Tag Archives: islam

මානව හිතවාදී ඉස්ලාමයෙන් බිහිවූ සදාචාරාත්මක සැලැස්ම

ඉස්ලාම් හී මානව හිත සුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. යථෝක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා නීත්‍යානුකූල රැකවරණය පමණක් නොව ඵලදායි සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාමය ඉදිරිපත් කරයි. මෙසේ පෞද්ගලික හා පොදු යහපත පිණිස සිදු කරන්නා වූ සියල්ලක්ම සදාචාරාත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් කෙරේ දක්වන භක්තියට අතිශය වැදගත්කමක් හිමිකර දෙන ඉස්ලාමය ගතානුගතිකත්වයට වහල්ව සිටීමේ ක්‍රියාවට එරෙහිව අනතුරු හඟවයි.

පෙරදිගට හෝ බටහිරට මුහුණ හැරවීම ශීලයක් නොවේ. ශීලය වන්නේ අල්ලාහ්, කියාමත් දවස (ලොව අවසන් දිනය) හා මලාධිකාවරු ආගම් හා නබිවරුන් කෙරේ විශ්වාසය පිහිටුවීම, අල්ලාහ් කෙරේ ස්නේහයෙන් ලේ ඥාතීන්, අනාථයින් දිළින්දන්, මගීන් හා යාචකයින් වෙනුවෙන් ස්වකීය වස්තුවෙන් විය පැහැදම් කිරීම, වහලුන් නිදහස් කරවීම, අදාළ වතාවත් කිරීම සකාත් ගෙවීම පොරොන්දු ඉටුකිරීම හා දුක් පීඩා හිදී ඉවසා සිටීම යනාදියයි. මෙවැන්නෝ සැදැහැවත්හු වෙති. මෙවැන්නෝ අල්ලාහ්ට බිය ගැත්තෝ වෙති.

(අල්කුරානය 2:177)

ඉස්ලාමයට අනුව මිනිසා විනයානුකූ®ල ධර්ම පිළිපැදිය යුතු අතරම අල්ලාහ්ට හා හුදී ජනතාවට සෙනෙහෙවන්ත වීමෙහිලා නිරතුරු සැළකිළිමත් විය යුතුය. මෙහිලා අවශ්‍යතා සතරක් ඉදිරිපත් කෙර්.

1. අපේ ඊමාන් භක්තිව අව්‍යාජ විය යුතුය. අවංක විය යුතුය.

2. සහෝදර ජනතාව වෙනුවෙන් දාන පරිත්‍යාග කළ යුතුය.

3. සමාජ සංවිධාන යනාදියට ඇප උපකාර කරමින් හොඳ පුරවැසියන් විය යුතුය.

4. සෑම විටකම සෑම මොහොතකම චිත්ත ස්ථාවරත්වය පවත්වා ගත යුතුය.

කිසියම් හැසිරීමක් කල් ක්‍රියාවක් යහපත් හෝ අයහපත් යැයි තීරණය කෙරෙන්නේ ඉහත කී කරුණු පදනම් කර ගනිමිනි. සෑම සදාචාරාත්මක පැවැත්මක්ම මෙකී විනිශ්චය ක්‍රමය වටා භ්‍රමණය වේ.

මිනිසකු කෙරෙහි සදාචාරාත්මක අණපනත් පැනවීමට පෙරාතුව ඔහුගේ සෑම කටයුත්තක් ක්‍රියාවක්ම මෙන්ම සෑම තැනකදීම සෑම මොහොතකදීම අල්ලාහ් ඔහු දෙස ඥෂ්ටිය හෙලමින් සිටින බව මුලු ලෝකයෙන්ම සැඟවුවත් අල්ලාහ්ගෙන් සැඟවිය නොහැකි බව අන් සියල්ල මුලාවට පත්කළත් අල්ලාහ් මුලා කිරීමට නොහැකි බව, කවරකුගේ ග්‍රහහණයෙන් මිදුනත් අල්ලාහ්ගේ ග්‍රහණයෙන් මිදිය නොහැකි බව යනාදිය මිනිසාගේ සිතෙහි තහවුරු කිරීමට ඉස්ලාමය වෙර දරයි.

මෙසේ අල්ලාහ්ගේ ප්‍රසාදයට ඉවහල් වූ දේ මිනිස් ජීවිතයක පරමාර්ථය විය යුතු බව නිර්ණය කොට සදාචාරාත්මක වශයෙන් වූ උසස් තත්ත්වය ද ඉස්ලාමය මගින් සලසා දෙනු ලැබේ. මානව සදාචාරාත්මක සංවර්ධයෙහි අසීමිත අගයන් ඇති කිරීමෙහිලා මෙය ඉවහල් වේ. දිව්‍යමය හෙළිකිරීම් (‘වහී) යනු ඥානයේ මූලහරය වශයෙන් සළකා මේ සදාචාරාත්මක තතත්ත්වයට නොසැලෙන ස්ථාවරත්වයක් ලබා දෙයි.

සාධාරණ හෝ හේතු සහගත ලෙස චර්යාවේ හැඩ ගැස්වීම් අභාසය කිරීම සහ වෙනස් කිරීම් කරගත හැක. එහෙත් හිතාමතා සිදු කරන වරදක් වශයෙන් බැරෑරුම් වෙනස් කිරීමක් හෝ සදාචාරව ලිහිල් කරවීමක් හෝ පවතින අඛණ්ඩ භාවය කඩකිරීමක් වශයෙන් එබඳු වෙනසක් කළ නොහැකිව අල්ලාහ් කෙරෙහි ඇල්ම සහ බිය හේතුවෙන් වූ සදාචාරයනට මේ මගින් අනුමැතිය ලැබේ. මේ නිසා බාහිර බලපෑමකින් තොරව මිනිසා සදාචාරය ඔස්සේ යවනු ලැබේ.

අල්ලාහ් සහ කියමන් දවස පිළිබඳව ඇදහිලි සහිතව ඉතා ඕනෑකමින් හා උනන්දුවත් අවංකව මෙන්ම හෘදයාංගමව සදාචාරාත්මක පැවැතුම් සකසා ගනු පිනිස මිනිසාට හැකියාවක් ඇතිවේ. මේ සදාචාර නීතිරීතින් හා ව්‍යාජ ස්වභාවයක් නැත. අමුතු ආටෝප ද නැත. සාමාන්‍ය සදාචාර පැවැතුම් වලින් ඈත් කිරීමක්ද නැත. හේතු විරහිත ලෙස හෝ අතිශයෝක්තියෙන් කිසියම් අංශුවක් හෝ අමතක කොට හැර දමානැත. ව්‍යවහාරයේ ඇති සියලුම සදාචාර විනයන් ගැන මෙහි සළකා ඇත.

ඒ ඒ තැන් හී එකිනෙකට උචිත ලෙස පිහිටුවා ජීවන සැලැස්මක් තුල සමස්ථයක් වශයෙන් සපුරා ක්‍රියාත්මක වන අන්දමින් සැකසී ඇත. මෙමගින් මිනිසාගේ පෞද්ගලික හා සාමුහික ජීවන අරමුණු පුළුල් කරවනු ලැබේ. මිනිසාගේ ගෘහස්ත හැසිරීම්, පෘථග්ජන පැවැතුම් මෙන්ම දේශපාලනික, ආර්ථික, අධිකරණ, අධ්‍යාපනික හා සමාජයීය කටයුතුවලදී පිළිපැදිය යුතු සදාචාරාත්මක විනය ධර්මයන් ඉස්ලාමයේ මෙලෙස විග්‍රහ කර තිබේ.

ඉස්ලාමීය සදාචාරයෙන් මිනිස් ජීවිතය, නිවසත් සමාජය දක්වාත් කෑම මේසයේ සිට යුද පිටිය හා සාම සම්මේලන දක්වාත් කෙටියෙන්ම කිවහොත් තොටිල්ලේ සිට සොහොන් බිම දක්වා සකස්විය යුතු ආකාරය ඉගැන්වේ. ඉස්ලාමීය සදාචාරය තුළින් කිසිදු අංශුවක් ගිලිහී නැත. කිසිදු ක්‍ෂේත්‍රයක් මගහැරී නැත. එය අවබෝධය ද පහසුය. එමගින් ජීවිතය උතුම් පරමාර්ථ සහිතව හැඩ ගස්වා ගත හැකිය. මෙහිලා ආත්මාර්ථකාමී හෝ පහත් ලාභාපේක්‍ෂාවෙන් ගෙවන ජීවිතයකට ඉඩක් ද නැත.

හෘද සාක්ෂියට එකඟ වූ ද්වි පෙවතක් සකසා ගැනීමත් කවර අවස්ථාවක් යටතේ වුවද වරදට යොමුවීමෙන් වැලකී සිටීමටත් මිනිසා පෙළඹවීම ඉස්ලාමීය සදාචාරයේ අරමුණ වේ.

ෆවුස් මොහොමඩ්

හජ් ඉතිහාසය

ඉස්ලාමයේ පංච මහා වගකීම් වලින් පස්වැන්න හජ් වන්දනාව ඉටුකිරීමයි. හජ් යන අරාබි පදයේ අරුත “සොයා යාම” “පෙරට යාම” යන්නයි. එනම් මුල්ම සිද්ධස්ථානය වන ක:බාව සොයා යාමයි. ආර්ථිකව හා ශාරීරිකව වශයෙන් හැකියාව ඇති අය හජ් මෙහෙය සඳහා යාම අනිවාර්ය වේ. මේ පිළිබඳ අල්කුර්ආනය මෙසේ පවසයි. හැකියාව තිබෙන අය එහි ගොස් අල්ලාහ් වෙනුවෙන් හජ් වතාවන් ඉටු කිරීම අනිවාර්ය වේ. යම් කෙනෙක් ඊට පිටුපායි නම් අල්ලාහ්ට කිසිවක් අඩු නොවේ. මන්ද නියත වශයෙන්ම අල්ලාහ් අවශ්‍යතාවන් නොමැත්තෙකි.

ලොවේ නොයෙක් පෙදෙස් වල සිටි නොයෙක් භාෂාවන් හසුරුවන මිලියන ගණනක බැතිමත්හු මක්කාවේ ක:බා දේවස්ථානයේ දී එකම දිනක එකම වේලාවක චාම් ඇඳුමෙන් සැරසී එකම දිශාවකට හැරී ජාති කුල වර්ණ උස් පහත් ආදී භේදවලින් තොරව අල්ලාහ් දෙවියන් වෙනුවෙන් වාර්ෂිකව සිදු කරන මේ මහා නමස්කාරය මෙලොව ඇති විශාලම දේව මෙහෙයයි.

හජ් වන්දනය මුස්ලිම් ජනතාවගේ සහෝදරත්ව සම්බන්ධතාවය ගොඩනැඟීමේ කදිම අවස්ථාවකි. මුස්ලිම් බැතුමතුන්ගේ වගකීම වනුයේ අල්ලාහ් දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම අවනත වීමයි. එය දේශනවලට සීමා විය යුතු නැත. එය හජ් කර්තව්‍යයෙන් වඩාත් පැහැදිලිවේ.

මීට වසර දහස් ගණනකට පෙර ඉරාකයේ දේව පවුලක නබි ඉබිරාහිමි තුමා උපත ලැබීය. එකල රට පාලනය කළේ කමිරුද් නම් කෲර රජ කෙනෙකි. ඔහුට දෙවියන් ලෙස සලකා නමස්කාර වැඳුම් පිදුම් කළ යුතු යැයි මහජනයාට අණකොට තිබිණ. මෙම දුර්මතයට විරුද්ධව නැගී සිටි ඉබ්රාහිමි නබිතුමා අල්ලාහ් හැර වෙන කිසිවෙකුට නමස්කාර නොකරන ලෙස ප්‍රසිද්ධ දේශනා පැවැත්විය. මෙයින් කෝපයට පත් රජතුමා නබි තුමා ගිනිමැලයක දමා පුළුස්සන ලෙස අණකළේ ය.

රාජ අණට අනුව ගිනිමැලයට දැමීමට සූදුනම් වූ මොහොතේ දේව දූත ජිබිරිල් අෙලෙතුමා උදව් සඳහා පැමිණියේද, අල්ලාහ්ගේ අචල විශ්වාසයයෙන් නොසැලුණු මෙතුමා “දෙවියන් මා සමඟ සිටියි” යනුවෙන් පිළිතුරු දුන්හ. රාජ අණට අනුව දැමීමත් ඔහුට එය සුළං හමන උද්‍යානයක් බවට පත්ව තිබූ බව සඳහන් වේ.

තම 80 වැනි වියේදී අල්ලාහ් ආලාගේ මාර්ගයේ යෙදවීමට තමන්ට දරුවෙක් ලබා දෙන ලෙස ඔහු ඇයද සිටියේ ය. මෙම ඇයදීම පිළිගත් අල්ලාහ් තආලා ඉබ්රාහිමි නබිතුමාගේ බිරිඳ වන හාජ්රා රළි තුප්ධ ඉස්මායිල් කම් දරුවකු දායාද කළහ.

මෙසේ දින ගෙවෙද්දී දිනක් නබි තුමා සිහිනයක් දුටුවේය. එනම් වයෝ වෘද්ධ වියට පත් ලැබුණු දරුවා සහ බිරිඳ කාන්තරයේ තනිකර දමන ලෙස අණ කළ සිහිනය. මෙය අල්ලාහ්හආලාගේ ආඥාවක් ලෙස ඒකාන්තයෙන් පිළිගත් ඉබ්රාහිමි තුමා ගිනියම් වූ කාන්තාරයේ පුත් ඉස්මායිල් වහා හාෂ්රා රළිතුමියට තනිකර දමා පැමිණියේය. ආහාරයක් හෝ දිය බිඳක් නොමැති මව සහ පුතා කාන්තාරයේ මැද දිව යන්නට වූහ.

අවසානයේ දෙඅත් ඔසවා අල්ලාහ් තආලාගෙන් පිහිට පැතීය. පුදුමයක් මෙන් පුතුගේ පාමුල දිය උල්පතක් බිහිවිය. මෙයින් පිපාසය සන්සිදුවාගත් දෙදෙනා “සම් සම්” (නවතිනු නවතිනු) යනුවෙන් හඩනඟා වේගයෙන් ගලා ආ දිය පහර නතර කිරීමට උත්සාහ කළාය. මීට අවුරුදු දහස් ගණනකට පෙර මතු වූ මේ උල්පත අද පවා මක්කාවේ ලක්‍ෂ සංඛ්‍යාත ජනයා පිපාසය සංසිදුවන්නේ ඉබ්රාහිම් නබි තුමාගේ උත්තරීතර පරිත්‍යාගය නිසාය.

මේ මහා වැලිකතරේ මතුවූ ‘සම් සම්” දිය උල්පත උදාවීමත් සමඟම ජනයා එහි වාසය කිරීමට පටන් ගත්හ. කලකට පසු එය ජනාකීර්ණ මක්කා නගරය බවට පත්විය. වන්දනාකරුවන්ගේ වත් පිළිවෙත් කරන කේන්ද්‍රස්ථානය වන මෙය සාමය හා ආරක්ෂාව ලබාදෙන ස්ථානය වේ. ඈත අතීතයේ සිට අද දක්වා මෙම ස්ථානය අල්ලාහ්තආලා ආරක්ෂාකර ඇත.

අල්ලාහු වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තබා ඉදිරිපත්වූ ඉස්මායිල් නබිතුමාණන් විසින් කරන්නට යෙදුනු පරිත්‍යාගය සිහිපත් කිරීම සඳහා අද ලොව පුරා සිටින බැතිමත්හු හජ් උළෙල සමරනු ලබයි. ආගමික හා සංස්කෘතික අතින් ක:බා ස්ථානය වැදගත් වේ. ක: බා ස්ථානයට පැමිණෙන කාහටත් අල්ලාහ් දෙවියන්ගේ අසීමිත ආදරය හිමිවේ. ලෝකයේ නොයෙක් පෙදෙස් වලින් පැමිණි ජනයාගේ එකම චේතනාව ඔවුන්ගේ භක්ත්‍යාදරය සර්ව බලධාරි අල්ලාහ් දෙවියන් වහන්සේ වෙත පළකිරීම හැර වෙනත් පටු හෝ පෞද්ගලික මතාන්තර මෙහි නොවේ.

සහෝදරත්වයේ වර්ධනය සහ ‘හජ්’ උත්සවය

ලෝකයේ නන් දෙසින් මුස්ලිම්වරු සෑම වසරක්ම පාසාම මක්කාවේ එක්රැස්වීම “හජ්” සොයා යාම නමින් හැඳින්වේ. ඉස්ලාම්හි පස්වන අනිවාර්ය කටයුත්ත හජ් ඉටු කිරීම වේ. තම ජීවිත කාලයේ දී වරක් වත් මෙය ඉටු කළ යුතුයි. පහසුකම් හා ශරීර සනීපය ඇති සෑම ස්ත්‍රී පුරුෂයකුටම මෙය අනිවාර්ය යුතුකමක් වන්නේ ය. පහසුකම් හා ශරීර සෞඛ්‍ය තිබියදීත් “හජ්” වන්දනය ඉටු නොකරන්නත් යහුදියෙක් හෝ නසාරාවරයෙක් වශයෙන් මරණයට පත් වන්නේය යනුවෙන් මුහම්මද් නබි (සල්) තුමාණෝ පැවසූහ.


නබි ආදම් (අෙලෙ) තුමා මැවීමට පෙර මලාඉකාවරුන් කඞබාව ගොඩ නංවා “තවාෆ්” කළහ. නබිතුමා භූමියට බට පසු එය ප්‍රතිසංස්කරණය කර ඉටු කළේය. නබී ආදම් (අෙලෙ) තුමා පටන් සියලු නබිවරුන්, නොයෙකුත් සමාජයට අයත් වුවත් කඞබාව නරඹා හජ් ඉටු කළහ. ඉබ්‍රාහිම් (අෙලෙ) නබිතුමා හා එතුමාගේ පුත් ඉස්මායිල් (අෙලෙ) නබිතුමා යළිත් කඞබාව ඉදිකළේය. මෙය සිදුවූයේ අදට අවුරුදු දහස් ගණනාවකට පෙරය.

නොයෙකුත් දෙසින් පැමිණෙන මුස්ලිම් බැතිමතුන් අතර දුප්පතුන්, පොහොසතුන්, සේවකයන්, රාජ්‍ය පාලකයන්, ආගමික නායකයන්, උගතුන් හා නූගතුන් ආදී නොයෙකුත් අය අතරින් නානා භාෂා කතාකරන නානා වර්ණයෙන් යුත් තානා ජාතිහු එහි එක්රැස් වන්නෝය. දුප්පත්කම හා පොහොසත්කම වැනි භේදයෙන් තොරව සියල්ලෝම අල්ලාහ්ත අලාගේ වහලුන් වන බව පිළිගත්තෝය. යහපත් අන්දමට ඉටු කෙරෙන “හජ්” වන්දනාවට ස්වර්ගය හැර වෙන කිසිම වේතනයක් නැත යැයි මුහම්මද් (සල්) තුමාණෝ පැවසූහ.

එහි සුදු වස්ත්‍ර ඇඳ “හජ්” සඳහා “ඉහ්රාම්” බැද ගත්තෝය. ලෙබ්බෛක් ! අල්ලාහුම්ම ලෙබ්බෛක් !! ලා ෂාරික ලක ලෙබ්බෛක් !! එනම් මම පැමිණියෙමි මගේ් අල්ලාහ් මම පැමිණියෙමි ඔබ හා සමානවක් කිසිවෙක් නැත. අල්ලාහ් ඔබ වෙත මා පැමිණියෙමි යන එකම ශබ්දයෙන් සියලු දෙනා අල්ලාහ් තආලා අමතන්නෝ ! ඇඳුම් පැළඳුම් වලින් හෝ කුල, ගෝත්‍ර, වර්ණ වැනි කිසිම භේදයකින් තොරව සියල්ලෝම එක්රැස්ව එක මවකගේ උපන් දරුවන් මෙන් සහෝදරත්වයෙන් හා සමගි සමානත්වයෙන් “හජ්” ඉටුකරති.

“හජ්” ඉටුකරන්න ජලයේ කිලිට සෝදා හරින්නාක් මෙන් හජ්ජය පාපයන් සෝදා හරින්නේ යැයි නබි (සල්) තුමාණන් පැවසූහ. හජ් ඉටුකළ අය එදින උපන් බිළින්දන් මෙන් පව් නොකළ වුන් වන්නේය. ඔවුන්ගේ යාඥාවලින් පිළිගනු ලැබේ. හජ් වන්දනයට යන අයට නබි (සල්) තුමා තැන්පත් කොට ඇති සාමාධිය සියාරතුල්රවිලතුන් නබි දැක ගැනීම ස්තී‍්‍ර පුරුෂ දෙපක්ෂයටම හිමි වූ විශේෂ සුන්නතයක් වේ. වන්දනා කරුවෝ හජ් වලට පෙර හෝ පසු මදිනාවට ගොස් මෙම සමාධිය සියාරත් කර ගනිති.

මගේ සොහොන දැක ගන්නා අයට “ෂෆාත්” හිමි වේ යැයි මුහම්මද් නබි (සල්) තුමා පැවසූහ. තවද මගේ මරණයෙන් පසු හජ් වන්දනය නිම වී මාගේ සොහොන දැක ගැනීමට පැමිණෙන අය හා මා ජීවත්ව සිටියදී මා දැක ගැනීමට පැමිණෙන අය හා සමාන වේ. මෙවැනි උසස් තත්ත්වයන් ලැබෙන පුණ්‍ය භූමිය “හජ්” ඉටුකිරීමේ උතුම් භාග්‍යය අපටත් අල්ලාහ් සුබහානතආලා ලං කර දෙත්වා !

ආමින් !
රුසෙයික් ෆාරුක්

සමාව දීමේ වැදගත්කම

ඉස්ලාමය හා විද්‍යාව-දැනුම සෙවීම සෑම මුස්ලිමෙකුටම අනිවාර්්‍ය වේ

ඉස්ලාමය හා විද්‍යාව අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධය හුවා දැක්වීමට මුහම්මද් නබි (සල්) තුමාගේ නිරන්තර දේශණවලින් උපුටාගත් පහත සඳහන් කොටස් තරම් යෝග්‍ය වූ නිදර්ශනයන් තවත් නොතිබිය හැකියි මම සිතමි.

—දැනුම සෙවීම සෑම මුස්ලිමෙකුටම අනිවාර්්‍ය වේ˜

—ඥාණය යනු විශ්වාසවන්තයාගේ නැතිවුණු වස්තුව වේ˜.

—දැනුම සෙවීමේ මාර්ගයේ ගමන් කරන ඕනෑම අයෙකුට අල්ලාහ් විසින් ස්වර්ගයට යන මාර්ගය පහසු කරනු ඇත˜


මෙම වගන්තීන් සහ නොයෙකුත් අන්‍ය උපදේශයන් හැකි සියළුම මාර්ගවලින් දැනුම රැස්කිරීමේ හා වැඩිදියුණු කිරීමෙහි යෙදීමට මිනිසාට කෙරෙන විවෘත, සත්‍ය ආරාධනාවන් බඳුවේ. එබැවින් ඉස්ලාම් දහම සහ විද්‍යාව නිවුන් සොහොයුරියන් ලෙස දැක්වීම පුදුමයට කරුණක් නොවේ. වත්මන් යුගයේදී විද්‍යාව, විවිධ ආගම් වලින් පිටු පැනීමට නොයෙක් උත්සාහයන් දැරුවද තවමත් එය ඉස්ලාමය හා අඛණ්ඩව එකට සබැදී පවතී. තවද කුර්ආනයේ එන ඇතැම් කරුණු වඩා හොඳින් අවබෝධ කරගැනීම සඳහා නූතන විද්‍යාත්මක දත්තයන්ගෙන් ලැඛෙන සහායද සැබැවින්ම අපූරුය. විද්‍යාත්මක සත්‍යයන් තුළින් ආගමික විශ්වාසයන් බිඳ දමමින් ඒවාට මරුපහර එල්ල කරන යුගයක, විද්‍යාව මගින් අනාවරණය කරගත් නිවැරදි දත්ත ඉස්ලාමීය ග්‍රන්ථයන් හා පරීක‍ෂණයට භාජනය කිරීමෙන් මිනිසා වටහා ගනු ලැබූයේ, කුර්ආනයෙහි ඇති දිව්‍යමය පණිවිඩයෙහි විද්‍යමාන වන නිවැරදි හා සත්‍ය වූ ස්වභාවය පිළිබඳවය.


බොහෝ මිනිසුන් කියන හෝ සිතන ආකාරයට නොව, අවසාන වශයෙන් විද්‍යාත්මක දැනුම මගින් අපට පෙන්වා දෙනු ලබනුයේ දෙවියන්ගේ පැවැත්ම පිළිබඳව ප්‍රබල සාධකයන් අප අතර ඇති බවය. නූතන දැනුම තුළින් හෙලිදැක්වෙන අභිධර්මීය පාඩම් සහ ආදර්ශයන් ගැන (අධ්‍යාත්මික විද්‍යාව හා සම්බන්ධ) අප ඉතා සාධාරණව හා අපක‍ෂපාතීව අපෙන්ම විමසා බැලූවහොත් දෙවියෙකු ඇතැයි සිතීමට බොහෝ හේතු සාධක පවතින බව අපට නිසැකවම අවබෝධ වනු ඇත. (උදාහරණයක් වශයෙන් පදාර්ථයේ අඩංගු කුඩාම සංඝටකය පිළිබඳව අප සතු ක්‍රමයෙන් විකාශයට පත්වන දැනුම, හෝ අජීව ද්‍රව්‍යවලින් ජීවය ඇතිවීම වටා ගොඩනැගී ඇති ප්‍රශ්න සලකා බැලිය හැක.) ඕනෑම ජීවියෙක් උපතේ සිට ජීවිතය පවත්වා ගෙන යාමේදී හමුවන නොයෙක් පියවරවල පවතින පැහැදිලි, කැපී පෙනෙන සංවිධානාත්මක බව හා පාලනය ගැන සලකා බලන කල, එය අහම්ඛෙන් ඇතිවූවක් බව පැවසීමට ඇති කරුණු සීමිතය.

අද විවිධ ෙක‍ෂ්ත්‍රයන්හි ඇතිවී ඇති විද්‍යාත්මක දැනුමේ පුළුල්වීම හේතු කොටගෙන අතීතයේ අප තුළ වූ බොහෝ මතවාද බිඳ වැටීයාම ක්‍රමක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. උදාහරණයක් වශයෙන් මෑතකදී බිඳ වැටුණු, වෛද්‍ය විද්‍යාව පිළිඳ නොඛෙල් ත්‍යාග ලාභී ප්‍රංශ විද්‍යාඥයෙකු විසින් —ජීවීන් අජීව ද්‍රව්‍ය තුළ වූ සරල රසායනික මූලද්‍රව්‍යයන්ගෙන් අහඹු ලෙස ඇතිවන බවට ස්ථීරවම ප්‍රකාශ කල අජීවෝජ්ජනන වාදය˜ (ස්වයං සිද්ධ ජනනය) දැක්විය හැක. මෙලෙස ඉතා සරල ලෙස ජීවය සම්භවය වූයේ නම්, එහි වැඩිදුර විකාශයක් ලෙස කැපීපෙනෙන ලෙස ඉතා සංකීර්ණ වූ මිනිසා බිහිවී ඇතැයි කෙනෙකුට පැවසිය හැක. මගේ වැටහීමට අනූව නම් විද්‍යාවේ දියුණුව මගින් උසස් ජීවීන්ගේ සංකීර්ණභාවය වටහාගැනීමෙන් ඉදිරිපත් කෙරෙනුයේ මීට ප්‍රතිවිරුද්ධ වූ න්‍යායක් බවයි. එනම් ජීව සිද්ධාන්තයන්ගේ කැපීපෙනෙන සැකැස්ම, පාලනය හා අපූර්ව විධිමත් සංවිධානය ගැන සලකා බලන කල, ඒ සඳහා මැවුම්කරුවෙකු නියත වශයෙන්ම සිටිය යුතු බවයි.


කුර්ආනයේ එන බොහෝ කොටස් වල මෙබඳු පොදු සාමාන්‍ය අදහස් ගෙනහැර දක්වන නමුදු, නූතන විද්‍යාව මගින් අද නිරාවරණය කරගන්නා බොහෝ කරුණු, සෘජුව නිවැරදිව හා පැහැදිලිව කුර්ආනයෙහි අන්තර්ගත වේ. කුර්ආනයේ එන මෙම නිවැරදි දත්තයන් මගින් අද බොහෝ විද්‍යාඥයින් ඒ තුළට, කාන්දමක් වෙතට ලෝහයන් ඇදී යන්නාක් මෙන් ආකර්ෂනය වී ඇත.


නජ්මා පෙරේරා

පොප් සංගීත ලෝකයෙහි නම් දැරු සුප්‍රසිද්ධ ඉංග්‍රීසි ගායකය

—කේට් ස්ටීවන්ස්˜ පොප් සංගීත ලෝකයෙහි නම් දැරු සුප්‍රසිද්ධ ඉංග්‍රීසි ගායකයකි. ඔහුගේ ජීවිතයෙහි ඔහුට අවශ්‍ය කරන ප්‍රසිද්ධිය හා මිළ මුදල්, සම්පත් හිමිවිය. නමුත් ඔහු තුළ පැන නැගුනු ප්‍රශ්නවලටයි නියම පිළිතුරු ඔහුට නොලැබුනේ. විවිධ ප්‍රබන්ධනයන් ඔහු කිය විය, ඔහු සෙව්වේය, නමුත් ඔහුට අවශ්‍ය කරන දේ එයින් නොලැබිනි.

දවසක් ඔහුගේ එක් කුස උපන් සහෝදරයා ඔහු තුළ පැන නැගුනු ප්‍රශ්නවලට නියම පිළිතුරු ලැඛෙන ජීවමාන හාස්කමක් ලබාදුන්නේය. ඔහු එය කියවන්න පටන් ගත්තේය, එහි අන්තර්ගත කරුණු අධ්‍යයනය කළේය. අවසානයේදී ඔහු —යූසුෆ් ඉස්ලාම්˜ යනුවෙන් අළුත් පරිච්ඡේදයක් පෙරලන්නට විය.

ඔහුගේ මෙම වෙනස පිළිබඳ ඔහුගේ මුවින්ම අසමු.

ආඩම්බරයන් වලින් පිරුනු නවීන ලෝකයක මා වැඩුනෙමි. විනෝදය ව්‍යාපාරය කරගත් උසස් තලයක සිට සුඛෝපබෝගි ජීවිතයක් ගතකරමින් ජීවත්වුනෙමි, කිතු පුවලක උපත ලැබුවෙමි.

උපත ලබන සෑම දරුවෙකුම ස්වභාවික දහම තුළයි උපත ලබන්නේ ඔවුන්ගේ දෙමාපියනුයි තම තමන්ගේ දහම්වලට ඔවුන්ව මාරු කරන්නේ යනු අපි දැන සිටින කරුණකි. ඒ අනූව මාද කිතු වරයෙකු වශයෙන් හැඩ ගස්සනු ලැබූ අතර ඒ පසුබිම තුළ සිටයි මා කල්පනා කළේ. දෙවියන් සිටින බව මට උගන්වන ලදි, නමුත් එම දෙවියන් සමග සෘජුව සම්බන්ධතාවන් ගොඩනැගීමට නොහැක. යේසූස් වහන්සේ මගිනුයි දෙවියන් සමග සම්බන්ධතාවන් ගොඩ නැගිය හැක්කේ, දෙවියන් හමුවන දොරටුව යේසූස් වහන්සේ යනුවෙන් මට කියන ලදි. මෙම ප්‍රතිපත්තිය පිළිගෙන මා ජීවත් වූයෙමි.

නමුත් එයට මුළුමනින් එකඟවීමට මට නොහැකි විය. යේසූස් වහන්සේගේ ප්‍රතිමාවන් කෙරෙහි මා අවදානය යොමු කළෙමි, ඒ සියල්ල මට පෙනුනේ අජීවි ගල් වශයෙනුයි. දෙවිවරු තිදෙනෙකු යනුවෙන් පැවසූ විට මා තුළ තවත් ප්‍රශ්න රාශියක් මතුවෙන්නට විය. නමුත් මට සංවාදයන් පැවැත්වීමට නොහැක. මා මේ සියල්ල විශ්වාස කළෙමි, මන්ද මාගේ දෙමාපියන්ගේ විශ්වාසයට ගරුකිරීම මාගේ යුතුකමක් නිසා.

නමුත් කෙමින් කෙමින් මෙම ආගමික විශ්වාසයන්ගෙන් මා ඈත්වෙමින් සිටියෙමි. සංගීතයට නැඹුරුවුනෙමි ප්‍රසිද්ධ තරුවක් වශයෙන් බැබලිය යුතුයි යනු මාගේ අපෙක‍ෂාව විය. මා දුටු සිනමාව හා විද්‍යුත් මාධ්‍යන් මා ඒ කරා තල්ලූ කළ අතර එය මාගේ සිත ආක්‍රමණය කළේය. මුදල් ඉපැයීමයි දෙවියන් යනුවෙන් සිතන්න පටන් ගත්තෙමි.

ලස්සන සුඛෝපබෝගි කාරයකට හිමිකම් කියන මාගේ ඥාතියෙකු සිටී, ඔහු තම ඉලක්කය සපුරාගත් බව මා සිතුවෙමි. ඔහු මිළ මුදල් සම්පත් වලට හිමිකම් කියන කෙනෙකි යනු මාගේ සිත කියයි. මා වටා සිටියවුනුත් මෙයයි ජීවිතය, මුදලයි දෙවියන් වන්නේ යන හැඟීම මාගේ සිත තුළ වැපිරුවේය.

වැඩි වශයෙන් මුදල් උපයා සුඛෝපබෝගි ජීවිතයක් ගත කළ යුතුයි යන තීරණයකට එළඹුනෙමි. පොප් ගායකයින්වයි මා උසස් කොට සැළකුවේ. මා ගීත නිර්මාණය කිරීමට පටන් ගත්තෙමි.

නමුත් මාගේ සිත තුළ සෙසු අය පිළිබඳ ද ආදර හැඟීමක් පැවතුනි. මා පොහොසතෙකු වූවා නම් දුප්පත් අසරණයින්ට උදව් උපකාර කළ යුතුයි යන හැඟීම මා තුළ විය. මා ප්‍රසිද්ධියට පත්වුනෙමි, මාගේ 20 වැනි විය මා පසු කිරීමටත් පෙර සියළු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යන්හි මා පිළිබඳ කියන්න, ලියන්න පටන්ගත්හ. මාගේ රූපයන් පළවිය. මට ආඩම්බරය, ගෞරවය, ප්‍රසිද්ධිය හිමිවුනි. මා ද සුඛෝපබෝගි ජීවිතයක් ගත කිරීමට පටන් ගත්තෙමි.

මත් පැන් හා මත් ද්‍රව්‍යයි ජීවිතය යන තීරණයට එළඹුනෙමි. පුරා වසරක් මහත් මුදලක් උපයා ආඩම්බර ජීවිතයක් ගත කිරීමෙන් පසු දැඩිලෙස රෝගාතුර වුනෙමි. කාස රෝගය වැළඳ පීඩිත තත්ත්වයකට පසුවුනෙමි. රෝහලෙහි නේවාසික ප්‍රතිකාර ගැනීමට තරම් තත්ත්වය උග්‍ර විය. මෙම පසුබිම තුළ සිටයි මා කල්පනා කරන්න පටන් ගත්තේ.

මට සිදුවූයේ කුමක්ද? මා හුදු ශරීරයක් පමණද? මාගේ ජීවිතයෙහි අභිලාෂය කායික අවශ්‍යතාවන් ඉටු කිරීම පමණද? යනු සිතන්න පටන් ගත්තෙමි.

මාගේ රෝගි තත්ත්වය යනු දෙවියන් මට දුන් භාග්‍යකි. යළිත් මාගේ දෙනෙත් විවෘත කර බැලීමට අවස්ථාවක් යනු සිතුවෙමි.

මා මෙහි සිටින්නේ ඇයි? මා ඇඳක සිටින්නේ ඇයි? මෙවැනි විවිධ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න පටන් ගත්තෙමි. කල්පනා කරන්න පටන් ගත්තෙමි. එළවළු වර්ග පමණක් අනුභව කරන බව තීරණය කරගත්තෙමි. දැන් සාමය හා ශාන්තිය කෙරෙහි ඇල්මක් ඇති කෙනෙකු බවට පරිවර්තනය වූයෙමි.

Cat Stevens British Yusuf Islam (4rthL), the artist formerly known as Cat Stevens, his wife Faezia (3rdL) and his daughters arrive at the 'Adopt-A-Minefield' Benefit Gala in support of landmines victims on May 28, 2005 in Neuss, Germany.

ජෙන් සිං ගණිත ශාස්ත්‍රය ජ්‍යොතිශ්‍යය යන විවිධ අංශ පිළිබඳ සොයා බැලූවෙමි. යළිත් වරක් බයිබලය විවෘත කළෙමි නමුත් මා අපේක‍ෂා කළ දේ මට නොලැබුනි. ඒ වන විටත් ඉස්ලාම් පිළිබඳ මා කිසිවක් නොදැන සිටියෙමි.

එවිටයි හාස්කමක් සිදුව ඇත්තේ, මාගේ සහෝදරයා ජෙරූසලමෙහි පිහිටා ඇති මස්ජිදයකට ගොස් ඇත. එම මස්ජිදයෙහි ඔහු දුටු දර්ශණයන් ඔහුව මවිතයට පත් කළේය. කිතු හා යුද පල්ලි පාලූවට ගියා මෙන් මස්ජිදයන් පාලූවට නොගොස්ය. ඒවා ක්‍රියාකාරිව පැවතුනු අතර එහි පැවතුනු ශාන්තිය හා මනස්කාන්ත පරිසරය මාගේ සහෝරදයාගේ සිත් ගන්නා සුළු දර්ශණයන් විය. මස්ජිදයට ගිය එම අත්දැකීමත් සමග ලන්ඩන් හැරුනු විට අල්කුර්ආනයෙහි පරිවර්තනයද රැගෙන ආවේය, එම මස්ජිදයෙහි අත් දුටු අත්දැකීම් පිළිබඳ පවසා මට අල්කුර්ආනයද පිරිනැමුවේය.

මාගේ සහෝදරයා මුස්ලිමෙකු නොවූවත් එහි සැබෑ වෙනසක් ඔහු අත් විඳ ඇත. මාද ඒ තුළින් යම් දෙයක් අත් විඳිය හැක යනුවෙන් සිතා ඇත.

මා අල්කුර්ආනය කියවීමට පටන් ගැනීමත් සමග මට සියළු දේ පහදා දෙන මාර්ගෝපදේශයක් වශයෙන් එය දැක්කෙමි. මා කව්ද? මාගේ ජීවිතයෙහි යථාර්ථය කුමක්ද? සත්‍ය කුමක්ද? මා පැමිණියේ කොහේ සිටද? යන මා තුළ තැවුනු ප්‍රශ්නවලට පිළිතුරු එහි දැක්කෙමි. මෙයයි සත්‍යවු එකම දහම යනුවෙන් අවබෝධ කරගත්තෙමි. ආගම යනුවෙන් මා කියන්නේ බටහිර ලෝකය අවබෝධ කරගෙන සිටින අර්ථයෙන් නොවේ. පැරණි යුගයට ගැලපෙන ආගම යන අදහසින්ද නොවේ.

ආගම වෙනස් කර වෙනත් ආගමක් ඔස්සේ ගමන් කරන්නන් අන්තවාදීන් යන විශ්වාසය බටහිර ලෝකය තුළ මුල් බැස ඇත. මා අන්තවාදියෙකු නොවේ, කය හා ආත්මය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ මා තුළ අර්බුදයක් පැවතුනි. මේ දෙක වෙනස් නොවේ යනුවෙන් හා ආත්මාව වර්ධනය කර ගැනීම සඳහා කඳු වලට යෑම අවශ්‍ය නැති බවත් මා අවබෝධ කරගත්තෙමි.

අපි අල්ලාහ්ගේ නියෝගයන්ට අවනත වී ජීවත් විය යුතුයි. එසේ ජීවත් වන විට දේව දූතවරුන්ට වඩා උසස් භාවයක් අපට ලබාගත හැක යනු මා දැනගත්තෙමි. දැන් මා කළ යුතු ප්‍රථම වැඩ කොටස නම් මුස්ලිමෙකු වීමයි.

සියල්ල ඔහුගේ ශක්තියට බලයට යටත් බවත් ඔහුට සුළු නින්දක් හෝ නැත යනු මා දැනගත්තෙමි. මෙම අවස්ථාවෙහි මා පිළිබඳ ලොකුවට හිතීම මා අත්හැරියෙමි. මාගේ හැකියාවන්ගෙන් පමණයි මෙම ස්ථානයට පැමිණුනේ යනු සිතමින් සිටියෙමි. නමුත් දැන් මට වැටහුනි, එයට මා විතරක් හේතු නොවන බව. මෙම විශ්වයේ ජීවත්වීමේ මුළු අරමුණ ඉස්ලාම් යන ජීවන සැලැස්මට අවනත වී ජීවත් වීම යනු මට හරි හැටි අවබෝධ විය.

මා කුමන දේ කෙරෙහි විශ්වාසය තැබිය යුතුද?යනු මා වටහාගන්නට පටන් ගත්තෙමි මා මුස්ලිමෙකු යනු හඳුනා ගත් අතර ශුද්ධවූ අල්කුර්ආනය හදාරන විට සෑම ශාස්තාවරයකුම රැගෙන ආ පණිවුඩය එකම පණිවුඩය යනු දැනගත්තෙමි.

නමුත් යුදෙව්වරු හා කිතුවරුන් ඇයි වෙන්ව සිටින්නේ? යුදෙව්වරුන් යේසූස් වහන්සේ නොපිළිගත් අතර එතුමන්ගේ වචනයන් ඔවුන් විකෘති කිරීමද මට දැන් අවබෝධ විය.

කිතුවරුන් දෙවියන්ගේ වාක්‍යන් වැරදිව අවබෝධ කර යේසූස් වහන්සේ දෙවියන්ගේ කුමාරයන් වශයෙන් සළකා පුදන්නට පටන් ගත්හ. ශුද්ධවූ අල්කුර්ආනයෙහි පාඨයන් බුද්ධියට පිළිතුරු සැපයූ අතර, මෙය ශුද්ධවූ අල්කුර්ආනයටම ආවේනිකවූ ලක‍ෂණයයි. අල්කුර්ආනය හේතු කාරණා පසුබිම් කොට අපව අධ්‍යයනය කිරීම සඳහා ඇරයුම් කරයි.

ඉර හා හඳ මේ දෙකට ඔබලා යාඥා නොකරන්න, මේ සියල්ල මැවූ අල්ලාහ්ට ඔබලා යාඥා කරන්න යනුවෙන් එය පවසයි. ඉර හඳ ඒ වගේම ඔහුගේ වෙනත් නිර්මාණයන් පිළිබඳ අධ්‍යයනය කරන ලෙස මානව සංහතියට ඇරයුම් කරයි.

චන්ද්‍රයාගෙන් සූර්්‍යා කෙසේ වෙන්වී පවතින්නේද යනු ඔබ දුටුවේද? මෙය පෘතුවියෙන් වෙන්වී පිහිටා ඇත නමුත් ඒ සියල්ල එක හා සමාන දුරකින් පවතින බවයි පෙනෙන්නේ.

ග්‍රහ ලෝකයන්ට පියාසර කරන ගගණ ගාමීන් පෘතුවියෙහි කුඩා ප්‍රමාණය හා ග්‍රහ ලෝකයන් හි සුවිශාල බව දැක මවිතයට පත්වෙති. එය දකින ඔවුන් තුළ දේව විශ්වාසයක් ඇතිවෙන්න පටන්ගනි. මන්ද ඔවුන් අල්ලාහ්ගේ පැහැදිළි සාක‍ෂීන් දැක ගැනීමේ අවස්ථාව ඔවුන්ට උදාවෙයි.

ශුද්ධවූ අල්කුර්ආනය මා තව දුරටත් කියවන විට එය යාඥාවන් පිළිබඳ හා දයාව කරුණාව දැක්වීම පිළිබඳවත් දාන මාන කිරීම පිළිබඳවත් ඉදිරිපත් කළ ඇති අදහස් මා දුටුවෙමි. එම අවස්ථාවෙහි මා මුස්ලිමෙකු වශයෙන් ප්‍රසිද්ධ නොකරගත්තෙමි. නමුත් මාගේ සිත් තුළ පැන නැගෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුර අල්කුර්ආනයයි යනු මා අවබෝධ කරගත්තෙමි.

අල්කුර්ආනය විවිධ මට්ටමෙන් තම අදහස් ඉදිරිපත් කරයි. තවත් කෝනයකින් අල්කුර්ආනය හඳුනා ගැනීමට මට හැකිවිය. එනම්

විශ්වාසවන්තයින් ඒක දේවත්වය ප්‍රතිෙක‍ෂ්ප කරන්නන්ව තමන්ගේ කල්‍යාන මිත්‍රයින් වශයෙන් නොගනි විශ්වාසවන්තයින් තමන් අතර සහෝදරයින් වේ˜ යන පාඨය කියවුවෙමි මේ අවස්ථාවේදි මා මුස්ලිම් සහෝදරවරුන් හමුවීමට ප්‍රිය කළෙමි.

මාගේ සහෝදරයා කළා සේම ජේරුසලම බලා යෑමට තීරණය කළෙමි. ජෙරුසලමෙහි පිහිටා ඇති එක් මස්ජිදයකට ගොස් වාඩිවුනෙමි. කෙනෙකු පැමිණ ඔබට අවශ්‍ය කුමක්ද? යනුවෙන් මාගේන් ප්‍රශ්න කළේය එයට මා මුස්ලිමෙකු යනුවෙන් පිළිතුරු දුන්නෙමි ඔබේ නම කුමක්ද? යනුවෙන් ඔහු මාගෙන් ප්‍රශ්න කළේය මා —ස්ටීවන්ස්˜ යනුවෙන් පිළිතුරු දුන්නෙමි. ඔහුට එය ප්‍රෙහේළිකාවක් විය. මා පසුව සලාතයට එක්වී එය ඉටු කළෙමි නමුත් එය නිවැරදි ලෙස මා ඉටු කළාද යනු කිව නොහැකිය.

පසුව මා ලන්ඩන් බලා පැමිණ නෆීසා යන සහෝදරිය හමු වී මා ඉස්ලාම් දහම පිළිගැනීමට කැමති බව දැන්වූවෙමි. ඇය මාව නියූ රීජන්ට් මස්ජිදයට කැඳවාගෙන ගියේය. එය 1977 වර්ෂයයි ශුද්ධවූ අල්කුර්ආනය මා කියවීමට පටන්ගෙන අවුරුදු එකහමාරක් ගතවෙමින් තිබූ අවස්ථාවයි. මා තුළ ඇති උඩඟ කම මා තුරන් කළ යුතුයි ඉබ්ලීස් ෙෂෙතාන්ව මා තුළින් පන්නා දැමිය යුතුයි මා කඃබාවට මුහුණලා සිටිය යුතුයි යනු මා අධිටන් කර ගත්තෙමි. සිකුරාදා දින මස්ජිදයෙහි ප්‍රමුඛත්වය උසුලන ඉමාම් වෙත ගොස් කලිමා ප්‍රතිඥා ගත්තෙමි.

මුදල් හා ප්‍රසිද්ධිය ලැබුනු කෙනෙකු වශයෙන් මා සිටියෙමි. නමුත් නිවැරදි මගයි මට මහත් උත්සහයකින් පසුත් නොලැඛෙමින් තිබුනේ. ශුද්ධවූ අල්කුර්ආනය මට ලැඛෙන තෙක් මෙයයි තත්ත්වය කිතු දහම හෝ වෙනත් සංකල්පයන් මෙන් නොව මාගේ හිමියන් සමග සෘජුව සම්බන්ධතාවක් ඇති කරගැනීම හැකි බව මට දැන් වැටහුනි.

හින්දු කාන්තාවක් මට, ඔබ හින්දුවරුන් හරි හැටි අවබෝධ කරගත්තේ නැත අපිත් එකම දෙවි කෙනෙකු කෙරෙහියි විශ්වාසය තබා ඇත්තේ. නමුත් අවධානය නොබිඳීම සඳහායි මෙම රූපයන් ප්‍රතිමාවන් අපි භාවිතාකරන්නේ යනුවෙන් එක් අවස්ථාවකදී පැවසුවාය. දෙවියන් කරා සමීපවීමට ඔහුට ආදේශයන් ඇති කළ යුතුයි යන අදහසයි ඇය කියන්නට උත්සහ කළේ. නමුත් ඉස්ලාම් දෙවියන්ට සමීපවීමට ඇති සියළු බාධක කඩා බිඳ දමයි දේව ප්‍රතිෙක‍ෂ්පත්වයෙන් වෙන්කර විශ්වාසය ඔපනංවන කි්‍රයා මාර්ගයක් නම් එයයි සලාතය මෙය සිතෙහි පරිශුද්ධත්වය ඇති කිරීමට නියම පුහුණුවකි.

අවසන් වශයෙන් මා අල්ලාහ්ගේ තෘප්තිය ලබාගැනීම සඳහායි සියල්ල කරන්නේ යනු කීමට කැමැත්තෙමි. මාගේ අත්දැකීම් තුළින් ඔබටත් යම් ප්‍රයෝජනයක් ලැබීමට මා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමි. මා ඉස්ලාම් දහම පිළිගැනීමට පෙර කිසිදු මුස්ලිමෙකු සමග සම්බන්ධතාවයක් මට නැත. මා ප්‍රථමයෙන් කියවන්නට පටන් ගත්තේ ශුද්ධවූ අල්කුර්ආනයයි. කිසිදු මිනිසෙකු අංග සම්පූර්ණ නැති බව මා වටහා ගත්තෙමි ඉස්ලාම් පමණයි පරිපූර්ණව පවතින්නේ.

අපි අල්ලාහ්ගේ අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් නබි (සල්) තුමන්ගේ ආදර්ශයන් නිසි ලෙස පිළිපදින විට ජය ලැබිය හැක එම උත්තමයානන්ගේ මග ඔස්සේ ගමන් කිරීමට අප සියල්ලන්ට අල්ලාහ් ආශිර්වාද කරත්වා.





අනුවර්තනය: අබූඅස්මා


ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.

සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා

කෙනෙකු මෙම විශ්වය, විශ්වයෙහි පවතින සුවිශාල නිර්මාණයන් කෙරෙහි තමන්ගේ අවධානය යොමුකළ විට මේ සියල්ල යම් සැලැස්මක් මත නිර්මාණය කරනු ලැබු බව අවබෝධ කරගනි. ශුද්ධවූ අල්කුර්ආනය එය මෙසේ සඳහන් කරයි.

—ඔබලා කල්පනා නොකළේද? සත්‍ය කාරණයකට මිස අල්ලාහ් අහස් හා පොළෝ නිර්මාණය නොකළේය.˜ (ශු කුර්ආන් 14: 19).

තවත් ස්ථානයක: —ඔවුන් අල්ලාහ් පිළිබඳ සිටගෙන සිටින විටත්, වාඩිවී සිටින විටත්, හාංසිවී සිටින විටත් සිහිපත්කරයි. තවද අහස් හා පොළෝ නිර්මාණයන් පිළිබඳ කල්පනාකරයි. හිමියනි. මේ සියල්ල ඔබ නිකමට නිර්මාණය නොකළේය ඔබ සුවිශුද්ධයි නිරයේ ගින්නේ ද~ුවමෙන් ද අපව ආරක‍ෂා කරනු මැන˜ යැයි ඔවුන් පවසයි.˜ (ශු කුර්ආන් 3: 191).

ලෝකයේ පවතින සියල්ල යම් ශක්තියකට බලයකට අවනතවී කි්‍රයාත්මක වෙයි.

මෙසේ මෙම විශ්වයෙහි සියල්ල ඔහුට අවනත වී ජීවත්වන විට බුද්ධිය කල්පනා කිරීමේ ශක්තිය ඇති මිනිසා පමණක් තමන් මවනු ලැබු එම අරමුණ නොදැන ජීවිත්වීම ඉතා කණගාටුදායක තත්ත්වයකි.

මිනිසා නිර්මාණය කරනු ලැබුවේ කුමක් සඳහාද යන අරමුණ ශුද්ධවු කුර්ආනය පැහැදිළි කරයි. —මා ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මාහට අවනත වීමට මිස නිර්මාණය නොකෙළෙමි˜ (ශු කුර්ආන් 51: 56).

තවත් සථානයක: —මරණය හා ජීවිතය නිර්මාණය කළේ ඔබලා අතුරින් කව්රුන් යහපත් කි්‍රයාවන් කර ශ්‍රද්ධාවන්ත පුද්ගලයන්වන්නේ යනු පර්්‍යයේෂණය කිරීම සඳහාය.˜ (ශු කුර්ආන් 67: 02).

මෙම විශ්වයෙහි ඉතා ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වන මිනිසා තමන්ට වඩා සෑම අතින්ම පහත් දේට වන්දනා මාන කරමින් සිටී. උදාහරණයට: ප්‍රතිමාවන්, ගස්, ගල්. ගින්න, ජලය, ඉර, හඳ, තාරකා, සාගරය, පෘතුවිය, ගවයා. තීක‍ෂණ බුද්ධියක් ඇති මිනිසා වෙනත් සියළු මිථ්‍යා විශ්වාසයන්ගෙන් මිදී අල්ලාහ්ට පමණක් අවනත වී ජීවත්විය යුතුයි. ලෝකයේ බහුතරයක්ම තමන් විසින් ඇතිකරගත් පිළිමයන්ට ප්‍රිතිමාවන්ට ගස්, ගල් ආදි දේට වන්දනා මාන කරති.

මෙම විශ්වයේ එකම නිර්මාතෘවරයා වන අල්ලාහ්ට පමණක් කෙනෙකු වන්දනා මාන කර ඔහුට පමණක් අවනතවී ජීවත්වන විට ඔහු —මුස්ලිම්˜ වශයෙන් හඳුන්වනු ලබයි. මෙම නාමය කෙනෙකුට ලැඛෙන්නේ අල්ලාහ්ට අවනතවී ජීවත්වන විට පමණයි. මිනිසා වෙනත් සියළු මිථ්‍යා විශ්වාසවලින්, මනඃකල්පිත දේවලින් මිදි, මුළුමනින්ම අල්ලාහ් දෙසට හැරෙන විට ඔහු මුස්ලිමෙකු වේ. කෙනෙකුගේ දෙලොව යහපත සඳහා අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ. ශුද්ධවූ අල්කුර්ආනය එය මෙසේ පවසයි:

—කව්රුන් ඉස්ලාම් හැර වෙනත් මගක් පිළිගනීද එය අල්ලාහ් ඉදිරියේ නොපිළිගැනේ. ඔහු විනිශ්ච දිනයෙහිදි පාඩු විදින්නෙකුද වේ˜ (ශු කුර්ආන් 3: 85).

මුස්ලිමෙකු වශයෙන් ජීවත්වෙන්නට කැමතිවන්නා අවංක සිතින් පහත සඳහන් පොරොන්දුව ගත යුතුයි: —අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහු, වඅෂ්හදු අන්න මුහම්මදර් රසුලූල්ලාහ්.˜ (යාඥා කරනු ලැබීමට එකම සුදුස්සා අල්ලාහ් හැර වෙනකිසිවෙකු නැත, තවද මුහම්මද් අල්ලාහ්ගේ ශාස්තෘවරයා බවත් මා ප්‍රතිඥා දෙමි.) මෙය කෙනෙකු අවංකව ප්‍රකාශ කළ විට ඔහු මුස්ලිමෙකු වේ. ඔහු දුන් මෙම ප්‍රතිඥාවට අබමල් රේණුවක තරම්වත් පටහැනිව ජීවත් නොවිය යුතුයි. අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන, නීති සම්පාදනය කිරීමේ බලය අල්ලාහ්ට පමණක් ඇති බව විශ්වාසය කර, යාඥාවන් තුළින් ඔහුගේ ඒකීයත්වය ස්ථාපිත කළ යුතුයි. අල්ලාහ්ට හැර වෙනත් කිසිවෙකුට කිසි දෙයකට දේවත්වය ඇති බව සිතීම හෝ දේවත්වයෙහි කොටසක් ඇති බව සිතීම හෝ බලවත් වරදකි.

අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබන කෙනෙකු ඔහු එකම දෙවියන් බවත්, ඔහුට කිසිදු අවශ්‍යතාවක් නැති බවත්, ඔහු උපත ලැබුවේද ඔහු දාව කව්රුත් උපතලැබුවේද නැත. ඔහුට සමානව කිසිවෙකු නැති බවත්, මනුෂ්‍යයින්ට ඇති සියළු දුර්වලතාවන්ගෙන් ඔහු සුවිශුද්ධ බවත් විශ්වාසකළ යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි අල්ලාහ් මෙසේ පවසයි: —අල්ලාහ් හැර ඔවුන් ප්‍රාර්ථනා (වන්දනා මාන) කරන දේ කිසිදෙයක් නිර්මාණය නොකළේය, තවද ඔවුන් නිර්මාණය කරනු ලැබුවන්ය. ඔවුන් ජීවතුන් අතර නොමැති මළවුන්ය, ඔවුන් යළි නැගිට්ටුවනු ලබන්නේ කෙදිනක යැයි ඔවුන් නොදන්නේය.˜

(ශු.කුර්ආන් 16: 20, 21).

—අල්ලාහ් හැර ඔබ ප්‍රාර්ථනා (වන්දනා මාන) කරන දේ ඔබලා මෙන් දාසයන්ය. ඔබලාගේ ප්‍රකාශයෙහි ඔබලා සත්‍යවන්තයින් නම් ඔබගේ කන්නලව්වට ඔවුන් පිළිතුරු දිය යුතයි.˜ (ශු කුර්ආන් 7: 194).

—අල්ලාහ් හැර ඔබලා ප්‍රාර්ථනා කරන දේ ඔබලාට පිහිටවීමට නොමැති දේවල්ය, තවද ඔවුන් තමන්ට පවා පිහිටවීමට නොහැකිය.˜ (ශු කුර්ආන් 7: 197).

නිර්මාතෘවරයාට පමණක් යාඥා කිරීමටත් ඔහු ඉදිරියේ පමණක් ප්‍රාර්ථනා කිරීමටත් අණකරන ඉස්ලාම්, නිර්මාණයන් ඉදිරියේ වැඳ වැටීම මුළුමනින් තහනම් කරයි. අල්ලාහ් කෙරෙහි මුළුමනින් විශ්වාසය තබා ඔහු විසින් එවනු ලැබූ අවසන් ශාස්තෘවරයානන් මුහම්මද් නබි (සල්) තුමන් අනුගමනය කරමින් ජීවත්විය යුතුයි. එතුමන් මෙම මිහිතලය මත අවුරුදු හැට තුනක් ජීවත්වුනේය. එතුමන්ගේ හතළිස් වැනි වියෙහිදි අල් කුර්ආනය අනාවරණය වීමට ඇරඹීමත් සමග එතුමන් ශාස්තෘවරයෙකු බවට පත්විය. එතුමන්ගේ අවසන් අවුරුදු විසි තුන හැම මුස්ලිමෙකු විසින් අනුගමනය කළ යුතු කාලයයි.

ඉන් පසු ඔහු දිනකට පස්වතාවක් සලාතය ස්ථාපිත කිරිම අනිවාර්්‍ය වෙයි. එම සලාතයන් නියමිත වේලාවන් හීදි ඉටු කළ යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි:

—නියත වශයෙන්ම සලාතය විශ්වාසවන්තයින් හට නියමිත වේලාවන්හීදි ඉටුකළ යුතු අනිවාර්්‍ය යාඥාවකි˜ (ශු කුර්ආන් 4: 131).

සලාතය යනු දාසයෙකු අල්ලාහ් හමුවන, ඔහු සමග කථා බහ කරන ඉතා වැදගත් අවස්ථාවකි. මෙම වටිනා උතුම් අවස්ථාව කෙනෙකුට ලබාගත හැකිවන්නේ සලාතය තුළිනි. වරක් මුහම්මද් නබි (සල්) තුමාණන් පවසන විට

—දාසයා තම හිමියන්ට ඉතා සමීපව සිටින අවස්ථාව නම් ඔහු සලාතයෙහි තම නළල පොළොව මත තබන (සජ්දා) අවස්ථාවයි. එවිට ඔබ අධිකලෙස ප්‍රාර්ථනාවන්හි නියැලෙන්න.˜

කෙනෙකු සලාතයට අවතීර්ණවෙන්නට පෙර තම සිරුරෙහි සමහර පෙදෙස් දෝවනය කර ගත යුතුයි. දෝවනයෙන් තොර සලාතය නොපිළිගැනේ.

අවසන් විනිශ්ච දිනයෙහිදි කෙනෙකුගේ යාඥාවන් අතුරින් ප්‍රථමයෙන් ප්‍රශ්න කරනු ලබන්නේ ඔහුගේ සලාතය පිළිබඳවයි. සලාතය නිවැරදි නම් ඔහුගේ අන් සියළු කි්‍රයාවන් යහපත් වනු ඇත. සලාතයෙහි අඩු පාඩුකම් ඇති වූ විට ඔහුගේ සෙසු සියළු කි්‍රයාවන්හි අඩු පාඩු ඇති වේ.

සලාතය තුළින් අල්ලාහ් අපේක‍ෂා කරන්නේ කුමක්ද? —නියත වශයෙන්ම සලාතය කෙනෙකුව වැරදි, නීච කි්‍රයාවලින් වළක් වයි.˜ (ශුකුර්ආන් 29: 45).

මෙයයි කෙනෙකු සලාතය තුළින් ලබාගත යුතු පන්නරය. සලාතය ස්ථාපිත කිරීම තුළින් සමාජයෙහි යහපත් පුරවැසියන් බිහිවිය යුතුයි යන්න අල්ලාහ් අපේක‍ෂා කරයි. සලාතය ස්ථාපිත කරන කෙනෙකු එය අල්ලාහ්ට බියවී ඉටු කරයි. එම බිය ඔහුගේ ජීවිතයේ වෙනත් හැම අවස්ථාවකදීම රඳා පැවතිය යුතුයි. පිරිමීන් එම සලාතය සමූහව ඉටුකළ යුතුයි.

කෙනෙකුගේ උරහිස සමග තවත් කෙනෙකෙගේ උරහිස ගැටී එකම පෙළක සිට සමූවහ දිනකට පස් වතාවක් මෙම සලාතය කෙනෙකු ඉටුකරන විට මට වඩා අන් අය පහත් යන හැගීම ඔහුගේ සිතෙන් පහවී යයි, ඒ වගේම මිනිසුන් අතර සමානත්මතාවය, එකමුතුකම, අන් අයගේ ඕනෑ ඒපාකම් සොයා බැලීමට මෙය හේතු කාරණා වේ.

සකාත් හෙවත් ශුද්ධකාරක බද්ධ.

මෙය මිළ මුදල් සම්පත්වලට හිමිකම් කියන්නන්  අවුරුද්දකට වරක් තමන්ගේ මිළ මුදල්වලින් සියට දෙකහමාරක් ගණන් බලා ගෙවිය යුතුයි. මෙය මිනිස් සමාජය තුළ නියමාකාරයට ඉටු වෙයි නම් දුප්පත් අසරණයින්ගේ සංඛ්‍යාව බොහෝ දුරට අවම කරන්නට ඉඩ තිබිනි. නමුත් අවසනාවන්තවාට මෙන් බොහෝ අය මෙයට වැරදි අර්ථකථනයන් දී රුපියලක් දෙකක් යාචකයන්ට දී මෙයයි සකාත් බද්ධ කියා සිතාගෙන සිටිති මොවුන් අල්ලාහ්ව මංමුළාකරන්නට උත්සහ කරති, නමුත් ඔවුන්ම ඔවුන්ව මංමුළා කරගනිති. සකාත් නම් එම උසස් යාඥාවෙන් ඉස්ලාම් අපේක‍ෂා කරන්නේ කුමක්ද?

—ශාස්තෘවරයානනි, ඔවුන්ගේ මිළ මුදල්වලින් බද්ධ අයකරගන්න ඔවුන් පරිශුද්ධකරන්න˜ (ශු කුර්ආනය 9: 103).

සකාත් (ශු,ද්ධකාරක) බද්ධ, ඇති නැති පරතරය සමාජයෙන් තුරන් කිරීම සඳහා ඉස්ලාම් යෙදු ඉතා උසස් වැඩපිළිවෙලකි. මිනිසා හැම තප්පරයකම සිහිපත් කළ යුතු ඉතා වැදගත් කරුණක් නම්, මට මෙම මිළ මුදල් සම්පත් අල්ලාහ් විසින් පිරිනැමුනු දයාදයන් මට ඔහු කෙසේ මිළ මුදල් වියදම් කරන්නට අණ කරන්නේද එම යහපත් මාර්ගයෙහි එය වියදම් කළ යුතුයි. වත්මන් සමාජයෙහි සොරකම, කොල්ලකෑම් වැඩිවීමට මෙම සකාත් නම් ශුද්ධකාරක බද්ධ නිසිලෙස ගණන් බලා නොගෙවීමත් හේතුවක් වෙයි.

අවසන් විනිශ්ච දිනයෙහි හැම කෙනෙකුම ප්‍රශ්න හතරකට පිළිතුරු සැපයිය යුතුයි. එම ප්‍රශ්නවලට පිළිතුරු නොදි ඔවුන්ගේ දෙපා සෙළවීමට පවා නොහැකිය. එම ප්‍රශ්න අතුරින් එකක් නම්: ඔබ මුදල් ඉපැයුවේ කෙසේද? එය වියදම් කළේ කෙසේද?

රමලාන් මස උපවාසයෙහි යෙදීම.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ කියයි: —විශ්වාසවන්තයිනි, ඔබට පෙර සිටි සමාජයන්ට උපවාසය අනිවාර්්‍ය කළාක් මෙන් ඔබටත් උපවාසය අනිවාර්්‍ය කර ඇත. ඒ තුළින් ඔබ බිය බැතියන් විය හැක˜ (ශු අල්කුර්ආනය 2: 103).

අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් නබි (සල්) තුමන්ගේ ප්‍රකාශය ද මෙය පැහැදිළි කරයි: —කව්රුන් අසත්‍ය කථා කිරිමෙන් ඒ අනූව කි්‍රයා කිරිමෙන් නොවැළක්වුනේද ඔහු කුසගින්නෙන් හා පිපාසයෙන් පසුවීමෙන් අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවක් නැත.˜

ඉහත සඳහන් කළ කුර්ආන් වාක්‍යයෙන්, නබි වදනින් තහවුරු වන ඉතා වැදගත් කරුණ නම් කෙනෙකු කුසගින්නෙන් හා පිපාසයෙන් පසුවීම පමණක් මෙහි අරමුණ නොවේ. ඒ වෙනුවට ඔහු වැරදි ක්‍රියාවන්ගෙන්, පහත් ලෙස හැසිරිමෙන් වැලකී සිටිය යුතුයි. ඔහු කෙසේ අල්ලාහ්ට බියවී ආහාර පාන ගැනීමට අවස්ථාව තිබියදීත් එයින් ඈත්වී සිටියේද, එලෙසම වැරදි කි්‍රයාවන් කිරිමට, අන් අය මුලාකිරිමට, අන් අයට හිංසා පීඩා කිරිමට සිතන හැමවිටම ඒ විශ්වාසය ඔහු තුළ පැවතිය යුතුයි. උපවාසය අනිවාර්්‍ය කළ අල්ලාහ් දෙවියන් අපෙන් අපේක‍ෂා කරන්නේ මෙම උතුම් ගුණාංගයන් අප තුළ පිහිටිය යුතු යන්නයි.

උපවාසයෙහි වැදගත්කම: —කව්රුන් විශ්වාසයෙන් යුතුව යහපත් ප්‍රතිඵල අපේක‍ෂා කරමින් උපවාසයෙන් පසුවෙයිද ඔහුගේ පෙර කළ සියළු පාපයන් කමා කරනු ලැබේ˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ.

හජ් කර්තව්‍ය.

ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන්වෙයි: —එම නිවසෙහි අල්ලාහ් වෙනුවෙන් හජ් ඉටු කිරීම එහි ගොස් ඒමට ශක්තයි ඇති අයට අනිවාර්්‍ය වේ˜. (ශු.කුර්ආනය 3: 98). කායිකව හා මුදල්මය වශයෙන් හැකියාව ඇති අය ජීවිතයේ එක් වතාවක් හජ් ඉටු කිරීම අනිවාර්්‍ය වේ.

—වැරදි ලෙස නොහැසිරි, පාපිෂ්ට කි්‍රයාවන් නොකර කව්රුන් අල්ලාහ් වෙනුවෙන් හජ් ඉටුකළේද ඔහු එදින උපත ලද් දරුවෙකු සේ යළි පැමිණෙන්නේය˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. ඔහුගේ සියළු පාපයන් සමාකරනු ලැබේ, ඔහු පරිශුද්ධ වන්තයෙකු බවට ද ප්තවෙයි.

—පිළිගත් හජ් කර්තව්‍යයට ප්‍රසාදය ස්වර්ගය මිස නොමැත˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. කුමන දේශයට අයත් අය විය හැක, කුමන භාෂාවන් කථා කරන්නන් විය හැක, කුමන වර්ණයෙන් යුත් අය විය හැක හැමෝම එක හා සමානව සුදු ඇදුමකින් සැරසි යාඥාවන්හි නිරතවන එම ස්වර්ණමය අවස්ථාව හජ් කර්තව්‍ය තුළින් ලෝකවාසි ජනතාවට ඉස්ලාම් උදාකර දෙයි. විද්‍යාව තාක‍ෂණය දියුණුවුනු මෙවන් යුගයක පවා පංති භේදයන්, කුල භේදයන්, වර්ණ භේදයන් සමාජයෙන් මුලි නුපුටා දැමීමට නොහැකි අවස්ථාවක ඉස්ලාම් මෙම සියළු භේදයන් අතුගා දමා සමානත්මතාවය මුළු ලෝකයාටම හජ් කර්තව්‍ය තුළින් ඔප්පුකරයි.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —මනුෂ්‍යයිනි, අපි ඔබව එක් පිරිමියෙකුගෙන් හා එක් කාන්තාවකගෙන් නිර්මාණය කළෙමු.˜ (ශු,කුර්ආනය 49: 13).

අවසන් ශාස්තෘවරයානන් වරක් මෙසේ පැවසූහ: —අරාබ් ජාතිකයාට අරාබි නොවන්නාට වඩා කිසිදු උත්තරීතර භාවයක් හිමි නොවන්නේය.˜ මෙම සියළු ප්‍රකාශයන් වචනයට පමණක් සීමා නොකර එය ප්‍රයෝගීකව ඉටු කිරීමක් වශයෙන් ඉස්ලාම්හි යාඥා ක්‍රම පවති. සලාතය අනිවාර්්‍ය කළ ඉස්ලාම් එය සමූහව ඉටු කිරීමට අණ කිරීම තුළින් සමාජ භේදයන් වනසා සමානත්මතාවය තහවුරු කරයි. ඒ වගේම හජ් කර්තව්‍ය තුළින් මුළු ලෝකවාසි ජනතාව අතරම මෙම සමානත්මතාවය ඇතිකිරීමට වෙරදරයි.

සහෝදරයාæ සහෝදරිය. ඉස්ලාම් නියමිත භාෂාවකට හෝ දේශයකට හෝ කුලයකට හෝ වර්ණයකට හෝ අයිති ආගමක් නොවෙයි` එය මුළු මානව සංහතිය වෙනුවෙන් දායාද කරනු ලැබු ජීවන සැලැස්මකි.

ඉස්ලාම්හි උපතින් වර්ණයෙන් භාෂාවෙන් කුලයෙන් කෙනෙකු උසස්වීමට හෝ පහත්වීමට නොහැක.

ඉස්ලාමය තුළ සර්ව බලධාරි දෙවියන් අතර හා මනුෂ්‍යයින් අතර කිසිදු තැරැව්කරුවෙකු හෝ මැදිහත්කරුවෙකු නොමැත. තවද කිසිදු ජ්‍යෙතිෂ්‍යවේදියෙකුට හෝ ශාස්ත්‍රකාරයෙකුට මංමුළා කිරීමට ඉඩ ප්‍රස්තාව නැත.

ඉස්ලාම්හි ඒකීය දෙවියන් ඉදිරියේ හැර වෙන කිසි කෙනෙකු ඉදිරියේ වෙන කිසි දෙයක් ඉදිරියේ තමන්ගේ ආත්ම ගරුත්වය කෙලෙසන ආකාරයට වැඳ වැටීමට හෝ හිස නමා ආචාර කිරීමට හෝ නොහැක. වැඳ වැටීම සිරස නමා ආචාර කිරීම ඇතුළු සියළු ගරු කිරීම් එකීය දෙවියන්ට පමණක් හිමිය. මෙය ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්තියකි.

ඉස්ලාමීය සියළු නීති රීතින් බුද්ධි ගෝචරය. ඉතා ඥානාන්විතයæ කාලෝචිතයæ සැමටම ගැලපෙන්නේය. පිළිපැදීමට පහසුයæ සෑම කලකටම ගැලපෙන්නේය,ශත වර්ශ දා හතරක් ගෙවී ගියද කිසිදු සංශෝධනයක් අල්-කුර්ආනයේ හෝ ඉස්ලාමීය නීති රීතින්වල සිදු නොවීය. එවැනි අවශ්‍ය තාවක්ද මතු නොවීය.

මිනිසා උපත පටන් මරණයට පත්වන තෙක් මුහුණදෙන්නාවූ සියළු අර්බුදයන්ට නියම ආකාරයට ඉස්ලාම් පිළිතුරු සපයයි. මිනිසා තමන්ගේ ආත්ම ගරුත්වය රකිමින් හිතට එකඟව ජීවත්වීමේ මාර්ගය විවර කරයි. එම නිසා ඉස්ලාමයේ ඉගැන්වීම් නියම ආකාරයට දැන හඳුුන ජීවිතයට පරිවර්තනය කරගැනීමට ප්‍රමාද නොවන්න.

සකස් කිරීම: අබූ අස්මා

විද්‍යාව කොපමණ දියුණු වූවද ලෞකීක ජීවිතයේ තෘප්තිය උදෙසා

නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නීතිය ඉදිරියේ සැවෝම සමයැයි, මිනිසා කොපමණ මොර දුන්නත් මිනිසා විසින් නිර්මාණය කරන්නාවූ ව්‍යවස්ථාව තුළ එම ව්‍යවස්ථාවේ නිර්මාතෘන් ආවරණය නොවීම නව ලොවේ සුලභ දර්ශනයකි. කිසියම් සිද්ධියකදී සාමාන්‍ය පුරවැසියාට නීතිය කි්‍රයාත්මක කළ හැකි වූවද, රටේ ප්‍රධානින් කෙරෙහි නීතියේ දැල එලීම එතරම් පහසු නොවේ. එහෙයින් නීතිය ඉදිරියේ මිනිසුන් සියල්ල සමාන යන්න, මිනිසාට වඩා උසස් ශක්තියක් එම නීතිය සම්පාදනය කළ යුතු නොවේද? මින් පෙනෙන්නේ මිනිසා තම දෑතින් නීති සම්පාදනය කිළිටි කිරීම තුළින් තම සහෝදර මිනිසාට කොතරම් අසාධාරණයක් සිදුකර ඇත්ද?

තවද ඉස්ලාම් මිනිසාව තම ජීවිතයට ඇති ලොල් බවින් මුදවාලන්නේ ය. තම ජීවත්වීමේ ආශාවම මිනිසා ඒකාධිපතියන් පැසිස්ටවාදීන් හමුවේ දණ නැමීමට හේතුව ලෙස දක්නා ඉස්ලාම් අයුක්තියට අසාධාරණයට එහෙරහිව දිවි හිමියෙන් සටන් කිරීමට මිනිස් සමාජයට උගන්වා දේ. එය වනාහි මිනිස් සංහතිය වෙනුවෙන් කරන්නාවූ උදාර පුණ්‍ය කර්මයක් ලෙස ද දෙසයි. මෙය වනාහි මානව සංහතියට ඉස්ලාම් දුන් උසස් දායදයකි.

ඉස්ලාම් මිනිසාව ඔහුගේ පහත් හා මිලේච්ඡ හැඟීම් වලින් මුදවාලන්නේය. මිනිසා කොම්පියුටර් හෝ ඩිජිටල් යුගය දක්වා කොතරම් බාහිරව දියුණු වූවද, මිනිසාගේ සැබෑ සංවර්ධනය වනාහි තම තිරිසන් හැඟීම් තමා පාලනය තබා ගන්නේද? නැත්නම් ඊට වහල් වී තම සිතැඟි පරිදි කි්‍රයා කරන්නේ ද? යන්න තීරණය කිරීම මත වේ. ඔහු තවදුරටත් තම පහත් ආවේගයන්ට වහලෙකු වී සිටින්නේ නම් එහි අර්ථය මිනිසා දියුණු වී නොමැත යන්නයි. බාහිර වශයෙන් මිනිසා අඟහරු තරණය කළද එය එතරම් සැළකිය යුතු දෙයක් නොවේ. මෙය වනාහී ඉතිහාසගත සත්‍යයකි. ලෞකීක ජීවිතයේ තෘප්තිය උදෙසා පමණක්ම කි්‍රයා කළ කුමන සමාජයක් හෝ මේ ලොවේ බලය, අධිකාරය, ගෞරවය රැකගෙන මිනිස් සමාජයේ උන්නතියට හවුල් වී නොමැති බව පෙනීයයි. ගෞරවනීය ලෙස ජීවත් වූ ග්‍රීක අධිරාජ්‍යයට වූ ඉරණම කුමක්ද? රෝම රාජධානියේ වැටීමට හේතුව, පර්සියානු අධිරාජ්‍යයාගේ වැටීමට හේතුව ඉතිහාසයේ යම් අවස්ථාවක ශරත්වය විදහා දක්වනු ලැබූ ප්‍රංශ අධිරාජ්‍යයා තම කාම සුඛළ්ලිකානු ජීවන රටාව හේතුවෙන් දෙවන ලෝක මහා යුද්ධයේදී, සතුරා වෙත එක පහරින් යටත් වූයේ නැද්ද? වීරත්වයේ ගෞරවයෙන් පිදුම් ලද ජනතාවක් සතුරා ගෙන් තම රට බේරා ගැනීම වෙනුවට තම සරාගී දහනේ කේන්ද්‍රස්ථානය වූ පැරිසිය බේරා ගැනීමට කි්‍රයා කළේ නැද්ද?

ඇමෙරිකාවද, මීට දෙවැනි නොවේ. විද්‍යාව කොපමණ දියුණු වූවද, ඒ මගින් මිනිසාගේ ස්වාභාවික හැඟීම් වෙනස් කළ නොහැකිය. විද්‍යාව වනාහී අල්ලාහ්ගේ නීතියෙහි අල්ප මාත්‍ර වූ කොටසකි. ඇමෙරිකාවේ විශාල භූමි භාගයක් හා බාහිර දියුණුවක් ලබා තිබුණද සදාචාරත්මක ලෙස කාන්තාරයක් බවට පත්ව තිඛෙන්නේය. වර්ණ වාදය, මෙහි කලූ ජාතික ජනතාවට කරන්නාවූ තාඩන පීඩන, තවද එහි මිලෙච්ඡ හැඟීම් වල උල්පත මත්ද්‍රව්‍ය ඒ ආශ්‍රිත අනාචාරය මේ නිසා ඒඩ්ස් රෝගයේ ව්‍යාප්තිය.

නව ලෝක රටාවක් හඳුන්වාදෙන ඇමෙරිකාවේ වර්ණ වාදය කොතරම් දුරට මුල් බැසගෙන තිබේදැයි විටින් විට ඇති වන්නාවූ වර්ණවාදී කෝලාහලවලින් දිස්වේ. තවමත් ඇමෙරිකානුවන් වහලූන් ලෙස කළු ජාතීන්ව සැලකීම මොවුන්ගේ පහත් සිත නොවේද? තව දුරටත් ඇමෙරිකානු නීතිඥයින් පවසන්නේ කුමක්ද යත්?

—කළු ජාතිකයින් ඇමෙරිකාවේ සම්පත්ය, ඔවුනට මිනිස් අයිතිවාසිකම් ලැබේද යන්න සැලකීම අපේ කාර්යය නොවේ.˜

මේ වූ ආකාරයට ඇමෙරිකාවේ පමණක් නොවේ. ඔස්ටේ්‍රලියාවේ සිට බටහිර යුරෝපයේ සිට ආසියානු මහද්වීපය දක්වා වර්ණයේ, ජාතියේ, ලිංග භේදයේ නාමයෙන් (ඉස්ලාම්හි කාන්තා විමුක්තිය පිළිබඳ වෙනම ග්‍රන්ථයක් සකස් වේ.) 21 වන සියවසදීත් මිනිස් සමාජය තුළ පුහු සීමාවන් පනවාගෙන ඇණ කොටා ගැනීම කොතරම් අඥාණ කි්‍රයාවක් ද?

මිනිසාව මිනිසා පහත් කොට සැලකීම ආරම්භවන්නේ කොතැනින් ද?

මා උසස්ය: නුඹ පහත්ය: මා පාලකයාය: නුඹ පාලිතයාය: මා මේ ජාතිකයාය: නුඹ අර ජාතිකයාය: මා සුදු ජාතිකයාය: නුඹ කලූ ජාතිකයාය: යන වෙනස්කම් හා ඒ යටතේ නැගෙන්නා වූ උසස් හැඟීම් තමා වැනි මිනිසුන්ව පහත් කොට සැලකීමට, අගෞරව කිරීමට පොළඹවන්නේය.

මෙවන් ආකාරයට මානව සංහතිය ඛෙදා වෙන් කරන්නාවූ පුහු ප්‍රලාපයන් තුරන් කිරීමට කරුණාවෙන්, සහෝදරත්වයෙන් වෙලීමට ගතයුතු පියවර කුමක්ද?

මේ සඳහා මිනිසාගේ චින්තනයේ හා ආකල්පවල වෙනසක් සිදුවිය හැක. මිනිසුන් සියල්ලන්ම අල්ලාහ් විසින් මවා ඇත. ඔහුගේ දෘෂ්ටියට සියල්ලන් සමානය, මුළු මානව සංහතියම එකම පුරුෂ, ස්ත්‍රී, මූලයේ සිටම නිර්මාණය කළේය. ජාතිය, දේශය, වර්ණය, භාෂාව යන්න උස් පහත් බව මැනීමේ ඒකක නොවේ. මේ වෙනස් කම් සියල්ල එකිනෙකා හඳුනා ගැනීමේ ආධාරක මිස, අඩ දබර කර ගැනීමේ සාධක නොවේ…. විනය ගරුත්වය, සදාචාරය, භය භක්තිය ඇති අය අල්ලාහ් වෙත උසස් වන්නේය. ඔවුන් තම සෑම කි්‍රයාවක් කෙරෙහිම අල්ලාහ් වෙත වගකිව යුතුය.

මෙවන් චින්තනයන් කිසියම් මිනිසෙකු සිතේ තැන්පත් වූ විට ඔහු අන් මිනිසුන් කෙරෙහි පහත් හා නින්දිත ආකාරයට නොබලයි. ස්වභාවයෙන් අන් මිනිසුන් කෙරෙහි කරුණාව, දයාව දක්වයි.

නව සියවසේ ජාති, දේශ, වර්ණ වැනි සීමාවන්ගෙන් තොරව ජාත්‍යන්තර මුස්ලිම් ප්‍රජාව සහෝදර බැම්මෙන් එක්කර ඇත්තේ මේ ආකළ්පයයි. මේ චින්තයන මානව සමාජය පිළිගැනීමට හා කි්‍රයාත්ම කිරීමට ඉස්ලාම් අවශ්‍ය නොවේද?

මුහම්මද් නබි (සල්) තුමාණෝ පැවසූහ: —ආරාබි ජාතිකයින්, ආරාබි නොවන්නන්ට වඩා ද, කළු ජාතිකයින් සුදු ජාතිකයින්ට වඩා ද සුදු ජාතිකයින් කළු ජාතිකයින්ට වඩා ද උසස් නොවේ. අල්ලාහ් වෙත උසස් පුද්ගලයා භක්තිය ඇති පුද්ගලයා වේ.˜

ලෞකීක ජීවිතයේ බාහිර ඔපය පමණක් පිම්බීමට තම සියලූ සම්පත් කැටි කොට එල්ල කර ඇත්තාවූ ලෝක බලවතා නව සියවසේ දී මුළු මානව සංහතියටම හිසරදයක් වීම පමණක් නොව තමාගේ ගෞරවය, බලය අධිකාරයෙන් ද දුරස් වීම, දක්නට ලැබේ.

මේ සියල්ල තම ලොවේ ඇති වේදනා සහගත සිද්ධීන්ය. මෙයින් මානව සංහතිය මුදවා ගැනීමට ඉස්ලාම් අත්‍යවශ්‍ය නොවේද?



කතෘ: යූසුෆ් නියාස්


අති පාරිශුද්ධවූත්, මහා කාරුණිකවූත්, පරම දයාබර වූත් අල්ලාහ්

ගින්දර යුගයේ සිට අඟහරු යුගය දක්වා භෞතික වශයෙන් අනේක විධ යෝධ පියවරවල් තබමින් ඉතා සීඝ්‍ර ලෙස තාක‍ෂණික ලොවට අවතීර්ණ වූ නව යුගයේ මිනිසා මෙතෙකුත් තම පහත් හැඟීම් හා මිලේච්ඡ ආශාවන් වෙතින් මිදී ඉදිරියට ඒ මේ ප්‍රවණතාවයක් පෙන්නුම් නොකිරීම නව යුගයේ මුළු මානව සංහතියටම අති විශාල අභියෝගයකි.

මිනිසා අති විශාල වශයෙන් භෞතික වස්තූන් කෙරෙහි සම්බන්ධතා වර්ධනයෙහිලා ඉදිරියෙන් සිටියද, මිනිසාගේ සිත නොදියුණු වනචාරි යුගයක පැවතීම මිනිසා ලබාගත් සියලූ ද්‍රව්‍යමය වර්ධනයන් ක‍ෂණිකව විනාශ කිරීම පමණක් නොව මුළු මිනිස් සංහිතයම දරුණු ආගාධයක් කරා තල්ලූ කිරීමකි.

මිනිසා භෞතික හා ලෞකික වශයෙන් ලබාගත් දියුණුවේ සාර්ථකත්වය රඳා පවතිනුයේ ඔහු තමා හා විශ්වය පිළිබඳ ලබා ගන්නා වූ නිවැරදි දැනුම ආශ්‍රයෙනි.

මිනිසාගේ දැනුම, බුද්ධිය හා අවබෝධය සැලකීමෙහිලා, කිසියම් සීමාවකට කොටුවී ඇති බව පැහැදිලිය.

විශ්වයේ සර්ව බලධාරියා වූ අල්ලාහ් මිනිසාව ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙස පෘථීවියට ප්‍රවේශ කර මුලූ පෘඵිවි තලය තුළම මිනිසාව ඇගයීමට ලක් කර ඇත.

කාලයේ මැවුම් කරුවූ අල්ලාහ් ඒ කාලය තුළ මිනිසාව සිර කර ඇත.

පෘථීවියේ මැවුම් කරුවූ අල්ලාහ් අවකාශය තුළ මිනිසාව වෙල ඇත.

ආලෝකයේ මැවුම් කරුවූ අල්ලාහ් මිනිසාව ඒ ආලෝකයට වහල් කර ඇත.

අන්ධකාරයේ මැවුම් කරුවූ අල්ලාහ් මිනිසාව ඒ අන්ධකාරයේ අවශ්‍යතාවය කෙරෙහි ගොනු කර ඇත.

මේ වූ ආකාරයට ඉර, හඳ, ග්‍රහ තරු හා සුවිශාල විශ්වයන්ගේ මැවුම් කරුවූ සර්ව බලධාරි අල්ලාහ් පෘථීවි තලයෙහි තම උසස් නිර්මාණයක් වූ මිනිසාට අවශ්‍ය සියල්ල කිසිම අතපසුවීමකින් තොරව අංග සම්පූර්ණ කර ඇත. ඒ අනූව මිනිසාගේ බුද්ධියේ වර්ධනය ද වරින් වර අල්ලාහ් විසින් වර්ධනය කර ඇත. මිනිස් අවශ්‍යතාවයට සරිලන ආකාරයට ඒ හා සමාන වූ දැනුමක් මිනිසාට ලබා දෙන්නේද අල්ලාහ්ය. උදාහරණ වශයෙන් ගල් අඟරු, ඛනිජ තෙල්, ගෑස්, පරමාණු බලය, යනාදි ලෙස මිනිසාට අවබෝධය මඟ පෙන්වීම් කරන්නේ අල්ලාහ්ය. මේ සියලූ බල ශක්තීන් මිනිස් අවශ්‍යතාවන්ය. ඒවා අවශ්‍ය වකවානු තුළ මිනිස් බුද්ධියට මඟ පෙන්වනු ලබන්නේද, අල්ලාහ්ය.

මිනිසා විසින් හිරුට අවශ්‍ය හීලියම් වායුව සැපයුම් කළ යුතු නැත. වාතයට ඔක්සිජන් හෝ ජල වාෂ්ප සැපයිය යුතු නොවේ. ඒ සියල්ල අල්ලාහ් විසින් ක්‍රමවත්ව සූක‍ෂම හා සැලසුම් සහගතව සිදුකරන්නේය.


විශ්වයේ හා පෘථීවියේ අවධානය යොමු කළ විට මිනිසා වෙනුවෙන් අල්ලාහ් විසින් ප්‍රදානය කරන ලද්දාවූ දායාදයන් මිනිසාට ගිණුම් ගත කිරීමට බැරී තරමට ඉමහත්ය.

—මිනිසාගේ නිර්මාතෘ අල්ලාහ්ය. ඔහු මිනිසාට කථීකත්වය හා අවබෝධය ලබා දුන්නේය. හිරු හා සඳු ඒවාට නිශ්චිත කරනු ලැබුවා වූ මාර්ගයෙහි ගමන් කරන්නේය, ගස් වැල් ශාක යනාදිය අල්ලාහ්ව පිදුම් කරන්නේය, අහස මැවූ අල්ලාහ් එය උස් කළේය, මිනුම සමතුළිත භාවය හා යුක්තිය පිහිටුවාලූයේ මිනිසා එම සමතුළනයෙහි, සීමාව නො ඉක්මවාලීමටයි, යුක්ත ලෙස මිනුමෙහි යෙදෙන්න. එහි අඩුවක් නොකරන්න. තවද ඔහු පෘථීවිය මවා එය මැවීම්වලට උචිත කළා. එහි පලතුරු හා රට ඉඳි ගස්ද තිඛෙන්නේය. තවද පොතු සහිත ධාන්‍යයද, සුගන්ධය දෙන්නාවූ පැළෑටිද ඇත්තේය.˜ (ශු කුර්ආන් 55: 1- 12).

අල්ලාහ් විසින් මිනිසාට පමණක් නොව ස්වභාව ධර්මයටද ජීවය ලබා දී ඇත. හිරු සඳු, තාරකා සියල්ල අල්ලාහ්ගේ අණ පිළිපැද නිශ්චිත මාර්ගයෙහි ගමන් කරන්නේය, ඒ සිය්ලල මිනිසාට සේවය කිරීමට බැඳී සිටින්නේය.

—සූර්යයා, චන‍ද්‍රයා යන දෙපල තමන්ට නිශ්චිත මාර්ගයෙහිලා ගමන් කිරීම කෙරෙහි ඔබට අවනත කර දී ඇත.˜ (ශුද්ධවූ කුර්ආන් 14: 33).

තවද ගස්වැල් හා යෝධ ඝනයේ ශාක ගැන සලකා බැලීමේදි පරිසරයේ වැදගත්ම සාධකය ශාක බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. අප වෙසෙන්නා වූ භූමියෙන් තුනෙන් එකක් ගස් වැල් වලින් ගහනය වී ඇති බව පෙනීයයි. පරිසර සංරක්ෂණයට බලපාන මේ ශාක මගින් වාතය පවිත්‍ර කර, ජල සැපයුම් ක්‍රමවත් කර, ලක‍ෂ සංඛ්‍යාත පක‍ෂීන්ට හා සතුන්ට නවාතැන් සපයන්නේය, තවද මෙම ශාක කාබන්ඩයොක්සයිඩ් වාතය හා වෙනත් වායු ස්වසනය කර පෘථීවියේ ශිතෝෂණ භාවය ආරක‍ෂා කර පරිසර සමතුළනය රැකදෙන්නේය. මිනිසාට වැළෙඳන්නාවූ ලෙඩ රෝග සුව කිරීමට ලබා ගන්නා වූ ඖෂධ 3000 ක් වූ ශාක වර්ගයෙන්ම ලබා ගන්නේය. මේ මඟින් පිළිකා සඳහාද ඖෂධ ලබාගන්නේය. මේ ශාක වර්ග 2000 ක් ම ඇමසන් වනයෙහි පවතින්නේය.

ඉස්ලාමීය දෘෂ්ටිය අනූව අහස පොළොව, අවකාශය, කඳු, ගස්වැල්, අහසේ සැරිසරන්නාවූ පක‍ෂීන්ද, සතුන්ද අල්ලාහ්ව ප්‍රශංසා කරන්නේය.

—සත් මහා අහසද, පෘථීවිය හා ඇති සියල්ලද, අල්ලාහ්ට ප්‍රශංසා කරන්නේය, අල්ලාහ්ට ප්‍රශංසා නොකරන්නාවූ කිසිම වස්තුවක් නොමැත්තේය, නමුදු එසේ ප්‍රශංසා ස්තෝත්‍ර කිරීම ඔබට නොෙඳන්නේය.˜ (ශු අල්කුර්ආන් 15: 44).

තවද ජලය, භූමිය, වාතය, ගින්දර, සූර්යයා ලෝකය, ශාකයන් යනාදිය මිනිසාට පමණක් නොව සෑම ජීවියෙකුටම පොදුය. එහෙයින් මෙම සම්පත් මිනිසාට සීමාව ඉක්මවා පරිහරණය කළ නොහැකිය.

—එසේම දාවුද් සමග එක්ව (ස්තෝත්‍ර) කිරීමට කඳු හා පක්ෂීන්ද අවනත කර දුන්නෙමු˜ (ශු කුර්ආන් 17: 79).

නබි (සල්) තුමාණෝ මිනිසුන්ට පමණක් නොව සතුන්ටද, ගස්වැල්, පක‍ෂීන්, පමණක් නොව කඳුවලට පවා කරුණා, දයාව පෙන්වූහ. මදීනා නගරය අවට පිහිටි උහද් ශීඛරය කෙරෙහි නබි තුමාණෝ දැඩි සෙනෙහසක් දැක්වූහ. එක් වරක් උහද් ශිඛරය කම්පනය වනු දුටු නබි (සල්) තුමාණෝ

—උහද් සන්සුන්වන්න˜ ඊට පැවසූහ. මෙහිදී මිනිසුන් සමග කථා කරන්නාක් මෙන් කඳු ශිඛරය සමඟ කථා කළෝය, තවත් විටෙක —උහද් අපට සෙනෙහස පුදන්නේය, අපද එයට සෙනෙහස පුදන්නෙමු˜ යි කීවෝය.

සැම වස්තුවක්ම අල්ලාහ්ගේ පාලනයෙහිම පවතින්නේය. ඒවා අල්ලාහ් විසින් මිනිසාට අවනත කර දී ඇත. සැබෑ උරුමක්කරුවා අල්ලාහ්ය. මේ වස්තූන් මිනිසාට වගකීමක් ලෙසම බාර දී ඇත.

—ඔහුම අහසේ සිට ජලය පතිත කර ඒ මගින් සෑම වස්තුවකම මූලයන් අවතීර්ණ කළේය˜ (ශු අල්කුර්ආන් 6: 100).

ජලය වනාහි ඉතාමත් වැදගත් සම්පතකි. සෑම ජීවියෙකුගේම ජීවිත ජලය සමග වෙලී පවතී. පෘථීවියේ 3රැ4 ක්ම ජලයෙන් වට වී ඇත. එහි බාහිරව 70්‍ර ක් ම ජලයම වේ. දූවිලි සමග මෙන්ම වාතයේ ද, පෘථීවි අභ්‍යන්තරයේද, පස් සමගද, සෑම ජීවියෙකු වෙතම ජලය පවත්නේය. මිනිස් ශරීරයෙහි 70්‍ර ක් ම ජලය වේ. තවද අප අහරට ගන්නා පලතුරු, ධාන්‍ය, එලවළු වලද වැඩිම ප්‍රතිශතයක් ජලයම වේ.

පෘථීවි ජලයෙන් 98්‍ර ක් ම සාගර ලෙස පවත්නේය. එය ලූණු රස සහිතය, තවද 1්‍ර ක් උත්තර හා දක‍ෂිණ ධ්‍රැවයේ හිම ලෙස මිදි පවත්නේය. එහෙයින් පෘථීවි ජලයෙන් 99්‍ර ක්ම සෘජුවම පරිහරණය කළ නොහැකිය. එසේම පෘථීවි ජීවින් සියල්ලන්ම 1්‍ර ක් වූ ජලයම තම අවශ්‍යතා සඳහා පරිහරණය කළ යුතු වන්නේය.

අල්ලාහ්ගේ දායාදයන්ගෙන් ජලය ඉතාමත් උසස් දායාදයන්ය.

—අහසෙහි සිට සැලසුම් සහගතව ජලය අප පතිත කළෙමු. පසුව එය පෘථීවියේ ගබඩා කළෙමු. අප එය නැති කර දැමීමටද ශක්තිමත් වෙමු.˜ (ශු අල්කුර්ආන් 23: 18).

භූගත ජලය වර්ෂාව මඟින් පතිත වන්නාවූ ජලයම බව මෑතකදී සොයාගත් විද්‍යාත්මක සත්‍යයකි මෙයම කුර්ආන්හි අල්ලාහ් පවසා ඇත.

පානීය ජලය අපගේ දිවට උචිත රසයෙකින් අල්ලාහ් සංයුක්ත කර ඇත. එය ලූණු හෝ තිත්ත රස නොවී දිවට උචිත රසයකින් සංයුක්ත වී ඇත.

සාගර ජලය ලූණු රසම වේ. එය ජීවීන්ට පානය කළ නොහැකිය. එසේම එහි ලූණු රසය නොමවේනම් අපවිත්‍ර වී යනු ඇත.

—ඔබ පානය කරන්නා වූ ජලය දෙස බැලූවේද? එය වලාකුළු මතින් ඔබ පතිත කරන්නේද? නො එසේනම් අප පතිත කරන්නේද? අප සිතුවේ නම් එය පානය කළ නොහැකි නීරස බවට හරවන්නෙමු. ඊට ඔබ ස්තුති පූර්වක විය යුතු නොවේද?˜ (ශු කුර්ආන් 56: 68-70).

තවද මුහුදු ජලය සූර්යාලෝකය මඟින් ජල වාෂ්ප බවට හැරවෙන්නේය. තවද භූගත ජලයද ශාකයන්ගේ මුල් මගින් උරාගෙන පත්‍ර මඟින් ජල වාෂ්ප ලෙස වාතයට මුස් කරන්නේය.

හිරු රශ්මිය මඟින් ගොඩබිම් සීඝ්‍රයෙන් උණුසුම් වී එහි ඇති වාතය බර අඩු වී ඉහළ එසවීම තුළින් මුහුදේ වූ ජල වාෂ්ප සහිත වාතය ඒ අඩුව පිරවීම සඳහා ගොඩබිම් කරා හමන්නේය. එහෙයින් එම ජල වාෂ්ප සහිත වාතය ඉහල එසවීම තුළින් වලාකුළු බවට පත් වී වර්ෂාව පතිත කරන්නේය. ඒ මගින් ජීවීන්ට ප්‍රයෝජනවත් වන්නාවූ ගංගා ද සෑදෙන්නේය.

—අල්ලාහ් සුළඟ හැමීමට සලස්වන්නේය, ඒවා මතින් වලාකුළු ගමන් කරන්නේය. පසුව ඒවා වියළි, ඉරිතලා ගිය භූමියට පතිත කර ඒ මගින් මලානික වී ගිය භූමිය සකි්‍රය කරන්නෙමු.˜ (ශු අල්කුර්ආන් 35: 9).

වලාකුළු තුළ කිසියම් ප්‍රමාණයක විදුලිය කෙටීමක් සිදුවන්නේය. මෙය අපට ගෙරවිලි හා විදුලි කෙටීම ලෙස පෙනේ. මෙය එකිනෙකට ප්‍රතිවිරුද්ධ අංශුන් අතර සිදුවන්නාවූ සූක‍ෂම කි්‍රයාවලියකි. මෙම ප්‍රතික්‍රියා තුළ කිසියම් වෙනසක් සිදුවේ නම් ජලය නීරස වන්නේය. තවද විදුලි කෙටීම හේතුවෙන් ශාක සඳහා අවශ්‍ය ගණනය කළ නොහැකි නයිට්‍රජන් ප්‍රමාණයක් උත්පාදනය වීම කෙතරම් ආශ්චර්යක්ද?

—ආලෝකමත් විදුලි කෙටීම ඔහුම, ඔබට පෙන්වන්නේය, ඒ තුළින් ඔබට බිය හා වාසියක් සිදුවන්නේය, තවද ජලයෙන් සපිරු වලාකුළු ඔහුම ඇති කරන්නේය.˜ (ශු කුර්ආන් 13: 12).

තවද පානීය ජලය තමා තුළ දෘෂ්ඨිය පහරන්නා විදුලිය හා සවන බිහිරි කරවන ගෙරවිලි සහිත වීම කොතරම් ආශ්චර්යක්ද?

—අල්ලාහ්ගේ දායාදයන් ඔබ ගණනය කළේ නම්, එය ගණනය කිරීමට ඔබට නොහැකිය, ඇත්ත වශයෙන්ම මිනිසා සාපරාධී හා කළගුණ නොදත්තෙකු වන්නේය.˜ (ශු කුර්ආන් 14: 34).

—ඔබ මැවුම්කරුගේ වාක්‍යයන් ලිවීමට සියලූ සාගරයන් උපයෝගී කරගත්තද, එවැනිම තවත් ප්‍රමාණයක් උපයෝගි කරගත්තද, (සියලූ ශාකයන් පන්හිඳ ලෙස යොදාගත්තද) ඒවා නිමවූවද, ඔබේ මැවුම්කරුගේ වාක්‍යයන් නිම නොවේ.˜ (ශු කුර්ආන් 18: 109).

සර්ව බලධාරී මහා කාරුණික අල්ලාහ් මිනිසාගේ සියලූ අවශ්‍යතා සපුරා පෘථීවියට ප්‍රවේශ කර ඇත.

—ඔබට පෘථීවියේ සෑම පහසුකමක් සපුරා එහි ජීවන පහසුවද සපුරාලූවෙමු.˜ (ශු කුර්ආන් 7: 10).

විශ්වයේ සෑම අංගයක්ම මිනිස් ජීවිතයේ පහසුව, සෞභාග්‍යය හා සශ්‍රීකත්වය තකා ඉතා විශාල කාර්ය භාරයක් ඉටු කරන්නේය. උදාහිරෙන් සූර්යයා පිබිදීමත් සමඟ මිනිසා තම නින්දෙන් අවදිවන්නේය. දහවල ඔහුගේ ශ්‍රමය කැප කිරීමට අවශ්‍ය, උෂ්ණත්වය, ශක්තිය හා කඩිසර බව ලබා දෙන්නේය. දහවල මුළුල්ලේ ශ්‍රමය කැප කළ මිනිසාට දැන් විවේකය අවශ්‍ය වන්නේය. ඒ සඳහා අඳුරු සළුව වසාලීමට අවශ්‍ය ආකාරයට සූර්යයා බටහිර සයුරේ ගිලිහීමත් සමඟ රෑ ඝනදුර මිනිසාව වෙලාගැනීමටත්, ඔහුගේ මහන්සිය මඟහැරීමට නිදියහනට ගොස් සුවය, විවේකය ලබාගන්නේය.

—රැය ද මොවුන්ට එක් හාස්කමකි. ඒ තුළින්ම අප දහවල උදුරා ගන්නෙමු. එවිට ඔවුන් අඳුර ලබාගන්නේය.˜ (ශු කුර්ආන් 36: 37).

ඉහත දැක්වූ ආකාරයටම මිනිස් ජීවිතයේ පැවැත්මට අවශ්‍ය වූ ජලය අහසින් පතිත වීමද, ඒ හේතුවෙන්ම ඉරි තැලී වියලි ගිය භූමියට ජීවය ලැඛෙන්නේය. තවද සශ්‍රීක වූ ශාකයන් දෑස් පිනවන පුෂ්පයන් විවිධ රසැති පලතුරු වර්ග එසේ සිව්පාවුන්ගෙන් මස් හා කිරි වර්ග භූමිය අභ්‍යන්තරයේ ඇති ඛනිජ වර්ග, පාෂාණ මේ ආදී මිනිස් ජීවිතයේ බාහිර අවශ්‍යතා සඳහා කෙතරම් සූක‍ෂම ලෙස සැලසුම් කර ඇත්ද? යන්න අල්ලාහ් පෙන්වා දෙයි.

—අල්ලාහ් අහස හා පොළොව නිර්මාණය කිරීම කෙරෙහිද, රැය හා දහවල යළි යළි පැමිණීම තුළින්ද, මිනිසාට ප්‍රයෝජනවත් දෑ සාගරයන් මතින් ගෙන යන්නාවූ නෞකා මඟින්ද, අහසෙහි සිට ජලය පතිත කර අල්ලාහ් ඒ තුළින් වියළී මලානික වී ගිය භූමිය ප්‍රාණවත් කිරීම තුළින්ද, එහිම සෑම වර්ගයකම ජීවීන් ව්‍යාප්ත කිරීම තුළින්ද, සුළඟ සෑම දිශාවකටම හැරවීම තුළින්ද, අහස හා පොළොව අතර සීමා වී සිටින්නාවූ වලාකුළු තුළින්ද බුද්ධිමත් ජනතාවට සාක‍ෂීන් තිඛෙන්නේමය.˜ (ශු අල්කුර්ආන් 2: 164).

ඇත්ත වශයෙන්ම පෘථීවිය මිනිසාගේ බාහිර අවශ්‍යතා සියල්ල සපුරා තිබුණද, මිනිසා වනාහී භෞතික වස්තූන් මෙන් අණු හා පÞර්ථවලින් පමණක් ගහන වේ, ඔහු ආත්මයකින්, මනසකින් හා ශරීරයකින් යුක්ත වූවෙකි. මිනිසාගේ ශරීරයෙහි හා මනසෙහි අවශ්‍යතා සපුරා තිබුණද, ආත්මයෙහි අවශ්‍යතාවද සපුරා ලිය යුතුය. ඒ සැපරීම් වස් දැනුම, බුද්ධිය අවබෝධය අසමත් වී ඇත. ඔහුගේ දැනුම කිසියම් සීමාවකට යටත් වී ඇති බව අල්ලාහ් පෙන්නුම් කරයි.

—ඔබට දායාද කර ඇත්තේ ඉතාමත් අල්ප මාත්‍ර වූ ඥාණයක් පමණි.˜ (ශු අල්කුර්ආන් 17:85).


සතෙකු කුර්බාන් කිරීම-ප්‍රාණ ඝාතනය සහ ඉස්ලාම්

ඉස්ලාම් සත්ත්ව ආහාර අනුභව කිරීම තහනම් නොකර ඇත්තේ මන්ද? එසේත් නොමැති නම් ඉස්ලාම් නිර්මාංශ ආහාර පමණක් අනුභව කිරීම අනුමත නොකළේ මන්ද?

මෙය අද බොහෝ අන්‍ය ආගමිකයින් විසින් මතු කරනු ලබන ප්‍රශ්නයකි. එබැවින් මේ ප්‍රශ්නයට විද්‍යානුකූල හා තර්කාන්විත පිළිතුරක් දීම කාලෝචිත යැයි සිතුණි.

මුලින්ම හා කෙළින්ම අප කියන්නට ඕනේ ඉස්ලාම් එක් අංග සම්පූර්ණ ප්‍රයෝගික ජීවන ක්‍රමයක් බව. එබැවින් අන්‍ය ආගම්වල හෝ වෙනත් වෙනත් සිද්ධාන්තවල ඇති කරුණු, අදහස්, අවවාද, උපදෙස් වැනි කිසිවක් ඉස්ලාමයට ඈඳා ගැනීමට හෝ කුලියට ගෙන ඉස්ලාමයට ඇතුළත් කිරීමට කිසිදු උවමනාවක් නොමැත. එය විශ්ව සාධාරණ විශ්වීය දහමකි, ජීවන ක්‍රමයකි.

මේ බව අල්ලාහ් අල් කුර්ආනයේ 5 වැනි පරිච්ඡේදයේ 3 වැනි පාඨයෙන් මෙසේ අවධාරණය කර සිටියි.

—අද දින ඔබ වෙනුවෙන් ඔබගේ දහම අංග සම්පූර්ණ කළෙමි. තවද මම ඔබ වෙනුවෙන් මගේ අනුග්‍රහය, ආශිර්වාද අංග සම්පූර්ණ කළෙමි. තවද ඔබ වෙනුවෙන් ඉස්ලාම් දහම ඔබගේ මාර්ගෝපදේශය ලෙස තෝරා ගත්තෙමි.˜

එසේ නම් ඉස්ලාම් ධර්මය, මේ ලෝකයේ ඕනෑම අස්සක මුල්ලක ජීවත්වන ඕනෑම මිනිසෙකුට කිසිදු සැකයකින් හා අපහසුතාවයකින් තොරව අනුගමනය කිරීමට හැකි විය යුතුයි. අරාබියේ කාන්තාර පරිසරයක ජීවත් වන ජනයන්ට මෙන්ම, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි කෘෂිකාර්මික පරිසරයක ජීවත්වන ජනයන්ටත් කිසිදු සැකයකින් තොරව හෘදය සාක‍ෂියට එකඟව ඉස්ලාම් අනුගමනය කිරීමට හැකි විය යුතුය.

මේ නිසා අල්ලාහ්, නිර්මාංශ ආහාර පමණක් අනුභව කළ යුතු යැයි සීමාවක් ඇති කොට ඉස්ලාම් ධර්මය අනුගමනය කරන මුස්ලිම්වරුන් අපහසුතාවයට පත් කළේ නැත.

මිනිසා නම් සත්වයා සර්ව භක්ෂක සත්වයෙකි. එම නිසා මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ශාක ආහාරයට මෙන්ම මාංශ ආහාරයට ද උචිත වන පරිදි නර්මාණය වී ඇත. නිර්මාංශ ආහාර පමණක් අනුභව කරන සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය නිර්මාණය වී ඇත්තේ හුදෙක් නිර්මාංශ ආහාරයට උචිත වන පරිදිය. එමෙන්ම ඔවුන්ගේ මුඛයේ පිහිටා ඇති දන්ත පද්ධතිය ද සර්ව භක්ෂක මිනිසාගේ දන්ත පද්ධතියට වඩා ඉඳුරාම වෙනස්ය. එනම් ආහාර ඇඹරීමට හා තැලීමට පමණක් උචිත වන පරිදිය.

එනමුත් මිනිසාගේ දන්ත පද්ධතිය විවිධ දත් වර්ග වලින් සමන්විත වේ. එනම් ආහාර කැබැලිවලට කැපීම සඳහා කෘන්තක දත් ද ආහාර කුඩා කැබලිවලට ඉරීම සඳහා රදනක දත් ද ආහාර තැලීමට හා ඇඹරීමට සුදුසු වන පරිදි චාර්වක හා පුරශ්චාර්වක දත් ද වැඩුණු මිනිසෙකුගේ දන්ත පද්ධතියේ දකින්නට ලැබේ. කෘන්තක හා රදනක දත් තියුණු වන අතර, චාර්වක හා පුරශ්චාර්වක දත් පැතැලි පෘෂ්ඨයන්ගෙන් යුක්ත වේ.

මිනිසා හුදෙක් නිර්මාංශ – ශාක භක්ෂක ජීවියෙකු වූයේ නම් – මිනිසාගේ දන්ත පද්ධතිය ශාක භක්ෂක සතුන් යන හරකුන්ගේ එළුවන්ගේ මෙන් දත් පද්ධතියක් විය යුතුයි. එනම් ආහාර ඇඹරීමට හා තැලීමට පමණක් සුදුසු දත් පද්ධතියක් මිනිසා සතු විය යුතුයි. නමුත් ඊට වෙනස් වූ දත් ද ඔහුට ඇත.

මේ අනූව බලන කල මිනිසා සත්ව මාංශ අනුභව කිරීම විද්‍යානුකූලයි. එය මිනිස් ස්වභාවයට පටහැනි නොවේ. එනමුත් ඉස්ලාම් සෑම සතෙකුම ආහාරයට ගැනීමට අනුමැතිය ලබා දී නැත. සූකර මාංශ ඉස්ලාම් තහනම් කොට ඇත. එමෙන්ම දඩයම් කර අනුභව කරන සතුන්ගේ මාංශ (කොටි, වලසුන්, සිංහයන්, වැනි සතුන්ගේ මාංශ) අනුභව කිරීම ඉස්ලාම් තහනම් කොට ඇත. මේ නිසා සත්වාහාර ගැනීමෙන් තිරිසන් රෞද්‍ර ගති ගුණ මිනිසා තුළ ඇති වේ යැයි ඇතැමුන් නගන තර්ක ද බිඳ වැටේ.

මේ විශ්වය මැවූ අල්ලාහ් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා විශ්වයේ ඇති අනෙකුත් සෑම දෙයක්ම මවා ඇත. ඒවායින් සමහරක් දේවල් අනුභව කිරීමටත්, සමහරක් දේවල් භුක්ති විඳීමටත්, අල්ලාහ් මිනිසාට අනුමැතිය ලබා දී ඇත. මේ බව අල්කුර්ආනයේ බොහෝ තැන්වල අවධාරණය කෙරේ.

සිව්පාවූන් මැව්වේත්, (අල්ලාහ්) ඔහුය. එහි ඔබට උණුසුම් (ඇඳුම්) ද අනේක විධ ප්‍රතිලාභ ද ඇත. තවද එහි ඔබට බුදින්නට ආහාර ද ඇත.˜ (ශ අල්කුර්ආනය 16- 5

තවද ඔහු ඔබට ගමන් කිරීම පිණිස මනස්කාන්ත ලෙස අශ්වයන්, කොටළුවන්, බූරුවන් මැව්වේය. තවද ඔහු ඔබ නොදන්නා බොහෝ දේ මවා ඇත.˜ (ශඅල්කුර්ආනය 16- 8

තවද ඔහුය, (ඔබට) සාගරය භුක්ති විඳින්නට සැළැසුවේ. එයින් ඔබ නැවුම් මෘදු මාංශ (මත්සයන්) අනුභව කරන්නේය. තවද වටිනා පළඳනාවන් එයින් ඔබ මතු කර ගන්නේය….˜ (ශ අල්කුර්ආනය 16 14

මෙලෙස සත්වාහාර අනුභව කිරීමට ඉස්ලාම් අනුමත කළා පමණක් නොව, අනුභව කිරීම සඳහා සුදුසු සත්වයන් කුමක්ද? ඒවායින් කිනම් කොටස් ද අනුභව කළ යුත්තේ? ඒවා අනුභව කිරීම සඳහා සකස් කරගන්නේ කෙසේද? යනාදි සියල්ල ඉතා සුපැහැදිළිව ඉස්ලාම් උගන්වයි.

—(ඉබේම ස්වාභාවික ලෙස) මිය ගිය (සතුන්) ලේ කැටිති, සූකර මාංශ, අල්ලාහ්ගේ නාමයෙන් තොරව කුර්බාන් (ඝාතනය) කරන ලද ගෙල මිරිකා මැරුණු, පහර කා මැරුණු, බිම වැටී මැරුණු, අංවලින් ඇන මැරුණු, වන සතුන් සපා කෑමෙන් මැරුණු සතුන්ගේ මාංශ අනුභව කිරීමට තහනම්ය. නමුත් නිසි ලෙස කුර්බාන් කරන ලද ඒවා හැර.˜ (ශ අල්කුර්ආනය 5: 3).

නියපොතු ආධාරයෙන් දඩයම් කර ජීවත් වන පක‍ෂීන් අනුභව කිරීම ඉස්ලාම් තහනම් කොට ඇත. උදා: රාජාලියා, උකුස්සා, ගිරවා, බකමූණා ආදී පක්ක‍ෂීන්.

දඩයම් දත් ඇති සතුන් අනුභව කිරීම ද ඉස්ලාම් තහනම් කොට ඇත. උදා: බළලා, බල්ලා, කොටියා, සිංහයා, වඳුරා ආදී සතුන්.

ගවයා සහා ඔටුවා හැර ප්‍රවාහනය සඳහා භාවිතා කරන සතුන් අනුභව කිරීමට ද ඉස්ලාම් අනුමැතිය දී නැත. උදා: බූරුවා, කොටළුවා, අලි ඇතුන් ආදිය.

හූනන්, කැරපොත්තන්, කුහුඹුවන් වැනි මේ සතුන් ද අනුභව කිරීම ඉස්ලාම් තහනම් කොට ඇත.

නයි, සර්පයන්, කබරගොයන්, කිඹුලන්, වැනි උරගයන් ද අනුභව කිරීම ඉස්ලාම් තහනම් කොට ඇත. එමෙන්ම දිය ගොඩ දෙකෙහිම ජීවත් වන උභය ජීවීන් අනුභව කිරීමට ද ඉස්ලාම් හි අනුමැතියක් නැත.

මේ අයුරින් අනුභව කිරීමට සුදුසු නොසුදුසු ආහාර කුමක් දැයි පෙන්වා දුන් ඉස්ලාම් ඉන් නොනැවති, ඒවා කුර්බාන් කරන්නේ නැතිනම් ඝාතනය කළ යුත්තේ කෙසේ දැයි පෙන්වා දෙයි. මත්සයන් කුර්බාන් කිරීමට අවශ්‍ය නොවන අතර අනෙකුත් හළාල් (අනුමත) වූ සතුන් කුර්බාන් කිරීමේ දී අනිවාර්යයෙන්ම අල්ලාහ්ගේ නාමයෙන් එය සිදු කළ යුතු වේ. මේ බව අල්කුර්ආනයේ බොහෝ තැන්වල සඳහන් වී ඇත. උදාහරණයක් වශයෙන් ඉහතින් සඳහන් කර ඇති 5: 3 පාඨය දැක්විය හැකිය.

සතෙකු කුර්බාන් කිරීම සඳහා ඉතාමත් තියුණු ආයුධයක් (පිහියක්) භාවිතා කළ යුතු වේ. උගේ ගෙල හරහා දිවෙන ප්‍රධාන නහර සිඳීමෙන් කුර්බාන් සිදු කළ යුතු වේ. මෙසේ කුර්බාන් කිරීම නිසා උගේ සිරුරේ සංසරණය වෙමින් ඇති රුධිර සියල්ල පිටතට වහනය වේ. මේ නිසා උගේ සිරුරේ ඇති බොහෝමයක් විෂ බීජ උගේ සිරුරෙන් තුරන් වී යයි.

තවද මේ අයුරින් ඝාතනය කිරීම, කුළු ගෙඩියක් වැනි අවියකින් ප්‍රහාර එල්ල කොට ඝාතනය කිරීමට වඩා ඉතාමත් අඩු වේදනාවක් සතාට දැනෙන බව නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇත. මෙලෙස කුර්බාන් කොට අනුභව කිරීමට ඉස්ලාම් කළත් සතා පන පිටින් සිටිත් දී උගේ සිරුරෙන් කොටස් කපා ඉවත් කොට ආහාර සඳහා ගැනීමට ඉස්ලාම් අනුමත දී නැත.

ඉස්ලාම් මෙසේ සත්ත්ව ආහාර අනුභව කිරීම නීත්‍යානුකූලව කර ඇති නමුත් ඇතැම් ඇදහිලි හා විශ්වාසයන්ට අනූව සත්වාහාර ගැනීම මහා පාපයක් ලෙස සැලකේ. එවැනි ආගමික ඉගැන්වීම් වලට අනූව ප්‍රාණ ඝාතනය වූ කලී ප්‍රධාන පාපයන්ගෙන් එකකි. ඔවුන්ගේ මතයට අනූව මිනිසාට මෙන්ම සතුන්ටද ජීවත් වීමේ අයිතිය තිබිය යුතු බවය. එබැවින් ප්‍රාණ ඝාතනය කිරීම උසස් මනසක් ඇති මනුෂ්‍යත්වයට නොඔබින කි්‍රයාවක් බව ඔවුහු තර්ක කරති.

එසේ නම් පලිබෝධ නාශක භාවිතා කිරීම මහා පවකි. මන්ද පලිබෝධ නාශක නිසා බොහෝ ප්‍රාණ නැසී යන බැවිනි. (පනු) ඛෙහෙත් බීම පාපයකි. මන්ද (පනු) ඛෙහෙත් බීම නිසා පණුවන් ජීවීන් නැසී යන බැවිනි. හිසේ උකුණන් මරා දැමීම පවකි. ඒ ප්‍රාණ ඝාතනයක් සිදුවන බැවිනි. ධීවර කර්මාන්තයේ නැයැලීම පවකි. මන්ද ප්‍රාණ ඝාතනයට සෘජුවම හවුල් වන බැවිනි. යුද්ධ කිරීම පවකි. මන්ද යුද්ධය නිසා විශාල මිනිස් ඝාතනයක් සිදුවේ. මෙසේ එකින් එක කීවොත් ඔවුහු අපට අන්තවාදී යයි හංවඩු ගැසිය හැක. නැතිනම් මූලධර්මවාදීන් යයි කියන්න හැකිය. නැතිනම් චේතනාව අනූව ඒවා පවක් නොවන බව තර්කයන් ගෙන හැර දැක්විය හැකිය.

තවත් සමහරු පවසන්නේ ගව ඝාතනය සිදු නොකළ යුතු බවයි. ඔවුන්ගේ මනසට අනූව මත්සයන් (මාළුන්), කුකුළන්, එළුවන් වැනි සතුන් ඝාතනය කිරීම හෝ ඒවා අනුභව කිරීම හෝ මහා පවක් ලෙස නොපෙනේ. ඉවුන් ඉදිරිපත් කරන තර්කය නම්, ගවයා ගොවිතැනට උදව් වන සත්වයෙකි, උගේ මල අපි පොහොර ලෙස භාවිතා කරමු. ඒ නිසා ගව ඝාතන ඔවුහු හෙළා දකින අතර ඇතැමුන් ගව මස් වර්ජනය කරති.

සැබවින්ම අපි සාවධානව කල්පනා කර බැලූවොත්, ගවයා අපට – මිනිසාට යැයි කියා කිසිවක් නොදෙන නමුත් මිනිසා විසින් ඒවා ගවයා ගෙන් විවිධ ක්‍රමෝපායන් හරහා ලබා ගන්නා බව පෙනේ. උදාහරණ වශයෙන් කිරි ගත්තොත්, මිනිසා ගවයාගෙන් කිරි ලබාගැනීම සඳහා ගවයන් අභිජනනය කරයි. කිරි නිෂ්පාදනය සඳහා විශේෂිත ආහාර ගවයාට ලබාදෙයි. එමෙන්ම කිසිම ගවයෙක් මිනිසා ගැන සිතා, මිනිසා උදෙසා මල පහ කරන්නේ නැත. නමුත් මිනිසා ඒවා රැස් කොට ගොම පොහොර වශයෙන් භාවිතා කරති.

සාමාන්‍යයෙන් කෘෂිකාර්මික කටයුතු වලදී බහුලව භාවිතා කරන්නේ මී හරකුන්ය. නූතනයේ දී ඒ සඳහා ට්‍රැක්ටර් වැනි යන්ත්‍ර භාවිතයට ගැනේ. මේ අනූව කල්පනා කර බලන කල ගව ඝාතනයට එරෙහිව ඉදිරිපත් කරන ඊනියා තර්ක විතර්ක පවා නිරර්ථක නිස්සාර එකක් බව මනසින් උසස් මනුෂ්‍යයාට තේරුම් යනු ඇත. අනෙක් අතට ගව ඝාතනය කිරීම නිසා ගවයා වඳ වීමේ තර්ජනයට ලක් වී නැත. ලක් වන්නේ ද නැත.

නූතන විද්‍යාවට අනූව මිනිසා, සතා සිවුපාවුන්ට පමණක් නොව ගස් කොළන් වලට ද ප්‍රාණය ඇති බව ඔප්පු කර ඇත. නමුත් මේ බව දැනට වසර 1426 පෙර ඉස්ලාම් පවසා ඇත. මිනිසා ඇතුළු සතා සිවුපාවුන්ට ද ජීවත් වීම සඳහා ආහාර, ජලය, වාතය, ආලෝකය, විටමින්, ඛනිජ ලවන යනාදිය අවශ්‍ය වේ.

එමෙන්ම ශාකවලට ද ජීවත් වීම සඳහා ඒ සෑම එකක්ම අවශ්‍ය වේ. මිනිසා ඇතුළු සතා සිවුපාවුන් මෙන් ගස් කොළන් ද තම වර්ගයා බෝ කරයි. එමෙන්ම මිනිසා ඇතුළු සතා සිවුපාවුන්ට මෙන් ගස් කොළන්වලට ද හැඟීම් ඇති බවත්, දැනෙන බවත්, නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇත. ගස් කොළන්වලට ද ශ්‍රවණය කළ හැක. වේදනාවන් දැනේ. නමුත් වෙනසකට ඇත්තේ ගස් කොළන්වලට අනෙකුත් සතුන් මෙන් සැරිසරන්නට නොහැකි වීම පමණි.

මේ අනූව ශාක යනු පණ ඇති ජීවියකි. ඒවාට ආයුෂ කාලයක් ඇත. ටික කලක් මේ ලෝකේ ජීවත් වී මිය යයි. මේ අනූව කල්පනා කර බැලූවොත් ගස් කොළන් කැපීම ද ප්‍රාණ ඝාතනයක් වනු ඇත. නමුත් සතුන්ට මෙන් ගස් කොළන් වලට ප්‍රබල ඉන්ද්‍රියයන් නොමැති නිසා ඒවා අනුභව කිරීමෙහි වරදක් නැහැ යි කෙනෙකු තර්ක කළ හැකිය. එහෙම නම් ඇවිදින්නට බැරි, අංග විකල, අඳ බිහිරි, ගවයන් ඝාතනය කොට අනුභව කිරීම එවැන්නන්ගේ තර්කයට අනූව පවක් නොවන්නේය.

ඇතැම් ආගමික ලබ්ධිකයන් ශාකවලට ප්‍රාණ ඇතැයි විශ්වාස නොකරති. මෙම මත වාදය හරියට —කන්න ඕනෑ වුනහම කබරයාත් තලගොයා කරගන්නා වගේ˜ කතාව හා සමානය. එසේ නමුත් එම ආගමේ පූජකවරු ස්වකීය දහම, නවීන විද්‍යාවට අනුකූල බවත්, විද්‍යානුකූල බවත් ලෝකයාට ඒත්තු ගැන්වීමට ජන මාධ්‍ය හරහා විශාල පරිශ්‍රමයක යෙදී සිටිති.

මිනිසා ඇතුළු සෑම සත්වයෙකුම තම පැවැත්ම සඳහා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, දැනුවත්ව හෝ නොදැනුවත්ව ප්‍රාණ ඝාතනයේ නියැලි සිටින බව උසස් මනසක් ඇති මිනිසාට වැටහිය යුතුය. මෙය නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇති සත්‍යයකි. නමුත් ඉස්ලාම් පමණයි මේ ප්‍රාණ ඝාතනය කළ යුත්තේ කෙසේද? කුමක් සඳහාද? කිනම් සතුන් ඝාතනය කළ යුත්තේද? යනාදි වශයෙන් කිසියම් මග පෙන්වීමක් සීමාවක් ලබා දී ඇත්තේ. මේ නිසා කිසිදු වග විභාගයකින් තොර, දකින දකින සතුන් විනෝදාංශයක් ලෙස දඩයම් කොට ඝාතනය කිරීම ඉස්ලාම් ඉඳුරා තහනම් කොට ඇත. සතුන් පමණක් නොව ගස් කොළන් පවා අනවශ්‍ය ලෙස කපා කොටා විනාශ කිරීමට ඉස්ලාම් අනුබල නොදෙයි.

මේ අනූව උසස් මනසක් ඇති මනුෂ්‍යයෙකුට පසක් වෙනවා ඇති නූතන ලෝකයේ ඕනෑම රටක ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට කිසිදු පැකිලීමකින් තොරව විශ්වාසයෙන් යුතුව ප්‍රායෝගිකව අනුගමනය කළ හැකි මාර්ගෝපදේශය ඉස්ලාම් බව. දැන් ඉතින් වත දුරටත් නිස්සාර තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ගතානුගතිකව මුඛ පරම්පරාවෙන් පැවත එන ආරම්භයක්, මුලාශ්‍රයක් නැති පිළිවෙතක් දහමක් අනුගමනය කරනවාද? නැතිනම් ස්වභාවයට එකඟ වූත්, පිළිපැදීමට පහසු වූත් දහමක් අනුගමනය කරනවාද?

උසස් මනසක් ඇති කවුරුත් මේ ගැන හුදකලාව සිතා බැලීමට වටී.




අබූ අරෆාත්

ලොකයේ ලොකුම ගව ඝාතනය සිදුවන්නෙත් බෞද්ධ රටක් වන නේපාලයයි.

ගවයන් 250,000 එකවර ඝාතනය කර තිබිනි (ලෝක වාර්ථාවකි )

වැඩි විස්තර මෙතනින් බලන්න..

මස් මාංශ ආහාර-අඳුරු මිසදිටු බිඳ හෙලන්නට- පුජ්ය ගලිගමුවේ ඤාණදීප හිමි


සියලුම ඉස්ලාම් භක්තිකයින් ඌරු මස් කෑමෙන් වැලකිය යුතුයි