ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-කථා කිරීමේ අයිතිය

කාන්තාවන්ට අහිමි වී තිබුන අයිිතිවාසිකම් සියල්ල නැවත ඉස්ලාමය විසින් ලබාදී තිබියදීත් වර්තමානයේ සමහර අවස්ථාවලදී ඇයට කථා කිරීමේ අයිතිය අහිමි වෙයි.

ඉස්ලාමයේ අඩංගු නැති දෑ පිළිගන්නා අතර අපේ සමාජය, ඉස්ලාමය අනුමත කළ දේවල්ද නොගැලපෙන දේවල් හැටියටද ප්‍රකාශ කරති. ගැහැණුන් තම කටහඩ අන්‍ය පිරිමින්ට ඇසෙන ලෙස කථා නොකළ යුතුය. ගැහැණුන්ගේ කටහඩ ද අවුරත් (වැසිය යුතු) අංගයකි. එහෙයින් ඔවුන් ආගමික ප්‍රචාරක කටයුතුවල නොයෙදිය යුතු යැයි සමහර ආගමික උගතුන් වැරදි විග්‍රහයක යෙදෙති. ගැහැණු කටහඩ අවුරත් (වැසිය යුතු) අංගයක් ලෙස දේව වාක්‍යවල හෝ පිළිගත් නබි වදන්වල සඳහන්වී නොමැත. (අදාල සාධක නොමැත).

උත්තරීතර අල්ලාහ් ශ.ද්ධ කුර්ආනයේ —නබිවරයාගේ භාර්‍යාවනි, නුඹලා අනෙක් කාන්තාවන් මෙන් නොවේ. නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වන්නේ නම් (අන්‍ය පිරිමින් සිත් ඇඳගන්නා අයුරින්) මුකුලූ පාමින් කතා නොකරන්න.˜ (අල්-කුර්ආන් 33:32) යනුවෙන් නබිතුමාගේ භාර්යාවන්ට කීවත් දේව බිය ඇති හැම කාන්තාවකටම මෙම කියමන පොදුය.

මෙහිදී අන්‍ය පිරිමින්ගේ සිත් ඇඳගන්නා මිහිරි හඩකින් කථා කිරීම නොකළ යුතු බව කියා ඇතිමුත් අවශ්‍ය දේ අවශ්‍ය පරිදි තමන්ට පුරුදු උස් හඩින් කථා කිරීම ප්‍රතික්ෂේප කර නැත. මෙසේ අන්‍ය පිරිමින්ට ඇසෙන පරිදි උස් හඩින් කථා කිරීම නරක නම් දෙවියන් විසින් පළමුවෙන් නබිතුමාට තහනමක් පනවන්නට ඇත. නමුත් විශාල වශයෙන් කාන්තාවන් නබිතුමා ඉදිරියට විත් කරුණු වටහා ගත්හ.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් ජීවතුන් අතර සිටියදීම, නබිතුමාගේ භාර්‍යාවන්ගෙන් නබිතුමාගේ අනුගාමිකයෝ නබි චරිතය හා නබි වදන් පිළිබඳව අසා දැනුම ලබා ගත්හ. නබිවදන් විශාල සංඛ්‍යාවක් රැස්කරගෙන ඇත්තේ නබි තුමාගේ භාර්යාවන් හා සහාබි(අනුගාමික)කාන්තාවන් මාර්ගයෙන්ය. අද ඇතැම් අය ප්‍රකාශ කරන අයුරින් එදා කාන්තාවන් අන්‍ය පිරිමින් සමග කථා නොකර සිටියා නම්, අද අපට ඉස්ලාම් ආගමේ සත්‍ය තොරතුරු බොහෝමයක් නොලැබී යාමට ඉඩ තිබිණ. කාන්තාවන් අන්‍ය පිරිමින්ට ඇසෙන අයුරින් කථා කළ හැකිය යන්න පහත සඳහන් පුවතින් තහවුරු වන්නේය.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මිතුරන් වන අපට යම් නබි වදනක් ගැන (හදීස්) සැකයක් ඇතිවූ විට, ආයිෂා(රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසන්නෙමු. ඇය කරුණු පහදා දී අපේ සැකය දුරු කළාය. එයට අවශ්‍ය දැනුම හා ඥානය ඇය සතුව තිබිණ.˜ (වාර්තාකරු: අබූ මූසා(රළියල්ලාහු අන්හු), මූලාශ්‍රය: තිර්මිදි).

කට හඩ (වැසිය යුතු) අවුරත් යැයි තර්ක කරන අය ප්‍රචාරය තහනම් කිරීම සඳහා තවත් කරුණක් ඉදිරිපත් කරති. ආගම ප්‍රචාරය කිරීම සඳහා අවශ්‍ය තරම් පිරිමි උගතුන් සිටියදී මේ කාර්්‍යය කාන්තාවන් කළ යුතුමද? යැයි ප්‍රශ්න කරති. ආගම ප්‍රචාරය කිරීමේ වගකීම දෙවියන් විසින් පිරිමින්ට පමණක් භාරදී නොමැත. ගැහැණු පිරිමි දෙපාර්ශවයටම මෙම වගකීම පවරා ඇත. මෙයට සාක්ෂි වශයෙන් පහත සඳහන් දේව වාක්‍යය ඉදිරිපත් කළ හැක.

—විශ්වාස වන්ත කාන්තාවන්ද විශ්වාස වන්ත පිරිමින්ද ඔවුනොවුන් කළ්‍යාණ මිත්‍රයින්ය. ඔවූහු යහපත් දේ කියා දෙති. අයහපත් දෙයින් වළක්වාලති. තවද ඔවූහු සලාතය ඉටුකර සකාත් (බද්ද)ද ඉටු කරති. ඔවූහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනතව කටයුතු කරති. මෙවන් අයට අල්ලාහ් කරුණාව දක්වන්නේය.˜ (අල්-කුර්ආන් 9:71)

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්රු (රලියල්ලාහු අන්හු) තුමා දන්වන හදීසයක් බුහාරි ග්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි. —මා ගැන ඔබලා දන්නා එක් කරුණක් වූවත් ඒ ගැන ජනතාව දැනුවත් කරන්නැ˜යි කාන්තාවන් හා පිරිමින් රැස්වී සිටි අවස්ථාවක ප්‍රකාශ කළහ.

ඉහත සඳහන් කුර්ආන් පාඨ හා නබි වදන් තුලින්, ආගමික දැනුම අන් අයට කියාදී ආගමික දැනුම ප්‍රචාරය කිරීම විශ්වාසවන්ත කාන්තාවන්ට හා පිරිමින්ට පැවරුණු විශාල වගකීමක් බව තේරුම් ගත හැක. තම නියෝගයට අවනතවීම පිළිබඳ දෙවියන් මෙසේ ප්‍රකාශ කරයි.

—අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් විසින් යම් නියෝගයක් පැනවූ විට ඒ ගැන වෙනස්වූ අදහසක් ඉදිරිපත් කිරීමට විශ්වාස වන්තවූ කිසිම කාන්තාවකට හෝ පිරිමියකුට අයිතියක් නොමැත. කවුරු හෝ මෙයට විරුද්ධ වන්නේ නම්, සත්‍ය වශයෙන්ම ඔවූහු ප්‍රකට නොමෙඟහිය.˜ (අල්-කුර්ආන් 33: 36)

දෙවියන් හා දේව දූතයාණන් විසින් ආගම ප්‍රචාරය කිරීමේ අයිතිය හා වගකීම ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පවරා තිබියදී, ගැහැණුන්ට කථා කිරීමේ අයිතියක් නැතැයි වාද කිරීම දේව අණට පිටුපෑමක් වන්නේය.

Comments are closed.