Tag Archives: දෙවියන් වහන්සේ

හජ් ඉතිහාසය

ඉස්ලාමයේ පංච මහා වගකීම් වලින් පස්වැන්න හජ් වන්දනාව ඉටුකිරීමයි. හජ් යන අරාබි පදයේ අරුත “සොයා යාම” “පෙරට යාම” යන්නයි. එනම් මුල්ම සිද්ධස්ථානය වන ක:බාව සොයා යාමයි. ආර්ථිකව හා ශාරීරිකව වශයෙන් හැකියාව ඇති අය හජ් මෙහෙය සඳහා යාම අනිවාර්ය වේ. මේ පිළිබඳ අල්කුර්ආනය මෙසේ පවසයි. හැකියාව තිබෙන අය එහි ගොස් අල්ලාහ් වෙනුවෙන් හජ් වතාවන් ඉටු කිරීම අනිවාර්ය වේ. යම් කෙනෙක් ඊට පිටුපායි නම් අල්ලාහ්ට කිසිවක් අඩු නොවේ. මන්ද නියත වශයෙන්ම අල්ලාහ් අවශ්‍යතාවන් නොමැත්තෙකි.

ලොවේ නොයෙක් පෙදෙස් වල සිටි නොයෙක් භාෂාවන් හසුරුවන මිලියන ගණනක බැතිමත්හු මක්කාවේ ක:බා දේවස්ථානයේ දී එකම දිනක එකම වේලාවක චාම් ඇඳුමෙන් සැරසී එකම දිශාවකට හැරී ජාති කුල වර්ණ උස් පහත් ආදී භේදවලින් තොරව අල්ලාහ් දෙවියන් වෙනුවෙන් වාර්ෂිකව සිදු කරන මේ මහා නමස්කාරය මෙලොව ඇති විශාලම දේව මෙහෙයයි.

හජ් වන්දනය මුස්ලිම් ජනතාවගේ සහෝදරත්ව සම්බන්ධතාවය ගොඩනැඟීමේ කදිම අවස්ථාවකි. මුස්ලිම් බැතුමතුන්ගේ වගකීම වනුයේ අල්ලාහ් දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම අවනත වීමයි. එය දේශනවලට සීමා විය යුතු නැත. එය හජ් කර්තව්‍යයෙන් වඩාත් පැහැදිලිවේ.

මීට වසර දහස් ගණනකට පෙර ඉරාකයේ දේව පවුලක නබි ඉබිරාහිමි තුමා උපත ලැබීය. එකල රට පාලනය කළේ කමිරුද් නම් කෲර රජ කෙනෙකි. ඔහුට දෙවියන් ලෙස සලකා නමස්කාර වැඳුම් පිදුම් කළ යුතු යැයි මහජනයාට අණකොට තිබිණ. මෙම දුර්මතයට විරුද්ධව නැගී සිටි ඉබ්රාහිමි නබිතුමා අල්ලාහ් හැර වෙන කිසිවෙකුට නමස්කාර නොකරන ලෙස ප්‍රසිද්ධ දේශනා පැවැත්විය. මෙයින් කෝපයට පත් රජතුමා නබි තුමා ගිනිමැලයක දමා පුළුස්සන ලෙස අණකළේ ය.

රාජ අණට අනුව ගිනිමැලයට දැමීමට සූදුනම් වූ මොහොතේ දේව දූත ජිබිරිල් අෙලෙතුමා උදව් සඳහා පැමිණියේද, අල්ලාහ්ගේ අචල විශ්වාසයයෙන් නොසැලුණු මෙතුමා “දෙවියන් මා සමඟ සිටියි” යනුවෙන් පිළිතුරු දුන්හ. රාජ අණට අනුව දැමීමත් ඔහුට එය සුළං හමන උද්‍යානයක් බවට පත්ව තිබූ බව සඳහන් වේ.

තම 80 වැනි වියේදී අල්ලාහ් ආලාගේ මාර්ගයේ යෙදවීමට තමන්ට දරුවෙක් ලබා දෙන ලෙස ඔහු ඇයද සිටියේ ය. මෙම ඇයදීම පිළිගත් අල්ලාහ් තආලා ඉබ්රාහිමි නබිතුමාගේ බිරිඳ වන හාජ්රා රළි තුප්ධ ඉස්මායිල් කම් දරුවකු දායාද කළහ.

මෙසේ දින ගෙවෙද්දී දිනක් නබි තුමා සිහිනයක් දුටුවේය. එනම් වයෝ වෘද්ධ වියට පත් ලැබුණු දරුවා සහ බිරිඳ කාන්තරයේ තනිකර දමන ලෙස අණ කළ සිහිනය. මෙය අල්ලාහ්හආලාගේ ආඥාවක් ලෙස ඒකාන්තයෙන් පිළිගත් ඉබ්රාහිමි තුමා ගිනියම් වූ කාන්තාරයේ පුත් ඉස්මායිල් වහා හාෂ්රා රළිතුමියට තනිකර දමා පැමිණියේය. ආහාරයක් හෝ දිය බිඳක් නොමැති මව සහ පුතා කාන්තාරයේ මැද දිව යන්නට වූහ.

අවසානයේ දෙඅත් ඔසවා අල්ලාහ් තආලාගෙන් පිහිට පැතීය. පුදුමයක් මෙන් පුතුගේ පාමුල දිය උල්පතක් බිහිවිය. මෙයින් පිපාසය සන්සිදුවාගත් දෙදෙනා “සම් සම්” (නවතිනු නවතිනු) යනුවෙන් හඩනඟා වේගයෙන් ගලා ආ දිය පහර නතර කිරීමට උත්සාහ කළාය. මීට අවුරුදු දහස් ගණනකට පෙර මතු වූ මේ උල්පත අද පවා මක්කාවේ ලක්‍ෂ සංඛ්‍යාත ජනයා පිපාසය සංසිදුවන්නේ ඉබ්රාහිම් නබි තුමාගේ උත්තරීතර පරිත්‍යාගය නිසාය.

මේ මහා වැලිකතරේ මතුවූ ‘සම් සම්” දිය උල්පත උදාවීමත් සමඟම ජනයා එහි වාසය කිරීමට පටන් ගත්හ. කලකට පසු එය ජනාකීර්ණ මක්කා නගරය බවට පත්විය. වන්දනාකරුවන්ගේ වත් පිළිවෙත් කරන කේන්ද්‍රස්ථානය වන මෙය සාමය හා ආරක්ෂාව ලබාදෙන ස්ථානය වේ. ඈත අතීතයේ සිට අද දක්වා මෙම ස්ථානය අල්ලාහ්තආලා ආරක්ෂාකර ඇත.

අල්ලාහු වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තබා ඉදිරිපත්වූ ඉස්මායිල් නබිතුමාණන් විසින් කරන්නට යෙදුනු පරිත්‍යාගය සිහිපත් කිරීම සඳහා අද ලොව පුරා සිටින බැතිමත්හු හජ් උළෙල සමරනු ලබයි. ආගමික හා සංස්කෘතික අතින් ක:බා ස්ථානය වැදගත් වේ. ක: බා ස්ථානයට පැමිණෙන කාහටත් අල්ලාහ් දෙවියන්ගේ අසීමිත ආදරය හිමිවේ. ලෝකයේ නොයෙක් පෙදෙස් වලින් පැමිණි ජනයාගේ එකම චේතනාව ඔවුන්ගේ භක්ත්‍යාදරය සර්ව බලධාරි අල්ලාහ් දෙවියන් වහන්සේ වෙත පළකිරීම හැර වෙනත් පටු හෝ පෞද්ගලික මතාන්තර මෙහි නොවේ.

ඉස්ලාම් කාන්තාවට ලබා දී ඇති අයිතීන් -කෙතරම් දුරට කාන්තා අයිතීන් ආරක‍ෂා කර ඇත්තේද?

ඉස්ලාම් කාන්තාවට ලබා දී ඇති අයිතීන් පිළිබඳ කථා කිරීමට මත්තෙන් වෙනත් ශිෂ්ටාචාරයන්, සංස්කෘතින්, ආගම් කෙතරම් දුරට කාන්තා අයිතීන් ආරක‍ෂා කර ඇත්තේද යනු දැන ගැනීම වඩා උවිතය.

Salma Yaqoob features in the Muslim Women Power Listඅඥාන කාලය යනුවෙන් හඳුන්වන පුරාතන කාලය හෝ වේවා, තාක‍ෂණික යුගය යනුවෙන් හඳුන්වන වත්මන් කාලය හෝ වේවා මෙම සියළු සමයන්හි කාන්තාව පිරිමි ආධිපත්‍යට නතුව අවශ්‍ය විදිහට හසුරුවනු ලැබූහ, විකුණනු ලැබූහ, ලිංගික ආශාවන් ඉෂ්ට කර ගැනීමට පමණක් භාවිතා කරනු ලැබූහ, ගැහැණු දරුවන් සිටීම සෑම අතින්ම හිසරදයක් යැයි සිතා එම දරුවන් වැළලීමද සිදුවූහ.

රෝමානු ශිෂ්ටාචාරය තුළ කාන්තාවගේ චරිතය ඉතාමත් හෑල්ලූලවට ලක්විය. ඇයගේ විවාහයට පසු ඇයත්, ඇය සතු මිළ මුදල් සියල්ල ස්වාමි පුරුෂයාට හිමි විය. තවද ඇය ආත්මාවක් නොමැති සත්වයකු ලෙසින් සළකනු ලැබූහ.

ස්ලෝවෙනික් සමාජය තුළ කාන්තාවන් තමන්ගේ ගැහැණු දරුවන් ලිංගික අතවරයන්ට ලක්වීම බියවී පණ පිටින් ඝාතනය කළහ.

බැබිලෝනියානු ශිෂ්ටාචාරය තුළ කෙනෙකු තවත් කෙනෙකුගේ ගැහැණු දරුවෙකුට හිරි හැර කළේ නම් එකට එක කිරීමක් වශයෙන් ඔහුගේ ගැහැණු දරුවා වද හිංසාවන්ට ලක්විය.

චීන සමාජය තුළ තමන්ගේ සෞභාග්‍ය විනාශ කරන සෝදා පාලූවට ලක්වන ව්‍යාසනයක් සේ සැළකුහ.

භාරත සමාජය තුළ —සති පූජාව˜ (සැමියා නැසී ගිය විට සිය බිරිඳට එම චිතකයටම පැන සිය දිවි නසා ගැනීමට සිදු විය). ඔවුන් එය පුණ්‍ය ක්‍රියාවක් ලෙසද සැළකුහ. වත්මන් යුගයෙහිද මෙවැනි සිදුවීම් පිළිබඳ පුවත් විටින් විට භාරත සමාජය තුළින් වාර්තාවෙමින් පවති.

අරාබි අර්ධත් ද්වීපය තුළද තත්ත්වය මීට වෙනස් නොවූහ. ගැහැණු දරුවන් උපත ලැබීමද අගෞරවයක් ලෙස සැළකු එම සමාජය එම දරුවන් පණ පිටින් වැළලීමටද පසු බට නොවූහ. කාන්තාවගේ ජීවත් වීමේ අයිතිය පවා උදුරාගෙන තිබූ එම සමාජය තුළ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හ~ නැගීමට කිසිදු බල වේගයක් නොවීය.

මෙම තත්ත්වය පසුබිම් කොටගෙන ඉස්ලාම් මීට ශත වර්ෂ 14 කට පෙර ලෝකයට හඳුන්වා දුන් කාන්තා අයිතීන් පිළිබඳ මධ්‍යස්තව විග්‍රහයක යෙදිය යුතුය.

ඒක දේව සංකල්පය ලෝකයට හඳුන්වා දෙමින්් එම සංකල්පය යටතේ සමාජය පෙළගැස්සු නබි (සල්) තුමන් එම සමාජය විසින් උදුරා ගනු ලැබු සියළු කාන්තා අයිතීන් දිනා දුන්හ. හය වැනි සියවසේ ජීවත් වූ නබි (සල්) තුමන් ප්‍රථමයෙන් එම අඥාන සමයේ කාන්තාවට එරෙහිව පනවා තිබු සියළු අගුළුවලින් ඇය නිදහස් කරමින් නොනැවතුනු එතුමන්, කාන්තාව මවක් වශයෙන් දියණියක් වශයෙන්, භාර්යාවක් වශයෙන් සමාජයෙහි ඇයට හිමිවිය යුතු සියළු අයිතිවාසිකම් සහ ගෞරවයන් දිනා දුන්හ.

ඉස්ලාම්හි මවක් වශයෙන් ඇගේ චරිතය: ශද්ධවූ අල්-කුර්ආනය මෙසේ පවසයි:

තම දෙමව්පියන්ට යුක්ති ගරුක වන ලෙස අපි මිනිසාට අණකළෙමු. ඔහුගේ මව දුබලත්වයට ඉහළින් දුබලත්වය විඳිමින් ඔහු ඉසුුලූවාය. ඔහුගේ කිරිවැරීම දෙ අවුරුද්දකි. මටද නුඹගේ දෙමාපියන්ටද ස්තුති කරව. මා වෙතටය ඔබගේ යළි පැමිණීම ඇත්තේ (ශ කුර්ආනය 31:14).

අල්ලාහ්ට හැර නැමඳුම් නොකරන ලෙසත්, දෙමාපියන් සමග සෙනෙහෙබරින් කටයුතු කරන ලෙසත්. ඔබගේ ස්වාමියා අණකර ඇත්තේය. ඒ දෙදෙනාගෙන් කෙනෙකු හෝ ඒ දෙදෙනාම වයෝවෘද්ධ වු විට, ඔවුන්ව (උෆ්) චී යන වචනයෙන් පවා නො අමතන්න. ඔවුන් ඔබගෙන් එලවා නොගන්න. තවද ඔවුන් සමග ගෞරවාන්විත ලෙස කථා කරන්න˜ (ශකුර්ආනය 17:23).

නබි (සල්) තුමන්ගෙන් කෙනෙකු මිනිසුන් අතර මිත්‍රත්වය පැවැත්වීමට වඩා සුදුස්සා කව්ද? යැයි ප්‍රශ්න කළ විට, —ඔබේ මව යැයි පිළිතුරු දුන්හ. පසුව කවරෙකුදැයි ඇසීය? ඔබගේ මව යැයි පිළිතුරු දුන්හ, පසුව කවරෙකුදැයි ඇසීය? එවිටත් ඔබගේ මව යැයි පිළිතුරු දුන්හ, පසුව කවිරුන්දැයි ඇසීය? ඔබේ පියා යැයි නබි (සල්) තුමන් පිළිතුරු දුන්හ˜ (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

ජාහිමා (රලි) නබි (සල්) වෙත පැමිණ ශාස්තෘවරයානනිæ මම ශද්ධවූ සටනෙහි නිරතවීමට කැමත්තෙන් පසුවෙන්නෙමියි කීවේය. එවිට නබි (සල්) තුමන් ඔබගේ මව ජීවතුන් අතර සිටින්නේදැයි? ප්‍රශ්ණ කළහ එම මිත්‍රයා එසේ යැයි පැවසු විට ඇයට ඇප උපස්ථාන කරන්න, —ඇයගේ පාමුල ස්වර්ගය තිඛෙන්නේය˜ යැයි නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: අහ්මද්, නසායී).

හය වැනි ශත වර්ෂයේදීම මවගේ පාමුල ස්වර්ගය ඇතැයි ලෝකයට ගෙන හැර පාපු දහමක් ඇත්නම් එය ඉස්ලාම් පමණි. දියණිය වශයෙන්: —ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පන පිටින් නොවළලා, ඇය අගෞරවයට පත් නොකර, ඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැළකිල්ලක් නොදක්වා ඇති දැඩි කරයිද ඔහුව අල්ලාහ් ස්වර්ගයට ඇතුල් කරන්නේය˜ යනුවෙන් නබි (සල්) ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

—කෙනෙකුට ගැහැණු දරුවන් පමණක් දායාදයක් වශයෙන් ලැබ, එම දරුවන් සංවර ලෙස හදා වඩා ඇති දැඩි කරයිද එවිට සිය දෙමාපියන්ව ඔවුන් නිරයේ සිට ආරක‍ෂා කරනු ඇත˜ යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ . (මූලාශ්‍රය: මුස්ලිම්).

දියණියන් තිදෙනෙකු සිට, ඔවුන්ව ඉවසීමෙන් හා කරුණාවෙන් තමන්ගේ හැකියාවට අනූකුලව ඔවුන් හදා වඩා ගත්තේ නම්, ඔවුන් ඔහුට අපාය ගින්නෙන් ආරක‍ෂාව සපයනු ඇත˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි).

දූවරුන් දෙදෙනෙක් සිටින මුස්ලිම්වරයෙක්, ඒ දෙදෙනා කරුණාවෙන් හදා වඩා ගත් විට, ඔහුට ස්වර්ගයට ඇතුළුවන්නට ඒ දෙදෙනා මග සලස්වති˜ යැයි නබි (සල්) තුමන් පැවසූහ.

අධ්‍යාපනය ලබා දීම, යහපත් නමින් ඇමතිම, යොවුන් වියට පත්වූ විට විවාහ කර දීම සියළු පියවරුන්ට තමන්ගේ ගහැණු දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් වෙයි˜ (මූලාශ්‍රය: බුහාරි).

ගැහැණු දරුවෙකු උපත ලැබීමද මදි පුංචිකමක් වශයෙන් සළකපු සමාජයක, නබි (සල්) තුමන්ගේ මෙවැනි දේශණයන් කාන්තාවගේ ආරක‍ෂාව හා ඇගේ ගෞරවය නගා සිටුවීමට ඉමහත් පිටුවහලක් විය.

උසස්තම දන් දීම කුමක්දැයි පවසන්නද? යනුවෙන් වරක් නබි (සල්) තුමා සුරාකා ඉබ්න් මාලික් (රලි) ගෙන් විමසීය. එසේය නබි තුමනි යැයි සුරාකා පිළිතුරු දුන් විට, ඔබේ දියණිය යැපීමට කිසිවෙක් නොමැතිව ඔබ වෙතට පැමිණෙන කල්හි, ඇය ආදරයෙන් රැක බලා ගැනීමයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).

විවාහ කර දීමද ඇයගේ පූර්ණ මනාපය අනූව සිදුවිය යුතුයි. —වැන්දඹු කාන්තාවගේ අභිමතයද, කන්‍යාවියගේ කැමැත්තද නොලැඛෙන තෙක් විවාහයක් නොසිදුවිය යුතු යැයි නබි (සල්) තුමන් පැවසූ විට (ශාස්තෘවරයාණනි`) කන්‍යාවගෙන් කෙසේ අභිමතය ලබා ගන්නේද? යනු විමසූ විට ඇයගේ නිහ~තාවය අභිමතය˜ යැයි නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

ඇයගේ අභිමතයෙන් තොරව විවාහයක් සිදුවී එම විවාහය ඇය ප්‍රතිෙක‍ෂ්ප කළේ නම් එම විවාහය වලංගු නොවේ. මෙය ඉස්ලාමීය ප්‍රතිපත්තියයි. ඉබ්නු අබ්බාස් (රලි) වාර්තා කරයි: —යුවතියෙකු නබි (සල්) තුමන් හමුවට පැමිණ මාගේ පියාණන් මා අකැමති කෙනෙකුට මා විවාහ කර දුන්නේය යනුවෙන් පැවසු විට. නබි (සල්) තුමන් ඇයට, ඉදිරියට කැමති නම් අඹු සැමි සම්බන්ධය පවත්වාගෙන යෑමටත්, අකමැති නම් එය ප්‍රතිෙක‍ෂ්ප කිරීමටත් අයිතිය ලබා දුන්හ.(මූලාශ්‍රයන්: අහ්මද්, අබූ දාවුද්, තිර්මිදි).

ඉස්ලාම් කාන්තා අයිතින් කප්පාදු කරයි යනුවෙන් පදනම් විරහිතව චෝදනා කරන යුදෙව්, කිතුවරුන්ගේ ආගමික ග්‍රන්ථයන් කාන්තා අයිතීන් පිළිබඳ පවසන්නේ කුමක්දැයි? මදකට සොයා බැලීම වඩා උචිතය. —යුදෙව්වරු තමන්ට අයිති ඉඩම් යළි තමන් සතු කරගැනීම සඳහා තමන්ගේ ගැහැණු දරුවන් උකසට තැබීමටද, වහලන් විකුණන වෙළඳ පොලවල විකිණීමටද බලය ලබා තිබ්බේය˜ ෙඛෙලයෙහි (නෙකමියා 5:5) සඳහන් වෙයි.කිතු දහමේ නිර්මාතෘ වරයා වශයෙන් සැළකෙන පාවුල්: —ඇය විවාහ කර දෙන්නා යහපතක් කරයි. විවාහ කර නොදෙන්නා වැඩි යහපතක් කරයි˜ යනුවෙන් පවසයි. (1 කොරින්තියා 7:38).

මෙම දේශණය පිළිගත් කිතු බැතිමතුන් තමන්ගේ දැරියන් කිතු පල්ලිවලට භාර කළහ. මෙම කන්‍යාවියන් තමන්ගේ ස්වභාවික හැඟීම් පවා කැපකර ජීවිතය පුරා දේවස්ථාන කර්තව්‍යන් කිරීමට නියෝග කරනු ලබයි. මෙම තත්ත්වය වෙනත් ආගමික සිද්ධාන්ත වලද දැක ගත හැක.

ඔෂපි ධෙ ෂබාස් පුවත් පතෙහි —රාම් ස්වරූප්˜ ලියූ වාර්තාවක එක් තැනක මෙසේ සඳහන් වෙයි, —රෝමයෙහි එක් කන්‍යා මඩමක මසුන් ඇති කරන තටාකයෙහි ජලය සිඳී යෑමත් සමග එහි ඇති ම~ ඉවත් කරන අවස්ථාවෙහිදි, එතුළ 6000 කට අධික බිළින්ධන්ගේ හිස් කැබලි හමුවිය. ආස්තිරියාවෙහි පිහිටා ඇති කන්‍යා මඩමේ ඇත්ත තත්ත්වය මෙයින් ලෝකයට හෙළිවිය. කාන්තාවන්ගේ ස්වභාවික ලිංගික ආශාවන් පවා මැඩ පවත්වන්නට මෙම ආගම් වෙර දැරීම තුළින් ඇතිවුනු අසංඛ්‍යාත පල විපාකවලින් එකක් පමණි ඉහත උදාරණය.

ඉස්ලාම් දහමේ මෙවැනි ප්‍රායෝගික නොවන එකදු නීතියක් හෝ ගෙන හැර පා හැකිද? ඉස්ලාම් කිසිසේත්ම විවාහ ජීවිතය මතු ලොව ජයග්‍රහණයට බාධාවක් යැයි නොපැවසුවේය. විවාහ ජීවිතය දුරාචාරය සමාජයෙන් තුරන් කිරීමේ ප්‍රධාන සාධකය වශයෙන් පවසා ඇත. නබි (සල්) තුමන් වරක් පවසන විට —කාර්්‍යයන් තුනක් ප්‍රමාද නොකරන්න.

එයින් එකක් නම් ගහැණු දරුවා නියම වියට පැමිණ ඇයට සුදුසු මනාලයාද ලැබුනු විට ඇයගේ විවාහය ප්‍රමාද නොකරන්න. තවත් අවස්ථාවක තරුණ පරපුර බලා මෙසේ ඇමතුහ: —තරුණයිනි ඔබලාගෙන් විවාහ කරගැනීමට ශක්තිය ඇති අය විවාහ කරගන්න. නියතයෙන්ම (ඔබ විවාහ කර ගැනීම) ඔබගේ දෑස් වැරදි දේ බැලීමෙන්ද, ඔබගේ ලිංගික අවයවන් වැරදී දේට පෙළඹවීමෙන්ද ඔබ ආරක‍ෂා කරයි˜ (මූලාශ්‍රය: බුහාරි).

විවාහය ස්වර්ගය කරා යන ගමනට බලවත් රුකුලක් වන බව සියවස් 14 කට පෙර ම නබි (සල්) තුමන් පැහැදිළි කළහ.ඇය බිරිඳ වශයෙන්: කාන්තාවගේ සිය කැමැත්තෙන් තොර විවාහය සිදුනොවිය යුතුයි, එසේ සිදුවූවේ නම් එය පිළිගැනීමේ හෝ ප්‍රතිෙක‍ෂ්ප කිරීමේ සම්පූර්ණ බලය ඉස්ලාම් ඇයට ලබා දී ඇත යන්නට සාධක ඉහත සඳහන් කළෙමු. තවද අල්ලාහ් මෙසේ පවසයි: —විශ්වාසවන්තයිනි. කාන්තාවන් බලහත් කාරයෙන් නතු කර ගැනීම අනුමත නොවේ˜.(ශ කුර්ආනය 4:19).

බිරිඳ හා ස්වාමි පුරුෂයා අතර සම්බන්ධය පිළිබඳ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: —ඇය ඔබටද ඔබ ඇයටද සළුවක් වන්නේය˜ (ශ.කුර්ආනය 2:187).

(සළුවක් ඇඟලූ විට ඔබට මනා පෞරුෂයෙකුත් අලංකාරයකුත් ඔබේ සුළු දොස් සඟවා බාහිර ඔපයකුත් ඔබට ලැඛෙන්නා සේ ඔඛෙන් ඔබේ බිරිඳටද ලැඛෙන්නේය).

තවද යුග දිවියේ දෙදෙනාටම වගකීම් පැවරී තිබීමද මෙයින් දැක ගත හැක. අල්කුර්ආනය පවසයි: —සැමියන්ට භාර්යාවන්ගෙන් හිමිවිය යුතු අයිතීන් තිඛෙන්නාසේම නිසි පරිදි ඔවුන්ගෙන්ද භාර්යාවන්ට ලැබිය යුතු යුතුකම් තිබේ˜ (ශ කුර්ආනය 2: 228).

මහර් දෑවැද්ද (පුරුෂයා විසින් ස්ත්‍රීයට ගෙවන) : විවාහය සිදුවන අවස්ථාවෙහි මනාලයා ඇය අපේක‍ෂා කරන මහර් (දෑවැද්ද) අනිවාර්ේ‍යන් දිය යුතුය. එය නොදීමෙන් ඇයත් සමග විවාහ දිවියට පිවිසීම සම්පූර්ණයෙන් තහනම්ය. —තවද ඔබලා ඔවුන් සමග ආදරයෙන් සහ යහපත්ව හැසිරෙන්න˜ (ශ.කුර්ආනය 4:19).

ඉන් පසුවද ඇයගේ සියළු අවශ්‍යතාවන්, කෑම බීම, ඇඳුම් පැළඳුම් සියල්ල ඇයට සැපයීමද ස්වාමි පුරුෂයා සතු වගකීම බව ඉස්ලාම් සඳහන් කරයි.

ඔබලා අතුරින් කව්රුන් හෝ කෙනෙකු ඔබගේ පවුල් සංස්ථාව තුළ ශ්‍රේෂ්ඨව වැජඹෙන්නේද ඔහු අන් අයටද ශ්‍රේෂ්ඨ වනු ඇත˜ යැයි නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: තිර්මිදි).

දික්කසාද වීමේ අයිතිය: පවුල් ජීවිතයෙහි අර්බුදයන් හටගන්නා විට තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් වෙන්වී ජීවත් වීමටද ඇයට සම්පූර්ණ අයිතිය ඇත. වැන්දඹු කාන්තාවට විවාහ කර ගැනීමේ අයිතිය: ස්වාමි පුරුෂයා මියගිය විට නැතහොත් ඔහුගෙන් දික්කසාද වූ විට තවත් විවාහයක් කර ගැනීමේ උරුමය ඇය සතුය. නබි (සල්) තුමන්, තමන්ගේ ප්‍රථම විවාහය වැන්දඹු කාන්තාවත් සමග කරගනිමින් ලෝකයට පූර්වා දර්ශයක් ලබා දුන්හ.

අධ්‍යාපනය ලබා ගැනීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය: කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අධ්‍යාපනය ලබා ගැනීම ඉස්ලාම් අනිවාර්්‍ය කරයි. ආයිෂා (රලි) තුමිය මෙසේ විස්තර කරයි: ශ්‍රේෂ්ඨ කාන්තාවන් වන්නේ මදීනාවට අයත් අන්සාරි කාන්තාවන්ය. මන්ද, ස්ත්‍රීය සතු උපන් ලැජ්ජා බය දැහැමි ඥානය ලබා ගැනීමට ඔවුන්ට බාධාවක් නොවුනේය. (මූලාශ්‍රය: බුහාරි).

කාන්තාවන් නබි (සල්) තුමන් වෙත පැමිණ පිරිමීන් ඔබගෙන් දැහැමි අධ්‍යාපනය ලබා ගැනීමෙහිලා අපට ඉදිරියෙන් සිටින්නෝය. එම හෙයින් අපටත් (අවවාද අනුශාසනා කරන්නට එක් දිනයක් වැය කරන්න යනුවෙන් පැවසූ විට එතුමන් කාන්තා පාර්ශ්වය වෙනුවෙන් දිනයක් වෙන්කර දැහැමි අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළහ.

වැඩි විස්තර