහම් තුමා දිවිහි‍මියෙන් එරෙහි වුණු සහ පිළිකෙව් කළ ප්‍රථිමා වන්දනාව කතෝලික වරු නැවත ආරම්භ කර තිබීම පෙන්වා දිය හැක.

File:Gomateswara.jpg

A statue of Jain prophet (or Jina) Bahubali in Karnataka.

බුදු දහම වනාහී අදේවවාදය මුල්කරගත් දහමකි. බුදු සමය පහළ වූ ප්‍රාග් බෞද්ධ සමාජයේ මෙවන් සමයවාද (දහම් මතවාද) රැසක් පැවති බව පැහැදිලි කරුණකි. විශේෂ‍යෙන් බුදුරජාණන්ට පෙර ශ්‍රමණ භාවයට පත්වූ මහාවීරයන් විසින් බිහි කළ ජෛන දහම පෙන්වා දිය හැක. ජෛන දහම යනු ‍ඓතිහාසික සාක්ෂි අනුව බුදු දහමට පෙර ලංකාවේද තිබුණු දහමකි. මෙම ජෛන දහම සම්පූර්ණයෙන්ම අවිහිංසාව පදනම් කරගත් දහමකි. එමනිසා ඔවුන් සත්ව ඝාතනය සහ මාංශ ආහාර අනුභවය දැඩිලෙස ප්‍රතික්ෂේප කරති. බුදුරජාණන් දෙසූ දහමෙහි අභිප්‍රාය වූයේ නිර්මාංශ ආහාර වලඳමින් ලෞකිකව ධාර්මික දිවියක් ගැන දෙසීමට වඩා පරලොව විමුක්තිය සලසන මාර්ගයක් සොයා යාම ගැනය. නමුත් වර්තමාන බොදුණුවන් එම පරලොව විමුක්තිය ලබා ගැනීමේ මාර්ගය සොයා යෑම පසෙකලා එකල සිටි ජෛනයන් (නිඝන්ඨයන්) මෙන් නිර්මාංශ ආහාර ගැන පමණක් ඝෝෂා කරමින් පසුවීම දෛවයේ සරදමක් මෙනි. එකල මෙම ජෛන දහම මෙන්ම තවත් බොහෝ ශ්‍රමණ නිකායන් බිහිවී තිබුණි. මේවායේ තිබුණු ප්‍රධානතම ලක්ෂණය නම් ජීවිතය ගැන පැන නැගුනු ප්‍රශ්ණ අරබයා ශ්‍රමණ වෙස් ගෙන විසඳුම් සෙවීමයි. මෙසේ ශ්‍රමණ වෙස්ගත් බොහෝ දෙනෙක් ගමන් විමුක්ති මාර්ගය සොයා ගත් බවට පෙන්වා දෙමින් තමන්ටම ගෝල පිරිසක් සහ ආශ්‍රම සාදාගෙන විසූහ. නමුත් මෙලෙස නානා මාදිලියේ විමුක්ති මාර්ගයන් ලොව තුල ඇති විය නොහැක. තිබිය හැක්කේ එක විමුක්ති මාර්ගයක් පමණි. ඒසේ නම් මෙම ශාස්තෘවරුන් දැන දැන මුසාවන් දෙසුවාද? නැත. ඔවුන් තමන්ගේම සංකල්පයකට අනුව විමුක්ති මාර්ගය සොයා ගන්නට උත්සාහ දැරුවද එමගින් සිදුව ඇත්තේ තම චින්තනය තුලම දෘශ්ඨි මායාවකට රැවටීමයි. මෙය හුදෙක් තමන් තමන්වම රවටා ගැනීමකට සමාන කළ හැක. නමුත් ඔවුන්ගේ සිතින් සිතන්නේ තමන් සිටිනුයේ නිර්මල පිවිතුරු මාර්ගයේ බවයි. මෙයට මානසික විද්‍යානුකූලව අර්ථකථනයක් ඇත.

බුදු සමය පහළවීමට ද මෙම ආගමික වාතාවරණය බෙහෙවින් උපස්ථම්භක (උපකාරී) වූ බවට කිසිදු සැකයක් නැත. මෙකල ආදියෙහි සිට පැවතුණු චිරාගත වෛදික සම්ප‍්‍රදායට ප‍්‍රතිවිරුද්ධ අදහස් වෛදික සම්ප‍්‍රදාය තුළම බිහි වෙමින් පැවතුණ බවට බොහෝ සාධක ඇත. මෙයට හේතුව වෛදික සම්ප්‍රදාය මේ වන විට බහුදේව වන්දනාවට ගොස් එම ඊනියා දෙවිවරු සංතෘප්ත කිරීමට බිලිපූජා සහ නොයෙකුත් යාගහෝම ක්‍රම ඇතිවී තිබුණි. එමෙන්ම දෙවියන්ට පුද සත්කාර කිරීම සඳහාය කියා වරප්‍රසාද ලත් බමුණු කුලයක්ද බිහි වී තිබුණි. මෙම බමුණු කුලය විසින් අනෙකුත් කුලවල ජනයාව පහත් අඩියකට ඇද දමමින් තමන් පමණක් දෙවියන්ගේ මහාර්ඝවූ නියෝජිතයන් බවට පෙන්වා දෙනු ලැබීය. මේ නිසා මුල් වේද ග‍්‍රන්ථවල සඳහන් මහා බ්‍රහ්ම කෙරෙන් එන විමුක්ති මාර්ගය පිළිබඳ සැක පහළකරමින් පසුකාලීණව පහල වූ ඇතැම් ශාස්තෘවරුන් විසින් ප‍්‍රකාශ කළ අදහස් ආරණ්‍යක ග‍්‍රන්ථවල ඉතා පැහැදිලිව දක්නට ලැබේ.

වෛදික දහමෙහි විමුක්ති මාර්ගය වන මහාබ්‍රහ්මට සිදුකරණ යාඥාවන් වෙනුවට උපනිෂද් යුගයේ මනුෂ්‍ය ඥාණයට මුල් තැන ලැබිණි. ඔවුන්ගේ අදහස වූයේ දෙවිකෙනෙක් නැත. මිනිසාට ස්වකීය ඥාණයෙන් පමණක් විමුක්තිය සලසා ගත හැකිය යනුවෙනි. එකල මෙම ඥාණය කෙරෙහි විශ්වාසය තැබු සමයවාද රාශියක් බිහිවී ඇත. බිහිවූ මෙම සමයවාද වලින් එකක් ලෙස බුදු සමය පෙන්වා දිය හැක. මෙමගින් පෙනී යන්නේ බුදු සමය හුදකලාව ඇති වූවක් නොවන බවයි. එය සහෝදර අනික් සමය රාශියක් සමග එකට වැඩුණු ඉගැන්වීම් ක‍්‍රමයකි. අනෙක් සමයන්ගේ බලපෑම නොමඳව ඒ කෙරෙහි දක්නට ලැබුණු බව අප විසින් අමතක නොකළ යුතුය.

A statue of Shiva in Bangalore

එකල පැවති මෙම සමයවාදයන් තුළ විඤ්ඤාණවාදී අදහස් ද, භෞතිකවාදී අදහස් ද දක්නට ලැබිණි. නමුත් එකල පැවති සියලු ඉන්දියානු ආගම් තුළ දක්නට ලැබෙන ආගමික සහනශීලීතාව ඇති වූයේ, ආරම්භක වෛදික සම්ප‍්‍රදාය තුළින්ම බව පැහැදිලි ය. මේ බව විඤ්ඤාණ වාදය – ලෝකෝත්තර දෙසට ද, භෞතික වාදය – ලෞකිකත්වය දෙසට ද යොමු වූ බව කරුණු අධ්‍යයනය කිරීමේදී පැහැදිලිව පෙනේ. ඉන්දියානු භෞතිකවාදී ආගම් සියල්ලටම මූලය ලෙස සලකන්නේ වේදය යි. ඔවුන් තම ඤාණ ප‍්‍රභවය ලෙස වේදය පිළිගත්තේ ඒ නිසාවෙනි.

කල් යත්ම මෙම වේදයේ ප‍්‍රභූත්වය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරමින් සමයවාද රාශියක් ඉන්දියාවේ බිහි විය. ශ‍්‍රමණ සම්ප‍්‍රදාය මේ අලුත් අදහස් අනුව බිහි විය. ශ‍්‍රමණ – බ‍්‍රාහ්මණයන් වශයෙන් ඒ පිරිස හැඳින්විණි.

File:Birth of Buddha at Lumbini.jpg

This picture depicts the birth of Gautama Buddha, in a forest at Lumbini, in Nepal. The legend goes that directly after his birth, he made 7 steps and proclaimed that he would end suffering and attain supreme enlightenment in this life. The Buddha's mother is holding a branch of a tree for support during birth. In the picture also some gods and some servants of can be seen.

කි‍්‍රස්තු පූර්ව 06 වන සියවසේ දී බුදු සමය ඉන්දියාවේ පහළ විය. කර්ම හා කර්ම විපාක පිළිගැනීම, සදාචාරාත්මක ජීවිතය නැවත අගය කිරීම, නැවත උත්පත්තිය පිළිගැනීම, විමුක්ති සාධනය විෂයෙහි මානසික සංවර්ධනය ප‍්‍රබලම සහ එකම සාධකය ලෙස සහනශීලීව පිළිගැනීම බුදු සමයේ එන වැදගත් ඉගැන්වීම් ලෙස සැලකෙයි. නමුත් වෛදික ස්ත්‍රෝත‍්‍ර නිර්මාණය කළ අට්ඨක, වාමදේව ආදී ඍෂිවරුන් බුදුරජාණන්ගේ පැසසුමට ලක් වී ඇත. බුදුරජාණන් පෙර විසූ ආචාර්යවරුන් කීප දෙනෙක් පිළිබඳ කෙරෙන වර්ණනාවෙන් ඒ බව පැහැදිලි වේ. සදාචාරසම්පන්න ජීවිතයක් ගත කළ මුනිවරු ලෙස ද ඒ අය හැඳින්විණි. එමෙන්ම බෝධිසත්වයන් වශයෙන් සිටියදී බුදුරජාණන්ට ද සත්‍ය ගවේෂණයේ දී ආලාරකාලාම, උද්දකරාම වැනි ආචාර්යවරු වැදගත් විය.

බුදුරජාණන් තම බුද්ධත්වයෙන් පසුව ඒ දෙදෙනා පිළිබඳව සළකා ඇත්තේ නුවණ මුහුකුරා ගිය තැනැත්තන් ලෙස ය. එසේම අනෙකුත් ශාස්තෘන් අතර බුදුරජාණන් කවර තැනක සිටින්නේදැයි තේරුම් ගැනීමට උපකාර වන සූත‍්‍රය, මජ්ජිම නිකායේ සංගරාව සූත‍්‍රයයි.

ප‍්‍රභවය, පැවැත්ම, අන්‍යොන්‍ය සම්බන්ධය ආදී කරුණු සලකා බලන විට බුදු සමය හා සමකාලීන අනෙක් සමයවාද අතර ගැටුමක් ඇතිවීමට අවකාශ නොමැත. ඇත්තටම බුදු සමය කි‍්‍රයාත්මක වූයේ එවැනි සහනශීලී ක‍්‍රමයකටය. මේ බව අනෙක් සමකාලීන ශාස්තෘවරුන් විෂයෙහි බුදුරජාණන් දැක්වු ආකල්ප වලින් එය මනාව පැහැදිලි වෙයි. සමහර ශාස්තෘවරුන් ගැන ප‍්‍රශංසා මුඛයෙන් කතා කොට ඇත. විනය පිටකයේ සිංහ සේනාපති පිළිබඳ පුවතත්, මජ්ජිම නිකායේ උපාලි ගෘහපතියා පිළිබඳ පුවතත් ඊට උදාහරණ වෙයි. එම දෙදෙනාම ජෛන මහාවීරගේ අනුගාමිකයන් ය. එම දෙදෙනා බුදුරජාණන් කෙරෙහි පැහැදීමට පත්විය.

මෙහි දී බුදුරජාණන් ඔවුන්ට පවසා සිටියේ තමන්ගේ මුල් ශාස්තෘවරයා වන නිගණ්ඨනාථ පුත්තයන්ට කළ ගෞරව සත්කාර නොපිරිහෙලා ඉටු කිරීමට ඔබ දෙපළ බැඳී සිටින බවයි. මෙසේ එම දෙදෙනා බුදුරජාණන්ට සියලු සත්කාර සම්මාන ගෞරව කිරීමට ඉදිරිපත් වූ අවස්ථාවක දී කලින් ශාස්තෘවරයාට ද සුපුරුදු අයුරින් සැළකීමට ඔවුන් පෙළඹවූහ. මෙවැනි කරුණු ති‍්‍රපිටකයේ තවත් බොහෝ තැන්හි දක්වා ඇත.

බුදුරජාණන් වෙත පැමිණෙන සමහර බමුණෝ විටෙක බුදු සමය පිළිගනිති. තවත් විටෙක මුලින් බුදුන් සමග එකඟ වී පසුව බමුණු මතය ම පිළිගනිති. ඇතැම් මහණ බමුන් බුදුන් වෙත එළඹ වාද විවාදයෙහි පැටලී බුදුරජාණන්ට නිග‍්‍රහ කරති. මේ සෑම දෙනා කෙරෙහිම බුදුරජාණන් අනුගමනය කරන්නේ මැදහත් පිළිවෙතකි. ඇතැම් අය තමන්ගේ ආරාමයට බුදුරජාණන් එතැයි බලාපොරොත්තුවෙන් සිටි බව මජ්ජිම නිකායේ චූල සකුඑදායි සූත‍්‍රයෙන් පැහැදිලි වෙයි. තවත් එක් අවස්ථාවක බුදුරජාණන් වච්ඡගොත්තයන්ගේ ආරාමයට ගිය බව සඳහන් වෙයි. මෙහිදී මම ඔබගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියෙමි. ඒ සඳහා අසුන් පනවා ඇත. අසුනේ හිඳගනු මැනවැයි වච්ඡගොත්තයන් බුදුරජාණන්ට ආරාධනා කරති. මේ බුදුරජාණන් ප‍්‍රාදේශීය සුළු ආගමික නායකයන් අතර පැවැති සුහද පිළිගැනීමයි.

නිගන්ඨනාථ පුත්තගේ සව්වන් වෙත බුදුරජාණන් එළඹ කළ සාකච්ඡාවලදී පූර්වකෘත අකුසල කර්ම ක්ෂය කිරීම පිළිබඳ බුදුරජාණන් දැක්වූ අදහස්වලට ඔව්හු එකඟ වෙති. එමෙන්ම නිගන්ඨනාථ පුත්තගේ අභාවය පිළිබඳ වුවද බුදුරජාණන්තුළ සතුටක් නොවීය. ෂඩ් ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම පිළිබඳව නොයෙක් විවේචන බුදුරජාණන්ට තිබුණ ද ඔවුන් පිළිබඳ නිහඬව සිටීමට වග බලාගත්හ. එයින් මිය ගිය පුද්ගලයන් විවේචනය නොකර සිටීමේ ගුණය බුදුරජාණන් තුලද වූ බව අපට පෙනේ. මෙය මුහම්මද් නබි (එතුමන්ට ක්ෂාන්තිය අත්වේවා) තුමාණන්ද සිය ජීවිතයෙන්ම පෙන්වා දුන් යහගුණයකි.

මහා පරිනිබ්බාණ සූත‍්‍රයේ දී බුදුරජාණන්ගේ අන්තිම ශ‍්‍රාවකයා වන සුභද්‍ර බුදුරජාණන්ට මෙසේ ප‍්‍රකාශ කරයි. ෂඩ් ශාස්තෘවරු එකිනෙකට පටහැනි අදහස් ප‍්‍රකාශ කරති. එහෙයින් මම කවරක් පිළිගත යුතුද? එහි දී බුදුරජාණන් ප‍්‍රකාශ කළේ එය එසේ තිබේවා. මම තොපට ධර්මය දේශනා කරමි. එය ඔබ අසන්න යනුවෙනි. එසේම අජාසත් රජුද ෂඩ් ශාස්තෘවරුන් පිළිබඳව විස්තරයක යෙදෙයි. තමා අඹ ගැන අසන විට ඔවුන් දෙල් ගැන කතා කරතියි අජාසත් රජු බුදුරදුන්ට ප‍්‍රකාශ කර සිටියි. බුදු රදුන් ඒ පිළිබඳව නිහඬ භාවයක් දක්වා ලෝකයේ යථා ස්වභාවය පිළිබඳ රජුට පැහැදිලි කරති.

ශ‍්‍රමණ බ්‍රාහ්මණයන්ට නිසි ලෙස සැලකිය යුතු බවත්, එසේ නොකරන්නේ නම් ඔහු වසලයකු බවත්, බුදුරජාණන් වසල සූත‍්‍රයේ දී වසලයන් ගැන කළ විවරණයේදී පැහැදිලි කළහ. තම ආගමට තමා යම් පමණකට සලකයි ද ඔබ අන් ආගම්වලට ද එසේ ගරු කරන්න. අන් ආගම්වලට ගරු නොකරන්නා තම ආගමට ද ගරු නොකරයි යන්න බුදු වදන පෙන්වා දෙයි. මජ්ජිම නිකායේ නිවාප, සන්ධක සූත‍්‍රවල ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් වර්ග සතරක් ගැන ඉදිරිපත් කොට ඇත.

1. පස්කම් සැප විඳිමින්, ඒවායේ මුලාව පමාවී සිටින අය.

2. සුළු කාලයකට පස්කම් සැප අතහැර පසුව ඒවායේ වසඟයට පැමිණෙන අය.

3. පස්කම් සැපයෙන් ප‍්‍රතික්ෂේප කොට යැපීම සඳහා පමණක් ආහාර ගන්නා එසේ වුවද සිතේ වැරැදි අදහස් පහළ වන අයයි.

4. පස්කම් සැප සම්පූර්ණයෙන් මිදී, විමුක්ති මාර්ගයට පිවිස ක‍්‍රමයෙන් සත්‍ය ගවේෂණ කරන අයයි.

සන්ධක සූත‍්‍රයට අනුව සමකාලීන ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් කොටස් 02 කට බෙදා ඇත. එක් කොටසක් අබ‍්‍රහ්මචරිය වශයෙනුත්, තවත් කොටසක් බ‍්‍රහ්මචරිය වශයෙනුත් දක්වා ඇත. බුදුවීමට පෙර සිද්ධාර්ථ තාපසයාණන්, ආලාරකාලාම, උද්දකාරාමපුත්ත සමීපයෙහි බඹසර හැසිරීම බ‍්‍රහ්මචරිය යනුවෙන් එය දක්වා ඇත. එමෙන්ම අර්ථවත් ජීවිතයට උපදෙස් නොදෙන බොරු ආගම් අබ‍්‍රහ්මචරිය ගණයට වැටේ. එම ආගම් වලින් දෙන උපදෙස් පිළිබඳව විමසා බලමු.

1. පරලොවක් නැතැයි පවසන අය.

2. කර්මඵල ගැන විශ්වාසයක් නැති අය.

3. සියල්ල ඉබේ සිදුවන බව පවසන අය

4. නියති වාදයක් ගැන කථා කරන අය.

මෙසේ පරලොවක් නැතැයි ඉස්ලාමයද නොපවසයි. සැබවින්ම පරලොවක් ඇත. හේතුවාදීන් සහ භෞතිකවාදීන්ගේ මතය අරබයා ඉස්ලාමය සහ බුදු දහම එකඟ නැත. ඉස්ලාමයද කර්මය ගැන පවසති. නමුත් ක්‍රියාවට ප්‍රතිවිපාකය අල්ලාහ් ගෙනි. සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ අභිමතය පරිදි බව ඉස්ලාමීය විශ්වාසයයි.

බුදුරජාණන් විසින් පැවසු මෙම අය ගැන දැන ගැනීම සඳහා පහත සඳහන් කරුණු වෙත ද අවධානය යොමු කළ යුතුව ඇත.

1. සියල්ල දන්නා බව පවසන ශාස්තෘන් සිටින ආගම්

2. අනු ශ‍්‍රවයට අනුරූප ආගම්

3. තර්කානුසාරීව හටගත් ආගම්

4. වික්ෂේපවාදී ආගම්

පළමු කරුණ සියල්ල දන්නා බව පැවසුවත්, ඒ අනුව නොහැසිරෙන බැවින් සියල්ල දන්නා බව පිළිබඳව සැක ඇතිවීම, පළමු කරුණින් පෙන්නුම් කරයි. ඉස්ලාමයට අනුව කිසිදු මිනිසෙකුට තමන් සියල්ල දන්නා බව පැවසිය නොහැක. සියල්ල දන්නේ මිනිසා සහ මුළු විශ්වයම නිර්මාණය කළ අසම සම අල්ලාහ් පමණි. දෙවන කරුණ ශ‍්‍රැතියට හිමි වෙයි. එය මනාව ඇසූ එකක් මෙන්ම මනාව නොඇසූ එකක් ද විය හැකිය. එමෙන්ම ශ්‍රැතිය යනු මුඛයෙන් මුඛයට ගමන් කිරීමක් බැවින් වෙනස් වීම අනිවාර්යය. තුන්වැනි කරුණ ගැන පැවසීමේ දී තර්කය හරියට මෙන්ම වැරදියට කළ හැකිය. තර්කයෙන් සත්‍ය සනාථ වනවාට වඩා නූතන යුගයේදී සිදු කරනුයේ අසත්‍ය සනාථ කිරීමයි. සතර වැනි කරුණ අනුව සත්‍ය යැයි ගත හැකි අදහසක් ප‍්‍රතික්ෂේප විය හැක.

සන්ධක සූත‍්‍රයට අනුව බුද්ධ කාලයේ තිබුණු සියලු සමයන් එක්කෝ අබ‍්‍රහ්මචරිය වාසයට හෝ බ‍්‍රහ්මචරිය වාසයට ඇතුළත් වෙයි. ඉස්ලාමය මේ කොටස් දෙකෙන්ම බැහැරවූ මාර්ගයක ගමන් කොට ඇති බව පෙනේ. ඉස්ලාම් දහම තුල අල්ලාහ් සියළු පරමාධිපත්‍යයේ හිමිකරුවාණන්ය. මෙය ආදි වෛදික යුගයේ මහා බ්‍රහ්ම වෙත තිබූ පරමාධිපත්‍යට සමානය. නමුත් සමහර අවස්ථාවල එයද අභිබවා යාමකි. මෙමගින් පෙර විසු වෛදික සෘෂිවරුන් පැවසුවේද ඉස්ලාමයම බව පැහැදිලිය. නමුත් පසුකාලීණව එය බහුදේවවාදය සහ බිලිපූජා දෙසට ගමන් කොට ඉන්පසුව අදේවවාදී ශ්‍රමණ නිකායන් බිහිවී ඇති බව පැහැදිලිය.

සූත‍්‍ර නිපාතයේ නන්ද සූත‍්‍රයට අනුව විමුක්තිය සාක්ෂාත් කළ හැක්කේ බෞද්ධ මාර්ගයෙන් පමණි. තණ්හාව පිරිසිඳ දැක ආශ‍්‍රව දුරු කරන්නේ බුදුරජාණන් සහ ශ‍්‍රාවකයන් පමණි. සත්‍ය දැකීමට බුදුරජාණන්ගේ අනුගාමිකයෙක් විය යුතුය. එසේ නොවන අන් අය පංචකාමයන්ට ගොදුරුව මාරයාගේ වසඟයට පැමිණෙත්. මෙය වනාහී ඉස්ලාමීය විශ්වාසයක් වන අවසන් විනිශ්චයට සමානය. මෙහිදී ඉස්ලාමය විශ්වාස නොකරන්නේ පුනරුත්පත්තිය සමග බැඳුණු සසර චක්‍රයයි. නමුත් භෞතික වාදයට සහ විඥාණවාදයට බරවූ බෞද්ධයන්ද මෙම සසර චක්‍රය විශ්වාස නොකරති.

බුද්ධ කාලයේ අනගාරිකව පැවිදිවීම සමකාලීන බොහෝ ආගම් දර්ශන පිළිගෙන තිබිණි. නමුත් ඉස්ලාමය මෙය පිළිකෙව් කරයි. ලොව තුල පවතින ආගම් ඇසුරින් බලන කළ අත්ථකිලමතානු යෝගය සහ අධිකකාමසුඛල්ලිකානු යෝගය යන දෙකෙන්ම බැහැරව මැදුම් පිළිවෙත ඉස්ලාම්ය. සැබවින්ම මෙම ජීවිතයේ ප්‍රශ්ණ හමුවේ කලකිරී ගිහිගෙය හැරයාම සහ හෙට මැරුණත් හිතට සැපයි අද ජොලිකරලා යන ආකල්පය දරන අධිකකාමසුඛල්ලිකානු යෝගයද ඉස්ලාමය පිළිකෙව් කරයි. මෙලොව දිවිය යනු අල්ලාහ් අප‍ වෙත තබා ඇති පරීක්ෂණයකි. මෙම පරීක්ෂණයෙන් පලා යාමද පරීක්ෂණය හමුවේ වගකීමෙන් තොරව ජීවත් වීමද මුස්ලිම් වරයෙකුට නොහොබිය

දෙවියන් විසින් පහල කරන ලද අවසන් දහමiක්‍රිස්තියානි ආගම හා ඉස්ලාම්

ඉස්ලාම් දහම මෙලොව දෙවියන් විසින් පහල කරන ලද අවසන් දහමයි මෙයින් පසු වෙන ඉස්ලාම් දහම මෙලොව දෙවියන් විසින් පහල කරන ලද අවසන් දහමයි මෙයින් පසු වෙන කිසිම ධර්මයක් පහල නොවෙයි .මින් පෙර පහල වූ ආගම වන්නේ ඉන්ජීල් ය එනම් ක්‍රිස්තියානි ආගමයි . එම ආගම මෙලොව ප්‍රචාරය කිරිම සඳහා දෙවියන් විසින් තොරගනනු ලබු වක්තෘවරයා නබි ඊසා ය ක්‍රිස්තියානි වරු ඔහුව ජේසු යන නාමයෙන් හදුන්විය .
එනම් ඊසා නබි තුමන් පිළිබඳ අල් කුරාන්හි සඳහන් දේ කුමක්ද මෙහි බලමු .
අපගේ විශ්වාසය අනුව ඊසා නබිතුමන්ව මරියම්තුමිය අල්ලාහ්ගේ හාස්කමින් ජන්ම කළ කාන්තාවය . ඇය පිරිමි කෙනකුගේ සම්බන්ධයෙන් තොර ඇය බිහිකිරිම එම හාස්කමයි . මේ පිළිබඳ අල්කුරාන්හි ආලඉමිරාන් ,සහ මර්යම් යන පරිචෙදයන් හි සදහන් වී ඇත . මරියම්තුමිය ජනිත වූ විට ඇයගේ මව මනා ජිවිතයක් ලබා දෙනුමෙන් දෙවියන්ගෙන් ප්‍රර්ථනා කළාය . මෙය භාරගත් අල්ලාහ් සකරියා තුමාගේ භාරයේ ඇය ගේ ජිවිතය සකස්කිරිමට භාරකළාය . මෙය අල්කුරානයහි මෙසේ සඳහන් ව ඇත. ඉමිරාන්ගේ ඇඹනිය මගේ ස්වාමිනි ! ඇත්තෙන්ම මම මගේ කුසෙහි දැරුව ඔබට මෙහෙ කිරිමට භාර කෙළෙමි එම නිසා මගෙන් පිළිගනු මැනවි ඇත්තෙන්ම ඔබ ප්‍රර්ථනාවන්ට සවන් දෙන්නේය ,සිතෙහි ඇති දේද දන්නේය කීවණමද සිහිකරන්න එය ප්‍රස්ත කළ කල්හි මගේ ස්වාමිනී ඇත්තෙන්ම මම එය ගැහැණු දරුවකුව ප්‍රස්ත කෙළෙමි අල්ලාහ් ඇය ප්‍රසුත කළ දැය ගැන ඉතා හොදින් දන්නේය . එහෙත් පිරිම දරුව ගැහැණු දරුවාමෙන් නොවෙයි ඇත්තෙන්ම මම ඇයට මරියම්යි නම් කළෙමි ඇත්තෙන්ම . මම ඇයටද ඇයගේ පෙළපතටද ශාපලත් ෂයිතාන්ගෙන් ඔබගෙන් ආරක්ෂාව ඉල්ලමි ” කීවාය ( 3.30-35 )
සකරියා තුමා මරියතුමිය ආරක්ෂාකරිව තැබු ස්ථානයට ගොස් හමුවෙනවිට එතුමියට ආහාර සපයා තිබිම දැක ,එතුමියගෙන් ඒ ගැන ප්‍රශ්න කළවිට ඇය මෙසේ පැවසුවාය . අහෝ මරියා මෙය ඔබට කොහෙන්දැයි කිවේය එය අල්ලාහ්ගේ සන්නිධානයෙන් යැයි කීවාය . ඇත්තෙන්ම , අල්ලාහ් ඔහු කැමති අයට ප්‍රමාණතික්‍රාන්ත කොට දෙන්නේ යැයි කීවාය ( අල්කුරාන් 3.37 )
සමස්ත මානව සංහතියටම මාර්ගෝපදේශකයක් සැටියට අනාගත වක්තෘ වන මුහම්මද් තුමා වෙත අල්ලාහ් විසින් පතිත කළාවු අවසාන ගිවිසුම් නම් ශුද්ධවු අල්කුරානයේ මරියම්තුමිය සම්බන්ධව පමණක් නොව එතුමියගේ පුත්‍රාය වන ඊසා තුමන් ගැනද ඉතා උසස්ව කියවේ . අල්කුරානයේ සඳහන්වු පරිදි මූසා තුමා ,ඉබිරාහිම් තුමා , නුහ්තුමා , වගේම ඊසාතුමා ද අල්ලාහ්ගේ වක්තෘවරයෙක්ය . එසෙම මරියා සම්බන්ධවඳ සකල ලෝක මාතවන්ට ආදර්ශමත් කාන්තාවෙකු බවට ශුභපතයි.
මෙය පහත දක්වන අල්කුරාන් වාක්‍ය තවත් මනාව පැහැදිලි කරයි . අහෝ මරියතුමියනි ! ඇත්තෙන්ම අල්ලාහ් ඔබ තෝර ගත්තේය , ඔබ පාරිශුද්ධ කළේය .ලොව ස්ත්‍රීන්ගෙන් ඔබ තෝරා ගත්තේ යැයි දේව දුතයන් කිවෝය .( අල්කුරානය 3.42)
යුදෙව්වරුන් මරියතුමියගේ මනා චරිතයට එරෙහිව චෝදනාවක් එල්ල කළ විට ,අල්කුරානය එය ප්‍රතික්ෂේප කර ඇය මනා චරිතවත් මාතාවක් බවට ඔප්පු කරයි . මේරිතුමිය ගැන ඔවුන්ගේ ප්‍රතික්ෂෙප කිරිමෙන්ද ඔවුන්ගේ මගත්වු අවමන් වචනයෙන්ද අල්ලාහ් ඔවුන්ව ශාප කළෙය .( අල්කුරානය 4.156)
අල්කුරානය ජේසුස් වහන්සේගේ ජනිතවීම මරියතුමියගේ මාර්ගයෙන් යැයි පිළිබඳ විස්තර කරයි . මරියතුමිය ,ජේසුස් වහන්සේ ජනිතවීමට යම්තම් පෙර තමා ප්‍රාර්ථනවේ යෙදි සිටි නැගෙනහිර පැත්තේ ස්ථානයක විවේක ගත්තාය . මෙවැනි අවස්ථාවක සුරදුතයා මනුෂ්‍යයෙකුගේ විලාසයෙන් ඈගේ ඉදිරියට පැමිණියේය . ඇය බිය වී තමාගේ තනිකම අත්පත් කරගන්න එපා යැයි ඔහුගෙන් ඉල්ලා සිටියාය . මේ සම්බන්ධව අල්ලාහ් අල්කුරානයේ මෙසේ පවසයි . පුස්තකයෙහි මර්යම් ගැන කියවන්න . ඕ ඇගේ සිය ජනයාගෙන් වෙන්ව නැගෙනහිර තැනකට ගියවිට ඕ ඔවුන්ගෙන් වෙන්ව තිරයක් ඇල්ලුවාය එවිට අපි අපගේ සුරදුතයෙක්ව ඇය වෙත යැව්වෙමු . ඔහු ස්ම්ප්‍රණ මනුෂ්‍ය විලාසයෙන් ඇය ඉදිරියට පැමිණියේය . මරියම්තුමිය ජිබිරීල් දුටු විට , ඇත්තෙන්ම මම ඔබගෙන් පරමදයාලු කෙරෙහි පිහිට පතමි , ඔබ බිය බැතියෙක් නම්යි ( එහෙයින් මට ළංනොවන්න ) ඕ කීවාය .ඔබට පිරිසුදු පුතකු ( ගැන දැනුම් ) දෙන පිණිස මම ඔබතුමියගේ සුරදුතායෙක් පමණෙක්මුයි ඔහු කීවේය . මිනිසෙක් මා ස්පර්ශ නොකළෙය මම ව්‍යහීචාරිණිද නොවුයෙමි . මට දරුවෙක් කෙසේ වන්නේදැයි ඕ කීවාය ( අල්කුරාන් 19.16-20)
මේ නිසා මරියම්තුමිය ස්වභාවයෙන්ම මවිතයට පත්වි , මීට පෙර මා කිසිම මනුෂ්‍යයෙකුගේ ස්පරෂයට නොලක්වූයේ යැ‍යි ප්‍රකාශ කළාය . එයට සුරදූතයා මෙසේ පිළිතුරු දුන්නේය , එසෙය එය මට ලෙහෙසියයි ඔබගේ රක්ෂකයා පවසයි ,තවද අප ඔහු මනුෂ්‍යයනට උපමාවක් හා අපගෙන් දයාලුභාවයක් හා කරණු පිණිස දැයිද අපි ඔහු නිර්මාණය කළෙමු ,එය තිරණය කරන ලද දැයක් යැයි ද ඔබගේ රක්ෂකයා පැවසුවේය ඔහු කිවාය . ( අල්කුරාන් 19.21-22)
මරියතුමිය මනුෂ්‍ය පැවැත්මක් නිසා වෙනත් මව්වරුන් සේම ප්‍රසව වේදනාව ලක්වුවාය ප්‍රසවයේ උග්‍ර වේදනාව දරාගන්නට බැරිව ඈ මෙසේ විලාපවු බව අල්ලාහ් පහත සඳහන් පරිදි අල්කුරානයේ කියා සේක .පසු ඇයට ඇතිවු ප්‍රසව වේදනාව ඉඳිකදක් වෙතට ඇයව පත් කළේය . අහෝ මෙයට පෙර මා මැරුණානම් තවද මා ශුන්යව මතක නැතිවුවා නම්යි ඈ කීවාය . එවිට ඇයට පහළින් සිට ජිබිරිල් වන ඔහු ශබ්ද කර ඈට හඬ්නගා, මරියා ! ඔබ දුක් නොවන්න ඔබගේ පාදය ට පහළින් ඔබගේ රක්ෂකයාණන් දොළක් හැටගැන්වුයෙය යිද තවද මේ ඉඳිකද ඔබගේ දෙසට ඇඳ සොලවන්න එය ඉඳුණු ඉදිගෙඩි ඔබ අසලට වැටන්නට සලසන්නීය ද එවිට ( එම ඉඳිණු ඉඳිගෙඩි ) ඔබ කන්න ! තවද ( දොළේ ජලය ) බොන්න ( මේ ළදරුවගෙන් ) ඔබේ ඇස සිසිල් කරන්න ! පසු මනුෂ්‍යයන්ගෙන් යන්කිසි කෙනෙකු ඔබ හමුවුණි නම් මම පරමදයාලු හු වෙත උපවස්තාවක් කෙළෙමි එහෙයින් මම මෙදින කිසිම මනුෂ්‍යයෙකු සමග කථා නොකරන්නමි යැයි ( සංඥවකින් ) දක්වන්න *( අල්කුරාන් 19.23-26).
මරියම්තුමිය සිය ළදරුවා තමාගේ ජනතාවට පෙන්වු විට ඔවුහු ඇත්තෙන්ම විස්මයට පත්වන දෙයක් සිදුවුහ යැයි කියති . අළුතින් උපන්නාවු ළදරුවා ( ජේසුස් වහන්සේ ) ජනතාවට මෙසේ පිළිතුරු දුන්හ ( එවිට ඔවුන්හට ) ඇත්තෙන්ම , මම අල්ලාහ්ගේ වහළෙක්මි . ඔහු මට ග්‍රන්ථයක් දී මා වක්තෘවරයෙකුද කෙළේ යැයි ඔහු කිවේය . තවද මම කොහි සිටියෙමිද ඔහු මා ආශිර්වාද ලද්දෙකු කෙළේ ය . මා ජිවතුන් අතර සිටින තුරා මට සලාත් ඉටුකිරිමටද දුගී බද්ද දීමටද අණ කෙළේ ය තවද මගේ දෙමව්පියන්ට මා දයාබර දක්වන කෙනෙකුද කෙළේය . ඔහු මා අහංකාරයෙකු හෝ කාලකණ්ණියකු හෝ නොකෙළේය , මා උපන් දිනද මා මැරන දිනද ( විනිශ්චය දිනයෙහි ) නැවත මා දිවියෙන් නැගිටවනු ලබන දිනද අල්ලාහ්ගේ සාමය මා කෙරෙහි ඇතිවේවා ( අල්කුරාන් 19.27-33)
මරියතුමිය ජේසුස් වහන්සේගේ මව වී කාන්තාවන් අතරෙහි උසස් තත්ත්වයක් දරාගන්නට සමත්වූවත් , මරියතුමිය හෝ ජේසුස් වහන්සේ දේව විශේෂ ලක්ෂණයන්හි කිසිදු ලක්ෂණයක්වත් දැරුවේ නැතයි යන සත්‍යය පහත දක්වන අල්කුරාන් වාක්‍යයෙන් පැහැදිලිව සනාථවේ.
ඇත්තෙන්ම , අල්ලාහ් ඔහු තමයි මරියතුමියගේ පුත් මසීහ් යැයි කී අය ප්‍රතික්ෂේප කෙළෝය .නමුත් මසීහ් ඉසිරාඊල්ගේ දරුවනි මාගේ ස්වාමිදු තොපගේ ස්වාමිදු වූද එකම අල්ලාහ් දෙවියන් නමදින්න යැයි කීවේය . ඇත්තෙන්ම යමෙක් අල්ලාහ් දෙවියන් වහන්සේට සමානයන් තබන්නේද අල්ලාහ් ඔහු කෙරෙහි ස්වර්ගය තහන්ම් කළෙය . තවද ඔහුගේ නවාතන නිරය වන්නේය .මෙවැනි අපරාධ කරුවන්ට විනිශ්චය දිනයේ උදව්කරන්නන් කිසිවකු නැත . ඇත්තෙන්ම අල්ලාහ් දෙවියන් වහන්සේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් යැයි කියු අය ප්‍රතික්ෂෙප කෙළෝය . මක්නිසාදයත් ,එකම දෙවියෙක් වන අල්ලාහ් හැර සෙසු කෙනෙක් නැත . එම නිසා තුන්දෙනාගෙන් එක්කෙනෙක් යැයි ඔවුන් කියන දැයින් නොවැළකුණහොත් ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනීය දඬුවම් ලක්වීමය . එම නිසා ඔවුහු අල්ලාහ් වෙත හැරී පාපොච්චරණයකර කල පාපයට ඔහුගෙන් සමාව නොඉල්ලුවොත් අල්ලාහ් කෂමා කරන්නන් යපරම දයාලුය . මරියතුමියගේ පුත්‍රයා මසීහ් වක්තෘවයෙකු මිස දෙවියෙකු හෝ ඔහුගේ පුත්‍රයෙක් හෝ නැත ඔහුට පෙරද ඔහු වැනි නොයෙක් වක්තෘවරු උකුත් වූහ ඔහුගේ මවද දෙවියෙක් හෝ ඔහුගේ දියණියෙකු හෝ නැත. ඇය සත්‍යවන්තියකි . මේ දෙදෙනාද වෙනත් මනුෂ්‍යයන් වගේම ආහාර අනුභව කර ජිවත්වුවෝය එම නිසා මේ දෙදෙනා නැමදීමට සුදුස්සන් වන්නේ කෙසේද මෙය අපි සමහර සාධක මාර්ගයෙන් ඔවුනට කෙසේ පැහැදිලි කරන්නෙමු දැයි වක්තෘවරයනි ඔබ සලකා බලන්න ! පසු ඔවුහු සත්‍යයෙන් කොපමණ ඇත්වී ගියෝ දැයි ඔබ සලකා බලන්න , තවද ඔවුන්ගෙන් අල්ලාහ් හැර තොපට කිසි යහපතක් හෝ අයහපතක් හෝ අත්කර දෙන්නට නොහැකි දැ‍ය තොපි නැමදුම් කරන්නෙහුදයි කියා වක්තෘවයනි! ඔබ පවසන්න ඇත්තෙන්ම අල්ලාහ් ඔහු අසන්නේය සියල්ලම දන්නේය . පොත හිමිවරුනි ඔබ ඔබේ ධර්මය සත්‍යය හැර වෙනත් කිසිවකින් සීමාවන් ඉක්මවා නොයන්න , තවද මීට පෙර දිර්මාර්ගයෙලත් ජනායගේ සිතුවිලිද අනුගමනය නොකරන්න , මක්නිසාදයත් ඔවුන් වැරදි මාර්ගය පිළිපැද තවද බොහෝ දෙන වැරදි මගට යොමුකළෝය ,තවත් ඔවුන් නිවැරදි මග හැර දුර්මාර්ගයවූහ (අල්කුරාන් 5.72-77)

ආදම්තුමා පියෙක් නැතුව කෙසේ ඉපදුනේදෑඅ සර්ව බලධාරි අල්ලාහ්ගේ ශක්තියෙන් ජේසුස් වහන්සේත් හාස්කම් මාර්ගයෙන් උපත ලැබුවේය . ඇත්තෙන්ම ,අල්ලාහුගේ සන්නිධානයෙහි ඊසාගේ උපමාව ආදම්ගේ උපමාවට බඳුය ,ඔහු ආදම් මැටියෙන් ඇඹුවේය .පසුව එයට මනුෂ්‍යයෙකු මෙන් වෙයි කිවේය , කෙණෙහිම විය ( අල්කුරාන් 3.59)
වක්තෘවයෙනි )ඔබ පවසන්න ,ඔහු එකම දෙවියන් අල්ලාහ්ය ඔහු ස්වාධිනය සියල්ල ඔහු කෙරෙහි ආධිනය. ඔහු ජාතක නොකරවනු ලබන්නේය , ඔහුට සමාන වන කිසිවක් නැත .(අල් කුරාන් 112.1-4)
එනම් අල්කුරාන යෙන් ජේසුස් වහන්සේ අල්ලාහ්ගේ වක්තෘවරයෙකු යන්න පැහැදිලි ය . සමහර අය හිතන පරිදි ඔහු දෙවිකෙනෙකු නොව ඔහුගේ ගැත්තකි . ජේසු තුමන් කැදව්වේද අල්ලාහ්ට නැමදිම සඳහා ය .ඔහු කිසිවිටක තමන් දෙවියෙක් ලෙස හෝ දෙවියන්ගේ පුතෙක් ලෙස හෝ හැඳිවිය නැත .අපද ඔහුව වක්තෘවරයෙකු ලෙස පිළිගන්නමු.
කිසිම ධර්මයක් පහල නොවෙයි .මින් පෙර පහල වූ ආගම වන්නේ ඉන්ජීල් ය එනම් ක්‍රිස්තියානි ආගමයි . එම ආගම මෙලොව ප්‍රචාරය කිරිම සඳහා දෙවියන් විසින් තොරගනනු ලබු වක්තෘවරයා නබි ඊසා ය ක්‍රිස්තියානි වරු ඔහුව ජේසු යන නාමයෙන් හදුන්විය .
එනම් ඊසා නබි තුමන් පිළිබඳ අල් කුරාන්හි සඳහන් දේ කුමක්ද මෙහි බලමු .
අපගේ විශ්වාසය අනුව ඊසා නබිතුමන්ව මරියම්තුමිය අල්ලාහ්ගේ හාස්කමින් ජන්ම කළ කාන්තාවය . ඇය පිරිමි කෙනකුගේ සම්බන්ධයෙන් තොර ඇය බිහිකිරිම එම හාස්කමයි . මේ පිළිබඳ අල්කුරාන්හි ආලඉමිරාන් ,සහ මර්යම් යන පරිචෙදයන් හි සදහන් වී ඇත . මරියම්තුමිය ජනිත වූ විට ඇයගේ මව මනා ජිවිතයක් ලබා දෙනුමෙන් දෙවියන්ගෙන් ප්‍රර්ථනා කළාය . මෙය භාරගත් අල්ලාහ් සකරියා තුමාගේ භාරයේ ඇය ගේ ජිවිතය සකස්කිරිමට භාරකළාය . මෙය අල්කුරානයහි මෙසේ සඳහන් ව ඇත. ඉමිරාන්ගේ ඇඹනිය මගේ ස්වාමිනි ! ඇත්තෙන්ම මම මගේ කුසෙහි දැරුව ඔබට මෙහෙ කිරිමට භාර කෙළෙමි එම නිසා මගෙන් පිළිගනු මැනවි ඇත්තෙන්ම ඔබ ප්‍රර්ථනාවන්ට සවන් දෙන්නේය ,සිතෙහි ඇති දේද දන්නේය කීවණමද සිහිකරන්න එය ප්‍රස්ත කළ කල්හි මගේ ස්වාමිනී ඇත්තෙන්ම මම එය ගැහැණු දරුවකුව ප්‍රස්ත කෙළෙමි අල්ලාහ් ඇය ප්‍රසුත කළ දැය ගැන ඉතා හොදින් දන්නේය . එහෙත් පිරිම දරුව ගැහැණු දරුවාමෙන් නොවෙයි ඇත්තෙන්ම මම ඇයට මරියම්යි නම් කළෙමි ඇත්තෙන්ම . මම ඇයටද ඇයගේ පෙළපතටද ශාපලත් ෂයිතාන්ගෙන් ඔබගෙන් ආරක්ෂාව ඉල්ලමි ” කීවාය ( 3.30-35 )
සකරියා තුමා මරියතුමිය ආරක්ෂාකරිව තැබු ස්ථානයට ගොස් හමුවෙනවිට එතුමියට ආහාර සපයා තිබිම දැක ,එතුමියගෙන් ඒ ගැන ප්‍රශ්න කළවිට ඇය මෙසේ පැවසුවාය . අහෝ මරියා මෙය ඔබට කොහෙන්දැයි කිවේය එය අල්ලාහ්ගේ සන්නිධානයෙන් යැයි කීවාය . ඇත්තෙන්ම , අල්ලාහ් ඔහු කැමති අයට ප්‍රමාණතික්‍රාන්ත කොට දෙන්නේ යැයි කීවාය ( අල්කුරාන් 3.37 )
සමස්ත මානව සංහතියටම මාර්ගෝපදේශකයක් සැටියට අනාගත වක්තෘ වන මුහම්මද් තුමා වෙත අල්ලාහ් විසින් පතිත කළාවු අවසාන ගිවිසුම් නම් ශුද්ධවු අල්කුරානයේ මරියම්තුමිය සම්බන්ධව පමණක් නොව එතුමියගේ පුත්‍රාය වන ඊසා තුමන් ගැනද ඉතා උසස්ව කියවේ . අල්කුරානයේ සඳහන්වු පරිදි මූසා තුමා ,ඉබිරාහිම් තුමා , නුහ්තුමා , වගේම ඊසාතුමා ද අල්ලාහ්ගේ වක්තෘවරයෙක්ය . එසෙම මරියා සම්බන්ධවඳ සකල ලෝක මාතවන්ට ආදර්ශමත් කාන්තාවෙකු බවට ශුභපතයි.
මෙය පහත දක්වන අල්කුරාන් වාක්‍ය තවත් මනාව පැහැදිලි කරයි . අහෝ මරියතුමියනි ! ඇත්තෙන්ම අල්ලාහ් ඔබ තෝර ගත්තේය , ඔබ පාරිශුද්ධ කළේය .ලොව ස්ත්‍රීන්ගෙන් ඔබ තෝරා ගත්තේ යැයි දේව දුතයන් කිවෝය .( අල්කුරානය 3.42)


යුදෙව්වරුන් මරියතුමියගේ මනා චරිතයට එරෙහිව චෝදනාවක් එල්ල කළ විට ,අල්කුරානය එය ප්‍රතික්ෂේප කර ඇය මනා චරිතවත් මාතාවක් බවට ඔප්පු කරයි . මේරිතුමිය ගැන ඔවුන්ගේ ප්‍රතික්ෂෙප කිරිමෙන්ද ඔවුන්ගේ මගත්වු අවමන් වචනයෙන්ද අල්ලාහ් ඔවුන්ව ශාප කළෙය .( අල්කුරානය 4.156)
අල්කුරානය ජේසුස් වහන්සේගේ ජනිතවීම මරියතුමියගේ මාර්ගයෙන් යැයි පිළිබඳ විස්තර කරයි . මරියතුමිය ,ජේසුස් වහන්සේ ජනිතවීමට යම්තම් පෙර තමා ප්‍රාර්ථනවේ යෙදි සිටි නැගෙනහිර පැත්තේ ස්ථානයක විවේක ගත්තාය . මෙවැනි අවස්ථාවක සුරදුතයා මනුෂ්‍යයෙකුගේ විලාසයෙන් ඈගේ ඉදිරියට පැමිණියේය . ඇය බිය වී තමාගේ තනිකම අත්පත් කරගන්න එපා යැයි ඔහුගෙන් ඉල්ලා සිටියාය . මේ සම්බන්ධව අල්ලාහ් අල්කුරානයේ මෙසේ පවසයි . පුස්තකයෙහි මර්යම් ගැන කියවන්න . ඕ ඇගේ සිය ජනයාගෙන් වෙන්ව නැගෙනහිර තැනකට ගියවිට ඕ ඔවුන්ගෙන් වෙන්ව තිරයක් ඇල්ලුවාය එවිට අපි අපගේ සුරදුතයෙක්ව ඇය වෙත යැව්වෙමු . ඔහු ස්ම්ප්‍රණ මනුෂ්‍ය විලාසයෙන් ඇය ඉදිරියට පැමිණියේය . මරියම්තුමිය ජිබිරීල් දුටු විට , ඇත්තෙන්ම මම ඔබගෙන් පරමදයාලු කෙරෙහි පිහිට පතමි , ඔබ බිය බැතියෙක් නම්යි ( එහෙයින් මට ළංනොවන්න ) ඕ කීවාය .ඔබට පිරිසුදු පුතකු ( ගැන දැනුම් ) දෙන පිණිස මම ඔබතුමියගේ සුරදුතායෙක් පමණෙක්මුයි ඔහු කීවේය . මිනිසෙක් මා ස්පර්ශ නොකළෙය මම ව්‍යහීචාරිණිද නොවුයෙමි . මට දරුවෙක් කෙසේ වන්නේදැයි ඕ කීවාය ( අල්කුරාන් 19.16-20)
මේ නිසා මරියම්තුමිය ස්වභාවයෙන්ම මවිතයට පත්වි , මීට පෙර මා කිසිම මනුෂ්‍යයෙකුගේ ස්පරෂයට නොලක්වූයේ යැ‍යි ප්‍රකාශ කළාය . එයට සුරදූතයා මෙසේ පිළිතුරු දුන්නේය , එසෙය එය මට ලෙහෙසියයි ඔබගේ රක්ෂකයා පවසයි ,තවද අප ඔහු මනුෂ්‍යයනට උපමාවක් හා අපගෙන් දයාලුභාවයක් හා කරණු පිණිස දැයිද අපි ඔහු නිර්මාණය කළෙමු ,එය තිරණය කරන ලද දැයක් යැයි ද ඔබගේ රක්ෂකයා පැවසුවේය ඔහු කිවාය . ( අල්කුරාන් 19.21-22)
මරියතුමිය මනුෂ්‍ය පැවැත්මක් නිසා වෙනත් මව්වරුන් සේම ප්‍රසව වේදනාව ලක්වුවාය ප්‍රසවයේ උග්‍ර වේදනාව දරාගන්නට බැරිව ඈ මෙසේ විලාපවු බව අල්ලාහ් පහත සඳහන් පරිදි අල්කුරානයේ කියා සේක .පසු ඇයට ඇතිවු ප්‍රසව වේදනාව ඉඳිකදක් වෙතට ඇයව පත් කළේය . අහෝ මෙයට පෙර මා මැරුණානම් තවද මා ශුන්යව මතක නැතිවුවා නම්යි ඈ කීවාය . එවිට ඇයට පහළින් සිට ජිබිරිල් වන ඔහු ශබ්ද කර ඈට හඬ්නගා, මරියා ! ඔබ දුක් නොවන්න ඔබගේ පාදය ට පහළින් ඔබගේ රක්ෂකයාණන් දොළක් හැටගැන්වුයෙය යිද තවද මේ ඉඳිකද ඔබගේ දෙසට ඇඳ සොලවන්න එය ඉඳුණු ඉදිගෙඩි ඔබ අසලට වැටන්නට සලසන්නීය ද එවිට ( එම ඉඳිණු ඉඳිගෙඩි ) ඔබ කන්න ! තවද ( දොළේ ජලය ) බොන්න ( මේ ළදරුවගෙන් ) ඔබේ ඇස සිසිල් කරන්න ! පසු මනුෂ්‍යයන්ගෙන් යන්කිසි කෙනෙකු ඔබ හමුවුණි නම් මම පරමදයාලු හු වෙත උපවස්තාවක් කෙළෙමි එහෙයින් මම මෙදින කිසිම මනුෂ්‍යයෙකු සමග කථා නොකරන්නමි යැයි ( සංඥවකින් ) දක්වන්න *( අල්කුරාන් 19.2

http://en.wikipedia.org/wiki/Jesus_in_Islam

ක්‍රිස්‌තියානි හෙවත් කතෝලික ආගම

මහාචාර්ය නලින් ද සිල්වා

කිතුණු දහම පළමු සියවස්‌ තුනේ එතරම් ව්‍යාප්ත නො වුණ ද ඒ කාලයෙහි එහි පදනම යම් ප්‍රමාණයකට වුව ද සකස්‌ විණි. ප්‍රථම පාප් ලෙස සැලකෙන ශාන්ත පීතර සහ පාවුළු සමඟ රෝමයේ වාසය කිරීම රෝමයේ පූජකවරුන්ට ප්‍රධාන තැන ලැබීමට හේතුවක්‌ ලෙස සැලකෙයි. එහෙත් එය එසේම සිදු විණි ද එසේත් නැත්නම් රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන නගරය වූ රෝමයේ විසූ පූජකවරුන්ට ප්‍රධාන තැන ලැබුණේ ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ක්‍රිස්‌තු වර්ෂ 58 වන විට (එනම් අද ක්‍රිස්‌තු වර්ෂ 58 නමින් හැඳින්වෙන වසර වන විට) රෝමයේ ක්‍රිස්‌තියානි (කතෝලික) භක්‌තිකයන් යම් ප්‍රමාණයක්‌ විසූ බව හෙළි වෙයි.

ක්‍රිස්‌තියානි හෙවත් කතෝලික ආගම යෑයි පසුව හඳුන්වනු ලැබූ ආගම මුල දී ද වැඩි වශයෙන් ප්‍රචාරය වූයේ යුදෙව් නො වන ගෝත්‍ර හා ජනතාව අතර ය. මුල් ආගම ක්‍රිස්‌තියානි ආගම යනුවෙන් හැඳින්වෙන්නට ඇත. ක්‍රිස්‌තුස්‌ දෙසූ ආගම ක්‍රිස්‌තියානි නමින් හැඳින්වීම ස්‌වාභාවික ය. ඒ කතෝලික ලෙස හඳුන්වන්නට ඇත්තේ සමස්‌තය වැනි කරුණු අවධානයට ලක්‌ වීමෙන් පසුව විය හැකි ය. (අප බොහෝ විට කියා ඇති පරිදි කතෝලික යන්නෙන් සමස්‌තය යන්න ගම්‍ය වෙයි). කතෝලික ආගම තහවුරු වීමෙන් පසුව දහ සය වැනි සියවසේ දී කතෝලික පල්ලියට එරෙහි ව මාටින් ලූතර් වැන්නන් ඇරඹූ ව්‍යාපාරයෙහි අවශ්‍යතාව වූයේ නැවතත් මුල් ක්‍රිස්‌තියානි ආගමට යැම ය. එබැවින් ඔවුහු තම නව ආගම ක්‍රිස්‌තියානි ලෙස ම හැඳින්වූ හ.

මේ මුල් ක්‍රිස්‌තියානියට ආපසු යෑම යන්න තව තවත් අධ්‍යයනයට භාජන විය යුත්තකි. එක්‌ අතෙකින් ගත් කල අද යොදා ගන්නා වචන භාවිත කළ හොත් මාටින් ලූතර් වැන්නෝ මූලධර්මවාදියෝ වූ හ. බොහෝ චින්තන හා වෙනත් විප්ලව එවකට ආධිපත්‍යය දරන මතවාදයේ අනුගාමිකයන්ට හා අනුග්‍රාහකයන්ට අනුව මූලධර්මවාදී වෙයි. මාක්‌ස්‌වාදයේ ද ආපසු මාක්‌ස්‌ට (Back to Marx) ආදී ව්‍යාපාර අද ද වෙයි. එහෙත් මේ කිසිවකුට හෝ කිසි ම ව්‍යාපාරයකට හෝ ආපසු මුල් දහමට, කෘතියට යා නොහැකි ය. සෑම ඉගැන්වීමක්‌ ම විකාශයෙහි දී යම් යම් කරුණු එකතු කරගන්නා අතර වෙනත් කරුණු ඉවත් කරයි. ඒ සියල්ල නැවතත් තිබූ අයුරින් ම පවත්වාගෙන යැමට සමාජ විකාශය විසින් ඉඩ දෙනු නො ලැබෙයි. මාටින් ලූතර් වැන්නන්ට ද කිසි දිනෙක නැවතත් ක්‍රිස්‌තුස්‌ කරා යැමට නොහැකි විය.

එහෙත් ඔවුන්ට අවශ්‍ය වූයේ කුමක්‌ ද යන්න තේරුම් ගැනීමෙන් අපට මුල් ක්‍රිස්‌තියානිය කුමක්‌ ද යන්න පිළිබඳ හෝඩුවාවක්‌ ලබාගත හැකි ය. මෙහි දී අවධාරණය කළ යුත්ත නම් ඒ මුල් ක්‍රිස්‌තියානිය අප දකින්නේ ද මාටින් ලූතර් වැන්නන් ගේ ඇසින් බව ය. ක්‍රිස්‌තුස්‌ගේ ඉගැන්වීම් කතෝලික ආගම ලෙස මෙතරම් පැතිරී යැමට හේතු කවරේ ද යන්න අප ඇසූ මුල් ප්‍රශ්නයක්‌ වෙයි. එයට ඉතා පහසු පිළිතුරු තිබේ. එනම් දේශපාලන ආධිපත්‍යය යෙදවීම, කුරුස යුද්ධ (Crusades) – කඩුවේ බලය ඔස්‌සේ ආගම ප්‍රචලිත කිරීම, සමීක්‍ෂණ (Inquisitions) ආදිය වෙයි. එහෙත් මේ සාධාරණ (පොදු යන අරුතින්) හේතු නො වේ. යුරෝපයේ දී මේ ක්‍රම භාවිත වුවත් ආසියාවේ පිලිපීනයේ හැරෙන්නට මෑතක්‌ වන තුරු මේ ක්‍රමවලින් වුවත් කතෝලික හෝ වෙනත් ක්‍රිස්‌තියානි ආගමක්‌ හෝ පතුරුවා හැරීමට නොහැකි විය. අද දකුණු කොරියාවේ ද වෙනත් ආසියාතික රටවල ද මූලධර්මවාදී යෑයි කියන ක්‍රිස්‌තියානි ආගම්වලට යම් ඉඩක්‌ සැපයී ඇත්තේ කෙසේ ද යන්න ද අප සලකා බැලිය යුතු ය.

ලෝකය පුරා පැතිරී ගියේ ක්‍රිස්‌තුස්‌ගේ ඉගැන්වීම් ද එතුමාගේ නමින් ප්‍රචාරය වූ වෙනත් ඉගැන්වීම් ද යන ප්‍රශ්නය වෙයි. ක්‍රිස්‌තුස්‌ යුදෙව් ඉගැන්වීම්වලට පටහැනිව ගොස්‌ ඇති බව පැහැදිලි ය. යුදෙව්වන් ඉතා විශාල බහුතරයක්‌ එතුමාට විරුද්ධ වූයේ ද අවසානයේ දී රෝම ආණ්‌ඩුකාරයා ලවා එතුමාට මරණ දඬුවම පමුණුවනු ලැබූයේ ද එබැවිනි. එතුමා තමන් දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා බව කීවේ ය. ඒ කියමන යුදෙව්වන් කුපිත කළ බව නිසැක ය. මාටින් ලූතර් වැන්නෝ ද ඒ නිෂ්ප්‍රභ නො කරති. එහෙත් ඔවුහු මරියතුමියට කතෝලික ආගම විසින් දෙනු ලැබ ඇති තත්ත්වය ප්‍රතික්‍ෂේප කරති.

කතෝලික ආගමේ දෙවියන් වහන්සේ සංයුක්‌ත වෙති. කතෝලිකයෝ එකට එකතු වී තම සංයුක්‌ත දෙවියන් වහන්සේට පල්ලියේ දී යාඥ කරති. කතෝලික ආගමෙහි ශූද්ධ වූ ත්‍රිත්වයක්‌ (Holy Trinity) වෙයි. ඒ දෙවියන් වහන්සේ හා පීතෘ, දෙවියන් වහන්සේ හා පුත්‍රයා, ශූද්ධ වූ ආත්මය (Holy Spirit) යනුවෙනි. මේ ත්‍රිත්වය ක්‍රිස්‌තියානි ආගම් විසින් ප්‍රතික්‍ෂේප නො කෙරේ. (දෙවියන් වහන්සේ පියා ලෙස ද පුත්‍රයා ලෙස ද එක්‌ විට පෙනී සිටියි.) එසේ නම් ක්‍රිස්‌තියානි ආගම් විසින් කතෝලික ආගමේ කුමක්‌ ප්‍රතික්‍ෂේප කෙරෙන්නේ ද? මා තේරුම් ගන්නා ආකාරයට ක්‍රිස්‌තියානි ආගම් විසින් ප්‍රතික්‍ෂේප කෙරෙන්නේ සංයුක්‌ත හා සාමූහික දෙවියන් වහන්සේ ය හා සාධාරණ වශයෙන් ගත් කල සාමූහිකත්ව ය. ක්‍රිස්‌තියානි ආගම නැවත යන්නේ යෑයි කියන්නේ වියුක්‌ත හා කේවල දෙවියන් වහන්සේ කෙනකු වෙත ය. මෙහි දී කේවල යන්නෙන් මා අදහස්‌ කරන්නේ තනි තනි ව වුවත් කොතැනක දී වුවත් යාඥ කළ හැකි දෙවියන් වහන්සේ කෙනෙකි.

එසේ නම් ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ දෙවියන් වහන්සේ ද එවැනි කේවල දෙවියන් වහන්සේ කෙනෙක්‌ ද? එසේ විය යුතු ම නැත. අප නැවතත් මතක්‌ කර ගත යුත්තේ අප මේ වියුක්‌ත කේවල දෙවියන් වහන්සේ දකින්නේ මාටින් ලූතර් වැන්නන් ගේ ඇස්‌වලින් බව ය. ඔවුන් දකින ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ දෙවියන් වහන්සේ ම විය යුතු නො වෙයි. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ දෙවියන් වහන්සේ ඇත්තේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ රාමුවෙහි ය. මාටින් ලූතර් දකින ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ දෙවියන් වහන්සේ ඇත්තේ මාටින් ලූතර් ගේ රාමුවෙහි ය. අප මේ දකින්නේ අපේ රාමුවෙහි ඇති දෙවියන් වහන්සේ බව ද අමතක නො කළ යුතු ය.

කෙසේ වෙතත් අප දකින දෙවියන් වහන්සේ අපේ රාමුවෙහි සංගත විය යුතු ය. අපේ උත්සාහය එලෙස සංගත දෙවියන් වහන්සේ කෙනකු නිර්මාණය කිරීමටත් අපේ ප්‍රශ්නවලට සංගත පිළිතුරු ලබා ගැනීමටත් ය. මාටින් ලූතර් වැන්නන් ගේ ක්‍රිස්‌තියානි ආගම්වල මරියතුමියට ප්‍රධාන තැනක්‌ නො දීමෙන් පෙන්නුම් කරන්නේ දෙවියන් වහන්සේ ගේ වියුක්‌ත බව වැඩි කිරීම ය. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ පියා දෙවියන් වහන්සේ බව පිළිගැනීම මාටින් ලුතර් වැන්නන් ගේ රෙපරමාදු හෙවත් ප්‍රතිසංස්‌කරණවාදී ක්‍රිස්‌තියානි ආගම්වලට ප්‍රශ්නයක්‌ නො වේ. එහෙත් මරියතුමියට ප්‍රධාන තැනක්‌ දීම හේතුවෙන් ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ දේවත්වයට තරමක කැළලක්‌ වන්නේ යෑයි ප්‍රතිසංස්‌කරණවාදීන් සිතන්නට ඇත. එහෙත් ඔවුන්ට එතුමිය සහමුලින් ම අමතක කර මිනිස්‌ ලොවට පැමිණි දෙවියන් වහන්සේ කෙනකු ගැන කතා කිරිමට ද නොහැකි ය. මේ හේතුවෙන් මරියතුමිය ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ මව ලෙස පිළිගන්නා අතර එතුමියට දේවත්වයක්‌ හෝ වෙනත් වැදගත් බවක්‌ ආරෝපණය නො කිරීමට ප්‍රතිසංස්‌කරණවාදීහු බලාපොරොත්තු වූ හ.

යුදෙව්වෝ වියුක්‌ත වූ හ. එහෙත් ඔවුහු සාමූහිකත්වය අගය කළ සාමූහික ජීවිත ගත කළ අය වූ හ. (මගේ පැරැණි ලිපියක යුදෙව්වන් වෙන් ව ජීවත් වූ අය යෑයි කියා ඇත්නම් ඒ වරදකි). ක්‍රිස්‌තුස්‌ වහන්සේ මේ සාමූහිකත්වය ප්‍රතික්‍ෂේප කෙළේ යෑයි කිව නොහැකි ය. උන්වහන්සේ ද සාමූහිකත්වය අගය කළ හ. උන්වහන්සේ සමාජයෙන් වෙන් ව තනිව ජීවත් වූ අයෙක්‌ නො වූ හ. උන් වහන්සේ වියුක්‌තය නම් ප්‍රතික්‍ෂේප කළ හ. එහෙත් ප්‍රතිසංස්‌කරණවාදීහු මුල් ක්‍රිස්‌තියානියට ආපසු යන්නේ යෑයි කියමින් සමාජය එකල විකාශය වෙමින් පැවැති තැනකට යැමට උත්සාහ කළ හ. ඔවුහු ක්‍රිස්‌තුස්‌ වහන්සේ වෙතට යන්නේ යෑයි කියමින් බොහෝ කරුණුවලින් ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගෙන් ඉවතට ගිය හ.

මේ සියලු කරුණු හේතු කොටගෙන ක්‍රිස්‌තුස්‌ වහන්සේ සංයුක්‌ත චින්තනයක සාමූහිකත්වයට ගරු කළ අයකු ලෙස අපි හඳුනා ගනිමු. යුදෙව්වන් උන්වහන්සේට විරුද්ධ වූයේ උන්වහන්සේ වියුක්‌තයට එරෙහි ව යැම නිසාත්, තමන් දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා යෑයි ප්‍රකාශ කිරීම නිසාත් ය. යුදෙව්වෝ කෙතරම් වියුක්‌ත වූවෝ ද යත හොත් ඔවුහු දෙවියන් වහන්සේ ගේ පිළිම නො ඇඹුවෝ ය. මෙය ඉස්‌ලාම් ආගමට පොදු වූ කරුණක්‌ විය. යුදෙව් හෝ ඉස්‌ලාම් හෝ ආගමික ස්‌ථානවල පිළිම චිත්‍ර ආදිය දක්‌නට නො ලැබේ. එහෙත් කතෝලික දේවස්‌ථානවල ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ මෙන් ම මරියතුමිය ගේ ද සුරුවම් දක්‌නට ලැබෙයි. ක්‍රිස්‌තුස්‌ වහන්සේ දෙවියන් වහන්සේ හා දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා වුව ද මරියතුමිය ගේ ද පුත්‍රයා විය. එපමණට දෙවියන් වහන්සේට මිනිස්‌ ස්‌වභාවයක්‌ තිබිණි. වියුක්‌ත දෙවියන් වහන්සේ මෙන් නො ව උන්වහන්සේ එකල කා හටත් දැකගත හැකි විය. මරියතුමිය ද එසේ විය. එබැවින් ක්‍රිස්‌තුස්‌ වහන්සේ දෙවියන් වහන්සේ වුව ද උන්වහන්සේ ගේ හා මරියතුමිය ගේ පිළිම ඇඹීම හා චිත්‍ර ඇඳීම ප්‍රශ්නයක්‌ නො වී ය. ප්‍රතිසංස්‌කරණවාදීහු මරියතුමියට වැදගත් තැනක්‌ නො දීමෙන් ද දෙවියන් වහන්සේ නැවත වියුක්‌ත කළ හ.

යුදෙව්වෝ තම ආගම ව්‍යාප්ත කිරීම සඳහා උනන්දු නො වූ හ. ඔවුන් අනෙක්‌ ආගම්වලට විරුද්ධ ව ක්‍රියා කළ නමුත් අන්‍ය ආගම්වල දෙවියන් වහන්සේලා ගේ හා වෙනත් අය ගේ පිළිම කඩා බිඳ දැමූ නමුත් අන්‍යයන් තම ආගමට හරවා ගැනීමට මහත් උත්සාහයක නො යෙදුණ හ. සාමාන්‍යයෙන් යුදෙව්වකු විය හැකි වූයේ උත්පත්තියෙනි. එහෙත් ක්‍රිස්‌තියානි ආගමට මුල දී කිසිවකු උපතින් ම ඒ ආගමට නො ලැබුණි. එබැවින් ක්‍රිස්‌තුස්‌ වහන්සේට අන්‍යයනට ඉගැන්වීමට පමණක්‌ නො ව ඔවුන් ක්‍රිස්‌තියානි කිරිමටත් සිදු විය.

එහි ප්‍රතිඵලය වූයේ බොහෝ විට යුදෙව්වන් උන්වහන්සේට විරුද්ධ වූ හෙයින් යුදෙව්වන් නො වන අයට ඉගැන්වීමට සිදු වීම ය. විශේෂයෙන් ම ක්‍රිස්‌තුස්‌ වහන්සේ මරණයට පත් කිරීමෙන් පසුව උන්වහන්සේ ගේ ආරම්භක ගෝලයන්ට මෙය බලපාන්නට ඇත. ප්‍රධාන අපොස්‌තුළුවරුන්ට මෙය වඩාත් ම දැනුණාට සැකයක්‌ නැත. පීටර්තුමා හා පාවුළුතුමා බටහිර ආසියාවෙන් පැන ගොස්‌ රෝමයේ තම ඉගැන්වීම් කටයුතු කෙළේ නම් ඒ ගැන පුදුම වන්නට දෙයක්‌ නැත. එමෙන් ම රෝම ආණ්‌ඩුකාරයා වූ පිලාතේ ක්‍රිස්‌තුස්‌ වහන්සේට මරණීය දණ්‌ඩනය නියම කෙළේ යුදෙව්වන් ගේ කීමට බවත් ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගෙන් හෝ අපොස්‌තුළුවරුන් ගෙන් හෝ රෝමයට තර්ජනයක්‌ නො වූ බව ඔහු දැන සිටි බවත් අප අමතක නො කළ යුතු ය. ඇතැම් විට පීටර් හා පාවුළු අපොස්‌තුළුවරුන්ට යුදෙව්වන් ගෙන් බේරී රෝමයට පලා යැමට පිලාතේ ආණ්‌ඩුකාරයා ආධාර කෙළේ නම් අප එයට ද පුදුම විය යුතු නැත. මෑත ඉතිහාසයේ බොහෝ රටවලින් එංගලන්තයට පැමිණි හා පැමිණෙන විප්ලවවාදීන් ගෙන් (කාල්මාක්‌ස්‌ ද ඇතුළු) ඒ රටට අබමල් රේණුවක ද හානියක්‌ නො වන බව ඉංගිරිසීහු දනිති. යම් අයුරකින් ඔවුන් ගෙන් එංගලන්තයට ප්‍රශ්නයක්‌ වේ නම් ඉංගිරිසිහු ඔවුන්ට එංගලන්තයට පැමිණීමට අවසර දෙත් ද?

ජේසුස් වහන්සේ නමින් අමතන ඔහු අප එනම් මුස්ලිම්වරුන් ඊසා යන නාමයෙන් ඉතා ගෞරවයෙන් හා ආදරයෙන් අමතමු

ක්‍රිස්තියානිවරුන් විසින් ජේසුස් වහන්සේ නමින් අමතන ඔහු අප එනම් මුස්ලිම්වරුන් ඊසා යන නාමයෙන් ඉතා ගෞරවයෙන් හා ආදරයෙන් අමතමු. එනම් අප ඊසා නබිතුමන්ව අපගේ වක්තෘවරුන්ගෙන් කෙනෙකු ලෙස පිළිගනිමු .මෙතුමන් මර්යම්තුමියට කිසිම පුරුෂයෙකුගේ ස්පර්ෂයකින් තොරව මෙලොව දෙවියන් බිහිකලේය යන්න අප දැඩිව විශ්වාස කරමු .මර්යම්තුමියගේ කන්‍යා භාවයට අල්කුරාන් සාක්ෂි දරයි .එය ඉතා පිරිසිදු ජිවිතයක් ගත කල කාන්තාවකි .

අල්කුරාන් හි සූරා මර්යම් හි මෙසේ අල්ලාහ් සඳහන් කරයි ,

( තවද මර්යම්වෙත ) දේව දුතයින් මර්යම් !අල්ලාහ් ඔහු ගෙන් ආත්මයක් ඔබට පිදීමට යනබව සුභාශිංෂන පවසයි.එය නිමවනු යන එක වචනයයි. ඔහුගේ නම මසීහ්මර්යම් ගේපුතුනුවන් ඊසා ,මොහු මෙලොව සහ පරලොවහි ඉතා උසස් භාග්‍යන් ලද්දකි .එලෙසමදෙවියන් හට සමීපතම කෙනෙකි පැවසු විට .

මොහු තොටිල්ලෙදි තම මවගේ පාරිශුද්ධ භාවය , තමගේ නබිත්වය පිළිබඳ හාජනයා සමගකථා කරයි.තවද යහ ගුණ ඇත්තන්ගෙන් කෙනෙකු ලෙස ජිවත්වෙයි .කියා පැවසුවෝය .

( එයට මර්යම්තුමිය ) කිසිම පුරුෂයෙකු සමග සම්මන්ද්ධ නොවු මට කෙලෙස ළමයෙකුබිහිවෙයි කියා ප්‍රශ්න කලාය,එයට අල්ලාහ් තමන් කැමති දේ මවයි , ඔහු යම් දෙයක් ගෙනතිරණය කල විට නිමවනු කියා පැවසීම ප්‍රමාණවත් එවිට එය සිදුවෙයි කියා ඔවුන් පැවසිය(3.45-47)

මිනිසාගේ ප්‍රථමයා වෙන ආදම් නබිතුමන් කෙලෙසද කිසිම සම්මන්දයකින් හෝ මවනුලැබුවේද එලෙසම ඊසා නබිතුමන්ද පිරිමි කෙනෙකුගේ ස්පර්ෂයකින් තොරව මවනු ලැබීය.මෙය සම්බන්දධයෙන් අල්ලාහ් අල්කුරානයහි මෙලෙස සඳහන් කරයි .

නියතවශයෙන්ම අල්ලාහ්වෙත ඊසාට උදාහරණය , ආදම්ගේ උදාහරණයයි , ආදම්ව පසින්නිමවා නිමවනු කියා පැවසු විට ඔහු නිමවිය ( අල්කුරාන් 3.59)

ඊසා නබිතුමන් ධර්ම ප්‍රචාරකයෙකු ලෙස කටයුතු කරන විට විවිධ හාස්කම් කර පෙන්නුවේය.මේ සියලු හාස්කම් ඔහුගේ බලයෙන් හැකියවෙන් කල ඒවා නොව , සියල්ල දෙවියන්ගේඅනුමතිය පිට ඊසා හෝ ජේසුස් තුමන් වහන්සේ විසින් කර පෙන්වන ලද ඒවා .ඒවා ඔහුටතනිව කල හැකි කරුණු නොවෙයි .එය කිරිමටද ඔහුට ශක්තියක් නොමත . මුහම්මද්නබිතුමන් තම ජිවිත කාලය තුල විවිධ හාස්ය ක්‍රියාව කර පෙන්වා තිබේ .මෙම ක්‍රියාවන්තමන්ගේ ස්ව හැකියවෙන් කරන ලදි කියා ඔහු කිසිවිටකත් නොපවසන ලදි එය සඳහාඋරුමකම් පාවේද නැත . එලෙසම ඊසා නබිතුමන් තමා විසින් කරන ලද සියළු හස්කම්අල්ලාහ් ගේ අනුමතිය පිට හා උදව පිට කරන ලද්දකි කියා ඔහුම පැවසු බව අල්කුරාන්හිසඳහන් ඇත .

නියත වශයෙන්ම මම ඔබලා වෙත ඔබලගේ දෙවියන් විසින්( ඔහුගේ දුතයෙකු ලෙස )සාක්ෂියක් සහිතව යවනු ලද කෙනෙකි ලෙස පැමිණ ඇත්තමි .ඔබලා වෙනුවෙන් මම පසින්කුරුල්ලකු හැඩරුවෙක් නිමවා එයට පිඹින්නමි ,ඒවිට අල්ලාහ්ගේ අනුමතිය ඇතිව එයප්‍රාණයක් ඇති කුරුල්ලෙකු බවට පත්වී පියාඹයි .උපතින් අන්ධ හා කුෂ්ඨ රෝගයන් මමසුවකරන්නමි ,තවද මැරුණු අය අල්ලාහ්ගේ අනුමතිය ඇතිව නැවත ප්‍රාණය ලබා දෙන්නමි,තවද ඔබලා අනුභව කරන කෑම සහ අනිකුත් කරුණු හා ඔබලා නිවස් තුල ඉතිරි කර ඇතිදේ කුමක්ද කියා මම පවසන්නමි(3.49)

තවද ක්‍රිස්තියානිවරුන් පවසන පරිදි ජේසුස් වහන්සේ කුරුසහි ගහන ලදි යන්න ඉස්ලාමදැඩිව ප්‍රතික්ෂේප කරන අතර , ඔහු කුරුස හි ගහන නොලදි , එලෙසම ඔහුව ඝාතනයදනොකරන ලදී, ඊසා නබිතුමන්ව අල්ලාහ් ඔහුගේ හතුරන්ගෙන් ආරක්ෂකර තමන්වෙතට උසස් කරන ලදි යන්නයි සත්‍යයි එලෙසයි විශ්වාසය පවති .ජේසුස් වහන්සේ ගේ ස්ථානයටවෙනකෙනෙකු පහල කරන ලදි .ඔහු වයි ඔවුන් ජේසුස් කියා ඝාතනය කරන ලදි ඔවුන්ජේසුස් තුමන් ඝාතන නොකලේය .මෙය පිළිබඳ අල්ලාහ් අල්කුරාන්හි මෙලෙස සඳහන්කරයි .

තවද අල්ලාහ්ගේ වක්තෘවරයාවන මර්යම්තුමියගේ පුතුනුවන් වන ඊසා නබිතුමන්ව තමන්ඝාතනය කල බව පැවසීමෙන් ඔවුන් පැවසීම හේතුවෙන් ( අල්ලාහ් ඔවුන්ව ශාපකලේය )ඔවුන් ඔහුව ඝාතනය නොකලේය ,එලෙසම කුරුසහි ගහන නොලදි ,ඔවුන්හට ( ඊසාතුමන්ගේ රුපයට සමාන කෙනෙකූ මවා පෙන්වන ලදි (අල්කුරාන් 4.157)

මුහම්මද් නබිතුමන් හෝ ජේසුස් වහන්සේ ලෙස හැඳින්වන ඊසා නබිතුමන් හෝ මොවුන්ප්‍රචාරයකරන ලද සංදේශයන් සියල්ල එකීය දෙයිව වාදය යන මතය වෙනස් කිරිමට පැමිණිඒවා නොව එය අලුත්කිරිමට හා තවත් ස්ථාපිත කිරිමට පැමිණි ඒවාය .

ඉන්ජීල් ඊසා නබිතුමන් හට පහන කරන ලද ආගම් වෙයි අද පවතින බයිබලය ඊසා තුමන්ගේදේශනාවන් සියල්ල අඩංගු නොවේ අද විකෘති කර ඇත . එම නිසා අද පවතින බයිබලයමුස්ලිම්වරුන් විශ්වාස කල යුතු නැත ,මන්ද අල්ලාහ් ඊසා නබිතුමන් හට පහන කර අණසියල්ල ඇතුලත් නොවෙයි ,එහි සියල්ල වෙන්ස්වී ඇත ,එනම් අප ඊසා නබිතුමන් විශ්වාසකරන අපි ඔහුට පහල කරන ලද ඉන්ජීල් දහම වෙනසට ලක්වීම නිසා එය විශ්වාසනොකරන්නේමු , මෙය ඊසා තුමන්ගේ වැරදි නොව පසු පැමිණි අයගේ .