Tag Archives: හිජාබ්

ඉස්ලාම් සතු සුවිශේෂත්වයන්

ඉස්ලාම් සතු සුවිශේෂත්වයන්

ඉස්ලාම් දහම කිසිදු මනුෂේ‍යකුගේ නමින් පිහිටුනු ආගමක් නොවෙයි. එය විශ්වය නිර්මාණය කර, පාලනය කරමින් සිටින අල්ලාහ් විසින් මානවයාට පිරිනමනු ලැබූ ජීවන ක්‍රමයකි. එයින් තහවුරු වන වැදගත් කරුණ නම්, ඉස්ලාම් ආරම්භක මිනිසා පටන් පැවත එන ආගම බවයි. ලෝක ඉතිහාසය තුළදි බිහිවූ කෙනෙකුගේ නමින් පිහිටුනු දහමක් නොවෙයි. අතරමගදි නිර්මාණයවුනු දහම් තුළින් ඊට පෙර ජීවත්වූ අයට පිළිසරණක් වන්නට මගක් නොමැත. එවිට එය අසාධාරණයක් වනු ඇත. එනමුත් ඉස්ලාම් ඉදිරියේ පමණක් මෙවැනි ප්‍රශ්ණයක් හටගන්නේ නැත. මන්ද ඉස්ලාම් ආරම්භක මිනිසා පටන් පැවත ආ දහමකි. නිර්මාතෘවරයා විසින් මිනිසාට පිරිනමනු ලැබූ ජීවන සැලැස්මකි.

Hell is hotter

ශුද්ධවූ අල්කුර්ආනයෙහි ඔහු පවසයි: —අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ˜ (ශු කුර්ආනය: 3: 19).

ඉස්ලාම් හැර කව්රුන් වෙනත් ආගමක් ප්‍රිය කරයිද එය නොපිළිගැනේ, ඔහු මතු දිනයේදි පාඩු විදින්නෙකුද වේ˜ (ශු කුර්ආනය 3: 85).

මිනිසුන් අතර බහුලව පවතින වැරදි මතයක් නම් ඉස්ලාම් අවුරුදු එක්දාස් හාරසියකට පෙර බිහිවුනු ආගමක් බව. මෙයට හේතුව මුහම්මද් නබි (සල්) තුමන් මක්කාවෙහි සිට මදීනාව බලා ගිය හිජ්රා ගමන මුල්කොටගෙන ඉස්ලාමීය දින දර්ශනය සැකසීමයි. මෙය ඉස්ලාමයේ ආරම්භය නොවේ.

මුහම්මද් නබි (සල්) තුමන් පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: —ඔහු අල්ලාහ්ගේ දුතවරයාද, අවසන් ශාස්තෘවරයාද වේ˜

(ශු කුර්ආනය 33: 40).

අවසන් ශාස්තෘවරයා යනු සඳහන්වීමෙන් අදහස්වන්නේ මීට පෙරත් ශාස්තෘවරු පැමිණුනු බවයි. මෙය තවත් සාක‍ෂාත් කරන වාක්‍යන් ශුද්ධවූ අල්කුර්ආනයෙහිද, නබි වදන්වලද අනන්තව දැකගත හැක.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —නූහ්ට හා ඔහුට පසු පැමිණුනු ශාස්තෘවරුන්ට අපි දේව පණිවුඩ අනාවරය කළාක්මෙන් (මුහම්මද්æ) ඔබටද අපි දේව පණිවුඩ අනාවරණය කළෙමු. තවද ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යඃකුබ් (ඔහුගේ) පරම්පරාව, ඊසා, අයියූබ්, යූනුස්, හාරූන්, සුෙලෙමාන් වැනි අයටද අපි දේව පණිවුඩ අනාවරණය කළෙමු. දාවූද්ට සබූර් නම් (දේව ග්‍රන්ථය) අනාවරණය කළෙමු. (මුහම්මද්æ) මීට පෙර ඔබට සමහර ශාස්තෘවරුන් පිළිබඳ පුවත් දැන්වුවෙමු. සමහර ශාස්තෘවරුන්ගේ පුවත් ඔබට නොපැවසුවෙමු˜

(ශු.කුර්ආනය 4: 163,164).

—(ශාස්තෘවරයානනි) ඔබ පවසන්න මම ශාස්තෘවරුන්ගෙන් අළුත් කෙනෙකු නොවේ˜. (ශු.කුර්ආනය 46: 9).

මෙම සියළු අල්කුර්ආන් පාඨයන් තුළින් තහවුරුවන්නේ ඉස්ලාම් මිනිස් ආරම්භය පටන් පැවත එන ආගමක් බවයි.

නිර්මාණයන්ට වැඳ වැටීම මුළුමනින් තහනම් කර නිර්මාතෘ ඉදිරියේ පමණක් යාඥාවන්, වන්දනා මාන කිරීම ඉස්ලාම්හි මූලික හරය හා දර්ශනය වේ. සමාන දුර්වලතාවන්ගෙන් යුත් තවත් මිනිසෙකු ඉදිරියේ වැඳ වැටීම උතුම් කි්‍රයාවක් සේ නොසළකා මුළුමනින්ම එය තහනම් කිරීම. හිස නමා ආචාර කිරීම, ගරු කිරීම සඳහා නැගිට සිටීම මේ සියල්ල ඉස්ලාම් තහනම් කරයි. දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීමට අණකරන ඉස්ලාම් ඔවුන් ඉදිරියේ වැඳ වැටීමට තහනම් කරයි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —ඔබේ ස්වාමින් තමන්ට හැර වෙනත් කිසිවෙකුට වන්දනාමාන නොකරනලෙස නියෝග කළේය, තවද දෙමාපියන්ට යුතුකම් ඉටු කරන ලෙසත් ඔහු නියෝග කළේය˜

(ශු කුර්ආනය 17: 23)

තැරැව්කරුවන් අවශ්‍ය නැත:

වෙනත් දේව සංකල්ප හා සිද්ධාන්ත මෙන් නොව කෙනෙකු ඉස්ලාම් දහමෙහි දෙවියන්ට සෘජුව සම්බන්ධවීමට හැක. ඉස්ලාම් දහමෙහි තැරැව්කරුවන් අවශ්‍ය නැත. ඉතා සීමිත කුලයන්ට ගෝත්‍රයන්ට පමණක් පිරිනමන එම ආගමික ප්‍රමුඛත්වය, පෘථගජනයන් දේව දූතයන් බවට පරිවර්තනය කරන පුහු දුර්මතයන්ට ඉස්ලාම් දහම තුළ අබමල් රේණුවක තරම්වත් අවකාශයක් නැත. සියළු ජනයා එක හා සමාන වේ. පරමාන්ත දිනයේදි ඔහුගේ කි්‍රයාවන් චේතනාවන් මුල්තැන ගනු ඇත.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි:

—මාගේ දාසයන් මා පිළිබඳ ඔඛෙන් ප්‍රශ්න කළා නම්, මා ඉතා සමීප බව පවසන්න. මා ප්‍රාර්ථනාකරන්නන්ගේ ප්‍රාර්ථනාවන් පිළිගනිමි. ඔවුන් මාගෙන් ප්‍රාර්ථනා කරත්වා, මා කෙරෙහි විශ්වාසය තබත්වා˜

(ශු අල්කුර්ආනය 2: 186).

මිථ්‍යා විශ්වාසයන්ට, අන්ධ භක්තීන්ට ඉස්ලාම් තුළ ඉඩ නැත:

ආගමෙහි නමින් රැවට්ටීම, මං මුළා කිරීම හැම කාලයකදීම පාහේ සිදුවිය. එයට මූලික හේතුව ඔවුන් අදහන ආගම් සංකල්ප එම දොරටුවන් විවර කර තැබීමයි. නැතහොත් ආගමික මූලිකත්වය හොබවන බොහෝ උදවිය තමන්ට අදෘශ්‍යමාන දේ දන්නා බවත් අනාගතය පිළිබඳ අනාවැකි කීමේ හැකියාව තමන් සතු බව පවසා අහිංසක ජනයා මං මුළා කරති. නමුත් මෙසේ පවසන සියල්ලන් සාමාන්‍ය ජනයාගෙන් යැපීම පැහැදිළිව දැක ගත හැකි කරුණකි. මෙවැනි දේට ඉස්ලාම්හි කොහෙත්ම ඉඩ නැත. මුස්ලිමෙකු තම ප්‍රාණයට වඩා උසස් කොට සළකන මුහම්මද් නබි (සල්) තුමන්, මුළු ලොව වාසි ජනතාවටම අවසන් ශාස්තෘවරයා වශයෙන් පැමිණුනු, ඒ වගේම අල්ලාහ්ගේ විශේෂ ගෞරවයට පාත්‍රවූ එම උදාර පුරුෂයාට පවා අල්කුර්ආනය මගින් අල්ලාහ් මෙසේ නියෝග කරයි:

(ශාස්තෘවරයානනි) පවසන්න, අල්ලාහ් කැමතිවූවා නම් හැර මට කිසිදු යහපතක් හෝ විපතක් කරගැනීමට ශක්තිය නොමැත. අදෘශ්‍යමාන දේ පිළිබඳ ඥානය මා තුළි පවතී නම් මා යහපත පමණක් වැඩිකර ගමි. (එවැනි අවස්ථාවක) මට කිසිදු විපතක් ඇති නොවේ. මම විශ්වාස කරන ජනතාවට අවවාද කරන්නා හා සුභාශිංෂණය පතන්නා පමණය˜

(ශු අල්කුර්ආනය 7: 188).

සාත්‍ර, මන්ත්‍ර, ගුරුකම් වලට හෝ මිථ්‍යා විශ්වාසයන්ට හෝ අන්ධ භක්තීන්ට හෝ ඉස්ලාම් තුළ කොහෙත්ම ඉඩ නැත. එම දොරටුවන් සියල්ලට ඉස්ලාම් අගුළු දැමූහ.

අන් අයගේ යුතුකම් ඉටු කිරීම:

නිර්මාතෘවරයා අල්ලාහ්ට පමණක් යුතුකම් ඉටුකර සීමාකර ගැනීම පරිපූර්ණ විශ්වාසවන්තයෙකු කියාගැනීමට කොහෙත්ම ප්‍රමාණවත් නොවේ යැයි අල්ලාහ් පවසයි. —තවද අල්ලාහ්ට පමණක් යාඥා කරන්න ඔහුට කිසිදු දෙයක් සමාන නොකරන්න, තවද දෙමාපියන්ටද, ලේ ඥාතීන්ටද, අනාථයින්ටද, දුගීන්ටද, මගීන්ටද, ඥාතීන්වන අසල්වැසියන්ටද, ඥාතීන් නොවන අසල්වැසියන්ටද, ඔබේ අසලින් සිටින්නාටද, ඔබේ දකුණු අත හිමිකරගත් අයටද උපකාර කරන්න˜

(ශු කුර්ආනය 4: 36).

ඉහත සඳහන් මෙම පාඨයෙන් සනාථ වන කරුණ නම් සලාතය, උපවාසය නිසිලෙස ඉටුකර, තමන්ගේ පවුල් ඥාතීන්, අසල්වැසියන්, වෙනත් අයගේ යුතුකම් ඉටු නොකර එය පැහැර හරින, ඒ වගේම තමන්ගේ ව්‍යාපාරයන් ගනු දෙනු පවිත්‍රව නොපවත්නා අන් අය හූරාකන මෙ වැනි අය හොඳින් අවදානය යොමු කළ යුතු වදනකි. ඉස්ලාම් සීමිත යාඥා ක්‍රමවලට පමණක් සීමාවුනු ආගමක් නොවෙයි. එය මිනිසෙකුගේ මුළු ජීවිත කාලයම යාඥාවක් වශයෙන් පරිවර්තනය කරන්නට උත්සා දරයි.

නබි (සල්) තුමන්ගෙන් කෙනෙකු වරක් මුස්ලිම් වරුන් අතුරින් ශ්‍රේෂ්ඨයා කව්දැයි ප්‍රශ්න කළ විට, —කව්රුන් තම දිවෙන් හා දෑතින් අන් අයට හිරි හැර නොකරන්නේද ඔහු නියම මුස්ලිමෙකු වේ˜ යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).

—ඉස්ලාම්˜ විශ්ව නිර්මාතෘ ඉදිරියෙහි පිළිගැනුනු එකම දහම :

ඉස්ලාම් දහම කෙනෙකුට උපතින්ම හිමිවන බූදලයක් නොවෙයි. ඔහු එහි ඉගැන්වීම් දැන හඳුන, අල්ලාහ්ට පමණක් අවනත වී, එහි නියෝගයන් පිළිපැදීමට කිසිදු අවස්ථාවක නොපැකිළී, ඔහු විසින් තෝරාපත් ගනු ලැබූ අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් නබි (සල්) තුමන් අනුගමනය කර ජීවත්වෙයි නම් ඔහුයි නියම මුස්ලිම්.

—ඉස්ලාම්˜ යනු ශාන්තිය හා සාමය යන අර්ථයන් ගෙන දෙන වචනයකි. ඔබ වෙනත් සහෝදරයෙකු හමුවූ විට —අස්සලාමු අෙලෙකුම්˜ යනුවෙන් ආමන්ත්‍රණය කළ යුතුයි. මෙහි අර්ථය නම් ඔබට සාමය, ශාන්තිය උදාවේවා,මෙය සෑම අවස්ථාවකටම, සෑම මොහොතකටම, පුද්ගලයෙකුටම ගැලපෙන සුභ පැතීමකි. විශ්ව නිර්මාතෘ ඉදිරියේ පිළිගැනුනු එකම දහම ඉස්ලාම් බව ශුද්ධවූ අල්කුර්ආනය සඳහන් කරයි: —අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ˜ (ශුඅල්කුර්ආනය 3: 19).

ලෞකික ආශාවන්ගෙන් මිදී ජීවත්වීමට අවශ්‍ය නොවේ:

අල්ලාහ්ගේ තෘප්තිය හා උසස් සුවර්ගය උදෙසා කෙනෙකු මෙම ජීවිතයේ සෑම ආශාවක්ම මැඩලිය යුතුද? සෑම ආශාවකින්ම මිදී ජීවත්විය යුතුද? එය එසේ නොවේ. අල්ලාහ්ගේ තෘප්තිය හා සදාතනිකවූ සෞභාග්‍ය වන ස්වර්ගය හිමිකර ගැනීමේ අරමුණින් මෙම ජීවිතයේ සෑම ආශාවකින්ම කෙනෙකු මිදී ජීවත්වීමට අවශ්‍ය නොවේ. එය ඉස්ලාමීය ඉගැනවීමද නොවේ. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —කෙනෙකුට දරන්න බැරි දුෂ්කර ආයාසයක් අල්ලාහ් නොපටවන්නේය˜ (ශු කුර්ආනය 2: 286).

මිනිසා තුළ ස්වභාවයෙන්ම පිහිටා ඇති ආශාවන්ට තහනම් පැනවීම ප්‍රායෝගික නොවේ.

අධ්‍යාත්මිකව ඉතා උසස් ස්ථානයක් හිමිකරගැනීමට විවාහය බාධාවක් වශයෙන් දකින සමහර සිද්ධාන්ත එය වැළැක්වීමට උත්සාහ දරයි. නමුත් ඉස්ලාම් එසේ නොව විවාහය එම ගමනට රුකුලක් වශයෙන් දකි. වරක් නබි (සල්) තුමන් තරුණ පරපුර අමතා —තරුණයිනි, ඔබ අතුරින් විවාහ කරගැනීමට ශක්තිය ඇතිකෙනා විවාහ කරගන්න, නියතයෙන්ම එය ඔබේ බැල්ම (වැරදි දේ බැලීමෙන්) පහත හෙළයි, ඔබ වැරදි මගට යොමුවීමෙන් ඔබව වළක්වයි˜ ඉස්ලාම් අධ්‍යාත්මිකව කෙනෙකු ලබාගන්නා උසස් ස්ථානයට විවාහය රැකුලක් සේ දකි එය ආවඩයි.

තවත් වරක් අවසන් ශාස්තෘවරයානන්: —ඔඛෙන් කෙනෙකු තම ලිංගික ආශාවන් සිය බිරිඳත් සමග ඉටුකරගැනීමත් පින් ගෙනදෙන කි්‍රයාවකි යනුවෙන් පැවසූ විට, රැස්ව සිටි මිත්‍රවරුන් කෙනෙකු තම ලිංගික ආශාවන් ඉටුකර ගැනීමටත් යහපතක් තිබේදැයි මවිතයෙන් විමසු විට, ඔඛෙන් කෙනෙකු අනියම් මාර්ගයකින් එය ඉටුකරන විට එයට පාපයන් හිමිවෙනවා නොවේද? එසේ යැයි ඔවුන් කී විට ඉස්ලාම් අනුමත කළ මාර්ගයෙහි එය ඉටුකරන විට එයට යහපත හිමිවනු ඇත˜ යැයි ප්‍රකාශ කළහ.

ඉහත සඳහන් මෙම සියළු පුවත්වලින් තහවුරුවන වැදගත් කරුණ නම් ලෞකීක ආශාවන් යටපත්කර ජීවත්වීමට කොහෙත්ම ඉස්ලාම් අනුමත නොකරයි. එම ආශාවන් ඉස්ලාම් පෙන්වූ මග ඔස්සේ ඉටු කරගැනීම උතුම් කි්‍රයාවක් සේ ඉස්ලාම් දකි. මෙයින් පෙනීයන තවත් කාරණයක් නම් ඉස්ලාම් ප්‍රායෝගික හා ස්වභාවික දහමකි. මිනිසාගේ භාහිර පැත්ත නොසළකා හැර ඔහුගේ ආත්මාවට පමණක් මූලිකත්වදය නොදෙයි. ඒ වගේම ඔහුගේ භාහිර පැත්තට මූලිකත්වය දී අධ්‍යාත්මික පැත්ත නොසළකා හැරීමද නොකරයි. මධ්‍යම ප්‍රතිපදාවක් ඉස්ලාම් අනුගමනය කිරීම මෙහි සැළකිය යුතු කරුණකි.

මුදල් ඉපැයීම ඉස්ලාම් යහපත් කි්‍රයාවක් සේ දකි:

සලාතය (දේව නැමදුම) නිමවූ විට ඔබ මහ පොළොවෙහි විසිරගොස් අල්ලාහ්ගේ භාග්‍යන් උපයන්න˜

(ශු අල්කුර්ආනය 62: 10).

අඛණ්ඩව යාඥා කටයුතු කිරීමට පමණක් කොහෙත්ම ඉස්ලාම් නො උගන්වයි. නැතහොත් කෙනෙකු සිය බිරිඳගේ දූදරුවන්ගේ පවුලේ ඥාතීන්ගේ යුතුකම් පැහැර හැරීම ඉස්ලාම් දකින්නේ බලවත් වරදක් සේය.

කෙනෙකු සිය බිරිඳට කවන බත් පිඩද දන් දීමක් ලෙස˜ නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. කෙනෙකු මෙම සමාජ වගකීම් පැහැර හැර කටයුතු කිරීමට ඉස්ලාම් අනුමත නොකරයි. සමාජයෙන් ඈත්වී වන ගත ජීවත්වන පුද්ගලයාට වඩා සමාජයෙහි අර්බුදයන් මැද යහපත් පුරවැසියෙක් ලෙස ජීවත්වන පුද්ගලයා ඉස්ලාම් ප්‍රියකරයි.

සමානාත්මතාවය:

සමානාත්මතාවය පිළිබඳ බොහෝ ආගම්, සංකල්ප කථා කළද එයට විරුද්ධ වන අවස්ථා එමටය. එනමුත් ඉස්ලාම් සමානාත්මතාවය ප්‍රයෝගික ඔප්පු කළ දහමකි. ඉස්ලාම් ඒ වෙනුවෙන් දැමු වැඩ පිළිවෙල ඉතා ප්‍රශංසනීයයි. අරාබිකරයේ උපත ලැබ එම පරිසරයේම ජීවත් වූ අරාබි ජාතිකයෙකු වූ අවසන් ශාස්තෘවරයානන්, (මුහම්මද් නබි (සල්) තුමන්) එම ජනතාව බලා, ඔබලා මේ කරුණ සිහි තබාගන්න

—අරාබි නොවන ජාතිකයින්ට වඩා අරාබි ජාතිකයින්ට කිසිදු සුවිශේෂත්වයක් හිමිවන්නේ නැත. කළු ජාතිකයෙකුට වඩා සුදු ජාතිකයෙකුට කිසිදු සුවිශේෂත්වයක් නැත. සුවිශේෂත්වය හිමිවනුයේ අල්ලාහ් කෙරෙහි බිය බැතිව කටයුතු කරන්නාටය˜ යනුවෙන් ප්‍රකාශ කළහ.

තවත් වරක් මෙසේ ප්‍රකාශ කළහ: —මනුෂ්‍යින් සියල්ල ආදම්ගේ පුත්‍රයන්ය, ආදම් පසින් නිර්මාණය කරනු ලැබිනි˜ ඉස්ලාම් කෙරෙහි ඇදි එන ජනයා අතුරින් කුල භේදයන් වර්ණ භේදයන් හේතු කොටගෙන බැට කන බොහෝ උදවියද වේ. විද්‍යාව තාක‍ෂණය දියුණුවූ මෙවන් යුගයක පවා දියුණුවූ රටවල්හි කළු ජාතීන්ට වෙනත් සිද්ධස්ථාන, සුදු ජාතීන්ට වෙනත් සිද්ධස්ථාන, කළු ජාතීන්ට වෙනත් පාසැල්, සුදු ජාතීන්ට වෙනත් පාසැල්, මෙම නූතන යුගයෙහි පවා සුනඛයන් ලවා කළු ජාතීන්ට වද හිංසා පමුණුවූ සෝචනීය දර්ශනයන් විද්‍යුත් මාධ්‍යන් තුළින් ඇසුවෙමු, දුටුවෙමු.

දිනකට පස් වරක් ඉටුකරන සලාතය සමූහව ඉටු කිරීමට ඉස්ලාම් නියෝග කිරීම තුළින් එම සමානාත්මතාවය ස්ථාපිත කරයි. එම සලාතයන් ඉටු කරන අවස්ථාවෙහි උරෙනුර ගැටි පෙළ ගැසිය යුතුය.

අවුරුද්දකට වරක් සීයට දෙක හමාරක් තම ධනයෙන් දුගීන්ට දුප්පතුන්ට ලබාදෙන ලෙස ඉස්ලාම් ධවනතුන්ට අනිවාර්්‍ය කිරීමෙන් එම සමානාත්මතාවය ස්ථාපිත කරයි.

වසරකට වරක් පුරා මාසයක් උපවාසයෙහි නිරතවීමට අණ කිරීමෙන් පොහොසතාට කුස ගින්නෙහි අමාරුව දැනෙයි, එයින් ඔහු තුළ දිළින්දන්ට උදව් කිරීමේ මානසිකත්වයක් උදාවෙයි. හජ් හෙවත් උසස් යාඥාව තුළින් කුමන දේශයට, වර්ණයට, භාෂාවට අයත් කෙනෙකු හෝ වේවා, හැමෝම එක හා සමාන ඇඳුමකින් සැරසී එම යාඥාවන් ඉටු කිරීම මගින් ජාත්‍යන්තර සහෝදරත්වයක්, සමානාත්මතාවයක් ඉස්ලාම් ගොඩනගයි.

ඉස්ලාම් හා පවිත්‍රත්වය:

මිනිසාගේ ජීවිතයෙහි සෑම අංශයක් පිළිබඳම අවධාරණය කරන ඉස්ලාම් පවිත්‍රත්වය කෙරෙහිද වැඩි සැළකිල්ලක් දක්වයි. ශුද්ධවූ අල්කුර්ආනය පවසයි: —සැබවින්ම අල්ලාහ් පශ්චාත්තාපකරන්නන් හා පවිත්‍රවන්තයින් ප්‍රියකරයි˜

(ශු කුර්ආනය 9: 108).

තවද ඉස්ලාම් පවිත්‍රත්වය දේව විශ්වාසයෙහි අඩක් වශයෙන් පවසයි. වරක් ශාස්තෘවරයානන් පවසන විට —පවිත්‍රත්වය විශ්වාසයෙහි අඩකි˜ මෙම ප්‍රකාශයන් සියල්ල ඉස්ලාම් වචනයට පමණක් සීමා නොකර, මෙයට දැමු ප්‍රායෝගික වැඩපිළිවෙල ඉතා ප්‍රශංසනීයයි. කෙනෙකු දිනකට පස්වරක් අල්ලාහ් වෙනුවෙන් සලාතය ස්ථාපිත කළ යුතුයි, හැම සලාතයක් පාසාම ඔහු දෝවනය කරගත යුතුයි.

නබි (සල්) තුමන් වරක් මෙසේ ප්‍රකාශ කළහ, —ස්භවායෙන්ම පිහිටුනු කරුණු පහක් ඇත. චර්ම ඡේදනය, මර්ම ස්ථානයෙහි හා කිසිල්ලෙහි රෝමයන් ඉවත් කිරීම, නියපොතු කැපීම, උඩු රැවුල කොට කිරීම˜ (මූලාශ්‍රය: බුහාරි).

මුත්‍රා පහ කිරීමෙන් පසු එය පවිත්‍ර නොකර සිටීම මරණින් මතු ජීවිතයෙහි ද~ුවම් ලද වරදක් සේ ඉස්ලාම් අවධාරණය කරයි.

—(ශාස්තෘවරයානනි) ඔවුන්ට අනුමත දේ පිළිබඳ ඔඛෙන් ප්‍රශ්නකරයි, පරිශුද්ධ දේ ඔවුන්ට අනුමත බව පවසන්න˜

(ශු කුර්ආනය 5: 4).

කෙනෙකුගේ මුළු ජීවිතයම පවිත්‍රවිය යුතු බව ඉස්ලාම් උගන්වයි.

ඉස්ලාම් දහමට පිවිසීම තුළින් කෙනෙකුට ලැඛෙන වරප්‍රසාද:

කෙනෙකු සියළු මිථ්‍යා විශ්වාසවලින් මිදී, ඔහු විසින් අඹා ගත් ප්‍රතිමාවන්ට වැඳ පුදා ගැනීමෙන් බැහැර වී විශ්වයේ එකම බලය ශක්තිය අල්ලාහ් දෙසට පමණක් හැරි ඔහුගේ එකීය බාවය හා ඔහු විසින් තෝරාපත් ගනු ලැබූ අවසන් ශාස්තෘවරයා මුහම්මද් නබි (සල්) තුමන්ගේ ශාස්තෘ පදවිය පිළිගෙන ඒ අනූව ජීවත්වන බව ප්‍රතිඥාවක් ගත් විට ඔහු හෙතෙම මුස්ලිමෙකු වේ. —මුස්ලිම්˜ යන නාමය කෙනෙකුට උපතින්, ජාතියෙන්, වර්ණයෙන්, දේශයෙන්, භාෂාවෙන් හිමි නොවේ. මුස්ලිම් යනු අල්ලාහ්ට අවනත වී ජීවත්වන්නාය. ඔහුගේ අණ පණත් වලට අවනත වී ඔහු වැළකු දෙයින් මුළුමනින් ඈත්වී තම ජීවිතය හැඩ ගසා ගන්නාය.

කෙනෙකු මුස්ලිම් වීමෙන් ඔහුගේ පෙර පාපයන් සියල්ල කමා කරනු ලබයි. ඔහු එදින උපත ලද දරුවෙකු සේ පාපයන්ගෙන් පරිශුද්ධ වෙයි. මරණින් මතු ජීවිතයෙහි ඔහුට සදාතනික ජය හිමිවෙයි. ඔහු නිරයෙහි ද~ුවම් වලින ඔහුට රැකවරණය ලැඛෙයි.


කාන්තා නිදහස වෙනුවෙන් හඩ නැගු ඇය ඉස්ලාම් දහම ප්‍රචාරය කරන උතුම් කාන්තාවක් වූයේ කෙසේද?

කිතු දහම ප්‍රචාරය කරන, කාන්තා නිදහස වෙනුවෙන් පෙනී සිටි, ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් වූ ඇය දැන් ඉස්ලාම් දහම ප්‍රචාරය කරන උගත් කාන්තාවකි. ඇය ඇමෙරිකාවෙහි —ඔහියෝ˜ නගරයෙහි පිහිටා ඇති මුස්ලිම් කාන්තාවන් සඳහා ඇති ජාතික සංවිධානයෙහි අධ්‍යක‍ෂිකාව —ආමිනා අස්ලමි˜ය.

—හිජාබ් පිටු පස සිට මුස්ලිම් කාන්තාවක් කථා කරයි˜ යන මෑයෙන් ඇමෙරිකාවෙහි ඇති —ඩෙන්නෙස්සි විශ්ව විද්‍යාලයෙහි˜ ඇය කළ කථාවෙහි ඉතා වැදගත් කොටස් කිහිපයක් මෙහි සඳහන් වේ.

අවුරුදු කිහිපයකට පෙර සරසවියක අළුත් විෂයක් සඳහා එක් වීමට ගොස් සිටියෙමි. පංති කාමරයේදී, සමහර අරාබි තරුණියන් තම පාරම්පරික හිජාබ් ඇඳුමෙන් සැරසි සිටීම දුටු විට මා තුළ පිළිකුලක් ඇති විය. මෙම පිළිකුල් සහගත ජාතියක් සමග මා පංති කාමරය අසුන්ගන්නේ නැත යනු තීරණය කර, පංති කාමරයෙන් පිටත්වී නිවසට පැමිණියෙමි.

aminahassilmiනමුත, මාගේ ස්වාමි පුරුෂයා ඔබ අනිවාර්ේ‍යන් පංතිවලට සහභාගි විය යුතුයි යනු තරයේ ඉල්ලා සිටී නිසා, මා තුළ යම් තීරණයකට එළඹ යළි පංතිවලට සහභාගිවුනෙමි. මාගේ පංතියෙහි සිටින එම අඥාන මුස්ලිම් තරුණියන්ගේ ආගම් වෙනස් කිරීමයි මා ගත් තීරණයවූයේ. මා සමග එකම පංතියෙහි වූ එම මුස්ලිම් තරුණියන්ව කිතු දහමට හැර විය යුතුයි යන අරමුණෙන් අල්කුර්ආනය කියවන්න පටන් ගත්තෙමි. මුහම්මද් එක් බොරුකාරයෙක්, ඉස්ලාම් පිළිගනු ලැබූ දහමක් නොවෙයි යනු ඔප්පු කිරීම මා තුළ වූ එකම අධිෂ්ඨානය විය.

නමුත් අල්කුර්ආනය කියවන්න කියවන්න ඉස්ලාම් පිළිබඳ දැනගත යුතුයි යන ආශාව මා තුළ වර්ධනය විය. විශේෂයෙන් පිරිමීන් හා කාන්තාවන් පිළිබඳ ඉස්ලාම් පවසන්නේ කුමක්ද? යනු දැනගැනීමට මා තුළ ප්‍රිය භාවයක් පැවතුනි.

මුස්ලිම් කාන්තාවන් තම ස්වාමි පුරුෂයන් විසින් වද හිංසාවන්ට ලක්වෙමින් සිටී යනුවෙන් මා සිතු වාර ගණන අනන්තය. සාමානේ‍යන් මුස්ලිම් කාන්තාවන් පිළිබඳ මෙසේ පවසනු ලැබීම මා විශ්වාස කළෙමි. නමුත්, මේ සියල්ල ශ.ද්ධවූ අල්කුර්ආනයට මුළුමනින්ම විරුද්ධවූ කි්‍රයාවන් යනු එය කියවීමෙන් පසු අවබෝධ කරගත්තෙමි.

ඉතා පුළුල්ව ඉස්ලාම් පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසු පිරිමීන්ට හා කාන්තාවන්ට ඔවුන්ගේ ස්වාභාවිකත්වයට ආවේනිකව සමාන අයිතීන් ලබා දී ඇති බව මා වටහාගත්තෙමි. පිරිමීන්ට මෙන් කාන්තාවන්ටද අධ්‍යාපනය ලබාගැනීමේ අයිතිය ඉස්ලාම් ලබා දී ඇති බවද මා දැනගත්තෙමි. අවුරුදු 1400 පෙරම කාන්තාවන් දේපළවලට උරුමකම් කීමේ අයිතිය ඉස්ලාම් විසින් ලබා දී ඇති බව දැනගත් විට මා මවිතයට පත්වුනෙමි. යම් මුස්ලිම් කාන්තාවක් විවාහවීමත් සමග ස්වාමි පුරුෂයාට අයිති හුදු භාණ්ඩකයක් නොවෙයි. මේ නිසයි විවාහයට පසුවද කාන්තාවකට තම ස්වාමි පුරුෂයාගේ නමත් සමග තම නම කීමට අනුමැතිය නැත්තේ. තම විවාහයෙන් පසුවත් තම අනන්‍යතාවය රැකගැනීමට මුස්ලිම් කාන්තාව අයිතිය ලබා ඇත්තේ.

තම පංතියෙහි මුස්ලිම් ශිෂ්‍යාවන්ව කිතු දහමට හැරවීමේ එකම වෛරයෙන් පුරා අවුරුදු දෙකක් ඉස්ලාම් දහම අධ්‍යයනය කළෙමි. නමුත් මෙම කාලය තුළ මා බොහෝ වෙනස් කම් වලට ලක්වුනෙමි. මාගේ කි්‍රයා කලාපයන්හි ඇතිවන වෙනස පිළිබඳ මාගේ ස්වාමි පුරුෂයාද අවදානය යොමු කිරීමට අමතක නොකළේය. මත් පැන් පානය කිරීම සඳහා සුරා සැල්, රාත්‍රි සමාජ ශාලාවල් කරා යෑම මා නතර කළෙමි. ඒ වෙනුවට නිවසෙහි සිට අල්කුර්ආනය කියවීමෙන් මා ආත්ම තෘප්තියක් ලබාගත්තෙමි. මාගේ කි්‍රයා කලාපයන් පිළිබඳ මාගේ ස්වාමි පුරුෂයා තුළ සැක සංකා පහළවීම නිසා මා දික්කසාද කළේය. මාගේ දරුවන් තිදෙනා සමග මා තනිව ජීවත්වෙන්නට පටන් ගත්තෙමි. එක් මුස්ලිම් විද්වතෙකු වෙත ගොස් මාගේ සැකයන් අසා නිරාකරනය ගත්තෙමි. පසුව 1977 හි ඉස්ලාම් දහම වැළඳ ගත්තෙමි.

නමුත, සමහර නීති රීතින් පිළිබඳ මා තුළ දෙගිඩියාවක් පැවතුනි. හිජාබ් නම් ගෞරවනීය ඇඳුම අඳින ලෙස ඉස්ලාම් මුස්ලිම් කාන්තාවන්ට නියෝග කරයි. කාන්තාවන් තම හිස ආවරණය කිරීමෙන් ඔවුන් සියල්ලන් ඉදිරියේ කැපී පෙනීමයි හිජාබ්හි සුවිශේෂත්වය වන්නේ.

කාන්තාව තම කය ආවර්ණය කළ යුතුයි යනු මා පිළිගත්තෙමි. නමුත් මාගේ හිසත් ආවර්ණය කළ යුතුද? යන දෙගිඩියාවක් මා තුළ තිබිනි. නමුත්, ශ.ද්ධවූ අල්කුර්ආනය මගින්, අප මුස්ලිම්වරුන් වශයෙන් සංකේතවත් කරගැනීම සඳහා කය ආවර්ණය කරන ලෙස නියෝග කෙරෙයි. මා මුස්ලිමෙක්මි – අපේ හිමියන් අපට ලබා දී ඇති අයිතීන් අපි හොඳින් දනිමු. හිජාබ් යනු බාධාවක් නොවෙයි, එය අයිතියක්, වරප්‍රසාදයක් යනු මා අවබෝධ කරගත්තෙමි. එය පැළඳ ගැනීම සඳහා කොයි වගේ කැප කිරීමක් කිරීමටත්, මාගේ දිවිය පුදන්නටත් මා සූදානම් විය යුතුයි යන හැඟීම මා තුළ ඇතිවීමත් සමගම මා එය පළඳින්නට පටන් ගත්තෙමි.

කාන්තා නිදහස වෙනුවෙන් හඩ නැගීමද මා අත්හැරියෙමි. එය මට අධ්‍යාත්මකව සැනසීමක් නොදුන්නේය. මුස්ලිම් කාන්තාවක් වශයෙන් ඉස්ලාම් මට සියළු අයිතීන් ලබා දී ඇති බව මා දැනගත්තෙමි.

ඉස්ලාම් කාන්තාවන්ට වෘත්තීන්, රැකියාවන්හි නිරතවීම තහනම් කර නැත. නමුත් ඉතා උතුම් වෘත්තිය කාන්තාවක් මවක් වශයෙන් සිටීමයි. එම උතුම් මෙහෙවර තුළිනුයි මතු පරම්පරාවෙහි නැවුම් චින්තනයන් බිහි කළ හැක්කේ.

ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් පසු හිජාබ් ඇඳ මා රැකියාවට යෑම නිසා ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකා පදවිය මාගේන් උදුරා ගන්නා ලදි. තවද දික්කසාදයත් සමග අධිකරණ තීරණයක් මත මාගේන උදුරා ගන්නා ලද මාගේ දරුවන් තිදෙනා යළි මාත් සමග එක්වී ඉස්ලාම් දහම වැළඳ ගත්තෝය. මාගේ දෙමාපියන් හා පෙර ස්වාමි පුරුෂයාද ඉස්ලාම් දහම වැළඳ ගත්හ. මාගේ පවුලේ ඥාතීන්ද මෙම සත්‍ය කරා නැඹුරුවෙමින් සිටිති.

මා කිසිවක් දැක බියනොවෙමි. මා කුමන ස්ථානයක වූවත් එඩිතරව සත්‍ය පවසමි. මාගේ වචනයන්, කි්‍රයා කලාපයන් සියල්ලට අල්ලාහ් ඉදිරියෙහි මා පිළිතුරු දිය යුතුයි යන බිය පමණයි මා තුළ රජකරන්නේ.

ඉස්ලාම් දහම සෙසු අය සමග ඛෙදා ගැනීමයි මා විඳින ලොකුම වින්දනය.

ආමිනා අස්ලමිගේ මෙම කථාව Knoxville – News – Sentinal, Tennesseeයන පුවත් පතෙහි පළවූවකි.

ආචාර්්‍ය : ජවාහිරුල්ලාහ්.අනුවර්තනය: අබූ අස්මා.


මිනිසෙකුට කොතරම් දුරට වැරද්දක් ලෙස හෝ පාපයක් ලෙස අවබෝධ කර දුන්නත්, ඔහු තම ආශාවන් නිසා ඇතිවන හැඟීම් පසුපස යාම අත් නොහරී

මිනිසා මෙම ජීවිතය ලෝකය තුල කරන හැම දෙයක්ම පාපයක් ඒ නිසා සියලූ සැප සම්පත්වලින් ඈත්වී දුෂ්කර ජීවිතයක් ගත කිරීමෙන් පමණක් විමුක්තිය ලබාගත හැකි බවට සමහර ආගම් මගින් ඉගැන්වෙයි. මිනිසා මේ ලෝකයේ ජීවත්වෙන කාලය තුල දුෂ්කරව තමන්ගේ කායික හා මානසික සියලූ අවශ්‍යතා හා අයිතිවාසිකම් භුක්ති විඳීමට නොදී ඔහු බැද තැබීමක් ඒ ආගම්වලින් සිදුකර ඇත.

යුරෝපය තම ආගමික බැදීමට හසුවී සිටියදී අන්ධකාරයේ ගිලී පැවැතින. එ බැදීම්වලින් මිදී නිදහසේ සිතන්න හා ලියන්න පටන්ගත් කල දියුණුවේ මාර්ග සොයාගෙන නිෂ්පාදනයේ හා නව සොයා ගැනීම් තුලින් ආලෝකමත් ජීවිතයකට මඟ පාදාගත්හ. විද්‍යාව හා තාක්ෂණය අතින් විශාල හාස්කම් කරන්නට වූහ.
මේවා ආගම්වලට විරුද්ධ මත දරන සමාජයක් ගොඩ නැගීමට බටහිර වැසියන් ඇති කළ සරලවූ චින්තන විප්ලවයකි.
—අප නැවතත් ආගම් වෙත ගමන් කළ යුතු බවද නුඹලා කියනුයේ, දියුණුවේ මුදුනටම පය තබා සිටින අප, ආගම්වලින් මුදවාගත් ජනයාගේ ශක්තිය නැවත ආගම නමැති කොටුවේ ගාල් කළ යුතු බවද නුඹලාගේ අදහස? හොඳ හා නරක, කළ යුතු හා නොකළ යුතු ලෙස අනේක කොන්දේසි පනවමින් තරුණ ජීවිත අඳුරු කරවීමට අපව පොළොඹවන්නහුද?˜
මෙය බටහිර වැසියන් ආගම්වාදීන්ගෙන් අසනු ලබන ප්‍රශ්නයි. ඔවුන්ගේ ආගම(වූ ක්‍රිස්තියානි ආගම) ගැන ඔවුන් කුමන මතය දැරුවත් එය අපට අදාල නොවේ. නමුත් එම චෝදනාව ඉස්ලාම් වෙතත් එල්ලකරන විට අකමැත්තෙන් හෝ ඔවුන්ට කරුණු පහදා දීම අනිවාර්යයෙන් කළයුතු ක්‍රියාවක් වී ඇත.

මිනිසාගේ හැකියාවන් (කුසලතා) සියල්ල ආගමෙන් බැඳ හිරකර තබා ඇතැ˜යි කරනු ලබන චෝදනාව ඉස්ලාමයට ගැලපෙයිද?
මේ ප්‍රශ්නයට අදාල පිළිතුරු විවාදයට ගැනීමට පෙර මිනිසාගේ ශක්තිය යටපත් කිරීම නැත්නම් මැඩලීම යන්නෙහි තේරුම කුමක්දැයි විමසා බලමු. එ මන්ද මිනිසාගේ ශක්තීන් යටපත් කිරීම නැත්නම් මැඩ පැවැත්වීම යන්න බොහෝ විට වැරදි අවබෝධයකින් යුතුව භාවිතා කරනු ලැබේ.
අප තුල ඇති ආශාවන් යම් ක්‍රියාවන් සඳහා අපව පෙළඹවීමක් කළ විටකදී එම ක්‍රියාවෙන් තාවකාලිකව ඈත්වීම (නොකර සිටීම) එම ආශාව සම්පූර්ණයෙන් වළලා දැමීමක් හෝ මර්ධන කිරීමක් නොවන්නේය. ඒ ක්‍රියාවේ යෙදීම වරදක්(පාපයක්) පිළිකුල් සහගත ක්‍රියාවක් යනුවෙන් වැරදි හැඟීමක් ඇති කරවීම එම ආශාවන් වළලා දැමීමක් හෝ මැඩලීමක් හැටියට ගණන්ගත හැක. මිනිසා තුල ස්වභාවිකව ආශාවන් හා අවශ්‍යතාවයන් තිඛෙන අතර, වැදගත් වන්නේ ඒවා සපුරාලීමට සාධාරණවූත් නිවැරදිවූත් මඟක් උපයෝගී කර ගැනීමයි.
මෙම ස්වාභාවික ආශාවන් සපුරාලීම (තෘප්තිය ලැබීම) වරදක් පාපයක් හෝ ආශාවන් පසුපස යාම පිළිකුල් කළ යුතු වැඩක් ලෙස, අවවාද අනුශාසනා කරන්නේ නම් එය ඒවා වළලා දැමීමක් හෝ මැඩලීමක් යන්න හඟවන්නකි.
මිනිසෙකුට කොතරම් දුරට වැරද්දක් ලෙස හෝ පාපයක් ලෙස අවබෝධ කර දුන්නත්, ඔහු තම ආශාවන් නිසා ඇතිවන හැඟීම් පසුපස යාම අත් නොහරී. තමා කරන්නේ වරදක්, පාපයක් හා පිළිකුල් සහගත වැඩක් බව දැන දැනත් ඒ ක්‍රියාවේ යෙදෙයි. එක්වරක් නොව දසවරක් කරමින් එම ක්‍රියාව පාපයක්, වරදක් හා පිළිකුල් සහගත එකක් බවද තරයේම ප්‍රකාශ කරයි. මේ නිසා සදාකාලිකව තමා වරදකරුවෙක් යන හැඟීමක් ඔහුගේ සිතේ වද දෙමින් පවතී. මේ නිසා ඔහු කුමන වැඩක්වත් සම්පූර්ණ අවධානයෙන් යුතුව නොකරන අතර ඔහු කරන හැම වැඩකදීම තමාව මුළුමනින් (තම ශක්තිය) යෙදවීමට නොහැකි (අසරණ) තත්ත්වයකට පත්වෙයි.
ඔහුගේ සිතේ ඇතිකරගත් වැරදි සිතුවිල්ල නිසා ඔහු නිතරම තමා පව්කාරයෙක් යන හැඟීමෙන්, හීනමානයෙන් යුතුව කල්ගෙවන නිසා ඔහුගේ හැකියාවන් සියල්ල ක්‍රමයෙන් හීනවී යන්නේය. ආගම්වලින් සිදුවන භයානක ප්‍රතිඵල ලෙස බටහිර වැසියන් විසින් ඉහත සඳහන් කරුණු පෙන්නුම් කරනු ලබයි.
මිනිසාගේ ආශාවන් මැඩ පවත්වා, වළලා දැමීමට ඉහත පෙන්වන ලද කරුණු මා විසින් සොයාගත් ඒවා නොවේ. බටහිර වැසියන් විසින් සුප්‍රසිද්ධ දර්ශනාවාදියෙකු ලෙස උපහාර දක්වමින් වේදිකා ගත කළ මා මිත්‍ර ෆ්‍රොයිඩ් මහතා විසින් කළ විග්‍රහයකි. Three contributions to the sexual there නමැති ග්‍රන්ථයේ 82 වෙනි පිටුවේ පහත සඳහන් පරිදි විස්තර කරයි.
මිනිසෙකු විසින් තම ආශාවන් තාවකාලිකව අත්හිටුවීමත්, එවායින් සම්පූර්ණයෙන් වැළකී සිටීමත් අතර විශාල වෙනසක් ඇත. ෆ්‍රොයිඩ්ගේ අදහස අනුව මිනිසාගේ ආශාවන් වළලා දැමීම යනු තාවකාලිකව ඒවායින් මිඳීම නොව ඒවා පිළිකුල් සහිත හා පාප ක්‍රියාවන් ලෙස හඳුන්වාදීම බවයි.
ඉස්ලාමය මිනිසාගේ ආශාවන් මැඩපවත්වා වළලා දමන ලෙස කියනවාද, මේ තුළින් මිනිසාගේ දියුණුවට බාධා කරන්නේද? යන්න විමසා බලමු.
—මිනිසාගේ ආශාවන් හා ඔහුගේ සවාභාවික හැඟීම් ප්‍රසිද්ධියේ පිළිගත් එකම ආගම ඉස්ලාම් ආගම පමණිි. අල්-කුර්ආනය මෙසේ පවසා සිටියි.
—කාන්තාවන්, පිරිමි දරුවන්, රන්රිදීවලින් යුත් වස්තුව, සළකුණු යෙදූ වටිනා අශ්වයින්, සිව්පාවන් (එළුවන්, හරකුන්, ඔටුවන් වැනි සතුන්) හා ගොවිබිම් යනාදිය පිළිබඳව මිනිසා තුල අධික ආශාවන් (ආකර්ශනයක්) ඇත. මේ සියල්ල තාවකාලිකවූ මෙලොව සැපසම්පත්ය. අල්ලාහ් ළඟ (මීට වඩා) ලස්සන (සම්පත් ඇති) නවාතැන් ඇත.˜ (අල්-කුර්ආන් 3ඃ14)
මිනිසා තම ආශාවන් හා අවශ්‍යතාවන් සපුරා ගැනීමේදී තමා විසින් තමා විනාශ නොකරගත යුතුය. එමෙන්ම ඔහු ජීවත්වන සමාජයද විනාශ නොකළ යුතුය. මේ කොන්දේසිවලට එකඟව තම ආශාවන් සපුරා ගැනීම (තෘප්තිමත්වීම) වදරක් නොවේ.
තම ආශාවන් සපුරා ගැනීමේ අරමුණින් දිවා රාත්‍රි දෙකේම මත්වී සිටීමෙන් ඔහු ඉතා ඉක්මනින් තම ශක්තීන් සියල්ල නැතිකර ගන්නේය. තම අසීමිත ආශාවන් පසුපසව දුවන්නා ප්‍රයෝජනවත් කිසිම වැඩක් කළ නොහැකි සාරය හිඳී ගිය සක්කයක් බවට පත්වන්නේය. (වියලුන ප~රැල්ලක් බවට පත් වෙයි) ඔහුගේ සිතුම් පැතුම් හා කි්‍රයාවන් සියල්ල ඒ ආශාවන් වටා කැරකෙමින් පවතී. මෙවැනි පුද්ගලයින්ගෙන් සමන්විතවූ (ගොඩ නැගුණු) සමාජයකින් කිසිම ප්‍රයොජනයක් බලාපොරොත්තු විය නොහැක.
මොවුන් තම හැකියාවන් හා ශක්තීන් නිකරුනේ නාස්තිකර ගනිති. තමන් සතු ශක්තීන් හා සම්පත් සියල්ලෙන් තම ලෞකික ආශාවන් පිරිමසා ගෙන විනෝදවීමට පමණක් සිතීම වැරදි සිතුවිල්ලකි. මිනිසාට තමා සතු ශක්තීන් හා හැකියාවන්ගෙන් කළ හැකි දෑ බොහොමය. දෙවියන් විසින් මිනිසා වෙත අසාමාන්‍ය ශක්තීන් හා හැකියාවන් ලබාදී ඇත්තේ ඒ සඳහාය. දෙවියන් විසින
ලබාදුන් මේ අසීමිත හැකියාවන් හා ශක්තීන් නිකරුනේ නාස්ති කර ගැනීම දෙවියන්ට කරන අගෞරවයක් වන්නේය.
අප ළඟ ඇති සියලූුම ශක්තීන් හැකියාවන් හා සම්පත් සල්ලාල ජීවිතයක් සදහාම යෙදවීමේදී සමාජයට අපෙන් ඉටුවිය යුතු උදාර සේවාවන් බොහෝමයක් අපෙන් මඟ හැරී යන්නේය. එය සමාජ පරිහානියට මඟ පෑදීමකි. පවුල් ජීවිතයේ භුක්ති විදිය හැකි සතුට අහිමිවී යයි. එවිට අපේ විරුද්ධවාදීන්ට (අපව ආක්‍රමණය කිරීමට) අවස්ථාව උදාවන්නේය.
මේ කරුණු මනඃකල්පිතව ගොණුකර පෙන්වූ ඒවා නොවේ. එයට මේ සමාජයේ ඕනෑතරම් සාක්ෂි තිඛෙන්නේය.

තම කාමාශාවන්ගේ තරම දකින්නට සිතාගෙන සල්ලාල ජීවිතයක් ගත කළ ප්‍රංශජාතිකයින් ජර්මනියේ ප්‍රහාරයෙන් මොහොතකින් විනාශයට පත්විය. මිනිසා තම ආශාවන්ට වහල්වී තමා විසින්ම තමාව විනාශ කර නොගැනීමටත් ඒ තුළින් සමාජයේ විනාශය සිදුවීම වළක්වා ගැනීමටත් ඉස්ලාමය වග බලාගනී.
නියත වශයෙන්ම කියතොත් ලෞකික ආශාවන්(සතුට) භුක්තිවිදීමට ඉස්ලාමය ප්‍රසිද්ධියේ ඇරයුම් කරයි.

ශ.ද්ධවූ අල්-කුර්ආනය —කියන්න, දෙවියන් තම ගැත්තන් සඳහා නිමවා ඇති අලංකාර පරිත්‍යාගයන් හා (වැදගත් ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රදානය කර ඇති) පිරිසිදුවූත් පූජනීයවූත් දේවල්වලින් තහනම් කරන්නේ කවුද?˜ (අල්-කුර්ආන් 7:32) කියා ප්‍රශ්න කරයි.

ඒවගේම තවත් වාක්‍යක —මෙලොව නුඹේ කොටස ප්‍රතික්ෂේක නොකරනු˜ යනුවෙන්ද —ඔබ සඳහා ලබාදී ඇති හොඳදේ අනුභව කරන්න, පානය කරන්න නාස්ති නොකරන්න.˜ යැයි ප්‍රකාශ කර මිනිසාට තමාගේ මොලොව අවශ්‍යතා ප්‍රතික්ෂේප නොකරන ලෙස දේශනා කරයි.
දෙවියන්ගේ අවසාන දේව දූතයාණන්වූ මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ —මෙලොව සැපසම්පත්වලින් දැඩි වශයෙන් ප්‍රිය කරන්නේ කාන්තාවන්ට හා සුවඳ විලවුන්වලටය. මගේ ඇස්වලට සිසිල ගෙන දෙන්නේ සලාතයයි.˜ යනුවෙන් ප්‍රකාශ කළහ.
මෙහිදී මිනිසා තුල ඇති කාමුක හැඟීම සුවඳවිලවුන්වලට උපමා කර ඇත. ඒ සමගම එම හැඟීම් සීමාව ඉක්මවා ගොස් අනතුරුදායක වීම වැළැක්වීමට සලාතය මගින් වැටක් තනා ඇත. සලාතය වනාහි දෙවියන්ට සමීප විය හැකිවූද, දේවාශිර්වාදය ලබාගත හැකිවූද වැදගත් මාධ්‍යයකි.
එක් අවස්ථාවක දේවදූතයාණන් තම මිත්‍රවරුන් අමතා —මිනිසෙක් තම බිරිඳ සමග අඹුසැමියන් ලෙස (සංසර්ගයේ) හැසිරීමේදීත් අල්ලාහ්ගෙන් කුසල් හිමි කර ගනී˜ යනුවෙන් පැවසූහ. මෙය ඇසූ මිත්‍රවරු යමෙක් තම බිරිඳ සමග සංසර්ගයේ යෙදීමටත් (ආශාවන් සංසිදුවා ගැනීමටත්) පින් ලැඛෙනවාද යනුවෙන් ප්‍රශ්න කළහ. එවිට එතුමාණෝ —යමෙක් තම ආශාවන් වැරදි මාර්ගයකින් සංසිදුවා ගැනීම පාපයක් නොවන්නේද? යනුවෙන් පිළිතුරු දුන්හ. (මුස්ලිම්).
ඉහත දක්වා ඇති දේව වාක්‍ය හා දේව දූතයාණන්ගේ කියමන් දෙස බලන විට මිනිසාගේ ස්වභාවික ආශාවන් හා හැඟීම් වළලා දැමීමක් හෝ මර්ධනය කිරීමක් ගැන කථා කිරීමට ඉස්ලාමයේ කොහෙත්ම ඉඩක් නැති බව හොඳින් පැහැදිළීවන්නේය. එමනිසා තරුණයින් තමන්තුල ඇතිවන —කාමාශාව˜ පිළිකුල් ලෙස හෙලා නොදකින්න. ඒවා වළලා දැමිය යුතු හො මැඩලිය යුතු හැඟීම් ලෙසද නොහිතන්න. තම හැඟීම්(ආශාවන්) සංසිදුවා ගැනීමට (සදාචාරාත්මක) නිසි මඟක් තෝරා ගන්නා තෙක් ඉවසීමෙන් සිටින්න.
—ෆ්‍රොයිඩ්˜ මහතාගේ මතය අනුවත් ආශාවන් සංසිදුවාගැනීම තාවකාලිකව නැවැත්වීම ආශාවන් වළලා දැමීමක් හෝ මර්ධනය කිරීමක් ලෙස නොසැලකේ. කාමාශාවන් තාවකාලිකව ප්‍රමාදකිරීම නිසා නහර දුර්වලවීමක් හෝ මානසික ආරවුල් හෝ ඇතිවන්නේ නැත. ඒවා මර්ධනය හෝ වළලා දැමීම නිසා නහර දුර්වලාතාවලට හා මානසික රෝගවලට මුහුණු පෑමට සිදුවිය හැක.
විවාහ වනතෙක් ලිංගික ඇසුරෙන් වැළකී සිටින ලෙස කීම මෙලොව සැපසම්පත් අත්හැර දමන්නැයි කීමක්(නියෝගයක්) නොවන්නේය. තමාව පාලනය කරගත නොහැකි පුද්ගලයෙකුට තම පෞර්ෂවය හා අභිමානය රැකගත නොහැක. මෙය සනාථකර පෙන්වීමට අවශ්‍ය අප්‍රමාණ සාධක ඉතිහාසය තුලින් දැකිය හැක.
දුක ඉවසා ගැනීමටත්, ප්‍රීතිය තාවකාලකව කල් දැමීමටත් තම ජනතාව දැනුවත් නොකරන, ඕනෑම රටකට ජාත්‍යන්තර මට්ටමේ ආරවුලක් උද්ගතවුවහොත් ඉන් ජය ගැනීම අපහසු වන්නේය. ඉස්ලාම් ආගමේ අනිවාර්‍යය වගකීමක් වන උපවාස ශීලයේ එක් අරමුණක් වන්නේ ජනතාවට මෙම පුහුණුව ලබාදීමයි.
බඩගින්න, පිපාසය නොසංසිදුවා මිනිසා විසින් භුක්ති විඳිය යුතු ආශාවන්ගෙන් ඔහු ඈත්කර තබන උපවාසය අවශ්‍යමද? පැහැදිළි අරමුණක් හෝ යතාර්ථයක් හෝ නොමැති මෙම උපවාසය ආගමකින් නියම කළ පමණින්ම පිළිගත යුතුද? මෙසේ උපවාසය පිළිබඳව ඇනුම්පද කීම සමහරු සාමාන්‍ය පුරුද්දක් කරගෙන සිටිති.
මේ අයට අප විශේෂයෙන් කිවයුත්තක් ඇත. තමා තුල ඇති ආශාවන් පාලනය කළ නොහැකි මිනිසාත් මනුෂ්‍යයෙක්ද? තම ආශාවන් පැය කීපයකටවත් පාලනය කර ගත නොහැකි මිනිසෙකුට මේ ලෝකයේ වැදගත් යමක් කළ හැකිද? තත්ත්වය මෙසේ පවතී නම් අද ලෝකය පුරා හිස ඔසවා ඇති අපරාධ රැල්ල ඉදිරියේ විරුද්ධව සටන්කිරීමට අපට කෙසේ හැකි වෙයිද?
මේ ලෝකයේ යම් ප්‍රයෝජනවත් වැඩක් කිරීමට අවශ්‍ය නම් සුළු වශයෙන් වත් පරිත්‍යාගශීලී විය යුතුය. පරිත්‍යාගයට ප්‍රථම පැයකීපයක් ඉවසා සිටීමේ මානසිකත්වයක් හෝ අවශ්‍ය වන්නේය. එහෙයින් ආශාවන් පාලනය කිරීම පිළිබඳව පුහුණුවක් සෑම පුද්ගලයකුට අනිවාර්යයෙන් තිබිය යුතුය.

නැගෙනහිර මුස්ලිම් රාජ්‍යවල කොමියුනිස්ට් වාදය ප්‍රචාරය කරන අය ඉස්ලාමය අනිවාර්‍යය කර ඇති උපවාසය මෙන්ම ඒ හා සමාන ස්වපාලනය (ආත්ම දමනය)ට සම්බන්ධ කරුණු හෙලා දකිති. එහෙත් එම කොමියුනිස්ට් වාදීන් ස්ටර්ලින් විසින් පමුණුවන ලද සියලුම වධහිංසා ඉවසාගත්හ. ඔවුන් තම ආශාවන් හා අවශ්‍යතා පාලනය කර ගැනීමට පුහුණුවක් ලබා නොසිටියා නම් පැසිස්ට් වාදීන්ගේ ඒ වධහිංසා ඉවසා දරා සිටිය නොහැක.
සම්පූර්ණයෙන් කොමියුනිස්ට් පාලනයක් පවතින රටක ඔවුන් පනවන නියෝගයන් පිළිගෙන තමන්ගේ සියලුම ආශාවන් පාලනය කර ගැනීමට, එහි තුල සිටින ජනතාව (විශේෂයෙන් කොමියුනිස්ට්වාදීන්) සූදානම්ය. එහෙත් එවැනි රාජ්‍යයක් නිර්මාණය කිරීමට මුල් වූ මිනිසාව මැවූ දෙවියන් විසින් එම පාලනයම නියම කළ විට අයියෝ..  කියමින් විලාප නැංවීම මහත් සිත්තැවුලට හා පුදුමයට කරුණක් වන්නේය.
ආගම තමාගේ අනුගාමිකයින්ගේ ජීවිතයේ රසාශ්වාදය නැති කරන අතර —පාපය˜ නමැති බිය ආගම් විශ්වාස කරන්නවුන්ගේ සිත් තුලට ඇතුල් වෙයි. මෙවැනි චෝදනාවක්ද ආගම් වෙත එල්ල කෙරෙයි. එම චෝදනාව ඉස්ලාමයට නොගැලපෙන්නේය. හේතුව ඉස්ලාමය පාපයට වඩා පව්සමාව ගැන බහුලව දේශනා කරයි.
ඉස්ලාමයේ මතය අනුව පාපය යනු මිනිසාගේ උත්පත්තියේ සිට ඔහු සමග වැඩෙන දෙයක් නොවේ. මුල්ම මිනිසාවූ ආදම්(අලෙයිහිස් සලාම්)තුමා කළ වැරැද්ද මුළු මහත් මානව වර්ගයාම වෙලාගත්තා නොවේ. ආදම් (අලෙයිහිස් සලාම්) තුමා වැරුද්දක් කළද එය පවක් බව දැනගත් වහාම පව් සමාව ඉල්ලා දෙවියන්ගෙන් ආයාචනා කළහ. අසීමිත දයාන්විතවූද අපරිමිත කරුණාවන්තවූද දෙවියන් වහන්සේ විසින් එතුමාට සමාව දෙන ලදී.
පසුව ආදම් (අලෙයිහිස් සලාම්) තම දෙවියන්ගෙන් වචන කීපයක් ඉගෙන ගත්තේය (ඔහු එම වචනවලින්ම ප්‍රාර්ථනා කරමින් කල් යැවීය) ඒ නිසා ඔහු(අල්ලාහ්) ඔහුට සමාව දුන්නේය…..˜ (අල්-කුර්ආන් 2:27).
ආදම් තුමාගේ පව් සමාව සිදුවූයේ කිසියම් සම්ප්‍රදායක් අනුව නොව අසීමිත දයාන්විතවූ අල්ලාහ්ගේ කාරුණිකත්වය මතය. ආදම් (අලෙයිහිස් සලාම්) තුමා තම වැරැද්ද ගැන පසුතැවිලිවී වැරැද්දෙන් මිදී, දෙවියන් ඉදිරියේ කන්නලව් කළ විට සමාව ලැබුනු අතර ඒ අයුරින්ම ආදම්තුමාගේ දරුපරම්පරාවවූ සමස්ථලෝක ප්‍රජාවද, තමන් කළ වැරදි ගැන පසුතැවිලි වී නැවත තමන් වැරදි නොකරන බවට පොරොන්දු වී සර්වබලධාරී හා මහා කාරුණිකවූ දෙවියන් ඉදිරියේ පව් සමාව අයැද සිටින්නේ නම් සත්‍යවශයෙන්ම සමාව ලබන්නෝමය.
මිනිසාගේ ස්වභාවය, ශක්තිය හා දුර්වලතා දෙවියන් වහන්සේ හොදින් දන්නේය. එහෙයින් ඔහුට ඉසිලිය නොහැකි කිසිම බරක් ඔහු මත පැටවීම දෙවියන් විසින් නොකරන්නේය.
අල්ලාහ් කිසිම ජීවියෙකුගෙන් ඔහුගේ හැකියාවට වැඩි යමක් බලා පොරොත්තු නොවෙයි.˜ (අල්-කුර්ආන් 2:286).
මිනිසුන් කා අතිනුත් වැරදි සිදුවිය හැක. මිනිසා වැරද්දට යොමුවීමේ ස්වභාවයෙන් යුක්තය. වැරදිකරන්නවුන්ගෙන් ශ්‍රේෂ්ඨයින් වන්නේ ඒ ගැන පසුතැවිල්ලෙන් තම වැරදිවලින් මිදී යහපත් අතට හැරෙන අයයි. යන්න දේවදූතයාණන්ගේ රුවන් වැකියකි.
මහා කාරුණිකවූ අල්ලාහ් තම කරුණාවේ මහිමය හා සමාව ලබාදීමේ උත්තරීතර ගූණය පිළිබඳව අල්-කුර්ආනයේ ඛෙහෝ තැන්වල සඳහන් කරයි. ඉන් සමහරක් මෙසේය.
නුඹේ පරමාධිපතිගේ සමාවටත් අහස් හා පොළොව තරම් විශාලවූ ස්වර්ගයටත් යුහුසුළුවන්න. එය බියබැතිමත් අය වෙනුවෙන් සූදානම් කර ලැබ ඇත.
ඔවුන් වස්තුව ඇති අවස්ථාවේත් නැති අවස්ථාවේත් දන් දෙති. කෝපය පාලනය කර ගනිති. මිනිසුන් අතින් සිදුවන වැරදිවලට සමාව දෙති. අල්ලාහ් (මෙවැනි) සුදනන්ව පි්‍රය කරයි.
ඔවූහු යම් ලැජ්ජා සහගත ක්‍රියාවක් කළ විටත්, කුමක් හෝ පාපයක් කිරීමෙන් තමන් විසින් තමන්ටම හානියක් කරගත් අවස්ථාවලදීත්, වහාම අල්ලාහ් ගැන සිතමින් තම පව්සමා කරන මෙන් අල්ලාහ්ගෙන් අයැද (කන්නලව් කර) සිටිති (අල්ලාහ්ද ඔවුන් හට සමාවදෙන්නේය) අල්ලාහ් හැර වෙන කවරෙකු ඔවුන්ගේ පව් කමා කරයිද? ඔවූහු කළ ක්‍රියාව වරදක් බව අවබෝධ කරගත්තේ නම් නැවත එම ක්‍රියාවෙහි නිරත නොවන්නෝය. වහාම එම ක්‍රියාවෙන් මිදෙන්නෝය. මෙවන් අයට ලැඛෙන ප්‍රතිඵලය නම් දෙවියන්ගේ සමාව හිමිවීමත්, සදාකාලිකව ජලධාරාවන් ගලා බසින ස්වර්ගය හිමිවීමත් වන්නේය. ඔවූහු සදාකාලකිව එහි රැෙඳන්නෝය. යහපත් ක්‍රියා කරන අයට් ප්‍රතිඵලයද යහපත් වන්නේය.
˜ (3:133-136).
මේ දේව වාක්‍ය වරක් අවධානයෙන් යුතුව බැලුවොත් දෙවියන් වහන්සේ කෙතරම් කරුණාවන්තදැයි තේරුම් ගත හැක. ඔහු පව් සමාකිරීම පමණක් නොව මිනිසුන්ව උත්තරීතර තත්ත්වයට පත් කරවන්නේය. මෙතරම් කාරුණිකවූ දෙවියන් ගැන හදවතට එකඟව අවබෝධ කරගත් පසු, එම හදවතේ ඔහු ගැන සැකයක් පහළ වෙයිද? මිනිසා කළ වැරැද්ද ගැන පසුතැවිලිවී එම වැරැද්ද නැවත නොකරන චේතනාවෙන් යුතුව පව් සමාව අයැද සිටීනම් ඒ මහා ශ්‍රේෂ්ඨයාණන් විසින් සමාව ලබා දෙන්නේය.
සත්‍යය මෙසේ තිබියදී එක් වරදක් මිනිසාව පරම්පරා ගණනාවක් තිස්සේ වෙලාගෙන තිඛෙන්නේ කෙසේද? පාපය යනු පරම්පරාවෙන් හිමිවන්නක් නොවන බව සනාථ කිරීම සඳහා වෙනත් හේතු සාධක පෙන්වීම අවශ්‍ය වන්නේ නැත. එහෙත් මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන්ගේ රුවන්වැකිවලින් එකක් මතුකර පෙන්වීම සුදුසු යැයි හැෙඟ්.
—මාගේ ප්‍රාණය කවුරුන් අතේ තිඛෙන්නේද එම දෙවියන් මත දිවුරා කියමි. නුඹලා පාපය නොහදුනන (කිසිම පවක් නොකරන) පිරිසක්වූයේ නම් නුඹලා තුරන්කර පව්කරන වෙනත් පිරිසක් මෙහි එවන්නේය. ඒ අයට පව් සමාවද ලබා දෙන්නේය.˜
පව් කළ මිනිසා පව් සමාවේ යෙදීම දෙවියන්ට ප්‍රියමනාප ක්‍රියාවක් ලෙස සලකන බව මෙයින් පැහැදිළිව සනාථ වන්නේය.
—නුඹ (මෙසේ) අල්ලාහ් ගැන විශ්වාසකර ඔහුට ස්තූති කරමින් සිටින්නේ නම් නුඹලාට ද~ුවම් කිරීමෙන් ඇතිවෙන ලාභය කුමක්ද? අල්ලාහ් කළගුණ හොඳින් හදුනයි සියල්ල මැනවින් දනියි˜ (4:147).
ඔව්, දෙවියන් වහන්සේ ඔහුගේ අපරිමිත කරුණාවත්, පව් සමාවත් අපමණව ලබාදීමට සූදානම්ව සිටියදී, ජනතාවට දුක්දීමෙන් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?
අල්හම්දුලිල්ලාහ්. (සියලූ ප්‍රශංසා අල්ලාහ් සතුය.)
www.yayuthumaga.com

හිජාබ් -ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද?

අපගේ සමාජය තුළ කාන්තාවන් වෙන්කර, පිරිමින් මෙන් නිදහසේ සැරිසරන්න ඉඩ නොදී, ෆර්දා (හිජාබ්) නමැති ලෝගුව තුල වසා කාන්තාවන්ගේ නිදහස ඉස්ලාමය පැහැරගෙන ඇතැයි ඉස්ලාමය පිළිබඳ නිසි අවබෝධයක් නැති අය හා කාන්තා නිදහස ගැන කතා කරන අය ඉස්ලාමය වෙත චෝදනා කරති. මෙය නිවැරුදි ද? සත්‍ය වශයෙන්ම කාන්තාවන් මෙම ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද? එය ඔවුන්ගේ දියුණුවට බාධාවක් වන්නේද? යන්න සිතා බැලීම අපගේ යුතුකමක් වන්නේය.

හිජාබය තහනම් කිරීමට විරුද්ධව ප්‍ර0ශයේ මුස්ලිම් කාන්තාවන් උද්ඝෝශනය

හිජාබය තහනම් කිරීමට විරුද්ධව ප්‍ර0ශයේ මුස්ලිම් කාන්තාවන් උද්ඝෝශනය

හිජාබය තහනම් කිරීමට විරුද්ධව ප්‍ර0ශයේ මුස්ලිම් කාන්තාවන් උද්ඝෝශනය

ෆර්දා යන්නෙහි අරාබි වචනය හිජාබ් යන්නය. යම් දෙයකින් වසාගන්නේද එයට හිජාබ් යනුවෙන් හැඳින්වෙයි.

කාන්තාවන් ඇඟ පසඟ වැසෙන අන්දමේ ඇඳුමකින් තමන්ව වසාගත යුතු බව ඉස්ලාමය නියෝග කර ඇත.

ඕනෑම අවස්ථාවක යම් දෙයක් වසා තබන්නේ නම් එය සුරක්ෂිතව තිඛෙන්නේය. යම් දෙයක් ආරක්ෂාකර, එහි නිකැළැල් බව රැකගනු ලබන්නේද එම භාණ්ඩය (හෝ වස්තුව) උසස් දෙයක් ලෙස ජනයා පිළිගන්නේය. මේ ආකාරයෙන්ම කාන්තාවන්ගේ නිකැළැල් භාවය හා උසස්භාවය රැකගැනීමේ උත්තරීතර අරමුණින් ඉස්ලාමය කාන්තාවන්ට තමන්ව ආවරණය කරගන්නා ලෙස නියමකර ඇති බව පහත සදහන් කුර්ආන් පාඨය මඟින් තේරුම් ගත හැක.

නබිතුමනි,, ඔබ ඔබේ භාර්්‍යාවන්ටත්, ඔබේ ගැහැණු දරුවන්ටත් විශ්වාස වන්තයින්ගේ කාන්තාවන්ටත් ඔවුන්ගේ වස්ත්‍රයෙන් කය වසාගන්නා ලෙස පවසන්න. ඔවුන් අභිමානවත් අය ලෙස සලකා ඔවුන්ට බාහිර අතරවලට මුහුණ නොපා සිටීමට මෙය පහසු මඟක් වන්නේය. අල්ලාහ් අති ක්ෂමාශීලී, මහා කාරුණිකය.˜ (අල්-කුර්ආන් 33: 59).

hijab_2.jpg

ඉහත කුර්ආන් පාඨය ගැන ඉතා ගැඹුරින් අවධානය යොමුකර, අද කාන්තාවන්ට අත්වී තිඛෙන ඉරණම හා දුක් ගැහැට ගැන සිතුවොත් හිජාබයේ වැදගත්කම මනාව අවබෝධ වන්නේය. අද සමාජයේ කාන්තාවන් පිරිමින්ගේ කෙලි බඩුවක් හා ඔවුන්ගේ සමච්චලයට ලක්වූ පිරිසක් බවට පත්වී ඇති බව දකින්නෙමු. අසභ්‍ය කාව්‍යයන්, චිත්‍ර, ඡායාරූප හා සිනමාව මිනිසා තුල ඇති කාමුකත්වය අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට හේතුවන අතර ඔවුන්ගේ ගොදුර වන්නේ කාන්තාවයි.

කාන්තාවන් වැඩපල කිරීම, පොදු වාහනවල ගමන් බිමන් යාම පොදු ස්ථානවල රැස්වීම, අවශ්‍යතාවකට මහ මගේ ගමන් කිරීම යනාදිය කිසිවක් ඉස්ලාමය තහනම් කර නැත. එහෙත් අන්‍ය පිරිමින්, ගැවෙසෙන විටත්, ඇසුරු කිරීමට සිදුවේ නම් එවැනි අවස්ථාවල තමන්ගේ ආරක්ෂාව පිණිස හිජාබය සහිතව යායුතු බව ඉස්ලාමය කියයි. එසේ සහභාගිවීමෙන් (කටයුතු කිරීමෙන්) ඔවුන් වැදගත් පිරිසක්සේ සැළකෙන අතර වෙනත් අතවර හා හිරිහැර කිසිවක් සිදු නොවන්නේය. මේ කනගාටුදායක තත්ත්වයෙන් කාන්තාවන් මුදවා ගැනීම ඉස්ලාමයේ අරමුණ වන්නේය.

මෙපමණක් නොවේ අද කාන්තාවක් නිවසින් බැහැරවී පාරේ ගමන් කරන විටත් සේවාස්ථානවලත් බස්, දුම්රිය, ගුවන් ආදි නැවතුම් පළවලත් රැඳී සිටිනුයේ නිතර සිතේ චකිතයක් ඇතුවය. කා අතින් හෝ තමන්ට අතවරයක් සිදුවෙයි යන බිය ඈ තුල නිතර පවතියි. මෙය නිවසෙන් පිටව ගිය කාන්තාවට පමණක් නොව නිවසේ සිටින අයටද තම නිවසෙන් පිටව ගිය කාන්තාව ගැන බියක් පවතියි. මේ සියල්ලට හේතුවන්නේ ඇයගේ ඇඟ පසඟ වැසෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා නොකිරීමයි.

ඉහත සදහන් කළ අදහස්වලට සවන් දෙන අය ආපසු අපෙන් මෙලෙස ප්‍රශ්න කරති. හිජාබ් වැස්ම ඇන්දවිටත් ඉහත දැක්වූ කරදර කිසිවකට මුහුණ පාන්නට සිදු නොවේ යැයි සහතිකව කිව හැකිද? නරක පුරුදු ඇති පුද්ගලයා හිජාබ් ඇන්දත් නැතත් කාන්තාවන්ට අතවර නොකරන්නේද?

අප ඔවුන්ට දෙන පිළිතුර ගැන අවධානයෙන් බලන්න. හිජාබ් අඳින්නේ නම් සත්‍ය වශයෙන්ම මේ තත්ත්වය උදා නොවේ යැයි සහතිකව කිවහැක. ඒත් එක් දෙයක් ගැන සැළකිල්ල යොමු කළ යුතුය. කාන්තාවගේ හැඟීම් හා පිරිමියාගේ හැඟීම් අතර වෙනසක් ඇත. කාන්තාවන් ස්පර්ශය තුලින් හැඟම්බර වන අතර පිරිමින් සිය දෑසට හමුවන ආකර්ශණීය දර්ශණ තුලින් හැඟම්බර වෙයි. මෙය විද්‍යාත්මකව සොයාගත් සත්‍යයකි.

සත්‍ය මෙසේ තිබියදී පිරිමියාගේ නෙත් සිත් ඇදගන්නා අයුරින් ඇඳ පැළඳ පිරිමින්ගේ හැඟීම් ඇවිස්සීමට සැළසීම ඇයගෙන් සිදුවන්නේය. නරක ගති පැවතුම් ඇති පුද්ගලයා හිජාබ් ඇන්දත් අතවර කරන්නේ යැයි ඇසූවොත් කවුරුන් නිසා ඔහු ඒ තත්ත්වයට පත්වුණේද යන්න සළකා බැලිය යුතුය. එය හිජාබ් නොඅඳින කාන්තාවන් නිසා ඇතිවී තිඛෙන තත්ත්වයකි. හිජාබ් නොඅඳින, ආකර්ශනීය ලෙස හැඳ පැළඳ යන කාන්තාවක් හමුවේ හැඟම්බර වුණු පුද්ගලයෙකු අතින් හිජාබ් අඳින කාන්තාවක් වුවද අතවරයට ලක්විය හැක. එයට මුල්වූයේ ඔහු කළින් ඇතිකර ගත් නරක පුරද්ද වන්නේය.

මෙතරම් දුරට පිරිමියෙකු පිරිහීමටත් ඔහුට යහපත් ජීවිතයක් අහිමි වීමටත් හේතුවූයේ තම ඇඟ පසඟ ප්‍රසිද්ධියේ පෙන්වමින් සැරිසරණ කාන්තාවන් බව නොරහසකි. එහෙයින් මේ ලොකයේ හැම කාන්තාවක්ම සංවරව තම ඇඳුම් පැළදුම් සකස්කර ගැනීමට උනන්දුවන්නේ නම් කාන්තාවන්ගේ ආරක්ෂාව තර වන අතර, අතවර හා දූෂණවලින් මිදී ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අභිමානයෙන් යුතුව ජීවත්වීමට මඟ පෑදෙන්නේය.

මෙසේ හිජාබ් ඇදුමෙන් සැරසී යන කාන්තාවන් සැළකිය යුතු තවත් වැදගත් කරුණක් ඇත. තමන් හිජාබය ඇදගෙන සුරක්ෂිතව ගමන් කරන බව පැවසුවත් සුවඳ විලවුන් හා තොල් නිය ආදියද ඇහිබැම්ද වර්ණවත් කරමින් යකඩ ඉදිරියෙන් කාන්දම් තබන්නාසේ සැරිසැරුවොත් හිජාබයේ අරමුණද සුනුවිසුනුවී යන්නේය. හිජාබය අඳින කාන්තාවට තම මුහුණ හා මැණික් කටුවෙන් පහල අත්දෙක පෙන්විය හැක. එහෙත් පිරිමින් ආකර්ශණය කරගන්නා දේවල්වලින් වැළකිය යුතුය. ඒ ගැන අල්-කුර්ආනය කරන ප්‍රකාශය කුමක්දැයි බලමු.

විශ්වාසවන්ත කාන්තාවන්ටත් මෙසේ කියන්න. ඔවුන් තම බැල්ම පහත් කරගත යුතුය. ඔවුන්ගේ රහසඟ (විලි)ද වසාගත යුතුය. පිටත පෙනෙන අංග හැර˜ (තමා සතු අනෙක් රූපාලංකාරයන් කිසිවක් නොපෙන්විය යුතුය) (අල්-කුර්ආන් 24:31).

හිජාබයට විරුද්ධත්වය දක්වන්නන් තවත් බොරු හේතුවක් දක්වමින්, වැඩ කරන කාන්තාවන්ට හිජාබය මහත් හිරිහැරයක් බව කියති. මොවුන් කියන ආකාරයට වැඩකරන කාන්තාවන්ට හිජාබය හිරිහැරයක් නම් ඉස්ලාමීය රාජ්‍යයන්හි කාන්තාවන් වැඩකරන්නේ කෙසේද? අපේ රටේ පවා බොහා් කාන්තාවන් වෙළඳීයන්, කම්කරුවන්, ගුරුවරියන්, ප්‍රචාරක වරියන්, ලේඛිකාවන්, පාලිකාවන්, වෛද්‍යවරියන් හා හෙදියන් වශයෙන්්ද තවත් විවිධ සේවාවන් හා වැඩවල යෙදෙන්නෝය. මොවුන් වැඩ කරන්නේ කෙසේද? ක්‍රිස්තියානි කාන්තාවන් කන්‍යා සොයුරියන් නමින් ජීවිත කාලය තුලම හිජාබය ඇඳගෙන සෑම වැඩක්ම (සේවාවන්හිම) යෙදෙන්නෝය. මේ හිජාබය ඔවුන්ට පහසු වන්නේ කෙසේද? වසර 1400 කට පෙර නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා හා මිත්‍රවරුන් සහභාගිවූ බොහෝ සටන්වලදී තුවාල ලැබූ සෙබලූන්ට ප්‍රථමාධාර හා ප්‍රතිකාර ලබාදීම සදහා එතුමාගේ භාර්යාවන් හා මිත්‍රවරුන්ගේ භාර්යාවන් සම්පූර්ණ හිජාබය ඇඳගෙන හෙදියන් වශයෙන් සේවයේ යෙදුන බව මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතුව ඇත.

වැසි කාලයට වැස්ස තදින් වසින විට තෙමීමෙන් නොයෙක් ලෙඩ රෝගවලට මුහුණ දීමෙන් ආරක්ෂාවීම සදහා අතේ කොතරම් බරට බඩු තිබුනත් කුඩයක් ඉහලාගෙන හැම දුෂ්කරතාවක්ම විඳ දරාගෙන තමා වැස්සෙන් ආරක්ෂා කරගන්න දරන උත්සාහය මෙන් හිජාබයත් බොහෝ පිරිමින්ගේ ඇස්වලින් තම අඟ පසඟ (නොපෙනී) වසාගෙන, භයානක රෝගයක්වූ දූෂණය හා අපචාරවලින් අපව ආරක්ෂා කරගන්නා පලිහක් ලෙස සළකා එය අපේ ජීවිතයට ළංකර ගන්නේ නම් සමාජයේ සදාචාරාත්මක පැවැත්මට මඟ පෑදෙන්නේය.

ලිංගික අපචාර හා බාල අපචාර පිළිබඳව කොතරම් යෝජනා හා අණපනත් පාර්ලිමේන්තුවේ සම්මත කළත් දිනපතා ඒවා වර්ධනය වීමක් හැර මර්ධනයක් හෝ අඩුවීමක් හෝ පෙනෙන්න නැත. කාන්තාවන් ඉස්ලාමය හඳුන්වා දෙන මෙම හිජාබය ඇඳ ගැනීමට පෙරට එන්නේ නම් මෙවැනි පිළිකුල් සහගත තත්ත්වයෙන් සම්පූර්ණයෙන් මිදීමට හැකිවන්නේය. අපරාධ ගැන බියෙන් තොරව කාන්තාවන්ට නිදහසේ තම වැඩ කටයුතු සඳහා නිවසින් පිටවිය හැකිය.