Tag Archives: ශ්‍රි ල0කාව

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-කථා කිරීමේ අයිතිය

කාන්තාවන්ට අහිමි වී තිබුන අයිිතිවාසිකම් සියල්ල නැවත ඉස්ලාමය විසින් ලබාදී තිබියදීත් වර්තමානයේ සමහර අවස්ථාවලදී ඇයට කථා කිරීමේ අයිතිය අහිමි වෙයි.

ඉස්ලාමයේ අඩංගු නැති දෑ පිළිගන්නා අතර අපේ සමාජය, ඉස්ලාමය අනුමත කළ දේවල්ද නොගැලපෙන දේවල් හැටියටද ප්‍රකාශ කරති. ගැහැණුන් තම කටහඩ අන්‍ය පිරිමින්ට ඇසෙන ලෙස කථා නොකළ යුතුය. ගැහැණුන්ගේ කටහඩ ද අවුරත් (වැසිය යුතු) අංගයකි. එහෙයින් ඔවුන් ආගමික ප්‍රචාරක කටයුතුවල නොයෙදිය යුතු යැයි සමහර ආගමික උගතුන් වැරදි විග්‍රහයක යෙදෙති. ගැහැණු කටහඩ අවුරත් (වැසිය යුතු) අංගයක් ලෙස දේව වාක්‍යවල හෝ පිළිගත් නබි වදන්වල සඳහන්වී නොමැත. (අදාල සාධක නොමැත).

උත්තරීතර අල්ලාහ් ශ.ද්ධ කුර්ආනයේ —නබිවරයාගේ භාර්‍යාවනි, නුඹලා අනෙක් කාන්තාවන් මෙන් නොවේ. නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වන්නේ නම් (අන්‍ය පිරිමින් සිත් ඇඳගන්නා අයුරින්) මුකුලූ පාමින් කතා නොකරන්න.˜ (අල්-කුර්ආන් 33:32) යනුවෙන් නබිතුමාගේ භාර්යාවන්ට කීවත් දේව බිය ඇති හැම කාන්තාවකටම මෙම කියමන පොදුය.

මෙහිදී අන්‍ය පිරිමින්ගේ සිත් ඇඳගන්නා මිහිරි හඩකින් කථා කිරීම නොකළ යුතු බව කියා ඇතිමුත් අවශ්‍ය දේ අවශ්‍ය පරිදි තමන්ට පුරුදු උස් හඩින් කථා කිරීම ප්‍රතික්ෂේප කර නැත. මෙසේ අන්‍ය පිරිමින්ට ඇසෙන පරිදි උස් හඩින් කථා කිරීම නරක නම් දෙවියන් විසින් පළමුවෙන් නබිතුමාට තහනමක් පනවන්නට ඇත. නමුත් විශාල වශයෙන් කාන්තාවන් නබිතුමා ඉදිරියට විත් කරුණු වටහා ගත්හ.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් ජීවතුන් අතර සිටියදීම, නබිතුමාගේ භාර්‍යාවන්ගෙන් නබිතුමාගේ අනුගාමිකයෝ නබි චරිතය හා නබි වදන් පිළිබඳව අසා දැනුම ලබා ගත්හ. නබිවදන් විශාල සංඛ්‍යාවක් රැස්කරගෙන ඇත්තේ නබි තුමාගේ භාර්යාවන් හා සහාබි(අනුගාමික)කාන්තාවන් මාර්ගයෙන්ය. අද ඇතැම් අය ප්‍රකාශ කරන අයුරින් එදා කාන්තාවන් අන්‍ය පිරිමින් සමග කථා නොකර සිටියා නම්, අද අපට ඉස්ලාම් ආගමේ සත්‍ය තොරතුරු බොහෝමයක් නොලැබී යාමට ඉඩ තිබිණ. කාන්තාවන් අන්‍ය පිරිමින්ට ඇසෙන අයුරින් කථා කළ හැකිය යන්න පහත සඳහන් පුවතින් තහවුරු වන්නේය.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මිතුරන් වන අපට යම් නබි වදනක් ගැන (හදීස්) සැකයක් ඇතිවූ විට, ආයිෂා(රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසන්නෙමු. ඇය කරුණු පහදා දී අපේ සැකය දුරු කළාය. එයට අවශ්‍ය දැනුම හා ඥානය ඇය සතුව තිබිණ.˜ (වාර්තාකරු: අබූ මූසා(රළියල්ලාහු අන්හු), මූලාශ්‍රය: තිර්මිදි).

කට හඩ (වැසිය යුතු) අවුරත් යැයි තර්ක කරන අය ප්‍රචාරය තහනම් කිරීම සඳහා තවත් කරුණක් ඉදිරිපත් කරති. ආගම ප්‍රචාරය කිරීම සඳහා අවශ්‍ය තරම් පිරිමි උගතුන් සිටියදී මේ කාර්්‍යය කාන්තාවන් කළ යුතුමද? යැයි ප්‍රශ්න කරති. ආගම ප්‍රචාරය කිරීමේ වගකීම දෙවියන් විසින් පිරිමින්ට පමණක් භාරදී නොමැත. ගැහැණු පිරිමි දෙපාර්ශවයටම මෙම වගකීම පවරා ඇත. මෙයට සාක්ෂි වශයෙන් පහත සඳහන් දේව වාක්‍යය ඉදිරිපත් කළ හැක.

—විශ්වාස වන්ත කාන්තාවන්ද විශ්වාස වන්ත පිරිමින්ද ඔවුනොවුන් කළ්‍යාණ මිත්‍රයින්ය. ඔවූහු යහපත් දේ කියා දෙති. අයහපත් දෙයින් වළක්වාලති. තවද ඔවූහු සලාතය ඉටුකර සකාත් (බද්ද)ද ඉටු කරති. ඔවූහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනතව කටයුතු කරති. මෙවන් අයට අල්ලාහ් කරුණාව දක්වන්නේය.˜ (අල්-කුර්ආන් 9:71)

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්රු (රලියල්ලාහු අන්හු) තුමා දන්වන හදීසයක් බුහාරි ග්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි. —මා ගැන ඔබලා දන්නා එක් කරුණක් වූවත් ඒ ගැන ජනතාව දැනුවත් කරන්නැ˜යි කාන්තාවන් හා පිරිමින් රැස්වී සිටි අවස්ථාවක ප්‍රකාශ කළහ.

ඉහත සඳහන් කුර්ආන් පාඨ හා නබි වදන් තුලින්, ආගමික දැනුම අන් අයට කියාදී ආගමික දැනුම ප්‍රචාරය කිරීම විශ්වාසවන්ත කාන්තාවන්ට හා පිරිමින්ට පැවරුණු විශාල වගකීමක් බව තේරුම් ගත හැක. තම නියෝගයට අවනතවීම පිළිබඳ දෙවියන් මෙසේ ප්‍රකාශ කරයි.

—අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් විසින් යම් නියෝගයක් පැනවූ විට ඒ ගැන වෙනස්වූ අදහසක් ඉදිරිපත් කිරීමට විශ්වාස වන්තවූ කිසිම කාන්තාවකට හෝ පිරිමියකුට අයිතියක් නොමැත. කවුරු හෝ මෙයට විරුද්ධ වන්නේ නම්, සත්‍ය වශයෙන්ම ඔවූහු ප්‍රකට නොමෙඟහිය.˜ (අල්-කුර්ආන් 33: 36)

දෙවියන් හා දේව දූතයාණන් විසින් ආගම ප්‍රචාරය කිරීමේ අයිතිය හා වගකීම ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පවරා තිබියදී, ගැහැණුන්ට කථා කිරීමේ අයිතියක් නැතැයි වාද කිරීම දේව අණට පිටුපෑමක් වන්නේය.

ශ්‍රී ලාංකීය සමාජය තුල වැඳුම් පිදුම් හා විවිධ ඇදහිලි ක්‍රම

මිනිස් වර්ගයාගේ මෙලොව සම්භවයේ පටන් ඔහු විවිධ වූ විශ්වාසයන් මත පදනම්ව ජීවත්වීමට පුරැදු පුහුණු විය. එසේ ආරම්භයේ සිටම තම ජීවිතයේ අංගයක් කොටගත් මේ සිරිත අදටත් අත්නොහර පැවත එනු ලැබේ. ඒ අනුව දහමක්, දර්ශනයක්, ඇදහිල්ලක් පිලිපදින්නේ නැති පිරිස් දැකීම ලොව දුලබ දසුනකි. ආගමක්‌ දර්ශනයක් පිලි නොපැද්දත් විවිධ වූ ඇදහිලි අදහන පිරිස් ලෝකයේ දක්නට ලැබේ. මෙහි වැදගත්ම කාරණය වන්නේ මෙවැනි පිරිස් ලාංකීය සමාජයේත් ජීවත්වීමයි. අද අප මෙහිදී කථා කරන්නේ මෙම කාරණය එනම්, ලාංකීය සමාජය තුල පවතින් ප්‍රධාන ආගම්වලට අමතරව පවතින විවිධ වූ ඇදහිලි පිලිබදවයි. මනුෂ්‍යයන් වශයෙන් නිදහසේ සිතන්නට සහ තීරණයක්‌ ගන්නට කිසිදු බාධාවක් නැත. ඒ අනුව කාලයත් තම බුද්ධියට අනූකූලවත් ඔහුට තම ආගම හෝ ඇදහිල්ල තීරණය කර ගන්න හැකිය. එය මානවයාට නීතියානුකූලවද ලබා දී ඇති අයිතිවාසිකමකි. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ 32 වන වගන්තියට අනුව,

‘‘යමකුට තමන් කැමැති ඕනෑම ආගමක්‌ ඇදහීමට, වතාවත් කිරීමට, විශ්වාස කිරීමට, ප්‍රකාශ කිරීමට,දේශනා කිරීමට හෝ ප්‍රචාරය කිරීමට අයිතියක්‌ ඇත.‘‘

මෙසේ නීතියානුකූල අයිතිය හිමි වූ පමණින් අන් අයට බාධා වන අයුරින් එහි ක්‍රියා නොකල යුතුය. එසේම කිසිවකු කිසිදු ආගමක් දර්ශනයක් පිලිගෙන තමන් දරණ මතයෙන් ඉවත් වන්නට සිතන්නේ නම් ඔහුට ඉහත අයිතීන් සියල්ල ඒ ආකාරයටම හිමිවිය යුතුය. විවිධ ආගම් ඇදහූ දෙමාපියන්ට දාව උපන් දරුවෝ වැඩිවියට පැමිණි පසු තම දෙමාපියන්ගේ ආගම පසෙකලා තමාට කැමති ධර්මය වෙත හැරුණු අවස්‌ථා කොතෙකුත් ඇත. මේ සියල්ල හරි එසේත් නැත්නම් වැරදි යන තීන්දුව දීමට අප ඉක්මන් නොවෙමු. එය මෙම මාතෘකාව තුලට අදාල ද නොවේ. නමුත් අපි අදහන දේ පමණක්‌ හරිය කියා අනුන්ගේ පෞද්ගලිකත්වයට අත ගසා එයට විරුද්ධවීමට අපට අයිතියක්‌ නැත. ඔහු හෝ ඇය අන්ධව විනාශයට ඇදීයන අන්දම අපට බලා සතුටු විය නොහැක. අප සිතන්නේ ඒ ඒ ආගම් හා දර්ශනයන් පිලිගන්නට ඔවුනට අයිතිය තිබෙනවා සේම එහි දකින හොද නරක පිලිබදව කථා කිරීමේ නිදහස ද සමාජයක පැවතිය යුතු යන්නයි. එසේ පැවතීම තුල සමාජයට මේ ඇදහිලි හා විශාවසයන් පිලිබදව අවබෝධයක් ලබාගැනීමට හැකි වනු ඇත. එම යහපත් වූ අරමුණ පෙරදැරිව අද ලාංකීය සමාජයේ ප්‍රසිද්ධියේ සහා අප්‍රසිද්ධියේ සිදුවන විවිධ ආගම් සහ ඇදහිලි ක්‍රම පිලිබදව දැන් අවධානය යොමු කරමු.


අද ලාංකීය බොහෝ පිරිස් බුද්ධාගම, ක්‍රිස්‌තියානි ආගම, ඉස්‌ලාම් හා හින්දු ධර්මය හැරුණු විට වෙනත් කිසිදු දහමක් හෝ දර්ශනයක් පිලිබදව නොදනී. ඒ ප්‍රධාන ආගම් හතරට අමතරව තව බොහෝ ආගම් හා ඇදහිලි අප අවට පවතී.

  • ගස්‌ ගල් වැඳීම ආදී මිනිසාගේ පටන් පැවත එන වන්දනා ක්‍රමයකි.

  • ඉර හඳ තරුවලටද වැඳුම් පිදුම් කරන අය තාමත් අප සමාජයේ සිටිති.

  • තමාට වඩා විශාල ගල් කුලක්‌ හෝ පර්වතයක්‌ දුටු කළ එසේත් නැත්නම් සශ්‍රරීක කන්දක්‌ ගිරි ශිඛරයක්‌ දකින කල ගල් යුගයේ මිනිසා එය මහ බලවන්තයකු යෑයි සිතා එයට වන්දනාමාන කරන පිරිස් ද සිටී.

  • ආලෝකය දෙන සූර්යයා සෞම්‍ය ගෙන දෙන චන්ද්‍රයා දැක ඒවා දෙවිවරුන් යෑයි සිතාවන්දනා කරන පිරිස් ද අප අතර අදටත් සිටී.

  • කලා රසාස්‌වාදයෙන් අනූන ඕනෑම දෙයක්‌ දෙස වෙනස්‌ ආකාරයෙන් බැලිය හැකි නිර්මාණශීලී කලාකරුවන් විසින් දෙන අලංකරණ නිසාද සමහර චලන වස්‌තුවලට දේවත්වයක්‌ ලැබිණි. හිරු දෙවියෝ, සඳ දෙවියෝ, වැස්‌ස වලාහක දෙවියෝ, අහස්‌ දෙවියෝ, සුළං දෙවියෝ වැන්නවුන් බිහි වීම එහි ප්‍රතිඵලයක් වන අතර මෙයත් අප අතර අදටත් පවතී.

  • ග්‍රීක පුරාණයේද සියුස්,‌ වීනස්‌, ඇපලෝ වැනි දේව චරිත තුලින් අද අපට දායා ද වු ගස්‌වල වැඩ සිටින රුක්‌ දෙවිවරු හා සමහරු රූස්‌ස ගස්‌වලට වන්දනාමාන කරන්නේ ඒ ගහේ වැඩ සිටින දෙවි දේවතාවන් වැදුම් පිදුම් කරන පිරිස් ද අප අතර සිටී.

ඉහත සදහන් ආකාරයේ විශ්වාසයන් හා ඇදහිලි වන ගස්‌ ගල් වන්දනා කරමින් ඒවාට පුද පූජා පවත්වමින් කාලය කා දමනවාට අමතරව සාත්තර කීම, පේන බැලීම, නැකැත් කේන්දර බැලීම, පොල් ගැසීම ගුරුකම් තේවාවන් කිරීම වැනි දේ කරන ස්ථාන ද ලාංකීය සමාජය තුල සුලබ දසුනකි. මේවා ඉහත සදහන් ප්‍රධාන ආගමික ස්ථානවල සිදුවීම සුවිශේෂි කාරණයකි. අද සමාජයේ පන්සල්වල හා කොවිල්වල දේවාල කුටි ඉදිකොට එම ආගම්වල ආශිර්වාද ඇතුව මේවා සිදුවේ. මීට අමතරව සමහරක් දේවාලවල එනම් කතරගමට මුන්නේස්‌වරමට හෝ වැල්ලවත්තේ වේල් පලට ගියොත් ඔබ දකින සිරුරට කටු ගසා ගැනීමේ කොකු වලින් එල්ලෙමින් හරෝහරා කියමින් කරන දේව නමස්‌කාර ඇඟ කිළි පොලා යන්නකි. සමහරු කියන්නේ එවැනි පුද පූජා පිළිගන්නට දෙවියන් කැමතිවේවිද? යනුවෙනි.

ඉහත ආකාරයට ප්‍රසිද්ධියේ කරනු ලබන විවිධ ඇදහිලිවලට අමතරව අප්‍රසිද්ධියේ කරනු ලබන ඇදහිලි කිහිපයක් ද ලාංකීය සමාජයේ දක්නට ඇත. මේවා පිලිබදව නිසි හෙලිදරව්වක් බොහෝ විට සිදු නොවන අතර මෙවන් පිරිස ගැන ගවේශණයක් සිදුකොට 2009 ඔක්තොම්බර් මස 18 දින දිවයින පුවත්පතට මිත්‍ර ශ්‍රී කරැණාසේන තම අත්දැකීම් ඉදිරිපත් කල ලිපිය මෙහි දී සාරාංශ කොට ඉදිරිපත් කරමි.

‘‘……………..සමහරු හිස මුඩු කරගෙනය. තවත් අය ඇඟේ විකාර කරගෙනය. සමහරු ගින්දරට වඳිති.තවත් අය ඇඳුම් නැතිව හෙළුවෙන් පාරේ ඇවිදිති. එසේ ඇඳුම් නැතිව ඉන්නේ නිගන්ඨයන්ය. එතරම් බහුල නොවුණත් අදටත් ඉන්දියාවේ ශ්‍රී මහ බෝධිය පසුපස කලාපයේ මේ නිගන්ඨයන් නිර්වස්‌ත්‍රයෙන් තම ආගමික වතාවත් වල නිරත වෙනු එහි යන අයෙකුට දකින්නට හැක. භාරතීය ජෛන ආගමක්‌ නොවුණද ඇඟේ නූල්පොටක්‌වත් නැතිව වනගතව සොබාදහම වඳිමින් එයට නමස්‌කාර කරමින් ගීත ගයමින් සිටින තවත් නිර්වස්‌ත්‍ර ගෑනු පිරිමි පිරිසක්‌ මේ ලෝකයේ සිටිති. අප රටටත් ඉතා සුළු ලෙස ඒ අයගේ සාමාජිකයන් පැමිණෙන්නේය. සමහරු සංචාරක කාලයට මෙරටට පැමිණ කුඩා කණ්‌ඩායම් සමග වන වැදී තම වන්දනාව කරති. නිරුවතින් සිටියද ඔවුන් අතර ලිංගික ක්‍රියාවන් සිදුවන්නේ නැත. එසේම කෘතිම දේවල් හෝ පරිසරයට හානිකර දේවල් භාවිතා කරන්නේ නැත.

දිනක් මා කතරගම වැඩහිටි කන්දේ සිට ගෝතම ගමට ආ මාතර සාමි සමග කිරි වෙහෙර පිටුපස හද්ද කැලේ කෙටි අඳනයකින් පමණක්‌ සැරසී භාවනායෝගිව සිටිද්දී මෙවැනිකණ්‌ඩායමක්‌ හමුවිය. ඔවුන් වැඩිදෙනා ජර්මන් ජාතික අයය. එම පිරිසේ නායකත්වය දැරුවේ ස්‌ටෙලා නම් රූමත් හොඳ උසමහත කාන්තාවකි. මැදි වයස ඉක්‌මවූ ඉතාලියානු ජාතික වයලීන් වාදිකාවක්‌ද එදා ඒ කණ්‌ඩායමට ඇතුලත්ව සිටියාය. කැලේ මැද අහම්බෙන් හමුවූ ස්‌ටෙලාගේ නායකත්වය යටතේ අප තිදෙනාටද දින තුනක්‌ මහ වන මැද ඔවුන්ගේ ව්‍යවස්ථාවට අනුව ඊට කීකරුව සොබාදහමට ගරු කරමින් ගිටාර් වයමින් පලතුරු එළවළු කමින් පිරිසිදු ජලය පමණක්‌ පානය කරමින් සිටින්නට සිදුවිය. එකල අවිවාහක තරුණයන්ව සිටි මාත් ප්‍රදීප් නම් මිතුරාත් මෙය අමාරුවෙන් ඉවසා වැදෑරුවත් අප සමග සිටි වයෝවෘධ සාමි නම් කළේ තම ඇස්‌ රෙදි කඩකින් වසා ගෙන හැම තප්පරේම ස්‌ත්‍රෝත්‍ර ගායනා කිරීමයි. මෙම පිරිස ලබ්ධියක්‌ හෝ ගුප්ත ඇදහිලිවන්තයන්ගේ කණ්‌ඩායමකි. මේ අය උපන් සැටියෙන් සැමදාම සිටින්නේ නැත. ඔවුන් ඒ සඳහා නිවාඩු ලබා ගෙන මහත් භක්‌තියෙන් ඒවා කරති. මැවිල්ල අගය කිරීම මෙම උප සංස්‌කෘතියේ අරමුණු වෙයි.

දේව දරුවෝ නම් වූ තවත් ලබ්ධියක්‌ ලොව පුරා ක්‍රියාත්මක වෙයි.

මෙය ලංකාව තුලද ඉතා රහසින් කුඩා පරිමාණයෙන් පැවැත්වෙන බව අපට සැලවිය.

උන්ගේ ඇදහිලික්‍රමය වන්නේද නිරුවතින් එක්‌ කාන්තාවක්‌ නමස්‌කාර කිරීමයි. මෙහිදී සමහර විට බහු ලිංගික කාර්යයන් වන බවද අපට ආරංචි විය. මගේ සහායකයකුව සිටි රත්ගම සුරේෂ් මල්ලීත් සමග මා වරක්‌ වෙස්‌ වලාගෙන ගාලු මුවදොර අසල පිහිටි හොඳින් දොරගුළු දමා වසන ලද සුවිසල් ශාලාවකට රිංගන්නට තැත් කළේ මේ වන්දනාව ගැන හොඳින් විමර්ශනය කරන්නටයි. අපට ඇතූළට යැමට කිසිසේත්ම ඉඩ නොලැබුණත් අමාරුවෙන් කුඩා කවුළුවකින් ඇතුළේ වුණ ජුගුප්සාජනක දේවල ඡායාවන් දැක ගන්නට ලැබිණි. ඉන් පසු එම ස්‌ථානයේ කිසිම දිනක ඒ වන්දනාව පැවැත්වූයේ නැත. ඔවුන්ට අප ගැන ඉව වැටී තිබුන අතර විශාල මුදලකට කුලියට ගෙන තිබූ එම ශාලාවද හැර දමා ගොස්‌ තිබිණි. කාලෙන් කාලෙට ලෝකෙට එන විවිධ ඇදහිලි ක්‍රම අප රටේ අයද ආදරයෙන් වැළඳ ගන්නට පසුබට නොවෙත්. බොහෝ අය මේවායින් බලාපොරොත්තු වන්නේ ධනවත්වීම,සෞභාග්‍ය සහ මිල මුදල් වැනි භෞතික දේවල්ය.

ළඟ තබා ගත් විට මුදල් ලැබෙන බව පවසමින් අද අප රටේ අලෙවි වන

  • රන් පැහැති කාසි වර්ගයක්‌ ඇත.

  • කාඩ් වර්ග හෝ සන්නස්‌ වැනි දේ ඇත.

  • රූප ඇත.

  • ලකී ප්ලාන්ඩ් නම් වූ චීනයේ හැදෙන කුඩා ජලජ උණබම්බු විශේෂයක්‌ද ඇත.

  • රුවල් නැවක්‌ ගෙයි සාලයේ තබා ගත් විට ධන සම්පත් උදාවන බවත් සෞභාග්‍ය ළං වන බවත් සිතා බොහෝ අය අනුන් කරන්නන් වාලේ මේවා තම නිවසේ තබා ගනිති.

මෙවැනි දෙයට පුවත්පත්වලින් මෙන්ම රූපවාහිනී නාලිකාවලින්ද ප්‍රචාරයක්‌ ලබා Kapruka Sri Lankaදෙති. අද නගරයේ හෝ ගමේ කඩයකට සාප්පුවකට හෝ හෝටලයකට ගියොත් එහි ඉදිරිපස මේසයේ හෝ කැෂියර් කූඩුව මත තබා ඇති තට්‌ට හිසක්‌ හා තඩි බඩක්‌ ඇති කරේ ගෝනියක්‌ එල්ලාගත් මනුෂ්‍යෙයකු ගේ රන්පාට පිළිමයක්‌ ඔබ දකිනු ඇත. පසුගිය මාසය තුළ විවිධ අවශ්‍යතා සඳහා කඩ සාප්පු හෝටල් වැනි ව්‍යාපාර ස්‌ථාන සියයකට මා ගොඩ වුණු අතර ඉන් හැත්තෑවකට ආසන්න තැන්වල මෙකී පිළිමය තබා තිබිණි. එය ඉදිරියේ පිත්තල පාට පහේ සහ රුපියලේ කාසි අඩංගු පීරිසියක්‌ද දකින්නට ලැබිණි. මෙම පිලිබදව විවිධ අය විවිධ මත පළ කරති. මා ගිය ස්‌ථානවලින් එහි අරුත නොදැන පිළිමය තියන් හිටි අය හතලිහකි. උන් කරන්නේ කුමක්‌ද කියා උන්වත් නොදනිති. වැඩි දෙනෙක්‌ කීවේ පිළිමෙ අතගෑවම සල්ලි ලැබෙනවා, බිස්‌නස්‌ වැඩි වෙනවා කියායි.

මෙයට අමතරව බජන් ගී ගයමින් රසකැවිලි කමින් තේ කහට භාජනයක හත්තක්‌ වඩවමින් කරන සායි වන්දනාව ද අප රටේ දකින්ට ඇති ඇදහිලි ක්‍රමයකි. මේ සඳහා වැඩිපුරම යොමු වන්නේ කාන්තාවන් බවට කතාවක්‌ පවතී. ඒ අතරින් තාරුණ්‍යය ඉක්‌මවන රූමත් කාන්තාවන් රැසක්‌ම සිටින බවටද රාව ඇත……………………‘‘


මේ ආකාරයේ වූ විවිධ ඇදහිලි ක්‍රමයන් ලාංකීය සමාජය තුල පවතිනවා යන්න ඔබව නියත වශයෙන්ම මවිත කරණු ඇත.

වැදගත්ම කාරණය වන්නේ මෙම පිරිස් පිලිබදව දැනුවත්ව හා අවධියෙන් සිටීමයි. උතුම් සංස්තෘතියකට උරැමකම් කියන අප සමාජය තුල මෙවැනි සංස්කෘතියක් නිර්මාණය වීම භයානක තත්වයකි. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ආරම්භයේ පැවසූ ආකාරයට මනුෂ්‍යාට කැමති ආගමක්‌ ඇදහීමක් තෝරගෙන පිලිපැදීමට අයිතියක්‌ ඇත. එහි අත තැබීමට හෝ විරුද්ධ වීමට අපට අයිතියක්‌ නැත. නමුත් මිථ්‍යාවෙන් සත්‍ය වෙන්කර ගැනීමට අපට සිදුවෙයි. අඳුරින් ආලෝකයටත් මිථ්‍යාවෙන් සත්‍යයටත් පැමිණිය යුතුවේ.

ඉස්ලාම්හි මානව හිතසුව පිණිස වූ මූලික අයිතිවාසිකම්

ඉස්ලාම්හි මානව හිතසුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කල යුතුය, ඒවා පිළිපැදිය යුතුය. යථොක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා, නීත්‍යානුකුල රැකවරණය පමණක් නොව, ඵලදායි සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාම්, ඉදිරිපත් කරයි.

මෙසේ පෞද්ගලික හා පොදු යහපත පිණිස සිදුකරන්නාවූ සියල්ලක්ම සදාචාරත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් කෙරේ දක්වන ජනාදරයට අතිශය වැදගත්කමක් හිමිකරන ඉස්ලාම්, ගතානුගතිකත්වයට වහල්ව සිටීමේ කි්‍රයාවට එරෙහිව අනතුරු අඟවයි. ශ.ද්ධවූ අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ:

—පෙරදිගට හෝ බටහිරට මුහුණ හැරවීම ශීලයක් නොවේ. ශීලය වන්නේ අල්ලාහ්, මතු දිනය, හා දේව දූතවරුන්, ශාස්තෘවරුන් කෙරේ විශ්වාසය පිහිටුවීම. අල්ලාහ් කෙරේ ස්නේහයෙන් ලේ ඥාතීන්, අනාථයන්, දිළින්දන්, මගින් හා යාචකයන් වෙනුවෙන් ස්වකීය වස්තුවෙන් විය පැහැදම් කිරීම, වහලූන් නිදහස් කරවීම, අදාළ වතාවත් පිරීම, සකාත් (ශ.ද්ධකාරක බද්ධ) ගෙවීම, පොරොන්දු ඉටුකිරීම හා දුක් පීඩා ෙඛදයන්හි දී ඉවසා සිටීම යනාදියයි. මෙවැන්නෝ සැදැහැවත්හු වෙති, මෙවැන්නෝ අල්ලාහ්ට බියැත්තෝ වෙති.˜ (ශ. අල්කුර්ආනය 2¦ 177)

මෙකී පාඨයන්ගෙන්, සිල්වත් හා අල්ලාහ් කෙරේ බියැත්තන් පිළිබඳව විසිතුරු විග්‍රහයක් කෙරේ. මිනිසා විනයාචාර ධර්ම පිළිපැදිය යුතු අතරම අල්ලාහ්ට හා හුදී ජනතාවට සෙනෙහවත් වීමෙහි ලා නිරතුරු සැළකිලිමත් විය යුතුය. මෙහිලා අවශ්‍යතා සතරක් ඉදිරිපත් කෙරේ.

(1) අපේ විශ්වාසය- භක්තිය- අව්‍යාජ විය යුතුය, අවංක විය යුතුය.

(2) සහෝදර ජනතාව වෙනුවෙන් කි්‍රයාත්මක වශයෙන් Þන පරිත්‍යාග කළ යුතුය.

(3) සමාජ සංවිධාන යනාදියට ඇප උපකාර කරමින් හොඳ පුරවැසියන් විය යුතුය.

(4) සෑම විටෙකම, සෑම මොහොතකම චිත්ත ස්ථාවරත්වය පවත්වා ගත යුතුය.

කිසියම් හැසිරීමක්- කල් කි්‍රයාවක්- යහපත් හෝ අයහපත් යැයි තීරණය කෙරෙන්නේ ඉහත සඳහන් කරුණු පදනම් කරගනිමිනි. සෑම සදාචාරාත්මක පැවැත්මක්ම මෙකී විනිශ්චය ක්‍රමය වටා, භ්‍රමණය වේ. මිනිසෙකු කෙරෙහි සදාචාරත්මක අණපනත් පැනවීමට පෙරාතුව, ඔහුගේ සෑම කටයුත්තක්, කි්‍රයාවක් මෙන්ම සෑම තැනකදීම, සෑම මොහොතකදීම අල්ලාහ් ඔහු දෙස දෘෂ්ටිය හෙලමින් සිටින බව, මුළු ලෝකයෙන්ම සැඟවුණත් අල්ලාහ්ගෙන් මුවා විය නොහැකි බව, අන් සියල්ලන්ම මුළා කළත් අල්ලාහ් මුළා කළ නොහැකි බව කවරෙකුගේ ග්‍රහණයෙන් මිදුනත් අල්ලාහ්ගේ ග්‍රහණයෙන් මිදිය නොහැකි බව යනාදිය මිනිසාගේ සිතෙහි තහවුරු කිරීම සඳහා ඉස්ලාම් වෙරදරයි. මෙසේ, අල්ලාහ්ගේ ප්‍රසාදයට ඉහවල් වූ දේ මිනිස් ජීවිතයක පරමාර්ථය විය යුතු බව නිර්ණය කොට, ඉස්ලාම් මගින් සදාචාරත්මක වශයෙන්වූ උසස් තත්ත්වයද සලසා දෙනු ලැබේ. මානව සදාචාරත්මක සංවර්ධනයෙහි අසීමිත අගයක් ඇතිකිරීමෙහිලා මෙය ඉවහල් වේ. දිව්‍යමය හෙළිකිරීම් – වහී -යනු ඥානයේ මුල සාරය වශයෙන් සලකා, මේ සදාචාරාත්මක තත්ත්වයනට අනම්‍ය බව හා ස්ථාරවත්වය ලබා දෙනු ලැබේ.

සාධාරණ හේතු සහගත ලෙස චර්යාවේ හැඩගැස්වීම අභ්‍යාස කිරීම හා වෙනස් කිරීම් කරගත හැකිය. එහෙත් හිතාමතා සිදුකරන වරදක් වශයෙන්, බැරැරුම් වෙනසක් සිදුකිරීමක් හෝ සදාචාරය ලිහිල් කරවීමක් හෝ පවත්නා අඛණ්ඩභාවය කඩකරන්නක් වශයෙන් එබඳු වෙනසක් කළ නොහැකිය. අල්ලාහ් කෙරේ ඇල්ම හා බිය හේතුවෙන් වූ සදාචාරයන්ට මෙ මගින් අනුමැතිය ලැබේ. මේ නිසා බාහිර බල පෑමකින් තොරව මිනිසා සදාචාරය ඔස්සේ යවනු ලැබේ. අල්ලාහ් සහ මතු දිනය පිළිබඳ ඇදහිලි සහිතව ඉතා ඕනෑකමින් හා උනන්දුවෙන්ද අවංකව එමෙන්ම හෘදයාංග ලෙස සදාචාරත්මක පැවතුම් සකසා ගනු පිණිස, මිනිසාට හැකියාවක් ඇති වේ.

මේ සදාචාර නීතිරීතින්හි අව්‍යාජ ස්වභාවයක් නැත, අමුතු ආටෝපද නැත, සාමාන්‍ය සදාචාර පැතුම් වලින් ඈත් කිරීමක්ද නැත, හේතු විරහිත ලෙස හෝ අතිශයෝක්තියෙන් කිසියම් අංශයක් අමතක කොට හැර දමා නැත. ව්‍යවහාරයේ ඇති සියලූම සදාචාර විනයන් ගැන සලකා ඇත. ඒ ඒ තැන්හි එකිනෙක උචිත ලෙස පිහිටුවා, ජීවන සැලැස්මක් තුළ සමස්ථයක් වශයෙන් සපුරා කි්‍රයාත්මක වන අන්දමින් වග බලාගෙන ඇත. මෙ මගින් මිනිසාගේ පෞද්ගලික හා සාමුහික ජීවන අරමුණු පුළුල්කරවනු ලැබේ. මිනිසාගේ ගෘහස්ථ හැසිරීම්, පෘථග්ජන පැවතුම් මෙන්ම, දේශපාලනික, ආර්ථීක, අධිකරණ අධ්‍යාපනික හා සාමාජික ෙක‍ෂත්‍රයන් හි කි්‍රයා කටයුතු වලදි පිළිපැදිය යුතු සදාචාර විනය ධර්මයන් විග්‍රහ කෙරේ. ඉස්ලාමිය සදාචාරයෙන්, මිනිස් ජීවිතය නිවසින් සමාජය දක්වාත්, කෑම මේසයේ සිට යුද පිටිය හා සාම සම්මේලන දක්වාත්, කොටින්ම තොටිල්ලේ සිට සොහොන් බිම දක්වා සැකසිය යුතු ආකාරය ඉගැන්වේ. ඉස්ලාමිය සදාචාරය තුළින් කිසිදු අංශයක් ගිලිහි නැත. කිසිදු ෙක‍ෂ්ත්‍රයක් මගහැරි නැත. එය අවබෝධයටද පහසුය. එමගින් ජීවිත කාර්යාවලිය උතුම් පරමාර්ථ සහිතව ඉටුකරවනු ලැබේ. මෙහිලා ආත්මාර්ථකාමි හෝ පහත් ලාභාපේක‍ෂාවෙන් ගෙවන ජීවිතයකට ඉඩ නැත.

ඉස්ලාමීය විනයෙන් යහපත් පැවතුම් සහිත, අයහපත් පැවතුම් වලින් මිදුණාවු සාර්ථක ජීවිතයක් සඳහා පෙළඹවීම සිදුකෙරේ. සිල්වත් ශික‍ෂාකාමි සඳහා පමණක් නොව, එකි යහ ගුණ ප්‍රගුණ කිරීමටත් කෙළෙස් දමනය කොට ශුභ ගුණ දහම් පුහුණු කිරීමටත් අශුභ ගුණදහම් තුරන් කිරීමටත් පොළඹවනු ලැබේ. හෘදය ශාක‍ෂියට එකඟ වූ දිවිපෙවෙතක් සකසා ගැනීමත්, කවර අවස්ථාවක් යටතේ වූවද වරදට යොමුවීමෙන් වැළකී සිටීමටත් ඉස්ලාමීය සදාචාරයේ අරමුණු වේ. මේ ඇරයුමට ප්‍රතිචාරයක් දක්වන්නෝ,

ඒකීය සමාජයක් වශයෙන් එක්රැස් කරනු ලැබ —මුස්ලිම්˜ යන නමින් හඳුන්වනු ලැඛෙති. මේ සමාජයේ සාමුහික වශයෙන් එක්සත් වෙමින් යහපත ස්ථාපනය කිරීමට හා අයහපත මුලිනුපුටා දැමීමට වෙර දැරිය යුතුය. මුස්ලිමෙකු ගේ ජීවිතයේ විවිධ අංශයන් හිදී බලපාන අයුරින් උගන්වන ලද සÞචාර මූලධර්මයන් කීපයක් මෙහිලා සඳහන් කෙරේ.

අල්ලාහ් පිළිබඳ මතකය :

මේ වු කලී, මුස්ලිමෙකු තුළ පිහිටිය යුතු උසස්තම ලක‍ෂණය වශයෙන් කුර්ආන්හි සඳහන් වේ. —ඔබ අතුරින් අතිශය සම්මානනීය අය වූ කලී, අල්ලාහ් අබියස, අල්ලාහ් පිළිබඳ මනා සිහියක් සහිත පුද්ගලයාය.˜ (ශ. අල්කුර්ආනය 49¦ 13)

අවනත භාවය, සන්සුන් තැන්පත් භාවය, ආත්ම දමනය, සත්‍යවාදී භාවය, අවංක භාවය, විනීත භාවය, ඉවසිලිවන්ත භාවය, ස්ථාවරත්වය හා පොරොන්දු ඉටුකිරීම් යනාදිය අල්කුර්ආනයෙන් පුන පුනා ඉගැන්වෙන සදාචාර විනයන්ය, අල්කුර්ආන්හි මෙසේ සඳහන් වේ.

—තවද අවංක හා ස්ථාවර වූවන්ට අල්ලාහ් ඇලූම් කරයි.˜ (ශ. අල්කුර්ආනය 3¦ 146)


—යහපත සිදුකරන්නන්ට අල්ලාහ් යහපත සලසන බැවින් ඔබේ රක‍ෂකයාගෙන් කමා භාජනය පිණිසත් ඔහු පිළිබඳ මතකයෙන් යුතුව ඇති කල්හි හා නැති කල්හි දන්පින් කරන්නා වූත්, කෝපය දමනය කරගන්නා වූත්, සහෝදර දනන් (ගේ වරදට) සමාව දෙන්නා වූත් පින්වතුන් සඳහා, වෙන් කොට ඇති ස්වර්ග සම්පත්තිය පිණිසත් ඔබ තරඟකාරිව ඉදිරිපත් වන්න.˜ (ශ. අල්කුර්ආනය 3¦ 133- 134)


—නිසි කල සලාත්හි යෙදෙන්න, යුක්තිය ඉටුකරන්න, වරදින් මිදෙන්න, කුමක් සිදුවෙතත් ඉවසිලිවන්ත වන්න, එය වෙනස් නොවන සුළු ධර්මතාවයකි˜ අනුන් අභියස අහංකාර නොවන්න. මහ පොළොව මත අවිනීත ලෙස ගමන් නොකරන්න. අල්ලාහ්, උඩගු හා පුරසාරම් දොඩන්නන් නොරුස්සයි. ඔබ ගේ (පා) පියවර අතර සාමාන්‍ය ප්‍රමාණයේ පරතරයක් තබා ගන්න. කට හ~ පහත කරගන්න. උස් හඬ්න් කරන කතාව, ඇත්තෙන්ම බූරුවාගේ ඛෙරිහන් බඳු වේ.˜ (ශ, අල්කුර්ආනය 31¦ 18- 19)

මුස්ලිමෙකු ගේ විනයගරුක හැසිරීම් ලූහුඬ්න් දක්වන විලාශයෙන් ශාස්තෘවරයානන් මෙසේ ප්‍රකාශ කළහ.

—මගේ ආරක‍ෂකයා මට අණපනත් නවයක් පවරා ඇත. එනම් හුදෙකලාව හෝ සාමුහිකව සිටියත් නිරන්තරයෙන්ම අල්ලාහ් පිළිබඳ සිහිය, කෝපාවිෂ්ඨව හෝ සතුටු සන්සුන්ව සිටියත් යුක්තිය තෙපලීම, දුප්පත් හෝ ධනවත්ව සිටියදීත් තැන්පත්වීම, මගෙන් ඉවත් වූවත් යළි ළංකරගැනීම, මා පිටුදකින උදවියටත් උදව් උපකාර කිරීම, නිසොල්මන්ව සිටියදී චින්තනයෙහි නිරතවීම, මා බලන බැල්ම අවවාදානුශාසනාවක් වීම, සහ නිවැරදි දේ අවධාරණය කරවීම යන නවයයි, ඒ.˜

සමාජියීය වගකීම්:


ඉස්ලාමීය ඉගැන්වීම අනුකුලව, සාමාජික වගකීම් වනාහි කරුණාව හා පරාර්ථය පිණිස විය යුතු වේ. විශේෂ අවස්ථාවන්හි දී කරුණාව පිළිබඳ වූ මෙකී පුළුල් ශීලය නොසලකා හරිනු ලබන බැවින්, විවිධ අවස්ථාවන් පිළිපැදිය යුතු කරුණාව පිළිබඳ විශේෂ කි්‍රයාවන්, වගකීම් හා සම්බන්ධතා පිළිබඳව විග්‍රහ කෙරේ. සම්බන්ධතා පිළිබඳව පුළුල්ව සැලකීමේ දී අපගේ මූලික වගකීම වනුයේ, දෙගුරුන්, සැමියා, අඹුදරුවන් හා ඉනික්බිතිව සෙසු ඥාතීන්, අසල්වැසියන්, මිතුරන් හා දන්නා හඳුනනවුන් අනාථයන් හා වැන්දඹුවන්, ස්වකීය සමාජයේ දිළින්දන්. සහෝදර මුස්ලිමුන්, සකල මිනිසුන් හා සත්වයින් ද කෙරෙහිය.

දෙගුරුන්:

මව් පිය දෙදෙනාට ගරුකිරීම හා උපස්ථාන කිරීම, ඉස්ලාම් හි අවධාරණයෙන් ඉගැන්වේ. මෙය ඉස්ලාමීය භක්තියට ඉවහල් වන, වැදගත් අංශයක් වේ.

—ඔබේ ආරක‍ෂකයා තමා හැර සෙස්සෙකු නොපුදන ලෙසත් දෙමව්පියන්ට කරුණා දයාව ලෙසත් ඔබට අණකරයි. ඔබේ ජීවිත කාලය තුළ ඔවුන්ගෙන් කෙනෙකු හෝ දෙදෙනාම මහළු වියට පත්වූවා නම්, ඔවුන්ගේ සිත් රිදවන කිසිදු වදනක් පැවසීම හෝ ඔවුන් කොන් කිරීම නොකරන්න. ඔවුන්ට ගරුසරුව කතා කරන්න. කාරුණික ලෙස කීකරු වන්න. පසුව පවසන්න.

—මගේ ආරක්ෂකයාණෙනි, මා කුඩා කල ඔවුන් මා කෙරේ දැක්වූ සෙනෙහස මෙන් ඔවුන් කෙරේ ඔබේ පරම දයාව දක්වන්න.˜ (ශ.අල්කුර්ආනය 17: 26).

සෙසු ඥාතීන් :

—දිළින්දන් මගින් මෙන්ම බන්දුන්ට ද හිමිවිය යුතු උරුමකම් ප්‍රදානය කරන්න. තවද නාස්ති කාරයෙකු මෙන් ඔබේ වස්තුව විනාශ නොකරන්න.˜ (ශ. අල්කුර්ආනයථ 17: 26).

අසල්වැසියන්:

නබි (සල්) තුමාණෝ මෙසේ වදාළහ: —අසල්වැසියා, සාගින්නෙන් පීඩා විඳින කල, කුසපුරා ආහාර ගන්නා, මුස්ලිමෙක් නොවේ. තවද ස්වකීය නොපනත් පැවතුම් නිසා අසල්වැසියා අනාරක‍ෂිත තත්ත්වයේ පසුවේ නම් ඔහු විශ්වාසවන්තයෙකු (ශ්‍රද්ධාවන්තයෙකු) නොවේ.˜

සැබවින්ම කුර්ආනයට හා සුන්නාහ්වට (ශාස්තෘවරයානන්ගේ ජීවිතයට) අනුකූලව, මුස්ලිමෙකු විසින් සදාචාරාත්මක වගකීම් ඉටුකළ යුතුවන්නේ, ස්වකීය දෙගුරුන් නෑ හිතවතුන් හා අසල්වැසියන්ට පමණක් නොවේ. සමස්ත මානව සංහතියම, සකල ප්‍රාණයෙකුම, ඵලදායි ගස්, පැලෑටි වස්තූන් කෙරේද ඉටුකළ යුතු වගකීම් ඇත. නිදසුනක් වශයෙන්, විනෝදය සඳහා සත්ව හා කුරුළු දඩයම් යනාදියට අවසරයක් නැත. එසේම උග්‍ර අවශ්‍යතාවයකින් තොරව ඵල දරන වෘක්ෂලතාවන් කපා හැරීමද තහනම් කොට ඇත. මෙසේ, මූලික සදාචාරාත්මක පැවැත්මේදී ඉස්ලාම් මගින් උසස් සදාචාරාත්මක විනයක් ගොඩනගා ඇත.

ඒවායේ ශ්‍රේෂඨත්වය, මිනිසාට පහසුවෙන්ම අවබෝධවනු ඇත. ඉස්ලාම් මගින්, මිනිසුන් කෙරෙන්, ආත්ම වර්ණනාව, දුෂ්ඨ පාලනය, අශික‍ෂිත හා අවිනීත භාවය යනාදිය කෙළෙස් දුරු කැරවේ. ඒ වෙනුවට, අල්ලාහ් කෙරේ බියැති, ශ්‍රද්ධාවත් ප්‍රතිපත්තිගරුක හා වරදෙහි නොබැෙඳන පුරුෂයන් ගොඩනගනු ලැබේ. සදාචාරාත්මක වශයෙන් වූ වගකීම් පිළිබඳ හැඟීම් පුබුදුවන්නා වූ අතරම ආත්ම සංයමයට ඉවහල්වන හැකියාවද වඩවයි. ඉස්ලාම් මගින් සෑම විටෙකම, කරුණාව, දයාව ත්‍යාගශීලි භාවය, අනුකම්පාව, සමාදානය, අනුන්ගේ සෙත් පැතීම, විනීත භාවය හා සියලූ සත්වයන් කෙරෙහි සත්‍යවාදි භාවය පිහිටුවා ගැන්මේ හැඟීම් පෝෂණය කෙරේ. එමගින්, යහපත සැලසෙන සෑම උතුම් කාර්යයක් සඳහාම අනුබලය ලැබේ.




ඉස්ලාම් හි මානව අයිතිවාසිකම්

සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ සහ විශ්වත් මණ්ඩලයේ අසහාය ස්වාමියාද, ඒ සියල්ලකම ආරක‍ෂක, පෝෂක හා ස්වාමියා අල්ලාහ් වන කල ඔහු විසින් මවන ලද සෑම මිනිසෙකුම සමානය. ඔහු සව්සතට මෙත් වඩයි. ඔහුගේ දයා මහිමයෙන් ජීවීන් හටගනී. පොදුවේ සෑම මිනිසෙකුටම පෞරුෂත්වය හා ගුරුත්වය පිරිනමා ඇත. ස්වකීය සාරයෙන් ප්‍රාණය පිඹ ඇත. එනම්, ඔහු අබියස, සෑම මිනිසකුම සමස්ථයකි. මිනිසුන්ගේ පෞද්ගලික ගුණාංග හැර සංස්කාරයන් වශයෙන් කව්රුත් එක සමානය. කුලය, ජාතිය, දේශය, වර්ණය වශයෙන් ඔවුනොවුන්ගේ ආයාශයෙන් පිහිටුවාගත් භේදයක් විනා, අල්ලාහ්ගේ මැවීම් සම්බන්ධයෙන් කිසිදු භේදයක් නැත. මේ අනූව සෑම මිනිසෙකුම එකිනෙකා, අනෙකාට අයත්වෙයි. සෑම මිනිසෙකුම ආතම ගරුත්වයෙන් හා හිතාදර ස්වාමියා වෙනුවෙන් හිතැඟි කැපවීමක් සහිතව එක ම සහෝදර සමාජයකට අයත් වෙති. මෙබඳු ප්‍රසන්න පරිසරයක් තුළ අල්ලාහ් ගේ ඒකීයත්වය පිළිබඳ පිළිවෙත බලගතු ලෙස කේන්ද්‍රගත වේ. මානව සංහතියද, මානව සහෝදරත්වයද ඒ හා සමාන බව අවධාරනය කෙරේ.

පෘථීවිය මත කවර තැනක වූවද ඉස්ලාමීය රජයක් ස්ථාපනය වී ඇතිවිට, එයට භෞමික වශයෙන් ප්‍රාන්ත සීමාවන් පිහිටුවා මානව නිදහස මර්දනය කිරීමට ඉස්ලාම් නොපෙළඹේ. ඉස්ලාම් මගින්, මානව සංහතිය උදෙසා ඇතැම් පොදූ මූලික අයිතිවාසිකම් කිහිපයක් ඉදිරිපත් කෙරේ. ඉස්ලාම් රජයක බල ප්‍රදේශය තුළ හෝ පිටත කවර තැනක වාසය කළත්, රජයක් සමග සාමයෙන් පසුවෙතත්, සංග්‍රාමයක පැටලී සිටියත්, සෑම අවස්ථාවකදීම එකී අයිතිවාසිකම් වලට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. මෙය අල්කුර්ආනයේ ඉතා පැහැදිලිව විග්‍රහ කෙරේ.

විශ්වාසවන්තයිනි ඔබ අල්ලාහ්ට යුතුකම් ඉටු කරන්නෙකු වන්න, යුක්ති ගරුක ලෙස සාක‍ෂි කියන්න. සෙස්සන් කෙරේ ඔබට ඇති ගෞරවය නිසා යුක්තියෙන් ඉවත්වන්නෙකු නොවන්න. සාධාරණ වන්න. එය අල්ලාහ් කෙරේ බියැත්තෙකුගේ තත්ත්වය ට ඔබ සමීපවත් කරයි.˜ (අල්කුර්ආනය 5ථ 8-

මනුෂ්‍ය රුධිරය පවිත්‍ර වස්තුවක් ලෙස ආරක‍ෂා කෙරේ. එය අසාධාරණ අන්දමින් සෙලවිය නොහැකිය. මනුෂ්‍ය රුධිරයට පිරිනමා ඇති මේ උතුම් භාවය උල්ලංඝනය කරමින්, යමෙකු අන් කිසිවෙකු ඝාතනය කළේ නම්, එය මුළු මානව සංහතිය ම ඝාතනය කළා හා සමාන වේ. රුධිර වන්දිය පිණිස නොවී, යම් කිසිවෙකු පොලෝතලය මත මනුෂ්‍ය ඝාතනයෙන් දූෂණයෙහි යෙදේ නම් ඒ වූ කලී මුළු මානව සංහතියම ඝාතනය කිරීමක් බඳු වේ. කාන්තාවන්, දරුවන්, වැඩි මහළුන්, රෝගින් හා ආබාධියන්ට හිංසා උපද්‍රව සිදුකිරීම තහනම් වේ. සෑම අවස්ථාවක දීම කාන්තාවන් ගේ පතිවතයට ගරු කළ යුතුය. දිළින්දන්ට ආහාර පාන පිළිගැන්විය යුතුය. ඇඳිවත් නැත්තවුන්ට වස්ත්‍රාදිය පිදිය යුතුය. තුවාල ලදවුන්ට හා රෝගින්ට ඔවුන් ඉස්ලාමීය සමාජයට අයත් වූවත්, සතුරු පිළෙහි සිටියත් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය.

ඉස්ලාම්හි මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතිකා කිරීමේදී එහි සැබෑ අදහස වනුයේ එකී අයිතිවාසිකම්, අල්ලාහ් විසින් ප්‍රදානය කළාවු දේ බවයි. ඒවාට මුළු උරුමක්කාරයා අල්ලාහ් විතරයිය. ඒවා කිසියම් රජකු හෝ රාජ්‍ය සභාවකින් ප්‍රදානය කෙරුනේ නොවේ. රජුන් හෝ රාජ්‍ය සභාවිසින් පුදන ලද අයිතිවාසිකම් පෙරළා ඔවුන් විසින්ම අවලංගු කළ හැකිය. ආඥාදායක පාලකයන් විසින් හිමිකෙරෙන අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද තත්ත්වය එසේම වේ. ඔවුන්ගේ අභිමතය පරිදි අයිතිවාසිකම් පිදීමත්, පෙරළා අවලංගු කිරීමත් එමෙන් ම ඒ නීති රීතින් ප්‍රසිද්ධියේ තමන් විසින්ම කඩ කිරීමත් ඔවුන්ට සුළු දෙයකි. එහෙත්, ඉස්ලාම්හි දැක්වෙන මිනිස් අයිතිවාසිකම් අල්ලාහ් විසින්ම ප්‍රදානය කරන ලද්දක් බැවින්, ලොවැති කවර රාජ්‍ය සභාවකට හෝ රජයකට ඒවායේ වෙනස් කම් හෝ සංශෝධනයක් සිදු කිරීමට, කිසිදු උරුමයක් නැත. බලයක් නැත. මේ වූ කලී හුදෙක් නාම මාත්‍රයෙන් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින්, ලේඛන වලට පමණක් සීමා කළ මානව අයිතිවාසිකම් නොවේ. දාර්ශනික සිද්ධාන්ත මෙන්, ස්වභාවික ජීවිතයෙන් ඈත් කොට පනවන ලද මානව අයිතිවාසිකම් ද නොවේ.

අල්ලාහ් විසින් පනවන ලද මෙය, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයට සමකළ නොහැකිය. හේතුව එක්සත් ජාතීන් විසින් සම්පාදිත ප්‍රඥප්තිය මිනිසුන් කෙරේ අදේශ කළ නොහැකි නමුත්, අල්ලාහ්ගේ නීතිය සෑම විශ්වාසවන්තයකුටම පොදු වෙයි. එය් ඉස්ලාමීය භක්තියේ අංගයකි. මුස්ලිම්වරු යයි හඳුන්වා ගන්නා වූ සෑම මුස්ලිම්වරයෙකුම, පාලකයෙකුම එය පිළිගත යුතු අතර, මැනවින් වටහා ගෙන කි්‍රයාත්මක කළ යුතුය. අල්ලාහ්ගේ සහතිකයක් සහිත, එකී අයිතිවාසිකම් කි්‍රයාත්මක කිරීම අතපසු කිරීම හෝ ඒවා ප්‍රතිෙක‍ෂ්ප කිරීමට පෙළැඹීම නො එසේ නම්, ඒවායේ සංශෝධන වෙනස්කම් සිදුකිරීමට තැත් කිරීම හෝ නාම මාත්‍රයෙන් පිළිගෙන, ප්‍රායෝගික වශයෙන් ඒවා කඩකිරීම වරදක් වේ. එබඳු වරදක් සිදුකරන රජයකට අත්වන ද~ුවම අල්කුර්ආනයේ පැහැදිලිව සඳහන් වේ.

—අල්ලාහ් විසින් පනවන ලද දෙයට අනුකූල ව යුක්ති විනිශ්චය නොකරන්නෝ විශ්වාසවන්තයින් නොවෙති.˜ (අල්කුර්ආනය 5ථ 44-

ඉස්ලාමීය රජයක් තුළ මානව අයිතිවාසිකම් :

1- දේපල සම්පත්වල ආරක‍ෂාව අවසාන හජ් මෙහෙය සමයේ දී ශාස්තෘවරයානන් මුහම්මද් (සල්) තුමා කළ දේශනයේ මෙසේ සඳහන් කළේය. —පරමාන්ත දිනයේ යළි මතුවී ස්වාමියා හමුවන තාක්, කෙනෙකුගේ ප්‍රාණය හා දේපළ සම්පත් අනෙකාට තහනම් වේ.˜ ඉස්ලාමීය රජයක් තුළ වෙසෙන මුස්ලිම් නොවන දිම්මිවරුන් ගැන ද මුහම්මද් (සල්) තුමා සඳහන් කරයි: —සම්මුතියට බැඳී සිටින වුන්, දිම්මිවරුන් ඝාතනය කරන්නාට ස්වර්ගයේ සුවඳ හෝ නොදැනෙන්නේය.˜

2- ගරුත්වයේ ආරක‍ෂාව: අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ:

1- —විශ්වාසවන්තයිනි ඔබ අතුරින් පිරිසක්, සෙසු පිරිසකගේ උපහාසයට ලක් නොකරන්න.˜ 2- ඔබ එකිනෙකා අපහාස නොකරන්න.3- පටබැඳි නම්වලින් අනුන්ට නිග්‍රහ නොකරන්න.4- ඕපාදූපවල නොයෙදෙන්න. අනුන් නැති තැන ඔවුන්ගේ වැරදි කතා නොකරන්න. (ශ. අල්කුර්ආනය 49ථ 11- 12-

3- පෞදිගලික ජීවිතය පිළිබඳ ආරක‍ෂාව: අල්කුර්ආනයේ මේ අණපනත් පැනවේ.

1- අනුන්ගේ රහස් නොසොයන්න.

2- ගෙහිමියාගේ අනුමැතිය ඇතිබැව නිශ්චය වනතාක් ඔහුගේ ගෙතුළට නොපිවිසෙන්න.

4- පෞද්ගිලක නිදහසට ආරක‍ෂාව:

විවෘත උසාවියක නඩු විභාගයකින් තොරව කිසිදු පුද්ගලයෙකු සිරගත කිරීම ඉස්ලාමයෙන් තහනම් වේ. කෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන, ඔහුගේ නිදහසට හා ආරක‍ෂාවට කරුණු ඉදිරිපත් කිරීමේ සැලකිය යුතු අවස්ථාවක් ලබා නොදී, බන්ධනාගාර ගත කිරීම ඉස්ලාමයෙන් සපුරා තහනම් වේ.

5- ආඥාදායකත්වයට එරෙහිවීමේ උරුමය:

ඉස්ලාමයෙන් හිමිකර දී ඇති මානව අයිතිවාසිකම් අතර රජයක ඒකාධිපති වාදයට එරෙහිව නැගී සිටීමේ අයිතිවාසිකම් ද අඩංගු වේ. මේ පිළිබඳව අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ. —කෙනෙකුට තුවාල සිදුකිරීමක් වූ කලෙක විනා ප්‍රසිද්ධියේ වරදක් කතාකිරීමේ කි්‍රයාව අල්ලාහ් නොරුස්සයි.˜

පෙර සඳහන් කළාක් මෙන්, සෑම බලයක්ම ආධිපත්‍යයක් ම අල්ලාහ් සතු වේ. මිනිසා සතුවන්නේ, හුදෙක් නියෝජිතයෙකුට හිමිවන තරමේ සීමිත බලයකි. මෙබඳු වගකීමක්, බලයක් දරන්නා එය මහ ජනතාවගේ සේවය පිණිස යොදාගත යුතු අතර මහ ජනතාව හමුවේ ගරුසරු ව පෙනී සිටිය යුතුය. මෙය, හස්රත් අබූබක්කර් (රලි) තුමා විසින් ආදර්ශයෙන් සනාථ කරන ලදී. එතුමා කලීෆා වීමෙන් පසු කළ කුළුඳුල් දේශනයේ දී —මා නිවැරදි ව සිටිනතාක් කල් මට සහයෝගය දක්වන්න. මා වරදක් කරන කල එය නිදොස් කරවන්න. මා, අල්ලාහ් සහ ඔහුගේ ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමාගේ අණපනත්, හා අවවාදානුශාසනා පිළිපදින තාක් කල් මට කීකරුවන්න. මා එයින් බැහැර වනකල මගෙන් ඉවත්වන්න.˜

6- කථා කිරීමේ නිදහස:

වැරැදි හා ප්‍රචණ්ඩ කි්‍රයා පැතිරවීමට නොව, සිල්වත් බව හා සත්‍යය ස්ථාපනය කිරීමේ අරමුණින්, ඉස්ලාමීය රජයක සෑම පුරවැසියෙකුටම සිතීමේ හා කථා කිරීමේ නිදහස ඉස්ලාමයෙන් ප්‍රදානය කෙරේ. ඉස්ලාමීය කතා කිරීමේ නිදහස වූ කලී, වත්මන්හි බටහිර රටවල පවත්නා එකී නිදහස් පිළිවෙතට වඩා අතිශයින් උසස්ය. කිසිදු හේතුවක් මත, වැරැදි හා ප්‍රචණ්ඩකම් ව්‍යාප්ත කිරීමේ කි්‍රයාවලට ඉස්ලාමයෙන් අනුමැතිය නොලැබේ. විවේචනය කිරීමේ මුවාවෙන්, නොමනා හා අසංවර ලෙස කතා කිරීමට කිසිවෙකුට අයිතිවාසකිමක් නැත. යම් යම් අවස්ථාවල, නිශ්චිත කරුණු සඳහා දිව්‍යමය හෙළි කිරීම් පහළ වූවාදැයි මුහම්මද් (සල්) තුමන්ගෙන් විමසීම මිත්‍රවරුන්ගේ සිරිත විය. එබඳු දිව්‍යමය හෙළි කිරීමක් නොවිණැයි එතුමා පළ කළා නම් එකී කරුණු සම්බන්ධයෙන් මුස්ලිමුන් තම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමද සිරිත විය.

7- සමිති සමාගම් සඳහා නිදහස:

සමිති, සමාගම් හෝ පක‍ෂ සංවිධාන යනාදිය ස්ථාපනය කරගැන්ම පිණිස ඉස්ලාමීය, ස්වකිය ජනතාවට නිදහස ප්‍රදානය කරයි. මේ නිදහස ද යම් යම් පොදු නීතීන්ට යටත් වේ.

8- සිතීමේ හා ඇදහීමේ නිදහස:

ඉස්ලාම්හි මෙසේ ප්‍රකාශ වේ. ශ්‍රද්ධාව පිළිබඳ ව බලපෑමක් නොතිබිය යුතුය. මෙයට පටහැනි ලෙස, ඒක පාක‍ෂික සමාජයන්හි මෙකී පුද්ගල නිදහස ඉඳුරා අහිමි කර ඇති රජයක මෙකී අයුතු බලපෑම් මගින් මිනිසා එක්තරා වහල් බැම්මකට නතු කොට ඇත. එක්තරා අවධියක, මිනිසුන් වහල් භාවයේ තබා ගැන්මේ කි්‍රයාව, මිනිසා මත මිනිසා ඉඳුරා ආධිපත්‍ය පවත්වා ගැන්මක් වශයෙන් සලකනු ලැබුණි. එබඳු වහල් වෘත්තිය, දැන් නීතියෙන් තහනම් කර ඇත. නමුත්, ඒ වෙනුවට ඒක පාක‍ෂික රාජ්‍යයන්හි ඒ හා සමාන රාජ්‍ය තාන්ති්‍රක නීති මගින් මිනිසුන් පාලනය කෙරේ.

9- ආගමික නිදහස හා ආරක‍ෂාව:

සිතීමේ හා ඇදහිලි පිළිබඳ නිදහස අනූව කෙනෙකුගේ ආගමික දෘෂ්ඨියට අදාළ ගරුත්වය ඉස්ලාම් මගින් ප්‍රත්‍යක‍ෂ කෙරේ. මෙකී අයිතිවාසිකමට පටහැණිව කිසිවක් කිරීම හෝ ප්‍රකාශ කිරීමක් කළ නොහැකිය.10- වැරදි සිර ද~ුවමින් ආරක‍ෂාව:

සෙස්සෙකු කළ වරදක් අපරාධයක් සඳහා අනෙකෙකු සිරගත කිරීමේ කි්‍රයාවෙන් ඉස්ලාම් ආරක‍ෂාව සලසා දෙයි. මේ පිළිවෙත, අල්කුර්ආනයේ මෙසේ විග්‍රහ කෙරේ. —කෙනෙකුගේ බරක් තවත් කෙනෙකු මත නොපැටවිය යුතුය.˜

11- මූලික අවශ්‍යතා සඳහා වූ අයිතිවාසිකම:

දිළින්දන්ට උදව් උපකාර කරමින් සහයෝගය දැක්විය යුතුය. මෙය දිළින්දන්, සඳහා වූ අයිතිවාසිකමකි. —තවද ඔවුන්ගේ වස්තුවෙන් නැති බැරි දනන්ට උරුමයක් ඇත.˜

12- අධිකරණය හමුවේ සමානාත්මතාවය:

ඉස්ලාම්, ස්වකීය බැතිමතුන්ට නීතිය හමුවේ සම්පූර්ණ සමානාත්මතාවය පිරිනමයි.

13- නීතියට පිටුපා නොයන පාලකයන්:

එක්තරා ප්‍රභූ කාන්තාවක් සොරකමක් කළ නිසා අත් අඩංගුවට ගනු ලැබුවේය. මේ නඩුව මුහම්මද් (සල්) තුමා හමුවට ගෙනෙන ලදි. ඇයට ද~ුවම් නොකළ යුතු යැයි සෙස්සෝ එතුමා ට නිර්දේශ කළහ. මුහම්මද් (සල්) තුමාගේ පිළිතුර වූයේ මෙයයි. —ඔබට කලින් විසු ජාතීන් විනාශයට පත්වූයේ, ඔවුන් සාමාන්‍ය පුරවැසියන්ට ද~ුවම් කළ අතර, තමන්ගේ උසස් ඥාතීන් කළ අපරාධයන්ට ද~ුවම් නොකළ හෙයිනි. මා ජීවත් කරවන ඔහුගේ නාමයෙන්, මුහම්මද්ගේ (තම) දියණිය ෆාතිමා මේ වරද කළත් මම ඇයගේ අත කපන්නෙමි.˜

14- රාජ්‍ය කටයුතු වල නිරතවීමේ අයිතිවාසිකම්:

—තවද, ඔවුන්ගේ කාර්්‍ය පරිපාටින් ඔවුනතර කෙරෙන සාකච්ඡාවන් මගින් සිදුවේ.˜ (ශ. අල්කුර්ආනය 42ථ38- —ෂුරා˜ හෙවත් ව්‍යවස්ථාදායක සභාව යන්නෙහි අරුත එයයි. අනෙකක් නොවේ. රජයේ විධායක නායකයා හා සෙසු සාමාජිකයෝ, මහ ජනතාවගේ නිදහස් ඡන්දයෙන් තේරි පත්විය යුත්තාහ.

අවසාන වශයෙන්, ඉහත සඳහන් කළ හා නොකළ මානව අයිතිවාසිකම් අත්කරගැන්මෙහි ලා ඉස්ලාම් කි්‍රයාකරන්නේ ඒවා ආරක‍ෂා කිරීමෙන් පමණක් නොව, ප්‍රධාන වශයෙන්ම පවුල් මහන්තත්වය (රදළවාදය), භාෂාමය අහංකාරකම්, හා ආර්ථීක වරප්‍රසාද, බඳු පහත් තිරිසන් ආකල්ප වලින් මිදීමට ද මිනිසාට ඇරයුම් කරමිනි. ඉස්ලාම් මානව වර්ගයාට ආරාධනය කරන්නේ, උදාර මනසක් සහිතව, මහගු පැවැත්මක් හා එමගින් සහෝදරත්වයේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරගැන්මෙහි ලා ඉවහල් වන්නාවූ ජීවිතයක් පවත්වා ගැනීමටයි.

ජ්‍යොතිශය සහ නිමිති බැලීම ගැන ඉස්ලාමීය සංකල්පය

සමහරු තමන්ගේ ආගමට අනුකූලයයි පවසමින් නිමිති, පේන බලන්නන් සහ ජ්‍යොතිසඥයන්ගේ පසුපසු යති. මෙහි ඉස්ලාමීය සංකල්පය කුමක්ද යන්න අප සොයා බලමු.

අල්ලාහ් හැර අහස් සහ පොලෝ තලයේ සිටින කිසිවෙක් සැඟවුණු දේ ගැන නොදන්නා බව (නබිවරය) ඔබ පවසන්න යනුවෙන් අල්ලාහ් පවසන්නේය.

ශුද්ධවූ අල් කුර්ආනය 27.65

මෙහිදී සියල්ල දන්නා සර්වඥ එකම දෙවිඳුන් අල්ලාහ් බව මුස්ලිම්වරුන් විසින් තරයේ පිළිගන්නාවූ කරුණකි. එම නිසා සියළු හොඳ හෝ නරක සිදුවන්නේ අල්ලාහ්ගේ අභිමතය පරිදි යන්න විශ්වාස කර ඉදිරියට හැකි පරිදි කටයුතු කරගෙන යාම මුස්ලිම් වරයෙකුගේ වගකීමයි.

කවරෙක් හෝ ‍ජ්‍යොතිශඥයෙකු වෙත ගොස් කුමණ කරුණක් ගැන හෝ විමසා සිටියේ නම්, ඔහුගේ දින හතලිහක නැමදුම් පිළිගනු නොලැබේ යනුවෙන් නබිනායක මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් පැවසූ බව සෆීයියා (අල්ලාහ්ගේ තෘප්තිය ඇයට හිමිවේවා) තුමිය වාර්තා කර ඇත.

මූලාශ්‍රය මුස්ලිම් ග්‍රන්ථය

දිනකට පස්වතාවක් නැමදුමෙහි යෙදීම මුස්ලිම්වරයෙකුගේ අනිවාර්ය වගකීමකි. එමෙන්ම සලාතය (නැමදුම්) නොකරන්නා මුස්ලිම්වරයෙක් නොවේ යන්න මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් පවසා ඇති තවත් නබි වදනකි. යම් කෙනෙකු ජ්‍යොතිෂඥයෙකු වෙත පිළිසරණ පැතුවහොත් මෙවැනි දින හතලිහක කරණ නැමදුම් නොපිළිගන්නා තරමට එය පවකි.

කවරෙක් නිමිති බලන්නා හමුවට ගොස් ඔහු පවසන දේ සත්‍යය කළේ නම්, හෝ ඔසප් වී සිටින සිය බිරිඳ සමග සංසර්ගයේ යෙදුණේ නම්, සිය බිරිඳ සමග ගුද මාර්ගයෙහි සංසර්ගයේ යෙදුණේ නම් ඔහු නබිනායක මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ට පහලවූ මාර්ගයෙන් පිටමන්වේ යනුවෙන් පැවසූ බව අබූ හුරෛරා (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා) වාර්තා කර ඇත.

මූලාශ්‍රය අබුදාවුද් ග්‍රන්ථය

ඉස්ලාමයට අනුව අල්ලාහ් විසින් පිළිගන්නාවූ එකම ජීවන මාර්ගය නම් මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් විසින් සිය ජීවිතාදර්ශයෙන් පෙන්වාදුන් මාර්ගයයි. ඉහත නබි වනනෙහි සඳහන් කරුණු මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් විසින් පිළිකුල් කරන ලද කරුණුය.

ශාස්ත්‍රඥවරු ගැන මිනිසුන් නබිනායක මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ගෙන් විමසූ විට එහි කිසිවක් නොවේ යනුවෙන් පවසා ඇත. එවිට මිනිසුන් ඔවුහු කියනදේ සමහර අවස්ථාවලදී සත්‍ය වන්නේ ඇයිදැයි විමසූ විට එතුමා ඒවායේ සත්‍යතාවය නම්, ජින් වරුන් (අහසෙන්) හොරෙන් ඇහුම්කන්දී  ඒවා තමන්ගේ කන්වලට යොමුකරති. ඔවුහු ඒවා සාවද්‍ය තවත් කරුණු සීයක් පමණ එක්කර (ශාස්තඥ වරුන්ගේ හමුවේ) තබති යැයි පැවසූ බව ආයිෂා (අල්ලාහ්ගේ තෘප්තිය ඇයට අත්වේවා) තුමිය වාර්තා කර ඇත.

මූලාශ්‍රයන් බුහාරි සහ මුස්ලිම් ග්‍රන්ථයන්

අප බොහෝ දෙනෙකු දන්නා පරිදි මෙවැනි ගුප්ත නිමිති සහ පේන කියන්නන් සමහර අවස්ථාවල ඉතා නිවැරදි කරුණු ද පවසයි. මෙයට හේතුව මෙහිදී මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් විසින් පෙන්වාදී ඇත.

ඉහත කරුණු වලට අනුව මුස්ලිම් අප හට ජ්‍යොතිෂ සහ නිමිති බලන්නන් හමුවට යාම තහනම්ය. ඔවුන් තමන් හට සැඟවුණු කරුණු පිළිබඳව යම් ඥාණයක් තිබෙන බව තර්ක කරති. නමුත් ඔවුන් පසුපස යාමේ අවසානය විනාශයයි.

ඔවුන් එක් සත්‍ය කරුණක් දැනගෙන ඒ සමග සාවද්‍ය කරුණු සියයක් එක් කරති.

අත්රේඛා බැලීම, යම් යම් දේ ලියා දියකර පානය කිරීම සහ ලග්න බැලීම යනාදී සියල්ල මෙම නිමිති සහ තාරකා ශාස්ත්‍ර විෂයයට ඇතුලත්ය

Source: www.dawahcorner.net

රාජකීය මෙහෙවරේ විශ්වාසනීයව-මුස්ලිම්වරු

උඩරට රාජධානියේ මුස්ලිම් ජාතිකයන් නොයෙකුත් ආකාරයෙන් රඩුට සේවය කළ අතර, බොහෝ විට ඇතැම් සේවා රහස්‍ය සහ ගෞරව ස්වභාවයේ ඒවා විය. 1762 දී ඉංගි්‍රසි ජාතික ජෝන් පයිබස් දින 13ක් ගත කරමින් ති්‍රකුණාමලයේ සිට ගන්නෝරුව දක්වා ගිය ගමනේදී පයිබස් ගේ පරිවාරක නිලධරයා වශයෙන් ගිය රජු ගේ බලය ලත් නියෝජිතයා මුස්ලිම්වරයෙකු වුයේය. පරිවාරක නිලධරයා ගේ නම පයිබස් ස`දහන් කර පුතා පයිබස් සම`ග නිතර ගැවසෙනු දුටු බවක්, කොළඹ දී (මේ දුත මෙහෙවර පිළිබ`ද ව ඉතා විමසිලිමත් ව සිටි) ඕලන්දකාරයන්ට වාර්තා කර තිබේ. මවුලා මුහන්දිරම් ගේ පුතා ඉටු කළ සේවය ගැන ඉතා සතුටට පත් රජු ඊට තෑගි වශයෙන් ඔහු රත්රන්වලින් නැහැවීය. 39 ඊට අමතර ව, පියා ගෙන් සහ පුතා ගෙන් පගෝදි 1500ක සහ 2000ක මුදලක් භාණ්ඩාගාරයට අය විය යුතුව ඇති බවට වු පොරොන්දු නෝට්ටුවක් ඉරාදමා ණය අවසන් කරදමනු ලැබීය. 40 කාර්ණාටකයේ නවාබ් මුහම්මද් අලි ම`ගින් බි්‍රතන්‍ය උදවු උපකාර ලබාගැනීම පිළිබ`දව සාකච්ඡා කරනු පිණිස උඩරට රජු විසින් මවුලා මුහන්දිරම් ගේ පුත් උදුමා ලෙබ්ඛෙ නවාබ් වෙත යවන ලද බැව් ඉහත ස`දහන් මුලාශ්‍රයයෙන් ම අපට දැනගත හැකිය. 41 සැක පහල කළ නවාබ්, ඒ වැනි වැදගත් දුත මෙහෙවරක් ස`දහා සිංහල ඇමැතිවරයකු නෙන්ව්වේ මන්දැයි ඔහු ගෙන් ප්‍රශ්න කර, උදුමා ලෙබ්බේ ගේ නිර්ව්‍යාජත්වය සොයා බැලීම ස`දහා උඩරට රාජ සභාවට දුතයකු එවීමට තරම් දුරට ක්‍රියාත්මක වුයේය. තවත් අවස්ථාවක දී, රජු සහ ඕලන්දවරුන් අතර ගැටුම උත්සන්න වුව හොත්, රජුට හේවායින් බ`දවා ගැනීම ස`දහා මවුලා මුහන්දිරම් මදුරාසියට යවනු ලැබීය. 42 රාජධානියෙන් පිටත සිදු වන දේවල් පිළිබ`දව ඉක්මන් තොරතුරු ලබාගැනීම ස`දහාත්, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ මෙන්ම සමාගම සතුව පැවති ප්‍රදේශවල බල දේශපාලන කටයුතු සොයා බැලීම ස`දහාත් රජු ඔහු ගේ මුස්ලිම් වැසියන් යොදාගති. මුස්ලිම් වරුන් උඩරට රජු ගේ සිත් දුෂ්‍ය කරන බවටත්, මුස්ලිම්වරුන් උඩරට රාජසභාව ප්‍රයෝගකාරි වී ඇති බවටත්, සමාගමේ කටයුතු සම්බන්ධයෙන් හො`ද දැනුමක් ලබා ඇති බවටත්, ඕලන්ද ආණ්ඩුකාර ජෑන් ස්කරූදර් (1757 – 1762) පැමිණිලි කරයි.

ඕලන්ද හමුදා මහනුවර අල්ලාගත් අවස්ථාවේ දී ඔවුන්ට විරුද්ධ ව සටහන් කිරීමට ප්‍රංශ ජාතිතයන්ට ගේ ආධාර ඉල්ලා කිර්ති ශී්‍ර රාජසිංහ රජු ඔහු ගේ ප්‍රිතම මුස්ලිම් වෛද්‍යවරයා වු ගෝපාල මුදලි පොන්ඩිචෙරියට යැවු බව, බි්‍රතාන්‍ය කොෟතුකාගාරයෙන් සොයාගත්, 1765 දින දරන ඉඩම් ප්‍රදානය කිරිමේ තඹ සන්නසකින් අනාවරණය වේ. සන්නස් පත්‍රයේ ම ස`දහන් වේ. උඩරට රජවරුන් තම මුස්ලිම් වැසියන් කෙරෙහි තැබු අවල විශ්වාසය සහ කුලූපග භාවය මෙයින් මනාව පෙනේ.
මුස්ලිම්වරුන් සතු වු මුහුදු යාත්‍රා පරිචය, අන්තර්ජාතික සම්බන්ධතා, විවිධ භාෂා කතා කිරීමේ දක්ෂතාව නිසාත්, 44 රයික්ලොෆ් වැන් ගොයන්ස්පවසන අන්දමට 45 චාටු බස් බිකිණිමට ශර දැනුමක් ඔවුන්ට තිබුනු නිසාත්, උසස් පෙලේ මුස්ලිම්වරු වැදගත් විදේශ මෙහෙවර ස`දහා තෝරාගනු ලැබුහ. යථෝක්ත අගනා දක්ෂතා නිසා ම ඔවුන්ට සුවිශේෂ වු ැාජතාන්ත්‍රික ඥානයක් තිබිණි. 1283 තරම් ඈත අතිතයේ දී යාපහුවේ ෂ වන බුවනෙකබාහු (1272 – 1284) වෙළෙ`ද සම්බන්ධකම් කෙළින්ම ඇති කරගැනීම සාකච්ඡා කිරිම ස`දහා අල්හාප් අබු උත්මාන් ඊපජිප්තුවේ රාජසභාවට යැවු දා සිට, ඒ වැනි තානාපති රාජකාරි, සිංහල රජවරුන් විසින් සාම්ප්‍රදායික ව මුස්ලිම්වරුන්ට පවරා ඇති බව් පෙනේ.

තානාපති මුදියන්සේලාගේ යන වාසගම සහිත ඇතැම් මුස්ලිම් පවුල් උඩරට ප්‍රදේශවල සිටිනු දැකිම සැලකිය යුතු කරුණකි. මුදියන්සේ යනු ඉහළ නිලධරයෙකි. බොහෝ වාසගම් වලින් පවුලේ අය මුලින් දැරූ තනතුරු හෙළි කර බැවින්, මේ පවුල්වල ආදිතමයන් උඩරට රජවරුන් ගේ තානාපතිවරුන් ලෙස සේවය කළා විය හැකිය.

මුස්ලිම්වරුන් සහ රාජකීය උල්පැන් ගේ
රජ මාලිගාවේ තවත් වැදගත් අංශයක් වුයේ උල්පැන් ගෙය යි. පවුල් 500ක් පමණ සංඛ්‍යාවක් හවුල් වන මේ සේවය සංකීර්ණ එකකි. ඒ සියලූ ම පවුල් උල්පැන් ගේ රාජකාරිය ස`දහා ලැබුණු ඉඩකඩම් භක්ති වි`දිති. මේ සංකීර්ණ රාජකාරියට මුස්ලිම්වරුන් බ`දවාගත් බවට සාක්ෂ්‍ය ඇතත් ඒ කවර තත්වයේ තනතුරුවලට දැයි නිසැකව ම කිව නොහැකිය. රජු ගේ පා දෝවනය කිරීමේ වරප්‍රසාදය ඔවුන්ට පිරිනැමුවා විය හැකිය. ඒ සෙත් නැති නම්, මුස්ලිම්වරුන්ට පැන් උණු කිරීම ස`දහා උල්පැන් ගෙට දර සැපයීමේ කාර්යය ඉටු කිරීමෙන් ඊට දුරස්ථ ව සහභාගි වුවා විය හැකිය. 46

මුස්ලිම්වරුන් සහ රාජකීය මුල්තැන් ගේ
මුස්ලිම්වරුන් යොදවනු ලැබු වඩා වැදගත් වගකිම්වලින් භාරදුර කර්තව්‍යයක් වුයේ, රජ මාලිගාවේ මුල්තැන් ගෙයයි. 47 රජු ගේ ජිවිතය ර`දා පැවතුණේ ඔවුන් ගේ අතේ බැවින් රාජකීය මුල්තැන් ගේ රාජකාරි කටයුතු අතිශයින් විශ්වාසවන්ත හිතෛෂි සේවකයන්ට පමණක් සීමා විය. කන්ද උඩරට රජවරුන් මුස්ලිම් ආහාර පාන ස`දහා රුචිකත්වයක් ඇති ව සිටිනා පමණක් නොව, මුස්ලිම්වරුන් සිංහාසනයට ඉතා පක්ෂපාත අනුගාමිකයන් වශයෙන් සලකනු ලැබු බැව් ද දක්නට ලැබේ.
හමුදාවේ මුස්ලිම්වරු
ආරම්භයේ සිටම මුස්ලිම්වරු සිංහල රජවරුන් ගේ හමුදාවලට බැ`දී එහි ඉතා ඉහළ තනතුරුවලට පත් වුහ. සීතාවක, කෝට්ටේ සහ කන්ද උඩරට රජවරුන් වෙනුවෙන් ඔවුන් සටන් කළ අයුරු අපි දුටුමු. කන්ද උඩරට රාජධානිය පැවති කාලය මු`ඵල්ලේම උඩරට රජ්ජුරුවන් ගේ පාබළ හමුදාවේසැලකිය යුතු සංඛ්‍යාවක් මුස්ලිම්වරු වුහ. උඩරට රජු ගේ පාබළ හමුදාවේ, විශේෂයෙන්ම රාජධානියේ අවසන් දිනවල, මුදල් ප්‍රශ්න නිසා, කුඩා එකක් විය. 1810 දී මලාබාර්වරුන් 400 දෙනකු ද, මුස්ලිම්වරුන් 250 දෙනකු ද, මැලේ ජාතියන් 200 දෙනකු ද, මහනුවර සටන් පුහුණුව ලැබු බැව් දක්නා ලදි. 48 දේශීය කුමන්ත්‍රණ ගැන පරික්ෂාවෙන් සිටිම ස`දහා රජවරුන් විසින් තම හමුදාවල සිංහල නොවන සේනාංකයක් තඩා ගැනීම අසාමාන්‍ය කරුණක් නොවීය.

මුස්ලීම්වරුන්ගෙන් ලාංකීය සමාජයට ලැබුණු දායකත්වය

දිවයිනේ සැඟවුණු ප්‍රදේශවල විශේෂයෙන්ම නැගෙනහිර පළාත්වල මේ නොදියුණු පුරුද්ද තවම දැකිය හැකිය. මේ දිස්ත්‍රික්ක වල සංචාරය කිරීමේදී කඳුකර අඩි පාරවල් දිගේ වෙහෙසකර ගමනක ඇදෙන, බඩු බර පැටවුණු දිගු ගව පේළි අපට බොහෝ විට හමු වෙති. ගවයන් ඉදිරියට ඇදෙන විට කර බැඳි ගෙජ්ජි කිංකිණි රාවය නංවයි. ඇතැම් විට මධ්‍යාහ්න අවු රහ්මියේ කැලැබද දිය කඳුරක් අයිනේ ළිප් ගිනි මොළවාගෙන තම ආහාරය පිස ගැනීමට සුදානම් කරන ලද ගවයන් ඒ අසල උලාකමින් දියේ ගිලෙමින් සිටිනු පෙනේ. මුදාහළ බඩු ගෝනි පසෙකින් ගොඩ ගසා තිබේ. මේ සංචාරක වෙළඳාමේ නිරත වී සිටින බොහෝ කොට මුස්ලිම්වරු වූහ. ක්‍රමානුකූල වගා කිරීමකින් තොරව නිවෙස් වටා සුළුවෙන් වැටි ඇති දේශිය කෝපි සමග හුවමාරු කරගැනීම සඳහා ලූණු, මුහුදු බඩ පිහිටි ආණ්ඩුවේ ගබඩාවලින් උඩරට කඳුකරයට ගෙන ඒම ඔවුන්ගේ ව්‍යාපාරය විය. එසේ ලැඛෙන ලාභවලින් කපු රෙදි සහ පිත්තල භාජන, කරවල සහ වෙනත් වෙළඳ ද්‍රව්‍ය මිලදී ගන්නා තවලම්කරුවෝ ඒවා රට අභ්‍යන්තරයේ හුදෙකලා වූ ගම්මානවලට ගෙන යති.

එමර්සන් ටෙනන්ටි
මේ වූකලි බි්‍රතාන්‍ය සිවිල් සේවකයෙකු විසින් මුස්ලිම් වෙළෙන්ඳන්ගේ තවලමක් පිළිබඳව ඇති දර්ශනීය විස්තරයකි. කාන්තාරයේ ප්‍රවාහණ ක්‍රමයක් වූ තවලම ශ්‍රි ලංකාවට හඳුන්වා දෙන ලද්දේ මුස්ලිම්වරුන් විසිනැයි සමහරු කියති. කාන්තාරයේ ඔටුවා වෙනුවට මෙහිදි ගවයා යොදාගෙන තිබේ. රාජධානියට පහසුවෙන් ප්‍රවේශ වීමට නෙහැකි වීම එය ආරක‍ෂා කරගැනීමේ හොඳම ක්‍රමය වූ බැවින් ප්‍රවාහණ සහ පනිවිඩ හුවමාරු පහසුකම් වැඩි දියුණු කිරීමට උඩරට රජවරු කැමැත්තක් නොදැක්වූහ. නිර්භීත මුස්ලිම්වරුන් රට අභ්‍යන්තරයට පැමිණි පසු එහි දුෂ්කර කඳුකර මාර්ගවලට සරිලන ප්‍රවාහණ ක්‍රමයක් සකසාගැනීමට ඔවුන්ට සිදු වූ බැවින්, කාන්තාර තරණය කළ තවලම් පිළිබඳ මතකයක් තිබුණු ඔවුහු ඒ සඳහා ගවයා යොදාගත් හ.
මුස්ලිම්වරු සහ උඩරට වෙළඳාම
මුස්ලිම්වරුන් ප්‍රධාන අතරමැදියන් වශයෙන් ක්‍රියා කළ උඩරට රාජධානියේ වෙළඳ රටාව ගැන මේ අවස්ථාවේදි විමසා බැලීම වැදගත් වනු ඇත. ගිරි දුර්ග බවලින් වට වූ සිය රජාධානියට කොටු වී සිටීමට උඩරට රජවරුන් සුදානම් නොවු බවත්, දහහත් වන ශත වර්ෂයේදී ඔවුන් බල පරාක්‍රමයෙන් වැඩෙත්ම සිය වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෙන්ම බාහිර ලෝකය සමග සිය සම්බන්ධකම් පවත්වාගෙන යාමටද කැමැත්තක් දැක්වූ බවත් දක්නට ලැබිණ.

දිවයිනේ මුහුදුබඩ පළාත් පෘතුගීසීන්ගේ ග්‍රහණයෙන් ඕලන්දකරුවන් අතට පත් වෙන විටත් නැගෙනහිර වෙරළේ කොට්ටියාර්හි සහ මඩකලපුවේ ද, බටහිර වෙරළේ කල්පිටියේ සහ පුත්තලමේ ද වරායවල් උඩරැටිඉයනගේ පාලනයට යටත් ව තිබිණි. ඒවා මගින් ඔවුහු, මුස්ලිම්වරුන් සහ හෙට්ටීන් අතරමැදියන් ලෙසින් යොදාගෙන මදුරා සහ කොරමණ්ඩල් නගර සමග වෙළහෙළඳාම් කළහ. මේ එක් එක් වරායක් රාජධානීයේ බවිවිධ ප්‍රදේශ පිට වීමේ මාර්ගයක් වුයේය. රජුට අයත් හොඳම වරාය තිරිකුණාමලය අසල පිහිටි කොට්ටියාර් විය. එහි සිට සැතපුම් කිහිපයක් නුදුරින් රට අභ්‍යන්තරයේ කිලිවෙට්ටිහි, වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කළ විශාල වෙළෙඳපොළක් පිහිටියේය. එහි වූ රාජකීය රේගු මඩුවේ දී මුලාදෑනියෙක් රජු වෙනුවෙන් බදු අය කෙළේය.

බි්‍රතාන්‍ය තානාපති ජෝන් පයිබස්ට පොළි වෙළෙන්ඳන් සමූහයක් මුණ ගැසුණේ ද කිලිවෙට්ටිහිදීය. රටවැසියන්ට විකිණීම සඳහා ඔවුහු තල ඇට, පබළු සහ කොට්ට පොල් ගෙන එමින් සිටියහ. කොට්ටියාර් සිට මහනුවර දක්වාවූ මාර්ගය මහවැලි ගං ඉවුර දිගේ වැටී තිබුණු අතර වෙළෙඳ ද්‍රව්‍ය ඔබ මොබ ගෙන යමින් සිටි මුස්ලිම් වෙළෙඳ තවලම් එහි නිරතුරුවම දක්නා ලදී. 1762 දී තිරිකුණාමලයේ සිට මහනුවර බලා යමින් සිටි පයිබස්ට අතරමගදී ගවයන් විස්සක් තිහක් සහිත මුස්ලිම් තවලමක් හමු විය. ඔවුහු ලූණුවලට මාරු කිරීම සඳහා ධාන්‍ය මලූ මුහුදු බඩ නගරවලට ගෙන යමින් සිටියහ. කාලයාගේ ඇවෑමෙන් මේ මාර්ග දිගට මුස්ලිම් ජනවාස බිහිවී ඇති බැවින් රට මැද සිට වරායවල් කරා විහිදි ගිය ඒ පැරණි වෙළඳ මාර්ග අපගේ අධ්‍යයනයට වැදගත් වේ. පණිවිඩ හුවමාරුව ඉතා දුර්වලව පැවති අවධියකදී බර අදින ගවයන් කිහිප දෙනෙකු ගෙන් සමන්විත තවලමකට එහි ගමනාන්තය දක්වා යාමට දින කිහිපයක්ම ගත විය. ඒ නිසා, රාත්‍රී ලැගුම් පොළවල් පමණක් නොව, වෙහෙස මහන්සියට පත්ව සිටි ගොන්නුන්ට තණ උලා කන්නට ද දිය බී පවස නිවාගන්නට සාගින්නෙන් පෙළුනු තවලම්කරුවන්ට ඔවුන් ගේ දිවා ආහාරය පිසගන්නට ද හැකි දිවා නැවතුම් පොළවල් ද, දිය පාරක් අසලින් අවශ්‍ය විය. බොහෝ මුස්ලිම් ජනාවාසවල කේන්ද්‍රස්ථානය වුයේ එ වැනි නැවතුම් පොළවල්ය.


පයිබස් පසු කළ මුස්ලිම් ගම්මාන කිහිපයක් ඔහු විස්තර කරයි. පඟරාන එවැනි එක් ගමෙකි. නිවාස දොළසකින් පමණ සමන්විත මේ ගමේ වැසියන්ට කුඹුරු ඉඩම් තිබුණු අතර, ප්‍රධාන වශයෙන් මී හරකුන් ගෙන් සමන්විත පනහක හැටක පමණ ගව පට්ටියක් ද විය. ගොබවිතැන්  බත් කිරීමට උචිත අයුරින් පඟරාන කවුඩුල්ල ඔය ඉවුරේ පිහිටා තිබුණු හෙයින් සමහර ගම්මු ගොවිතැන් කටයුතු සඳහාම එහි පදිංචිව සිටියහ. ඒ ඔය අසබඩ ම පිහිටි නුදම්මන ගම මුස්ලිම් ගෙවල් දස දොළසකින් පමණ සමන්විත විය. ගෙවල් හතඅටකින් සමන්විත, ගවයන් තිහහතලියක් සිටි නිකවටන පයිබස් විස්තර කළ  තවත් ගම්මානයකි. දහඅට වන සියවසේ අග භාගය වන විට රට අභ්‍යන්තරය කරා විහිදි ගිය වෙළඳ මාර්ග දිගට කුඩා මුස්ලිම් ජනාවාස බිහි වී තිබුණු බැව් පැහැදිලි වේ. වැඩි වුව හොත්, නිවාස දොළසකින් පමණ සමන්විත වූ ඒ ගම්වල වැසියන් ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වෙළඳාම වූවත්, ජලය ලබාගත හැකි ස්ථානවල ඔවුහු වී ගොවිතැන ද කළහ. ප්‍රවාහණ කටයුතු සඳහා මෙන්ම ගොවිතැන් කටයුතු සඳහාත් ඔවුහු ගවයන් ඇති කළහ. එදිනෙදා අදින ඇඳුම් සඳහා රෙදි විවීම ද ඔවුන් ගේ එක් කර්මාන්තයක් ව ූඅතර, ඩඑය කළේ ස්ත්‍රීපන් විය හැකිය. මහනුවර විසූ දිසාවට බදු වශයෙන් රෙදි කොටසක් බැගිපන් දීමට එක් එක් පවුලකට සිදු විය.
1762 දී පවා උඩරට රජුගේ බලය තිරිකුනණාමලය අවට ප්‍රදේශවල, ඔහුගේ මුස්ලිම් හා දෙමළ වැසියන් අතර පවා,  තදින් පැතිරි තිබුණු බැව් පයිබස් ගේ විස්තරයෙන් පෙනේ. මුතුර්හි ගම්මුලාදෑනියා රාජකාරිය සඳහා ගැමිබයන් කැඳවු අතර ඉන් සමහර දෙනෙක් රජුගේ ආගන්තුකයා, ඒ නම් පයිබස් කැටුව යාමට සහ ඔහුගේ ආවතේව කිරීමට යොදවනු ලැබූහ. පයිබස් ගමන් කළ පල්ලැක්කිය ඔසවාගෙන යාමත්, ඔහුට බත් සහ කුකුලූ මස් වැනි ආහාර සැපයීමත් ඇතැමුන් ගේ රාජකාරිය විය. දෙමළ පවුලකට අයත් නිවසක ඔහු රාත්‍රිය ගත කළ අතර, එයද ඔවුනට නියමිත වු රාජකාරියේ කොටසක් වූයේය. මේ ආකාරයට, රජුගේ ආගන්තුකයා වූ තානාපතිවරයා (පයිබස්) දිස්ත්‍රික්කයේ සීමාව පසු කරන තුරුම ඔහුගේ වුවමනාවෙන් පිරිමසාලීමට එම දිස්ත්‍රික්කයේ ගම්මුලාදෑනිවරුන් වගබලා ගත්හ. දිස්ත්‍රික්ක සීමාවේ දී ඊළඟ දිස්ත්‍රික්කයේ ගම්මුලාදෑනිවරුන් ඒ වගකීම බාරගත් අතර තානාපතිවරයා අගනුවරට පැමිණෙන තුරුම මේ ක්‍රමය අනුගමනය කරනු ලැබීය.
ක්‍රිස්තු පූර්ව කාලයේ සිට සිංහල රජවරුන් ගේ ධාන්‍යාගාරය වූ දීඝවාපිය මඩකලපු ප්‍රදේශයේ පිහිටියේය. දුටුගැමුණු රජු (ක්‍රි. පූ. 111 – 137) යුද කටයුතුවලට සුදානම් වීම සඳහා ගොවිතැන් කටයුතු මෙහෙය වීමට ඔහු ගේ මලණුවන් වූ සද්ධාතිස්ස කුමරුන් යවනු ලැබුවේ එම ප්‍රදේශයටය. වාරි ශිෂ්ටාචාරෙඉය් බිඳ වැටීමත් සමග මේ ප්‍රදේශය, සෙනරත් රජුගේ රාජ්‍ය සමය දක්වාම වල් බිහි වී විනාශ වී තිබිණි. පෘතුගීසීන්ට විරුද්ධව සෙනරත් රජු මෙහෙය වූ යුද කටයුතු සඳහා සුදානම් වනු පිණිස මේ ප්‍රදේශයේ වී ගොවිතැන යළි ආරම්භ කිරීමට ඔහු දෙමළ සහ මුස්ලිම් පිරිස් විශාල සංඛ්‍යාවලින් මේ ප්‍රදේශයේ පදිංචි කරවු බැව් අපි දුටුමු. මේ ප්‍රදේශයේ ප්‍රධාන වී නිෂ්පාදන ප්‍රදේශයක් වශයෙන් වර්ධනය බවිය. එහිදි මඩකලපුවේ අතිරික්ත වී ඒවා අවශ්‍ය දිවයිනේ වෙනත් පළාත්වලට ගෙන යනු ලැබීය. මහනුවර සිට මිණිපේ වෙල්ලස්ස හරහා මඩකලපුව දක්වා විහිදුණු මාර්ග තිබුණු අතර ඒවා දිගට මුස්ලිම් ජනාවාස බිහි විය. කොට්ටියාර් සහ මඩකලපුව වරායවලට යාත්‍රා කළ සම්පත් නම් කුඩා යාත්‍රා සිය ගණනින් දකුණු ඉන්දියාව සමග උද්‍යෝගවත්  ව වෙළෙඳ කටයුතු වල යෙදි සිටි බැව් පෙනේ.
පුත්තලම සහ කල්පිටිය වරායවල් ජනබහුල සරුසාර හත්කෝරලයට සම්බන්ධ විය. හත්කෝරලයේ නිෂපාදන, ප්‍රධාන වශයෙන් පුවක් සහ සහල්, මුස්ලිම් වෙළෙන්ඳන් විසින් තවලම් මගින් කල්පිටිය දක්වා ගෙනයාමට සිදු විය. මදුරාපුරයේ සහ තන්ජෝරයේ සිට පැමිණෙන විශාල යාත්‍රා සාමාන්‍යයෙන් කල්පිටියේ නැංගුරම් ලු බැවින් එසේ කිරීම අවශ්‍ය විය. පුත්තලම් – කල්පිටි වෙරළ තීරුව දිගට විශාල මුස්ලිම් ජනගහනයක් කේන්ද්‍රගත ව සිටි අතර කුමාර වන්නිය නම් වූ ඒ ප්‍රදේශයේ ප්‍රධානයන් ගෙන් යටත් පිරිසෙයින් එක් තැනැත්තෙක් හෝ මුස්ලිම්වරයෙක් වූයේය. ඔහු පුත්තලමේ දිසාව යටතේ ක්‍රියා කළේය. ඔහුගේ බල සීමා ප්‍රදේශය තුළ මුස්ලිම් මෙන් ම සිංහල ගැමියෝද වූහ.
යුරෝපීය ජාතිකයන් බටහිර මුහුදු තීරය දිගට පැළ පදියම් වී සිටිය බැවින් උඩරට රාජධානියේ දකුණු හා නිරිත දිග ප්‍රදේශවල අයට මුහුදට ප්‍රවේශ වීමේ ඍජු මාර්ගයක් නොවීය. එබැවින්, වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කරගැනීම සිදුවුයේ දේශ සීමාවේ පිහිටි රුබවන්වැල්ල, සීතාවක සහ කටුවන නගරවලදීය. මුස්ලිම්වරුන් තම තවලම් සමග මේ නගරවල වෙළහෙළඳාමේ යෙදුණු බැව් කිහිප තැනකම සඳහන් වී තිබේ. උඩරට රාජධානීයේ නිෂපාදන රුවන්වැල්ලේ දි සහ සීතාවක දී කොළඹ වෙළඳපොළට ලබාගත හැකි වු අතර කටුවනදී දකුණේ වෙළෙඳුන් සමග ගනුදෙනු සිදු කරන ලදී.

View of the harbor of Trincomale

View of the harbor of Trincomale

ඉස්ලාම් ආගමේ දේශපාලනමය, ආර්ථීකමය, සමාජයීය ක්‍රමය

ඉස්ලාම් ආගමේ දේශපාලනමය, ආර්ථීකමය, සමාජයීය ක්‍රමය ගැන විස්තර වශයෙන් සාකච්ඡා කිරීමට මෙම පරිච්ඡේදයේ ඇති ඉඩ ප්‍රමාණය ඉතා සීමිතය. අපරදිග උගතුන් විසින් ඉස්ලාම් ආගමට විරුද්ධව පතුරුවා හරින ලද වැරදි මතයක් ගැන මතු පළ වන ග්‍රන්ථ වල කරන අතර තුර ම, ඉහත සඳහන් කරුණු ගැන ද සවිස්තරව සාකච්ඡා කිරීමට හැකි වන බැවින් ඒ පිළිබඳ සෑහෙන අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. පහත සඳහන් කරුණු අපගේ පාඨකයන් ඉදිරියේ තැබීමට කැමැත්තෙමු.

පළමුකොට, ඉස්ලාම් ආගම හුදු විඥානවාදී, දර්ශනයක් නොවන බව අවබෝධ කරගත යුතුය. අනෙක් අතින්, එය මිනිස් වර්ගයාගේ නියම අවශ්‍යතා සම්පූර්ණයෙන් ආශ්වාදය කරමින් ඒවා හඳුනා ගැනීමට උත්සාහ කරන ප්‍රායෝගික ජීවන ක්‍රමයෙකි.
දෙවනුව, මිනිසාගේ නියම අවශ්‍යතා සපුරාලීමට උත්සාහ කිරීමේ දී, මනුෂ්‍ය ස්වභාවය අනූව ඉස්ලාම් ආගම එහි සම – තුලිතතාවක් ඇති කරයි. පුද්ගලයාගේ ශරීරය හා ආත්මය අතරත්, හේතුව හා ආධ්‍යාත්මය අතරත්, සමතුලිතතාවක් රැකෙන අයුරින් එය පුද්ගලයාගෙන් අරඹයි.
කිසි විටෙක එක් පැත්තකින් අනෙක් පැත්ත අභිභවනය කිරීමට ඉඩ නොදෙයි. ආත්මය ඉහළ තලයෙන්ම නැංවීම පිණිස මෘග ආශාවන් මර්දනය කිරීමක් එය නොකරයි. කාමුක ආශාවන් පිනැවීමේ දී මිනිසා තිරිසන් තත්ත්වය වැනි පහත් මට්ටමකට පත් කිරීමක් ද නොකරයි. එය කරන්නේ, මනුෂ්‍ය ආත්මයේ පැවැත්මට තර්ජනය කරන එසේ නැතිනම්, එහි එක් කොටසක් අනෙක් කොටස්වලට විරුද්ධ ව තබන, අභ්‍යන්තර මානසික ගැටුම් ඉවත් කොට, අර අංශ දෙක එක් උසස් තැනක දී හමු කිරීමයි. මේ නිසා එය පුද්ගල අවශ්‍යතා අතර සම-තුලිත බවක් ඇති කිරීමට කි්‍රයා කරයි. එය පුද්ගලයන් හෝ සමාජය පාගාගෙන ඉඳීමට එක් පුද්ගලයකුට කිසි විට ඉඩ නොදෙයි. එසේ ම පුද්ගලයෙකු පාගාගෙන හිඳීමට සමාජයට ද ඉඩ නොදෙයි. එක් පන්තියකට හෝ මනුෂ්‍ය කොට්ඨාශයකට තවත් පන්තියක් හෝ මනුෂ්‍ය කොට්ඨාශයක් වාලූන් කර ගැනීමට එය ඉඩ නොදෙයි. අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ සියලූ බලවේගවල දී, ඔවුනොවුන් අතර ගැටුම් වළක්වයි. ඔවුනට එකට අත්වැල් බැඳ ගැනීමට අනුශාසනා කරයි. මිනිස් වර්ගයාගේ පොදු යහපත පිණිස එක්සත් වන ලෙස කියයි. ඉස්ලාම් ආගම මේ අයුරින් සංවරශීලී, සුභසාධක ක්‍රමයක් අනුගමනය කරයි.


මෙසේ, ඉස්ලාම් ආගම ආධ්‍යාත්මික හා බාහිර අංශ අතරේත්, ආර්ථීක හා මානුෂික අංශ අතරේත් යන විවිධ සමාජ අංශ අතර සම තුලිතතාවක් රැකගනියි. කොමියුනිස්ට් වාදය පිළිගන්නාක් මෙන්, මානුෂික් පැවැත්ම ආර්ථීක කරුණු භෞතික පැත්ත විසින් අභිභවනය කරනු ලැබේය යන්නත් ඉස්ලාම් ආගම විශ්වාස නොකරයි. මනුෂ්‍ය ජීවිතය සංවිධනාය කිරීමට උසස් අදහස් වල ආධ්‍යාත්මික පක‍ෂය පමණක් සෑහේය යනුවෙන් පවිත්‍ර ආධ්‍යාත්මාවදීන් හා විඥානවාදීන් කරන ප්‍රකාශයට එය එකඟ නොවේ. මනුෂ්‍ය සමාජය ගොඩනැගෙන්නේ එක් කෙනෙකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් නොව විවිධාකාර මූලයක් එකතුවීමෙන් බව ඉස්ලාම් ආගම පිළිගනියි. මේ සියල්ල සැලකිල්ලට ගෙන ශරීරයට, බුද්ධියට හා ආත්මයට සම්පූර්ණයෙන් ඉඩ දී, ඒවා සාමකාමී රාමුවක් තුළ සංවිධානය කිරීම හොඳ ම ජීවන පද්ධතිය බව ද ඉස්ලාම් ආගම පිළිගනියි.
වෙතනුව, සමාජ දර්ශනයක් වශයෙන් හා ආර්ථීක ක්‍රමයක් වශයෙන් ඉස්ලාම් ආගමේ සම්පූර්ණ නිදහස් පැවැත්මක් ඇති බව සිහි තබා ගත යුතුය. එහි සමහර බාහිර ගති ලක‍ෂණ ධනවාදයට හෝ කොමියුනිස්ට් වාදයට සමානයයි මතුපිටින් පෙණුන ද, ඇත්ත වශයෙන්, මේ එකක්වත් නොවේ. මෙම ක්‍රමවල වැරදි සහ නොගැලපෙන තැන් ඉවත් කොට හොඳ ලක‍ෂන පමණක් එය රඳවා ගනියි. සමාජ ක්‍රමයෙහි පදනම පුද්ගලයා ය යනුවෙන් සලකන වර්තමාන අපරදිග පවත්නා ගති ලක‍ෂණවල තත්ත්වයට ම නොවැටි ඉස්ලාම් ආගම පුද්ගලවාදය පිටුදකී. පුද්ගලයාගේ නිදහස සෑම අතින්ම ආරක‍ෂා විය යුතු යයි ද, සමාජය විසින් කිසිම හේතුවක් නිසා එම නිදහසට ඇඟිලි නොගැසිය යුතු යයි ද කියයි. පුද්ගල නිදහස යන සංකල්පය මත ගොඩනැගුණු, අපරදිග වර්තමාන ධනවාදය නමැති විෂ බීජය විසින් පුද්ගලයා හදා වඩා ආරක‍ෂා කළ ජන සමාජය ඇතුළු අනිකුත් අය සූරාකනු ලබයි. සමාජයේ වැදගත්කම හොඳින් අවබෝධ කරගත් ඉස්ලාම් ආගම පෙරදිග යුරෝපීය රටවල දක්නට ලැඛෙන අන්දමේ අන්තයකට යන්නේ නැත. මනුෂ්‍ය ජීවිතයේ පදනම වූ සමාජය තුළ පුද්ගලයෙක් යනු ස්වකීයයි පැවැත්මක් නැති, තම රංචුවෙන් නිදහස් විය නොහැකි, නොවැදගත් වාහනයෙකියි එම යුරෝපිය රටවල් සිතයි. මේ නිසා නිදහස හා බලය විඳින්නේ සමාජයයි. ඒ පිළිබඳ ව ප්‍රශ්න කිරීමට හෝ තම අයිතිවාසිකම් ඉල්ලා සිටීමට හෝ පුද්ගලයාට කිසිම බලයක් නැත. මේ අයුරින් පුද්ගල ජීවිත කැමැති පරිදි හැඩ ගැස්වීමේ පරම බලය ඇත්තේ රාජ්‍යයටයයි යන ආකල්පය සහිත ව කොමියුනිස්ට් වාදය බිහි විය.
ඉස්ලාම් කොමියුනිස්ට් වාදයටත්, ධනවාදයටත් අතරමැදී සම-තුලිතතාවක් ඇත්තකි. පුද්ගලයාට තම සහෝදර ජනතාව පාගා ගැනීමට නොව, ඔහුගේ දක‍ෂතාවන් වැඩි දියුණු කර ගැනීමට නිදහස අවශ්‍ය යන්න හා පුද්ගලයා හා රාජ්‍යය අතර සාමය පැවතිය යුතුය යන්න ද පිළිගනිමින්. ජන සමාජයටත්, සංවිධාන වූ ජන සමාජයක ලක‍ෂණය වූ රාජ්‍යයටත්, මනුෂ්‍ය ජීවිතයේ මෙම සාමය ආරක‍ෂා කොට පවත්වාගෙන යාමට හා කි්‍රයාත්මක කිරීමටත්, සමාජ ආර්ථීක සම්බන්ධතා පාලනය කිරීමටත් විශාල බලතල ලබාදෙයි. ඉස්ලාම් ආගමට අනූව මෙම සම්පූර්ණ සැකිල්ලෙහි පදනම වන්නේ පුද්ගලයන් හා සමූහ අතර පවත්නා අන්‍යෝන්‍ය ආදරයයි. එය ගොඩනගා ඇත්තේ ඔවුනොවුන් අතර කුළල් කා ගැනීම් මතවත්, කොමියුනිස්ට් සමාජවල දක්නට ලැඛෙන පන්ති අරගල මතවත් නොවේ.
ඉස්ලාම් ආගම දකින අයුරින්, මෙම උසස් ජීවන ක්‍රමය කිසියම් ආර්ථීක පීඩනයක් නිසා ඇති වූවක් හෝ, අන්‍යෝන්‍ය විරුද්ධවාදී මිනිස් සමූහවල පරස්පරව ගැටෙන අවශ්‍යතා නිසා ඇතිවූවක් හෝ නොවේ. මෙපමණක් නොවේ, මෙම ක්‍රමය, ප්‍රබුද්ධ ජීවන ක්‍රමයක් වශයෙන් ලෝකයට එළිදරවු කරන ලද්දේ මිනිසුන් ආර්ථීක කරුණු වලට විශේෂ වැදගත් තැනක් දුන් අවධියකදී නොවේ. වර්තමානයේ අප දක්නා අරුතින් සමාජ සාධාරණය පිළිබඳ ව කිසිවක් ඔවුන් දැන සිටියේ නැත. කොමියුනිස්ට් වාදය හා ධනවාදය පශ්චාත්කාලීන වර්ධනයෝ වෙති. මනුෂ්‍ය ජීවිතයෙහි සමාජ හා ආර්ථීක අංශයන්හි ප්‍රතිසංස්කරණ ගැන සලකන විට, කාල්මාක්ස්ගේ නම සාමාන්‍යයෙන් සම්බන්ධ වී පවත්නා, මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාර, නිවාස හා ලිංගික තෘප්තිය යන කරුණු සඳහා ප්‍රතිපාදන සැලසීම රජයක යුතුකමයි. මෙම අදහස මනුෂ්‍ය චින්තනය පිළිබඳ ඉතිහාසයේ මහා විප්ලවයක් ඇති කළේ ය. එහෙත්, කාල්මාක්ස්ට බොහෝ කලකට පෙර, අවුරුදු එක් දහස් තුන්සියකට පෙර, ඉස්ලාම් ආගම ලෝකය ඉදිරියේ පුද්ගලයාගේ මෙම අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශ කළේය.

මේ අයුරින් අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන් මෙසේ කීය: —අප සඳහා (ඉස්ලාමීය රාජ්‍යය) යම් කිසිවෙක් රාජ්‍ය සේවකයකු ලෙස කි්‍රයා කරන්නේ ද, ඔහුට භාර්යාවක් නැත්තේද, ඔහුට භාර්යාවන් සිටිය යුතුය. නිවසක් නැතිනම් ජීවත් වීම සඳහා ඔහුට නිවසක් ලබා දිය යුතුය. සේවකයෙකු නැත්නම් සේවකයෙකු සොයා ගත යුතුය. ඔහුට (සත්වයෙකු) වාහනයක් නැතිනම් සත්වයෙකු සොයි දිය යුතුය.˜ මෙම මූලික අයිතිවාසිකම් පිළිබඳ ඓතිහාසික ප්‍රකාශනයෙහි අන්තර්ගත වන්නේ කාල් මාක්ස් කියූ දෙය පමණක් නොවේ. පන්ති අතර ද්වේශයක් නැතිව, ලේ ගලන විප්ලව නැතිව, ආහාර, නිවාස හා ලිංගික තෘප්තිය හා පෙර කී මූලයන් ප්‍රතිෙක‍ෂ්ප කිරීමක් නැතිව, කාල්මාක්ස් කියූ දෙයට වැඩිපුර දේ එහි අඩංගු වේ.
මේවා ඉස්ලාමීය ජීවන පද්ධතියේ කැපී පෙනෙන ලක‍ෂණ ය. එබඳු නීති හා මූල ධර්ම සහිත වූ ද, මානුෂික පැවැත්ම, හැඟීම්, සිතුවිලි, කි්‍රයා, වන්දනා, ආර්ථීක කටයුතු, සමාජ සම්බන්ධතා, ආශාවේග හා ආධ්‍යාත්මික ප්‍රාර්ථනා ආදී සියල්ල ඇතුළත් වූ ද, සරල සාමකාමී උතුම් ජීවන ක්‍රමයක් පිළිබඳ රාමුවක් තුළ සංවිධානය කරන ලද, ආගමක් එහි මනුෂ්‍යයාට ඇති ප්‍රයෝජනවත් බව කවදාවත් නැති නොවේය යන්න තහවුරු කිරීමට මේවා ප්‍රමාණවත් වෙයි.
එබඳු ආගමක සහ ජීවිතයේ අරමුණු සමාන බැවින් එම ආගම කවදාවත් විනාශ වන්නට බැරිය. මේ නිසා පෘථීවිය මතුපිට ජීවය පවත්නා තුරු එය පවත්නේ ය.
සමකාලීන ලෝක තත්ත්වය ගැන සලකා බලන විට, මිනිස් වර්ගයාට ඉස්ලාම් ආගමට පරාංමුඛ වීමට හෝ එහි ජීවන ක්‍රමය ප්‍රතිෙක‍ෂ්ප කිරීමට හෝ පුළුවන්කමක් නැත. ඒ නිසා ප්‍රබුද්ධ විසිවැනි සියවස තුළ ජීවත් වන මිනිසා තවමත් අතිශයින් මිලේච්ඡ වූ ද, අමිහිරි වූ ද සමාජ අසාධාරණකම්වල නියුක්ත වී සිටී.

ඇමරිකාව හා දකුණු අප්‍රිකාව මෙයට සාධක සපයයි. ඇත්ත වශයෙන්ම විසිවැනි සියවසේ ලෝකය විසින් ඉස්ලාම් ආගමෙන් උගත යුතු බොහෝ දේ ඇත. බොහෝ කලකට පෙර ඉස්ලාම් ආගම සියලූ සමාජ අසාධාරණකම්වලින් මනුෂ්‍යත්වය මුදා ගත්තේ ය. සමානාත්මතාව පිළිබඳ විචිත්‍ර චිත්‍රයක් එහි අඩංගුවූයේ පමණක් නොවේ. භක්තියෙන් මිස අන්‍යයන් මත ප්‍රමුඛතාවයක් කිසිවකුට ලැබිය නොහැකි යයි ප්‍රකාශ කරමින් කලූ, සුදු හා රතු මිනිසුන් අතර අද්විතීය සමානාත්මතාවක් ප්‍රායෝගික වශයෙන් ම එය ලබා ඇත. එය කළු මිනිසුන් වාල් බවින් මුදා ගත්තා පමණක් නොව, ඉස්ලාම් රාජ්‍ය තුළ උසස්ම තත්ත්වයට පැමිණීමට ඔවුන්ට ඇති අයිතිවාසිකම් ද පිළිගත්තේය. නිදහස් පුද්ගලයන් මෙන් ඔවුන්ට ඉස්ලාම් රාජ්‍යයේ ප්‍රධානීන් වීමට හැකිය. අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන් මෙසේ කීය: —නීග්‍රෝ වාලකු ඔබගේ ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබුවහොත් ඔහු අල්ලාහ්ගේ නීතිය ඔබ කෙරෙහි බල පවත්වන තාක් කල් ඔහුට සවන් දෙන්න. ඔහුට කීකරු වන්න.˜
අධිරාජ්‍යවාදයේ හා අත්තනෝමතිකත්වයේ පාපයන්ට හා මිලේච්ඡ ලක‍ෂණවලට මැදි වූ වර්තමාන ලෝකය තමන් බැඳ ඇති යදම් බිඳ දැමීමට ඉස්ලාම් ආගමට පමණක් හැකිය යන ඉස්ලාම් පණිවුඩය කෙසේ අමතක කළ හැකි ද? අධිරාජ්‍ය වාදයටත් සියලූ ආකාර සූරාකෑම්වලටත් ඉස්ලාම් ආගම විරුද්ධය. දෙවියන් වහන්සේගේ වචනය පතුරුවා හැරීමේ අදහසින් ඉස්ලාම් ආගම විසින් දිනාගන්නා ලද රටවල මිනිසුනට කරන ලද සැලකිල්ල කෙතරම් පරාර්ථකාමී ද? උතුම් ද? යන්න සිතා ගැනීමට පවා —ශීලාචාර˜ යුරෝපයට නොහැකි ය. මේ කරුණෙහි දී, උමර් බින් අල් කත්තාබ් කලීෆා (පාලකයා) ගේ ප්‍රසිද්ධ තීරණයක් සඳහන් කිරීමට කැමැත්තෙමු. ඊජිප්තුවේ ජයග්‍රාහී ජනරාල් වරයකු වූ ද, ගෞරවනීය ආණ්ඩුකාරයා වූ ද අම්ර් බින් අල් ආස් (රලි) තුමන්ගේ පුත්‍රයාට කිසිදු නෛතික සාධාරණත්වයක් නැතිව ඊජිප්තු කි්‍රස්තියානිකාරයාට පහර දීමේ හේතුවෙන් කස පහර දීමට නියම කළේය. තම කීර්තිමත් පියා නිසා ඔහු පාලක තුමාගේ කස පහරින් බේරුණේ අනූනවයෙනි.
ඉස්ලාම් රාජ්‍යයේ වැසියන් බුක්ති විඳින සිවිල් නිදහස කෙතරම් ද යන්න මෙම කරුණින් පැහැදිළි වෙයි.
ජීවිතයට විස කැවූ ධනවාදයේ පාපය ඊට පසු දක්නට ලැබිණ. එය නැතිකර දැමීමටත් මනුෂ්‍ය ජාතිය එහි දුෂ්ට විපාකයන්ගෙන් මුදවා ගැනීමටත් නැවතත් ඉස්ලාම් ආගම අවශ්‍ය විය. ධනපති ආර්ථීකයක ලක‍ෂණ වූ ගිනි පොලිය, ධනය රැස්කොට සඟවා තැබීම, ඉස්ලාම් ආගම විසින් තහනම් කරනු ලැබේ. වෙනත් වචනවලින් කියනවා නම්, මෙහි මීට අවුරුදු එක් දහස් තුන්සියයකට පෙර කළාක් මෙන්. ඉස්ලාම් ආගමට පමණක් ධනපති වාදයේ පාපයන් සාර්ථක ලෙස නැවැත්විය හැකි බවය. මිනිස් හදවතේ ආධ්‍යාත්මික ස්පන්දනය වියලවන්නේ නැතිව, සමාජ සාධාරණය පවත්වා ගැනීමට ඉස්ලාම් ආගමෙන් තරම් උපකාරයක්, භෞතික වාදී අදේව වාදී කොමියුනිස්ට් වාදය විසින් ජය ගන්නා ලද ලෝකයේ නොලැඛෙයි. ඉස්ලාම් ආගම මිනිසාගේ ලෝකය පටු හැඟීම් සහිත ලෝකයකට සීමා නොකරයි. මේ හැමට ම වඩා, ඉස්ලාම් ආගම පහත් පන්තියේ ඒකාධිපතීත්වයක් උපයෝගි කොටගෙන මනුෂ්‍ය වර්ගයා මත බලහත්කාරයෙන් තම ආගමික දර්ශනය කි්‍රයාත්මක කිරීමට අදහස් නොකරයි. උනන්දුවක් ද නොදරයි.
ආගමේ අනිවාර්ය බවක් නැත. ඇත්ත වශයෙන් ම ගුණවත් බව කෘෘර බවෙන් වෙන්ව කැපී පෙනෙනු ඇත.˜ (අල්කුර්ආනය 2: 256).
අවසාන වශයෙන්, තවමත් යුද්ධයේ සෙවනැලි වලින් වැසුණු ලෝකයට, පෘථීවිය මතුපිට සාමය ඇති කොට පවත්වාගෙන යා හැකි එකම මාර්ගය වන ඉස්ලාම් දෙස නොහැරී සිටිය නොහැකි ය.
ඉස්ලාම් යුගය ආරම්භ වූවා පමණකි. අවසන් වී නැත. එය සිඳී ගිය බලවේගයක් නොවේ. ජීවමාන ගතික බලවේගයකි. යුරෝපය මධ්‍යතන යුගයේ අඳුරු අගාධවල මාර්ගය සොයමින් බඩ ගෑ යුගයෙහි, පොළෝ තලය ආලෝකවත් කළ ඉස්ලාම් ආගමේ ඒ දීප්තිමත් ඓතිහාසික අතීතය මෙන් ම එහි අනාගතය ද දීප්තිමත් ය.
ශ.ද්ධවූ කුර්ආනය මෙසේ සඳහන් කරයි: —ඔබගේ වාලූන් පිළිබඳව ද එසේ ය. ඔවුන් තුළ පවත්නා කිසියම් යහ ගුණයක් ඔබ දන්නේ නම් ඔවුනට පෙනෙන පරිදි ඔවුන් නිදහස් කිරීම පිළිබඳ ප්‍රකාශනය ලියන්න. අල්ලාහ් ඔබට යම් ධනයක් ප්‍රදානය කොට ඇත් ද, එම ධනය ඔවුනට ද ප්‍රදානය කරන්න.˜ (අල්කුර්ආනය 14: 33).
ඉස්ලාම් ආගම මොනම ක්‍රමයක හෝ මිථ්‍යා විශ්වාසයන්ට විරුද්ධ බැවින් එයට මිනිස් බුද්ධිය වර්ධනය කිරීමේ ශක්තියක් ඇත. පසුගිය කාල පරිච්ඡේදවල දී මනුෂ්‍යත්වය, චින්තනය පිළිබඳ විවිධ අසාධාරණකම්වලට හා මිනිසාගේ අභිරුචියට අනූව හැඩ ගැසුණු සමහර පුරුදුවලට ගොදුරු වූ බව පෙනෙන අතර සමහර ඒවා මිනිසා විසින් නිර්මාණය කරන ලද දෙවියන්ගෙන් පැවතෙන බව ද පෙනේ. මේ අයුරින් මිනිස් බුද්ධිය ඉස්ලාම් ආගම පැමිණීමට පෙර අණ්ධකාරයේ බඩගාමින් තිබිණ. ඉස්ලාම් ආගම පැමිණීමත් සමග ම මිනිස් බුද්ධිය පරිණත බවට පත්විය. බහුබූත අදහස් වලින්, ඊනියා දෙවිවරුන්ගෙන්, යුදෙවු සම්ප්‍රදායන්ගෙන් හා ඛෙලහීන කි්‍රස්තියානි පල්ලියෙන් ද මුදවනු ලැබූ එම මිනිස් බුද්ධිය යළිත් වරක් සත්‍ය විශ්වාසයේ හා සත්‍ය දෙවියන් වහන්සේගේ අභියසට පමුණුවන ලදී.

ඉස්ලාම් පවසන දේව විශ්වාසය කුමක්ද? එය අවබෝධ කරගත යුත්තේ කෙසේද?

මිනිසාගේ බුද්ධීය දිනෙන් දින දියුණු වෙත්ම වඩ වඩාත් මත බේදයන්ට හා අභියෝගයන්ට තුඩුදෙන කාරණයක් බවට “දේවවාදය” පත්වෙමින් පවතී.
එක් පසකින් දේව වාදයට පාක‍ෂිකව පිරිසක් කරුණු ඉදිරිපත් කරද්දී තවත් පසෙකින් එයට විවේචනයන් හා අභියෝගයන් ඉදිරිපත් වෙමින් පවතී. මිනිසා බුද්ධියේ වර්ධනයත් සමග දේව විශ්වාසය හා බැදුනු මන:කල්පිතයන් හා පුරාවෘත්තයන් පිලිබදව මිනිසා වඩ වඩාත් බුද්ධිමත්ව සිතන්නට විය. එසේ සිතීමේ ප්‍රථිපලයක් ලෙස එක් පසකින් එම විශ්වාසයන් ප්‍රශ්නාර්ථයක් වන ගමන් එම ආගම් ද ප්‍රශ්නාර්ථයක් බවට පත්විය. මෙහි අනිසි ප්‍රථීපලයක් ලෙස මිනිසා අදේව වාදයට තලලූවිය.
මෙවැනි තත්වයකට මිනිසා පත්වීමට අතීතයේ පැවතී විශ්වාසයන් වන හිරු, සදු, ගස්, ගල්, ගින්දර…….. ආදී දෑ දේවත්වයෙන් සලකා වන්දනාමාන කිරීම
මෙන්ම අද පවතින දේව වාදයන් ද බොහෝසේ පිටිවහලක් විය.
උදාහර්ණයක් ලෙස එදා බ්‍රාහ්මණ සමාජයේ පැවතී විශ්වාසය වන බ්‍රාහ්මයාගේ කටින් මැවු පිරිස බ්‍රාහ්මණයෝ, අත්දෙකෙන් මැවු පිරිස ක්ෂත්‍රීයෝ, කලවාවලින් මැවු පිරිස වෛශ්‍යයෝ, හා යටිපතුලින් මැවු පිරිස ක්ෂුද්‍රයෝ යන විශ්වාසය ගෙනහැර දැක්විය හැක. මෙවැනි විවිධ ආකාරයේ දේව සංකල්පයන් හමුවේ වල්මත්වී ගිය සමාජය ඉස්ලාම් දහම පවසන දේව විශ්වාසයත් එවැනිම දේව සංකල්පයක් යයි උපකල්පනයේ හිද ඉස්ලාම් හි දේව විශ්වාසය ද විවේචනය කිරීමට අද සමාජය පෙළඹී සිටි. එම නිසා මෙවැනි පදනම් විරහිත විවේචකයන් හට ඉස්ලාම් පවසන දේව විශ්වාසය කුමක්ද? එය අවබෝධ කරගත යුත්තේ කෙසේද? වැනි කරුණු පිලිබදව පුර්ණ අවබෝධයක් ලබාදීමත් සමාජයට මේ පිලිබදව දැනුවත් කිරීමත් මුස්ලීම්වරුන්ට පැවරෙන අනිවාර්‍ය වු වගකීමකි.

එසේම දේව විශ්වාසය පිලිගන්නා සමාජයේ සිටින බහුතරයක් තම දහම කෙරෙහි තිඛෙන අනවබෝධය නිසාත් දේව විශ්වාසය කෙසේ වෙතත් අන්‍ය ආගමිකයින් සමග තමාගේ ඇති සාමුහිතක්වය පෙන්වීම සදහාත් ජනප්‍රිය මතයක් ඉදිරිපත් කරයි. එනම් “සියලූ ආගම් එකයි හැම ආගමේම කියන්නේ එකම දේ තමයි” යනුවෙන් පවසයි.

මෙය බැලූ බැල්මට සත්‍යයක්සේ පෙනුනත්, අද ලොව පවතින ආගම්වල විශ්වාසයන් පිලිබදව මධ්‍යස්ථව හිද අවධානයක් යොමුකලේ නම්, ඉහත වාදය කිසිසේත් ප්‍රයෝගික විය නොහැකි හිස් වචනයක් පමණක්ම බව හොදින් පැහැදිලි වේ. මන්ද එක් ආගමක් බහුදේව වාදය පවසද්දී තවත් ආගමක් ඒකදේව වාදය ඉදිරිපත් කරයි. එසේම තවත් දහමක්”දෙවියන් යනු බලයක් නොමැති දුර්වල වු මැවීමක්, ඒ දෙවියන්ට ප්‍රබලවු ශක්තීන් නැත. විටෙක ඔවුන් මිනිසුන්ට වඩා දුර්වලයි. කොතරම් දුර්වලද යයි පවසනවා නම් මිනිසුන්ගෙන් ලැඛෙන පිං අනුවයි ඔවුන් ජීවත් වන්නේ.” යනුවෙන් පවසයි.

“සියල්ලෙහිම බලධාරියා ඔහුයි, ඔහු සුපිරි බලයක්, සර්වඥානියෙක්”යයි තවත් දහමක් පවසයි. ඉහත මතයන් සියල්ල වර්ථමාන ලාංකීය සමාජයේම දක්නට ඇත. මෙම මතයන් සියල්ල එකින් එකට පරස්පරය. එසේම ඉහත මතයන් දරණ කිසිදු දහමක් තවත් දහමක ප්‍රතිපත්තීන් නිවරුදි යයි ද නොපවසති. එනම් සෑම ආගමක්ම තමන්ගේ මාර්ගය හරියයි පවසනවා මිස, සියලූ මාර්ගයන් නිවරුදි යයි කිසිසේත් නොපවසයි. එවන් තත්වයක අප ඉදිරියේ බැරූරැම් ප්‍රශ්නයක් ඇත. එනම්,
මේවා අතුරින් නිවරුදි මාර්ගය කුමක්ද? එය දෙමාපියන්ගෙන් උරුම වු මාර්ගයද?
අද අපට බොහෝ විට පිලිපදින්නේ මා පියන්ගෙන් උරුම වු මාර්ගයයි. මෙය අන්ධ වු භක්තියක. තවදුරටත් එලෙසම ජීවත්වී මියයනවාද? එසේත් නැත්නම් නිවරුදි මාර්ගය අවබෝධ කරගන්න උත්සාහ කරනවාද? මෙම ගැටලූව විසදා නොගන්නේ නම් අප කුමණ දහම අනුගමනය කලත් මරණින් මතු ජීවිතය ප්‍රශ්නාර්ථයක් වනවා නියතය. මේ හේතුව නිසා දේව ව්ශ්වාසය කෙරෙහි බුද්ධිමත් අවධානය යොමුකිරීම මිනිසාගේ මුලිකම අවශ්‍යතාවයක් වී ඇත. මෙවැනි අවස්ථාවක ඉස්ලාම් හි දේව විශ්වාසයේ ස්ථාවරය කුමක්ද? යන්නත්, එසේ ඉස්ලාමීය දේව විශ්වාසය ඉදිරිපත් කරද්දී එයට විරුද්ධව එල්ලවන චෝදනාවන් කුමක්ද? යන්නත්, එම චෝදනාවල ඇති සාධාර්ණත්වය කොපමණද? යන්නත් පිලිබදව සමාජය දැනුවත් කිරීමේ අනිවාර්‍ය වගකීම මුස්ලීම්වරුන් වෙත පැවරී තිබේ.
ඉස්ලාම් පවසන දේව වාදය,
ඉස්ලාම් දහමේ විශ්වාසය අනුව දෙවියන් “අල්ලාහ්” (Allah) යනුවෙන් හදුන්වයි. අද අප  සමාජය විශ්වාස කරන විවිධ දෙවිවරුන් විවිධ භාෂාවලින් විවිධ ආකාරයට හදුන්වනු ලබයි. නමුත් ඉස්ලාම් දහම පවසන දෙවියා ඕනෑම භාෂාවකින් හදුන්වනු ලබන්නේ “අල්ලාහ්” යනුවෙන් පමණි.

මෙම “අල්ලාහ්” යන පදය වෙන කිසිවක් සදහා නොයෙදෙන එසේම යෙදිය නොහැකි වචනයකි. මන්ද දෙවියන් (God) යන පදය සැලකුවිට දෙවිවරුන් (Gods) යන බහුවචනයක්ද, දේවතාවිය (Goddess) යන ස්ත්‍රි ලිංග බේදයක්ද ඇත. නමුත් “අල්ලාහ්” යන පදයට බහු වාචික පදයක් හෝ ලිංග බේදයක් හෝ නැත. මෙය දෙවියන්ගේ අසමසම බවට එක් නිදසුනකි. එම අසමසම දෙවියන් වු අල්ලාහ් දෙවියන් තමා හදුන්වාදීමේ දී ශ.ද්ධ වු කුර්ආනයේ 40-64,65 හි මෙසේ පවසයි.
“අල්ලාහ් (දෙවියන්) නුඹලාට පොළොව වාසස්ථානයක්ද අහස වියනක්ද කලේය. තවද ඔහු නුඹලාව මුර්තිමත්කොට නුඹලාගේ ස්වරූපය අලංකාර කොට යහදෙයින් නුඹලාට සම්පාදනය කලේය. ඔහුයි නුඹලාගේ හිමි අල්ලාහ්. සියලූ ලොවෙහි අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. ඔහු සදාතනිකය, ඔහු හැර වෙන දෙවියෙක් නැත.”


ඉහත කුර්ආන් වාක්‍යයෙන් දෙවියන් තමා “අල්ලාහ්” යනුවෙන් හදුන්වාදීමෙන් නතර නොවී තවත් සුවිශෙෂ වු කරුණක් ඒ හා බද්ධ කොට පවසයි. එනම් “මා හැර වෙන දෙවියෙක් නැත” යන්නයි. ඉස්ලාම් ඒකදේව වාදය මුලික පදනමක් කරගත්, බහුදේව වාදය ප්‍රතිෙක‍ෂ්ප කරන දහමකි. ඉස්ලාමයේ ඉගෙන්වීමට අනුව “අල්කුර්ආනය” යනු දෙවියන්ගේ වාක්‍යයන් පමණක් අන්තර්ගත වු ශ.ද්ධවු ග්‍රන්ථයකි. එහි සදහන් ආකාරයට ආරම්භ මිනිසාගේ පටන් දහස් ගනන් වක්තෘවරුන් (දුතයන්) එවන ලද්දේ මෙම ඒකදේව වාදය පොළොවෙහි ස්ථාපනය කිරීම සදහාය. එය ශ.ද්ධවු කුර්ආනයේ 21-25 හි මෙසේ සදහන් වේ.
” මා හැර වෙන දෙවියෙක් නැත, යන්න පවසා මිස දේව දුතයකු නොඑව්වෙමු ”

මෙසේ ඉස්ලාම්, දේව වාදය ඉදිරිපත් කරද්දී ඉස්ලාම් හි දේව විශ්වාසය කුමන ආකාරයේ ද යන්න අවබෝධ කරගැනීම ද ඉතා වැදගත් කාරනයකි. මන්ද ඉස්ලාම් පවසන දේව වාදය පිලිබදව කිසිදු අවබෝධයක් නොමැති තමන් විද්වතුන් යයි පවසා ගන්නා ඇතම් පිරිස් එදා අතීත නොදියුණු මිත්‍යාවන් හි ගිලී පැවති බ්‍රාහ්මණ සමාජයේ විශ්වාසයන් වන මිනිස් මැවීම මහා බ්‍රහ්මයාගේ මුඛයෙන්, අත් දෙකෙන්, කලවාවලින් හා යටිපතුලෙන් යන එම මිත්‍යා විශ්වාසය ඉස්ලාම් දහම ද පවසන බව උපකල්පනය කරමින් ඉස්ලාම් දහමේ දේව වාදය විවේචනය කරයි.

මෙසේ විවේචනයන් ඉදිරිපත් කරන්නන් අතර බෞද්ධයින් ප්‍රධාන තැනක්ගනී. බෞද්ධයින් එසේ විවේචනය කිරීමට ප්‍රධාන හේතුන් 02ක් ද ඇත.

එනම්,
·        දේව වාදය කෙරෙහි බෞද්ධයින් තුල තිඛෙන දුර්වල වු විශ්වාසය. (එනම් දෙවිවරුන්ට වඩා උතුම් වු ස්ථානයක් තමා බුදුබව ලැබීම. එම තත්වය ලබාගැනීම සදහා දෙවිවරුන් ද පෙරුම් පුරයි. එසේම දෙවිවරුන් ජීවත්වීම සදහා මිනිසුන්ගේ පිං ද අවශ්‍ය වේ.)
·        බ්‍රහ්මණ සමාජයේ මහා බ්‍රහ්ම විශ්වාසය එදා ගෞතම බුදුන් කාල වකවානුවේ ඉන්දියාවේ පැවතී අන්ධ විශ්වාසයකි. එදා ගෞතම බුදුන්හට කරන්නට සිදුවුයේ මෙම මිත්‍යා මතයෙන් ජනයා මුදවා ගැනීමයි. ඒ සදහා එම මහා බ්‍රහ්ම විශ්වාසය දැඩිව විවේචනය කිරීමටද සිදුවිය.
ඉහත සදහන් හේතුන් නිසා අද බහුතරයක් බෞද්ධයින් තුල ඇත්තේ දුර්වලූ වු දේව විශ්වාසයකි. නමුත් බුදු දහම පවසන දේව වාදය හා එදා බ්‍රහ්මණ සමාජයේ පැවති දේව විශ්වාසය ඉස්ලාම් දහම පවසන දේව වාදයට වඩා පරස්පර වු එකකි. එම නිසා ඉස්ලාම් හි දේව වාදය විවේචනය කිරීමට නම් ඊට ප්‍රථමයෙන් ඉස්ලාම් පවසන දේව විශ්වාසය කුමක්ද? යන්න පිලිබදව අධ්‍යනය කිරීම කල යුතු අනිවාර්‍ය කාරණයකි.
ඉස්ලාම් දහම උගන්වන දේව විශ්වාසය වන්නේ “දෙවියා” යනු “සර්වබලධාරීයා” යන්නයි. එනම් සියල්ල කෙරෙහි බලය ඔහු සතුය ඔහු සර්වපාලකයාය එනම් මු`එ විශ්ව පාලනයම ඔහු සතුය, ඔහු සර්වඥානියාය, එනම් සියල්ල කෙරෙහි (අතීතය, වර්ථමානය හා අනාගතය පිලිබදව) ඥානය ඔහු සතුය, ඔහු මැව්ම්කරුවාණන්ය, එනම් සියල්ල මවන ලද්දේ ඔහු විසිනි, ඔහු සදාකාලිකය, එනම් ඔහුට ආරම්භයක් මෙන්ම අවසානයක්ද නැත, ඔහුට කිසිවක් (පිං, ළමයි, බිරිද, දෙමාපියන්, ආහාර…..) කෙරෙහි අවශ්‍යතාවයක් නැත්තේය, ඔහුව කිසිවකටත් සමකල නොහැක. එසේම කිසිවක් ඔහුට සමකල නොහැක. ඔහු ජාතක නොකරන්නේය, ඔහුද ජාතක කරනු නොලැබීය, ඔහු මහා කාරුණිකය, පරම දයාලූය…………. මේ ආකාරයට පෙලගස්සාගෙන යාහැකි වුවත් ලිපිය දීර්ඝ වීම සැලකිල්ලට ගෙන ප්‍රධානම කරුණු කිහිපයක් පමණක් ඉහතින් සදහන් කර ඇත්තෙමු. සියල්ල කෙටිකොට පවසනවා නම් සියල්ලෙහිම ශ්‍රේෂ්ඨතමයා “දෙවියාය”. ඉහත සදහන් මුලික කරුණු කෙටිකොට ශ.ද්ධ වු කුර්ආනයේ කුඩා පරිච්ඡේදයක එනම් 112-1 සිට 4 දක්වා දෙවියන් මෙසේ පවසයි.


“ඔහු ඒකීය යයි කියව. ඔහු සදාකාලිකය. ඔහුගේ බලය අසීමිතය. ඔහු ජාතක නොකරන්නේය. ඔහුද ජාතක කරනු නොලැබීය. ඔහුට සමාන වන කිසිවක් නැත”

මිනිසුන් අතරින් දෙවියන් නොආවේ ඇයි ?

බහුතරයක් විමසන මෙම ජනප්‍රිය ප්‍රශ්නය වැරදි ප්‍රශ්නයකි.
මන්ද මිනිසුන් පාලනය කිරීම සදහා මිනිසෙක්ම අවශ්‍ය යන්න ප්‍රායෝගික වු බුද්ධිමත් තර්කයක් නොවේ. එය එසේ වුවානම් එය සියල්ල සදහාම සත්‍ය විය යුතුයි. එසේ නම් ගොවිපලක සිටින ගවයින්, කුකුලන් වැනි සතුන් පාලනය කිරීම සදහා එම සතුන්ගෙන්ම සතෙක් ඉදිරිපත් කල යුතුවේ. නමුත් එය ප්‍රායෝගික නොවේ. එසේම එම සතුන් පාලනය කිරීම සදහා මිනිසුන් එම සත්ව ස්වරූපය ගැනීමටද අවශ්‍ය නොවේ. එසේ කිසියම් ආකාරයකට එම ස්වරූපය ගත්ත ද අපට අවශ්‍ය ආකාරයට එම සතුන් මෙහෙයවීමටද නොහැකිවනු ඇත. තවදුරටත් පැහැදිලි කරන්නේනම් අපට එම ස්වරූපය ගතහැකි වුවත් එසේ නොකරමු. මන්ද එසේ කලේ නම් මිනිසාට වු සුවිශේෂි හැකියාවන් අහිමි කරගන්නට සිදුවෙනු ඇත.

අප එම සතුන්ගේ තිඛෙන දුර්වලකම් නිසා එම තත්වයට පත්වන්න අකමැති වන්නෙමු. එසේ නම් මේ කිසිදු දුර්වලතාවයක් නොමැති සියල්ල කෙරෙහි සුපිරි ශක්තියක් වු දෙවියන් මේ තත්වයට පත්වන්න කැමතිවනු ඇත්ද?. රටක ජනාධිපතිවරයෙක් රට පාලනය කරනවා මිස නගරසභාවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට කැමැති වේද?. එසේ කලයුතු යයි රටේ ජනතාවට පැවසිය හැකිද? මනුෂ්‍යයෙකුගේ තත්වය මෙය නම් මේ සියල්ල මවා පරිපාලනය කරන සර්වබලධාරී දෙවියන්ගේ ස්ථාවරය කුමක් විය යුතුද?. එමනිසා දෙවියන්, දෙවියන් ලෙස සිටීමයි වඩාත් සුදුසු වන්නේ.

එසේ නොමැතිව මිනිස් ස්වරූපය ගත්තේනම් එයින් සමාජයට ඇතිවන බලපෑම අති විශාලය. දෙවියන්ගේ නම පවසමින් අදටත් පොදු ජනයා රවටා මුදල් හම්බකරන පුජකවරුන් හට මෙය විශාල වරප්‍රසාදයක් වනු ඇත. “තමා දෙවියෙක්” යයි පවසමින් ඕනෑම පහත් ක්‍රියාවක් කරන්න වංචකයින් පෙලෙඹෙනු ඇත.

මේ පිලිබදව තවත් කෝනයකින් සිතුවේ නම් මිනිස් වෙසින් දෙවියන් මේ ලොවට පැමිණියා නම් එම දෙවියන්හට මිනිසුන් මෙන් ජීවත්වීමට සිදුවෙනු ඇත. ආහාර, පාන, නින්ද, බිරිද, දරුවන්……. වැනි අවශ්‍යතාවයන් ඇතිවනු ඇත.  එසේම ඒවා භූක්තිවිදීමට ද සිදුවනු ඇත. එසේ වුවානම් අද මිනිසුන් මෙන්ම දේව දරුවෝ ද මේ ලොව සැරිසරන ඇත. එසේ වුවානම් දෙවියන් හට ඇති මහිමය කුමක්ද? දෙවියන් හා මිනිසුන් අතර ඇති වෙනස කුමක?. මේ නිසා දෙවියන් මිනිස් වෙස් ගැනීම හා මනුෂ්‍යන්ගෙන් වීම ප්‍රායෝගික නොවන දෙවියන් කෙරෙහි ඇති අනවබෝධය නිසා ඇතිවන තර්කයක් පමණි. ඉස්ලාම් දහම මෙය තරයේ ප්‍රතිෙක‍ෂ්ප කරයි.
මේ අනුව ඉස්ලාම් හි දේව විශ්වාසය යනු සර්වබලධාරී එකම දෙවියා යන්න වේ.

අතීතයේ සිටම මිනිසා විසින් විවිධ අවශ්‍යතාවන් සදහාත්, විවිධ කාර්‍යයන් සදහාත්, විවිධ හැඩරුවින් යුත් දෙවිවරුන් වන්දනා මාන කරන ලදී. මේ ආකාරයට වන්දනාමාන කරන ලද දෙවිවරුන් සම්බන්ධයෙන් අල්ලාහ් දෙවියන් ශ.ද්ධ වු කුර්ආනයේ මෙසේ පවසයි.
“ඔබ විසින්ම අඹාගන්නා ලද වස්තුන්ට, ඔබ පුද සත්කාර කරන්නේහුද?. ඔබ අල්ලාහ් හැර දමා, ආත්මාරක‍ෂාව පවා සලසා ගත නොහැකි මේවා ඔබේ ආරක‍ෂකයින් වශයෙන් තෝරා ගත්තෙහුද?.”

“අල්ලාහ් (දෙවියන්) හැර නුඹලා අඩගසන්නන් එක්රොක් වුවද මැස්සෙකුවත් බිහිකල නොහැක. මැස්සෙකු ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේද එය උගෙන් මුදවා ගැනීමට ද ඔවුහු ශක්තිවන්ත නොවන්නෝමය”

මේ අනුව බහුදේව වාදය යනු ප්‍රායෝගික නොවන මන:කල්පිතයක් පමණක්ම වන අතර ඉස්ලාම් පවසන දේව වාදය සර්වබලධාරියා එකම දෙවියා “අල්ලාහ්“Z යන්න වේ.

ඒ අනුව අල්ලාහ් දෙවියන් සියලූ දුර්වලතාවයන්ගෙන් හා අවශ්‍යතාවයන්ගෙන් සුවිශද්ධ කොට ඒකදේව සංකල්පයේ ජීවත් වී මියයාමට දෙවියන්ගේ ආශිර්වාදය අපට හිමිවේවා, යයි ප්‍රාර්ථනා කරමි.
අබු අර්ශද්