Tag Archives: කාන්තාව

මානව හිතවාදී ඉස්ලාමයෙන් බිහිවූ සදාචාරාත්මක සැලැස්ම

ඉස්ලාම් හී මානව හිත සුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. යථෝක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා නීත්‍යානුකූල රැකවරණය පමණක් නොව ඵලදායි සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාමය ඉදිරිපත් කරයි. මෙසේ පෞද්ගලික හා පොදු යහපත පිණිස සිදු කරන්නා වූ සියල්ලක්ම සදාචාරාත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් කෙරේ දක්වන භක්තියට අතිශය වැදගත්කමක් හිමිකර දෙන ඉස්ලාමය ගතානුගතිකත්වයට වහල්ව සිටීමේ ක්‍රියාවට එරෙහිව අනතුරු හඟවයි.

පෙරදිගට හෝ බටහිරට මුහුණ හැරවීම ශීලයක් නොවේ. ශීලය වන්නේ අල්ලාහ්, කියාමත් දවස (ලොව අවසන් දිනය) හා මලාධිකාවරු ආගම් හා නබිවරුන් කෙරේ විශ්වාසය පිහිටුවීම, අල්ලාහ් කෙරේ ස්නේහයෙන් ලේ ඥාතීන්, අනාථයින් දිළින්දන්, මගීන් හා යාචකයින් වෙනුවෙන් ස්වකීය වස්තුවෙන් විය පැහැදම් කිරීම, වහලුන් නිදහස් කරවීම, අදාළ වතාවත් කිරීම සකාත් ගෙවීම පොරොන්දු ඉටුකිරීම හා දුක් පීඩා හිදී ඉවසා සිටීම යනාදියයි. මෙවැන්නෝ සැදැහැවත්හු වෙති. මෙවැන්නෝ අල්ලාහ්ට බිය ගැත්තෝ වෙති.

(අල්කුරානය 2:177)

ඉස්ලාමයට අනුව මිනිසා විනයානුකූ®ල ධර්ම පිළිපැදිය යුතු අතරම අල්ලාහ්ට හා හුදී ජනතාවට සෙනෙහෙවන්ත වීමෙහිලා නිරතුරු සැළකිළිමත් විය යුතුය. මෙහිලා අවශ්‍යතා සතරක් ඉදිරිපත් කෙර්.

1. අපේ ඊමාන් භක්තිව අව්‍යාජ විය යුතුය. අවංක විය යුතුය.

2. සහෝදර ජනතාව වෙනුවෙන් දාන පරිත්‍යාග කළ යුතුය.

3. සමාජ සංවිධාන යනාදියට ඇප උපකාර කරමින් හොඳ පුරවැසියන් විය යුතුය.

4. සෑම විටකම සෑම මොහොතකම චිත්ත ස්ථාවරත්වය පවත්වා ගත යුතුය.

කිසියම් හැසිරීමක් කල් ක්‍රියාවක් යහපත් හෝ අයහපත් යැයි තීරණය කෙරෙන්නේ ඉහත කී කරුණු පදනම් කර ගනිමිනි. සෑම සදාචාරාත්මක පැවැත්මක්ම මෙකී විනිශ්චය ක්‍රමය වටා භ්‍රමණය වේ.

මිනිසකු කෙරෙහි සදාචාරාත්මක අණපනත් පැනවීමට පෙරාතුව ඔහුගේ සෑම කටයුත්තක් ක්‍රියාවක්ම මෙන්ම සෑම තැනකදීම සෑම මොහොතකදීම අල්ලාහ් ඔහු දෙස ඥෂ්ටිය හෙලමින් සිටින බව මුලු ලෝකයෙන්ම සැඟවුවත් අල්ලාහ්ගෙන් සැඟවිය නොහැකි බව අන් සියල්ල මුලාවට පත්කළත් අල්ලාහ් මුලා කිරීමට නොහැකි බව, කවරකුගේ ග්‍රහහණයෙන් මිදුනත් අල්ලාහ්ගේ ග්‍රහණයෙන් මිදිය නොහැකි බව යනාදිය මිනිසාගේ සිතෙහි තහවුරු කිරීමට ඉස්ලාමය වෙර දරයි.

මෙසේ අල්ලාහ්ගේ ප්‍රසාදයට ඉවහල් වූ දේ මිනිස් ජීවිතයක පරමාර්ථය විය යුතු බව නිර්ණය කොට සදාචාරාත්මක වශයෙන් වූ උසස් තත්ත්වය ද ඉස්ලාමය මගින් සලසා දෙනු ලැබේ. මානව සදාචාරාත්මක සංවර්ධයෙහි අසීමිත අගයන් ඇති කිරීමෙහිලා මෙය ඉවහල් වේ. දිව්‍යමය හෙළිකිරීම් (‘වහී) යනු ඥානයේ මූලහරය වශයෙන් සළකා මේ සදාචාරාත්මක තතත්ත්වයට නොසැලෙන ස්ථාවරත්වයක් ලබා දෙයි.

සාධාරණ හෝ හේතු සහගත ලෙස චර්යාවේ හැඩ ගැස්වීම් අභාසය කිරීම සහ වෙනස් කිරීම් කරගත හැක. එහෙත් හිතාමතා සිදු කරන වරදක් වශයෙන් බැරෑරුම් වෙනස් කිරීමක් හෝ සදාචාරව ලිහිල් කරවීමක් හෝ පවතින අඛණ්ඩ භාවය කඩකිරීමක් වශයෙන් එබඳු වෙනසක් කළ නොහැකිව අල්ලාහ් කෙරෙහි ඇල්ම සහ බිය හේතුවෙන් වූ සදාචාරයනට මේ මගින් අනුමැතිය ලැබේ. මේ නිසා බාහිර බලපෑමකින් තොරව මිනිසා සදාචාරය ඔස්සේ යවනු ලැබේ.

අල්ලාහ් සහ කියමන් දවස පිළිබඳව ඇදහිලි සහිතව ඉතා ඕනෑකමින් හා උනන්දුවත් අවංකව මෙන්ම හෘදයාංගමව සදාචාරාත්මක පැවැතුම් සකසා ගනු පිනිස මිනිසාට හැකියාවක් ඇතිවේ. මේ සදාචාර නීතිරීතින් හා ව්‍යාජ ස්වභාවයක් නැත. අමුතු ආටෝප ද නැත. සාමාන්‍ය සදාචාර පැවැතුම් වලින් ඈත් කිරීමක්ද නැත. හේතු විරහිත ලෙස හෝ අතිශයෝක්තියෙන් කිසියම් අංශුවක් හෝ අමතක කොට හැර දමානැත. ව්‍යවහාරයේ ඇති සියලුම සදාචාර විනයන් ගැන මෙහි සළකා ඇත.

ඒ ඒ තැන් හී එකිනෙකට උචිත ලෙස පිහිටුවා ජීවන සැලැස්මක් තුල සමස්ථයක් වශයෙන් සපුරා ක්‍රියාත්මක වන අන්දමින් සැකසී ඇත. මෙමගින් මිනිසාගේ පෞද්ගලික හා සාමුහික ජීවන අරමුණු පුළුල් කරවනු ලැබේ. මිනිසාගේ ගෘහස්ත හැසිරීම්, පෘථග්ජන පැවැතුම් මෙන්ම දේශපාලනික, ආර්ථික, අධිකරණ, අධ්‍යාපනික හා සමාජයීය කටයුතුවලදී පිළිපැදිය යුතු සදාචාරාත්මක විනය ධර්මයන් ඉස්ලාමයේ මෙලෙස විග්‍රහ කර තිබේ.

ඉස්ලාමීය සදාචාරයෙන් මිනිස් ජීවිතය, නිවසත් සමාජය දක්වාත් කෑම මේසයේ සිට යුද පිටිය හා සාම සම්මේලන දක්වාත් කෙටියෙන්ම කිවහොත් තොටිල්ලේ සිට සොහොන් බිම දක්වා සකස්විය යුතු ආකාරය ඉගැන්වේ. ඉස්ලාමීය සදාචාරය තුළින් කිසිදු අංශුවක් ගිලිහී නැත. කිසිදු ක්‍ෂේත්‍රයක් මගහැරී නැත. එය අවබෝධය ද පහසුය. එමගින් ජීවිතය උතුම් පරමාර්ථ සහිතව හැඩ ගස්වා ගත හැකිය. මෙහිලා ආත්මාර්ථකාමී හෝ පහත් ලාභාපේක්‍ෂාවෙන් ගෙවන ජීවිතයකට ඉඩක් ද නැත.

හෘද සාක්ෂියට එකඟ වූ ද්වි පෙවතක් සකසා ගැනීමත් කවර අවස්ථාවක් යටතේ වුවද වරදට යොමුවීමෙන් වැලකී සිටීමටත් මිනිසා පෙළඹවීම ඉස්ලාමීය සදාචාරයේ අරමුණ වේ.

ෆවුස් මොහොමඩ්

නබි (සල් ) තුමාණන්ගේ හතරවන දියණිය ෆාතිමා (රලි ) තුමිය

හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද?

මිනිසෙකු යහ මග යන්නේ නම් ඔහුගේ ස්වභාවික හැඟීම් හා ක්‍රියාවන් පිවිතුරු වන්නේ ය, ඔහු වැරදි කිරීමෙන් වැළකී සිටින්නේ යග එවැන්නෙක් තම භාර්යාව හෝ දූවරුන් අන්‍ය පිරිමින්ගේ බැල්මට ලකවීම ප්‍රතික්ෂේප කරයි. හිජාබය මෙයට අදාළ එකකිග —ගීරාහ්˜ නම් වූ සිත් කනස්සල්ල මිනිසාට සංවරභාවය ඇතිකර, තම කාන්තාවන් අන්‍යයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට උදව් වෙයි.

අද ලොවෙහි බහුතර ජනතාව සංවරභාවයෙන් යුතුව කටයුතු කිරීම බොහෝ දුරට නැතිවී ගොස් ඇත. එවැන්නන් අන්‍ය ස්ත්‍රීන් දෙස කාමුක ආශාවෙන් යුතුව බලයි.මොවුන් තම ස්ත්‍රීන් දෙස වෙනත් අය එලෙසම බැලීම ගැන කිසිදු අහිතක් සිතන්නේ නැත. වැඩි දෙනෙක් ඇඳුම් ඇඳ ඇතත් (නොඇඳපු ලෙස පෙනෙන) අඩ නිර්වස්ත්‍රව සිටින ස්තී්‍රන් සමග වාඩිවී විසිතුරු දේ බලා සතුටුවන බව ඔබ දකින්නට ඇත.

තවද මොවුන්ගේ භාර්යාවන් එවැනි පරිසරයක තම ශරීරයේ රහස් ප්‍රදේශ පෙනෙන ලෙස අඩ නිර්වස්ත්‍රව සිටීම හෝ ඔවුන් දෙස අනෙක් පිරිමින් රාගාධික බැලූම් හෙලීම ගැන හෝ කනස්සල්ලට පත් නොවෙයි. ඇත්ත වශයෙන්ම එලෙස බලා දෙනෙත් පිනවීම හෝ සිතින් කාම සැප භුක්ති විඳීම ඔවුන්ට ප්‍රශ්නයක් බව හැෙඟන්නේ නැත. ඔවුන්ගේ අභ්‍යන්තර හැඟීම් වන්නේ අපට බලන්න හැකිනම් ඔවුන්ට බැලීමේ වරදක් නැත යන්න ය. මෙය මෙවැන්නන්ගේ ස්වාධීන වූ තේරීමකි.

මොවුන්ගෙන් ටික දෙනෙක් පමණය තම භාර්යාවන්ට වෙනත් පිරිමීන් සමග නොමනා සබඳකම් ඇති බව දැනගතහොත් දුක් වන්නේ, එවිට ඔවුන් කම්පනයට ලක්වෙයි, තම ගෟරවය උසස් තත්වය හා කීර්තිය සහ මුලින්ම නැති වූ බව සිතා වේදනාවට පත්වෙයි.

සමහර සමාජයන්හි මෙවැනි ප්‍රශ්න නිරාකරනය කරගැනීමට පොලීසිය කැඳවයි. වෙන කිසිවක් ගැන නොතකා —ගීරාහ්˜ නම් වූ සංවරභාවයෙන් යුත් සිත් කනස්සල්ල නැති මෙවැන්නෙක් —දුගඳ වූ මඩ වගුරක ගිලිහී සිටින ඌරෙකුට˜ සමාන බව කිව නොහැකි ද?

වර්තමාන ලෝකයේ බොහෝ සමාජයන් හි මෙවන් තිරිසන් හැඟීම් වලින් යුත් ගුණ හා ක්‍රියාවන් ලැව් ගින්නක් සේ පැතිරීගෙන එන බව නොරහසකි.

අලි (රලි) තුමා කාන්තාවන් ටික දෙනෙක් හමුවූ විට මෙසේ පැවසූ හ:

—වෙළඳ පොළෙ හි සිටින මුස්ලිම් නොවන කුෆ්ෆාර් (විශ්වාසවන්තයින් නොවන පිරිමීන්) වෙත කාන්තාවන් වූ ඔබ සැවෝම එක්රොක් වන බව මට දැන ගැනීමට ලැබී ඇත. ඔබට —ගීරාහ්˜ (සංවරභාවයෙන් යුත් කනස්සල්ලක්) නැත්තේ ද? කවුරුන් වෙත —ගීරාහ්˜ (නම් වූ සංවරභාවය) නැත්තේ ද ඔවුන් වෙත යහපත් දේ කිසිවක් නැත. ඉස්ලාමය —ගීරාහ්˜ ව විශ්වාසය (ඊමානය)ට ඇතුළත් වූ කොටසක් ලෙස සලකයි˜

ඉස්ලාමයට අනූව, භාර්යාව දියණියන් හෝ අනෙකුත් කිනම් මුස්ලිම් කාන්තාවක් වූවත්, ඔවුන්ගේ ගෞරවය, සදාචාරය තකා ඔවුන්ව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය කටයුතු කිරීම අනිවාර්්‍ය ය. මෙයට අදාළ දේශනයන් හා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ගෙන දෙන අගනා ජීවන සැලැස්මක් ඇත්තේ නම් එය ඉස්ලාම් පමණ ය.

තබර්රුජ ය (කාන්තාවන්ගේ වශීකරනය පෙන්වීම) නින්දාවකි.

1- තබර්රුජ් යනු අල්ලාහ් ට සහ ඔහුගේ වක්තෘවරයාණන් ට අකීකරුවීම වේ.

(තබර්රුජ්: භාෂාව අනූව මෙහි තේරුම, —කාන්තාවකගේ රූ සපුව විදහා පෙන්වීම, ඇයගේ මුහුණ විදහා පෙන්වීම, ඇයගේ ශරීරයේ හැඩරුව පෙන්වීම, තම ස්වාමි පුරුෂයා හැර අන් පුරුෂයන් තමන් වෙත ලඟා කර ගැනීමට ගන්නා සෑම ප්‍රයත්නයක් ම කිරීම˜ යනාදිය වෙයි.

ඉස්ලාමය අනූව මෙහි තේරුම නම්, —කාන්තාව තම රූ සපුව විදහා පෙන්වීම˜ යනු වෙයි. තවද, —ඇය තම ශරීරයේ හැඩරුව පෙනෙන ලෙස (අන් අයගේ හැඟීම් ඇවිස්සෙන ලෙස) ඇවිදීම˜ නම් වූ තේරුමක් මෙයට ඇත. (අල්තබාරි 22-4 සමහරුන්ගේ අදහස් අනූව, අන්‍ය පිරිමින්ට කැපී පෙනෙන අයුරින් සිටීමට කාන්තාවක් තමාට හැකි සෑම අන්දමකින් ම තම ශරීරය අලංකාරවත් කරගන්නේද, ඒ සෑමයක්ම —තබර්රුජ්˜ වෙයි. යනු තේරුම වේ.

—සමහර විට කාන්තාවක් අන් අයගේ සිත් හා බැල්ම ඇදගන්නා අදහසින් දීප්තිමත් පාටවලින් අලංකාර වූ හිස් වැස්මක් දමන්නේ නම් එය ද ජාහිලියියා (අඥාන සමයේ) —තබර්රුජ්˜ නම් වූ වශීකරණ ක්‍රමයකි.˜ (මව්ලානා මව්දූදි (රහ්) තුමාගේ —ද හිජාබ්˜ නම් වූ කෘතිය පි: 132.

අල්ලාහ් ට සහ ඔහුගේ වක්තෘ (සල්) තුමාණන්ට කීකරු නොවන කෙනෙක් තමාට ම හිංසා පීඩාව ඇති කරගන්නෙකු වෙයි. එසේ නැතිව ඔහුගේ එම අකීකරුභාවයෙන් අල්ලාහ්ට කිසිදු හිංසාවක් පීඩාවක් ඇතිවන්නේ නැත.

නබි (සල්) තුමා මෙසේ පැවසූ හ:

—මගේ සමාජයට ඇතුල් වූ සෑම කෙනෙක් ම ස්වර්ගයට ඇතුල් වෙයි. ප්‍රතික්ෂේප කළවුන් හැර, එවිට අල්ලාහ්ගේ දූතවරයානනි, ප්‍රතික්ෂේප කරන්නවුන් කවුරු ද? යනු ඔවුහු (නබිතුමාගේ මිත්‍රයන්) ඇසූ හ. එයට පිළිතුරු දුන් නබි (සල්) තුමා, කවුරුන් මට කීකරු වන්නේ ද ඔවුන් ස්වර්ගයට පිවිසෙියි, කවුරුන් මට අකීකරු වන්නේ ද ඔවුන් ය (එහි පිවිසීමට) ප්‍රතික්ෂේප කරන්නන්,˜ යනු කීහ. (සහීහුල් බුහාරි, අරාබි ඉංග්‍රීසි පොත් පෙළ, වෙළුම: 9ල හදීස් අංක: 384 පි: 284.

මුආවියා (රලි) තුමා සිරියාවේ හමාස් නම් වූ ස්ථානයේ එක් රැස්වීමක් අමතා කතා කරන විට නබි (සල්) තුමා කරුණු හතක් තහනම් කළ බවත් එයින් එකක් ලෙස තබර්රුජය ගෙන දැක් වූ බවත් සඳහන් කළේ ය. (ඉමාම් අහ්මද් තුමාගේ මෙම සටහන එතුමාගේ —මුස්නද්˜ ග්‍රන්ථයේ (4-101 අරාබි භාෂාව) ඇත).

—අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි)තුමා මෙසේ පවසයි: —නබි (සල්) තුමා ගතිගුණ දහයක් ප්‍රිය කළේ නැත. එයින් එකක් ලෙස නොහොබිනා තැනක තම රූ සපුව පෙන්වන තබර්රුජය ද සඳහන් වෙයි.˜ (අන්නසාඊ පවසන මෙම හදීසය එතුමාගේ —සුනන්˜ අරාබි භාෂා 8-141. කෘතියෙහි සඳහන් වී ඇත.

ඉමාම් සුයූති (රහ්) තුමා මෙසේ කීහ:

—කාන්තාවක් තමන් අලංකාරවත් කර අන් අයට පෙන්වීම —තබර්රුජ්˜ වෙයි. මෙය නින්දිත ක්‍රියාවකි. මෙයයි —නොහොබිනා තැනක˜ යනුවෙන් ඉහතින් සඳහන් කොට ඇත්තේ. නමුත් තම සැමියා වෙනුවෙන් අලංකාරවී ඔහුට තම සුන්දරත්වය පෙන්වීමෙහි වරදක් නැත.˜

2- තබර්රුජ් යනු භයානක, විනාශකාරි පාපයක් වේ.

රුකයියා නැමැත්තියගේ දියණිය වූ උමයිමාහ් ඉස්ලාමය පිළිගැනීමටත්, නබි (සල්) තුමා —අල්ලාහ්ගේ වක්තෘ˜ බව විශ්වාස කිරීමටත් නබි තුමා වෙත ආවා ය. එවිට නබි (සල්) තුමා ඇය අමතා මෙසේ කීහ:

—මගේ මෙම උපදෙස්වලට සවන් දෙන්න: ඔබ අල්ලාහ්ට අවනත වන කල්හි ඔහුට වෙනත් කොටස් කරුවන් එක් කළ නොයුතුයි, ඔබ සොරකම් නොකළ යුතුයි, ඔබ නොමනා ශාරීරික සම්බන්ධයන් හි හෝ විෂමාචාරයෙහි හෝ නොයෙදිය යුතුයි, ඔබ ඔබගේ ළදරුවන් නොමැරිය යුතුයි, ඔබ ඔබගේ අත් හා පාදයන් අතර ඕපාදූප නොකිව යුතුයි¦ ඔබ විලාප නගා නො ඇඬිය යුතුයි, ඔබ ජාහිලියියා (ඉස්ලාමයට පෙර වූ ආඥන) කාලයෙහි මෙන් —තබර්රුජ්˜ (නම් වූ සිත් වසඟවන අයුරින් පෙන්වීම) නොකළ යුතුයි.˜

(ඉමාම් අහ්මද් තුමාගේ —මුස්නද්˜ (2-196 හි මෙය සඳහන් කර ඇත. අහ්මද් ජාකිර් (රහ්) තුමා —මෙම හදීසය පවසන්නන්ගේ පෙළ යහපත් ය, යනු කියා ඇත. තවද, එතුමා මෙසේ කියයි: ඉබ්නු කසීර් (රහ්) තුමා තම තෆ්සීරයෙහි (8ථ 327-328 මෙම හදීසය ගෙන දක්වා, —මෙම හදීසය පවසන්නන්ගේ පෙළ යහපත් ය˜ යන්න ද කියා ඇත. තව ද, මෙම හදීසය අත්තිර්මිදී, අන්නසායී, ඉබ්නුමාජාහ් නම් වූ ග්‍රන්ථයන් සමග සම්බන්ධ කරයි. මෙම හදීසයට පහත සඳහන් වාක්‍යය සාක‍ෂි දරයි:

—ශාස්තෘවරයානනි. විශ්වාසවන්තියන් වූ කාන්තාවන් දිවුරුම් දීම සඳහා ඔබ වෙත ඇවිත්, ඔවුන් අල්ලාහ් සමග වෙනත් යමක් සම නොකරන බවත්, සොරකම් නොකරන බවත්, විෂමාචාරයේ නොහැසිරෙන බවත්, තමන්ගේ ලදරුවන් නොමරණ බවත්, තමන්ගේ අත් හා පාදයන් අතර ඕපා දූප නොකියන බවත්, කිනම් යහපත් කාර්්‍යයකදී වූවත් ඔබට අකීකරු නොවන බවත් පොරොන්දුවන්නේ නම්, එවිට ඔවුන් ගෙන් වූ දිවුරුම් දීම පිළිගන්න.˜ අල්කුර්ආන් 60ථ 12.

ඉහත සඳහන් කුර්ආන් වාක්‍යයෙහි සහ හදීසයෙහි —අත් හා පාදයන් අතර ඕපාදූප නොතිබිය යුතුයි˜ යනු සඳහන් වෙයි. මේ ගැන විස්තරයක් දෙන —තෆ්හීමුල් කුර්ආන්˜ නම් වූ තෆ්සීරය මෙලෙස සඳහන් කරයි. මෙහි තේරුම දෙවර්ගයකට අයත් ඕපා දූප වේ. එකක් නම්, එක් කාන්තාවක්, අනෙක් කාන්තාවන් අන් පිරිමින් සමග නොමනා සබඳකම් පවත්වාගෙන යන බව අපවාද කීම, එවැනි කතා මිනිසුන් අතර පැතිරවීම. අනෙක: එක් කාන්තාවක් වෙනත් කෙනෙකුට දාව වැදූ ලදරුවෙක්, —මේ ඔබගේ ලදරුවාය.˜ කියා තම සැමියා විශ්වාස කරලීම වේ.˜ (මව්ලානා මව්දූදි (රහ්) තුමා කුර්ආන් වාක්‍ය 60ථ 12 යට දුන් විස්තරය.)

මෙහි, නබි (සල්) තුමා භයානක පාපකාරි ක්‍රියාවන් සමග තබර්රුජය ද එකතු කර ඇති බව පැහැදිළි ය.

3- තබර්රුජය අල්ලාහ්ගේ ශාපයට ලකවීම සහ ඔහුගේ කාරුණික භාවයෙන් ඈත්වීමට හේතු වේ.

නබි (සල්) තුමා පැවසූ හ:

—මගේ සමාජයේ පසු කලෙක කාන්තාවන් ඇඳුම් ඇඳ ඇතිමුත් (ඇත්ත වශයෙන්) නිර්වස්ත්‍රව සිටියි, ඔවුන්ගේ හිස මත ඔටුවන්ගේ මොල්ලිය වැනි (හිසකෙස් අලංකාරවත් කර) ඇත. ඔවුන්ට ශාප කරන්න. නියත වශයෙන් ඔවුන් ශාපයට ලක්විය යුත්තන් වේ˜ (අල්මුඃජම් අස්සඊර් ග්‍රන්ථයෙහි (පි:232) ඇති මෙම හදීසය අත්තබරානි පවසයි. අල්බානි (රහ්) තම හිජාබ් පි:56. ග්‍රන්ථයෙහි මෙම හදීසය සත්‍ය එකක් බව පවසයි. ඉබ්නු අබ්දුල් බර් වෙනුවෙන් අස්සුයූති මෙසේ පවසයි: —විනිවිද පෙනෙන ඇඳුම් අඳින කාන්තාවන් තම ශරීරයේ සුන්දරත්වය පිටත පෙන්වන්නෝය යනු අල්ලාහ්ගේ වක්තෘවරයානන් වදාරා සිටීයහ. ඇත්ත වශයෙන් ම ඔවුන් ඇඳුම් ඇන්ද නිර්වස්ත්‍රව සිටින්නෝ වෙති.˜)

4- තබර්රුජය නරකාදියේ සිටිනවුන්ගේ ගතිගුණ හා සමාන ය.

නබි (සල්) තුමා පැවසූහ:

—නරකාදියේ සිටින මිනිසුන්ගෙන් මම කිසිවිටෙක නොදුටු කොටස් දෙකක අයත් අය සිටිති. (ඔවුන්ගෙන්) එක් කොටසකට අයත් අය ගවයන්ගේ වලිග වැනි කස තබා සිටියි. ඔවුන් එම කසවළින් (එහි සිටින) මිනිසුන්ට පහර දෙයි. අනෙක් කොටසට අයත් අය නම් ඇඳුම් ඇන්ද ද නිර්වස්ත්‍රව සිටින කාන්තාවන්ය. ඔවුන් නොමග ගිය අතර, ඔවුන්ගේ හිසෙ හි මොල්ලියක් ලෙස උසට (අළංකාරවත් කළ) කෙස්වළින් අනෙක් අයද නොමග යවන්නෝ ය. මෙම කාන්තාවන් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. (එපමණක් නොව) ස්වර්ගයේ සුගන්ධය රස විඳින්නද නොහැක. එය ආඝ්‍රණය කිරීමේ භාග්‍යය ඔවුන්ට හිමිවන්නේ නැත. එහි සුගන්ධය බොහෝ දුරට හමනු ඇත˜ (සහීහ් මුස්ලිම්).

5 – තබර්රුජය මරණින් පසු ජීවිතයෙ හි අන්ධකාරය ගෙන දෙයි.

නබි (සල්) තුමා මෙසේ පැවසූහ:

—ලොවෙහි තම සැමියාට හැර (අන් කෙනෙක් වෙනුවෙන්) අලංකාර වත් වී ඇවිදින කාන්තාවගේ තත්වය මරණින් පසු ජීවිතයෙ හි අන්ධකාරය මෙන් ය. එහි කිසිම ආලෝකයක් නොතිඛෙයි.˜

(ඉමාම් තිර්මිදි තම සුනන් හි (1167 මෙය සඳහන් කරයි. අල්බානි (රහ්) මෙය දුර්වල හදීසයක් බව කියයි. ඔහුගේ —අල්ලයීෆා˜ (දුර්වල හදීස්˜ නම් වූ ග්‍රන්ථය (1800 බලන්න. අබූබකර් බින් අරබි (රහ්) තුමා මෙසේ කියයි: මෙම හදීසය සඳහන් කරන ඉමාම් තිර්මිදි —මෙය දුර්වල හදීසයක්˜ බව කියයි. නමුත් මෙහි ඇති අදහස් නිවැරදි ය. එනම් අකීකරුභාවය ඇත්තෙන්ම හිංසාවක් හා වේදනාවක් වේ.˜ මෙයින් අදහස් වන්නේ මෙවැනි කාන්තාවන් මරණින් පසු ජීවිතයේදී කළු ශරීරයන් ඇතිව අඳුරේ අඳුරුවූවන් මෙන් එන්නෝ ය යන්නය. නමුත්, අල්ලාහ්ට අනවත වී හැසිරීමෙන් ලැඛෙන ලැඛෙන වේදනාවන් සතුට හා උසස් තත්ත්වය ගෙන එන්නේය. මීට හේතුව නම්, ඔවුන් අල්ලාහ්ගේ සහ ඔහුගේ වක්තෘ (සල්) තුමාගේ ත්‍යාගයන් බලාපොරොත්තුව සිටින හෙයින් ය. උදාහරණයක් වශයෙන් මෙලොවෙහි උපවාසයේ පසුවන්නෙකුගේ මුවින් පිටවන සුවඳ නරක විය හැක. නමුත්, අල්ලාහ් වෙත එය කස්තූරි සුවඳටත් වඩා සුවඳය. මෙයට හේතුව, ඔහු අල්ලාහ්ට අවනතව කි්‍රයා කිරීමය. එමෙන් ම කාන්තාවක් අල්ලාහ්ට අවනතව හිජාබ් අඳින විට, ඇය ප්‍රතිගාමි ය¦ පරණ තාලයේ කෙනෙකි¦ ඇවිදින් කූඩාරමක් වැනියæ˜ යනු සමහරුන් කියන්නට පුළුවනි. නමුත් මරණින් පසු ජීවිතයෙහි ජය ගන්නේ ඇය ය. ඇයට බැනවැදුනු අය විපතට පත්වෙයි, ඔවුන් අල්ලාහ්ගේ ප්‍රකෝපයට ලක්වෙයි).

6- තබර්රුජය zනිෆාක්z (කපටිකම) වේ.

නබි(සල්)තුමා මෙසේ පැවසූහ:

—ඔබගේ කාන්තාවන්ගෙන් උතුම් අය වන්නේ දැඩි ආදරය හා දයාව (ගැබ් ගැනීමේ) සශ්‍රිකත්වය, (උදව් උපකාර කිරීමේ) කාරුණිකත්වය, අල්ලාහ්ට බියව කරුණු දැක්වීම යනාදිය ඇත්තෝ වෙති. ඔබගේ කාන්තාවන්ගෙන් ඉතා නරක අය වන්නේ මුතබර්රිජාත් (තම රූ සපුව ප්‍රදර්ශණය කරන කාන්තාවන්) වූවන් හා මුතහයියිලාත් (උඩගුකම සහ ආඩම්බරය යනාදියෙන් යුතුව ඇවිදින කාන්තාවන්) වූවන් ය. ඔවුන් කපටීන් වෙයි. කිනම් අය ස්වර්ගයට පිවිසෙන්නේ ද ඔවුන් දූවිලි වැදුනු කපුටන් මෙන් ය.˜

(අල් ෙඛෙහකී සුනන් හි (7 වැනි වෙළුම, පි: 82) මෙය සඳහන් කරයි, අබූ අන්නයීම් තම අල් හිලියාක් (8 වැනි වෙළුම, පි: 376 නම් වූ පොතෙහි ද, අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) තුමා මෙම පුවත පැවසූ බව කියයි. අල්බානි ගේ හොඳ හදීසයන්. …… (අරාබි) පොතේ 1849 හා 632 බලන්න.

දූවිලි වැදුනු කපුටන් ට රතු පාදයන් ඇත. මෙය උපමාවකි. මෙම උපමාවෙන් කාන්තාවන්ගෙන් ටික දෙනෙක් පමණ ය ස්වර්ගයට පිවිසෙන්නේ. යනු පෙන්වා දෙනු ලැබේ. එනම් මෙවැනි කපුටන් ඉතා දුර්ලභය.

7- තබර්රුජය නීච අවනම්බුකාර ක්‍රියාවකි.

නබි (සල්) තුමා මෙසේ පැවසූහ:

—කිසියම් කාන්තාවක් තම ස්වාමි පුරුෂයාගේ නිවසේ හැර තවත් ස්ථානයක (නොමනා ලෙස පෙනී සිටින අදහසින්) තම ඇඳුම් ගලවන්නේ නම් ඇය අල්ලාහ් ගේ ආරක්ෂාව නැති කර ගනියි.˜

(ඉමාම් අහ්මද් පවසන මෙම හදීසය අල් හාකිම් තම —මුස්තද්රක්˜ නම් වූ (අරාබි) ග්‍රන්ථයෙහි සඳහන් කරයි. (වෙළුම:4ථ පි:288- මෙය බුහාරි, මුස්ලිම් ග්‍රන්ථ අනූව සත්‍ය හදීසයක් බවත්, අද්දහබි, ඉබ්නුමාජාහ් යනාදීන් මෙය කෙරෙහි සිත යොමුකර ඇති බවක් ඔහු කියයි.

ඉමාම් අල් මන්නාවි (රහ්) තුමා මෙසේ කියයි: —කිසියම් කාන්තාවක් තම ස්වාමිපුරුෂයාගේ නිවසේ හැර තවත් ස්ථානයක තම ඇඳුම් ගැලවීම˜ යනු නබි (සල්) තුමාගේ ප්‍රකාශයෙ හි තේරුම නම්, —තම ඇඳුම්වලින් අපේකෂිත ආරක්ෂාව නැතිකර අන්‍යයන්ට තම රූ සපුව පෙන්වීම˜ යන්න ය. තවද එය අල්ලාහ්ගේ ආරක්ෂාව ද නැතිකර ගන්නීය. “ආදම්ගේ දරුවනී,  නියත වශයෙන්ම අප ඔබට ඔබගේ රහස් ප්‍රදේශ වසා ගැනීමටත් ඔබට අලංකාරවත් වීමටත් සළුපිළි දුන්නෙමු. නමුත් පවිත්‍රතාවය නම් වූ සළුපිළි ඔබට ඉතා උතුම් වන්නේ ය.˜ නම් වූ අල්ලාහ්ගේ වාක්‍යයන්ට විරුද්ධව හැසිරීමෙන් ඇය කෙරෙහි ඇති අල්ලාහ්ගේ ආරක්ෂාව නැතිවෙයි.

—එපමණක් නොවෙයි, ඇය තම ශරීරයේ වැසිය යුතු ප්‍රදේශ නොවසා, සංවරභාවයෙන් තොරව හැසිරීමෙන් තම සැමියාට ද ද්‍රෝහි වන්නීය. මෙයින් අල්ලාහ්ගේ ආරක්ෂාව නැතිවීම නියත යි. තවද ඇය අවමානයට ද ලක්වෙයි. මෙලෙස ඇයගේ ජීවිතය අඳුරට පත්වී යයි.˜

8- තබර්රුජය නොයෙක් පාපයන්ට මග පෙන්වන මහා පාපයකි.

කාන්තාව (ගේ මුහුණ අත් ආදිය සමහරුන්ට පෙනෙනවා හැර ඇය) ආවරණය වී සිටීම අවශ්‍ය ය. ඇයගේ ශරිරය මුළුමනින්ම පිටත පෙන්විය යුත්තක් නොවේ. එහෙයින් ඇය තම රූ සපුව හා හැඩරුව අන්‍ය අයට පෙන්වීමේ චේතනාවෙන් ඇඳුම් ඇඳීම නීච ලැජ්ජාවක් නැති ක්‍රියාවකි.

අල්ලාහ් මෙවැනි, නිර්ලජ්ජි වූ පාප ක්‍රියාවන්ගෙන් ඈත් වී සිටින ලෙස තමාට අවනතවන්නට උපදෙස් දෙයි.

—(අවිශ්වාසී වූ) ඔවුහු යම්කිසි විෂමාචාරයක් කර (එයින් වළක්වනු ලැබුව හොත්) —අපගේ මුතුන් මිත්තන්ද මෙලෙස කිරීම අපි දැක්කෙමු¦ අල්ලාහ් මෙලෙස කරන මෙන් අපට අණ කළේය˜ යනු කියති. සැබැවින්ම අල්ලාහ් විෂමාචාරයන් කරන මෙන් අණ නොකරයි. (ශාස්තෘවරයානනි, අල්ලාහ් අණකළ දේ ද යනු) ඔබ නොදන්නා කරුණු සම්බන්ධයෙන් අල්ලාහ් බොරු කියන්නෙ හි දැයි ඔබ අසන්න.˜ (අල් කුර්ආන් 7ථ 28.

ඇත්ත වශයෙන්ම ෂෙයිතාන් (සාතාන්)ය මෙවැනි පාපකාරී ක්‍රියාවන් කිරීමට දිරි දෙන්නේ.

අල්ලාහ් පවසයි:

—ෂෙයිතාන් ඔබ වෙත එල්ල කරන්නේ දිළිඳුකමේ තර්ජනයයි. නිර්ලජ්ජි, ලෝභි ක්‍රියා කලාපයක් අනුගමනය කිරීමට ඔහු ඔබ පොළොඹවයි˜ (අල් කුර්ආන් 2ථ 268.

—මුතබර්රිජාත්˜ යනු පාප කාර්්‍යයන් පතුරුවන විෂ බීජ වේ. මෙම විෂ බීජ මුස්ලිම් සමාජය තුළ නිර්ලජ්ජිව පාප කි්‍රයාවන් පතුරුවන්නට තරම් බල සම්පන්නය.

අල්ලාහ් අවවාද කරයි:

—නියත වශයෙන් ම, දේව විශ්වාසය ඇත්තන් අතර නින්දිත කි්‍රයාවන් (දුෂ්ට අදහසින් කියන ඕපාදූප) පැතිරිය යුතුය යනු කවරෙකු හෝ පි්‍රය කරන්නේ ද, ඔවුන්ට මෙලොවෙහි ද මරණින් මතු ද වේදනාකාරී දරුණු ද~ුවම් ඇත්තේ ය. තවද, අල්ලාහ් සියල්ල දන්නේය¦ ඔබ නොදන්නේ ය.˜ (අල්කුර්ආන් 24ථ 19.

ඇත්තෙන්ම —තබර්රුජ්˜ යනු ස්ත්‍රී පුරුෂයන් අතර විෂමාචාරය ඇති කරන ප්‍රධාන කරුණක් වේ.

9- තබර්රුජය ෂෙයිතාන්ගේ මාර්ගය යි.

ආදම් (මිනිස් ඉතිහාසයේ පළමු මිනිසාය. මොහු අල්ලාහ්ගේ නබිවරයෙකි). සහ හව්වා (එම පළමු මිනිසාගේ බිරිඳ වේ). දෙදෙනාගේ ජීවිතයේ ඇති වූ සෑම ප්‍රශ්ණයක් ම, අල්ලාහ්ගේ හතුරා වූ ෂෙයිතාන්ගේ කූට උපක්‍රමවලට සාක්ෂි දරයි. ඔහු ඔවුන්ගේ රහස් ප්‍රදේශ පිටත පෙන්වන ආශාව ඇතිකර නීච නිර්ලජ්ජ වු පව් පැතීමට තුඩු දුන්නේ ය. තවද ෂෙයිතාන් කාන්තාවකගේ තබර්රුජය, තම නීච අරමුණ ඉටුකරගැනීමට ප්‍රයෝජනවත් කරගත් පළමු දෙය බව අප වටහා ගතයුතු ය.

අල්ලාහ් අවවාද කරයි:

—ආදාම්ගේ දරුවනී, ෂෙයිතාන් ඔබගේ දෙමාපිය දෙදෙනා ඔවුන්ගේ රහස් අවයවයන් ඔවුන් දෙදෙනාට දැක ගැනීම පිණිස ඔවුන් නිර්වස්ත්‍රකොට, (ඒ හේතුවෙන්) ඔවුන් ස්වර්ගයෙන් බැහැර කළේ කෙසේ ද, එලෙසින් ඔහු ඔබ ව විපතට පත් නොකළ යුතුයි.˜

මෙයින් —තබර්රුජය˜ සඳහා වු කැඳවීම ඇතිකර කාන්තාවන්ගේ අලංකාරයන් පිටත පෙන්වීමේ කාර්්‍යය ඇතිකළේ ෂෙයිතාන් බව පැහැදිළි ය.

—කාන්තා නිදහස˜ නම් වූ නමින් වැරදි මාර්ගයකට කැඳවන නායකයින් සැම දෙනාට ම නායකයා ඔහුමය. කරුණාන්විත අල්ලාහ්ට අවනත නොවී ෂෙයිතාන්ට අවනතවී ඔහු අනුගමනය කරන සෑම දෙනාටම ඉමාම් (නායකයා) ඔහුම ය. ඇත්තෙන්ම කියනවා නම්, කවුරුන් මුසුලිම්වරුන් නොමග යවා, ඔවුන්ගේ පරම්පරාවෙන් පැවත එන්නන්ද නොමග යැවීමට මාන බලන්නේ ද, ඔවුන්ගේ මග පෙන්වන්නා ෂෙයිතාන් ය.

නබි (සල්) තුමා මෙසේ පැවසූහ:

—මම කිසියම් —ෆිත්නා˜ (හිංසා පීඩා) වක් තබා යන්නේ නැත. එහෙත් කාන්තාවන්ගෙන් පිරිමින්ට ඇතිවන —ෆිත්නා˜ (හිංසා පීඩා)වන් හැර,˜ (සහීහ් මුස්ලිම්).

ආදාම් (අෙලෙ) තුමා අමතක වී එක් වරදක් කළහ. ඒ සඳහා පශ්චාත්තාපයට පත් වූ හෙතෙම අල්ලාහ්ගේ සමාව අයැද සිටියහ. කරුණාන්විත අල්ලාහ් එතුමාගේ ඉල්ලීම පිළි ගෙන සමාව දුන්නේ ය. නමුත් ප්‍රශ්නය එතැනින් නිමවුනේ නැත. ආදම් හා ෂෙයිතාන් අතර වූ සටන නොනැවතී කෙරීගෙන යයි. ෂෙයිතාන් අදත් ස්ත්‍රී පුරුෂයන් අල්ලාහ්ට අවනතවී හැසිරීමට ඉඩ නොදී පව්කිරීමට පොළඹවයි. ඔහුගේ මෙම මාර්ගයෙන් ඈත වී අපට බේරාගැනීම නම් අල්ලාහ්ගේ උපකාරය පතා ඔහු වෙත යෑම විනා වෙන කළයුතු දෙයක් නොමැත. අල්ලාහ් වෙත දැඩි විශ්වාසයක් ඇතිව අපගේ පව් වලට පශ්චාත්තාපවී සමාව අයැද සිටීමටත් අල්ලාහ් ගැනම සිතා, එතුළින් වැරදි පාප හැඟීම් දුෂ්ඨ චේතනා අනියම් ආශාවන් යනාදියෙන් අපව බේරා ගැනීමට ඔහු වෙතම රැඳී සිටීමත් අනිවාර්්‍ය ය.

ඇත්ත වශයෙන්ම, ඉස්ලාමය නම් වූ සදාචාරාත්මක ජීවන සැලැස්ම නිසියාකාරව ම අප පිළිපදින්නේ නම් දෙලොවෙහි ම අපගේ ජීවිතය සුඛිත මුදිත වීම නොඅනුමාන ය.


ලොව පුරා මුස්ලිම් කාන්තාවන් හිජාබය පලදිති

හිජාබ්-  (දෑත් හා මුහුණ පමණක් නිරාවරණය වේ )

නිකාබ් – ( දෙඇස් පමණක් නිරාවරණය වේ.)
බුර්කා – ( කිසිවක් නිරාවරණය නොවේ.)


මතු සම්බන්ධයි …….



මහාචාර්ය සෙයික් මුහම්මද් බින් ඉස්මායිල්

ඉංග්‍රීසි පරිවර්තනය හා අර්ථ විවරණය

ආචාර්්‍යය සාලිහ් අස් සාලිහ්

සිංහල පරිවර්තනය

එස්. එම්. මන්සූර්

* කාන්තාව සහ අධ්‍යාපනය
* කාන්තාවට ලබා දී ඇති අයිතීන්
* හිජාබ් -ෆර්දාව ඇඳීම සහ කාන්තා නිදහස
* දික්කසාදය හා ඉස්ලාම් නීතිය
* ගැහැණු පිරිමි දෙපාර්ශවයම ළඟින් ඇසුරු කිරීම
* කථා කිරීමේ අයිතිය
* පවුල් කටයුතු මෙන්ම පොදු කටයුතුවලදී
* සාක්ෂි කීම-සාධාරණත්වය
* කාන්තාව සහ දේශපාලනය
* දේපල (වස්තුව) පිළිබඳ අයිතිය

අල්කුර්ආනය හා විද්‍යාව

නූතනයේ මිනිසා සියල්ල විද්‍යාත්මකව බැලීමටත් ඒ ඔස්සේ තර්ක විතර්ක ඉදිරිපත් කිරීමටත් පෙළඹ සිටී. මෙය හොද ප්‍රවණතාවයක් වුවද විද්‍යාත්මක ඇසින් ආගම් දෙස බැලීම තරමක මතභේදාත්මක කාරණයකි. ඒ බොහෝ ආගම් විද්‍යාව හමුවේ අසරණ වී සිටින බැවිනි. එසේම බුද්ධියේ ඉනිපෙත්තෙහි සිටින සමාජය අවබෝධ කරගතයුතු කාරණයක් ද ඇත. ඒ සමහරක් ආගමික විද්වතුන් විද්‍යාව හා ආගම ගලපන්නේ අහස පොළොව ගලපනවා සේය. ආගමික මූලාශ්‍රවල පවසන කාරණයත් විද්‍යාත්මකව ඉදිරිපත් කරන කාරණයත් අතර කිසිදු සම්බන්ධතාවයක් දක්නට නැත. නමුත් විද්‍යාවට සමාන්තරව තම දහම ගෙනයාමේ අරමුණින් මෙවැනි පදනම් විරහිත විද්‍යාත්මක කාරණයන් ප්‍රසිද්ධියේ මාධ්‍යවල සාකච්චා කරනවා නිරන්තරයෙන් අප දකින්නෙමු. මෙහි දී තම ආගම කෙරෙහි ඇති නැඹුරුතාවයත් භක්තියත් නිසා අන්ධ භක්තියන් ලෙස සියල්ල හිස්මුදුනින් පිලිගන්නත් ඒවා සත්‍ය බවට හිස් තර්ක විතරක් ඉදිරිපත් කරන්නටත් එහි අනුගාමිකයන් පෙලඹී සිටී.

ඉස්ලාම් දහම සම්බන්ධයෙන් පවසන්නට ඇත්තේ ඉස්ලාම් දේව පණිවුඩ පදනම් කරගත් දහමක් එය විද්‍යාවට එරෙහි වු හෝ විද්‍යාවට ආවඩන දහමක් නොවේ. එසේම ශුද්ධ වු අල්කුර්ආනය විද්‍යා ග්‍රන්ථයක් ද නොවේ. මේ නිසා මෙහි පවසන කාරණයන් විධයාත්මක සමීකරණ හෝ විද්‍යාගාර පරීක‍ෂණ, නිරීක‍ෂණ හා නිගමනයන් නොවේ. මෙහි පවසනනේ සත්‍යයයි එය මිනිස් බුද්ධියට ගෝචරද විද්‍යාත්මකද යන්න මිනිසා විසින් තීරණය කලයුතු කාරණයකි. එසේම එය විද්‍යාත්මක වුවත් එය විද්‍යාවේ කුමණ ෙක‍ෂ්ත්‍රය නියෝජනය කරනවාද යන්න මිනිස් බුද්ධියෙන් තීරණය කරන කාරණයකි.

ඒ අනුව ශුද්ධ වු අල්කුර්ආන් වාක්‍ය කිහිපයක් ඔබේ අවදානයට ඉදිරිපත් කරන්නේ එහි විනිශ්චය ඔබටම භාර කරමිණි. ……………

තාරකා විද්‍යාව

“අහසෙහි තාරුකා රාශියක් පිහිටුවා (එය) පහනක් ලෙසත් චන්ද්‍රයා ආලෝක පරාවර්ථකයක්ද කල………”

අල්කුර්ආන් 25:61

ජල ⁄ භූගෝල විද්‍යාව : Hydrology & Geogrphy

“….අහසින් වැසිදිය පහලකොට එම වැසිදිය පොළව තුළට විනිවිද යාමට සලස්වා ඒ තුලින් දිය උල්පත බිහිකර ඒ මගින් පොලොව මත විවිධ වර්ණයන්ගෙන් යුතු අස්වනු හටගන්වන්නේය……….

අල්කුර්ආන් 39:21

භූගර්භ විද්‍යාව : Geology

“…..පොළොව කම්පා නොවනු පිණිස එයමත තරසර කදුද…..”

අල්කුර්ආන් 16:15

ජීව විද්‍යාව : Zoology

“…..දිවි ඇති සියල්ල ජලයෙන් අප නිර්මාණය කලෙමු……… “

අල්කුර්ආන් 21:30

උද්භිද විද්‍යාව : Botany

“……අහසින් ජලය පහල කොට එයින් විවිද උද්භිද වර්ගයේ ජෝඩු මැව්වෙමු. “

අල්තුර්ආන් 20:53

වෛද්‍ය විද්‍යාව : Medicine

“……..(මී මැස්සන්ගේ) උන්ගේ උදරයෙන් විවිධ වර්ණවත් පානයන් වෑහෙන්නේය එහි මනුෂ්‍යාහට රෝග සුවය ඇත්තේය “

අල්කුර්ආන් 16:69

කායික විද්‍යාව : Physiology

“ඔවුන්ගේ ඇටකටු එක්රුස් කරන්නට අප නොහැක්කෙමු යයි ඔවුන් සිතන්නේද? ඔවුන්ගේ :Fingerprint– ඇගිලි තුඩ පවා නැවත තිබු ආකාරයටම මවන්න අප ශක්තිවන්තය “

අල්කුර්ආන් 75:3,4

කළල විද්‍යාව : Embryology

“සැබැවින්ම මා මිනිසා මැවුයේ ඉතා සුලූ ප්‍රමාණයක් වු තරල බිදුවකිනි “

අල්කුර්ආන් 76:02

විශ්ව සම්භවය

“ආරම්භයේ අහස පොළව එක් වී වායු ස්කන්ධයක්ව පැවතුනි. පසුව එය වෙන්කරන ලදී “

අල්කුර්ආන් 21:30

ඉහත අල්කුර්ආන් වාක්‍ය කෙරෙහි මධ්‍යස්ථව හිද බුද්ධිමත් අවදානය යොමු කරන්න. ඔබ මවිතයට පත්වෙනවා ඒකාන්තය.


ඉස්ලාම් දහම සහ කාන්තාව- දේපල (වස්තුව) පිළිබඳ අයිතිය

මෙම ලෝකයේ මැවීම්වලින් ශ්‍රේෂ්ඨ මැවීමක්වූ මානව වර්ගයාට අතිවිශාලවූ පහසුකම්, සම්පත් හා අයිතිවාසිකම් සියල්ල කිසිදු බේදයකින් තොරව අල්ලාහ් විසින් ලබාදී ඇත. එහෙත් අල්ලාහ් විසින් ලබාදුන් සියලූම අයිතිවාසකම් තමන්ට පමණක් හිමි බව ඇතැම් පිරිමින් සිතන්නෝය. මේ හේතුවෙන් කාන්තාවන් සතු අයිතිවාසිකම් ඇතැම් අය උදුරා ගත්හ. මෙයින් ප්‍රධාන තැනක් ගන්නේ දේපල (වස්තුව) පිළිබඳ අයිතියයි.

දෙමව්පියන්, සහෝදරයින් හා වැදූ දරුවන් විසින් අතහැර ගිය වස්තුවෙන් කිසිම කොටසක් කාන්තාවන්ට ලාබා නොදුන්නේය. ඉස්ලාමයට පෙර නූගත් මිනිසුන් (අධමයින්) වස්තු(දේපල) ඛෙදූ ආකාරය ගැන විස්තර කරන ඉබ්නු අබ්බාස්(රළියල්ලාහු අන්හු) තුමා (ජාහිලියා) එම කාලයේ පිරිමි දරුවන්ට පමණක් හිමිවිය. මිය යන විට ඔහු (අන්තිම කැමැත්ත) ප්‍රකාශ කළොත් පමණක් දෙමව්පියන්ට උරුමකරුවන් විය හැකි තත්ත්වයක් පැවතිණ.

එමනිසා අල්ලාහ් විසින් මිනිසාගේ යහපත තකා මේ ක්‍රමය වෙනස් කළ අතර එය සූරතුල් නිසා (පරිච්ඡේදයේ) 11 වෙනි වාක්‍යයේ මෙසේ සඳහන්වෙයි.

අල්ලාහ් තම ශ.ද්ධ කුර්ආනයේ දේපල අයිතිය පිළිබඳව විස්තර කිරීමේදී

—ඔබේ දරුවන්ගෙන් ගැහැණුන්ට හිිමිවන කොටසමෙන් දෙගුණයක් පිරිමි දරුවන්ට (දේපල) හිමිවන බව අල්ලාහ් අණ කරන්නේය. එමනිසා ඔවුන්ට පිරිමි ළමයි නොමැතිව ගැහැණු ළමයි දෙදෙනකුට වැඩි සංඛ්‍යාවක් සිටී නම් (මියගිය අයගේ) වස්තුවෙන් 2/3 ක් ඔවුන්ට හිමිවෙයි. එක ගැහැණු ළමයෙක් නම් ඇයට 1/2 කි හිමිවන්නේය. ඇයට දරුවන් ඇත්නම් (ඒ දරුවාගේ) දෙමව්පියන්ට මියගිය අයගේ වස්තුවෙන් 1/6 ක් බැගින් හිමිවන්නේය.මියගිය අයට දරුවන් නොමැති නම් ඔහුගේ මවට 1/3 ක් (හා පියාට 2/3 ක්) හිමිවන්නේය.

මිය ගිය අයට සහෝදරයින් සිටී නම් ඔවුන් සඳහා ඔහු (මියගිය අය) අන්තිම කැමැත්ත පරිදි අයිතිවිය යුතු කොටස හා පියවිය යුතු(මළ අයගේ) ණය ගෙවීමෙන් පසු ඉතිරියෙන් මවට 1/6 හිමිවෙයි. ඔබලාගේ දෙමව්පියන් හා සහෝදරයින් අතුරෙන් ඔබලාට වඩාත් සමීපව ප්‍රයෝජනවන්නේ කවුරුන්ද යන්න ඔබලා නොදන්නහුය. එමනිසා අල්ලාහ්ගේ මෙම නියෝගය (අණ) පිළිපදින්න. සියල්ල හොඳින් දන්න අල්ලාහ් පැහැදිලි ඥානවන්තයෙකි. (අල්-කුර්ආන් 4:11) 4 වන පරිච්ඡේදයේ 12 වැනි වැකියත් බලන්න.

මේ දේව වාක්‍යන් දෙකම පහළ වීමට හේතුව ගැන බලමු.

සඃද් බින් රාබී(රළියල්ලාහු අන්හු) තුමාගේ බිරිද තම ගැහැණු ලමයින් දෙදෙනා කැටුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ළගට පැමිණ අල්ලාහ්ගේ දූතයාණනි, මේ දෙදෙනාම සඃද්ගේ දරුවන්ය. ඔහු ඔබතුමාගේ උහද් සටනේදී මිය ගියේය. මොවුන්ගේ බාප්පා කැඳවා නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මෙසේ කීවේය. සඃද්ගේ ළමයින්ට (ඔවුන්ගේ පියාගේ වස්තුවෙන්) 2/3 ක්දී ඔවුන්ගේ මවටද 1/8 ක් දෙන්න. පසුව ඉතිරි කොටස ඔබ තබාගන්නයි පැවසූවේය. (වාර්තාකරු: ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා. මූලාශ්‍රයඃ : අහමද්)

ඉස්ලාමය පහළවීමෙන් පසු ගැහැණුන්ට හිමිවිය යුතු වස්තුවේ කොටස නිසි ආකාරව ඔවුනතට පත්විය. එපමණක් නොව තමන්ට අයිති ප්‍රමාණය නොලැබුන අවස්ථාවක නීත්‍යානුකූලව තමන්ට ලැබිය යුතු ප්‍රමාණය ඉල්ලා ලබාගැනීමේ අයිතියද ඇතිබව ඉහත සදහන් රුවන් වැකිය මගින් තේරුම් ගත හැක.

දෙමව්පියන් හෝ ඥාතීන් විසින් අත්හැර ගිය වස්තුව ගැහැණු පිරිමි දෙපාර්ෂවයටම අයිති බව පමණක් නොකියා, ඔවුන් අතරේ කිසිදු ආරවුලක් නොමැතිව ඒවා ඛෙදාගත යුතු ආකාරයද අල්ලාහ් විසින් පැහැදිළිව විස්තර කර ඇත. මෙසේ විස්තර කර දුන් අල්ලාහ් විසින් එම නියෝගයන් (අණපනත්) හරියාකාරව ක්‍රියාත්මක කරන අය පිළිබඳ 13 වන වාක්‍යයේ මෙසේ ප්‍රකාශ කරයි.

—මේවා අල්ලාහ් විසින් පැනවූ සීමාවන්ය. යමෙක් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනතව කටයුතු කරයිද ඔවූහු ස්වර්ගයට ඇතුළත් කරනු ලබති. එහි පහතින් ජලධාරාවන් සදා ගලාබසින්නේය. ඔවූහු එහි සදාකල් ජීවත් වන්නෝය. මෙය අතිවිශාල ජයග්‍රහණයක් වන්නේය.˜ (අල්-කුර්ආන් 4ඃ13).

මෙසේ ඉතා පැහැදිලිවත් සරලවත් අවබෝධ කර දී තිබියදීත් ඒ අණ පනත් නොසලකා හිතුමතේට අසාධාරණ අන්දමින් වස්තුව ඛෙදන්නේ නම් එවැනි අයට අත්වෙන ඉරණම ගැනද ඊලඟ වැකියෙන් මෙසේ ප්‍රකාශ කරයි.

—යමෙක් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට වෙනස්කම් කරයිද ඔහු විසින් පණවන ලද සීමාවන් (අණපනත්) ඉක්මවයිද (කඩකරයිද) ඔවූහු අපායට යවනු ලබන්නෝය. එහි සදාකල් දුක්විදින්නට සිදුවන්නේය. එහිදී ඔවුන්ට පිළිකුල් සහිත දුක්වේදනාවන්ට මුහුණ දීමට සිදුවේ.˜ (අල්-කුර්ආන් 4ඃ14).

මෙසේ අසාධාරණ ලෙස අනුන්ගේ දෙයක් වංචාවෙන් ගත් අයෙකුට පරලොවදී අත්වෙන ඉරණම ගැන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළ බව ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමිය දන්වන්නීය.

—යමෙක් රියනක් තරම් ඉඩමක් වංචාවෙන් ගත්තොත් පරලොවදී (අල්ලාහ් විසින්) එම කොටස මෙන් තට්ටු හතක් වළල්ලක් සේ තනා ඔහුගේ ඛෙල්ලේ එල්ලනු ලැබේ.˜ (බුහාරි මුස්ලිම්).

බුහාරි ග්‍රන්ථයේ තිඛෙන තවත හදීසයක් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටී.

—යමෙක් වංචාවෙන් රියනක් තරම් ඉඩමක් ලබා ගත්තේ නම් පරලොවදී ඔහු බිම් තට්ටු හතකම යටකරනු ඇතැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.˜

මේ අයුරින් කාන්තාවන්ට පණුවන්, කැරපොත්තන් වගේ පාගා දැමූ යුගයක කාන්තාවන්ට දේපල වස්තු පිළිබඳ අයිතිවාසිකම් ලබාදී සමාජයේ උසස් තැනක් ලබා දුන්නේ ඉස්ලාමයයි.

අනෙකුත් සැබැදි….

කාන්තාව සහ දේශපාලනය

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්- සාක්ෂි දීම

කාන්තා අයිතිවාසිකම්-උපදෙස් (අනුශාසනා)

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-කථා කිරීමේ අයිතිය

ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමිව තිඛෙන අයිතීන් හා වරප්‍රසාධයන්

ඉස්ලාම් කාන්තාවට ලබා දී ඇති අයිතීන් -කෙතරම් දුරට කාන්තා අයිතීන් ආරක‍ෂා කර ඇත්තේද?

දික්කසාදය හා ඉස්ලාම් නීතිය

කාන්තා නිදහස වෙනුවෙන් හඩ නැගු ඇය ඉස්ලාම් දහම ප්‍රචාරය කරන උතුම් කාන්තාවක් වූයේ කෙසේද?

හිජාබ් -ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද?

කාන්තා අයිතිවාසිකම්- දේශපාලනය

ඉස්ලාම් දහම කාන්තාවන්ගේ නිදහස සීමාකර තිබේ. ඔවුන්ට නිදහසේ සැරිසරන්න ඉඩක් නැත. ඉස්ලාම් යනු අයුක්ති සහගත ආගමක් යැයි ප්‍රකාශ කරන සමහර කාන්තා නිදහස් සටන්කාමීන්, ගැහැණු පිරිමි දෙපාර්ශවයටම දේශපාලන වශයෙන්ද සම තැන ලබා දිය යුතු යැයි හඩ නඟති. දේශපාලනයේ ප්‍රවර්ධනය ගැන සිතන මොවුන් කාන්තාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි අසුභවාදී පැත්ත ගැන කල්පනා කර නැත.

Women featured in Britain's first Muslim Women Power List

ඉස්ලාම් දහම කාන්තාවන්ගේ ශක්තියට හා හැකියාවන්ට අනුකූලව අවශ්‍ය සෑම නිදහසක් මෙන්ම අයිතීන්ද ලබාදී ඇත. ඔවුන්ට ඉසිලිය හැකි ප්‍රමාණයට වැඩි බරක් ඔවුන් මත පටවා නැත.

දේශපාලනය ගැහැණුන්ගේ ස්වභාවයට (ශක්තියට) ඔරොත්තු නොදෙන දෙයකි. රටක් පාලනය කිරීම නිවසක් පාලනය කිරීමක් මෙන් නොවේ. රටක නායකත්වයක් දැරීමේදී පාලකයා රටේ මුළු මහත් ප්‍රජාවගේම ඕනෑ එපා කම්, දුක සැප හා ජීවිතයේ නිතර ඇතිවන ගැටළු ආදිය දැන ගැනීමටත් ඒවාට අවශ්‍ය විසදුම් ලබාදීමටත් හැකිවිය යුතු අතර නීතිරීති මගින් ප්‍රජාව යහ මගට යොමු කිරීමේ වගකීමද ඔහු සතුය.

නීතිය ශක්තිමත් විය යුතුය. නීතිය ශක්තිමත් වීමට නම් එය ක්‍රියාත්මක කරන්නා තුල කායික හා මානසික ශක්තියක් තිබිය යුතුය. ඒ ශක්තිය ඇති තැනැත්තා කිසිවෙකුට පක්ෂපාතී නොවිය යුතුය. එහෙත් කාන්තාවන් තුල මේ ශක්තිය තිබේද?

අද කාන්තාවන්ට අවශ්‍ය ආරක්ෂාව ලැඛෙන්නේ නැත. අතවරවලට ලක්වෙති. අපහාසයට උපහාසයට භාජනය වෙති. පැහැරගෙන යාමට ලක් වෙති. එපමණක් නොව ඔවුන් වෙළඳ භාණ්ඩයක් බවට පත්වී සිටිති. මේ සියල්ල අද දිනපතා සෑම තැනකම සිදුවෙමින් පවතින සාමාන්‍ය සිද්ධීන් බවට පත්වී ඇත. මේ ආකාරයට තම පතිවතට හා ජීවිතයට වගකිව නොහැකිව අසරණවී සිටින කාන්තාවන්ට රටක් සුරකින්න පුළුවන්ද?

රට වැසියන් තම ආරක්ෂාව පතා ආරක්ෂක අංශ වෙත යන්නේය. එහෙත් එම ආරක්ෂක අංශවල සේවය කරන කාන්තාවන් තම උසස් නිලධාරීන්ගෙන් ආරක්ෂාවීම සදහා යා යුත්තේ කා ළඟටද? මෙසේ තම ආරක්ෂාව (ආත්මාරක්ෂාව) සලසා ගත නොහැකි කාන්තාව රට ආරක්ෂා කරනුයේ කෙසේද? කුමන ආකාරයෙන් බැලූවත් කාන්තාවක් පිරිමියකුගේ උදව්වක් ඇතුව ජීවත් විය යුතුවන්නේය. මෙය කාන්තාවගේ ස්වභාවයේම පවතින දුබලතාවයකි. ගැහැණුන්ට වඩා පිරිමින් ශක්තිමත්ය. තනිවම යමක් කිරීමේ කායික හා මානසික ශක්තියක් මෙන්්ම ඉදිරිපත් වීමේ හැකියාවක්ද ඇත.

මෙයට අමතරව කාන්තාවන්ගේ ශාරීරික ස්වභාවය ගැනද සලකා බැලිය යුතුය. ගැහැණියක් ගැබ්ගත් විට ප්‍රමාණය ඉක්මවූ ශාරීරික හා මානසික වෙහෙස කුසේ දරුවාට මෙන්ම මවගේ සෞඛ්‍යට හා ජීවිතයට පවා අනතුරු දායකය. පාලකයින් ලෙස කැපවීමට සූදානම් අය මුළු කාලයම ඒ සදහා යෙදවිය යුතු වන්නේය.

සතියක් තුල පැය 40 ක් (දිනකට පැය 6 බැගින්) මනස යොදවන වැඩවල යෙදීම නිසා අඩුකාලීන දරු උපත් සියයට 40 දක්වා වැඩිවිය හැකි බවත් ගැබ්ගත් කාන්තාවන් තම සේවා කාලය අඩුකර ගැනීම හෝ වැඩට යාම සම්පූර්ණයෙන්ම (ගර්භනී කාලය තුල) නතර කළ යුතු බව ඉතාලියේ පෙරුගියා ව්ශ්ව විද්‍යාලයේ කරන ලද පරීක්ෂණ වාර්තාවකින් හෙළිවෙයි.

තමා වැදූ බිළිඳා ළදරු වයස පුරා අවුරුදු දෙකක් කිරි දී දැනුමෙන් ශක්තියෙන් හා කුසලතා අතින් පෝෂනය කර දක්ෂ හා සදාචාර සම්පන්න පුරවැසියකු වශයෙන් රටට දායාදකර දීම මවකගේ පරම යුතුකම වන්නේය. අද ළදරුවන්ට කිරිදීම සදහා මව්වරුන්ට අවශ්‍ය තරම් නිවාඩු නොලැබේ. සේවා ස්ථානයෙන් ප්‍රසූත නිවාඩු ලැඛෙන්නේ ඉතා අඩුවෙන්ය. බොහෝ විට මාස 4 ක් හෝ 6ක් ප්‍රසූත නිවාඩු වශයෙන් ලබා දෙනු ඇත. ඉන් පසු දරුවාට කිරිබීම නවතා දමා සේවයට යන්නීය. මෙය සේවා ස්ථානයක වැඩ කරන කාන්තාවකගේ තත්ත්වයයි.

දේශපාලනය කරන කාන්තාවන්ට නිවාඩු දෙන්නේ කවුද? තත්ත්වය තව දුරටත් මෙසේ පැවතුනොත් දරුවාගේ දැනුම, කුසලතා හා විනය යන ඒවා ප්‍රශ්නාර්ථයක් වන්නේය. ජාතියේ යහපතට කැමති කාන්තාවන් මේ කරුණු ගැන අවධානය යොමු කළ යුතුය. දෙවියන් අණ කළ මේ කාර්යයන්හි හොදින් නියැලී ජාතියේ දියුණුව සදහා වෙහෙසිය යුතුය.

සමතැන ලබා ගැනීම සදහා සටන් කරන කාන්තා සංවිධාන වෙත ඉහත සදහන් කරුණු ඉදිරිපත් කළ විට ඔවුන් ඊට වෙනස්වූ අදහසක් ඉදිරිපත් කරති. ගැහැණියගේ නිදහස ඇගේ ස්වාමිපුරුෂයා විසින් පැහැර ගත නොහැක. ගැහිණියක් මවක් වීමත් එයින් වැළකී සිටීමත් පිළිබඳ තීරණයක් ගැනීමේ නිදහස ඇය සතු විය යුතු යැයි ප්‍රකාශ කරති. මවකගේ මහිමය ලෝකයාට අවබෝධ කර දෙන ඔවුන්ම එය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඉල්ලා හඩ නැගීම වේදනා ගෙන දෙන කරුණකි.

මානව වර්ගයා සදහා තමන් විසින් ඉටු කරන උතුම් සේවාවන් ගැන සිතා නොබැලීම නිසා මෙවැනි අදහස් කාන්තාවන් විසින් ප්‍රකාශ කෙරෙයි. අද ඔවුන් ප්‍රකාශ කරන ආකාරයේ කාන්තාවන් එදාත් සිටියා නම්, අද මේ ලෝකය ලබා ඇති සමෘද්ධිය, සංවර්ධනය අපට දකින්න ලැබේද?

මෙතෙක් ලොව පාලනය කළ – අදත් පාලනය කරමින් සිටින කාන්තා රාජ්‍ය නායිකාවන් පිළිබඳව මොහොතක් සිතා බැලිය යුතුය. එම නායිකාවන්ගෙන් කිසිවෙක් රටේ ඇතිවන කිසිම ආරවුලක් සදහා ස්වෙච්ඡාවෙන් තීරණයක් (විසඳුමක්) ගෙන නැත. කිසිම තැනකට ඔවුන්ට හදිසියේ පැමිණිමට නොහැක. නමින් පමණක් ඔවුන් අතේ පාලනය තිබුනත් පරිපාලනය පවත්වාගෙන යනු ලබන්නේ පිරිමි පක්ෂයේ අදහස් හා යෝජනා මතය.

කාන්තාව වනාහි මිලකළ නොහැකි සම්පතක්වූ ගොවි බිමක් බඳුය එහි පිරිමින් බෝග වගා කරති. ඒ සුන්දරවූ ගොවිබිම විසින් එම බීජ පැළ කරවා එම සශ්‍රීක වගාවන්ගේ අස්වැන්න ලොවට ලබා දෙයි. මෙලොව විද්‍යාඥයින් තාක්ෂණ ඉන්ජිනේරුවන්, දක්ෂ පාලකයින් බිහිකිරීම සදහා තම ලේ කිරි කර පොවා ජාතියට ලබා දුන්නේ එම උදාර මාතාවන්ය. මේ ලෝකය මෙතෙක් දුටු තවදුරටත් දකින්නට ලැඛෙන සියලූ ආශ්චර්යයන්ට හා දියුණුවේ ප්‍රධාන කොටස්කාරියන් වන්නේ කාන්තාවන්ය.

කාන්තාවන්ගේ හැකියාවන් හා ස්වභාවය අනුව ඔවුන්ගේ වැදගත්කම අගය කරන ඉස්ලාමය ඔවුන්ගේ හැකියාවන්ට අදාලව උසස් තත්ත්වයක් ලබාදී ඇත. කාන්තාවන් වූ කලී සදා ආරක්ෂාකර ගරුකළ යුත්තකි. ඔවුන් දේශපාලනයට යොමුවීමෙන් අධික බරක් පටවා ගෙන වැඩි වගකීම්වලින් සිත්තැවුලට පත් වීමෙන් වළකා සතුටින් ජීවත් වීම සදහා කාන්තාවන් දේශපාලන නායකත්වයට පත් නොවන ලෙස කියා තිඛෙයි.

පර්සියාවේ ජනතාව තම රුජින වශයෙන් ඉස්රාගේ දියණිය තෝරාගත් බව දැනගත් නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණෝ

—පාලන බලතල ගැහැණියක් අතට පවරාදෙන ජනතාව කිසිදිනක ජය නොලබන්නෝයැ˜යි ප්‍රකාශ කළහ. (වාර්තාකරු: අබූබක්කර් (රළියල්ලාහු අන්හු) මූලාශ්‍රය: බුහාරි, තිර්මිදි, අහ්මද්).

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මෙම අවවාදයෙන් පැහැදිලි වන්නේ එතුමා කාන්තාවන් කෙරෙහි දැක්වූ සැළකිල්ලයි. එයිනුත් අද දකින්න ලැඛෙන ප්‍රජාතන්ත්‍රවාදය නමින් කෙරෙන නාඩගම් හේතුවෙන් දේශපාලනයට සම්බන්ධ කාන්තාවන් දෙස බලන විට ඇතිවන්නේ සතුටක් වෙනුවට කනගාටුවකි. කාන්තාවන්ගේ ජන්දය බලාපොරොත්තුවන දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති මධ්‍යස්ථ මතධාරි උගතුන් බොහෝ දෙනෙක්, කාන්තාවන්ට දේශපාලනයේ ඉඩදීම ප්‍රිය කරන බවක් නොපෙනේ.

ඉස්ලාමය කාන්තාවන් දේශපාලනය නායකත්වය ගෙන කටයුතු කිරීමට සහයෝගය නොදැක්වූවත්, ඔවුන් පාලනයේ ඇති ගුණදොස් විවේචනය කිරීම, අවශ්‍ය යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම හා විරෝධතාව දැක්වීම යනාදිය ඉස්ලාමය තහනම් නොකරයි. මෙයට අවශ්‍ය සාක්ෂි ඉතිහාස පෙරලා බලන කෙනකුට දැනගත හැක.

මක්කා ජයග්‍රහනයට පෙර උම්රා (හජ වන්දනා කාලය නොවන වෙනත් කාලවල මක්කමට ගොස් වතාවත්වල යෙදීම) සදහා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හා සහාබාවරුන් සියලූ දෙනා මදීනාව සිට මක්කාව බලා යන අතරමග මක්කාවට ඇතල්වී වතාවත් කිරීමට බාධා පැමිණි නිසා ආපසු මදීනාව බලා යාමට අකමැත්තෙන් නබි තුමා කළ ඉල්ලීම පවා නොසලකා සිටි අවස්ථාවේ උම්මු සල්මා තුමියගේ උපදෙස් පිළිගෙන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පළමුවෙන් තම කෙස් කපා සත්ව පරිත්‍යාගය ඉටු කිරීම දුටු සහබාවරු එතුමාව අනුගමනය කරමින් උම්රා වන්දනාවේ අවසන් ක්‍රියාවන් ඉටුකර ආපසු යාමට සූදානම් වූහ. එම මව් තුමියගේ ස්ථානෝචිත ප්‍රඥාව (තැනට ඔබින නුවන) නිසා එතැන උදාවී තිබුන නොසන්සුන්තාව මඟ හැරී මදීනාවාසීන් හා මක්කාවාසීන් අතර ඇවිලෙන්න ගිය යුධ වාතාවරණයද සාමකාමි අතට හැරුණු බව ඉතිහාසය මගින් දැනගන්නෙමු.

—විශ්වාසවන්ත පිරිම්න්ද විශ්වාස වනත් කාන්තාවන්ද එකිනෙකාගේ සහායකයන්ය. ඔවූහු යහපත් දෙය කිරීමට පොළඹවති. නරක දෙයින් වළක්වාලති˜ යන අල්-කුර්ආන් 9:71 වැකිය.

සාමාන්‍ය වැසියන් අතරේ පමණක් නොව රජ පුටුවල වාඩිවී සිටින අයගෙන් පවා ප්‍රශ්න කිරීමේ අයිතිය කාන්තාවන්ට හිමි බව අල්-කුර්ආනය කියයි. මේ හැර නායකත්වයෙන් තොරව, ප්‍රශ්න කරන්නන් ලෙස හෝ විරුද්ධ පාක්ෂිකයින් ලෙස තම ස්ත්‍රී ස්වභාවයට ඔරොත්තු දෙන අයුරින් දේශපාලනයේ කොටස් කාරියන්වීම ඉස්ලාමය අනුමත කරන්නේය.

අනෙකුත් සැබැදි….

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්- සාක්ෂි දීම

කාන්තා අයිතිවාසිකම්-උපදෙස් (අනුශාසනා)

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-කථා කිරීමේ අයිතිය

ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමිව තිඛෙන අයිතීන් හා වරප්‍රසාධයන්

ඉස්ලාම් කාන්තාවට ලබා දී ඇති අයිතීන් -කෙතරම් දුරට කාන්තා අයිතීන් ආරක‍ෂා කර ඇත්තේද?

දික්කසාදය හා ඉස්ලාම් නීතිය

කාන්තා නිදහස වෙනුවෙන් හඩ නැගු ඇය ඉස්ලාම් දහම ප්‍රචාරය කරන උතුම් කාන්තාවක් වූයේ කෙසේද?

හිජාබ් -ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද?

වෙනත්….

most powerful Muslim woman

most powerful Muslim women in Britain

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්- සාක්ෂි දීම

මිනිස් ජීවිතයේ සියලූම අංශ දෙස වැදගත්කමකින් හා අවබෝධයකින් බලන ඉස්ලාමය, එහි මිනිසා සතු අයිතිවාසිකම් හා යුතුකම් ගැනද විග්‍රහ කරයි.

ජීවිතයේ බොහෝ අවස්ථාවල පිරිමින් හා සම අයිතිවාසිකම් කාන්තාවට ලබාදී ඇති අතර, සමහර අවස්ථාවන්හිදී කාන්තාවන්ගේ යහපත හා සමාජයේ යහපත තකා සමහර අයිතිවාසිකම්වල වෙනස්කම් ඇතිවී තිබේ. දේශපාලනයේ කාන්තාවගේ සහභාගිත්වය ඉස්ලාම් ප්‍රතික්ෂේප කර ඇත්තේද ස්ත්‍රීන්ගේ යහපත ගැන සලකාය. එය පසුගිය මාතෘකාවේදී පැහැදිළි කෙරිණ.

මේ මූලධර්මය අනුව පැමිණිල්ල හා විත්තිය වෙනුවෙන් සාක්ෂිකරුවන් තෝරාගැනීමේදී එක පිරිමියෙකුට ගැහැණුන් දෙදෙනකු සමාන වන බව ඉස්ලාම් කියයි

—තවද (පිළිගත හැකි) පිරිමින්ගෙන් දෙදෙනකු සාක්ෂි වශයෙන් තෝරාගන්න. පිරිමින් දෙදෙනකු සොයාගත නොහැකි නම් පිරිමියෙකු හා පිළිගත හැකි ගැහැණුන් දෙදෙනකු තෝරාගන්න. ගැහැණුන් දෙදෙනෙකු තෝරා ගත යුත්තේ ඉන් එක් අයෙකුට අමතකවුණත් අනෙක් තැනැත්තිය විසින් මතක් කර දීමට (පහසුවන නිසා)ය.˜ (අල්-කුර්ආන් 2: 282)

ඉහත සඳහන් කුර්ආන් වාක්‍යය අනුව පිරිමින් දෙදෙනෙකු නොමැති අවස්ථාවක එක් පිරිමියෙකු හා අනෙක් තැනැත්තා වෙනුවෙන් කාන්තාවන් දෙදෙනෙකු තෝරා ගැනීමට ඉස්ලාම් නියම කිරීම නිසා කාන්තාවන් අවතක්සේරුවට ලක්කර පිරිමියෙකුට සමානව සාක්ෂි දීමේ අයිතිය නැතිකර ඇතැයි පවසන අයද සිටිති.

උසස් තත්ත්වයක වැජඹුන කාන්තා පරපුර පහතට ඇද දමන ලද්දේ ඉස්ලාමය නොවේ. දේපල, වස්තුවේ සිට කායික මානසික අවශ්‍යතා දක්වා සියලූ අයිතීන් පැහැරගෙන, පිළිකුල් සහගත ජාතියක් බවට ඇද දමා සිටි කාන්තාවන් සමාජයේ ගෞරවයක් ඇති අභිමානවත් ජාතියක් වශයෙන් ඉදිරියට ගෙනාවේ ඉස්ලාමය.

—විශ්වාසවන්තයිනි, කාන්තාවන්ගේ කැමැත්තෙන් තොරව ඔවුන්ට අයිති දේපල හා වස්තුව ලබා නොගන්න. ඔබ විසින් දෙන ලද (විවාහයේදී දෙන පරිත්‍යාග මුදල) මහර් ලෙස ඇයට කොතරම් මසුරන් (රන් රිදී) පොදියක් දුන්නත්, ආපසු නොගන්න. ඇගේ වරුද්දක් ගැන කෝපවනවාට වඩා ඇගේ හොඳක් ගැන සතුටුවන්න. ඇගේ අඩුපාඩුවක් තුල යම් යහපතක් තිබිය හැක.˜ යනුවෙන් අල්ලාහ් අල්-කුර්ආනයේ පවසයි.

කාන්තාවන් සම්බන්ධයෙන් ඉස්ලාමයට චෝදනා නගන අය ඉහත කුර්ආන් පාඨය ගැන අවධානය යොමු කළ යුතුය.

කාන්තාවන් පහත් ලෙස සලකා පිරිමින් උසස් කිරීම ඉස්ලාමයේ අරමුණ යැයි නගන චෝදනාව නිවැරදි නම්, අල්-කුර්ආන් 2:28 වැකිය ආරම්භයේ (ණය සම්බන්ධ) ඔබලාගෙන් පිරිමින් දෙදෙනකු සාක්ෂි වශයෙන් නියම කර ගන්නැයි දෙවියන් කියන්නේ මන්ද?

විශ්වාස වන්ත පිරිමියෙකු තෝරාගන්නැයි කියන්න තිබුනා නොවේද? එක් සාක්ෂියක් පමණක් ඉදිරිපත්වීමේදී සත්‍යය හා බොරුව මිශ්‍ර කිරීමට ඉඩ ඇත. මේ නිසා සාක්ෂි දෙකක් අවශ්‍ය බව අල්ලාහ් කියයි.

ලිංගික අපචාර චෝදනාවක් ඔප්පු කිරීමට පිරිමින් හතර දෙනෙකුගේ සාක්ෂි අවශ්‍ය බව ඉස්ලාමය කියයි. එක් අයකු හෝ තිදෙනකු බොරු කීවත් සිව්වැනියා හෝ සත්‍යය කීමට ඉඩ ඇතැයි යන ධනාත්මක හැඟීමකින් මෙසේ නියම කර ඇත. මෙවැනි චෝදනාවකදී (අපචාර) සාක්ෂි හතරකට වඩා අඩුවෙන් ඉදිරිපත් වූවත් ද~ුවම් දීම කෙසේ විය යුතුදැයි කුර්ආනය මෙසේ කියයි.

—පතිවතින්යුත් (ගුණ යහපත්) කාන්තාවකට අපචාර (අපහාස) චෝදනාවක් එල්ල වූවොත් එය ඔප්පු කිරීම සදහා සාක්ෂි හතරක් ඉදිරිපත් කළ යුතුය. එසේ කිරීමට ඔවුන්ට නොහැකිවූවොත්, චෝදනා කළ අයට කස පහරවල් 80 බැගින් ගසන්න. තවද කිසිම දවසක ඔවුන්ගේ සාක්ෂි පිළි නොගන්න. සත්‍ය වශයෙන්ම අපරාධකාරුවන් ඔවුන්ය.˜ (අල්-කුර්ආන් 24:4)

අල්-කුර්ආන් 2:282 වැකියෙන් පිරිමියෙකු වෙනුවට කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය අවශ්‍ය යැයි කීම තුල ඇති සාධාරණත්වය (එහි අරමුන) ඔවුන්ගේ ස්වභාවය ගැන අවධානයෙන් යුතුව සිතා බැලූවොත් පැහැදිළි වන්නේය.

කාන්තාව ස්වාභාවිකව මෙලෙක්වූ සිත් ඇත්තියකි. මේ මොළොක් වූ සිත නිසා තව කෙනෙකුගේ දුක් වේදනාවක් දරා සිටිය නොහැක.

යමෙක් ඔහුට ලැඛෙන්න යන තීන්දුව (දඩුවම) ගැන සිතා කඳුළු සලනවා දුටු විට ඇය හැගුම්බර වන්නට ඉඩ ඇත. මොහු වැරදිකරුවෙක් හෝ නිවැරදි කරුවෙක් හෝ වේවා, මොහුගේ කඳුළු නවතාලීම ඇගේ අරමුණවිය හැක. ඒ ඇයගේ ස්වභාවයයි. මෙපමණක් නොව කාන්තාවන් ශාරීරික වශයෙන්ද දුබල වන අවස්ථා තිඛෙන්නේය. කාන්තාවන්ට මාස්පතා ඔසප් (මාසික ශ.ද්ධිය) ඇතිවෙයි. මේ කාලය තුල බොහෝ කාන්තාවන්ගේ මානසිකත්වයේ අවුල්වූ ස්වභාවයක් ඇතිවිය හැක. මෙය මනෝ විද්‍යාඥයින් සොයාගත් සත්‍ය තොරතුරක් වන්නේය.

මෙපමණක් නොව කාන්තාවක් ගැබ්ගත් විට පළමු මාස 4-5 දක්වා ඇය තුල කායික හා මානසික වශයෙන් එකඟතාවක් දක්නට නැත. විවිද අවස්ථාවල අවුල්වූ චිත්ත ස්වභාවයක් හා දුර්වලත්වයක් දකින්නට ලැඛෙයි.

සාක්ෂි කීම යනු සාමාන්‍ය කටයුත්තක් නොවේ. විත්තියේ හා පැමිනිළ්ලේ ඉරණම රඳා පවතින්නේ සාක්ෂිකරුවන් අතේය.

මෙසේ තම අනාගත ඉරණම රඳා පවතින සාක්ෂිය අවුල් සහගතවීම බුද්ධිමත් කවුරුන් හෝ පිළිගනීවිද? කවදත් කොතැනකදීත් කුමන අවස්ථාවකදීත් කිසිවෙකුට අසාධාරණයක් සිදු නොවීමට ඉස්ලාම් වග බලාගනී.

කාන්තාවන්ගේ ස්වාභාවය ගැන මනා අවබෝධයකින් යුතුව ඉස්ලාමය එක් පිරිමියෙකු වෙනුවට කාන්තාවන් දෙදෙනෙක් සාක්ෂි වශයෙන් ඉදිරිපත් විය යුතු යැයි නිගමනය කළ බව තැන්පත්ව සිතාබලන්නේ නම් අවබෝධවන්නේය.

කාන්තා අයිතිවාසිකම්-උපදෙස් (අනුශාසනා)

අල්ලාහ්ගේ උසස්වූ මැවීමක් වන මිනිසා, හය වැදෑරුම් දැනුමක් ඇතුව (ඉන්ද්‍රියන් පහෙන් ලබන දැනුමට අමතරව හොඳ නරක වටහා ගැනීමේ විශේෂ දැනුම) මවා, ව්‍යාප්ත කරවා, ශිල්ප ඥානය ලබා ගැනීම සදහා අධ්‍යාපනය ඔවුන්ට අනිවාර්ය කරවා, දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමටද අල්ලාහ් විසින් මඟපෙන්වා ඇත. ඒ දැනුම හා කුසලතා පිරිමින්ට පමණක් නොව කාන්තාවන්ටද භේදයකින් තොරව ලබා දුන්නේය. එහෙත් කාන්තාවන් තමන්ට වඩා දැනුමෙන් අඩු අය ලෙස පිරිමින් සළකති.

සමාජීය වශයෙන් පමණක් නොව තම පවුල ඇතුළුව ජීවිතයේ සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම කාන්තාවන්ගේ අදහස් විමසීමට හෝ ඔවුනට ඉදිරිපත්වී ස්වෙච්චාවෙන් අදහස් ඉදිරිපත් කළ විට ඒවා ගැන විමසීමට හෝ පිරිමි පාර්ශවය චකිතයක් දක්වයි. තම සහකාරිය වන්නට, තම පවුල නිසි අන්දමින් නඩත්තු කරන්නට තම දරුවන් සදාචාරාත්මකව හදා වඩා ගන්නට උසස් කාන්තාවක් බලාපොරොත්තු වන පිරිමින්, තම පවුල ගැන යම් අදහසක් ඉදිරිපත් කිරීමේදී පමණක් කාන්තා නුවණ හැඳිමිට තරම් යැයි පසෙකට දැමීම සාධාරණද? දේව වාක්‍ය මගින් කියවෙන්නේ මෙයද?

—මිතුරා˜ යන පදයේ ගැඹුරු අර්ථයක් ඇත. එකිනෙකාට උදව් කිරීම, හොඳ දේ කියාදී නරක දෙයින් වළකා ලීම, මානසික වේදනාවක් ඇතිවූ විට එය නිවා දැමීමට කටයුතු කිරීම, ඔහුගේ රහස් හෙළි නොකිරීම, ඔහු යම් ආරවුලකට හසුවුණ අවස්ථාවක අවශ්‍ය උපදෙස් ලබාදීම, මිතුරාගේ උපදෙස් සමච්චලයට භාජනය නොකිරීම, මෙලෙස දුක සැප සමව ඛෙදා හදා ගැනීම. මිතුරුකමේ විශේෂාංගයකි.

පහත සඳහන් දේව වාක්‍යය තේරුම් නොගත් අය, —මමයි උපදෙස් දෙන්නේ. ගැහැණියගේ උපදෙස් මට අවශ්‍ය නැහැ˜ යනුවෙන් ගර්වයක් පෙන්වති. දෙවියන් කෙරෙහි විශ්වාසයක් ඇති කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම පොදුවේ එම දේව වාක්‍යයෙන් කියවෙන්නේ කුමක්දැයි බලමු.

—(අල්ලාහ් ගැන විශ්වාස කරන) ඔවූහු තම දෙවියන්ගේ නියෝගයන් පිළිගෙන සලාතය නිසිආකාරව ඉටු කරති. තවද තම කටයුතුවලදී ඔවුනොවුන් එක්වී සාකච්ඡා කරගනිති.˜ (අල්-කුර්ආන් 42:38).

කාන්තාවක් තම පවුල පාලනය කිරීම සදහා තම දරුවන් නිසි අන්දමින් හදා වඩා ඔවුන්ට සිප් සතර උගන්වා, සදාචාරයෙන් යුතු පුරවැසියන් බවට පත්කිරීමට මොනතරම් වෙහෙසක් දරන්නීද?

එයිනුත් ගැහැණු දරුවන් ගත් කළ ඔවුනට උසස් අධ්‍යාපනයක් ලබා දෙන අතරේ නිවසක වැඩ කටයුතු කළමනාකරණය,

බිරිඳක් වශයෙන් තම ස්වාමි පුරුෂයාගේ යුතුකම් ඉටු කිරීම,

දරුවන්ගේ අවශ්‍යතා ඉටුකිරීම යනාදී සියල්ල මැනවින් දත්, ක්‍රියාශීලි, ගුණවත් නැණවත් කාන්තාවක් කිරීම සදහාද විශාල වෙහෙසක් මව දරන්නීය.

ගැහැණු දරුවන් උසස් ගති ගුණවලින් යුතුව හදා වඩා ගැනීමේ වැදගත්කම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන්ගේ රුවන් වැකියක් මගින් තේරුම් ගත හැක.

—යමෙක් තම ගැහැණු දරුවන් වැඩිවියට පත්වන තෙක් හොඳාකාරව හදාවඩාගනීද ඔවුන්ද මමද සවර්ගයේ මෙසේ සිටින්නෙමුයි තම දබරැගිල්ල හා මැදඟිල්ල එක්කර පෙන්වූහ.˜ (වාර්තාකරු අනස්(රලියල්ලාහු අනුහු) මූලාශ්‍රය: බුහාරි.)

පරලොවදී මෙතරම් උසස් තත්ත්වයක් ලැබීමට නම් එය කොතරම් වැදගත් කර්තව්‍යයක්ද?

අනේක දුක් කරදර මධ්‍යයේ හදා වඩා ගත්ත තම දියණියගේ විවාහ මංගල්‍යයේදී පවා කිසිම අදහසක් දැක්වීමට ඇයට අවසරයක් නැත. පියාගේ නියෝගවලට හිස නමාගෙන, ඔහුගේ අණ පරිදි කි්‍රයා කළ යුතුය.

තම දරුවා ගැන යම් අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇයට නැද්ද?

රෑ දවල් නිඳි නොලබා, බඩගින්න පිපාසය ගැන නොසලකා දහදුක් විඳිමින් එම දරුවා හදා වඩා ගැනීමට කැපවුනේ ඇයයි. ඇය ගැහැණියක් වූ නිසාම ඇගේ අයිතීන් සියල්ල අහිමි වී ගියාද?

තම පවුලේ කටයුතු සම්බන්ධයෙන් බිරිඳගේ අදහස් විමසීම පිරිමින්ගේ යුතුකමක් වන්නේය. පිරිමින් අදහස් නොවිමසූවත් සුදුසු අවස්ථාවක පවුල සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ගැහැණියක් සතු යුතුකමකි. තම ස්වාමි පුරුෂයාගේ නිවසේ වගකීම බිරිඳ සතුවන්නේය.

මෙය මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මෙසේ ප්‍රකාශ කළහ. ඔබ සියලූ දෙනා වගකිව යුත්තෝය. සැමදෙනාම තම වගකීම් ගැන විභාග කරනු ලබන්නහුය. නායකත්වයට පත්වූ තැනැත්තා නායකත්වය ගැන වගකිව යුතුය. පිරිමියා තම පවුලට වගකිව යුතුය. ගැහැණියක් තම ස්වාමිපුරුෂයාගේ දේපලවලටත් ඔහුගේ දරුවන්ටත් වග කිව යුතුය. එහෙයින් ඔබ සැවොම වගකිව යුත්තන්ය.˜ (වාර්තාකරු: ඉබ්නු උමර් ග්‍රන්ථය: බුහාරි).

මේ අනුව දරුවන් හදාවඩා ගැනීම ඇතුළු පවුලේ හැම කටයුත්තකම වගකීමක් කාන්තාවට පැවරී ඇති හෙයින් තම අදහස් ප්‍රකාශ කිරීමේ සම්පූර්ණ අයිතියක් ඇයට ඇත. එහෙයින් පිරිමින් සාකච්ඡා කර සම්මුතියකට නොපැමිණෙන අවස්ථාවලදීත් තම අදහස් ප්‍රකාශ කර අවශ්‍ය උපදෙස් දීමට කාන්තාව ඉදිරිපත් විය යුතුය.

අනතුරුව කාන්තාවකගේ වගකීම තම පවුලේ කටයුතුවල පමණක් සීමා නොවී, දේශපාලනය ඇතුළු පොදු කටයුතුවලදීත් තම අදහස් ඉදිරිපත් කිරීමේ අයිතියක් ඔවුන්ට ඇති බව නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාගේ ජීවිත කාලය තුල සිදුවූ සිද්ධියක් මගින් වටහා ගත හැක.

හුදෙයිබියා ගිවිසුම (සාම ගිවිසුම) අත්සන් කර අවසන්වූ පසු නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම යහළුවන් අමතා —නැගිටින්න පරිත්‍යාග කළයුතු සතුන් (මෙතැනදීම) කපා හිස කෙස්ද ඉවත් කරගන්න.˜ යනුවෙන් තුන් වරක්ම කී මුත් – දෙවියන් මත දිවුරා කියමි.- කිසිවෙකු නැගිට්ටේ නැත.

තම මිතුරන් කිසිවෙකු නොනැගිටීම නිසා තමාට ඇතිවූ සිත්තැවුල ගැන තම ආදරණීය බිරිඳවූ උම්මු සලාමා (රළියල්ලාහු අන්හා) තුමියට කියා සිටියේය. එය ඇසූ උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය —අල්ලාහ්ගේ දූතයාණෙනි, එසේ කිරීම ඔබේ කැමැත්ත නම් පළමුවෙන් ඔබ සතෙකු පරිත්‍යාග කර අදාල පුද්ගලයකු ලවා ඔබේ හිස කෙස් ඉවත් කරවාගන්නැයි˜ උපදෙස් දුන්නාය. එය ඇසූ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඒ අයුරින්ම තම වැඩ කොටස ඉටු කළේය. එය දුටු මිතුරෙක්ද නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා අනුකරණය කරමින් එම කටයුතු නිසි පරිදි කරන්නට විය.˜ (වාර්තාකරු : මිස්වර් බින් මක්රමා, මූලාශ්‍රය බුහාරි මුස්ලිම්).

මෙසේ ඉස්ලාමය සෑම අවස්ථාවකම කාන්තාවන්ට වැදගත්කමක් හා ගෞරවයක් ලබාදී ඇත. කාන්තාවගේ උපදෙස් පිළිපැදීම අගෞරවයක් ලෙස සිතන පිරිමින්ට, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ජීවිතය තුලින් ආදර්ශමත් පාඩමක් උගත හැකිය. කාන්තාවන්ගේ අදහස් පතන අය සැළකිල්ලට ගතයුතු වැදගත් දෙයක් ඇත. කාන්තාවන්ගෙන් අදහස් විමසිය යුතු නමුත් ඔවුන් පවසන සියල්ල පිරිමින් කළ යුතු ද නැත. ඔවුන්ගේ අදහස් හා උපදෙස් දෙවියන්ගේ කියමන්වලට හා දේව දූතයාණන්ගේ කියමන්වලට එකඟ නැත්නම්, ඔවුන්ගේ උපදෙස් පිළිපැදිය යුතු නැත. කාන්තාවන් පිළිබඳ නබි වදනක මෙසේ සදහන් වෙයි.

වරක් නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණෝ හජ් උත්සව දිනක හෝ ඊදුල් ෆිත්ර් උත්සව දිනක සලාතය සදහා නික්ම ගියහ. කාන්තාවන් අතරින් යන විට ඔවුන් අමතා

—කාන්තාවනි, දන් පින්කරන්න. මන්ද අපායේ වැඩිපුර කාන්තාවන් සිටිනු මා දුටුවෙමි˜යි කීහ. එවිට කාන්තාවෝ —නබි තුමනි, නරකාදියේදී අධික වශයෙන් ගැහැණුන් දුටුවේ මක්නිසාදැ˜යි විමසූහ. එවිට නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා —ඔබලා වැඩියෙන් ශාප කරනවා, ස්වාමිපුරුෂයින්ට වංචා කරනවා ආගමික වශයෙන් හා දැනුමෙන් අඩු අය ලෙසයි ඔබලාව මා දකින්නේ ඔබලාගෙන් එකියක් බුද්ධියෙන් මෝරාගිය පිරිමියකුවූවත් මුළාවට පත් කරවන්නීයැයි පිළිතුරු දුන්හ. (මෙය දිගු හදීසයක කොටසකි.) වාර්තාකරු: අබූ සඊදුල් කුද්රි, මූලාශ්‍රය : බුහාරි)

කාන්තාවන්ගේ වැදගත්කම ගැනත් අයිතිවාසිකම් ගැනත් විග්‍රහ කරන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාම, ඔවුන් ගැන එසේද ප්‍රකාශ කළහ. එනිසා පවුල් කටයුතු මෙන්ම පොදු කටයුතුවලදී ද හොඳින් සලකා බලා සුපරික්ෂාකාරීව කටයුතු කළ යුතු බව පිරිමින් තරයේ සිහි තබාගත යුතුය.

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-කථා කිරීමේ අයිතිය

කාන්තාවන්ට අහිමි වී තිබුන අයිිතිවාසිකම් සියල්ල නැවත ඉස්ලාමය විසින් ලබාදී තිබියදීත් වර්තමානයේ සමහර අවස්ථාවලදී ඇයට කථා කිරීමේ අයිතිය අහිමි වෙයි.

ඉස්ලාමයේ අඩංගු නැති දෑ පිළිගන්නා අතර අපේ සමාජය, ඉස්ලාමය අනුමත කළ දේවල්ද නොගැලපෙන දේවල් හැටියටද ප්‍රකාශ කරති. ගැහැණුන් තම කටහඩ අන්‍ය පිරිමින්ට ඇසෙන ලෙස කථා නොකළ යුතුය. ගැහැණුන්ගේ කටහඩ ද අවුරත් (වැසිය යුතු) අංගයකි. එහෙයින් ඔවුන් ආගමික ප්‍රචාරක කටයුතුවල නොයෙදිය යුතු යැයි සමහර ආගමික උගතුන් වැරදි විග්‍රහයක යෙදෙති. ගැහැණු කටහඩ අවුරත් (වැසිය යුතු) අංගයක් ලෙස දේව වාක්‍යවල හෝ පිළිගත් නබි වදන්වල සඳහන්වී නොමැත. (අදාල සාධක නොමැත).

උත්තරීතර අල්ලාහ් ශ.ද්ධ කුර්ආනයේ —නබිවරයාගේ භාර්‍යාවනි, නුඹලා අනෙක් කාන්තාවන් මෙන් නොවේ. නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වන්නේ නම් (අන්‍ය පිරිමින් සිත් ඇඳගන්නා අයුරින්) මුකුලූ පාමින් කතා නොකරන්න.˜ (අල්-කුර්ආන් 33:32) යනුවෙන් නබිතුමාගේ භාර්යාවන්ට කීවත් දේව බිය ඇති හැම කාන්තාවකටම මෙම කියමන පොදුය.

මෙහිදී අන්‍ය පිරිමින්ගේ සිත් ඇඳගන්නා මිහිරි හඩකින් කථා කිරීම නොකළ යුතු බව කියා ඇතිමුත් අවශ්‍ය දේ අවශ්‍ය පරිදි තමන්ට පුරුදු උස් හඩින් කථා කිරීම ප්‍රතික්ෂේප කර නැත. මෙසේ අන්‍ය පිරිමින්ට ඇසෙන පරිදි උස් හඩින් කථා කිරීම නරක නම් දෙවියන් විසින් පළමුවෙන් නබිතුමාට තහනමක් පනවන්නට ඇත. නමුත් විශාල වශයෙන් කාන්තාවන් නබිතුමා ඉදිරියට විත් කරුණු වටහා ගත්හ.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් ජීවතුන් අතර සිටියදීම, නබිතුමාගේ භාර්‍යාවන්ගෙන් නබිතුමාගේ අනුගාමිකයෝ නබි චරිතය හා නබි වදන් පිළිබඳව අසා දැනුම ලබා ගත්හ. නබිවදන් විශාල සංඛ්‍යාවක් රැස්කරගෙන ඇත්තේ නබි තුමාගේ භාර්යාවන් හා සහාබි(අනුගාමික)කාන්තාවන් මාර්ගයෙන්ය. අද ඇතැම් අය ප්‍රකාශ කරන අයුරින් එදා කාන්තාවන් අන්‍ය පිරිමින් සමග කථා නොකර සිටියා නම්, අද අපට ඉස්ලාම් ආගමේ සත්‍ය තොරතුරු බොහෝමයක් නොලැබී යාමට ඉඩ තිබිණ. කාන්තාවන් අන්‍ය පිරිමින්ට ඇසෙන අයුරින් කථා කළ හැකිය යන්න පහත සඳහන් පුවතින් තහවුරු වන්නේය.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මිතුරන් වන අපට යම් නබි වදනක් ගැන (හදීස්) සැකයක් ඇතිවූ විට, ආයිෂා(රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසන්නෙමු. ඇය කරුණු පහදා දී අපේ සැකය දුරු කළාය. එයට අවශ්‍ය දැනුම හා ඥානය ඇය සතුව තිබිණ.˜ (වාර්තාකරු: අබූ මූසා(රළියල්ලාහු අන්හු), මූලාශ්‍රය: තිර්මිදි).

කට හඩ (වැසිය යුතු) අවුරත් යැයි තර්ක කරන අය ප්‍රචාරය තහනම් කිරීම සඳහා තවත් කරුණක් ඉදිරිපත් කරති. ආගම ප්‍රචාරය කිරීම සඳහා අවශ්‍ය තරම් පිරිමි උගතුන් සිටියදී මේ කාර්්‍යය කාන්තාවන් කළ යුතුමද? යැයි ප්‍රශ්න කරති. ආගම ප්‍රචාරය කිරීමේ වගකීම දෙවියන් විසින් පිරිමින්ට පමණක් භාරදී නොමැත. ගැහැණු පිරිමි දෙපාර්ශවයටම මෙම වගකීම පවරා ඇත. මෙයට සාක්ෂි වශයෙන් පහත සඳහන් දේව වාක්‍යය ඉදිරිපත් කළ හැක.

—විශ්වාස වන්ත කාන්තාවන්ද විශ්වාස වන්ත පිරිමින්ද ඔවුනොවුන් කළ්‍යාණ මිත්‍රයින්ය. ඔවූහු යහපත් දේ කියා දෙති. අයහපත් දෙයින් වළක්වාලති. තවද ඔවූහු සලාතය ඉටුකර සකාත් (බද්ද)ද ඉටු කරති. ඔවූහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනතව කටයුතු කරති. මෙවන් අයට අල්ලාහ් කරුණාව දක්වන්නේය.˜ (අල්-කුර්ආන් 9:71)

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්රු (රලියල්ලාහු අන්හු) තුමා දන්වන හදීසයක් බුහාරි ග්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි. —මා ගැන ඔබලා දන්නා එක් කරුණක් වූවත් ඒ ගැන ජනතාව දැනුවත් කරන්නැ˜යි කාන්තාවන් හා පිරිමින් රැස්වී සිටි අවස්ථාවක ප්‍රකාශ කළහ.

ඉහත සඳහන් කුර්ආන් පාඨ හා නබි වදන් තුලින්, ආගමික දැනුම අන් අයට කියාදී ආගමික දැනුම ප්‍රචාරය කිරීම විශ්වාසවන්ත කාන්තාවන්ට හා පිරිමින්ට පැවරුණු විශාල වගකීමක් බව තේරුම් ගත හැක. තම නියෝගයට අවනතවීම පිළිබඳ දෙවියන් මෙසේ ප්‍රකාශ කරයි.

—අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් විසින් යම් නියෝගයක් පැනවූ විට ඒ ගැන වෙනස්වූ අදහසක් ඉදිරිපත් කිරීමට විශ්වාස වන්තවූ කිසිම කාන්තාවකට හෝ පිරිමියකුට අයිතියක් නොමැත. කවුරු හෝ මෙයට විරුද්ධ වන්නේ නම්, සත්‍ය වශයෙන්ම ඔවූහු ප්‍රකට නොමෙඟහිය.˜ (අල්-කුර්ආන් 33: 36)

දෙවියන් හා දේව දූතයාණන් විසින් ආගම ප්‍රචාරය කිරීමේ අයිතිය හා වගකීම ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පවරා තිබියදී, ගැහැණුන්ට කථා කිරීමේ අයිතියක් නැතැයි වාද කිරීම දේව අණට පිටුපෑමක් වන්නේය.

ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමිව තිඛෙන අයිතීන් හා වරප්‍රසාධයන්

ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමිව තිඛෙන අයිතීන් හා වරප්‍රසාධයන් පිලිබදව කථා කිරීමට මත්තෙන් මේ කාන්තාව සම්බන්ධයෙන් ලොව අනිකුත් දහමන්, දර්ශනයන් හා විවිධ ජන සමාජ දක්වන ප්‍රතිචාරය කෙරෙහි අවදානය යොමු කලේ නම්. ලෝක ඉතිහාසයේ වැදගත් සන්දිස්ථානයක් ලෙස ග්‍රීකවරුන් සදහන් කල හැක.

ලෝක  ඉතිහාසයේ අ`එත්  පරිච්චේදයක්  නිරමාණය  කල අදටත්  විශ්මිතව කථා  කරන  මේ ග්‍රීකවරුන් කාන්තාව සම්බන්ධයෙන් දැක් වු ප්‍රතිචාරය කුමක්ද? මේ පිලිබදව ඉතිහාස පෙරලද්දී ඔවුන් ආරම්භයේ කාන්තාව “වෙළද භාණඩයක්” ලෙස සලකන ලද බව තහවුරු වේ. එසේම කාන්තාව යනු කිසිදු ආකාරයක අයිතිවාසිමකට උරුමකම් කිව නොහැකි පිරිසක් ලෙසත් සිය`එම ආකාරයේ අයිතීන් වරප්‍රසාද ඇත්තේ පිරිමින්ට පමණක් ලෙසත් එදා එම සමාජය විශ්වාස කරන ලද බවත්, දේපල අයිතිය ප්‍රධානය කිරීම හෝ තබාගැනීම කාන්තාවට නුසුදුසු ක්‍රියාවක් ලෙස සලකන ලදී. අදටත් ලොව විද්වතෙකු ලෙස සලකන, ග්‍රීකවරුන්ගේ ප්‍රබලතම විද්වත් මතවාදියකු වන සොක්රටීස් නැමැත්තාගේ කාන්තාව පිලිබදව අදහස වුයේ,

“කාන්තාවන් සිටීම ලෝව පරිහාණියට ප්‍රබල හේතුකාරකයක් වේ. තවද කාන්තාව යනු විෂ ගසකට සමාන කොටසකි. එම ගසේ භාහිර ස්වරුපය අලංකාර වේ. නමුත් එහි පලය බට්ටිත්තන් කෑ විගසම එම බට්ටිත්තන් මියඇදෙති”යන්නයි.

ග්‍රීකවරුන් එසේ තීරණය කරද්දී ඊට දෙවැනි නොවී රෝමාවරුන් ද කාන්තාව සම්බන්ධයෙන් විවිධ තීරණ හා අදහස් සමාජ හමුවේ ප්‍රකාශ කරන ලදී. එහි වැදගත්ම කාරණය වන්නේ ඔවුන් “කාන්තාව පණ නැති වස්තුවක්” ලෙස සලකනු ලැබීමයි. එදා රෝමාවරුන්ගේ සමාජයේ කාන්තාවට කිසිදු ගෞරවයක් හෝ සැලකිල්ලක් හිමි නොවී පැවතුණි. මොවුන් කාන්තාව පණ නැති භාණඩයක් ලෙස සැලකූ නිසා එම සමාජයේ කාන්තාවන්ට රත් කරන ලද තෙල් ශරීරයේ වැක්කිරීම වැනි මිලෙච්ච දඩුවම් පවා කාන්තාවන්ට පමුණුවන ලදී. එසේම කාන්තාව හිංසනයට ලක්කිරීම එම සමාජයේ විනෝදාංශයක්ව පැවතුණි. එය කොතරම් කුරිරු ද යයි පවසනවා නම්, කාන්තාවක් අශ්වයකුගේ වලිගයේ බැද එම අශ්වයන් වේගයෙන් දුවවමින් එම කාන්තාවට හිංසනයන් සිදුකරමින් එය බලා එම සමාජයේ පිරිමීන් විනෝද විය.

කාන්තාව සම්බන්ධයෙන් එදා ලෝක ප්‍රතිචාරය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා අප අසැල්වාසී ඉන්දීයාව කෙරෙහි අවදානය යොමු කලේ නම්, ඔවුන් කාන්තාව සම්බන්ධයෙන් දැක්වු ප්‍රතිචාරයත් ඉහත සදහන් රටවල් දැක්වු ප්‍රතිචාරයන්ට දෙවැනි නොවීය. විටෙක ඉන්දියාව ලොව අනිකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටී බව පැවසිය හැක. එනම් “සතිපූජාව“නමින් තම ස්වාමියා මියගිය පසු එම මෘතදේහය ආදාහනය කරන මොහොතේ ඔහුගේ බිරිද ද එම ගින්නෙහිම පණපිටින් ආදාහනය කරන සිරිතක් එම සමාජයේ පැවතුණි. එනම් තම ස්වාමියාගෙන් තොර ලොවක් ඇයට සිතීමේ පවා අයිතියක් නොපැවතුණි.

චීනවරුන් කාන්තාව ධනයත් භාග්‍යයත් අහිමි කරවන දුර්භාග්‍යමත් කාරණයක් ලෙස සලකනු ලැබු අතර සියල්ලට විපත ගෙන එන ජලයට ඇය සමාන කරන ලදී. එසේම එදා සමාජයේ චීනවරුන් තම බිරිදන් පණපිටින්ම වලලන්නටත් විකුණන්නටත් රටේ නීතියෙන්ම සම්පූර්ණ අයිතය ලබා තිබුණි.

ලොව විප්ලවකාරීන් වන යුදෙව්වරුන් එදා කාන්තාව සැලකුවේ සිය`එම ආකාරයේ ශාපයන්ට උරුමකම් කියන පිරිසක් ලෙසයි. මන්ද “ඇය තමා ආදම් (අෙලෙ) තුමාව නොම`ග යවා තහනම් ගසේ ගෙඩි කන්නට සැලැස්වු බවත් එහි ප්‍රථීපලයක් ලෙස මිනිස් සමාජය බිහිවී දුක්විදින්නට සිදුවී ඇති බවත්” යන්න ඔවුන්ගේ විශ්වාසයයි. තවද කාන්තාව අපිරිසිදු මැවීමක් ලෙස ඔවුන් සැලකූ අතර විශෙෂයෙන් ඇයට මාසික (මාස්ශ+ද්ධිය) ඔසප් කාලය ඇති වුයේ නම් ඇය ඉතා අපිරිසිදු තත්වයට පත්වන බවත් ඇය සිටින නිවසත් ඇයගේ ස්පරශයට හසුවන සියල්ලමත් අපිරිසිදු තත්වයට පත්වන බවටත් ඔවුන් විශ්වාසය විය. එසේම දේපල ඛෙදිම සම්බන්ධයෙන් කිසියම් පවුලක කාන්තාවකට සහෝදරයන් සිටියේ නම් ඇයට තම පියාගෙන් කිසිදු ආකාරයක දේපල අයිතියක් නොලැඛෙන බව ද ඔවුන්ගේ නිගමනය වී තිබුණි. එපමණක් නොවේ යුදෙව්වරුන් තම දේපල ආරක‍ෂා කරගැනීම පිණිස තම දූවරුන්  විකිණීමටත් ඔවුන් දාසයන් ලෙස ලබාදීමටත් අවසරය ලබා තිබු බව පහත බයිබල් වාක්‍යයෙන් පැහැදිලි වේ. එනම්

—යුදෙව්වරු තමන්ට අයිති ඉඩම්වලට හා මිදි වතුවලට තීරුබදු ගෙවීම පිණිස තමන් සතු ගැහැණු දරුවන් උකසට තැබීමටද බලය ලබා තිබුණි ˜

බයිබලය (නෙහෙමියා 5:5)

ක්‍රිස්තියානිවරුන් කාන්තාව ෂෙයිතාන්ගේ (නපුරෙහි) දොරකඩ ලෙස කලකන ලදී. ක්‍රිස්තියානි විද්වතුන්ගේ පවා නිගමනය වී තිබුණේ කාන්තාව මනුෂ්‍ය ඝනයට අයත් නොවන බවයි. තවද පාරිශ+ද්ධ යූනපෙන්තූරා නැමත්තා මෙසේ පවසයි “නුඔලා කාන්තාවන් දුටුවේ නම් ඇයව මනුෂ්‍ය ඝනයට අයත් කෙනෙකු යයි නොසිතන්න, එපමණක් නොවේ ඇයව පණ ඇති ජීවියකු ලෙස ද නොසලකන්න, නුඹලා දකින්නේ සැබැවින්ම ශෙයිතාන්ගේ (නපුරෙහි) රූපයම බවත් නුඹලාගේ සවනට වැටෙන ඇයගේ හඩ විෂ සර්පයන්ගේම ශබ්දයක් යන්නත් අමතක නොකරන්න

තවද පසුගිය 19 වන සියවසයේ මැද භාගය වනතුරු ඉංග්‍රීසිවරුනගේ පොදු නීතියට අනුව කාන්තාව යනු රටක පුරවැසිභාවය නොලද පිරිසක් ලෙස සලකන ලදී. එපමණක් නොවේ කාන්තාවට පමණක් යයි කිසිදු අයිතියක් හෝ නීතියක් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක නොවුනි. එය කොතරම් ද යයි පවසනවා නම් ඇයි අදින වස්ත්‍රය ඇයට අයිති එකක් ලෙස තබාගැනීමට පවා අවසරයක් ඇයට නොතිබුණි.

එසේම 1567 දී ස්කොට්ලන්තයේ පාර්ලිමෙන්තුව කාන්තාවට කිසිදු ආකාරයක තනතුරක් හෝ බලයක් නොදිය යුතු බවට නීතියක් සම්මත කරන ලදී. මේ ආකාරයටම අටවන හෙන්රි සමයේ ඉංගී්‍රසිවරුන්ගේ පාර්ලිමෙන්තුව “කාන්තාව අපිරිසිදු කොට්ඨාශයක් වන නිසා ඉන්ජීල් දහම ඉගෙනීම තහනම්” යයි නීතියක් සම්මත කරන ලදී.

එසේම 1805 වන තුරු ඉංග්‍රීසිවරුන්ගේ නීතියේ පුරුෂයෙකු තම බිරිද අලෙවි කිරීම අනුමත කාරණයක් ලෙස සදහන්ව තිබුණි. බිරිදකගේ වටිනාකම පෙනී 6ක් (සිලිං භාගයක්) බවට ද  තීරණයක් පැවතුණි.

ප්‍රංශයේ පාර්ලිමේන්තුව 586 වර්ෂයේ කාන්තාව මනුෂ්‍ය ඝනයට අයත් පිරිසක්ද? නැද්ද? යන්න තීරණය කිරීමට විද්වත් කමිටුවක් පත්කරන ලදී. එසේ පත්කල එම කමිටුව අවසාන වාර්ථාව “කාන්තාව මනුෂ්‍ය ඝනයට අයත් පිරිසකි, නමුත් ඔවුන් මවා ඇත්තේ පුරුෂයන්ට සේවය කිරීම සදහා පමණකි” යනුවෙන් තින්දුව ලබාදෙන ලදී.

මුහම්මද් (සල්) තුමා මගින් ඉස්ලාම් දහම ප්‍රකාශවන්නට පෙර අරාබි සමාජයේ ද කාන්තාව වෙළද භාණ්ඩයක් ලෙස සලකන ලදී. ඔවුනට කිසිදු ආකාරයක අයිතියක් හිමි වී නොතිබුණි. එපමණක් නොවේ අනිකුත් සමාජයන් මෙන්ම මෙම සමජයේත් කාත්තාවට වදහිංසා මෙන්ම ඔවුන් පණපිටින් වලලන සිරිතක් ද එම සමාජයේ පැවතුණි. ගැහැණු දරුවකු පවුලක උපත ලැබීම දුර්භාග්‍යයක් ලෙසත් සමාජයට මුහුණදිය නොහැකි ලැජ්ජාවට කාරණයක් ලෙසත් ඒ සමජය සලකන ලදී.

ලාංකීය සමාජයේ බහුතරය පිලිපදින බුදුදහමේ කාන්තාව පිලිබදව පවසන කරුණූ කාරණයන් පිලිබදව දැන් අවධානය යොමු කලේ නම්. ලොව අනිකුත් දහමන් හා බුදුදහම කරට කර සිටී. මෙහි දී පැවසිය යුතු කාරණයක් ඇත. එනම් බුදුදහම පිලිබදව කථාකරන විට එය කථා කල යුත්තේ බුද්ධ දේශනයන් පදනමස් කරගෙන මිස බෞද්ධ සමාජය හෝ බෞද්ධ සමාජයේ විද්වතුන් පදනම් කරගෙන නොවේ. ඒ අනුව කාන්තාව සම්බන්ධයෙන් බුදුදහමේ ඉගෙන්වීම කුමක්ද?

මෙම කාරණය කෙරෙහි බුද්ධිමත් අවධානය බුද්ධ දේශන වෙත යොමු කරන ඕනෑම කෙනෙකුහට මුලින්ම නෙත ගැටෙන ප්‍රබලතම සිදුවීම වන්නේ බුදුදහමේ උතුම් ස්ථානයක් වන පැවිදිබව ලැබීම හා එම තැන කාන්තාව සදහා ලබාදීමටත් තමන් එය ලබාගැනීමටත් ප්‍රජාපති ගෝතමී මාතාව (භාග්‍යවතුන් වහන්සෙගේ, මවගේ සහෝදරිය. මවක`ඵරිය කළාට පසු භාග්‍යවතුන් වහන්සේව දැඩිකළාය. පොෂ්‍ය කළාය. කිරි පෙව්වාය) ගත් උත්සාහය හා ඒ තැන ලබාගැනීම සදහා කාන්තාවට කැපකිරීමට සිදුවු කැපකිරීමන්ය. ඒ සිදුවීම කෙරෙහි දැන් අවදානය යොමු කරමු.

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිගොධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ සිටින තැනට පැමිණ ස්වාමිණි, ස්ත්‍රීය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිවීම යහපතැයි කීවාය. එයට ගොතමීය, ස්ත්‍රීය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි  භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී.

දෙවනුවත් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, ස්වාමිණි, ස්ත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිවීම යහපතැයි කීවාය. එයට ගොතමීය, ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි  භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී.

තෙවනුවත් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, ස්වාමිණි, ස්ත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිවීම යහපතැයි කීවාය. එයට ගොතමීය, ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි  භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී.

අවසර නොලැවීම නිසා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධරAම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිද්දට අවසර නොදේයයි සිත නරක් වූවා, කදු`එ පිරුණු ඇසින් යුක්තව, පිටව ගියාය.

අවසානයේ ඇය තම හිසකෙස් සිදුවා කසා වස්ත්‍ර හැද තවත් බොහෝ ස්ත්‍රීන් සම`ග බොහෝ දුර පැමිණ බුදුන් වහන්සේ සිටින ප්‍රදේශයේ හඩමින් රුදී සිටින ලදී. මෙය දුටු ආනන‍ද ස්ථවිරයන් වහන්සේ ඇයගෙන් කරුණු විමසන ලදී. ඉන් පසු ආනන‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමිනි, මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ ඉදිමී ගිය පයින් ධූලි වැකුනු සිරුරින්, දුක් වෙමින්, නරක්වූ සිතින්, කදු`එ පිරුණු ඇස් ඇතිව අඩමින් සිටී. ස්ත්‍රීය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිකවූ පැවිද්ද ලබන්නේ නම් යහපතකි”. යයි පවසන ලදී. නමුත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිෙක‍ෂ්ප කරන ලදී. නැවත නැවතත් ආනන‍ද ස්ථවිරයන් වහන්සේ මේ කාරණය පිලිබදව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටින ලදී. නමුත් දිගින් දිගටම ප්‍රතිෙක‍ෂ්ප කිරීම නිසා මේ පිලිබදව තවදුරටත් විමසීම පලක් නොවන බව අවබෝධ කරගත් ආනන‍ද ස්ථවිරයන් වහන්සේ අවසානයේ “ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත පැවිද්ද ලබා සෝවාන් ඵලය හෝ සකෘදාගාමි ඵලය හෝ අනාගාමි ඵලය හෝ අර්හත් ඵලය ප්‍රත්‍යක‍ෂ කරන්ට සුදිසුය” විමසන ලදී. එයට භාග්‍යවතුන් වහන්සේ “ආනන‍දය, ප්‍රජාපතී ගෝතමි තොමෝ කරුණු අටක් පිළිගන්නේ නම් ඇයට උපසම්පදාව හිමිය.

1. උපසම්පදා වී වර්ෂ සියයක් ගිය භික‍ෂුණිය වුවද එදා උපසම්පදා වූ මහණහට වැදීම හා දැක හුනස්නෙන් නැගටීම යනාදී වශයෙන් ගරුකල යුතුය.

2. භික‍ෂුණිය විසින් භික‍ෂූණ් නැති ආවාසයක වස් නොවිසිය යුතුය.

3.  අඩ මසකට වරක් භික‍ෂුණිය විසින් භික‍ෂූ සංඝාගෙන් පොහොය විචාරීම ද අවවාද ඇසීම ද කලයුතුය

4. වස් විසු භික‍ෂුව උභය සංඝයා ඉදිරියේ පවාරණය කල යුතුය

5. ඇවැතකට පැමිණි භික‍ෂුණිය විසින් සංඝයා දෙකොටස වෙත පක‍ෂයක් පුරණ හික්මීමෙහි හැසිරිය යුතුයි.

6. දෙවර්ෂයක් ධර්ම සයෙක්හි හික්මෙන ලද හික්මීම් ඇතිව හික්මෙන්නිය විසින් දෙ වැදෑරුම් සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුතුය.

7. කිසියම් කරුණකින් භික‍ෂුණිය විසින් භික‍ෂූන්ට ආක්‍රේශා නොකළ යුතුය. පරිභව නොකළ යුතුය.

8. අද පටන් භික‍ෂුණීන්ට භික‍ෂූන් කෙරෙහි වචන මාර්ග වැසූයේය. භික‍ෂුණීන්ට භික‍ෂූන් කෙරෙහි වචන මාර්ග නොවැසුවේය.

මෙසේ කරුණු අට ප්‍රජාපතී ගෝතමී තුමියට පැවසීමේන් අනතුරුව සසුනට තිබු දැඩි කැමැත්ත නිසා ඇය මෙම කරුණු 08 පිලිගෙන සසුන් ගතවන ලදී.

මෙම සිදුවීම කෙරෙහි බුද්ධිමත් අවධානය යොමු කරන ඕනෑම කෙනෙකු හට බුදුදහම තුල කාන්තාවට හිමිව පවතින ස්ථානය අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. විශේෂයෙන් ඉහත 08න් 01, 02, 07 හා 08 කරුණු පිලිබදව හොද අවධානයක් යොමුකලේ නම් මෙය පහසුවෙන් අවබෝධ කරගනු ඇත. මෙසේ මා කරුණු බුද්ධ දේශන ඇසුරින් ඉදිරිපත් කරන විට සමහරක් බෞද්ධ විද්වතුන් මෙම කරුණු කාරණයන් සදහා විවිධ අර්ථ කථන ලබාදීමට පු`එවන. මෙහිදී මෙම සිදුවීම මුල සිට අගදක්වා මධ්‍යස්ථව හිද නිරීක‍ෂණය කලයුතුයි. එනම් ප්‍රජාපතී ගෝතමී තුමියගේ අඛණ්ඩ උත්සාහය, ආනන‍ද ස්ථවිරයන් වහන්සෙගේ අඛණ්ඩ උත්සාහය පිලිබදව ගැඹුරින් අධ්‍යනය කලයුතුයි. එවිට එදා පැවතී සමාජයත් ඒ සමාජයට ප්‍රකාශිත බුදුදහම තුල කාන්තාවට හිමිව පැවතී ස්ථානයත් පහසුවෙන් අවබෝධ කරගත හැක. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා මෙම සිදුවීම අවසානයේ ආනන‍ද ස්ථවිරයන් වහන්සේ හට භාග්‍යවතුන් වහන්සේ පවසන කාරණය ඉතා වැදගත් වේ. එනම්,

“ආනන‍දය, ඉදින් ස්ත්‍රීය තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්මයේ පැවිද්ද නොලැබූයේ නම්, ආනන‍දය, බ්‍රහ්මචරය්‍ය බොහෝ කල් සිටියේ වන්නේය. වර්ෂ දහසක් සද්ධර්මය පිහිටන්නේය. ආනන‍දය, යම් දවසෙක සිට ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් සස්නෙහි පැවිදි වූයේද, ශාසනය වර්ෂ පන්සියයක් සද්ධර්ම සිටින්නේය. එසෙම් යම්සේ කිසි කුලයක ස්තී්‍රහු වැඩිවෙත් ද පුරුෂයන් අඩුවෙත්ද ඒ කුලයේ ගම්පහරණ සොරුන් විසින් පහසුවෙන් මැඩ පැවැත්විය යුත්තේද එසේම යම් ධර්ම විනයෙහි ස්තී්‍රය පැවිද්ධ ලබයි ද ශාසනය බොහෝ කල් නොපවතින්නේය, එසේම සම්පූර්ණ වු හැල් කෙතෙහි සුදු ඇට ඇති රෝග පහළවේද එසේ ඒ හැල් කෙත බොහෝ කල් නොපවතී එසේම ස්ත්‍රිය යම් ධර්ම විනයක පැවිද්ද ලබයි ද ඒ ධර්ම විනය බොහෝ කල් නොපවතී…………………………”


මේ අනුව කාන්තාව සම්බන්ධයෙන් බුදුදහමේ ස්ථාවරය ද පහසුවෙන් අවබොධ වේ.

අබු අර්ශද්

ඉස්ලාම් කාන්තාවට ලබා දී ඇති අයිතීන් -කෙතරම් දුරට කාන්තා අයිතීන් ආරක‍ෂා කර ඇත්තේද?

කාන්තා නිදහස වෙනුවෙන් හඩ නැගු ඇය ඉස්ලාම් දහම ප්‍රචාරය කරන උතුම් කාන්තාවක් වූයේ කෙසේද?

දික්කසාදය හා ඉස්ලාම් නීතිය

හිජාබ් -ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද?