Tag Archives: දේශපාලන

සහෝදරත්වයේ වර්ධනය සහ ‘හජ්’ උත්සවය

ලෝකයේ නන් දෙසින් මුස්ලිම්වරු සෑම වසරක්ම පාසාම මක්කාවේ එක්රැස්වීම “හජ්” සොයා යාම නමින් හැඳින්වේ. ඉස්ලාම්හි පස්වන අනිවාර්ය කටයුත්ත හජ් ඉටු කිරීම වේ. තම ජීවිත කාලයේ දී වරක් වත් මෙය ඉටු කළ යුතුයි. පහසුකම් හා ශරීර සනීපය ඇති සෑම ස්ත්‍රී පුරුෂයකුටම මෙය අනිවාර්ය යුතුකමක් වන්නේ ය. පහසුකම් හා ශරීර සෞඛ්‍ය තිබියදීත් “හජ්” වන්දනය ඉටු නොකරන්නත් යහුදියෙක් හෝ නසාරාවරයෙක් වශයෙන් මරණයට පත් වන්නේය යනුවෙන් මුහම්මද් නබි (සල්) තුමාණෝ පැවසූහ.


නබි ආදම් (අෙලෙ) තුමා මැවීමට පෙර මලාඉකාවරුන් කඞබාව ගොඩ නංවා “තවාෆ්” කළහ. නබිතුමා භූමියට බට පසු එය ප්‍රතිසංස්කරණය කර ඉටු කළේය. නබී ආදම් (අෙලෙ) තුමා පටන් සියලු නබිවරුන්, නොයෙකුත් සමාජයට අයත් වුවත් කඞබාව නරඹා හජ් ඉටු කළහ. ඉබ්‍රාහිම් (අෙලෙ) නබිතුමා හා එතුමාගේ පුත් ඉස්මායිල් (අෙලෙ) නබිතුමා යළිත් කඞබාව ඉදිකළේය. මෙය සිදුවූයේ අදට අවුරුදු දහස් ගණනාවකට පෙරය.

නොයෙකුත් දෙසින් පැමිණෙන මුස්ලිම් බැතිමතුන් අතර දුප්පතුන්, පොහොසතුන්, සේවකයන්, රාජ්‍ය පාලකයන්, ආගමික නායකයන්, උගතුන් හා නූගතුන් ආදී නොයෙකුත් අය අතරින් නානා භාෂා කතාකරන නානා වර්ණයෙන් යුත් තානා ජාතිහු එහි එක්රැස් වන්නෝය. දුප්පත්කම හා පොහොසත්කම වැනි භේදයෙන් තොරව සියල්ලෝම අල්ලාහ්ත අලාගේ වහලුන් වන බව පිළිගත්තෝය. යහපත් අන්දමට ඉටු කෙරෙන “හජ්” වන්දනාවට ස්වර්ගය හැර වෙන කිසිම වේතනයක් නැත යැයි මුහම්මද් (සල්) තුමාණෝ පැවසූහ.

එහි සුදු වස්ත්‍ර ඇඳ “හජ්” සඳහා “ඉහ්රාම්” බැද ගත්තෝය. ලෙබ්බෛක් ! අල්ලාහුම්ම ලෙබ්බෛක් !! ලා ෂාරික ලක ලෙබ්බෛක් !! එනම් මම පැමිණියෙමි මගේ් අල්ලාහ් මම පැමිණියෙමි ඔබ හා සමානවක් කිසිවෙක් නැත. අල්ලාහ් ඔබ වෙත මා පැමිණියෙමි යන එකම ශබ්දයෙන් සියලු දෙනා අල්ලාහ් තආලා අමතන්නෝ ! ඇඳුම් පැළඳුම් වලින් හෝ කුල, ගෝත්‍ර, වර්ණ වැනි කිසිම භේදයකින් තොරව සියල්ලෝම එක්රැස්ව එක මවකගේ උපන් දරුවන් මෙන් සහෝදරත්වයෙන් හා සමගි සමානත්වයෙන් “හජ්” ඉටුකරති.

“හජ්” ඉටුකරන්න ජලයේ කිලිට සෝදා හරින්නාක් මෙන් හජ්ජය පාපයන් සෝදා හරින්නේ යැයි නබි (සල්) තුමාණන් පැවසූහ. හජ් ඉටුකළ අය එදින උපන් බිළින්දන් මෙන් පව් නොකළ වුන් වන්නේය. ඔවුන්ගේ යාඥාවලින් පිළිගනු ලැබේ. හජ් වන්දනයට යන අයට නබි (සල්) තුමා තැන්පත් කොට ඇති සාමාධිය සියාරතුල්රවිලතුන් නබි දැක ගැනීම ස්තී‍්‍ර පුරුෂ දෙපක්ෂයටම හිමි වූ විශේෂ සුන්නතයක් වේ. වන්දනා කරුවෝ හජ් වලට පෙර හෝ පසු මදිනාවට ගොස් මෙම සමාධිය සියාරත් කර ගනිති.

මගේ සොහොන දැක ගන්නා අයට “ෂෆාත්” හිමි වේ යැයි මුහම්මද් නබි (සල්) තුමා පැවසූහ. තවද මගේ මරණයෙන් පසු හජ් වන්දනය නිම වී මාගේ සොහොන දැක ගැනීමට පැමිණෙන අය හා මා ජීවත්ව සිටියදී මා දැක ගැනීමට පැමිණෙන අය හා සමාන වේ. මෙවැනි උසස් තත්ත්වයන් ලැබෙන පුණ්‍ය භූමිය “හජ්” ඉටුකිරීමේ උතුම් භාග්‍යය අපටත් අල්ලාහ් සුබහානතආලා ලං කර දෙත්වා !

ආමින් !
රුසෙයික් ෆාරුක්

චීන යකඩ හස්තය තුල ඉස්ලාමිය සමුහාන්ඩුවක්

ආගමික අවබෝධය- ඉස්ලාමය සහ සමාජය

විද්‍යාව කොපමණ දියුණු වූවද ලෞකීක ජීවිතයේ තෘප්තිය උදෙසා

නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නීතිය ඉදිරියේ සැවෝම සමයැයි, මිනිසා කොපමණ මොර දුන්නත් මිනිසා විසින් නිර්මාණය කරන්නාවූ ව්‍යවස්ථාව තුළ එම ව්‍යවස්ථාවේ නිර්මාතෘන් ආවරණය නොවීම නව ලොවේ සුලභ දර්ශනයකි. කිසියම් සිද්ධියකදී සාමාන්‍ය පුරවැසියාට නීතිය කි්‍රයාත්මක කළ හැකි වූවද, රටේ ප්‍රධානින් කෙරෙහි නීතියේ දැල එලීම එතරම් පහසු නොවේ. එහෙයින් නීතිය ඉදිරියේ මිනිසුන් සියල්ල සමාන යන්න, මිනිසාට වඩා උසස් ශක්තියක් එම නීතිය සම්පාදනය කළ යුතු නොවේද? මින් පෙනෙන්නේ මිනිසා තම දෑතින් නීති සම්පාදනය කිළිටි කිරීම තුළින් තම සහෝදර මිනිසාට කොතරම් අසාධාරණයක් සිදුකර ඇත්ද?

තවද ඉස්ලාම් මිනිසාව තම ජීවිතයට ඇති ලොල් බවින් මුදවාලන්නේ ය. තම ජීවත්වීමේ ආශාවම මිනිසා ඒකාධිපතියන් පැසිස්ටවාදීන් හමුවේ දණ නැමීමට හේතුව ලෙස දක්නා ඉස්ලාම් අයුක්තියට අසාධාරණයට එහෙරහිව දිවි හිමියෙන් සටන් කිරීමට මිනිස් සමාජයට උගන්වා දේ. එය වනාහි මිනිස් සංහතිය වෙනුවෙන් කරන්නාවූ උදාර පුණ්‍ය කර්මයක් ලෙස ද දෙසයි. මෙය වනාහි මානව සංහතියට ඉස්ලාම් දුන් උසස් දායදයකි.

ඉස්ලාම් මිනිසාව ඔහුගේ පහත් හා මිලේච්ඡ හැඟීම් වලින් මුදවාලන්නේය. මිනිසා කොම්පියුටර් හෝ ඩිජිටල් යුගය දක්වා කොතරම් බාහිරව දියුණු වූවද, මිනිසාගේ සැබෑ සංවර්ධනය වනාහි තම තිරිසන් හැඟීම් තමා පාලනය තබා ගන්නේද? නැත්නම් ඊට වහල් වී තම සිතැඟි පරිදි කි්‍රයා කරන්නේ ද? යන්න තීරණය කිරීම මත වේ. ඔහු තවදුරටත් තම පහත් ආවේගයන්ට වහලෙකු වී සිටින්නේ නම් එහි අර්ථය මිනිසා දියුණු වී නොමැත යන්නයි. බාහිර වශයෙන් මිනිසා අඟහරු තරණය කළද එය එතරම් සැළකිය යුතු දෙයක් නොවේ. මෙය වනාහී ඉතිහාසගත සත්‍යයකි. ලෞකීක ජීවිතයේ තෘප්තිය උදෙසා පමණක්ම කි්‍රයා කළ කුමන සමාජයක් හෝ මේ ලොවේ බලය, අධිකාරය, ගෞරවය රැකගෙන මිනිස් සමාජයේ උන්නතියට හවුල් වී නොමැති බව පෙනීයයි. ගෞරවනීය ලෙස ජීවත් වූ ග්‍රීක අධිරාජ්‍යයට වූ ඉරණම කුමක්ද? රෝම රාජධානියේ වැටීමට හේතුව, පර්සියානු අධිරාජ්‍යයාගේ වැටීමට හේතුව ඉතිහාසයේ යම් අවස්ථාවක ශරත්වය විදහා දක්වනු ලැබූ ප්‍රංශ අධිරාජ්‍යයා තම කාම සුඛළ්ලිකානු ජීවන රටාව හේතුවෙන් දෙවන ලෝක මහා යුද්ධයේදී, සතුරා වෙත එක පහරින් යටත් වූයේ නැද්ද? වීරත්වයේ ගෞරවයෙන් පිදුම් ලද ජනතාවක් සතුරා ගෙන් තම රට බේරා ගැනීම වෙනුවට තම සරාගී දහනේ කේන්ද්‍රස්ථානය වූ පැරිසිය බේරා ගැනීමට කි්‍රයා කළේ නැද්ද?

ඇමෙරිකාවද, මීට දෙවැනි නොවේ. විද්‍යාව කොපමණ දියුණු වූවද, ඒ මගින් මිනිසාගේ ස්වාභාවික හැඟීම් වෙනස් කළ නොහැකිය. විද්‍යාව වනාහී අල්ලාහ්ගේ නීතියෙහි අල්ප මාත්‍ර වූ කොටසකි. ඇමෙරිකාවේ විශාල භූමි භාගයක් හා බාහිර දියුණුවක් ලබා තිබුණද සදාචාරත්මක ලෙස කාන්තාරයක් බවට පත්ව තිඛෙන්නේය. වර්ණ වාදය, මෙහි කලූ ජාතික ජනතාවට කරන්නාවූ තාඩන පීඩන, තවද එහි මිලෙච්ඡ හැඟීම් වල උල්පත මත්ද්‍රව්‍ය ඒ ආශ්‍රිත අනාචාරය මේ නිසා ඒඩ්ස් රෝගයේ ව්‍යාප්තිය.

නව ලෝක රටාවක් හඳුන්වාදෙන ඇමෙරිකාවේ වර්ණ වාදය කොතරම් දුරට මුල් බැසගෙන තිබේදැයි විටින් විට ඇති වන්නාවූ වර්ණවාදී කෝලාහලවලින් දිස්වේ. තවමත් ඇමෙරිකානුවන් වහලූන් ලෙස කළු ජාතීන්ව සැලකීම මොවුන්ගේ පහත් සිත නොවේද? තව දුරටත් ඇමෙරිකානු නීතිඥයින් පවසන්නේ කුමක්ද යත්?

—කළු ජාතිකයින් ඇමෙරිකාවේ සම්පත්ය, ඔවුනට මිනිස් අයිතිවාසිකම් ලැබේද යන්න සැලකීම අපේ කාර්යය නොවේ.˜

මේ වූ ආකාරයට ඇමෙරිකාවේ පමණක් නොවේ. ඔස්ටේ්‍රලියාවේ සිට බටහිර යුරෝපයේ සිට ආසියානු මහද්වීපය දක්වා වර්ණයේ, ජාතියේ, ලිංග භේදයේ නාමයෙන් (ඉස්ලාම්හි කාන්තා විමුක්තිය පිළිබඳ වෙනම ග්‍රන්ථයක් සකස් වේ.) 21 වන සියවසදීත් මිනිස් සමාජය තුළ පුහු සීමාවන් පනවාගෙන ඇණ කොටා ගැනීම කොතරම් අඥාණ කි්‍රයාවක් ද?

මිනිසාව මිනිසා පහත් කොට සැලකීම ආරම්භවන්නේ කොතැනින් ද?

මා උසස්ය: නුඹ පහත්ය: මා පාලකයාය: නුඹ පාලිතයාය: මා මේ ජාතිකයාය: නුඹ අර ජාතිකයාය: මා සුදු ජාතිකයාය: නුඹ කලූ ජාතිකයාය: යන වෙනස්කම් හා ඒ යටතේ නැගෙන්නා වූ උසස් හැඟීම් තමා වැනි මිනිසුන්ව පහත් කොට සැලකීමට, අගෞරව කිරීමට පොළඹවන්නේය.

මෙවන් ආකාරයට මානව සංහතිය ඛෙදා වෙන් කරන්නාවූ පුහු ප්‍රලාපයන් තුරන් කිරීමට කරුණාවෙන්, සහෝදරත්වයෙන් වෙලීමට ගතයුතු පියවර කුමක්ද?

මේ සඳහා මිනිසාගේ චින්තනයේ හා ආකල්පවල වෙනසක් සිදුවිය හැක. මිනිසුන් සියල්ලන්ම අල්ලාහ් විසින් මවා ඇත. ඔහුගේ දෘෂ්ටියට සියල්ලන් සමානය, මුළු මානව සංහතියම එකම පුරුෂ, ස්ත්‍රී, මූලයේ සිටම නිර්මාණය කළේය. ජාතිය, දේශය, වර්ණය, භාෂාව යන්න උස් පහත් බව මැනීමේ ඒකක නොවේ. මේ වෙනස් කම් සියල්ල එකිනෙකා හඳුනා ගැනීමේ ආධාරක මිස, අඩ දබර කර ගැනීමේ සාධක නොවේ…. විනය ගරුත්වය, සදාචාරය, භය භක්තිය ඇති අය අල්ලාහ් වෙත උසස් වන්නේය. ඔවුන් තම සෑම කි්‍රයාවක් කෙරෙහිම අල්ලාහ් වෙත වගකිව යුතුය.

මෙවන් චින්තනයන් කිසියම් මිනිසෙකු සිතේ තැන්පත් වූ විට ඔහු අන් මිනිසුන් කෙරෙහි පහත් හා නින්දිත ආකාරයට නොබලයි. ස්වභාවයෙන් අන් මිනිසුන් කෙරෙහි කරුණාව, දයාව දක්වයි.

නව සියවසේ ජාති, දේශ, වර්ණ වැනි සීමාවන්ගෙන් තොරව ජාත්‍යන්තර මුස්ලිම් ප්‍රජාව සහෝදර බැම්මෙන් එක්කර ඇත්තේ මේ ආකළ්පයයි. මේ චින්තයන මානව සමාජය පිළිගැනීමට හා කි්‍රයාත්ම කිරීමට ඉස්ලාම් අවශ්‍ය නොවේද?

මුහම්මද් නබි (සල්) තුමාණෝ පැවසූහ: —ආරාබි ජාතිකයින්, ආරාබි නොවන්නන්ට වඩා ද, කළු ජාතිකයින් සුදු ජාතිකයින්ට වඩා ද සුදු ජාතිකයින් කළු ජාතිකයින්ට වඩා ද උසස් නොවේ. අල්ලාහ් වෙත උසස් පුද්ගලයා භක්තිය ඇති පුද්ගලයා වේ.˜

ලෞකීක ජීවිතයේ බාහිර ඔපය පමණක් පිම්බීමට තම සියලූ සම්පත් කැටි කොට එල්ල කර ඇත්තාවූ ලෝක බලවතා නව සියවසේ දී මුළු මානව සංහතියටම හිසරදයක් වීම පමණක් නොව තමාගේ ගෞරවය, බලය අධිකාරයෙන් ද දුරස් වීම, දක්නට ලැබේ.

මේ සියල්ල තම ලොවේ ඇති වේදනා සහගත සිද්ධීන්ය. මෙයින් මානව සංහතිය මුදවා ගැනීමට ඉස්ලාම් අත්‍යවශ්‍ය නොවේද?



කතෘ: යූසුෆ් නියාස්


අල්කුර්ආනය හා විද්‍යාව

නූතනයේ මිනිසා සියල්ල විද්‍යාත්මකව බැලීමටත් ඒ ඔස්සේ තර්ක විතර්ක ඉදිරිපත් කිරීමටත් පෙළඹ සිටී. මෙය හොද ප්‍රවණතාවයක් වුවද විද්‍යාත්මක ඇසින් ආගම් දෙස බැලීම තරමක මතභේදාත්මක කාරණයකි. ඒ බොහෝ ආගම් විද්‍යාව හමුවේ අසරණ වී සිටින බැවිනි. එසේම බුද්ධියේ ඉනිපෙත්තෙහි සිටින සමාජය අවබෝධ කරගතයුතු කාරණයක් ද ඇත. ඒ සමහරක් ආගමික විද්වතුන් විද්‍යාව හා ආගම ගලපන්නේ අහස පොළොව ගලපනවා සේය. ආගමික මූලාශ්‍රවල පවසන කාරණයත් විද්‍යාත්මකව ඉදිරිපත් කරන කාරණයත් අතර කිසිදු සම්බන්ධතාවයක් දක්නට නැත. නමුත් විද්‍යාවට සමාන්තරව තම දහම ගෙනයාමේ අරමුණින් මෙවැනි පදනම් විරහිත විද්‍යාත්මක කාරණයන් ප්‍රසිද්ධියේ මාධ්‍යවල සාකච්චා කරනවා නිරන්තරයෙන් අප දකින්නෙමු. මෙහි දී තම ආගම කෙරෙහි ඇති නැඹුරුතාවයත් භක්තියත් නිසා අන්ධ භක්තියන් ලෙස සියල්ල හිස්මුදුනින් පිලිගන්නත් ඒවා සත්‍ය බවට හිස් තර්ක විතරක් ඉදිරිපත් කරන්නටත් එහි අනුගාමිකයන් පෙලඹී සිටී.

ඉස්ලාම් දහම සම්බන්ධයෙන් පවසන්නට ඇත්තේ ඉස්ලාම් දේව පණිවුඩ පදනම් කරගත් දහමක් එය විද්‍යාවට එරෙහි වු හෝ විද්‍යාවට ආවඩන දහමක් නොවේ. එසේම ශුද්ධ වු අල්කුර්ආනය විද්‍යා ග්‍රන්ථයක් ද නොවේ. මේ නිසා මෙහි පවසන කාරණයන් විධයාත්මක සමීකරණ හෝ විද්‍යාගාර පරීක‍ෂණ, නිරීක‍ෂණ හා නිගමනයන් නොවේ. මෙහි පවසනනේ සත්‍යයයි එය මිනිස් බුද්ධියට ගෝචරද විද්‍යාත්මකද යන්න මිනිසා විසින් තීරණය කලයුතු කාරණයකි. එසේම එය විද්‍යාත්මක වුවත් එය විද්‍යාවේ කුමණ ෙක‍ෂ්ත්‍රය නියෝජනය කරනවාද යන්න මිනිස් බුද්ධියෙන් තීරණය කරන කාරණයකි.

ඒ අනුව ශුද්ධ වු අල්කුර්ආන් වාක්‍ය කිහිපයක් ඔබේ අවදානයට ඉදිරිපත් කරන්නේ එහි විනිශ්චය ඔබටම භාර කරමිණි. ……………

තාරකා විද්‍යාව

“අහසෙහි තාරුකා රාශියක් පිහිටුවා (එය) පහනක් ලෙසත් චන්ද්‍රයා ආලෝක පරාවර්ථකයක්ද කල………”

අල්කුර්ආන් 25:61

ජල ⁄ භූගෝල විද්‍යාව : Hydrology & Geogrphy

“….අහසින් වැසිදිය පහලකොට එම වැසිදිය පොළව තුළට විනිවිද යාමට සලස්වා ඒ තුලින් දිය උල්පත බිහිකර ඒ මගින් පොලොව මත විවිධ වර්ණයන්ගෙන් යුතු අස්වනු හටගන්වන්නේය……….

අල්කුර්ආන් 39:21

භූගර්භ විද්‍යාව : Geology

“…..පොළොව කම්පා නොවනු පිණිස එයමත තරසර කදුද…..”

අල්කුර්ආන් 16:15

ජීව විද්‍යාව : Zoology

“…..දිවි ඇති සියල්ල ජලයෙන් අප නිර්මාණය කලෙමු……… “

අල්කුර්ආන් 21:30

උද්භිද විද්‍යාව : Botany

“……අහසින් ජලය පහල කොට එයින් විවිද උද්භිද වර්ගයේ ජෝඩු මැව්වෙමු. “

අල්තුර්ආන් 20:53

වෛද්‍ය විද්‍යාව : Medicine

“……..(මී මැස්සන්ගේ) උන්ගේ උදරයෙන් විවිධ වර්ණවත් පානයන් වෑහෙන්නේය එහි මනුෂ්‍යාහට රෝග සුවය ඇත්තේය “

අල්කුර්ආන් 16:69

කායික විද්‍යාව : Physiology

“ඔවුන්ගේ ඇටකටු එක්රුස් කරන්නට අප නොහැක්කෙමු යයි ඔවුන් සිතන්නේද? ඔවුන්ගේ :Fingerprint– ඇගිලි තුඩ පවා නැවත තිබු ආකාරයටම මවන්න අප ශක්තිවන්තය “

අල්කුර්ආන් 75:3,4

කළල විද්‍යාව : Embryology

“සැබැවින්ම මා මිනිසා මැවුයේ ඉතා සුලූ ප්‍රමාණයක් වු තරල බිදුවකිනි “

අල්කුර්ආන් 76:02

විශ්ව සම්භවය

“ආරම්භයේ අහස පොළව එක් වී වායු ස්කන්ධයක්ව පැවතුනි. පසුව එය වෙන්කරන ලදී “

අල්කුර්ආන් 21:30

ඉහත අල්කුර්ආන් වාක්‍ය කෙරෙහි මධ්‍යස්ථව හිද බුද්ධිමත් අවදානය යොමු කරන්න. ඔබ මවිතයට පත්වෙනවා ඒකාන්තය.


ඉස්ලාම් සතු සුවිශේෂත්වයන්

ඉස්ලාම් සතු සුවිශේෂත්වයන්

ඉස්ලාම් දහම කිසිදු මනුෂේ‍යකුගේ නමින් පිහිටුනු ආගමක් නොවෙයි. එය විශ්වය නිර්මාණය කර, පාලනය කරමින් සිටින අල්ලාහ් විසින් මානවයාට පිරිනමනු ලැබූ ජීවන ක්‍රමයකි. එයින් තහවුරු වන වැදගත් කරුණ නම්, ඉස්ලාම් ආරම්භක මිනිසා පටන් පැවත එන ආගම බවයි. ලෝක ඉතිහාසය තුළදි බිහිවූ කෙනෙකුගේ නමින් පිහිටුනු දහමක් නොවෙයි. අතරමගදි නිර්මාණයවුනු දහම් තුළින් ඊට පෙර ජීවත්වූ අයට පිළිසරණක් වන්නට මගක් නොමැත. එවිට එය අසාධාරණයක් වනු ඇත. එනමුත් ඉස්ලාම් ඉදිරියේ පමණක් මෙවැනි ප්‍රශ්ණයක් හටගන්නේ නැත. මන්ද ඉස්ලාම් ආරම්භක මිනිසා පටන් පැවත ආ දහමකි. නිර්මාතෘවරයා විසින් මිනිසාට පිරිනමනු ලැබූ ජීවන සැලැස්මකි.

Hell is hotter

ශුද්ධවූ අල්කුර්ආනයෙහි ඔහු පවසයි: —අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ˜ (ශු කුර්ආනය: 3: 19).

ඉස්ලාම් හැර කව්රුන් වෙනත් ආගමක් ප්‍රිය කරයිද එය නොපිළිගැනේ, ඔහු මතු දිනයේදි පාඩු විදින්නෙකුද වේ˜ (ශු කුර්ආනය 3: 85).

මිනිසුන් අතර බහුලව පවතින වැරදි මතයක් නම් ඉස්ලාම් අවුරුදු එක්දාස් හාරසියකට පෙර බිහිවුනු ආගමක් බව. මෙයට හේතුව මුහම්මද් නබි (සල්) තුමන් මක්කාවෙහි සිට මදීනාව බලා ගිය හිජ්රා ගමන මුල්කොටගෙන ඉස්ලාමීය දින දර්ශනය සැකසීමයි. මෙය ඉස්ලාමයේ ආරම්භය නොවේ.

මුහම්මද් නබි (සල්) තුමන් පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: —ඔහු අල්ලාහ්ගේ දුතවරයාද, අවසන් ශාස්තෘවරයාද වේ˜

(ශු කුර්ආනය 33: 40).

අවසන් ශාස්තෘවරයා යනු සඳහන්වීමෙන් අදහස්වන්නේ මීට පෙරත් ශාස්තෘවරු පැමිණුනු බවයි. මෙය තවත් සාක‍ෂාත් කරන වාක්‍යන් ශුද්ධවූ අල්කුර්ආනයෙහිද, නබි වදන්වලද අනන්තව දැකගත හැක.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —නූහ්ට හා ඔහුට පසු පැමිණුනු ශාස්තෘවරුන්ට අපි දේව පණිවුඩ අනාවරය කළාක්මෙන් (මුහම්මද්æ) ඔබටද අපි දේව පණිවුඩ අනාවරණය කළෙමු. තවද ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යඃකුබ් (ඔහුගේ) පරම්පරාව, ඊසා, අයියූබ්, යූනුස්, හාරූන්, සුෙලෙමාන් වැනි අයටද අපි දේව පණිවුඩ අනාවරණය කළෙමු. දාවූද්ට සබූර් නම් (දේව ග්‍රන්ථය) අනාවරණය කළෙමු. (මුහම්මද්æ) මීට පෙර ඔබට සමහර ශාස්තෘවරුන් පිළිබඳ පුවත් දැන්වුවෙමු. සමහර ශාස්තෘවරුන්ගේ පුවත් ඔබට නොපැවසුවෙමු˜

(ශු.කුර්ආනය 4: 163,164).

—(ශාස්තෘවරයානනි) ඔබ පවසන්න මම ශාස්තෘවරුන්ගෙන් අළුත් කෙනෙකු නොවේ˜. (ශු.කුර්ආනය 46: 9).

මෙම සියළු අල්කුර්ආන් පාඨයන් තුළින් තහවුරුවන්නේ ඉස්ලාම් මිනිස් ආරම්භය පටන් පැවත එන ආගමක් බවයි.

නිර්මාණයන්ට වැඳ වැටීම මුළුමනින් තහනම් කර නිර්මාතෘ ඉදිරියේ පමණක් යාඥාවන්, වන්දනා මාන කිරීම ඉස්ලාම්හි මූලික හරය හා දර්ශනය වේ. සමාන දුර්වලතාවන්ගෙන් යුත් තවත් මිනිසෙකු ඉදිරියේ වැඳ වැටීම උතුම් කි්‍රයාවක් සේ නොසළකා මුළුමනින්ම එය තහනම් කිරීම. හිස නමා ආචාර කිරීම, ගරු කිරීම සඳහා නැගිට සිටීම මේ සියල්ල ඉස්ලාම් තහනම් කරයි. දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීමට අණකරන ඉස්ලාම් ඔවුන් ඉදිරියේ වැඳ වැටීමට තහනම් කරයි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —ඔබේ ස්වාමින් තමන්ට හැර වෙනත් කිසිවෙකුට වන්දනාමාන නොකරනලෙස නියෝග කළේය, තවද දෙමාපියන්ට යුතුකම් ඉටු කරන ලෙසත් ඔහු නියෝග කළේය˜

(ශු කුර්ආනය 17: 23)

තැරැව්කරුවන් අවශ්‍ය නැත:

වෙනත් දේව සංකල්ප හා සිද්ධාන්ත මෙන් නොව කෙනෙකු ඉස්ලාම් දහමෙහි දෙවියන්ට සෘජුව සම්බන්ධවීමට හැක. ඉස්ලාම් දහමෙහි තැරැව්කරුවන් අවශ්‍ය නැත. ඉතා සීමිත කුලයන්ට ගෝත්‍රයන්ට පමණක් පිරිනමන එම ආගමික ප්‍රමුඛත්වය, පෘථගජනයන් දේව දූතයන් බවට පරිවර්තනය කරන පුහු දුර්මතයන්ට ඉස්ලාම් දහම තුළ අබමල් රේණුවක තරම්වත් අවකාශයක් නැත. සියළු ජනයා එක හා සමාන වේ. පරමාන්ත දිනයේදි ඔහුගේ කි්‍රයාවන් චේතනාවන් මුල්තැන ගනු ඇත.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි:

—මාගේ දාසයන් මා පිළිබඳ ඔඛෙන් ප්‍රශ්න කළා නම්, මා ඉතා සමීප බව පවසන්න. මා ප්‍රාර්ථනාකරන්නන්ගේ ප්‍රාර්ථනාවන් පිළිගනිමි. ඔවුන් මාගෙන් ප්‍රාර්ථනා කරත්වා, මා කෙරෙහි විශ්වාසය තබත්වා˜

(ශු අල්කුර්ආනය 2: 186).

මිථ්‍යා විශ්වාසයන්ට, අන්ධ භක්තීන්ට ඉස්ලාම් තුළ ඉඩ නැත:

ආගමෙහි නමින් රැවට්ටීම, මං මුළා කිරීම හැම කාලයකදීම පාහේ සිදුවිය. එයට මූලික හේතුව ඔවුන් අදහන ආගම් සංකල්ප එම දොරටුවන් විවර කර තැබීමයි. නැතහොත් ආගමික මූලිකත්වය හොබවන බොහෝ උදවිය තමන්ට අදෘශ්‍යමාන දේ දන්නා බවත් අනාගතය පිළිබඳ අනාවැකි කීමේ හැකියාව තමන් සතු බව පවසා අහිංසක ජනයා මං මුළා කරති. නමුත් මෙසේ පවසන සියල්ලන් සාමාන්‍ය ජනයාගෙන් යැපීම පැහැදිළිව දැක ගත හැකි කරුණකි. මෙවැනි දේට ඉස්ලාම්හි කොහෙත්ම ඉඩ නැත. මුස්ලිමෙකු තම ප්‍රාණයට වඩා උසස් කොට සළකන මුහම්මද් නබි (සල්) තුමන්, මුළු ලොව වාසි ජනතාවටම අවසන් ශාස්තෘවරයා වශයෙන් පැමිණුනු, ඒ වගේම අල්ලාහ්ගේ විශේෂ ගෞරවයට පාත්‍රවූ එම උදාර පුරුෂයාට පවා අල්කුර්ආනය මගින් අල්ලාහ් මෙසේ නියෝග කරයි:

(ශාස්තෘවරයානනි) පවසන්න, අල්ලාහ් කැමතිවූවා නම් හැර මට කිසිදු යහපතක් හෝ විපතක් කරගැනීමට ශක්තිය නොමැත. අදෘශ්‍යමාන දේ පිළිබඳ ඥානය මා තුළි පවතී නම් මා යහපත පමණක් වැඩිකර ගමි. (එවැනි අවස්ථාවක) මට කිසිදු විපතක් ඇති නොවේ. මම විශ්වාස කරන ජනතාවට අවවාද කරන්නා හා සුභාශිංෂණය පතන්නා පමණය˜

(ශු අල්කුර්ආනය 7: 188).

සාත්‍ර, මන්ත්‍ර, ගුරුකම් වලට හෝ මිථ්‍යා විශ්වාසයන්ට හෝ අන්ධ භක්තීන්ට හෝ ඉස්ලාම් තුළ කොහෙත්ම ඉඩ නැත. එම දොරටුවන් සියල්ලට ඉස්ලාම් අගුළු දැමූහ.

අන් අයගේ යුතුකම් ඉටු කිරීම:

නිර්මාතෘවරයා අල්ලාහ්ට පමණක් යුතුකම් ඉටුකර සීමාකර ගැනීම පරිපූර්ණ විශ්වාසවන්තයෙකු කියාගැනීමට කොහෙත්ම ප්‍රමාණවත් නොවේ යැයි අල්ලාහ් පවසයි. —තවද අල්ලාහ්ට පමණක් යාඥා කරන්න ඔහුට කිසිදු දෙයක් සමාන නොකරන්න, තවද දෙමාපියන්ටද, ලේ ඥාතීන්ටද, අනාථයින්ටද, දුගීන්ටද, මගීන්ටද, ඥාතීන්වන අසල්වැසියන්ටද, ඥාතීන් නොවන අසල්වැසියන්ටද, ඔබේ අසලින් සිටින්නාටද, ඔබේ දකුණු අත හිමිකරගත් අයටද උපකාර කරන්න˜

(ශු කුර්ආනය 4: 36).

ඉහත සඳහන් මෙම පාඨයෙන් සනාථ වන කරුණ නම් සලාතය, උපවාසය නිසිලෙස ඉටුකර, තමන්ගේ පවුල් ඥාතීන්, අසල්වැසියන්, වෙනත් අයගේ යුතුකම් ඉටු නොකර එය පැහැර හරින, ඒ වගේම තමන්ගේ ව්‍යාපාරයන් ගනු දෙනු පවිත්‍රව නොපවත්නා අන් අය හූරාකන මෙ වැනි අය හොඳින් අවදානය යොමු කළ යුතු වදනකි. ඉස්ලාම් සීමිත යාඥා ක්‍රමවලට පමණක් සීමාවුනු ආගමක් නොවෙයි. එය මිනිසෙකුගේ මුළු ජීවිත කාලයම යාඥාවක් වශයෙන් පරිවර්තනය කරන්නට උත්සා දරයි.

නබි (සල්) තුමන්ගෙන් කෙනෙකු වරක් මුස්ලිම් වරුන් අතුරින් ශ්‍රේෂ්ඨයා කව්දැයි ප්‍රශ්න කළ විට, —කව්රුන් තම දිවෙන් හා දෑතින් අන් අයට හිරි හැර නොකරන්නේද ඔහු නියම මුස්ලිමෙකු වේ˜ යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).

—ඉස්ලාම්˜ විශ්ව නිර්මාතෘ ඉදිරියෙහි පිළිගැනුනු එකම දහම :

ඉස්ලාම් දහම කෙනෙකුට උපතින්ම හිමිවන බූදලයක් නොවෙයි. ඔහු එහි ඉගැන්වීම් දැන හඳුන, අල්ලාහ්ට පමණක් අවනත වී, එහි නියෝගයන් පිළිපැදීමට කිසිදු අවස්ථාවක නොපැකිළී, ඔහු විසින් තෝරාපත් ගනු ලැබූ අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් නබි (සල්) තුමන් අනුගමනය කර ජීවත්වෙයි නම් ඔහුයි නියම මුස්ලිම්.

—ඉස්ලාම්˜ යනු ශාන්තිය හා සාමය යන අර්ථයන් ගෙන දෙන වචනයකි. ඔබ වෙනත් සහෝදරයෙකු හමුවූ විට —අස්සලාමු අෙලෙකුම්˜ යනුවෙන් ආමන්ත්‍රණය කළ යුතුයි. මෙහි අර්ථය නම් ඔබට සාමය, ශාන්තිය උදාවේවා,මෙය සෑම අවස්ථාවකටම, සෑම මොහොතකටම, පුද්ගලයෙකුටම ගැලපෙන සුභ පැතීමකි. විශ්ව නිර්මාතෘ ඉදිරියේ පිළිගැනුනු එකම දහම ඉස්ලාම් බව ශුද්ධවූ අල්කුර්ආනය සඳහන් කරයි: —අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ˜ (ශුඅල්කුර්ආනය 3: 19).

ලෞකික ආශාවන්ගෙන් මිදී ජීවත්වීමට අවශ්‍ය නොවේ:

අල්ලාහ්ගේ තෘප්තිය හා උසස් සුවර්ගය උදෙසා කෙනෙකු මෙම ජීවිතයේ සෑම ආශාවක්ම මැඩලිය යුතුද? සෑම ආශාවකින්ම මිදී ජීවත්විය යුතුද? එය එසේ නොවේ. අල්ලාහ්ගේ තෘප්තිය හා සදාතනිකවූ සෞභාග්‍ය වන ස්වර්ගය හිමිකර ගැනීමේ අරමුණින් මෙම ජීවිතයේ සෑම ආශාවකින්ම කෙනෙකු මිදී ජීවත්වීමට අවශ්‍ය නොවේ. එය ඉස්ලාමීය ඉගැනවීමද නොවේ. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —කෙනෙකුට දරන්න බැරි දුෂ්කර ආයාසයක් අල්ලාහ් නොපටවන්නේය˜ (ශු කුර්ආනය 2: 286).

මිනිසා තුළ ස්වභාවයෙන්ම පිහිටා ඇති ආශාවන්ට තහනම් පැනවීම ප්‍රායෝගික නොවේ.

අධ්‍යාත්මිකව ඉතා උසස් ස්ථානයක් හිමිකරගැනීමට විවාහය බාධාවක් වශයෙන් දකින සමහර සිද්ධාන්ත එය වැළැක්වීමට උත්සාහ දරයි. නමුත් ඉස්ලාම් එසේ නොව විවාහය එම ගමනට රුකුලක් වශයෙන් දකි. වරක් නබි (සල්) තුමන් තරුණ පරපුර අමතා —තරුණයිනි, ඔබ අතුරින් විවාහ කරගැනීමට ශක්තිය ඇතිකෙනා විවාහ කරගන්න, නියතයෙන්ම එය ඔබේ බැල්ම (වැරදි දේ බැලීමෙන්) පහත හෙළයි, ඔබ වැරදි මගට යොමුවීමෙන් ඔබව වළක්වයි˜ ඉස්ලාම් අධ්‍යාත්මිකව කෙනෙකු ලබාගන්නා උසස් ස්ථානයට විවාහය රැකුලක් සේ දකි එය ආවඩයි.

තවත් වරක් අවසන් ශාස්තෘවරයානන්: —ඔඛෙන් කෙනෙකු තම ලිංගික ආශාවන් සිය බිරිඳත් සමග ඉටුකරගැනීමත් පින් ගෙනදෙන කි්‍රයාවකි යනුවෙන් පැවසූ විට, රැස්ව සිටි මිත්‍රවරුන් කෙනෙකු තම ලිංගික ආශාවන් ඉටුකර ගැනීමටත් යහපතක් තිබේදැයි මවිතයෙන් විමසු විට, ඔඛෙන් කෙනෙකු අනියම් මාර්ගයකින් එය ඉටුකරන විට එයට පාපයන් හිමිවෙනවා නොවේද? එසේ යැයි ඔවුන් කී විට ඉස්ලාම් අනුමත කළ මාර්ගයෙහි එය ඉටුකරන විට එයට යහපත හිමිවනු ඇත˜ යැයි ප්‍රකාශ කළහ.

ඉහත සඳහන් මෙම සියළු පුවත්වලින් තහවුරුවන වැදගත් කරුණ නම් ලෞකීක ආශාවන් යටපත්කර ජීවත්වීමට කොහෙත්ම ඉස්ලාම් අනුමත නොකරයි. එම ආශාවන් ඉස්ලාම් පෙන්වූ මග ඔස්සේ ඉටු කරගැනීම උතුම් කි්‍රයාවක් සේ ඉස්ලාම් දකි. මෙයින් පෙනීයන තවත් කාරණයක් නම් ඉස්ලාම් ප්‍රායෝගික හා ස්වභාවික දහමකි. මිනිසාගේ භාහිර පැත්ත නොසළකා හැර ඔහුගේ ආත්මාවට පමණක් මූලිකත්වදය නොදෙයි. ඒ වගේම ඔහුගේ භාහිර පැත්තට මූලිකත්වය දී අධ්‍යාත්මික පැත්ත නොසළකා හැරීමද නොකරයි. මධ්‍යම ප්‍රතිපදාවක් ඉස්ලාම් අනුගමනය කිරීම මෙහි සැළකිය යුතු කරුණකි.

මුදල් ඉපැයීම ඉස්ලාම් යහපත් කි්‍රයාවක් සේ දකි:

සලාතය (දේව නැමදුම) නිමවූ විට ඔබ මහ පොළොවෙහි විසිරගොස් අල්ලාහ්ගේ භාග්‍යන් උපයන්න˜

(ශු අල්කුර්ආනය 62: 10).

අඛණ්ඩව යාඥා කටයුතු කිරීමට පමණක් කොහෙත්ම ඉස්ලාම් නො උගන්වයි. නැතහොත් කෙනෙකු සිය බිරිඳගේ දූදරුවන්ගේ පවුලේ ඥාතීන්ගේ යුතුකම් පැහැර හැරීම ඉස්ලාම් දකින්නේ බලවත් වරදක් සේය.

කෙනෙකු සිය බිරිඳට කවන බත් පිඩද දන් දීමක් ලෙස˜ නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. කෙනෙකු මෙම සමාජ වගකීම් පැහැර හැර කටයුතු කිරීමට ඉස්ලාම් අනුමත නොකරයි. සමාජයෙන් ඈත්වී වන ගත ජීවත්වන පුද්ගලයාට වඩා සමාජයෙහි අර්බුදයන් මැද යහපත් පුරවැසියෙක් ලෙස ජීවත්වන පුද්ගලයා ඉස්ලාම් ප්‍රියකරයි.

සමානාත්මතාවය:

සමානාත්මතාවය පිළිබඳ බොහෝ ආගම්, සංකල්ප කථා කළද එයට විරුද්ධ වන අවස්ථා එමටය. එනමුත් ඉස්ලාම් සමානාත්මතාවය ප්‍රයෝගික ඔප්පු කළ දහමකි. ඉස්ලාම් ඒ වෙනුවෙන් දැමු වැඩ පිළිවෙල ඉතා ප්‍රශංසනීයයි. අරාබිකරයේ උපත ලැබ එම පරිසරයේම ජීවත් වූ අරාබි ජාතිකයෙකු වූ අවසන් ශාස්තෘවරයානන්, (මුහම්මද් නබි (සල්) තුමන්) එම ජනතාව බලා, ඔබලා මේ කරුණ සිහි තබාගන්න

—අරාබි නොවන ජාතිකයින්ට වඩා අරාබි ජාතිකයින්ට කිසිදු සුවිශේෂත්වයක් හිමිවන්නේ නැත. කළු ජාතිකයෙකුට වඩා සුදු ජාතිකයෙකුට කිසිදු සුවිශේෂත්වයක් නැත. සුවිශේෂත්වය හිමිවනුයේ අල්ලාහ් කෙරෙහි බිය බැතිව කටයුතු කරන්නාටය˜ යනුවෙන් ප්‍රකාශ කළහ.

තවත් වරක් මෙසේ ප්‍රකාශ කළහ: —මනුෂ්‍යින් සියල්ල ආදම්ගේ පුත්‍රයන්ය, ආදම් පසින් නිර්මාණය කරනු ලැබිනි˜ ඉස්ලාම් කෙරෙහි ඇදි එන ජනයා අතුරින් කුල භේදයන් වර්ණ භේදයන් හේතු කොටගෙන බැට කන බොහෝ උදවියද වේ. විද්‍යාව තාක‍ෂණය දියුණුවූ මෙවන් යුගයක පවා දියුණුවූ රටවල්හි කළු ජාතීන්ට වෙනත් සිද්ධස්ථාන, සුදු ජාතීන්ට වෙනත් සිද්ධස්ථාන, කළු ජාතීන්ට වෙනත් පාසැල්, සුදු ජාතීන්ට වෙනත් පාසැල්, මෙම නූතන යුගයෙහි පවා සුනඛයන් ලවා කළු ජාතීන්ට වද හිංසා පමුණුවූ සෝචනීය දර්ශනයන් විද්‍යුත් මාධ්‍යන් තුළින් ඇසුවෙමු, දුටුවෙමු.

දිනකට පස් වරක් ඉටුකරන සලාතය සමූහව ඉටු කිරීමට ඉස්ලාම් නියෝග කිරීම තුළින් එම සමානාත්මතාවය ස්ථාපිත කරයි. එම සලාතයන් ඉටු කරන අවස්ථාවෙහි උරෙනුර ගැටි පෙළ ගැසිය යුතුය.

අවුරුද්දකට වරක් සීයට දෙක හමාරක් තම ධනයෙන් දුගීන්ට දුප්පතුන්ට ලබාදෙන ලෙස ඉස්ලාම් ධවනතුන්ට අනිවාර්්‍ය කිරීමෙන් එම සමානාත්මතාවය ස්ථාපිත කරයි.

වසරකට වරක් පුරා මාසයක් උපවාසයෙහි නිරතවීමට අණ කිරීමෙන් පොහොසතාට කුස ගින්නෙහි අමාරුව දැනෙයි, එයින් ඔහු තුළ දිළින්දන්ට උදව් කිරීමේ මානසිකත්වයක් උදාවෙයි. හජ් හෙවත් උසස් යාඥාව තුළින් කුමන දේශයට, වර්ණයට, භාෂාවට අයත් කෙනෙකු හෝ වේවා, හැමෝම එක හා සමාන ඇඳුමකින් සැරසී එම යාඥාවන් ඉටු කිරීම මගින් ජාත්‍යන්තර සහෝදරත්වයක්, සමානාත්මතාවයක් ඉස්ලාම් ගොඩනගයි.

ඉස්ලාම් හා පවිත්‍රත්වය:

මිනිසාගේ ජීවිතයෙහි සෑම අංශයක් පිළිබඳම අවධාරණය කරන ඉස්ලාම් පවිත්‍රත්වය කෙරෙහිද වැඩි සැළකිල්ලක් දක්වයි. ශුද්ධවූ අල්කුර්ආනය පවසයි: —සැබවින්ම අල්ලාහ් පශ්චාත්තාපකරන්නන් හා පවිත්‍රවන්තයින් ප්‍රියකරයි˜

(ශු කුර්ආනය 9: 108).

තවද ඉස්ලාම් පවිත්‍රත්වය දේව විශ්වාසයෙහි අඩක් වශයෙන් පවසයි. වරක් ශාස්තෘවරයානන් පවසන විට —පවිත්‍රත්වය විශ්වාසයෙහි අඩකි˜ මෙම ප්‍රකාශයන් සියල්ල ඉස්ලාම් වචනයට පමණක් සීමා නොකර, මෙයට දැමු ප්‍රායෝගික වැඩපිළිවෙල ඉතා ප්‍රශංසනීයයි. කෙනෙකු දිනකට පස්වරක් අල්ලාහ් වෙනුවෙන් සලාතය ස්ථාපිත කළ යුතුයි, හැම සලාතයක් පාසාම ඔහු දෝවනය කරගත යුතුයි.

නබි (සල්) තුමන් වරක් මෙසේ ප්‍රකාශ කළහ, —ස්භවායෙන්ම පිහිටුනු කරුණු පහක් ඇත. චර්ම ඡේදනය, මර්ම ස්ථානයෙහි හා කිසිල්ලෙහි රෝමයන් ඉවත් කිරීම, නියපොතු කැපීම, උඩු රැවුල කොට කිරීම˜ (මූලාශ්‍රය: බුහාරි).

මුත්‍රා පහ කිරීමෙන් පසු එය පවිත්‍ර නොකර සිටීම මරණින් මතු ජීවිතයෙහි ද~ුවම් ලද වරදක් සේ ඉස්ලාම් අවධාරණය කරයි.

—(ශාස්තෘවරයානනි) ඔවුන්ට අනුමත දේ පිළිබඳ ඔඛෙන් ප්‍රශ්නකරයි, පරිශුද්ධ දේ ඔවුන්ට අනුමත බව පවසන්න˜

(ශු කුර්ආනය 5: 4).

කෙනෙකුගේ මුළු ජීවිතයම පවිත්‍රවිය යුතු බව ඉස්ලාම් උගන්වයි.

ඉස්ලාම් දහමට පිවිසීම තුළින් කෙනෙකුට ලැඛෙන වරප්‍රසාද:

කෙනෙකු සියළු මිථ්‍යා විශ්වාසවලින් මිදී, ඔහු විසින් අඹා ගත් ප්‍රතිමාවන්ට වැඳ පුදා ගැනීමෙන් බැහැර වී විශ්වයේ එකම බලය ශක්තිය අල්ලාහ් දෙසට පමණක් හැරි ඔහුගේ එකීය බාවය හා ඔහු විසින් තෝරාපත් ගනු ලැබූ අවසන් ශාස්තෘවරයා මුහම්මද් නබි (සල්) තුමන්ගේ ශාස්තෘ පදවිය පිළිගෙන ඒ අනූව ජීවත්වන බව ප්‍රතිඥාවක් ගත් විට ඔහු හෙතෙම මුස්ලිමෙකු වේ. —මුස්ලිම්˜ යන නාමය කෙනෙකුට උපතින්, ජාතියෙන්, වර්ණයෙන්, දේශයෙන්, භාෂාවෙන් හිමි නොවේ. මුස්ලිම් යනු අල්ලාහ්ට අවනත වී ජීවත්වන්නාය. ඔහුගේ අණ පණත් වලට අවනත වී ඔහු වැළකු දෙයින් මුළුමනින් ඈත්වී තම ජීවිතය හැඩ ගසා ගන්නාය.

කෙනෙකු මුස්ලිම් වීමෙන් ඔහුගේ පෙර පාපයන් සියල්ල කමා කරනු ලබයි. ඔහු එදින උපත ලද දරුවෙකු සේ පාපයන්ගෙන් පරිශුද්ධ වෙයි. මරණින් මතු ජීවිතයෙහි ඔහුට සදාතනික ජය හිමිවෙයි. ඔහු නිරයෙහි ද~ුවම් වලින ඔහුට රැකවරණය ලැඛෙයි.


සතෙකු කුර්බාන් කිරීම-ප්‍රාණ ඝාතනය සහ ඉස්ලාම්

ඉස්ලාම් සත්ත්ව ආහාර අනුභව කිරීම තහනම් නොකර ඇත්තේ මන්ද? එසේත් නොමැති නම් ඉස්ලාම් නිර්මාංශ ආහාර පමණක් අනුභව කිරීම අනුමත නොකළේ මන්ද?

මෙය අද බොහෝ අන්‍ය ආගමිකයින් විසින් මතු කරනු ලබන ප්‍රශ්නයකි. එබැවින් මේ ප්‍රශ්නයට විද්‍යානුකූල හා තර්කාන්විත පිළිතුරක් දීම කාලෝචිත යැයි සිතුණි.

මුලින්ම හා කෙළින්ම අප කියන්නට ඕනේ ඉස්ලාම් එක් අංග සම්පූර්ණ ප්‍රයෝගික ජීවන ක්‍රමයක් බව. එබැවින් අන්‍ය ආගම්වල හෝ වෙනත් වෙනත් සිද්ධාන්තවල ඇති කරුණු, අදහස්, අවවාද, උපදෙස් වැනි කිසිවක් ඉස්ලාමයට ඈඳා ගැනීමට හෝ කුලියට ගෙන ඉස්ලාමයට ඇතුළත් කිරීමට කිසිදු උවමනාවක් නොමැත. එය විශ්ව සාධාරණ විශ්වීය දහමකි, ජීවන ක්‍රමයකි.

මේ බව අල්ලාහ් අල් කුර්ආනයේ 5 වැනි පරිච්ඡේදයේ 3 වැනි පාඨයෙන් මෙසේ අවධාරණය කර සිටියි.

—අද දින ඔබ වෙනුවෙන් ඔබගේ දහම අංග සම්පූර්ණ කළෙමි. තවද මම ඔබ වෙනුවෙන් මගේ අනුග්‍රහය, ආශිර්වාද අංග සම්පූර්ණ කළෙමි. තවද ඔබ වෙනුවෙන් ඉස්ලාම් දහම ඔබගේ මාර්ගෝපදේශය ලෙස තෝරා ගත්තෙමි.˜

එසේ නම් ඉස්ලාම් ධර්මය, මේ ලෝකයේ ඕනෑම අස්සක මුල්ලක ජීවත්වන ඕනෑම මිනිසෙකුට කිසිදු සැකයකින් හා අපහසුතාවයකින් තොරව අනුගමනය කිරීමට හැකි විය යුතුයි. අරාබියේ කාන්තාර පරිසරයක ජීවත් වන ජනයන්ට මෙන්ම, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි කෘෂිකාර්මික පරිසරයක ජීවත්වන ජනයන්ටත් කිසිදු සැකයකින් තොරව හෘදය සාක‍ෂියට එකඟව ඉස්ලාම් අනුගමනය කිරීමට හැකි විය යුතුය.

මේ නිසා අල්ලාහ්, නිර්මාංශ ආහාර පමණක් අනුභව කළ යුතු යැයි සීමාවක් ඇති කොට ඉස්ලාම් ධර්මය අනුගමනය කරන මුස්ලිම්වරුන් අපහසුතාවයට පත් කළේ නැත.

මිනිසා නම් සත්වයා සර්ව භක්ෂක සත්වයෙකි. එම නිසා මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ශාක ආහාරයට මෙන්ම මාංශ ආහාරයට ද උචිත වන පරිදි නර්මාණය වී ඇත. නිර්මාංශ ආහාර පමණක් අනුභව කරන සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය නිර්මාණය වී ඇත්තේ හුදෙක් නිර්මාංශ ආහාරයට උචිත වන පරිදිය. එමෙන්ම ඔවුන්ගේ මුඛයේ පිහිටා ඇති දන්ත පද්ධතිය ද සර්ව භක්ෂක මිනිසාගේ දන්ත පද්ධතියට වඩා ඉඳුරාම වෙනස්ය. එනම් ආහාර ඇඹරීමට හා තැලීමට පමණක් උචිත වන පරිදිය.

එනමුත් මිනිසාගේ දන්ත පද්ධතිය විවිධ දත් වර්ග වලින් සමන්විත වේ. එනම් ආහාර කැබැලිවලට කැපීම සඳහා කෘන්තක දත් ද ආහාර කුඩා කැබලිවලට ඉරීම සඳහා රදනක දත් ද ආහාර තැලීමට හා ඇඹරීමට සුදුසු වන පරිදි චාර්වක හා පුරශ්චාර්වක දත් ද වැඩුණු මිනිසෙකුගේ දන්ත පද්ධතියේ දකින්නට ලැබේ. කෘන්තක හා රදනක දත් තියුණු වන අතර, චාර්වක හා පුරශ්චාර්වක දත් පැතැලි පෘෂ්ඨයන්ගෙන් යුක්ත වේ.

මිනිසා හුදෙක් නිර්මාංශ – ශාක භක්ෂක ජීවියෙකු වූයේ නම් – මිනිසාගේ දන්ත පද්ධතිය ශාක භක්ෂක සතුන් යන හරකුන්ගේ එළුවන්ගේ මෙන් දත් පද්ධතියක් විය යුතුයි. එනම් ආහාර ඇඹරීමට හා තැලීමට පමණක් සුදුසු දත් පද්ධතියක් මිනිසා සතු විය යුතුයි. නමුත් ඊට වෙනස් වූ දත් ද ඔහුට ඇත.

මේ අනූව බලන කල මිනිසා සත්ව මාංශ අනුභව කිරීම විද්‍යානුකූලයි. එය මිනිස් ස්වභාවයට පටහැනි නොවේ. එනමුත් ඉස්ලාම් සෑම සතෙකුම ආහාරයට ගැනීමට අනුමැතිය ලබා දී නැත. සූකර මාංශ ඉස්ලාම් තහනම් කොට ඇත. එමෙන්ම දඩයම් කර අනුභව කරන සතුන්ගේ මාංශ (කොටි, වලසුන්, සිංහයන්, වැනි සතුන්ගේ මාංශ) අනුභව කිරීම ඉස්ලාම් තහනම් කොට ඇත. මේ නිසා සත්වාහාර ගැනීමෙන් තිරිසන් රෞද්‍ර ගති ගුණ මිනිසා තුළ ඇති වේ යැයි ඇතැමුන් නගන තර්ක ද බිඳ වැටේ.

මේ විශ්වය මැවූ අල්ලාහ් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා විශ්වයේ ඇති අනෙකුත් සෑම දෙයක්ම මවා ඇත. ඒවායින් සමහරක් දේවල් අනුභව කිරීමටත්, සමහරක් දේවල් භුක්ති විඳීමටත්, අල්ලාහ් මිනිසාට අනුමැතිය ලබා දී ඇත. මේ බව අල්කුර්ආනයේ බොහෝ තැන්වල අවධාරණය කෙරේ.

සිව්පාවූන් මැව්වේත්, (අල්ලාහ්) ඔහුය. එහි ඔබට උණුසුම් (ඇඳුම්) ද අනේක විධ ප්‍රතිලාභ ද ඇත. තවද එහි ඔබට බුදින්නට ආහාර ද ඇත.˜ (ශ අල්කුර්ආනය 16- 5

තවද ඔහු ඔබට ගමන් කිරීම පිණිස මනස්කාන්ත ලෙස අශ්වයන්, කොටළුවන්, බූරුවන් මැව්වේය. තවද ඔහු ඔබ නොදන්නා බොහෝ දේ මවා ඇත.˜ (ශඅල්කුර්ආනය 16- 8

තවද ඔහුය, (ඔබට) සාගරය භුක්ති විඳින්නට සැළැසුවේ. එයින් ඔබ නැවුම් මෘදු මාංශ (මත්සයන්) අනුභව කරන්නේය. තවද වටිනා පළඳනාවන් එයින් ඔබ මතු කර ගන්නේය….˜ (ශ අල්කුර්ආනය 16 14

මෙලෙස සත්වාහාර අනුභව කිරීමට ඉස්ලාම් අනුමත කළා පමණක් නොව, අනුභව කිරීම සඳහා සුදුසු සත්වයන් කුමක්ද? ඒවායින් කිනම් කොටස් ද අනුභව කළ යුත්තේ? ඒවා අනුභව කිරීම සඳහා සකස් කරගන්නේ කෙසේද? යනාදි සියල්ල ඉතා සුපැහැදිළිව ඉස්ලාම් උගන්වයි.

—(ඉබේම ස්වාභාවික ලෙස) මිය ගිය (සතුන්) ලේ කැටිති, සූකර මාංශ, අල්ලාහ්ගේ නාමයෙන් තොරව කුර්බාන් (ඝාතනය) කරන ලද ගෙල මිරිකා මැරුණු, පහර කා මැරුණු, බිම වැටී මැරුණු, අංවලින් ඇන මැරුණු, වන සතුන් සපා කෑමෙන් මැරුණු සතුන්ගේ මාංශ අනුභව කිරීමට තහනම්ය. නමුත් නිසි ලෙස කුර්බාන් කරන ලද ඒවා හැර.˜ (ශ අල්කුර්ආනය 5: 3).

නියපොතු ආධාරයෙන් දඩයම් කර ජීවත් වන පක‍ෂීන් අනුභව කිරීම ඉස්ලාම් තහනම් කොට ඇත. උදා: රාජාලියා, උකුස්සා, ගිරවා, බකමූණා ආදී පක්ක‍ෂීන්.

දඩයම් දත් ඇති සතුන් අනුභව කිරීම ද ඉස්ලාම් තහනම් කොට ඇත. උදා: බළලා, බල්ලා, කොටියා, සිංහයා, වඳුරා ආදී සතුන්.

ගවයා සහා ඔටුවා හැර ප්‍රවාහනය සඳහා භාවිතා කරන සතුන් අනුභව කිරීමට ද ඉස්ලාම් අනුමැතිය දී නැත. උදා: බූරුවා, කොටළුවා, අලි ඇතුන් ආදිය.

හූනන්, කැරපොත්තන්, කුහුඹුවන් වැනි මේ සතුන් ද අනුභව කිරීම ඉස්ලාම් තහනම් කොට ඇත.

නයි, සර්පයන්, කබරගොයන්, කිඹුලන්, වැනි උරගයන් ද අනුභව කිරීම ඉස්ලාම් තහනම් කොට ඇත. එමෙන්ම දිය ගොඩ දෙකෙහිම ජීවත් වන උභය ජීවීන් අනුභව කිරීමට ද ඉස්ලාම් හි අනුමැතියක් නැත.

මේ අයුරින් අනුභව කිරීමට සුදුසු නොසුදුසු ආහාර කුමක් දැයි පෙන්වා දුන් ඉස්ලාම් ඉන් නොනැවති, ඒවා කුර්බාන් කරන්නේ නැතිනම් ඝාතනය කළ යුත්තේ කෙසේ දැයි පෙන්වා දෙයි. මත්සයන් කුර්බාන් කිරීමට අවශ්‍ය නොවන අතර අනෙකුත් හළාල් (අනුමත) වූ සතුන් කුර්බාන් කිරීමේ දී අනිවාර්යයෙන්ම අල්ලාහ්ගේ නාමයෙන් එය සිදු කළ යුතු වේ. මේ බව අල්කුර්ආනයේ බොහෝ තැන්වල සඳහන් වී ඇත. උදාහරණයක් වශයෙන් ඉහතින් සඳහන් කර ඇති 5: 3 පාඨය දැක්විය හැකිය.

සතෙකු කුර්බාන් කිරීම සඳහා ඉතාමත් තියුණු ආයුධයක් (පිහියක්) භාවිතා කළ යුතු වේ. උගේ ගෙල හරහා දිවෙන ප්‍රධාන නහර සිඳීමෙන් කුර්බාන් සිදු කළ යුතු වේ. මෙසේ කුර්බාන් කිරීම නිසා උගේ සිරුරේ සංසරණය වෙමින් ඇති රුධිර සියල්ල පිටතට වහනය වේ. මේ නිසා උගේ සිරුරේ ඇති බොහෝමයක් විෂ බීජ උගේ සිරුරෙන් තුරන් වී යයි.

තවද මේ අයුරින් ඝාතනය කිරීම, කුළු ගෙඩියක් වැනි අවියකින් ප්‍රහාර එල්ල කොට ඝාතනය කිරීමට වඩා ඉතාමත් අඩු වේදනාවක් සතාට දැනෙන බව නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇත. මෙලෙස කුර්බාන් කොට අනුභව කිරීමට ඉස්ලාම් කළත් සතා පන පිටින් සිටිත් දී උගේ සිරුරෙන් කොටස් කපා ඉවත් කොට ආහාර සඳහා ගැනීමට ඉස්ලාම් අනුමත දී නැත.

ඉස්ලාම් මෙසේ සත්ත්ව ආහාර අනුභව කිරීම නීත්‍යානුකූලව කර ඇති නමුත් ඇතැම් ඇදහිලි හා විශ්වාසයන්ට අනූව සත්වාහාර ගැනීම මහා පාපයක් ලෙස සැලකේ. එවැනි ආගමික ඉගැන්වීම් වලට අනූව ප්‍රාණ ඝාතනය වූ කලී ප්‍රධාන පාපයන්ගෙන් එකකි. ඔවුන්ගේ මතයට අනූව මිනිසාට මෙන්ම සතුන්ටද ජීවත් වීමේ අයිතිය තිබිය යුතු බවය. එබැවින් ප්‍රාණ ඝාතනය කිරීම උසස් මනසක් ඇති මනුෂ්‍යත්වයට නොඔබින කි්‍රයාවක් බව ඔවුහු තර්ක කරති.

එසේ නම් පලිබෝධ නාශක භාවිතා කිරීම මහා පවකි. මන්ද පලිබෝධ නාශක නිසා බොහෝ ප්‍රාණ නැසී යන බැවිනි. (පනු) ඛෙහෙත් බීම පාපයකි. මන්ද (පනු) ඛෙහෙත් බීම නිසා පණුවන් ජීවීන් නැසී යන බැවිනි. හිසේ උකුණන් මරා දැමීම පවකි. ඒ ප්‍රාණ ඝාතනයක් සිදුවන බැවිනි. ධීවර කර්මාන්තයේ නැයැලීම පවකි. මන්ද ප්‍රාණ ඝාතනයට සෘජුවම හවුල් වන බැවිනි. යුද්ධ කිරීම පවකි. මන්ද යුද්ධය නිසා විශාල මිනිස් ඝාතනයක් සිදුවේ. මෙසේ එකින් එක කීවොත් ඔවුහු අපට අන්තවාදී යයි හංවඩු ගැසිය හැක. නැතිනම් මූලධර්මවාදීන් යයි කියන්න හැකිය. නැතිනම් චේතනාව අනූව ඒවා පවක් නොවන බව තර්කයන් ගෙන හැර දැක්විය හැකිය.

තවත් සමහරු පවසන්නේ ගව ඝාතනය සිදු නොකළ යුතු බවයි. ඔවුන්ගේ මනසට අනූව මත්සයන් (මාළුන්), කුකුළන්, එළුවන් වැනි සතුන් ඝාතනය කිරීම හෝ ඒවා අනුභව කිරීම හෝ මහා පවක් ලෙස නොපෙනේ. ඉවුන් ඉදිරිපත් කරන තර්කය නම්, ගවයා ගොවිතැනට උදව් වන සත්වයෙකි, උගේ මල අපි පොහොර ලෙස භාවිතා කරමු. ඒ නිසා ගව ඝාතන ඔවුහු හෙළා දකින අතර ඇතැමුන් ගව මස් වර්ජනය කරති.

සැබවින්ම අපි සාවධානව කල්පනා කර බැලූවොත්, ගවයා අපට – මිනිසාට යැයි කියා කිසිවක් නොදෙන නමුත් මිනිසා විසින් ඒවා ගවයා ගෙන් විවිධ ක්‍රමෝපායන් හරහා ලබා ගන්නා බව පෙනේ. උදාහරණ වශයෙන් කිරි ගත්තොත්, මිනිසා ගවයාගෙන් කිරි ලබාගැනීම සඳහා ගවයන් අභිජනනය කරයි. කිරි නිෂ්පාදනය සඳහා විශේෂිත ආහාර ගවයාට ලබාදෙයි. එමෙන්ම කිසිම ගවයෙක් මිනිසා ගැන සිතා, මිනිසා උදෙසා මල පහ කරන්නේ නැත. නමුත් මිනිසා ඒවා රැස් කොට ගොම පොහොර වශයෙන් භාවිතා කරති.

සාමාන්‍යයෙන් කෘෂිකාර්මික කටයුතු වලදී බහුලව භාවිතා කරන්නේ මී හරකුන්ය. නූතනයේ දී ඒ සඳහා ට්‍රැක්ටර් වැනි යන්ත්‍ර භාවිතයට ගැනේ. මේ අනූව කල්පනා කර බලන කල ගව ඝාතනයට එරෙහිව ඉදිරිපත් කරන ඊනියා තර්ක විතර්ක පවා නිරර්ථක නිස්සාර එකක් බව මනසින් උසස් මනුෂ්‍යයාට තේරුම් යනු ඇත. අනෙක් අතට ගව ඝාතනය කිරීම නිසා ගවයා වඳ වීමේ තර්ජනයට ලක් වී නැත. ලක් වන්නේ ද නැත.

නූතන විද්‍යාවට අනූව මිනිසා, සතා සිවුපාවුන්ට පමණක් නොව ගස් කොළන් වලට ද ප්‍රාණය ඇති බව ඔප්පු කර ඇත. නමුත් මේ බව දැනට වසර 1426 පෙර ඉස්ලාම් පවසා ඇත. මිනිසා ඇතුළු සතා සිවුපාවුන්ට ද ජීවත් වීම සඳහා ආහාර, ජලය, වාතය, ආලෝකය, විටමින්, ඛනිජ ලවන යනාදිය අවශ්‍ය වේ.

එමෙන්ම ශාකවලට ද ජීවත් වීම සඳහා ඒ සෑම එකක්ම අවශ්‍ය වේ. මිනිසා ඇතුළු සතා සිවුපාවුන් මෙන් ගස් කොළන් ද තම වර්ගයා බෝ කරයි. එමෙන්ම මිනිසා ඇතුළු සතා සිවුපාවුන්ට මෙන් ගස් කොළන්වලට ද හැඟීම් ඇති බවත්, දැනෙන බවත්, නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇත. ගස් කොළන්වලට ද ශ්‍රවණය කළ හැක. වේදනාවන් දැනේ. නමුත් වෙනසකට ඇත්තේ ගස් කොළන්වලට අනෙකුත් සතුන් මෙන් සැරිසරන්නට නොහැකි වීම පමණි.

මේ අනූව ශාක යනු පණ ඇති ජීවියකි. ඒවාට ආයුෂ කාලයක් ඇත. ටික කලක් මේ ලෝකේ ජීවත් වී මිය යයි. මේ අනූව කල්පනා කර බැලූවොත් ගස් කොළන් කැපීම ද ප්‍රාණ ඝාතනයක් වනු ඇත. නමුත් සතුන්ට මෙන් ගස් කොළන් වලට ප්‍රබල ඉන්ද්‍රියයන් නොමැති නිසා ඒවා අනුභව කිරීමෙහි වරදක් නැහැ යි කෙනෙකු තර්ක කළ හැකිය. එහෙම නම් ඇවිදින්නට බැරි, අංග විකල, අඳ බිහිරි, ගවයන් ඝාතනය කොට අනුභව කිරීම එවැන්නන්ගේ තර්කයට අනූව පවක් නොවන්නේය.

ඇතැම් ආගමික ලබ්ධිකයන් ශාකවලට ප්‍රාණ ඇතැයි විශ්වාස නොකරති. මෙම මත වාදය හරියට —කන්න ඕනෑ වුනහම කබරයාත් තලගොයා කරගන්නා වගේ˜ කතාව හා සමානය. එසේ නමුත් එම ආගමේ පූජකවරු ස්වකීය දහම, නවීන විද්‍යාවට අනුකූල බවත්, විද්‍යානුකූල බවත් ලෝකයාට ඒත්තු ගැන්වීමට ජන මාධ්‍ය හරහා විශාල පරිශ්‍රමයක යෙදී සිටිති.

මිනිසා ඇතුළු සෑම සත්වයෙකුම තම පැවැත්ම සඳහා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, දැනුවත්ව හෝ නොදැනුවත්ව ප්‍රාණ ඝාතනයේ නියැලි සිටින බව උසස් මනසක් ඇති මිනිසාට වැටහිය යුතුය. මෙය නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇති සත්‍යයකි. නමුත් ඉස්ලාම් පමණයි මේ ප්‍රාණ ඝාතනය කළ යුත්තේ කෙසේද? කුමක් සඳහාද? කිනම් සතුන් ඝාතනය කළ යුත්තේද? යනාදි වශයෙන් කිසියම් මග පෙන්වීමක් සීමාවක් ලබා දී ඇත්තේ. මේ නිසා කිසිදු වග විභාගයකින් තොර, දකින දකින සතුන් විනෝදාංශයක් ලෙස දඩයම් කොට ඝාතනය කිරීම ඉස්ලාම් ඉඳුරා තහනම් කොට ඇත. සතුන් පමණක් නොව ගස් කොළන් පවා අනවශ්‍ය ලෙස කපා කොටා විනාශ කිරීමට ඉස්ලාම් අනුබල නොදෙයි.

මේ අනූව උසස් මනසක් ඇති මනුෂ්‍යයෙකුට පසක් වෙනවා ඇති නූතන ලෝකයේ ඕනෑම රටක ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට කිසිදු පැකිලීමකින් තොරව විශ්වාසයෙන් යුතුව ප්‍රායෝගිකව අනුගමනය කළ හැකි මාර්ගෝපදේශය ඉස්ලාම් බව. දැන් ඉතින් වත දුරටත් නිස්සාර තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ගතානුගතිකව මුඛ පරම්පරාවෙන් පැවත එන ආරම්භයක්, මුලාශ්‍රයක් නැති පිළිවෙතක් දහමක් අනුගමනය කරනවාද? නැතිනම් ස්වභාවයට එකඟ වූත්, පිළිපැදීමට පහසු වූත් දහමක් අනුගමනය කරනවාද?

උසස් මනසක් ඇති කවුරුත් මේ ගැන හුදකලාව සිතා බැලීමට වටී.




අබූ අරෆාත්

ලොකයේ ලොකුම ගව ඝාතනය සිදුවන්නෙත් බෞද්ධ රටක් වන නේපාලයයි.

ගවයන් 250,000 එකවර ඝාතනය කර තිබිනි (ලෝක වාර්ථාවකි )

වැඩි විස්තර මෙතනින් බලන්න..

මස් මාංශ ආහාර-අඳුරු මිසදිටු බිඳ හෙලන්නට- පුජ්ය ගලිගමුවේ ඤාණදීප හිමි


සියලුම ඉස්ලාම් භක්තිකයින් ඌරු මස් කෑමෙන් වැලකිය යුතුයි


ඉස්ලාම් දහම සහ කාන්තාව- දේපල (වස්තුව) පිළිබඳ අයිතිය

මෙම ලෝකයේ මැවීම්වලින් ශ්‍රේෂ්ඨ මැවීමක්වූ මානව වර්ගයාට අතිවිශාලවූ පහසුකම්, සම්පත් හා අයිතිවාසිකම් සියල්ල කිසිදු බේදයකින් තොරව අල්ලාහ් විසින් ලබාදී ඇත. එහෙත් අල්ලාහ් විසින් ලබාදුන් සියලූම අයිතිවාසකම් තමන්ට පමණක් හිමි බව ඇතැම් පිරිමින් සිතන්නෝය. මේ හේතුවෙන් කාන්තාවන් සතු අයිතිවාසිකම් ඇතැම් අය උදුරා ගත්හ. මෙයින් ප්‍රධාන තැනක් ගන්නේ දේපල (වස්තුව) පිළිබඳ අයිතියයි.

දෙමව්පියන්, සහෝදරයින් හා වැදූ දරුවන් විසින් අතහැර ගිය වස්තුවෙන් කිසිම කොටසක් කාන්තාවන්ට ලාබා නොදුන්නේය. ඉස්ලාමයට පෙර නූගත් මිනිසුන් (අධමයින්) වස්තු(දේපල) ඛෙදූ ආකාරය ගැන විස්තර කරන ඉබ්නු අබ්බාස්(රළියල්ලාහු අන්හු) තුමා (ජාහිලියා) එම කාලයේ පිරිමි දරුවන්ට පමණක් හිමිවිය. මිය යන විට ඔහු (අන්තිම කැමැත්ත) ප්‍රකාශ කළොත් පමණක් දෙමව්පියන්ට උරුමකරුවන් විය හැකි තත්ත්වයක් පැවතිණ.

එමනිසා අල්ලාහ් විසින් මිනිසාගේ යහපත තකා මේ ක්‍රමය වෙනස් කළ අතර එය සූරතුල් නිසා (පරිච්ඡේදයේ) 11 වෙනි වාක්‍යයේ මෙසේ සඳහන්වෙයි.

අල්ලාහ් තම ශ.ද්ධ කුර්ආනයේ දේපල අයිතිය පිළිබඳව විස්තර කිරීමේදී

—ඔබේ දරුවන්ගෙන් ගැහැණුන්ට හිිමිවන කොටසමෙන් දෙගුණයක් පිරිමි දරුවන්ට (දේපල) හිමිවන බව අල්ලාහ් අණ කරන්නේය. එමනිසා ඔවුන්ට පිරිමි ළමයි නොමැතිව ගැහැණු ළමයි දෙදෙනකුට වැඩි සංඛ්‍යාවක් සිටී නම් (මියගිය අයගේ) වස්තුවෙන් 2/3 ක් ඔවුන්ට හිමිවෙයි. එක ගැහැණු ළමයෙක් නම් ඇයට 1/2 කි හිමිවන්නේය. ඇයට දරුවන් ඇත්නම් (ඒ දරුවාගේ) දෙමව්පියන්ට මියගිය අයගේ වස්තුවෙන් 1/6 ක් බැගින් හිමිවන්නේය.මියගිය අයට දරුවන් නොමැති නම් ඔහුගේ මවට 1/3 ක් (හා පියාට 2/3 ක්) හිමිවන්නේය.

මිය ගිය අයට සහෝදරයින් සිටී නම් ඔවුන් සඳහා ඔහු (මියගිය අය) අන්තිම කැමැත්ත පරිදි අයිතිවිය යුතු කොටස හා පියවිය යුතු(මළ අයගේ) ණය ගෙවීමෙන් පසු ඉතිරියෙන් මවට 1/6 හිමිවෙයි. ඔබලාගේ දෙමව්පියන් හා සහෝදරයින් අතුරෙන් ඔබලාට වඩාත් සමීපව ප්‍රයෝජනවන්නේ කවුරුන්ද යන්න ඔබලා නොදන්නහුය. එමනිසා අල්ලාහ්ගේ මෙම නියෝගය (අණ) පිළිපදින්න. සියල්ල හොඳින් දන්න අල්ලාහ් පැහැදිලි ඥානවන්තයෙකි. (අල්-කුර්ආන් 4:11) 4 වන පරිච්ඡේදයේ 12 වැනි වැකියත් බලන්න.

මේ දේව වාක්‍යන් දෙකම පහළ වීමට හේතුව ගැන බලමු.

සඃද් බින් රාබී(රළියල්ලාහු අන්හු) තුමාගේ බිරිද තම ගැහැණු ලමයින් දෙදෙනා කැටුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ළගට පැමිණ අල්ලාහ්ගේ දූතයාණනි, මේ දෙදෙනාම සඃද්ගේ දරුවන්ය. ඔහු ඔබතුමාගේ උහද් සටනේදී මිය ගියේය. මොවුන්ගේ බාප්පා කැඳවා නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මෙසේ කීවේය. සඃද්ගේ ළමයින්ට (ඔවුන්ගේ පියාගේ වස්තුවෙන්) 2/3 ක්දී ඔවුන්ගේ මවටද 1/8 ක් දෙන්න. පසුව ඉතිරි කොටස ඔබ තබාගන්නයි පැවසූවේය. (වාර්තාකරු: ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා. මූලාශ්‍රයඃ : අහමද්)

ඉස්ලාමය පහළවීමෙන් පසු ගැහැණුන්ට හිමිවිය යුතු වස්තුවේ කොටස නිසි ආකාරව ඔවුනතට පත්විය. එපමණක් නොව තමන්ට අයිති ප්‍රමාණය නොලැබුන අවස්ථාවක නීත්‍යානුකූලව තමන්ට ලැබිය යුතු ප්‍රමාණය ඉල්ලා ලබාගැනීමේ අයිතියද ඇතිබව ඉහත සදහන් රුවන් වැකිය මගින් තේරුම් ගත හැක.

දෙමව්පියන් හෝ ඥාතීන් විසින් අත්හැර ගිය වස්තුව ගැහැණු පිරිමි දෙපාර්ෂවයටම අයිති බව පමණක් නොකියා, ඔවුන් අතරේ කිසිදු ආරවුලක් නොමැතිව ඒවා ඛෙදාගත යුතු ආකාරයද අල්ලාහ් විසින් පැහැදිළිව විස්තර කර ඇත. මෙසේ විස්තර කර දුන් අල්ලාහ් විසින් එම නියෝගයන් (අණපනත්) හරියාකාරව ක්‍රියාත්මක කරන අය පිළිබඳ 13 වන වාක්‍යයේ මෙසේ ප්‍රකාශ කරයි.

—මේවා අල්ලාහ් විසින් පැනවූ සීමාවන්ය. යමෙක් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනතව කටයුතු කරයිද ඔවූහු ස්වර්ගයට ඇතුළත් කරනු ලබති. එහි පහතින් ජලධාරාවන් සදා ගලාබසින්නේය. ඔවූහු එහි සදාකල් ජීවත් වන්නෝය. මෙය අතිවිශාල ජයග්‍රහණයක් වන්නේය.˜ (අල්-කුර්ආන් 4ඃ13).

මෙසේ ඉතා පැහැදිලිවත් සරලවත් අවබෝධ කර දී තිබියදීත් ඒ අණ පනත් නොසලකා හිතුමතේට අසාධාරණ අන්දමින් වස්තුව ඛෙදන්නේ නම් එවැනි අයට අත්වෙන ඉරණම ගැනද ඊලඟ වැකියෙන් මෙසේ ප්‍රකාශ කරයි.

—යමෙක් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට වෙනස්කම් කරයිද ඔහු විසින් පණවන ලද සීමාවන් (අණපනත්) ඉක්මවයිද (කඩකරයිද) ඔවූහු අපායට යවනු ලබන්නෝය. එහි සදාකල් දුක්විදින්නට සිදුවන්නේය. එහිදී ඔවුන්ට පිළිකුල් සහිත දුක්වේදනාවන්ට මුහුණ දීමට සිදුවේ.˜ (අල්-කුර්ආන් 4ඃ14).

මෙසේ අසාධාරණ ලෙස අනුන්ගේ දෙයක් වංචාවෙන් ගත් අයෙකුට පරලොවදී අත්වෙන ඉරණම ගැන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළ බව ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමිය දන්වන්නීය.

—යමෙක් රියනක් තරම් ඉඩමක් වංචාවෙන් ගත්තොත් පරලොවදී (අල්ලාහ් විසින්) එම කොටස මෙන් තට්ටු හතක් වළල්ලක් සේ තනා ඔහුගේ ඛෙල්ලේ එල්ලනු ලැබේ.˜ (බුහාරි මුස්ලිම්).

බුහාරි ග්‍රන්ථයේ තිඛෙන තවත හදීසයක් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටී.

—යමෙක් වංචාවෙන් රියනක් තරම් ඉඩමක් ලබා ගත්තේ නම් පරලොවදී ඔහු බිම් තට්ටු හතකම යටකරනු ඇතැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.˜

මේ අයුරින් කාන්තාවන්ට පණුවන්, කැරපොත්තන් වගේ පාගා දැමූ යුගයක කාන්තාවන්ට දේපල වස්තු පිළිබඳ අයිතිවාසිකම් ලබාදී සමාජයේ උසස් තැනක් ලබා දුන්නේ ඉස්ලාමයයි.

අනෙකුත් සැබැදි….

කාන්තාව සහ දේශපාලනය

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්- සාක්ෂි දීම

කාන්තා අයිතිවාසිකම්-උපදෙස් (අනුශාසනා)

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-කථා කිරීමේ අයිතිය

ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමිව තිඛෙන අයිතීන් හා වරප්‍රසාධයන්

ඉස්ලාම් කාන්තාවට ලබා දී ඇති අයිතීන් -කෙතරම් දුරට කාන්තා අයිතීන් ආරක‍ෂා කර ඇත්තේද?

දික්කසාදය හා ඉස්ලාම් නීතිය

කාන්තා නිදහස වෙනුවෙන් හඩ නැගු ඇය ඉස්ලාම් දහම ප්‍රචාරය කරන උතුම් කාන්තාවක් වූයේ කෙසේද?

හිජාබ් -ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද?

කාන්තා අයිතිවාසිකම්- දේශපාලනය

ඉස්ලාම් දහම කාන්තාවන්ගේ නිදහස සීමාකර තිබේ. ඔවුන්ට නිදහසේ සැරිසරන්න ඉඩක් නැත. ඉස්ලාම් යනු අයුක්ති සහගත ආගමක් යැයි ප්‍රකාශ කරන සමහර කාන්තා නිදහස් සටන්කාමීන්, ගැහැණු පිරිමි දෙපාර්ශවයටම දේශපාලන වශයෙන්ද සම තැන ලබා දිය යුතු යැයි හඩ නඟති. දේශපාලනයේ ප්‍රවර්ධනය ගැන සිතන මොවුන් කාන්තාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි අසුභවාදී පැත්ත ගැන කල්පනා කර නැත.

Women featured in Britain's first Muslim Women Power List

ඉස්ලාම් දහම කාන්තාවන්ගේ ශක්තියට හා හැකියාවන්ට අනුකූලව අවශ්‍ය සෑම නිදහසක් මෙන්ම අයිතීන්ද ලබාදී ඇත. ඔවුන්ට ඉසිලිය හැකි ප්‍රමාණයට වැඩි බරක් ඔවුන් මත පටවා නැත.

දේශපාලනය ගැහැණුන්ගේ ස්වභාවයට (ශක්තියට) ඔරොත්තු නොදෙන දෙයකි. රටක් පාලනය කිරීම නිවසක් පාලනය කිරීමක් මෙන් නොවේ. රටක නායකත්වයක් දැරීමේදී පාලකයා රටේ මුළු මහත් ප්‍රජාවගේම ඕනෑ එපා කම්, දුක සැප හා ජීවිතයේ නිතර ඇතිවන ගැටළු ආදිය දැන ගැනීමටත් ඒවාට අවශ්‍ය විසදුම් ලබාදීමටත් හැකිවිය යුතු අතර නීතිරීති මගින් ප්‍රජාව යහ මගට යොමු කිරීමේ වගකීමද ඔහු සතුය.

නීතිය ශක්තිමත් විය යුතුය. නීතිය ශක්තිමත් වීමට නම් එය ක්‍රියාත්මක කරන්නා තුල කායික හා මානසික ශක්තියක් තිබිය යුතුය. ඒ ශක්තිය ඇති තැනැත්තා කිසිවෙකුට පක්ෂපාතී නොවිය යුතුය. එහෙත් කාන්තාවන් තුල මේ ශක්තිය තිබේද?

අද කාන්තාවන්ට අවශ්‍ය ආරක්ෂාව ලැඛෙන්නේ නැත. අතවරවලට ලක්වෙති. අපහාසයට උපහාසයට භාජනය වෙති. පැහැරගෙන යාමට ලක් වෙති. එපමණක් නොව ඔවුන් වෙළඳ භාණ්ඩයක් බවට පත්වී සිටිති. මේ සියල්ල අද දිනපතා සෑම තැනකම සිදුවෙමින් පවතින සාමාන්‍ය සිද්ධීන් බවට පත්වී ඇත. මේ ආකාරයට තම පතිවතට හා ජීවිතයට වගකිව නොහැකිව අසරණවී සිටින කාන්තාවන්ට රටක් සුරකින්න පුළුවන්ද?

රට වැසියන් තම ආරක්ෂාව පතා ආරක්ෂක අංශ වෙත යන්නේය. එහෙත් එම ආරක්ෂක අංශවල සේවය කරන කාන්තාවන් තම උසස් නිලධාරීන්ගෙන් ආරක්ෂාවීම සදහා යා යුත්තේ කා ළඟටද? මෙසේ තම ආරක්ෂාව (ආත්මාරක්ෂාව) සලසා ගත නොහැකි කාන්තාව රට ආරක්ෂා කරනුයේ කෙසේද? කුමන ආකාරයෙන් බැලූවත් කාන්තාවක් පිරිමියකුගේ උදව්වක් ඇතුව ජීවත් විය යුතුවන්නේය. මෙය කාන්තාවගේ ස්වභාවයේම පවතින දුබලතාවයකි. ගැහැණුන්ට වඩා පිරිමින් ශක්තිමත්ය. තනිවම යමක් කිරීමේ කායික හා මානසික ශක්තියක් මෙන්්ම ඉදිරිපත් වීමේ හැකියාවක්ද ඇත.

මෙයට අමතරව කාන්තාවන්ගේ ශාරීරික ස්වභාවය ගැනද සලකා බැලිය යුතුය. ගැහැණියක් ගැබ්ගත් විට ප්‍රමාණය ඉක්මවූ ශාරීරික හා මානසික වෙහෙස කුසේ දරුවාට මෙන්ම මවගේ සෞඛ්‍යට හා ජීවිතයට පවා අනතුරු දායකය. පාලකයින් ලෙස කැපවීමට සූදානම් අය මුළු කාලයම ඒ සදහා යෙදවිය යුතු වන්නේය.

සතියක් තුල පැය 40 ක් (දිනකට පැය 6 බැගින්) මනස යොදවන වැඩවල යෙදීම නිසා අඩුකාලීන දරු උපත් සියයට 40 දක්වා වැඩිවිය හැකි බවත් ගැබ්ගත් කාන්තාවන් තම සේවා කාලය අඩුකර ගැනීම හෝ වැඩට යාම සම්පූර්ණයෙන්ම (ගර්භනී කාලය තුල) නතර කළ යුතු බව ඉතාලියේ පෙරුගියා ව්ශ්ව විද්‍යාලයේ කරන ලද පරීක්ෂණ වාර්තාවකින් හෙළිවෙයි.

තමා වැදූ බිළිඳා ළදරු වයස පුරා අවුරුදු දෙකක් කිරි දී දැනුමෙන් ශක්තියෙන් හා කුසලතා අතින් පෝෂනය කර දක්ෂ හා සදාචාර සම්පන්න පුරවැසියකු වශයෙන් රටට දායාදකර දීම මවකගේ පරම යුතුකම වන්නේය. අද ළදරුවන්ට කිරිදීම සදහා මව්වරුන්ට අවශ්‍ය තරම් නිවාඩු නොලැබේ. සේවා ස්ථානයෙන් ප්‍රසූත නිවාඩු ලැඛෙන්නේ ඉතා අඩුවෙන්ය. බොහෝ විට මාස 4 ක් හෝ 6ක් ප්‍රසූත නිවාඩු වශයෙන් ලබා දෙනු ඇත. ඉන් පසු දරුවාට කිරිබීම නවතා දමා සේවයට යන්නීය. මෙය සේවා ස්ථානයක වැඩ කරන කාන්තාවකගේ තත්ත්වයයි.

දේශපාලනය කරන කාන්තාවන්ට නිවාඩු දෙන්නේ කවුද? තත්ත්වය තව දුරටත් මෙසේ පැවතුනොත් දරුවාගේ දැනුම, කුසලතා හා විනය යන ඒවා ප්‍රශ්නාර්ථයක් වන්නේය. ජාතියේ යහපතට කැමති කාන්තාවන් මේ කරුණු ගැන අවධානය යොමු කළ යුතුය. දෙවියන් අණ කළ මේ කාර්යයන්හි හොදින් නියැලී ජාතියේ දියුණුව සදහා වෙහෙසිය යුතුය.

සමතැන ලබා ගැනීම සදහා සටන් කරන කාන්තා සංවිධාන වෙත ඉහත සදහන් කරුණු ඉදිරිපත් කළ විට ඔවුන් ඊට වෙනස්වූ අදහසක් ඉදිරිපත් කරති. ගැහැණියගේ නිදහස ඇගේ ස්වාමිපුරුෂයා විසින් පැහැර ගත නොහැක. ගැහිණියක් මවක් වීමත් එයින් වැළකී සිටීමත් පිළිබඳ තීරණයක් ගැනීමේ නිදහස ඇය සතු විය යුතු යැයි ප්‍රකාශ කරති. මවකගේ මහිමය ලෝකයාට අවබෝධ කර දෙන ඔවුන්ම එය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඉල්ලා හඩ නැගීම වේදනා ගෙන දෙන කරුණකි.

මානව වර්ගයා සදහා තමන් විසින් ඉටු කරන උතුම් සේවාවන් ගැන සිතා නොබැලීම නිසා මෙවැනි අදහස් කාන්තාවන් විසින් ප්‍රකාශ කෙරෙයි. අද ඔවුන් ප්‍රකාශ කරන ආකාරයේ කාන්තාවන් එදාත් සිටියා නම්, අද මේ ලෝකය ලබා ඇති සමෘද්ධිය, සංවර්ධනය අපට දකින්න ලැබේද?

මෙතෙක් ලොව පාලනය කළ – අදත් පාලනය කරමින් සිටින කාන්තා රාජ්‍ය නායිකාවන් පිළිබඳව මොහොතක් සිතා බැලිය යුතුය. එම නායිකාවන්ගෙන් කිසිවෙක් රටේ ඇතිවන කිසිම ආරවුලක් සදහා ස්වෙච්ඡාවෙන් තීරණයක් (විසඳුමක්) ගෙන නැත. කිසිම තැනකට ඔවුන්ට හදිසියේ පැමිණිමට නොහැක. නමින් පමණක් ඔවුන් අතේ පාලනය තිබුනත් පරිපාලනය පවත්වාගෙන යනු ලබන්නේ පිරිමි පක්ෂයේ අදහස් හා යෝජනා මතය.

කාන්තාව වනාහි මිලකළ නොහැකි සම්පතක්වූ ගොවි බිමක් බඳුය එහි පිරිමින් බෝග වගා කරති. ඒ සුන්දරවූ ගොවිබිම විසින් එම බීජ පැළ කරවා එම සශ්‍රීක වගාවන්ගේ අස්වැන්න ලොවට ලබා දෙයි. මෙලොව විද්‍යාඥයින් තාක්ෂණ ඉන්ජිනේරුවන්, දක්ෂ පාලකයින් බිහිකිරීම සදහා තම ලේ කිරි කර පොවා ජාතියට ලබා දුන්නේ එම උදාර මාතාවන්ය. මේ ලෝකය මෙතෙක් දුටු තවදුරටත් දකින්නට ලැඛෙන සියලූ ආශ්චර්යයන්ට හා දියුණුවේ ප්‍රධාන කොටස්කාරියන් වන්නේ කාන්තාවන්ය.

කාන්තාවන්ගේ හැකියාවන් හා ස්වභාවය අනුව ඔවුන්ගේ වැදගත්කම අගය කරන ඉස්ලාමය ඔවුන්ගේ හැකියාවන්ට අදාලව උසස් තත්ත්වයක් ලබාදී ඇත. කාන්තාවන් වූ කලී සදා ආරක්ෂාකර ගරුකළ යුත්තකි. ඔවුන් දේශපාලනයට යොමුවීමෙන් අධික බරක් පටවා ගෙන වැඩි වගකීම්වලින් සිත්තැවුලට පත් වීමෙන් වළකා සතුටින් ජීවත් වීම සදහා කාන්තාවන් දේශපාලන නායකත්වයට පත් නොවන ලෙස කියා තිඛෙයි.

පර්සියාවේ ජනතාව තම රුජින වශයෙන් ඉස්රාගේ දියණිය තෝරාගත් බව දැනගත් නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණෝ

—පාලන බලතල ගැහැණියක් අතට පවරාදෙන ජනතාව කිසිදිනක ජය නොලබන්නෝයැ˜යි ප්‍රකාශ කළහ. (වාර්තාකරු: අබූබක්කර් (රළියල්ලාහු අන්හු) මූලාශ්‍රය: බුහාරි, තිර්මිදි, අහ්මද්).

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මෙම අවවාදයෙන් පැහැදිලි වන්නේ එතුමා කාන්තාවන් කෙරෙහි දැක්වූ සැළකිල්ලයි. එයිනුත් අද දකින්න ලැඛෙන ප්‍රජාතන්ත්‍රවාදය නමින් කෙරෙන නාඩගම් හේතුවෙන් දේශපාලනයට සම්බන්ධ කාන්තාවන් දෙස බලන විට ඇතිවන්නේ සතුටක් වෙනුවට කනගාටුවකි. කාන්තාවන්ගේ ජන්දය බලාපොරොත්තුවන දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති මධ්‍යස්ථ මතධාරි උගතුන් බොහෝ දෙනෙක්, කාන්තාවන්ට දේශපාලනයේ ඉඩදීම ප්‍රිය කරන බවක් නොපෙනේ.

ඉස්ලාමය කාන්තාවන් දේශපාලනය නායකත්වය ගෙන කටයුතු කිරීමට සහයෝගය නොදැක්වූවත්, ඔවුන් පාලනයේ ඇති ගුණදොස් විවේචනය කිරීම, අවශ්‍ය යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම හා විරෝධතාව දැක්වීම යනාදිය ඉස්ලාමය තහනම් නොකරයි. මෙයට අවශ්‍ය සාක්ෂි ඉතිහාස පෙරලා බලන කෙනකුට දැනගත හැක.

මක්කා ජයග්‍රහනයට පෙර උම්රා (හජ වන්දනා කාලය නොවන වෙනත් කාලවල මක්කමට ගොස් වතාවත්වල යෙදීම) සදහා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හා සහාබාවරුන් සියලූ දෙනා මදීනාව සිට මක්කාව බලා යන අතරමග මක්කාවට ඇතල්වී වතාවත් කිරීමට බාධා පැමිණි නිසා ආපසු මදීනාව බලා යාමට අකමැත්තෙන් නබි තුමා කළ ඉල්ලීම පවා නොසලකා සිටි අවස්ථාවේ උම්මු සල්මා තුමියගේ උපදෙස් පිළිගෙන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පළමුවෙන් තම කෙස් කපා සත්ව පරිත්‍යාගය ඉටු කිරීම දුටු සහබාවරු එතුමාව අනුගමනය කරමින් උම්රා වන්දනාවේ අවසන් ක්‍රියාවන් ඉටුකර ආපසු යාමට සූදානම් වූහ. එම මව් තුමියගේ ස්ථානෝචිත ප්‍රඥාව (තැනට ඔබින නුවන) නිසා එතැන උදාවී තිබුන නොසන්සුන්තාව මඟ හැරී මදීනාවාසීන් හා මක්කාවාසීන් අතර ඇවිලෙන්න ගිය යුධ වාතාවරණයද සාමකාමි අතට හැරුණු බව ඉතිහාසය මගින් දැනගන්නෙමු.

—විශ්වාසවන්ත පිරිම්න්ද විශ්වාස වනත් කාන්තාවන්ද එකිනෙකාගේ සහායකයන්ය. ඔවූහු යහපත් දෙය කිරීමට පොළඹවති. නරක දෙයින් වළක්වාලති˜ යන අල්-කුර්ආන් 9:71 වැකිය.

සාමාන්‍ය වැසියන් අතරේ පමණක් නොව රජ පුටුවල වාඩිවී සිටින අයගෙන් පවා ප්‍රශ්න කිරීමේ අයිතිය කාන්තාවන්ට හිමි බව අල්-කුර්ආනය කියයි. මේ හැර නායකත්වයෙන් තොරව, ප්‍රශ්න කරන්නන් ලෙස හෝ විරුද්ධ පාක්ෂිකයින් ලෙස තම ස්ත්‍රී ස්වභාවයට ඔරොත්තු දෙන අයුරින් දේශපාලනයේ කොටස් කාරියන්වීම ඉස්ලාමය අනුමත කරන්නේය.

අනෙකුත් සැබැදි….

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්- සාක්ෂි දීම

කාන්තා අයිතිවාසිකම්-උපදෙස් (අනුශාසනා)

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-කථා කිරීමේ අයිතිය

ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමිව තිඛෙන අයිතීන් හා වරප්‍රසාධයන්

ඉස්ලාම් කාන්තාවට ලබා දී ඇති අයිතීන් -කෙතරම් දුරට කාන්තා අයිතීන් ආරක‍ෂා කර ඇත්තේද?

දික්කසාදය හා ඉස්ලාම් නීතිය

කාන්තා නිදහස වෙනුවෙන් හඩ නැගු ඇය ඉස්ලාම් දහම ප්‍රචාරය කරන උතුම් කාන්තාවක් වූයේ කෙසේද?

හිජාබ් -ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද?

වෙනත්….

most powerful Muslim woman

most powerful Muslim women in Britain

ඉස්ලාම්හි මානව හිතසුව පිණිස වූ මූලික අයිතිවාසිකම්

ඉස්ලාම්හි මානව හිතසුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කල යුතුය, ඒවා පිළිපැදිය යුතුය. යථොක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා, නීත්‍යානුකුල රැකවරණය පමණක් නොව, ඵලදායි සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාම්, ඉදිරිපත් කරයි.

මෙසේ පෞද්ගලික හා පොදු යහපත පිණිස සිදුකරන්නාවූ සියල්ලක්ම සදාචාරත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් කෙරේ දක්වන ජනාදරයට අතිශය වැදගත්කමක් හිමිකරන ඉස්ලාම්, ගතානුගතිකත්වයට වහල්ව සිටීමේ කි්‍රයාවට එරෙහිව අනතුරු අඟවයි. ශ.ද්ධවූ අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ:

—පෙරදිගට හෝ බටහිරට මුහුණ හැරවීම ශීලයක් නොවේ. ශීලය වන්නේ අල්ලාහ්, මතු දිනය, හා දේව දූතවරුන්, ශාස්තෘවරුන් කෙරේ විශ්වාසය පිහිටුවීම. අල්ලාහ් කෙරේ ස්නේහයෙන් ලේ ඥාතීන්, අනාථයන්, දිළින්දන්, මගින් හා යාචකයන් වෙනුවෙන් ස්වකීය වස්තුවෙන් විය පැහැදම් කිරීම, වහලූන් නිදහස් කරවීම, අදාළ වතාවත් පිරීම, සකාත් (ශ.ද්ධකාරක බද්ධ) ගෙවීම, පොරොන්දු ඉටුකිරීම හා දුක් පීඩා ෙඛදයන්හි දී ඉවසා සිටීම යනාදියයි. මෙවැන්නෝ සැදැහැවත්හු වෙති, මෙවැන්නෝ අල්ලාහ්ට බියැත්තෝ වෙති.˜ (ශ. අල්කුර්ආනය 2¦ 177)

මෙකී පාඨයන්ගෙන්, සිල්වත් හා අල්ලාහ් කෙරේ බියැත්තන් පිළිබඳව විසිතුරු විග්‍රහයක් කෙරේ. මිනිසා විනයාචාර ධර්ම පිළිපැදිය යුතු අතරම අල්ලාහ්ට හා හුදී ජනතාවට සෙනෙහවත් වීමෙහි ලා නිරතුරු සැළකිලිමත් විය යුතුය. මෙහිලා අවශ්‍යතා සතරක් ඉදිරිපත් කෙරේ.

(1) අපේ විශ්වාසය- භක්තිය- අව්‍යාජ විය යුතුය, අවංක විය යුතුය.

(2) සහෝදර ජනතාව වෙනුවෙන් කි්‍රයාත්මක වශයෙන් Þන පරිත්‍යාග කළ යුතුය.

(3) සමාජ සංවිධාන යනාදියට ඇප උපකාර කරමින් හොඳ පුරවැසියන් විය යුතුය.

(4) සෑම විටෙකම, සෑම මොහොතකම චිත්ත ස්ථාවරත්වය පවත්වා ගත යුතුය.

කිසියම් හැසිරීමක්- කල් කි්‍රයාවක්- යහපත් හෝ අයහපත් යැයි තීරණය කෙරෙන්නේ ඉහත සඳහන් කරුණු පදනම් කරගනිමිනි. සෑම සදාචාරාත්මක පැවැත්මක්ම මෙකී විනිශ්චය ක්‍රමය වටා, භ්‍රමණය වේ. මිනිසෙකු කෙරෙහි සදාචාරත්මක අණපනත් පැනවීමට පෙරාතුව, ඔහුගේ සෑම කටයුත්තක්, කි්‍රයාවක් මෙන්ම සෑම තැනකදීම, සෑම මොහොතකදීම අල්ලාහ් ඔහු දෙස දෘෂ්ටිය හෙලමින් සිටින බව, මුළු ලෝකයෙන්ම සැඟවුණත් අල්ලාහ්ගෙන් මුවා විය නොහැකි බව, අන් සියල්ලන්ම මුළා කළත් අල්ලාහ් මුළා කළ නොහැකි බව කවරෙකුගේ ග්‍රහණයෙන් මිදුනත් අල්ලාහ්ගේ ග්‍රහණයෙන් මිදිය නොහැකි බව යනාදිය මිනිසාගේ සිතෙහි තහවුරු කිරීම සඳහා ඉස්ලාම් වෙරදරයි. මෙසේ, අල්ලාහ්ගේ ප්‍රසාදයට ඉහවල් වූ දේ මිනිස් ජීවිතයක පරමාර්ථය විය යුතු බව නිර්ණය කොට, ඉස්ලාම් මගින් සදාචාරත්මක වශයෙන්වූ උසස් තත්ත්වයද සලසා දෙනු ලැබේ. මානව සදාචාරත්මක සංවර්ධනයෙහි අසීමිත අගයක් ඇතිකිරීමෙහිලා මෙය ඉවහල් වේ. දිව්‍යමය හෙළිකිරීම් – වහී -යනු ඥානයේ මුල සාරය වශයෙන් සලකා, මේ සදාචාරාත්මක තත්ත්වයනට අනම්‍ය බව හා ස්ථාරවත්වය ලබා දෙනු ලැබේ.

සාධාරණ හේතු සහගත ලෙස චර්යාවේ හැඩගැස්වීම අභ්‍යාස කිරීම හා වෙනස් කිරීම් කරගත හැකිය. එහෙත් හිතාමතා සිදුකරන වරදක් වශයෙන්, බැරැරුම් වෙනසක් සිදුකිරීමක් හෝ සදාචාරය ලිහිල් කරවීමක් හෝ පවත්නා අඛණ්ඩභාවය කඩකරන්නක් වශයෙන් එබඳු වෙනසක් කළ නොහැකිය. අල්ලාහ් කෙරේ ඇල්ම හා බිය හේතුවෙන් වූ සදාචාරයන්ට මෙ මගින් අනුමැතිය ලැබේ. මේ නිසා බාහිර බල පෑමකින් තොරව මිනිසා සදාචාරය ඔස්සේ යවනු ලැබේ. අල්ලාහ් සහ මතු දිනය පිළිබඳ ඇදහිලි සහිතව ඉතා ඕනෑකමින් හා උනන්දුවෙන්ද අවංකව එමෙන්ම හෘදයාංග ලෙස සදාචාරත්මක පැවතුම් සකසා ගනු පිණිස, මිනිසාට හැකියාවක් ඇති වේ.

මේ සදාචාර නීතිරීතින්හි අව්‍යාජ ස්වභාවයක් නැත, අමුතු ආටෝපද නැත, සාමාන්‍ය සදාචාර පැතුම් වලින් ඈත් කිරීමක්ද නැත, හේතු විරහිත ලෙස හෝ අතිශයෝක්තියෙන් කිසියම් අංශයක් අමතක කොට හැර දමා නැත. ව්‍යවහාරයේ ඇති සියලූම සදාචාර විනයන් ගැන සලකා ඇත. ඒ ඒ තැන්හි එකිනෙක උචිත ලෙස පිහිටුවා, ජීවන සැලැස්මක් තුළ සමස්ථයක් වශයෙන් සපුරා කි්‍රයාත්මක වන අන්දමින් වග බලාගෙන ඇත. මෙ මගින් මිනිසාගේ පෞද්ගලික හා සාමුහික ජීවන අරමුණු පුළුල්කරවනු ලැබේ. මිනිසාගේ ගෘහස්ථ හැසිරීම්, පෘථග්ජන පැවතුම් මෙන්ම, දේශපාලනික, ආර්ථීක, අධිකරණ අධ්‍යාපනික හා සාමාජික ෙක‍ෂත්‍රයන් හි කි්‍රයා කටයුතු වලදි පිළිපැදිය යුතු සදාචාර විනය ධර්මයන් විග්‍රහ කෙරේ. ඉස්ලාමිය සදාචාරයෙන්, මිනිස් ජීවිතය නිවසින් සමාජය දක්වාත්, කෑම මේසයේ සිට යුද පිටිය හා සාම සම්මේලන දක්වාත්, කොටින්ම තොටිල්ලේ සිට සොහොන් බිම දක්වා සැකසිය යුතු ආකාරය ඉගැන්වේ. ඉස්ලාමිය සදාචාරය තුළින් කිසිදු අංශයක් ගිලිහි නැත. කිසිදු ෙක‍ෂ්ත්‍රයක් මගහැරි නැත. එය අවබෝධයටද පහසුය. එමගින් ජීවිත කාර්යාවලිය උතුම් පරමාර්ථ සහිතව ඉටුකරවනු ලැබේ. මෙහිලා ආත්මාර්ථකාමි හෝ පහත් ලාභාපේක‍ෂාවෙන් ගෙවන ජීවිතයකට ඉඩ නැත.

ඉස්ලාමීය විනයෙන් යහපත් පැවතුම් සහිත, අයහපත් පැවතුම් වලින් මිදුණාවු සාර්ථක ජීවිතයක් සඳහා පෙළඹවීම සිදුකෙරේ. සිල්වත් ශික‍ෂාකාමි සඳහා පමණක් නොව, එකි යහ ගුණ ප්‍රගුණ කිරීමටත් කෙළෙස් දමනය කොට ශුභ ගුණ දහම් පුහුණු කිරීමටත් අශුභ ගුණදහම් තුරන් කිරීමටත් පොළඹවනු ලැබේ. හෘදය ශාක‍ෂියට එකඟ වූ දිවිපෙවෙතක් සකසා ගැනීමත්, කවර අවස්ථාවක් යටතේ වූවද වරදට යොමුවීමෙන් වැළකී සිටීමටත් ඉස්ලාමීය සදාචාරයේ අරමුණු වේ. මේ ඇරයුමට ප්‍රතිචාරයක් දක්වන්නෝ,

ඒකීය සමාජයක් වශයෙන් එක්රැස් කරනු ලැබ —මුස්ලිම්˜ යන නමින් හඳුන්වනු ලැඛෙති. මේ සමාජයේ සාමුහික වශයෙන් එක්සත් වෙමින් යහපත ස්ථාපනය කිරීමට හා අයහපත මුලිනුපුටා දැමීමට වෙර දැරිය යුතුය. මුස්ලිමෙකු ගේ ජීවිතයේ විවිධ අංශයන් හිදී බලපාන අයුරින් උගන්වන ලද සÞචාර මූලධර්මයන් කීපයක් මෙහිලා සඳහන් කෙරේ.

අල්ලාහ් පිළිබඳ මතකය :

මේ වු කලී, මුස්ලිමෙකු තුළ පිහිටිය යුතු උසස්තම ලක‍ෂණය වශයෙන් කුර්ආන්හි සඳහන් වේ. —ඔබ අතුරින් අතිශය සම්මානනීය අය වූ කලී, අල්ලාහ් අබියස, අල්ලාහ් පිළිබඳ මනා සිහියක් සහිත පුද්ගලයාය.˜ (ශ. අල්කුර්ආනය 49¦ 13)

අවනත භාවය, සන්සුන් තැන්පත් භාවය, ආත්ම දමනය, සත්‍යවාදී භාවය, අවංක භාවය, විනීත භාවය, ඉවසිලිවන්ත භාවය, ස්ථාවරත්වය හා පොරොන්දු ඉටුකිරීම් යනාදිය අල්කුර්ආනයෙන් පුන පුනා ඉගැන්වෙන සදාචාර විනයන්ය, අල්කුර්ආන්හි මෙසේ සඳහන් වේ.

—තවද අවංක හා ස්ථාවර වූවන්ට අල්ලාහ් ඇලූම් කරයි.˜ (ශ. අල්කුර්ආනය 3¦ 146)


—යහපත සිදුකරන්නන්ට අල්ලාහ් යහපත සලසන බැවින් ඔබේ රක‍ෂකයාගෙන් කමා භාජනය පිණිසත් ඔහු පිළිබඳ මතකයෙන් යුතුව ඇති කල්හි හා නැති කල්හි දන්පින් කරන්නා වූත්, කෝපය දමනය කරගන්නා වූත්, සහෝදර දනන් (ගේ වරදට) සමාව දෙන්නා වූත් පින්වතුන් සඳහා, වෙන් කොට ඇති ස්වර්ග සම්පත්තිය පිණිසත් ඔබ තරඟකාරිව ඉදිරිපත් වන්න.˜ (ශ. අල්කුර්ආනය 3¦ 133- 134)


—නිසි කල සලාත්හි යෙදෙන්න, යුක්තිය ඉටුකරන්න, වරදින් මිදෙන්න, කුමක් සිදුවෙතත් ඉවසිලිවන්ත වන්න, එය වෙනස් නොවන සුළු ධර්මතාවයකි˜ අනුන් අභියස අහංකාර නොවන්න. මහ පොළොව මත අවිනීත ලෙස ගමන් නොකරන්න. අල්ලාහ්, උඩගු හා පුරසාරම් දොඩන්නන් නොරුස්සයි. ඔබ ගේ (පා) පියවර අතර සාමාන්‍ය ප්‍රමාණයේ පරතරයක් තබා ගන්න. කට හ~ පහත කරගන්න. උස් හඬ්න් කරන කතාව, ඇත්තෙන්ම බූරුවාගේ ඛෙරිහන් බඳු වේ.˜ (ශ, අල්කුර්ආනය 31¦ 18- 19)

මුස්ලිමෙකු ගේ විනයගරුක හැසිරීම් ලූහුඬ්න් දක්වන විලාශයෙන් ශාස්තෘවරයානන් මෙසේ ප්‍රකාශ කළහ.

—මගේ ආරක‍ෂකයා මට අණපනත් නවයක් පවරා ඇත. එනම් හුදෙකලාව හෝ සාමුහිකව සිටියත් නිරන්තරයෙන්ම අල්ලාහ් පිළිබඳ සිහිය, කෝපාවිෂ්ඨව හෝ සතුටු සන්සුන්ව සිටියත් යුක්තිය තෙපලීම, දුප්පත් හෝ ධනවත්ව සිටියදීත් තැන්පත්වීම, මගෙන් ඉවත් වූවත් යළි ළංකරගැනීම, මා පිටුදකින උදවියටත් උදව් උපකාර කිරීම, නිසොල්මන්ව සිටියදී චින්තනයෙහි නිරතවීම, මා බලන බැල්ම අවවාදානුශාසනාවක් වීම, සහ නිවැරදි දේ අවධාරණය කරවීම යන නවයයි, ඒ.˜

සමාජියීය වගකීම්:


ඉස්ලාමීය ඉගැන්වීම අනුකුලව, සාමාජික වගකීම් වනාහි කරුණාව හා පරාර්ථය පිණිස විය යුතු වේ. විශේෂ අවස්ථාවන්හි දී කරුණාව පිළිබඳ වූ මෙකී පුළුල් ශීලය නොසලකා හරිනු ලබන බැවින්, විවිධ අවස්ථාවන් පිළිපැදිය යුතු කරුණාව පිළිබඳ විශේෂ කි්‍රයාවන්, වගකීම් හා සම්බන්ධතා පිළිබඳව විග්‍රහ කෙරේ. සම්බන්ධතා පිළිබඳව පුළුල්ව සැලකීමේ දී අපගේ මූලික වගකීම වනුයේ, දෙගුරුන්, සැමියා, අඹුදරුවන් හා ඉනික්බිතිව සෙසු ඥාතීන්, අසල්වැසියන්, මිතුරන් හා දන්නා හඳුනනවුන් අනාථයන් හා වැන්දඹුවන්, ස්වකීය සමාජයේ දිළින්දන්. සහෝදර මුස්ලිමුන්, සකල මිනිසුන් හා සත්වයින් ද කෙරෙහිය.

දෙගුරුන්:

මව් පිය දෙදෙනාට ගරුකිරීම හා උපස්ථාන කිරීම, ඉස්ලාම් හි අවධාරණයෙන් ඉගැන්වේ. මෙය ඉස්ලාමීය භක්තියට ඉවහල් වන, වැදගත් අංශයක් වේ.

—ඔබේ ආරක‍ෂකයා තමා හැර සෙස්සෙකු නොපුදන ලෙසත් දෙමව්පියන්ට කරුණා දයාව ලෙසත් ඔබට අණකරයි. ඔබේ ජීවිත කාලය තුළ ඔවුන්ගෙන් කෙනෙකු හෝ දෙදෙනාම මහළු වියට පත්වූවා නම්, ඔවුන්ගේ සිත් රිදවන කිසිදු වදනක් පැවසීම හෝ ඔවුන් කොන් කිරීම නොකරන්න. ඔවුන්ට ගරුසරුව කතා කරන්න. කාරුණික ලෙස කීකරු වන්න. පසුව පවසන්න.

—මගේ ආරක්ෂකයාණෙනි, මා කුඩා කල ඔවුන් මා කෙරේ දැක්වූ සෙනෙහස මෙන් ඔවුන් කෙරේ ඔබේ පරම දයාව දක්වන්න.˜ (ශ.අල්කුර්ආනය 17: 26).

සෙසු ඥාතීන් :

—දිළින්දන් මගින් මෙන්ම බන්දුන්ට ද හිමිවිය යුතු උරුමකම් ප්‍රදානය කරන්න. තවද නාස්ති කාරයෙකු මෙන් ඔබේ වස්තුව විනාශ නොකරන්න.˜ (ශ. අල්කුර්ආනයථ 17: 26).

අසල්වැසියන්:

නබි (සල්) තුමාණෝ මෙසේ වදාළහ: —අසල්වැසියා, සාගින්නෙන් පීඩා විඳින කල, කුසපුරා ආහාර ගන්නා, මුස්ලිමෙක් නොවේ. තවද ස්වකීය නොපනත් පැවතුම් නිසා අසල්වැසියා අනාරක‍ෂිත තත්ත්වයේ පසුවේ නම් ඔහු විශ්වාසවන්තයෙකු (ශ්‍රද්ධාවන්තයෙකු) නොවේ.˜

සැබවින්ම කුර්ආනයට හා සුන්නාහ්වට (ශාස්තෘවරයානන්ගේ ජීවිතයට) අනුකූලව, මුස්ලිමෙකු විසින් සදාචාරාත්මක වගකීම් ඉටුකළ යුතුවන්නේ, ස්වකීය දෙගුරුන් නෑ හිතවතුන් හා අසල්වැසියන්ට පමණක් නොවේ. සමස්ත මානව සංහතියම, සකල ප්‍රාණයෙකුම, ඵලදායි ගස්, පැලෑටි වස්තූන් කෙරේද ඉටුකළ යුතු වගකීම් ඇත. නිදසුනක් වශයෙන්, විනෝදය සඳහා සත්ව හා කුරුළු දඩයම් යනාදියට අවසරයක් නැත. එසේම උග්‍ර අවශ්‍යතාවයකින් තොරව ඵල දරන වෘක්ෂලතාවන් කපා හැරීමද තහනම් කොට ඇත. මෙසේ, මූලික සදාචාරාත්මක පැවැත්මේදී ඉස්ලාම් මගින් උසස් සදාචාරාත්මක විනයක් ගොඩනගා ඇත.

ඒවායේ ශ්‍රේෂඨත්වය, මිනිසාට පහසුවෙන්ම අවබෝධවනු ඇත. ඉස්ලාම් මගින්, මිනිසුන් කෙරෙන්, ආත්ම වර්ණනාව, දුෂ්ඨ පාලනය, අශික‍ෂිත හා අවිනීත භාවය යනාදිය කෙළෙස් දුරු කැරවේ. ඒ වෙනුවට, අල්ලාහ් කෙරේ බියැති, ශ්‍රද්ධාවත් ප්‍රතිපත්තිගරුක හා වරදෙහි නොබැෙඳන පුරුෂයන් ගොඩනගනු ලැබේ. සදාචාරාත්මක වශයෙන් වූ වගකීම් පිළිබඳ හැඟීම් පුබුදුවන්නා වූ අතරම ආත්ම සංයමයට ඉවහල්වන හැකියාවද වඩවයි. ඉස්ලාම් මගින් සෑම විටෙකම, කරුණාව, දයාව ත්‍යාගශීලි භාවය, අනුකම්පාව, සමාදානය, අනුන්ගේ සෙත් පැතීම, විනීත භාවය හා සියලූ සත්වයන් කෙරෙහි සත්‍යවාදි භාවය පිහිටුවා ගැන්මේ හැඟීම් පෝෂණය කෙරේ. එමගින්, යහපත සැලසෙන සෑම උතුම් කාර්යයක් සඳහාම අනුබලය ලැබේ.