Tag Archives: දරුවන්

අල්ලාහ් විසින් පිරිනමනු ලැබූ භාග්‍යක්

අල්ලාහ් විසින් පිරිනමනු ලැබූ භාග්‍යක්

සෑම කෙනෙකු තුළම තමන්ගේ දූදරුවන් අල්ලාහ් විසින් මා හට පිරිනමනු ලැබූ භාග්‍යක් යන විශ්වාසය පැවතිය යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි:

අහස් ගැබන්හි හා මහා පොළොවෙහි පාලනය අල්ලාහ් සතුය. ඔහු තමන් කැමති අයට ගැහැණු දරුවන් පමණක් පිරිනමයි. තමන් කැමති අයට පිරිමි දරුවන් පමණක් පිරිනමයි. නැතහොත් ගැහැණු, පිරිමි දරුවන් එකසේ පිරිනමයි. තවද තමන් කැමති අයව වඳ භාවයටද පත්කරයි. සැබවින්ම ඔහු සර්ව ඥානාන්විතයා හා සියල්ල අභිබවන්නාය˜ (42: 49, 50).

දරුවන් අල්ලාහ් විසින් පිරිනමන ලද භාග්‍යකි. මෙම භාග්‍ය පිළිබඳ මතු දිනයෙහිදි මා ප්‍රශ්න කරනු ලබමි යන හැඟීම් සෑම පියෙකුගේ හා මවෙකුගේ සිත් තුළ පැවතිය යුතුයි. අල්ලාහ් තමන් කැමති අයට ගැහැණු දරුවන් පමණක් පිරිනමන බව පවසයි. එසේ ගැහැණු දරුවන් පමණක් භාග්‍යක් වශයෙන් ලැබුනු කෙනෙකු සිත් තැවුලට පත්වීම හෝ අල්ලාහ්ගේ නියමය පිළිබඳ අතෘප්තියට පත්වීම හෝ නොකළ යුතුයි.

ජාහිලියියා නම් අඥාන සමයෙහි ජීවත්වූවන් තුළ පැවතුනු දුර් ගුණාංගයක් පිළිබඳ ශුද්ධවු අල්කුර්ආනයෙහි සඳහන් වෙයි:

—ඔවුන්ගෙන් කෙනෙකුට ගැහැණු දරුවෙකු ලැබ ඇත යනුවෙන් ශුභාෂිංශණයක් ලැබුනු විට ඔහුගේ මුහුණ අඳුරුවෙයි. ඔහු කුපිත වෙයි. කුමන දේ පිළිබඳ ඔහුට ශුභාෂිංශන ලැබුනේද (එය අයහපත් දෙයක් ලෙස සිතා) එම අයහපත හේටු කොටගෙන සමාජයෙන් ඔහු වසංවෙයි. එය නින්දාවක් ලෙස තබාගන්නේද? නැතහොත් (පන පිටින්) එය වළලන්නේද? (යන දෙගිඩියාවෙන් ඔහු පසුවෙයි.) ඔවුන් මෙසේ තීරණයන්ට එළඹීම මහත් වරදකි˜. (16: 58, 59).

අවසන් ශාස්තෘවරයානන් කුමන සමාජයට එවනු ලැබුවේද, එවකට එම සමාජයෙහි පැවතුනු තත්ත්වයයි ඉහත සඳහන් කුර්ආන් පාඨයෙන් තහවුරු වන්නේ. නමුත් විද්‍යාව තාක‍ෂණය මුදුන් පෙත්තටම ගිය මෙවන් යුගයක පවා මෙම තත්ත්වය මුළුමනින් වෙනස්වුනා යැයි කීමට නොහැක. ගැහැණු දරුවන්ගේ උපත අසුභ ආරංචියක් වශයෙන් දකින තත්ත්වය වත්මන් යුගයෙහිද දකිමු. කුස තුළ තිඛෙන දරුවා ගැහැණු දරුවෙකුද පිරිමි දරුවෙකුද යැයි පරික‍ෂා කර බලා ගැහැණු දරුවෙකු නම් මව් ගැබ තුළම ආදාහන කටයුතු සිදුවෙයි. නැතහොත් ගබ්සාව කරගනි.

ඉන්දියාවෙහි සමහර ප්‍රාන්තවල ගැහැණු බිළින්ඳන් මව්වරුන් විසින්ම ඝාතනයට ලක් කිරීමේ දෛවෝපගත සිද්ධීන් වාර්තාවෙයි. මෙම සිදුවීම් වලට මුල්වුනු හේතුන් වන්නේ, ගැහැණු දරුවන් විවාහ කරදීමේ දී දැවැදි දිය යුතුයි. ස්වාමි පුරුෂයාගේ පාර්ශ්වයෙන් අපේක‍ෂා කරන සියල්ල දිය යුතුයි. එය දීමට තමන්ට වත්කම නැති නිසා එම ගැහැණු බිළින්ඳන් මව් ගැබ තුළ හෝ එයින් පසු හෝ ඝාතනයට ලක්කෙරෙයි. මෙම පාපිෂ්ට කි්‍රයාව ඉස්ලාම් හෙළා දකි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි:

—ඔබ දිළිඳුකමට බියවී ඔබගේ දරුවන් ඝාතනය නොකරනු. ඔවුන්ට හා ඔබට අපියි ආහාර ලබා දෙන්නේ. ඔවුන් ඝාතනය කිරීම බලවත් වරදකි˜ (17: 31).

වෙනත් ස්ථානයක එම කුඩා දරුවන්ගෙන් අවසන් විනිශ්ච දිනයෙහිදි අල්ලාහ් මෙසේ ප්‍රශ්න කරන බව සඳහන් වෙයි. —පන පිටින් වළලනු ලැබූ ගැහැණු (දරුවන්) ප්‍රශ්න කරනු ලබන විට, කුමන වරදක් සඳහාද ඔවුන් ඝාතනය කරනු ලැබුවේ˜ (81: 8, 9).

අල්ලාහ් කෙරෙහි හා අවසන් විනිශ්චය දිනය කෙරෙහි විශ්වාසය තබා ඇති මුස්ලිමෙකු අල්ලාහ්ගේ කැමැත්ත හෘදයාංගම පිළිගත යුතුයි. සර්ව බළධාරි අල්ලාහ්ගේ කැමැත්තෙන් තොර මෙලොව කිසිදු කි්‍රයාවක් සිදු නොවෙයි, යන විශ්වාසය මුස්ලිමෙකු තුළ පවතින විට අල්ලාහ්ට නොදැනුවත්ව මෙලොවෙහි කිසිදු දෙයක් සිදුනොවෙයි. එසේ නම් අල්ලාහ්ගේ කැමැත්ත සෑම අවස්ථාවකදීම මුස්ලිමෙකු සතුටින් පිළිගත යුතුයි. උගත් පුරුෂයකු වන ඉබ්රාහීම් (අෙලෙ) තමන්ගේ මහළු වියෙහිදි කළ ප්‍රාර්ථනාවක් පිළිබඳ ශුද්ධවු අල්කුර්ආනය සිහිපත් කරයි:

—(මාගේ) මහළු වියෙහි ඉස්මායීල් හා ඉස්හාක් මා වෙත තිළිණයක් වශයෙන් පිරිනැමූ අල්ලාහ්ට සියළු පැසසුම් හිමිය, සැබවින්ම මාගේ හිමියන් ප්‍රාර්ථනාවන්ට ඇහුම් කන් දෙන්නාය, තවද මාගේ දෙවියනි මා හා මාගේ පරම්පරාවෙහි සිටින්නන්ව සලාතය ස්ථාපිත කරන්නන් වශයෙන් පත්කරනු මැනæ අපේ හිමියනි. මාගේ ප්‍රාර්ථනාව පිළිගනු මැනවæ˜ (ශු අල්කුර්ආනය 14: 39, 40).

එතුමන් තම මුළු ජීවිත කාලයම අල්ලාහ් වෙනුවෙන් කැප කළ උගත් පුරුෂයකි. අල්ලාහ්ගේ විශේෂ පැසසුමට ලක් කෙනෙකි. නමුත් එතුමන් මහළු වියට පත්වන තෙක් එතුමන්ට දරු සම්පත නොවීය. එතුමන් අල්ලාහ්ගේ භාග්‍යන් පිළිබඳ විශ්වාස භංගත්වයෙන් පසූ නොවූහ. එතුමන්ගේ මහළු වියෙහි එම දරු භාග්‍ය අල්ලාහ් විසින් පිරිනැමූ විගස අල්ලාහ්ට ප්‍රශංසා කළහ. එතුමන්ගෙන් අප ලද යුතු වැදගත් ආදර්ශයකි.

අල්ලාහ් කැමති අයට පිරිමි දරුවන් හා ගැහැණු දරුවන් භාග්‍යන් වශයෙන් පිරිනමන බව පවසයි. මෙසේ මෙම භාග්‍ය ලද අය උඩඟ ලෙස කටයුතු කිරීම හෝ මෙම භාග්‍ය නොලද අය කොන් කිරීම හෝ නොකළ යුතුයි. මෙය තමන්ගේ හැකියාවක් නොව අල්ලාහ් විසින් පිරිනමන ලද භාග්‍යක් යැයි සිතා ඔහුට ප්‍රශංසාව අයිති කළ යුතුයි.

දරු භාග්‍යන් නොලද අය, අල්ලාහ්ගේ නියමය පිළිබඳ අතෘප්තියට පත්වීම හෝ, අල්ලාහ්ගේ අසීමිත දයාව පිළිබඳ විශ්වාස භංගත්වයෙන් පසුවීම නොකළ යුතුයි. වරක් නබි (සල්) තුමන් මෙසේ ප්‍රකාශ කළහ. විශ්වාසවන්තයාගේ කරුණ ඉතා විශ්මය ජනකයි. ඔහුට යහපත් දෙයක් සිදුවූ විට ඔහු අල්ලාහ්ට කෘතඥ වෙයි. එය ඔහුට යහපතක් වෙයි. ඔහුට කරදරයක් ඇති වූ විට ඔහු ඉවසීමෙන් සිටි එයත් ඔහුට යහපතක් වෙයි˜.

වරදක් දකින විට අහක බලාගෙන යෑම උසස් කි්‍රයා පිළිවෙතක් යනුවෙන් සිතන වත්මන් සමාජය

—ඔබගෙන් කවරෙකු අකුසල් කි්‍රයාවක් දකින්නේ ද ඔහු එය තම දෑතින් වැළක්විය යුතුයි. එය ඔහු විසින් කළ නොහැකි වුණොත් ඔහු තම මුවින් (දිවෙන්) එය වැළැක්විය යුතුයි. එය ද ඔහු විසින් කළ නොහැකි වූ විට තම සිතින් එය පිළිකුල් කළ යුතුයි. මෙයයි විශ්වාසයේ අවම මට්ටම˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ.

වාර්තාකරන්නේ:අබූ සඊදුල් කුද්රි (රලි). (මූලාශ්‍රය: මුස්ලිම්).

කෙතරම් වැදගත් ප්‍රකාශයක්ද, සමාජ යහපත තකන සෑම පුරවැසියෙකුම මෙම ඔවදන කෙරෙහි මදකට අවධානය යොමු කළ යුතුයි. වරදක් දකින විට අහක බලාගෙන යෑම උසස් කි්‍රයා පිළිවෙතක් යනුවෙන් සිතන වත්මන් සමාජයට මෙම ප්‍රකාශය ඉතා වැදගත් වනු ඇත. සමාජයෙහි යම් පුරවැසියෙකු අයහපත් පුද්ගලයෙකු වීම මුළු සමාජ සංස්ථාවටම තර්ජනයකි. සමාජයෙහි යම් පුරවැසියෙකු යහපත් වීම මුළු සමාජයටම යහපතකි. මෙය සුළු කොට නොතැකිය යුතුයි.

Picture 1-106දරුවන් වරදක් කළ විට අහක බලාගෙන සිටීම දෙමාපියන් අතර දැන් නවීන විලාසිතාවක් වී ඇත. දෙමාපියන් අතුරින් කිහිප දෙනෙකු තම දරුවා වරදක් කළ විට ද~ුවම් කරයි නම්, එය මානව අයිතිවාසිකම් උල්ළංගනය කිරීමකි. බටහිරට ආවඩන්නන් තුළ මෙම තත්ත්වය බහුලව දක්නට ඇත. රෝගයක් වැළඳුනු විගස එයට ප්‍රතිකාර කිරීමයි කව්රුත් අනුගමනය කරන කි්‍රයා පිළිවෙත. ඒ වෙනුවට ඔහු නොසැලකිළිමත්ව සිටියේ නම් එය වසංගතයක් වී ඔහුගේ ජීවිතයටද හානියක් වීමට ඉඩ තිබේ. මෙය කව්රුත් පිළිගන්නා කරුණකි. නමුත් කුඩා වරදක් සිදුවූ විගස එයින් වැළැක්වීම බලවත් අපරාධයන් කාරා යෑමෙන් ඔහු වැළැක්වීමක් වනවාට කිසිදු සැකයක් නැත. කුඩා වැරදින් කරන විට අහක බලා සිටින්නේ නම් කෙමින් කෙමින් ඔහු මහත් අපරාධයන් කරා පියමනිමින් සිටි, කිසිදු බුද්ධිමතෙකු, යහපත් අනාගත පරපුරක් සඳහා පෙරුම් පුරන කිසි කෙනෙකු මෙය අනුමත නොකරයි.

එසේ නම් ඉහත සඳහන් ප්‍රකාශය තුළින් සමාජයෙහි සෑම කෙනෙකුටම ඉතා මහගු වගකීමක් පැවරෙයි. එනම් යහපත පමණක් අනුමත කර යුතුයි, අයහපත දැක දැක නිහඩව නොසිටිය යුතුයි. අයහපත සමාජයෙන් තුරන් කළ යුතුයි. බලය යොදා කරන්නට ශක්තිය ඇති අය එසේ කර යුතුයි.

මෙහිදී බලයෙහි සිටින රජයක කාර්්‍ය භාර්්‍ය ඉතා වැදගත් වනු ඇත. වැරදි කරන්නන් නීතියෙහි පවතින දුර්වලකම් නිසා පැනයන්නට සිතයි නම්, නැතහොත් ඔවුන් කරන වැරදි කි්‍රයාවන්ට සරිලන ද~ුවම් පනවා ඔවුන් එවැනි කි්‍රයාවන්ගෙන් නොවළක්වන්නේ නම් එම සමාජයෙහි පරිහානිය මෙතරම් යැයි කිව නොහැක.

තම දරුවන් වරදක් කළ විට නුවණක්කාරී ලෙස ඔවුන්ට එය පහදා දී එම වැරදි ක්‍රියාවෙන් ඔවුන් වළක්වාලිය යුතුයි. එම වරද දිගටම ඔවුන්ගෙන් සිදුවෙයි නම් සුළුවෙන් ද~ුවම් කිරීමටත් අමතක නොකර යුතුයි, එය ඔහුගේ යහපත් අනාගතය සඳහායි. වරද දැක දැකත් අහක බලාගෙන සිටින්නේ නම් එයින් පසුතැවිල්ලට පත්විය යුත්තේ දෙමාපියන්මයි.

බලය යොදා වැළැක්වීමට ශක්තිය නොමැති අය තම දිවෙන් එය වැළැක්විය යුතුයි. මෙම කාර්්‍ය භාර්්‍ය හැමෝම කළ යුතුයි. අපේ වචනයෙන් කෙනෙකුට යහ මග ලැඛෙයි නම්, වැරදි කි්‍රයාවකින් කෙනෙකු මිදෙයි නම් ඊටත් වඩා වටිනා දෙයක් මෙම විශ්වයෙහි නොමැත. වැරදි කි්‍රයාවන් දැක එය නොවළක්වා සිටින සමාජයට ශාස්තෘවරයානන් ලස්සන උපමාවක් පෙන්වූහ.

නැවක පිරිසක් ගමන් කරති, යට තට්ටුවෙහි ගමන් කරන්නන්ට ජලය අවශ්‍යවූ විට උඩ තට්ටුවට ගොස් ඔවුන් ජලය ලබාගනිති. (මෙය කරදරයක් යනුවෙන් සිතන) යට තට්ටුවෙහි උදවිය නැවෙහි සිදුරක් ඇති කරන්නට කල්පනා කරති. උඩ තට්ටුවෙහි සිටින්නන් යට තට්ටුවෙහි සිටින්නන්ගේ මෙම අනූවන කි්‍රයාව දැක අපට මොකක්ද? යනුවෙන් සිතා නොසැළකිලිමත්ව සිටී නම් දෙපිරිසම විනාශ වී යනු ඇත˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ.

නබි (සල්) තුමන් මෙම උපමාව තුළින් අදහස් කළේ යම් සමාජයක සිදුවන වැරදි කි්‍රයාවන් දැක අන් අය නිහ~ව සිටී නම් එයින් ඇති වන විපාකය හැමෝටම පොදුය. නමුත් වත්මන් යුගයෙහි කනගාටුදායක කරුණ නම්, විද්‍යුත්, මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ පවා වැරදි කි්‍රයාවන් කරා සමාජය පොළඹවනු ලැබීමයි. එබැවින් සමාජයෙහි බුද්ධිමත් සෑම පුරවැසියෙකුම මෙම වගකීම පැහැර හැරීමෙන් වැළකිය යුතුයි.

කෙනෙකුට එම වැරදි කි්‍රයාව මුවින් වැළැක්වීමටත් නොහැකි අවස්ථාවක සිතෙන් එම කි්‍රයාව පිළිකුල් කළ යුතුයි. එසේ කෙනෙකු පිළිකුල් කරන විට ඔහුගේ භාහිර කි්‍රයා කලාපයන් තුළින් එය ඉස්මතු වෙයි. වැරදි කරන්නාට ඔහුගේ මෙම කි්‍රයා කලාපය තුළින් පණිවුඩයක් ලැඛෙන වාට කිසිම සැකයක් නැත. එයත් ඔහු එම වැරදි ක්‍රියාවෙන් මිදීමට රුකුලක් වනු නියතය. කුඩා දරුවෙකු වරදක් කළ විට තම දෙමාපියන්ව බලයි, එම කි්‍රයාව දෙමාපියන් පිළිකුල් කරන විට ඔහු දිගටම එම කි්‍රයාවෙහි නිරත නොවෙයි.

වැරදි කි්‍රයාවක් දැක කෙනෙකු සතුටට පත්වෙයි නම් ඔහු තුළ විශ්වාසයක් නැතැයි ඉහත සඳහන් ප්‍රකාශය තුළින් සක්සුදක්සේ පැහැදිළි වෙයි.