Tag Archives: විද්‍යාව

ඉස්ලාමය හා විද්‍යාව-දැනුම සෙවීම සෑම මුස්ලිමෙකුටම අනිවාර්්‍ය වේ

ඉස්ලාමය හා විද්‍යාව අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධය හුවා දැක්වීමට මුහම්මද් නබි (සල්) තුමාගේ නිරන්තර දේශණවලින් උපුටාගත් පහත සඳහන් කොටස් තරම් යෝග්‍ය වූ නිදර්ශනයන් තවත් නොතිබිය හැකියි මම සිතමි.

—දැනුම සෙවීම සෑම මුස්ලිමෙකුටම අනිවාර්්‍ය වේ˜

—ඥාණය යනු විශ්වාසවන්තයාගේ නැතිවුණු වස්තුව වේ˜.

—දැනුම සෙවීමේ මාර්ගයේ ගමන් කරන ඕනෑම අයෙකුට අල්ලාහ් විසින් ස්වර්ගයට යන මාර්ගය පහසු කරනු ඇත˜


මෙම වගන්තීන් සහ නොයෙකුත් අන්‍ය උපදේශයන් හැකි සියළුම මාර්ගවලින් දැනුම රැස්කිරීමේ හා වැඩිදියුණු කිරීමෙහි යෙදීමට මිනිසාට කෙරෙන විවෘත, සත්‍ය ආරාධනාවන් බඳුවේ. එබැවින් ඉස්ලාම් දහම සහ විද්‍යාව නිවුන් සොහොයුරියන් ලෙස දැක්වීම පුදුමයට කරුණක් නොවේ. වත්මන් යුගයේදී විද්‍යාව, විවිධ ආගම් වලින් පිටු පැනීමට නොයෙක් උත්සාහයන් දැරුවද තවමත් එය ඉස්ලාමය හා අඛණ්ඩව එකට සබැදී පවතී. තවද කුර්ආනයේ එන ඇතැම් කරුණු වඩා හොඳින් අවබෝධ කරගැනීම සඳහා නූතන විද්‍යාත්මක දත්තයන්ගෙන් ලැඛෙන සහායද සැබැවින්ම අපූරුය. විද්‍යාත්මක සත්‍යයන් තුළින් ආගමික විශ්වාසයන් බිඳ දමමින් ඒවාට මරුපහර එල්ල කරන යුගයක, විද්‍යාව මගින් අනාවරණය කරගත් නිවැරදි දත්ත ඉස්ලාමීය ග්‍රන්ථයන් හා පරීක‍ෂණයට භාජනය කිරීමෙන් මිනිසා වටහා ගනු ලැබූයේ, කුර්ආනයෙහි ඇති දිව්‍යමය පණිවිඩයෙහි විද්‍යමාන වන නිවැරදි හා සත්‍ය වූ ස්වභාවය පිළිබඳවය.


බොහෝ මිනිසුන් කියන හෝ සිතන ආකාරයට නොව, අවසාන වශයෙන් විද්‍යාත්මක දැනුම මගින් අපට පෙන්වා දෙනු ලබනුයේ දෙවියන්ගේ පැවැත්ම පිළිබඳව ප්‍රබල සාධකයන් අප අතර ඇති බවය. නූතන දැනුම තුළින් හෙලිදැක්වෙන අභිධර්මීය පාඩම් සහ ආදර්ශයන් ගැන (අධ්‍යාත්මික විද්‍යාව හා සම්බන්ධ) අප ඉතා සාධාරණව හා අපක‍ෂපාතීව අපෙන්ම විමසා බැලූවහොත් දෙවියෙකු ඇතැයි සිතීමට බොහෝ හේතු සාධක පවතින බව අපට නිසැකවම අවබෝධ වනු ඇත. (උදාහරණයක් වශයෙන් පදාර්ථයේ අඩංගු කුඩාම සංඝටකය පිළිබඳව අප සතු ක්‍රමයෙන් විකාශයට පත්වන දැනුම, හෝ අජීව ද්‍රව්‍යවලින් ජීවය ඇතිවීම වටා ගොඩනැගී ඇති ප්‍රශ්න සලකා බැලිය හැක.) ඕනෑම ජීවියෙක් උපතේ සිට ජීවිතය පවත්වා ගෙන යාමේදී හමුවන නොයෙක් පියවරවල පවතින පැහැදිලි, කැපී පෙනෙන සංවිධානාත්මක බව හා පාලනය ගැන සලකා බලන කල, එය අහම්ඛෙන් ඇතිවූවක් බව පැවසීමට ඇති කරුණු සීමිතය.

අද විවිධ ෙක‍ෂ්ත්‍රයන්හි ඇතිවී ඇති විද්‍යාත්මක දැනුමේ පුළුල්වීම හේතු කොටගෙන අතීතයේ අප තුළ වූ බොහෝ මතවාද බිඳ වැටීයාම ක්‍රමක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. උදාහරණයක් වශයෙන් මෑතකදී බිඳ වැටුණු, වෛද්‍ය විද්‍යාව පිළිඳ නොඛෙල් ත්‍යාග ලාභී ප්‍රංශ විද්‍යාඥයෙකු විසින් —ජීවීන් අජීව ද්‍රව්‍ය තුළ වූ සරල රසායනික මූලද්‍රව්‍යයන්ගෙන් අහඹු ලෙස ඇතිවන බවට ස්ථීරවම ප්‍රකාශ කල අජීවෝජ්ජනන වාදය˜ (ස්වයං සිද්ධ ජනනය) දැක්විය හැක. මෙලෙස ඉතා සරල ලෙස ජීවය සම්භවය වූයේ නම්, එහි වැඩිදුර විකාශයක් ලෙස කැපීපෙනෙන ලෙස ඉතා සංකීර්ණ වූ මිනිසා බිහිවී ඇතැයි කෙනෙකුට පැවසිය හැක. මගේ වැටහීමට අනූව නම් විද්‍යාවේ දියුණුව මගින් උසස් ජීවීන්ගේ සංකීර්ණභාවය වටහාගැනීමෙන් ඉදිරිපත් කෙරෙනුයේ මීට ප්‍රතිවිරුද්ධ වූ න්‍යායක් බවයි. එනම් ජීව සිද්ධාන්තයන්ගේ කැපීපෙනෙන සැකැස්ම, පාලනය හා අපූර්ව විධිමත් සංවිධානය ගැන සලකා බලන කල, ඒ සඳහා මැවුම්කරුවෙකු නියත වශයෙන්ම සිටිය යුතු බවයි.


කුර්ආනයේ එන බොහෝ කොටස් වල මෙබඳු පොදු සාමාන්‍ය අදහස් ගෙනහැර දක්වන නමුදු, නූතන විද්‍යාව මගින් අද නිරාවරණය කරගන්නා බොහෝ කරුණු, සෘජුව නිවැරදිව හා පැහැදිලිව කුර්ආනයෙහි අන්තර්ගත වේ. කුර්ආනයේ එන මෙම නිවැරදි දත්තයන් මගින් අද බොහෝ විද්‍යාඥයින් ඒ තුළට, කාන්දමක් වෙතට ලෝහයන් ඇදී යන්නාක් මෙන් ආකර්ෂනය වී ඇත.


නජ්මා පෙරේරා

භූගත ජලය -විද්‍යා‍ව තුලින් සියල්ල දකින්න

විද්‍යා‍ව තුලින් සියල්ල දකින්න හතිහලමින් දුවන සමාජයේ විද්‍යාඥයන් පවා මවිත කරවන බොහෝ අනාවැකි හා ඉඟි අල්කුර්ආනයේ අන්තර්ගතව ඇත. නමුත් මෙහි අවාසනාවන්ත කම වන්නේ මෙම කුර්ආනය මනුෂ්‍යයාගේ අවධානයට ලක්නොවීමයි. විශේෂයෙන් බහුතර මූස්ලීම්වරැන් හට ද මේ පිලිබදව අවබෝධයකි නොමැතිවීම මෙහි අවාසනාවන්ත තත්වය තවත් හොදින් පිළිඹිබු කරවයි. මෙවන් වූ තත්වය හි ප්‍රථිපලය වන්නේ මෙම සත්‍ය විද්‍යාඥයන් මඟින් සමාජගත වනවිට මවිතයට පත්ව පිලිගැනීමයි. නමුත් මීට සියවස් 14 කට පෙර තමා ශුද්ධත්වයෙන් ගරැකරන කුර්ආනය තුල මෙම කරැණු අන්තර්ගත යන්න බහුතර මුස්ලීම් ප්‍රජාවට අවබෝධයක් නැත. උදාහර්ණයක් ලෙස පවසනවා නම්,

භූගත ජලය

භූගත ජලය එසේත් නැත්නම් පොළොව අභ්‍යන්තරයේ තැන්පත්ව පවතින ජලය. ඇතිවන්නේ කෙසේද?

මෙය තාක්ෂණයේ හා විද්‍යාවේ ඉනිපෙත්තෙ හි සිටින අද සරලව පිලිතුරැ දියහැකි පහසු ප්‍රශ්නයකි. නමුත් මේ පිලිබදව දශක කිහිපයක්ම පරියේෂණ ගවේෂණ ලොව තුල සිදුවුවා යන්න යථාර්ථයයි. ඒ අදට සාපේක්ෂව දියුණු තාක්ෂණික මෙවලම් නොමැති අවධියකය. ඒ අනුව මේ පිලිබදව විවිධ මත සමාජය තුල ප්‍රකාශ වුනි. එනම්,

  • ක්‍රි පූ 7 වන සියවසයේ දී තෙල්ස්, (Thales) නැමැත්තා පැවසුවේ “වේගයෙන් හමනසුළඟ හේතුවෙන් මුහුදෙ තිබෙන ජලය පොලව තුලට ඇදී යන බවයි” එන්නේය
  • ඉහත මතය සමාන මතයක්  ප්ලාටෝ, (Plato) නැමැත්තා ද පවසන ලදී
  • පසෙහි ඇති ජලවාෂ්ප සිසිල් වී පොළොව යට තැන්පත් වී දියඋල්පත් සඳහා ජලයලබා දෙන බව ඇරිස්ටෝටල් නැමැත්තා පවසන ලදී.

ඉහත මතවාදයන් සියල්ල 18 වන සියවසය දක්වාම පැවත එන ලදී.

නමුත් භූගත ජලය ඇති වන්නේ වර්ෂාව හේතුවෙන් බව ප්‍රථමයෙන් ලොවට පෙන්වා දෙන ලද්දේ 1580 දීය. එනම් මීට වසර 430 කට පෙරය. ඒ බර්නාඞ් පල්සියි, (Bernard  Palissy) නැමැත්තාවිසිනි. මොහු පැවසුවේ

“භූගත ජලය වර්ෂාව මගින් පොළොවට  කිදාබසින ජලය”  බවයි, මෙම මතය  පසු කාලීනව එනම් 17  වන සියවසයේ  දී E මාර්රියෝට්, P පෙරාඋල්ට් නැමති විද්‍යාඥයින් දෙපල විසින් පරියේෂණ මගින් ලොවට තහවුරැ කරන ලදී.

නමුත් ශුද්ධ වූ කුර්ආනය 7 වන සියවසයේ දී එනම් මෙම මතය (ප්‍රථමයෙන් සමාජය තුල ප්‍රකාශ වූයේ මීට වසර 430කට පමණ පෙරය එසේ) සමාජය තුල ප්‍රකාශවීමටත් වසර 1000 කට පමණ පෙර පැහැදිලිවම “භූගත ජලය” යනු වර්ෂාව හේතු කොටගෙන පොළොව අභ්‍යන්තරයේ තැන්පත් වන ජලය බව පහත ආකාරයට ප්‍රකාශ කර සිටී.

“අපි අහසින් ජලය පහල කළෙමු අපි එය පොළවෙහි තැන්පත් කළෙමු”

ශුද්ධ වූ කුර්ආනයේ 23-18

මෙවැනි සත්‍යයක් මීට වසර 1430 කට පෙර කිසිවිටෙකත් මිනිස් බුද්ධියක් පදනම් කරගෙන පැවසිය නොහැකි බව ඉහත කරැණූවලින් මනාව පැහැදිලි වේ. එසේ නම් ශුද්ධ වූ කුර්ආනය මෙය පැවසූවේ කෙසේද? ඒ එය දිව්‍යමය වාක්‍ය නිසා නොවේද?

යහමග.කොම් වෙබ් අඩවිය ඇසුරෙන්

බයිබලය-යේසුස් වහන්සේ- මෝසෙස්-මුහම්මද් නබි (සල්)

මෙය මමත් භාර්්‍යාවත් ඉස්ලාමයට ආ මුල් කාලයයි. සර්ව බලධාරි අල්ලාහ් දෙවිඳුන්ගෙන් යහ මග ලබා යන්තම් මුස්ලිමෙක් ලෙස ගමන් ඇරඹුවා පමණි. ඉස්ලාමය වෙත පැමිණෙන මුද්ගලයා මුහුණ දෙන ඊළඟ අභියෝගය නම් තමන්ගත් තීරණය හරි දෝ යන දෙගිඩියාවයි. වැරදීම මනුෂ්‍ය ස්වභාවයක් නිසා මමත් භාර්්‍යාවත් ගත් තීරණය හරි එකක් දැයි සිත දෙගිඩියාවෙන් පෙළෙන්නට වුණි. මෙසේ අප ඉස්ලාමයට පැමිණි වග අපගේ අසල්වැසියන්වත් නොදැන සිටීමට ප්‍රවේශම් වුනෙමු.

එහෙත් බළළා මල්ලෙන් එළියට පැන තිබුණි. මගේ බිරිය මටත් නොදන්වා අප ඉස්ලාමය වැළඳ ගත් බව සිය මිතුරියකට පැවසුවාය. ඇය රෝමානු කතෝලික දහමෙන් කිතු දහම වෙත හැරුණු කෙනෙකි. කලකට ඉහත ඇගේ නිවසේ යාඥා මෙහෙය සිදු කරන ලද්දේ මා විසිනි. ඇය විවාහ වී සිටින පුරුෂයා ඉතා භක්තිමත් කිතුණුවෙක් වූ අතර උපතේ සිටම කිතුණු ලබ්දිකයෙක් වූ ඔහු, බයිබලය ගැන ඉතා තියුණු දැනුමක් තිඛෙන අයෙකි.

මගේ බිරිඳ එම මිතුරියට අප ඉස්ලාමය වෙත ගිය රහස දැනුම් දුන් දා සිට සෑම දිනම රැකියාව අවසන් කර මා ගෙදර පැමිණෙන විට මගේ බිරිය අලූත් ප්‍රශ්නයක් ලෑස්තිකරගෙන සිටියාය. ඒ ඇගේ මිතුරිය සහ සැමියාගේ උපදෙස් පරිදිය. එම නිසා සෑම දිනම රාති්‍රයේ මගේ බිරිඳට මා දන්නා ඉස්ලාම් පොත් වලිනුත් බයිබලයෙනුත් කරුණු පහදන්නට මට සිදු විය. සෑම දිනම අපගත් තීරණය නිවැරදි නොවන බවට හේතුවක් ද සඳහන් බයිබල් පදයක් ඇගේ පුරුෂයා විසින් අප වෙත එවන ලදී. ඒවාට පිළිතුරු සැපයීම ඉබේම මගේ දෛනික රාජකාරි අතරට එක් විය. නමුත් කිසි දිනෙක ප්‍රශ්න ඉවරවන්නේ නැත. ඔහු ප්‍රශ්න එවයි. මම පිළිතුරු යවයි. මෙසේ සෙල්ලම දිගටම කෙරීගෙන යන්නට විය. එහෙත් කිසි දිනෙක ඔහු මා ඉදිරියේ කිසිවක් නොපවසයි. වැඩිකල් යන්නට මත්තෙන් මෙම කි්‍රයාවලිය ඔහුට එපා විය. බිරිඳ තුළ අවිශ්වාසයක් ගොඩනැගුණහොත් පවුල් ජීවිතය පවා අවදානමට ලක් වේ. ඇයට සිය මිතුරිය ආශ්‍රය නොකරන්න කියා තහංචි පැනවීම ද කළ හැක. මෙසේ දින ගණනාවකට පසු මා අකමැත්තෙන් වූවද තීරණයකට එළඹුනෙමි. ඉස්ලාමය වෙත ඒම පිළිබඳව මා ගත් තීරණය නිවැරදි බව තව පුද්ගලයෙක් ඉදිරියේ මාගේ භාර්්‍යාවට ඔප්පු කළ යුතුය. එයට මෙය කදිම අවස්ථාවකි. මා තීරණය කළේ මගේ භාර්්‍යාවගේ මිතුරියත් ඇගේ සැමියාත් සමග විවෘත සංවාදයකට එළඹීමටය. සාමාන්‍යයෙන් සංවාදයකට එළඹීමට මා හට බියක් නොතිබුනද ඔහුගේ ඉතා තියුණු බයිබලය පිළිබඳ දැනුම නිසා මා හට චකිතයක්ද විය.

කෙසේ වූවද දිනක් සන්ධ්‍යාවේ මම මගේ නිවසේ මායිම පසු කරමින් ඔහුගේ නිවස වෙත ළඟා වුනෙමි. එහි මා ඔහු සමග කළ සංවාදය අද මෙන් මතකය. ඒ නිසා එම සංවාදය එලෙසින්ම මම ඔබ වෙත ඉදිරිපත් කරමි.

මම මමත් මගේ බිරිඳත් ඉස්ලාමයට ගියා. ඒක අපි හරිදේ හොයලයි ගියේ. ඔයාට ඒ ගැන ප්‍රශ්නයක් තිඛෙනවාද?

ඔහු ඔයා ඉස්සෙල්ලාම ගිය හේතුව කියන්න. මම ඒකට උත්තර දෙන්නම්.

මම ඔහුගේ නිවසේ තිබූ බයිබලය අතට ගෙන එහි කවරයේ රන් අකුරින් ලියන ලද පාඨය පෙන්වා මේ මොකක්ද?

ඔහු ශුද්ධ බයිබලය

මම කවුද එහෙම ඉස්සෙල්ලා කිවුවේ?

ඔහු දන් නැහැ. නමුත් මේකේ එහෙම මුද්‍රණය කර තිඛෙනවා

මම බයිබලය කියන නමේ තේරුම මොකක්ද?

ඔහු නිරුත්තරය.

මම මමම කියන්නම්. බයිබලය යන නම බිබිලියෝස් යන ග්‍රීක වචනයෙන් බිඳී ආවත් එහි තේරුම පොත යන අරුතයි. මෙය නිකන් පොතක් නොවේ. පොත් 66 ක් එකතු කර හදපු පොතක් æ මෙහි මොනවද තියෙන්නේ?

ඔහු දේව වචන

මම දෙවියන් වහන්සේ කියපු වචනමද?

ඔහු ඔව්. ඒ දෙවියන් වහන්සේගේ දායාදයන් තුළින් ලියපු දෙවියන් වහන්සේගේම වචන වෙයි.

මම ඒක එහෙම නෙවෙයි කියා මම කියනවා.

ඔහු ඇයි ඔබ එහෙම කියන්නේ. දෙවියන් වහන්සේ කෝප වෙනවා ඔයාත් එක්ක.

මම ඒ කොහොමද?

ඔහු මතෙව් 5: 18-19 —සැබවක් නුඹලාට කියමි. අහසත් පොළොවත් පහව යන තෙක් සියල්ල සිදු වන තුරු ව්‍යස්ථාවෙන් එක අකුරක්වත් බිඳුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. එබැවින් මේ ආඥා වලින් ඉතා සුළු එකක්වත් කඩ නොකරන්නාවූ, කඩ කරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නාවු කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයන්හි ඉතා සුළුයයි කියනු ලබන්නේය.

මම ඒ කියන්නේ බයිබලය ගැන නොවේ. ව්‍යස්ථාව ගැනයි

ඔහු මට තේරෙන්නේ නැහැ ඔයා කියන දේ.

මම යේසුස් තුමා ඔය වචනය කියන කාලයේ බයිබලය තිබුණේ නැහැ. ඒ වෙනකොට බයිබලයේ භාගයක්වත් ලියලා තිබුනේ නැහැ. යේසුස් තුමා ඔතන ව්‍යස්ථාව කියන්නේ තෝරාහ් වලටයි. තෝරාහ් කියන්නේ දෙවියන් වහන්සේ මෝසෙස්ට දෙන ලද ව්‍යාස්ථාවටයි. බයිබලය කියලා පොත් එකතු කර පිළිගැනීමට ලක් වුණේ කි්‍ර.ව 382 දීය.

ඔහු යේසුස් වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා කියලා ඔබ පිළිගන්නේ නැද්ද?

මම නැහැ. දෙවියන් වහන්සේගේ පණිවුඩ කරුවෙකු ලෙස අපි එතුමාව ගෞරව කරනවා. ඒත් එතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොවන බවක් දෙවියන් වහන්සේට පුත්‍රයන් සිටිය නොහැකි බවත් ශ=ද්ධවූ කුර්ආනයෙහි සඳහන් වෙනවා.

ඔහු එහෙනම් ඔබ යේසුස් වහන්සේට නමස්කාර කරන්නේ නැද්ද?

මම යේසුස් තුමාට නමස්කාර කරන්න කියලා බයිබලයේවත් නැහැ.

ඔහු ඔබ එතකොට බයිබලය දෙවියන් වහන්සේගේ වචන කියා විශ්වාස කරන්නේම නැත්ද?

මම බයිබලය දෙවියන් වහන්සේගේ වචනත් මනුෂ්‍යයාගේ වචනත් මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒ නිසා යේසු තුමා මේ ලෝකෙට ඇවිත් දේශනා කරපු ආගමත් මිශ්‍ර වෙලා

ඔහු පරණ ගිවිසුමේ අනාගත වක්තෘවරු කියලා තියෙනවා යේසුස් වහන්සේ එනවා කියලාæ

මම යේසුස් තුමා ආවා. එතුමාගේ සේවය ඉවර වෙලා මේ ලෝකයෙන් ගියා. ඒත් එතුමා දෙවියන් වහන්සේගේ දූතයෙක් (වක්තෘවරයෙක්) පමණයි.

ඔහු එහෙම නම් යේසුස් වහන්සේ ගැන පරණ ගිවිසුමේ අනාගත වක්තෘන් කියලා තියෙන දේවල් බොරුද?

මම බයිබලයේ මුල් පොත් පහෙන් යේසුස් තුමා ගැන පදයක් ගෙන මට පෙන්වන්න.

ඔහු ද්විතීය කථාව 18: 18 —මම ඔවුන්ගේ සහෝදරයාගෙන් නුඹ සමාන අනාගත වක්තෘ කෙනෙකු ඔවුන්ට නැගිටුවා දී මගේ වචන ඔහුගේ මුඛයේ තබන්නෙමි. මා ඔහුට අණ කරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය˜

මම එහෙනම් යේසුස් තුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙන්නේ කොහොමද? මෙතන කියන්නේ අනාගත වක්තෘ කෙනෙක් ගැනනේ. නමුත් මෝසෙස් මෙතන කථා කරන්නේ යේසුස් තුමා ගැන නෙමෙයි.

ඔහු එහෙනම් කා ගැනද?

මම මෝසෙස් මෙතන කියන්නේ මම වගේම තව අනාගත වක්තෘවරයෙක් එනවා කියලයි. මෝසෙස්ගේ සේවයට සමාන එකම අනාගත වක්තෘවරයා මුහම්මද් නබි (සල්) තුමායි. එය බයිබල් විශාරදයන් වුනත් පිළිගන්නවා. මෙතන දෙවියන් වහන්සේ මාගේ වචනය ඔහුගේ මුඛයේ තබන්නෙමි කියනවා. මෙතන දෙවියන් වහන්සේ මුහම්මද් නබි (සල්) තුමාගේ මුඛයේ වචනයක් තැබුවා. ඒ ශ=ද්ධවූ කුර්ආනයයි.

ඔහු එහෙනම් දෙවියන් වහන්සේ මෙතන කියන්නේ මුහම්මද් ගැනද?

මම ඇත්ත වශයෙන්ම ඔව්. මෝසෙස් වගේම මුහම්මද් නබි (සල්) තුමාත් දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටියා. එම වෙහෙසේ ප්‍රතිඵලයක් හැටියට අද ලෝකයේ කෝටි 130 ක් පමණ මුස්ලිම් වරු ඉන්නවා. ඔවුන් දිනකට පස් වතාවක් දෙවියන් වහන්සේ නමස්කාර කරනවා. කිසිම බලපෑමක් නැතිවුනත් මුළු ලෝකයේම කි්‍රස්තියානි ආගමේ වර්ධනයට වඩා දෙගුණයක වර්ධන වේගයෙන් ඉස්ලාමය පැතිරෙනවා.

ඔහු සහෝදරයා එහෙනම් ඔබ ඔබගේ පාරේ යන්න. මම මගේ පාරේ යන්නම්.

මම කමක් නැහැ. නමුත් ඔබට ඔබේ පාරේ බොහෝ දුරට යා ගත නොහැකියි. මන්ද, ඔය පාර එකතැනකම කැරකෙන පාරක්. ඉදිරියට යන්න ඕන නම් කවදාහරි ඔබත් ඉස්ලාමය වැළඳ ගන්න. මෙම සංවාදයෙන් පසු ඉස්ලාමය වෙත පැමිණීම පිළිබඳව මා සිත තුළ තිබු දෙගිඩියාව පහ වීම පිළිබඳව සර්ව බලධාරි අල්ලාහ්ට ප්‍රශංසා කරමි.

ලොවම මවිත කරවන මෙවැනි සත්‍යයක් මී පැණි හා එහි ඖෂධ ගුණය

විද්‍යාව තුලින් සියල්ල දකින්න හතිහලමින් දුවන සමාජයේ විද්‍යාඥයන් පවා මවිත කරවන බොහෝ අනාවැකි හා ඉඟි අල්කුර්ආනයේ අන්තර්ගතව ඇත. නමුත් මෙහි අවාසනාවන්ත කම වන්නේ මෙම කුර්ආනය මනුෂ්‍යයාගේ අවධානයට ලක්නොවීමයි. විශේෂයෙන් බහුතර මූස්ලීම්වරැන් හට ද මේ පිලිබදව අවබෝධයකි නොමැතිවීම මෙහි අවාසනාවන්ත තත්වය තවත් හොදින් පිළිඹිබු කරවයි.මෙවන් වූ තත්වය හි ප්‍රථිපලය වන්නේ මෙම සත්‍ය විද්‍යාඥයන් මඟින් සමාජගත වනවිට මවිතයට පත්ව පිලිගැනීමයි. නමුත් මීට සියවස් 14 කට පෙර තමා ශුද්ධත්වයෙන් ගරැකරන කුර්ආනය තුල මෙම කරැණු අන්තර්ගත යන්න බහුතර මුස්ලීම් ප්‍රජාවට අවබෝධයක් නැත. උදාහර්ණයක් ලෙස පවසනවා නම්,

මී පැණි හා එහි ඖෂධ ගුණය

“මී පැණි” නම කියනවිටත් ඔබේ දිවත් සිතත් කුල්මත් කර මිහිරි බවක් දැනෙනු ඇත. නම්ත් මා පවසන්නට යන කාරණය තුල ඒ මිහිරි බව නැති වී අමිහිරිභාවයක් දැනෙනු ඇත. නමුත් සත්‍යයය මෙයයි.

මී පැණි යන්න හොද ස්වාභාවික ඖෂධයක් යන්නෙ හි කිසිවකුටත් විවාදයක් නැත. ඒ රුධිරයේ ඇති හිමෝග්ලොබින්ල ප්‍රමාණය 10්‍ර කින් වැඩි කිරීමේ හැකියාව ඇතිල සාමාන්‍යයෙන් ඇතිවන මත්ගතිය හා තෙහෙට්ටු ගතිය නැති කිරීමේ හැකියාව ඇතිල වැඩ කිරීමේදී ක්ෂයවන ශක්තිය නැවත යතාතත්වයට පත්කිරීමේ හැකියාව ඇති, පාචන වැනි රෝගය, නියුමෝනියාව වැනි රෝග, උණ රෝග,අධික තරබාරැව අඩුකිරීම, ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකිරීම සහ හෘදරෝග වැනි බොහෝ රෝග සදහා මේ මීපැණි තුල රෝග නිවාරණ ඖෂධ ගුණාංගයක් පවතින බව වෛද්‍යවරු සියළු දෙනා ඒකමතිකව පිලිගන්නා සත්‍යයකි. මෙවන් විශ්මිත රෝග නිවාරණ හැකියාවක් ඇති මේ මී පැණි යනු කුමක්ද?

මෙම ප්‍රශ්නයට මෑතක් වනතුරැ තිබුණු සරල පිළිතුර වන්නේ “මීමැස්සා මල්වලින් රැස් කරන පැණී” යන්නයි, නමුත් සත්‍යය එය නොවේ, මී පැණි යනු මීමැස්සා ආහාරයට ගන්නා මල්වල පැණි සහා මීමැස්සාගේ උදරයේ නිපදවෙන ස්‍රාවයක මිශ්‍රණයයි, මෙම මිශ්‍රණය තමා මී පැණි ලෙස හදුන්වන්නේ මෙය මීමැස්සාගේ මළපහට බොහෝසෙයින් සමානය. එහි රෝග සුවකිරීමේ හැකියාව පවතිනවා යන්න විද්‍යාඥයන් පරියේෂණ මඟින් තහවුරැ කරගෙන තිබෙන සත්‍යයයි. මෙය මා ඉහතින් සදහන් කලාසේ අමිහිරි පණිවුඩයක් වුවද ‍ෙමහි ඇති රෝග නිවාරණ හැකියාවත් මිහිරි රසයත් හේතු කොටගෙන කිසිවකුටත් මෙය ප්‍රතික්ෂේප කල නොහැක.

මී පැණිවල සෑබෑතත්වය විද්‍යඥයින්ට පවා තහවුරැ කරගැනීමට හැකිවුයේ මීට වසර කිහිපයකට පමණ පෙරයග නමුත් මීට වසර 1400 කට ප්‍රථම නොදියුණු සමාජයක ප්‍රකාශ වූ ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක මෙය පැහැදිලිව එනම් එහි රෝග නිවාරණ හැකියාව හා මෙය මීමැස්සාගේ උදරය තුල නිපදවන ඖෂධයක් යන්න අවධාරනය කිරීම ලොවම මවිත කරවන කාරණයකි. එනම්,

“මී මැස්සන්ගේ උදරයෙන්  වර්ණවත් පානයක් වැහෙන්නේය එහි මනුෂ්‍යාගේ රෝග සුවකිරීමේ හැකියාව පවතින්නේය”

ශුද්ධ වූ කුර්ආනය 16-69

ලොවම මවිත කරවන මෙවැනි සත්‍යයක් මීට වසර 1430 කට පෙර කිසිවිටෙකත් මිනිස් බුද්ධියක් පදනම් කරගෙන පැවසිය හැකිවේද ? පැහැදිලිවම මෙය දිව්‍යමය වාක්‍යයන් නොවේද?

උපවාසයෙහි උචිත කි්‍රයාවන්

1- අබ්දුල්ලාහ් ඉබ්නු අනස් (රලි) පවසයි:- —උපවාසය ඉටුකරන්නා නිරතුරුව කුර්ආන් පාරායනය කිරීමද, දුආ, දික්ර් යාඥාවන්හි නිරතවීමද, දන් දීමද, පිළිකුල් දේ කතා කිරීමෙන් දිව ආරක‍ෂා කිරීමද සතුටු දායක වෙයි˜.

—මානවයාට යහ මග පෙන්වන අල්-කුර්ආනය රමලාන් මාසයෙහි අනාවරණය විය˜

(ශු අල්කුර්ආන් 2:185).

රමලාන් මාසයෙහි අල්-කුර්ආනය පහළවීම එහි සුවිශේෂත්වය මනාවට පෙන්නුම් කිරීමකි. නබි (සල්) තුමන් රමලාන් මස රාත්‍රි කාලයෙහි අල්කුර්ආනය ජිබ්රීල් (අෙලෙහි) ඉදිරියේ පාරායන කර පෙන්වීමට පුරුදු වී සිටියහ.

එතුමන්ගේ ජීවිතයේ අවසන් රමලාන් සමයේ දෙවතාවක් අල්කුර්ආනය පාරායනය කර පෙන්විය. (දේව දූත ජිබ්රීල් රමලාන් මස සෑම රාත්‍රියකම පාහේ නබි (සල්) තුමන්ට අල්-කුර්ආනය ඉගැන්වුවේය). මෙය ඉබ්නු අබ්බාස් (රලි) විස්තර කරයි. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

අල්කුර්ආනයත් සමග මුස්ලිමෙකුගේ සම්බන්ධතාවය ඉතා සමීපව පැවතිය යුතුයි. අල්කුර්ආනය ඇස් වල තබා ඉඹ ගැනීමට හෝ, එහි පරිච්ඡේදයන්, වාක්‍යන් බිත්තිවල එල්ලීමට හෝ කෙනෙකු මිය ගිය විට ඔහු වෙනුවෙන් පාරායනය කිරීමට හෝ අනාවරණය වූයේ නැත. එය අනාවරණය කරනු ලැබුවේ මුළු මානව සංහතියටම නිවැරදි මග පෙන්වීම සඳහායි. කෙතරම් දුරට කෙනෙකු අල්කුර්ආනයෙන් ඈත් වෙයිද එතරම් ඔහු යහ මාර්ගයෙන් ඉවත් වෙයි. එබැවින් අල්කුර්ආනය හොඳින් හදාරා එය අධ්‍යයනය කර, එහි ඉගැන්වීම් ජීවිතයට පරිවර්තනය කිරීම තුළින් පමණයි කෙනෙකුට දෙලොව ජය අත්පත් කරගත හැක්කේ.

අල්කුර්ආනය පාරායනය කිරීමට ඇති ප්‍රසාධයන්ද සුළු පටු නොවේ. වරක් නබි (සල්) තුමන් —කව්රුන් අල්කුර්ආනයෙහි එක් අකුරක් පාරායනය කරයිද ඔහුට ප්‍රසාධයන් දහයක් හිමිවෙයි˜ යනුවෙන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: තිර්මිදි).

අබ්දුල්ලාහ් ඉබ්නු අනස් (රලි) වාර්තා කරයි:- නබි නායක (සල්) තුමන් අධිකව දන් දීමට පුරුදු වී සිටියහ. තවද ජිබ්රිල් (අෙලෙහි) හමුවන රමලාන් සමයෙහි නබි (සල්) තුමන් අධිකව දන් දීමට පුරුදු වී සිටියහ. ජිබ්රීල් (අෙලෙහි) රමලාන් සියළු රාත්‍රියන්හි නබි (සල්) තුමන් හමුවී අල්-කුර්ආනය පාරායනය කර පෙන්වයි. නබි (සල්) තුමන් ඉතා වේගයෙන් හමන සුළඟට වඩා දන් දෙන්නෙකු වශයෙන් සිටියහ. (මූලාශ්‍රය: බුහාරි).

2- කව්රුන් උපවාසයෙහි නිරතවී සිටින්නාට බනිවීද ඔහු එම අවස්ථාවෙහි මම උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පමණක් පැවසීම සුන්නත් යහපත් කි්‍රයාවකි. —උපවාසය (පාප ක්‍රියා) වළක්වන පළිහකි, ඔබගෙන් කෙනෙකු උපවාසය ඉටු කරන්නේ නම් (වැරදි කි්‍රයා කිරීමෙන්) එය කිළිටු නොකළ යුතුය, ඔහුට යම් කෙනෙක් පරුෂ වචනවලින් බැන වදින විටද, ඔහුත් සමග සණ්ඩු සරුවල් වලට පැටලෙන විටද ඔහු මම උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පැවසිය යුතුය˜ යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

3- සහර් ආහාර අනුභව කිරීම:

උපවාසය සඳහා සහර් ආහාරය ගැනීම සුන්නත් යහපත් කි්‍රයාවක් වේ. —ඔබ සහර් කරන්න. මන්ද සහර් ආහාරයෙහි බරකත් නම් අභිවෘද්ධිය ඇත˜ යැයි නබි (සල්) ප්‍රකාශ කළහ. (බුහාරි, මුස්ලිම්).

—අප සමාජයේ උපවාසයට හා පුස්තක ලද් අයගේ උපවාසය අතර වෙනස සහ්ර් කිරීම˜ යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

—සහ්ර් ආහාරය යනු අභිවෘද්ධිය ඇති ආහාරයකි, එය අත් නොහරින්න, අවම වශයෙන් වතුර උගුරක් හෝ පානය කර එය කරන්න. නියතයෙන්ම අල්ලාහ් සහ්ර් කරන්නන්ට දයාව පුදන්නේය, ඔහුගේ දේව දූතවරුන්ද ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නේය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

ෙසෙද් ඉබ්නු සාබිත් (රලි) විස්තර කරයි: අපි නබි (සල්) තුමන් සමග සහර් ආහාරය ගත්තෙමු, පසුව නබි (සල්) තුමන් සලාතය සඳහා නැගිට්ටේය. එවිට ඔහුගෙන් සලාතය හා සහර් අතර පැවතුනු වේලාව කොපමණද? යනුවෙන් ප්‍රශ්න කරන ලදි (අල්කුර්ආනයෙහි) වාක්‍යන් පහනහක් පාරායනය කරන වේලාවයි˜ යනුවෙන් පිළිතුරු දුන්නේය. (මූලාශ්‍රය: බුහාරි).

සහර් කිරීම ප්‍රමාද කර. උපවාසයෙන් මිඳීම ඉක්මන් කිරීම සුන්නත් වෙයි. —මාගේ සමාජය සහර් (ආහාරය) ප්‍රමාද කර, උපවාසයෙන් මිඳීම ඉක්මන් කරන තෙක් යහපතෙහි සිටින්නෝය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාහ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

උපවාසයෙහි නිරත වන බොහෝ පිරිස් අලස භාවය නිසා සහර් ආහාරය නොගෙන උපවාසයෙහි නියැලති. ශුද්ධවූ අල්කුර්ආනයෙහි අල්ලාහ් යහපත් ශ්‍රද්ධාවන්ත පුද්ගලයින්ගේ උසස් ගුණාංග පිළිබඳ පවසන විට මෙසේ පවසයි:

—ඔවුන් සහර් වේලාවේ (තමන්ගේ පාපයන්ට) සමාව අයදිති˜ (ශු අල්කුර්ආන් 51: 18). ඉහත සඳහන් ප්‍රකාශයන් එහි අවශ්‍යතාවය හා වැදගත් කම පිළිබඳ කථා කරයි. එබැවින් නබි (සල්) තුමන්ගේ මෙම උතුම් මග පෙන්වීම කි්‍රයාවට නැංවීමට අපි කොයි කව්රුත් යුහුසුළු විය යුතුයි.

4- උපවාසයෙන් මිදීම:

ඉදිච්ච රට ඉඳි නැති විට සමාන්‍ය රට ඉඳි ගැනීම එය නැති විට ජලය පානය කිරීම, එයත් නැති විට කැමති ආහාර පානයක් ගනිමින් උපවාසයෙන් මිඳීම සුන්නත් වේ. (මූලාශ්‍රයන්: අබූ දාවූද්, තිර්මිදි, හාකිම්).

—උපවාසයෙන් මිදීම ප්‍රමාද නොකර ඉක්මන් කරන තෙක් ජනතාව යහපතෙහි සිටින්නෝය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

5- උපවාසයෙන් මිෙඳන විට කෙනෙකුට ප්‍රාර්ථනාවන්හි නියැලිය හැක. උපවාසයෙන් මිදීමත් සමග පහත සඳහන් ප්‍රාර්ථනාව උසුරීම සුන්නත් වේ.

ذَهَبَ الظَّمَأُ وَابْتَلَّتِ الْعُرُوقُ وَثَبَتَ الْأَجْرُ إِنْ شَاءَ اللَّهُ

—දහබල් ලමඋ වබ්තල්ලතිල් උරූකු වසබතල් අජ්රු ඉන් ෂා අල්ලාහ්˜

පිපාසය සංසිදුනි, නහරවල් තෙත්විය, අල්ලාහ්ගේ කැමැත්ත අනූව ප්‍රසාධයන් ස්ථීර විය. (මූලාශ්‍රයන්: අබූදාවූද්, හාකිම්, ෙඛෙහකි).

6- උපවාසය අතර වාරයේ දත් මැඳීම සුන්නත් වේ. ආමිර් ඉබ්නු රබීආ පවසයි: නබි (සල්) තුමන් උපවාසය අතර වාරයේ මට ගණින්නට නොහැකි වාර ගනන් දත් මැන්දේය. (මූලාශ්‍රයන්: අබූදාවූද්, අහ්මද්, තිර්මිදි). උපාවසය අතර වාරයේ දත් මැඳීම වැරදි කි්‍රයාවක් යනුවෙන් බොහෝ අය සිතති. එයින් උපවාසයට හානියක් වෙයි යනුවෙන් සිතති. මෙම මතයන් වැරදියි යන්නට ඉහත සඳහන් පුවත කදිම සාධකයකි.

7- අන් අය උපවාසයෙන් මිදීම සඳහා උපකාර වීම. —කව්රුන් තවත් කෙනෙකුට උපවාසයෙන් මිදීමට උපකාරී වන්නේද, ඔහුට සමාන ප්‍රසාධයන් ඔහුටත් හිමිවෙයි. ඔහුගේ ප්‍රසාධයන්හි කිසිදු අඩුවක් නොසිදුවෙයි˜. (මූලාශ්‍රයන්: තිර්මිදි, ඉබ්නුමාජා, ඉබ්නු හිබ්බාන්, අහ්මද්).

අපි වෙනත් කෙනෙකුගේ අමුත්තෙකු වශයෙන් උපවාසයෙන් මිදුනු විට පහත සඳහන් ප්‍රාර්ථනාව කළ යුතුයි:

أَفْطَرَ عِنْدَكُمُ الصَّائِمُونَ وَأَكَلَ طَعَامَكُمُ الْأَبْرَارُ وَصَلَّتْ عَلَيْكُمُ الْمَلَائِكَةُ

අෆ්තර ඉන්දකුමුස් සාඉමූන වඅකල තආමුකුමුල් අබ්රාර වසල්ලත් අෙලෙකුමුල් මලාඉකහ් යනුවෙන් පැවසිය යුුතුය.

(උපවාස ශීලය ඇත්තාවුන් ඔබ වෙත උපවාසයෙන් මිදුනහ. සුචරිත ඇත්තාවුත් ඔබගේ ආහාරය අනුභව කළහ. දේවදූත යෝද ඔබහට ප්‍රාර්ථනා කරන්නෝය) (මූලාශ්‍රය: අබූදාවුද්).

අන් අයට උපවාසයෙන් මිදීමට උපකාරි වීම මහගු කාර්්‍යයකි. එය සුළුවෙන් නොසැලකිය යුතුයි. උපවාසයෙන් පසුවෙන්නාට හිමිවන සමාන ප්‍රසාධයන් මොහුටත් හිමිවෙයි. දිළින්දාගේ කුසගින්න සැමටම දැනෙන මෙම මාසයේ අපි දිළින්දන්ට උපකාරි විය යුතුයි.

8- රමලාන් අවසන් දවස් දහය මස්ජිදයෙහි (ඉඃතිකාෆ්) රැඳී සිටීම සුන්නත් වෙයි.

9- උම්රා කර්තව්‍ය: රමලාන් සමයෙහි ඉටු කරන උම්රාව හජ් කර්තව්‍යට සමාන වෙයි. —මා සමග හජ් කිරීමට සමාන වෙයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි).

10- සියළු යාඥා කටයුතු උනන්දුවෙන් හා යුහුසුළුවෙන් නියමිත වේලාවන්හි කිරීම සුන්නත් වේ. විශේෂයෙන් රමලාන් අවසන් දවස් දහය, ආයිෂා (රලි) වාර්තා තුමිය කරයි: —නබි (සල්) රමලාන්හි අවසන් දවස් දහය උදාවූ විට තමන්ගේ පවුලේ අයද දිරි ගන්වමින්, තමන්ගේ යටි සළුවද තදින් බැඳ ගනි˜ (මූලාශ්‍රය: බුහාරි). මෙය යාඥාවන් සඳහාවූ සූදානමයි.


මුහර්රම් මාසය-මුල්ම මාසය
රමලාන් මස උපවාස ශීලය
උපවාසය අනිවාර්්‍ය වීමට කොන්දෙසි

ලොව හෙල්ලු අසම සම ග්‍රන්ථය

මානව සංහතියට නිවැරදි මග පෙන්වීම සඳහා එක් එක් භාෂාවන්ට එක් එක් සමාජයන්ට ශාස්තෘවරු එවනු ලැබූහ. මනුෂ්‍යින් අතුරින්ම තෝරාපත් ගනු ලැබු එම ශාස්තෘවරුන්ට සමාජය නිවැරදි මගට යොමු කිරීම සඳහාත්, නීතිය ස්ථාපිත කිරීම සඳහාත් දේව ග්‍රන්ථ අනාවරණය විය.

මෙය ශද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —(යහමග යන්නන්ට) සුභාශිංෂණ පතන්නන් වශයෙන් හා (නොමග යන්නන්ට) අවවාද කරන්නන් වශයෙන් අල්ලාහ් ශාස්තෘවරුන් එවූහ. මිනිසුන් අතර මතභේද හටගෙන තිඛෙන විෂයන්හි ඔවුන් අතර විනිශ්චය කිරීම සඳහා සත්‍යවූ පුස්තකත් ඔවුන්ට අනාවරණය කරනු ලැබිනි˜ (ශ.කුර්ආනය 2: 213).

මේ ආකාරයට ශාස්තෘවරුන් පෙළේ අවසන් ශාස්තෘවරයා වූ මුහම්මද් නබි (සල්) තුමන්ට ලැබුනු ප්‍රාතිහාර්යක් නම් එයයි ඒ ශ.ද්ධවූ අල් කුර්ආනය. මීට පෙර ශාස්තෘවරුන්ට ලැබුනු හාස්කම් එකි වකවානුවේ ජීවත්වු ජනතාව පමණක් දැක බලා ගැනීමට හැකිවූවත්, නබි (සල්) තුමන් වෙත අනාවරණයවූ ශ=ද්ධවූ අල් කුර්ආනය අවසාන දිනය තෙක් පැමිණෙන සෑම කෙනෙකුටම දැක බලා ගතහැකි ප්‍රාතිහාර්යක් වේ. අල් කුර්ආනය කාලීන අවශ්‍යතාවන්ට අනුකුලව නබි (සල්) තුමන්ට අවුරුදු 23 ක් මුළුල්ලේ ක්‍රමක් ක්‍රමයෙන් අනාවරණය විය.

ශ.ද්ධවු අල්කුර්ආනය පවසයි: —තවද: මොහුට මෙම කුර්ආනය (එක් වතාවේම) අනාවරණය කරනු නොලැබුවේ මන්ද? යනුවෙන් මිත්‍යා දෘෂ්ටිකයන් විමසයි, මෙය මගින් ඔබේ සිත ස්ථීර කිරීම සඳහා වරින් වර අනාවරණය කළෙමු. ඔවුන් ඔබ වෙත කුමන උපමාවක් රැගෙනාවත්, (ඊටත් වඩා) සත්‍ය වූත් ඉතා අලංකාරවූත් විස්තරයක් මෙයින් ඔබට ලබාදී ඇත˜ (ශ. කුර්ආනය 25: 32, 33).

අරාබි සාහිත්‍ය තුළ උසස් සාහිත්‍යකට හිමිකම් කියන ශද්ධවූ අල්කුර්ආනය සාමාන්‍ය පුද්ගලයෙකුට පවා වැටහෙන ශෛලයක සැකසී තිබීම එහි තවත් සුවිශේෂත්වයකි. නිර්මාණයක් සාහිත්‍ය පැත්තට නැඹුරු වන විට එය සාමාන්‍ය ජනතාවගෙන් ඈත්වීම අපි සුළබව දකින දෙයකි. නමුත් අල්කුර්ආනය එසේ නොව සාහිත්‍යයෙහි උසස් තලයක පැවතුනත් එය සාමාන්‍ය ජනතාවට පවා අවබෝධ කරගැනීමට හැකිලෙස ප්‍රකාශ වී තිබීම මවිතයට පත්වෙන සුළුය.

ලොව පවතින බොහෝ සිද්ධාන්ත, මිනිසා අධ්‍යයනය කිරීමේ දොරටුවලට අගුලූ දමයි. ඒ දහම් පවසන දේ මුළුමනින්ම විශ්වාස කිරීම මිස ඒ පිළිබඳ හරස් ප්‍රශ්න නගන්නට නොහැකිය. නමුත් ශ.ද්ධවූ අල්කුර්ආනය බොහෝ ස්ථානවල අධ්‍යයනය කිරීමට දිරිගන්වයි.

—ඔවුන් ශ.ද්ධවූ අල්කුර්ආනය අධ්‍යයනය නොකරන්නේ මන්ද? අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන් එය පැමිණ තිබේ නම් එහි ඔවුන් බොහෝ මත භේද දකින්නේය˜ (ශ. කුර්ආනය 4 : 82).

තවත් සථානයක : —ඔවුන් අල් කුර්ආනය අධ්‍යයනය නොකරන්නේද? ඔවුන්ගේ සිත්වලට අගුල් දමා තිබේද˜? (ශ. කුර්ආනය 47: 24).

මුළු ලොව වාසි ජනතාවටම අල් කුර්ආනය අධ්‍යයනය කරන ලෙස විශ්ව හිමියන් ඇරයුම් කරයි. —අපි මෙම කුර්ආනය අධ්‍යයනය කරන්නට පහසු කර ඇත්තේමු. අධ්‍යයනය කරන්නන් සිටින්නේද˜? (ශ. කුර්ආනය 54 : 17).

අල් කුර්ආනය මුළු ලෝක වාසි ජනතාවටම මග පෙන්වන ග්‍රන්ථයකි. —මානව සංහතියට මග පෙන්වීම සඳහා මෙය අනාවරණය කරනු ලැබිනි˜ (ශ. කුර්ආනය 2: 185).

—මුළු ලොව වාසි ජනතාවටම අවවාද කිරීම සඳහා සත්‍ය අසත්‍ය වෙන්කර පෙන්වන මෙම ග්‍රන්ථය තම Þසයා වෙත පහළ කළ (හිමියන්) ඉතා සුවිශුද්ධය˜

(ශු කුර්ආනය 25: 1).

මෙම අදහස ගෙනදෙන බොහෝ වාක්‍යන් ශුද්ධවු කුර්ආනයෙහි දැක ගත හැක. මානව සංහතිය අමතා අල්කුර්ආනය කථා කරයි, එම හෙයින් විශ්ව හිමියන්ගෙන් මුළු මානව සංහතියටම සත්‍ය මග පෙන්වන ග්‍රන්ථයක් වශයෙන් එය අනාවරණය කරනු ලැබිනි.

අල් කුර්ආනය ඉදිරිපත් කරන තවත් අභියෝගයක් නම්: —අපේ Þසයා වෙත අනාවරණය කළ දේ පිළිබඳ ඔබ අනුමානයෙන්ද? එසේ නම් අල්ලාහ් හැර අන් සියල්ල ඔබේ සහයට රැගෙන එක් පරිච්ඡේදයක් හෝ මීට සමානව ගේන්න. එසේ කළ නොහැකිය. මෙන්ම කිසිවිටකත් ඔබලාට කල නොහැකි කාර්්‍යකි. මිථ්‍යා දෘෂ්ටිකයින් සඳහා සූදානම් කර ඇති නිරයට බියවන්න˜(ශු කුර්ආනය 2: 23,24).

—ඔබ සත්‍ය වන්තයින් නම් මෙවැනි එක් පරිච්ඡේදයක් හෝ (සාධක වශයෙන්) ඉදිරිපත්කරන්න˜(ශු කුර්ආනය 37: 157).

මෙම අභියෝගය ශුද්ධවූ කුර්ආනය සියවස් 14 කට පෙර මානව සංහතිය ඉදිරියේ තැබූ අභියෝගයකි, නමුත් අල් කුර්ආනයෙහි ඇති එවැනි එක් පරිච්ඡේදයක් හෝ අවසන් දිනය තෙක් ගෙන ඒමට නොහැකිය.


ශුද්ධවූ අල්කුර්ආනයෙහි එක් වාක්‍යකින් මවිතයට පත්වූ විද්‍යාඥයා ඉස්ලාම් දහම වැළඳ ගත්තේය. ඉජිප්තුවේ ප්‍රධාන නගරය වූ කෙයිරොවෙහි —අල් කුර්ආන් එළියේ වෛද්‍ය හාස්කම්˜ යන මෑයෙන් කෙරුණු විද්‍යාඥයින්ගේ සම්මන්ත්‍රණයකට සහභාගි වී තමන්ගේ ඉස්ලාමීය වෙනස පිළිබඳ අදහස් දැක්වූ —වෛද්‍ය ඇලිසන්˜ විද්‍යාවෙහි උල්පතවූ ඉස්ලාම් දහම (අල් කුර්ආනයෙහි ගැබ්වී ඇති අදහස්) වෙනත් ආගමිකයින්ට පැහැදිළි කරන්නට මුස්ලිම් සමාජය මගහැරියෝය යනුවෙන් චෝදනා මුඛයෙන් පැවසුවේය.

එංගලන්තයෙහි ඇති එක් විශ්ව (Electrical)- හා (Electronic)- විද්යුත් හා විදුලි ඉන්ජිනේරු පීඨයෙහි සභාපති වශයෙන් කටයුතු කරන —අබ්දුල්ලා ඇලිසන්˜ (ඉස්ලාම් දහම පිළිගැනීමෙන් පසු) නුවණට හා හැඟීම්වලට පිළිතුරු සපයන ඉස්ලාම් දහම හඳුනාගන්නා ලෙස බටහිර හා වෙනත් මුළු ලෝකයේම වෙසෙන විද්‍යාඥයින්ට ඇරයුම් කළේය. දැනුම සොයා යන ගමනෙහි අල්කුර්ආනය හදාරන්නට අවස්ථාව උදා කරගත් කිසිදු විද්‍යාඥයෙක්, මුළුමනින් විද්‍යාත්මක කරුණු සමග බැඳී පවතින, ඒ වගේම එයට ගැලපෙන ඉස්ලාම් දහම හෘදපූර්වක පිළිගැනීමෙන් තොර නොවුහ යැයි ඔහු පැවසුවේය. මන්ද වෙනත් ආගම්, සංකල්පයන්, මෙන් අළුත් සොයාගැනීම්වලට සැමවිටම හරස් නොවේ. සොයාගත්දේ, සොයාගනු ලබන දේ සියල්ල සත්‍ය සපත කරන්නාක් වශයෙන් කුර්ආනය බැබළෙයි. යනුවෙන් වෛද්‍ය ඇලිසන් පවසයි.

නින්ද හා මරණය අතර ඇති සම්බන්ධය ගවේශණය කිරීම සඳහා තමන්ගේ :ෑ(Electric)- හා (Electronics)- භාණ්ඩ ආධාරයෙන් කළ ගවේශණය තුළින් එක් පිරිමියෙක් හෝ කාන්තාවක් නිඳන විට යම් කිසි ශක්තියක් මිනිස් සිරුරෙන් පිටවෙන බවත්, එය කුමන අවස්ථාවේදි හැරි එයිද (යළි පැමිණෙයිද) ඒ සැනින් ඔහු ඇහැරෙන බවත්, එනමුත් මරණයට පත්වූ විට එය හැරි නොඑන බවත් ඔහු ගවේෂණය අවසානයේදි කියයි. මෙම සොයා ගැනීමත් සමග ඉහත සඳහන් සමුළුවට පත්‍රිකා සූදානම් කරමින් සිටින විට, අල් කුර්ආනයෙහි පහත සඳහන් වැකිය ඔහුගේ නෙත්වලට ගැටුනේය. එයත් සමග ඔහු විශ්මයට පත්විය.

ඔහුගේ ජීවිතයේ මහත් පෙරළියක් කිරීමට එම වාක්‍ය හේතු සාධක විය. එම වාක්‍ය ඔහුුගේ සොයා ගැනීම මුළුමනින්ම සත්‍ය කරන (අනුමත කරන) එකක් විය. සුමර් නම් පරිච්චේදයෙහි අල්ලාහ් පවසයි: —මිනිසුන් මරණයට පත්වන විටත්, මරණයට පත්නොවී නින්දෙන් පසුවන විටත් ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කරගන්නේ අල්ලාහ්ය. පසුව කව්රුන් වෙත මරණය නියමවුනේද ඔවුන්ගේ ප්‍රාණය (තමන් වෙතම) රඳවා ගන්නා අතර. සෙසු අයගේ (ප්‍රාණය) නියමිත කාලයකට ජීවත් වීම සඳහා ඔවුන් වෙතම හරවා යවයි. හොඳින් කල්පනා කරන ජනතාවට නියතයෙන්ම මෙහි (විවිධ) ආදර්ශයන් ඇත්තේය˜ (ශු. කුර්ආනය 39: 42).

මෙය වඩාත් තහවුරු කරන්නා පරිදි Oxford විශ්ව විද්‍යාලයෙහි මනෝ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරයෙකු වන —යහ්යා අල් මුෂ්රිෆි˜ගේ සහාය ඇතුව නින්ද හා මරණය එකම මගට අයත් වූවකි යනු විද්‍යානූකුලව ඉහත සඳහන් අල් කුර්ආන් වාක්‍ය පැවසූ ආකාරයට ඔප්පු කරයි.

ඉස්ලාම්හි මෙවැනි විද්‍යාත්මක අදහස් බටහිර හා සෙසු ලෝකයෙහි රටවල් නොදැන සිටීම පිළිබඳ බොහෝ සේ දුක්වෙන වෛද්‍ය ඇලිසන්, මීට පෙර මම අල් කුර්ආනයෙහි මෙවැනි අදහස් තිබේදැයි නොසිතු බවත්, මෙම අසම සම ග්‍රන්ථය පවසන විද්‍යාත්මක සත්‍යතාවයන් ලෝකයට මුස්ලිම්වරු පැවසීමේ වගකීම පැහැර හැරිය බවත් ඔහු චෝදනා කරයි. මිථ්‍යා විශ්වාසයන්, අන්ධ භක්තීන් මිනිසුන් තුළ රජකරන තත්ත්වයක් තුළ අල්කුර්ආනයෙහි මෙම විද්‍යාත්මක සත්‍යයන් සමාජය අතරට ගෙන යෑමට මුස්ලිම් වරුන් ප්‍රමාද වීම පුදුමයට පත්විය යුතු කරුණකි.

අනේක සිතුවිලි හා අදහස්වලින් පෙලෙනා දස දහස් සංඛ්‍යාවක් ජනයා එංගලන්තයෙහි වෙසෙන බව පවසන වෛද්‍ය ඇලිසන්, ඉස්ලාම් නුවණට පිළිතුරු සපයන නිසා මුස්ලිමෙකු අත්විඳින සම්පූර්ණ තෘප්තිය අන් අයගෙන් ලබා ගත නොහැකි බව තරයේ ප්‍රකාශ කර සිටි. තවද බටහිර ජනතාවන් බුද්ධිමත් අදහස්වලට ඇහුම් කන්දෙයි යනුවෙන්ද ඔහු පවසයි. ඉස්ලාම් ඉතා බුද්ධිමත්ව අදහස් ඉදිරිපත් කර මිනිස් ස්වභාවයට මූලිකත්වය දෙයි.

තවත් ඉස්ලාමයට ඇතුල් වුනු කිතු ආගමික නායකයෙකු තමන්ගේ ඉස්ලාමීය වෙනසට හේතුවූයේ අල් කුර්ආනයෙහි එක් පරිච්ඡේදයක් බව පවසයි. —අබූ ලහබ්ගේ දෙ අත්ද ඔහුද වැනසේවා.. ඔහුගේ වස්තු මෙන්ද ඔහු ඉපැයු දැයින්ද ඔහුට පලක් නැත්තේය˜ (ශු කුර්ආනය 111: 1, 2).

මෙම පරිච්ඡේදය නබි (සල්) තුමන්ගේ සුළු පියා වූ අබු ලහබ් එතුමන්ගේ ප්‍රචාර කටයුතුවලට එරෙහිව, ඉස්ලමායට එරෙහිව දැඩිව කටයුතු කිරීම නිසා ඔහුට ශාප කිරීමක් වශයෙන් පහළ විය. මෙහි අවදානය යොමු කළ යුතු කරුණ නම්, ඔහු අල් කුර්ආන් පාඨය තුළින් ශාපයට ලක්වීමෙන් පසුවද දස වසරක් ජීවත්විය. ඒ කාලය තුළ ඔහු සරදමකට හෝ —අෂ්හදු අන් ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදුර් රසූලූල්ලාහ්˜ නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙනකිසිවෙකු නැත, මුහම්මද් (සල්) අල්ලාහ්ගේ ශාස්තෘවරයා යනුවෙන් ප්‍රකාශ කළේ නැත. එසේ ඔහු පවසා ඉස්ලාම් දහම වැළඳගත්තේ නම් මෙම පරිච්ඡේදය අසත්‍ය වනු ඇත. එසේවූවා නම් මුළු කුර්ආනයම ඔවුන් ප්‍රතිෙක‍ෂ්ප කිරීමේ අවදානමක් උදාවනු ඇත. නමුත් ඔහු මිය යන තෙක් එවැනි පියවරකට නොඑළඹිය. මෙම පුවත සියුම් ලෙස නිරීක‍ෂණය කළ විට සැබවින්ම අල් කුර්ආනය මුහම්මද්ගේ පෞද්ගලික නිර්මාණයක් නොව අල්ලාහ් විසින් අනාවරණය කරනු ලැබු ග්‍රන්ථයක් බව සපථ වේ. සෑම අවදියක් පිළිබඳම නිසි අවබෝධයක් ඇති අල්ලාහ්ට පමණි මෙවැනි පරිච්ඡේදයක් අනාවරණය කළ හැක්කේ. මෙයින් ශුද්ධවූ කුර්ආනය දේව ග්‍රන්ථයක් යන බව මනාවට ඔප්පු වේ යැයි ඔහු පවසයි.

අල්කුර්ආනයේ පරිශුද්ධත්වයට කිසිදු හානියක් නොවී එය ආරක‍ෂා කිරීමේ වගකීම අල්ලාහ් විසින්ම භාරගැනීම: —අපි මෙම අල් කුර්ආනය පහළ කළෙමු, අපිම මෙය ආරක‍ෂා කරමු˜ (ශු කුර්ආනය 15: 9).

සියවස් 14 ක් මුළුල්ලේ මෙය ඉටුවෙමින් පවති. අල් කුර්ආනය කෙසේ අනාවරණය වුනේද ඒ ස්වභාවයෙන්ම එය ආරක‍ෂා වෙයි. එහි පරිශුද්ධත්වයට අබ මල් රේනුවක තරම් හෝ හානියක් නොවී එය ආරක‍ෂා වෙයි. නබි (සල්) තුමන් තමන්ට අනාවරණය වූ දේව පණිවුඩ සටහන් කිරීම සඳහා විශේෂ කාර්්‍ය මණ්ඩලයක් පත්කළේය. එම කාර්්‍ය මණ්ඩලයෙහි මුආවියා ඉබ්නු අබී සුෆ්යාන්, ෙසෙද් ඉබ්නු සාබිත් ආදි මිත්‍රවරු සාමාජිකත්වය දැරූහ. මේ ආකාරයට නබි (සල්) තුමන් ජීවතුන් අතර සිටින විටම අල් කුර්ආනය ආරක‍ෂා විය. අල් කුර්ආනය වනපොත් කළ බොහෝ මිත්‍රවරුද වුහ. වත්මන් ලෝකයේද අල්කුර්ආනය වනපොත් කළවුන්ගේ සංඛ්‍යාව දස ලක‍ෂ සංඛ්‍යාව ඉක්මවයි.

සෑම රමලාන් මසකම නබි (සල්) තුමන් වෙත පැමිණෙන දේව දූත ජිබ්රීල් (අෙලෙ) ඒ වන තෙක් පහළ වූ අල් කුර්ආනය නබි (සල්) තුමන්ට කියවා පෙන්වයි. නබි (සල්) තුමන් මෙලොවින් සමුගන්නා අවසන් වසරේ උදාවුනු රමලාන් සමයේ අල් කුර්ආනය දෙවතාවක් නබි (සල්) තුමන් ඉදිරියේ කියවා පෙන්වුහ. මේ ආකාරයට අල්කුර්ආනය ආරක‍ෂා විය. —ඔබේ දිව අල්කුර්ආනය කියවීමේදි ඉක්මන් වී නොහසුරුවන්න. අල්කුර්ආනය එක් කිරීම හා එය පාරායනය කිරීමේ හැකියාව ඔබට ලබාදීම අපේ වගකීමයි. අපි කියවන විට ජිබ්රීල් (අෙලෙ) ගේ මාර්ගයෙන් ඒ අනූව එය අනුගමනය කරමින් ඔබ කියවන්න. පසුව අපි එය පැහැදිළි කිරීමේ වගකීමද භාරගන්නෙමු. (ශු. කුර්ආනය 75: 16,17, 18 ).

වෙනත් ආගම් අදහන්නන් ඔවුන් විශ්වාස කරන පුස්තක හා එම ආගමික නිර්මාතෘවරුන් අතර බොහෝ කාල පරතර තිබීම පැහැදිළිව දැකගත හැක. මීට පෙර පැමිනුණු යේසූස්, මෝසස් වැනි ශාස්තෘවරුන් අතරේ විය හැක ඔවුන්ට පහළ වුනු දේව නියෝග ඔවුන් මෙලොවින් සමුගැනීමෙන් පසු ආරක‍ෂා කිරීමට ඒ ඒ සමාජයන්ට අපොහොසත් විය. ඉන් බොහෝ කලකට පසුව විසුවන් විසින් ඔවුන්ට අවශ්‍ය වන ආකාරයට දේව ග්‍රන්ථ කියා ඔවුන් ප්‍රති නිර්මාණය කරගත්හ. එම ග්‍රන්ථ අනාවරණය වූ මුල් භාෂාවන් පවා ලෝකයේ නොපවති. නැතහොත් ජනතාව අතර ව්‍යවහාරයේ නැත.

අල්ලාහ් අල් කුර්ආනයෙහි මෙසේ පවසයි: —යම් ස්වල්පවූ ලෞකීක ආදායමක් අරමුණු කොටගෙන තමන්ගේ අතින්ම ග්‍රන්ථයක් ලියා පසුව මෙය අල්ලාහ්ගෙන් යැයි ජනතාවට පවසන මොවුන්ට ශාපයæ මෙය ලියූ මොවුන්ගේ සිය දෑත් වලටද අනර්ථය, තවද එ මගින් ඔවුන් අත්පත් කරගන්නා ලාභ ප්‍රයෝජනද ඔවුන්ට විනාශය˜ (ශු. කුර්ආනය 2:79).

තවත් ස්ථානයක: —පුස්තකය ගැනම දිව හරවන්නාවූ පිරිසක් ඇත්තෙන්ම ඔවුන් අතර වෙති, එය පුස්තකයේ අන්තර්ගතව නොතිබීයේදි පුස්තකයෙන් යැයි ඔබ සිතනු පිණිසය. අල්ලාහ්ගෙන් නොතිබියදී එය අල්ලාහ්ගෙන්යයිද ඔවුහු කියන්නෝය. ඔවුහු දැනුවත්වම අල්ලාහ් කෙරෙහි බොරු කියන්නෝය˜ (ශු.කුර්ආනය 3:78).

මෙම ධර්මයන්හි අණ පනත් විකෘතිවීම් වලට, වෙනස් කිරීම් වලට ලක්වී එහි පරිශුද්ධත්වය කිළිටුවූ හෙයින් ඉස්ලාමය (අල්-කුර්ආනය) මගින් එහි අසත්‍යභාවය ලෝකයාට හෙළිකිරීම කාලීන අවශ්‍ය තාවයක් විය.

ශුද්ධවූ කුර්ආනය අල්ලාහ් අවසන් දිනය තෙක් ආරක‍ෂා කරන බව පොරොන්දු වෙයි. එබැවින් මෙම පොරොන්දුව ආරක‍ෂා වීම අල් කුර්ආනය පරිශුද්ධ ග්‍රන්ථයක් යන තත්ත්වයෙන් අල්ප මාත්‍රයකින් හෝ වෙනස් නොවෙයි. අල් කුර්ආනය අනාවරණය වූ මුල් භාෂාව ලෝකයේ කෝටි සංඛ්‍යාත ජනතාව අතර ව්‍යවහාරයෙහි පවති. එම ආරාබි භාෂාවේ උසස්තම සාහිත්‍ය නිර්මාණය අල්කුර්ආනයයි.


සාක්ෂරතාවයෙන් තොරවූ මුහම්මද් නබි (සල්) තුමන්ට කිසිසේත්ම මෙවැනි ග්‍රන්ථයක් නිර්මාණය කළ නොහැක. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ කියයි: —ශාස්තෘවරයානනි මීට පෙර කිසිම ග්‍රන්ථයක් ඔබ කියවා නැත, ඔබේ අතින් ලියාත් නැත. එසේ තිබුනේ නම් අසත්‍යවන්තයින් සැකකරන්නට තිබිනි˜ (ශු.කුර්ආනය 29: 48).

කිසිදු සැකයක් නැත විශ්වයෙහි අධිපති විසින් මෙම ග්‍රන්ථය අනාවරණය කරනු ලැබුවේ. මොහු (මුහම්මද්) ස්වයංව මෙය නිර්මාණය කරගත්තේය යැයි මෙම සමාජය පවසනවාද? කුමක්ද? එසේ නොව මෙය ඔබේ දෙවියන් විසින් පැමිණුනු සත්‍ය වේ˜ (ශු. කුර්ආනය 32: 2).

මධ්‍යස්ත විග්‍රහයක යෙදෙන මුස්ලිම් නොවන ප්‍රවීන විද්වතෙකු වන —මාරිස් බුකෛල්˜ මෙසේ සඳහන කරයි: —අල්කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය, සාවද්‍ය සහගත බව, ඉහත සඳහන් කරුණු වලින් පෙනේ. අකුරු නොදන්නෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ඨතම සාහිත්‍යදරයා විය හැක්කේ කෙසේද? තත්කාලයේ අන් කිසිදු මිනිසෙකු නොදැන තරමේ අල්ප මාත්‍ර වරදකින් තොරව, එබඳු විද්‍යාත්මක සත්‍යයන් හෙළිදරව් කළ හැක්කේ කෙසේද? Maurice Bucaille – The Quran and Science 1978 :පිටුව 125).

ශුද්ධවූ කුර්ආනයෙහි මග පෙන්වීම් මුළු ලෝකවාසි ජනතාවටම අයත් මග පෙන්වීම් වේ. ලෝකයේ සාමය ශාන්තිය උදාවීමට නම් වෙනත් විකල්ප නොසොයා මෙම විශ්ව නිර්මාතෘ ලබාදෙන විසඳුම් කරා යා යුතුයි. ඔහු ගේ මග පෙන්වීම් කරා මානවයා ළඟා විය යුතුයි.

අපක‍ෂපාතිව, මධ්‍යස්ථව අල්කුර්ආනය අධ්‍යයනය කරන්න. මා නිර්මාණය කළ නිර්මාතෘගෙන් අනාවරණය වූ ශුද්ධවූ ග්‍රන්ථය යන හැඟීම මත අධ්‍යයනය කරන්න. ඔබට නිවැරදි මාර්ගය, ජීවිතයේ ශාන්තිය, සාමය ලැබීම නියතය.

අල්කුර්ආනය පවසන විද්‍යාත්මක සත්‍යයන් නියතයෙන්ම ශත වර්ෂ 14 කට පෙර ජීවත්වූ —මුහම්මද්˜ කියන එම පෘථග්ජනයාට කොහෙත්ම කිව නොහැක. නියත වශයෙන්ම එම වාක්‍යන් මෙම විශ්වයේ නිර්මාතෘවරයා වන අල්ලාහ් විසින් එම ශාස්තෘවරයාට අනාවරණය වුනු වාක්‍යන් මිස වෙන කිසිවක් නොමැත. සිය ජීවිතයෙහි කිසි දිනක සයුරු තරණය නොකළ මුහම්මද් නබි (සල්) තුමන්, මෑත කාලයේදී විද්‍යාව මගින් සොයාගත් සත්‍යක්, ශත වර්ෂ 14 කට පෙර කෙසේ කිව හැකිද? එනම්: —දෙසාරගයන් එකිනෙක හමුවීමට ඔහුම සැලැස්සුවේය. (එනමුත්) මේ දෙක අතර අහුරන බාධකයක් ඇත. මෙම බාධක සීමාව ඉක්මවා යා නොහැක˜(ශු.කුර්ආනය 55: 18, 19).

—සමුද්‍රයන් දෙක (ජලය දෙජාතියක් උසුලයි) එනමුත් එය සමාන නොවෙයි එයින් එකක් නැවුම් මිහිරි සහ පානයට ප්‍රසන්නයි. අනෙක ලවන ගතිය ඇති සහ පානයට අප්‍රසන්නයි˜ (ශු. කුර්ආනය 35: 12).

—කව්රුන් සමුද්‍රයන් දෙක යා නොවෙන සේ තැබුවේද එයින් එකක් ලවන ගතියෙන් හා අනෙක දිව ගා රස බැලිය හැකි මිහිරි රසෙනුත්, අල්ලාහ් විසින් මේ සමුද්‍රයන් එකිනෙක එක් නොවන සේ බාධකද දමා සම්පූර්ණයෙන්ම යා නොවන සේ වෙන්කර තැබුවේය˜ (ශුකුර්ආනය 25: 53).

මී මැස්සා පිළිබඳ ශුද්ධවූ අල් කුර්ආනය ඉදිරිපත් කළ අදහස් විශ්මය ජනකය.

ඉර හඳ පිළිබඳ, වෙනත් ලෝකයන් පිළිබඳවත් එම ලෝකයන්ට අවශ්‍ය කරන ශක්තිය බලය තිබුනු විට ගමන් කළ හැකි බවත්, පෘථීවිය පිළිබඳවත්, කඳු පිළිබඳවත්, විශ්ව නිර්මාණය පිළිබඳවත්,


වලාකුළු පිළිබඳවත් දරුවෙකු මව් ගැබ තුළ පිළිසිඳගන්නා ආකාරය පිළිබඳවත්

මෑත කාලයේදි විද්‍යාව තුළින් සොයාගත් බොහෝ සත්‍යයන් පිළිබඳ ශුද්ධවූ අල් කුර්ආනය කථාකරයි.

ඉස්ලාම් ආගමේ දේශපාලනමය, ආර්ථීකමය, සමාජයීය ක්‍රමය

ඉස්ලාම් ආගමේ දේශපාලනමය, ආර්ථීකමය, සමාජයීය ක්‍රමය ගැන විස්තර වශයෙන් සාකච්ඡා කිරීමට මෙම පරිච්ඡේදයේ ඇති ඉඩ ප්‍රමාණය ඉතා සීමිතය. අපරදිග උගතුන් විසින් ඉස්ලාම් ආගමට විරුද්ධව පතුරුවා හරින ලද වැරදි මතයක් ගැන මතු පළ වන ග්‍රන්ථ වල කරන අතර තුර ම, ඉහත සඳහන් කරුණු ගැන ද සවිස්තරව සාකච්ඡා කිරීමට හැකි වන බැවින් ඒ පිළිබඳ සෑහෙන අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. පහත සඳහන් කරුණු අපගේ පාඨකයන් ඉදිරියේ තැබීමට කැමැත්තෙමු.

පළමුකොට, ඉස්ලාම් ආගම හුදු විඥානවාදී, දර්ශනයක් නොවන බව අවබෝධ කරගත යුතුය. අනෙක් අතින්, එය මිනිස් වර්ගයාගේ නියම අවශ්‍යතා සම්පූර්ණයෙන් ආශ්වාදය කරමින් ඒවා හඳුනා ගැනීමට උත්සාහ කරන ප්‍රායෝගික ජීවන ක්‍රමයෙකි.
දෙවනුව, මිනිසාගේ නියම අවශ්‍යතා සපුරාලීමට උත්සාහ කිරීමේ දී, මනුෂ්‍ය ස්වභාවය අනූව ඉස්ලාම් ආගම එහි සම – තුලිතතාවක් ඇති කරයි. පුද්ගලයාගේ ශරීරය හා ආත්මය අතරත්, හේතුව හා ආධ්‍යාත්මය අතරත්, සමතුලිතතාවක් රැකෙන අයුරින් එය පුද්ගලයාගෙන් අරඹයි.
කිසි විටෙක එක් පැත්තකින් අනෙක් පැත්ත අභිභවනය කිරීමට ඉඩ නොදෙයි. ආත්මය ඉහළ තලයෙන්ම නැංවීම පිණිස මෘග ආශාවන් මර්දනය කිරීමක් එය නොකරයි. කාමුක ආශාවන් පිනැවීමේ දී මිනිසා තිරිසන් තත්ත්වය වැනි පහත් මට්ටමකට පත් කිරීමක් ද නොකරයි. එය කරන්නේ, මනුෂ්‍ය ආත්මයේ පැවැත්මට තර්ජනය කරන එසේ නැතිනම්, එහි එක් කොටසක් අනෙක් කොටස්වලට විරුද්ධ ව තබන, අභ්‍යන්තර මානසික ගැටුම් ඉවත් කොට, අර අංශ දෙක එක් උසස් තැනක දී හමු කිරීමයි. මේ නිසා එය පුද්ගල අවශ්‍යතා අතර සම-තුලිත බවක් ඇති කිරීමට කි්‍රයා කරයි. එය පුද්ගලයන් හෝ සමාජය පාගාගෙන ඉඳීමට එක් පුද්ගලයකුට කිසි විට ඉඩ නොදෙයි. එසේ ම පුද්ගලයෙකු පාගාගෙන හිඳීමට සමාජයට ද ඉඩ නොදෙයි. එක් පන්තියකට හෝ මනුෂ්‍ය කොට්ඨාශයකට තවත් පන්තියක් හෝ මනුෂ්‍ය කොට්ඨාශයක් වාලූන් කර ගැනීමට එය ඉඩ නොදෙයි. අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ සියලූ බලවේගවල දී, ඔවුනොවුන් අතර ගැටුම් වළක්වයි. ඔවුනට එකට අත්වැල් බැඳ ගැනීමට අනුශාසනා කරයි. මිනිස් වර්ගයාගේ පොදු යහපත පිණිස එක්සත් වන ලෙස කියයි. ඉස්ලාම් ආගම මේ අයුරින් සංවරශීලී, සුභසාධක ක්‍රමයක් අනුගමනය කරයි.


මෙසේ, ඉස්ලාම් ආගම ආධ්‍යාත්මික හා බාහිර අංශ අතරේත්, ආර්ථීක හා මානුෂික අංශ අතරේත් යන විවිධ සමාජ අංශ අතර සම තුලිතතාවක් රැකගනියි. කොමියුනිස්ට් වාදය පිළිගන්නාක් මෙන්, මානුෂික් පැවැත්ම ආර්ථීක කරුණු භෞතික පැත්ත විසින් අභිභවනය කරනු ලැබේය යන්නත් ඉස්ලාම් ආගම විශ්වාස නොකරයි. මනුෂ්‍ය ජීවිතය සංවිධනාය කිරීමට උසස් අදහස් වල ආධ්‍යාත්මික පක‍ෂය පමණක් සෑහේය යනුවෙන් පවිත්‍ර ආධ්‍යාත්මාවදීන් හා විඥානවාදීන් කරන ප්‍රකාශයට එය එකඟ නොවේ. මනුෂ්‍ය සමාජය ගොඩනැගෙන්නේ එක් කෙනෙකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් නොව විවිධාකාර මූලයක් එකතුවීමෙන් බව ඉස්ලාම් ආගම පිළිගනියි. මේ සියල්ල සැලකිල්ලට ගෙන ශරීරයට, බුද්ධියට හා ආත්මයට සම්පූර්ණයෙන් ඉඩ දී, ඒවා සාමකාමී රාමුවක් තුළ සංවිධානය කිරීම හොඳ ම ජීවන පද්ධතිය බව ද ඉස්ලාම් ආගම පිළිගනියි.
වෙතනුව, සමාජ දර්ශනයක් වශයෙන් හා ආර්ථීක ක්‍රමයක් වශයෙන් ඉස්ලාම් ආගමේ සම්පූර්ණ නිදහස් පැවැත්මක් ඇති බව සිහි තබා ගත යුතුය. එහි සමහර බාහිර ගති ලක‍ෂණ ධනවාදයට හෝ කොමියුනිස්ට් වාදයට සමානයයි මතුපිටින් පෙණුන ද, ඇත්ත වශයෙන්, මේ එකක්වත් නොවේ. මෙම ක්‍රමවල වැරදි සහ නොගැලපෙන තැන් ඉවත් කොට හොඳ ලක‍ෂන පමණක් එය රඳවා ගනියි. සමාජ ක්‍රමයෙහි පදනම පුද්ගලයා ය යනුවෙන් සලකන වර්තමාන අපරදිග පවත්නා ගති ලක‍ෂණවල තත්ත්වයට ම නොවැටි ඉස්ලාම් ආගම පුද්ගලවාදය පිටුදකී. පුද්ගලයාගේ නිදහස සෑම අතින්ම ආරක‍ෂා විය යුතු යයි ද, සමාජය විසින් කිසිම හේතුවක් නිසා එම නිදහසට ඇඟිලි නොගැසිය යුතු යයි ද කියයි. පුද්ගල නිදහස යන සංකල්පය මත ගොඩනැගුණු, අපරදිග වර්තමාන ධනවාදය නමැති විෂ බීජය විසින් පුද්ගලයා හදා වඩා ආරක‍ෂා කළ ජන සමාජය ඇතුළු අනිකුත් අය සූරාකනු ලබයි. සමාජයේ වැදගත්කම හොඳින් අවබෝධ කරගත් ඉස්ලාම් ආගම පෙරදිග යුරෝපීය රටවල දක්නට ලැඛෙන අන්දමේ අන්තයකට යන්නේ නැත. මනුෂ්‍ය ජීවිතයේ පදනම වූ සමාජය තුළ පුද්ගලයෙක් යනු ස්වකීයයි පැවැත්මක් නැති, තම රංචුවෙන් නිදහස් විය නොහැකි, නොවැදගත් වාහනයෙකියි එම යුරෝපිය රටවල් සිතයි. මේ නිසා නිදහස හා බලය විඳින්නේ සමාජයයි. ඒ පිළිබඳ ව ප්‍රශ්න කිරීමට හෝ තම අයිතිවාසිකම් ඉල්ලා සිටීමට හෝ පුද්ගලයාට කිසිම බලයක් නැත. මේ අයුරින් පුද්ගල ජීවිත කැමැති පරිදි හැඩ ගැස්වීමේ පරම බලය ඇත්තේ රාජ්‍යයටයයි යන ආකල්පය සහිත ව කොමියුනිස්ට් වාදය බිහි විය.
ඉස්ලාම් කොමියුනිස්ට් වාදයටත්, ධනවාදයටත් අතරමැදී සම-තුලිතතාවක් ඇත්තකි. පුද්ගලයාට තම සහෝදර ජනතාව පාගා ගැනීමට නොව, ඔහුගේ දක‍ෂතාවන් වැඩි දියුණු කර ගැනීමට නිදහස අවශ්‍ය යන්න හා පුද්ගලයා හා රාජ්‍යය අතර සාමය පැවතිය යුතුය යන්න ද පිළිගනිමින්. ජන සමාජයටත්, සංවිධාන වූ ජන සමාජයක ලක‍ෂණය වූ රාජ්‍යයටත්, මනුෂ්‍ය ජීවිතයේ මෙම සාමය ආරක‍ෂා කොට පවත්වාගෙන යාමට හා කි්‍රයාත්මක කිරීමටත්, සමාජ ආර්ථීක සම්බන්ධතා පාලනය කිරීමටත් විශාල බලතල ලබාදෙයි. ඉස්ලාම් ආගමට අනූව මෙම සම්පූර්ණ සැකිල්ලෙහි පදනම වන්නේ පුද්ගලයන් හා සමූහ අතර පවත්නා අන්‍යෝන්‍ය ආදරයයි. එය ගොඩනගා ඇත්තේ ඔවුනොවුන් අතර කුළල් කා ගැනීම් මතවත්, කොමියුනිස්ට් සමාජවල දක්නට ලැඛෙන පන්ති අරගල මතවත් නොවේ.
ඉස්ලාම් ආගම දකින අයුරින්, මෙම උසස් ජීවන ක්‍රමය කිසියම් ආර්ථීක පීඩනයක් නිසා ඇති වූවක් හෝ, අන්‍යෝන්‍ය විරුද්ධවාදී මිනිස් සමූහවල පරස්පරව ගැටෙන අවශ්‍යතා නිසා ඇතිවූවක් හෝ නොවේ. මෙපමණක් නොවේ, මෙම ක්‍රමය, ප්‍රබුද්ධ ජීවන ක්‍රමයක් වශයෙන් ලෝකයට එළිදරවු කරන ලද්දේ මිනිසුන් ආර්ථීක කරුණු වලට විශේෂ වැදගත් තැනක් දුන් අවධියකදී නොවේ. වර්තමානයේ අප දක්නා අරුතින් සමාජ සාධාරණය පිළිබඳ ව කිසිවක් ඔවුන් දැන සිටියේ නැත. කොමියුනිස්ට් වාදය හා ධනවාදය පශ්චාත්කාලීන වර්ධනයෝ වෙති. මනුෂ්‍ය ජීවිතයෙහි සමාජ හා ආර්ථීක අංශයන්හි ප්‍රතිසංස්කරණ ගැන සලකන විට, කාල්මාක්ස්ගේ නම සාමාන්‍යයෙන් සම්බන්ධ වී පවත්නා, මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාර, නිවාස හා ලිංගික තෘප්තිය යන කරුණු සඳහා ප්‍රතිපාදන සැලසීම රජයක යුතුකමයි. මෙම අදහස මනුෂ්‍ය චින්තනය පිළිබඳ ඉතිහාසයේ මහා විප්ලවයක් ඇති කළේ ය. එහෙත්, කාල්මාක්ස්ට බොහෝ කලකට පෙර, අවුරුදු එක් දහස් තුන්සියකට පෙර, ඉස්ලාම් ආගම ලෝකය ඉදිරියේ පුද්ගලයාගේ මෙම අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශ කළේය.

මේ අයුරින් අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන් මෙසේ කීය: —අප සඳහා (ඉස්ලාමීය රාජ්‍යය) යම් කිසිවෙක් රාජ්‍ය සේවකයකු ලෙස කි්‍රයා කරන්නේ ද, ඔහුට භාර්යාවක් නැත්තේද, ඔහුට භාර්යාවන් සිටිය යුතුය. නිවසක් නැතිනම් ජීවත් වීම සඳහා ඔහුට නිවසක් ලබා දිය යුතුය. සේවකයෙකු නැත්නම් සේවකයෙකු සොයා ගත යුතුය. ඔහුට (සත්වයෙකු) වාහනයක් නැතිනම් සත්වයෙකු සොයි දිය යුතුය.˜ මෙම මූලික අයිතිවාසිකම් පිළිබඳ ඓතිහාසික ප්‍රකාශනයෙහි අන්තර්ගත වන්නේ කාල් මාක්ස් කියූ දෙය පමණක් නොවේ. පන්ති අතර ද්වේශයක් නැතිව, ලේ ගලන විප්ලව නැතිව, ආහාර, නිවාස හා ලිංගික තෘප්තිය හා පෙර කී මූලයන් ප්‍රතිෙක‍ෂ්ප කිරීමක් නැතිව, කාල්මාක්ස් කියූ දෙයට වැඩිපුර දේ එහි අඩංගු වේ.
මේවා ඉස්ලාමීය ජීවන පද්ධතියේ කැපී පෙනෙන ලක‍ෂණ ය. එබඳු නීති හා මූල ධර්ම සහිත වූ ද, මානුෂික පැවැත්ම, හැඟීම්, සිතුවිලි, කි්‍රයා, වන්දනා, ආර්ථීක කටයුතු, සමාජ සම්බන්ධතා, ආශාවේග හා ආධ්‍යාත්මික ප්‍රාර්ථනා ආදී සියල්ල ඇතුළත් වූ ද, සරල සාමකාමී උතුම් ජීවන ක්‍රමයක් පිළිබඳ රාමුවක් තුළ සංවිධානය කරන ලද, ආගමක් එහි මනුෂ්‍යයාට ඇති ප්‍රයෝජනවත් බව කවදාවත් නැති නොවේය යන්න තහවුරු කිරීමට මේවා ප්‍රමාණවත් වෙයි.
එබඳු ආගමක සහ ජීවිතයේ අරමුණු සමාන බැවින් එම ආගම කවදාවත් විනාශ වන්නට බැරිය. මේ නිසා පෘථීවිය මතුපිට ජීවය පවත්නා තුරු එය පවත්නේ ය.
සමකාලීන ලෝක තත්ත්වය ගැන සලකා බලන විට, මිනිස් වර්ගයාට ඉස්ලාම් ආගමට පරාංමුඛ වීමට හෝ එහි ජීවන ක්‍රමය ප්‍රතිෙක‍ෂ්ප කිරීමට හෝ පුළුවන්කමක් නැත. ඒ නිසා ප්‍රබුද්ධ විසිවැනි සියවස තුළ ජීවත් වන මිනිසා තවමත් අතිශයින් මිලේච්ඡ වූ ද, අමිහිරි වූ ද සමාජ අසාධාරණකම්වල නියුක්ත වී සිටී.

ඇමරිකාව හා දකුණු අප්‍රිකාව මෙයට සාධක සපයයි. ඇත්ත වශයෙන්ම විසිවැනි සියවසේ ලෝකය විසින් ඉස්ලාම් ආගමෙන් උගත යුතු බොහෝ දේ ඇත. බොහෝ කලකට පෙර ඉස්ලාම් ආගම සියලූ සමාජ අසාධාරණකම්වලින් මනුෂ්‍යත්වය මුදා ගත්තේ ය. සමානාත්මතාව පිළිබඳ විචිත්‍ර චිත්‍රයක් එහි අඩංගුවූයේ පමණක් නොවේ. භක්තියෙන් මිස අන්‍යයන් මත ප්‍රමුඛතාවයක් කිසිවකුට ලැබිය නොහැකි යයි ප්‍රකාශ කරමින් කලූ, සුදු හා රතු මිනිසුන් අතර අද්විතීය සමානාත්මතාවක් ප්‍රායෝගික වශයෙන් ම එය ලබා ඇත. එය කළු මිනිසුන් වාල් බවින් මුදා ගත්තා පමණක් නොව, ඉස්ලාම් රාජ්‍ය තුළ උසස්ම තත්ත්වයට පැමිණීමට ඔවුන්ට ඇති අයිතිවාසිකම් ද පිළිගත්තේය. නිදහස් පුද්ගලයන් මෙන් ඔවුන්ට ඉස්ලාම් රාජ්‍යයේ ප්‍රධානීන් වීමට හැකිය. අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන් මෙසේ කීය: —නීග්‍රෝ වාලකු ඔබගේ ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබුවහොත් ඔහු අල්ලාහ්ගේ නීතිය ඔබ කෙරෙහි බල පවත්වන තාක් කල් ඔහුට සවන් දෙන්න. ඔහුට කීකරු වන්න.˜
අධිරාජ්‍යවාදයේ හා අත්තනෝමතිකත්වයේ පාපයන්ට හා මිලේච්ඡ ලක‍ෂණවලට මැදි වූ වර්තමාන ලෝකය තමන් බැඳ ඇති යදම් බිඳ දැමීමට ඉස්ලාම් ආගමට පමණක් හැකිය යන ඉස්ලාම් පණිවුඩය කෙසේ අමතක කළ හැකි ද? අධිරාජ්‍ය වාදයටත් සියලූ ආකාර සූරාකෑම්වලටත් ඉස්ලාම් ආගම විරුද්ධය. දෙවියන් වහන්සේගේ වචනය පතුරුවා හැරීමේ අදහසින් ඉස්ලාම් ආගම විසින් දිනාගන්නා ලද රටවල මිනිසුනට කරන ලද සැලකිල්ල කෙතරම් පරාර්ථකාමී ද? උතුම් ද? යන්න සිතා ගැනීමට පවා —ශීලාචාර˜ යුරෝපයට නොහැකි ය. මේ කරුණෙහි දී, උමර් බින් අල් කත්තාබ් කලීෆා (පාලකයා) ගේ ප්‍රසිද්ධ තීරණයක් සඳහන් කිරීමට කැමැත්තෙමු. ඊජිප්තුවේ ජයග්‍රාහී ජනරාල් වරයකු වූ ද, ගෞරවනීය ආණ්ඩුකාරයා වූ ද අම්ර් බින් අල් ආස් (රලි) තුමන්ගේ පුත්‍රයාට කිසිදු නෛතික සාධාරණත්වයක් නැතිව ඊජිප්තු කි්‍රස්තියානිකාරයාට පහර දීමේ හේතුවෙන් කස පහර දීමට නියම කළේය. තම කීර්තිමත් පියා නිසා ඔහු පාලක තුමාගේ කස පහරින් බේරුණේ අනූනවයෙනි.
ඉස්ලාම් රාජ්‍යයේ වැසියන් බුක්ති විඳින සිවිල් නිදහස කෙතරම් ද යන්න මෙම කරුණින් පැහැදිළි වෙයි.
ජීවිතයට විස කැවූ ධනවාදයේ පාපය ඊට පසු දක්නට ලැබිණ. එය නැතිකර දැමීමටත් මනුෂ්‍ය ජාතිය එහි දුෂ්ට විපාකයන්ගෙන් මුදවා ගැනීමටත් නැවතත් ඉස්ලාම් ආගම අවශ්‍ය විය. ධනපති ආර්ථීකයක ලක‍ෂණ වූ ගිනි පොලිය, ධනය රැස්කොට සඟවා තැබීම, ඉස්ලාම් ආගම විසින් තහනම් කරනු ලැබේ. වෙනත් වචනවලින් කියනවා නම්, මෙහි මීට අවුරුදු එක් දහස් තුන්සියයකට පෙර කළාක් මෙන්. ඉස්ලාම් ආගමට පමණක් ධනපති වාදයේ පාපයන් සාර්ථක ලෙස නැවැත්විය හැකි බවය. මිනිස් හදවතේ ආධ්‍යාත්මික ස්පන්දනය වියලවන්නේ නැතිව, සමාජ සාධාරණය පවත්වා ගැනීමට ඉස්ලාම් ආගමෙන් තරම් උපකාරයක්, භෞතික වාදී අදේව වාදී කොමියුනිස්ට් වාදය විසින් ජය ගන්නා ලද ලෝකයේ නොලැඛෙයි. ඉස්ලාම් ආගම මිනිසාගේ ලෝකය පටු හැඟීම් සහිත ලෝකයකට සීමා නොකරයි. මේ හැමට ම වඩා, ඉස්ලාම් ආගම පහත් පන්තියේ ඒකාධිපතීත්වයක් උපයෝගි කොටගෙන මනුෂ්‍ය වර්ගයා මත බලහත්කාරයෙන් තම ආගමික දර්ශනය කි්‍රයාත්මක කිරීමට අදහස් නොකරයි. උනන්දුවක් ද නොදරයි.
ආගමේ අනිවාර්ය බවක් නැත. ඇත්ත වශයෙන් ම ගුණවත් බව කෘෘර බවෙන් වෙන්ව කැපී පෙනෙනු ඇත.˜ (අල්කුර්ආනය 2: 256).
අවසාන වශයෙන්, තවමත් යුද්ධයේ සෙවනැලි වලින් වැසුණු ලෝකයට, පෘථීවිය මතුපිට සාමය ඇති කොට පවත්වාගෙන යා හැකි එකම මාර්ගය වන ඉස්ලාම් දෙස නොහැරී සිටිය නොහැකි ය.
ඉස්ලාම් යුගය ආරම්භ වූවා පමණකි. අවසන් වී නැත. එය සිඳී ගිය බලවේගයක් නොවේ. ජීවමාන ගතික බලවේගයකි. යුරෝපය මධ්‍යතන යුගයේ අඳුරු අගාධවල මාර්ගය සොයමින් බඩ ගෑ යුගයෙහි, පොළෝ තලය ආලෝකවත් කළ ඉස්ලාම් ආගමේ ඒ දීප්තිමත් ඓතිහාසික අතීතය මෙන් ම එහි අනාගතය ද දීප්තිමත් ය.
ශ.ද්ධවූ කුර්ආනය මෙසේ සඳහන් කරයි: —ඔබගේ වාලූන් පිළිබඳව ද එසේ ය. ඔවුන් තුළ පවත්නා කිසියම් යහ ගුණයක් ඔබ දන්නේ නම් ඔවුනට පෙනෙන පරිදි ඔවුන් නිදහස් කිරීම පිළිබඳ ප්‍රකාශනය ලියන්න. අල්ලාහ් ඔබට යම් ධනයක් ප්‍රදානය කොට ඇත් ද, එම ධනය ඔවුනට ද ප්‍රදානය කරන්න.˜ (අල්කුර්ආනය 14: 33).
ඉස්ලාම් ආගම මොනම ක්‍රමයක හෝ මිථ්‍යා විශ්වාසයන්ට විරුද්ධ බැවින් එයට මිනිස් බුද්ධිය වර්ධනය කිරීමේ ශක්තියක් ඇත. පසුගිය කාල පරිච්ඡේදවල දී මනුෂ්‍යත්වය, චින්තනය පිළිබඳ විවිධ අසාධාරණකම්වලට හා මිනිසාගේ අභිරුචියට අනූව හැඩ ගැසුණු සමහර පුරුදුවලට ගොදුරු වූ බව පෙනෙන අතර සමහර ඒවා මිනිසා විසින් නිර්මාණය කරන ලද දෙවියන්ගෙන් පැවතෙන බව ද පෙනේ. මේ අයුරින් මිනිස් බුද්ධිය ඉස්ලාම් ආගම පැමිණීමට පෙර අණ්ධකාරයේ බඩගාමින් තිබිණ. ඉස්ලාම් ආගම පැමිණීමත් සමග ම මිනිස් බුද්ධිය පරිණත බවට පත්විය. බහුබූත අදහස් වලින්, ඊනියා දෙවිවරුන්ගෙන්, යුදෙවු සම්ප්‍රදායන්ගෙන් හා ඛෙලහීන කි්‍රස්තියානි පල්ලියෙන් ද මුදවනු ලැබූ එම මිනිස් බුද්ධිය යළිත් වරක් සත්‍ය විශ්වාසයේ හා සත්‍ය දෙවියන් වහන්සේගේ අභියසට පමුණුවන ලදී.

පුනරුත්පත්තිය හා බුද්ධිමත් විමසුමක

පුනරුත්පත්තිය” මෙය ලාංකීය සමාජයේ බෞද්ධයින් අතර ජනප්‍රිය වු මාතෘකාවකි.
විශෙෂයෙන් රූපවාහිනි මාධ්‍යන්වල ආකර්ශනීය වැඩසටහනකි. එම නිසා මෙම පඅනරුත්පත්තිය පිලිබදව බුද්ධිමත් විමසුමක් කිරීමට අදහස් කරමි. මෙම පුනරුත්පත්තිය යන වචනයට ශබ්දකෝෂය හා විශ්ව කොෂයන් මගින් ලබාදෙන අරුථ පිලිබදව අවධානය යොමුකලේ නම් ” ———————– “යනුවෙන් සදහන් වේ.
නමුත් එහි සරල අදහස සැලකුවේ නම් “යම් ජීවියෙකුගේ මරණයත් සමග සියල්ලල අවසන් නොවී එම ජීවියා හා බැදුනු යමක් දිගින් දිගටම පවතිනවා යන්නයි” මෙය ආත්මයක්, පටිසන්ධි විඥානයක්, ගන්ධබ්භයක්……………. යනාදී ලෙස විවිධ ආකාරයේ නම්වලින් හා ඒ ඒ නම්වලට ආවේනික වු විවිධ ස්වරූපයන් ද මෙම විශ්වාසයන් හා බද්ධ වී පවතී. විශෙෂයෙන් මෙම විශ්වාසය වර්ථමාන ලාංකිය සමාජයේ හින්දු හා බෞද්ධයින් අතර ප්‍රබලව පවතී. ලාංකීය සමාජයේ හින්දු හා බෞද්ධ ආගම් තුල පමණක් මෙම ව්ශ්වාසය දක්නට ලැබුණ ද මෙම පුනරුත්පත්ති හෙවත් ආත්මයෙන් ආත්ම ඉපිද මියයෑම ලොව බොහෝ ආගම්වල පවසන්නා වු සිද්ධාන්තයකි. මෙය ආත්මවාදය යනුවෙන් ද හදුන්වයි.

ආත්මවාදය යනු “පුද්ගලයෙකු මියයන විට අමරණීය යමක් එම පුද්ගලයාගෙන් ඉවත් වී යන බවත්, ඒ ඉවත් වන දෑ වෙනත් ස්ථානයක දී ප්‍රතිසන්ධියක් ලබා නැවත පුද්ගලයකු බවට පත්ව ඉපදෙනවා” යන්නයි. සමහරක් බෞද්ධ විද්වතුන් මෙම මතය තවත් ඉදිරියට ගෙනයමින් පුනරුත්පත්තිය හෙවත් ආත්මවාදය මීට වෙනස් ආකාරයකට ඉදිරිපත් කිරීමක්ද දක්නට ලැබේ. එනම්, යම් කෙනෙකු තම ලෞකික ජීවිතය යහපත් ආකාරයට ගත කලේ නම් ඊළ` ආත්මයේ දී මනුෂ්‍යත්වයක් ද නොඑසේ නම් මනුෂ්‍ය ආත්මයක් නොවන තිරිසන් සතෙකුගේ ආත්මයක් ද ලබන්නට සිදුවන බව පවසයි. එනම් තමන් කරනු ලබන පං පව් අනුව තම මීළ` ආත්මයේ ස්වරුපය තීරණය වෙනවා යන්න ඔවුන්ගේ විශ්වාසයයි.

තවද තමන්ගේ කුසල් අනුව මනුෂ්‍ය ආත්මයක් ලැබුව ද එම මනුෂ්‍ය ආත්මය තුල ද තමන් පෙර ආත්මයේ කල කුසල් අකුසල් අනුව  යහපත් අයහපත් මිනිසුන් ලෙසත්, දුප්පත් පොහොසත් ලෙසත්, රෝගි නිරෝගි ලෙසත්…………. යනාදී වශයෙන් සියල්ල තීරණය වනවා යන්න ඔවුන්ගේ විශ්වාසයයි. මේ ආකාරයට විවිධ  මතයන් සමාජයේ වපුරණ මොහොතක ඒ පිලිබදව බුද්ධිමත් අවධානයක් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි.

ඒ අනුව මුස්ලීම්වරුන් වශයෙන් මේ පිලිබදව ඉස්ලාම් කුමක් පවසනවා ද? යන්නත්, මෙම ආත්මවාදය හෙවත් පුනරුත්පත්තිය කොතරම් ප්‍රායෝගික ද? යන්නත්, එය කොතරම් බුද්ධිගෝචර ද?  යන්නත් දැන් අවධානය යොමු කරමු.

ප්‍රථමයෙන් මෙම ආත්මවාදය ඉස්ලාමීය ඇසින් විමසුමක් කරන්නේ නම්. ඉස්ලාම් දහම ආත්මවාදී සංකල්පය එනම් නැවත නැවත ඉපදීම යන්න තරයේ ප්‍රතිෙක‍ෂ්ප කරන දහමකි. මේ කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය වන්නේ මනුෂ්‍යා ඇතු` සිය`එම ජීවින් මෙලොව එක් වරක් පමණක් උපදින අතර එම ජීවිත කාලය තුල කරණු ලබන යහපත් හා අයහපත් කටයුතු සදහා ලෝක අවසාන විනිශචය දිනයක දී සර්ව බලධාරී දෙවියන් විසින් විනිශ්චය කරනු ලබන අතර මිනිසුන් කල පිං පව් අනුව තමන්ට හිමිතැන ස්වර්ගයද, අපායද යන්නත් අනිකුත් ජීවින් අතර යම් අසාධාර්ණයන් සිදුවී තිබේ නම් ඔවුන් සදහා එම ස්ථානයේ දී සාධාර්ණයක් ඉටු කරනවා යන්නත් ඉස්ලාමීය විශ්වාසයයි. ඒ අනුව ජීවියෙකුගේ මරණයෙන් පසුවත් යමක් ඉතිරි වෙනවා යන්න ඉස්ලාම් දහම ද විශ්වාස කරන අතර එය තවත් උත්පත්තියක් සදහා බලනොපානවා යන්න ඉස්ලාමීය විශ්වාසයයි.

ඉස්ලාමීය විශ්වාසය ඉහත ආකාරයේ පවසද්දී මුස්ලම් නොවන්නෙකු හට “ඉස්ලාම් පවසන්නේ නැති නිසා මේ ආත්මවාදය බොරු වෙනවාද?” යන ප්‍රශ්නය ඇති විය හැක. මෙවැනි ප්‍රශ්නයක් සැබැවින්ම ඇති වියයුතු අතර එසේ වුවානම් තම ාමා ඉහතින් පැවසු බුද්ධීමත් අවධානයක් යොමුකිරීමක් මෙන්ම මෙම ලිපියට වඩාත් සාධාර්ණයක් සිදුවන්නේ. එසේ නොවේ නම් මෙය අන්ධ භක්තියක් හෝ අන්තවාදීත්වයක් බවට පත්වනු ඇත. එවැනි දුර්වලතාවයන් ඇති නොවේවා යයි ප්‍රාර්ථනා කරමින් දැන් මාතෘකාව එනම් මෙම පුනරුත්පත්තිය හෙවත් ආත්මවාදය ප්‍රායෝගික බුද්ධිගෝචර කාරණයක් ද යන්න අවධානය යොමු කරමු.

අද ලොව කෝටි 600 කට අධික ජනගහනයක් සිටී. මීට වසර 100 කට පෙර මෙම ජනගහනය ආසන්න වශයෙන් කෝටි 200 ක් පමණ. තවත් ඈතට එනම් අවුරුදු 1000 ක් පමණ ආපස්සට ගියේ නම් එදා ලෝක ජනගහනය සාපේක‍ෂව ඉතා සුඑ සංඛ්‍යාවක් වනු ඇත.

මේ ආකාරයට අතීතයටම ගියේනම් අවසානයේ එකම එක මිනිස් යුවලකින්් අවසන් වනු ඇත. මෙය සෑම දහමක්ම, දර්ශණයක්ම (පරිණාමවාදීන්, අදේවවාදීන් වුවද) පිලිගන්නා සත්‍යයකි. මෙය මනුෂ්‍යාගේ බිහිවීම සදහා පමණක් නොවේ ලොව සෑම ජීවියකු සදහාම මෙය පොදු වු නියමයකි.

උදාහර්ණයක් ලෙස වර්ථමානයේ ලොව ජීවත් වන ජීවින් වර්ග සංඛ්‍යාව මිනිසා ඇතු`එව වර්ග 1000ක් යයි ද ඒවා සියල්ල එකවිට බිහිවුවා යයිද උපකල්පනය කලේ නම්. ආරම්භයේ පැවතී ජීවින් සංඛ්‍යාව ජෝඩු 1000 කි. එසේත් නැත්නම් ජීවින් (ස්ත්‍රී හා පුරුෂ වශයෙන්) 2000 කි. ආත්මවාදී හෙවත් පුනරුත්පත්ති සංකල්පයට අනුව ආරම්භ ජීවි සංඛ්‍යාව වන 2000 හි අදටත් කිසිදු වෙනසක් සිදු නොවිය යුතුය. වෙනසක් සිදුවන්නේ නම් මනුෂ්‍ය සංඛ්‍යාව අඩු වී වෙනත් ජීවීන් සංඛ්‍යාව වැඩිවිය හැක. එසේත් නැත්නම් අනිකුත් ජීවීන් සංඛ්‍යාව අඩු වී මිනිසුන් සංඛ්‍යාව වැඩිවිය හැක. නමුත් කිසිදු හේතුවක් නිසා සමස්ථ එකතුවෙහි කිසිදු වෙනසක් සිදුවිය නොහැක. එනම් ආරම්භක ජීවින් සංඛ්‍යාවත් වර්ථමාන ජීවීන් සංඛ්‍යාවත් සැමවිටම සමාන විය යුතුය. සමහරක් ආගම්වල විශ්වාසයන් වන නිර්වාණය, නිවන, ස්වර්ගය……… යනදී කාරණයන් නිසා නැවත ඉපදීමක් සිදුනොව අවස්ථාවල පෙර පැවසු සංඛ්‍යාව අඩුවිය හැක.

උදාහර්ණයකට පෙර සියවසයේ මිනිසුන් 100 ක් නිර්වාණය ලබා ගත්තේ නම් වර්ථමානයේ මු`එ සංඛ්‍යාවෙන් 100ක් අඩුවිය යුතුයි. එනම් පෙර උදාහර්ණයට අනුව මු`එ සංඛ්‍යාව 1900ක් විය හැක. නමුත්  කිසිදු හේතුවක් නිසා හෝ උපරිම සංඛ්‍යාව වන 2000 හි වෙනසක් සිදුවිය නොහැක.

දැන් ඉහත උදාහර්ණය පසෙක තබා යථාර්ථය දෙස අවධානය යොමු කලේ නම් විද්‍යාව දියුණුවෙ හි ඉනිපෙත්තෙ හි සිටින මේ මොහොතේ ජීවීන් වර්ගයන් හා එහි ප්‍රමාණාත්මක අගයනුත් සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා යන්න කිසිවකුටත් ප්‍රතිෙක‍ෂ්ප කල නොහැක. ආරම්භයේ පැවතී එක් මිනිසා අද කෝටි 600ක් දක්වා ගොස් ඇති මේ මොහෙතේ මිනිසුන්ට සාපේක‍ෂව ජීවින් සංඛ්‍යාව ද වැඩි වී ඇත. විශෙෂයෙන් වර්ථමානයේ සිය`එදෙනා පිලිගන්නා ජීවියකුවන බැක්ටීරියාව කෙරෙහි අවධානය යොමු කලේ නම් මෙම ජීවියා විනාඩි කිහිපයකින් බිලියන දහස් ගනන් බිහිවේ. මෙම ජීවින් සම්බන්ධයෙන් ආත්මවාදීන් පවසන්නේ කුමක්ද?.  සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුහට මෙම බැක්ටීරියා ක්‍රියාකාරීත්වයම ප්‍රමාණව වනු ඇත මෙම ආත්මවාදය අසත්‍යක් බව වටහා ගැනීමට. මෙසේ ලොව දිනෙන් දින ජීවින් සංඛ්‍යාව වැඩිවෙමින් පෑවතීම තුල පෙනීයන්නේ පුනරුත්පත්තිය නොවේ. අලූතින් ජීවින් බිහිවනවා යන්න නොවේද?.

අබු අර්ශද

බහුදේව වාදය ඉස්ලාම් ප්‍රතිෙක‍ෂප කරන්නේ ඇයි ?

ආදී මිනිසාගේ පටන් මිනිසා සෑම කලකම ප්‍රීය කලේ සාමුහිකව ජීවත් වීමටයි. මන්ද මිනිසාට ජීවත්වීම සදහා අන් අයගේ සහයෝගය ද අවශ්‍ය විය. මේ නිසා තනිව ජීවත්වීම මිනිසාහට දුෂ්කර වු කාර්‍යයක් විය. මිනිසාගේ එම දුර්වලතාවය හි ප්‍රතිඵලයක් ලෙස මිනිසාට සාපේක‍ෂව දෙවියන් දෙස බැලූ මිනිසාහට, එකම දෙවියෙක් සියල්ල ඉටුකරන්නේ කෙසේද? යන සැකය ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස බහුදේව වාදය සමාජයේ ස්ථාපනය විය.

ඉස්ලාම් පවසන දේව වාදය අවබෝධ කරගැනීමට නම් ප්‍රථමයෙන් දෙවියන්, සාපේක‍ෂව බැලීමෙන් බැහැර විය යුතුයි. මිනිස් මැවීම යනු දෙවියන්ගේ අනන්තවු මැවීමන්වලින් එකක් පමණි. ඒ අනුව මිනිසාට සාපේක‍ෂව බැලීම යන්න තාර්කිකව බැලූවත් එය වැරදිය. එසේ නම් දෙවියන්ගේ සැබෑවටම අවබෝධ කරගත හැක්කේ කෙසේද?. මේ පිලිබදව බුද්ධිමත් ආකාරයට අවධානය යොමු කරමු. එනම් වඩාත් ප්‍රායෝගික වන්නේ ඒක දේව වාදයද? බහු දේව වාදයද?
ප්‍රථමයෙන් බහුදේව වාදයේ අවශ්‍යතාවය කුමක්ද?, යන්න පිලිබදව අවධානය යොමු කලේ නම්, එයට ප්‍රධානම හේතුව “සියල්ල එකම දෙවියෙකු විසින් ඉටුකල නොහැක” යන විශ්වාසයයි.

එය එසේ නම් දෙවියන්හට දුර්වලතාවයක් ඇත. ඉස්ලාමීය විශ්වාසය අනුව දුර්වලතාවයන් හා අවශ්‍යතාවයන් ඇත්තෙකු දෙවියෙක් විය නොහැක. එසේම දෙවියෙක් නම් නියත වශයෙන්ම ඔහු දුර්වලතාවයන්ගෙන් හා අවශ්‍යතාවයන්ගෙන් බැහැරවුවකි. දුර්වලතාවයන් හා අවශ්‍යතාවයන් නොමැති නම් තවත් දෙවියෙකුගේ අවශ්‍යතාවයක් ඇති නොවේ. ඒ අනුව විශ්ව පාලනය සදහා තවත් දෙවිවරුන්ගේ අවශ්‍යතාවය ඇති නොවේ. එසේ නම් ප්‍රායෝගික වන්නේ ඒකදේව වාදය මිස බහුදේව වාදය නොවේ.

තර්කයක් සදහා බහුදේව වාදය නිවරුදි යයි සැලකුවේ නම්. දෙවියන් යනු සුපිරි බලයකි. මෙවන් සුපිරි බලයන් කිහිපයක් එකවිට මෙම විශ්වය පාලනය කරන්න අවශ්‍ය වේ යයි උපකල්පනය කලානම්. පෘථීවිය සදහා එක දෙවියෙක්, සුර්්‍යා සදහා වෙනත් දෙවියෙක්, වෙනත් ග්‍රහයින්ට හා මන්දාකිණී සදහා වෙන වෙනම දෙවිවරුන් නම් ඇති වන තත්වය මොහොතක් සිතා බලන්න. එම මොහොතේම එහි පාලනයන් අවුල්වී එකින් එක ගැටී ලෝක විනාශය ඒ මොහොතේම සිදුවනු ඇත. මෙය පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා ස්වාධිනව කටයුතු කරන දුම්රිය පාලකවරන් දෙදෙනෙකු පිලිබදව එසේත් නැත්නම් වාහන තදබදයක් පවතින හතරමං හන්දියක එක ස්ථානයක වාහන හසුරවන පොලිස් මහත්වරුන් දෙදෙනෙකු පිලිබදව උපකල්පනය කර බලන්න. ප්‍රථීපලය කුමක්ද? එම වාහන එකින් එක ගැටී මහා විනාශයක් සිදුවනු ඇත. මේ සාමාන්‍ය මාර්ගයක සිදුකරන වාහන පාලනයකම තත්වය මෙයනම් සංකීර්ණ ගමන් මාර්ගයන් පවතින විශ්වයේ ක්‍රියාකාරීත්වයට කුමක් වේද?.

මේ අනුව විශ්ව පාලනය සදහා වුවද ප්‍රායෝගික වන්නේ ඒකම දේවියා යන සංකල්පය පමණි. මෙය තවදුරටත් අවබෝධ කරගැනීම සදහා රටක් එකවිට පාලනය කරන ජනාධිපතිවරුන් දෙදෙනෙකු උපකල්පනය කර බලන්න. එසේත් නැත්නම් පාසලක විදුහල්පතිවරුන් දෙදෙනෙකු, එසේත් නැත්නම් සාමාන්‍ය ග්‍රාමීය සමිතියක සභාපතිවරුන් දෙදෙනෙකු ප්‍රතිඵලය කුමක් වේද?. එහි තත්වය මා අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ.

සාමාන්‍ය මිනිසුන්ගේ තත්වය මෙය නම්. සුපිරි බලයන් හා ශක්තීන් ඇති දෙවියන් අතර ගැටුමක් ඇතිවනුයේ නම්. තත්වය කොතරම් භයානක වනු ඇත්ද? බහුදේව වාදය පවසන සමහර ආගම්වල දෙවිවරුන් අතර ගැටුම්, දෙවිවරුන්ගේ බිරින්දෑවරුන් අතර ගැටුම්, දෙවියන්ගේ දරුවන් වන දේව දරුවන් අතර ගැටුම් මේ ආකාරයේ විවිධ ගැටුම් අප අසා ඇත්තෙමු. එවැනි ගැටුමන් සැබැවින්ම සිදුවුයේ නම් මුලූ විශ්වයේම ක්‍රියාකාරිත්වය අවුල්වී මහා විනාශයන් සිදුවෙනු ඇත. මෙය ශ.ද්ධ වු අල්කුර්ආනයේ 21-22 මෙසේ පවසයි.

ශුද්ධ වු අල්කුරානය

“ඒ දෙතැන (අහස , පොළොව) අල්ලාහ් (දෙවියන්) හැර තවත් දෙවිවරුන් සිටියෙය් නම්, ඒ දෙතැනම ව්‍යාකූල වන්නේය”

එසේ ව්‍යාකූල තත්වයක් ඇති නොවීමට නම් ප්‍රායෝගික වන්නේ “එකම දෙවියා”යන සංකල්පය මිස බහුදේව වාදී සංකල්පය නොවේ. ඉහත ශ.ද්ධවු කුර්ආන් වාක්‍යයෙන් මනාව එය පැහැදිලි කරයි. මෙම ඒකදේව සංකල්පය ඉස්ලාම් දහම පමණක් නොවේ ක්‍රිස්තියානි බයිබලයේද අවධාරනය කරයි. එනම්,
“…….ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක. මම පළමුවෙනියා ය, අන්තිමයාත් මම ය. මා හැර වෙන දෙවිකෙනෙක් නැත.
යෙසායා 44-6
ඒකදේව සංකල්පය පවසන ඉහත බයිබල් වාක්‍යයට අමතර බයිබලයේ තවත් බොහෝ තැන්වල මෙම ඒකදේව සංකල්පය අවධාරනය කරයි. එවැනි ස්ථාන කිහිපයක් නම් ද්විතීය කථාව 4-39, ද්විතීය කථාව 6-4, යෙසායා 43-10,11,යෙසායා 45-18, කොරිත්ති 8-4, තිමෝති 2-5,6………..යන්නයි.
බයිබලයේ මෙන්ම බොහෝ ස්ථානවල, බයිබලයට වඩා අධික ස්ථානවල මෙම ඒක දේව සංකල්පය ශ.ද්ධ වු කුර්ආනයේ දැඩිව අවධාරනය කරයි.

සියලූම දේව වක්තෘවරුන් (නබි ඊසා(අෙලෙ)තුමා, නබි මුහම්මද්(සල්) තුමා ඇතුලූ සියලූ වක්තෘවරුන්) මගින් ද ජනයාට දෙවියන් අවධාරනය කලේ මෙම ඒක දේව සංකල්පයයි. එය ශ.ද්ධ වු අල්කුර්ආනයේ,
ඔහු (දෙවියන්) එක්කෙනෙකි. ” (112-1)
ඇත්තෙන්ම මා හැර දෙවියෙක් නැත.” (20-14)
මා හැර වෙන දෙවියෙක් නැත. යන්න පවසා මිස දේව වක්තෘවරයෙකු නොඑව්වෙමු ” (21-25)
යනාදී වශයෙන් පවසයි. මේ අනුව බහුදේව වාදය යනු කිසිසේත් ප්‍රායෝගික නොවන මන:කල්පිතයක් පමණක් වන අතර ඒකදේව වාදය යනු සදාකාලික වු ප්‍රායෝගික සත්‍යක් යන්න හොදින් පැහැදිලි වේ.
අබු අර්ශද

මිනිසෙකුට කොතරම් දුරට වැරද්දක් ලෙස හෝ පාපයක් ලෙස අවබෝධ කර දුන්නත්, ඔහු තම ආශාවන් නිසා ඇතිවන හැඟීම් පසුපස යාම අත් නොහරී

මිනිසා මෙම ජීවිතය ලෝකය තුල කරන හැම දෙයක්ම පාපයක් ඒ නිසා සියලූ සැප සම්පත්වලින් ඈත්වී දුෂ්කර ජීවිතයක් ගත කිරීමෙන් පමණක් විමුක්තිය ලබාගත හැකි බවට සමහර ආගම් මගින් ඉගැන්වෙයි. මිනිසා මේ ලෝකයේ ජීවත්වෙන කාලය තුල දුෂ්කරව තමන්ගේ කායික හා මානසික සියලූ අවශ්‍යතා හා අයිතිවාසිකම් භුක්ති විඳීමට නොදී ඔහු බැද තැබීමක් ඒ ආගම්වලින් සිදුකර ඇත.

යුරෝපය තම ආගමික බැදීමට හසුවී සිටියදී අන්ධකාරයේ ගිලී පැවැතින. එ බැදීම්වලින් මිදී නිදහසේ සිතන්න හා ලියන්න පටන්ගත් කල දියුණුවේ මාර්ග සොයාගෙන නිෂ්පාදනයේ හා නව සොයා ගැනීම් තුලින් ආලෝකමත් ජීවිතයකට මඟ පාදාගත්හ. විද්‍යාව හා තාක්ෂණය අතින් විශාල හාස්කම් කරන්නට වූහ.
මේවා ආගම්වලට විරුද්ධ මත දරන සමාජයක් ගොඩ නැගීමට බටහිර වැසියන් ඇති කළ සරලවූ චින්තන විප්ලවයකි.
—අප නැවතත් ආගම් වෙත ගමන් කළ යුතු බවද නුඹලා කියනුයේ, දියුණුවේ මුදුනටම පය තබා සිටින අප, ආගම්වලින් මුදවාගත් ජනයාගේ ශක්තිය නැවත ආගම නමැති කොටුවේ ගාල් කළ යුතු බවද නුඹලාගේ අදහස? හොඳ හා නරක, කළ යුතු හා නොකළ යුතු ලෙස අනේක කොන්දේසි පනවමින් තරුණ ජීවිත අඳුරු කරවීමට අපව පොළොඹවන්නහුද?˜
මෙය බටහිර වැසියන් ආගම්වාදීන්ගෙන් අසනු ලබන ප්‍රශ්නයි. ඔවුන්ගේ ආගම(වූ ක්‍රිස්තියානි ආගම) ගැන ඔවුන් කුමන මතය දැරුවත් එය අපට අදාල නොවේ. නමුත් එම චෝදනාව ඉස්ලාම් වෙතත් එල්ලකරන විට අකමැත්තෙන් හෝ ඔවුන්ට කරුණු පහදා දීම අනිවාර්යයෙන් කළයුතු ක්‍රියාවක් වී ඇත.

මිනිසාගේ හැකියාවන් (කුසලතා) සියල්ල ආගමෙන් බැඳ හිරකර තබා ඇතැ˜යි කරනු ලබන චෝදනාව ඉස්ලාමයට ගැලපෙයිද?
මේ ප්‍රශ්නයට අදාල පිළිතුරු විවාදයට ගැනීමට පෙර මිනිසාගේ ශක්තිය යටපත් කිරීම නැත්නම් මැඩලීම යන්නෙහි තේරුම කුමක්දැයි විමසා බලමු. එ මන්ද මිනිසාගේ ශක්තීන් යටපත් කිරීම නැත්නම් මැඩ පැවැත්වීම යන්න බොහෝ විට වැරදි අවබෝධයකින් යුතුව භාවිතා කරනු ලැබේ.
අප තුල ඇති ආශාවන් යම් ක්‍රියාවන් සඳහා අපව පෙළඹවීමක් කළ විටකදී එම ක්‍රියාවෙන් තාවකාලිකව ඈත්වීම (නොකර සිටීම) එම ආශාව සම්පූර්ණයෙන් වළලා දැමීමක් හෝ මර්ධන කිරීමක් නොවන්නේය. ඒ ක්‍රියාවේ යෙදීම වරදක්(පාපයක්) පිළිකුල් සහගත ක්‍රියාවක් යනුවෙන් වැරදි හැඟීමක් ඇති කරවීම එම ආශාවන් වළලා දැමීමක් හෝ මැඩලීමක් හැටියට ගණන්ගත හැක. මිනිසා තුල ස්වභාවිකව ආශාවන් හා අවශ්‍යතාවයන් තිඛෙන අතර, වැදගත් වන්නේ ඒවා සපුරාලීමට සාධාරණවූත් නිවැරදිවූත් මඟක් උපයෝගී කර ගැනීමයි.
මෙම ස්වාභාවික ආශාවන් සපුරාලීම (තෘප්තිය ලැබීම) වරදක් පාපයක් හෝ ආශාවන් පසුපස යාම පිළිකුල් කළ යුතු වැඩක් ලෙස, අවවාද අනුශාසනා කරන්නේ නම් එය ඒවා වළලා දැමීමක් හෝ මැඩලීමක් යන්න හඟවන්නකි.
මිනිසෙකුට කොතරම් දුරට වැරද්දක් ලෙස හෝ පාපයක් ලෙස අවබෝධ කර දුන්නත්, ඔහු තම ආශාවන් නිසා ඇතිවන හැඟීම් පසුපස යාම අත් නොහරී. තමා කරන්නේ වරදක්, පාපයක් හා පිළිකුල් සහගත වැඩක් බව දැන දැනත් ඒ ක්‍රියාවේ යෙදෙයි. එක්වරක් නොව දසවරක් කරමින් එම ක්‍රියාව පාපයක්, වරදක් හා පිළිකුල් සහගත එකක් බවද තරයේම ප්‍රකාශ කරයි. මේ නිසා සදාකාලිකව තමා වරදකරුවෙක් යන හැඟීමක් ඔහුගේ සිතේ වද දෙමින් පවතී. මේ නිසා ඔහු කුමන වැඩක්වත් සම්පූර්ණ අවධානයෙන් යුතුව නොකරන අතර ඔහු කරන හැම වැඩකදීම තමාව මුළුමනින් (තම ශක්තිය) යෙදවීමට නොහැකි (අසරණ) තත්ත්වයකට පත්වෙයි.
ඔහුගේ සිතේ ඇතිකරගත් වැරදි සිතුවිල්ල නිසා ඔහු නිතරම තමා පව්කාරයෙක් යන හැඟීමෙන්, හීනමානයෙන් යුතුව කල්ගෙවන නිසා ඔහුගේ හැකියාවන් සියල්ල ක්‍රමයෙන් හීනවී යන්නේය. ආගම්වලින් සිදුවන භයානක ප්‍රතිඵල ලෙස බටහිර වැසියන් විසින් ඉහත සඳහන් කරුණු පෙන්නුම් කරනු ලබයි.
මිනිසාගේ ආශාවන් මැඩ පවත්වා, වළලා දැමීමට ඉහත පෙන්වන ලද කරුණු මා විසින් සොයාගත් ඒවා නොවේ. බටහිර වැසියන් විසින් සුප්‍රසිද්ධ දර්ශනාවාදියෙකු ලෙස උපහාර දක්වමින් වේදිකා ගත කළ මා මිත්‍ර ෆ්‍රොයිඩ් මහතා විසින් කළ විග්‍රහයකි. Three contributions to the sexual there නමැති ග්‍රන්ථයේ 82 වෙනි පිටුවේ පහත සඳහන් පරිදි විස්තර කරයි.
මිනිසෙකු විසින් තම ආශාවන් තාවකාලිකව අත්හිටුවීමත්, එවායින් සම්පූර්ණයෙන් වැළකී සිටීමත් අතර විශාල වෙනසක් ඇත. ෆ්‍රොයිඩ්ගේ අදහස අනුව මිනිසාගේ ආශාවන් වළලා දැමීම යනු තාවකාලිකව ඒවායින් මිඳීම නොව ඒවා පිළිකුල් සහිත හා පාප ක්‍රියාවන් ලෙස හඳුන්වාදීම බවයි.
ඉස්ලාමය මිනිසාගේ ආශාවන් මැඩපවත්වා වළලා දමන ලෙස කියනවාද, මේ තුළින් මිනිසාගේ දියුණුවට බාධා කරන්නේද? යන්න විමසා බලමු.
—මිනිසාගේ ආශාවන් හා ඔහුගේ සවාභාවික හැඟීම් ප්‍රසිද්ධියේ පිළිගත් එකම ආගම ඉස්ලාම් ආගම පමණිි. අල්-කුර්ආනය මෙසේ පවසා සිටියි.
—කාන්තාවන්, පිරිමි දරුවන්, රන්රිදීවලින් යුත් වස්තුව, සළකුණු යෙදූ වටිනා අශ්වයින්, සිව්පාවන් (එළුවන්, හරකුන්, ඔටුවන් වැනි සතුන්) හා ගොවිබිම් යනාදිය පිළිබඳව මිනිසා තුල අධික ආශාවන් (ආකර්ශනයක්) ඇත. මේ සියල්ල තාවකාලිකවූ මෙලොව සැපසම්පත්ය. අල්ලාහ් ළඟ (මීට වඩා) ලස්සන (සම්පත් ඇති) නවාතැන් ඇත.˜ (අල්-කුර්ආන් 3ඃ14)
මිනිසා තම ආශාවන් හා අවශ්‍යතාවන් සපුරා ගැනීමේදී තමා විසින් තමා විනාශ නොකරගත යුතුය. එමෙන්ම ඔහු ජීවත්වන සමාජයද විනාශ නොකළ යුතුය. මේ කොන්දේසිවලට එකඟව තම ආශාවන් සපුරා ගැනීම (තෘප්තිමත්වීම) වදරක් නොවේ.
තම ආශාවන් සපුරා ගැනීමේ අරමුණින් දිවා රාත්‍රි දෙකේම මත්වී සිටීමෙන් ඔහු ඉතා ඉක්මනින් තම ශක්තීන් සියල්ල නැතිකර ගන්නේය. තම අසීමිත ආශාවන් පසුපසව දුවන්නා ප්‍රයෝජනවත් කිසිම වැඩක් කළ නොහැකි සාරය හිඳී ගිය සක්කයක් බවට පත්වන්නේය. (වියලුන ප~රැල්ලක් බවට පත් වෙයි) ඔහුගේ සිතුම් පැතුම් හා කි්‍රයාවන් සියල්ල ඒ ආශාවන් වටා කැරකෙමින් පවතී. මෙවැනි පුද්ගලයින්ගෙන් සමන්විතවූ (ගොඩ නැගුණු) සමාජයකින් කිසිම ප්‍රයොජනයක් බලාපොරොත්තු විය නොහැක.
මොවුන් තම හැකියාවන් හා ශක්තීන් නිකරුනේ නාස්තිකර ගනිති. තමන් සතු ශක්තීන් හා සම්පත් සියල්ලෙන් තම ලෞකික ආශාවන් පිරිමසා ගෙන විනෝදවීමට පමණක් සිතීම වැරදි සිතුවිල්ලකි. මිනිසාට තමා සතු ශක්තීන් හා හැකියාවන්ගෙන් කළ හැකි දෑ බොහොමය. දෙවියන් විසින් මිනිසා වෙත අසාමාන්‍ය ශක්තීන් හා හැකියාවන් ලබාදී ඇත්තේ ඒ සඳහාය. දෙවියන් විසින
ලබාදුන් මේ අසීමිත හැකියාවන් හා ශක්තීන් නිකරුනේ නාස්ති කර ගැනීම දෙවියන්ට කරන අගෞරවයක් වන්නේය.
අප ළඟ ඇති සියලූුම ශක්තීන් හැකියාවන් හා සම්පත් සල්ලාල ජීවිතයක් සදහාම යෙදවීමේදී සමාජයට අපෙන් ඉටුවිය යුතු උදාර සේවාවන් බොහෝමයක් අපෙන් මඟ හැරී යන්නේය. එය සමාජ පරිහානියට මඟ පෑදීමකි. පවුල් ජීවිතයේ භුක්ති විදිය හැකි සතුට අහිමිවී යයි. එවිට අපේ විරුද්ධවාදීන්ට (අපව ආක්‍රමණය කිරීමට) අවස්ථාව උදාවන්නේය.
මේ කරුණු මනඃකල්පිතව ගොණුකර පෙන්වූ ඒවා නොවේ. එයට මේ සමාජයේ ඕනෑතරම් සාක්ෂි තිඛෙන්නේය.

තම කාමාශාවන්ගේ තරම දකින්නට සිතාගෙන සල්ලාල ජීවිතයක් ගත කළ ප්‍රංශජාතිකයින් ජර්මනියේ ප්‍රහාරයෙන් මොහොතකින් විනාශයට පත්විය. මිනිසා තම ආශාවන්ට වහල්වී තමා විසින්ම තමාව විනාශ කර නොගැනීමටත් ඒ තුළින් සමාජයේ විනාශය සිදුවීම වළක්වා ගැනීමටත් ඉස්ලාමය වග බලාගනී.
නියත වශයෙන්ම කියතොත් ලෞකික ආශාවන්(සතුට) භුක්තිවිදීමට ඉස්ලාමය ප්‍රසිද්ධියේ ඇරයුම් කරයි.

ශ.ද්ධවූ අල්-කුර්ආනය —කියන්න, දෙවියන් තම ගැත්තන් සඳහා නිමවා ඇති අලංකාර පරිත්‍යාගයන් හා (වැදගත් ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රදානය කර ඇති) පිරිසිදුවූත් පූජනීයවූත් දේවල්වලින් තහනම් කරන්නේ කවුද?˜ (අල්-කුර්ආන් 7:32) කියා ප්‍රශ්න කරයි.

ඒවගේම තවත් වාක්‍යක —මෙලොව නුඹේ කොටස ප්‍රතික්ෂේක නොකරනු˜ යනුවෙන්ද —ඔබ සඳහා ලබාදී ඇති හොඳදේ අනුභව කරන්න, පානය කරන්න නාස්ති නොකරන්න.˜ යැයි ප්‍රකාශ කර මිනිසාට තමාගේ මොලොව අවශ්‍යතා ප්‍රතික්ෂේප නොකරන ලෙස දේශනා කරයි.
දෙවියන්ගේ අවසාන දේව දූතයාණන්වූ මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ —මෙලොව සැපසම්පත්වලින් දැඩි වශයෙන් ප්‍රිය කරන්නේ කාන්තාවන්ට හා සුවඳ විලවුන්වලටය. මගේ ඇස්වලට සිසිල ගෙන දෙන්නේ සලාතයයි.˜ යනුවෙන් ප්‍රකාශ කළහ.
මෙහිදී මිනිසා තුල ඇති කාමුක හැඟීම සුවඳවිලවුන්වලට උපමා කර ඇත. ඒ සමගම එම හැඟීම් සීමාව ඉක්මවා ගොස් අනතුරුදායක වීම වැළැක්වීමට සලාතය මගින් වැටක් තනා ඇත. සලාතය වනාහි දෙවියන්ට සමීප විය හැකිවූද, දේවාශිර්වාදය ලබාගත හැකිවූද වැදගත් මාධ්‍යයකි.
එක් අවස්ථාවක දේවදූතයාණන් තම මිත්‍රවරුන් අමතා —මිනිසෙක් තම බිරිඳ සමග අඹුසැමියන් ලෙස (සංසර්ගයේ) හැසිරීමේදීත් අල්ලාහ්ගෙන් කුසල් හිමි කර ගනී˜ යනුවෙන් පැවසූහ. මෙය ඇසූ මිත්‍රවරු යමෙක් තම බිරිඳ සමග සංසර්ගයේ යෙදීමටත් (ආශාවන් සංසිදුවා ගැනීමටත්) පින් ලැඛෙනවාද යනුවෙන් ප්‍රශ්න කළහ. එවිට එතුමාණෝ —යමෙක් තම ආශාවන් වැරදි මාර්ගයකින් සංසිදුවා ගැනීම පාපයක් නොවන්නේද? යනුවෙන් පිළිතුරු දුන්හ. (මුස්ලිම්).
ඉහත දක්වා ඇති දේව වාක්‍ය හා දේව දූතයාණන්ගේ කියමන් දෙස බලන විට මිනිසාගේ ස්වභාවික ආශාවන් හා හැඟීම් වළලා දැමීමක් හෝ මර්ධනය කිරීමක් ගැන කථා කිරීමට ඉස්ලාමයේ කොහෙත්ම ඉඩක් නැති බව හොඳින් පැහැදිළීවන්නේය. එමනිසා තරුණයින් තමන්තුල ඇතිවන —කාමාශාව˜ පිළිකුල් ලෙස හෙලා නොදකින්න. ඒවා වළලා දැමිය යුතු හො මැඩලිය යුතු හැඟීම් ලෙසද නොහිතන්න. තම හැඟීම්(ආශාවන්) සංසිදුවා ගැනීමට (සදාචාරාත්මක) නිසි මඟක් තෝරා ගන්නා තෙක් ඉවසීමෙන් සිටින්න.
—ෆ්‍රොයිඩ්˜ මහතාගේ මතය අනුවත් ආශාවන් සංසිදුවාගැනීම තාවකාලිකව නැවැත්වීම ආශාවන් වළලා දැමීමක් හෝ මර්ධනය කිරීමක් ලෙස නොසැලකේ. කාමාශාවන් තාවකාලිකව ප්‍රමාදකිරීම නිසා නහර දුර්වලවීමක් හෝ මානසික ආරවුල් හෝ ඇතිවන්නේ නැත. ඒවා මර්ධනය හෝ වළලා දැමීම නිසා නහර දුර්වලාතාවලට හා මානසික රෝගවලට මුහුණු පෑමට සිදුවිය හැක.
විවාහ වනතෙක් ලිංගික ඇසුරෙන් වැළකී සිටින ලෙස කීම මෙලොව සැපසම්පත් අත්හැර දමන්නැයි කීමක්(නියෝගයක්) නොවන්නේය. තමාව පාලනය කරගත නොහැකි පුද්ගලයෙකුට තම පෞර්ෂවය හා අභිමානය රැකගත නොහැක. මෙය සනාථකර පෙන්වීමට අවශ්‍ය අප්‍රමාණ සාධක ඉතිහාසය තුලින් දැකිය හැක.
දුක ඉවසා ගැනීමටත්, ප්‍රීතිය තාවකාලකව කල් දැමීමටත් තම ජනතාව දැනුවත් නොකරන, ඕනෑම රටකට ජාත්‍යන්තර මට්ටමේ ආරවුලක් උද්ගතවුවහොත් ඉන් ජය ගැනීම අපහසු වන්නේය. ඉස්ලාම් ආගමේ අනිවාර්‍යය වගකීමක් වන උපවාස ශීලයේ එක් අරමුණක් වන්නේ ජනතාවට මෙම පුහුණුව ලබාදීමයි.
බඩගින්න, පිපාසය නොසංසිදුවා මිනිසා විසින් භුක්ති විඳිය යුතු ආශාවන්ගෙන් ඔහු ඈත්කර තබන උපවාසය අවශ්‍යමද? පැහැදිළි අරමුණක් හෝ යතාර්ථයක් හෝ නොමැති මෙම උපවාසය ආගමකින් නියම කළ පමණින්ම පිළිගත යුතුද? මෙසේ උපවාසය පිළිබඳව ඇනුම්පද කීම සමහරු සාමාන්‍ය පුරුද්දක් කරගෙන සිටිති.
මේ අයට අප විශේෂයෙන් කිවයුත්තක් ඇත. තමා තුල ඇති ආශාවන් පාලනය කළ නොහැකි මිනිසාත් මනුෂ්‍යයෙක්ද? තම ආශාවන් පැය කීපයකටවත් පාලනය කර ගත නොහැකි මිනිසෙකුට මේ ලෝකයේ වැදගත් යමක් කළ හැකිද? තත්ත්වය මෙසේ පවතී නම් අද ලෝකය පුරා හිස ඔසවා ඇති අපරාධ රැල්ල ඉදිරියේ විරුද්ධව සටන්කිරීමට අපට කෙසේ හැකි වෙයිද?
මේ ලෝකයේ යම් ප්‍රයෝජනවත් වැඩක් කිරීමට අවශ්‍ය නම් සුළු වශයෙන් වත් පරිත්‍යාගශීලී විය යුතුය. පරිත්‍යාගයට ප්‍රථම පැයකීපයක් ඉවසා සිටීමේ මානසිකත්වයක් හෝ අවශ්‍ය වන්නේය. එහෙයින් ආශාවන් පාලනය කිරීම පිළිබඳව පුහුණුවක් සෑම පුද්ගලයකුට අනිවාර්යයෙන් තිබිය යුතුය.

නැගෙනහිර මුස්ලිම් රාජ්‍යවල කොමියුනිස්ට් වාදය ප්‍රචාරය කරන අය ඉස්ලාමය අනිවාර්‍යය කර ඇති උපවාසය මෙන්ම ඒ හා සමාන ස්වපාලනය (ආත්ම දමනය)ට සම්බන්ධ කරුණු හෙලා දකිති. එහෙත් එම කොමියුනිස්ට් වාදීන් ස්ටර්ලින් විසින් පමුණුවන ලද සියලුම වධහිංසා ඉවසාගත්හ. ඔවුන් තම ආශාවන් හා අවශ්‍යතා පාලනය කර ගැනීමට පුහුණුවක් ලබා නොසිටියා නම් පැසිස්ට් වාදීන්ගේ ඒ වධහිංසා ඉවසා දරා සිටිය නොහැක.
සම්පූර්ණයෙන් කොමියුනිස්ට් පාලනයක් පවතින රටක ඔවුන් පනවන නියෝගයන් පිළිගෙන තමන්ගේ සියලුම ආශාවන් පාලනය කර ගැනීමට, එහි තුල සිටින ජනතාව (විශේෂයෙන් කොමියුනිස්ට්වාදීන්) සූදානම්ය. එහෙත් එවැනි රාජ්‍යයක් නිර්මාණය කිරීමට මුල් වූ මිනිසාව මැවූ දෙවියන් විසින් එම පාලනයම නියම කළ විට අයියෝ..  කියමින් විලාප නැංවීම මහත් සිත්තැවුලට හා පුදුමයට කරුණක් වන්නේය.
ආගම තමාගේ අනුගාමිකයින්ගේ ජීවිතයේ රසාශ්වාදය නැති කරන අතර —පාපය˜ නමැති බිය ආගම් විශ්වාස කරන්නවුන්ගේ සිත් තුලට ඇතුල් වෙයි. මෙවැනි චෝදනාවක්ද ආගම් වෙත එල්ල කෙරෙයි. එම චෝදනාව ඉස්ලාමයට නොගැලපෙන්නේය. හේතුව ඉස්ලාමය පාපයට වඩා පව්සමාව ගැන බහුලව දේශනා කරයි.
ඉස්ලාමයේ මතය අනුව පාපය යනු මිනිසාගේ උත්පත්තියේ සිට ඔහු සමග වැඩෙන දෙයක් නොවේ. මුල්ම මිනිසාවූ ආදම්(අලෙයිහිස් සලාම්)තුමා කළ වැරැද්ද මුළු මහත් මානව වර්ගයාම වෙලාගත්තා නොවේ. ආදම් (අලෙයිහිස් සලාම්) තුමා වැරුද්දක් කළද එය පවක් බව දැනගත් වහාම පව් සමාව ඉල්ලා දෙවියන්ගෙන් ආයාචනා කළහ. අසීමිත දයාන්විතවූද අපරිමිත කරුණාවන්තවූද දෙවියන් වහන්සේ විසින් එතුමාට සමාව දෙන ලදී.
පසුව ආදම් (අලෙයිහිස් සලාම්) තම දෙවියන්ගෙන් වචන කීපයක් ඉගෙන ගත්තේය (ඔහු එම වචනවලින්ම ප්‍රාර්ථනා කරමින් කල් යැවීය) ඒ නිසා ඔහු(අල්ලාහ්) ඔහුට සමාව දුන්නේය…..˜ (අල්-කුර්ආන් 2:27).
ආදම් තුමාගේ පව් සමාව සිදුවූයේ කිසියම් සම්ප්‍රදායක් අනුව නොව අසීමිත දයාන්විතවූ අල්ලාහ්ගේ කාරුණිකත්වය මතය. ආදම් (අලෙයිහිස් සලාම්) තුමා තම වැරැද්ද ගැන පසුතැවිලිවී වැරැද්දෙන් මිදී, දෙවියන් ඉදිරියේ කන්නලව් කළ විට සමාව ලැබුනු අතර ඒ අයුරින්ම ආදම්තුමාගේ දරුපරම්පරාවවූ සමස්ථලෝක ප්‍රජාවද, තමන් කළ වැරදි ගැන පසුතැවිලි වී නැවත තමන් වැරදි නොකරන බවට පොරොන්දු වී සර්වබලධාරී හා මහා කාරුණිකවූ දෙවියන් ඉදිරියේ පව් සමාව අයැද සිටින්නේ නම් සත්‍යවශයෙන්ම සමාව ලබන්නෝමය.
මිනිසාගේ ස්වභාවය, ශක්තිය හා දුර්වලතා දෙවියන් වහන්සේ හොදින් දන්නේය. එහෙයින් ඔහුට ඉසිලිය නොහැකි කිසිම බරක් ඔහු මත පැටවීම දෙවියන් විසින් නොකරන්නේය.
අල්ලාහ් කිසිම ජීවියෙකුගෙන් ඔහුගේ හැකියාවට වැඩි යමක් බලා පොරොත්තු නොවෙයි.˜ (අල්-කුර්ආන් 2:286).
මිනිසුන් කා අතිනුත් වැරදි සිදුවිය හැක. මිනිසා වැරද්දට යොමුවීමේ ස්වභාවයෙන් යුක්තය. වැරදිකරන්නවුන්ගෙන් ශ්‍රේෂ්ඨයින් වන්නේ ඒ ගැන පසුතැවිල්ලෙන් තම වැරදිවලින් මිදී යහපත් අතට හැරෙන අයයි. යන්න දේවදූතයාණන්ගේ රුවන් වැකියකි.
මහා කාරුණිකවූ අල්ලාහ් තම කරුණාවේ මහිමය හා සමාව ලබාදීමේ උත්තරීතර ගූණය පිළිබඳව අල්-කුර්ආනයේ ඛෙහෝ තැන්වල සඳහන් කරයි. ඉන් සමහරක් මෙසේය.
නුඹේ පරමාධිපතිගේ සමාවටත් අහස් හා පොළොව තරම් විශාලවූ ස්වර්ගයටත් යුහුසුළුවන්න. එය බියබැතිමත් අය වෙනුවෙන් සූදානම් කර ලැබ ඇත.
ඔවුන් වස්තුව ඇති අවස්ථාවේත් නැති අවස්ථාවේත් දන් දෙති. කෝපය පාලනය කර ගනිති. මිනිසුන් අතින් සිදුවන වැරදිවලට සමාව දෙති. අල්ලාහ් (මෙවැනි) සුදනන්ව පි්‍රය කරයි.
ඔවූහු යම් ලැජ්ජා සහගත ක්‍රියාවක් කළ විටත්, කුමක් හෝ පාපයක් කිරීමෙන් තමන් විසින් තමන්ටම හානියක් කරගත් අවස්ථාවලදීත්, වහාම අල්ලාහ් ගැන සිතමින් තම පව්සමා කරන මෙන් අල්ලාහ්ගෙන් අයැද (කන්නලව් කර) සිටිති (අල්ලාහ්ද ඔවුන් හට සමාවදෙන්නේය) අල්ලාහ් හැර වෙන කවරෙකු ඔවුන්ගේ පව් කමා කරයිද? ඔවූහු කළ ක්‍රියාව වරදක් බව අවබෝධ කරගත්තේ නම් නැවත එම ක්‍රියාවෙහි නිරත නොවන්නෝය. වහාම එම ක්‍රියාවෙන් මිදෙන්නෝය. මෙවන් අයට ලැඛෙන ප්‍රතිඵලය නම් දෙවියන්ගේ සමාව හිමිවීමත්, සදාකාලිකව ජලධාරාවන් ගලා බසින ස්වර්ගය හිමිවීමත් වන්නේය. ඔවූහු සදාකාලකිව එහි රැෙඳන්නෝය. යහපත් ක්‍රියා කරන අයට් ප්‍රතිඵලයද යහපත් වන්නේය.
˜ (3:133-136).
මේ දේව වාක්‍ය වරක් අවධානයෙන් යුතුව බැලුවොත් දෙවියන් වහන්සේ කෙතරම් කරුණාවන්තදැයි තේරුම් ගත හැක. ඔහු පව් සමාකිරීම පමණක් නොව මිනිසුන්ව උත්තරීතර තත්ත්වයට පත් කරවන්නේය. මෙතරම් කාරුණිකවූ දෙවියන් ගැන හදවතට එකඟව අවබෝධ කරගත් පසු, එම හදවතේ ඔහු ගැන සැකයක් පහළ වෙයිද? මිනිසා කළ වැරැද්ද ගැන පසුතැවිලිවී එම වැරැද්ද නැවත නොකරන චේතනාවෙන් යුතුව පව් සමාව අයැද සිටීනම් ඒ මහා ශ්‍රේෂ්ඨයාණන් විසින් සමාව ලබා දෙන්නේය.
සත්‍යය මෙසේ තිබියදී එක් වරදක් මිනිසාව පරම්පරා ගණනාවක් තිස්සේ වෙලාගෙන තිඛෙන්නේ කෙසේද? පාපය යනු පරම්පරාවෙන් හිමිවන්නක් නොවන බව සනාථ කිරීම සඳහා වෙනත් හේතු සාධක පෙන්වීම අවශ්‍ය වන්නේ නැත. එහෙත් මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන්ගේ රුවන්වැකිවලින් එකක් මතුකර පෙන්වීම සුදුසු යැයි හැෙඟ්.
—මාගේ ප්‍රාණය කවුරුන් අතේ තිඛෙන්නේද එම දෙවියන් මත දිවුරා කියමි. නුඹලා පාපය නොහදුනන (කිසිම පවක් නොකරන) පිරිසක්වූයේ නම් නුඹලා තුරන්කර පව්කරන වෙනත් පිරිසක් මෙහි එවන්නේය. ඒ අයට පව් සමාවද ලබා දෙන්නේය.˜
පව් කළ මිනිසා පව් සමාවේ යෙදීම දෙවියන්ට ප්‍රියමනාප ක්‍රියාවක් ලෙස සලකන බව මෙයින් පැහැදිළිව සනාථ වන්නේය.
—නුඹ (මෙසේ) අල්ලාහ් ගැන විශ්වාසකර ඔහුට ස්තූති කරමින් සිටින්නේ නම් නුඹලාට ද~ුවම් කිරීමෙන් ඇතිවෙන ලාභය කුමක්ද? අල්ලාහ් කළගුණ හොඳින් හදුනයි සියල්ල මැනවින් දනියි˜ (4:147).
ඔව්, දෙවියන් වහන්සේ ඔහුගේ අපරිමිත කරුණාවත්, පව් සමාවත් අපමණව ලබාදීමට සූදානම්ව සිටියදී, ජනතාවට දුක්දීමෙන් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?
අල්හම්දුලිල්ලාහ්. (සියලූ ප්‍රශංසා අල්ලාහ් සතුය.)
www.yayuthumaga.com