Tag Archives: සමාජයීය

බයිබලය-යේසුස් වහන්සේ- මෝසෙස්-මුහම්මද් නබි (සල්)

මෙය මමත් භාර්්‍යාවත් ඉස්ලාමයට ආ මුල් කාලයයි. සර්ව බලධාරි අල්ලාහ් දෙවිඳුන්ගෙන් යහ මග ලබා යන්තම් මුස්ලිමෙක් ලෙස ගමන් ඇරඹුවා පමණි. ඉස්ලාමය වෙත පැමිණෙන මුද්ගලයා මුහුණ දෙන ඊළඟ අභියෝගය නම් තමන්ගත් තීරණය හරි දෝ යන දෙගිඩියාවයි. වැරදීම මනුෂ්‍ය ස්වභාවයක් නිසා මමත් භාර්්‍යාවත් ගත් තීරණය හරි එකක් දැයි සිත දෙගිඩියාවෙන් පෙළෙන්නට වුණි. මෙසේ අප ඉස්ලාමයට පැමිණි වග අපගේ අසල්වැසියන්වත් නොදැන සිටීමට ප්‍රවේශම් වුනෙමු.

එහෙත් බළළා මල්ලෙන් එළියට පැන තිබුණි. මගේ බිරිය මටත් නොදන්වා අප ඉස්ලාමය වැළඳ ගත් බව සිය මිතුරියකට පැවසුවාය. ඇය රෝමානු කතෝලික දහමෙන් කිතු දහම වෙත හැරුණු කෙනෙකි. කලකට ඉහත ඇගේ නිවසේ යාඥා මෙහෙය සිදු කරන ලද්දේ මා විසිනි. ඇය විවාහ වී සිටින පුරුෂයා ඉතා භක්තිමත් කිතුණුවෙක් වූ අතර උපතේ සිටම කිතුණු ලබ්දිකයෙක් වූ ඔහු, බයිබලය ගැන ඉතා තියුණු දැනුමක් තිඛෙන අයෙකි.

මගේ බිරිඳ එම මිතුරියට අප ඉස්ලාමය වෙත ගිය රහස දැනුම් දුන් දා සිට සෑම දිනම රැකියාව අවසන් කර මා ගෙදර පැමිණෙන විට මගේ බිරිය අලූත් ප්‍රශ්නයක් ලෑස්තිකරගෙන සිටියාය. ඒ ඇගේ මිතුරිය සහ සැමියාගේ උපදෙස් පරිදිය. එම නිසා සෑම දිනම රාති්‍රයේ මගේ බිරිඳට මා දන්නා ඉස්ලාම් පොත් වලිනුත් බයිබලයෙනුත් කරුණු පහදන්නට මට සිදු විය. සෑම දිනම අපගත් තීරණය නිවැරදි නොවන බවට හේතුවක් ද සඳහන් බයිබල් පදයක් ඇගේ පුරුෂයා විසින් අප වෙත එවන ලදී. ඒවාට පිළිතුරු සැපයීම ඉබේම මගේ දෛනික රාජකාරි අතරට එක් විය. නමුත් කිසි දිනෙක ප්‍රශ්න ඉවරවන්නේ නැත. ඔහු ප්‍රශ්න එවයි. මම පිළිතුරු යවයි. මෙසේ සෙල්ලම දිගටම කෙරීගෙන යන්නට විය. එහෙත් කිසි දිනෙක ඔහු මා ඉදිරියේ කිසිවක් නොපවසයි. වැඩිකල් යන්නට මත්තෙන් මෙම කි්‍රයාවලිය ඔහුට එපා විය. බිරිඳ තුළ අවිශ්වාසයක් ගොඩනැගුණහොත් පවුල් ජීවිතය පවා අවදානමට ලක් වේ. ඇයට සිය මිතුරිය ආශ්‍රය නොකරන්න කියා තහංචි පැනවීම ද කළ හැක. මෙසේ දින ගණනාවකට පසු මා අකමැත්තෙන් වූවද තීරණයකට එළඹුනෙමි. ඉස්ලාමය වෙත ඒම පිළිබඳව මා ගත් තීරණය නිවැරදි බව තව පුද්ගලයෙක් ඉදිරියේ මාගේ භාර්්‍යාවට ඔප්පු කළ යුතුය. එයට මෙය කදිම අවස්ථාවකි. මා තීරණය කළේ මගේ භාර්්‍යාවගේ මිතුරියත් ඇගේ සැමියාත් සමග විවෘත සංවාදයකට එළඹීමටය. සාමාන්‍යයෙන් සංවාදයකට එළඹීමට මා හට බියක් නොතිබුනද ඔහුගේ ඉතා තියුණු බයිබලය පිළිබඳ දැනුම නිසා මා හට චකිතයක්ද විය.

කෙසේ වූවද දිනක් සන්ධ්‍යාවේ මම මගේ නිවසේ මායිම පසු කරමින් ඔහුගේ නිවස වෙත ළඟා වුනෙමි. එහි මා ඔහු සමග කළ සංවාදය අද මෙන් මතකය. ඒ නිසා එම සංවාදය එලෙසින්ම මම ඔබ වෙත ඉදිරිපත් කරමි.

මම මමත් මගේ බිරිඳත් ඉස්ලාමයට ගියා. ඒක අපි හරිදේ හොයලයි ගියේ. ඔයාට ඒ ගැන ප්‍රශ්නයක් තිඛෙනවාද?

ඔහු ඔයා ඉස්සෙල්ලාම ගිය හේතුව කියන්න. මම ඒකට උත්තර දෙන්නම්.

මම ඔහුගේ නිවසේ තිබූ බයිබලය අතට ගෙන එහි කවරයේ රන් අකුරින් ලියන ලද පාඨය පෙන්වා මේ මොකක්ද?

ඔහු ශුද්ධ බයිබලය

මම කවුද එහෙම ඉස්සෙල්ලා කිවුවේ?

ඔහු දන් නැහැ. නමුත් මේකේ එහෙම මුද්‍රණය කර තිඛෙනවා

මම බයිබලය කියන නමේ තේරුම මොකක්ද?

ඔහු නිරුත්තරය.

මම මමම කියන්නම්. බයිබලය යන නම බිබිලියෝස් යන ග්‍රීක වචනයෙන් බිඳී ආවත් එහි තේරුම පොත යන අරුතයි. මෙය නිකන් පොතක් නොවේ. පොත් 66 ක් එකතු කර හදපු පොතක් æ මෙහි මොනවද තියෙන්නේ?

ඔහු දේව වචන

මම දෙවියන් වහන්සේ කියපු වචනමද?

ඔහු ඔව්. ඒ දෙවියන් වහන්සේගේ දායාදයන් තුළින් ලියපු දෙවියන් වහන්සේගේම වචන වෙයි.

මම ඒක එහෙම නෙවෙයි කියා මම කියනවා.

ඔහු ඇයි ඔබ එහෙම කියන්නේ. දෙවියන් වහන්සේ කෝප වෙනවා ඔයාත් එක්ක.

මම ඒ කොහොමද?

ඔහු මතෙව් 5: 18-19 —සැබවක් නුඹලාට කියමි. අහසත් පොළොවත් පහව යන තෙක් සියල්ල සිදු වන තුරු ව්‍යස්ථාවෙන් එක අකුරක්වත් බිඳුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. එබැවින් මේ ආඥා වලින් ඉතා සුළු එකක්වත් කඩ නොකරන්නාවූ, කඩ කරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නාවු කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයන්හි ඉතා සුළුයයි කියනු ලබන්නේය.

මම ඒ කියන්නේ බයිබලය ගැන නොවේ. ව්‍යස්ථාව ගැනයි

ඔහු මට තේරෙන්නේ නැහැ ඔයා කියන දේ.

මම යේසුස් තුමා ඔය වචනය කියන කාලයේ බයිබලය තිබුණේ නැහැ. ඒ වෙනකොට බයිබලයේ භාගයක්වත් ලියලා තිබුනේ නැහැ. යේසුස් තුමා ඔතන ව්‍යස්ථාව කියන්නේ තෝරාහ් වලටයි. තෝරාහ් කියන්නේ දෙවියන් වහන්සේ මෝසෙස්ට දෙන ලද ව්‍යාස්ථාවටයි. බයිබලය කියලා පොත් එකතු කර පිළිගැනීමට ලක් වුණේ කි්‍ර.ව 382 දීය.

ඔහු යේසුස් වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා කියලා ඔබ පිළිගන්නේ නැද්ද?

මම නැහැ. දෙවියන් වහන්සේගේ පණිවුඩ කරුවෙකු ලෙස අපි එතුමාව ගෞරව කරනවා. ඒත් එතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොවන බවක් දෙවියන් වහන්සේට පුත්‍රයන් සිටිය නොහැකි බවත් ශ=ද්ධවූ කුර්ආනයෙහි සඳහන් වෙනවා.

ඔහු එහෙනම් ඔබ යේසුස් වහන්සේට නමස්කාර කරන්නේ නැද්ද?

මම යේසුස් තුමාට නමස්කාර කරන්න කියලා බයිබලයේවත් නැහැ.

ඔහු ඔබ එතකොට බයිබලය දෙවියන් වහන්සේගේ වචන කියා විශ්වාස කරන්නේම නැත්ද?

මම බයිබලය දෙවියන් වහන්සේගේ වචනත් මනුෂ්‍යයාගේ වචනත් මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒ නිසා යේසු තුමා මේ ලෝකෙට ඇවිත් දේශනා කරපු ආගමත් මිශ්‍ර වෙලා

ඔහු පරණ ගිවිසුමේ අනාගත වක්තෘවරු කියලා තියෙනවා යේසුස් වහන්සේ එනවා කියලාæ

මම යේසුස් තුමා ආවා. එතුමාගේ සේවය ඉවර වෙලා මේ ලෝකයෙන් ගියා. ඒත් එතුමා දෙවියන් වහන්සේගේ දූතයෙක් (වක්තෘවරයෙක්) පමණයි.

ඔහු එහෙම නම් යේසුස් වහන්සේ ගැන පරණ ගිවිසුමේ අනාගත වක්තෘන් කියලා තියෙන දේවල් බොරුද?

මම බයිබලයේ මුල් පොත් පහෙන් යේසුස් තුමා ගැන පදයක් ගෙන මට පෙන්වන්න.

ඔහු ද්විතීය කථාව 18: 18 —මම ඔවුන්ගේ සහෝදරයාගෙන් නුඹ සමාන අනාගත වක්තෘ කෙනෙකු ඔවුන්ට නැගිටුවා දී මගේ වචන ඔහුගේ මුඛයේ තබන්නෙමි. මා ඔහුට අණ කරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය˜

මම එහෙනම් යේසුස් තුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙන්නේ කොහොමද? මෙතන කියන්නේ අනාගත වක්තෘ කෙනෙක් ගැනනේ. නමුත් මෝසෙස් මෙතන කථා කරන්නේ යේසුස් තුමා ගැන නෙමෙයි.

ඔහු එහෙනම් කා ගැනද?

මම මෝසෙස් මෙතන කියන්නේ මම වගේම තව අනාගත වක්තෘවරයෙක් එනවා කියලයි. මෝසෙස්ගේ සේවයට සමාන එකම අනාගත වක්තෘවරයා මුහම්මද් නබි (සල්) තුමායි. එය බයිබල් විශාරදයන් වුනත් පිළිගන්නවා. මෙතන දෙවියන් වහන්සේ මාගේ වචනය ඔහුගේ මුඛයේ තබන්නෙමි කියනවා. මෙතන දෙවියන් වහන්සේ මුහම්මද් නබි (සල්) තුමාගේ මුඛයේ වචනයක් තැබුවා. ඒ ශ=ද්ධවූ කුර්ආනයයි.

ඔහු එහෙනම් දෙවියන් වහන්සේ මෙතන කියන්නේ මුහම්මද් ගැනද?

මම ඇත්ත වශයෙන්ම ඔව්. මෝසෙස් වගේම මුහම්මද් නබි (සල්) තුමාත් දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටියා. එම වෙහෙසේ ප්‍රතිඵලයක් හැටියට අද ලෝකයේ කෝටි 130 ක් පමණ මුස්ලිම් වරු ඉන්නවා. ඔවුන් දිනකට පස් වතාවක් දෙවියන් වහන්සේ නමස්කාර කරනවා. කිසිම බලපෑමක් නැතිවුනත් මුළු ලෝකයේම කි්‍රස්තියානි ආගමේ වර්ධනයට වඩා දෙගුණයක වර්ධන වේගයෙන් ඉස්ලාමය පැතිරෙනවා.

ඔහු සහෝදරයා එහෙනම් ඔබ ඔබගේ පාරේ යන්න. මම මගේ පාරේ යන්නම්.

මම කමක් නැහැ. නමුත් ඔබට ඔබේ පාරේ බොහෝ දුරට යා ගත නොහැකියි. මන්ද, ඔය පාර එකතැනකම කැරකෙන පාරක්. ඉදිරියට යන්න ඕන නම් කවදාහරි ඔබත් ඉස්ලාමය වැළඳ ගන්න. මෙම සංවාදයෙන් පසු ඉස්ලාමය වෙත පැමිණීම පිළිබඳව මා සිත තුළ තිබු දෙගිඩියාව පහ වීම පිළිබඳව සර්ව බලධාරි අල්ලාහ්ට ප්‍රශංසා කරමි.

දෑවැද්ද-ඉස්ලාමය කුමක් කියයිද ?

ඉස්ලාම් තුළ මිනිස් චරිතයට හිමි වැදගත් ස්ථානය :

සමාජ අධ්‍යයනය විද්වතුන් මිනිසා සමාජ සත්වයෙකු ලෙසිනුත් :ිදජස්ක ්බසප්ක- හිනාවෙන කල්පනා කරන සත්වයෙකු ලෙසිනුත් හැඳින්වූහ. මානව වර්ගයාගේ අරමුණු යම් දුරකට හෝ හඳුනාගත් විද්වතුන් :අදරියසචචසබට ්බසප්ක- නැමදුම් සත්වයා යනුවෙන් හැඳින්වූහ.

ඩාර්වින්ගේ පරිණාම වාදය මිනිසා වානරයාගෙන් පැමිණී බව කියයි. මිනිස් ආත්මය, මිනිසාට හිමි උසස් ස්ථානය, නිගාවට ලක් කෙරෙන මෙම සංකල්පය ඉදිරියේ පැන නැගෙන ගැටළු අනන්තය. දේවත්වය ප්‍රතිෙක‍ෂ්ප කිරීමට මෙම සංකල්පය ඉවහල් වීම නිසා සමහරුන් මෙයට පුළුල් ප්‍රචාරයක් ලබාදෙති. මෙය විද්‍යාව තහවුරු කළ සත්‍යක් නොව පුහු අනුමානයක් පමණි. අවම වශයෙන් ගත වුනු අවුරුදු දෙදහ තුළ කොහේ හෝ වානරයෙක් මිනිසෙකු බව පරිනාමත්වයට පත්විය කියා පුවතක් පෙන්වන්නට හැකිද?

මිනිසාගේ මැවුම් කරුවාණන් මෙසේ පවසයි: —මනුෂ්‍යයිනි නියත වශයෙන් අපි ඔබව එක් පිරිමියෙකුගෙන් හා එක් කාන්තාවකගෙන් නිර්මාණය කළෙමු. (පසුව) කෙනෙකෙ තවත් කෙනෙකු හඳුනා ගැනීම පිණිස ඔබව ජාතීන් කුලයන් වශයෙන් පත්කළෙමු. (එබැවින් ඔබ අතුරින් කෙනෙකු තවත් කෙනෙකු වඩා උඩඟ වීමට නොහැක). එනමුත් ඔඛෙන් කව්රුන් (අල්ලාහ්ට) බියබැතිව කටයුතු කරයිද නියතයෙන්ම ඔහු අල්ලාහ් ඉදිරියේ උතුම් පුද්ගලයාය˜ (ශ අල්කුර්ආනය 49: 13).

මිනිසා වර්ණයෙන්, ජාතියෙන්, දේශයෙන් වෙන්වී සිටීයත් සියල්ලන් එක් මවෙකුගේ හා පියෙකුගේ දරුවන් යන සංකල්පය ලෝකයට ඉදිරිපත් කර මිනිස් චරිතය උතුම් කොට සළකනු ලැබේ. තවද එකමුතුකමට අඩිතාලම දමනු ලැබේ. වෙනත් ස්ථානයක ඔහු පවසයි: අපි මිනිසා මනාව නිර්මාණය කළෙමු. (ශ.අල්කුර්ආනය 95: 4).

ඇත්ත වශයෙන්ම අපි ආදමිගේ පුත්‍රයා (මිනිසා) ගෞරවයට පත්කළෙමු. අපි මුහුදෙහි හා ගොඩබිමෙහි සැරිසන්නට තැබුවෙමු තවද, ඔවුන්ට දැහැමි දේ සැපයුවෙමු (ශ අල්කුර්ආනය 17: 70).

මිනිස් චරිතය ඉතා උසස් කොට සළකන ඉස්ලාම්, ඔහුට කල්පනා කිරීමේ ශක්තියක්, හොඳ නරක තෝරා බේරා බැලීම සඳහා දිව්‍යමය මග පෙන්වීමත් සමග ශාස්තෘවරු කලින් කලට අවතීර්ණ කළේය. මෙලොවෙහි පවතින සියළු දේ මිනිසා සඳහා නිර්මාණය කළ එම ස්වාමින් මිනිසාට සමහර වගකීම්ද පැවරුවේය. වෙනත් මැවීම් සේ මිනිසාට ජීවත්වෙන්නට නොහැකිය. මිනිසාගේ හැම කි්‍රයාවක් පිළිබඳම ඔහු ප්‍රශ්නකරනු ලබයි. ඒ සඳහා ඔහු එයට වගකිව යුතු වේ. ඒ සඳහා නියමිත වූ කාලය විනිශ්ච දිනයයි. ශාස්තෘවරුන්ගේ ප්‍රචාරයෙහි මූලික තේමාවවුනේ කුමක්ද? එම ශාස්තෘවරුන්ට අනාවරණය කරනු ලැබූ දිව්‍යමය ග්‍රන්ථයන්, මිනිසාගේ මතු ලොව ජීවිතය මෙම සියළු කරුණු කාරණා පිළිබඳ ඉදිරියේදි සාකච්ඡා කෙරේ.

උපවාසයෙහි උචිත කි්‍රයාවන්

1- අබ්දුල්ලාහ් ඉබ්නු අනස් (රලි) පවසයි:- —උපවාසය ඉටුකරන්නා නිරතුරුව කුර්ආන් පාරායනය කිරීමද, දුආ, දික්ර් යාඥාවන්හි නිරතවීමද, දන් දීමද, පිළිකුල් දේ කතා කිරීමෙන් දිව ආරක‍ෂා කිරීමද සතුටු දායක වෙයි˜.

—මානවයාට යහ මග පෙන්වන අල්-කුර්ආනය රමලාන් මාසයෙහි අනාවරණය විය˜

(ශු අල්කුර්ආන් 2:185).

රමලාන් මාසයෙහි අල්-කුර්ආනය පහළවීම එහි සුවිශේෂත්වය මනාවට පෙන්නුම් කිරීමකි. නබි (සල්) තුමන් රමලාන් මස රාත්‍රි කාලයෙහි අල්කුර්ආනය ජිබ්රීල් (අෙලෙහි) ඉදිරියේ පාරායන කර පෙන්වීමට පුරුදු වී සිටියහ.

එතුමන්ගේ ජීවිතයේ අවසන් රමලාන් සමයේ දෙවතාවක් අල්කුර්ආනය පාරායනය කර පෙන්විය. (දේව දූත ජිබ්රීල් රමලාන් මස සෑම රාත්‍රියකම පාහේ නබි (සල්) තුමන්ට අල්-කුර්ආනය ඉගැන්වුවේය). මෙය ඉබ්නු අබ්බාස් (රලි) විස්තර කරයි. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

අල්කුර්ආනයත් සමග මුස්ලිමෙකුගේ සම්බන්ධතාවය ඉතා සමීපව පැවතිය යුතුයි. අල්කුර්ආනය ඇස් වල තබා ඉඹ ගැනීමට හෝ, එහි පරිච්ඡේදයන්, වාක්‍යන් බිත්තිවල එල්ලීමට හෝ කෙනෙකු මිය ගිය විට ඔහු වෙනුවෙන් පාරායනය කිරීමට හෝ අනාවරණය වූයේ නැත. එය අනාවරණය කරනු ලැබුවේ මුළු මානව සංහතියටම නිවැරදි මග පෙන්වීම සඳහායි. කෙතරම් දුරට කෙනෙකු අල්කුර්ආනයෙන් ඈත් වෙයිද එතරම් ඔහු යහ මාර්ගයෙන් ඉවත් වෙයි. එබැවින් අල්කුර්ආනය හොඳින් හදාරා එය අධ්‍යයනය කර, එහි ඉගැන්වීම් ජීවිතයට පරිවර්තනය කිරීම තුළින් පමණයි කෙනෙකුට දෙලොව ජය අත්පත් කරගත හැක්කේ.

අල්කුර්ආනය පාරායනය කිරීමට ඇති ප්‍රසාධයන්ද සුළු පටු නොවේ. වරක් නබි (සල්) තුමන් —කව්රුන් අල්කුර්ආනයෙහි එක් අකුරක් පාරායනය කරයිද ඔහුට ප්‍රසාධයන් දහයක් හිමිවෙයි˜ යනුවෙන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: තිර්මිදි).

අබ්දුල්ලාහ් ඉබ්නු අනස් (රලි) වාර්තා කරයි:- නබි නායක (සල්) තුමන් අධිකව දන් දීමට පුරුදු වී සිටියහ. තවද ජිබ්රිල් (අෙලෙහි) හමුවන රමලාන් සමයෙහි නබි (සල්) තුමන් අධිකව දන් දීමට පුරුදු වී සිටියහ. ජිබ්රීල් (අෙලෙහි) රමලාන් සියළු රාත්‍රියන්හි නබි (සල්) තුමන් හමුවී අල්-කුර්ආනය පාරායනය කර පෙන්වයි. නබි (සල්) තුමන් ඉතා වේගයෙන් හමන සුළඟට වඩා දන් දෙන්නෙකු වශයෙන් සිටියහ. (මූලාශ්‍රය: බුහාරි).

2- කව්රුන් උපවාසයෙහි නිරතවී සිටින්නාට බනිවීද ඔහු එම අවස්ථාවෙහි මම උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පමණක් පැවසීම සුන්නත් යහපත් කි්‍රයාවකි. —උපවාසය (පාප ක්‍රියා) වළක්වන පළිහකි, ඔබගෙන් කෙනෙකු උපවාසය ඉටු කරන්නේ නම් (වැරදි කි්‍රයා කිරීමෙන්) එය කිළිටු නොකළ යුතුය, ඔහුට යම් කෙනෙක් පරුෂ වචනවලින් බැන වදින විටද, ඔහුත් සමග සණ්ඩු සරුවල් වලට පැටලෙන විටද ඔහු මම උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පැවසිය යුතුය˜ යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

3- සහර් ආහාර අනුභව කිරීම:

උපවාසය සඳහා සහර් ආහාරය ගැනීම සුන්නත් යහපත් කි්‍රයාවක් වේ. —ඔබ සහර් කරන්න. මන්ද සහර් ආහාරයෙහි බරකත් නම් අභිවෘද්ධිය ඇත˜ යැයි නබි (සල්) ප්‍රකාශ කළහ. (බුහාරි, මුස්ලිම්).

—අප සමාජයේ උපවාසයට හා පුස්තක ලද් අයගේ උපවාසය අතර වෙනස සහ්ර් කිරීම˜ යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

—සහ්ර් ආහාරය යනු අභිවෘද්ධිය ඇති ආහාරයකි, එය අත් නොහරින්න, අවම වශයෙන් වතුර උගුරක් හෝ පානය කර එය කරන්න. නියතයෙන්ම අල්ලාහ් සහ්ර් කරන්නන්ට දයාව පුදන්නේය, ඔහුගේ දේව දූතවරුන්ද ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නේය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

ෙසෙද් ඉබ්නු සාබිත් (රලි) විස්තර කරයි: අපි නබි (සල්) තුමන් සමග සහර් ආහාරය ගත්තෙමු, පසුව නබි (සල්) තුමන් සලාතය සඳහා නැගිට්ටේය. එවිට ඔහුගෙන් සලාතය හා සහර් අතර පැවතුනු වේලාව කොපමණද? යනුවෙන් ප්‍රශ්න කරන ලදි (අල්කුර්ආනයෙහි) වාක්‍යන් පහනහක් පාරායනය කරන වේලාවයි˜ යනුවෙන් පිළිතුරු දුන්නේය. (මූලාශ්‍රය: බුහාරි).

සහර් කිරීම ප්‍රමාද කර. උපවාසයෙන් මිඳීම ඉක්මන් කිරීම සුන්නත් වෙයි. —මාගේ සමාජය සහර් (ආහාරය) ප්‍රමාද කර, උපවාසයෙන් මිඳීම ඉක්මන් කරන තෙක් යහපතෙහි සිටින්නෝය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාහ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

උපවාසයෙහි නිරත වන බොහෝ පිරිස් අලස භාවය නිසා සහර් ආහාරය නොගෙන උපවාසයෙහි නියැලති. ශුද්ධවූ අල්කුර්ආනයෙහි අල්ලාහ් යහපත් ශ්‍රද්ධාවන්ත පුද්ගලයින්ගේ උසස් ගුණාංග පිළිබඳ පවසන විට මෙසේ පවසයි:

—ඔවුන් සහර් වේලාවේ (තමන්ගේ පාපයන්ට) සමාව අයදිති˜ (ශු අල්කුර්ආන් 51: 18). ඉහත සඳහන් ප්‍රකාශයන් එහි අවශ්‍යතාවය හා වැදගත් කම පිළිබඳ කථා කරයි. එබැවින් නබි (සල්) තුමන්ගේ මෙම උතුම් මග පෙන්වීම කි්‍රයාවට නැංවීමට අපි කොයි කව්රුත් යුහුසුළු විය යුතුයි.

4- උපවාසයෙන් මිදීම:

ඉදිච්ච රට ඉඳි නැති විට සමාන්‍ය රට ඉඳි ගැනීම එය නැති විට ජලය පානය කිරීම, එයත් නැති විට කැමති ආහාර පානයක් ගනිමින් උපවාසයෙන් මිඳීම සුන්නත් වේ. (මූලාශ්‍රයන්: අබූ දාවූද්, තිර්මිදි, හාකිම්).

—උපවාසයෙන් මිදීම ප්‍රමාද නොකර ඉක්මන් කරන තෙක් ජනතාව යහපතෙහි සිටින්නෝය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

5- උපවාසයෙන් මිෙඳන විට කෙනෙකුට ප්‍රාර්ථනාවන්හි නියැලිය හැක. උපවාසයෙන් මිදීමත් සමග පහත සඳහන් ප්‍රාර්ථනාව උසුරීම සුන්නත් වේ.

ذَهَبَ الظَّمَأُ وَابْتَلَّتِ الْعُرُوقُ وَثَبَتَ الْأَجْرُ إِنْ شَاءَ اللَّهُ

—දහබල් ලමඋ වබ්තල්ලතිල් උරූකු වසබතල් අජ්රු ඉන් ෂා අල්ලාහ්˜

පිපාසය සංසිදුනි, නහරවල් තෙත්විය, අල්ලාහ්ගේ කැමැත්ත අනූව ප්‍රසාධයන් ස්ථීර විය. (මූලාශ්‍රයන්: අබූදාවූද්, හාකිම්, ෙඛෙහකි).

6- උපවාසය අතර වාරයේ දත් මැඳීම සුන්නත් වේ. ආමිර් ඉබ්නු රබීආ පවසයි: නබි (සල්) තුමන් උපවාසය අතර වාරයේ මට ගණින්නට නොහැකි වාර ගනන් දත් මැන්දේය. (මූලාශ්‍රයන්: අබූදාවූද්, අහ්මද්, තිර්මිදි). උපාවසය අතර වාරයේ දත් මැඳීම වැරදි කි්‍රයාවක් යනුවෙන් බොහෝ අය සිතති. එයින් උපවාසයට හානියක් වෙයි යනුවෙන් සිතති. මෙම මතයන් වැරදියි යන්නට ඉහත සඳහන් පුවත කදිම සාධකයකි.

7- අන් අය උපවාසයෙන් මිදීම සඳහා උපකාර වීම. —කව්රුන් තවත් කෙනෙකුට උපවාසයෙන් මිදීමට උපකාරී වන්නේද, ඔහුට සමාන ප්‍රසාධයන් ඔහුටත් හිමිවෙයි. ඔහුගේ ප්‍රසාධයන්හි කිසිදු අඩුවක් නොසිදුවෙයි˜. (මූලාශ්‍රයන්: තිර්මිදි, ඉබ්නුමාජා, ඉබ්නු හිබ්බාන්, අහ්මද්).

අපි වෙනත් කෙනෙකුගේ අමුත්තෙකු වශයෙන් උපවාසයෙන් මිදුනු විට පහත සඳහන් ප්‍රාර්ථනාව කළ යුතුයි:

أَفْطَرَ عِنْدَكُمُ الصَّائِمُونَ وَأَكَلَ طَعَامَكُمُ الْأَبْرَارُ وَصَلَّتْ عَلَيْكُمُ الْمَلَائِكَةُ

අෆ්තර ඉන්දකුමුස් සාඉමූන වඅකල තආමුකුමුල් අබ්රාර වසල්ලත් අෙලෙකුමුල් මලාඉකහ් යනුවෙන් පැවසිය යුුතුය.

(උපවාස ශීලය ඇත්තාවුන් ඔබ වෙත උපවාසයෙන් මිදුනහ. සුචරිත ඇත්තාවුත් ඔබගේ ආහාරය අනුභව කළහ. දේවදූත යෝද ඔබහට ප්‍රාර්ථනා කරන්නෝය) (මූලාශ්‍රය: අබූදාවුද්).

අන් අයට උපවාසයෙන් මිදීමට උපකාරි වීම මහගු කාර්්‍යයකි. එය සුළුවෙන් නොසැලකිය යුතුයි. උපවාසයෙන් පසුවෙන්නාට හිමිවන සමාන ප්‍රසාධයන් මොහුටත් හිමිවෙයි. දිළින්දාගේ කුසගින්න සැමටම දැනෙන මෙම මාසයේ අපි දිළින්දන්ට උපකාරි විය යුතුයි.

8- රමලාන් අවසන් දවස් දහය මස්ජිදයෙහි (ඉඃතිකාෆ්) රැඳී සිටීම සුන්නත් වෙයි.

9- උම්රා කර්තව්‍ය: රමලාන් සමයෙහි ඉටු කරන උම්රාව හජ් කර්තව්‍යට සමාන වෙයි. —මා සමග හජ් කිරීමට සමාන වෙයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි).

10- සියළු යාඥා කටයුතු උනන්දුවෙන් හා යුහුසුළුවෙන් නියමිත වේලාවන්හි කිරීම සුන්නත් වේ. විශේෂයෙන් රමලාන් අවසන් දවස් දහය, ආයිෂා (රලි) වාර්තා තුමිය කරයි: —නබි (සල්) රමලාන්හි අවසන් දවස් දහය උදාවූ විට තමන්ගේ පවුලේ අයද දිරි ගන්වමින්, තමන්ගේ යටි සළුවද තදින් බැඳ ගනි˜ (මූලාශ්‍රය: බුහාරි). මෙය යාඥාවන් සඳහාවූ සූදානමයි.


මුහර්රම් මාසය-මුල්ම මාසය
රමලාන් මස උපවාස ශීලය
උපවාසය අනිවාර්්‍ය වීමට කොන්දෙසි

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්- සාක්ෂි දීම

මිනිස් ජීවිතයේ සියලූම අංශ දෙස වැදගත්කමකින් හා අවබෝධයකින් බලන ඉස්ලාමය, එහි මිනිසා සතු අයිතිවාසිකම් හා යුතුකම් ගැනද විග්‍රහ කරයි.

ජීවිතයේ බොහෝ අවස්ථාවල පිරිමින් හා සම අයිතිවාසිකම් කාන්තාවට ලබාදී ඇති අතර, සමහර අවස්ථාවන්හිදී කාන්තාවන්ගේ යහපත හා සමාජයේ යහපත තකා සමහර අයිතිවාසිකම්වල වෙනස්කම් ඇතිවී තිබේ. දේශපාලනයේ කාන්තාවගේ සහභාගිත්වය ඉස්ලාම් ප්‍රතික්ෂේප කර ඇත්තේද ස්ත්‍රීන්ගේ යහපත ගැන සලකාය. එය පසුගිය මාතෘකාවේදී පැහැදිළි කෙරිණ.

මේ මූලධර්මය අනුව පැමිණිල්ල හා විත්තිය වෙනුවෙන් සාක්ෂිකරුවන් තෝරාගැනීමේදී එක පිරිමියෙකුට ගැහැණුන් දෙදෙනකු සමාන වන බව ඉස්ලාම් කියයි

—තවද (පිළිගත හැකි) පිරිමින්ගෙන් දෙදෙනකු සාක්ෂි වශයෙන් තෝරාගන්න. පිරිමින් දෙදෙනකු සොයාගත නොහැකි නම් පිරිමියෙකු හා පිළිගත හැකි ගැහැණුන් දෙදෙනකු තෝරාගන්න. ගැහැණුන් දෙදෙනෙකු තෝරා ගත යුත්තේ ඉන් එක් අයෙකුට අමතකවුණත් අනෙක් තැනැත්තිය විසින් මතක් කර දීමට (පහසුවන නිසා)ය.˜ (අල්-කුර්ආන් 2: 282)

ඉහත සඳහන් කුර්ආන් වාක්‍යය අනුව පිරිමින් දෙදෙනෙකු නොමැති අවස්ථාවක එක් පිරිමියෙකු හා අනෙක් තැනැත්තා වෙනුවෙන් කාන්තාවන් දෙදෙනෙකු තෝරා ගැනීමට ඉස්ලාම් නියම කිරීම නිසා කාන්තාවන් අවතක්සේරුවට ලක්කර පිරිමියෙකුට සමානව සාක්ෂි දීමේ අයිතිය නැතිකර ඇතැයි පවසන අයද සිටිති.

උසස් තත්ත්වයක වැජඹුන කාන්තා පරපුර පහතට ඇද දමන ලද්දේ ඉස්ලාමය නොවේ. දේපල, වස්තුවේ සිට කායික මානසික අවශ්‍යතා දක්වා සියලූ අයිතීන් පැහැරගෙන, පිළිකුල් සහගත ජාතියක් බවට ඇද දමා සිටි කාන්තාවන් සමාජයේ ගෞරවයක් ඇති අභිමානවත් ජාතියක් වශයෙන් ඉදිරියට ගෙනාවේ ඉස්ලාමය.

—විශ්වාසවන්තයිනි, කාන්තාවන්ගේ කැමැත්තෙන් තොරව ඔවුන්ට අයිති දේපල හා වස්තුව ලබා නොගන්න. ඔබ විසින් දෙන ලද (විවාහයේදී දෙන පරිත්‍යාග මුදල) මහර් ලෙස ඇයට කොතරම් මසුරන් (රන් රිදී) පොදියක් දුන්නත්, ආපසු නොගන්න. ඇගේ වරුද්දක් ගැන කෝපවනවාට වඩා ඇගේ හොඳක් ගැන සතුටුවන්න. ඇගේ අඩුපාඩුවක් තුල යම් යහපතක් තිබිය හැක.˜ යනුවෙන් අල්ලාහ් අල්-කුර්ආනයේ පවසයි.

කාන්තාවන් සම්බන්ධයෙන් ඉස්ලාමයට චෝදනා නගන අය ඉහත කුර්ආන් පාඨය ගැන අවධානය යොමු කළ යුතුය.

කාන්තාවන් පහත් ලෙස සලකා පිරිමින් උසස් කිරීම ඉස්ලාමයේ අරමුණ යැයි නගන චෝදනාව නිවැරදි නම්, අල්-කුර්ආන් 2:28 වැකිය ආරම්භයේ (ණය සම්බන්ධ) ඔබලාගෙන් පිරිමින් දෙදෙනකු සාක්ෂි වශයෙන් නියම කර ගන්නැයි දෙවියන් කියන්නේ මන්ද?

විශ්වාස වන්ත පිරිමියෙකු තෝරාගන්නැයි කියන්න තිබුනා නොවේද? එක් සාක්ෂියක් පමණක් ඉදිරිපත්වීමේදී සත්‍යය හා බොරුව මිශ්‍ර කිරීමට ඉඩ ඇත. මේ නිසා සාක්ෂි දෙකක් අවශ්‍ය බව අල්ලාහ් කියයි.

ලිංගික අපචාර චෝදනාවක් ඔප්පු කිරීමට පිරිමින් හතර දෙනෙකුගේ සාක්ෂි අවශ්‍ය බව ඉස්ලාමය කියයි. එක් අයකු හෝ තිදෙනකු බොරු කීවත් සිව්වැනියා හෝ සත්‍යය කීමට ඉඩ ඇතැයි යන ධනාත්මක හැඟීමකින් මෙසේ නියම කර ඇත. මෙවැනි චෝදනාවකදී (අපචාර) සාක්ෂි හතරකට වඩා අඩුවෙන් ඉදිරිපත් වූවත් ද~ුවම් දීම කෙසේ විය යුතුදැයි කුර්ආනය මෙසේ කියයි.

—පතිවතින්යුත් (ගුණ යහපත්) කාන්තාවකට අපචාර (අපහාස) චෝදනාවක් එල්ල වූවොත් එය ඔප්පු කිරීම සදහා සාක්ෂි හතරක් ඉදිරිපත් කළ යුතුය. එසේ කිරීමට ඔවුන්ට නොහැකිවූවොත්, චෝදනා කළ අයට කස පහරවල් 80 බැගින් ගසන්න. තවද කිසිම දවසක ඔවුන්ගේ සාක්ෂි පිළි නොගන්න. සත්‍ය වශයෙන්ම අපරාධකාරුවන් ඔවුන්ය.˜ (අල්-කුර්ආන් 24:4)

අල්-කුර්ආන් 2:282 වැකියෙන් පිරිමියෙකු වෙනුවට කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය අවශ්‍ය යැයි කීම තුල ඇති සාධාරණත්වය (එහි අරමුන) ඔවුන්ගේ ස්වභාවය ගැන අවධානයෙන් යුතුව සිතා බැලූවොත් පැහැදිළි වන්නේය.

කාන්තාව ස්වාභාවිකව මෙලෙක්වූ සිත් ඇත්තියකි. මේ මොළොක් වූ සිත නිසා තව කෙනෙකුගේ දුක් වේදනාවක් දරා සිටිය නොහැක.

යමෙක් ඔහුට ලැඛෙන්න යන තීන්දුව (දඩුවම) ගැන සිතා කඳුළු සලනවා දුටු විට ඇය හැගුම්බර වන්නට ඉඩ ඇත. මොහු වැරදිකරුවෙක් හෝ නිවැරදි කරුවෙක් හෝ වේවා, මොහුගේ කඳුළු නවතාලීම ඇගේ අරමුණවිය හැක. ඒ ඇයගේ ස්වභාවයයි. මෙපමණක් නොව කාන්තාවන් ශාරීරික වශයෙන්ද දුබල වන අවස්ථා තිඛෙන්නේය. කාන්තාවන්ට මාස්පතා ඔසප් (මාසික ශ.ද්ධිය) ඇතිවෙයි. මේ කාලය තුල බොහෝ කාන්තාවන්ගේ මානසිකත්වයේ අවුල්වූ ස්වභාවයක් ඇතිවිය හැක. මෙය මනෝ විද්‍යාඥයින් සොයාගත් සත්‍ය තොරතුරක් වන්නේය.

මෙපමණක් නොව කාන්තාවක් ගැබ්ගත් විට පළමු මාස 4-5 දක්වා ඇය තුල කායික හා මානසික වශයෙන් එකඟතාවක් දක්නට නැත. විවිද අවස්ථාවල අවුල්වූ චිත්ත ස්වභාවයක් හා දුර්වලත්වයක් දකින්නට ලැඛෙයි.

සාක්ෂි කීම යනු සාමාන්‍ය කටයුත්තක් නොවේ. විත්තියේ හා පැමිනිළ්ලේ ඉරණම රඳා පවතින්නේ සාක්ෂිකරුවන් අතේය.

මෙසේ තම අනාගත ඉරණම රඳා පවතින සාක්ෂිය අවුල් සහගතවීම බුද්ධිමත් කවුරුන් හෝ පිළිගනීවිද? කවදත් කොතැනකදීත් කුමන අවස්ථාවකදීත් කිසිවෙකුට අසාධාරණයක් සිදු නොවීමට ඉස්ලාම් වග බලාගනී.

කාන්තාවන්ගේ ස්වාභාවය ගැන මනා අවබෝධයකින් යුතුව ඉස්ලාමය එක් පිරිමියෙකු වෙනුවට කාන්තාවන් දෙදෙනෙක් සාක්ෂි වශයෙන් ඉදිරිපත් විය යුතු යැයි නිගමනය කළ බව තැන්පත්ව සිතාබලන්නේ නම් අවබෝධවන්නේය.

කාන්තා අයිතිවාසිකම්-උපදෙස් (අනුශාසනා)

අල්ලාහ්ගේ උසස්වූ මැවීමක් වන මිනිසා, හය වැදෑරුම් දැනුමක් ඇතුව (ඉන්ද්‍රියන් පහෙන් ලබන දැනුමට අමතරව හොඳ නරක වටහා ගැනීමේ විශේෂ දැනුම) මවා, ව්‍යාප්ත කරවා, ශිල්ප ඥානය ලබා ගැනීම සදහා අධ්‍යාපනය ඔවුන්ට අනිවාර්ය කරවා, දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමටද අල්ලාහ් විසින් මඟපෙන්වා ඇත. ඒ දැනුම හා කුසලතා පිරිමින්ට පමණක් නොව කාන්තාවන්ටද භේදයකින් තොරව ලබා දුන්නේය. එහෙත් කාන්තාවන් තමන්ට වඩා දැනුමෙන් අඩු අය ලෙස පිරිමින් සළකති.

සමාජීය වශයෙන් පමණක් නොව තම පවුල ඇතුළුව ජීවිතයේ සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම කාන්තාවන්ගේ අදහස් විමසීමට හෝ ඔවුනට ඉදිරිපත්වී ස්වෙච්චාවෙන් අදහස් ඉදිරිපත් කළ විට ඒවා ගැන විමසීමට හෝ පිරිමි පාර්ශවය චකිතයක් දක්වයි. තම සහකාරිය වන්නට, තම පවුල නිසි අන්දමින් නඩත්තු කරන්නට තම දරුවන් සදාචාරාත්මකව හදා වඩා ගන්නට උසස් කාන්තාවක් බලාපොරොත්තු වන පිරිමින්, තම පවුල ගැන යම් අදහසක් ඉදිරිපත් කිරීමේදී පමණක් කාන්තා නුවණ හැඳිමිට තරම් යැයි පසෙකට දැමීම සාධාරණද? දේව වාක්‍ය මගින් කියවෙන්නේ මෙයද?

—මිතුරා˜ යන පදයේ ගැඹුරු අර්ථයක් ඇත. එකිනෙකාට උදව් කිරීම, හොඳ දේ කියාදී නරක දෙයින් වළකා ලීම, මානසික වේදනාවක් ඇතිවූ විට එය නිවා දැමීමට කටයුතු කිරීම, ඔහුගේ රහස් හෙළි නොකිරීම, ඔහු යම් ආරවුලකට හසුවුණ අවස්ථාවක අවශ්‍ය උපදෙස් ලබාදීම, මිතුරාගේ උපදෙස් සමච්චලයට භාජනය නොකිරීම, මෙලෙස දුක සැප සමව ඛෙදා හදා ගැනීම. මිතුරුකමේ විශේෂාංගයකි.

පහත සඳහන් දේව වාක්‍යය තේරුම් නොගත් අය, —මමයි උපදෙස් දෙන්නේ. ගැහැණියගේ උපදෙස් මට අවශ්‍ය නැහැ˜ යනුවෙන් ගර්වයක් පෙන්වති. දෙවියන් කෙරෙහි විශ්වාසයක් ඇති කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම පොදුවේ එම දේව වාක්‍යයෙන් කියවෙන්නේ කුමක්දැයි බලමු.

—(අල්ලාහ් ගැන විශ්වාස කරන) ඔවූහු තම දෙවියන්ගේ නියෝගයන් පිළිගෙන සලාතය නිසිආකාරව ඉටු කරති. තවද තම කටයුතුවලදී ඔවුනොවුන් එක්වී සාකච්ඡා කරගනිති.˜ (අල්-කුර්ආන් 42:38).

කාන්තාවක් තම පවුල පාලනය කිරීම සදහා තම දරුවන් නිසි අන්දමින් හදා වඩා ඔවුන්ට සිප් සතර උගන්වා, සදාචාරයෙන් යුතු පුරවැසියන් බවට පත්කිරීමට මොනතරම් වෙහෙසක් දරන්නීද?

එයිනුත් ගැහැණු දරුවන් ගත් කළ ඔවුනට උසස් අධ්‍යාපනයක් ලබා දෙන අතරේ නිවසක වැඩ කටයුතු කළමනාකරණය,

බිරිඳක් වශයෙන් තම ස්වාමි පුරුෂයාගේ යුතුකම් ඉටු කිරීම,

දරුවන්ගේ අවශ්‍යතා ඉටුකිරීම යනාදී සියල්ල මැනවින් දත්, ක්‍රියාශීලි, ගුණවත් නැණවත් කාන්තාවක් කිරීම සදහාද විශාල වෙහෙසක් මව දරන්නීය.

ගැහැණු දරුවන් උසස් ගති ගුණවලින් යුතුව හදා වඩා ගැනීමේ වැදගත්කම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන්ගේ රුවන් වැකියක් මගින් තේරුම් ගත හැක.

—යමෙක් තම ගැහැණු දරුවන් වැඩිවියට පත්වන තෙක් හොඳාකාරව හදාවඩාගනීද ඔවුන්ද මමද සවර්ගයේ මෙසේ සිටින්නෙමුයි තම දබරැගිල්ල හා මැදඟිල්ල එක්කර පෙන්වූහ.˜ (වාර්තාකරු අනස්(රලියල්ලාහු අනුහු) මූලාශ්‍රය: බුහාරි.)

පරලොවදී මෙතරම් උසස් තත්ත්වයක් ලැබීමට නම් එය කොතරම් වැදගත් කර්තව්‍යයක්ද?

අනේක දුක් කරදර මධ්‍යයේ හදා වඩා ගත්ත තම දියණියගේ විවාහ මංගල්‍යයේදී පවා කිසිම අදහසක් දැක්වීමට ඇයට අවසරයක් නැත. පියාගේ නියෝගවලට හිස නමාගෙන, ඔහුගේ අණ පරිදි කි්‍රයා කළ යුතුය.

තම දරුවා ගැන යම් අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇයට නැද්ද?

රෑ දවල් නිඳි නොලබා, බඩගින්න පිපාසය ගැන නොසලකා දහදුක් විඳිමින් එම දරුවා හදා වඩා ගැනීමට කැපවුනේ ඇයයි. ඇය ගැහැණියක් වූ නිසාම ඇගේ අයිතීන් සියල්ල අහිමි වී ගියාද?

තම පවුලේ කටයුතු සම්බන්ධයෙන් බිරිඳගේ අදහස් විමසීම පිරිමින්ගේ යුතුකමක් වන්නේය. පිරිමින් අදහස් නොවිමසූවත් සුදුසු අවස්ථාවක පවුල සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ගැහැණියක් සතු යුතුකමකි. තම ස්වාමි පුරුෂයාගේ නිවසේ වගකීම බිරිඳ සතුවන්නේය.

මෙය මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මෙසේ ප්‍රකාශ කළහ. ඔබ සියලූ දෙනා වගකිව යුත්තෝය. සැමදෙනාම තම වගකීම් ගැන විභාග කරනු ලබන්නහුය. නායකත්වයට පත්වූ තැනැත්තා නායකත්වය ගැන වගකිව යුතුය. පිරිමියා තම පවුලට වගකිව යුතුය. ගැහැණියක් තම ස්වාමිපුරුෂයාගේ දේපලවලටත් ඔහුගේ දරුවන්ටත් වග කිව යුතුය. එහෙයින් ඔබ සැවොම වගකිව යුත්තන්ය.˜ (වාර්තාකරු: ඉබ්නු උමර් ග්‍රන්ථය: බුහාරි).

මේ අනුව දරුවන් හදාවඩා ගැනීම ඇතුළු පවුලේ හැම කටයුත්තකම වගකීමක් කාන්තාවට පැවරී ඇති හෙයින් තම අදහස් ප්‍රකාශ කිරීමේ සම්පූර්ණ අයිතියක් ඇයට ඇත. එහෙයින් පිරිමින් සාකච්ඡා කර සම්මුතියකට නොපැමිණෙන අවස්ථාවලදීත් තම අදහස් ප්‍රකාශ කර අවශ්‍ය උපදෙස් දීමට කාන්තාව ඉදිරිපත් විය යුතුය.

අනතුරුව කාන්තාවකගේ වගකීම තම පවුලේ කටයුතුවල පමණක් සීමා නොවී, දේශපාලනය ඇතුළු පොදු කටයුතුවලදීත් තම අදහස් ඉදිරිපත් කිරීමේ අයිතියක් ඔවුන්ට ඇති බව නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාගේ ජීවිත කාලය තුල සිදුවූ සිද්ධියක් මගින් වටහා ගත හැක.

හුදෙයිබියා ගිවිසුම (සාම ගිවිසුම) අත්සන් කර අවසන්වූ පසු නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම යහළුවන් අමතා —නැගිටින්න පරිත්‍යාග කළයුතු සතුන් (මෙතැනදීම) කපා හිස කෙස්ද ඉවත් කරගන්න.˜ යනුවෙන් තුන් වරක්ම කී මුත් – දෙවියන් මත දිවුරා කියමි.- කිසිවෙකු නැගිට්ටේ නැත.

තම මිතුරන් කිසිවෙකු නොනැගිටීම නිසා තමාට ඇතිවූ සිත්තැවුල ගැන තම ආදරණීය බිරිඳවූ උම්මු සලාමා (රළියල්ලාහු අන්හා) තුමියට කියා සිටියේය. එය ඇසූ උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය —අල්ලාහ්ගේ දූතයාණෙනි, එසේ කිරීම ඔබේ කැමැත්ත නම් පළමුවෙන් ඔබ සතෙකු පරිත්‍යාග කර අදාල පුද්ගලයකු ලවා ඔබේ හිස කෙස් ඉවත් කරවාගන්නැයි˜ උපදෙස් දුන්නාය. එය ඇසූ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඒ අයුරින්ම තම වැඩ කොටස ඉටු කළේය. එය දුටු මිතුරෙක්ද නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා අනුකරණය කරමින් එම කටයුතු නිසි පරිදි කරන්නට විය.˜ (වාර්තාකරු : මිස්වර් බින් මක්රමා, මූලාශ්‍රය බුහාරි මුස්ලිම්).

මෙසේ ඉස්ලාමය සෑම අවස්ථාවකම කාන්තාවන්ට වැදගත්කමක් හා ගෞරවයක් ලබාදී ඇත. කාන්තාවගේ උපදෙස් පිළිපැදීම අගෞරවයක් ලෙස සිතන පිරිමින්ට, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ජීවිතය තුලින් ආදර්ශමත් පාඩමක් උගත හැකිය. කාන්තාවන්ගේ අදහස් පතන අය සැළකිල්ලට ගතයුතු වැදගත් දෙයක් ඇත. කාන්තාවන්ගෙන් අදහස් විමසිය යුතු නමුත් ඔවුන් පවසන සියල්ල පිරිමින් කළ යුතු ද නැත. ඔවුන්ගේ අදහස් හා උපදෙස් දෙවියන්ගේ කියමන්වලට හා දේව දූතයාණන්ගේ කියමන්වලට එකඟ නැත්නම්, ඔවුන්ගේ උපදෙස් පිළිපැදිය යුතු නැත. කාන්තාවන් පිළිබඳ නබි වදනක මෙසේ සදහන් වෙයි.

වරක් නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණෝ හජ් උත්සව දිනක හෝ ඊදුල් ෆිත්ර් උත්සව දිනක සලාතය සදහා නික්ම ගියහ. කාන්තාවන් අතරින් යන විට ඔවුන් අමතා

—කාන්තාවනි, දන් පින්කරන්න. මන්ද අපායේ වැඩිපුර කාන්තාවන් සිටිනු මා දුටුවෙමි˜යි කීහ. එවිට කාන්තාවෝ —නබි තුමනි, නරකාදියේදී අධික වශයෙන් ගැහැණුන් දුටුවේ මක්නිසාදැ˜යි විමසූහ. එවිට නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා —ඔබලා වැඩියෙන් ශාප කරනවා, ස්වාමිපුරුෂයින්ට වංචා කරනවා ආගමික වශයෙන් හා දැනුමෙන් අඩු අය ලෙසයි ඔබලාව මා දකින්නේ ඔබලාගෙන් එකියක් බුද්ධියෙන් මෝරාගිය පිරිමියකුවූවත් මුළාවට පත් කරවන්නීයැයි පිළිතුරු දුන්හ. (මෙය දිගු හදීසයක කොටසකි.) වාර්තාකරු: අබූ සඊදුල් කුද්රි, මූලාශ්‍රය : බුහාරි)

කාන්තාවන්ගේ වැදගත්කම ගැනත් අයිතිවාසිකම් ගැනත් විග්‍රහ කරන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාම, ඔවුන් ගැන එසේද ප්‍රකාශ කළහ. එනිසා පවුල් කටයුතු මෙන්ම පොදු කටයුතුවලදී ද හොඳින් සලකා බලා සුපරික්ෂාකාරීව කටයුතු කළ යුතු බව පිරිමින් තරයේ සිහි තබාගත යුතුය.

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-කථා කිරීමේ අයිතිය

කාන්තාවන්ට අහිමි වී තිබුන අයිිතිවාසිකම් සියල්ල නැවත ඉස්ලාමය විසින් ලබාදී තිබියදීත් වර්තමානයේ සමහර අවස්ථාවලදී ඇයට කථා කිරීමේ අයිතිය අහිමි වෙයි.

ඉස්ලාමයේ අඩංගු නැති දෑ පිළිගන්නා අතර අපේ සමාජය, ඉස්ලාමය අනුමත කළ දේවල්ද නොගැලපෙන දේවල් හැටියටද ප්‍රකාශ කරති. ගැහැණුන් තම කටහඩ අන්‍ය පිරිමින්ට ඇසෙන ලෙස කථා නොකළ යුතුය. ගැහැණුන්ගේ කටහඩ ද අවුරත් (වැසිය යුතු) අංගයකි. එහෙයින් ඔවුන් ආගමික ප්‍රචාරක කටයුතුවල නොයෙදිය යුතු යැයි සමහර ආගමික උගතුන් වැරදි විග්‍රහයක යෙදෙති. ගැහැණු කටහඩ අවුරත් (වැසිය යුතු) අංගයක් ලෙස දේව වාක්‍යවල හෝ පිළිගත් නබි වදන්වල සඳහන්වී නොමැත. (අදාල සාධක නොමැත).

උත්තරීතර අල්ලාහ් ශ.ද්ධ කුර්ආනයේ —නබිවරයාගේ භාර්‍යාවනි, නුඹලා අනෙක් කාන්තාවන් මෙන් නොවේ. නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වන්නේ නම් (අන්‍ය පිරිමින් සිත් ඇඳගන්නා අයුරින්) මුකුලූ පාමින් කතා නොකරන්න.˜ (අල්-කුර්ආන් 33:32) යනුවෙන් නබිතුමාගේ භාර්යාවන්ට කීවත් දේව බිය ඇති හැම කාන්තාවකටම මෙම කියමන පොදුය.

මෙහිදී අන්‍ය පිරිමින්ගේ සිත් ඇඳගන්නා මිහිරි හඩකින් කථා කිරීම නොකළ යුතු බව කියා ඇතිමුත් අවශ්‍ය දේ අවශ්‍ය පරිදි තමන්ට පුරුදු උස් හඩින් කථා කිරීම ප්‍රතික්ෂේප කර නැත. මෙසේ අන්‍ය පිරිමින්ට ඇසෙන පරිදි උස් හඩින් කථා කිරීම නරක නම් දෙවියන් විසින් පළමුවෙන් නබිතුමාට තහනමක් පනවන්නට ඇත. නමුත් විශාල වශයෙන් කාන්තාවන් නබිතුමා ඉදිරියට විත් කරුණු වටහා ගත්හ.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් ජීවතුන් අතර සිටියදීම, නබිතුමාගේ භාර්‍යාවන්ගෙන් නබිතුමාගේ අනුගාමිකයෝ නබි චරිතය හා නබි වදන් පිළිබඳව අසා දැනුම ලබා ගත්හ. නබිවදන් විශාල සංඛ්‍යාවක් රැස්කරගෙන ඇත්තේ නබි තුමාගේ භාර්යාවන් හා සහාබි(අනුගාමික)කාන්තාවන් මාර්ගයෙන්ය. අද ඇතැම් අය ප්‍රකාශ කරන අයුරින් එදා කාන්තාවන් අන්‍ය පිරිමින් සමග කථා නොකර සිටියා නම්, අද අපට ඉස්ලාම් ආගමේ සත්‍ය තොරතුරු බොහෝමයක් නොලැබී යාමට ඉඩ තිබිණ. කාන්තාවන් අන්‍ය පිරිමින්ට ඇසෙන අයුරින් කථා කළ හැකිය යන්න පහත සඳහන් පුවතින් තහවුරු වන්නේය.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මිතුරන් වන අපට යම් නබි වදනක් ගැන (හදීස්) සැකයක් ඇතිවූ විට, ආයිෂා(රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසන්නෙමු. ඇය කරුණු පහදා දී අපේ සැකය දුරු කළාය. එයට අවශ්‍ය දැනුම හා ඥානය ඇය සතුව තිබිණ.˜ (වාර්තාකරු: අබූ මූසා(රළියල්ලාහු අන්හු), මූලාශ්‍රය: තිර්මිදි).

කට හඩ (වැසිය යුතු) අවුරත් යැයි තර්ක කරන අය ප්‍රචාරය තහනම් කිරීම සඳහා තවත් කරුණක් ඉදිරිපත් කරති. ආගම ප්‍රචාරය කිරීම සඳහා අවශ්‍ය තරම් පිරිමි උගතුන් සිටියදී මේ කාර්්‍යය කාන්තාවන් කළ යුතුමද? යැයි ප්‍රශ්න කරති. ආගම ප්‍රචාරය කිරීමේ වගකීම දෙවියන් විසින් පිරිමින්ට පමණක් භාරදී නොමැත. ගැහැණු පිරිමි දෙපාර්ශවයටම මෙම වගකීම පවරා ඇත. මෙයට සාක්ෂි වශයෙන් පහත සඳහන් දේව වාක්‍යය ඉදිරිපත් කළ හැක.

—විශ්වාස වන්ත කාන්තාවන්ද විශ්වාස වන්ත පිරිමින්ද ඔවුනොවුන් කළ්‍යාණ මිත්‍රයින්ය. ඔවූහු යහපත් දේ කියා දෙති. අයහපත් දෙයින් වළක්වාලති. තවද ඔවූහු සලාතය ඉටුකර සකාත් (බද්ද)ද ඉටු කරති. ඔවූහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනතව කටයුතු කරති. මෙවන් අයට අල්ලාහ් කරුණාව දක්වන්නේය.˜ (අල්-කුර්ආන් 9:71)

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්රු (රලියල්ලාහු අන්හු) තුමා දන්වන හදීසයක් බුහාරි ග්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි. —මා ගැන ඔබලා දන්නා එක් කරුණක් වූවත් ඒ ගැන ජනතාව දැනුවත් කරන්නැ˜යි කාන්තාවන් හා පිරිමින් රැස්වී සිටි අවස්ථාවක ප්‍රකාශ කළහ.

ඉහත සඳහන් කුර්ආන් පාඨ හා නබි වදන් තුලින්, ආගමික දැනුම අන් අයට කියාදී ආගමික දැනුම ප්‍රචාරය කිරීම විශ්වාසවන්ත කාන්තාවන්ට හා පිරිමින්ට පැවරුණු විශාල වගකීමක් බව තේරුම් ගත හැක. තම නියෝගයට අවනතවීම පිළිබඳ දෙවියන් මෙසේ ප්‍රකාශ කරයි.

—අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් විසින් යම් නියෝගයක් පැනවූ විට ඒ ගැන වෙනස්වූ අදහසක් ඉදිරිපත් කිරීමට විශ්වාස වන්තවූ කිසිම කාන්තාවකට හෝ පිරිමියකුට අයිතියක් නොමැත. කවුරු හෝ මෙයට විරුද්ධ වන්නේ නම්, සත්‍ය වශයෙන්ම ඔවූහු ප්‍රකට නොමෙඟහිය.˜ (අල්-කුර්ආන් 33: 36)

දෙවියන් හා දේව දූතයාණන් විසින් ආගම ප්‍රචාරය කිරීමේ අයිතිය හා වගකීම ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පවරා තිබියදී, ගැහැණුන්ට කථා කිරීමේ අයිතියක් නැතැයි වාද කිරීම දේව අණට පිටුපෑමක් වන්නේය.

ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමිව තිඛෙන අයිතීන් හා වරප්‍රසාධයන්

ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමිව තිඛෙන අයිතීන් හා වරප්‍රසාධයන් පිලිබදව කථා කිරීමට මත්තෙන් මේ කාන්තාව සම්බන්ධයෙන් ලොව අනිකුත් දහමන්, දර්ශනයන් හා විවිධ ජන සමාජ දක්වන ප්‍රතිචාරය කෙරෙහි අවදානය යොමු කලේ නම්. ලෝක ඉතිහාසයේ වැදගත් සන්දිස්ථානයක් ලෙස ග්‍රීකවරුන් සදහන් කල හැක.

ලෝක  ඉතිහාසයේ අ`එත්  පරිච්චේදයක්  නිරමාණය  කල අදටත්  විශ්මිතව කථා  කරන  මේ ග්‍රීකවරුන් කාන්තාව සම්බන්ධයෙන් දැක් වු ප්‍රතිචාරය කුමක්ද? මේ පිලිබදව ඉතිහාස පෙරලද්දී ඔවුන් ආරම්භයේ කාන්තාව “වෙළද භාණඩයක්” ලෙස සලකන ලද බව තහවුරු වේ. එසේම කාන්තාව යනු කිසිදු ආකාරයක අයිතිවාසිමකට උරුමකම් කිව නොහැකි පිරිසක් ලෙසත් සිය`එම ආකාරයේ අයිතීන් වරප්‍රසාද ඇත්තේ පිරිමින්ට පමණක් ලෙසත් එදා එම සමාජය විශ්වාස කරන ලද බවත්, දේපල අයිතිය ප්‍රධානය කිරීම හෝ තබාගැනීම කාන්තාවට නුසුදුසු ක්‍රියාවක් ලෙස සලකන ලදී. අදටත් ලොව විද්වතෙකු ලෙස සලකන, ග්‍රීකවරුන්ගේ ප්‍රබලතම විද්වත් මතවාදියකු වන සොක්රටීස් නැමැත්තාගේ කාන්තාව පිලිබදව අදහස වුයේ,

“කාන්තාවන් සිටීම ලෝව පරිහාණියට ප්‍රබල හේතුකාරකයක් වේ. තවද කාන්තාව යනු විෂ ගසකට සමාන කොටසකි. එම ගසේ භාහිර ස්වරුපය අලංකාර වේ. නමුත් එහි පලය බට්ටිත්තන් කෑ විගසම එම බට්ටිත්තන් මියඇදෙති”යන්නයි.

ග්‍රීකවරුන් එසේ තීරණය කරද්දී ඊට දෙවැනි නොවී රෝමාවරුන් ද කාන්තාව සම්බන්ධයෙන් විවිධ තීරණ හා අදහස් සමාජ හමුවේ ප්‍රකාශ කරන ලදී. එහි වැදගත්ම කාරණය වන්නේ ඔවුන් “කාන්තාව පණ නැති වස්තුවක්” ලෙස සලකනු ලැබීමයි. එදා රෝමාවරුන්ගේ සමාජයේ කාන්තාවට කිසිදු ගෞරවයක් හෝ සැලකිල්ලක් හිමි නොවී පැවතුණි. මොවුන් කාන්තාව පණ නැති භාණඩයක් ලෙස සැලකූ නිසා එම සමාජයේ කාන්තාවන්ට රත් කරන ලද තෙල් ශරීරයේ වැක්කිරීම වැනි මිලෙච්ච දඩුවම් පවා කාන්තාවන්ට පමුණුවන ලදී. එසේම කාන්තාව හිංසනයට ලක්කිරීම එම සමාජයේ විනෝදාංශයක්ව පැවතුණි. එය කොතරම් කුරිරු ද යයි පවසනවා නම්, කාන්තාවක් අශ්වයකුගේ වලිගයේ බැද එම අශ්වයන් වේගයෙන් දුවවමින් එම කාන්තාවට හිංසනයන් සිදුකරමින් එය බලා එම සමාජයේ පිරිමීන් විනෝද විය.

කාන්තාව සම්බන්ධයෙන් එදා ලෝක ප්‍රතිචාරය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා අප අසැල්වාසී ඉන්දීයාව කෙරෙහි අවදානය යොමු කලේ නම්, ඔවුන් කාන්තාව සම්බන්ධයෙන් දැක්වු ප්‍රතිචාරයත් ඉහත සදහන් රටවල් දැක්වු ප්‍රතිචාරයන්ට දෙවැනි නොවීය. විටෙක ඉන්දියාව ලොව අනිකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටී බව පැවසිය හැක. එනම් “සතිපූජාව“නමින් තම ස්වාමියා මියගිය පසු එම මෘතදේහය ආදාහනය කරන මොහොතේ ඔහුගේ බිරිද ද එම ගින්නෙහිම පණපිටින් ආදාහනය කරන සිරිතක් එම සමාජයේ පැවතුණි. එනම් තම ස්වාමියාගෙන් තොර ලොවක් ඇයට සිතීමේ පවා අයිතියක් නොපැවතුණි.

චීනවරුන් කාන්තාව ධනයත් භාග්‍යයත් අහිමි කරවන දුර්භාග්‍යමත් කාරණයක් ලෙස සලකනු ලැබු අතර සියල්ලට විපත ගෙන එන ජලයට ඇය සමාන කරන ලදී. එසේම එදා සමාජයේ චීනවරුන් තම බිරිදන් පණපිටින්ම වලලන්නටත් විකුණන්නටත් රටේ නීතියෙන්ම සම්පූර්ණ අයිතය ලබා තිබුණි.

ලොව විප්ලවකාරීන් වන යුදෙව්වරුන් එදා කාන්තාව සැලකුවේ සිය`එම ආකාරයේ ශාපයන්ට උරුමකම් කියන පිරිසක් ලෙසයි. මන්ද “ඇය තමා ආදම් (අෙලෙ) තුමාව නොම`ග යවා තහනම් ගසේ ගෙඩි කන්නට සැලැස්වු බවත් එහි ප්‍රථීපලයක් ලෙස මිනිස් සමාජය බිහිවී දුක්විදින්නට සිදුවී ඇති බවත්” යන්න ඔවුන්ගේ විශ්වාසයයි. තවද කාන්තාව අපිරිසිදු මැවීමක් ලෙස ඔවුන් සැලකූ අතර විශෙෂයෙන් ඇයට මාසික (මාස්ශ+ද්ධිය) ඔසප් කාලය ඇති වුයේ නම් ඇය ඉතා අපිරිසිදු තත්වයට පත්වන බවත් ඇය සිටින නිවසත් ඇයගේ ස්පරශයට හසුවන සියල්ලමත් අපිරිසිදු තත්වයට පත්වන බවටත් ඔවුන් විශ්වාසය විය. එසේම දේපල ඛෙදිම සම්බන්ධයෙන් කිසියම් පවුලක කාන්තාවකට සහෝදරයන් සිටියේ නම් ඇයට තම පියාගෙන් කිසිදු ආකාරයක දේපල අයිතියක් නොලැඛෙන බව ද ඔවුන්ගේ නිගමනය වී තිබුණි. එපමණක් නොවේ යුදෙව්වරුන් තම දේපල ආරක‍ෂා කරගැනීම පිණිස තම දූවරුන්  විකිණීමටත් ඔවුන් දාසයන් ලෙස ලබාදීමටත් අවසරය ලබා තිබු බව පහත බයිබල් වාක්‍යයෙන් පැහැදිලි වේ. එනම්

—යුදෙව්වරු තමන්ට අයිති ඉඩම්වලට හා මිදි වතුවලට තීරුබදු ගෙවීම පිණිස තමන් සතු ගැහැණු දරුවන් උකසට තැබීමටද බලය ලබා තිබුණි ˜

බයිබලය (නෙහෙමියා 5:5)

ක්‍රිස්තියානිවරුන් කාන්තාව ෂෙයිතාන්ගේ (නපුරෙහි) දොරකඩ ලෙස කලකන ලදී. ක්‍රිස්තියානි විද්වතුන්ගේ පවා නිගමනය වී තිබුණේ කාන්තාව මනුෂ්‍ය ඝනයට අයත් නොවන බවයි. තවද පාරිශ+ද්ධ යූනපෙන්තූරා නැමත්තා මෙසේ පවසයි “නුඔලා කාන්තාවන් දුටුවේ නම් ඇයව මනුෂ්‍ය ඝනයට අයත් කෙනෙකු යයි නොසිතන්න, එපමණක් නොවේ ඇයව පණ ඇති ජීවියකු ලෙස ද නොසලකන්න, නුඹලා දකින්නේ සැබැවින්ම ශෙයිතාන්ගේ (නපුරෙහි) රූපයම බවත් නුඹලාගේ සවනට වැටෙන ඇයගේ හඩ විෂ සර්පයන්ගේම ශබ්දයක් යන්නත් අමතක නොකරන්න

තවද පසුගිය 19 වන සියවසයේ මැද භාගය වනතුරු ඉංග්‍රීසිවරුනගේ පොදු නීතියට අනුව කාන්තාව යනු රටක පුරවැසිභාවය නොලද පිරිසක් ලෙස සලකන ලදී. එපමණක් නොවේ කාන්තාවට පමණක් යයි කිසිදු අයිතියක් හෝ නීතියක් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක නොවුනි. එය කොතරම් ද යයි පවසනවා නම් ඇයි අදින වස්ත්‍රය ඇයට අයිති එකක් ලෙස තබාගැනීමට පවා අවසරයක් ඇයට නොතිබුණි.

එසේම 1567 දී ස්කොට්ලන්තයේ පාර්ලිමෙන්තුව කාන්තාවට කිසිදු ආකාරයක තනතුරක් හෝ බලයක් නොදිය යුතු බවට නීතියක් සම්මත කරන ලදී. මේ ආකාරයටම අටවන හෙන්රි සමයේ ඉංගී්‍රසිවරුන්ගේ පාර්ලිමෙන්තුව “කාන්තාව අපිරිසිදු කොට්ඨාශයක් වන නිසා ඉන්ජීල් දහම ඉගෙනීම තහනම්” යයි නීතියක් සම්මත කරන ලදී.

එසේම 1805 වන තුරු ඉංග්‍රීසිවරුන්ගේ නීතියේ පුරුෂයෙකු තම බිරිද අලෙවි කිරීම අනුමත කාරණයක් ලෙස සදහන්ව තිබුණි. බිරිදකගේ වටිනාකම පෙනී 6ක් (සිලිං භාගයක්) බවට ද  තීරණයක් පැවතුණි.

ප්‍රංශයේ පාර්ලිමේන්තුව 586 වර්ෂයේ කාන්තාව මනුෂ්‍ය ඝනයට අයත් පිරිසක්ද? නැද්ද? යන්න තීරණය කිරීමට විද්වත් කමිටුවක් පත්කරන ලදී. එසේ පත්කල එම කමිටුව අවසාන වාර්ථාව “කාන්තාව මනුෂ්‍ය ඝනයට අයත් පිරිසකි, නමුත් ඔවුන් මවා ඇත්තේ පුරුෂයන්ට සේවය කිරීම සදහා පමණකි” යනුවෙන් තින්දුව ලබාදෙන ලදී.

මුහම්මද් (සල්) තුමා මගින් ඉස්ලාම් දහම ප්‍රකාශවන්නට පෙර අරාබි සමාජයේ ද කාන්තාව වෙළද භාණ්ඩයක් ලෙස සලකන ලදී. ඔවුනට කිසිදු ආකාරයක අයිතියක් හිමි වී නොතිබුණි. එපමණක් නොවේ අනිකුත් සමාජයන් මෙන්ම මෙම සමජයේත් කාත්තාවට වදහිංසා මෙන්ම ඔවුන් පණපිටින් වලලන සිරිතක් ද එම සමාජයේ පැවතුණි. ගැහැණු දරුවකු පවුලක උපත ලැබීම දුර්භාග්‍යයක් ලෙසත් සමාජයට මුහුණදිය නොහැකි ලැජ්ජාවට කාරණයක් ලෙසත් ඒ සමජය සලකන ලදී.

ලාංකීය සමාජයේ බහුතරය පිලිපදින බුදුදහමේ කාන්තාව පිලිබදව පවසන කරුණූ කාරණයන් පිලිබදව දැන් අවධානය යොමු කලේ නම්. ලොව අනිකුත් දහමන් හා බුදුදහම කරට කර සිටී. මෙහි දී පැවසිය යුතු කාරණයක් ඇත. එනම් බුදුදහම පිලිබදව කථාකරන විට එය කථා කල යුත්තේ බුද්ධ දේශනයන් පදනමස් කරගෙන මිස බෞද්ධ සමාජය හෝ බෞද්ධ සමාජයේ විද්වතුන් පදනම් කරගෙන නොවේ. ඒ අනුව කාන්තාව සම්බන්ධයෙන් බුදුදහමේ ඉගෙන්වීම කුමක්ද?

මෙම කාරණය කෙරෙහි බුද්ධිමත් අවධානය බුද්ධ දේශන වෙත යොමු කරන ඕනෑම කෙනෙකුහට මුලින්ම නෙත ගැටෙන ප්‍රබලතම සිදුවීම වන්නේ බුදුදහමේ උතුම් ස්ථානයක් වන පැවිදිබව ලැබීම හා එම තැන කාන්තාව සදහා ලබාදීමටත් තමන් එය ලබාගැනීමටත් ප්‍රජාපති ගෝතමී මාතාව (භාග්‍යවතුන් වහන්සෙගේ, මවගේ සහෝදරිය. මවක`ඵරිය කළාට පසු භාග්‍යවතුන් වහන්සේව දැඩිකළාය. පොෂ්‍ය කළාය. කිරි පෙව්වාය) ගත් උත්සාහය හා ඒ තැන ලබාගැනීම සදහා කාන්තාවට කැපකිරීමට සිදුවු කැපකිරීමන්ය. ඒ සිදුවීම කෙරෙහි දැන් අවදානය යොමු කරමු.

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිගොධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ සිටින තැනට පැමිණ ස්වාමිණි, ස්ත්‍රීය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිවීම යහපතැයි කීවාය. එයට ගොතමීය, ස්ත්‍රීය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි  භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී.

දෙවනුවත් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, ස්වාමිණි, ස්ත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිවීම යහපතැයි කීවාය. එයට ගොතමීය, ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි  භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී.

තෙවනුවත් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, ස්වාමිණි, ස්ත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිවීම යහපතැයි කීවාය. එයට ගොතමීය, ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි  භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී.

අවසර නොලැවීම නිසා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධරAම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිද්දට අවසර නොදේයයි සිත නරක් වූවා, කදු`එ පිරුණු ඇසින් යුක්තව, පිටව ගියාය.

අවසානයේ ඇය තම හිසකෙස් සිදුවා කසා වස්ත්‍ර හැද තවත් බොහෝ ස්ත්‍රීන් සම`ග බොහෝ දුර පැමිණ බුදුන් වහන්සේ සිටින ප්‍රදේශයේ හඩමින් රුදී සිටින ලදී. මෙය දුටු ආනන‍ද ස්ථවිරයන් වහන්සේ ඇයගෙන් කරුණු විමසන ලදී. ඉන් පසු ආනන‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමිනි, මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ ඉදිමී ගිය පයින් ධූලි වැකුනු සිරුරින්, දුක් වෙමින්, නරක්වූ සිතින්, කදු`එ පිරුණු ඇස් ඇතිව අඩමින් සිටී. ස්ත්‍රීය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිකවූ පැවිද්ද ලබන්නේ නම් යහපතකි”. යයි පවසන ලදී. නමුත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිෙක‍ෂ්ප කරන ලදී. නැවත නැවතත් ආනන‍ද ස්ථවිරයන් වහන්සේ මේ කාරණය පිලිබදව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටින ලදී. නමුත් දිගින් දිගටම ප්‍රතිෙක‍ෂ්ප කිරීම නිසා මේ පිලිබදව තවදුරටත් විමසීම පලක් නොවන බව අවබෝධ කරගත් ආනන‍ද ස්ථවිරයන් වහන්සේ අවසානයේ “ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත පැවිද්ද ලබා සෝවාන් ඵලය හෝ සකෘදාගාමි ඵලය හෝ අනාගාමි ඵලය හෝ අර්හත් ඵලය ප්‍රත්‍යක‍ෂ කරන්ට සුදිසුය” විමසන ලදී. එයට භාග්‍යවතුන් වහන්සේ “ආනන‍දය, ප්‍රජාපතී ගෝතමි තොමෝ කරුණු අටක් පිළිගන්නේ නම් ඇයට උපසම්පදාව හිමිය.

1. උපසම්පදා වී වර්ෂ සියයක් ගිය භික‍ෂුණිය වුවද එදා උපසම්පදා වූ මහණහට වැදීම හා දැක හුනස්නෙන් නැගටීම යනාදී වශයෙන් ගරුකල යුතුය.

2. භික‍ෂුණිය විසින් භික‍ෂූණ් නැති ආවාසයක වස් නොවිසිය යුතුය.

3.  අඩ මසකට වරක් භික‍ෂුණිය විසින් භික‍ෂූ සංඝාගෙන් පොහොය විචාරීම ද අවවාද ඇසීම ද කලයුතුය

4. වස් විසු භික‍ෂුව උභය සංඝයා ඉදිරියේ පවාරණය කල යුතුය

5. ඇවැතකට පැමිණි භික‍ෂුණිය විසින් සංඝයා දෙකොටස වෙත පක‍ෂයක් පුරණ හික්මීමෙහි හැසිරිය යුතුයි.

6. දෙවර්ෂයක් ධර්ම සයෙක්හි හික්මෙන ලද හික්මීම් ඇතිව හික්මෙන්නිය විසින් දෙ වැදෑරුම් සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුතුය.

7. කිසියම් කරුණකින් භික‍ෂුණිය විසින් භික‍ෂූන්ට ආක්‍රේශා නොකළ යුතුය. පරිභව නොකළ යුතුය.

8. අද පටන් භික‍ෂුණීන්ට භික‍ෂූන් කෙරෙහි වචන මාර්ග වැසූයේය. භික‍ෂුණීන්ට භික‍ෂූන් කෙරෙහි වචන මාර්ග නොවැසුවේය.

මෙසේ කරුණු අට ප්‍රජාපතී ගෝතමී තුමියට පැවසීමේන් අනතුරුව සසුනට තිබු දැඩි කැමැත්ත නිසා ඇය මෙම කරුණු 08 පිලිගෙන සසුන් ගතවන ලදී.

මෙම සිදුවීම කෙරෙහි බුද්ධිමත් අවධානය යොමු කරන ඕනෑම කෙනෙකු හට බුදුදහම තුල කාන්තාවට හිමිව පවතින ස්ථානය අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. විශේෂයෙන් ඉහත 08න් 01, 02, 07 හා 08 කරුණු පිලිබදව හොද අවධානයක් යොමුකලේ නම් මෙය පහසුවෙන් අවබෝධ කරගනු ඇත. මෙසේ මා කරුණු බුද්ධ දේශන ඇසුරින් ඉදිරිපත් කරන විට සමහරක් බෞද්ධ විද්වතුන් මෙම කරුණු කාරණයන් සදහා විවිධ අර්ථ කථන ලබාදීමට පු`එවන. මෙහිදී මෙම සිදුවීම මුල සිට අගදක්වා මධ්‍යස්ථව හිද නිරීක‍ෂණය කලයුතුයි. එනම් ප්‍රජාපතී ගෝතමී තුමියගේ අඛණ්ඩ උත්සාහය, ආනන‍ද ස්ථවිරයන් වහන්සෙගේ අඛණ්ඩ උත්සාහය පිලිබදව ගැඹුරින් අධ්‍යනය කලයුතුයි. එවිට එදා පැවතී සමාජයත් ඒ සමාජයට ප්‍රකාශිත බුදුදහම තුල කාන්තාවට හිමිව පැවතී ස්ථානයත් පහසුවෙන් අවබෝධ කරගත හැක. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා මෙම සිදුවීම අවසානයේ ආනන‍ද ස්ථවිරයන් වහන්සේ හට භාග්‍යවතුන් වහන්සේ පවසන කාරණය ඉතා වැදගත් වේ. එනම්,

“ආනන‍දය, ඉදින් ස්ත්‍රීය තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්මයේ පැවිද්ද නොලැබූයේ නම්, ආනන‍දය, බ්‍රහ්මචරය්‍ය බොහෝ කල් සිටියේ වන්නේය. වර්ෂ දහසක් සද්ධර්මය පිහිටන්නේය. ආනන‍දය, යම් දවසෙක සිට ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් සස්නෙහි පැවිදි වූයේද, ශාසනය වර්ෂ පන්සියයක් සද්ධර්ම සිටින්නේය. එසෙම් යම්සේ කිසි කුලයක ස්තී්‍රහු වැඩිවෙත් ද පුරුෂයන් අඩුවෙත්ද ඒ කුලයේ ගම්පහරණ සොරුන් විසින් පහසුවෙන් මැඩ පැවැත්විය යුත්තේද එසේම යම් ධර්ම විනයෙහි ස්තී්‍රය පැවිද්ධ ලබයි ද ශාසනය බොහෝ කල් නොපවතින්නේය, එසේම සම්පූර්ණ වු හැල් කෙතෙහි සුදු ඇට ඇති රෝග පහළවේද එසේ ඒ හැල් කෙත බොහෝ කල් නොපවතී එසේම ස්ත්‍රිය යම් ධර්ම විනයක පැවිද්ද ලබයි ද ඒ ධර්ම විනය බොහෝ කල් නොපවතී…………………………”


මේ අනුව කාන්තාව සම්බන්ධයෙන් බුදුදහමේ ස්ථාවරය ද පහසුවෙන් අවබොධ වේ.

අබු අර්ශද්

ඉස්ලාම් කාන්තාවට ලබා දී ඇති අයිතීන් -කෙතරම් දුරට කාන්තා අයිතීන් ආරක‍ෂා කර ඇත්තේද?

කාන්තා නිදහස වෙනුවෙන් හඩ නැගු ඇය ඉස්ලාම් දහම ප්‍රචාරය කරන උතුම් කාන්තාවක් වූයේ කෙසේද?

දික්කසාදය හා ඉස්ලාම් නීතිය

හිජාබ් -ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද?

අපට අවශ්‍ය අපේම සංස්කෘතියද?, බොලිවුඩ් සංස්කෘතියද?

අද ශ්‍රී ලංකාව තුල ප්‍රධාන මාතෘකාව බවට අයිෆා (iifa) සිනමා උළෙල පත්ව ඇත. අපට ආරථික, සරණාගත, ගංවතුර……….. ප්‍රශ්නයක් තිබුණාද යන්න පවා මතකයේ නැති තරම්ය. අපට ඇති එකම ප්‍රශ්නය “අයිෆා” කොහොමද පවත්වන්නේ එය මම නරඹන්නේ කොහොමද? යන්න පමණි. මෙවන් වූ මොහොතක මෙම උත්සවය උනපූරණයක් කර ගනිමින් ලාංකීය ජනතාවගේ අවධානයට කරැණු කිහිපයක් www.yahamaga.com අඩවිය තුලින් අදහස් කරමි.

අයිෆා යනු කුමක්ද? යන්න මා අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ. අද අප රටේ කුඩා දරැවකුගෙන් විමසුව ද එයට පිලිතුරැ ලැබෙනු ඇත. එය ඉන්දියානු නළු නිලියන් සදහා වූ සිනමා සම්මාන උළෙලක්. ඉන්දියානු සම්මාන උළෙලක් නම් ඇයි ඒක මෙහි පවත්වන්නේ? එයට විවිධ පාර්ශවය විවිධ ආරථ කථන ලබා දෙයි. එනම්, දේශපාලඥයින්, සංචාරක කර්මාන්තයේ නියලෙන්නන්, ආගමික විද්වතුන්….. යන අය තමන් නියෝජනය කරන ක්ෂේත්‍රයන්ට අනුව විවිධ පැහැදිලි කිරීමන් ලබාදෙයි. එසේම රටේ සමාන්‍ය ජනතාව ද තමන් නියෝජනය කරන පංතිය හා වයස් සීමාව අනුව මෙයට විවිධ මතපල කරයි. නමුත් මෙහි දී වැදගත් වන්නේ මේ තුලින් රකේ වශයෙන්, ජාතියක් වශයෙන් ඇති යහපත හා අයහපත කුමක්ද? යන්නයි.

රටක් වශයෙන් ගත්කල ශ්‍රී ලංකාව යනු අතීතයේ පටන් යහපත් සංස්කෘතියකට උරැමකම් කියුරටකි. එයට බුදුදහමෙන් ලද ආභාෂය මෙන්ම අනිකුත් දහමන් වලින් ලද ආභාෂය කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. එසේම රටක සංස්කෘතියත් හා ආගමත් අතර ඇති බැදීම සරල එකක් නොවේ. සංස්කෘතියක් ගොඩනැගෙන්නේ ආගමක් පසුබිම් කරගෙනයි. ඒ අනුව අදටත් අප රටේ පවතින සංස්කෘතිය බෞද්ධ හා අනිකුත් ආගම් මගින් පෝෂණය වූ එකකි. එසේ නම් දැන් අප විමසා බැලිය යුත්තේ අතීතය සිට පැවතී එම සංස්කෘතිය හා අද ලාංකීය සමාජය තුල මෙවැනි වැඩසටහන් තුලින් නිර්මාණය වෙමින් පවතින සංස්කෘතීන් තුලින් රටට සිදුවන යහපත හා අයහපත කුමක්ද? යන්නයි.

මෑතක පටන් විවිධ මාධ්‍යයන් ඔස්සේ ශ්‍රී ලාංකීය ජනතාව ඉන්දියානුකරණය කරමින් සිටී. එම මෙහෙවරේ සියළු මාධ්‍යයන් කරට කර ක්‍රියා කරයි. එහි උච්චතම අවස්ථාවක් ලෙස මෙම උළෙල ද හැදින්විය හැක. ඉන්දියානු චිත්‍රපට සම්මාන උළෙලක් ශ්‍රී ලංකාව තුල පවත්වන්නේ නම් ඒ තුලින් පැහැදිලි වන්නේ අප ඔවුන්ගේ ආකාර්ශණය දිනාගෙන ඇති බව නොවේද? එය දිනාගත්තේ කෙසේද? අපේ සංස්කෘතිය හා සාරධර්ම ඔවුන් හට ලබාදෙමින්ද? එසේත් නැත්නම් ඔවුන්ගේ රෑකඩ සංස්කෘතිය අපි වෙලා ගැනීමෙන්ද? එයට මා ගැඹුරැ පැහැදිලි කිරීමන් අවශ්‍ය නොවේ. ඔබේ අවට ඇති ඔබේ දරැවා, සහෝදරිය, සාක්ෂි දරණු ඇත.

මෙවන් සංස්කෘතියක් අප රටට ලබාදීමට දිවා රෑ වෙහෙසෙන වෙහෙසුනු පිරිස් පිලිබදව  ද මෙහි දී මතක් කිරීම යුතුකමකි. ඒ මුදලට ඕනෑම පහත් කටයුත්තක් කරන ජනමාධ්‍යයන් ය. ඔවුනට ඔනෑම කෙනෙකු වීරයෙක් කිරීමට ද හැක. රාජ්‍ය ද්‍රෝහියෙක් කිරීමට ද හැක. එය අපට අළුත් කාරණයක් නොවේ. ඒ ආකාරයටම අපේ රටේ වීරයන් අභිබවා ගිය පිරිසක් බවට ඉන්දීය නළු නිළියන් පත්කිරීමේ ගෞරවය මේ මාධ්‍ය කරැවන්ට හිමිවිය යුතුය. ඒ දිනපතා රෑපවාහිනි මාධ්‍යයන් හා පුවත්පත් මගින් ටෙලි නාට්‍ය, චිත්‍රපට, සම්මුඛ සාකච්චා, යනා දී වැඩසටහන් මගිනි. අද සාරැක් ඛාන් කන්න කැමැති මොනවාද? බොන්න කැමැති මොනවාද? යන්න කැමැති කොහේද? බදින් හිටියේ කාවද? බදින්න හදන්නේ කාවද? දික්කසාද වෙන්නේ කවදාද?……… යනාදී වශයෙන් ඔනෑම ප්‍රශ්නයකට සාරෑක් ඛාන්ට වඩා හොදින් අපේ දක්ෂ තරැණ පරම්පරාව පිලිතුරැ දෙනු ඇත. නමුත් ඔහුගේ අම්මා තාත්තා කන්න කැමැති මොනවාද? යන්න ඔහු නොදනි? ලාංකීය වීරයන් කව්ද? ඔහු නොදනී. ලාංකීය ඉතිහාසය ඔහු නොදනී.

නමුත් ඉන්දීය නළු නිළියන්ගේ උප්පැන්නය වුවද ඇසුවේ නම් දිග හරීවි.  අද ලාංකීය බෞද්ධයින් හට බුදුන් වහන්සගේ දින චර්යා නොදනිති. නමුත් සාරැක් ඛාන්ගේ දින චර්යාව හොදින් දනිති. (ලාංකීය අනිකුත් ආගමි තරැණ පරම්පරාවට ද මින් මිදීමට හැකිවී නැත.) එපමණක් නොවේ. පසුගිය කාලවල අපේ අම්මලා තුලසි, මන්දිරා, ශාන්ති, දාමිණි, රාදිකා, (ටෙලි නාට්‍යවල චරිත) වෙනුවෙන් කදුළු සැලුවාර අනන්තය. ඒ අම්මලා තම දරැවා වෙනුවෙන් කදුළු සැළුවාරය දැන් හරි ආවර්ජනය කරන්නේ නම් යහපතකි.


මේ සියල්ල තුලින් දිනෙන් දින අප ලබාගත්තේ කුමක්ද? ඒ ලබාගත් දෑ තුලින් අපේ ජීවිතය අප සකස් කර ගත්තේ කෙසේද? දියුණු සංස්කෘතියකට ආඩම්භර ලෙස උරැමකම් කියු අපට අද සිදුවී ඇත්තේ “අතීතයේ අපට දියුණු සංස්කෘතියක් තිබුණා“ යයි අප දරැවන්ට කියා පාමට නොවේද?

අද අප රටේ තරැණ පිරිස් ඉන්දිය නළු නිලියන් තුල ජීවත් වෙති. ඔවුන් අදින්නේ පලදින්නේ ඇයි කථා කරන්නේත් ඒ නළු නිලියන් මෙන්ය. අද බුද්ධ දේශන පවසන පාලි භාෂාව නොදනිති නමුත් හින්දි භාෂාව හොදින්ම දනිති. ඒ හින්දි සිනමාව අපට දායද කල සංස්කෘතියයි. මේ නළු නිලියන් කොහොමද අපේ දරැවන්ට ආදර්ශමත් වුනේ. අපේ රටේ සැබෑ විරයන් හා ආදර්ශමත් චරිත නැති නිසාද මේ රෑකඩ වීරයන් පසුපස යන්නේ. ඔවුන්ගේ සිනමා සංස්කෘතිය ඉන්දියාවට වරදක් නොවෙන්න පුළුවනි. නමුත් සාඩම්භර සංස්කෘතියකට උරැමකම් කියන අපවැනි රටකට එය ප්‍රබල ගැටළුක්. ඔවුන්ගේ චිත්‍රපට කර්මාන්තය රැදී තිබෙන්නේම කාමුක හා තරැණ පිරිස් උත්තේජනය කරවන ජවනිකාවලය. හැකි නම් එසේ නොවේ යයි හැදියාවක් තියෙන කෙනෙකුට කියන්න පුළුවන්ද? ඔබ එහි ජවනිකාවන් තුල සිටින කාන්තාව (නිළිය) තමන්ගේම දුව, සහෝදරිය හෝ බිරිද එසේත් නැත්නම් බව ලෙස උපකල්පනය කර බලන්න දැන් ඔබට මා පවසන යථාර්ථය පැහැදිලි වනු ඇත. එසේ නොවන්නේ නම් ඔබ අප සංස්කෘතියෙන් බැහැරව බොහෝ දුර දැනටමත් ගොස් හමාරයි යන්න වටහා ගන්න..

මෙවන් වූ ඛේදනීය ඉරණමයන් අතීතයේ පටන් අපේ රට තුල නිර්මාණය කිරීමට දායක වූ පිරිස් අතර තවත් පාර්ශවයක් වන්නේ රටේ පාලකයන් හා බලධාරීන්ටය. ඔවුන් මිල මුදල් වෙනුවෙන් ඕනෑම පහත් පෙලේ වැඩක් නොපැකිලිව ඉටුකිරීම අපට අළුත් කාරණයක නොවේ. මෙයට හොදම

උදාහර්ණය 2009 දී හික්කඩුව වෙරළේ පවත්වන ලද ‘‘හික්කා 2009‘‘ සදහන් කල හැක. එහි දී විදේශිකයන් ඇතුළු ඉන්දීය සංචාරක පිරිස් හා අපේ රටේ තරැණ පිරිස් රෙදි නැතුව කල විශ්මිතයන් yahamaga.com තුලින් ද මීට ඉහත හෙලිකලෙමු.

alt

ඒ උණුසුම නිවීයනවාත් සමගම අපේ කාලකන්නි බලධාරීන් හට නැවතත් එවැනි ත්‍රිලක් අවශ්‍ය වී ඇති සේය. ඒ සදහා ඉන්දිය සිනාමාකරැවන්ට ආවඩයි. මේ පිලිබදව ජනතාව අවධියෙන් සිටිය යුතුය. එසේම මෙම කාරණයේ දී මීළග වගකීම පැවරෙන්නේ ලාංකීය සියළු ආගමික විද්වතුන් හටයි. ඔවුනට මෙහි දී විශාල කාර්‍යභාරයක් ඇත. නමුත් කණගාටුවට කාරණය වන්නේ ඔවුන් ද අන්ධයන් බිහිරන් ලෙස ක්‍රියා කිරීමයි. එසේ සිටිය ද කම් නැත සමහරක් ආගමික විද්වතුන් මෙයට අනුබලදෙන ආකාරයට ද ක්‍රියා කරයි. මෙයට හොදම උදාහර්ණය 2010 ජූනි මස 03 වැනිදා බ්‍රහස්පතින්දා එක්තරා ගුවන් විදුලි මාධ්‍යයක ස්වාමින් වහන්සේ නමක් මෙම අයිෆා සම්බන්ධයෙන් පවසා සිටියේ මෙසේය.

“මේවා භික්ෂූන් වහන්සේලාට නොගැලපුනාට රටේ ජනතාවට එසේ නොවේ“

මෙවැනි ප්‍රකාශයන් තුලින් රටේ ජනතාවට දෙන පණිවුඩය කුමක්ද? වගකීමක් ඇති ආගමික විද්වතුන් ක්‍රියා කල යුත්තේ මෙසේද?

මීට මාස කිහිපයකට පෙර එක්තරා ආයතනයක් මගින්විදේශීය ගායකයෙක් ලාංකාවට ගෙන්වීමට සූදානම් වූ විට ඔහුට එරෙහිව විශාල ආන්දෝලනයක් රටේ නිර්මාණය කෙරැණි. ඒ ඔහු බුදුන්වහන්සේට අපහස කලා යයි පවසමිනි. ඔහු ලංකාවට ගෙන්වන් උත්සාහ කලේ නැවත බුදුදහමට අපහස කිරීමට නොවේ. නමුත් එයට බහුතරයක් විරැද්ධ විය. එය හරිද? වැරදිද? යන්න මෙහි දී සාකච්චා නොකරමි. එය අප මාතෘකාවට අදාලද නොවේ නමුත් එදා ක්‍රියා කාරී වූ ඒ පිරිස් අද මෙතරම් විනාශයන් සිදු වෙද්දී මුනිවත රැකීම මවිතයට කාරණයිකි. මා දකින්නේ එදා ඔහුගෙන් බුදුදහමට  සිදු වූ හානියට වඩා මෙවන් වූ පිරිසගෙන් රටටත්, ආගමටත්, සංස්කෘතියටත් සිදුවන්නේ ප්‍රබල හානියකි.

මීළගට මෙහි වගකීම පැවරෙන්නේ රටේ වැඩිහිටි පරම්පරාවට හා දෙමාපියන්ටයි. එදා අපට ලස්සන වූ අතීතයක් හා සංස්කෘතියක් තිබුණි. එය තුල අප හැදුනේ සුන්දර හැදියාවන්වලින් ද පෝෂණය වෙමිනි. නමුත් අද අපේ දරැවන්ට අප උරැම කර දී ඇත්තේ කුමන ආකාරයේ සංස්කෘතියක්ද? අම්මා තාත්තා නොහදුනන, සහෝදර සහෝදරියන් නොහදුනන, වැඩිහිටියන් හා ගුරැවරැන් නොහදුනන සංස්කෘතියක් නොවේද? එදා කටේ කිරිසුවද නොගිය දරැවෙකුට වීරයා වුනේ තමාගේම පියා එසේත් නැත්නම් රටේ සැබෑ විරයන් නමුත් අද සාරෑක් ඛාන් හෝ සල්මාන් ඛාන්……. එසේ නම් ඒ ළමයින්ගේ මානසිකත්වය කුමක්ද?

අද මුදල් වෙනුවෙන් රගපාන විරයන් වූ මේ බොළද චරිත අද අපේ දරැවන් තම ජීවිතයට ආදර්ශයක් කරගෙත් වීරයන් වූනේ කෙසේද?. දරැවන් පමණක් නොවේ. සමහරක් දෙමාපියන් පවා මේ චරිත තම පවුල් ජීවිතයට ආදර්ශයක් කරගෙනය. අද අප සමාජයේ “තුලසිලා“ කොතරම්ද? “ශාන්තිලා“ කොතරම්ද? මොවුන් මේ නාට්‍ය නරඹමින් ඒ චරිත තුල ජීවත් වේ. ඒවා තුලින් තම ජිවිතවල ගැටළු සදහා විසදුම් සොයයි. නමුත් මේ නළු නිළියන්ගේ සෑබෑ ජීවිතය කොතරම් ආසාර්ථක ඛේදනීය ඉරණමයන්ට පත්වූ ජීවිත ද යන්න අපගේ බහුතරයක් නොදනිති. මොවුන්ගේ රගපෑමන් තුල අපට ආදර්ශයන් නැත. ඔවුන්ගෙන් ආදර්ශයක් ලබාගන්නේ නම් එය කල හැක්කේ එය ඔවුන්ගේ සැබෑ ජීවිතය තුල පමණි. නමුත් ඔවුන්ගෙන් 99% කම පුද්ගලික ජීවිතය ද නරකාදියක් පමණි.

දයාබර දෙමාපියනි, දරැවණි, අපට අප රට තුල ආදර්ශමත් චරත බොහෝමයක් ඇත. එසේම ආගම් තුලින් අපට ලබාදෙන ආදර්ශයන් ද ඊට දෙවැනි කොට සැලකිය නොහැක. එසේ තිබිය දී අපට මේ රෑකඩ නළු නිළියන් ආදර්ශයක් හෝ සම්පතක් නොවේ. මෙය රටේ සෑම පාර්ශවයක්ම පැහැදිලිව අවබෝධකර ගතයුතු කරැණකි. එසේම අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ යහපත් සමාජයක් පවතින්නේ තමන් තමන් ගැන සිතීම නිසා නොව තමන් අනුන් ගැන සිතීම නිසාය. එසේම සංස්කාතියක් පවතින්නේ එහි ආගම හා දැහැම් ජීවිතයක් පවතිනතාක් පමණී. දියුණු බෞද්ධ හා අනිකුත් ආගම් තුලින් නිර්මාණය වූ සංස්කාතියකට හා යහපත් හැදියාවක් පැවතී සමාජයකට උරැමකම් කියූ අප අද බොලිවුඩ් සංස්තෘතිය පසුපස වේගයෙන් ඇදීයාම බුද්ධිමත් ලක්ෂනයක්ද?  අද අප රටට එන සියල්ල වෙලා ගැනීමට තරම් බංකලෝත්තු සංස්කෘතියක් ඇති ජාතියක් නොවේ. බුද්ධිය නැමැත් පෙරණයෙන් පෙරා යහපත් දෑ පමණක් තොරා බේරා ගැනීම තමා නිවරැදි බුද්ධිමත් ක්‍රියාව වන්නේ ඒ සදහා රටේ බලධාරීන්ටත්, විද්වතුන්ටත්, පූජ්‍ය පක්ෂයටත්, පොදු ජනතාවටත් නුවණ පෑදේවා යයි ප්‍රාර්ථනා කරමි.

? අබූ අර්ශද්

කාන්තා නිදහස වෙනුවෙන් හඩ නැගු ඇය ඉස්ලාම් දහම ප්‍රචාරය කරන උතුම් කාන්තාවක් වූයේ කෙසේද?

කිතු දහම ප්‍රචාරය කරන, කාන්තා නිදහස වෙනුවෙන් පෙනී සිටි, ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් වූ ඇය දැන් ඉස්ලාම් දහම ප්‍රචාරය කරන උගත් කාන්තාවකි. ඇය ඇමෙරිකාවෙහි —ඔහියෝ˜ නගරයෙහි පිහිටා ඇති මුස්ලිම් කාන්තාවන් සඳහා ඇති ජාතික සංවිධානයෙහි අධ්‍යක‍ෂිකාව —ආමිනා අස්ලමි˜ය.

—හිජාබ් පිටු පස සිට මුස්ලිම් කාන්තාවක් කථා කරයි˜ යන මෑයෙන් ඇමෙරිකාවෙහි ඇති —ඩෙන්නෙස්සි විශ්ව විද්‍යාලයෙහි˜ ඇය කළ කථාවෙහි ඉතා වැදගත් කොටස් කිහිපයක් මෙහි සඳහන් වේ.

අවුරුදු කිහිපයකට පෙර සරසවියක අළුත් විෂයක් සඳහා එක් වීමට ගොස් සිටියෙමි. පංති කාමරයේදී, සමහර අරාබි තරුණියන් තම පාරම්පරික හිජාබ් ඇඳුමෙන් සැරසි සිටීම දුටු විට මා තුළ පිළිකුලක් ඇති විය. මෙම පිළිකුල් සහගත ජාතියක් සමග මා පංති කාමරය අසුන්ගන්නේ නැත යනු තීරණය කර, පංති කාමරයෙන් පිටත්වී නිවසට පැමිණියෙමි.

aminahassilmiනමුත, මාගේ ස්වාමි පුරුෂයා ඔබ අනිවාර්ේ‍යන් පංතිවලට සහභාගි විය යුතුයි යනු තරයේ ඉල්ලා සිටී නිසා, මා තුළ යම් තීරණයකට එළඹ යළි පංතිවලට සහභාගිවුනෙමි. මාගේ පංතියෙහි සිටින එම අඥාන මුස්ලිම් තරුණියන්ගේ ආගම් වෙනස් කිරීමයි මා ගත් තීරණයවූයේ. මා සමග එකම පංතියෙහි වූ එම මුස්ලිම් තරුණියන්ව කිතු දහමට හැර විය යුතුයි යන අරමුණෙන් අල්කුර්ආනය කියවන්න පටන් ගත්තෙමි. මුහම්මද් එක් බොරුකාරයෙක්, ඉස්ලාම් පිළිගනු ලැබූ දහමක් නොවෙයි යනු ඔප්පු කිරීම මා තුළ වූ එකම අධිෂ්ඨානය විය.

නමුත් අල්කුර්ආනය කියවන්න කියවන්න ඉස්ලාම් පිළිබඳ දැනගත යුතුයි යන ආශාව මා තුළ වර්ධනය විය. විශේෂයෙන් පිරිමීන් හා කාන්තාවන් පිළිබඳ ඉස්ලාම් පවසන්නේ කුමක්ද? යනු දැනගැනීමට මා තුළ ප්‍රිය භාවයක් පැවතුනි.

මුස්ලිම් කාන්තාවන් තම ස්වාමි පුරුෂයන් විසින් වද හිංසාවන්ට ලක්වෙමින් සිටී යනුවෙන් මා සිතු වාර ගණන අනන්තය. සාමානේ‍යන් මුස්ලිම් කාන්තාවන් පිළිබඳ මෙසේ පවසනු ලැබීම මා විශ්වාස කළෙමි. නමුත්, මේ සියල්ල ශ.ද්ධවූ අල්කුර්ආනයට මුළුමනින්ම විරුද්ධවූ කි්‍රයාවන් යනු එය කියවීමෙන් පසු අවබෝධ කරගත්තෙමි.

ඉතා පුළුල්ව ඉස්ලාම් පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසු පිරිමීන්ට හා කාන්තාවන්ට ඔවුන්ගේ ස්වාභාවිකත්වයට ආවේනිකව සමාන අයිතීන් ලබා දී ඇති බව මා වටහාගත්තෙමි. පිරිමීන්ට මෙන් කාන්තාවන්ටද අධ්‍යාපනය ලබාගැනීමේ අයිතිය ඉස්ලාම් ලබා දී ඇති බවද මා දැනගත්තෙමි. අවුරුදු 1400 පෙරම කාන්තාවන් දේපළවලට උරුමකම් කීමේ අයිතිය ඉස්ලාම් විසින් ලබා දී ඇති බව දැනගත් විට මා මවිතයට පත්වුනෙමි. යම් මුස්ලිම් කාන්තාවක් විවාහවීමත් සමග ස්වාමි පුරුෂයාට අයිති හුදු භාණ්ඩකයක් නොවෙයි. මේ නිසයි විවාහයට පසුවද කාන්තාවකට තම ස්වාමි පුරුෂයාගේ නමත් සමග තම නම කීමට අනුමැතිය නැත්තේ. තම විවාහයෙන් පසුවත් තම අනන්‍යතාවය රැකගැනීමට මුස්ලිම් කාන්තාව අයිතිය ලබා ඇත්තේ.

තම පංතියෙහි මුස්ලිම් ශිෂ්‍යාවන්ව කිතු දහමට හැරවීමේ එකම වෛරයෙන් පුරා අවුරුදු දෙකක් ඉස්ලාම් දහම අධ්‍යයනය කළෙමි. නමුත් මෙම කාලය තුළ මා බොහෝ වෙනස් කම් වලට ලක්වුනෙමි. මාගේ කි්‍රයා කලාපයන්හි ඇතිවන වෙනස පිළිබඳ මාගේ ස්වාමි පුරුෂයාද අවදානය යොමු කිරීමට අමතක නොකළේය. මත් පැන් පානය කිරීම සඳහා සුරා සැල්, රාත්‍රි සමාජ ශාලාවල් කරා යෑම මා නතර කළෙමි. ඒ වෙනුවට නිවසෙහි සිට අල්කුර්ආනය කියවීමෙන් මා ආත්ම තෘප්තියක් ලබාගත්තෙමි. මාගේ කි්‍රයා කලාපයන් පිළිබඳ මාගේ ස්වාමි පුරුෂයා තුළ සැක සංකා පහළවීම නිසා මා දික්කසාද කළේය. මාගේ දරුවන් තිදෙනා සමග මා තනිව ජීවත්වෙන්නට පටන් ගත්තෙමි. එක් මුස්ලිම් විද්වතෙකු වෙත ගොස් මාගේ සැකයන් අසා නිරාකරනය ගත්තෙමි. පසුව 1977 හි ඉස්ලාම් දහම වැළඳ ගත්තෙමි.

නමුත, සමහර නීති රීතින් පිළිබඳ මා තුළ දෙගිඩියාවක් පැවතුනි. හිජාබ් නම් ගෞරවනීය ඇඳුම අඳින ලෙස ඉස්ලාම් මුස්ලිම් කාන්තාවන්ට නියෝග කරයි. කාන්තාවන් තම හිස ආවරණය කිරීමෙන් ඔවුන් සියල්ලන් ඉදිරියේ කැපී පෙනීමයි හිජාබ්හි සුවිශේෂත්වය වන්නේ.

කාන්තාව තම කය ආවර්ණය කළ යුතුයි යනු මා පිළිගත්තෙමි. නමුත් මාගේ හිසත් ආවර්ණය කළ යුතුද? යන දෙගිඩියාවක් මා තුළ තිබිනි. නමුත්, ශ.ද්ධවූ අල්කුර්ආනය මගින්, අප මුස්ලිම්වරුන් වශයෙන් සංකේතවත් කරගැනීම සඳහා කය ආවර්ණය කරන ලෙස නියෝග කෙරෙයි. මා මුස්ලිමෙක්මි – අපේ හිමියන් අපට ලබා දී ඇති අයිතීන් අපි හොඳින් දනිමු. හිජාබ් යනු බාධාවක් නොවෙයි, එය අයිතියක්, වරප්‍රසාදයක් යනු මා අවබෝධ කරගත්තෙමි. එය පැළඳ ගැනීම සඳහා කොයි වගේ කැප කිරීමක් කිරීමටත්, මාගේ දිවිය පුදන්නටත් මා සූදානම් විය යුතුයි යන හැඟීම මා තුළ ඇතිවීමත් සමගම මා එය පළඳින්නට පටන් ගත්තෙමි.

කාන්තා නිදහස වෙනුවෙන් හඩ නැගීමද මා අත්හැරියෙමි. එය මට අධ්‍යාත්මකව සැනසීමක් නොදුන්නේය. මුස්ලිම් කාන්තාවක් වශයෙන් ඉස්ලාම් මට සියළු අයිතීන් ලබා දී ඇති බව මා දැනගත්තෙමි.

ඉස්ලාම් කාන්තාවන්ට වෘත්තීන්, රැකියාවන්හි නිරතවීම තහනම් කර නැත. නමුත් ඉතා උතුම් වෘත්තිය කාන්තාවක් මවක් වශයෙන් සිටීමයි. එම උතුම් මෙහෙවර තුළිනුයි මතු පරම්පරාවෙහි නැවුම් චින්තනයන් බිහි කළ හැක්කේ.

ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් පසු හිජාබ් ඇඳ මා රැකියාවට යෑම නිසා ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකා පදවිය මාගේන් උදුරා ගන්නා ලදි. තවද දික්කසාදයත් සමග අධිකරණ තීරණයක් මත මාගේන උදුරා ගන්නා ලද මාගේ දරුවන් තිදෙනා යළි මාත් සමග එක්වී ඉස්ලාම් දහම වැළඳ ගත්තෝය. මාගේ දෙමාපියන් හා පෙර ස්වාමි පුරුෂයාද ඉස්ලාම් දහම වැළඳ ගත්හ. මාගේ පවුලේ ඥාතීන්ද මෙම සත්‍ය කරා නැඹුරුවෙමින් සිටිති.

මා කිසිවක් දැක බියනොවෙමි. මා කුමන ස්ථානයක වූවත් එඩිතරව සත්‍ය පවසමි. මාගේ වචනයන්, කි්‍රයා කලාපයන් සියල්ලට අල්ලාහ් ඉදිරියෙහි මා පිළිතුරු දිය යුතුයි යන බිය පමණයි මා තුළ රජකරන්නේ.

ඉස්ලාම් දහම සෙසු අය සමග ඛෙදා ගැනීමයි මා විඳින ලොකුම වින්දනය.

ආමිනා අස්ලමිගේ මෙම කථාව Knoxville – News – Sentinal, Tennesseeයන පුවත් පතෙහි පළවූවකි.

ආචාර්්‍ය : ජවාහිරුල්ලාහ්.අනුවර්තනය: අබූ අස්මා.