Tag Archives: සුවිශේෂත්වයන්

ඉස්ලාම් සතු සුවිශේෂත්වයන්

ඉස්ලාම් සතු සුවිශේෂත්වයන්

ඉස්ලාම් දහම කිසිදු මනුෂේ‍යකුගේ නමින් පිහිටුනු ආගමක් නොවෙයි. එය විශ්වය නිර්මාණය කර, පාලනය කරමින් සිටින අල්ලාහ් විසින් මානවයාට පිරිනමනු ලැබූ ජීවන ක්‍රමයකි. එයින් තහවුරු වන වැදගත් කරුණ නම්, ඉස්ලාම් ආරම්භක මිනිසා පටන් පැවත එන ආගම බවයි. ලෝක ඉතිහාසය තුළදි බිහිවූ කෙනෙකුගේ නමින් පිහිටුනු දහමක් නොවෙයි. අතරමගදි නිර්මාණයවුනු දහම් තුළින් ඊට පෙර ජීවත්වූ අයට පිළිසරණක් වන්නට මගක් නොමැත. එවිට එය අසාධාරණයක් වනු ඇත. එනමුත් ඉස්ලාම් ඉදිරියේ පමණක් මෙවැනි ප්‍රශ්ණයක් හටගන්නේ නැත. මන්ද ඉස්ලාම් ආරම්භක මිනිසා පටන් පැවත ආ දහමකි. නිර්මාතෘවරයා විසින් මිනිසාට පිරිනමනු ලැබූ ජීවන සැලැස්මකි.

Hell is hotter

ශුද්ධවූ අල්කුර්ආනයෙහි ඔහු පවසයි: —අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ˜ (ශු කුර්ආනය: 3: 19).

ඉස්ලාම් හැර කව්රුන් වෙනත් ආගමක් ප්‍රිය කරයිද එය නොපිළිගැනේ, ඔහු මතු දිනයේදි පාඩු විදින්නෙකුද වේ˜ (ශු කුර්ආනය 3: 85).

මිනිසුන් අතර බහුලව පවතින වැරදි මතයක් නම් ඉස්ලාම් අවුරුදු එක්දාස් හාරසියකට පෙර බිහිවුනු ආගමක් බව. මෙයට හේතුව මුහම්මද් නබි (සල්) තුමන් මක්කාවෙහි සිට මදීනාව බලා ගිය හිජ්රා ගමන මුල්කොටගෙන ඉස්ලාමීය දින දර්ශනය සැකසීමයි. මෙය ඉස්ලාමයේ ආරම්භය නොවේ.

මුහම්මද් නබි (සල්) තුමන් පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: —ඔහු අල්ලාහ්ගේ දුතවරයාද, අවසන් ශාස්තෘවරයාද වේ˜

(ශු කුර්ආනය 33: 40).

අවසන් ශාස්තෘවරයා යනු සඳහන්වීමෙන් අදහස්වන්නේ මීට පෙරත් ශාස්තෘවරු පැමිණුනු බවයි. මෙය තවත් සාක‍ෂාත් කරන වාක්‍යන් ශුද්ධවූ අල්කුර්ආනයෙහිද, නබි වදන්වලද අනන්තව දැකගත හැක.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —නූහ්ට හා ඔහුට පසු පැමිණුනු ශාස්තෘවරුන්ට අපි දේව පණිවුඩ අනාවරය කළාක්මෙන් (මුහම්මද්æ) ඔබටද අපි දේව පණිවුඩ අනාවරණය කළෙමු. තවද ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යඃකුබ් (ඔහුගේ) පරම්පරාව, ඊසා, අයියූබ්, යූනුස්, හාරූන්, සුෙලෙමාන් වැනි අයටද අපි දේව පණිවුඩ අනාවරණය කළෙමු. දාවූද්ට සබූර් නම් (දේව ග්‍රන්ථය) අනාවරණය කළෙමු. (මුහම්මද්æ) මීට පෙර ඔබට සමහර ශාස්තෘවරුන් පිළිබඳ පුවත් දැන්වුවෙමු. සමහර ශාස්තෘවරුන්ගේ පුවත් ඔබට නොපැවසුවෙමු˜

(ශු.කුර්ආනය 4: 163,164).

—(ශාස්තෘවරයානනි) ඔබ පවසන්න මම ශාස්තෘවරුන්ගෙන් අළුත් කෙනෙකු නොවේ˜. (ශු.කුර්ආනය 46: 9).

මෙම සියළු අල්කුර්ආන් පාඨයන් තුළින් තහවුරුවන්නේ ඉස්ලාම් මිනිස් ආරම්භය පටන් පැවත එන ආගමක් බවයි.

නිර්මාණයන්ට වැඳ වැටීම මුළුමනින් තහනම් කර නිර්මාතෘ ඉදිරියේ පමණක් යාඥාවන්, වන්දනා මාන කිරීම ඉස්ලාම්හි මූලික හරය හා දර්ශනය වේ. සමාන දුර්වලතාවන්ගෙන් යුත් තවත් මිනිසෙකු ඉදිරියේ වැඳ වැටීම උතුම් කි්‍රයාවක් සේ නොසළකා මුළුමනින්ම එය තහනම් කිරීම. හිස නමා ආචාර කිරීම, ගරු කිරීම සඳහා නැගිට සිටීම මේ සියල්ල ඉස්ලාම් තහනම් කරයි. දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීමට අණකරන ඉස්ලාම් ඔවුන් ඉදිරියේ වැඳ වැටීමට තහනම් කරයි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —ඔබේ ස්වාමින් තමන්ට හැර වෙනත් කිසිවෙකුට වන්දනාමාන නොකරනලෙස නියෝග කළේය, තවද දෙමාපියන්ට යුතුකම් ඉටු කරන ලෙසත් ඔහු නියෝග කළේය˜

(ශු කුර්ආනය 17: 23)

තැරැව්කරුවන් අවශ්‍ය නැත:

වෙනත් දේව සංකල්ප හා සිද්ධාන්ත මෙන් නොව කෙනෙකු ඉස්ලාම් දහමෙහි දෙවියන්ට සෘජුව සම්බන්ධවීමට හැක. ඉස්ලාම් දහමෙහි තැරැව්කරුවන් අවශ්‍ය නැත. ඉතා සීමිත කුලයන්ට ගෝත්‍රයන්ට පමණක් පිරිනමන එම ආගමික ප්‍රමුඛත්වය, පෘථගජනයන් දේව දූතයන් බවට පරිවර්තනය කරන පුහු දුර්මතයන්ට ඉස්ලාම් දහම තුළ අබමල් රේණුවක තරම්වත් අවකාශයක් නැත. සියළු ජනයා එක හා සමාන වේ. පරමාන්ත දිනයේදි ඔහුගේ කි්‍රයාවන් චේතනාවන් මුල්තැන ගනු ඇත.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි:

—මාගේ දාසයන් මා පිළිබඳ ඔඛෙන් ප්‍රශ්න කළා නම්, මා ඉතා සමීප බව පවසන්න. මා ප්‍රාර්ථනාකරන්නන්ගේ ප්‍රාර්ථනාවන් පිළිගනිමි. ඔවුන් මාගෙන් ප්‍රාර්ථනා කරත්වා, මා කෙරෙහි විශ්වාසය තබත්වා˜

(ශු අල්කුර්ආනය 2: 186).

මිථ්‍යා විශ්වාසයන්ට, අන්ධ භක්තීන්ට ඉස්ලාම් තුළ ඉඩ නැත:

ආගමෙහි නමින් රැවට්ටීම, මං මුළා කිරීම හැම කාලයකදීම පාහේ සිදුවිය. එයට මූලික හේතුව ඔවුන් අදහන ආගම් සංකල්ප එම දොරටුවන් විවර කර තැබීමයි. නැතහොත් ආගමික මූලිකත්වය හොබවන බොහෝ උදවිය තමන්ට අදෘශ්‍යමාන දේ දන්නා බවත් අනාගතය පිළිබඳ අනාවැකි කීමේ හැකියාව තමන් සතු බව පවසා අහිංසක ජනයා මං මුළා කරති. නමුත් මෙසේ පවසන සියල්ලන් සාමාන්‍ය ජනයාගෙන් යැපීම පැහැදිළිව දැක ගත හැකි කරුණකි. මෙවැනි දේට ඉස්ලාම්හි කොහෙත්ම ඉඩ නැත. මුස්ලිමෙකු තම ප්‍රාණයට වඩා උසස් කොට සළකන මුහම්මද් නබි (සල්) තුමන්, මුළු ලොව වාසි ජනතාවටම අවසන් ශාස්තෘවරයා වශයෙන් පැමිණුනු, ඒ වගේම අල්ලාහ්ගේ විශේෂ ගෞරවයට පාත්‍රවූ එම උදාර පුරුෂයාට පවා අල්කුර්ආනය මගින් අල්ලාහ් මෙසේ නියෝග කරයි:

(ශාස්තෘවරයානනි) පවසන්න, අල්ලාහ් කැමතිවූවා නම් හැර මට කිසිදු යහපතක් හෝ විපතක් කරගැනීමට ශක්තිය නොමැත. අදෘශ්‍යමාන දේ පිළිබඳ ඥානය මා තුළි පවතී නම් මා යහපත පමණක් වැඩිකර ගමි. (එවැනි අවස්ථාවක) මට කිසිදු විපතක් ඇති නොවේ. මම විශ්වාස කරන ජනතාවට අවවාද කරන්නා හා සුභාශිංෂණය පතන්නා පමණය˜

(ශු අල්කුර්ආනය 7: 188).

සාත්‍ර, මන්ත්‍ර, ගුරුකම් වලට හෝ මිථ්‍යා විශ්වාසයන්ට හෝ අන්ධ භක්තීන්ට හෝ ඉස්ලාම් තුළ කොහෙත්ම ඉඩ නැත. එම දොරටුවන් සියල්ලට ඉස්ලාම් අගුළු දැමූහ.

අන් අයගේ යුතුකම් ඉටු කිරීම:

නිර්මාතෘවරයා අල්ලාහ්ට පමණක් යුතුකම් ඉටුකර සීමාකර ගැනීම පරිපූර්ණ විශ්වාසවන්තයෙකු කියාගැනීමට කොහෙත්ම ප්‍රමාණවත් නොවේ යැයි අල්ලාහ් පවසයි. —තවද අල්ලාහ්ට පමණක් යාඥා කරන්න ඔහුට කිසිදු දෙයක් සමාන නොකරන්න, තවද දෙමාපියන්ටද, ලේ ඥාතීන්ටද, අනාථයින්ටද, දුගීන්ටද, මගීන්ටද, ඥාතීන්වන අසල්වැසියන්ටද, ඥාතීන් නොවන අසල්වැසියන්ටද, ඔබේ අසලින් සිටින්නාටද, ඔබේ දකුණු අත හිමිකරගත් අයටද උපකාර කරන්න˜

(ශු කුර්ආනය 4: 36).

ඉහත සඳහන් මෙම පාඨයෙන් සනාථ වන කරුණ නම් සලාතය, උපවාසය නිසිලෙස ඉටුකර, තමන්ගේ පවුල් ඥාතීන්, අසල්වැසියන්, වෙනත් අයගේ යුතුකම් ඉටු නොකර එය පැහැර හරින, ඒ වගේම තමන්ගේ ව්‍යාපාරයන් ගනු දෙනු පවිත්‍රව නොපවත්නා අන් අය හූරාකන මෙ වැනි අය හොඳින් අවදානය යොමු කළ යුතු වදනකි. ඉස්ලාම් සීමිත යාඥා ක්‍රමවලට පමණක් සීමාවුනු ආගමක් නොවෙයි. එය මිනිසෙකුගේ මුළු ජීවිත කාලයම යාඥාවක් වශයෙන් පරිවර්තනය කරන්නට උත්සා දරයි.

නබි (සල්) තුමන්ගෙන් කෙනෙකු වරක් මුස්ලිම් වරුන් අතුරින් ශ්‍රේෂ්ඨයා කව්දැයි ප්‍රශ්න කළ විට, —කව්රුන් තම දිවෙන් හා දෑතින් අන් අයට හිරි හැර නොකරන්නේද ඔහු නියම මුස්ලිමෙකු වේ˜ යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).

—ඉස්ලාම්˜ විශ්ව නිර්මාතෘ ඉදිරියෙහි පිළිගැනුනු එකම දහම :

ඉස්ලාම් දහම කෙනෙකුට උපතින්ම හිමිවන බූදලයක් නොවෙයි. ඔහු එහි ඉගැන්වීම් දැන හඳුන, අල්ලාහ්ට පමණක් අවනත වී, එහි නියෝගයන් පිළිපැදීමට කිසිදු අවස්ථාවක නොපැකිළී, ඔහු විසින් තෝරාපත් ගනු ලැබූ අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් නබි (සල්) තුමන් අනුගමනය කර ජීවත්වෙයි නම් ඔහුයි නියම මුස්ලිම්.

—ඉස්ලාම්˜ යනු ශාන්තිය හා සාමය යන අර්ථයන් ගෙන දෙන වචනයකි. ඔබ වෙනත් සහෝදරයෙකු හමුවූ විට —අස්සලාමු අෙලෙකුම්˜ යනුවෙන් ආමන්ත්‍රණය කළ යුතුයි. මෙහි අර්ථය නම් ඔබට සාමය, ශාන්තිය උදාවේවා,මෙය සෑම අවස්ථාවකටම, සෑම මොහොතකටම, පුද්ගලයෙකුටම ගැලපෙන සුභ පැතීමකි. විශ්ව නිර්මාතෘ ඉදිරියේ පිළිගැනුනු එකම දහම ඉස්ලාම් බව ශුද්ධවූ අල්කුර්ආනය සඳහන් කරයි: —අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ˜ (ශුඅල්කුර්ආනය 3: 19).

ලෞකික ආශාවන්ගෙන් මිදී ජීවත්වීමට අවශ්‍ය නොවේ:

අල්ලාහ්ගේ තෘප්තිය හා උසස් සුවර්ගය උදෙසා කෙනෙකු මෙම ජීවිතයේ සෑම ආශාවක්ම මැඩලිය යුතුද? සෑම ආශාවකින්ම මිදී ජීවත්විය යුතුද? එය එසේ නොවේ. අල්ලාහ්ගේ තෘප්තිය හා සදාතනිකවූ සෞභාග්‍ය වන ස්වර්ගය හිමිකර ගැනීමේ අරමුණින් මෙම ජීවිතයේ සෑම ආශාවකින්ම කෙනෙකු මිදී ජීවත්වීමට අවශ්‍ය නොවේ. එය ඉස්ලාමීය ඉගැනවීමද නොවේ. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —කෙනෙකුට දරන්න බැරි දුෂ්කර ආයාසයක් අල්ලාහ් නොපටවන්නේය˜ (ශු කුර්ආනය 2: 286).

මිනිසා තුළ ස්වභාවයෙන්ම පිහිටා ඇති ආශාවන්ට තහනම් පැනවීම ප්‍රායෝගික නොවේ.

අධ්‍යාත්මිකව ඉතා උසස් ස්ථානයක් හිමිකරගැනීමට විවාහය බාධාවක් වශයෙන් දකින සමහර සිද්ධාන්ත එය වැළැක්වීමට උත්සාහ දරයි. නමුත් ඉස්ලාම් එසේ නොව විවාහය එම ගමනට රුකුලක් වශයෙන් දකි. වරක් නබි (සල්) තුමන් තරුණ පරපුර අමතා —තරුණයිනි, ඔබ අතුරින් විවාහ කරගැනීමට ශක්තිය ඇතිකෙනා විවාහ කරගන්න, නියතයෙන්ම එය ඔබේ බැල්ම (වැරදි දේ බැලීමෙන්) පහත හෙළයි, ඔබ වැරදි මගට යොමුවීමෙන් ඔබව වළක්වයි˜ ඉස්ලාම් අධ්‍යාත්මිකව කෙනෙකු ලබාගන්නා උසස් ස්ථානයට විවාහය රැකුලක් සේ දකි එය ආවඩයි.

තවත් වරක් අවසන් ශාස්තෘවරයානන්: —ඔඛෙන් කෙනෙකු තම ලිංගික ආශාවන් සිය බිරිඳත් සමග ඉටුකරගැනීමත් පින් ගෙනදෙන කි්‍රයාවකි යනුවෙන් පැවසූ විට, රැස්ව සිටි මිත්‍රවරුන් කෙනෙකු තම ලිංගික ආශාවන් ඉටුකර ගැනීමටත් යහපතක් තිබේදැයි මවිතයෙන් විමසු විට, ඔඛෙන් කෙනෙකු අනියම් මාර්ගයකින් එය ඉටුකරන විට එයට පාපයන් හිමිවෙනවා නොවේද? එසේ යැයි ඔවුන් කී විට ඉස්ලාම් අනුමත කළ මාර්ගයෙහි එය ඉටුකරන විට එයට යහපත හිමිවනු ඇත˜ යැයි ප්‍රකාශ කළහ.

ඉහත සඳහන් මෙම සියළු පුවත්වලින් තහවුරුවන වැදගත් කරුණ නම් ලෞකීක ආශාවන් යටපත්කර ජීවත්වීමට කොහෙත්ම ඉස්ලාම් අනුමත නොකරයි. එම ආශාවන් ඉස්ලාම් පෙන්වූ මග ඔස්සේ ඉටු කරගැනීම උතුම් කි්‍රයාවක් සේ ඉස්ලාම් දකි. මෙයින් පෙනීයන තවත් කාරණයක් නම් ඉස්ලාම් ප්‍රායෝගික හා ස්වභාවික දහමකි. මිනිසාගේ භාහිර පැත්ත නොසළකා හැර ඔහුගේ ආත්මාවට පමණක් මූලිකත්වදය නොදෙයි. ඒ වගේම ඔහුගේ භාහිර පැත්තට මූලිකත්වය දී අධ්‍යාත්මික පැත්ත නොසළකා හැරීමද නොකරයි. මධ්‍යම ප්‍රතිපදාවක් ඉස්ලාම් අනුගමනය කිරීම මෙහි සැළකිය යුතු කරුණකි.

මුදල් ඉපැයීම ඉස්ලාම් යහපත් කි්‍රයාවක් සේ දකි:

සලාතය (දේව නැමදුම) නිමවූ විට ඔබ මහ පොළොවෙහි විසිරගොස් අල්ලාහ්ගේ භාග්‍යන් උපයන්න˜

(ශු අල්කුර්ආනය 62: 10).

අඛණ්ඩව යාඥා කටයුතු කිරීමට පමණක් කොහෙත්ම ඉස්ලාම් නො උගන්වයි. නැතහොත් කෙනෙකු සිය බිරිඳගේ දූදරුවන්ගේ පවුලේ ඥාතීන්ගේ යුතුකම් පැහැර හැරීම ඉස්ලාම් දකින්නේ බලවත් වරදක් සේය.

කෙනෙකු සිය බිරිඳට කවන බත් පිඩද දන් දීමක් ලෙස˜ නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. කෙනෙකු මෙම සමාජ වගකීම් පැහැර හැර කටයුතු කිරීමට ඉස්ලාම් අනුමත නොකරයි. සමාජයෙන් ඈත්වී වන ගත ජීවත්වන පුද්ගලයාට වඩා සමාජයෙහි අර්බුදයන් මැද යහපත් පුරවැසියෙක් ලෙස ජීවත්වන පුද්ගලයා ඉස්ලාම් ප්‍රියකරයි.

සමානාත්මතාවය:

සමානාත්මතාවය පිළිබඳ බොහෝ ආගම්, සංකල්ප කථා කළද එයට විරුද්ධ වන අවස්ථා එමටය. එනමුත් ඉස්ලාම් සමානාත්මතාවය ප්‍රයෝගික ඔප්පු කළ දහමකි. ඉස්ලාම් ඒ වෙනුවෙන් දැමු වැඩ පිළිවෙල ඉතා ප්‍රශංසනීයයි. අරාබිකරයේ උපත ලැබ එම පරිසරයේම ජීවත් වූ අරාබි ජාතිකයෙකු වූ අවසන් ශාස්තෘවරයානන්, (මුහම්මද් නබි (සල්) තුමන්) එම ජනතාව බලා, ඔබලා මේ කරුණ සිහි තබාගන්න

—අරාබි නොවන ජාතිකයින්ට වඩා අරාබි ජාතිකයින්ට කිසිදු සුවිශේෂත්වයක් හිමිවන්නේ නැත. කළු ජාතිකයෙකුට වඩා සුදු ජාතිකයෙකුට කිසිදු සුවිශේෂත්වයක් නැත. සුවිශේෂත්වය හිමිවනුයේ අල්ලාහ් කෙරෙහි බිය බැතිව කටයුතු කරන්නාටය˜ යනුවෙන් ප්‍රකාශ කළහ.

තවත් වරක් මෙසේ ප්‍රකාශ කළහ: —මනුෂ්‍යින් සියල්ල ආදම්ගේ පුත්‍රයන්ය, ආදම් පසින් නිර්මාණය කරනු ලැබිනි˜ ඉස්ලාම් කෙරෙහි ඇදි එන ජනයා අතුරින් කුල භේදයන් වර්ණ භේදයන් හේතු කොටගෙන බැට කන බොහෝ උදවියද වේ. විද්‍යාව තාක‍ෂණය දියුණුවූ මෙවන් යුගයක පවා දියුණුවූ රටවල්හි කළු ජාතීන්ට වෙනත් සිද්ධස්ථාන, සුදු ජාතීන්ට වෙනත් සිද්ධස්ථාන, කළු ජාතීන්ට වෙනත් පාසැල්, සුදු ජාතීන්ට වෙනත් පාසැල්, මෙම නූතන යුගයෙහි පවා සුනඛයන් ලවා කළු ජාතීන්ට වද හිංසා පමුණුවූ සෝචනීය දර්ශනයන් විද්‍යුත් මාධ්‍යන් තුළින් ඇසුවෙමු, දුටුවෙමු.

දිනකට පස් වරක් ඉටුකරන සලාතය සමූහව ඉටු කිරීමට ඉස්ලාම් නියෝග කිරීම තුළින් එම සමානාත්මතාවය ස්ථාපිත කරයි. එම සලාතයන් ඉටු කරන අවස්ථාවෙහි උරෙනුර ගැටි පෙළ ගැසිය යුතුය.

අවුරුද්දකට වරක් සීයට දෙක හමාරක් තම ධනයෙන් දුගීන්ට දුප්පතුන්ට ලබාදෙන ලෙස ඉස්ලාම් ධවනතුන්ට අනිවාර්්‍ය කිරීමෙන් එම සමානාත්මතාවය ස්ථාපිත කරයි.

වසරකට වරක් පුරා මාසයක් උපවාසයෙහි නිරතවීමට අණ කිරීමෙන් පොහොසතාට කුස ගින්නෙහි අමාරුව දැනෙයි, එයින් ඔහු තුළ දිළින්දන්ට උදව් කිරීමේ මානසිකත්වයක් උදාවෙයි. හජ් හෙවත් උසස් යාඥාව තුළින් කුමන දේශයට, වර්ණයට, භාෂාවට අයත් කෙනෙකු හෝ වේවා, හැමෝම එක හා සමාන ඇඳුමකින් සැරසී එම යාඥාවන් ඉටු කිරීම මගින් ජාත්‍යන්තර සහෝදරත්වයක්, සමානාත්මතාවයක් ඉස්ලාම් ගොඩනගයි.

ඉස්ලාම් හා පවිත්‍රත්වය:

මිනිසාගේ ජීවිතයෙහි සෑම අංශයක් පිළිබඳම අවධාරණය කරන ඉස්ලාම් පවිත්‍රත්වය කෙරෙහිද වැඩි සැළකිල්ලක් දක්වයි. ශුද්ධවූ අල්කුර්ආනය පවසයි: —සැබවින්ම අල්ලාහ් පශ්චාත්තාපකරන්නන් හා පවිත්‍රවන්තයින් ප්‍රියකරයි˜

(ශු කුර්ආනය 9: 108).

තවද ඉස්ලාම් පවිත්‍රත්වය දේව විශ්වාසයෙහි අඩක් වශයෙන් පවසයි. වරක් ශාස්තෘවරයානන් පවසන විට —පවිත්‍රත්වය විශ්වාසයෙහි අඩකි˜ මෙම ප්‍රකාශයන් සියල්ල ඉස්ලාම් වචනයට පමණක් සීමා නොකර, මෙයට දැමු ප්‍රායෝගික වැඩපිළිවෙල ඉතා ප්‍රශංසනීයයි. කෙනෙකු දිනකට පස්වරක් අල්ලාහ් වෙනුවෙන් සලාතය ස්ථාපිත කළ යුතුයි, හැම සලාතයක් පාසාම ඔහු දෝවනය කරගත යුතුයි.

නබි (සල්) තුමන් වරක් මෙසේ ප්‍රකාශ කළහ, —ස්භවායෙන්ම පිහිටුනු කරුණු පහක් ඇත. චර්ම ඡේදනය, මර්ම ස්ථානයෙහි හා කිසිල්ලෙහි රෝමයන් ඉවත් කිරීම, නියපොතු කැපීම, උඩු රැවුල කොට කිරීම˜ (මූලාශ්‍රය: බුහාරි).

මුත්‍රා පහ කිරීමෙන් පසු එය පවිත්‍ර නොකර සිටීම මරණින් මතු ජීවිතයෙහි ද~ුවම් ලද වරදක් සේ ඉස්ලාම් අවධාරණය කරයි.

—(ශාස්තෘවරයානනි) ඔවුන්ට අනුමත දේ පිළිබඳ ඔඛෙන් ප්‍රශ්නකරයි, පරිශුද්ධ දේ ඔවුන්ට අනුමත බව පවසන්න˜

(ශු කුර්ආනය 5: 4).

කෙනෙකුගේ මුළු ජීවිතයම පවිත්‍රවිය යුතු බව ඉස්ලාම් උගන්වයි.

ඉස්ලාම් දහමට පිවිසීම තුළින් කෙනෙකුට ලැඛෙන වරප්‍රසාද:

කෙනෙකු සියළු මිථ්‍යා විශ්වාසවලින් මිදී, ඔහු විසින් අඹා ගත් ප්‍රතිමාවන්ට වැඳ පුදා ගැනීමෙන් බැහැර වී විශ්වයේ එකම බලය ශක්තිය අල්ලාහ් දෙසට පමණක් හැරි ඔහුගේ එකීය බාවය හා ඔහු විසින් තෝරාපත් ගනු ලැබූ අවසන් ශාස්තෘවරයා මුහම්මද් නබි (සල්) තුමන්ගේ ශාස්තෘ පදවිය පිළිගෙන ඒ අනූව ජීවත්වන බව ප්‍රතිඥාවක් ගත් විට ඔහු හෙතෙම මුස්ලිමෙකු වේ. —මුස්ලිම්˜ යන නාමය කෙනෙකුට උපතින්, ජාතියෙන්, වර්ණයෙන්, දේශයෙන්, භාෂාවෙන් හිමි නොවේ. මුස්ලිම් යනු අල්ලාහ්ට අවනත වී ජීවත්වන්නාය. ඔහුගේ අණ පණත් වලට අවනත වී ඔහු වැළකු දෙයින් මුළුමනින් ඈත්වී තම ජීවිතය හැඩ ගසා ගන්නාය.

කෙනෙකු මුස්ලිම් වීමෙන් ඔහුගේ පෙර පාපයන් සියල්ල කමා කරනු ලබයි. ඔහු එදින උපත ලද දරුවෙකු සේ පාපයන්ගෙන් පරිශුද්ධ වෙයි. මරණින් මතු ජීවිතයෙහි ඔහුට සදාතනික ජය හිමිවෙයි. ඔහු නිරයෙහි ද~ුවම් වලින ඔහුට රැකවරණය ලැඛෙයි.