Tag Archives: sinhala

ඉස්ලාම් හි මානව අයිතිවාසිකම්

සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ සහ විශ්වත් මණ්ඩලයේ අසහාය ස්වාමියාද, ඒ සියල්ලකම ආරක‍ෂක, පෝෂක හා ස්වාමියා අල්ලාහ් වන කල ඔහු විසින් මවන ලද සෑම මිනිසෙකුම සමානය. ඔහු සව්සතට මෙත් වඩයි. ඔහුගේ දයා මහිමයෙන් ජීවීන් හටගනී. පොදුවේ සෑම මිනිසෙකුටම පෞරුෂත්වය හා ගුරුත්වය පිරිනමා ඇත. ස්වකීය සාරයෙන් ප්‍රාණය පිඹ ඇත. එනම්, ඔහු අබියස, සෑම මිනිසකුම සමස්ථයකි. මිනිසුන්ගේ පෞද්ගලික ගුණාංග හැර සංස්කාරයන් වශයෙන් කව්රුත් එක සමානය. කුලය, ජාතිය, දේශය, වර්ණය වශයෙන් ඔවුනොවුන්ගේ ආයාශයෙන් පිහිටුවාගත් භේදයක් විනා, අල්ලාහ්ගේ මැවීම් සම්බන්ධයෙන් කිසිදු භේදයක් නැත. මේ අනූව සෑම මිනිසෙකුම එකිනෙකා, අනෙකාට අයත්වෙයි. සෑම මිනිසෙකුම ආතම ගරුත්වයෙන් හා හිතාදර ස්වාමියා වෙනුවෙන් හිතැඟි කැපවීමක් සහිතව එක ම සහෝදර සමාජයකට අයත් වෙති. මෙබඳු ප්‍රසන්න පරිසරයක් තුළ අල්ලාහ් ගේ ඒකීයත්වය පිළිබඳ පිළිවෙත බලගතු ලෙස කේන්ද්‍රගත වේ. මානව සංහතියද, මානව සහෝදරත්වයද ඒ හා සමාන බව අවධාරනය කෙරේ.

පෘථීවිය මත කවර තැනක වූවද ඉස්ලාමීය රජයක් ස්ථාපනය වී ඇතිවිට, එයට භෞමික වශයෙන් ප්‍රාන්ත සීමාවන් පිහිටුවා මානව නිදහස මර්දනය කිරීමට ඉස්ලාම් නොපෙළඹේ. ඉස්ලාම් මගින්, මානව සංහතිය උදෙසා ඇතැම් පොදූ මූලික අයිතිවාසිකම් කිහිපයක් ඉදිරිපත් කෙරේ. ඉස්ලාම් රජයක බල ප්‍රදේශය තුළ හෝ පිටත කවර තැනක වාසය කළත්, රජයක් සමග සාමයෙන් පසුවෙතත්, සංග්‍රාමයක පැටලී සිටියත්, සෑම අවස්ථාවකදීම එකී අයිතිවාසිකම් වලට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. මෙය අල්කුර්ආනයේ ඉතා පැහැදිලිව විග්‍රහ කෙරේ.

විශ්වාසවන්තයිනි ඔබ අල්ලාහ්ට යුතුකම් ඉටු කරන්නෙකු වන්න, යුක්ති ගරුක ලෙස සාක‍ෂි කියන්න. සෙස්සන් කෙරේ ඔබට ඇති ගෞරවය නිසා යුක්තියෙන් ඉවත්වන්නෙකු නොවන්න. සාධාරණ වන්න. එය අල්ලාහ් කෙරේ බියැත්තෙකුගේ තත්ත්වය ට ඔබ සමීපවත් කරයි.˜ (අල්කුර්ආනය 5ථ 8-

මනුෂ්‍ය රුධිරය පවිත්‍ර වස්තුවක් ලෙස ආරක‍ෂා කෙරේ. එය අසාධාරණ අන්දමින් සෙලවිය නොහැකිය. මනුෂ්‍ය රුධිරයට පිරිනමා ඇති මේ උතුම් භාවය උල්ලංඝනය කරමින්, යමෙකු අන් කිසිවෙකු ඝාතනය කළේ නම්, එය මුළු මානව සංහතිය ම ඝාතනය කළා හා සමාන වේ. රුධිර වන්දිය පිණිස නොවී, යම් කිසිවෙකු පොලෝතලය මත මනුෂ්‍ය ඝාතනයෙන් දූෂණයෙහි යෙදේ නම් ඒ වූ කලී මුළු මානව සංහතියම ඝාතනය කිරීමක් බඳු වේ. කාන්තාවන්, දරුවන්, වැඩි මහළුන්, රෝගින් හා ආබාධියන්ට හිංසා උපද්‍රව සිදුකිරීම තහනම් වේ. සෑම අවස්ථාවක දීම කාන්තාවන් ගේ පතිවතයට ගරු කළ යුතුය. දිළින්දන්ට ආහාර පාන පිළිගැන්විය යුතුය. ඇඳිවත් නැත්තවුන්ට වස්ත්‍රාදිය පිදිය යුතුය. තුවාල ලදවුන්ට හා රෝගින්ට ඔවුන් ඉස්ලාමීය සමාජයට අයත් වූවත්, සතුරු පිළෙහි සිටියත් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය.

ඉස්ලාම්හි මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතිකා කිරීමේදී එහි සැබෑ අදහස වනුයේ එකී අයිතිවාසිකම්, අල්ලාහ් විසින් ප්‍රදානය කළාවු දේ බවයි. ඒවාට මුළු උරුමක්කාරයා අල්ලාහ් විතරයිය. ඒවා කිසියම් රජකු හෝ රාජ්‍ය සභාවකින් ප්‍රදානය කෙරුනේ නොවේ. රජුන් හෝ රාජ්‍ය සභාවිසින් පුදන ලද අයිතිවාසිකම් පෙරළා ඔවුන් විසින්ම අවලංගු කළ හැකිය. ආඥාදායක පාලකයන් විසින් හිමිකෙරෙන අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද තත්ත්වය එසේම වේ. ඔවුන්ගේ අභිමතය පරිදි අයිතිවාසිකම් පිදීමත්, පෙරළා අවලංගු කිරීමත් එමෙන් ම ඒ නීති රීතින් ප්‍රසිද්ධියේ තමන් විසින්ම කඩ කිරීමත් ඔවුන්ට සුළු දෙයකි. එහෙත්, ඉස්ලාම්හි දැක්වෙන මිනිස් අයිතිවාසිකම් අල්ලාහ් විසින්ම ප්‍රදානය කරන ලද්දක් බැවින්, ලොවැති කවර රාජ්‍ය සභාවකට හෝ රජයකට ඒවායේ වෙනස් කම් හෝ සංශෝධනයක් සිදු කිරීමට, කිසිදු උරුමයක් නැත. බලයක් නැත. මේ වූ කලී හුදෙක් නාම මාත්‍රයෙන් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින්, ලේඛන වලට පමණක් සීමා කළ මානව අයිතිවාසිකම් නොවේ. දාර්ශනික සිද්ධාන්ත මෙන්, ස්වභාවික ජීවිතයෙන් ඈත් කොට පනවන ලද මානව අයිතිවාසිකම් ද නොවේ.

අල්ලාහ් විසින් පනවන ලද මෙය, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයට සමකළ නොහැකිය. හේතුව එක්සත් ජාතීන් විසින් සම්පාදිත ප්‍රඥප්තිය මිනිසුන් කෙරේ අදේශ කළ නොහැකි නමුත්, අල්ලාහ්ගේ නීතිය සෑම විශ්වාසවන්තයකුටම පොදු වෙයි. එය් ඉස්ලාමීය භක්තියේ අංගයකි. මුස්ලිම්වරු යයි හඳුන්වා ගන්නා වූ සෑම මුස්ලිම්වරයෙකුම, පාලකයෙකුම එය පිළිගත යුතු අතර, මැනවින් වටහා ගෙන කි්‍රයාත්මක කළ යුතුය. අල්ලාහ්ගේ සහතිකයක් සහිත, එකී අයිතිවාසිකම් කි්‍රයාත්මක කිරීම අතපසු කිරීම හෝ ඒවා ප්‍රතිෙක‍ෂ්ප කිරීමට පෙළැඹීම නො එසේ නම්, ඒවායේ සංශෝධන වෙනස්කම් සිදුකිරීමට තැත් කිරීම හෝ නාම මාත්‍රයෙන් පිළිගෙන, ප්‍රායෝගික වශයෙන් ඒවා කඩකිරීම වරදක් වේ. එබඳු වරදක් සිදුකරන රජයකට අත්වන ද~ුවම අල්කුර්ආනයේ පැහැදිලිව සඳහන් වේ.

—අල්ලාහ් විසින් පනවන ලද දෙයට අනුකූල ව යුක්ති විනිශ්චය නොකරන්නෝ විශ්වාසවන්තයින් නොවෙති.˜ (අල්කුර්ආනය 5ථ 44-

ඉස්ලාමීය රජයක් තුළ මානව අයිතිවාසිකම් :

1- දේපල සම්පත්වල ආරක‍ෂාව අවසාන හජ් මෙහෙය සමයේ දී ශාස්තෘවරයානන් මුහම්මද් (සල්) තුමා කළ දේශනයේ මෙසේ සඳහන් කළේය. —පරමාන්ත දිනයේ යළි මතුවී ස්වාමියා හමුවන තාක්, කෙනෙකුගේ ප්‍රාණය හා දේපළ සම්පත් අනෙකාට තහනම් වේ.˜ ඉස්ලාමීය රජයක් තුළ වෙසෙන මුස්ලිම් නොවන දිම්මිවරුන් ගැන ද මුහම්මද් (සල්) තුමා සඳහන් කරයි: —සම්මුතියට බැඳී සිටින වුන්, දිම්මිවරුන් ඝාතනය කරන්නාට ස්වර්ගයේ සුවඳ හෝ නොදැනෙන්නේය.˜

2- ගරුත්වයේ ආරක‍ෂාව: අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ:

1- —විශ්වාසවන්තයිනි ඔබ අතුරින් පිරිසක්, සෙසු පිරිසකගේ උපහාසයට ලක් නොකරන්න.˜ 2- ඔබ එකිනෙකා අපහාස නොකරන්න.3- පටබැඳි නම්වලින් අනුන්ට නිග්‍රහ නොකරන්න.4- ඕපාදූපවල නොයෙදෙන්න. අනුන් නැති තැන ඔවුන්ගේ වැරදි කතා නොකරන්න. (ශ. අල්කුර්ආනය 49ථ 11- 12-

3- පෞදිගලික ජීවිතය පිළිබඳ ආරක‍ෂාව: අල්කුර්ආනයේ මේ අණපනත් පැනවේ.

1- අනුන්ගේ රහස් නොසොයන්න.

2- ගෙහිමියාගේ අනුමැතිය ඇතිබැව නිශ්චය වනතාක් ඔහුගේ ගෙතුළට නොපිවිසෙන්න.

4- පෞද්ගිලක නිදහසට ආරක‍ෂාව:

විවෘත උසාවියක නඩු විභාගයකින් තොරව කිසිදු පුද්ගලයෙකු සිරගත කිරීම ඉස්ලාමයෙන් තහනම් වේ. කෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන, ඔහුගේ නිදහසට හා ආරක‍ෂාවට කරුණු ඉදිරිපත් කිරීමේ සැලකිය යුතු අවස්ථාවක් ලබා නොදී, බන්ධනාගාර ගත කිරීම ඉස්ලාමයෙන් සපුරා තහනම් වේ.

5- ආඥාදායකත්වයට එරෙහිවීමේ උරුමය:

ඉස්ලාමයෙන් හිමිකර දී ඇති මානව අයිතිවාසිකම් අතර රජයක ඒකාධිපති වාදයට එරෙහිව නැගී සිටීමේ අයිතිවාසිකම් ද අඩංගු වේ. මේ පිළිබඳව අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ. —කෙනෙකුට තුවාල සිදුකිරීමක් වූ කලෙක විනා ප්‍රසිද්ධියේ වරදක් කතාකිරීමේ කි්‍රයාව අල්ලාහ් නොරුස්සයි.˜

පෙර සඳහන් කළාක් මෙන්, සෑම බලයක්ම ආධිපත්‍යයක් ම අල්ලාහ් සතු වේ. මිනිසා සතුවන්නේ, හුදෙක් නියෝජිතයෙකුට හිමිවන තරමේ සීමිත බලයකි. මෙබඳු වගකීමක්, බලයක් දරන්නා එය මහ ජනතාවගේ සේවය පිණිස යොදාගත යුතු අතර මහ ජනතාව හමුවේ ගරුසරු ව පෙනී සිටිය යුතුය. මෙය, හස්රත් අබූබක්කර් (රලි) තුමා විසින් ආදර්ශයෙන් සනාථ කරන ලදී. එතුමා කලීෆා වීමෙන් පසු කළ කුළුඳුල් දේශනයේ දී —මා නිවැරදි ව සිටිනතාක් කල් මට සහයෝගය දක්වන්න. මා වරදක් කරන කල එය නිදොස් කරවන්න. මා, අල්ලාහ් සහ ඔහුගේ ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමාගේ අණපනත්, හා අවවාදානුශාසනා පිළිපදින තාක් කල් මට කීකරුවන්න. මා එයින් බැහැර වනකල මගෙන් ඉවත්වන්න.˜

6- කථා කිරීමේ නිදහස:

වැරැදි හා ප්‍රචණ්ඩ කි්‍රයා පැතිරවීමට නොව, සිල්වත් බව හා සත්‍යය ස්ථාපනය කිරීමේ අරමුණින්, ඉස්ලාමීය රජයක සෑම පුරවැසියෙකුටම සිතීමේ හා කථා කිරීමේ නිදහස ඉස්ලාමයෙන් ප්‍රදානය කෙරේ. ඉස්ලාමීය කතා කිරීමේ නිදහස වූ කලී, වත්මන්හි බටහිර රටවල පවත්නා එකී නිදහස් පිළිවෙතට වඩා අතිශයින් උසස්ය. කිසිදු හේතුවක් මත, වැරැදි හා ප්‍රචණ්ඩකම් ව්‍යාප්ත කිරීමේ කි්‍රයාවලට ඉස්ලාමයෙන් අනුමැතිය නොලැබේ. විවේචනය කිරීමේ මුවාවෙන්, නොමනා හා අසංවර ලෙස කතා කිරීමට කිසිවෙකුට අයිතිවාසකිමක් නැත. යම් යම් අවස්ථාවල, නිශ්චිත කරුණු සඳහා දිව්‍යමය හෙළි කිරීම් පහළ වූවාදැයි මුහම්මද් (සල්) තුමන්ගෙන් විමසීම මිත්‍රවරුන්ගේ සිරිත විය. එබඳු දිව්‍යමය හෙළි කිරීමක් නොවිණැයි එතුමා පළ කළා නම් එකී කරුණු සම්බන්ධයෙන් මුස්ලිමුන් තම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමද සිරිත විය.

7- සමිති සමාගම් සඳහා නිදහස:

සමිති, සමාගම් හෝ පක‍ෂ සංවිධාන යනාදිය ස්ථාපනය කරගැන්ම පිණිස ඉස්ලාමීය, ස්වකිය ජනතාවට නිදහස ප්‍රදානය කරයි. මේ නිදහස ද යම් යම් පොදු නීතීන්ට යටත් වේ.

8- සිතීමේ හා ඇදහීමේ නිදහස:

ඉස්ලාම්හි මෙසේ ප්‍රකාශ වේ. ශ්‍රද්ධාව පිළිබඳ ව බලපෑමක් නොතිබිය යුතුය. මෙයට පටහැනි ලෙස, ඒක පාක‍ෂික සමාජයන්හි මෙකී පුද්ගල නිදහස ඉඳුරා අහිමි කර ඇති රජයක මෙකී අයුතු බලපෑම් මගින් මිනිසා එක්තරා වහල් බැම්මකට නතු කොට ඇත. එක්තරා අවධියක, මිනිසුන් වහල් භාවයේ තබා ගැන්මේ කි්‍රයාව, මිනිසා මත මිනිසා ඉඳුරා ආධිපත්‍ය පවත්වා ගැන්මක් වශයෙන් සලකනු ලැබුණි. එබඳු වහල් වෘත්තිය, දැන් නීතියෙන් තහනම් කර ඇත. නමුත්, ඒ වෙනුවට ඒක පාක‍ෂික රාජ්‍යයන්හි ඒ හා සමාන රාජ්‍ය තාන්ති්‍රක නීති මගින් මිනිසුන් පාලනය කෙරේ.

9- ආගමික නිදහස හා ආරක‍ෂාව:

සිතීමේ හා ඇදහිලි පිළිබඳ නිදහස අනූව කෙනෙකුගේ ආගමික දෘෂ්ඨියට අදාළ ගරුත්වය ඉස්ලාම් මගින් ප්‍රත්‍යක‍ෂ කෙරේ. මෙකී අයිතිවාසිකමට පටහැණිව කිසිවක් කිරීම හෝ ප්‍රකාශ කිරීමක් කළ නොහැකිය.10- වැරදි සිර ද~ුවමින් ආරක‍ෂාව:

සෙස්සෙකු කළ වරදක් අපරාධයක් සඳහා අනෙකෙකු සිරගත කිරීමේ කි්‍රයාවෙන් ඉස්ලාම් ආරක‍ෂාව සලසා දෙයි. මේ පිළිවෙත, අල්කුර්ආනයේ මෙසේ විග්‍රහ කෙරේ. —කෙනෙකුගේ බරක් තවත් කෙනෙකු මත නොපැටවිය යුතුය.˜

11- මූලික අවශ්‍යතා සඳහා වූ අයිතිවාසිකම:

දිළින්දන්ට උදව් උපකාර කරමින් සහයෝගය දැක්විය යුතුය. මෙය දිළින්දන්, සඳහා වූ අයිතිවාසිකමකි. —තවද ඔවුන්ගේ වස්තුවෙන් නැති බැරි දනන්ට උරුමයක් ඇත.˜

12- අධිකරණය හමුවේ සමානාත්මතාවය:

ඉස්ලාම්, ස්වකීය බැතිමතුන්ට නීතිය හමුවේ සම්පූර්ණ සමානාත්මතාවය පිරිනමයි.

13- නීතියට පිටුපා නොයන පාලකයන්:

එක්තරා ප්‍රභූ කාන්තාවක් සොරකමක් කළ නිසා අත් අඩංගුවට ගනු ලැබුවේය. මේ නඩුව මුහම්මද් (සල්) තුමා හමුවට ගෙනෙන ලදි. ඇයට ද~ුවම් නොකළ යුතු යැයි සෙස්සෝ එතුමා ට නිර්දේශ කළහ. මුහම්මද් (සල්) තුමාගේ පිළිතුර වූයේ මෙයයි. —ඔබට කලින් විසු ජාතීන් විනාශයට පත්වූයේ, ඔවුන් සාමාන්‍ය පුරවැසියන්ට ද~ුවම් කළ අතර, තමන්ගේ උසස් ඥාතීන් කළ අපරාධයන්ට ද~ුවම් නොකළ හෙයිනි. මා ජීවත් කරවන ඔහුගේ නාමයෙන්, මුහම්මද්ගේ (තම) දියණිය ෆාතිමා මේ වරද කළත් මම ඇයගේ අත කපන්නෙමි.˜

14- රාජ්‍ය කටයුතු වල නිරතවීමේ අයිතිවාසිකම්:

—තවද, ඔවුන්ගේ කාර්්‍ය පරිපාටින් ඔවුනතර කෙරෙන සාකච්ඡාවන් මගින් සිදුවේ.˜ (ශ. අල්කුර්ආනය 42ථ38- —ෂුරා˜ හෙවත් ව්‍යවස්ථාදායක සභාව යන්නෙහි අරුත එයයි. අනෙකක් නොවේ. රජයේ විධායක නායකයා හා සෙසු සාමාජිකයෝ, මහ ජනතාවගේ නිදහස් ඡන්දයෙන් තේරි පත්විය යුත්තාහ.

අවසාන වශයෙන්, ඉහත සඳහන් කළ හා නොකළ මානව අයිතිවාසිකම් අත්කරගැන්මෙහි ලා ඉස්ලාම් කි්‍රයාකරන්නේ ඒවා ආරක‍ෂා කිරීමෙන් පමණක් නොව, ප්‍රධාන වශයෙන්ම පවුල් මහන්තත්වය (රදළවාදය), භාෂාමය අහංකාරකම්, හා ආර්ථීක වරප්‍රසාද, බඳු පහත් තිරිසන් ආකල්ප වලින් මිදීමට ද මිනිසාට ඇරයුම් කරමිනි. ඉස්ලාම් මානව වර්ගයාට ආරාධනය කරන්නේ, උදාර මනසක් සහිතව, මහගු පැවැත්මක් හා එමගින් සහෝදරත්වයේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරගැන්මෙහි ලා ඉවහල් වන්නාවූ ජීවිතයක් පවත්වා ගැනීමටයි.

ලොව හෙල්ලු අසම සම ග්‍රන්ථය

මානව සංහතියට නිවැරදි මග පෙන්වීම සඳහා එක් එක් භාෂාවන්ට එක් එක් සමාජයන්ට ශාස්තෘවරු එවනු ලැබූහ. මනුෂ්‍යින් අතුරින්ම තෝරාපත් ගනු ලැබු එම ශාස්තෘවරුන්ට සමාජය නිවැරදි මගට යොමු කිරීම සඳහාත්, නීතිය ස්ථාපිත කිරීම සඳහාත් දේව ග්‍රන්ථ අනාවරණය විය.

මෙය ශද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —(යහමග යන්නන්ට) සුභාශිංෂණ පතන්නන් වශයෙන් හා (නොමග යන්නන්ට) අවවාද කරන්නන් වශයෙන් අල්ලාහ් ශාස්තෘවරුන් එවූහ. මිනිසුන් අතර මතභේද හටගෙන තිඛෙන විෂයන්හි ඔවුන් අතර විනිශ්චය කිරීම සඳහා සත්‍යවූ පුස්තකත් ඔවුන්ට අනාවරණය කරනු ලැබිනි˜ (ශ.කුර්ආනය 2: 213).

මේ ආකාරයට ශාස්තෘවරුන් පෙළේ අවසන් ශාස්තෘවරයා වූ මුහම්මද් නබි (සල්) තුමන්ට ලැබුනු ප්‍රාතිහාර්යක් නම් එයයි ඒ ශ.ද්ධවූ අල් කුර්ආනය. මීට පෙර ශාස්තෘවරුන්ට ලැබුනු හාස්කම් එකි වකවානුවේ ජීවත්වු ජනතාව පමණක් දැක බලා ගැනීමට හැකිවූවත්, නබි (සල්) තුමන් වෙත අනාවරණයවූ ශ=ද්ධවූ අල් කුර්ආනය අවසාන දිනය තෙක් පැමිණෙන සෑම කෙනෙකුටම දැක බලා ගතහැකි ප්‍රාතිහාර්යක් වේ. අල් කුර්ආනය කාලීන අවශ්‍යතාවන්ට අනුකුලව නබි (සල්) තුමන්ට අවුරුදු 23 ක් මුළුල්ලේ ක්‍රමක් ක්‍රමයෙන් අනාවරණය විය.

ශ.ද්ධවු අල්කුර්ආනය පවසයි: —තවද: මොහුට මෙම කුර්ආනය (එක් වතාවේම) අනාවරණය කරනු නොලැබුවේ මන්ද? යනුවෙන් මිත්‍යා දෘෂ්ටිකයන් විමසයි, මෙය මගින් ඔබේ සිත ස්ථීර කිරීම සඳහා වරින් වර අනාවරණය කළෙමු. ඔවුන් ඔබ වෙත කුමන උපමාවක් රැගෙනාවත්, (ඊටත් වඩා) සත්‍ය වූත් ඉතා අලංකාරවූත් විස්තරයක් මෙයින් ඔබට ලබාදී ඇත˜ (ශ. කුර්ආනය 25: 32, 33).

අරාබි සාහිත්‍ය තුළ උසස් සාහිත්‍යකට හිමිකම් කියන ශද්ධවූ අල්කුර්ආනය සාමාන්‍ය පුද්ගලයෙකුට පවා වැටහෙන ශෛලයක සැකසී තිබීම එහි තවත් සුවිශේෂත්වයකි. නිර්මාණයක් සාහිත්‍ය පැත්තට නැඹුරු වන විට එය සාමාන්‍ය ජනතාවගෙන් ඈත්වීම අපි සුළබව දකින දෙයකි. නමුත් අල්කුර්ආනය එසේ නොව සාහිත්‍යයෙහි උසස් තලයක පැවතුනත් එය සාමාන්‍ය ජනතාවට පවා අවබෝධ කරගැනීමට හැකිලෙස ප්‍රකාශ වී තිබීම මවිතයට පත්වෙන සුළුය.

ලොව පවතින බොහෝ සිද්ධාන්ත, මිනිසා අධ්‍යයනය කිරීමේ දොරටුවලට අගුලූ දමයි. ඒ දහම් පවසන දේ මුළුමනින්ම විශ්වාස කිරීම මිස ඒ පිළිබඳ හරස් ප්‍රශ්න නගන්නට නොහැකිය. නමුත් ශ.ද්ධවූ අල්කුර්ආනය බොහෝ ස්ථානවල අධ්‍යයනය කිරීමට දිරිගන්වයි.

—ඔවුන් ශ.ද්ධවූ අල්කුර්ආනය අධ්‍යයනය නොකරන්නේ මන්ද? අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන් එය පැමිණ තිබේ නම් එහි ඔවුන් බොහෝ මත භේද දකින්නේය˜ (ශ. කුර්ආනය 4 : 82).

තවත් සථානයක : —ඔවුන් අල් කුර්ආනය අධ්‍යයනය නොකරන්නේද? ඔවුන්ගේ සිත්වලට අගුල් දමා තිබේද˜? (ශ. කුර්ආනය 47: 24).

මුළු ලොව වාසි ජනතාවටම අල් කුර්ආනය අධ්‍යයනය කරන ලෙස විශ්ව හිමියන් ඇරයුම් කරයි. —අපි මෙම කුර්ආනය අධ්‍යයනය කරන්නට පහසු කර ඇත්තේමු. අධ්‍යයනය කරන්නන් සිටින්නේද˜? (ශ. කුර්ආනය 54 : 17).

අල් කුර්ආනය මුළු ලෝක වාසි ජනතාවටම මග පෙන්වන ග්‍රන්ථයකි. —මානව සංහතියට මග පෙන්වීම සඳහා මෙය අනාවරණය කරනු ලැබිනි˜ (ශ. කුර්ආනය 2: 185).

—මුළු ලොව වාසි ජනතාවටම අවවාද කිරීම සඳහා සත්‍ය අසත්‍ය වෙන්කර පෙන්වන මෙම ග්‍රන්ථය තම Þසයා වෙත පහළ කළ (හිමියන්) ඉතා සුවිශුද්ධය˜

(ශු කුර්ආනය 25: 1).

මෙම අදහස ගෙනදෙන බොහෝ වාක්‍යන් ශුද්ධවු කුර්ආනයෙහි දැක ගත හැක. මානව සංහතිය අමතා අල්කුර්ආනය කථා කරයි, එම හෙයින් විශ්ව හිමියන්ගෙන් මුළු මානව සංහතියටම සත්‍ය මග පෙන්වන ග්‍රන්ථයක් වශයෙන් එය අනාවරණය කරනු ලැබිනි.

අල් කුර්ආනය ඉදිරිපත් කරන තවත් අභියෝගයක් නම්: —අපේ Þසයා වෙත අනාවරණය කළ දේ පිළිබඳ ඔබ අනුමානයෙන්ද? එසේ නම් අල්ලාහ් හැර අන් සියල්ල ඔබේ සහයට රැගෙන එක් පරිච්ඡේදයක් හෝ මීට සමානව ගේන්න. එසේ කළ නොහැකිය. මෙන්ම කිසිවිටකත් ඔබලාට කල නොහැකි කාර්්‍යකි. මිථ්‍යා දෘෂ්ටිකයින් සඳහා සූදානම් කර ඇති නිරයට බියවන්න˜(ශු කුර්ආනය 2: 23,24).

—ඔබ සත්‍ය වන්තයින් නම් මෙවැනි එක් පරිච්ඡේදයක් හෝ (සාධක වශයෙන්) ඉදිරිපත්කරන්න˜(ශු කුර්ආනය 37: 157).

මෙම අභියෝගය ශුද්ධවූ කුර්ආනය සියවස් 14 කට පෙර මානව සංහතිය ඉදිරියේ තැබූ අභියෝගයකි, නමුත් අල් කුර්ආනයෙහි ඇති එවැනි එක් පරිච්ඡේදයක් හෝ අවසන් දිනය තෙක් ගෙන ඒමට නොහැකිය.


ශුද්ධවූ අල්කුර්ආනයෙහි එක් වාක්‍යකින් මවිතයට පත්වූ විද්‍යාඥයා ඉස්ලාම් දහම වැළඳ ගත්තේය. ඉජිප්තුවේ ප්‍රධාන නගරය වූ කෙයිරොවෙහි —අල් කුර්ආන් එළියේ වෛද්‍ය හාස්කම්˜ යන මෑයෙන් කෙරුණු විද්‍යාඥයින්ගේ සම්මන්ත්‍රණයකට සහභාගි වී තමන්ගේ ඉස්ලාමීය වෙනස පිළිබඳ අදහස් දැක්වූ —වෛද්‍ය ඇලිසන්˜ විද්‍යාවෙහි උල්පතවූ ඉස්ලාම් දහම (අල් කුර්ආනයෙහි ගැබ්වී ඇති අදහස්) වෙනත් ආගමිකයින්ට පැහැදිළි කරන්නට මුස්ලිම් සමාජය මගහැරියෝය යනුවෙන් චෝදනා මුඛයෙන් පැවසුවේය.

එංගලන්තයෙහි ඇති එක් විශ්ව (Electrical)- හා (Electronic)- විද්යුත් හා විදුලි ඉන්ජිනේරු පීඨයෙහි සභාපති වශයෙන් කටයුතු කරන —අබ්දුල්ලා ඇලිසන්˜ (ඉස්ලාම් දහම පිළිගැනීමෙන් පසු) නුවණට හා හැඟීම්වලට පිළිතුරු සපයන ඉස්ලාම් දහම හඳුනාගන්නා ලෙස බටහිර හා වෙනත් මුළු ලෝකයේම වෙසෙන විද්‍යාඥයින්ට ඇරයුම් කළේය. දැනුම සොයා යන ගමනෙහි අල්කුර්ආනය හදාරන්නට අවස්ථාව උදා කරගත් කිසිදු විද්‍යාඥයෙක්, මුළුමනින් විද්‍යාත්මක කරුණු සමග බැඳී පවතින, ඒ වගේම එයට ගැලපෙන ඉස්ලාම් දහම හෘදපූර්වක පිළිගැනීමෙන් තොර නොවුහ යැයි ඔහු පැවසුවේය. මන්ද වෙනත් ආගම්, සංකල්පයන්, මෙන් අළුත් සොයාගැනීම්වලට සැමවිටම හරස් නොවේ. සොයාගත්දේ, සොයාගනු ලබන දේ සියල්ල සත්‍ය සපත කරන්නාක් වශයෙන් කුර්ආනය බැබළෙයි. යනුවෙන් වෛද්‍ය ඇලිසන් පවසයි.

නින්ද හා මරණය අතර ඇති සම්බන්ධය ගවේශණය කිරීම සඳහා තමන්ගේ :ෑ(Electric)- හා (Electronics)- භාණ්ඩ ආධාරයෙන් කළ ගවේශණය තුළින් එක් පිරිමියෙක් හෝ කාන්තාවක් නිඳන විට යම් කිසි ශක්තියක් මිනිස් සිරුරෙන් පිටවෙන බවත්, එය කුමන අවස්ථාවේදි හැරි එයිද (යළි පැමිණෙයිද) ඒ සැනින් ඔහු ඇහැරෙන බවත්, එනමුත් මරණයට පත්වූ විට එය හැරි නොඑන බවත් ඔහු ගවේෂණය අවසානයේදි කියයි. මෙම සොයා ගැනීමත් සමග ඉහත සඳහන් සමුළුවට පත්‍රිකා සූදානම් කරමින් සිටින විට, අල් කුර්ආනයෙහි පහත සඳහන් වැකිය ඔහුගේ නෙත්වලට ගැටුනේය. එයත් සමග ඔහු විශ්මයට පත්විය.

ඔහුගේ ජීවිතයේ මහත් පෙරළියක් කිරීමට එම වාක්‍ය හේතු සාධක විය. එම වාක්‍ය ඔහුුගේ සොයා ගැනීම මුළුමනින්ම සත්‍ය කරන (අනුමත කරන) එකක් විය. සුමර් නම් පරිච්චේදයෙහි අල්ලාහ් පවසයි: —මිනිසුන් මරණයට පත්වන විටත්, මරණයට පත්නොවී නින්දෙන් පසුවන විටත් ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කරගන්නේ අල්ලාහ්ය. පසුව කව්රුන් වෙත මරණය නියමවුනේද ඔවුන්ගේ ප්‍රාණය (තමන් වෙතම) රඳවා ගන්නා අතර. සෙසු අයගේ (ප්‍රාණය) නියමිත කාලයකට ජීවත් වීම සඳහා ඔවුන් වෙතම හරවා යවයි. හොඳින් කල්පනා කරන ජනතාවට නියතයෙන්ම මෙහි (විවිධ) ආදර්ශයන් ඇත්තේය˜ (ශු. කුර්ආනය 39: 42).

මෙය වඩාත් තහවුරු කරන්නා පරිදි Oxford විශ්ව විද්‍යාලයෙහි මනෝ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරයෙකු වන —යහ්යා අල් මුෂ්රිෆි˜ගේ සහාය ඇතුව නින්ද හා මරණය එකම මගට අයත් වූවකි යනු විද්‍යානූකුලව ඉහත සඳහන් අල් කුර්ආන් වාක්‍ය පැවසූ ආකාරයට ඔප්පු කරයි.

ඉස්ලාම්හි මෙවැනි විද්‍යාත්මක අදහස් බටහිර හා සෙසු ලෝකයෙහි රටවල් නොදැන සිටීම පිළිබඳ බොහෝ සේ දුක්වෙන වෛද්‍ය ඇලිසන්, මීට පෙර මම අල් කුර්ආනයෙහි මෙවැනි අදහස් තිබේදැයි නොසිතු බවත්, මෙම අසම සම ග්‍රන්ථය පවසන විද්‍යාත්මක සත්‍යතාවයන් ලෝකයට මුස්ලිම්වරු පැවසීමේ වගකීම පැහැර හැරිය බවත් ඔහු චෝදනා කරයි. මිථ්‍යා විශ්වාසයන්, අන්ධ භක්තීන් මිනිසුන් තුළ රජකරන තත්ත්වයක් තුළ අල්කුර්ආනයෙහි මෙම විද්‍යාත්මක සත්‍යයන් සමාජය අතරට ගෙන යෑමට මුස්ලිම් වරුන් ප්‍රමාද වීම පුදුමයට පත්විය යුතු කරුණකි.

අනේක සිතුවිලි හා අදහස්වලින් පෙලෙනා දස දහස් සංඛ්‍යාවක් ජනයා එංගලන්තයෙහි වෙසෙන බව පවසන වෛද්‍ය ඇලිසන්, ඉස්ලාම් නුවණට පිළිතුරු සපයන නිසා මුස්ලිමෙකු අත්විඳින සම්පූර්ණ තෘප්තිය අන් අයගෙන් ලබා ගත නොහැකි බව තරයේ ප්‍රකාශ කර සිටි. තවද බටහිර ජනතාවන් බුද්ධිමත් අදහස්වලට ඇහුම් කන්දෙයි යනුවෙන්ද ඔහු පවසයි. ඉස්ලාම් ඉතා බුද්ධිමත්ව අදහස් ඉදිරිපත් කර මිනිස් ස්වභාවයට මූලිකත්වය දෙයි.

තවත් ඉස්ලාමයට ඇතුල් වුනු කිතු ආගමික නායකයෙකු තමන්ගේ ඉස්ලාමීය වෙනසට හේතුවූයේ අල් කුර්ආනයෙහි එක් පරිච්ඡේදයක් බව පවසයි. —අබූ ලහබ්ගේ දෙ අත්ද ඔහුද වැනසේවා.. ඔහුගේ වස්තු මෙන්ද ඔහු ඉපැයු දැයින්ද ඔහුට පලක් නැත්තේය˜ (ශු කුර්ආනය 111: 1, 2).

මෙම පරිච්ඡේදය නබි (සල්) තුමන්ගේ සුළු පියා වූ අබු ලහබ් එතුමන්ගේ ප්‍රචාර කටයුතුවලට එරෙහිව, ඉස්ලමායට එරෙහිව දැඩිව කටයුතු කිරීම නිසා ඔහුට ශාප කිරීමක් වශයෙන් පහළ විය. මෙහි අවදානය යොමු කළ යුතු කරුණ නම්, ඔහු අල් කුර්ආන් පාඨය තුළින් ශාපයට ලක්වීමෙන් පසුවද දස වසරක් ජීවත්විය. ඒ කාලය තුළ ඔහු සරදමකට හෝ —අෂ්හදු අන් ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදුර් රසූලූල්ලාහ්˜ නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙනකිසිවෙකු නැත, මුහම්මද් (සල්) අල්ලාහ්ගේ ශාස්තෘවරයා යනුවෙන් ප්‍රකාශ කළේ නැත. එසේ ඔහු පවසා ඉස්ලාම් දහම වැළඳගත්තේ නම් මෙම පරිච්ඡේදය අසත්‍ය වනු ඇත. එසේවූවා නම් මුළු කුර්ආනයම ඔවුන් ප්‍රතිෙක‍ෂ්ප කිරීමේ අවදානමක් උදාවනු ඇත. නමුත් ඔහු මිය යන තෙක් එවැනි පියවරකට නොඑළඹිය. මෙම පුවත සියුම් ලෙස නිරීක‍ෂණය කළ විට සැබවින්ම අල් කුර්ආනය මුහම්මද්ගේ පෞද්ගලික නිර්මාණයක් නොව අල්ලාහ් විසින් අනාවරණය කරනු ලැබු ග්‍රන්ථයක් බව සපථ වේ. සෑම අවදියක් පිළිබඳම නිසි අවබෝධයක් ඇති අල්ලාහ්ට පමණි මෙවැනි පරිච්ඡේදයක් අනාවරණය කළ හැක්කේ. මෙයින් ශුද්ධවූ කුර්ආනය දේව ග්‍රන්ථයක් යන බව මනාවට ඔප්පු වේ යැයි ඔහු පවසයි.

අල්කුර්ආනයේ පරිශුද්ධත්වයට කිසිදු හානියක් නොවී එය ආරක‍ෂා කිරීමේ වගකීම අල්ලාහ් විසින්ම භාරගැනීම: —අපි මෙම අල් කුර්ආනය පහළ කළෙමු, අපිම මෙය ආරක‍ෂා කරමු˜ (ශු කුර්ආනය 15: 9).

සියවස් 14 ක් මුළුල්ලේ මෙය ඉටුවෙමින් පවති. අල් කුර්ආනය කෙසේ අනාවරණය වුනේද ඒ ස්වභාවයෙන්ම එය ආරක‍ෂා වෙයි. එහි පරිශුද්ධත්වයට අබ මල් රේනුවක තරම් හෝ හානියක් නොවී එය ආරක‍ෂා වෙයි. නබි (සල්) තුමන් තමන්ට අනාවරණය වූ දේව පණිවුඩ සටහන් කිරීම සඳහා විශේෂ කාර්්‍ය මණ්ඩලයක් පත්කළේය. එම කාර්්‍ය මණ්ඩලයෙහි මුආවියා ඉබ්නු අබී සුෆ්යාන්, ෙසෙද් ඉබ්නු සාබිත් ආදි මිත්‍රවරු සාමාජිකත්වය දැරූහ. මේ ආකාරයට නබි (සල්) තුමන් ජීවතුන් අතර සිටින විටම අල් කුර්ආනය ආරක‍ෂා විය. අල් කුර්ආනය වනපොත් කළ බොහෝ මිත්‍රවරුද වුහ. වත්මන් ලෝකයේද අල්කුර්ආනය වනපොත් කළවුන්ගේ සංඛ්‍යාව දස ලක‍ෂ සංඛ්‍යාව ඉක්මවයි.

සෑම රමලාන් මසකම නබි (සල්) තුමන් වෙත පැමිණෙන දේව දූත ජිබ්රීල් (අෙලෙ) ඒ වන තෙක් පහළ වූ අල් කුර්ආනය නබි (සල්) තුමන්ට කියවා පෙන්වයි. නබි (සල්) තුමන් මෙලොවින් සමුගන්නා අවසන් වසරේ උදාවුනු රමලාන් සමයේ අල් කුර්ආනය දෙවතාවක් නබි (සල්) තුමන් ඉදිරියේ කියවා පෙන්වුහ. මේ ආකාරයට අල්කුර්ආනය ආරක‍ෂා විය. —ඔබේ දිව අල්කුර්ආනය කියවීමේදි ඉක්මන් වී නොහසුරුවන්න. අල්කුර්ආනය එක් කිරීම හා එය පාරායනය කිරීමේ හැකියාව ඔබට ලබාදීම අපේ වගකීමයි. අපි කියවන විට ජිබ්රීල් (අෙලෙ) ගේ මාර්ගයෙන් ඒ අනූව එය අනුගමනය කරමින් ඔබ කියවන්න. පසුව අපි එය පැහැදිළි කිරීමේ වගකීමද භාරගන්නෙමු. (ශු. කුර්ආනය 75: 16,17, 18 ).

වෙනත් ආගම් අදහන්නන් ඔවුන් විශ්වාස කරන පුස්තක හා එම ආගමික නිර්මාතෘවරුන් අතර බොහෝ කාල පරතර තිබීම පැහැදිළිව දැකගත හැක. මීට පෙර පැමිනුණු යේසූස්, මෝසස් වැනි ශාස්තෘවරුන් අතරේ විය හැක ඔවුන්ට පහළ වුනු දේව නියෝග ඔවුන් මෙලොවින් සමුගැනීමෙන් පසු ආරක‍ෂා කිරීමට ඒ ඒ සමාජයන්ට අපොහොසත් විය. ඉන් බොහෝ කලකට පසුව විසුවන් විසින් ඔවුන්ට අවශ්‍ය වන ආකාරයට දේව ග්‍රන්ථ කියා ඔවුන් ප්‍රති නිර්මාණය කරගත්හ. එම ග්‍රන්ථ අනාවරණය වූ මුල් භාෂාවන් පවා ලෝකයේ නොපවති. නැතහොත් ජනතාව අතර ව්‍යවහාරයේ නැත.

අල්ලාහ් අල් කුර්ආනයෙහි මෙසේ පවසයි: —යම් ස්වල්පවූ ලෞකීක ආදායමක් අරමුණු කොටගෙන තමන්ගේ අතින්ම ග්‍රන්ථයක් ලියා පසුව මෙය අල්ලාහ්ගෙන් යැයි ජනතාවට පවසන මොවුන්ට ශාපයæ මෙය ලියූ මොවුන්ගේ සිය දෑත් වලටද අනර්ථය, තවද එ මගින් ඔවුන් අත්පත් කරගන්නා ලාභ ප්‍රයෝජනද ඔවුන්ට විනාශය˜ (ශු. කුර්ආනය 2:79).

තවත් ස්ථානයක: —පුස්තකය ගැනම දිව හරවන්නාවූ පිරිසක් ඇත්තෙන්ම ඔවුන් අතර වෙති, එය පුස්තකයේ අන්තර්ගතව නොතිබීයේදි පුස්තකයෙන් යැයි ඔබ සිතනු පිණිසය. අල්ලාහ්ගෙන් නොතිබියදී එය අල්ලාහ්ගෙන්යයිද ඔවුහු කියන්නෝය. ඔවුහු දැනුවත්වම අල්ලාහ් කෙරෙහි බොරු කියන්නෝය˜ (ශු.කුර්ආනය 3:78).

මෙම ධර්මයන්හි අණ පනත් විකෘතිවීම් වලට, වෙනස් කිරීම් වලට ලක්වී එහි පරිශුද්ධත්වය කිළිටුවූ හෙයින් ඉස්ලාමය (අල්-කුර්ආනය) මගින් එහි අසත්‍යභාවය ලෝකයාට හෙළිකිරීම කාලීන අවශ්‍ය තාවයක් විය.

ශුද්ධවූ කුර්ආනය අල්ලාහ් අවසන් දිනය තෙක් ආරක‍ෂා කරන බව පොරොන්දු වෙයි. එබැවින් මෙම පොරොන්දුව ආරක‍ෂා වීම අල් කුර්ආනය පරිශුද්ධ ග්‍රන්ථයක් යන තත්ත්වයෙන් අල්ප මාත්‍රයකින් හෝ වෙනස් නොවෙයි. අල් කුර්ආනය අනාවරණය වූ මුල් භාෂාව ලෝකයේ කෝටි සංඛ්‍යාත ජනතාව අතර ව්‍යවහාරයෙහි පවති. එම ආරාබි භාෂාවේ උසස්තම සාහිත්‍ය නිර්මාණය අල්කුර්ආනයයි.


සාක්ෂරතාවයෙන් තොරවූ මුහම්මද් නබි (සල්) තුමන්ට කිසිසේත්ම මෙවැනි ග්‍රන්ථයක් නිර්මාණය කළ නොහැක. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ කියයි: —ශාස්තෘවරයානනි මීට පෙර කිසිම ග්‍රන්ථයක් ඔබ කියවා නැත, ඔබේ අතින් ලියාත් නැත. එසේ තිබුනේ නම් අසත්‍යවන්තයින් සැකකරන්නට තිබිනි˜ (ශු.කුර්ආනය 29: 48).

කිසිදු සැකයක් නැත විශ්වයෙහි අධිපති විසින් මෙම ග්‍රන්ථය අනාවරණය කරනු ලැබුවේ. මොහු (මුහම්මද්) ස්වයංව මෙය නිර්මාණය කරගත්තේය යැයි මෙම සමාජය පවසනවාද? කුමක්ද? එසේ නොව මෙය ඔබේ දෙවියන් විසින් පැමිණුනු සත්‍ය වේ˜ (ශු. කුර්ආනය 32: 2).

මධ්‍යස්ත විග්‍රහයක යෙදෙන මුස්ලිම් නොවන ප්‍රවීන විද්වතෙකු වන —මාරිස් බුකෛල්˜ මෙසේ සඳහන කරයි: —අල්කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය, සාවද්‍ය සහගත බව, ඉහත සඳහන් කරුණු වලින් පෙනේ. අකුරු නොදන්නෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ඨතම සාහිත්‍යදරයා විය හැක්කේ කෙසේද? තත්කාලයේ අන් කිසිදු මිනිසෙකු නොදැන තරමේ අල්ප මාත්‍ර වරදකින් තොරව, එබඳු විද්‍යාත්මක සත්‍යයන් හෙළිදරව් කළ හැක්කේ කෙසේද? Maurice Bucaille – The Quran and Science 1978 :පිටුව 125).

ශුද්ධවූ කුර්ආනයෙහි මග පෙන්වීම් මුළු ලෝකවාසි ජනතාවටම අයත් මග පෙන්වීම් වේ. ලෝකයේ සාමය ශාන්තිය උදාවීමට නම් වෙනත් විකල්ප නොසොයා මෙම විශ්ව නිර්මාතෘ ලබාදෙන විසඳුම් කරා යා යුතුයි. ඔහු ගේ මග පෙන්වීම් කරා මානවයා ළඟා විය යුතුයි.

අපක‍ෂපාතිව, මධ්‍යස්ථව අල්කුර්ආනය අධ්‍යයනය කරන්න. මා නිර්මාණය කළ නිර්මාතෘගෙන් අනාවරණය වූ ශුද්ධවූ ග්‍රන්ථය යන හැඟීම මත අධ්‍යයනය කරන්න. ඔබට නිවැරදි මාර්ගය, ජීවිතයේ ශාන්තිය, සාමය ලැබීම නියතය.

අල්කුර්ආනය පවසන විද්‍යාත්මක සත්‍යයන් නියතයෙන්ම ශත වර්ෂ 14 කට පෙර ජීවත්වූ —මුහම්මද්˜ කියන එම පෘථග්ජනයාට කොහෙත්ම කිව නොහැක. නියත වශයෙන්ම එම වාක්‍යන් මෙම විශ්වයේ නිර්මාතෘවරයා වන අල්ලාහ් විසින් එම ශාස්තෘවරයාට අනාවරණය වුනු වාක්‍යන් මිස වෙන කිසිවක් නොමැත. සිය ජීවිතයෙහි කිසි දිනක සයුරු තරණය නොකළ මුහම්මද් නබි (සල්) තුමන්, මෑත කාලයේදී විද්‍යාව මගින් සොයාගත් සත්‍යක්, ශත වර්ෂ 14 කට පෙර කෙසේ කිව හැකිද? එනම්: —දෙසාරගයන් එකිනෙක හමුවීමට ඔහුම සැලැස්සුවේය. (එනමුත්) මේ දෙක අතර අහුරන බාධකයක් ඇත. මෙම බාධක සීමාව ඉක්මවා යා නොහැක˜(ශු.කුර්ආනය 55: 18, 19).

—සමුද්‍රයන් දෙක (ජලය දෙජාතියක් උසුලයි) එනමුත් එය සමාන නොවෙයි එයින් එකක් නැවුම් මිහිරි සහ පානයට ප්‍රසන්නයි. අනෙක ලවන ගතිය ඇති සහ පානයට අප්‍රසන්නයි˜ (ශු. කුර්ආනය 35: 12).

—කව්රුන් සමුද්‍රයන් දෙක යා නොවෙන සේ තැබුවේද එයින් එකක් ලවන ගතියෙන් හා අනෙක දිව ගා රස බැලිය හැකි මිහිරි රසෙනුත්, අල්ලාහ් විසින් මේ සමුද්‍රයන් එකිනෙක එක් නොවන සේ බාධකද දමා සම්පූර්ණයෙන්ම යා නොවන සේ වෙන්කර තැබුවේය˜ (ශුකුර්ආනය 25: 53).

මී මැස්සා පිළිබඳ ශුද්ධවූ අල් කුර්ආනය ඉදිරිපත් කළ අදහස් විශ්මය ජනකය.

ඉර හඳ පිළිබඳ, වෙනත් ලෝකයන් පිළිබඳවත් එම ලෝකයන්ට අවශ්‍ය කරන ශක්තිය බලය තිබුනු විට ගමන් කළ හැකි බවත්, පෘථීවිය පිළිබඳවත්, කඳු පිළිබඳවත්, විශ්ව නිර්මාණය පිළිබඳවත්,


වලාකුළු පිළිබඳවත් දරුවෙකු මව් ගැබ තුළ පිළිසිඳගන්නා ආකාරය පිළිබඳවත්

මෑත කාලයේදි විද්‍යාව තුළින් සොයාගත් බොහෝ සත්‍යයන් පිළිබඳ ශුද්ධවූ අල් කුර්ආනය කථාකරයි.

ඉස්ලාම් ආගමේ දේශපාලනමය, ආර්ථීකමය, සමාජයීය ක්‍රමය

ඉස්ලාම් ආගමේ දේශපාලනමය, ආර්ථීකමය, සමාජයීය ක්‍රමය ගැන විස්තර වශයෙන් සාකච්ඡා කිරීමට මෙම පරිච්ඡේදයේ ඇති ඉඩ ප්‍රමාණය ඉතා සීමිතය. අපරදිග උගතුන් විසින් ඉස්ලාම් ආගමට විරුද්ධව පතුරුවා හරින ලද වැරදි මතයක් ගැන මතු පළ වන ග්‍රන්ථ වල කරන අතර තුර ම, ඉහත සඳහන් කරුණු ගැන ද සවිස්තරව සාකච්ඡා කිරීමට හැකි වන බැවින් ඒ පිළිබඳ සෑහෙන අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. පහත සඳහන් කරුණු අපගේ පාඨකයන් ඉදිරියේ තැබීමට කැමැත්තෙමු.

පළමුකොට, ඉස්ලාම් ආගම හුදු විඥානවාදී, දර්ශනයක් නොවන බව අවබෝධ කරගත යුතුය. අනෙක් අතින්, එය මිනිස් වර්ගයාගේ නියම අවශ්‍යතා සම්පූර්ණයෙන් ආශ්වාදය කරමින් ඒවා හඳුනා ගැනීමට උත්සාහ කරන ප්‍රායෝගික ජීවන ක්‍රමයෙකි.
දෙවනුව, මිනිසාගේ නියම අවශ්‍යතා සපුරාලීමට උත්සාහ කිරීමේ දී, මනුෂ්‍ය ස්වභාවය අනූව ඉස්ලාම් ආගම එහි සම – තුලිතතාවක් ඇති කරයි. පුද්ගලයාගේ ශරීරය හා ආත්මය අතරත්, හේතුව හා ආධ්‍යාත්මය අතරත්, සමතුලිතතාවක් රැකෙන අයුරින් එය පුද්ගලයාගෙන් අරඹයි.
කිසි විටෙක එක් පැත්තකින් අනෙක් පැත්ත අභිභවනය කිරීමට ඉඩ නොදෙයි. ආත්මය ඉහළ තලයෙන්ම නැංවීම පිණිස මෘග ආශාවන් මර්දනය කිරීමක් එය නොකරයි. කාමුක ආශාවන් පිනැවීමේ දී මිනිසා තිරිසන් තත්ත්වය වැනි පහත් මට්ටමකට පත් කිරීමක් ද නොකරයි. එය කරන්නේ, මනුෂ්‍ය ආත්මයේ පැවැත්මට තර්ජනය කරන එසේ නැතිනම්, එහි එක් කොටසක් අනෙක් කොටස්වලට විරුද්ධ ව තබන, අභ්‍යන්තර මානසික ගැටුම් ඉවත් කොට, අර අංශ දෙක එක් උසස් තැනක දී හමු කිරීමයි. මේ නිසා එය පුද්ගල අවශ්‍යතා අතර සම-තුලිත බවක් ඇති කිරීමට කි්‍රයා කරයි. එය පුද්ගලයන් හෝ සමාජය පාගාගෙන ඉඳීමට එක් පුද්ගලයකුට කිසි විට ඉඩ නොදෙයි. එසේ ම පුද්ගලයෙකු පාගාගෙන හිඳීමට සමාජයට ද ඉඩ නොදෙයි. එක් පන්තියකට හෝ මනුෂ්‍ය කොට්ඨාශයකට තවත් පන්තියක් හෝ මනුෂ්‍ය කොට්ඨාශයක් වාලූන් කර ගැනීමට එය ඉඩ නොදෙයි. අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ සියලූ බලවේගවල දී, ඔවුනොවුන් අතර ගැටුම් වළක්වයි. ඔවුනට එකට අත්වැල් බැඳ ගැනීමට අනුශාසනා කරයි. මිනිස් වර්ගයාගේ පොදු යහපත පිණිස එක්සත් වන ලෙස කියයි. ඉස්ලාම් ආගම මේ අයුරින් සංවරශීලී, සුභසාධක ක්‍රමයක් අනුගමනය කරයි.


මෙසේ, ඉස්ලාම් ආගම ආධ්‍යාත්මික හා බාහිර අංශ අතරේත්, ආර්ථීක හා මානුෂික අංශ අතරේත් යන විවිධ සමාජ අංශ අතර සම තුලිතතාවක් රැකගනියි. කොමියුනිස්ට් වාදය පිළිගන්නාක් මෙන්, මානුෂික් පැවැත්ම ආර්ථීක කරුණු භෞතික පැත්ත විසින් අභිභවනය කරනු ලැබේය යන්නත් ඉස්ලාම් ආගම විශ්වාස නොකරයි. මනුෂ්‍ය ජීවිතය සංවිධනාය කිරීමට උසස් අදහස් වල ආධ්‍යාත්මික පක‍ෂය පමණක් සෑහේය යනුවෙන් පවිත්‍ර ආධ්‍යාත්මාවදීන් හා විඥානවාදීන් කරන ප්‍රකාශයට එය එකඟ නොවේ. මනුෂ්‍ය සමාජය ගොඩනැගෙන්නේ එක් කෙනෙකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් නොව විවිධාකාර මූලයක් එකතුවීමෙන් බව ඉස්ලාම් ආගම පිළිගනියි. මේ සියල්ල සැලකිල්ලට ගෙන ශරීරයට, බුද්ධියට හා ආත්මයට සම්පූර්ණයෙන් ඉඩ දී, ඒවා සාමකාමී රාමුවක් තුළ සංවිධානය කිරීම හොඳ ම ජීවන පද්ධතිය බව ද ඉස්ලාම් ආගම පිළිගනියි.
වෙතනුව, සමාජ දර්ශනයක් වශයෙන් හා ආර්ථීක ක්‍රමයක් වශයෙන් ඉස්ලාම් ආගමේ සම්පූර්ණ නිදහස් පැවැත්මක් ඇති බව සිහි තබා ගත යුතුය. එහි සමහර බාහිර ගති ලක‍ෂණ ධනවාදයට හෝ කොමියුනිස්ට් වාදයට සමානයයි මතුපිටින් පෙණුන ද, ඇත්ත වශයෙන්, මේ එකක්වත් නොවේ. මෙම ක්‍රමවල වැරදි සහ නොගැලපෙන තැන් ඉවත් කොට හොඳ ලක‍ෂන පමණක් එය රඳවා ගනියි. සමාජ ක්‍රමයෙහි පදනම පුද්ගලයා ය යනුවෙන් සලකන වර්තමාන අපරදිග පවත්නා ගති ලක‍ෂණවල තත්ත්වයට ම නොවැටි ඉස්ලාම් ආගම පුද්ගලවාදය පිටුදකී. පුද්ගලයාගේ නිදහස සෑම අතින්ම ආරක‍ෂා විය යුතු යයි ද, සමාජය විසින් කිසිම හේතුවක් නිසා එම නිදහසට ඇඟිලි නොගැසිය යුතු යයි ද කියයි. පුද්ගල නිදහස යන සංකල්පය මත ගොඩනැගුණු, අපරදිග වර්තමාන ධනවාදය නමැති විෂ බීජය විසින් පුද්ගලයා හදා වඩා ආරක‍ෂා කළ ජන සමාජය ඇතුළු අනිකුත් අය සූරාකනු ලබයි. සමාජයේ වැදගත්කම හොඳින් අවබෝධ කරගත් ඉස්ලාම් ආගම පෙරදිග යුරෝපීය රටවල දක්නට ලැඛෙන අන්දමේ අන්තයකට යන්නේ නැත. මනුෂ්‍ය ජීවිතයේ පදනම වූ සමාජය තුළ පුද්ගලයෙක් යනු ස්වකීයයි පැවැත්මක් නැති, තම රංචුවෙන් නිදහස් විය නොහැකි, නොවැදගත් වාහනයෙකියි එම යුරෝපිය රටවල් සිතයි. මේ නිසා නිදහස හා බලය විඳින්නේ සමාජයයි. ඒ පිළිබඳ ව ප්‍රශ්න කිරීමට හෝ තම අයිතිවාසිකම් ඉල්ලා සිටීමට හෝ පුද්ගලයාට කිසිම බලයක් නැත. මේ අයුරින් පුද්ගල ජීවිත කැමැති පරිදි හැඩ ගැස්වීමේ පරම බලය ඇත්තේ රාජ්‍යයටයයි යන ආකල්පය සහිත ව කොමියුනිස්ට් වාදය බිහි විය.
ඉස්ලාම් කොමියුනිස්ට් වාදයටත්, ධනවාදයටත් අතරමැදී සම-තුලිතතාවක් ඇත්තකි. පුද්ගලයාට තම සහෝදර ජනතාව පාගා ගැනීමට නොව, ඔහුගේ දක‍ෂතාවන් වැඩි දියුණු කර ගැනීමට නිදහස අවශ්‍ය යන්න හා පුද්ගලයා හා රාජ්‍යය අතර සාමය පැවතිය යුතුය යන්න ද පිළිගනිමින්. ජන සමාජයටත්, සංවිධාන වූ ජන සමාජයක ලක‍ෂණය වූ රාජ්‍යයටත්, මනුෂ්‍ය ජීවිතයේ මෙම සාමය ආරක‍ෂා කොට පවත්වාගෙන යාමට හා කි්‍රයාත්මක කිරීමටත්, සමාජ ආර්ථීක සම්බන්ධතා පාලනය කිරීමටත් විශාල බලතල ලබාදෙයි. ඉස්ලාම් ආගමට අනූව මෙම සම්පූර්ණ සැකිල්ලෙහි පදනම වන්නේ පුද්ගලයන් හා සමූහ අතර පවත්නා අන්‍යෝන්‍ය ආදරයයි. එය ගොඩනගා ඇත්තේ ඔවුනොවුන් අතර කුළල් කා ගැනීම් මතවත්, කොමියුනිස්ට් සමාජවල දක්නට ලැඛෙන පන්ති අරගල මතවත් නොවේ.
ඉස්ලාම් ආගම දකින අයුරින්, මෙම උසස් ජීවන ක්‍රමය කිසියම් ආර්ථීක පීඩනයක් නිසා ඇති වූවක් හෝ, අන්‍යෝන්‍ය විරුද්ධවාදී මිනිස් සමූහවල පරස්පරව ගැටෙන අවශ්‍යතා නිසා ඇතිවූවක් හෝ නොවේ. මෙපමණක් නොවේ, මෙම ක්‍රමය, ප්‍රබුද්ධ ජීවන ක්‍රමයක් වශයෙන් ලෝකයට එළිදරවු කරන ලද්දේ මිනිසුන් ආර්ථීක කරුණු වලට විශේෂ වැදගත් තැනක් දුන් අවධියකදී නොවේ. වර්තමානයේ අප දක්නා අරුතින් සමාජ සාධාරණය පිළිබඳ ව කිසිවක් ඔවුන් දැන සිටියේ නැත. කොමියුනිස්ට් වාදය හා ධනවාදය පශ්චාත්කාලීන වර්ධනයෝ වෙති. මනුෂ්‍ය ජීවිතයෙහි සමාජ හා ආර්ථීක අංශයන්හි ප්‍රතිසංස්කරණ ගැන සලකන විට, කාල්මාක්ස්ගේ නම සාමාන්‍යයෙන් සම්බන්ධ වී පවත්නා, මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාර, නිවාස හා ලිංගික තෘප්තිය යන කරුණු සඳහා ප්‍රතිපාදන සැලසීම රජයක යුතුකමයි. මෙම අදහස මනුෂ්‍ය චින්තනය පිළිබඳ ඉතිහාසයේ මහා විප්ලවයක් ඇති කළේ ය. එහෙත්, කාල්මාක්ස්ට බොහෝ කලකට පෙර, අවුරුදු එක් දහස් තුන්සියකට පෙර, ඉස්ලාම් ආගම ලෝකය ඉදිරියේ පුද්ගලයාගේ මෙම අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශ කළේය.

මේ අයුරින් අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන් මෙසේ කීය: —අප සඳහා (ඉස්ලාමීය රාජ්‍යය) යම් කිසිවෙක් රාජ්‍ය සේවකයකු ලෙස කි්‍රයා කරන්නේ ද, ඔහුට භාර්යාවක් නැත්තේද, ඔහුට භාර්යාවන් සිටිය යුතුය. නිවසක් නැතිනම් ජීවත් වීම සඳහා ඔහුට නිවසක් ලබා දිය යුතුය. සේවකයෙකු නැත්නම් සේවකයෙකු සොයා ගත යුතුය. ඔහුට (සත්වයෙකු) වාහනයක් නැතිනම් සත්වයෙකු සොයි දිය යුතුය.˜ මෙම මූලික අයිතිවාසිකම් පිළිබඳ ඓතිහාසික ප්‍රකාශනයෙහි අන්තර්ගත වන්නේ කාල් මාක්ස් කියූ දෙය පමණක් නොවේ. පන්ති අතර ද්වේශයක් නැතිව, ලේ ගලන විප්ලව නැතිව, ආහාර, නිවාස හා ලිංගික තෘප්තිය හා පෙර කී මූලයන් ප්‍රතිෙක‍ෂ්ප කිරීමක් නැතිව, කාල්මාක්ස් කියූ දෙයට වැඩිපුර දේ එහි අඩංගු වේ.
මේවා ඉස්ලාමීය ජීවන පද්ධතියේ කැපී පෙනෙන ලක‍ෂණ ය. එබඳු නීති හා මූල ධර්ම සහිත වූ ද, මානුෂික පැවැත්ම, හැඟීම්, සිතුවිලි, කි්‍රයා, වන්දනා, ආර්ථීක කටයුතු, සමාජ සම්බන්ධතා, ආශාවේග හා ආධ්‍යාත්මික ප්‍රාර්ථනා ආදී සියල්ල ඇතුළත් වූ ද, සරල සාමකාමී උතුම් ජීවන ක්‍රමයක් පිළිබඳ රාමුවක් තුළ සංවිධානය කරන ලද, ආගමක් එහි මනුෂ්‍යයාට ඇති ප්‍රයෝජනවත් බව කවදාවත් නැති නොවේය යන්න තහවුරු කිරීමට මේවා ප්‍රමාණවත් වෙයි.
එබඳු ආගමක සහ ජීවිතයේ අරමුණු සමාන බැවින් එම ආගම කවදාවත් විනාශ වන්නට බැරිය. මේ නිසා පෘථීවිය මතුපිට ජීවය පවත්නා තුරු එය පවත්නේ ය.
සමකාලීන ලෝක තත්ත්වය ගැන සලකා බලන විට, මිනිස් වර්ගයාට ඉස්ලාම් ආගමට පරාංමුඛ වීමට හෝ එහි ජීවන ක්‍රමය ප්‍රතිෙක‍ෂ්ප කිරීමට හෝ පුළුවන්කමක් නැත. ඒ නිසා ප්‍රබුද්ධ විසිවැනි සියවස තුළ ජීවත් වන මිනිසා තවමත් අතිශයින් මිලේච්ඡ වූ ද, අමිහිරි වූ ද සමාජ අසාධාරණකම්වල නියුක්ත වී සිටී.

ඇමරිකාව හා දකුණු අප්‍රිකාව මෙයට සාධක සපයයි. ඇත්ත වශයෙන්ම විසිවැනි සියවසේ ලෝකය විසින් ඉස්ලාම් ආගමෙන් උගත යුතු බොහෝ දේ ඇත. බොහෝ කලකට පෙර ඉස්ලාම් ආගම සියලූ සමාජ අසාධාරණකම්වලින් මනුෂ්‍යත්වය මුදා ගත්තේ ය. සමානාත්මතාව පිළිබඳ විචිත්‍ර චිත්‍රයක් එහි අඩංගුවූයේ පමණක් නොවේ. භක්තියෙන් මිස අන්‍යයන් මත ප්‍රමුඛතාවයක් කිසිවකුට ලැබිය නොහැකි යයි ප්‍රකාශ කරමින් කලූ, සුදු හා රතු මිනිසුන් අතර අද්විතීය සමානාත්මතාවක් ප්‍රායෝගික වශයෙන් ම එය ලබා ඇත. එය කළු මිනිසුන් වාල් බවින් මුදා ගත්තා පමණක් නොව, ඉස්ලාම් රාජ්‍ය තුළ උසස්ම තත්ත්වයට පැමිණීමට ඔවුන්ට ඇති අයිතිවාසිකම් ද පිළිගත්තේය. නිදහස් පුද්ගලයන් මෙන් ඔවුන්ට ඉස්ලාම් රාජ්‍යයේ ප්‍රධානීන් වීමට හැකිය. අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන් මෙසේ කීය: —නීග්‍රෝ වාලකු ඔබගේ ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබුවහොත් ඔහු අල්ලාහ්ගේ නීතිය ඔබ කෙරෙහි බල පවත්වන තාක් කල් ඔහුට සවන් දෙන්න. ඔහුට කීකරු වන්න.˜
අධිරාජ්‍යවාදයේ හා අත්තනෝමතිකත්වයේ පාපයන්ට හා මිලේච්ඡ ලක‍ෂණවලට මැදි වූ වර්තමාන ලෝකය තමන් බැඳ ඇති යදම් බිඳ දැමීමට ඉස්ලාම් ආගමට පමණක් හැකිය යන ඉස්ලාම් පණිවුඩය කෙසේ අමතක කළ හැකි ද? අධිරාජ්‍ය වාදයටත් සියලූ ආකාර සූරාකෑම්වලටත් ඉස්ලාම් ආගම විරුද්ධය. දෙවියන් වහන්සේගේ වචනය පතුරුවා හැරීමේ අදහසින් ඉස්ලාම් ආගම විසින් දිනාගන්නා ලද රටවල මිනිසුනට කරන ලද සැලකිල්ල කෙතරම් පරාර්ථකාමී ද? උතුම් ද? යන්න සිතා ගැනීමට පවා —ශීලාචාර˜ යුරෝපයට නොහැකි ය. මේ කරුණෙහි දී, උමර් බින් අල් කත්තාබ් කලීෆා (පාලකයා) ගේ ප්‍රසිද්ධ තීරණයක් සඳහන් කිරීමට කැමැත්තෙමු. ඊජිප්තුවේ ජයග්‍රාහී ජනරාල් වරයකු වූ ද, ගෞරවනීය ආණ්ඩුකාරයා වූ ද අම්ර් බින් අල් ආස් (රලි) තුමන්ගේ පුත්‍රයාට කිසිදු නෛතික සාධාරණත්වයක් නැතිව ඊජිප්තු කි්‍රස්තියානිකාරයාට පහර දීමේ හේතුවෙන් කස පහර දීමට නියම කළේය. තම කීර්තිමත් පියා නිසා ඔහු පාලක තුමාගේ කස පහරින් බේරුණේ අනූනවයෙනි.
ඉස්ලාම් රාජ්‍යයේ වැසියන් බුක්ති විඳින සිවිල් නිදහස කෙතරම් ද යන්න මෙම කරුණින් පැහැදිළි වෙයි.
ජීවිතයට විස කැවූ ධනවාදයේ පාපය ඊට පසු දක්නට ලැබිණ. එය නැතිකර දැමීමටත් මනුෂ්‍ය ජාතිය එහි දුෂ්ට විපාකයන්ගෙන් මුදවා ගැනීමටත් නැවතත් ඉස්ලාම් ආගම අවශ්‍ය විය. ධනපති ආර්ථීකයක ලක‍ෂණ වූ ගිනි පොලිය, ධනය රැස්කොට සඟවා තැබීම, ඉස්ලාම් ආගම විසින් තහනම් කරනු ලැබේ. වෙනත් වචනවලින් කියනවා නම්, මෙහි මීට අවුරුදු එක් දහස් තුන්සියයකට පෙර කළාක් මෙන්. ඉස්ලාම් ආගමට පමණක් ධනපති වාදයේ පාපයන් සාර්ථක ලෙස නැවැත්විය හැකි බවය. මිනිස් හදවතේ ආධ්‍යාත්මික ස්පන්දනය වියලවන්නේ නැතිව, සමාජ සාධාරණය පවත්වා ගැනීමට ඉස්ලාම් ආගමෙන් තරම් උපකාරයක්, භෞතික වාදී අදේව වාදී කොමියුනිස්ට් වාදය විසින් ජය ගන්නා ලද ලෝකයේ නොලැඛෙයි. ඉස්ලාම් ආගම මිනිසාගේ ලෝකය පටු හැඟීම් සහිත ලෝකයකට සීමා නොකරයි. මේ හැමට ම වඩා, ඉස්ලාම් ආගම පහත් පන්තියේ ඒකාධිපතීත්වයක් උපයෝගි කොටගෙන මනුෂ්‍ය වර්ගයා මත බලහත්කාරයෙන් තම ආගමික දර්ශනය කි්‍රයාත්මක කිරීමට අදහස් නොකරයි. උනන්දුවක් ද නොදරයි.
ආගමේ අනිවාර්ය බවක් නැත. ඇත්ත වශයෙන් ම ගුණවත් බව කෘෘර බවෙන් වෙන්ව කැපී පෙනෙනු ඇත.˜ (අල්කුර්ආනය 2: 256).
අවසාන වශයෙන්, තවමත් යුද්ධයේ සෙවනැලි වලින් වැසුණු ලෝකයට, පෘථීවිය මතුපිට සාමය ඇති කොට පවත්වාගෙන යා හැකි එකම මාර්ගය වන ඉස්ලාම් දෙස නොහැරී සිටිය නොහැකි ය.
ඉස්ලාම් යුගය ආරම්භ වූවා පමණකි. අවසන් වී නැත. එය සිඳී ගිය බලවේගයක් නොවේ. ජීවමාන ගතික බලවේගයකි. යුරෝපය මධ්‍යතන යුගයේ අඳුරු අගාධවල මාර්ගය සොයමින් බඩ ගෑ යුගයෙහි, පොළෝ තලය ආලෝකවත් කළ ඉස්ලාම් ආගමේ ඒ දීප්තිමත් ඓතිහාසික අතීතය මෙන් ම එහි අනාගතය ද දීප්තිමත් ය.
ශ.ද්ධවූ කුර්ආනය මෙසේ සඳහන් කරයි: —ඔබගේ වාලූන් පිළිබඳව ද එසේ ය. ඔවුන් තුළ පවත්නා කිසියම් යහ ගුණයක් ඔබ දන්නේ නම් ඔවුනට පෙනෙන පරිදි ඔවුන් නිදහස් කිරීම පිළිබඳ ප්‍රකාශනය ලියන්න. අල්ලාහ් ඔබට යම් ධනයක් ප්‍රදානය කොට ඇත් ද, එම ධනය ඔවුනට ද ප්‍රදානය කරන්න.˜ (අල්කුර්ආනය 14: 33).
ඉස්ලාම් ආගම මොනම ක්‍රමයක හෝ මිථ්‍යා විශ්වාසයන්ට විරුද්ධ බැවින් එයට මිනිස් බුද්ධිය වර්ධනය කිරීමේ ශක්තියක් ඇත. පසුගිය කාල පරිච්ඡේදවල දී මනුෂ්‍යත්වය, චින්තනය පිළිබඳ විවිධ අසාධාරණකම්වලට හා මිනිසාගේ අභිරුචියට අනූව හැඩ ගැසුණු සමහර පුරුදුවලට ගොදුරු වූ බව පෙනෙන අතර සමහර ඒවා මිනිසා විසින් නිර්මාණය කරන ලද දෙවියන්ගෙන් පැවතෙන බව ද පෙනේ. මේ අයුරින් මිනිස් බුද්ධිය ඉස්ලාම් ආගම පැමිණීමට පෙර අණ්ධකාරයේ බඩගාමින් තිබිණ. ඉස්ලාම් ආගම පැමිණීමත් සමග ම මිනිස් බුද්ධිය පරිණත බවට පත්විය. බහුබූත අදහස් වලින්, ඊනියා දෙවිවරුන්ගෙන්, යුදෙවු සම්ප්‍රදායන්ගෙන් හා ඛෙලහීන කි්‍රස්තියානි පල්ලියෙන් ද මුදවනු ලැබූ එම මිනිස් බුද්ධිය යළිත් වරක් සත්‍ය විශ්වාසයේ හා සත්‍ය දෙවියන් වහන්සේගේ අභියසට පමුණුවන ලදී.

පුනරුත්පත්තිය හා බුද්ධිමත් විමසුමක

පුනරුත්පත්තිය” මෙය ලාංකීය සමාජයේ බෞද්ධයින් අතර ජනප්‍රිය වු මාතෘකාවකි.
විශෙෂයෙන් රූපවාහිනි මාධ්‍යන්වල ආකර්ශනීය වැඩසටහනකි. එම නිසා මෙම පඅනරුත්පත්තිය පිලිබදව බුද්ධිමත් විමසුමක් කිරීමට අදහස් කරමි. මෙම පුනරුත්පත්තිය යන වචනයට ශබ්දකෝෂය හා විශ්ව කොෂයන් මගින් ලබාදෙන අරුථ පිලිබදව අවධානය යොමුකලේ නම් ” ———————– “යනුවෙන් සදහන් වේ.
නමුත් එහි සරල අදහස සැලකුවේ නම් “යම් ජීවියෙකුගේ මරණයත් සමග සියල්ලල අවසන් නොවී එම ජීවියා හා බැදුනු යමක් දිගින් දිගටම පවතිනවා යන්නයි” මෙය ආත්මයක්, පටිසන්ධි විඥානයක්, ගන්ධබ්භයක්……………. යනාදී ලෙස විවිධ ආකාරයේ නම්වලින් හා ඒ ඒ නම්වලට ආවේනික වු විවිධ ස්වරූපයන් ද මෙම විශ්වාසයන් හා බද්ධ වී පවතී. විශෙෂයෙන් මෙම විශ්වාසය වර්ථමාන ලාංකිය සමාජයේ හින්දු හා බෞද්ධයින් අතර ප්‍රබලව පවතී. ලාංකීය සමාජයේ හින්දු හා බෞද්ධ ආගම් තුල පමණක් මෙම ව්ශ්වාසය දක්නට ලැබුණ ද මෙම පුනරුත්පත්ති හෙවත් ආත්මයෙන් ආත්ම ඉපිද මියයෑම ලොව බොහෝ ආගම්වල පවසන්නා වු සිද්ධාන්තයකි. මෙය ආත්මවාදය යනුවෙන් ද හදුන්වයි.

ආත්මවාදය යනු “පුද්ගලයෙකු මියයන විට අමරණීය යමක් එම පුද්ගලයාගෙන් ඉවත් වී යන බවත්, ඒ ඉවත් වන දෑ වෙනත් ස්ථානයක දී ප්‍රතිසන්ධියක් ලබා නැවත පුද්ගලයකු බවට පත්ව ඉපදෙනවා” යන්නයි. සමහරක් බෞද්ධ විද්වතුන් මෙම මතය තවත් ඉදිරියට ගෙනයමින් පුනරුත්පත්තිය හෙවත් ආත්මවාදය මීට වෙනස් ආකාරයකට ඉදිරිපත් කිරීමක්ද දක්නට ලැබේ. එනම්, යම් කෙනෙකු තම ලෞකික ජීවිතය යහපත් ආකාරයට ගත කලේ නම් ඊළ` ආත්මයේ දී මනුෂ්‍යත්වයක් ද නොඑසේ නම් මනුෂ්‍ය ආත්මයක් නොවන තිරිසන් සතෙකුගේ ආත්මයක් ද ලබන්නට සිදුවන බව පවසයි. එනම් තමන් කරනු ලබන පං පව් අනුව තම මීළ` ආත්මයේ ස්වරුපය තීරණය වෙනවා යන්න ඔවුන්ගේ විශ්වාසයයි.

තවද තමන්ගේ කුසල් අනුව මනුෂ්‍ය ආත්මයක් ලැබුව ද එම මනුෂ්‍ය ආත්මය තුල ද තමන් පෙර ආත්මයේ කල කුසල් අකුසල් අනුව  යහපත් අයහපත් මිනිසුන් ලෙසත්, දුප්පත් පොහොසත් ලෙසත්, රෝගි නිරෝගි ලෙසත්…………. යනාදී වශයෙන් සියල්ල තීරණය වනවා යන්න ඔවුන්ගේ විශ්වාසයයි. මේ ආකාරයට විවිධ  මතයන් සමාජයේ වපුරණ මොහොතක ඒ පිලිබදව බුද්ධිමත් අවධානයක් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි.

ඒ අනුව මුස්ලීම්වරුන් වශයෙන් මේ පිලිබදව ඉස්ලාම් කුමක් පවසනවා ද? යන්නත්, මෙම ආත්මවාදය හෙවත් පුනරුත්පත්තිය කොතරම් ප්‍රායෝගික ද? යන්නත්, එය කොතරම් බුද්ධිගෝචර ද?  යන්නත් දැන් අවධානය යොමු කරමු.

ප්‍රථමයෙන් මෙම ආත්මවාදය ඉස්ලාමීය ඇසින් විමසුමක් කරන්නේ නම්. ඉස්ලාම් දහම ආත්මවාදී සංකල්පය එනම් නැවත නැවත ඉපදීම යන්න තරයේ ප්‍රතිෙක‍ෂ්ප කරන දහමකි. මේ කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය වන්නේ මනුෂ්‍යා ඇතු` සිය`එම ජීවින් මෙලොව එක් වරක් පමණක් උපදින අතර එම ජීවිත කාලය තුල කරණු ලබන යහපත් හා අයහපත් කටයුතු සදහා ලෝක අවසාන විනිශචය දිනයක දී සර්ව බලධාරී දෙවියන් විසින් විනිශ්චය කරනු ලබන අතර මිනිසුන් කල පිං පව් අනුව තමන්ට හිමිතැන ස්වර්ගයද, අපායද යන්නත් අනිකුත් ජීවින් අතර යම් අසාධාර්ණයන් සිදුවී තිබේ නම් ඔවුන් සදහා එම ස්ථානයේ දී සාධාර්ණයක් ඉටු කරනවා යන්නත් ඉස්ලාමීය විශ්වාසයයි. ඒ අනුව ජීවියෙකුගේ මරණයෙන් පසුවත් යමක් ඉතිරි වෙනවා යන්න ඉස්ලාම් දහම ද විශ්වාස කරන අතර එය තවත් උත්පත්තියක් සදහා බලනොපානවා යන්න ඉස්ලාමීය විශ්වාසයයි.

ඉස්ලාමීය විශ්වාසය ඉහත ආකාරයේ පවසද්දී මුස්ලම් නොවන්නෙකු හට “ඉස්ලාම් පවසන්නේ නැති නිසා මේ ආත්මවාදය බොරු වෙනවාද?” යන ප්‍රශ්නය ඇති විය හැක. මෙවැනි ප්‍රශ්නයක් සැබැවින්ම ඇති වියයුතු අතර එසේ වුවානම් තම ාමා ඉහතින් පැවසු බුද්ධීමත් අවධානයක් යොමුකිරීමක් මෙන්ම මෙම ලිපියට වඩාත් සාධාර්ණයක් සිදුවන්නේ. එසේ නොවේ නම් මෙය අන්ධ භක්තියක් හෝ අන්තවාදීත්වයක් බවට පත්වනු ඇත. එවැනි දුර්වලතාවයන් ඇති නොවේවා යයි ප්‍රාර්ථනා කරමින් දැන් මාතෘකාව එනම් මෙම පුනරුත්පත්තිය හෙවත් ආත්මවාදය ප්‍රායෝගික බුද්ධිගෝචර කාරණයක් ද යන්න අවධානය යොමු කරමු.

අද ලොව කෝටි 600 කට අධික ජනගහනයක් සිටී. මීට වසර 100 කට පෙර මෙම ජනගහනය ආසන්න වශයෙන් කෝටි 200 ක් පමණ. තවත් ඈතට එනම් අවුරුදු 1000 ක් පමණ ආපස්සට ගියේ නම් එදා ලෝක ජනගහනය සාපේක‍ෂව ඉතා සුඑ සංඛ්‍යාවක් වනු ඇත.

මේ ආකාරයට අතීතයටම ගියේනම් අවසානයේ එකම එක මිනිස් යුවලකින්් අවසන් වනු ඇත. මෙය සෑම දහමක්ම, දර්ශණයක්ම (පරිණාමවාදීන්, අදේවවාදීන් වුවද) පිලිගන්නා සත්‍යයකි. මෙය මනුෂ්‍යාගේ බිහිවීම සදහා පමණක් නොවේ ලොව සෑම ජීවියකු සදහාම මෙය පොදු වු නියමයකි.

උදාහර්ණයක් ලෙස වර්ථමානයේ ලොව ජීවත් වන ජීවින් වර්ග සංඛ්‍යාව මිනිසා ඇතු`එව වර්ග 1000ක් යයි ද ඒවා සියල්ල එකවිට බිහිවුවා යයිද උපකල්පනය කලේ නම්. ආරම්භයේ පැවතී ජීවින් සංඛ්‍යාව ජෝඩු 1000 කි. එසේත් නැත්නම් ජීවින් (ස්ත්‍රී හා පුරුෂ වශයෙන්) 2000 කි. ආත්මවාදී හෙවත් පුනරුත්පත්ති සංකල්පයට අනුව ආරම්භ ජීවි සංඛ්‍යාව වන 2000 හි අදටත් කිසිදු වෙනසක් සිදු නොවිය යුතුය. වෙනසක් සිදුවන්නේ නම් මනුෂ්‍ය සංඛ්‍යාව අඩු වී වෙනත් ජීවීන් සංඛ්‍යාව වැඩිවිය හැක. එසේත් නැත්නම් අනිකුත් ජීවීන් සංඛ්‍යාව අඩු වී මිනිසුන් සංඛ්‍යාව වැඩිවිය හැක. නමුත් කිසිදු හේතුවක් නිසා සමස්ථ එකතුවෙහි කිසිදු වෙනසක් සිදුවිය නොහැක. එනම් ආරම්භක ජීවින් සංඛ්‍යාවත් වර්ථමාන ජීවීන් සංඛ්‍යාවත් සැමවිටම සමාන විය යුතුය. සමහරක් ආගම්වල විශ්වාසයන් වන නිර්වාණය, නිවන, ස්වර්ගය……… යනදී කාරණයන් නිසා නැවත ඉපදීමක් සිදුනොව අවස්ථාවල පෙර පැවසු සංඛ්‍යාව අඩුවිය හැක.

උදාහර්ණයකට පෙර සියවසයේ මිනිසුන් 100 ක් නිර්වාණය ලබා ගත්තේ නම් වර්ථමානයේ මු`එ සංඛ්‍යාවෙන් 100ක් අඩුවිය යුතුයි. එනම් පෙර උදාහර්ණයට අනුව මු`එ සංඛ්‍යාව 1900ක් විය හැක. නමුත්  කිසිදු හේතුවක් නිසා හෝ උපරිම සංඛ්‍යාව වන 2000 හි වෙනසක් සිදුවිය නොහැක.

දැන් ඉහත උදාහර්ණය පසෙක තබා යථාර්ථය දෙස අවධානය යොමු කලේ නම් විද්‍යාව දියුණුවෙ හි ඉනිපෙත්තෙ හි සිටින මේ මොහොතේ ජීවීන් වර්ගයන් හා එහි ප්‍රමාණාත්මක අගයනුත් සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා යන්න කිසිවකුටත් ප්‍රතිෙක‍ෂ්ප කල නොහැක. ආරම්භයේ පැවතී එක් මිනිසා අද කෝටි 600ක් දක්වා ගොස් ඇති මේ මොහෙතේ මිනිසුන්ට සාපේක‍ෂව ජීවින් සංඛ්‍යාව ද වැඩි වී ඇත. විශෙෂයෙන් වර්ථමානයේ සිය`එදෙනා පිලිගන්නා ජීවියකුවන බැක්ටීරියාව කෙරෙහි අවධානය යොමු කලේ නම් මෙම ජීවියා විනාඩි කිහිපයකින් බිලියන දහස් ගනන් බිහිවේ. මෙම ජීවින් සම්බන්ධයෙන් ආත්මවාදීන් පවසන්නේ කුමක්ද?.  සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුහට මෙම බැක්ටීරියා ක්‍රියාකාරීත්වයම ප්‍රමාණව වනු ඇත මෙම ආත්මවාදය අසත්‍යක් බව වටහා ගැනීමට. මෙසේ ලොව දිනෙන් දින ජීවින් සංඛ්‍යාව වැඩිවෙමින් පෑවතීම තුල පෙනීයන්නේ පුනරුත්පත්තිය නොවේ. අලූතින් ජීවින් බිහිවනවා යන්න නොවේද?.

අබු අර්ශද

ඉස්ලාම් කාන්තාවට ලබා දී ඇති අයිතීන් -කෙතරම් දුරට කාන්තා අයිතීන් ආරක‍ෂා කර ඇත්තේද?

ඉස්ලාම් කාන්තාවට ලබා දී ඇති අයිතීන් පිළිබඳ කථා කිරීමට මත්තෙන් වෙනත් ශිෂ්ටාචාරයන්, සංස්කෘතින්, ආගම් කෙතරම් දුරට කාන්තා අයිතීන් ආරක‍ෂා කර ඇත්තේද යනු දැන ගැනීම වඩා උවිතය.

Salma Yaqoob features in the Muslim Women Power Listඅඥාන කාලය යනුවෙන් හඳුන්වන පුරාතන කාලය හෝ වේවා, තාක‍ෂණික යුගය යනුවෙන් හඳුන්වන වත්මන් කාලය හෝ වේවා මෙම සියළු සමයන්හි කාන්තාව පිරිමි ආධිපත්‍යට නතුව අවශ්‍ය විදිහට හසුරුවනු ලැබූහ, විකුණනු ලැබූහ, ලිංගික ආශාවන් ඉෂ්ට කර ගැනීමට පමණක් භාවිතා කරනු ලැබූහ, ගැහැණු දරුවන් සිටීම සෑම අතින්ම හිසරදයක් යැයි සිතා එම දරුවන් වැළලීමද සිදුවූහ.

රෝමානු ශිෂ්ටාචාරය තුළ කාන්තාවගේ චරිතය ඉතාමත් හෑල්ලූලවට ලක්විය. ඇයගේ විවාහයට පසු ඇයත්, ඇය සතු මිළ මුදල් සියල්ල ස්වාමි පුරුෂයාට හිමි විය. තවද ඇය ආත්මාවක් නොමැති සත්වයකු ලෙසින් සළකනු ලැබූහ.

ස්ලෝවෙනික් සමාජය තුළ කාන්තාවන් තමන්ගේ ගැහැණු දරුවන් ලිංගික අතවරයන්ට ලක්වීම බියවී පණ පිටින් ඝාතනය කළහ.

බැබිලෝනියානු ශිෂ්ටාචාරය තුළ කෙනෙකු තවත් කෙනෙකුගේ ගැහැණු දරුවෙකුට හිරි හැර කළේ නම් එකට එක කිරීමක් වශයෙන් ඔහුගේ ගැහැණු දරුවා වද හිංසාවන්ට ලක්විය.

චීන සමාජය තුළ තමන්ගේ සෞභාග්‍ය විනාශ කරන සෝදා පාලූවට ලක්වන ව්‍යාසනයක් සේ සැළකුහ.

භාරත සමාජය තුළ —සති පූජාව˜ (සැමියා නැසී ගිය විට සිය බිරිඳට එම චිතකයටම පැන සිය දිවි නසා ගැනීමට සිදු විය). ඔවුන් එය පුණ්‍ය ක්‍රියාවක් ලෙසද සැළකුහ. වත්මන් යුගයෙහිද මෙවැනි සිදුවීම් පිළිබඳ පුවත් විටින් විට භාරත සමාජය තුළින් වාර්තාවෙමින් පවති.

අරාබි අර්ධත් ද්වීපය තුළද තත්ත්වය මීට වෙනස් නොවූහ. ගැහැණු දරුවන් උපත ලැබීමද අගෞරවයක් ලෙස සැළකු එම සමාජය එම දරුවන් පණ පිටින් වැළලීමටද පසු බට නොවූහ. කාන්තාවගේ ජීවත් වීමේ අයිතිය පවා උදුරාගෙන තිබූ එම සමාජය තුළ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හ~ නැගීමට කිසිදු බල වේගයක් නොවීය.

මෙම තත්ත්වය පසුබිම් කොටගෙන ඉස්ලාම් මීට ශත වර්ෂ 14 කට පෙර ලෝකයට හඳුන්වා දුන් කාන්තා අයිතීන් පිළිබඳ මධ්‍යස්තව විග්‍රහයක යෙදිය යුතුය.

ඒක දේව සංකල්පය ලෝකයට හඳුන්වා දෙමින්් එම සංකල්පය යටතේ සමාජය පෙළගැස්සු නබි (සල්) තුමන් එම සමාජය විසින් උදුරා ගනු ලැබු සියළු කාන්තා අයිතීන් දිනා දුන්හ. හය වැනි සියවසේ ජීවත් වූ නබි (සල්) තුමන් ප්‍රථමයෙන් එම අඥාන සමයේ කාන්තාවට එරෙහිව පනවා තිබු සියළු අගුළුවලින් ඇය නිදහස් කරමින් නොනැවතුනු එතුමන්, කාන්තාව මවක් වශයෙන් දියණියක් වශයෙන්, භාර්යාවක් වශයෙන් සමාජයෙහි ඇයට හිමිවිය යුතු සියළු අයිතිවාසිකම් සහ ගෞරවයන් දිනා දුන්හ.

ඉස්ලාම්හි මවක් වශයෙන් ඇගේ චරිතය: ශද්ධවූ අල්-කුර්ආනය මෙසේ පවසයි:

තම දෙමව්පියන්ට යුක්ති ගරුක වන ලෙස අපි මිනිසාට අණකළෙමු. ඔහුගේ මව දුබලත්වයට ඉහළින් දුබලත්වය විඳිමින් ඔහු ඉසුුලූවාය. ඔහුගේ කිරිවැරීම දෙ අවුරුද්දකි. මටද නුඹගේ දෙමාපියන්ටද ස්තුති කරව. මා වෙතටය ඔබගේ යළි පැමිණීම ඇත්තේ (ශ කුර්ආනය 31:14).

අල්ලාහ්ට හැර නැමඳුම් නොකරන ලෙසත්, දෙමාපියන් සමග සෙනෙහෙබරින් කටයුතු කරන ලෙසත්. ඔබගේ ස්වාමියා අණකර ඇත්තේය. ඒ දෙදෙනාගෙන් කෙනෙකු හෝ ඒ දෙදෙනාම වයෝවෘද්ධ වු විට, ඔවුන්ව (උෆ්) චී යන වචනයෙන් පවා නො අමතන්න. ඔවුන් ඔබගෙන් එලවා නොගන්න. තවද ඔවුන් සමග ගෞරවාන්විත ලෙස කථා කරන්න˜ (ශකුර්ආනය 17:23).

නබි (සල්) තුමන්ගෙන් කෙනෙකු මිනිසුන් අතර මිත්‍රත්වය පැවැත්වීමට වඩා සුදුස්සා කව්ද? යැයි ප්‍රශ්න කළ විට, —ඔබේ මව යැයි පිළිතුරු දුන්හ. පසුව කවරෙකුදැයි ඇසීය? ඔබගේ මව යැයි පිළිතුරු දුන්හ, පසුව කවරෙකුදැයි ඇසීය? එවිටත් ඔබගේ මව යැයි පිළිතුරු දුන්හ, පසුව කවිරුන්දැයි ඇසීය? ඔබේ පියා යැයි නබි (සල්) තුමන් පිළිතුරු දුන්හ˜ (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

ජාහිමා (රලි) නබි (සල්) වෙත පැමිණ ශාස්තෘවරයානනිæ මම ශද්ධවූ සටනෙහි නිරතවීමට කැමත්තෙන් පසුවෙන්නෙමියි කීවේය. එවිට නබි (සල්) තුමන් ඔබගේ මව ජීවතුන් අතර සිටින්නේදැයි? ප්‍රශ්ණ කළහ එම මිත්‍රයා එසේ යැයි පැවසු විට ඇයට ඇප උපස්ථාන කරන්න, —ඇයගේ පාමුල ස්වර්ගය තිඛෙන්නේය˜ යැයි නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: අහ්මද්, නසායී).

හය වැනි ශත වර්ෂයේදීම මවගේ පාමුල ස්වර්ගය ඇතැයි ලෝකයට ගෙන හැර පාපු දහමක් ඇත්නම් එය ඉස්ලාම් පමණි. දියණිය වශයෙන්: —ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පන පිටින් නොවළලා, ඇය අගෞරවයට පත් නොකර, ඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැළකිල්ලක් නොදක්වා ඇති දැඩි කරයිද ඔහුව අල්ලාහ් ස්වර්ගයට ඇතුල් කරන්නේය˜ යනුවෙන් නබි (සල්) ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

—කෙනෙකුට ගැහැණු දරුවන් පමණක් දායාදයක් වශයෙන් ලැබ, එම දරුවන් සංවර ලෙස හදා වඩා ඇති දැඩි කරයිද එවිට සිය දෙමාපියන්ව ඔවුන් නිරයේ සිට ආරක‍ෂා කරනු ඇත˜ යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ . (මූලාශ්‍රය: මුස්ලිම්).

දියණියන් තිදෙනෙකු සිට, ඔවුන්ව ඉවසීමෙන් හා කරුණාවෙන් තමන්ගේ හැකියාවට අනූකුලව ඔවුන් හදා වඩා ගත්තේ නම්, ඔවුන් ඔහුට අපාය ගින්නෙන් ආරක‍ෂාව සපයනු ඇත˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි).

දූවරුන් දෙදෙනෙක් සිටින මුස්ලිම්වරයෙක්, ඒ දෙදෙනා කරුණාවෙන් හදා වඩා ගත් විට, ඔහුට ස්වර්ගයට ඇතුළුවන්නට ඒ දෙදෙනා මග සලස්වති˜ යැයි නබි (සල්) තුමන් පැවසූහ.

අධ්‍යාපනය ලබා දීම, යහපත් නමින් ඇමතිම, යොවුන් වියට පත්වූ විට විවාහ කර දීම සියළු පියවරුන්ට තමන්ගේ ගහැණු දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් වෙයි˜ (මූලාශ්‍රය: බුහාරි).

ගැහැණු දරුවෙකු උපත ලැබීමද මදි පුංචිකමක් වශයෙන් සළකපු සමාජයක, නබි (සල්) තුමන්ගේ මෙවැනි දේශණයන් කාන්තාවගේ ආරක‍ෂාව හා ඇගේ ගෞරවය නගා සිටුවීමට ඉමහත් පිටුවහලක් විය.

උසස්තම දන් දීම කුමක්දැයි පවසන්නද? යනුවෙන් වරක් නබි (සල්) තුමා සුරාකා ඉබ්න් මාලික් (රලි) ගෙන් විමසීය. එසේය නබි තුමනි යැයි සුරාකා පිළිතුරු දුන් විට, ඔබේ දියණිය යැපීමට කිසිවෙක් නොමැතිව ඔබ වෙතට පැමිණෙන කල්හි, ඇය ආදරයෙන් රැක බලා ගැනීමයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).

විවාහ කර දීමද ඇයගේ පූර්ණ මනාපය අනූව සිදුවිය යුතුයි. —වැන්දඹු කාන්තාවගේ අභිමතයද, කන්‍යාවියගේ කැමැත්තද නොලැඛෙන තෙක් විවාහයක් නොසිදුවිය යුතු යැයි නබි (සල්) තුමන් පැවසූ විට (ශාස්තෘවරයාණනි`) කන්‍යාවගෙන් කෙසේ අභිමතය ලබා ගන්නේද? යනු විමසූ විට ඇයගේ නිහ~තාවය අභිමතය˜ යැයි නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

ඇයගේ අභිමතයෙන් තොරව විවාහයක් සිදුවී එම විවාහය ඇය ප්‍රතිෙක‍ෂ්ප කළේ නම් එම විවාහය වලංගු නොවේ. මෙය ඉස්ලාමීය ප්‍රතිපත්තියයි. ඉබ්නු අබ්බාස් (රලි) වාර්තා කරයි: —යුවතියෙකු නබි (සල්) තුමන් හමුවට පැමිණ මාගේ පියාණන් මා අකැමති කෙනෙකුට මා විවාහ කර දුන්නේය යනුවෙන් පැවසු විට. නබි (සල්) තුමන් ඇයට, ඉදිරියට කැමති නම් අඹු සැමි සම්බන්ධය පවත්වාගෙන යෑමටත්, අකමැති නම් එය ප්‍රතිෙක‍ෂ්ප කිරීමටත් අයිතිය ලබා දුන්හ.(මූලාශ්‍රයන්: අහ්මද්, අබූ දාවුද්, තිර්මිදි).

ඉස්ලාම් කාන්තා අයිතින් කප්පාදු කරයි යනුවෙන් පදනම් විරහිතව චෝදනා කරන යුදෙව්, කිතුවරුන්ගේ ආගමික ග්‍රන්ථයන් කාන්තා අයිතීන් පිළිබඳ පවසන්නේ කුමක්දැයි? මදකට සොයා බැලීම වඩා උචිතය. —යුදෙව්වරු තමන්ට අයිති ඉඩම් යළි තමන් සතු කරගැනීම සඳහා තමන්ගේ ගැහැණු දරුවන් උකසට තැබීමටද, වහලන් විකුණන වෙළඳ පොලවල විකිණීමටද බලය ලබා තිබ්බේය˜ ෙඛෙලයෙහි (නෙකමියා 5:5) සඳහන් වෙයි.කිතු දහමේ නිර්මාතෘ වරයා වශයෙන් සැළකෙන පාවුල්: —ඇය විවාහ කර දෙන්නා යහපතක් කරයි. විවාහ කර නොදෙන්නා වැඩි යහපතක් කරයි˜ යනුවෙන් පවසයි. (1 කොරින්තියා 7:38).

මෙම දේශණය පිළිගත් කිතු බැතිමතුන් තමන්ගේ දැරියන් කිතු පල්ලිවලට භාර කළහ. මෙම කන්‍යාවියන් තමන්ගේ ස්වභාවික හැඟීම් පවා කැපකර ජීවිතය පුරා දේවස්ථාන කර්තව්‍යන් කිරීමට නියෝග කරනු ලබයි. මෙම තත්ත්වය වෙනත් ආගමික සිද්ධාන්ත වලද දැක ගත හැක.

ඔෂපි ධෙ ෂබාස් පුවත් පතෙහි —රාම් ස්වරූප්˜ ලියූ වාර්තාවක එක් තැනක මෙසේ සඳහන් වෙයි, —රෝමයෙහි එක් කන්‍යා මඩමක මසුන් ඇති කරන තටාකයෙහි ජලය සිඳී යෑමත් සමග එහි ඇති ම~ ඉවත් කරන අවස්ථාවෙහිදි, එතුළ 6000 කට අධික බිළින්ධන්ගේ හිස් කැබලි හමුවිය. ආස්තිරියාවෙහි පිහිටා ඇති කන්‍යා මඩමේ ඇත්ත තත්ත්වය මෙයින් ලෝකයට හෙළිවිය. කාන්තාවන්ගේ ස්වභාවික ලිංගික ආශාවන් පවා මැඩ පවත්වන්නට මෙම ආගම් වෙර දැරීම තුළින් ඇතිවුනු අසංඛ්‍යාත පල විපාකවලින් එකක් පමණි ඉහත උදාරණය.

ඉස්ලාම් දහමේ මෙවැනි ප්‍රායෝගික නොවන එකදු නීතියක් හෝ ගෙන හැර පා හැකිද? ඉස්ලාම් කිසිසේත්ම විවාහ ජීවිතය මතු ලොව ජයග්‍රහණයට බාධාවක් යැයි නොපැවසුවේය. විවාහ ජීවිතය දුරාචාරය සමාජයෙන් තුරන් කිරීමේ ප්‍රධාන සාධකය වශයෙන් පවසා ඇත. නබි (සල්) තුමන් වරක් පවසන විට —කාර්්‍යයන් තුනක් ප්‍රමාද නොකරන්න.

එයින් එකක් නම් ගහැණු දරුවා නියම වියට පැමිණ ඇයට සුදුසු මනාලයාද ලැබුනු විට ඇයගේ විවාහය ප්‍රමාද නොකරන්න. තවත් අවස්ථාවක තරුණ පරපුර බලා මෙසේ ඇමතුහ: —තරුණයිනි ඔබලාගෙන් විවාහ කරගැනීමට ශක්තිය ඇති අය විවාහ කරගන්න. නියතයෙන්ම (ඔබ විවාහ කර ගැනීම) ඔබගේ දෑස් වැරදි දේ බැලීමෙන්ද, ඔබගේ ලිංගික අවයවන් වැරදී දේට පෙළඹවීමෙන්ද ඔබ ආරක‍ෂා කරයි˜ (මූලාශ්‍රය: බුහාරි).

විවාහය ස්වර්ගය කරා යන ගමනට බලවත් රුකුලක් වන බව සියවස් 14 කට පෙර ම නබි (සල්) තුමන් පැහැදිළි කළහ.ඇය බිරිඳ වශයෙන්: කාන්තාවගේ සිය කැමැත්තෙන් තොර විවාහය සිදුනොවිය යුතුයි, එසේ සිදුවූවේ නම් එය පිළිගැනීමේ හෝ ප්‍රතිෙක‍ෂ්ප කිරීමේ සම්පූර්ණ බලය ඉස්ලාම් ඇයට ලබා දී ඇත යන්නට සාධක ඉහත සඳහන් කළෙමු. තවද අල්ලාහ් මෙසේ පවසයි: —විශ්වාසවන්තයිනි. කාන්තාවන් බලහත් කාරයෙන් නතු කර ගැනීම අනුමත නොවේ˜.(ශ කුර්ආනය 4:19).

බිරිඳ හා ස්වාමි පුරුෂයා අතර සම්බන්ධය පිළිබඳ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: —ඇය ඔබටද ඔබ ඇයටද සළුවක් වන්නේය˜ (ශ.කුර්ආනය 2:187).

(සළුවක් ඇඟලූ විට ඔබට මනා පෞරුෂයෙකුත් අලංකාරයකුත් ඔබේ සුළු දොස් සඟවා බාහිර ඔපයකුත් ඔබට ලැඛෙන්නා සේ ඔඛෙන් ඔබේ බිරිඳටද ලැඛෙන්නේය).

තවද යුග දිවියේ දෙදෙනාටම වගකීම් පැවරී තිබීමද මෙයින් දැක ගත හැක. අල්කුර්ආනය පවසයි: —සැමියන්ට භාර්යාවන්ගෙන් හිමිවිය යුතු අයිතීන් තිඛෙන්නාසේම නිසි පරිදි ඔවුන්ගෙන්ද භාර්යාවන්ට ලැබිය යුතු යුතුකම් තිබේ˜ (ශ කුර්ආනය 2: 228).

මහර් දෑවැද්ද (පුරුෂයා විසින් ස්ත්‍රීයට ගෙවන) : විවාහය සිදුවන අවස්ථාවෙහි මනාලයා ඇය අපේක‍ෂා කරන මහර් (දෑවැද්ද) අනිවාර්ේ‍යන් දිය යුතුය. එය නොදීමෙන් ඇයත් සමග විවාහ දිවියට පිවිසීම සම්පූර්ණයෙන් තහනම්ය. —තවද ඔබලා ඔවුන් සමග ආදරයෙන් සහ යහපත්ව හැසිරෙන්න˜ (ශ.කුර්ආනය 4:19).

ඉන් පසුවද ඇයගේ සියළු අවශ්‍යතාවන්, කෑම බීම, ඇඳුම් පැළඳුම් සියල්ල ඇයට සැපයීමද ස්වාමි පුරුෂයා සතු වගකීම බව ඉස්ලාම් සඳහන් කරයි.

ඔබලා අතුරින් කව්රුන් හෝ කෙනෙකු ඔබගේ පවුල් සංස්ථාව තුළ ශ්‍රේෂ්ඨව වැජඹෙන්නේද ඔහු අන් අයටද ශ්‍රේෂ්ඨ වනු ඇත˜ යැයි නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: තිර්මිදි).

දික්කසාද වීමේ අයිතිය: පවුල් ජීවිතයෙහි අර්බුදයන් හටගන්නා විට තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් වෙන්වී ජීවත් වීමටද ඇයට සම්පූර්ණ අයිතිය ඇත. වැන්දඹු කාන්තාවට විවාහ කර ගැනීමේ අයිතිය: ස්වාමි පුරුෂයා මියගිය විට නැතහොත් ඔහුගෙන් දික්කසාද වූ විට තවත් විවාහයක් කර ගැනීමේ උරුමය ඇය සතුය. නබි (සල්) තුමන්, තමන්ගේ ප්‍රථම විවාහය වැන්දඹු කාන්තාවත් සමග කරගනිමින් ලෝකයට පූර්වා දර්ශයක් ලබා දුන්හ.

අධ්‍යාපනය ලබා ගැනීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය: කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අධ්‍යාපනය ලබා ගැනීම ඉස්ලාම් අනිවාර්්‍ය කරයි. ආයිෂා (රලි) තුමිය මෙසේ විස්තර කරයි: ශ්‍රේෂ්ඨ කාන්තාවන් වන්නේ මදීනාවට අයත් අන්සාරි කාන්තාවන්ය. මන්ද, ස්ත්‍රීය සතු උපන් ලැජ්ජා බය දැහැමි ඥානය ලබා ගැනීමට ඔවුන්ට බාධාවක් නොවුනේය. (මූලාශ්‍රය: බුහාරි).

කාන්තාවන් නබි (සල්) තුමන් වෙත පැමිණ පිරිමීන් ඔබගෙන් දැහැමි අධ්‍යාපනය ලබා ගැනීමෙහිලා අපට ඉදිරියෙන් සිටින්නෝය. එම හෙයින් අපටත් (අවවාද අනුශාසනා කරන්නට එක් දිනයක් වැය කරන්න යනුවෙන් පැවසූ විට එතුමන් කාන්තා පාර්ශ්වය වෙනුවෙන් දිනයක් වෙන්කර දැහැමි අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළහ.

වැඩි විස්තර

ජිහාද් යනු ත්‍රස්තවාදය නොවේ

ජිහාද් සහ ත්‍රස්තවාදය යන මාතෘකාව සාධාරණ ලෙස සහ යුක්ති සහගත ලෙස අධ්‍යයනය කිරීමට නම් ජිහාද් යන පදය එහි සියලූම දෘෂ්ටිකෝණයෙන් විමසා බැලිය යුතුය. එමෙන්ම ත්‍රස්තවාදය යන පදය ද සියලූම දෘෂ්ටිකෝණයෙන් විමසා ජිහාද් යන පදය සමග සසඳා බැලිය යුතුය. එවිටය, ජිහාද් සහ ත්‍රස්තවාදය දෙක යහමින් අවබෝධ කර ගත හැකි වන්නේ.

ජිහාද් යනු පුළුල් ගැඹුරු අදහස් කීපයක් දෙන පදයකි. ඒ අදහස්වල එකිනෙකට අන්‍යෝන්‍ය සබැඳියාවක් තිඛෙන නමුත් පරස්පරතා දක්නට නොලැබේ. මුස්ලිම්වරයෙක් ස්වකීය ඉච්ඡාවන් ආශාවන් දමනය කරමින් යටපත් කරමින් ඉස්ලාමීය රාමුව තුළ දිවි පැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා දරන වෑයම, උත්සාහය සටන ජිහාද් යන්නෙහි මූලික අර්ථයයි. ජිහාද් යන්නෙහි දෙවැනි අර්ථය කුමක්ද යත්, විස්තීර්ණ, විසිරුණු තම ජන සමාජයේ ගෞරවය හා සාර ධර්ම සුරැකීම ඇපකැප වී වෙහෙසීම වේ. මෙහි අවසානය නම්, මුස්ලිම්වරුන්ගේ භූමිය සුරැකීම සඳහා හෝ තාඩන පීඩනවලට පාත්‍ර වූ ජනයින්ට පිහිට වීමේ අරමුණින් ඉස්ලාමීය සීමාව තුළ සිට සටන් කිරීම, අප්‍රහතික උත්සාහයේ නියැලීම යනාදී අදහස් මෙහි ගැබ් වී ඇත.

ඉහත සඳහන් මුල් අදහස් දෙක නබි මුහම්මද් (සල්) තුමා මදීනාවට හිජ්රත් යාමට පෙර පහළ කරන ලද අල්කුර්ආන් පාඨවලින් ඉස්මතු වේ. මක් නිසාද යත් මුස්ලිම්වරුන්ට ඒ සමයේ දී යුද්ධ කිරීමට තරම් පසුබිමක් නොතිබුණු හෙයිනි. මෙහි දැක්වෙන තෙවැනි අර්ථයට අනූව, එය ජිහාද් යන පදයට උසස් ස්වරූපයක් සහ සෘජු අර්ථයක් දෙන අවි හරඹට අමතරව මදීනා වකවානුවේ දී ඉස්ලාමය සුරැකීම සඳහා භාවිතා කළ වචන හරඹ මෙන්ම ලේඛන හරඹ ද ගැබ් වී ඇත.

හේතු දෙකක් උඩ ඉස්ලාමීය විද්වතුන් හා නීති විශාරදයන් —කිතාල්˜ (අවි සටන) යන පදයට වඩා, —ජිහාද්˜ යන පදය උසස් කොට සළකයි. ඊට එක් ප්‍රධාන හේතුවක් නම්, ජිහාද් යන්නෙහි පාරිභාෂිත අර්ථයට අනූව, යම්කිසි දෙයක් ලබාගැනීම, සාක‍ෂාත් කර ගැනීම සඳහා අප්‍රහත උත්සාහයක නිරත වීම වේ. මෙහි ජිහාද් යන පදය ඉහත සඳහන් කරුණු මනාව පැහැදිළි කර සිටී. එහෙත්, —කිතාල්˜ යන පදයෙන්, —මුස්ලිම්වරුන් යුද්ධ කිරීම සඳහා ම සැදී පැහැදී සිටින සටන්කාමි පිරිසක්˜ යන වැරදි අදහසක් ගෙන දෙයි.

මේ අනූව ජිහාද් යන්නෙහි සාරාංශය කුමක්ද යත්, ජනයින් තම අභිමත පරිදි තමන්ට ගැළපෙන දහමක් තෝරා ගැනීමේ අවස්ථාව වළක්වාලීමේ අටියෙන් මිනිසුන්ව තාඩන පීඩනයට පාත්‍ර කරන කි්‍රයාවන් වළක්වාලීම තුළින්, ඉස්ලාමයට ඇරයුම් කිරීමේ මෙහෙවර සුරැකීමටත්, මුස්ලිම්වරුන්ගේ භූමිය සුරැකීමටත්, පීඩිතයට පත් වී කොන් කරනු ලැබු ජනයින්ට පිහිට වීමටත් —අල්ලාහ්ගේ තෘප්තිය තකා˜ යන පිවිතුරු චේතනාවෙන්, මුස්ලිම් වරයෙක් තමන්ට හැකි උපරිම අයුරින් ඇප කැප වී කටයුතු කිරීම ජිහාද් වනු ඇත.

මේ අනූව අල්ලාහ්ගේ තෘප්තිය තකා ඉස්ලාමය වෙනුවෙන් යන උත්තරීතර පිවිතුරු චේතනාව පදනම් කරගෙන දිවි හිමියෙන්, වෙර වීර්යයෙන් කරනු ලබන අප්‍රහත උත්සාහය ජිහාද් නමින් හැඳින්වනු ලැබේ. තවද යුද්ධයට හේතු සාධක වන නැතිනම් සාධාරණියකරණය වන කරුණු ද මෙහි ගැබ් වී ඇත.

ජනයින් තමන් අභිමත දහමක් තෝරා ගැනීමේ නිදහස ඇති කිරීම තුළින් ඉස්ලාමයට ඇරයුම් කරන ව්‍යාපාරයට මග පාදා දීම ද මෙහි එක් අංගයකි. තමන් වෙත එල්ල කරන ආගම් විරෝධි හිංසා හා ප්‍රචණ්ඩ කි්‍රයාවන්ට එරෙහිව මුස්ලිම්වරුන්ගෙන් පිහිට පතන අයට පිහිට වීම සඳහා සටන් කිරීම තවත් සාධාරණ හේතුවකි. මුස්ලිම්වරුන්ගේ භූමිය හා ශ=ද්ධ ස්ථාන ආරක‍ෂා කර ගැනීම සඳහා සටන් වැදීම ද තවත් සාධාරණ හේතුවකි. එමෙන් ම පීඩනයටත් අසාධාරණයටත් ලක් වූ ජනතාව ඉන් මුදවා ගැනීම තවත් සාධාරණ හේතුවකි.

ජිහාද් ප්‍රකාශයට පත් කිරීමට හේතු සාධක කරුණු අතරින් මුලින්ම සඳහන් කළ කාරණය වන විශ්වාසය හා නිදහසට පදනම් කරුණ ජාත්‍යන්තර ප්‍රජාවට එරෙහිව කටයුතු කරන කාරණයක් වන්නේ නැත. මක්නිසාද යත්, එය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 18 වන වගන්තියෙන් තහවුරු කොට ඇති ලෝක ප්‍රජාව මීට අනුකූලව කටයුතු කරන්නේ නම් ජිහාද් ප්‍රකාශයට පත් කිරීමට තුඩු දෙන මූලික කරුණ ඉස්මතු නොවේ. මක් නිසාද යත් ඉස්ලාමීය දෘෂ්ඨිකෝණයෙන් —යුද්ධය˜ යනු සමාජයකට බලයෙන් පටවනු ලැබූ නැතිනම් බලයෙන් ඇතුළු කරනු ලැබූ තත්ත්වයක් මිස එය විසඳුමක් වන්නේ නැත.

මේ අවස්ථාවේ දී —රිද්දත්˜ (ඉස්ලාමයෙන් බැහැර වීම) සම්බන්ධයෙන් ඉස්ලාමය හඳුන්වා දී ඇති නීති රීති ගැනි කිසිවෙකු කලබල විය යුතු නොවේ. ඉස්ලාමයට අනූව ඉස්ලාමීය දහම හා රජය අතර වෙනසක් දක්නට නොලැබේ. එමනිසා කෙනෙක් ඉස්ලාම් දහම වැළඳ ගත් පසු ඉන් බැහැර වීම යනු ඉස්ලාමීය රජයට එරෙහි වීමේ වරදක් වනු ඇත. දේශ ද්‍රෝහියෙකු වශයෙන් ද එම කි්‍රයාව සලකනු ලැබේ. එපමණක් නොව ඉස්ලාමය වැළඳ ගන්නා කෙනෙක් මේ නීතිය හා කොන්දේසිය ද මැනවින් දැන හැඳින අවබෝධ කරගැනීමෙන් අනතුරුවයි ඉස්ලාමය වැළඳ ගන්නේ.

ජිහාද් ප්‍රකාශ කරනු ලබන ඊළඟ කාරණය වන මුස්ලිම්වරුන්ගේ ජීවිතය, නැතිනම් දේපල, නැතිනම් භූමිය වෙත කිසියම් ප්‍රහාරයක් එල්ල වන විට කළ හැකි ගත හැකි සෑම ක්‍රමෝපායක්ම ගෙන විසඳුමක් නොලද විට එයට එරෙහිව සටන් කිරීම සෑම මුස්ලිම් වරයෙකු සතු වගකීමක් වේ. මේ සම්බන්ධයෙන් අල් කුර්ආනය තුළින් අල්ලාහ් කීප අවස්ථාවක ම අපට නියෝග කරයි. ජිහාද් ප්‍රකාශයට පත් කිරීමට තුඩු දෙන මෙම අවස්ථාවේ දී පවා යම් යම් කොන්දේසිවලට යටත් විය යුතුය.

1- ජිහාද් යනු එක් ප්‍රහාරයට පිළිතුරු ප්‍රහාරයක් වන අතර, සතුරා නැතිනම් ප්‍රතිවාදියා යුද්ධයෙන් බැහැර වන විට ඊට අනුකූලව කටයුතු කළ යුතු වේ.

2- ප්‍රතිවාදියාගේ නැතිනම් සතුරාගේ ප්‍රහාරයට අනුකූලව ඊට සරිලන ආකාරයට ප්‍රති ප්‍රහාර එල්ල කළ යුතුය. මෙහිදී ආත්මාරක‍ෂාව මුආවෙන් මිනිස් සංහාරයක් කිරීම, අහිංසක ජනයින් ඝාතනය කිරීම අනුමත කළ නොහැකිය. එමෙන්ම අත් අඩංගුවට පත්වූවන්ගේ අයිතිවාසිකම් සුරුකිය යුතු වේ. ඉහත සඳහන් කොන්දේසි ආත්මාරක‍ෂාව හා බැඳී පවතිනවා පමණක් නොව ජාත්‍යන්තර නීති රීතිවලට ද අනුකූල වේ.

දැන් ඉතිං ත්‍රස්තවාදය යනු කුමක් දැයි විමසා බලමු. අපගේ දැනුමේ ප්‍රකාරයට —ත්‍රස්තවාදය˜ යන පදයට පැහැදිලි නිරවුල් අර්ථකථනයක්, නිර්වචනයක් කිසිදු ජාත්‍යන්තර සංවිධානයක් විසින් හෝ ලබාදී නැත. එනමුත් ඇතැම් රාජ්‍යයන් විසින් හෝ ඇතැම් ලේඛකයන් විසින් හෝ කරනු ලැබූ නිර්වචන අපට දැකිය හැකිය. නමුත් ඒවා හුදෙක් තමන්ට පක්ෂපාතී ලෙස, වාසි සහගත ලෙස ඒවා නිර්වචනය කර ඇති බව සක් සුදක්සේ පැහැදිලි වේ.

එම නිසා පහත සඳහන් පරිදි එය අපට නිර්වචනය කළ හැකිය. ත්‍රස්තවාදය යනු ජාත්‍යන්තර වශයෙන් හෝ නැතිනම් කිසියම් රටක ස්ථාපිත, සාමයට, සාධාරණත්වයට එරෙහි නීති විරෝධි, ප්‍රචණ්ඩත්වයෙන් හෝ ප්‍රචණ්ඩ තර්ජන ගර්ජන වලින් සමන්විත, ඊට හේතු සාධක වූ කරුණ සාධාරණ ද අසාධාරණ ද යැයි නොසළකා කැරළි ගැසීමයි.

මේ අනූව ත්‍රස්තවාදය යනු ජාත්‍යන්තරව අනුමත කරන ලද නීත්‍යානුකූලව පිහිටුවනු ලැබූ රජයට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන කැරැල්ලක් බව පැහැදිලි වේ. ඒ හැර අපට දකින්නට ලැඛෙන ආක්‍රමනකාරි හමුදා හෝ බලගතු රටවලින් පිහිටු වනු ලැබූ රූකඩ රජයන්ට එරෙහිව කරනු ලබන සටන් මින් අදහස් නොකෙරේ.

බලවත් රටවල් දුප්පත් ඛෙලහීන රටවලට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය මට්ටමේ ත්‍රස්තවාදය වූවද මෙම නිර්වචනය තුළ ගැබ් වී ඇත. මක්නිසාද යත් එය පවා ජාත්‍යන්තර වශයෙන් සාමය, සමාදානය සුනු විසුනු වීමට හේතු සාධක වන බැවිනි. යුද්ධයක් සාධාරණීය කරණය කිරීම සඳහා, ප්‍රචණ්ඩත්වය හෝ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නීත්‍යානුකූල යැයි නොසලකන බව මෙම නිර්වචනයේ ගැබ් වී ඇත.

ඉහත සඳහන් නිර්වචනයට අනූව පාකිස්ථානය, සවුදි අරාබියාව, ඇල්ජීරියාව වැනි රටවල ඇති වන්නා වූ ප්‍රචණ්ඩත්වයන් ත්‍රස්තවාදි කි්‍රයාවන් ලෙස සැලකිය යුතුවේ. ප්‍රචණ්ඩ කි්‍රයාවල යෙදෙන අය, තමන්ගේ ඒ ප්‍රචණ්ඩ කි්‍රයාවන් සාධාරණීය කරන්නට කරුණු දැක්වූවත් ඒවා ත්‍රස්තවාදී කි්‍රයාවන්ම වේ. මක්නිසාද යත්, ඔවුන් අනුගමනය කරන පිළිවෙත් ඉඳුරාම නීති විරෝධි වීමය.

ඉහත සඳහන් නිර්වචනයට අනූව ජිහාදය හා ත්‍රස්තවාදය අතර කිසිදු සමානකමක් හෝ සබඳකමක් නැති බව පෙනී යයි. හැරත් මේ දෙක අතර විශාල වෙනස්කම් හා මතු දැක්වෙන ආකාරයට පෙළ ගැස්විය හැකිය.

ජිහාද් යනු පිළිගත්, ප්‍රවීන විද්වතුන් විසින් සුපැහැදිලිව නිර්වචනය කරනු ලැබ ඇති පදයකි. එහෙත්, ත්‍රස්තවාදයට සතුටු විය හැකි කිසිදු නිර්වචනයක් ලබා දී නැත.

ජිහාද් හි මුළු මහත් අරමුණ මිනිස් ජීවිත ආරක‍ෂා කිරීමයි. නමුත් ත්‍රස්තවාදය ජීවිත විනාශ කිරීම පෙරදැරි කරගෙන කි්‍රයාත්මක වේ. තවද ත්‍රස්තවාදය විසින් රාජ්‍යයන් හා වෙනත් සිවිල් සංවිධාන හා ආයතන ද විනාශ කෙරේ.

ජිහාද් යනු මුස්ලිම් රාජ්‍යයක් යටතේ කි්‍රයාත්මක වන කි්‍රයාදාමයක් වන අතර එය තනි පුද්ගලයෙකු යටතේ කි්‍රයාත්මක නොවන්නකි. ඇත්තෙන්ම, සතුරන්, ප්‍රතිවාදීන් මුස්ලිම් රටක් ආක්‍රමණය කිරීමට තැත් කිරීමේදී ඔවුන්ගෙන් රට බේරා ගැනීමට සටන් කිරීම සෑම මුස්ලිම්වරයෙකුගේම වගකීමක් බවට පත් වනු ඇත.

ත්‍රස්තවාදය යනු නීත්‍යානුකූල රජයකට එරෙහිව කි්‍රයාත්මක වන ප්‍රචණ්ඩත්වයක් වේ.

සම්මුතියන්ට හා ගිවිසුම්වලට, ජිහාද් හි ගරුත්වයක් ඇත. එනමුත් ත්‍රස්තවාදය මේ කිසිවක් සැලකිල්ලට නොගනියි. ගිවිසුම් කැඩීම ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් එකකි.

අහිංසක සිවිල් ජනයන්, ස්ත්‍රීන්, කුඩා ළමුන් ඝාතනය කිරීම ජිහාද් සංකල්පයට අනූව ඉඳුරාම තහනම් වේ. එනමුත් කිසිදු භේදයකින්, වග විභාගයකින් තොරව ජන සංහාරය මත තම ජයග්‍රහණය ඇතැයි සැලකීම ත්‍රස්තවාදය වේ.

ජිහාද් මෙහෙයුම් යුධ හමුදා ඉලක්ක කරගෙන සිදු කෙරේ. එනමුත් ත්‍රස්තවාදය සිවිල් සමාජය ඉලක්ක කර ගෙන කටයුතු කරයි.

මේ පසුතලය යටතේ සිට පසුගිය ශතකය දෙස ආපසු හැරී බැලූවොත් කිසිදු සාධාරණයක්, යුක්තියක් නොමැතිව ආක්‍රමණශීලීව ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කළ අය කවුරුන් දැයි මැනවින් පැහැදිලි වනවා ඇත. අද ඊශ්‍රායෙල්වරුන් විසින් හා ඔවුන්ට රුකුල් දෙන රටවල් විසින් අසාධාරණයට හා අයුක්තියට භාජනය වන්නේ මුස්ලිම්වරුන්ය. අද ඇෆ්ගනිස්ථානය, ඉරාකය පලස්තීනය වැනි රටවල ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයට ලක් වී ඇත්තේ මුස්ලිම්වරුන් මිස අන් කවුරුන්ද?

එම නිසා අද දක්නට ලැඛෙන ප්‍රචණ්ඩ කි්‍රයාවන් වලට අවසානයක් ඇති කොට යහපත් සාමකාමි ජන සමාජයක් ගොඩ නැංවීම සඳහා මතු දැක්වෙන කි්‍රයාදාමයන් ගැනීම අවැසි වේ.

 අහිංසක මුස්ලිම්වරුන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් ගනු ලබන ප්‍රචණ්ඩ කි්‍රයාවන් බලවත් රාජ්‍යයන් අද – ගොළු බිහිරි ලෙස අනුමත කිරීම නතර කිරීම.

 ඉරාකයේ පාලනය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා නැවතත් ඉරාක් වැසියන් අතට ම පත් කිරීම.

 තම අනාගත ස්වයං තීරණ අයිතිය කාශ්මීර් ජනයන්ට ලබාදීම.

 මුස්ලිම් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට බලවත් රටවලට ඉඩ නොදීම. මෙම කි්‍රයා මාර්ගයන් නොපමාව ගනු ලබන්නේ නම් ලෝකයේ සාමය සමාදානය පිරී යහපත් එකක් වන බවට අපි තරයේ විශ්වාස කරමු.

2004 අප්‍රේල් මස 19- 22 දිනයන්හි ඉස්ලාමාබාත් හි ජාත්‍යන්තර ඉස්ලාමීය විශ්ව විද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයක ඉදිරිපත් කරනු ලැබූ —අල් ජිහාද් වල් ඉර්හාබ්˜ යන මැයින් අරාබි භාෂාවෙන් ලියැවුණු ගවේෂනාත්මක ලිපියේ සංක්ෂිප්ත පරිවර්තනයයි.
මහාචාර්ය රමළාන් ජුමුආ

මිනිසාගේ ආශාවන් ඉස්ලාම් ප්‍රතික්ෂේප කළේද?

මිනිසා මෙම ජීවිතය ලෝකය තුල කරන හැම දෙයක්ම පාපයක් ඒ නිසා සියලූ සැප සම්පත්වලින් ඈත්වී දුෂ්කර ජීවිතයක් ගත කිරීමෙන් පමණක් විමුක්තිය ලබාගත හැකි බවට සමහර ආගම් මගින් ඉගැන්වෙයි. මිනිසා මේ ලෝකයේ ජීවත්වෙන කාලය තුල දුෂ්කරව තමන්ගේ කායික හා මානසික සියලූ අවශ්‍යතා හා අයිතිවාසිකම් භුක්ති විඳීමට නොදී ඔහු බැද තැබීමක් ඒ ආගම්වලින් සිදුකර ඇත.
Photobucketයුරෝපය තම ආගමික බැදීමට හසුවී සිටියදී අන්ධකාරයේ ගිලී පැවැතින. එ බැදීම්වලින් මිදී නිදහසේ සිතන්න හා ලියන්න පටන්ගත් කල දියුණුවේ මාර්ග සොයාගෙන නිෂ්පාදනයේ හා නව සොයා ගැනීම් තුලින් ආලෝකමත් ජීවිතයකට මඟ පාදාගත්හ. විද්‍යාව හා තාක්ෂණය අතින් විශාල හාස්කම් කරන්නට වූහ.
මේවා ආගම්වලට විරුද්ධ මත දරන සමාජයක් ගොඩ නැගීමට බටහිර වැසියන් ඇති කළ සරලවූ චින්තන විප්ලවයකි.
—අප නැවතත් ආගම් වෙත ගමන් කළ යුතු බවද නුඹලා කියනුයේ, දියුණුවේ මුදුනටම පය තබා සිටින අප, ආගම්වලින් මුදවාගත් ජනයාගේ ශක්තිය නැවත ආගම නමැති කොටුවේ ගාල් කළ යුතු බවද නුඹලාගේ අදහස? හොඳ හා නරක, කළ යුතු හා නොකළ යුතු ලෙස අනේක කොන්දේසි පනවමින් තරුණ ජීවිත අඳුරු කරවීමට අපව පොළොඹවන්නහුද?˜
මෙය බටහිර වැසියන් ආගම්වාදීන්ගෙන් අසනු ලබන ප්‍රශ්නයි. ඔවුන්ගේ ආගම(වූ ක්‍රිස්තියානි ආගම) ගැන ඔවුන් කුමන මතය දැරුවත් එය අපට අදාල නොවේ. නමුත් එම චෝදනාව ඉස්ලාම් වෙතත් එල්ලකරන විට අකමැත්තෙන් හෝ ඔවුන්ට කරුණු පහදා දීම අනිවාර්යයෙන් කළයුතු ක්‍රියාවක් වී ඇත. මිනිසාගේ හැකියාවන් (කුසලතා) සියල්ල ආගමෙන් බැඳ හිරකර තබා ඇතැ˜යි කරනු ලබන චෝදනාව ඉස්ලාමයට ගැලපෙයිද?
මේ ප්‍රශ්නයට අදාල පිළිතුරු විවාදයට ගැනීමට පෙර මිනිසාගේ ශක්තිය යටපත් කිරීම නැත්නම් මැඩලීම යන්නෙහි තේරුම කුමක්දැයි විමසා බලමු. එ මන්ද මිනිසාගේ ශක්තීන් යටපත් කිරීම නැත්නම් මැඩ පැවැත්වීම යන්න බොහෝ විට වැරදි අවබෝධයකින් යුතුව භාවිතා කරනු ලැබේ.
අප තුල ඇති ආශාවන් යම් ක්‍රියාවන් සඳහා අපව පෙළඹවීමක් කළ විටකදී එම ක්‍රියාවෙන් තාවකාලිකව ඈත්වීම (නොකර සිටීම) එම ආශාව සම්පූර්ණයෙන් වළලා දැමීමක් හෝ මර්ධන කිරීමක් නොවන්නේය. ඒ ක්‍රියාවේ යෙදීම වරදක්(පාපයක්) පිළිකුල් සහගත ක්‍රියාවක් යනුවෙන් වැරදි හැඟීමක් ඇති කරවීම එම ආශාවන් වළලා දැමීමක් හෝ මැඩලීමක් හැටියට ගණන්ගත හැක. මිනිසා තුල ස්වභාවිකව ආශාවන් හා අවශ්‍යතාවයන් තිඛෙන අතර, වැදගත් වන්නේ ඒවා සපුරාලීමට සාධාරණවූත් නිවැරදිවූත් මඟක් උපයෝගී කර ගැනීමයි.
මෙම ස්වාභාවික ආශාවන් සපුරාලීම (තෘප්තිය ලැබීම) වරදක් පාපයක් හෝ ආශාවන් පසුපස යාම පිළිකුල් කළ යුතු වැඩක් ලෙස, අවවාද අනුශාසනා කරන්නේ නම් එය ඒවා වළලා දැමීමක් හෝ මැඩලීමක් යන්න හඟවන්නකි.
මිනිසෙකුට කොතරම් දුරට වැරද්දක් ලෙස හෝ පාපයක් ලෙස අවබෝධ කර දුන්නත්, ඔහු තම ආශාවන් නිසා ඇතිවන හැඟීම් පසුපස යාම අත් නොහරී. තමා කරන්නේ වරදක්, පාපයක් හා පිළිකුල් සහගත වැඩක් බව දැන දැනත් ඒ ක්‍රියාවේ යෙදෙයි. එක්වරක් නොව දසවරක් කරමින් එම ක්‍රියාව පාපයක්, වරදක් හා පිළිකුල් සහගත එකක් බවද තරයේම ප්‍රකාශ කරයි. මේ නිසා සදාකාලිකව තමා වරදකරුවෙක් යන හැඟීමක් ඔහුගේ සිතේ වද දෙමින් පවතී. මේ නිසා ඔහු කුමන වැඩක්වත් සම්පූර්ණ අවධානයෙන් යුතුව නොකරන අතර ඔහු කරන හැම වැඩකදීම තමාව මුළුමනින් (තම ශක්තිය) යෙදවීමට නොහැකි (අසරණ) තත්ත්වයකට පත්වෙයි.
ඔහුගේ සිතේ ඇතිකරගත් වැරදි සිතුවිල්ල නිසා ඔහු නිතරම තමා පව්කාරයෙක් යන හැඟීමෙන්, හීනමානයෙන් යුතුව කල්ගෙවන නිසා ඔහුගේ හැකියාවන් සියල්ල ක්‍රමයෙන් හීනවී යන්නේය. ආගම්වලින් සිදුවන භයානක ප්‍රතිඵල ලෙස බටහිර වැසියන් විසින් ඉහත සඳහන් කරුණු පෙන්නුම් කරනු ලබයි.
මිනිසාගේ ආශාවන් මැඩ පවත්වා, වළලා දැමීමට ඉහත පෙන්වන ලද කරුණු මා විසින් සොයාගත් ඒවා නොවේ. බටහිර වැසියන් විසින් සුප්‍රසිද්ධ දර්ශනාවාදියෙකු ලෙස උපහාර දක්වමින් වේදිකා ගත කළ මා මිත්‍ර ෆ්‍රොයිඩ් මහතා විසින් කළ විග්‍රහයකි. Three contributions to the sexual there නමැති ග්‍රන්ථයේ 82 වෙනි පිටුවේ පහත සඳහන් පරිදි විස්තර කරයි.
මිනිසෙකු විසින් තම ආශාවන් තාවකාලිකව අත්හිටුවීමත්, එවායින් සම්පූර්ණයෙන් වැළකී සිටීමත් අතර විශාල වෙනසක් ඇත. ෆ්‍රොයිඩ්ගේ අදහස අනුව මිනිසාගේ ආශාවන් වළලා දැමීම යනු තාවකාලිකව ඒවායින් මිඳීම නොව ඒවා පිළිකුල් සහිත හා පාප ක්‍රියාවන් ලෙස හඳුන්වාදීම බවයි.
ඉස්ලාමය මිනිසාගේ ආශාවන් මැඩපවත්වා වළලා දමන ලෙස කියනවාද, මේ තුළින් මිනිසාගේ දියුණුවට බාධා කරන්නේද? යන්න විමසා බලමු.
මිනිසාගේ ආශාවන් හා ඔහුගේ සවාභාවික හැඟීම් ප්‍රසිද්ධියේ පිළිගත් එකම ආගම ඉස්ලාම් ආගම පමණිි. අල්-කුර්ආනය මෙසේ පවසා සිටියි.
කාන්තාවන්, පිරිමි දරුවන්, රන්රිදීවලින් යුත් වස්තුව, සළකුණු යෙදූ වටිනා අශ්වයින්, සිව්පාවන් (එළුවන්, හරකුන්, ඔටුවන් වැනි සතුන්) හා ගොවිබිම් යනාදිය පිළිබඳව මිනිසා තුල අධික ආශාවන් (ආකර්ශනයක්) ඇත. මේ සියල්ල තාවකාලිකවූ මෙලොව සැපසම්පත්ය. අල්ලාහ් ළඟ (මීට වඩා) ලස්සන (සම්පත් ඇති) නවාතැන් ඇත.˜ (අල්-කුර්ආන් 3ඃ14)
මිනිසා තම ආශාවන් හා අවශ්‍යතාවන් සපුරා ගැනීමේදී තමා විසින් තමා විනාශ නොකරගත යුතුය. එමෙන්ම ඔහු ජීවත්වන සමාජයද විනාශ නොකළ යුතුය. මේ කොන්දේසිවලට එකඟව තම ආශාවන් සපුරා ගැනීම (තෘප්තිමත්වීම) වදරක් නොවේ.
තම ආශාවන් සපුරා ගැනීමේ අරමුණින් දිවා රාත්‍රි දෙකේම මත්වී සිටීමෙන් ඔහු ඉතා ඉක්මනින් තම ශක්තීන් සියල්ල නැතිකර ගන්නේය. තම අසීමිත ආශාවන් පසුපසව දුවන්නා ප්‍රයෝජනවත් කිසිම වැඩක් කළ නොහැකි සාරය හිඳී ගිය සක්කයක් බවට පත්වන්නේය. (වියලුන ප~රැල්ලක් බවට පත් වෙයි) ඔහුගේ සිතුම් පැතුම් හා කි්‍රයාවන් සියල්ල ඒ ආශාවන් වටා කැරකෙමින් පවතී. මෙවැනි පුද්ගලයින්ගෙන් සමන්විතවූ (ගොඩ නැගුණු) සමාජයකින් කිසිම ප්‍රයොජනයක් බලාපොරොත්තු විය නොහැක.
මොවුන් තම හැකියාවන් හා ශක්තීන් නිකරුනේ නාස්තිකර ගනිති. තමන් සතු ශක්තීන් හා සම්පත් සියල්ලෙන් තම ලෞකික ආශාවන් පිරිමසා ගෙන විනෝදවීමට පමණක් සිතීම වැරදි සිතුවිල්ලකි. මිනිසාට තමා සතු ශක්තීන් හා හැකියාවන්ගෙන් කළ හැකි දෑ බොහොමය. දෙවියන් විසින් මිනිසා වෙත අසාමාන්‍ය ශක්තීන් හා හැකියාවන් ලබාදී ඇත්තේ ඒ සඳහාය. දෙවියන් විසින
ලබාදුන් මේ අසීමිත හැකියාවන් හා ශක්තීන් නිකරුනේ නාස්ති කර ගැනීම දෙවියන්ට කරන අගෞරවයක් වන්නේය.
අප ළඟ ඇති සියලූුම ශක්තීන් හැකියාවන් හා සම්පත් සල්ලාල ජීවිතයක් සදහාම යෙදවීමේදී සමාජයට අපෙන් ඉටුවිය යුතු උදාර සේවාවන් බොහෝමයක් අපෙන් මඟ හැරී යන්නේය. එය සමාජ පරිහානියට මඟ පෑදීමකි. පවුල් ජීවිතයේ භුක්ති විදිය හැකි සතුට අහිමිවී යයි. එවිට අපේ විරුද්ධවාදීන්ට (අපව ආක්‍රමණය කිරීමට) අවස්ථාව උදාවන්නේය.
මේ කරුණු මනඃකල්පිතව ගොණුකර පෙන්වූ ඒවා නොවේ. එයට මේ සමාජයේ ඕනෑතරම් සාක්ෂි තිඛෙන්නේය. තම කාමාශාවන්ගේ තරම දකින්නට සිතාගෙන සල්ලාල ජීවිතයක් ගත කළ ප්‍රංශජාතිකයින් ජර්මනියේ ප්‍රහාරයෙන් මොහොතකින් විනාශයට පත්විය. මිනිසා තම ආශාවන්ට වහල්වී තමා විසින්ම තමාව විනාශ කර නොගැනීමටත් ඒ තුළින් සමාජයේ විනාශය සිදුවීම වළක්වා ගැනීමටත් ඉස්ලාමය වග බලාගනී.
නියත වශයෙන්ම කියතොත් ලෞකික ආශාවන්(සතුට) භුක්තිවිදීමට ඉස්ලාමය ප්‍රසිද්ධියේ ඇරයුම් කරයි.
ශුද්ධවූ අල්-කුර්ආනය —කියන්න දෙවියන් තම ගැත්තන් සඳහා නිමවා ඇති අලංකාර පරිත්‍යාගයන් හා (වැදගත් ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රදානය කර ඇති) පිරිසිදුවූත් පූජනීයවූත් දේවල්වලින් තහනම් කරන්නේ කවුද?˜ (අල්-කුර්ආන් 7:32) කියා ප්‍රශ්න කරයි.
ඒවගේම තවත් වාක්‍යක —මෙලොව නුඹේ කොටස ප්‍රතික්ෂේක නොකරනු˜ යනුවෙන්ද —ඔබ සඳහා ලබාදී ඇති හොඳදේ අනුභව කරන්න, පානය කරන්න නාස්ති නොකරන්න.˜ යැයි ප්‍රකාශ කර මිනිසාට තමාගේ මොලොව අවශ්‍යතා ප්‍රතික්ෂේප නොකරන ලෙස දේශනා කරයි.
දෙවියන්ගේ අවසාන දේව දූතයාණන්වූ මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ —මෙලොව සැපසම්පත්වලින් දැඩි වශයෙන් ප්‍රිය කරන්නේ කාන්තාවන්ට හා සුවඳ විලවුන්වලටය. මගේ ඇස්වලට සිසිල ගෙන දෙන්නේ සලාතයයි.˜ යනුවෙන් ප්‍රකාශ කළහ.
මෙහිදී මිනිසා තුල ඇති කාමුක හැඟීම සුවඳවිලවුන්වලට උපමා කර ඇත. ඒ සමගම එම හැඟීම් සීමාව ඉක්මවා ගොස් අනතුරුදායක වීම වැළැක්වීමට සලාතය මගින් වැටක් තනා ඇත. සලාතය වනාහි දෙවියන්ට සමීප විය හැකිවූද, දේවාශිර්වාදය ලබාගත හැකිවූද වැදගත් මාධ්‍යයකි.
එක් අවස්ථාවක දේවදූතයාණන් තම මිත්‍රවරුන් අමතා —මිනිසෙක් තම බිරිඳ සමග අඹුසැමියන් ලෙස (සංසර්ගයේ) හැසිරීමේදීත් අල්ලාහ්ගෙන් කුසල් හිමි කර ගනී˜ යනුවෙන් පැවසූහ. මෙය ඇසූ මිත්‍රවරු යමෙක් තම බිරිඳ සමග සංසර්ගයේ යෙදීමටත් (ආශාවන් සංසිදුවා ගැනීමටත්) පින් ලැඛෙනවාද යනුවෙන් ප්‍රශ්න කළහ. එවිට එතුමාණෝ —යමෙක් තම ආශාවන් වැරදි මාර්ගයකින් සංසිදුවා ගැනීම පාපයක් නොවන්නේද? යනුවෙන් පිළිතුරු දුන්හ. (මුස්ලිම්).
ඉහත දක්වා ඇති දේව වාක්‍ය හා දේව දූතයාණන්ගේ කියමන් දෙස බලන විට මිනිසාගේ ස්වභාවික ආශාවන් හා හැඟීම් වළලා දැමීමක් හෝ මර්ධනය කිරීමක් ගැන කථා කිරීමට ඉස්ලාමයේ කොහෙත්ම ඉඩක් නැති බව හොඳින් පැහැදිළීවන්නේය. එමනිසා තරුණයින් තමන්තුල ඇතිවන —කාමාශාව˜ පිළිකුල් ලෙස හෙලා නොදකින්න. ඒවා වළලා දැමිය යුතු හො මැඩලිය යුතු හැඟීම් ලෙසද නොහිතන්න. තම හැඟීම්(ආශාවන්) සංසිදුවා ගැනීමට (සදාචාරාත්මක) නිසි මඟක් තෝරා ගන්නා තෙක් ඉවසීමෙන් සිටින්න.
—ෆ්‍රොයිඩ්˜ මහතාගේ මතය අනුවත් ආශාවන් සංසිදුවාගැනීම තාවකාලිකව නැවැත්වීම ආශාවන් වළලා දැමීමක් හෝ මර්ධනය කිරීමක් ලෙස නොසැලකේ. කාමාශාවන් තාවකාලිකව ප්‍රමාදකිරීම නිසා නහර දුර්වලවීමක් හෝ මානසික ආරවුල් හෝ ඇතිවන්නේ නැත. ඒවා මර්ධනය හෝ වළලා දැමීම නිසා නහර දුර්වලාතාවලට හා මානසික රෝගවලට මුහුණු පෑමට සිදුවිය හැක.
විවාහ වනතෙක් ලිංගික ඇසුරෙන් වැළකී සිටින ලෙස කීම මෙලොව සැපසම්පත් අත්හැර දමන්නැයි කීමක්(නියෝගයක්) නොවන්නේය. තමාව පාලනය කරගත නොහැකි පුද්ගලයෙකුට තම පෞර්ෂවය හා අභිමානය රැකගත නොහැක. මෙය සනාථකර පෙන්වීමට අවශ්‍ය අප්‍රමාණ සාධක ඉතිහාසය තුලින් දැකිය හැක.
දුක ඉවසා ගැනීමටත්, ප්‍රීතිය තාවකාලකව කල් දැමීමටත් තම ජනතාව දැනුවත් නොකරන, ඕනෑම රටකට ජාත්‍යන්තර මට්ටමේ ආරවුලක් උද්ගතවුවහොත් ඉන් ජය ගැනීම අපහසු වන්නේය. ඉස්ලාම් ආගමේ අනිවාර්‍යය වගකීමක් වන උපවාස ශීලයේ එක් අරමුණක් වන්නේ ජනතාවට මෙම පුහුණුව ලබාදීමයි.
බඩගින්න, පිපාසය නොසංසිදුවා මිනිසා විසින් භුක්ති විඳිය යුතු ආශාවන්ගෙන් ඔහු ඈත්කර තබන උපවාසය අවශ්‍යමද? පැහැදිළි අරමුණක් හෝ යතාර්ථයක් හෝ නොමැති මෙම උපවාසය ආගමකින් නියම කළ පමණින්ම පිළිගත යුතුද? මෙසේ උපවාසය පිළිබඳව ඇනුම්පද කීම සමහරු සාමාන්‍ය පුරුද්දක් කරගෙන සිටිති.
මේ අයට අප විශේෂයෙන් කිවයුත්තක් ඇත. තමා තුල ඇති ආශාවන් පාලනය කළ නොහැකි මිනිසාත් මනුෂ්‍යයෙක්ද? තම ආශාවන් පැය කීපයකටවත් පාලනය කර ගත නොහැකි මිනිසෙකුට මේ ලෝකයේ වැදගත් යමක් කළ හැකිද? තත්ත්වය මෙසේ පවතී නම් අද ලෝකය පුරා හිස ඔසවා ඇති අපරාධ රැල්ල ඉදිරියේ විරුද්ධව සටන්කිරීමට අපට කෙසේ හැකි වෙයිද?
මේ ලෝකයේ යම් ප්‍රයෝජනවත් වැඩක් කිරීමට අවශ්‍ය නම් සුළු වශයෙන් වත් පරිත්‍යාගශීලී විය යුතුය. පරිත්‍යාගයට ප්‍රථම පැයකීපයක් ඉවසා සිටීමේ මානසිකත්වයක් හෝ අවශ්‍ය වන්නේය. එහෙයින් ආශාවන් පාලනය කිරීම පිළිබඳව පුහුණුවක් සෑම පුද්ගලයකුට අනිවාර්යයෙන් තිබිය යුතුය.
නැගෙනහිර මුස්ලිම් රාජ්‍යවල කොමියුනිස්ට් වාදය ප්‍රචාරය කරන අය ඉස්ලාමය අනිවාර්‍යය කර ඇති උපවාසය මෙන්ම ඒ හා සමාන ස්වපාලනය (ආත්ම දමනය)ට සම්බන්ධ කරුණු හෙලා දකිති. එහෙත් එම කොමියුනිස්ට් වාදීන් ස්ටර්ලින් විසින් පමුණුවන ලද සියලුම වධහිංසා ඉවසාගත්හ. ඔවුන් තම ආශාවන් හා අවශ්‍යතා පාලනය කර ගැනීමට පුහුණුවක් ලබා නොසිටියා නම් පැසිස්ට් වාදීන්ගේ ඒ වධහිංසා ඉවසා දරා සිටිය නොහැක.
සම්පූර්ණයෙන් කොමියුනිස්ට් පාලනයක් පවතින රටක ඔවුන් පනවන නියෝගයන් පිළිගෙන තමන්ගේ සියලුම ආශාවන් පාලනය කර ගැනීමට, එහි තුල සිටින ජනතාව (විශේෂයෙන් කොමියුනිස්ට්වාදීන්) සූදානම්ය. එහෙත් එවැනි රාජ්‍යයක් නිර්මාණය කිරීමට මුල් වූ මිනිසාව මැවූ දෙවියන් විසින් එම පාලනයම නියම කළ විට අයියෝæ කියමින් විලාප නැංවීම මහත් සිත්තැවුලට හා පුදුමයට කරුණක් වන්නේය.
ආගම තමාගේ අනුගාමිකයින්ගේ ජීවිතයේ රසාශ්වාදය නැති කරන අතර —පාපය˜ නමැති බිය ආගම් විශ්වාස කරන්නවුන්ගේ සිත් තුලට ඇතුල් වෙයි. මෙවැනි චෝදනාවක්ද ආගම් වෙත එල්ල කෙරෙයි. එම චෝදනාව ඉස්ලාමයට නොගැලපෙන්නේය. හේතුව ඉස්ලාමය පාපයට වඩා පව්සමාව ගැන බහුලව දේශනා කරයි.
ඉස්ලාමයේ මතය අනුව පාපය යනු මිනිසාගේ උත්පත්තියේ සිට ඔහු සමග වැඩෙන දෙයක් නොවේ. මුල්ම මිනිසාවූ ආදම්(අලෙයිහිස් සලාම්)තුමා කළ වැරැද්ද මුළු මහත් මානව වර්ගයාම වෙලාගත්තා නොවේ. ආදම් (අලෙයිහිස් සලාම්) තුමා වැරුද්දක් කළද එය පවක් බව දැනගත් වහාම පව් සමාව ඉල්ලා දෙවියන්ගෙන් ආයාචනා කළහ. අසීමිත දයාන්විතවූද අපරිමිත කරුණාවන්තවූද දෙවියන් වහන්සේ විසින් එතුමාට සමාව දෙන ලදී.
පසුව ආදම් (අලෙයිහිස් සලාම්) තම දෙවියන්ගෙන් වචන කීපයක් ඉගෙන ගත්තේය (ඔහු එම වචනවලින්ම ප්‍රාර්ථනා කරමින් කල් යැවීය) ඒ නිසා ඔහු(අල්ලාහ්) ඔහුට සමාව දුන්නේය…..˜ (අල්-කුර්ආන් 2:27).
ආදම් තුමාගේ පව් සමාව සිදුවූයේ කිසියම් සම්ප්‍රදායක් අනුව නොව අසීමිත දයාන්විතවූ අල්ලාහ්ගේ කාරුණිකත්වය මතය. ආදම් (අලෙයිහිස් සලාම්) තුමා තම වැරැද්ද ගැන පසුතැවිලිවී වැරැද්දෙන් මිදී, දෙවියන් ඉදිරියේ කන්නලව් කළ විට සමාව ලැබුනු අතර ඒ අයුරින්ම ආදම්තුමාගේ දරුපරම්පරාවවූ සමස්ථලෝක ප්‍රජාවද, තමන් කළ වැරදි ගැන පසුතැවිලි වී නැවත තමන් වැරදි නොකරන බවට පොරොන්දු වී සර්වබලධාරී හා මහා කාරුණිකවූ දෙවියන් ඉදිරියේ පව් සමාව අයැද සිටින්නේ නම් සත්‍යවශයෙන්ම සමාව ලබන්නෝමය.
මිනිසාගේ ස්වභාවය, ශක්තිය හා දුර්වලතා දෙවියන් වහන්සේ හොදින් දන්නේය. එහෙයින් ඔහුට ඉසිලිය නොහැකි කිසිම බරක් ඔහු මත පැටවීම දෙවියන් විසින් නොකරන්නේය.
—අල්ලාහ් කිසිම ජීවියෙකුගෙන් ඔහුගේ හැකියාවට වැඩි යමක් බලා පොරොත්තු නොවෙයි.˜ (අල්-කුර්ආන් 2:286).
මිනිසුන් කා අතිනුත් වැරදි සිදුවිය හැක. මිනිසා වැරද්දට යොමුවීමේ ස්වභාවයෙන් යුක්තය. වැරදිකරන්නවුන්ගෙන් ශ්‍රේෂ්ඨයින් වන්නේ ඒ ගැන පසුතැවිල්ලෙන් තම වැරදිවලින් මිදී යහපත් අතට හැරෙන අයයි. යන්න දේවදූතයාණන්ගේ රුවන් වැකියකි.
මහා කාරුණිකවූ අල්ලාහ් තම කරුණාවේ මහිමය හා සමාව ලබාදීමේ උත්තරීතර ගූණය පිළිබඳව අල්-කුර්ආනයේ ඛෙහෝ තැන්වල සඳහන් කරයි. ඉන් සමහරක් මෙසේය.
නුඹේ පරමාධිපතිගේ සමාවටත් අහස් හා පොළොව තරම් විශාලවූ ස්වර්ගයටත් යුහුසුළුවන්න. එය බියබැතිමත් අය වෙනුවෙන් සූදානම් කර ලැබ ඇත.
ඔවුන් වස්තුව ඇති අවස්ථාවේත් නැති අවස්ථාවේත් දන් දෙති. කෝපය පාලනය කර ගනිති. මිනිසුන් අතින් සිදුවන වැරදිවලට සමාව දෙති. අල්ලාහ් (මෙවැනි) සුදනන්ව පි්‍රය කරයි.
ඔවූහු යම් ලැජ්ජා සහගත ක්‍රියාවක් කළ විටත්, කුමක් හෝ පාපයක් කිරීමෙන් තමන් විසින් තමන්ටම හානියක් කරගත් අවස්ථාවලදීත්, වහාම අල්ලාහ් ගැන සිතමින් තම පව්සමා කරන මෙන් අල්ලාහ්ගෙන් අයැද (කන්නලව් කර) සිටිති (අල්ලාහ්ද ඔවුන් හට සමාවදෙන්නේය) අල්ලාහ් හැර වෙන කවරෙකු ඔවුන්ගේ පව් කමා කරයිද? ඔවූහු කළ ක්‍රියාව වරදක් බව අවබෝධ කරගත්තේ නම් නැවත එම ක්‍රියාවෙහි නිරත නොවන්නෝය. වහාම එම ක්‍රියාවෙන් මිදෙන්නෝය. මෙවන් අයට ලැඛෙන ප්‍රතිඵලය නම් දෙවියන්ගේ සමාව හිමිවීමත්, සදාකාලිකව ජලධාරාවන් ගලා බසින ස්වර්ගය හිමිවීමත් වන්නේය. ඔවූහු සදාකාලකිව එහි රැෙඳන්නෝය. යහපත් ක්‍රියා කරන අයට් ප්‍රතිඵලයද යහපත් වන්නේය.˜ (3:133-136).
මේ දේව වාක්‍ය වරක් අවධානයෙන් යුතුව බැලුවොත් දෙවියන් වහන්සේ කෙතරම් කරුණාවන්තදැයි තේරුම් ගත හැක. ඔහු පව් සමාකිරීම පමණක් නොව මිනිසුන්ව උත්තරීතර තත්ත්වයට පත් කරවන්නේය. මෙතරම් කාරුණිකවූ දෙවියන් ගැන හදවතට එකඟව අවබෝධ කරගත් පසු, එම හදවතේ ඔහු ගැන සැකයක් පහළ වෙයිද? මිනිසා කළ වැරැද්ද ගැන පසුතැවිලිවී එම වැරැද්ද නැවත නොකරන චේතනාවෙන් යුතුව පව් සමාව අයැද සිටීනම් ඒ මහා ශ්‍රේෂ්ඨයාණන් විසින් සමාව ලබා දෙන්නේය.
සත්‍යය මෙසේ තිබියදී එක් වරදක් මිනිසාව පරම්පරා ගණනාවක් තිස්සේ වෙලාගෙන තිඛෙන්නේ කෙසේද? පාපය යනු පරම්පරාවෙන් හිමිවන්නක් නොවන බව සනාථ කිරීම සඳහා වෙනත් හේතු සාධක පෙන්වීම අවශ්‍ය වන්නේ නැත. එහෙත් මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන්ගේ රුවන්වැකිවලින් එකක් මතුකර පෙන්වීම සුදුසු යැයි හැෙඟ්.
මාගේ ප්‍රාණය කවුරුන් අතේ තිඛෙන්නේද එම දෙවියන් මත දිවුරා කියමි. නුඹලා පාපය නොහදුනන (කිසිම පවක් නොකරන) පිරිසක්වූයේ නම් නුඹලා තුරන්කර පව්කරන වෙනත් පිරිසක් මෙහි එවන්නේය. ඒ අයට පව් සමාවද ලබා දෙන්නේය.˜
පව් කළ මිනිසා පව් සමාවේ යෙදීම දෙවියන්ට ප්‍රියමනාප ක්‍රියාවක් ලෙස සලකන බව මෙයින් පැහැදිළිව සනාථ වන්නේය.
නුඹ (මෙසේ) අල්ලාහ් ගැන විශ්වාසකර ඔහුට ස්තූති කරමින් සිටින්නේ නම් නුඹලාට ද~ුවම් කිරීමෙන් ඇතිවෙන ලාභය කුමක්ද? අල්ලාහ් කළගුණ හොඳින් හදුනයි සියල්ල මැනවින් දනියි˜ (4:147).
ඔව් දෙවියන් වහන්සේ ඔහුගේ අපරිමිත කරුණාවත්, පව් සමාවත් අපමණව ලබාදීමට සූදානම්ව සිටියදී, ජනතාවට දුක්දීමෙන් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?
අල්හම්දුලිල්ලාහ්. (සියලූ ප්‍රශංසා අල්ලාහ් සතුය.)

ඉස්ලාම් ලබාදෙන දඩුවම්වල සාධාරණත්වය

එදා අරාබි දේශයේ කාන්තාරවාසීන් තිරිසනුන්වගේ කළ දඩුවම් ක්‍රම දැන් අප ක්‍රියාත්මක කරනවාද? රුපියලක් දෙකක් සොරකම් කළ වරදට සොරෙකුගේ අතක් කපා දැමීම සාධාරණද? ශිෂ්ඨාචාරයේ ඉහලම ස්ථානයට පැමිණ සිටින වර්තමාන යුගයට ඒවා ගැලපේද?

පරිසරයේ බලපෑමෙන් හා අවස්ථාව අනුව මෙවැනි වරදකට ඔහු පෙළඹෙන්නේය. ඔහුට අනුකම්පාව හා අනුග්‍රහය ලබාදිය යුතුය. ඔහු දඩුවම්ට ලක් කරනවාට වඩා අවශ්‍ය ප්‍රතිකර්ම ලබාදී පුනරුත්ථාපනය කිරීම බුද්ධිමත් ක්‍රියාවක් වන්නේය. මෙලෙස සමහරු අපට අවවාද අනුශාසනා කරති.
සොරෙක් සොරකම් කළ වරදට දඩුවම්ක් ලබාදීම ගැන දොස් නගන මේ විසිවන ශත වර්ශයේ කිසිම වැරද්දක් නොකළ අහිංසකයින් හතලිස් දහසක් පමණ දකුණු අප්‍රිකානුවන් විසින් මරා දැමීම මොන සාධාරණත්වයක් යටතේ සිදුකළාද? මේ ප්‍රශ්නය ඔවුන්ගෙන් ඇසුවොත් පිළිතුරු දිය නොහැකිව නිහ~ වන්නෝය.
යථාර්තයෙන් තොර කථාවලට මුලාවී අද ජනතාව අපමන හිරිහැරවලට හා දුක් වේදානවන්ට මුහුණ දී සිටින මේ විසිවෙනි ශතවර්ෂයට එය ගැලපෙයි.
ඕනෑකමින්ම ඉස්ලාමය වෙත බොරු චෝදනා එල්ල කරමින් දොස් පවරන අයට මේ ගැන සන්සුන්ව සිතන්ට ඉඩදී ඉස්ලාමය ලබාදෙනු ලබන දඩුවම්වල සාධාරණත්වය ගැන මෙහිදී සලකා බලමු.
hunger in Africaධනවාදීන්ගේ අර්ථකතනය.: ධනවාදී රටවල්වල තනිපුද්ගලයන්ට ප්‍රමාණය ඉක්මවූ නිදහසක් ඇත. ඔහු කුමන අයුරකින් ජීවත්වුවත් කිසිම කෙනෙකුට ඔහුගේ පෞද්ගලික ජීවිතයට බලපෑම් කළ නොහැක.
මිනිසා වැරදිවලට පොළඹවන්නේ පරිසරයයි. වරදකරුවා තම සිත පාලනය කළ නොහැකිවීමෙන් අවුල් සහගත මානසිකත්වය නිසා වරදට යොමුවන්නේය. වරදට හේතුව පරිසරය මිස එම පුද්ගලයා නොවේ. වරදකරුවා පරිසරයෙන් බිලිගනු ලැබූවෙකු නිසා ඔහුට දඩුවම් කරනු වෙනුවට හිමිවිය යුත්තේ අනුකම්පාවයි.
ධනවාදි සමාජ ක්‍රමය පරිසරය මත වරද පටවා වැරුද්ද සාධාරණීකරණය කරයි. කෙසේ හෝ වැරදි සඳහා දඩුවම්දීම ක්‍රමයෙන් අඩුකිරීම ඔවුන්ගේ උත්සහායයි. බොහෝ දුරට මෙම රටවල්වල වරදට දඩුවම් දීම සිදුවූවත් ඒවා දඩුවම් ලෙස ගණන් ගත නොහැක. ඒවා සාමාන්‍ය විනය කඩ කිරීමකදී දෙනු ලබන සුළු දඩුවම්කට සමාන දඩුවම් ලෙස ගත හැක.
සිග්මන් ෆ්‍රොයිඩ් මහතා මෙසේ විග්‍රහ කරයි.: ෆ්‍රොයිඩ් මහතා විසිවෙනි ශත වර්ෂයේ ප්‍රසිද්ධ චින්තකයෙකි(දර්ශනවාදියෙකි). ඔහු වැරදි සිදුවීමට හේතුව කුමක්දැයි මෙසේ විග්‍රහ කරයි.
වැරදිවලට ප්‍රධාන හේතුව මිනිසා තුල ඇති රාගික හැඟීමයි. කාමයෙන් මත්වුන මිනිසා විවිධ වැරදිවලට යොමුවෙයි. කාමය ඉහවහාගොස් පිටාර ගැලීමේදී ඒවා සංසිදුවා ගැනීමට මඟක් නොවූ විට වියරුවෙන් වරදට පෙළඹෙයි. කාමය, සමාජයෙන් පනවා ඇති බාධක, සාරධර්ම, සීමාවන් හා නීතිරීති මගින් මර්දනය කිරීමට යාමේදී මිනිසා වරදට ඉබේම පෙළඹෙයි.
මිනිසා පූර්ව නිගමනයක් උඩ ජීවත්වෙයි. තම ආශාවන් පාලනය කරගැනීමේ හැකියාවක් හෝ ශක්තියක් ඔහුට නැත. මේ ෆ්‍රොයිඩ් සොයාගත් කරුණුය.
කොමියුනිස්වරුන්ගේ මතය.: —රජය යනු පූජනීයයි. එයට සියලූ බලතල හිමිවන්නේය. රජයකට විරුද්ධවීමේ හැකියාවක් කිසිම මිනිසෙකුට නැත. මෙය කොමියුනිස්ට් වාදීන්ගේ තේමාව වන්නේය. එහෙයින් කොමියුනිස්ට් රාජ්‍යවල රජයට විරුද්ධව සටන් කරන්නන්ට කෘෘර වදහිංසාවලට ලක්වීමට සිදුවන අතර මරණ ද~ුවමද හිමිවන්නේය˜.
ආර්ථීක පරිහානියෙන් දුක් විඳින ජනතාව තුල සාරධර්ම බලාපොරොත්තු විය නොහැක. සාගතය හා ආර්ථීක ගැටළුවලට මැදිවී මිරිකෙන මිනිසා වැරදිවලට යොමුවීම නොවැළැක්විය හැකිය. ආර්ථීක ප්‍රශ්නයට හා සාගතයට විසදුමක් ලබාදුන් විට වැරදි සිදු නොවෙයි. සමානත්වය හා සහොදරත්වය ගොඩනැංව විට වැරදි ගැන සිතාබැලීමක් හෝ අවශ්‍ය වන්නේ නැත. මෙය කොමියුනිස්ට්වාදීන් දෙනු ලබන අර්ථ කථනයයි.
කොමියුනිස්ට් වාදයේ ජයග්‍රාහකයින් ලෙස උදම් අනන රුසියාව දුප්පත්කම තුරන්කර, සමානත්වය හා සහෝදරත්වය නිර්මාණය කළ රටක් බවට ලොවට ප්‍රකාශ කරමින් ඔල්වරසන් දෙයි.
එහෙත් රුසියාවේ බන්ධනාගාර, අධිකරණ හා ආරක්ෂක කටයුතු තවමත් එලෙසම පවතින්නේ මන්ද? මේ ගැන තවම කිසිම කෙමියුනිස්ට් වාදයකු පිළිතුරුදීමට ඉදිරිපත්වී නැත. මෙයින් හෙළිවන්නේ තවමත් ඒ රටේ වැරදි හා අපරාධ සිදුවෙමින් පවතින බව නොවේද? දුප්පත්කම නැතිකළත් වැරදි කරන පිරිසකුත් සිටිය හැක. සත්‍යයද එයයි.
ධනවාදීන්, ෆ්‍රොයිඩ් හා කොමියුනිස්ට්වාදීන් දරන මතවලද සත්‍යයක් ඇති බව අපට ප්‍රතික්ෂේප කළ නොහැක. මිනිසුන් වරදට යොමුවීමට සමහර අවස්ථාවන්හි ඔවුන් ජීවත්වන පරිසරයත් ඔවුන් තුල ඇතිවන මානසික ගැටළුවන්ද හේතු විය හැක. එහෙත් මිනිසා යනු සම්පූර්ණයෙන් පරිසරයට වහල්වූ සත්වයෙක් බව අපට පිළිගත නොහැක. යම් ගැටළුවකට මුහුණ දුන් කල ඔහු අක්‍රියව අසරණව සිටී යැයි අපට බලාපොරොත්තු විය නොහැක. ෆ්‍රොයිඩ් වැනි මනෝවිද්‍යඥයින්ට වැරදුන තැනද මෙයයි. මිනිසා පරිසරයට යටත්වීමේ මානසිකත්වය ගැන පමණක් සැළකිල්ලට ගත් ඔවුන් පරිසරය පාලනය කරමින් පරිසරයට විරුද්ධව සටන්කර ජයගැනීමේ හැකියාවක්ද ඇතිබව අමතක කර ඇත.
නිදි පැදුර(යහන) තෙත්වන නිසා මුත්‍රා යාම වළක්වා ගැනීමට හැකියාවක් ඇති ළමයාට වැඩිහිටියෙක්වී හදිසියේ තමා තුල ඇතිවන පහත් හැඟීම් හා ආශාවන් පාලනය කරගැනීමටද හැකියාවක් ඇති බව ඔවුන් අමතක කර ඇත. මිනිසුන්ගේ මානසිකත්වය හා ක්‍රියාවන් සඳහා ආර්ථීක ප්‍රශ්නය බලපාන බව පිළිගත යුතුය. සාගතය හා බඩගින්නෙන් දැඩිලෙස පෙලෙන්නකු සමහර විට අපරාධ කරන්නත් සදාචාරයෙන් ඉවත්වී යාමටත් ඉඩ ඇති බව සත්‍යයකි. මිනිසාගේ ඇතැම් වැරදි ක්‍රියාවන්ට ආර්ථීකය හා අවස්ථාව හේතුවෙයි. සාගතය හා බඩගින්න තුරන්කළ බවට හ~ නගන සෝවියට් දේශයේ තවමත් උසාවි හා බන්ධනාගාර පවත්වාගෙන යාම මෙය සනාථ කරයි. මෙහිදී ප්‍රධාන වශයෙන් සැළකිල්ලට ගත යුතු කරුණක් ඇත. වරදකරුවාට දඩුවම් කළ යුතුද නැද්ද යන්න තීරණය කිරීමට පෙර ඒ වරද සඳහා ඔහුගේ සහභාගිත්වය කොතරම් ප්‍රමාණයකට සිදුවීද යන්න නිගමනය කළ යුතුය. දඩුවම්ට ප්‍රථම ඉස්ලාමය විසින් කරනුයේ එයයි.

ඉස්ලාම් ලබා දෙන දඩුවම්වල සාධාරණත්වය
ඉස්ලාමය අන්ධ ලෙස ද~ුවම් පමුණුවන්නේවත්, වරද සිදුවූ පරිසරය හා අවස්ථාව ගැන නොවිමසා ඒවා ක්‍රියාත්මක කරන්නේවත් නැත. මේ පිළිබඳව ඉස්ලාමයට විශේෂ ක්‍රියාමාර්ගයක් ඇත. මෙහි කොමියුනිස්ට්වාදයේ හා ධනවාදයේ වැදගත් අංගද ඇතුළත් වෙයි. එහෙත් ඒවායේ දකින්න ලැබුණ අඩුපාඩු මෙහි දකින්නට නැත. ඉස්ලාමය වරදට දඩුවම් පැනවීමට පෙර වරදට සම්බන්ධ වටපිටාව හා පැවති වාතාවරණය ගැන සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඉස්ලාමය අවධාරණය කරයි.
වරදක් සිදුවූ විට ඉස්ලාමය කරුණු දෙකක් ගැන විශේෂයෙන් විමසුමට ලක් කරයි. ඉන් පළමුවැන්න වරදකරුගේ මානසිකත්වය. දෙවැන්න ඔහුගේ සමාජ තත්ත්වය. මේ ගැන ඉතා සුපරික්ෂාකාරීව සොයාබලා සාධාරණ ද~ුවමක් ලබා දෙයි. මෙය වැදගත් හේතූන් මත තර්කානුකූලව හා පෞද්ගලික මනාප හා අමනාපවලින් තොර ද~ුවමක් වන්නේය.
සමස්ථයක් වශයෙන් බැලූ බැල්මට ඉස්ලාම් ලබාදෙන දඩුවම් කෘෘර ඒවා ලෙස පෙනී ගියත් බුද්ධිමත්ව අවධානයෙන් යුතුව බලන විට එහි සාධාරණත්වය වැටහෙයි. ඉස්ලාම් ලබා දෙන දඩුවම් නැවත එවැනි වැරදි සිදුවීම වළක්වන අපරාධ මර්ධන දඩුවම් ලෙස සැලකේ. වරද කිරීමට බාහිර හේතූන් කිසිවක් නොමැතිව, ඕනෑකමින්ම වරද කළ බවට ඔප්පු කිරීමෙන් තොරව ඉස්ලාම් දඩුවම්ක් ලබා දෙන්නේ නැත.
උදාහරණයක් වශයෙන් සොරකම් කළොත් අත කපා දැමීම ඉස්ලාම් පනවන දඩුවම්යි. එම සොරකම කර ඇත්තේ දැරිය නොහැකි බඩගින්න(සාගින්න) හේතුකොටගෙන යැයි සැකයක් ඇතිවූවේ නම් එම දඩුවම් පනවනු නොලැබේ.


අයුතු ලිංගික සබඳතා පවත්වන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ගල්ගසා මරා දැමීම ඉස්ලාමයේ දඩුවම්යි. වරද කළ මොහොතේ වුවද වග විභාගයකින් තොරව මේ දඩුවම් පනවන්නේ නැත.

ලිංගික අපචාරයේ යෙදුන දෙදෙනා විවාහකයින් වීමත් එම වරද පිළිබඳව ඇසින් දුටු සාක්ෂි හතරක් ඉදිරිපත්වී එය සනාථවීමක්ද විය යුතු වෙයි. එසේ නොවූ අවස්ථාවක මෙම දඩුවම් පනවන්නේ නැත. එනම් විවාහවී සිටින දෙදෙනෙක් අයුතු ලිංගික සබඳතා පවත්වන බව ප්‍රචලිත නම් මේ දඩුවම් පනවනු ලැබේ. එය විශේෂයෙන් මතක තබාගත යුතු වෙයි. ඉස්ලාමය පනවා ඇති හැම දඩුවම්ක්ම ක්‍රියාත්මක කරන්නේ මෙවැනි පුළුල් පරීක්ෂණයක් මගින් පූර්ව නිගමනයකට බැසීමෙන් පසුව බව අමතක නොකළ යුතුය.
ඉස්ලාම් හි ඉතා ශ්‍රේෂ්ඨ නීති විශාරදයකු ලෙස දෙවන කලීෆා උමර් බින් කත්තාබ්(රළියල්ලාහු අන්හු)තුමන් විසින් පැනවූ නීතිය මෙයට වැදගත් උදාහරණයක් ලෙස ගත හැක. —ෂරීආ නමැති ඉස්ලාම් දහමෙන් පනවා ඇති නීති රීති අකුරටම ක්‍රියාත්මක කිරීම හා අනුගමනය කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ එතුමා, ඒ ගැන නොසැලකිල්ලෙන් මොහොතක් හෝ සිටියේ යැයි යමෙක් කියයි නම් එය කිසිසේත් අප පිළිගන්නේ නැත.
එතරම් නීතිගරුකවූ එතුමා සොරකම සඳහා ඉස්ලාමය පනවා ඇති දඩුවම් (එනම් අත කැපීම) රට සාගතයෙන් පෙළුන අවධියක කි්‍රයාත්මක නොකළේය. හේතුව මිනිසුන් දැඩි බඩගින්න නිසා සොරකමට පෙළඹෙන්න ඉඩ ඇති බව ඇතිවූ බිය නිසාය. පහත සඳහන් සිද්ධිය මෙය වඩාත් පැහැදිළි කරයි.
හාතිබ් ඉබ්නු අලි බල්දආ නමැත්තා ළඟ තරුණයින් කීපදෙනකු වැඩ කළහ. මොවුන් විසින් මුස්නා ගෝත්‍රිකයෙකුට අයත් ඔටු දෙනක් සොරකම් කළ බවට උමර්(රළියල්ලාහු අන්හු)තුමාට පැමිණිල්ලක් ලැබිණ. මේ ගැන කරුණු විමසා බැලීමේදී එම තරුණයින් වරද පිළිගත් අතර ඒ අනුව(ඉස්ලාම් නීතිය අනුව) උමර්(රළියල්ලාහු අන්හු)තුමා ඔවුන්ගේ අත් කැපීමට නියෝග කළේය. අනතුරුව තමා තුල ඇතිවූ සිතුවිල්ලක් අනුව —දෙවියන් මත දිවුරා කියමි. ඔබ මේ තරුණයින්ගෙන් වැඩ කරවීමේදී මොවුන්ට නිරාහාරව ඉන්නට සැළැස්වූ බවත්, ඒ හේතුව නිසා එම තහනම් ආහාරය ගැනීමට මොවුන්ට සිදුවූ බවත් මට දැනගන්න නොලැබුනේ නම් මොවුන්ගේ අත් කපා දමන්නෙමි˜යි කීවේය. පසුව එම තරුණයින්ගේ හාම්පුතාව ගෙන්වා මෙම තරුණයින්ගේ අත් නොකැපීම වෙනුවෙන් ඔබට වන්දියක් ගෙවීමට සිදුවෙයි. මොවුන් කළ සොරකමට (පෙළඹවීමට) හේතුවූයේ ඔබයි. එම නිසා ඔටු දෙනගේ වටිනාකම මෙන් දෙගුණයක් දඩ වශයෙන් අයිතිකරුට ගෙවීමට ඔබට නියම කරමියි ප්‍රකාශ කළේය.
මෙම පූර්වාදර්ශය වැදගත් පාඩමක් උගන්වන්නේය. වරදට පෙළඹීමට පරිසරය හේතුවී නම් දඩුවම් ලබාදීමක් නොකෙරෙයි. මෙය නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන්ගේ පහත සඳහන් හදීසයෙන් වඩාත් තහවුරු වන්නේය එනම් —සැකයක් හේතුවෙන් දඩුවම් කිරීමෙන් වළකින්න
ඉස්ලාමය වරදට පොළඹවන පරිසරය නැති කරයි.
දඩුවම්ක් පැනවීමට පෙර ඒ ගැන කොතරම් වගකීමකින් යුතුව කටයුතු කරන්නේද යන්න විමසා බලන විට ඉස්ලාමය පළමුවෙන්ම වරදට තුඩු දෙන පරිසරය(වටපිටාව) නැති කිරීමට කටයුතු කරන්නේය. වැරදිවලට පොළඹවන පරිසරයක් තිබේ නම් එය නැති කිරීමට අවශ්‍ය කි්‍රයාමාර්ග ගැනීමට පළමුව සිදුවන අතර දඩුවම් දීම ක්‍රියාත්මක වනුයේ දෙවනුවයි.
සාධාරණ හේතු කිසිවක් නොමැතිව ඕනෑකමින් යම් වරදක් කළ බව ඔප්පුවූ පසුව සාධාරණ දඩුවම්ක් ලබා දෙන ඉස්ලාමයේ එකම අරමුණ නැවත වැරදි සිදුවීම වළක්වාලීමයි. පරිසරයේ බලපෑමකින් හා සමාජයෙන් අවශ්‍ය ආරක්ෂාව නොලැබීමෙන් කරන වැරදි සඳහාද සැකයක් පහළවූ විටකදී දඩුවම් ලබා දෙන්නේ නැත. අවශ්‍ය වූවොත් ඒ වරද සඳහා ඔහුගේ මැදිහත්වීමට (වගකීමට) ප්‍රමාණවත් දඩුවම් ලබා දෙනු ඇත. (සිරද~ුවමක් වැනි) වරදට පොළඹවන පරිසරය නැති කිරීම සඳහා ඉස්ලාමය විවිධ ක්‍රියාමාර්ග දියත් කරයි.

ධනය සියලූ දෙනා අතර ඛෙදී යන අයුරින් කටයුතු කරයි. උමර් බින් අබ්දුල් අසීස් තුමාගේ පාලන සමයේ දුපත්පත්කම සහමුලින්ම තුරන් කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. වර්ණය, දේශය, කුලය, ආගම, භාෂාව හා සමාජ තරාතිරම නොසළකා සියලූම පුරවැසියන්ට එකසේ සළකා නඩත්තු කිරීම ඉස්ලාමීය රජයක පරම යුතුකමක් වෙයි. රැකියාවක් කළ හැකි සෑම පුරවැසියෙකුටම රැකියා පහසුකම් ලබාදීම රටේ නායකයකු සතු වගකීමයි. එසේ රැකියාවක් ලබාදීමට නොහැකි අවස්ථාවක ඔවුන් නඩත්තු කිරීමේ සම්පූර්ණ වගකීම රජය සතුය. එමෙන්ම රැකියාවක් කිරීමට අපහසු තත්ත්වයක පසුවන්නන් සියලූ දෙනාටම රජයේ පොදු භාණ්ඩාගාර අරමුදලින්, උපකාර කිරීමෙන් නඩත්තු කිරීම රජය සතුය (මූලික අවශ්‍යතා සපුරාලිය යුතුය).
මෙම පහසුකම් සියල්ල සපයාදීමෙන් අනතුරුවත් යමෙක් වරදක් කළ විට නැවතත් ඔහුගේ මානසිකත්වය, පරිසරය හා වෙනත් බාහිර හේතූන් පිළිබඳව ද සොයා බැලීමෙන් අනතුරුව ඔහු වැරදිකරුද යන්න තීන්දු කරනු ලැබේ.
ඉස්ලාමය, සෑම මනුෂ්‍යයෙකුටම පොදු ධර්මතාවක් වන කායික, මානසික අවශ්‍යතා සපුරාලීමට, නීත්‍යානුකූල ක්‍රමයක් ලෙස විවාහය හඳුන්වා දී ඇත. එසේ විවාහයක් කරගැනීමට යමෙකුට ආර්ථීක අපහසුකම් ඇත්නම් ඒ සඳහා පොදු අරමුදලින් (භාණ්ඩාගාරයෙන්) උදව් කරන්නැයි නියමකර ඇත.
කාමූක නාට්‍ය හා වෙනත් දර්ශන සමාජයෙන් තුරන් කිරීමට අවශ්‍ය සැලසුම් යොදා ඇත. (ඇඳුම් පැළදුම් හා සංස්කෘතිය මගින් මනස පාලනය කෙරේ) ජනතාවට තම ශක්තිය හා ධනය වැය කිරීමේ නිසි මඟ පෙන්වීම් කරයි. විවේකය ගත කිරීම සඳහා සමාජ සේවා හා අධ්‍යාත්මික වැඩ සටහන් සැළසුම් කොට, දිරිදීමේ හා පුහුණු කිරීමේ වැඩ සටහන් රාජ්‍ය මට්ටමින් හා සමාජ මට්ටමින් බොහෝ දුරට සංවිධානය කර ඇත.
මේ සියල්ලෙන් ඔබ්බට ගොස්, සිය රාගික හැඟීම්වලට මුල් තැනදී කාම අපචාරයේ යෙදෙන්නේ නම්, එය මිනිසුන් අතර ප්‍රචලිත නම් ඉස්ලාමීය දඩුවම් ක්‍රමය ඔහු මත ක්‍රියාත්මක වෙයි.
අද රටේ පවත්නා ආර්ථීක පරිහානිය, විකෘතිවූ විසමාචාරයෙන් දූෂිත පරිසරය යන හේතූන් නිසි වයසේ විවාහ වීමට බාධක වන්නේය. එපමණක නොව සදාචාරය හා සාරධර්ම මුලිනුපුටා දැමීමට පාදක වන කාරකයන් සුලභවී ඇත. මේවා නිසා අද තරුණ තරුණියන් ලිංගික අපචාරයට යොමු වෙති. බොහෝ දුරට ඔවුන් සාධාරණ යැයි කීමට සිදුවී ඇත.
ඉස්ලාමීය පාලනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන්නේ නම් කලාවේ මුවාවෙන් කාමුක (රාගය උද්දීපනය වන) ක්‍රියාවන් හිස ඔසවන්නේ නැත. එහි අමානුෂික ලිංගික අපචාර හා දූෂණ වෙත ළංවන්නට පුරවැසියන්ට ඉඩ නොදෙයි. මනස විකෘති කරන කාමුක නාට්‍ය දර්ශන, සිනමා දර්ශන, ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කරන පිළිකුල් සහගත පින්තූර හා හැසිරීම් කිසිවක් දකින්න ලැඛෙන්නේ නැත. මේ සියල්ල නැතිකර සදාචාරාත්මක පරිසරයක් ඇති කිරීමෙන් පසුව ගුණවත් යහපත් ප්‍රජාවක් බිහිවනු ඇත.
අවට පරිසරය දූෂිත නොවේ නම්, සමාජය තුල වරදට පොළඹවන කාරක නොවේ නම්, එවන් සමාජයක කාම අපචාරයේ යෙදෙන්නකුට දඩුවම් දීම සාධාරණය.
දඩුවම් කිරීමට පෙර වරදට පෙළඹිය හැකි කාරක නැති කරයි. ඉන්පසුවුවද යමෙක් හෝ පිරිසක් වැරදි කළද ඔවුන් කළ වරද පිළිබඳව සැකයක් පහළවූවොත් දඩුවම් කරන්නේ නැත. මේ තරම් සාධාරණ දඩුවම් ක්‍රම හෝ සමාජ සැලසුම් ක්‍රම ඉස්ලාමය හැර වෙන කිසිදු සමාජ ක්‍රමයක් නොමැත.
ඉස්ලාමය වරදක් දකින්නේ කෙසේද? සමීප වන්නේ කෙසේද? දඩුවම්ක් දීමට පෙර තමාට තමාම පනවාගෙන ඇති කොන්දේසි මොනවාද? යන්න ගැන අවබෝධයක් නොමැති බටහිර ලෝකය (යුරෝපාවාසීන්) ඉස්ලාමය මත බොරු චෝදනා නගයි. යුරෝපයේ දිනපතා දහස් ගණන් විවිධ දඩුවම් ලබා දෙන ඔවුන් සිතනුයේ ඉස්ලාමීය සමාජයක් තුලත් දිනපතා එසේ දඩුවම් ලබාදෙන බවයි. කස පහර, අත සිඳලීම, ගල්ගසා මරා දැමීම වැනිදේවල් දිනපතා සිදුකරන බවයි ඔවුන්ගේ හැඟීම.
ගතවූ වසර 400ක් මුළුල්ලේ පරිසරය ආක්‍රමනය කරමින් සොරකම් කිරීමේ වරදට අත සිඳලීමේ ද~ුවම ලබාදී ඇත්තේ හය වතාවක් පමණය. ඉස්ලාම් දඩුවම් ක්‍රම මගින් සිදුවන්නේ අපරාධ අවම කිරීම බව මෙයින් පැහැදිලිව සනාථ වන්නේය. ඉස්ලාමය ද~ුවම් ලබා දෙන්නේ මිනිසුන්ට කෘෘර වදහිංසාවලට ලක්කිරීමේ අරමුණින් නොව අපරාධ තුරන් කරලීමේ අරමුණින්ය.

ඉහත සඳහන් ද~ුවම් හය පවා ලබාදී ඇත්තේ සොරකමට පොළඹවන හේතූන් හා පරිසරයක් නොතිබියදී එසේ කිරීම නිසාය.
කිසිම සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ හා දූෂනවල යෙදෙන බටහිර වැසියන් තමන් වරදකරුවන් නිසා ඉස්ලාමය ලබාදෙන ද~ුවම් ගැන බියෙන් පසුවෙති. ඔවුන් කෝපවීමට වෙන හේතුවක් නම් පෙනෙන්න නැත.
ඉස්ලාමිය ද~ුවම් ක්‍රමවල ප්‍රායෝගික (කි්‍රයාත්මක කිරීමේ) වැදගත්කමක් නොපෙනෙන බව සමහරුන්ගේ මතයයි. සත්‍යය එසේ නොව ඒ ද~ුවම් ගැන සිතා බලන්නෙකුට මානසිකව ඇතිවන භය හා භීතිය හේතුකොට ගෙන අපරාධ කරනවා තබා ඒ ගැන සිතා බැලීමට පවා පසුබට වෙති. අපරාධ රැල්ලට හසුවී එහි නියැලී සිටින්නවුන් පවා ඉස්ලාමීය සමාජයක් තුල පවතින ද~ුවම් ගැන වරක් නොව දෙවරක්ම සිතා බැලීමට පෙළඹ්ය හැක.
සමාජයක යහපත, එහි ජනතාවගේ සදාචාරාත්මක බව යන සියල්ල ගැන සාමුහිකව සිතා කටයුතු කිරීමෙන් සිය හැඟීම්වලට මුල්තැන දෙන තරුණ පිරිස් නොමඟ යාමෙන් වළක්වා ගත හැක.
අපරාධයකට තුඩුදෙන සාධාරණ හේතු නොතිබියදීත් අපරාධයක් කළොත් ඔහු එයට සුදුසු ප්‍රතිඵලය ලබාගත යුතුය. මෙවැන්නන් පවා පුණරුත්ථාපනය කිරීමට අවශ්‍ය සෑම උත්සාහයක්ම ඉස්ලාමය විසින් දරන්නේය.
වර්තමානයේ තර්ක ශාස්ත්‍රය පිළිබද මනා දැනුමක් පුහුණුවක් හා නීති අංශයෙන් විශේෂඥ දැනුමක් ලද තරුණයින්ද- බටහිර වැසියන් ඉදිරිපත් කරන තර්කවලට රැවටී ඔවුන්ද ඉස්ලාමීය නීිතිය හා ද~ුවම් ගැන දෝෂාරෝපණය කීරීම කණගාටුවට කරුණක් වන අතර ඉස්ලාමීය නීතිය පිළිබඳව දැනුමක් හා අවබෝධයක් ලබාගත් විට ඔවුන්ටද යහපත් ඵල නෙලාගත හැකිවේවි යැයි මම තරයේ විශ්වාස කරමි.

සත්ව හිංසාව, ඝාතනය හා ඉස්ලාම්-ඉස්ලාමයට එල්ලකරන චෝදනාව

අද ලොව කෝටි 600 කටත් අධික ජනගහනයක් ජීවත් වේ. එම මුඑ ජනගහනයෙන් 95්‍ර ක් පමණ මාංශ වර්ග ආහාරයට ගන්නා බව තහවුරු වී තිබේ. එසේම ලොව මුඑ ජනගහනයෙන් 23්‍ර ක් ඉස්ලාම් භක්තිකයන් වන අතර මේ සියලූ දෙනාම මාංශ වර්ග ආහාරයට නොගනී. කරුණු එසේ වුවත් තර්කයක් සදහා “ඉස්ලාම් භක්තිකයන් සියලූ දෙනා මාංශ වර්ගයන් අනුභව කරනවාෟ” යයි. උපකල්පනයක් කලත්, එය ලොව මාංශ අනුභව කරන්නන් වන කෝටි 570 න්, කෝටි 140 ක් පම‚. එසේ නම් ලොව මාංශ අනුභව කරන මුස්ලීම් නොවන්නන් ගනන කෝටි 430ක් පමණ වේ. කරුණු මෙසේ තිබිය දී ලෝව මුඑ ජනගහනයෙන් 23්‍ර වන මුස්ලීම්වරුන්ගේ මාංශ අනුභවයට පමණක් පටු අරමුණුවල හිද චෝදනාත්මක ඇගිල්ල දිගු කිරීම විශ්මයට කාරණයකි. මෙම චෝදනවන් ආකාර දෙකකට ඉදිරිපත් වේ. එ සතුන්ගේ අයිතීන් ලබාදීමට කටයුතු කරන බව පවසමින් මිනිස් හිංසාවන්ට වඩා සත්ව හිංසාවන්ට හඩ නගන ස්වෙච්ඡා සංවිධානයන් මගින් හා තනි පුද්ගල වශයෙන්ය. මෙසේ පුද්ගල වශයෙන් හා සංවිධාන වශයෙන් සත්ව ඝාතනය හා හිංසාවට විරුද්ධව ඉදිරිපත් වී සිටියත් මොවුන්ගේ ප්‍රකාශයන් හා ක්‍රියා කලාපයන් දෙස බලන විට “ලොව එකම සත්වයා ගවයා පමණක් දෝ” යයි සිතන්නට හැගේ. මන්ද සත්ව හිංසාව, ඝාතනය යන්න සැලකුවිට එම සත්වයාගේ විශාලත්වය පදනම් කරගෙන විශාල සතුන් ඝාතනය කලානම් එය පාපයක් කුඩා සතුන්නම් එසේ නොවේ යයි තර්ක කල නොහැක. නමුත් වර්ථමාන ලාංකීය සමාජය සැලකවේ නම්”ගව ඝාතනය පමණයි පාපයක් වන්නේෟ” යන්න සිතන ආකාරයට කටයුතු කරමින් සිටී. උÞහර්ණයක් ලෙස ගවයකු ඝාතනය කොට එම මාංශ අවම වශයෙන් පුද්ගලයින් 1000ක් පමණ අනුභව කරන විට සත්ව ඝාතනයට හා හිංසාවට විරුද්ධව හඩක් නගමින් සත්ව කරුණාව පිලිබදව කථා කරමින් එක් බත්කටකට එක හාල්මැස්සා ගානේ ගිලදමයි. මේ ආකාරයට තමන්ටම ප්‍රායෝගික නොවන දර්ශණයක් ලොවට පවසමින් ගවයා වෙනුවෙන් පමණක් පෙනීසිටීම තුල එක් කාරණයක් පැහැදිලිය. එනම් මේ පිරිසට අවශ්‍යව ඇත්තේ සත්ව ඝාතනයට එරෙහිවීම නොව ගව ඝාතනයට එරෙහිවීමයි. විටෙක එය ද කුතුහලයකි. මන්ද ගව ඝාතනයට එරෙහිවන ප්‍රධාන දහමන්වල ඕනෑම සුභ කටයුත්තක් අරඹන්නේ මගුල් ඛෙරයක් වාදනය කරමිනි. මේ මගුල් ඛෙරයට යොÞඇත්තේ හරක් හම සහා හරක් බොකුයි. එසේනම් ගව ඝාතනයට එරෙහිවන මේ පිරිසට මේවා සුභවුනේ කෙසේද? එසේනම් මෙහි දී මොවුන්ගේ පටු වු අරමුණු පැහැදිලිය. එනම් මොවුන්ගේ අරමුණු වී ඇත්තේ සෘජුවම හා වක්‍රව ඉස්ලාම් දහමට ඇගිල්ල දිගු කිරීමයි. මේ පිලිබදව නිසි අවබෝධයක් නොමැති සමාජයත් “ගව ඝාතනය තමා සත්ව ඝාතනය” යයි සිතමින් ඉහත පිරිස හා අත්වැල් බැදගනී. මේ ආකාරයට පදනම් විරහිත කරුණූ පවසමින් ඉස්ලාමය විවේචනය කිරීම අද ඊයේ ආරම්භ වුවාක් නොවේ. මේවා අතීතයේ සිටම ජාත්‍යන්තර තලයේ ඉස්ලාම් මුහුණ දෙන ජනප්‍රිය ගැටඑවක්ය. ඉස්ලාම් සම්බන්ධයෙන් ලෝක ප්‍රවණතාවය එසේ තිබිය අප රට ද ඊට දෙවැනි වී නැත. එවන් මොහොතක මේ කාරණය එනම් සත්ව ඝාතනය හා හිංසාව පිලිබදව ලාංකීය සමාජය පදනම් කරගෙන අවÞනය යොමුකලේ නම්, එය කරුණු කිහිපයක් ඔස්සේ කල හැක. එනම්,

*  මේ පිලිබදව ඉස්ලාමයට එල්ලකරන චෝදනාවන් කුමක්ද?,
*   එය කොතරම් දුරට සාධාර්ණද?,
*   එසේ මාංශ අනුභවයට විරුද්ධව ඔවුන් ඉදිරිපත් කරන තර්කයන් කුමක්ද?
*   එය කොතරම් ප්‍රා
යෝගිකද?
මෙම කාරණයන් පිලිබදව බුද්ධිමත් ආකාරයේ අවධානය යොමු කිරීම කාලෝචිත මෙන්ම මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්‍ය වගකීමක්ද වේ. එ අනුව මේ කාරණය සම්බන්ධයෙන් මෙහි දී බුද්ධිමත් අවධානය යොමු කරමු.
ඉහත කාරණය පිලිබදව අවධානය යොමුකිරීමට ප්‍රථම සත්ව හිංසාව, ඝාතනය හා මාංශ අනුභවය සම්බන්ධයෙන් ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න අවධානය යොමු කලේ නම්. යමක් “ඉස්ලාම් පවසයි” යයි පැවසීමට නම් එ සදහා තිබිය යුතු මුලික අංගය එයශුද්ධ වු අල්කුර්ආනයේ (දෙවියන් විසින් පහලකරන ලද ශුද්ධ වු දේව වාක්‍යයන් පමණක් අන්තර්ගත ලියවිල්ලේ) හෝ අල්හදීසයේ (නබිතුමාගේ ආදර්ශයේ, (මෙයද ආරම්භයේ සිට මේ දක්වා ලිඛිත ග්‍රන්ථයක් ලෙස ආරඬා වී පවතී.)) තිබිය යුතුයි. එ අනුව මේ කාරණය පිලිබදව මෙම ශුද්ධ වු ලියවිලිවල කුමක් පවසනවා ද? යන්න ප්‍රථමයෙන් අවධානය යොමු කලේ නම්,
අල්කුරආනයේ මෙසේ සදහන් වේ.
*   ශාක භඬක සතුන් නුඹලාට (ආහාරයට) අවසර ලබාදී ඇත. (අල්කුර්ආන් 5-1)
*   සත්ව කොට්ඨාශය, (මිනිසුන් වන) නුඹළා වෙනුවෙන්ම මවන ලදී. නුඹලාට එයින් උණුසුම් වස්ත්‍රද, වෙනත් පලයන්ද, නුඹලාට ආහාරද සැපයෙන්නේය. (අල්කුර්ආන් 16-5)
*   සත්වයන් තුලද නුඹලාට උපදේශයන් ඇත්තේමය. උන්ගේ උදරයෙහි ඇති දැයින් අප නුඹලාට පානයක් සපයන්නෙමු. තවද එහි බොහෝ ප්‍රයෝජන ඇත්තේය. එයින් නුඹලාට ආහාරද සැපයෙන්නේය. (අල්කුර්ආන් 23-21)
ඉහත අල්කුර්ආන් වාක්‍යයන්ට අනුව ඉස්ලාම් දහම මාංශ අනුභවය සදහා පොදුවේ අවසර ලබදෙයි. මෙහිදී අවධාරණය කලයුතු කරුණක් ඇත. එනම් හුදෙක් මෙය අවසරයක් පමණක්ම වන අතර නියෝගයක් නොවේ. එ අනුව මුස්ලීම්වරයෙකු හට අවශ්‍ය නම් මාංශ අනුභව කිරීමට ද හැක. අනවශ්‍ය නම් ඉන් වැලකීසිටීමට ද හැක. කිසිවකුටත් ඉස්ලාමයේ බලකිරීමක් නැත. අල්කුර්ආනයේ මේ ආකාරයට පොදු අවසරයක් ලබාදුන්නද එම අවසරය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලයුතු ආකාරය අල්හදීසයේ (මුහම්මද් (සල්) තුමාණන්) පෙන්වා දී ඇත. එනම් කුමන වර්ගයේ සතුන්ද ආහාරයට ගත යුත්තේ, එම සතුන් හදුනාගන්නේ කෙසේද? එම සතුන් ඝාතනය කලයුත්තේ කෙසේද? එසේ ඝාතනය කිරීමේ ඇති යහපත කුමක්ද? වැනි කරුණු දීර්ඝ වශයෙන් ඉස්ලාම් පවසා ඇත. මෙසේ හේතූන් සහිතව සත්ව ඝාතනයට අවසර ලබාදෙන ඉස්ලාම් දහම සතුන් හිංසා කිරීම සම්බන්ධයෙන් ඉතා දැඩිව අවවාද ද කරයි. එසේ කරන අවවාද කිහිපයක් නම්,
*   කුඩා ගල්වලින් සතුන් දඩයම් නොකරන්න. මන්ද කුඩා ගල් කැබැලිවලින් සතුන්ට පහරදීමේදී එ මගින් එම සතුන් මරණයට පත්නොවන අතර එම ක්‍රියාව නිසා සතුන්ගේ දත් කැඩී ඇස් තුවාලවී එම සතුන්ට හිංසාවන් සිදුවනු ඇත. එම නිසා එම කාර්‍යය නබි තුමා තහනම් කරන ලදී. (ග්‍රන්ථය බුහාරී 5479)
*   මුහම්මද් (සල්) තුමා, සතුන්ගේ මුහුණට පහරදීම තහනම් කරන ලදී. (ග්‍රන්ථය බුහාරී 5541)
*   යහක්‍රියාවල නිරත වු කාන්තාවක් තම නිවසේ ආහාර නොදී පුසෙකු බැදදමා තිබීම හේතුවෙන් එම කාන්තාව නිරයට ගියබව මුහම්මද් (සල්) තුමා පවසන ලදී. (ග්‍රන්ථය මුස්ලීම්)
*   “බනු ඉස්රායිල් සමාජයේ සිටී පවුකාර කාන්තාවක් (ගනිකාවක්), අධික තිබහක් සහිතව සිටී බල්ලෙකු හට බීමට වතුර ලබාදීම හේතු කොටගෙන ඇයගේ සියලූ පාපයන් (දෙවියන්) සමාකරන ලදී” යනුවෙන් මුහම්මද් (සල්) තුමා පවසන ලදී. (ග්‍රන්ථය බුහාරී 3467)
ඉහත හදීසයන් දෙස හොදින් අවධානය යොමුකලේ නම්, සත්ව හිංසාව කොතරම් පුලූල් ආකාරයට ඉස්ලාම් දකිනවා ද යන්න අවබෝධ කරගත හැක. අද මුස්ලීම් නොවන සමාජයේ සත්ව ඝාතනය තමා සත්ව හිංසාව යයි සිතන විට ඉස්ලාම් පියවර ගනනාවක් ඉදිරියට ගොස් සතුන්ට කරන පහරදීම, බැදතැබීම, කුසගින්නේ තැබීම යනාදී සියල්ල සත්ව හිංසාවන් යයි පවසයි. මෙසේ සත්ව හිංසාවන් පෙන්වාදීමෙන් නතර නොවී එවැනි හිංසාවන් දැඩිව තහනම් කිරීම තුල සත්ව හිංසාව කොතරම් දුරට ඉස්ලාම් වලක්වා තිබේද යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක. මෙසේ ඉහත ආකාරයට සත්ව හිංසාව තරයේ ප්‍රතිෙක‍ෂ්ප කරන ඉස්ලාම් දහම මාංශ අනුභවය සදහා අවසර ලබාදීම බොහෝ දෙනෙකුගේ හාස්‍යයට මෙන්ම කුතුහලයට ද හේතූ වී තිබේ. එ පිලිබදව කථාකිරීමට ප්‍රථම පැහැදිලි කරගත යුතුයි කරුණක් ඇත. එනම්,
ඉස්ලාම් යනු දේව නියෝගයන් පමණක් පදනම් කරගත් දහමකි. ලොව අනිකුත් දහමන්මෙන් මෙහි මනුෂ්‍ය චින්තනයන් අන්තර්ගත වී නැත. එසේම ඉස්ලාම් ලොව අනිකුත් දහමන් මෙන් ආගමික වතාවත් පමණක් ප්‍රකාශකොට යන දහමක් ද නොවේ. ලොව බොහෝ දහමන් ප්‍රායෝගික නොවන වතාවත් පමණක් පවසමින් එහි භක්තිකයන් විවිධ අපහසුතාවයන්ට පත්කරද්දී ඉස්ලාම් එසේ නොවී මනුෂ්‍ය ජිවිතයේ සෑම අංශයක්ම පැහැදිලිවම පවසා. එසේ පැවසීමෙන් නතර නොවී දේව වක්තෘවරයෙකු වන මුහම්මද් (සල්) තුමා මගින් එම දේව නියෝගයන් ප්‍රායෝගිකවම පෙන්වා දෙන ලදී.
canadian_seal_hunt.jpgඑ අනුව මෙම ප්‍රායෝගික වු දහම තුල මිනිසා සදහා නිර්මාංශීකරණය යනු ප්‍රායෝගික නොවන මනක:ල්පිතයකි. මන්ද ලොව එක් ප්‍රදේශයකට නිර්මාංශ පමණක් යන්න ප්‍රායෝගික වුවත් තවත් ප්‍රදේශ ගනනාවකට එය ප්‍රායෝගික නොවේ. එයට උදාහර්ණයක් ලෙස ධ්‍රැව ප්‍රදේශවල ජීවත්වන ජන කොට්ඨාශය ගෙනහැර දැක්විය හැක. ඔවුන්ගේ ආහාරය සදහා ඇත්තේ මතස්‍යන් හා දඩයම් සතුන් පමණි. එසේනම් ඔවුන්ට ප්‍රායෝගි වන්නේ මාංශ අනුභවය පමණි. මාංශ අනුභවය සත්ව හිංසාව යයි පවසා මාංශ අනුභව නොකර සිටියේනම් ඔවුන්ට සිදුවන්නේ කුසගින්නේ මියයාමටයි. මෙවැනි අපහසුතාවයන්වලින් තොර සෑම ප්‍රදේශයටම ප්‍රායෝගික වන ආකාරයේ නීතියක් සකස් කිරීමට නම් සියලූ කාරණවන් පිලිබදව පුර්ණ අවබෝධයක් එනම් අතීතය, අනාගතය හා වර්ථමානය පිලිබදව පුර්ණ අවබෝධයක් පැවතිය යුතුය. ඉස්ලාමීය විශ්වාසය අනුව එවැනි බුද්ධියක් ඇත්තේ දෙවියන්ට පම‚. දේව නියෝගයක් නම් එය සෑම කාලයටම, සෑම ප්‍රදේශයටම, සෑම කෙනෙකුටම ප්‍රායෝගික විය යුතුයි. එ අනුව අතීතයේ අප පසුකල දඩයම් යුගයත්, වර්ථමානයේ පවතීන සංකීර්ණ සමාජයත්, අනාගතයේ බිහිවන සුපිරි සමාජයත් පිලිබදව පුර්ණ අවබෝධයක් ඇති දෙවියන් මාංශ අනුභවය සදහා අවසර ලබදීම තුල අවබෝධ වන්නේ ඉස්ලාම් දහම ප්‍රායෝගික දහමක් යන්න නොවේද?. අද මාංශ අනුභවයට විරුද්ධ විවිධ ආගම් තම විරෝධතාවයන් ප්‍රකාශ කරමින් සිටී. මෙම විරෝධතාවයන් ප්‍රායෝගිකද? නැද්ද? යන්න පසෙක තබා මෙසේ මාංශ අනුභවයට විරුද්ධව හඩක්නගන ශ්‍රී ලංකාවේ දහමන් දෙකක් වන බෞද්ධයින්ගේ හා හින්දු භක්තිකයන්ගේ දහමන් මේ පිලිබදව කුමක් පවසනවාද? යන්න පිලිබදව කෙටි අවධානයක් යොමුකලේ නම්,
බුදුදහමද, ඉස්ලාම් පවසන ආකාරයටම සත්ව හිංසාව ප්‍රතිෙක‍ෂ්ප කරයි. එම කාරණයේ දී මුස්ලීම්වරුන් හා බෞද්ධයින් අතර පරස්පරතාවයක් නැත (මෙහි දී අවධාරණය කලයුත්තක් නම් මෙසේ ඉස්ලාම් අනිකුත් දහමන් හා පරස්පරවීම හෝ එසේ නොවීම ඉස්ලාම් දහමේ වලංගුභාවයට කිසිසේත් බලනොපාන අතර අන්‍ය ආගමිකයින්ගේ අවධානය පි‚ස මෙම කාරණයන් ඉදිරිපත් කරමි). එසේනම් පරස්පරතාවය ඇතිවන්නේ කොතණකද? යන්න අවධානය යොමුකලෙ නම් එය මාංශ අනුභවය සම්බන්ධයෙන්ය. එසේනම් මාංශ අනුභවය පිලිබදව බුදුදහමේ ස්ථාවරය කුමක්ද?, යන්නත් සත්‍ය වශයෙන්ම බුදුදහම මාංශ අනුභවය තහනම් කර තිඛෙනවාද? යන්නත් පිලිබදව අධ්‍යනයක් කලේ නම් එවැනි සදහනක් බුදුදහම තුල හමුනොවේ. එසේ හමුනොවනවා පමණක් නොවේ. එයට පරස්පරව එනම් බුදුන්වහන්සේ විසින් මාංශ අනුභව කලබවට වාර්ථාවන් හා එයට අනුබල දුන් බවට බුද්ධ දේශන තුල තුල දක්නට ලැබේ. ඉන් කිහිපයක් නම්,
*   බුදුරජාණන් වහන්සේහට සාමාවතී නම් කාන්තාවක් විසින් කුකුළෙකු මරා උයා ආහාරයට පිළිගැන්වු බව සදහන්වේ.
බුදුරජාණන් වහන්සේ අවසාන කාලයේ රෝගාතුර වුයේ සුකර මාංශ අනුභවය නිසා බවද සදහන් වේ.
*   බුදුසමයේ ජීවත් වු ˜ජීවක˜ නම් වෛද්‍යවරයා කරණා තුනකින් මාංශ වර්ග පිරිසිදු නම් තමා අනුභව කරන බව පවසයි. (මජ්ජම නිකායේ ජීවක සුත්‍රය)
බුදුන්වහන්සේ විසින් භික‍ෂුන් වහන්සේලාට වර පහක් පනවන ලදී එයින් එකක් නම් ˜භික‍ෂුන් වහන්සේලාට (දිය/ගොඩ) මාංශ දුන්නාට කමක් නැහැ˜
*   බුදුන්වහන්සේ විසින් භික‍ෂුන් වහන්සේලාට දස මාංශ (මාංශ වර්ග 10ක්) විමසා ප්‍රතිෙක‍ෂ්ප කරන ලෙස පවසා ඒවා සර්ප, වියාග්‍රා, කොටි, ඇත්……… යනාදී වශයෙන් නම් කරන ලදී.
*   බුදුසමයේ එක්තරා භික‍ෂූන් වහන්සේනමකට ˜රේ˜ (මා`එ විශෙAෂයක්) මාංශ අනුභව කිරීමට දැඩි ආශාවක් ඇතිවිය. මෙය අවබෝධ කරගත් බුදුන්වහන්සේ එම භික‍ෂුන් වහන්සේට අහවල් ප්‍රදේශයට පින්ඩපාතයේ යන ලෙස පවසන ලදී. එම භික‍ෂුව ද ඒ ආකාරයට ගිය අතර එම ප්‍රදේශයේ සිය`එම නිවැස්වල එදා දවසේ පිස තිබුණේ ˜රේ˜ මාංශය ඒ අනුව එම භීක‍ෂුවගේ ආසාව එදින තුරන් වී එදා සවස එම භික‍ෂු අරහත් බවට පත්විය.
*   භීක‍ෂුන් වහන්සේලාට පින්ඩපාතයේ ගොස් ˜රේ˜ මාංශ රැගෙන එන ලෙස පවසන ලද අවස්ථාවන්ද දක්නට ලැබේ.
සමහරක් භික්ෂුන් වහන්සේලා රෝගාතුර වු අවස්ථාවල දී එය සුවකර ගැනීම සදහා කෑමට මස් තිඛෙන ස්ථානවලට පිණ්ඩපාතයේ යන ලෙස බුදුන් පැවසු බවට සදහන් වේ.
ඉහත කරුණු පිලිබදව අවධානය යොමු කිරීමේ දී බුදුදහම මාංශ අනුභවය තහනම් කර නැතිබව පැහැදිලි වේ. එසේනම් බුදුදහමට මෙම නිර්මාංශ සංකල්පය ආවේ කෙසෙද? යන්න පිලිබදව අවධානය යොමු කලේනම් බුදුරජාණන්ගෙන් පසු කාලෙක පැමිණි ඉන්දියාවේ අශෝක රජු විසින් මෙම බුදුදහමේ විවිධ සංශෝධනයන් සිදුකරන ලදී. එහි දී ඉන්දියාවේ හින්දු ආගමෙහි පැවතී බොහෝ කරුණු මෙන්ම එවකට පැවතී ජෛන ආගමේ විවිධ කොටස් ද බුදුදහමට එක්කරන ලදී. මේ නිසාම සමහරක් කාලවලදී බුදුදහම අශෝක දහම නමින් ද හදුන්වන ලදී. මේ හේතුව නිසා හින්දු දහමේ හා ජෛන දහමේ ආභාශයෙන් ˜මාංශ අනුභවය පාපක්‍රියාවක්˜ යන සංකල්පය බුදුදහමට එක්වන ලදී. හින්දු දහමේ ආභාශයෙන් මාංශ අනුභවය තහනම් යයි බෞද්ධයන් අවබෝධ කරගත්තද හින්දු දහමේ ද මාංශ අනුභවයට අවසර ලබාදෙන ආකාරයට සදහන් වන අවස්ථාවන් දක්නට ලැබේ. එනම්
*   ආහාර අනුභව කරන්නා මාංශ අනුභව කරන්නේ නම් ඔහු අනුභව කරන මාංශය ඔහුට කිසිදු හානියක් නොකරනු ඇත. සැමකලම මාංශ අනුභවකලත් එසේය. මන්ද සමහර මැවීමන් අනුභව කිරීම සදහාත් තවත් සමහර මැවීමන් අනුභවය සදහාත් මවන්නා දෙවියායි. (මනු ශාස්ත්‍රිරම් 5-30)
*   මාංශ අනුභව කිරීමත් නිවරුදි කැප කිරීමකි. (මනු ශාස්ත්‍රිරම් 5-1)
මෙසේ හින්දු ආගමට අනුව සැලකුවද ඉහත අවස්ථාවන් දෙකට අමතරව තවත් බොහෝ ස්ථානවල මෙම මාංශ අනුභවය සදහා අවසර ලබාදෙන ආකාරයට සදහන් වේ. කරුණු මෙසේ තිබියදී ඉස්ලාම් දහම පමණක් සත්ව ඝාතනය හා මාංශ අනුභවය සදහා අවසර ලබාදී ඇති බව පවසන ආකාරයට ඉස්ලාම් දහම විවේචනය කරයි. ඉහත කරුණුවලට අනුව මෙම කාරණය සදහා ඉස්ලාමයට ඇගිල්ල දිගුකිරීම හරියට කෙනෙකුහට දඹරඇගිල්ල දිගු කිරීමේ දී තමන් නොදැනම තමා දෙසට ඇගිලි 04ක් දිගු වෙනවාසේය. එය කෙසේ වෙතත් මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමයට විරුද්ධව ඉදිරිපත් කරණ චෝදනාවන් කුමක්ද? යන්නත් එය කොතරම් දුරට සාධාර්ණද? යන්නත් අවධානය යොමු කිරීම ද අනිවාර්‍ය අවශ්‍යතාවයකි. එසේ ඉස්ලාමයට එල්ලවන ප්‍රධාන චෝදනාවන් කිහිපයක් නම්,
*    සත්ව ඝාතනය සතුන්ට කරන හිංසාවකි,
*    සත්ව ඝාතනය එම සතුන්ගේ අයිතීන් උදුරා ගැනීමකි,
*   මාංශ අනුභවය නිසා මිනිසා ද තිරිසනකු බවට පත්වේ,

ඉහත ආකාරයට ඉදිරිපත් කරන චෝදනාවන් පිලිබදව දැන් එකින් එකට අවධානය යොමු කරමු.
සත්ව ඝාතනය සතුන්ට කරන හිංසාවකි
අප අද 21 සියවසයේ ජීවත් වන්නේමු. වර්ථමානයේ නොයෙක් වෛද්‍ය අවශ්‍යතාවයන් සදහා සිහි නැති කොට වේදනාවන් නොදැනෙන ආකාරයට මිනිසුන් සදහා වෛද්‍ය ප්‍රතිකාර කරනු ලබයි. මේ  ආකාරයට අනුභවයට සුදුසු සතුන් ද සිහි නැති කොට වේදනාවක් නොදැනෙන ආකාරයට ඝාතනය කල හැක. සත්ව ඝාතනයේ ඔවුන් වේදනාවක් විදින නිසායි එම මස් අනුභව නොකරන්නේ යයි කිසිවකු පවසන්නේ නම්, එසේ තර්ක කරන්නන් වේදනාවක් නොදැනෙන ආකාරයට සත්ව ඝාතනය කලේ නම් ඉතහ හේතුන් පවසන ඔබ එම මස් අනුභව කරන්න සුදානම් ද? එසේ අනුභව කරන්න සුදානම් පමණි ඉහත තර්කය ඉදිරිපත් කල යුත්තේ.
එසේම වර්ථමානයේ සත්ව ඝාතනයන් සිදුකරන ආකාර කිහිපයක් සමාජයේ පවතී. මේ අකාරයේ සත්ව ඝාතනයන්වලදී සත්වයන්ට කොතරම් දුරට වේදනාවක් දැනෙනවාද? ඇත්තෙන්ම මෙම සතුන් වේදනා විදිමින් මියයනවාද? වැනි කරුණු පිලිබදව අවධානය යොමු කිරීමද කාලෝචිත වේ. එසේ අවධානය යොමු කිරීමේදී මෙම සත්ව ඝාතනය අද ආකාර කිහිපයකට සිදුවේ. එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කර දැක්විය හැක. එනම්,
*   මුස්ලීම්වරුන් සිදුකරන සත්ව ඝාතන ආකාරය
*   මුස්ලීම් නොවන්නන් සිදුකරන සත්ව ඝාතන ආකාරය

ඉහත සත්ව ඝාතන ආකාරයන් පිලිබදව වෙන වෙනම සාකච්චා කිරීමට පෙර අද සමාජයේ ඉහත සදහන් ඝාතනයන් සිදුවෙන ආකාරයන් පිලිබදව කෙටි අවදානයක් යොමුකලේ නම්, මුස්ලීම්වරුන් සතුන් ඝාතනය කරනු ලබන්නේ මුවහත් (තියුණු) ආයුධයකින් ඛෙල්ල ගසා දැමීම හෙවත් ඛෙල්ල කැපීම මගිනි. මුස්ලීම් නොවන්නන් සතුන් ඝාතනය කරනු ලබන්නේ පොලූවලින් ගසා, වෙඩි තබා, ගල්වලින් ගසා, වතුරේ ගිල්වා, ඔලූව අඹරා……. වැනි එ එඅවස්ථාවේ හැටියට විවිධ අයුරින් ඝාතනය සිදුකරයි. මේ ආකාරයන් සියල්ලෙන්ම සත්වයා මිය ගියත්. මේ ආකාරයන්ගෙන් කුමන ආකාරයට ඝාතනය සිදුකලොත් ද එම සතුන්ට වේදනාවක් නොදැනෙන්නේ. එසේත් නැත්නම් වේදනාව අවම වන්නේ?. මෙයයි අවදානය යොමු කල යුතු කාරණය.
මේ කාරණය පිලිබදව ජේර්මනියේ (German) තිඛෙන හනෝවර් (්‍Hanower– විශ්ව විද්‍යාලයේ පරියේෂණයක් සිදුකෙරුණි. එම පරියේෂණය මහාචාර්‍ය සුල්ජ් (Professor Shultj) සහා ඔහුගේ සහය කරු ආචාර්‍ය හාසීම් ( Dr. Hasim) විසින් සිදු කෙරුණි. ඔවුන් කල එම පරියේෂණ පියවරවල් කුමක්ද? යන්නත් එහි ප්‍රථීපලය කුමක්ද? යන්නත් පියවරින් පියවර දැන් බලමු.
*       මිනිස් ආහාරයට ගන්නා සතුන් වර්ග තොරා ගැනීම.
*       සැත්කමක් මගින් එම සතුන්ගේ මොළයේ හා ශරීරයේ විවිධ ස්ථානවල ක‍ෂද්‍ර තරංග උපකරණ තැන්පත් කිරීම.
*       නැවත එම සතුන් යථා තත්වයට පත් වනතුරු සති කිහිපයක් ඉන්නට හැරීම.
*       ඉන්පසු එම සතුන් ප්‍රමාණයෙන් අඩක් ඉස්ලාම් පවසන ආකාරයටත් ඉතිරි සතුන් ඉස්ලාම් නොවන්නන් සිදුකරන ආකාරයන්ටත් ඝාතනය කිරීම.
*       මෙසේ ඝාතනයට ලක්වු සියඑම සතුන් පිලිබදව ඊ.ඊ.ජි (EEG) හා ඊ.සී.ජි (ECG) පරීක‍ෂණ සිදුකිරීම.

ඉහත ආකාරයට පියවරින් පියවර සිදුකල මෙම පරියේෂණයේ ප්‍රථිපල පහත ආකාරයට විය.
ඉස්ලාම් පවසන ආකාරය
ඉස්ලාම් නොවන්නන් කරන ආකාරය

මේ ආකාරයට සතුන් ඝාතනය කල මොහොතේ ප්‍රථම විනාඩි 03 හි ෑෑඨ වල කිසිදු වෙනසක් සිදු නොවු අතර ඝාතනයට පෙර අවස්ථාවේ මෙන්ම ෑෑඨ පැවතීම තුල එම සතාට කිසිදු වේදනාවක් නොදැනුන බව තහවුරු වේ.
මේ ආකාරයට සතුන් ඝාතනය කිරීමේ දී

ඉස්ලාම් පවසන ආකාරය.

මේ ආකාරයට සතුන් ඝාතනය කල මොහොතේ ප්‍රථම විනාඩි 03 හි ෑෑඨ වල කිසිදු වෙනසක් සිදු නොවු අතර ඝාතනයට පෙර අවස්ථාවේ මෙන්ම ෑෑඨ පැවතීම තුල එම සතාට කිසිදු වේදනාවක් නොදැනුන බව තහවුරු වේ

* ප්‍රථම විනාඩි 03ට පසු විනාඩි 03 හි එම සතුන් ගැඹුරු නින්දකට හෝ සිහිනැතිවීමේ අවස්ථාවකට පත්වු බව එම ෑෑඨ වාර්ථාව පෙන්වන ලදී.

* ඉහත විනාඩි 06ට පසු ෑෑඨ වාර්ථාව ශ+න්‍යයක් බවට පත්වු අතර එයින් තහවුරු වුයේ එම සතා කිසිදු වේදනාවක් අවබෝධ කර නොගෙන මියගිය බවයි.

* මොළයෙහි ක්‍රියාකාරීත්වය නතර වුවත් හෘද ස්පන්දනය නොනවත්වා සිදු වු අතර ශරීර අභ්‍යන්තරයේ ඇති සියලූම ලේ ඉවත් වීමෙන් පසු එහි ක්‍රියාකාරීත්වය නතර විය.

ඉස්ලාම් නොවන්නන් කරන ආකාරය.

* මේ ආකාරයට සතුන් ඝාතනය කිරීමේ දී එA සැනින් සතුන්ගේ ස්ථාවරය බිදී ගොස් එම සතුන් කලබලකාරී තත්වයට පත් වේ.

* එම මොහොතේ එම සතුන් දැඩි වේදනාවෙන් දුක්විදිනවා එම ෑෑඨ වාර්ථාව පෙන්වයි.

* එම සත්වයාගේ හදවතත් එ සැනින් නතර වී ශරීර අභයන්තර ලේ පිටවීමද නතර වී යයි.

ඉහත පරීයේෂණයට අනුව සත්ව ඝාතනයේ දී ඛෙල්ල කපා ඝාතනය කිරීමේ දී එම සත්වයාට කිසිදු වේදනාවක් නොදැනීම මියයන බව තහවුරු විය. මෙසේ සිදුවීමට විශේෂිත වු හේතුන් කිහිපයක් ඇත. එනම්,
*   ඝාතනය කිරීමේදී එම සත්වයාගේ ප්‍රධාන නාලයන් කිහිපයක් විසන්ධි වේ. විශේෂයෙන් මොළයට රුධිරය සපයන නාලය. මේ නිසා මොළය අක්‍රිය තත්වයට පත්වීම.
*   ශරීරයෙන් මොළයට පණිවුඩය ගෙනයන නාල සියල්ල විසන්ධි වීම නිසා ශරීරයේ වේදනාව එම සත්වයාට අවබෝධ කරගැනීමට නොහැකිවීම.
*   ස්වාස නාලය ද එA මොහොතේ විසන්ධි වේ. මේ නිසා මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබීයාම නිසා සිහිය නැතිවීමේ තත්වයට මොළය පත්වීම.
මේ අනුව සත්ව ඝාතනයේ දී ඉස්ලාම් පවසන ආකාරයට සත්ව ඝාතනය කිරීමේ දී කිසිදු වේදනාවක් නොවිද එම සත්වයා මියයන බව අවබෝධ වේ. මේ ආකාරයට ඝාතනය කිරීමේ දී අනිකුත් ආකාරයන්ට වඩා තවත් යහපතක් පවතී. එනම් ඉස්ලාම් පවසන ආකාරයට සත්ව ඝාතනය සිදුකිරීමේ දී සත්වයාගේ ශරීරයේ ඇති ප්‍රධාන ලේ නහර කිහිපයක් කැපීයන නිසා මොළයට ලේ සැපයීම අඩාලවේ. මේ නිසා මොළය හා හදවත් අතර තිඛෙන සම්බන්ධතාවය විසන්ධි වේ. මෙය පිලිබදව අවබොධයක් නොමැති හදවත මොළයට අවශ්‍ය ලේ ප්‍රමාණය සැපයීමට හෘද වස්තුව උපරිමයෙන් ක්‍රියා කරයි. එහි ප්‍රථීපලයක් ලෙස ශරීරයේ ඇති සියලූම ලේ කැපීගිය නහර මගින් ශරීරයෙන් පිටවේ. මෙසේ සිදුවීමේ දි මස්පිඩුවල ඉතා වේගයෙන් සංකෝචනය සිදුවේ. මේ නිසා එම සත්ව ශරීරයේ අධික චලනයක් ද ඇති වේ. මේ ආකාරයට එම සත්වයාගේ ශරීරයේ තිඛෙන සියලූම ලේ පිටවීම නිසා තවත් යහපත් සිදුවේ. එනම් එම මාංශවල විෂබීජ ක්‍රියාකාරීත්වය ඉතා අවම තත්වයට පත්වේ. මන්ද බැක්ටීරියාවන් ක්‍රියාකාරී විම සදහා ලේ යනු ප්‍රබල මාධ්‍යයකි. නමුත් ශරීර අභ්‍යන්තර ඇති ලේ පිටවීම නිසා බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට ඇති අවස්ථාව ඇහිරී යයි. එම නිසායි අනිකුත් ආකාරයන්ට සිදුකරන ඝාතනයන් මගින් ලබාගන්නා මාංශයට සාපේක‍ෂව ඉස්ලාම් පවසන ආකාරයට සිදුකල ඝාතනය මගින් ලබාගන්නා මාංශ වැඩි වේලාවක් නරක් නොවී කල්තබාගත හැකි වන්නේ. මෙහි දී අවබෝධ කරගත යුතු විශේෂ කාරණයක් තිබේ. එනම් සත්ව ඝාතනයේ දී ඉස්ලාම් පවසන ආකාරයට ඝාතනය කලොත් පම‚ මුස්ලීම්වරුන් සදහා ආහාරයට සුදුසු වන්නේ එසේම ඉස්ලාම් පවසන ආකාරයෙන් බැහැරව සතුන් ඝාතනය කිරීම පාප ක්‍රියාවක් මෙන්ම එම මාංශ අනුභවයද තහනම්ය මෙහිදී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත එනම් සත්වයාට වේදනාවක් නොදැන ආකාරයට ඝාතනය කලේනම් එය ආහාරයට සුදුසුයි. එසේ නොවේ නම් එය ආහාරයට නොසුදුසුයි. යන්න ඉස්ලාමයේ ස්ථාවරය නොවේ. නමුත් දේව නියෝගයට අනුව සත්ව ඝාතනයක් සිදු කලේනම් එම සත්වයා වේදනාවක් නොවිද මියයන බව ඉහතින් තහවුරු වේ.
මාංශ අනුභවය ප්‍රායෝගික අවශ්‍යතාවයක් ද?
මෙම ලොව සියල්ල මවන ලද්දේ මනුෂ්‍යා සදහා යන්න ඉස්ලාමීය විශ්වාසයයි. නමුත් එයින් අදහස් කරන්නේ සියල්ල ආහාරය සදහා යන්න නොවේ. ප්‍රායෝගික ජීවිතයේ ලොව විවිධ දෑ විවිධ අවශ්‍යතාවයන් සදහා උපයෝගි කර ගනුලැබේ. ආහාරය සදහා මාංශ වර්ගයන් යන්න ඉන් එකකි. අද සත්ව ඝාතනය යන්න ආහාර සදහා පමණක් නොව ඖෂධ නිෂ්පාදනයට (ගවයන්, ඌරන්……), ඖෂධ අත්හÞ බැලීම (මීයන්, හාවුන්, ගවයින්……..) වැනි කාරණාවන් සදහා ද සිදුකරනු ලබයි. සත්ව ඝාතනය ලොව තහනම් කලානම් එය ඖෂධ නිෂ්පාදනයට ප්‍රබලව බලපානු ඇත. අද සත්ව ඝාතනය හෙලාදකින පුද්ගලයාට පවා හෙට ලෙඩක් ඇතිවුයේ නම් ඔහුට ලබාදෙන ඖෂධය පවා සත්ව ජීවිත ගනනාවක් බිලිගෙන බිහිවු ඖෂධයකි. එසේනම් හෙට දවසේ මේ පිරිස ඖෂධ භාවිතයද හෙලාදකීද?. එසේ ක්‍රියාකිරීම ප්‍රායෝගිකද? මින් පෙනීයන්නේ සත්ව ඝාතනයට විරුද්ධවීම වර්ථමාන ලෝකයේ කිසිසේත් ප්‍රායෝගික නොවන බව නොවේද? මෙහි තවත් හාස්‍යජනක කරුණක් වන්නේ සත්ව ඝාතනයට එරෙහිවන බහුතරයක් අවබෝධකරගෙන සිටින්නේ “විශාල ප්‍රමාණයේ සතුන් ඝාතනය තමා පාපයක් වන්නේ කුඩා සතුන් ඝාතනය පාපයක් නොවේ“යන්නයි. මෙය උපහාසාත්මක තර්කයකි. කොයි ආකාරයේ ජීවියකු වුවත් එය ජීවිතයකි. විශාල ප්‍රමාණයේ ඇතැකු වුවත් ඉතාම කුඩා ක්ෂද්‍ර ජීවියෙකු වුවත් එ දෙකෙන් කුමක් ඝාතනය කලත් එය ප්‍රණ ඝාතනයකි. එය 21වන සියවසයේ කිසිදූ තර්කයකින් තොරව සියල්ල පිළිගන්නා සත්‍යයකි. මේ සියල්ල පසකලා ගවයා පමණයි සත්වයකු යයි පවසන ආකාරයටත්, මුස්ලීම්වරුන් පමණයි ගවමස් අනුභව කරන්නේ යයි පවසන ආකාරයටත්, ඉස්ලාම් දහමට ඇගිල්ල දිගුකරයි. මේසේ ඇගිල්ල දිගුකරන ප්‍රජාවගෙන් වර්ථමාන ලාංකීය ප්‍රජාව පදනම් කරගෙන ප්‍රශ්න කිහිපයක් අසන්නට කැමැත්තෙමි,
සත්ව ඝාතනය පාපයක් නම් කෘෂි කාර්මික ෙක‍ෂත්‍රයේ භාවිතා කරන සියලූම ආකාරයේ කෘමි නාශකවලින් මිදෙන්න ගොවියන් සුදානම්ද?
එසේම විවිධ නම්වලින් භාවිතා කරන කැරපොත්තන්, හුනන්, මැස්සන්, කූඹීන්…….වැනි සතුන් විනාශ කිරීම සදහා භාවිතා කරන විෂ රසායනවලින් ජනයා මිදෙන්න සුදානම්ද?
ඉහත සියල්ලට සුදානම් වුවත් ඔබ බොන වතුර නොබී සිටීමට සුදානම්ද?

දැන් ඔබට ගැටඑවක් මතුවේ. එනම් “ඇයි වතුර නොබී සිටින්නේ?” යන්නයි. මෙම ප්‍රශ්නය මීට වසර 100කට පමණ පෙර ඇසුවේ නම් එය හාස්‍යයක් වන්නට තිබුණි. නමුත් දියුණු අන්වීක‍ෂයන් සොයාගෙන ඇති වර්ථමානයේ ඔබටම මෙම කාරණය පහසුවෙන් අවබෝධ කරගත හැක. කලයුත්තේ වතුර වීදුරුවක් ගෙන අන්වීක‍ෂයකින් එ දෙස බැලීම පමණි. එසේ ඔබ නිරීක‍ෂණය කලේනම් එහි කොතරම් ප්‍රමාණයක් ජීවින් සිටින්නේද? යන්න පහසුවෙන් අවබොධ කරගත හැක. දැන් ඔබ එම වතුර වීදුරුව පානය කරනවා යනු එම ජීවීන් අමු අමුවේ ගිල දැමීමකි. එසේ නොමැතිව එම වතුර උණුකර පානය කරන්නේ නම් එම සතුන් තම්බා (සූප්) පානය කිරීමකි. දැන් ඔබ එම ජීවින්ට හිංසාවක් නොකොට වතුර පානය කරන්නේ කෙසේද? යම් දර්ශණයක්, මතයක් සමාජය ඉදිරියේ තැබීමේදී එය වලංගුවීමට හා පිළිගැනීමට නම් එහි තිබිය යුතු මුලික අංගයන් කිහිපයක් ඇත. එනම්
එය සෑම කෙනෙකුටම ප්‍රායෝගික විය යුතුයි,
සෑම ප්‍රදේශයකටම ප්‍රායෝගික වියයුතුයි,
*   සෑම කාලයටම ප්‍රායෝගික විය යුතුයි.
*   එයින් ජනතාවට අපහසුතාවයන් ඇති නොවිය යුතුයි.
ඉහත පදනමේ හිද මේ කාරණය පිලිබදව අවධානය යොමුකලේ නම්, එදා දඩයම් යුගය පසුකල එ අතීත සමාජයට මෙය ප්‍රායෝගික වී නැත. වර්ථමානයේ පවා ධ්‍රැව ආශ්‍රත ජීවත්වන ජනයාගේ ප්‍රධාන ආහාර මාර්ගය මත්සයන් හා දඩමස් පමණි. ඔවුන්ට ද මෙය ප්‍රායෝගික වී නැත. ඔවුන්ට එය හැර වෙන කිසිවක් ආහාරය සදහා සපයාගත නොහැක. එසේම උෂ්ණ අධික ප්‍රදේශවලට ජීවත්වන මිනිසුන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කරගැනීම සදහා මාංශ අනුභවය අනිවාර්‍ය අවශ්‍යතාවයක් වී තිබේ. මෙවැනි හේතුන් විශාල ප්‍රමාණයක් හේතුකොටගෙන නිර්මාංශ ප්‍රතිපත්තිය ප්‍රායෝගික නොවන උපකල්පනයක් පමණක් බව පැහැදිලි වේ. මේ කාරණය පිලිබදව තවත් කොණයකින් අවධානය යොමුකලේ නම් අද ලොව කෝටි 600 ක පමණ ජනගහනයෙන් මාංශ අනුභව කරන්නන් ප්‍රමාණය දළ වශයෙන් කෝටි 570ක් මේ ප්‍රමාණය හෙට දවසේ තීරණය කලා නම් නිර්මාංශකයින් වන්න. ලෝකය ප්‍රබල වු ආහාර ගැටලූවකට මුහුණපානු ඇත. අද ලොව ආහාර අවශ්‍යතාවය ශාක මගින් මෙන්ම සත්ව මාංශවලින් ද සැපයිමින් තිබේ. ලොව සියල්ල නිර්මාංශකයින් වුවානම් අද නිර්මාංශකයින් ලෙස ජීවත්වන පිරිසටද එම ප්‍රතිපත්තියේ තවදුරටත් රුදෙන්නට නොහැකි වනු ඇත. එ අනුව සැලකුවද මෙය ප්‍රායෝගික නොවේ.
මෙම සත්ව ඝාතනය පිලිබදව මෑතක ලංකාවේ ජනප්‍රිය පුවත්පතක දීර්ඝ ලිපියක් පලවී තිබුණු අතර එම ලිපිය ආරම්භයේම මෙසේ සදහන්ව තිබුණි. එනම් ගරු කථානායක වී. ජේ. මු. ලොකුබණ්ඩාර මහතා එක්තරා අවස්ථාවක “මහින්ද රාජක‍ෂ ජනාධිපති තුමාගේ කාලයේ හැරෙන්නට ගව ඝාතනය තහනම් කරන්න වෙනත් කාල පරිච්ඡේදයක් නැත.” යනුවෙන් පැවසු බව පවසා මේ පණිවුඩය තුල ගරු කථානායක තුමා මස් බුදින සමාජයට රතු එළියක් දැල් වු බව ඉහත ලිපියෙහි කතෘ පවසා තිබුණි. ඉහත ගරු කථානායක තුමාගේ ප්‍රකාශයෙන් එතුමා බලාපොරොත්තු වන්නේ ගවයා සදහා වැඩි සැලකිල්ලක් ගෞරවයක් දැක්විය යුතුයි යන්නනම්, එම ප්‍රකාශයේ මා වරදක් නොදකිමි. නමුත් ගව ඝාතනය සත්ව හිංසාවක් පාපයක් යයි පවසා එම සත්ව ඝාතනය කිසියම් ආකාරයටකට තහනම් කරන්න කිසිවකු සිතයි නම්, ඉහත සදහන් රතු එලිය මස් බුදින්නන් සදහා පමණක් නොවේ. විශේෂයෙන් කෘෂි කාර්මික රටක්වන අප රටටම එය රතු එලියකි. මන්ද සත්ව ඝාතනය පාපයක්, හිංසාවක් නම් ගොවින් කෘෂි රසායනිකවලින් ඈත්විය යුතුයි. එසේ වුවානම් වර්ථමාන කෘෂි ආර්ථීකයේ ඉරණම කුමක් වේද? මේ ආකාරයට විවිධ ඬේත්‍ර ඔස්සේ මේ කාරණය කථාකල හැකි වුවත් අවසාන වශයෙන් පැවසිය හැක්කේ සත්ව ඝාතනයට එරෙහිවීම යන්න ප්‍රායෝගික නොවන මනක:ල්පිතයක් යන්නයි. මේ අනුව මුස්ලීම්වරුන්ගේ සත්ව ඝාතනය හා මාංශ අනුභවය සත්ව හිංසාව යයි තර්ක ඉදිරිපත් කිරීම අනවබෝධයකි. එසේම ඔවුන්ගේ වචනයෙන්ම කියනවා නම් එය ස්වභාධහමට එරෙහිවීමකි.

දේව නියමය හෙවත් ස්වභාධර්මයේ තේරිම
දැන් ඔබට තවත් ගැටඑවක් මතුවෙනු ඇත. මෙය ස්වභාධර්මයට එරෙහිවීමක් වන්නේ කෙසේද?
මේ කාරණය පිළීබදව කථා කිරීමට ප්‍රථම අවබෝධ කරගතයුතු සත්‍යයක් තිබේ. එනම් ස්වභාධහම යනු යම් කාර්‍යයක් බුද්ධිමත්ව සිතා සැලසුම් කරණයක් කලහැකි ශක්තියක් නොවේ. දේව නිර්මාණයන් හා සැලසුම්කරණයන් දකින මේ විශ්වයේ බුද්ධිමත්ම සත්වයා වන මනුෂ්‍යා ඔහුගේ තිඛෙන නීචත්වය හා දේව විශ්වාසය ප්‍රතිඬේප කලයුතුයි යන අන්තවාදීත්වය හේතුකොටගෙන අතීතය, අනාගතය හා වර්ථමානය පිළිබදව පුර්ණ අවබොධයක් ඇති සර්ව බලධාරී දෙවියන්ගේ සියලූම ආකාරයේ බුද්ධිමත් සැලසුම් කරණයන්”ස්වභාධහමට” භාරකරයි. (මේ පිළිබදව වැඩි විස්තර “දේව විශ්වාසය හා විද්‍යාව ප්‍රතාඬේප කරයිද?”පොතින් දැකගත හැක). එ අනුව අවබෝධ කර ගතයුතු ප්‍රධාන කාරණයක් වන්නේ වර්ථමානයේ ස්වභාධහමට භාරකරන සියල්ල තුලින්ම විදහාපාන්නේ දේව විශ්වාසයයි. නමුත් එය ප්‍රතිඬේප කිරීම තුල මෙම බුද්ධීමත් මිනිසාගේ අනවබෝධය, අන්තවාදීත්වය හා නීචත්වය මනාව පැහැදිලි කරමින් සිටී.
දැන් ඉහත කාරණය එනම් මාංශ අනුභවය ප්‍රතිඬේප කිරීම ස්වභාධහමට එරෙහිවීම යන කාරණය පිලිබදව අවධානය යොමු කලේ නම්. මෙය (දෙවියන්ට) ස්වභාධර්මයට එරෙහිවීමක් වන්නේ කෙසේද? ඉහතින් සාකච්චා කල ආකාරයට ලොව ජනයාට අවශ්‍ය ආහාර නිර්මාංශවලින් මෙන්ම මාංශ මගින්ද සැපෙයේ නමුත් ජාත්‍යන්තර මට්ටමින් සලකන විට ආහාර ඛෙදීයාමේ ගැටඑවක් ඇතත් ආහාර හිග බවේ ගැටඑවක් නැත. මන්ද එක් රටක් ආහාර නැතුව දුක්විදිද්දී තවත් රටක් අතිරික්ත ආහාර මුහුදටහලයි. මේ අනුව ආහාර ඛෙදීයාමේ ක්‍රියාවලියේ දුර්වලතාවක් පවතිනවා මිස හිගකමේ පැහැදිලිවම ගැටඑවක් නැත. මෙසේ මාංශ හා නිර්මාංශවලින් ලොව අවශ්‍ය ආහාර ප්‍රමාණය සැපයීම සර්ව බලධාරී දෙවියන්ගේ  (අදේවවාදීන්ට අනුව ස්වභාධර්මයේ) නියමයකි.
එසේම මිනිස් ශරීරය පිලිබදව අවධානය යොමු කලේ නම් නිර්මාංශ භක්ෂකයින් හට පමණක් සුවිශේෂ නොවන ආකාරයටත්, මාංශ භක්ෂකයින් හට පමණක් සුවිශෙෂ නොවන ආකාරයටත් ශරීර අභ්‍යන්තර අවයවයන් සැකසී ඇත. උදාහර්ණයක් ලෙස දත්වල පිහිටීම පිලිබදව අවධානය යොමු කලේ නම් සිංහයන්, කොටියන්, දිවියන්………සේ මාංශ පමණක් අනුභවයට අවශ්‍ය ආකාරයට දත් පිහිටන්නේද නැතුව, එසේම ගවයන්, අශ්වයන්, එඑවන්………..සේ නිර්මාංශ පමණක් අනුභවයට අවශ්‍ය ආකාරයට දත් පිහිටන්නේ නැතුව මේ දෙආකාරයේ ආහාර වර්ගයන් අනුභවයට පහසු ආකාරයට මිනිස් දත් පිහිටා තිබේ. එසේම මිනිස් ආහාර ජීර්ණ පද්ධතිය සැලකුවේ නම් මාංශ මෙන්ම නිර්මාංශ ජීරණය සිදුවීමට පහසු ආකාරයට පිහිටා තිබේ. මෙයද දෙවියන්ගේ (ස්වභාධර්මයේ) සැලසුම් කරණයකි.
එසේම අද මිනිස් ආහාරයට ගන්නා සහා නොගන්නා සතුන් ලොවෙන් වදවීමේ ප්‍රවනතාවය හා බෝවීමේ වේගය පිලිබදව අවධානය යොමු කලේ නම් මාංශ ආහාර සදහා යොදා ගන්නා සතුන්ට වඩා වේගයෙන් මාංශ සදහා යොදා නොගන්නා සතුන්ගේ බෝවීම ඉහල තත්වයක පවතී උදාහර්ණයකට එළදෙනෙකු වසරකට වරක් එක් පැටවෙකු බිහිකරයි. නමුත් බල්ලෙකු, දිවියෙකු, කොටියෙකු, සිංහයෙකු….. වැනි සතුන් වසරකට දෙවරක් පැටවුන් 4 හෝ 5ක් බිහකරයි. මෙසේ තිබිය දී ලොවින් තුරන්වීමේ අවධානම ඇත්තේ කුමන සතුන් සදහා ද බුද්ධිමත්ව අවදානය යොමුකොට බලන්න. කිසිදිනක ඔබ ලංකාවේ ඇති ගවයන්, කුකුඑන් අවසන්වීමට ආසන්නයි යනුවෙන් අසා තිබේද? නමුත් සිංහයන්, කොටියන්, අලියන්………. වැනි සතුන්ගේ තත්වය කුමක්ද? වසරකට ලංකාවේ ඝාතනය වන ගවයන්, කුකුඑන් ප්‍රමාණය ගනනය කර බැලූවේ නම් ඔබ මවිත වනු ඇත. නමුත් දකින දකින ඕනෑම ස්ථානයක ගවයෙක් කුකුලෙක් දැකීම සුලබ දර්ශණයකි. පසුගිය දිනක ජනප්‍රිය පුවත් පතක ප්‍රධාන නගරවල සැරිසරණ ගවයින් නිසා නගර ජනයාටත් රියදුරන්ටත් විශාල බාධාවක් යන්න හුවාදක්වමින් දීර්ඝ ලිපියක් රූප රාමු සහිතව පලවී තිබු‚. අධික ජනාකීර්ණයක් සහිත නගරවල මේ ආකාරයට ගවයින් සැරිසරයි නම් ගම්වල තත්වය පැවසීම අවශ්‍ය නොවේ යයි සිතමි.
මේවායින් අවබෝධ වන්නේ කුමක්ද? දෙවියන් (ස්වභාධර්මය) මනුෂ්‍යා සදහා සාධාර්ණයක් ඉටුකර ඇති බව නොවේද? එසේ නම් එ දෙවියන්ට (ස්වභාධර්මයට) අප එරෙහි වන්නේ ඇයි? එය නුවනක්කාර ක්‍රියාවක්ද? මෙසේ දෙවියන්ට එසේත් නැත්නම් ඔබේ විශ්වාසයට අනුව ස්වභාධර්මයට එරෙහිව සිදුවු මිනිස් ක්‍රියාකාරකම්වල අවසාන ප්‍රතිපලය වුයේ විවිධ කාලවල විවිධ ආකාරයේ ඛේදනීය තත්වයන් පෘථීවිතලය මත දකින්නට ලැබීමයි.

ශාක හා සත්ව යන දෙවර්ගයම ජීවින්මය
නුතන විද්‍යාවට අනුව සතුන් පමණක් නොවේ ශාක වර්ගද ජීවි වර්ගයට අයත් බව ඔප්පුකොට ඇත. වර්ථමානයේ මෙම කාරණය ඔප්පුකලත් අතීතයේ සිටම මිනිසා මේ බව අවබෝද කරගෙන සිටින ලද්දකි. එමනිසයි අතීතයේ පටන්ම ගසක් වියලී ගියවිට එම ගස මැරුණු බව පැවසුවේ. පණ ඇතිබව අවබෝධ කරගෙන සිටී නිසා නොවේද මියයන බව පවසන්නේ. එදා පටන් පණ ඇතිබව පමණක් අවබෝධ කරගෙන සිටියත් වර්ථමානයේ එම ශාකවලත් ජීවින් මෙන්ම ස්ත්‍රි, පුරුෂ භේද, පලයක් හටගැනීම සදහා ස්ත්‍රී පුරුෂ එක්වීම වැනි ලක‍ෂණ දකින්නට ඇති බව විද්‍යාවට අනාවර්ණය කරගැනීමට හැකි විය. මෙසේ මා පවසන විට ඔබට තර්කයක් ඉදිරිපත් කල හැක. එනම් මනුෂ්‍යා ඇතුඑ ජීවින් සදහා ඇත්තේ පංචබුද්ධියකි. එනම් දැකිම, ඇසිම, කථා කිරීම, ගද සුවද දැනීම, සංවේදීවීම, යන්නයි. නමුත් ශාක සදහා ඇත්තේ මෙම පංච කාරණාවලින් එකක් හෝ කිහිපයක් පමණි. මේ කාරණය සම්බන්ධයෙන් තරමක බුද්ධිමත් අවධානය යොමු කලේ නම්, මෙම තර්කයද සාධාර්ණ වු තර්කයක් නොවන බව අවබෝධ කරගත හැක. එනම්,
ඔබ පවුලේ ඔබේ සහෝදරයෙක් සිටිනවා යයිද ඔහු උපතින්ම අන්ධ, ගොඑ, බිහිරි යයිද සිතන්න. දැන් ඔහුට සත්වයකුට හිමි පංච බුද්ධිය පවා නොමැත. මෙසේ පංච බුද්ධිය පවා නොමැති නිසා ඔහුව මනුෂ්‍යයකු වශයෙන් නොසලකා හරින්නෙමුද? එසේම කව්රුන් හෝ ඔහුව ඝාතනය කලේ නම් මාගේ සහෝදරයාහට පංච බුද්ධියක් නොතිබුණු නිසා ඝාතකයාට අඩු දඩුවමක් ලබාදෙන ලෙස ඔබ පවසනවාද? ඔබේ වාදය කුමක් වනු ඇත්ද? නියත වශයෙන්ම ඔබ”ඇස් පේන්නේ නැති, කන් ඇසෙන්නේ නැති, කථා කරන්න බැරි මාගේ සහෝදරයාගේ ඝාතනය වෙනුවෙන් වරද කරුහට දැඩි දඩුවම් ලබාදෙන” ලෙස ඉල්ලනු ඇත. එසේ නම් එ පදනමේ හිද බෝග වර්ග ආහාරයට ගැනීම පිලිබදව අවදානය යොමු කලේ නම් සත්ව මාංශ ආහාරයට ගැනීමට වඩා බෝග වර්ග ආහාරයට ගැනීම ප්‍රබල වු වරදක් බව අවබෝධ වේ. මෙසේ කරුණු පැහැදිලි කරණ විට කිසිවක් පවසාගත නොහැකි. පිරිස පවසන ප්‍රධාන තර්කය මේ ආකාරයට සිතීම, පැවසීම අන්තවාදී අදහස් යන්නයි. නමුත් සැබැවින්ම මෙය අන්තවාදීත්වය නොවේ. නමුත් කිසිදු පදනමකින් තොරව ඔවුන්ගේ වචනයෙන්ම පවසනවා නම් ස්වභාධර්මයට ද එරෙහිව ඔවුන්ටම ආරඬාකරගත නොහැකි නිර්මාංශ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම සැබැවින්ම අන්තවාදී අදහසක් වේ.
ඉහත ආකාරයට නිර්මාංශ අනුභවය මෙන්ම මාංශ අනුභවයද අවශ්‍ය මෙන්ම අනුමතකල කාරණයක් යන්න හේතුන් සහිතව පවසද්දී මෙම සත්ව ඝාතනයට එරෙහිව මා පෙර සදහන් ආකාරයට ලොව මාංශ අනුභව කරන එකම ජන කොඨටාශය මුස්ලීම්වරුන් යන පදනමේ හිද තවත් තර්කයන් කිහිපයක් ඉදිරිපත් කරයි. ඒවා පිලිබදව ද කෙටි අවධානයක් යොමු කලේනම්,

සත්ව ඝාතනය එම සතුන්ගේ අයිතීන් උදුරා ගැනීමකි
සත්ව ඝාතනයට එරෙහිව ඉදිරිපත් කරන තවත් ප්‍රධාන තර්කයක් වනනේ සත්ව ඝාතනය මගින් එම සතුන්ගේ අයිතීන් උදුරාගනු ලබන බවයි. මෙය බැලූ බැල්මට සාධාර්ණ වු තර්කයක් ලෙස පෙනුනත් මේ කාරණය පිලිබදව බුද්ධිමත් ආකාරයට අවදානය යොමු කිරීමේ දී මෙම තර්කයද ප්‍රායෝගික නොවන තර්කයක් බව අවබෝධ වේ.
එනම් සත්ව ඝාතනය මගින් සතුන්ගේ අයිතීන් උදුරාගැනීමක් සිදුවන්නේ නම් එ සියලූම ආකාරයේ සතුන් සදහා පොදු වු තර්කයක් විය යුතුයි. එසේ නොමැතිව විශාල සතුන් සදහා පමණක් යයි ද එසේත් නැත්නම් තමන් පි්‍රයකරන සතුන් සදහා පමණක් යයිද, සුවිශේෂ නොකල යුතුයි. උදාහර්ණයකට අලියකු මරණවා දකින කෙනෙකු එම අලියාගේ අයිතිය වෙනුවෙන් කථා කරන ආකාරයටම මදුරුවෙකු මරණවා දකින විටත් එ මදුරුවාගේ අයිතීන් වෙනුවෙන් කථාකල යුතුයි. එසේම තම ප්‍රියතම සත්වයා ගවයා ඝාතනය වනවිට එ සත්වයාගේ අයිතීන් වෙනුවෙන් කථාකරනවා සේ අනිකුත් සතුන්ගේද අයිතීන් වෙනුවෙන් කථා කලයුතුයි. නමුත් වර්ථමාන ලාංකීය සමාජය දෙස බැලූවිට ගවයා පමණයි එකම සතෙකු ලෙසත්, පන්සිල් පදයේද සදහන් වන්නේ ගවයා පමණක් ලෙසත් සිතන ආකාරයට අද බෞද්ධයින් ක්‍රියා කරයි. මෙය සාධාර්ණ වු ක්‍රියාවක් නොවේ. යම් තර්කයක් ඉදිරිපත් කරන්නේ නම් එය ඒ ආකාරයේ වු සියල්ල සදහාම  පොදු විය යුතුයි. එ අනුව සතුන්ගේ අයිතීන් ලබාදීමේ අරමුණින් හෙට දිනයේ “සියලූ සතුන්ගේ අයිතීන් ලබාදිය යුතුයි කිසිදු සත්වයකු ඝාතනය නොකල යුතුයි” යනුවෙන් තීරණය කලේ නම් ඉහතින් සදහන් කලා සේ හෙට දිනයේ සිට කිසිවකුටත් වතුර වීදුරුවක් පානය කිරීමට, ඖෂධ නිෂ්පාදනය කිරීමට හෝ කෘෂි කර්මාන්තයේ කෘෂි රසායන භාවිතා කිරීමට නොහැකි වනු ඇත. එම නිසා සත්ව ඝාතනය සතුන්ගේ අයිතීන් උදුරාගැනීමක් යන්න ප්‍රායෝගික නොවන මන:කල්පිතයකි.

මාංශ අනුභවය නිසා මිනිසා ද තිරිසනකු බවට පත්වේ
සත්ව ඝාතනයට එරෙහිව මතුකරන මීළග ප්‍රධාන තර්කය වන්නේ මාංශ අනුභව කරන මිනිසුන් හැසිරෙන්නේ එම තිරිසන් සතුන්මෙනි. යනුවෙන් පවසා උදාහර්ණයකට ලොව මුස්ලීම්වරුන්ගේ ත්‍රස්ථ ක්‍රියාවන් ගෙනහැර දක්වයි. මේ කාරණය පිලිබදව අවදානය යොමු කලේනම්.
මෙම තර්කය ලොව කිසිදු විද්‍යාඥයකු කිසිදු විද්‍යාගාරයක ඔප්පුකොට නැත. මෙය ජනයාගේ උපකල්පනයක් පමණි. වාදයකට එය සත්‍ය යයි උපකල්පනය කලත් ඉස්ලාම් තිරිසන් සතුන්ගේ එනම් මාංශ භක්ෂකයින් වන සිංහයන්, කොටියන්, දිවියන්…….වැනි සතුන්ගේ මාංශ මිනිස් ආහාරය සදහා අවසර ලබානොදෙන අතර ශාක භක්ෂකයන් වන එළවන්, ගවයන්, ඔටුවන්…….. වැනි සතුන් අනුභවය සදහා අවසර ලබාදීම තුල ඉහත චොදනාව සත්‍ය වුවත් එම චෝදනාවෙන් ඉස්ලාම් ශුද්ධ වී ඇත. එසේම මේ තර්කය සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් මතුකිරිමට සිදුවේ. එනම් ලාංකීය සමාජයේ මාංශ වර්ග අනුභව නොකරන ගවයා, දේවත්වයෙන් සලකන දෙමළ ජනතාවගෙන් කොටසක් වන කොටි ත්‍රස්ථවාදීන් ත්‍රස්ථ කි්‍රයාවල නියලෙන්නේ මාංශ අනුභව කල නිසාද? එසේම විවිධ ප්‍රදේශවල බෞද්ධ ජනයාත් මැරක්‍රියාවල නියලෙන්නේ මාංශ අනුභව කරන නිසාද? එසේම ඉන්දියාවේ මුස්ලීම්වරුන්ගේ ඉපැරණි දේවස්ථානය වන “බබර් මස්ජිද්” හින්දු භක්තිකයින් ආගම නමින් කඩාබිද මුස්ලීම්වරුන්ද ඝාතනය කලේ ඔවුන් මාංශ අනුභව කල නිසාද? එසේම පසුගිය කාලවල ජපානයේ බෞද්ධ නිකායකට අයත් පිරිසක් උමං මාර්ගයකට විෂ වායු යොදා මිනිසුන් ඝාතනය කලේ මාංශ අනුභව කල නිසාද?……… මේ ආකාරයට ප්‍රශ්න වැලක් පෙළගැස්විය හැකි වුවත් බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුහට මෙම කාරණය පහසුවෙන් අවබෝධ කරගත හැක. මේ අනුව මාංශ අනුභවය තුලින් මිනිසා තිරිසනකු බවට පත්වනවා යන්න අන්තවාදී හාස්‍ය උපදවන මන:කල්පියක් පමණක් බව පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත.
මේ ආකාරයට මාංශ අනුභවයට විරුද්ධව කුමන ආකාරයේ තර්ක ඉදිරපත් කලත් එවා සියල්ල හුදෙක් තර්කයන් පමණක්ම වන අතර එවාට කිසිදු පදනමක් හෝ ප්‍රායෝගික බවක් නැත. එසේ නම් එවැනි ප්‍රායෝගික නොවන පදනම් විරහිත කරුණක් වෙනුවෙන් එරෙහි වනවා යන්න දේව නියමයන්ට එසේත් නැත්නම් ඔබේ වචනයෙන් පවසනවා නම් ස්වභාධහමට එරෙහිවීමකි. දේව නියමයක් නම් එහි නොගැලපීම් ඇතිවිය නොහැක. පටු සීමාවක හිද බලන විට නොගැලපීම් ලෙස පෙනුනත් සමස්ථ ලෝකයම සැලකුවිට බුද්ධිමත් සැලසුම්කරණයක් බව පෙනී යනු ඇත. එම සැලසුම්කරණය තුල මාංශ අනුභවය යනු ලාංකීය සමාජයට ප්‍රබල අවශ්‍යතාවයක් නොවුවත් සමස්ථ ලෝකයම සැලකුවිට අත්‍යඅවශ්‍ය කාරණයක් බව අවබෝධ වේ. එ අනුව මාංශ අනුභවය ලෝක අවශ්‍යතාවයකි. එසේනම් එය ප්‍රායෝගික සත්‍යයකි.

සියලුම ඉස්ලාම් භක්තිකයින් ඌරු මස් කෑමෙන් වැලකිය යුතුයි

ඉස්ලාම් ධර්මය ඌරු මස් ආහාරයට ගැනීම තහනම් කර තිබෙන්නේ ඇයි?