About


අද වන විට සිංහල භාෂාමය වෙබ් අඩවීන් විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ නැරඹීය හැක. නමුත් මේවා තුලින් සමාජයට ලබාදෙන පණිවුඩය බොහෝ විට සමාජට  හිතකාමී තත්වයට වඩා සමාජ පරිහානියක් නිර්මාණය කරන ආකාරයට පවතී. ඉතා සුළු සංඛ්‍යාවක් සමාජ හිතකාමීව පැවතුන ද ඒවා පොදු ජනතාවට සරල නොවීමත්, යම් ජන ‍ෙකාට්ඨාශයකට, ආගමකට හෝ ජාතියකට සීමාවීමත් හේතුවෙන් ඒවා තුලින්ද නිසි සේවාවවක් ජනතාවට ඉටු නොවේ. එසේම ඒවා තුලින් ජනතාව සංකීර්ණ ගැටළු රාශියකට ද මැදිවේ. ඒ අනුව මීට වඩා සැලසුම් සහගතව හා බහුතර ජනතාවට අවබෝධ කරගත හැකි ආකාරයේ සමාජයට පලදායි මාතෘකාවන් ඔස්සේ පණිවුඩයක් ලබාදෙන වෙබ් අඩවීන් නිර්මාණය වියයුතුයි යන්න මාගේ අදහසයි.


ආගමික කරැණු කෙරෙහි උනන්දුවක් දක්වන ඉස්ල‍ාම් භක්තිකයෙකු වන මා එවන් පලදායි යමක් ලබාගැනීමේ අරමුණින් අන්තර්ජාලයේ සැරිසැරීමේ දී මා හට බො‍ෙහා විට ඉහත සදහන් කල ආකාරයේ වෙබ් අඩවීන් දක්නට ලැබුණු අතර දක්නට තිබුණු ආගමික සිංහල බ්ලොග් (Sinhala Blog) කරැවන්ගේ අඩවිවල පවා විවිධ උපකල්පනවල හා පූර්ව නිගමනවල හිද විවිධ කරැණු කථා කරනවා මිස කථා කරන විෂය කෙරෙහි දැනුමක් හෝ අවබෝධයක් ඇතිව කථා කල බවක් ‍‍දක්නට නොවිය. විශේෂයෙන් ඉස්ලාම් දහමට එරෙහිව විවිධ ලිපි දක්නට තිබුණ ද එම චෝදනාවන්ට කිසිදු පදනමක් නොවීය.


මෙහි දී මා අවබෝධකරගත් කරැණක් වන්නේ මෙවැනි පදනම් විරහිත චෝදනාවන් ඉස්ලාමයට එල්ලවීමට ප්‍රධාන හේතුව මුස්ලීම්වරැන් ඉස්ලාම් දහම පිලිබදව ”ඉස්ලාමීය දහමේ ඉගෙන්වීමන් කුමක්ද?” යන්න පිලිබදව නිසි ආකාරව ලාංකීය සමාජයට  තවමත් පවසා නොතිබීම යන්නයි. මුස්ලීම්වරැන් මුස්ලීම් ජනතාවට ඉස්ලාමය පැවසුවා මිස ඉස්ලාම් පිලිබදව අන්‍ය සමාජයට අවබෝධයක් ලබාදීමට කටයුතු කලේ නැත. ඉන් සිදුවුයේ ඉහතින් පැවසූ ආකාරයේ ඉස්ලාමයට එරෙහිව පදනම් විරහත විවේචකයන් බිහිවීම පමණි.

මෙම අඩුව සපුරාලමින් පදනම් විරහිත විවේචකයන් හට යම් අත්වැලක් වනු පිණිසත්, දිනපතා විවිධ මාධ්‍යන් ඔස්සේ ඉස්ලාමයට එරෙහිව කරන ප්‍රචාරනයට ඉස්ලාමීය ස්ථාවරය පැවසීමත්, සමාජය තුල පවතින මිත්‍යාවන් හා අන්ධ විශ්වාසයන් කෙරෙහි සමස්ථ ජාතියේ බුද්ධිමත් අවධානය යොමු කිරීමත්, ඒ තුලින් ඔවුනට ”යහමග” පෙන්වාදීමත් මූලික අරමුණු කරගෙන මෙම සිoහල භාෂාමය වෙබ් අඩවිය ආරම්භ කලෙමි.

මෙම වෙබ් අඩවිය වෙත සිංහල භාෂාව හසුරැවන බෞද්ධ, හින්දූ, ක්‍රිස්තු හා ඉස්ලාම් ආගමික සහෝදර සහෝදරියන් හට සුහදව ආරාධනා කරන්නේ

”එන්න අප අඩවියට එහි අප අපගේ අදහස් විශ්වාසයන් බෙදා ගනිමු ඒ සදහා මේ තැන විවෘත වේදිකාවක් කරගනිමු. මෙය යහමග සොයන අඩවියයි. මෙහි මිත්‍යාවන්ට, අන්ධභක්තියට හෝ පදනම් විරහිත පාරම්පරික සම්ප්‍රදායන්ට ඉඩ නැත. ඇත්තේ අවංකකම, විවෘතකම හා බුද්ධිය මත පදනම් ව කරනු ලබන අලංකාර තර්ක විතර්ක පමණි.”




Visthara Online

C_Users_Kadeer_Desktop_isla...

4 responses to “About

  1. Nafees Ghaffar August 1, 2011 at 4:25 am

    You Are Doing A great Job

    Keep it Up Brother

  2. Thilina Jayasinghe October 17, 2015 at 1:46 pm

    i am thilina and sinhala but i like to learn about your community i have downloaded holy al kuran pdf format in to my computer i began to read it , can you help me to understand holy al kuran and its teachings

    i like to know holy al kuran and allah go d if you like to help me please inform me my contact is 0771410895

  3. mohomed malik September 28, 2016 at 6:11 am

    බොහෝම ස්තුතිි ඔබ සැමට

Leave a comment