Tag Archives: විශ්වාසය

මිනිසුන් අතරින් දෙවියන් නොආවේ ඇයි ?

බහුතරයක් විමසන මෙම ජනප්‍රිය ප්‍රශ්නය වැරදි ප්‍රශ්නයකි.
මන්ද මිනිසුන් පාලනය කිරීම සදහා මිනිසෙක්ම අවශ්‍ය යන්න ප්‍රායෝගික වු බුද්ධිමත් තර්කයක් නොවේ. එය එසේ වුවානම් එය සියල්ල සදහාම සත්‍ය විය යුතුයි. එසේ නම් ගොවිපලක සිටින ගවයින්, කුකුලන් වැනි සතුන් පාලනය කිරීම සදහා එම සතුන්ගෙන්ම සතෙක් ඉදිරිපත් කල යුතුවේ. නමුත් එය ප්‍රායෝගික නොවේ. එසේම එම සතුන් පාලනය කිරීම සදහා මිනිසුන් එම සත්ව ස්වරූපය ගැනීමටද අවශ්‍ය නොවේ. එසේ කිසියම් ආකාරයකට එම ස්වරූපය ගත්ත ද අපට අවශ්‍ය ආකාරයට එම සතුන් මෙහෙයවීමටද නොහැකිවනු ඇත. තවදුරටත් පැහැදිලි කරන්නේනම් අපට එම ස්වරූපය ගතහැකි වුවත් එසේ නොකරමු. මන්ද එසේ කලේ නම් මිනිසාට වු සුවිශේෂි හැකියාවන් අහිමි කරගන්නට සිදුවෙනු ඇත.

අප එම සතුන්ගේ තිඛෙන දුර්වලකම් නිසා එම තත්වයට පත්වන්න අකමැති වන්නෙමු. එසේ නම් මේ කිසිදු දුර්වලතාවයක් නොමැති සියල්ල කෙරෙහි සුපිරි ශක්තියක් වු දෙවියන් මේ තත්වයට පත්වන්න කැමතිවනු ඇත්ද?. රටක ජනාධිපතිවරයෙක් රට පාලනය කරනවා මිස නගරසභාවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට කැමැති වේද?. එසේ කලයුතු යයි රටේ ජනතාවට පැවසිය හැකිද? මනුෂ්‍යයෙකුගේ තත්වය මෙය නම් මේ සියල්ල මවා පරිපාලනය කරන සර්වබලධාරී දෙවියන්ගේ ස්ථාවරය කුමක් විය යුතුද?. එමනිසා දෙවියන්, දෙවියන් ලෙස සිටීමයි වඩාත් සුදුසු වන්නේ.

එසේ නොමැතිව මිනිස් ස්වරූපය ගත්තේනම් එයින් සමාජයට ඇතිවන බලපෑම අති විශාලය. දෙවියන්ගේ නම පවසමින් අදටත් පොදු ජනයා රවටා මුදල් හම්බකරන පුජකවරුන් හට මෙය විශාල වරප්‍රසාදයක් වනු ඇත. “තමා දෙවියෙක්” යයි පවසමින් ඕනෑම පහත් ක්‍රියාවක් කරන්න වංචකයින් පෙලෙඹෙනු ඇත.

මේ පිලිබදව තවත් කෝනයකින් සිතුවේ නම් මිනිස් වෙසින් දෙවියන් මේ ලොවට පැමිණියා නම් එම දෙවියන්හට මිනිසුන් මෙන් ජීවත්වීමට සිදුවෙනු ඇත. ආහාර, පාන, නින්ද, බිරිද, දරුවන්……. වැනි අවශ්‍යතාවයන් ඇතිවනු ඇත.  එසේම ඒවා භූක්තිවිදීමට ද සිදුවනු ඇත. එසේ වුවානම් අද මිනිසුන් මෙන්ම දේව දරුවෝ ද මේ ලොව සැරිසරන ඇත. එසේ වුවානම් දෙවියන් හට ඇති මහිමය කුමක්ද? දෙවියන් හා මිනිසුන් අතර ඇති වෙනස කුමක?. මේ නිසා දෙවියන් මිනිස් වෙස් ගැනීම හා මනුෂ්‍යන්ගෙන් වීම ප්‍රායෝගික නොවන දෙවියන් කෙරෙහි ඇති අනවබෝධය නිසා ඇතිවන තර්කයක් පමණි. ඉස්ලාම් දහම මෙය තරයේ ප්‍රතිෙක‍ෂ්ප කරයි.
මේ අනුව ඉස්ලාම් හි දේව විශ්වාසය යනු සර්වබලධාරී එකම දෙවියා යන්න වේ.

අතීතයේ සිටම මිනිසා විසින් විවිධ අවශ්‍යතාවන් සදහාත්, විවිධ කාර්‍යයන් සදහාත්, විවිධ හැඩරුවින් යුත් දෙවිවරුන් වන්දනා මාන කරන ලදී. මේ ආකාරයට වන්දනාමාන කරන ලද දෙවිවරුන් සම්බන්ධයෙන් අල්ලාහ් දෙවියන් ශ.ද්ධ වු කුර්ආනයේ මෙසේ පවසයි.
“ඔබ විසින්ම අඹාගන්නා ලද වස්තුන්ට, ඔබ පුද සත්කාර කරන්නේහුද?. ඔබ අල්ලාහ් හැර දමා, ආත්මාරක‍ෂාව පවා සලසා ගත නොහැකි මේවා ඔබේ ආරක‍ෂකයින් වශයෙන් තෝරා ගත්තෙහුද?.”

“අල්ලාහ් (දෙවියන්) හැර නුඹලා අඩගසන්නන් එක්රොක් වුවද මැස්සෙකුවත් බිහිකල නොහැක. මැස්සෙකු ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේද එය උගෙන් මුදවා ගැනීමට ද ඔවුහු ශක්තිවන්ත නොවන්නෝමය”

මේ අනුව බහුදේව වාදය යනු ප්‍රායෝගික නොවන මන:කල්පිතයක් පමණක්ම වන අතර ඉස්ලාම් පවසන දේව වාදය සර්වබලධාරියා එකම දෙවියා “අල්ලාහ්“Z යන්න වේ.

ඒ අනුව අල්ලාහ් දෙවියන් සියලූ දුර්වලතාවයන්ගෙන් හා අවශ්‍යතාවයන්ගෙන් සුවිශද්ධ කොට ඒකදේව සංකල්පයේ ජීවත් වී මියයාමට දෙවියන්ගේ ආශිර්වාදය අපට හිමිවේවා, යයි ප්‍රාර්ථනා කරමි.
අබු අර්ශද්

බහුදේව වාදය ඉස්ලාම් ප්‍රතිෙක‍ෂප කරන්නේ ඇයි ?

ආදී මිනිසාගේ පටන් මිනිසා සෑම කලකම ප්‍රීය කලේ සාමුහිකව ජීවත් වීමටයි. මන්ද මිනිසාට ජීවත්වීම සදහා අන් අයගේ සහයෝගය ද අවශ්‍ය විය. මේ නිසා තනිව ජීවත්වීම මිනිසාහට දුෂ්කර වු කාර්‍යයක් විය. මිනිසාගේ එම දුර්වලතාවය හි ප්‍රතිඵලයක් ලෙස මිනිසාට සාපේක‍ෂව දෙවියන් දෙස බැලූ මිනිසාහට, එකම දෙවියෙක් සියල්ල ඉටුකරන්නේ කෙසේද? යන සැකය ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස බහුදේව වාදය සමාජයේ ස්ථාපනය විය.

ඉස්ලාම් පවසන දේව වාදය අවබෝධ කරගැනීමට නම් ප්‍රථමයෙන් දෙවියන්, සාපේක‍ෂව බැලීමෙන් බැහැර විය යුතුයි. මිනිස් මැවීම යනු දෙවියන්ගේ අනන්තවු මැවීමන්වලින් එකක් පමණි. ඒ අනුව මිනිසාට සාපේක‍ෂව බැලීම යන්න තාර්කිකව බැලූවත් එය වැරදිය. එසේ නම් දෙවියන්ගේ සැබෑවටම අවබෝධ කරගත හැක්කේ කෙසේද?. මේ පිලිබදව බුද්ධිමත් ආකාරයට අවධානය යොමු කරමු. එනම් වඩාත් ප්‍රායෝගික වන්නේ ඒක දේව වාදයද? බහු දේව වාදයද?
ප්‍රථමයෙන් බහුදේව වාදයේ අවශ්‍යතාවය කුමක්ද?, යන්න පිලිබදව අවධානය යොමු කලේ නම්, එයට ප්‍රධානම හේතුව “සියල්ල එකම දෙවියෙකු විසින් ඉටුකල නොහැක” යන විශ්වාසයයි.

එය එසේ නම් දෙවියන්හට දුර්වලතාවයක් ඇත. ඉස්ලාමීය විශ්වාසය අනුව දුර්වලතාවයන් හා අවශ්‍යතාවයන් ඇත්තෙකු දෙවියෙක් විය නොහැක. එසේම දෙවියෙක් නම් නියත වශයෙන්ම ඔහු දුර්වලතාවයන්ගෙන් හා අවශ්‍යතාවයන්ගෙන් බැහැරවුවකි. දුර්වලතාවයන් හා අවශ්‍යතාවයන් නොමැති නම් තවත් දෙවියෙකුගේ අවශ්‍යතාවයක් ඇති නොවේ. ඒ අනුව විශ්ව පාලනය සදහා තවත් දෙවිවරුන්ගේ අවශ්‍යතාවය ඇති නොවේ. එසේ නම් ප්‍රායෝගික වන්නේ ඒකදේව වාදය මිස බහුදේව වාදය නොවේ.

තර්කයක් සදහා බහුදේව වාදය නිවරුදි යයි සැලකුවේ නම්. දෙවියන් යනු සුපිරි බලයකි. මෙවන් සුපිරි බලයන් කිහිපයක් එකවිට මෙම විශ්වය පාලනය කරන්න අවශ්‍ය වේ යයි උපකල්පනය කලානම්. පෘථීවිය සදහා එක දෙවියෙක්, සුර්්‍යා සදහා වෙනත් දෙවියෙක්, වෙනත් ග්‍රහයින්ට හා මන්දාකිණී සදහා වෙන වෙනම දෙවිවරුන් නම් ඇති වන තත්වය මොහොතක් සිතා බලන්න. එම මොහොතේම එහි පාලනයන් අවුල්වී එකින් එක ගැටී ලෝක විනාශය ඒ මොහොතේම සිදුවනු ඇත. මෙය පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා ස්වාධිනව කටයුතු කරන දුම්රිය පාලකවරන් දෙදෙනෙකු පිලිබදව එසේත් නැත්නම් වාහන තදබදයක් පවතින හතරමං හන්දියක එක ස්ථානයක වාහන හසුරවන පොලිස් මහත්වරුන් දෙදෙනෙකු පිලිබදව උපකල්පනය කර බලන්න. ප්‍රථීපලය කුමක්ද? එම වාහන එකින් එක ගැටී මහා විනාශයක් සිදුවනු ඇත. මේ සාමාන්‍ය මාර්ගයක සිදුකරන වාහන පාලනයකම තත්වය මෙයනම් සංකීර්ණ ගමන් මාර්ගයන් පවතින විශ්වයේ ක්‍රියාකාරීත්වයට කුමක් වේද?.

මේ අනුව විශ්ව පාලනය සදහා වුවද ප්‍රායෝගික වන්නේ ඒකම දේවියා යන සංකල්පය පමණි. මෙය තවදුරටත් අවබෝධ කරගැනීම සදහා රටක් එකවිට පාලනය කරන ජනාධිපතිවරුන් දෙදෙනෙකු උපකල්පනය කර බලන්න. එසේත් නැත්නම් පාසලක විදුහල්පතිවරුන් දෙදෙනෙකු, එසේත් නැත්නම් සාමාන්‍ය ග්‍රාමීය සමිතියක සභාපතිවරුන් දෙදෙනෙකු ප්‍රතිඵලය කුමක් වේද?. එහි තත්වය මා අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ.

සාමාන්‍ය මිනිසුන්ගේ තත්වය මෙය නම්. සුපිරි බලයන් හා ශක්තීන් ඇති දෙවියන් අතර ගැටුමක් ඇතිවනුයේ නම්. තත්වය කොතරම් භයානක වනු ඇත්ද? බහුදේව වාදය පවසන සමහර ආගම්වල දෙවිවරුන් අතර ගැටුම්, දෙවිවරුන්ගේ බිරින්දෑවරුන් අතර ගැටුම්, දෙවියන්ගේ දරුවන් වන දේව දරුවන් අතර ගැටුම් මේ ආකාරයේ විවිධ ගැටුම් අප අසා ඇත්තෙමු. එවැනි ගැටුමන් සැබැවින්ම සිදුවුයේ නම් මුලූ විශ්වයේම ක්‍රියාකාරිත්වය අවුල්වී මහා විනාශයන් සිදුවෙනු ඇත. මෙය ශ.ද්ධ වු අල්කුර්ආනයේ 21-22 මෙසේ පවසයි.

ශුද්ධ වු අල්කුරානය

“ඒ දෙතැන (අහස , පොළොව) අල්ලාහ් (දෙවියන්) හැර තවත් දෙවිවරුන් සිටියෙය් නම්, ඒ දෙතැනම ව්‍යාකූල වන්නේය”

එසේ ව්‍යාකූල තත්වයක් ඇති නොවීමට නම් ප්‍රායෝගික වන්නේ “එකම දෙවියා”යන සංකල්පය මිස බහුදේව වාදී සංකල්පය නොවේ. ඉහත ශ.ද්ධවු කුර්ආන් වාක්‍යයෙන් මනාව එය පැහැදිලි කරයි. මෙම ඒකදේව සංකල්පය ඉස්ලාම් දහම පමණක් නොවේ ක්‍රිස්තියානි බයිබලයේද අවධාරනය කරයි. එනම්,
“…….ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක. මම පළමුවෙනියා ය, අන්තිමයාත් මම ය. මා හැර වෙන දෙවිකෙනෙක් නැත.
යෙසායා 44-6
ඒකදේව සංකල්පය පවසන ඉහත බයිබල් වාක්‍යයට අමතර බයිබලයේ තවත් බොහෝ තැන්වල මෙම ඒකදේව සංකල්පය අවධාරනය කරයි. එවැනි ස්ථාන කිහිපයක් නම් ද්විතීය කථාව 4-39, ද්විතීය කථාව 6-4, යෙසායා 43-10,11,යෙසායා 45-18, කොරිත්ති 8-4, තිමෝති 2-5,6………..යන්නයි.
බයිබලයේ මෙන්ම බොහෝ ස්ථානවල, බයිබලයට වඩා අධික ස්ථානවල මෙම ඒක දේව සංකල්පය ශ.ද්ධ වු කුර්ආනයේ දැඩිව අවධාරනය කරයි.

සියලූම දේව වක්තෘවරුන් (නබි ඊසා(අෙලෙ)තුමා, නබි මුහම්මද්(සල්) තුමා ඇතුලූ සියලූ වක්තෘවරුන්) මගින් ද ජනයාට දෙවියන් අවධාරනය කලේ මෙම ඒක දේව සංකල්පයයි. එය ශ.ද්ධ වු අල්කුර්ආනයේ,
ඔහු (දෙවියන්) එක්කෙනෙකි. ” (112-1)
ඇත්තෙන්ම මා හැර දෙවියෙක් නැත.” (20-14)
මා හැර වෙන දෙවියෙක් නැත. යන්න පවසා මිස දේව වක්තෘවරයෙකු නොඑව්වෙමු ” (21-25)
යනාදී වශයෙන් පවසයි. මේ අනුව බහුදේව වාදය යනු කිසිසේත් ප්‍රායෝගික නොවන මන:කල්පිතයක් පමණක් වන අතර ඒකදේව වාදය යනු සදාකාලික වු ප්‍රායෝගික සත්‍යක් යන්න හොදින් පැහැදිලි වේ.
අබු අර්ශද

තරුණයා තම හිස ඔසවනවාත් සමගම දුටුවේ බල්ලා පිටුපස කකුළක් ඔසවා එම පිළිමයේ තවත් පැත්තක මුත්‍රා කිරීමය

සත්‍ය ආගම

ඉස්ලාම් ආගම යනු අරාබි වචනයකි. එහි තේරුම කුමක්ද? යන්න දැනගැනීම හැම කෙනෙකුටම ඉතාමත් වැදගත් කරුණක් වන්නේය.
මෙලෝ ඇත්තාවූ ආගම් සියල්ල යම්කිසි පුද්ගලයෙකුගේ නාමයෙන් හෝ යම් කිසි සමාජයක නාමයෙන් හෝ ව්‍යවහාර වන බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. කි්‍රස්තියානි ආගම කි්‍රස්තුස් වහන්සේගේ නමින්ද, කොන්පියුෂියස් ආගම කොන්පියුෂියස් තුමාගේ නමින්ද, මාර්ක්ස්වාදය කාර්ල් මාක්ස්ගේ නමින්ද ව්‍යවහාර වේ. එමෙන්ම යුදෙව් ආගම යුදියා රටේ යු ගෝත්‍රයේ උපත ලත්නිසා යුදෙව් ආගම යනුවෙනුත්, හින්දු ආගම ඉන්දියාවේ හින්දු සමාජයේ උපත ලත් නිසා හින්දු ආගම යනුවෙනුත් හඳුන්වනු ලැබේ.

නමුත් ඉස්ලාම් ආගම කිසිම පුද්ගලයෙකුගේ නමින් හෝ කිසිම රටක, සමාජයක නමින් හෝ ව්‍යවහාර නොවෙයි. ඉස්ලාම් වනාහි විශ්වයාධිපති අල්ලාහ් විසින් මිනිසා වෙත පිරිනමනු ලැබු සත්‍යවූ ආගමක් ය. එහි අරමුණ නම් මුළු මිනිස් වර්ගයාම අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වීමය.
ඉස්ලාම් යනු අරාබි වචනයේ අවනත වීම, යටහත් වීම, කීකරු වීම යනාදි අරුත් ගැබ්වී ඇත. මේ අනූව යමෙකු අල්ලාහ්ට මුළුමනින්ම අවනත වී, ඔහුට පමණක් වැඳුම් පිඳුම්කර ඔහු අණකළ පරිදි ජීවත්වන්නේ නම් එම තැනැත්තා මුස්ලිමෙකි. ඉස්ලාම් යන වචනයෙහි සාමය නම් අර්ථයද ගැබ්වී ඇත. මෙයින් තේරුම් කරගතයුත්තේ, යමෙකු අල්ලාහ්ට සම්පූර්ණයෙන් අවනත වී ජීවත්වීමෙන් ලැඛෙන ස්වභාවික ප්‍රතිඵලය නම් ඔහු කරා සාමය ලඟාවීම යන්නය.
ඉස්ලාමය සත්වෙනි ශත වර්ෂයේ අරාබිකරයේ ජීවත්වූ මුහම්මද් (සල්) නබි තුමා විසින් ගෙන එනු ලැබූ අළුත් ආගමක් නොව එතුමාගේ මාර්ගයෙන් අන්තිම වරට දෙනු ලැබූවකි. ඇත්ත වශයෙන්ම ඉස්ලාමය අල්ලාහ් විසින් ප්‍රථමයෙන්ම දෙනු ලැබුවේ ලොව උපත ලැබූ ප්‍රථම මිනිසා හා අල්ලාහ්ගේ පළමු වන ශාස්තෘවරයා වන ආදම් (අෙලෙ) තුමාටය. එතුමාගෙන් ආරම්භ වී මිනිස් වර්ගයා වෙත අල්ලාහ් විසින් එවනු ලැබූ සෑම ශාස්තෘවරයෙකුගේම ආගම වූයේද ඉස්ලාම්ය.
අල්ලාහ් විසින් පිරිනමනු ලැබු මෙම ආගමට ඉස්ලාම් යනු නම තැබුවේ මිනිසුන් විසින් නොවේ. එම නම අල්ලාහ් විසින්ම තබන ලදි. මේ ගැන ශ.ද්ධවූ කුර්ආනය පැහැදිලිව පවසන්නේය.
කුර්ආනය මෙසේ කියයි:
අද දින ඔබ වෙනුවෙන් ඔබගේ ආගම සම්පූර්ණ කර ඇත්තෙමි. තවද, මාගේ ප්‍රසාදයන් ද සම්පූර්ණ කර ඇත්තෙමි. එමෙන්ම, ඔබ වෙුනවෙන් වූ ආගම ලෙස ඉස්ලාමය තෝරාගෙන ඇත්තෙමි.˜ (අල්කුර්ආන් 5: 3).
තවද, ඉස්ලාම් නොවන (හැර) වෙන ආගමක් යමෙකු විසින් ආශාකරන්නේ නම් එය කිසිසේත් පිළිගනු නොලැබේ.˜ (අල්කුර්ආන් 3: 85).
—ඉබ්‍රාහීම් යුදෙව්වෙකු හෝ කි්‍රස්තියානියෙකු හෝ නොවෙයි. හෙතෙම අවංක මුස්ලිමෙකු වේ˜.(අල්කුර්ආනය 3: 67).
මූසා (මෝසස්) ශාස්තෘවරයානන්ගේ අනුගාමිකයින් හෝ ඔවුන්ගෙන් පැවත එන්නන් අමතා —ඔබ සැමගේ ආගම යුදෙව් ආගමය˜ යනුවෙන් අල්ලාහ් ප්‍රකාශ කළ බව බයිබලයේ කොතැනකවත් සඳහන් වී නැත. එමෙන්ම, කි්‍රස්තුස් වහන්සේගේ අනුගාමිකයන්ට ද ඔවුන්ගේ ආගම කි්‍රස්තියානි ආගම යැයි ප්‍රකාශ කර නැත.අපි දැනගත යුතු වැදගත් කාරණයක් ඇත.

එනම්, —ක්‍රයිස්ට්˜ හා —ජීසස්˜ යනු නාම යන් යේසූස් වහන්සේගේ නාමයන් ද? ඇත්ත වශයෙන් ම එසේ නැත. මේවා එතුමාගේ නාමයන් නොවේ. —ක්‍රයිස්ට්˜ නම —කි්‍රසිටෝස්˜ නම් වූ ග්‍රීක වචනයකින් උපත ලැබුවකි. —කි්‍රස්ටෝස්˜ යනු අභිෂේක කරනු ලැබු නම් අරුත වෙයි. —ක්‍රයිස්ට්˜ යනු —මෙසයියාහ්˜ නම් වූ හීබෘෘ නමෙහි ග්‍රීක අනුවාදය වේ. තවද, —ජීසස්˜ යනු —ඊසා˜ නම් වූ හීබෘෘ නමේ ලතින් පරිවර්තනය වේ.
මෙසේ කරුණු ඇතත්. පහසුව තකා මෙම පොත් පිංචයෙහි ඊසා නබි තුමාගේ නම —යේසූස්˜ යනුවෙන් ම මා භාවිතා කරමි.
ලොව පහළ වූ අනෙක් ශාස්තෘවරුන් මෙන්ම, යේසූස් ශාස්තෘවරයාණෝත් තමන්ගේ අනුගාමිකයන් හට දේශනය කළේ අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වන ලෙසය. තවද, මිනිසා තමාගේ සිතින් මවාගන්නා ව්‍යාජ දේව විශ්වාසයන්ගෙන් ද ඈත්වී සිටින ලෙස එතුමා තම අනුගාමිකයන්ට අවවාද කළහ, මෙය ඉස්ලාම්ය.
බයිබලයේ අළුත් ගිවිසුම අනූව, —ස්වර්ගයේ මෙන් මෙලොවෙහිදීත් ඔබගේ අණය ඉටුවේවා˜ යනුවෙන් ප්‍රාර්ථනා කරන ලෙසය, එතුමා තම අනුගාමිකයන්ට ඉගැන්වූයේ.
ඉස්ලාමයේ පණිවිඩය:
අල්ලාහ්ගේ දිව්‍යමය ආගම වූ ඉස්ලාමයේ මූලික පණිවිඩය වන්නේ මුළු මිනිස් සංහතියම ඔහුට සම්පූර්ණයෙන්ම අවනත විය යුතු බවය. ඔහුගේ අණට කීකරු විය යුතු බවය, ඔහු ගෙන දක්වා ඇති අවවාද අනුශාසනා පිළිපදිමින් ජීවත් විය යුතු බවය.
මිනිසා අල්ලාහ්ට හැර වෙන යම් කිසි පුද්ගලයෙකුට, පිළිමයකට, ගින්නට, ස්ථානයකට හෝ වෙන මොනම දෙයකටවත් වැඳුම් පිඳුම් කිරීමෙන් වැළකී සිටීම ඉස්ලාම් නම් වේ.
මෙලොව ඇති සෑමයක්ම මවන ලද්දේ අල්ලාහ් විසින්ය. එම නිසා ඉස්ලාමය කියා සිටින්නේ මැවීම්වලට වැඳුම් පිඳුම් නොකර මැවුම්කාරයා වූ අල්ලාහ්ට එසේ කරන ලෙසය. මිනිසාගේ වැඳුම් පිඳුම් ලැබීමට එකම සුදුස්සා අල්ලාහ් පමණය. එමෙන්ම මිනිසාගේ ප්‍රාර්ථනාවන්ට පිළිතුරු දෙන්නේද අල්ලාහ් පමණය. යම් කෙනෙකු ගසකට ප්‍රාර්ථනා කර එම ප්‍රාර්ථනාවට පිළිතුරක් ලැබුනේ නම්, එම පිළිතුර ගසෙන් නොව, එවැනි පිළතුරක් ලැබීමෙහිලා අල්ලාහ්ගේ නියමයක්, අවස්ථාවක් තිබී ඇත. ඒ අනූව එම පිළිතුර ලැබී ඇත යන්නය සත්‍යය වන්නේ. සමහරෙකු කියන්න පුළුවනි එය එසේ නොවන බව. ගසකට වැඳුම් පිඳුම් කිරීමෙහි කිසිම සත්‍යතාවයක් නැත.


එපමණක් නොව, යේසුස් තුමා, බුදුන් වහන්සේ, කි්‍රෂ්ණා, ශාන්ත කි්‍රස්ටොපර් තුමා, ශාන්ත ජූඩ් තුමා පමණක් නොව මුහම්මද් (සල්) තුමාට පවා ප්‍රාර්ථනා කිරීමෙහිලා පිළිතුරු ලබා නොගනිමු. ප්‍රාර්ථනාවන්ට පිළිතුරු දෙනු ලබන්නේ අල්ලාහ් විසින් පමණය. ජේසූස් වහන්සේ තම අනුගාමිකයන්ට දේශනා කළේද අල්ලාහ් හැර තමන් වෙත ප්‍රාර්ථනාවන් නොකළ යුතු බවය.
කුර්ආනය මෙසේ සඳහන් කරයි:

තවද, අල්ලාහ් අසන්නේය: මර්යම්ගේ පුත් ජේසූස් —අල්ලාහ් හැර මා හා මගේ මවට වැඳුම් පිඳුම් කරන්න˜ යනු ඔබ මිනිසුන්හට දේශනය කළේද?˜ (යනුවෙන්), එවිට ඔහු (ජේසුස්) —ඔබ ඉතාමත් ශ්‍රේෂ්ඨ වන්තය. මා හට අයිතියක් නැති දේ ගැන මා (කිසිවක්) කීමට බැරිය. (යනු කියයි)˜ (අල්කුර්ආන් 5: 116).
යේසූස් තුමා තමන්ට තමන්ම වැඳුම් පිඳුම් කරගත්තේ ද නැත. එතුමාද සම්පූර්ණයෙන්ම අවනත වූයේත්, වැඳුම් පිඳුම් කළේත් අල්ලාහ්ටමය. කුර්ආනයේ —ෆාතිහා˜ නම් පරිච්ඡේදයෙහි සිව්වැනි වාකේ‍යහි මෙම මූලික අදහස ගැබ්වී ඇත.
—ඔබට පමණක් අපි ඉබාදත් (වැඳුම් පිඳුම්) කරමු: ඔඛෙන් පමණක් පිහිට පතමු.˜


ශ.ද්ධවූ අල්කුර්ආනයේ තවත් තැනක අල්ලාහ් මෙසේ පවසයි:

—ඔබේ අධිපතියා පවසයි: ඔබ මා වෙත ප්‍රාර්ථනා කරන්න: මම ඔබ (ප්‍රාර්ථනාවන්)ට පිළිතුරු දෙමි.˜ (අල්කුර්ආන් 40: 60).
ඉස්ලාමයේ මූලික පණිවිඩයේ අඩංගු වැදගත් අදහසක් නම්, අල්ලාහ්ටත් ඔහුගේ මැවීම්වලටත් අතර අති විශාල වෙනසක් ඇති බවය. අල්ලාහ් ඔහුගේම මැවීමක් හෝ එහි කොටසක් නොවන්නා සේම, ඔහු විසින් මවන ලද අනෙකුත් දේ ද ඔහු හෝ ඔහුගෙන් කොටසක් නොවන්නේය.
මෙය පැහැදිලිවම පෙනෙන්නට ඇතත්, මැවුම්කරු වෙනුවට ඔහුගේ මැවීම් වැඳ පු ගෞරව කිරීම ඉතාමත් අනුවන කි්‍රයාවක් බව, එවැනි කි්‍රයාවන්හි යෙදී සිටින්නන්ට නොපෙනීම පුදුමයකි. අල්ලාහ්ගේ මැවීම්වලට වැඳුම් පිඳුම් කරන්නන් අල්ලාහ් ඔහුගේ සෑම මැවිල්ලක්ම එකඟවී ඇති බවත්, ඔහුගේ සමහර මැවිලි තුලින් ඔහුගේ ශ්‍රෙස්ඨත්වය පිළිබිඹුවන බවත් අදහති. එසේ හෙයින්, එම මැවීම්වලට වැඳුම් පිඳුම් කිරීම තුලින් අල්ලාහ්ට වැඳුම් පිඳුම් කරනවා මෙන්යැයි ඔවුන් තර්ක කරති.
එනමුත් අල්ලාහ්ගේ අවසන් ශාස්තෘවරයා විසින් මිනිසා වෙන ගෙනඑනු ලැබු පණිවිඩයෙහි සඳහන් වන්නේ මිනිසා අල්ලාහ්ට පමණක් වැඳුම් පිඳුම් කළ යුතු බවය. එමෙන්ම ඔහුගේ මැවීම්වලට කෙළින් හෝ වටින් පිටින් අවනතවීමෙන් හෝ වැඳුම් පිඳුම් කිරීමෙන් වැළකී සිටිය යුතු බවය.
අල්ලාහ් මෙසේ පවසයි:
සහතික ලෙස අප, මුළු මිනිස් වර්ගයා වෙතම ශාස්තෘවරයෙකු (එවා ඇත්තෙමු, ඔහු) ඔබ අල්ලාහ්ට වැඳුම් පිඳුම් කරන්න: අසත්‍ය දෙවිවරුන්ගෙන් ඈත්වී සිටින්න (යනු උපදෙස් දෙනු සඳහා) යවා ඇත්තෙමු˜ (අල්කුර්ආන් 16: 36).
පිළිමවලට වැඳ පුද සත්කාර කරන පිරිමියෙකුගෙන් හෝ ස්ත්‍රියෙකුගෙන්, මිනිසා විසින් අඹන ලද පිළිම ඉදිරියේ වැඳ වැටෙන්නේ ඇයිද? යනුවෙන් විමසුවහොත් දෙදෙනාගෙන්ම එක වගේම පිළිතුරක් ලැඛෙනවාට සැකයක් නොමැත. එම පිළිතුර නම් ඔවුන් ගලෙන් හෝ මැටියෙන් වූ එම පිළිමයන් නොවඳින බවත් එතුලින් දෙවියන් වහන්සේ හට වඳින බවත් වේ. ඔවුන් පවසන්නේ එම ගල් හෝ මැටි පිළිමයන් දෙවියන් නොවන බවත්, දෙවියන් කරා සිත යොමු කරන්නට යම් ක්‍රමයක් ලෙස තබාගෙන සිටින බවත්ය. —දෙවියන් වහන්සේ තමන් විසින් මවන ලද දේ තුල රැඳී සිටින්නේය˜ යන මතය අදහන්නෙක් සමහර විට මෙම තර්කය පිළිගනු ඇත.
එනමුත්, ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්ති නිසිලෙස වටහාගෙන, ඒ සමග කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යන යම් කෙනෙක් ඇත්නම් ඔහු මෙම තර්කය කිසිසේත් පිළිගන්නේ නැත. සෑම යුගයගකම තමන්හට දේවත්වය ඇති බව ප්‍රකාශ කළවුන්, —මිනිසා තුළ දෙවියන් පැවත සිටින˜ බව වු මෙම වැරදි මතය මුල්කරගෙනයි එසේ ප්‍රකාශ කළේ. ඔවුන්ගේ මෙම වැරදි මතය අනුව මිනිසා තුළ දෙවියන් පැවත එන බව කියතත්, අනෙක් මිනිසුන්ට වඩා තම සමඟ දෙවියන් එකඟ වී පැවත එන බවත් ඔවුන් තර්ක කරති. ඔවුන්ම දෙවියන් වශයෙන් හෝ දෙවියන් ඔවුන් තුල ඇති නිසා හෝ සෙස්සන් ඔවුන්ට අවනතවී වැඳුම් පිඳුම් කළ යුතු යැයි කියා සිටිති. මෙම දේවත්වවාදීන් මරණයට පත්වූවායින් පසුව, ඔවුන්ගේ අනුගාමිකයින් මෙම මතය පිළිගත්තන් අතර ප්‍රමුඛස්ථානයක් ගෙන ජීවිතය භුක්ති විඳිති.
ඉස්ලාමයේ මූලික් ඉගැන්වීම් සම්බන්ධව සාමාන්‍ය දැනීමක් ඇති කෙනෙක් පවා තමන් මෙන් වූ තවත් මිනිසෙකුට කුමන අවස්ථාවක වූවත් වැඳ වැටෙන්නට හෝ පුද පූජා කිරීමට හෝ කිසිසේත් එකඟ නොවේ.
මැවුම්කාරයාට වැඳීමටත්, මැවුනු සෙසු දේවලට වැඳුම් පිඳුම් කිරීම ප්‍රතිෙක‍ෂ්ප කිරීමටත් කෙරෙන පැහැදිලි ඇරයුම, දෙවියාගේ ආගමේ සාරාංශය වේ. එය පහත සඳහන් කුඩා වාකේ‍යන් මනාව පැහැදිලි වේ.
ලා ඉලාහ ඉල්ලල්ලාහ්
නැමදීමට සුදුස්සෙක් —අල්ලාහ් හැර වෙන දෙවිකෙනෙක් නැත˜ යන්න මෙහි තේරුමය.
ඉහත සඳහන් මෙම වාක්‍යය යමෙක් සිතෙන් පිළිගෙන, ඒ අනුව ජීවත් වෙමියි යනුවෙන් අධිෂ්ඨාන කර, මුවින් කියන්නේ නම් ඔහු මුස්ලිමයෙකි, ඉස්ලාමය කරා ලඟාවූවෙකි. මෙය අවංකවම යමෙක් අදහන්නේ නම් ඔහු නිසැකවම ස්වර්ගය ලබාගන්නේය. මුහම්මද් (සල්) තුමා මෙසේ පැවසූ බව අබුදර් (රලි) තුමා වාර්තා කරයි:

කව්රුන් හෝ අල්ලාහ් හැර වෙන දෙවිකෙනෙක් නැත යනු ප්‍රකාශ කර ඒ සමගම (විශ්වාසවන්තයෙකු ලෙස) මරණයට පත්වන්නේ නම් ඔහු ස්වර්ගයට ඇතුල් වෙයි˜ (බුහාරි, මුස්ලිම් ග්‍රන්ථ ඇසුරෙනි).
එක දෙවියෙකු වශයෙන් අල්ලාහ්ට සම්පූර්ණයෙන් අවනතවීම, ඔහුගේ අණට කීකරුවීමේ ආශිර්වාදයන් ලබා ගැනීම, බහුදේව වාදය හා බහුදේවවාදීන් ප්‍රතිෙක‍ෂ්ප කිරීම යනාදි කරුණු මෙම වාකේ‍යහි අඩංගු වේ.
අසත්‍ය ආගම් ගෙන එන පණිවිඩය
ලෝකයේ නොයෙකුත් ආගම් ඇත, දර්ශනයන් හා ඇදහිලි ක්‍රම ඇත, සංවිධානයන් හා විවිධ මත දරණ කොටස් ඇත. මේවායේ නියැලි සිටින්නන් කියන්නේ ඔවුන් යහමග සිටින බවත් දෙවියන්ගේ සත්‍ය මාර්ගයෙහි සිටින බවත්ය. මේ කොටස් සෑමයක්ම සත්‍යයෙහි සිටින්නේද? නැතිනම් කිසියම් කොටසක් අසත්‍යයෙහි සිටින්නේද? මෙය කෙසේ දැනගනිමුද? මේ සඳහා වූ සාධක මොනවාද?
මෙම ප්‍රශ්ණවලට පිළිතුරු ලබාගත හැකි කිසි යම් ක්‍රමයක් ඇත. එනම්, මෙම ආගම්වලට නැතහොත් කොටස්වලට ඇතුලත් වී ඇති ලස්සන වචනවලින් අලංකාරවු කරුණුවලින් එහා ඇත්තාවු, ඒවායේ මූලික අරමුණ හා සත්‍යය කුමක්ද යනු බැලිය යුතුයි. කෙළින් හෝ වටින් පිටින් ඒ ඒ ආගමිකයින් කුමණ ක්‍රමයක වු වැඳුම් පිඳුම් කරා මිනිසා කැඳවන්නේ දැයි බැලිය යුතුයි.
එවිට දෙවියන් ගැන මෙම අසත්‍ය ආගම් හා කොටස්වලට පොදුවු මූලික අදහස් රැසක් ඇති බව ඔබ දැනගන්නවා ඇත.

ඒ අදහස් නම් —සෑම මිනිසෙකුම දෙවි කෙනෙක්ය˜, —සමහර විශේෂ මිනිසුන් දෙවියන් වන්නේය˜, —ස්වභාවය දේවත්වය ඇත්තකි˜, නැතිනම්, —දෙවියන් මිනිසාගේ කල්පනා ශක්තියෙන් මවාගත්තෙකි˜ යනු ඒවා වේ.
අසත්‍ය ආගම් කියා සිටින්නේ දෙවියන් නැමදිය යුත්තේ ඔහුගේ මැවීම්වල හැඩහුරුකම් අනුව බවය. මෙම චේතනාව ලත් එම අසත්‍ය ආගම් මිනිසා තම ආගම් කරා කැඳවන්නේ මැවීම් හෝ ඒවායේ කිසියම් කොටස් දේවත්වය දරණ බව කීමෙන් ය.
උදාහරණයක් වශයෙන් ජේසුස් තුමා ගැන කිව හැකිය. එතුමා තමන්ගේ අනුගාමිකයින්ට අණකළේ අල්ලාහ්ට පමණක් වන්දනය කළ යුතු බවය. නමුත්, එතුමාගේ අනුගාමිකයින් ලෙස පෙනී සිටින්නන් අද යේසුස් තුමා දෙවියා බව කියා, එතුමා නැමදීමට මිනිසුන් කැඳවයි.
බුදුන් වහන්සේ සංශෝධකයෙකි. එතුමා ඉන්දිය ආගමට මානව හිතවාදි ප්‍රතිපත්ති රැසක් හඳුන්වා දුන්නේය. එතුමා තමන් දෙවිකෙනෙක් බව කිසිවිටෙක කියා සිටියේ නැත. එමෙන්ම තමන්ට වැඳුම් පිඳුම් කළ යුතු බවත් එතුමා නොපැවසූහ. එනමුත්, අද ඉන්දියාවෙන් පිටත සිටින බොහෝ බෞද්ධයන් බුදුන් වහන්සේ දෙවියන් මෙන් සලකා, එතුමාගේ නමින් පිළිම අඹා, ඒවාට වැඳ පුද සත්කාර කරති.
වැඳුම් පිඳුම් කිරීමේ අරමුණ නිසිලෙස හඳුනා ගැනීමේ චේතනාව තුලින් අසත්‍ය ආගම් දෙස නෙත් යොමුකරන්නේ නම්, ඒවායේ අසත්‍යතාවය හොඳහැටි මනාව පැහැදිලිව පෙනෙන්නේය. එමෙන්ම ඒ ආගම්හි ස්වභාවික ආරම්භය කෙසේ විකෘති වීදැයි දැනගැනීමට ද හැක.
අල්ලාහ් මෙසේ පවසයි:
ඔහු (අල්ලාහ්) හැර ඔබ වැඳුම් පිඳුම් කරන සෑමයක්ම ඔබ හා ඔබගේ මුතුන් මිත්තන් විසින් තබාගත් නම් හැර වෙන කිසිවක් නැත. ඒවාහට අල්ලාහ් කිසිම බලයක් දී නැත. අල්ලාහ්ට හැර (අන් කිසිවෙකුට) බලයක් නැත. ඔහු හැර (අන් කිසිවෙකුට) ඔබ වැඳුම් පිඳුම් නොකළ යුතු බව (අල්ලාහ්) ඔහු (ඔබට) තදින්ම අණකර ඇත. සත්‍යවූ ආගම ද මෙයයි. නමුත්, මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් මෙය නොදනී˜ (අල්කුර්ආනය 12: 40).
ආගම් සියල්ල යහපත් දේ කියා දෙයි: උගන්වයි, එම නිසා එක ආගමක් පමණක් ඇදහිය යුතුයි යනුවෙන් පවසන්නේ ඇයි? යනුවෙන් කවරෙකු හෝ තර්කානුකුලව වාද කළ හැක. මෙයට විසඳුම නම්, සෑම ආගමක්ම මැවීම්වලට වැඳුම් පිඳුම් කිරීමේ පාපය උගන්වයි. මිනිසා කරන ඉතාමත් බලවත් පාපයක් වේ නම්, එය මැවීම්වලට වැඳුම් පිඳුම් කිරීමය. එසේ වැඳුම් පිඳුම් කිරීම මිනිසා අරමුණට ඉඳුරාම විරුද්ධ කාර්්‍යයකි. මිනිසා මවා ඇත්තේ අල්ලාහ්ට පමණක් අවනත වීමටය, කීකරු වීමටය, වැඳුම් පිඳුම් කිරීමටය. අල්ලාහ් ඉතාමත් පැහැදිලිව තම ශ.ද්ධ ග්‍රන්ථයේ මෙසේ පවසයි:
තවද, ජින් (වර්ගයා) හා මිනිස් (වර්ගයා) මාහට ඉබාදත් (සම්පූර්ණයෙන් අවනත වී, මාගේ අණ පිළිගෙන ජීවත්වීමට හා මාහට පමණක් වැඳුම් පිඳුම්) කිරීමට හැර මා මැවුයේ නැත˜. (අල්කුර්ආන් 51: 56).
පිළිමවලට වැඳුම් පිඳුම් කිරීමට තුඩුදෙන, මැවීම්වලට වන්දනය කිරීම වනාහි අල්ලාහ්ගේ සමාව නොලැබිය හැකි මහා පාප කි්‍රයාවකි. මෙම පාප කි්‍රයාවේ යෙදෙන්නා ඒ තත්ත්වය ඇත්තෙකුවම මරණයට පත්වේ නම්, ඔහුගේ මරණින් පසු වූ ජීවිතය කණගාටුදායක විය හැක. මෙය සාමාන්‍ය අදහසක් නොවේ. සර්වබලධාරි අල්ලාහ් තම ග්‍රන්ථයේ මේ ගැන විශේෂයෙන් පවසා ඇත.
අල්ලාහ් තමන් හා හවුල්කරුවන් ඇති කිරීමට (කිසිසේත්) සමාව නොදෙන්නේය. නමුත්, ඔහු මේ නොවන (පාප) කි්‍රයාවන් සඳහා තමන් කැමති අයට සමාව දෙයි˜ (4: 48, 116).
ඉස්ලාමයේ සාර්විකතාවය:
අසත්‍ය ආගම් ඇදහීමෙන් මිනිසා නොමඟ යන නිසා, අල්ලාහ්ගේ සත්‍ය ආගම් එනම් ඉස්ලාමය මුළු ලෝවැස්සන්ම අවබෝධ කරගැනීමත්, ඉනික්බිතිව එය තමන් සතු ආගමක් ලෙස පිළිපැදීමත් ඉතා වැදගත්ය. ඉස්ලාමය යම් සමාජයකට, රටකට, ස්ථානයකට හෝ කාලයකට පමණක් සීමා වු ආගමක් නොවේ. මෙය අදහන්නෙක් ස්වර්ගය ලබාගැනීම සඳහා ඥානස්නානය කිරීමක් හෝ තමන්ගේ ගැලවීම සඳහා යම් පුද්ගලයෙකුගේ උදව් උපකාර මත රැඳී සිටිය යුතුය යනු අදහසක් හෝ නැත. ඉස්ලාමයේ සාර්විකතාවය රඳා පවතින්නේ එහි වූ මූලික ප්‍රතිපත්තිය වූ අල්ලාහ්ට සම්පූර්ණයෙන් අවනත විය යුතුය යන්නෙහිය.
අල්ලාහ්ගේ ඒකත්වය, ඔහුගේ මැවීම් හා ඔහු අතර ඇති වෙනස්කම් යනාදිය මිනිසා කවදා හෝ දැනගෙන, ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වන්නේ නම් ඔහු කය හා ආත්මය දෙකෙන්ම මුස්ලිමෙක් වෙයි, ස්වර්ගය ලැබීමටද ඔහු සුදුස්සෙක් වෙයි. ඉතාමත් දුර බැහැර ප්‍රදේශයක අප්‍රසිද්ධව ජීවත්වන්නෙක් වූවත් ඕනෑම වේලාවක අල්ලාහ්ගේ මැවීම්වලට පුදපුජා කිරීමෙන් හෝ වැඳ වැටීමෙන් වැළකී අල්ලාහ්ට පමණක් අවනත වීමෙන් ඔහු මුස්ලිම් බැතිමතෙක් වේ.
තවත් වැදගත් කරුණක් නම් අල්ලාහ්ට අවනතවීම රඳාපවතින්නේ කෙනෙකුගේ හොඳ නරක දෙකෙන් එකක් තෝරා ගැනීමෙහි හා වගකීම්භාවයෙහිය. ඉස්ලාමයේ ගෙන දක්වා ඇති කරුණු අනුව නරකින් ඈත් වී හොඳ දේ තෝරා ගන්නා අල්ලාහ්ට අවනතවන්නෙකි.
මිනිසාගේ තේරීම්වලට ඔහුම වගකිවයුත්තා වේ. එම නිසා හැකිතරම් යහපත් කි්‍රයාවන්හි නියැලි සිටීමටත් අයහපතින් ඈත්වී සිටීමටත් වෑයම් කළ යුතුය. යහපත් කි්‍රයාව නම් අල්ලාහ්ට අවනත වී ඔහුට පමණක් වන්දනය කිරීමය. අයහපත් නින්දිත කි්‍රයාව නම් අල්ලාහ්ගේ වැවීම්වලට වැඳීම් හෝ අල්ලාහ්ටත් ඔහුගේ මැවීම්වලටත් වැඳීමය.
කුර්ආනයේ මේ බව සඳහන් වෙයි:
විශ්වාසවන්තයින්, යුදෙව්වරුන්, කි්‍රසිතියාණින් හෝ සාබිඊන්වරුන් අතුරෙන් කවරෙක් හෝ අල්ලාහ් සහ අවසන් දිනය විශ්වාසකරමින් යහපත් කි්‍රයා කරයිද ඔවුහු ඔවුන්ගේ ස්වාමීන් වෙතින් තමන්ට හිමි ත්‍යාගය ලබාගනු ඇත. ඔහු වෙත බිය, ශෝකය හෝ දුක් කම්කටොළු නොපැමිණෙනු ඇත˜ (අල්කුර්ආන් 2: 62).
තවද ඔවුන් තව්රාත්, ඉන්ජීල් හා දෙවියන් විසින් අනාවරණය කළා වු සියල්ලක්ම පිළිගෙන ස්ථීරව සිටියේ නම් ඔවුන්ට සෑම පැත්තකින්ම සතුට භුක්ති විඳීමට ලැඛෙන්නට ඇත. ඔවුන්ගෙන් සමහරෙක් පමණක් සත්‍ය මාර්ගයේ වූ සමාජයක් ලෙස සිටියවුන් වන්නේ නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වැරදි කි්‍රයාවන්හි යෙදෙන්නෝ වෙති˜ (අල්කුර්ආන් 5: 66).
අල්ලාහ් හඳුනාගැනීම
මෙහි නැගෙන තවත් ප්‍රශ්ණයක් ඇත. එනම් නොයෙකුත් සමාජීය, සංස්කෘතික පරිසරයන්හි ජීවත්වන සෑම මිනිසෙක්ම අල්ලාහ් කෙරේ විශ්වාසය තැබිය යුතුය යන්න කෙසේ බලාපොරොත්තු වෙමුද? යනු එම ප්‍රශ්ණය වේ. අල්ලාහ්ට අවනත වී වැඳුම් පිඳුම් කිරීමේ වගකීම මිනිසුන් වෙත පවරා තිබේ නම් ඒ සඳහා අල්ලාහ් ගැන දැනැගැනීමේ මගක් තිබීම අවශ්‍ය නේද?
අල්ලාහ් එවැනි දැනීමක් ලබාගැනීමෙහිලා මිනිසා අනාථයෙක් බවට පත් කළේ නැත. මුළු මිනිස් වර්ගයාම අල්ලාහ් හඳුනා ගැනීමේ ශක්තිය ස්වාභාවිකව මිනිසාගේම කොටසක් වන ආත්මයෙහි එකඟවී ඇත. අවසාන පොත වන අල්කුර්ආනයද මෙය පවසයි.
කුර්ආනයේ අල් අඃරාෆ් සුරාවේ 172, 173 ශ.ද්ධ වාක්‍යයන්හි, ආදම් (අලෙයි) නබිතුමා මැවූ විට, එතුමාගේ අනාගත පැවත එන්නන් එක්රැස්කොට අල්ලාහ් මෙසේ විමසූ බව කියවේ.
—මම ඔබ (සැවොම) ගේ දෙවියන් නේද?˜ එවිට ඔවුන් —එසේමය (ඔබ අපේ දෙවියන් බව) අපි සාක‍ෂි දරමු.˜ කියා සිටියෝය. මේ අන්දමේ පොරොන්දුවක් ආරම්භයේදීම අල්ලාහ් විසින් ඔවුන් ගෙන් ලබාගෙන ඇත.
ඉනික්බිතිව, —තමන්මය ලොව නිර්මාතෘවරයා, තමන්ට පමණය වැඳුම් පිඳුම් කළ යුත්තේ˜ යනුවෙන් පොරොන්දුවක් ගත්තේ ඇයිදැයි අල්ලාහ් මෙසේ කියයි.
සමහර විට ඔබ (මිනිස් වර්ගයා) මරණින් පසු නැවත නැගිට වූ විට, —ඇත්තේනම අපි මේ ගැන කිසිවක් නොදනිමු˜ කියන්න පුළුවන් හෙයින්ය. ඒ කියන්නේ —අල්ලාහ් අපගේ දෙවියන් බව නොදනිමු, ඔහුට පමණක් නැමදිය යුතු බව අපිට කිසිවෙක් කීවේ නැත˜ යනු තර්ක කරන්න පුළුවන් නිසාය, ඉහත සඳහන් පොරොන්දුව ගනු ලැබුවේ.
තවත් අල්ලාහ් මෙසේ විස්තර කරයි:
—ඔබ කියන්න පුළුවනි, —නිසැකවම අපගේ මුතුන් මිත්තන්ය (අල්ලාහ්ට) කොටස්කරුවන් ඇති කළේ. අපි ඔවුන්ගෙන් පැවත එන්නෝ වෙමු. (අපගේ මුතුන් මිත්තන්) කළ වැරදි සඳහා අපව විනාශ කරන්නේද?˜
අල්ලාහ් මෙසේ විස්තර කිරීමෙන් පෙනීයන්නේ උපත ලබන සෑම දරුවෙක්ම අල්ලාහ් ගැනවූ ස්වභාවික විශ්වාසය ඇතිව ඉපදෙන බවය. එමෙන්ම අල්ලාහ්ට පමණක් නැමදීමේ ආශාවක්ද ස්වභාවයෙන්ම ඔහු තුල පැවතෙන බව නිසැකය. එයට අරාබි භාෂාවෙන් —ෆිත්රාහ්˜ යනු කියනු ලැබේ.
එම දරුවා තනියම තබා අපි ඉවත්වී සිටින්නේ නම්, ඔහුගේ වැටහීම අනූව අල්ලාහ්ට වන්දනය කරයි. නමුත්, ඔවුන් වෙනස්වන්නේ ඔවුන්ගේ පරිසරයේ පෙනෙන නොපෙනෙන දේ අනූවය. අල්ලාහ් විසින් පවසනු ලැබූ බව මුහම්මද් (සල්) තුමා මෙසේ සඳහන් කරයි:

මම මගේ දාසයන් සත්‍ය ආගමෙහි මැවුයෙමි: නමුත් දුෂ්ඨයන් ඔවුන් නොමග යැවීය.˜ මුහම්මද් (සල්) තුමා මෙසේද කීසේක: සෑම දරුවෙක්ම —ෆිත්රාහ්˜ නමැති තත්වයේ උපත ලබයි. ඉනික්බිතිව (ඔවුන්ගේ) දෙමාපියෝ ඔහුව යුදෙව්වෙක්, කි්‍රස්තියාණියෙක් හෝ සොරෝස්තරයෙක් කරන්නේය.˜ (බුහාරි, මුස්ලිම් ග්‍රන්ථ ඇසුරෙනි).
අල්ලාහ් විසින් ඇතිකරන ලද ස්වාභාවික වූ බාහිර නීතීන් අනූව දරුවා තම දෙවියන්ට අවනත වන්නාසේම, ඔහුගේ ආත්මයද ස්වාභාවිකවම තමාගේ දෙවියන්ට අවනත වන්නේය. මෙය ස්වාභාවිකවම කෙරෙන දෙයකි. නමුත්, ඔහුගේ දෙමාපියෝ ඔවුන්ගේ අඩිපාරේ, ඇදහිලි ක්‍රම අනූව ගෙනයෑමට ප්‍රයත්න දරති. එවිට, එයට විරුද්ධවීමට තරම් ශක්තියක් එම දරුවාගේ ආරම්භ කාලයේ නොමැතිකම නිසා තම දෙමාපියන්ගේ අඩිපාරේ ගමන් කරන්නට හැකිය. එම අවධියේ ඒ දරුවා පිළිපදින ආගම නම් යම් යම් සිරිත් විරින් වලින් යුත්තකි. මේ ගැන ඔහු අල්ලාහ්ට වගකිවයුත්තෙක් නොවන්නාසේම, ඔහුට (දරුවාට) ද~ුවම්ද නොපමුණුවනුවයි.
මෙනමුදු, මිනිසාගේ කුඩා අවදියේ සිට මරණය දක්වා වූ සම්පූර්ණ කාලය තුලම සත්‍ය දෙවිකෙනෙක් (අල්ලාහ්) සිටින බව කියන සාක‍ෂි ලොව අස්සක් මුල්ලක් නොහැර සෑම තැනකම පෙනෙන්නට ඇත. ඔහුගේ ආත්මයද එයට සාක‍ෂි දරන්නේය.
එනිසා, මිනිස් වර්ගයා අවංකව සිතාමතා කි්‍රයා කරන්නේ නම් අසත්‍ය දෙවිවරුන් සම්පූර්ණයෙන් හෙළා දකින අතර සත්‍ය දෙවියන් වූ අල්ලාහ් නොපසුබටව පිළිගනි. ඒ සඳහා වූ මාර්ගය ඔවුනට විවෘතව ඇත. නමුත් සැමවිටම, නිරන්තරයෙන්ම ඔවුන් අල්ලාහ්ගේ පැවැත්ම කියාපාන නිදසුන් නොතකා ඔහුගේ මැවීම්වලට ප්‍රමුඛ ස්ථානයක් දී වැඳුම් පිඳුම් කරන්නේ නම්, එයින් වන්නාවූ විපාකවලින් බේරීම ඉතාමත් දුෂ්කර වන්නේය.
එක් උදාහරණයක්:
දකුණු ඇමෙරිකාවෙහි, බ්‍රසීලයේ ඇති ඇමසෝන් මහා වනාන්තරයේ ගිණිකොන දෙසින් පිහිටි ස්ථානයක ජීවත්වන පුරාණ ගෝත්‍රිකයින්, ඔවුන් වැඳුම් පිඳුම් කරන ප්‍රධාන පිළිමය වූ —ස්ක්වට්ච්˜ :ීනඅ්එජය- පිළිමය තැබීම සඳහා කුඩා ගොඩනැගිල්ලක් තැනූහ. එම පිළිමය වනාහි ලොව ඇති සියල්ල මැවූ ශ්‍රේෂ්ඨතම දෙවියන් නියෝජනය කරන්නක් බව එම ගෝත්‍රිකයින්ගේ විශ්වාසය වේ. පසු දිනෙක එක් තරුණයෙක් එම පිළිමයට තමාගේ ගෞරවය පිරිනමා පුදපුජා කිරීමට පැමිණියේය. ඔහු තමාගේ මැවුම්කාරයා හා ආරක‍ෂකයා ලෙස තදබල විශ්වාසයක් ඇතිව එම පිළිමය පාමුල වැඳවැටී සිටින කල්හි වයස්ගතවූ, මැක්කන් වසාගත් කුෂ්ඨ රෝගී බල්ලෙක් එම ගොඩනැගිල්ලට ඇතුළු විය. එම තරුණයා තම හිස ඔසවනවාත් සමගම දුටුවේ බල්ලා පිටුපස කකුළක් ඔසවා එම පිළිමයේ තවත් පැත්තක මුත්‍රා කිරීමය. මෙම කැත කි්‍රයාව දුටු විගස ඔහු කෝපයට පත්වී බල්ලා එළවා දැම්මේය. නමුත් ඔහුගේ කෝපය ටිකින් ටික අඩුවී සාමාන්‍ය තත්ත්වයකට පැමුණුනු විට ඔහු කල්පනා කරන්නට විය. —එම බල්ලා කළ කැත කි්‍රයාව වළක්වාලීමට තරම් ශක්තියක් නොමැති, අහිංසක මෙම පිළමය කෙසේ මගේ දෙවියන් වේද? විශ්වයේ අධිපති වේද? යනු ඔහුගේ සිත අවුල් විය. දැන් ඔහුට වැටහුනේය. (දෙවියන්) අල්ලාහ් වෙන කොහේ සිටිනු ඇත. මෙය ගලෙන් තැනුනු පිළිමයක් පමණි.
ඔහු දැන් දෙවිදිහකින් කි්‍රයාකරන්න පුළුවන. එකක්: ඔහු නියම දෙවියන් (අල්ලාහ්) ගැන සොයාබලා ඔහු වෙත සම්පූර්ණ විශ්වාසය තබා අවනතවීම, අනෙක: තමාගේ සිතට විරුද්ධව හා අවංකභාවයෙන් තොරව ඔහු තමාගේ ගෝත්‍රිකයින්ගේ අසත්‍ය විශ්වාසය අනූව ගමන් කිරීම. ඇත්තෙන්ම, ඔහු එම ගොඩනැගිල්ල තුල දුටුදේ අල්ලාහ් විසින් ඔහුට දෙනු ලැබු විශේෂ සංඥාවකි. මෙම සංඥවෙන් ඔහුගේ නැමදීම වැරදි බව පෙන්වා දී ඇත.
මෙහි කී පරිදි, සෑම සමාජයකටම, ගෝත්‍රයකටම, ප්‍රදේශයකටම ශාස්තෘවරුන් එවා ඇත. එම උතුම් අනාගත ශාස්තෘවරු අල්ලාහ් කෙරෙහි මිනිසා තුල පවත්නා ස්වාභාවික විශ්වාසය වැඩි දියුණු කර ගැනීමට අනුබල දුන්නා පමණක් නොව මිනිසා තුල රැඳී පවත්නා අල්ලාහ්ට පමණක් නැමදීමේ කැමැත්තද ඉටු වීමට අල්ලාහ් විසින් අනාවරණය කරන ලද උපදේශයන් ද ගෙන දැක්වූහ. කෙසේ වෙතත්, බොහෝ ශාස්තෘවරුන් ඉගැන්වීම් විකෘති කරන ලදුව, හොඳ නරක දේ පෙන්නුම් කරන කොටස් පමණක් ඉතිරිකර ඇත.
තව්රාත්හි දසපනත, ඒවා තහවුරු කරන බයිබලයේ නව ගිවිසුම, නොයෙක් සමාජයන්හි, මිනිස් ඝාතනය, සොරකම් කිරීම, කාමය වරදවා හැසිරීම යන පාප කි්‍රයාවන්ට පවතින නීති පද්ධතිය යන කරුණු විකෘත වූ ඉගැන්වීම් සඳහා උදාහරණ වේ.
ඉස්ලාමයේ විකෘති කිරීමක් නැත. එය අල්ලාහ් විසින් දෙනු ලැබු ඒ ආකාරයෙන්ම අදත් පවතී. මෙවැනි හේතුන් නිසා අල්ලාහ් කෙරේ සම්පූර්ණ වූ විශ්වාසයක් තැබීම, ඔහුට මුළුමනින්ම අවනතවීම, ඔහුගේ ආගම වන ඉස්ලාමය පිළිගෙන ඒ අනූව ජීවත්වීම යනාදිය ගැන මිනිසා අල්ලාහ්ට වගකිව යුත්තේය.
විශ්වයාධිපති, අල්ලාහ් ඉතාමත් කාරුණිකය. ඔහුගේ දයාව, අනුකම්පාව හා ආශිර්වාදය පතමු. ඔහු විසින් පෙන්වනු ලැබූ නිවැරදි මාර්ගයේ සදාකල් ගමන් කිරීමට උදව්වන මෙන් ප්‍රාර්ථනා කරමු. තවද, ප්‍රශංසාව හා කෘතඥතාවය ඔහුටම හිමිය. සමාදානය හා ආශිර්වාදය මුහම්මද් (සල්) නබිතුමාණන්ටත් එතුමාගෙන් පැවත එන්නන්, මිත්‍රයන් හා එතුමාගේ අඩිපාරේ ගමන් කරන අනුගාමිකයින්ටත් අත්වේවායි පතමු.

කතෘ:අබූ අමීනාහ් බිලාල් ෆිලිප්ස්
පරිවර්තනය:එස්. ඇම්. මන්සූර්