Tag Archives: ලෙඩ රෝග

ඉස්ලාම් සතු සුවිශේෂත්වයන්

ඉස්ලාම් සතු සුවිශේෂත්වයන්

ඉස්ලාම් දහම කිසිදු මනුෂේ‍යකුගේ නමින් පිහිටුනු ආගමක් නොවෙයි. එය විශ්වය නිර්මාණය කර, පාලනය කරමින් සිටින අල්ලාහ් විසින් මානවයාට පිරිනමනු ලැබූ ජීවන ක්‍රමයකි. එයින් තහවුරු වන වැදගත් කරුණ නම්, ඉස්ලාම් ආරම්භක මිනිසා පටන් පැවත එන ආගම බවයි. ලෝක ඉතිහාසය තුළදි බිහිවූ කෙනෙකුගේ නමින් පිහිටුනු දහමක් නොවෙයි. අතරමගදි නිර්මාණයවුනු දහම් තුළින් ඊට පෙර ජීවත්වූ අයට පිළිසරණක් වන්නට මගක් නොමැත. එවිට එය අසාධාරණයක් වනු ඇත. එනමුත් ඉස්ලාම් ඉදිරියේ පමණක් මෙවැනි ප්‍රශ්ණයක් හටගන්නේ නැත. මන්ද ඉස්ලාම් ආරම්භක මිනිසා පටන් පැවත ආ දහමකි. නිර්මාතෘවරයා විසින් මිනිසාට පිරිනමනු ලැබූ ජීවන සැලැස්මකි.

Hell is hotter

ශුද්ධවූ අල්කුර්ආනයෙහි ඔහු පවසයි: —අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ˜ (ශු කුර්ආනය: 3: 19).

ඉස්ලාම් හැර කව්රුන් වෙනත් ආගමක් ප්‍රිය කරයිද එය නොපිළිගැනේ, ඔහු මතු දිනයේදි පාඩු විදින්නෙකුද වේ˜ (ශු කුර්ආනය 3: 85).

මිනිසුන් අතර බහුලව පවතින වැරදි මතයක් නම් ඉස්ලාම් අවුරුදු එක්දාස් හාරසියකට පෙර බිහිවුනු ආගමක් බව. මෙයට හේතුව මුහම්මද් නබි (සල්) තුමන් මක්කාවෙහි සිට මදීනාව බලා ගිය හිජ්රා ගමන මුල්කොටගෙන ඉස්ලාමීය දින දර්ශනය සැකසීමයි. මෙය ඉස්ලාමයේ ආරම්භය නොවේ.

මුහම්මද් නබි (සල්) තුමන් පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: —ඔහු අල්ලාහ්ගේ දුතවරයාද, අවසන් ශාස්තෘවරයාද වේ˜

(ශු කුර්ආනය 33: 40).

අවසන් ශාස්තෘවරයා යනු සඳහන්වීමෙන් අදහස්වන්නේ මීට පෙරත් ශාස්තෘවරු පැමිණුනු බවයි. මෙය තවත් සාක‍ෂාත් කරන වාක්‍යන් ශුද්ධවූ අල්කුර්ආනයෙහිද, නබි වදන්වලද අනන්තව දැකගත හැක.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —නූහ්ට හා ඔහුට පසු පැමිණුනු ශාස්තෘවරුන්ට අපි දේව පණිවුඩ අනාවරය කළාක්මෙන් (මුහම්මද්æ) ඔබටද අපි දේව පණිවුඩ අනාවරණය කළෙමු. තවද ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යඃකුබ් (ඔහුගේ) පරම්පරාව, ඊසා, අයියූබ්, යූනුස්, හාරූන්, සුෙලෙමාන් වැනි අයටද අපි දේව පණිවුඩ අනාවරණය කළෙමු. දාවූද්ට සබූර් නම් (දේව ග්‍රන්ථය) අනාවරණය කළෙමු. (මුහම්මද්æ) මීට පෙර ඔබට සමහර ශාස්තෘවරුන් පිළිබඳ පුවත් දැන්වුවෙමු. සමහර ශාස්තෘවරුන්ගේ පුවත් ඔබට නොපැවසුවෙමු˜

(ශු.කුර්ආනය 4: 163,164).

—(ශාස්තෘවරයානනි) ඔබ පවසන්න මම ශාස්තෘවරුන්ගෙන් අළුත් කෙනෙකු නොවේ˜. (ශු.කුර්ආනය 46: 9).

මෙම සියළු අල්කුර්ආන් පාඨයන් තුළින් තහවුරුවන්නේ ඉස්ලාම් මිනිස් ආරම්භය පටන් පැවත එන ආගමක් බවයි.

නිර්මාණයන්ට වැඳ වැටීම මුළුමනින් තහනම් කර නිර්මාතෘ ඉදිරියේ පමණක් යාඥාවන්, වන්දනා මාන කිරීම ඉස්ලාම්හි මූලික හරය හා දර්ශනය වේ. සමාන දුර්වලතාවන්ගෙන් යුත් තවත් මිනිසෙකු ඉදිරියේ වැඳ වැටීම උතුම් කි්‍රයාවක් සේ නොසළකා මුළුමනින්ම එය තහනම් කිරීම. හිස නමා ආචාර කිරීම, ගරු කිරීම සඳහා නැගිට සිටීම මේ සියල්ල ඉස්ලාම් තහනම් කරයි. දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීමට අණකරන ඉස්ලාම් ඔවුන් ඉදිරියේ වැඳ වැටීමට තහනම් කරයි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —ඔබේ ස්වාමින් තමන්ට හැර වෙනත් කිසිවෙකුට වන්දනාමාන නොකරනලෙස නියෝග කළේය, තවද දෙමාපියන්ට යුතුකම් ඉටු කරන ලෙසත් ඔහු නියෝග කළේය˜

(ශු කුර්ආනය 17: 23)

තැරැව්කරුවන් අවශ්‍ය නැත:

වෙනත් දේව සංකල්ප හා සිද්ධාන්ත මෙන් නොව කෙනෙකු ඉස්ලාම් දහමෙහි දෙවියන්ට සෘජුව සම්බන්ධවීමට හැක. ඉස්ලාම් දහමෙහි තැරැව්කරුවන් අවශ්‍ය නැත. ඉතා සීමිත කුලයන්ට ගෝත්‍රයන්ට පමණක් පිරිනමන එම ආගමික ප්‍රමුඛත්වය, පෘථගජනයන් දේව දූතයන් බවට පරිවර්තනය කරන පුහු දුර්මතයන්ට ඉස්ලාම් දහම තුළ අබමල් රේණුවක තරම්වත් අවකාශයක් නැත. සියළු ජනයා එක හා සමාන වේ. පරමාන්ත දිනයේදි ඔහුගේ කි්‍රයාවන් චේතනාවන් මුල්තැන ගනු ඇත.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි:

—මාගේ දාසයන් මා පිළිබඳ ඔඛෙන් ප්‍රශ්න කළා නම්, මා ඉතා සමීප බව පවසන්න. මා ප්‍රාර්ථනාකරන්නන්ගේ ප්‍රාර්ථනාවන් පිළිගනිමි. ඔවුන් මාගෙන් ප්‍රාර්ථනා කරත්වා, මා කෙරෙහි විශ්වාසය තබත්වා˜

(ශු අල්කුර්ආනය 2: 186).

මිථ්‍යා විශ්වාසයන්ට, අන්ධ භක්තීන්ට ඉස්ලාම් තුළ ඉඩ නැත:

ආගමෙහි නමින් රැවට්ටීම, මං මුළා කිරීම හැම කාලයකදීම පාහේ සිදුවිය. එයට මූලික හේතුව ඔවුන් අදහන ආගම් සංකල්ප එම දොරටුවන් විවර කර තැබීමයි. නැතහොත් ආගමික මූලිකත්වය හොබවන බොහෝ උදවිය තමන්ට අදෘශ්‍යමාන දේ දන්නා බවත් අනාගතය පිළිබඳ අනාවැකි කීමේ හැකියාව තමන් සතු බව පවසා අහිංසක ජනයා මං මුළා කරති. නමුත් මෙසේ පවසන සියල්ලන් සාමාන්‍ය ජනයාගෙන් යැපීම පැහැදිළිව දැක ගත හැකි කරුණකි. මෙවැනි දේට ඉස්ලාම්හි කොහෙත්ම ඉඩ නැත. මුස්ලිමෙකු තම ප්‍රාණයට වඩා උසස් කොට සළකන මුහම්මද් නබි (සල්) තුමන්, මුළු ලොව වාසි ජනතාවටම අවසන් ශාස්තෘවරයා වශයෙන් පැමිණුනු, ඒ වගේම අල්ලාහ්ගේ විශේෂ ගෞරවයට පාත්‍රවූ එම උදාර පුරුෂයාට පවා අල්කුර්ආනය මගින් අල්ලාහ් මෙසේ නියෝග කරයි:

(ශාස්තෘවරයානනි) පවසන්න, අල්ලාහ් කැමතිවූවා නම් හැර මට කිසිදු යහපතක් හෝ විපතක් කරගැනීමට ශක්තිය නොමැත. අදෘශ්‍යමාන දේ පිළිබඳ ඥානය මා තුළි පවතී නම් මා යහපත පමණක් වැඩිකර ගමි. (එවැනි අවස්ථාවක) මට කිසිදු විපතක් ඇති නොවේ. මම විශ්වාස කරන ජනතාවට අවවාද කරන්නා හා සුභාශිංෂණය පතන්නා පමණය˜

(ශු අල්කුර්ආනය 7: 188).

සාත්‍ර, මන්ත්‍ර, ගුරුකම් වලට හෝ මිථ්‍යා විශ්වාසයන්ට හෝ අන්ධ භක්තීන්ට හෝ ඉස්ලාම් තුළ කොහෙත්ම ඉඩ නැත. එම දොරටුවන් සියල්ලට ඉස්ලාම් අගුළු දැමූහ.

අන් අයගේ යුතුකම් ඉටු කිරීම:

නිර්මාතෘවරයා අල්ලාහ්ට පමණක් යුතුකම් ඉටුකර සීමාකර ගැනීම පරිපූර්ණ විශ්වාසවන්තයෙකු කියාගැනීමට කොහෙත්ම ප්‍රමාණවත් නොවේ යැයි අල්ලාහ් පවසයි. —තවද අල්ලාහ්ට පමණක් යාඥා කරන්න ඔහුට කිසිදු දෙයක් සමාන නොකරන්න, තවද දෙමාපියන්ටද, ලේ ඥාතීන්ටද, අනාථයින්ටද, දුගීන්ටද, මගීන්ටද, ඥාතීන්වන අසල්වැසියන්ටද, ඥාතීන් නොවන අසල්වැසියන්ටද, ඔබේ අසලින් සිටින්නාටද, ඔබේ දකුණු අත හිමිකරගත් අයටද උපකාර කරන්න˜

(ශු කුර්ආනය 4: 36).

ඉහත සඳහන් මෙම පාඨයෙන් සනාථ වන කරුණ නම් සලාතය, උපවාසය නිසිලෙස ඉටුකර, තමන්ගේ පවුල් ඥාතීන්, අසල්වැසියන්, වෙනත් අයගේ යුතුකම් ඉටු නොකර එය පැහැර හරින, ඒ වගේම තමන්ගේ ව්‍යාපාරයන් ගනු දෙනු පවිත්‍රව නොපවත්නා අන් අය හූරාකන මෙ වැනි අය හොඳින් අවදානය යොමු කළ යුතු වදනකි. ඉස්ලාම් සීමිත යාඥා ක්‍රමවලට පමණක් සීමාවුනු ආගමක් නොවෙයි. එය මිනිසෙකුගේ මුළු ජීවිත කාලයම යාඥාවක් වශයෙන් පරිවර්තනය කරන්නට උත්සා දරයි.

නබි (සල්) තුමන්ගෙන් කෙනෙකු වරක් මුස්ලිම් වරුන් අතුරින් ශ්‍රේෂ්ඨයා කව්දැයි ප්‍රශ්න කළ විට, —කව්රුන් තම දිවෙන් හා දෑතින් අන් අයට හිරි හැර නොකරන්නේද ඔහු නියම මුස්ලිමෙකු වේ˜ යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).

—ඉස්ලාම්˜ විශ්ව නිර්මාතෘ ඉදිරියෙහි පිළිගැනුනු එකම දහම :

ඉස්ලාම් දහම කෙනෙකුට උපතින්ම හිමිවන බූදලයක් නොවෙයි. ඔහු එහි ඉගැන්වීම් දැන හඳුන, අල්ලාහ්ට පමණක් අවනත වී, එහි නියෝගයන් පිළිපැදීමට කිසිදු අවස්ථාවක නොපැකිළී, ඔහු විසින් තෝරාපත් ගනු ලැබූ අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් නබි (සල්) තුමන් අනුගමනය කර ජීවත්වෙයි නම් ඔහුයි නියම මුස්ලිම්.

—ඉස්ලාම්˜ යනු ශාන්තිය හා සාමය යන අර්ථයන් ගෙන දෙන වචනයකි. ඔබ වෙනත් සහෝදරයෙකු හමුවූ විට —අස්සලාමු අෙලෙකුම්˜ යනුවෙන් ආමන්ත්‍රණය කළ යුතුයි. මෙහි අර්ථය නම් ඔබට සාමය, ශාන්තිය උදාවේවා,මෙය සෑම අවස්ථාවකටම, සෑම මොහොතකටම, පුද්ගලයෙකුටම ගැලපෙන සුභ පැතීමකි. විශ්ව නිර්මාතෘ ඉදිරියේ පිළිගැනුනු එකම දහම ඉස්ලාම් බව ශුද්ධවූ අල්කුර්ආනය සඳහන් කරයි: —අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ˜ (ශුඅල්කුර්ආනය 3: 19).

ලෞකික ආශාවන්ගෙන් මිදී ජීවත්වීමට අවශ්‍ය නොවේ:

අල්ලාහ්ගේ තෘප්තිය හා උසස් සුවර්ගය උදෙසා කෙනෙකු මෙම ජීවිතයේ සෑම ආශාවක්ම මැඩලිය යුතුද? සෑම ආශාවකින්ම මිදී ජීවත්විය යුතුද? එය එසේ නොවේ. අල්ලාහ්ගේ තෘප්තිය හා සදාතනිකවූ සෞභාග්‍ය වන ස්වර්ගය හිමිකර ගැනීමේ අරමුණින් මෙම ජීවිතයේ සෑම ආශාවකින්ම කෙනෙකු මිදී ජීවත්වීමට අවශ්‍ය නොවේ. එය ඉස්ලාමීය ඉගැනවීමද නොවේ. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —කෙනෙකුට දරන්න බැරි දුෂ්කර ආයාසයක් අල්ලාහ් නොපටවන්නේය˜ (ශු කුර්ආනය 2: 286).

මිනිසා තුළ ස්වභාවයෙන්ම පිහිටා ඇති ආශාවන්ට තහනම් පැනවීම ප්‍රායෝගික නොවේ.

අධ්‍යාත්මිකව ඉතා උසස් ස්ථානයක් හිමිකරගැනීමට විවාහය බාධාවක් වශයෙන් දකින සමහර සිද්ධාන්ත එය වැළැක්වීමට උත්සාහ දරයි. නමුත් ඉස්ලාම් එසේ නොව විවාහය එම ගමනට රුකුලක් වශයෙන් දකි. වරක් නබි (සල්) තුමන් තරුණ පරපුර අමතා —තරුණයිනි, ඔබ අතුරින් විවාහ කරගැනීමට ශක්තිය ඇතිකෙනා විවාහ කරගන්න, නියතයෙන්ම එය ඔබේ බැල්ම (වැරදි දේ බැලීමෙන්) පහත හෙළයි, ඔබ වැරදි මගට යොමුවීමෙන් ඔබව වළක්වයි˜ ඉස්ලාම් අධ්‍යාත්මිකව කෙනෙකු ලබාගන්නා උසස් ස්ථානයට විවාහය රැකුලක් සේ දකි එය ආවඩයි.

තවත් වරක් අවසන් ශාස්තෘවරයානන්: —ඔඛෙන් කෙනෙකු තම ලිංගික ආශාවන් සිය බිරිඳත් සමග ඉටුකරගැනීමත් පින් ගෙනදෙන කි්‍රයාවකි යනුවෙන් පැවසූ විට, රැස්ව සිටි මිත්‍රවරුන් කෙනෙකු තම ලිංගික ආශාවන් ඉටුකර ගැනීමටත් යහපතක් තිබේදැයි මවිතයෙන් විමසු විට, ඔඛෙන් කෙනෙකු අනියම් මාර්ගයකින් එය ඉටුකරන විට එයට පාපයන් හිමිවෙනවා නොවේද? එසේ යැයි ඔවුන් කී විට ඉස්ලාම් අනුමත කළ මාර්ගයෙහි එය ඉටුකරන විට එයට යහපත හිමිවනු ඇත˜ යැයි ප්‍රකාශ කළහ.

ඉහත සඳහන් මෙම සියළු පුවත්වලින් තහවුරුවන වැදගත් කරුණ නම් ලෞකීක ආශාවන් යටපත්කර ජීවත්වීමට කොහෙත්ම ඉස්ලාම් අනුමත නොකරයි. එම ආශාවන් ඉස්ලාම් පෙන්වූ මග ඔස්සේ ඉටු කරගැනීම උතුම් කි්‍රයාවක් සේ ඉස්ලාම් දකි. මෙයින් පෙනීයන තවත් කාරණයක් නම් ඉස්ලාම් ප්‍රායෝගික හා ස්වභාවික දහමකි. මිනිසාගේ භාහිර පැත්ත නොසළකා හැර ඔහුගේ ආත්මාවට පමණක් මූලිකත්වදය නොදෙයි. ඒ වගේම ඔහුගේ භාහිර පැත්තට මූලිකත්වය දී අධ්‍යාත්මික පැත්ත නොසළකා හැරීමද නොකරයි. මධ්‍යම ප්‍රතිපදාවක් ඉස්ලාම් අනුගමනය කිරීම මෙහි සැළකිය යුතු කරුණකි.

මුදල් ඉපැයීම ඉස්ලාම් යහපත් කි්‍රයාවක් සේ දකි:

සලාතය (දේව නැමදුම) නිමවූ විට ඔබ මහ පොළොවෙහි විසිරගොස් අල්ලාහ්ගේ භාග්‍යන් උපයන්න˜

(ශු අල්කුර්ආනය 62: 10).

අඛණ්ඩව යාඥා කටයුතු කිරීමට පමණක් කොහෙත්ම ඉස්ලාම් නො උගන්වයි. නැතහොත් කෙනෙකු සිය බිරිඳගේ දූදරුවන්ගේ පවුලේ ඥාතීන්ගේ යුතුකම් පැහැර හැරීම ඉස්ලාම් දකින්නේ බලවත් වරදක් සේය.

කෙනෙකු සිය බිරිඳට කවන බත් පිඩද දන් දීමක් ලෙස˜ නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. කෙනෙකු මෙම සමාජ වගකීම් පැහැර හැර කටයුතු කිරීමට ඉස්ලාම් අනුමත නොකරයි. සමාජයෙන් ඈත්වී වන ගත ජීවත්වන පුද්ගලයාට වඩා සමාජයෙහි අර්බුදයන් මැද යහපත් පුරවැසියෙක් ලෙස ජීවත්වන පුද්ගලයා ඉස්ලාම් ප්‍රියකරයි.

සමානාත්මතාවය:

සමානාත්මතාවය පිළිබඳ බොහෝ ආගම්, සංකල්ප කථා කළද එයට විරුද්ධ වන අවස්ථා එමටය. එනමුත් ඉස්ලාම් සමානාත්මතාවය ප්‍රයෝගික ඔප්පු කළ දහමකි. ඉස්ලාම් ඒ වෙනුවෙන් දැමු වැඩ පිළිවෙල ඉතා ප්‍රශංසනීයයි. අරාබිකරයේ උපත ලැබ එම පරිසරයේම ජීවත් වූ අරාබි ජාතිකයෙකු වූ අවසන් ශාස්තෘවරයානන්, (මුහම්මද් නබි (සල්) තුමන්) එම ජනතාව බලා, ඔබලා මේ කරුණ සිහි තබාගන්න

—අරාබි නොවන ජාතිකයින්ට වඩා අරාබි ජාතිකයින්ට කිසිදු සුවිශේෂත්වයක් හිමිවන්නේ නැත. කළු ජාතිකයෙකුට වඩා සුදු ජාතිකයෙකුට කිසිදු සුවිශේෂත්වයක් නැත. සුවිශේෂත්වය හිමිවනුයේ අල්ලාහ් කෙරෙහි බිය බැතිව කටයුතු කරන්නාටය˜ යනුවෙන් ප්‍රකාශ කළහ.

තවත් වරක් මෙසේ ප්‍රකාශ කළහ: —මනුෂ්‍යින් සියල්ල ආදම්ගේ පුත්‍රයන්ය, ආදම් පසින් නිර්මාණය කරනු ලැබිනි˜ ඉස්ලාම් කෙරෙහි ඇදි එන ජනයා අතුරින් කුල භේදයන් වර්ණ භේදයන් හේතු කොටගෙන බැට කන බොහෝ උදවියද වේ. විද්‍යාව තාක‍ෂණය දියුණුවූ මෙවන් යුගයක පවා දියුණුවූ රටවල්හි කළු ජාතීන්ට වෙනත් සිද්ධස්ථාන, සුදු ජාතීන්ට වෙනත් සිද්ධස්ථාන, කළු ජාතීන්ට වෙනත් පාසැල්, සුදු ජාතීන්ට වෙනත් පාසැල්, මෙම නූතන යුගයෙහි පවා සුනඛයන් ලවා කළු ජාතීන්ට වද හිංසා පමුණුවූ සෝචනීය දර්ශනයන් විද්‍යුත් මාධ්‍යන් තුළින් ඇසුවෙමු, දුටුවෙමු.

දිනකට පස් වරක් ඉටුකරන සලාතය සමූහව ඉටු කිරීමට ඉස්ලාම් නියෝග කිරීම තුළින් එම සමානාත්මතාවය ස්ථාපිත කරයි. එම සලාතයන් ඉටු කරන අවස්ථාවෙහි උරෙනුර ගැටි පෙළ ගැසිය යුතුය.

අවුරුද්දකට වරක් සීයට දෙක හමාරක් තම ධනයෙන් දුගීන්ට දුප්පතුන්ට ලබාදෙන ලෙස ඉස්ලාම් ධවනතුන්ට අනිවාර්්‍ය කිරීමෙන් එම සමානාත්මතාවය ස්ථාපිත කරයි.

වසරකට වරක් පුරා මාසයක් උපවාසයෙහි නිරතවීමට අණ කිරීමෙන් පොහොසතාට කුස ගින්නෙහි අමාරුව දැනෙයි, එයින් ඔහු තුළ දිළින්දන්ට උදව් කිරීමේ මානසිකත්වයක් උදාවෙයි. හජ් හෙවත් උසස් යාඥාව තුළින් කුමන දේශයට, වර්ණයට, භාෂාවට අයත් කෙනෙකු හෝ වේවා, හැමෝම එක හා සමාන ඇඳුමකින් සැරසී එම යාඥාවන් ඉටු කිරීම මගින් ජාත්‍යන්තර සහෝදරත්වයක්, සමානාත්මතාවයක් ඉස්ලාම් ගොඩනගයි.

ඉස්ලාම් හා පවිත්‍රත්වය:

මිනිසාගේ ජීවිතයෙහි සෑම අංශයක් පිළිබඳම අවධාරණය කරන ඉස්ලාම් පවිත්‍රත්වය කෙරෙහිද වැඩි සැළකිල්ලක් දක්වයි. ශුද්ධවූ අල්කුර්ආනය පවසයි: —සැබවින්ම අල්ලාහ් පශ්චාත්තාපකරන්නන් හා පවිත්‍රවන්තයින් ප්‍රියකරයි˜

(ශු කුර්ආනය 9: 108).

තවද ඉස්ලාම් පවිත්‍රත්වය දේව විශ්වාසයෙහි අඩක් වශයෙන් පවසයි. වරක් ශාස්තෘවරයානන් පවසන විට —පවිත්‍රත්වය විශ්වාසයෙහි අඩකි˜ මෙම ප්‍රකාශයන් සියල්ල ඉස්ලාම් වචනයට පමණක් සීමා නොකර, මෙයට දැමු ප්‍රායෝගික වැඩපිළිවෙල ඉතා ප්‍රශංසනීයයි. කෙනෙකු දිනකට පස්වරක් අල්ලාහ් වෙනුවෙන් සලාතය ස්ථාපිත කළ යුතුයි, හැම සලාතයක් පාසාම ඔහු දෝවනය කරගත යුතුයි.

නබි (සල්) තුමන් වරක් මෙසේ ප්‍රකාශ කළහ, —ස්භවායෙන්ම පිහිටුනු කරුණු පහක් ඇත. චර්ම ඡේදනය, මර්ම ස්ථානයෙහි හා කිසිල්ලෙහි රෝමයන් ඉවත් කිරීම, නියපොතු කැපීම, උඩු රැවුල කොට කිරීම˜ (මූලාශ්‍රය: බුහාරි).

මුත්‍රා පහ කිරීමෙන් පසු එය පවිත්‍ර නොකර සිටීම මරණින් මතු ජීවිතයෙහි ද~ුවම් ලද වරදක් සේ ඉස්ලාම් අවධාරණය කරයි.

—(ශාස්තෘවරයානනි) ඔවුන්ට අනුමත දේ පිළිබඳ ඔඛෙන් ප්‍රශ්නකරයි, පරිශුද්ධ දේ ඔවුන්ට අනුමත බව පවසන්න˜

(ශු කුර්ආනය 5: 4).

කෙනෙකුගේ මුළු ජීවිතයම පවිත්‍රවිය යුතු බව ඉස්ලාම් උගන්වයි.

ඉස්ලාම් දහමට පිවිසීම තුළින් කෙනෙකුට ලැඛෙන වරප්‍රසාද:

කෙනෙකු සියළු මිථ්‍යා විශ්වාසවලින් මිදී, ඔහු විසින් අඹා ගත් ප්‍රතිමාවන්ට වැඳ පුදා ගැනීමෙන් බැහැර වී විශ්වයේ එකම බලය ශක්තිය අල්ලාහ් දෙසට පමණක් හැරි ඔහුගේ එකීය බාවය හා ඔහු විසින් තෝරාපත් ගනු ලැබූ අවසන් ශාස්තෘවරයා මුහම්මද් නබි (සල්) තුමන්ගේ ශාස්තෘ පදවිය පිළිගෙන ඒ අනූව ජීවත්වන බව ප්‍රතිඥාවක් ගත් විට ඔහු හෙතෙම මුස්ලිමෙකු වේ. —මුස්ලිම්˜ යන නාමය කෙනෙකුට උපතින්, ජාතියෙන්, වර්ණයෙන්, දේශයෙන්, භාෂාවෙන් හිමි නොවේ. මුස්ලිම් යනු අල්ලාහ්ට අවනත වී ජීවත්වන්නාය. ඔහුගේ අණ පණත් වලට අවනත වී ඔහු වැළකු දෙයින් මුළුමනින් ඈත්වී තම ජීවිතය හැඩ ගසා ගන්නාය.

කෙනෙකු මුස්ලිම් වීමෙන් ඔහුගේ පෙර පාපයන් සියල්ල කමා කරනු ලබයි. ඔහු එදින උපත ලද දරුවෙකු සේ පාපයන්ගෙන් පරිශුද්ධ වෙයි. මරණින් මතු ජීවිතයෙහි ඔහුට සදාතනික ජය හිමිවෙයි. ඔහු නිරයෙහි ද~ුවම් වලින ඔහුට රැකවරණය ලැඛෙයි.


උපවාසය අනිවාර්්‍ය වීමට කොන්දෙසි

1- මුස්ලිමෙකු වීම:- කාෆිර් (මිත්‍යා දෘෂ්ටිකයෙකුට උපවාසය අනිවාර්්‍ය නොවේ). ඔවුන් උපවාසයෙහි නියැලූනද එය නොපිළිගැනේ. ඉස්ලාම් දහමට ප්‍රවිශ්ටවීමට ඇති මූලික ප්‍රතිපත්තීන් දෙක නොපිළිගෙන මොනම යාඥාවක් කළත් එයට වළංගුභාවයක් හිමි නොවේ.

2- වැඩිවියට පත්ව සිටීම:- මෙයින් පැහැදිළි වන්නේ වැඩිවියට නොපත් වූ කුඩා දරුවන්ට උපවාසය අනිවාර්්‍ය නොවේ. එනමුත් පුරුදු පුහුණුව සඳහා ඔවුන් උපවාසයට දිරිගැන්වීම සතුටු දායක වේ.

3- මනා සිහිබුද්ධිය ඇති කෙනෙකු වීම:- මානසික රෝගීන්ට උපවාසය අනිවාර්්‍ය නොවේ යනු මෙයින් පැහැදිළි වෙයි. මන්ද මොවුන් බල කිරීමටද, හොඳ නරක තෝරා බේරා ගැනීමේ ශක්තියක්ද නොමැති පිරිසකි.

4- උපවාසය ඉටු කිරීමට ශක්තිය ඇති අය:- වයෝවෘද්ධ වීමෙන්, නැතහොත් රෝගී තත්ත්වය නිසා දුබලත්වයට පත්වූ අය මෙයින් පිටත්වෙයි.

5- සිය ගමෙහි රැඳී සිටීම:- ගමන් බිමන් වල නිරත වී සිටින්නන්ටත් අනිවාර්්‍ය නොවේ. ඔවුන් වෙනත් කාල වල මග හැරුනු උපවාසයන් ඉටු කළ යුතුය.

මේහා බැඳුනු වෙනත් සමහර නීති රීතින්:

1- ප්‍රශ්නය :-

රමලාන් දහවල් කාලයෙහි වෙනත් ආගමිකයෙකු ඉස්ලාම් දහම වැළඳ ගත් විට නැතහොත් මානසික රොගියෙකු යහපත් තත්ත්වයට හැරුනු විට පවතින නීතිය කුමක්ද?

පිළිතුර:- ඔවුන්ට අනිවාර්්‍ය නොවී තිබුනු තත්ත්වයක මෙය අළුතින් ඇතිවූ තත්ත්වයකි. එදින උපවාසය නිශ්ඵල වන ක්‍රියාවන්ගෙන් මිදී, එම උපවාසය පසුව ඉටු කිරීම ඔහුට අනිවාර්්‍ය නොවේ. මන්ද ඔවුන් උපවාසය ඉටු කිරීම අනිවාර්්‍ය වූ තත්ත්වයක නොසිටියේය. ඉන් පසු ඔවුන් දිගටම උපවාසයන් ඉටු කළ යුතුයි.

2- ප්‍රශ්නය:- රමලාන් දහවල් කාලයෙහි මගියෙකු තමන්ගේ ගමන අවසන් කර සිය ගම රටා බලා පැමිණියේ නම්, නැතහොත් ඔසප් වූ කාන්තාව නැතහොත් දරු ප්‍රසුත්‍රයෙන් පසු රුධිරය හටගන්නා කාන්තාවක් පවිත්‍ර වූයේ නම්, නැතහොත් උපවාසය ඉටු කිරීමට ශක්තිය නොමැති අයට ශක්තිය, වීරිය ලැබුනේ නම්. නැතහොත් රෝගී තත්වයෙන් මිදුනේ නම් පවතින නීතිය කුමක්ද?

පිළිතුර:- එදින උපවාසය නිෂ්ඵල වන කරුණු වලින් ඈත් නොවී. එම දිනය වෙනුවෙන් වෙනත් දිනයක උපවාසය ඉටු කිරීම ඔහුට අනිවාර්්‍ය වේ. මෙයට සාධක වශයෙන්: —කව්රුන් රමලාන් මස දහවල් කාලයෙහි උපවාසයෙන් මිදෙයිද ඔහු දහවල් අවසානයේදිද උපවාසයෙන් මිදිය යුතුයි˜ යනුවෙන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: ඉබ්නු අබිෙෂෙබා).

3- ප්‍රශ්නය:- රමලාන් මස උදාවූ ආරංචිය කෙනෙකුට නොලැබී පසු දින දහවල් කාලයෙහි දැනගනි වී නම් එහි නීතිය කුමක්ද?

පිළිතුර:- නිදසුනකට: ඈත පළාතක සිටින කෙනෙකු නව සඳ බලා ඊට පසු දින නීතිපතිවරයා වෙත පැමිණ සඳ බැලූ බව සාක‍ෂි දැරුවේ නම් පහත සඳහන් සාධකය අනූව උපවාසය නිෂ්ඵල වන සියළු කාර්්‍යයන්ගෙන් වැළකි සිටිය යුතුයි. —නබි (සල්) තුමන් ආෂූරා උපවාසය අනිවාර්්‍යවූ විට දහවල් කාලයෙහි ආහාරවලින් වැළකි සිටින ලෙස සමස්ත මුස්ලිම් ප්‍රජාවටම නියෝග කළහ. එතුමන්ද වැළකී සිටියහ˜.

(මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

මෙම උපවාසය වෙනත් දිනයක ඉටු කිරීමද අනිවාර්්‍ය වේ. මන්ද අනිවාර්්‍ය උපවාසය සඳහා ෆජ්ර් හිමිදිරියට පෙර චේතනාව ඇති කරගැනීම කොන්දේසියක් වේ. මෙම ක්‍රමයෙහි චේතනාව තහවුරු වී නොමැත.

ශ්‍රී ලාංකීය සමාජය තුල වැඳුම් පිදුම් හා විවිධ ඇදහිලි ක්‍රම

මිනිස් වර්ගයාගේ මෙලොව සම්භවයේ පටන් ඔහු විවිධ වූ විශ්වාසයන් මත පදනම්ව ජීවත්වීමට පුරැදු පුහුණු විය. එසේ ආරම්භයේ සිටම තම ජීවිතයේ අංගයක් කොටගත් මේ සිරිත අදටත් අත්නොහර පැවත එනු ලැබේ. ඒ අනුව දහමක්, දර්ශනයක්, ඇදහිල්ලක් පිලිපදින්නේ නැති පිරිස් දැකීම ලොව දුලබ දසුනකි. ආගමක්‌ දර්ශනයක් පිලි නොපැද්දත් විවිධ වූ ඇදහිලි අදහන පිරිස් ලෝකයේ දක්නට ලැබේ. මෙහි වැදගත්ම කාරණය වන්නේ මෙවැනි පිරිස් ලාංකීය සමාජයේත් ජීවත්වීමයි. අද අප මෙහිදී කථා කරන්නේ මෙම කාරණය එනම්, ලාංකීය සමාජය තුල පවතින් ප්‍රධාන ආගම්වලට අමතරව පවතින විවිධ වූ ඇදහිලි පිලිබදවයි. මනුෂ්‍යයන් වශයෙන් නිදහසේ සිතන්නට සහ තීරණයක්‌ ගන්නට කිසිදු බාධාවක් නැත. ඒ අනුව කාලයත් තම බුද්ධියට අනූකූලවත් ඔහුට තම ආගම හෝ ඇදහිල්ල තීරණය කර ගන්න හැකිය. එය මානවයාට නීතියානුකූලවද ලබා දී ඇති අයිතිවාසිකමකි. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ 32 වන වගන්තියට අනුව,

‘‘යමකුට තමන් කැමැති ඕනෑම ආගමක්‌ ඇදහීමට, වතාවත් කිරීමට, විශ්වාස කිරීමට, ප්‍රකාශ කිරීමට,දේශනා කිරීමට හෝ ප්‍රචාරය කිරීමට අයිතියක්‌ ඇත.‘‘

මෙසේ නීතියානුකූල අයිතිය හිමි වූ පමණින් අන් අයට බාධා වන අයුරින් එහි ක්‍රියා නොකල යුතුය. එසේම කිසිවකු කිසිදු ආගමක් දර්ශනයක් පිලිගෙන තමන් දරණ මතයෙන් ඉවත් වන්නට සිතන්නේ නම් ඔහුට ඉහත අයිතීන් සියල්ල ඒ ආකාරයටම හිමිවිය යුතුය. විවිධ ආගම් ඇදහූ දෙමාපියන්ට දාව උපන් දරුවෝ වැඩිවියට පැමිණි පසු තම දෙමාපියන්ගේ ආගම පසෙකලා තමාට කැමති ධර්මය වෙත හැරුණු අවස්‌ථා කොතෙකුත් ඇත. මේ සියල්ල හරි එසේත් නැත්නම් වැරදි යන තීන්දුව දීමට අප ඉක්මන් නොවෙමු. එය මෙම මාතෘකාව තුලට අදාල ද නොවේ. නමුත් අපි අදහන දේ පමණක්‌ හරිය කියා අනුන්ගේ පෞද්ගලිකත්වයට අත ගසා එයට විරුද්ධවීමට අපට අයිතියක්‌ නැත. ඔහු හෝ ඇය අන්ධව විනාශයට ඇදීයන අන්දම අපට බලා සතුටු විය නොහැක. අප සිතන්නේ ඒ ඒ ආගම් හා දර්ශනයන් පිලිගන්නට ඔවුනට අයිතිය තිබෙනවා සේම එහි දකින හොද නරක පිලිබදව කථා කිරීමේ නිදහස ද සමාජයක පැවතිය යුතු යන්නයි. එසේ පැවතීම තුල සමාජයට මේ ඇදහිලි හා විශාවසයන් පිලිබදව අවබෝධයක් ලබාගැනීමට හැකි වනු ඇත. එම යහපත් වූ අරමුණ පෙරදැරිව අද ලාංකීය සමාජයේ ප්‍රසිද්ධියේ සහා අප්‍රසිද්ධියේ සිදුවන විවිධ ආගම් සහ ඇදහිලි ක්‍රම පිලිබදව දැන් අවධානය යොමු කරමු.


අද ලාංකීය බොහෝ පිරිස් බුද්ධාගම, ක්‍රිස්‌තියානි ආගම, ඉස්‌ලාම් හා හින්දු ධර්මය හැරුණු විට වෙනත් කිසිදු දහමක් හෝ දර්ශනයක් පිලිබදව නොදනී. ඒ ප්‍රධාන ආගම් හතරට අමතරව තව බොහෝ ආගම් හා ඇදහිලි අප අවට පවතී.

  • ගස්‌ ගල් වැඳීම ආදී මිනිසාගේ පටන් පැවත එන වන්දනා ක්‍රමයකි.

  • ඉර හඳ තරුවලටද වැඳුම් පිදුම් කරන අය තාමත් අප සමාජයේ සිටිති.

  • තමාට වඩා විශාල ගල් කුලක්‌ හෝ පර්වතයක්‌ දුටු කළ එසේත් නැත්නම් සශ්‍රරීක කන්දක්‌ ගිරි ශිඛරයක්‌ දකින කල ගල් යුගයේ මිනිසා එය මහ බලවන්තයකු යෑයි සිතා එයට වන්දනාමාන කරන පිරිස් ද සිටී.

  • ආලෝකය දෙන සූර්යයා සෞම්‍ය ගෙන දෙන චන්ද්‍රයා දැක ඒවා දෙවිවරුන් යෑයි සිතාවන්දනා කරන පිරිස් ද අප අතර අදටත් සිටී.

  • කලා රසාස්‌වාදයෙන් අනූන ඕනෑම දෙයක්‌ දෙස වෙනස්‌ ආකාරයෙන් බැලිය හැකි නිර්මාණශීලී කලාකරුවන් විසින් දෙන අලංකරණ නිසාද සමහර චලන වස්‌තුවලට දේවත්වයක්‌ ලැබිණි. හිරු දෙවියෝ, සඳ දෙවියෝ, වැස්‌ස වලාහක දෙවියෝ, අහස්‌ දෙවියෝ, සුළං දෙවියෝ වැන්නවුන් බිහි වීම එහි ප්‍රතිඵලයක් වන අතර මෙයත් අප අතර අදටත් පවතී.

  • ග්‍රීක පුරාණයේද සියුස්,‌ වීනස්‌, ඇපලෝ වැනි දේව චරිත තුලින් අද අපට දායා ද වු ගස්‌වල වැඩ සිටින රුක්‌ දෙවිවරු හා සමහරු රූස්‌ස ගස්‌වලට වන්දනාමාන කරන්නේ ඒ ගහේ වැඩ සිටින දෙවි දේවතාවන් වැදුම් පිදුම් කරන පිරිස් ද අප අතර සිටී.

ඉහත සදහන් ආකාරයේ විශ්වාසයන් හා ඇදහිලි වන ගස්‌ ගල් වන්දනා කරමින් ඒවාට පුද පූජා පවත්වමින් කාලය කා දමනවාට අමතරව සාත්තර කීම, පේන බැලීම, නැකැත් කේන්දර බැලීම, පොල් ගැසීම ගුරුකම් තේවාවන් කිරීම වැනි දේ කරන ස්ථාන ද ලාංකීය සමාජය තුල සුලබ දසුනකි. මේවා ඉහත සදහන් ප්‍රධාන ආගමික ස්ථානවල සිදුවීම සුවිශේෂි කාරණයකි. අද සමාජයේ පන්සල්වල හා කොවිල්වල දේවාල කුටි ඉදිකොට එම ආගම්වල ආශිර්වාද ඇතුව මේවා සිදුවේ. මීට අමතරව සමහරක් දේවාලවල එනම් කතරගමට මුන්නේස්‌වරමට හෝ වැල්ලවත්තේ වේල් පලට ගියොත් ඔබ දකින සිරුරට කටු ගසා ගැනීමේ කොකු වලින් එල්ලෙමින් හරෝහරා කියමින් කරන දේව නමස්‌කාර ඇඟ කිළි පොලා යන්නකි. සමහරු කියන්නේ එවැනි පුද පූජා පිළිගන්නට දෙවියන් කැමතිවේවිද? යනුවෙනි.

ඉහත ආකාරයට ප්‍රසිද්ධියේ කරනු ලබන විවිධ ඇදහිලිවලට අමතරව අප්‍රසිද්ධියේ කරනු ලබන ඇදහිලි කිහිපයක් ද ලාංකීය සමාජයේ දක්නට ඇත. මේවා පිලිබදව නිසි හෙලිදරව්වක් බොහෝ විට සිදු නොවන අතර මෙවන් පිරිස ගැන ගවේශණයක් සිදුකොට 2009 ඔක්තොම්බර් මස 18 දින දිවයින පුවත්පතට මිත්‍ර ශ්‍රී කරැණාසේන තම අත්දැකීම් ඉදිරිපත් කල ලිපිය මෙහි දී සාරාංශ කොට ඉදිරිපත් කරමි.

‘‘……………..සමහරු හිස මුඩු කරගෙනය. තවත් අය ඇඟේ විකාර කරගෙනය. සමහරු ගින්දරට වඳිති.තවත් අය ඇඳුම් නැතිව හෙළුවෙන් පාරේ ඇවිදිති. එසේ ඇඳුම් නැතිව ඉන්නේ නිගන්ඨයන්ය. එතරම් බහුල නොවුණත් අදටත් ඉන්දියාවේ ශ්‍රී මහ බෝධිය පසුපස කලාපයේ මේ නිගන්ඨයන් නිර්වස්‌ත්‍රයෙන් තම ආගමික වතාවත් වල නිරත වෙනු එහි යන අයෙකුට දකින්නට හැක. භාරතීය ජෛන ආගමක්‌ නොවුණද ඇඟේ නූල්පොටක්‌වත් නැතිව වනගතව සොබාදහම වඳිමින් එයට නමස්‌කාර කරමින් ගීත ගයමින් සිටින තවත් නිර්වස්‌ත්‍ර ගෑනු පිරිමි පිරිසක්‌ මේ ලෝකයේ සිටිති. අප රටටත් ඉතා සුළු ලෙස ඒ අයගේ සාමාජිකයන් පැමිණෙන්නේය. සමහරු සංචාරක කාලයට මෙරටට පැමිණ කුඩා කණ්‌ඩායම් සමග වන වැදී තම වන්දනාව කරති. නිරුවතින් සිටියද ඔවුන් අතර ලිංගික ක්‍රියාවන් සිදුවන්නේ නැත. එසේම කෘතිම දේවල් හෝ පරිසරයට හානිකර දේවල් භාවිතා කරන්නේ නැත.

දිනක් මා කතරගම වැඩහිටි කන්දේ සිට ගෝතම ගමට ආ මාතර සාමි සමග කිරි වෙහෙර පිටුපස හද්ද කැලේ කෙටි අඳනයකින් පමණක්‌ සැරසී භාවනායෝගිව සිටිද්දී මෙවැනිකණ්‌ඩායමක්‌ හමුවිය. ඔවුන් වැඩිදෙනා ජර්මන් ජාතික අයය. එම පිරිසේ නායකත්වය දැරුවේ ස්‌ටෙලා නම් රූමත් හොඳ උසමහත කාන්තාවකි. මැදි වයස ඉක්‌මවූ ඉතාලියානු ජාතික වයලීන් වාදිකාවක්‌ද එදා ඒ කණ්‌ඩායමට ඇතුලත්ව සිටියාය. කැලේ මැද අහම්බෙන් හමුවූ ස්‌ටෙලාගේ නායකත්වය යටතේ අප තිදෙනාටද දින තුනක්‌ මහ වන මැද ඔවුන්ගේ ව්‍යවස්ථාවට අනුව ඊට කීකරුව සොබාදහමට ගරු කරමින් ගිටාර් වයමින් පලතුරු එළවළු කමින් පිරිසිදු ජලය පමණක්‌ පානය කරමින් සිටින්නට සිදුවිය. එකල අවිවාහක තරුණයන්ව සිටි මාත් ප්‍රදීප් නම් මිතුරාත් මෙය අමාරුවෙන් ඉවසා වැදෑරුවත් අප සමග සිටි වයෝවෘධ සාමි නම් කළේ තම ඇස්‌ රෙදි කඩකින් වසා ගෙන හැම තප්පරේම ස්‌ත්‍රෝත්‍ර ගායනා කිරීමයි. මෙම පිරිස ලබ්ධියක්‌ හෝ ගුප්ත ඇදහිලිවන්තයන්ගේ කණ්‌ඩායමකි. මේ අය උපන් සැටියෙන් සැමදාම සිටින්නේ නැත. ඔවුන් ඒ සඳහා නිවාඩු ලබා ගෙන මහත් භක්‌තියෙන් ඒවා කරති. මැවිල්ල අගය කිරීම මෙම උප සංස්‌කෘතියේ අරමුණු වෙයි.

දේව දරුවෝ නම් වූ තවත් ලබ්ධියක්‌ ලොව පුරා ක්‍රියාත්මක වෙයි.

මෙය ලංකාව තුලද ඉතා රහසින් කුඩා පරිමාණයෙන් පැවැත්වෙන බව අපට සැලවිය.

උන්ගේ ඇදහිලික්‍රමය වන්නේද නිරුවතින් එක්‌ කාන්තාවක්‌ නමස්‌කාර කිරීමයි. මෙහිදී සමහර විට බහු ලිංගික කාර්යයන් වන බවද අපට ආරංචි විය. මගේ සහායකයකුව සිටි රත්ගම සුරේෂ් මල්ලීත් සමග මා වරක්‌ වෙස්‌ වලාගෙන ගාලු මුවදොර අසල පිහිටි හොඳින් දොරගුළු දමා වසන ලද සුවිසල් ශාලාවකට රිංගන්නට තැත් කළේ මේ වන්දනාව ගැන හොඳින් විමර්ශනය කරන්නටයි. අපට ඇතූළට යැමට කිසිසේත්ම ඉඩ නොලැබුණත් අමාරුවෙන් කුඩා කවුළුවකින් ඇතුළේ වුණ ජුගුප්සාජනක දේවල ඡායාවන් දැක ගන්නට ලැබිණි. ඉන් පසු එම ස්‌ථානයේ කිසිම දිනක ඒ වන්දනාව පැවැත්වූයේ නැත. ඔවුන්ට අප ගැන ඉව වැටී තිබුන අතර විශාල මුදලකට කුලියට ගෙන තිබූ එම ශාලාවද හැර දමා ගොස්‌ තිබිණි. කාලෙන් කාලෙට ලෝකෙට එන විවිධ ඇදහිලි ක්‍රම අප රටේ අයද ආදරයෙන් වැළඳ ගන්නට පසුබට නොවෙත්. බොහෝ අය මේවායින් බලාපොරොත්තු වන්නේ ධනවත්වීම,සෞභාග්‍ය සහ මිල මුදල් වැනි භෞතික දේවල්ය.

ළඟ තබා ගත් විට මුදල් ලැබෙන බව පවසමින් අද අප රටේ අලෙවි වන

  • රන් පැහැති කාසි වර්ගයක්‌ ඇත.

  • කාඩ් වර්ග හෝ සන්නස්‌ වැනි දේ ඇත.

  • රූප ඇත.

  • ලකී ප්ලාන්ඩ් නම් වූ චීනයේ හැදෙන කුඩා ජලජ උණබම්බු විශේෂයක්‌ද ඇත.

  • රුවල් නැවක්‌ ගෙයි සාලයේ තබා ගත් විට ධන සම්පත් උදාවන බවත් සෞභාග්‍ය ළං වන බවත් සිතා බොහෝ අය අනුන් කරන්නන් වාලේ මේවා තම නිවසේ තබා ගනිති.

මෙවැනි දෙයට පුවත්පත්වලින් මෙන්ම රූපවාහිනී නාලිකාවලින්ද ප්‍රචාරයක්‌ ලබා Kapruka Sri Lankaදෙති. අද නගරයේ හෝ ගමේ කඩයකට සාප්පුවකට හෝ හෝටලයකට ගියොත් එහි ඉදිරිපස මේසයේ හෝ කැෂියර් කූඩුව මත තබා ඇති තට්‌ට හිසක්‌ හා තඩි බඩක්‌ ඇති කරේ ගෝනියක්‌ එල්ලාගත් මනුෂ්‍යෙයකු ගේ රන්පාට පිළිමයක්‌ ඔබ දකිනු ඇත. පසුගිය මාසය තුළ විවිධ අවශ්‍යතා සඳහා කඩ සාප්පු හෝටල් වැනි ව්‍යාපාර ස්‌ථාන සියයකට මා ගොඩ වුණු අතර ඉන් හැත්තෑවකට ආසන්න තැන්වල මෙකී පිළිමය තබා තිබිණි. එය ඉදිරියේ පිත්තල පාට පහේ සහ රුපියලේ කාසි අඩංගු පීරිසියක්‌ද දකින්නට ලැබිණි. මෙම පිලිබදව විවිධ අය විවිධ මත පළ කරති. මා ගිය ස්‌ථානවලින් එහි අරුත නොදැන පිළිමය තියන් හිටි අය හතලිහකි. උන් කරන්නේ කුමක්‌ද කියා උන්වත් නොදනිති. වැඩි දෙනෙක්‌ කීවේ පිළිමෙ අතගෑවම සල්ලි ලැබෙනවා, බිස්‌නස්‌ වැඩි වෙනවා කියායි.

මෙයට අමතරව බජන් ගී ගයමින් රසකැවිලි කමින් තේ කහට භාජනයක හත්තක්‌ වඩවමින් කරන සායි වන්දනාව ද අප රටේ දකින්ට ඇති ඇදහිලි ක්‍රමයකි. මේ සඳහා වැඩිපුරම යොමු වන්නේ කාන්තාවන් බවට කතාවක්‌ පවතී. ඒ අතරින් තාරුණ්‍යය ඉක්‌මවන රූමත් කාන්තාවන් රැසක්‌ම සිටින බවටද රාව ඇත……………………‘‘


මේ ආකාරයේ වූ විවිධ ඇදහිලි ක්‍රමයන් ලාංකීය සමාජය තුල පවතිනවා යන්න ඔබව නියත වශයෙන්ම මවිත කරණු ඇත.

වැදගත්ම කාරණය වන්නේ මෙම පිරිස් පිලිබදව දැනුවත්ව හා අවධියෙන් සිටීමයි. උතුම් සංස්තෘතියකට උරැමකම් කියන අප සමාජය තුල මෙවැනි සංස්කෘතියක් නිර්මාණය වීම භයානක තත්වයකි. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ආරම්භයේ පැවසූ ආකාරයට මනුෂ්‍යාට කැමති ආගමක්‌ ඇදහීමක් තෝරගෙන පිලිපැදීමට අයිතියක්‌ ඇත. එහි අත තැබීමට හෝ විරුද්ධ වීමට අපට අයිතියක්‌ නැත. නමුත් මිථ්‍යාවෙන් සත්‍ය වෙන්කර ගැනීමට අපට සිදුවෙයි. අඳුරින් ආලෝකයටත් මිථ්‍යාවෙන් සත්‍යයටත් පැමිණිය යුතුවේ.

ජ්‍යොතිශය සහ නිමිති බැලීම ගැන ඉස්ලාමීය සංකල්පය

සමහරු තමන්ගේ ආගමට අනුකූලයයි පවසමින් නිමිති, පේන බලන්නන් සහ ජ්‍යොතිසඥයන්ගේ පසුපසු යති. මෙහි ඉස්ලාමීය සංකල්පය කුමක්ද යන්න අප සොයා බලමු.

අල්ලාහ් හැර අහස් සහ පොලෝ තලයේ සිටින කිසිවෙක් සැඟවුණු දේ ගැන නොදන්නා බව (නබිවරය) ඔබ පවසන්න යනුවෙන් අල්ලාහ් පවසන්නේය.

ශුද්ධවූ අල් කුර්ආනය 27.65

මෙහිදී සියල්ල දන්නා සර්වඥ එකම දෙවිඳුන් අල්ලාහ් බව මුස්ලිම්වරුන් විසින් තරයේ පිළිගන්නාවූ කරුණකි. එම නිසා සියළු හොඳ හෝ නරක සිදුවන්නේ අල්ලාහ්ගේ අභිමතය පරිදි යන්න විශ්වාස කර ඉදිරියට හැකි පරිදි කටයුතු කරගෙන යාම මුස්ලිම් වරයෙකුගේ වගකීමයි.

කවරෙක් හෝ ‍ජ්‍යොතිශඥයෙකු වෙත ගොස් කුමණ කරුණක් ගැන හෝ විමසා සිටියේ නම්, ඔහුගේ දින හතලිහක නැමදුම් පිළිගනු නොලැබේ යනුවෙන් නබිනායක මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් පැවසූ බව සෆීයියා (අල්ලාහ්ගේ තෘප්තිය ඇයට හිමිවේවා) තුමිය වාර්තා කර ඇත.

මූලාශ්‍රය මුස්ලිම් ග්‍රන්ථය

දිනකට පස්වතාවක් නැමදුමෙහි යෙදීම මුස්ලිම්වරයෙකුගේ අනිවාර්ය වගකීමකි. එමෙන්ම සලාතය (නැමදුම්) නොකරන්නා මුස්ලිම්වරයෙක් නොවේ යන්න මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් පවසා ඇති තවත් නබි වදනකි. යම් කෙනෙකු ජ්‍යොතිෂඥයෙකු වෙත පිළිසරණ පැතුවහොත් මෙවැනි දින හතලිහක කරණ නැමදුම් නොපිළිගන්නා තරමට එය පවකි.

කවරෙක් නිමිති බලන්නා හමුවට ගොස් ඔහු පවසන දේ සත්‍යය කළේ නම්, හෝ ඔසප් වී සිටින සිය බිරිඳ සමග සංසර්ගයේ යෙදුණේ නම්, සිය බිරිඳ සමග ගුද මාර්ගයෙහි සංසර්ගයේ යෙදුණේ නම් ඔහු නබිනායක මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ට පහලවූ මාර්ගයෙන් පිටමන්වේ යනුවෙන් පැවසූ බව අබූ හුරෛරා (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා) වාර්තා කර ඇත.

මූලාශ්‍රය අබුදාවුද් ග්‍රන්ථය

ඉස්ලාමයට අනුව අල්ලාහ් විසින් පිළිගන්නාවූ එකම ජීවන මාර්ගය නම් මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් විසින් සිය ජීවිතාදර්ශයෙන් පෙන්වාදුන් මාර්ගයයි. ඉහත නබි වනනෙහි සඳහන් කරුණු මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් විසින් පිළිකුල් කරන ලද කරුණුය.

ශාස්ත්‍රඥවරු ගැන මිනිසුන් නබිනායක මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ගෙන් විමසූ විට එහි කිසිවක් නොවේ යනුවෙන් පවසා ඇත. එවිට මිනිසුන් ඔවුහු කියනදේ සමහර අවස්ථාවලදී සත්‍ය වන්නේ ඇයිදැයි විමසූ විට එතුමා ඒවායේ සත්‍යතාවය නම්, ජින් වරුන් (අහසෙන්) හොරෙන් ඇහුම්කන්දී  ඒවා තමන්ගේ කන්වලට යොමුකරති. ඔවුහු ඒවා සාවද්‍ය තවත් කරුණු සීයක් පමණ එක්කර (ශාස්තඥ වරුන්ගේ හමුවේ) තබති යැයි පැවසූ බව ආයිෂා (අල්ලාහ්ගේ තෘප්තිය ඇයට අත්වේවා) තුමිය වාර්තා කර ඇත.

මූලාශ්‍රයන් බුහාරි සහ මුස්ලිම් ග්‍රන්ථයන්

අප බොහෝ දෙනෙකු දන්නා පරිදි මෙවැනි ගුප්ත නිමිති සහ පේන කියන්නන් සමහර අවස්ථාවල ඉතා නිවැරදි කරුණු ද පවසයි. මෙයට හේතුව මෙහිදී මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් විසින් පෙන්වාදී ඇත.

ඉහත කරුණු වලට අනුව මුස්ලිම් අප හට ජ්‍යොතිෂ සහ නිමිති බලන්නන් හමුවට යාම තහනම්ය. ඔවුන් තමන් හට සැඟවුණු කරුණු පිළිබඳව යම් ඥාණයක් තිබෙන බව තර්ක කරති. නමුත් ඔවුන් පසුපස යාමේ අවසානය විනාශයයි.

ඔවුන් එක් සත්‍ය කරුණක් දැනගෙන ඒ සමග සාවද්‍ය කරුණු සියයක් එක් කරති.

අත්රේඛා බැලීම, යම් යම් දේ ලියා දියකර පානය කිරීම සහ ලග්න බැලීම යනාදී සියල්ල මෙම නිමිති සහ තාරකා ශාස්ත්‍ර විෂයයට ඇතුලත්ය

Source: www.dawahcorner.net

ඉස්ලාම් ආගමේ දේශපාලනමය, ආර්ථීකමය, සමාජයීය ක්‍රමය

ඉස්ලාම් ආගමේ දේශපාලනමය, ආර්ථීකමය, සමාජයීය ක්‍රමය ගැන විස්තර වශයෙන් සාකච්ඡා කිරීමට මෙම පරිච්ඡේදයේ ඇති ඉඩ ප්‍රමාණය ඉතා සීමිතය. අපරදිග උගතුන් විසින් ඉස්ලාම් ආගමට විරුද්ධව පතුරුවා හරින ලද වැරදි මතයක් ගැන මතු පළ වන ග්‍රන්ථ වල කරන අතර තුර ම, ඉහත සඳහන් කරුණු ගැන ද සවිස්තරව සාකච්ඡා කිරීමට හැකි වන බැවින් ඒ පිළිබඳ සෑහෙන අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. පහත සඳහන් කරුණු අපගේ පාඨකයන් ඉදිරියේ තැබීමට කැමැත්තෙමු.

පළමුකොට, ඉස්ලාම් ආගම හුදු විඥානවාදී, දර්ශනයක් නොවන බව අවබෝධ කරගත යුතුය. අනෙක් අතින්, එය මිනිස් වර්ගයාගේ නියම අවශ්‍යතා සම්පූර්ණයෙන් ආශ්වාදය කරමින් ඒවා හඳුනා ගැනීමට උත්සාහ කරන ප්‍රායෝගික ජීවන ක්‍රමයෙකි.
දෙවනුව, මිනිසාගේ නියම අවශ්‍යතා සපුරාලීමට උත්සාහ කිරීමේ දී, මනුෂ්‍ය ස්වභාවය අනූව ඉස්ලාම් ආගම එහි සම – තුලිතතාවක් ඇති කරයි. පුද්ගලයාගේ ශරීරය හා ආත්මය අතරත්, හේතුව හා ආධ්‍යාත්මය අතරත්, සමතුලිතතාවක් රැකෙන අයුරින් එය පුද්ගලයාගෙන් අරඹයි.
කිසි විටෙක එක් පැත්තකින් අනෙක් පැත්ත අභිභවනය කිරීමට ඉඩ නොදෙයි. ආත්මය ඉහළ තලයෙන්ම නැංවීම පිණිස මෘග ආශාවන් මර්දනය කිරීමක් එය නොකරයි. කාමුක ආශාවන් පිනැවීමේ දී මිනිසා තිරිසන් තත්ත්වය වැනි පහත් මට්ටමකට පත් කිරීමක් ද නොකරයි. එය කරන්නේ, මනුෂ්‍ය ආත්මයේ පැවැත්මට තර්ජනය කරන එසේ නැතිනම්, එහි එක් කොටසක් අනෙක් කොටස්වලට විරුද්ධ ව තබන, අභ්‍යන්තර මානසික ගැටුම් ඉවත් කොට, අර අංශ දෙක එක් උසස් තැනක දී හමු කිරීමයි. මේ නිසා එය පුද්ගල අවශ්‍යතා අතර සම-තුලිත බවක් ඇති කිරීමට කි්‍රයා කරයි. එය පුද්ගලයන් හෝ සමාජය පාගාගෙන ඉඳීමට එක් පුද්ගලයකුට කිසි විට ඉඩ නොදෙයි. එසේ ම පුද්ගලයෙකු පාගාගෙන හිඳීමට සමාජයට ද ඉඩ නොදෙයි. එක් පන්තියකට හෝ මනුෂ්‍ය කොට්ඨාශයකට තවත් පන්තියක් හෝ මනුෂ්‍ය කොට්ඨාශයක් වාලූන් කර ගැනීමට එය ඉඩ නොදෙයි. අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ සියලූ බලවේගවල දී, ඔවුනොවුන් අතර ගැටුම් වළක්වයි. ඔවුනට එකට අත්වැල් බැඳ ගැනීමට අනුශාසනා කරයි. මිනිස් වර්ගයාගේ පොදු යහපත පිණිස එක්සත් වන ලෙස කියයි. ඉස්ලාම් ආගම මේ අයුරින් සංවරශීලී, සුභසාධක ක්‍රමයක් අනුගමනය කරයි.


මෙසේ, ඉස්ලාම් ආගම ආධ්‍යාත්මික හා බාහිර අංශ අතරේත්, ආර්ථීක හා මානුෂික අංශ අතරේත් යන විවිධ සමාජ අංශ අතර සම තුලිතතාවක් රැකගනියි. කොමියුනිස්ට් වාදය පිළිගන්නාක් මෙන්, මානුෂික් පැවැත්ම ආර්ථීක කරුණු භෞතික පැත්ත විසින් අභිභවනය කරනු ලැබේය යන්නත් ඉස්ලාම් ආගම විශ්වාස නොකරයි. මනුෂ්‍ය ජීවිතය සංවිධනාය කිරීමට උසස් අදහස් වල ආධ්‍යාත්මික පක‍ෂය පමණක් සෑහේය යනුවෙන් පවිත්‍ර ආධ්‍යාත්මාවදීන් හා විඥානවාදීන් කරන ප්‍රකාශයට එය එකඟ නොවේ. මනුෂ්‍ය සමාජය ගොඩනැගෙන්නේ එක් කෙනෙකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් නොව විවිධාකාර මූලයක් එකතුවීමෙන් බව ඉස්ලාම් ආගම පිළිගනියි. මේ සියල්ල සැලකිල්ලට ගෙන ශරීරයට, බුද්ධියට හා ආත්මයට සම්පූර්ණයෙන් ඉඩ දී, ඒවා සාමකාමී රාමුවක් තුළ සංවිධානය කිරීම හොඳ ම ජීවන පද්ධතිය බව ද ඉස්ලාම් ආගම පිළිගනියි.
වෙතනුව, සමාජ දර්ශනයක් වශයෙන් හා ආර්ථීක ක්‍රමයක් වශයෙන් ඉස්ලාම් ආගමේ සම්පූර්ණ නිදහස් පැවැත්මක් ඇති බව සිහි තබා ගත යුතුය. එහි සමහර බාහිර ගති ලක‍ෂණ ධනවාදයට හෝ කොමියුනිස්ට් වාදයට සමානයයි මතුපිටින් පෙණුන ද, ඇත්ත වශයෙන්, මේ එකක්වත් නොවේ. මෙම ක්‍රමවල වැරදි සහ නොගැලපෙන තැන් ඉවත් කොට හොඳ ලක‍ෂන පමණක් එය රඳවා ගනියි. සමාජ ක්‍රමයෙහි පදනම පුද්ගලයා ය යනුවෙන් සලකන වර්තමාන අපරදිග පවත්නා ගති ලක‍ෂණවල තත්ත්වයට ම නොවැටි ඉස්ලාම් ආගම පුද්ගලවාදය පිටුදකී. පුද්ගලයාගේ නිදහස සෑම අතින්ම ආරක‍ෂා විය යුතු යයි ද, සමාජය විසින් කිසිම හේතුවක් නිසා එම නිදහසට ඇඟිලි නොගැසිය යුතු යයි ද කියයි. පුද්ගල නිදහස යන සංකල්පය මත ගොඩනැගුණු, අපරදිග වර්තමාන ධනවාදය නමැති විෂ බීජය විසින් පුද්ගලයා හදා වඩා ආරක‍ෂා කළ ජන සමාජය ඇතුළු අනිකුත් අය සූරාකනු ලබයි. සමාජයේ වැදගත්කම හොඳින් අවබෝධ කරගත් ඉස්ලාම් ආගම පෙරදිග යුරෝපීය රටවල දක්නට ලැඛෙන අන්දමේ අන්තයකට යන්නේ නැත. මනුෂ්‍ය ජීවිතයේ පදනම වූ සමාජය තුළ පුද්ගලයෙක් යනු ස්වකීයයි පැවැත්මක් නැති, තම රංචුවෙන් නිදහස් විය නොහැකි, නොවැදගත් වාහනයෙකියි එම යුරෝපිය රටවල් සිතයි. මේ නිසා නිදහස හා බලය විඳින්නේ සමාජයයි. ඒ පිළිබඳ ව ප්‍රශ්න කිරීමට හෝ තම අයිතිවාසිකම් ඉල්ලා සිටීමට හෝ පුද්ගලයාට කිසිම බලයක් නැත. මේ අයුරින් පුද්ගල ජීවිත කැමැති පරිදි හැඩ ගැස්වීමේ පරම බලය ඇත්තේ රාජ්‍යයටයයි යන ආකල්පය සහිත ව කොමියුනිස්ට් වාදය බිහි විය.
ඉස්ලාම් කොමියුනිස්ට් වාදයටත්, ධනවාදයටත් අතරමැදී සම-තුලිතතාවක් ඇත්තකි. පුද්ගලයාට තම සහෝදර ජනතාව පාගා ගැනීමට නොව, ඔහුගේ දක‍ෂතාවන් වැඩි දියුණු කර ගැනීමට නිදහස අවශ්‍ය යන්න හා පුද්ගලයා හා රාජ්‍යය අතර සාමය පැවතිය යුතුය යන්න ද පිළිගනිමින්. ජන සමාජයටත්, සංවිධාන වූ ජන සමාජයක ලක‍ෂණය වූ රාජ්‍යයටත්, මනුෂ්‍ය ජීවිතයේ මෙම සාමය ආරක‍ෂා කොට පවත්වාගෙන යාමට හා කි්‍රයාත්මක කිරීමටත්, සමාජ ආර්ථීක සම්බන්ධතා පාලනය කිරීමටත් විශාල බලතල ලබාදෙයි. ඉස්ලාම් ආගමට අනූව මෙම සම්පූර්ණ සැකිල්ලෙහි පදනම වන්නේ පුද්ගලයන් හා සමූහ අතර පවත්නා අන්‍යෝන්‍ය ආදරයයි. එය ගොඩනගා ඇත්තේ ඔවුනොවුන් අතර කුළල් කා ගැනීම් මතවත්, කොමියුනිස්ට් සමාජවල දක්නට ලැඛෙන පන්ති අරගල මතවත් නොවේ.
ඉස්ලාම් ආගම දකින අයුරින්, මෙම උසස් ජීවන ක්‍රමය කිසියම් ආර්ථීක පීඩනයක් නිසා ඇති වූවක් හෝ, අන්‍යෝන්‍ය විරුද්ධවාදී මිනිස් සමූහවල පරස්පරව ගැටෙන අවශ්‍යතා නිසා ඇතිවූවක් හෝ නොවේ. මෙපමණක් නොවේ, මෙම ක්‍රමය, ප්‍රබුද්ධ ජීවන ක්‍රමයක් වශයෙන් ලෝකයට එළිදරවු කරන ලද්දේ මිනිසුන් ආර්ථීක කරුණු වලට විශේෂ වැදගත් තැනක් දුන් අවධියකදී නොවේ. වර්තමානයේ අප දක්නා අරුතින් සමාජ සාධාරණය පිළිබඳ ව කිසිවක් ඔවුන් දැන සිටියේ නැත. කොමියුනිස්ට් වාදය හා ධනවාදය පශ්චාත්කාලීන වර්ධනයෝ වෙති. මනුෂ්‍ය ජීවිතයෙහි සමාජ හා ආර්ථීක අංශයන්හි ප්‍රතිසංස්කරණ ගැන සලකන විට, කාල්මාක්ස්ගේ නම සාමාන්‍යයෙන් සම්බන්ධ වී පවත්නා, මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාර, නිවාස හා ලිංගික තෘප්තිය යන කරුණු සඳහා ප්‍රතිපාදන සැලසීම රජයක යුතුකමයි. මෙම අදහස මනුෂ්‍ය චින්තනය පිළිබඳ ඉතිහාසයේ මහා විප්ලවයක් ඇති කළේ ය. එහෙත්, කාල්මාක්ස්ට බොහෝ කලකට පෙර, අවුරුදු එක් දහස් තුන්සියකට පෙර, ඉස්ලාම් ආගම ලෝකය ඉදිරියේ පුද්ගලයාගේ මෙම අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශ කළේය.

මේ අයුරින් අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන් මෙසේ කීය: —අප සඳහා (ඉස්ලාමීය රාජ්‍යය) යම් කිසිවෙක් රාජ්‍ය සේවකයකු ලෙස කි්‍රයා කරන්නේ ද, ඔහුට භාර්යාවක් නැත්තේද, ඔහුට භාර්යාවන් සිටිය යුතුය. නිවසක් නැතිනම් ජීවත් වීම සඳහා ඔහුට නිවසක් ලබා දිය යුතුය. සේවකයෙකු නැත්නම් සේවකයෙකු සොයා ගත යුතුය. ඔහුට (සත්වයෙකු) වාහනයක් නැතිනම් සත්වයෙකු සොයි දිය යුතුය.˜ මෙම මූලික අයිතිවාසිකම් පිළිබඳ ඓතිහාසික ප්‍රකාශනයෙහි අන්තර්ගත වන්නේ කාල් මාක්ස් කියූ දෙය පමණක් නොවේ. පන්ති අතර ද්වේශයක් නැතිව, ලේ ගලන විප්ලව නැතිව, ආහාර, නිවාස හා ලිංගික තෘප්තිය හා පෙර කී මූලයන් ප්‍රතිෙක‍ෂ්ප කිරීමක් නැතිව, කාල්මාක්ස් කියූ දෙයට වැඩිපුර දේ එහි අඩංගු වේ.
මේවා ඉස්ලාමීය ජීවන පද්ධතියේ කැපී පෙනෙන ලක‍ෂණ ය. එබඳු නීති හා මූල ධර්ම සහිත වූ ද, මානුෂික පැවැත්ම, හැඟීම්, සිතුවිලි, කි්‍රයා, වන්දනා, ආර්ථීක කටයුතු, සමාජ සම්බන්ධතා, ආශාවේග හා ආධ්‍යාත්මික ප්‍රාර්ථනා ආදී සියල්ල ඇතුළත් වූ ද, සරල සාමකාමී උතුම් ජීවන ක්‍රමයක් පිළිබඳ රාමුවක් තුළ සංවිධානය කරන ලද, ආගමක් එහි මනුෂ්‍යයාට ඇති ප්‍රයෝජනවත් බව කවදාවත් නැති නොවේය යන්න තහවුරු කිරීමට මේවා ප්‍රමාණවත් වෙයි.
එබඳු ආගමක සහ ජීවිතයේ අරමුණු සමාන බැවින් එම ආගම කවදාවත් විනාශ වන්නට බැරිය. මේ නිසා පෘථීවිය මතුපිට ජීවය පවත්නා තුරු එය පවත්නේ ය.
සමකාලීන ලෝක තත්ත්වය ගැන සලකා බලන විට, මිනිස් වර්ගයාට ඉස්ලාම් ආගමට පරාංමුඛ වීමට හෝ එහි ජීවන ක්‍රමය ප්‍රතිෙක‍ෂ්ප කිරීමට හෝ පුළුවන්කමක් නැත. ඒ නිසා ප්‍රබුද්ධ විසිවැනි සියවස තුළ ජීවත් වන මිනිසා තවමත් අතිශයින් මිලේච්ඡ වූ ද, අමිහිරි වූ ද සමාජ අසාධාරණකම්වල නියුක්ත වී සිටී.

ඇමරිකාව හා දකුණු අප්‍රිකාව මෙයට සාධක සපයයි. ඇත්ත වශයෙන්ම විසිවැනි සියවසේ ලෝකය විසින් ඉස්ලාම් ආගමෙන් උගත යුතු බොහෝ දේ ඇත. බොහෝ කලකට පෙර ඉස්ලාම් ආගම සියලූ සමාජ අසාධාරණකම්වලින් මනුෂ්‍යත්වය මුදා ගත්තේ ය. සමානාත්මතාව පිළිබඳ විචිත්‍ර චිත්‍රයක් එහි අඩංගුවූයේ පමණක් නොවේ. භක්තියෙන් මිස අන්‍යයන් මත ප්‍රමුඛතාවයක් කිසිවකුට ලැබිය නොහැකි යයි ප්‍රකාශ කරමින් කලූ, සුදු හා රතු මිනිසුන් අතර අද්විතීය සමානාත්මතාවක් ප්‍රායෝගික වශයෙන් ම එය ලබා ඇත. එය කළු මිනිසුන් වාල් බවින් මුදා ගත්තා පමණක් නොව, ඉස්ලාම් රාජ්‍ය තුළ උසස්ම තත්ත්වයට පැමිණීමට ඔවුන්ට ඇති අයිතිවාසිකම් ද පිළිගත්තේය. නිදහස් පුද්ගලයන් මෙන් ඔවුන්ට ඉස්ලාම් රාජ්‍යයේ ප්‍රධානීන් වීමට හැකිය. අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන් මෙසේ කීය: —නීග්‍රෝ වාලකු ඔබගේ ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබුවහොත් ඔහු අල්ලාහ්ගේ නීතිය ඔබ කෙරෙහි බල පවත්වන තාක් කල් ඔහුට සවන් දෙන්න. ඔහුට කීකරු වන්න.˜
අධිරාජ්‍යවාදයේ හා අත්තනෝමතිකත්වයේ පාපයන්ට හා මිලේච්ඡ ලක‍ෂණවලට මැදි වූ වර්තමාන ලෝකය තමන් බැඳ ඇති යදම් බිඳ දැමීමට ඉස්ලාම් ආගමට පමණක් හැකිය යන ඉස්ලාම් පණිවුඩය කෙසේ අමතක කළ හැකි ද? අධිරාජ්‍ය වාදයටත් සියලූ ආකාර සූරාකෑම්වලටත් ඉස්ලාම් ආගම විරුද්ධය. දෙවියන් වහන්සේගේ වචනය පතුරුවා හැරීමේ අදහසින් ඉස්ලාම් ආගම විසින් දිනාගන්නා ලද රටවල මිනිසුනට කරන ලද සැලකිල්ල කෙතරම් පරාර්ථකාමී ද? උතුම් ද? යන්න සිතා ගැනීමට පවා —ශීලාචාර˜ යුරෝපයට නොහැකි ය. මේ කරුණෙහි දී, උමර් බින් අල් කත්තාබ් කලීෆා (පාලකයා) ගේ ප්‍රසිද්ධ තීරණයක් සඳහන් කිරීමට කැමැත්තෙමු. ඊජිප්තුවේ ජයග්‍රාහී ජනරාල් වරයකු වූ ද, ගෞරවනීය ආණ්ඩුකාරයා වූ ද අම්ර් බින් අල් ආස් (රලි) තුමන්ගේ පුත්‍රයාට කිසිදු නෛතික සාධාරණත්වයක් නැතිව ඊජිප්තු කි්‍රස්තියානිකාරයාට පහර දීමේ හේතුවෙන් කස පහර දීමට නියම කළේය. තම කීර්තිමත් පියා නිසා ඔහු පාලක තුමාගේ කස පහරින් බේරුණේ අනූනවයෙනි.
ඉස්ලාම් රාජ්‍යයේ වැසියන් බුක්ති විඳින සිවිල් නිදහස කෙතරම් ද යන්න මෙම කරුණින් පැහැදිළි වෙයි.
ජීවිතයට විස කැවූ ධනවාදයේ පාපය ඊට පසු දක්නට ලැබිණ. එය නැතිකර දැමීමටත් මනුෂ්‍ය ජාතිය එහි දුෂ්ට විපාකයන්ගෙන් මුදවා ගැනීමටත් නැවතත් ඉස්ලාම් ආගම අවශ්‍ය විය. ධනපති ආර්ථීකයක ලක‍ෂණ වූ ගිනි පොලිය, ධනය රැස්කොට සඟවා තැබීම, ඉස්ලාම් ආගම විසින් තහනම් කරනු ලැබේ. වෙනත් වචනවලින් කියනවා නම්, මෙහි මීට අවුරුදු එක් දහස් තුන්සියයකට පෙර කළාක් මෙන්. ඉස්ලාම් ආගමට පමණක් ධනපති වාදයේ පාපයන් සාර්ථක ලෙස නැවැත්විය හැකි බවය. මිනිස් හදවතේ ආධ්‍යාත්මික ස්පන්දනය වියලවන්නේ නැතිව, සමාජ සාධාරණය පවත්වා ගැනීමට ඉස්ලාම් ආගමෙන් තරම් උපකාරයක්, භෞතික වාදී අදේව වාදී කොමියුනිස්ට් වාදය විසින් ජය ගන්නා ලද ලෝකයේ නොලැඛෙයි. ඉස්ලාම් ආගම මිනිසාගේ ලෝකය පටු හැඟීම් සහිත ලෝකයකට සීමා නොකරයි. මේ හැමට ම වඩා, ඉස්ලාම් ආගම පහත් පන්තියේ ඒකාධිපතීත්වයක් උපයෝගි කොටගෙන මනුෂ්‍ය වර්ගයා මත බලහත්කාරයෙන් තම ආගමික දර්ශනය කි්‍රයාත්මක කිරීමට අදහස් නොකරයි. උනන්දුවක් ද නොදරයි.
ආගමේ අනිවාර්ය බවක් නැත. ඇත්ත වශයෙන් ම ගුණවත් බව කෘෘර බවෙන් වෙන්ව කැපී පෙනෙනු ඇත.˜ (අල්කුර්ආනය 2: 256).
අවසාන වශයෙන්, තවමත් යුද්ධයේ සෙවනැලි වලින් වැසුණු ලෝකයට, පෘථීවිය මතුපිට සාමය ඇති කොට පවත්වාගෙන යා හැකි එකම මාර්ගය වන ඉස්ලාම් දෙස නොහැරී සිටිය නොහැකි ය.
ඉස්ලාම් යුගය ආරම්භ වූවා පමණකි. අවසන් වී නැත. එය සිඳී ගිය බලවේගයක් නොවේ. ජීවමාන ගතික බලවේගයකි. යුරෝපය මධ්‍යතන යුගයේ අඳුරු අගාධවල මාර්ගය සොයමින් බඩ ගෑ යුගයෙහි, පොළෝ තලය ආලෝකවත් කළ ඉස්ලාම් ආගමේ ඒ දීප්තිමත් ඓතිහාසික අතීතය මෙන් ම එහි අනාගතය ද දීප්තිමත් ය.
ශ.ද්ධවූ කුර්ආනය මෙසේ සඳහන් කරයි: —ඔබගේ වාලූන් පිළිබඳව ද එසේ ය. ඔවුන් තුළ පවත්නා කිසියම් යහ ගුණයක් ඔබ දන්නේ නම් ඔවුනට පෙනෙන පරිදි ඔවුන් නිදහස් කිරීම පිළිබඳ ප්‍රකාශනය ලියන්න. අල්ලාහ් ඔබට යම් ධනයක් ප්‍රදානය කොට ඇත් ද, එම ධනය ඔවුනට ද ප්‍රදානය කරන්න.˜ (අල්කුර්ආනය 14: 33).
ඉස්ලාම් ආගම මොනම ක්‍රමයක හෝ මිථ්‍යා විශ්වාසයන්ට විරුද්ධ බැවින් එයට මිනිස් බුද්ධිය වර්ධනය කිරීමේ ශක්තියක් ඇත. පසුගිය කාල පරිච්ඡේදවල දී මනුෂ්‍යත්වය, චින්තනය පිළිබඳ විවිධ අසාධාරණකම්වලට හා මිනිසාගේ අභිරුචියට අනූව හැඩ ගැසුණු සමහර පුරුදුවලට ගොදුරු වූ බව පෙනෙන අතර සමහර ඒවා මිනිසා විසින් නිර්මාණය කරන ලද දෙවියන්ගෙන් පැවතෙන බව ද පෙනේ. මේ අයුරින් මිනිස් බුද්ධිය ඉස්ලාම් ආගම පැමිණීමට පෙර අණ්ධකාරයේ බඩගාමින් තිබිණ. ඉස්ලාම් ආගම පැමිණීමත් සමග ම මිනිස් බුද්ධිය පරිණත බවට පත්විය. බහුබූත අදහස් වලින්, ඊනියා දෙවිවරුන්ගෙන්, යුදෙවු සම්ප්‍රදායන්ගෙන් හා ඛෙලහීන කි්‍රස්තියානි පල්ලියෙන් ද මුදවනු ලැබූ එම මිනිස් බුද්ධිය යළිත් වරක් සත්‍ය විශ්වාසයේ හා සත්‍ය දෙවියන් වහන්සේගේ අභියසට පමුණුවන ලදී.

මිත්‍යවන් තුලින් රෝග සුව කිරීම-තොවිල්, වශීගුරුකම්, ප්‍රේතයන්ගේ පිහිට පැතීම, දේවවාරම්

මෙලොව ජීවත්වන සියල්ල කුමන ආකාරයේ හෝ කරදරයන්ට විශේෂයෙන් ලෙඩ රෝගවලට ලක්වනවා නිරන්තරයෙන් අප අසන්නෙමු, දකින්නෙමු. ඉන් බහුතරයක් ලෙඩ රෝග හේතුවෙන්ම දුක්විද මිය යන ආකාරයද අප දකින්නෙමු. මෙවන් රෝග කිසිවකුගේ අවසරයක් ඇතිව ඇති  වන්නේ නැත. එසේම කිසිවකු ප්‍රතිෙක‍ෂ්ප කල පමණින් රෝගය නැති ද නොවේ. මෙලෙස මිනිස් ශක්තිය ඉක්ම වු ලෙඩ රෝග සුවකර ගැනීම පිණිස විවිධ පිරිස් විවිධ ක්‍රමයන් අනුගමනය කරන ආකාරය ද අප අවට සමාජයේ දකින්නෙමු.
පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන කල තවත් පිරිසත් තොවිල්, මන්ත්‍රගුරුකම්, යාච්ඤා, යන්ත්‍ර…….. යනාදී මිත්‍යා ක්‍රියාවන් තුලින් රෝග සුවය පතයි. අදටත් සමහරක් රෝග සදහා වෛද්‍ය ප්‍රතිකාර   නොගත යුතු බවට දැඩි විශ්වාසයන් සමාජයේ බුද්ධිමත් පිරිස අතර පවා පවතී. එසේම මෙම ලෙඩ රෝග සම්බන්ධයෙන් විවිධ පිරිස් විවිධ ආකාරයට ප්‍රතිචාර දක්වයි. එකම රෝගයක් සදහා වුවද බෞද්ධයකු එක් ආකාරයටත්, ක්‍රිස්තු භක්තිකයකු තවත් ආකාරයකටත්, ඉස්ලාම් භක්තිකයන් තවත් ආකාරයකටත් ප්‍රතිචාර දක්වනවා අප දකින්නෙමු.
එනම් කෙනෙකු තොවිල් කරන විට තවත් කෙනෙකු යාච්ඤා කරයි. කෙනෙකු පූජා පවත්වන විට තවත් කෙනෙකු යන්ත්‍රයන් ශරීරයේ එල්ලාගනී. මේ ආකාරයට එකම රෝගය සදහා එකින් එකට පරස්පර ප්‍රතිචාර දැක්වීම තුලම මේවා මිත්‍යාවන් යන්න බුද්ධීය ඇති ඕනෑම කෙනෙකු හට අවබෝධ කරගැනීම අපහසු නොවේ. එසේම මෙම සිය`එ ආකාරයේ මිත්‍යාවන් ක්‍රියාවට න`ගන්නේ තමා පිලිපදින දහම මූලික කරගෙන වීම ද වැදගත් කරුණකි. නමුත් ඒ ඒ ආගම්වල ඉගෙන්වීමන් ගැඹුරින් අධ්‍යනය කරන විට මෙවන් ප්‍රතිකාර ක්‍රමයන් එම ආගමික ඉගෙන්වීමන්වල දක්නටනොලැබේ. එසේ දක්නට නොලැඛෙනවා පමණක් නොවේ එවැනි ක්‍රියාවන් තරයේ ප්‍රතිෙක‍ෂප කරන ආකාරයේ ඉගෙන්වීමන්ද බොහෝ ආගමික මූලාශ්‍රයන්වල දක්නට ලැබේ. මෙවන් වු පරිසරයක් තුල රෝගයක් සම්බන්ධයෙන් මනුෂ්‍යයන් වශයෙන් අප ක්‍රියා කල යුත්තේ කෙසේද?.
මේ කෙරෙහි යම් සංවාදයක් ගොඩනැගීමට සුදුසුම කාලයක් ලෙස වර්ථමානය සදහන් කල හැක. එම කාරණය කෙරෙහි අවදානය යොමු කරන මුස්ලීම්වරයෙකු වශයෙන් මෙම මාතෘකාවට ඌනපූර්ණයක් ලෙස  මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න කෙරෙහි අවදානය යොමු කලේ නම්,

ඉස්ලාම් රෝගයක දී ප්‍රථීකාර කිරීම දැඩිව අවදාරණය කරයි. ඉස්ලාම් එය අවදාරණය කරනවා පමණක් නොවේ. සමහරක් රෝග සදහා ඖෂධ වර්ග ද හදුන්වා දේ උදාහර්ණයක් ලෙස මීපැණි, ක`එදුරු, රටඉදි……. යනාදිය සදහන් කල හැක. මීට අමතරව මුහම්මද් (සල්) තුමා සමාජයට මෙම වෛද්‍ය ප්‍රතිකාර අවදාරණය කල අවස්ථාවන්ද (හදීසයේ) දක්නට ලැබේ. එනම්.

එක්තරා අවස්ථාවක ගම්වාසීන් පිරිසක් පැමිණ මුහම්මද් (සල්) තුමාගෙන් “අප (රෝගයන් සදහා) ප්‍රතිකාර කරන්නද?”යනුවෙන් විමසා සිටින ලදී. එයට මුහම්මද් (සල්) තුමාණන් “ප්‍රතිකාර කරන්න මරණය නැමැති රෝගය හැර අනිකුත් සෑම රෝගයක් සදහා දෙවියන් ඖෂධ මවා ඇත.
දන්වන්නේ :- උස්මා ඉබුනු ශරීක් (රලි)
ග්‍රන්ථය :- අබුදාවූද්, තිර්මිදි, ඉබුනුමාජා
තවත් අවසථාවක මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී. එනම් “අල්ලාහ් (දෙවියන්) කිසිදු රෝගයක් සදහා ඖෂධ මවා නැතුවා නොවේ.
දන්වන්නේ :- අබූහුරෙයිරා (රලි)
ග්‍රන්ථය :- බුහාරි, ඉබුනුමාජා. බයිහකී
එක් එක් රෝග සදහා ඖෂධ ඇත.
දන්වන්නේ :- ජාබිර් (රලි)
ග්‍රන්ථය :- මුස්ලීම්, බයිහකී
ඉහත මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්වලින් පැහැදිලි වන්නේ කුමක්ද? රෝගයක් සදහා ඖෂධ ප්‍රතිකාර ගැනීම අත්‍ය අවශ්‍ය යන්න නොවේද? මුහම්මද් (සල්) තුමාණන් කිසිදු ආකාරයක මිත්‍යාවන් කෙරෙහි ජනතාව මෙහෙය වුයේ නැත. එසේ නොකලා පමණක් නොවේ. එවැනි මිත්‍යාවන් පසුපස යෑම මහා පාපයක් බවද අවදාරණය කරන ලදී. ඒ අනුව ඉස්ලාම්, මුස්ලීම් සමාජය මිත්‍යාවන්ගෙන් මුදවාගැනීමට අවශ්‍ය සිය`එ වැට කඩු`එ ශක්තිමත්ව යොදා ඇති බව සදහන් කල හැක.

උදාහර්ණයකට මුස්ලීම්වරයෙකු රෝගයක් සුව පිණිස තම ශරීරයේ කිසියම් වස්තුවක් බැද හෝ එල්ලා තබන්නේද (යන්ත්‍රයකට සමානව) ඔහුගේ කිසිදු සත්ක්‍රියාවක් දෙවියන් භාර නොගන්නා බවත් එය ඉස්ලාමයෙන් බැහැර කරවන්නට තරම් මහා පාපයක් බවත් පවසයි. එසේම කිසිදු මුස්ලීම්වරයෙකු “ශාස්ත්‍ර” විශ්වාස කිරීම නොව ඇසීමේ හේතුවෙන් ඔහු දින 40ක් මු`එල්ලේ කල පිං ඔහුට අහිමි වන බවත් ඉස්ලාම්, මුස්ලීම් සමාජයට අවදාරණය කරමින් සමාජ මිත්‍යාවලින් මුස්ලීම් සමාජය දුරස් කොට තබා ඇත.

මෙම ඉස්ලාමීය ඉගෙන්වීම පිලිබදව අවබෝධයක් නොමැති සු`එ පිරිසක් විවිධ මිත්‍යාවන් පසුපස ඇදීයාම ද දක්නට නැතුවා නොවේ. නමුත් අනිකුත් සමාජයට සාෙක‍ෂ්ව එය පවතින්නේ අවම මට්ටමකය. මුස්ලීම් සමාජයට සාෙක‍ෂව අනිකුත් සමාජයේ බහුතරයක් ලෙඩ සුව පිණිස පාරම්පරික ක්‍රම හා හාස්කම් නැමැති මායාවට හසුවී මිත්‍යාවන් පසුපස ඇදී යයි. මෙම කාරණය සම්බන්ධයෙන් ලාංකීය අපට බොහෝ අත්දැකීම් ඇත. විශේෂයෙන් පසුගිය දිනක විහාර මහාදේවි උද්‍යානයේ සිදුවු යාච්ඤා මෙහෙය සමීපතම උදාහර්ණයක් ලෙස ගෙනහැර දැක්විය හැක. මෙයට අමතරව පසුගිය කාලයේ දො`එකන්දට ඇදී ගිය ජන ගං`ගාවත් උදාහර්ණ ලෙස දැක්විය හැක. එසේම දිනපතා මාධ්‍යන් තුලින් මෙම රෝග සුවකිරීමේ මධ්‍යස්ථානවලට ලබාදෙන ප්‍රචාරයත් ඒ වෙත ඇදෙන ජන ගංගාවත් කියාපාන්නේ ජනතාව මේවා තුල මුලාවී සිටිනවා යන්න නොවේද? මෙවන් මිත්‍යවන් තුලින් රෝග සුව කිරීම යන්න ක්‍රිස්තු දහමේ එක්තරා පිරිසකට පමණක් සීමා වු කාරණයක් නොවේ. ඔවුනට සාපේක‍ෂව බෞද්ධයන් අතර ද මෙම මිත්‍යාවන් තොවිල්, වශීගුරුකම්, ප්‍රේතයන්ගේ පිහිට පැතීම, දේවවාරම්…….. යනාදී විවිධ නම්වලින් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වේ. බොහෝවිට මේවාට භික‍ෂූන් වහන්සේලා ද සෘජුවම සම්බන්ධ වි සිටිනවා යන්න ලාංකීය සමාජයේ ප්‍රසිද්ධ රහසකි. මෙම කාරණය සම්බන්ධයෙන් ද රටතුල සංවාදයන් ගොඩ නැගිය යුතුය.
අද අප සමාජය රෝගියකු සම්බන්ධයෙන් බහුතරයක් ක්‍රියා කරන්නේ කුමන ආකාරයටද?


*       බිලි පූජාකරමින් රෝගියා මියදෙන තුරු තොවිල් නැටීම
*       ලක‍ෂ ගනනින් හෝ දහස් ගනනින් වැයකරමින් පූජාවල් පැවැත්වීම
*       දේව යාච්ඤා කරමින් ප්‍රතිකාර නොකොට බලාසිටීම
*       යන්ත්‍ර මන්ත්‍ර ඉටුකොට ප්‍රතිකාර නොකොට බලාසිටීම
*       භාරහාර සිදුකොට ප්‍රතිකාර නොකොට බලාසිටීම

මේ ආකාරයට සමාජ මිත්‍යාවන් පෙලගැසිය හැක. මෙම මිත්‍යාවන් තුල කොටුවී මියගිය රෝගීන් ප්‍රමාණය පිලිබදව කථා කිරීමටත් එම සිද්ධීන් පෙලගැසිමටත් හැක. ඒවා තුලින් විවිධ ආගම් හා ඇදහිලි වෙත ඇ`ගිලි දිගුකිරීමටත් ඔවුනට විරුද්ධව සංවේදී අන්‍ය ආගමීකරණය“, “මූලධර්මවාදීන්වැනි සටන්පාට පවසා ජනතාව ආවේශ කර එය තුලින් දේශපාලන හෝ ආගමික වාසීන් ලබාගැනිමටත් තමන්ගේ බංකලෝතුභාවයන් ජනතාවගෙන් වසන්කර තබා ගැනීමටත් හැකිවනු ඇත.

මේවා සියල්ල ජනතා යහපත සදහා ක්‍රියාත්මක නොවන කාරණයන් බව ජනතාව අවබෝධ කරගැනීමට අසමත් වුයේ ඇයිද? යන්න ප්‍රබල ගැට`එවක් අපට ඇත. මෙවැනි මිත්‍යාවන් බෞද්ධයන් නොවන සමාජය සිදුකලා නම් එය අකැප වන්නටත් බෞද්ධ සමාජය කලානම් කැප වන්නටත් පු`එවන්ද? මේවායෙහි වලංගු අවලංගුභාවය තීරණය කරන්නේ එම ස්ථානවල සිදුවන මරණ සංඛ්‍යාව පදනම් කරගෙනද? එම ස්ථානවල අයකරන මුදල් ප්‍රමාණය පදනම් කරගෙනද? මෙවැනි මිනුම් කොතරම් දුරට සාධාරණද? එසේම අනිකුත් රෝග සුවකිරීමේ මධ්‍යස්ථානවල ඉහත ආකාරයේ සිදුවීම් සිදුනොවන බවට කිසිවකුටත් සහතික විය හැකිද? මෙවන් මිත්‍යාවන් කෙරෙහි විශ්වාසය තබා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු නොවී මියගිය කිසිවකු ලාංකීය ඉතිහාසය තුල වාර්ථා නොවු බවට කිසිවකුටත් සහතික විය හැකිද? සිදුවන්නේ මේවාට මාධ්‍ය හරහා ප්‍රචාරය නොදීමත් මෙවැනි සිද්ධීන් ප්‍රසිද්ධියට පත්නොවීමත් පමණි. දිනපතා විශාල පිරිසක් මෙවැනි මිත්‍යාවන්ට ගොදුරුවී මියයන බව පසුගිය දිනක පූවත්පත් මගින් අප දුටුවෙමු.
කරුණු එසේ තිබිය දී දේවා යාච්ඤාවකින් මියගිය පවුල් වෙනුවෙන් ඉදිරිපත් වු ස්වාමින් වහන්සේලාගේ අවදානය ඇයි සිව්ර දරා සිටින මෙවැනිම කාර්‍යයන් හි නිරතවන ස්වාමීණ් වහන්සේලා කෙරෙහි යොමු නොවන්නේ. සතිඅන්ත පුවත්පතක් බැලූවේනම් එහි වශී ගුරුකම් කරණ ස්වාමිණ් වහන්සේලා කීදෙනෙක්ද? යන්ත්‍රමන්ත්‍ර මගින් රෝග සුවකරන ස්වාමිණ් වහන්සේලා කීදෙනෙක්ද? ඉහත සටන්පාට පවසන පිරිසගෙන් මා අසන්නේ මෙවන් ව්‍යාපාර ලාංකීය සමායේ ප්‍රසිද්ධියේම පවතින බව ඔබවහන්සේලා නොදන්නෙහිද?. මෙවන් පිරිසට එරෙහිව ජනතාව පෙල නොගසන්නේ මෙය බුදුදහමට අනුකූල නිසාද? එසේත් නැත්නම් දේව යාච්ඤා මගින් බෞද්ධයන් ක්‍රිස්තු දහමට හැරවුවත් ස්වාමිණ වහන්සේලාගේ ප්‍රතිකාර තුලින් අන්‍ය ආගමිකයන් බුදුදහමට හරවා ගැනීමට සමත් වු නිසාද? දේව යාච්ඤාවන් මගින් මියගිය හා විපතටපත් පවුල් පිලිබදව හා එහි අදීනය පෙලගසන්නට හැකි වු බෞද්ධ විද්වතුන් හට තොවිල් හා අනිකුත් මිත්‍යාවන්තුලින් ජනතාව රවටා මුදල් උපයන බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ වෛද්‍ය සායනයන් නිසා විපතට හෝ මරණයට පත්වු පිරිස පිලිබදව සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට මනස විවෘත නොවුයේ මන්ද? බෞද්ධයණීæ, හදවතට එක`ගව පවසන්න එදා විහාර මහාදේවි උද්‍යානයේ දී සිදුවු දේව යාච්ඤාවට වඩා තොවිල් තුල සිදුකරන ක්‍රියාකාරකම් අමානුෂික නොවේද? එසේනම් ඇයි ඒවාට විරුද්ධව විවේඡනයන් හා සටන්පාටයන් නැත්තේ.
ජනතාව මුලාකිරීම සම්බන්ධ රාජ්‍ය පනත් මාධ්‍ය ඉදිරියේ පවසන්නටත් ඒවා ක්‍රියාත්මකකරවන්නටත් ඒවා තුලින් මෙවැනි යාච්ඤා මධ්‍යස්ථාන වසා දැමීමටත් අවශ්‍ය බව රජයට බලකර සිටි ස්වාමිණ් වහන්සේලාට මහා පරිමාණයෙන් ජනතාවගේ මුදල් මංකොල්ල කන තොවිල් හා අනිකුත් පූජාවන් කෙරෙහි අවධානය යොමු නොවුවාද? එසේත් නැත්නම් හිතාමතා එය පැහැර හැරියාද? රටේ ජනතාවගේ අවධානය මෙම කාරණය කෙරෙහි යොමු විය යුතුයි. අප විශ්වාසයන් හා ඇදහිලිවලින් විවිධ වුවත් ජාතියක් වශයෙන් අප ලාංකිකයන්ය. අප අතර සම`ගියක් හා සහයෝගයක් ගොඩ නැගිය යුතුය. ඒ මිත්‍යාවන් පදනම් කරගෙන, ජාතිවාදය පදනම් කරගෙන හෝ තවත් පිරිසකට අසාධාරණයන් සිදුකරමින් නොව  අන්තර් අවබෝධයන් ගොඩ නැගීම තුලිනි. විවිධ ජන කොට්ඨාශ ජීවත්වන ලාංකීය අප අතර විවිධ මතවාදයන් තිබිය හැක. නමුත් එම තත්වය ඒ ඒ ජන කොට්ඨාශවලට අසාධාරණයන් සිදුකරන තැනට අපව යොමු නොවිය යුතුය.
මෙය මුස්ලීම්වරුන්ගේ ශ,ද්ධ වු ග්‍රන්ථයක් වන අල්කුර්ආනය මෙසේ අවධාරණය කරයි.
“නුඹලාට එක් ජන කොට්ඨාශයක් කෙරෙහි තිඛෙන නොසතුට එම සමාජයට අසාධාරණයන් සිදුකිරීමට හේතු කාරණයක් කර නොගන්න
නමුත් සමාජයට ආදර්ශමත් වියයුතු ආගමික විද්වතුන් එදා ක්‍රියා කලේ කෙසේද? ජනතාව තවත් ජන කොට්ඨාශයකට එරෙහිව පෙළගස්වමින් ඔවුන් ආවේශයට පත්කරමින් ජාතිවාදයක් ඉස්මතු කිරීම පමණක් නොවේද?. එදා විහාර මහාදේවි උද්‍යානයේ විපතටපත් පවුල් වෙනුවෙන් ස්වාමිණවහන්සේලාගේ ප්‍රදානත්වයෙන් ඉදිරිපත් ඒ කලහකාරී පිරිස කලේ කුමක්ද? එම මරණය අවස්ථවක් කරගනිමින් තවත් ජන කොටසකට දෝෂාරෝපනය කිරීම හා අවලාද කිරීම පමණක් නොවේද? එයට ඔවුන් අතදරා සිටී සටන්පාටයන් හොද නිදසුනකි. සමාජය කෙරෙහි සැබෑ වු හැ`ගීමක් පවතින්නේ නම් මෙවැනි සිය`එ ව්‍යාපාරයන් නතර කිරීමට ක්‍රියා කොට මෙම පූජකවරුන් රටට ආදර්ශයක් දිය යුතුය. එහිදී වැදගත් වන්නේ මෙවැනි ක්‍රියාවල නිරත වන්නන්,
බෞද්ධයකුද?
ක්‍රිස්තු භක්තිකයෙකුද?
ඉස්ලාම් භක්තිකයකුද?
හින්දු භක්තිකයෙකුද?

නොඑසේ නම් වෙනත් ජන කොට්ඨාශයක්ද? යන්න නොවේ. මෙම මිත්‍යාවන් තුලින් ජනතාව මුලාකරන්නේ කව්ද? යන්නයි. මේ අනුව බහු ජාතීන් හා සමයන් පවතින රටක් වශයෙන් මෙවන් පරිසරයක් තුල ආගමික විද්වතුන්, පූජ්‍ය පක‍ෂය හා අනිකුත් බුද්ධිමත් පිරිස ක්‍රියාකල යුත්තේ කෙසේද?. ඔවුන්ගේ වගකීම කුමක්ද? මෙය අවබෝධ කරගන්නේ නම් මෙම ප්‍රශ්නයට විසදුම් සෙවීමත් ජනතාව මිත්‍යාවන්ගෙන් මුදවාගැනීමත් සරල හා පහසු කාරණයක්වනු ඇත.
ප්‍රථමයෙන් කලයුතු කාරණය වන්නේ ජනතාවට සත්‍ය දහම අවබෝධ කරදීමයි. එය ආගමික මූලාශ්‍රයන් පදනම් කරගෙන සිදුකලයුතු කාර්‍යයක් මිස ආගම නමින් ස්වමත ප්‍රකාශ කිරීම තුලින් එය තවදුරටත් සිදු නොකල යුතුය. ඒ තමන් පිලිපදින දහම පිලිබදව පූර්ණ අවබෝධයක් ඔවුනට තිබිය යුතුය.

උදාහර්ණයක් ලෙස මෙම මාතෘකාවට අදාලව සැලකුවේ නම්, රෝගයක් වැලදුනු විට කලයුත්තේ කුමක්ද?. මෙය පිලිබදව බයිබලයේ සදහන්වන්නේ කුමක්ද? යන්න ක්‍රිස්තු සමාජයට එම ආගමික විද්වතුන් හා පූජකවරුන් පැහැදිලි කලයුතුයි.

මෙය පිලිබදව ත්‍රිපිටකයේ කුමක් සදහන් වනවාද? යන්න බෞද්ධ සමාජයට එම ආගමික විද්වතුන් හා පූජකවරුන් පැහැදිලි කලයුතුයි.

ඒ ආකාරයටම මෙය පිලිබදව අල්කුර්ආනය් කුමක් සදහන් වනවාද? යන්නමුස්ලීම් සමාජයට එම ආගමික විද්වතුන් හා පූජකවරුන් පැහැදිලි කලයුතුය.

මෙසේ කිරීම තුලින් මිත්‍යාවන් හා වංචනිකයන්ගේ ක්‍රියාකාරකම්වලින් ජනතාව මුදවාගැනීමට හැකිවනු ඇත. අනෙකුත් සමාජයට සාපේක‍ෂව අද මුස්ලීම් සමාජය තරමක් දුරට හෝ මෙවන් මිත්‍යාවන්වලින් මිදී සිටින්නෙ ඉහත පැවසු කාරණය යම්තාක් දුරකට හෝ මුස්ලීම් සමාජය තුල සිදුවන නිසාම පමණි. නමුත් එය ප්‍රමාණවත් නොවන බව අප දනිමු. මෙම කාරණය සම්බන්ධයෙන් පමණක් නොව මෙවැනි සෑම කාරණයක් සම්බන්ධයෙන්ම සමාජ දැනුම යාවත්කාලීන විය යුතු යන්න අපගේ විශ්වාසයයි. ඒ සදහා පටු සිමාවන්වලින් මිදී සමාජ යහපත් සිතන සර්ව ආගමික විද්වතුන්ට හා පූජකවරුන්ට ආරාධනා කරමින් මෙම ලිපිය අවසන් කරමි.