උපවාසය අනිවාර්්‍ය වීමට කොන්දෙසි

1- මුස්ලිමෙකු වීම:- කාෆිර් (මිත්‍යා දෘෂ්ටිකයෙකුට උපවාසය අනිවාර්්‍ය නොවේ). ඔවුන් උපවාසයෙහි නියැලූනද එය නොපිළිගැනේ. ඉස්ලාම් දහමට ප්‍රවිශ්ටවීමට ඇති මූලික ප්‍රතිපත්තීන් දෙක නොපිළිගෙන මොනම යාඥාවක් කළත් එයට වළංගුභාවයක් හිමි නොවේ.

2- වැඩිවියට පත්ව සිටීම:- මෙයින් පැහැදිළි වන්නේ වැඩිවියට නොපත් වූ කුඩා දරුවන්ට උපවාසය අනිවාර්්‍ය නොවේ. එනමුත් පුරුදු පුහුණුව සඳහා ඔවුන් උපවාසයට දිරිගැන්වීම සතුටු දායක වේ.

3- මනා සිහිබුද්ධිය ඇති කෙනෙකු වීම:- මානසික රෝගීන්ට උපවාසය අනිවාර්්‍ය නොවේ යනු මෙයින් පැහැදිළි වෙයි. මන්ද මොවුන් බල කිරීමටද, හොඳ නරක තෝරා බේරා ගැනීමේ ශක්තියක්ද නොමැති පිරිසකි.

4- උපවාසය ඉටු කිරීමට ශක්තිය ඇති අය:- වයෝවෘද්ධ වීමෙන්, නැතහොත් රෝගී තත්ත්වය නිසා දුබලත්වයට පත්වූ අය මෙයින් පිටත්වෙයි.

5- සිය ගමෙහි රැඳී සිටීම:- ගමන් බිමන් වල නිරත වී සිටින්නන්ටත් අනිවාර්්‍ය නොවේ. ඔවුන් වෙනත් කාල වල මග හැරුනු උපවාසයන් ඉටු කළ යුතුය.

මේහා බැඳුනු වෙනත් සමහර නීති රීතින්:

1- ප්‍රශ්නය :-

රමලාන් දහවල් කාලයෙහි වෙනත් ආගමිකයෙකු ඉස්ලාම් දහම වැළඳ ගත් විට නැතහොත් මානසික රොගියෙකු යහපත් තත්ත්වයට හැරුනු විට පවතින නීතිය කුමක්ද?

පිළිතුර:- ඔවුන්ට අනිවාර්්‍ය නොවී තිබුනු තත්ත්වයක මෙය අළුතින් ඇතිවූ තත්ත්වයකි. එදින උපවාසය නිශ්ඵල වන ක්‍රියාවන්ගෙන් මිදී, එම උපවාසය පසුව ඉටු කිරීම ඔහුට අනිවාර්්‍ය නොවේ. මන්ද ඔවුන් උපවාසය ඉටු කිරීම අනිවාර්්‍ය වූ තත්ත්වයක නොසිටියේය. ඉන් පසු ඔවුන් දිගටම උපවාසයන් ඉටු කළ යුතුයි.

2- ප්‍රශ්නය:- රමලාන් දහවල් කාලයෙහි මගියෙකු තමන්ගේ ගමන අවසන් කර සිය ගම රටා බලා පැමිණියේ නම්, නැතහොත් ඔසප් වූ කාන්තාව නැතහොත් දරු ප්‍රසුත්‍රයෙන් පසු රුධිරය හටගන්නා කාන්තාවක් පවිත්‍ර වූයේ නම්, නැතහොත් උපවාසය ඉටු කිරීමට ශක්තිය නොමැති අයට ශක්තිය, වීරිය ලැබුනේ නම්. නැතහොත් රෝගී තත්වයෙන් මිදුනේ නම් පවතින නීතිය කුමක්ද?

පිළිතුර:- එදින උපවාසය නිෂ්ඵල වන කරුණු වලින් ඈත් නොවී. එම දිනය වෙනුවෙන් වෙනත් දිනයක උපවාසය ඉටු කිරීම ඔහුට අනිවාර්්‍ය වේ. මෙයට සාධක වශයෙන්: —කව්රුන් රමලාන් මස දහවල් කාලයෙහි උපවාසයෙන් මිදෙයිද ඔහු දහවල් අවසානයේදිද උපවාසයෙන් මිදිය යුතුයි˜ යනුවෙන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: ඉබ්නු අබිෙෂෙබා).

3- ප්‍රශ්නය:- රමලාන් මස උදාවූ ආරංචිය කෙනෙකුට නොලැබී පසු දින දහවල් කාලයෙහි දැනගනි වී නම් එහි නීතිය කුමක්ද?

පිළිතුර:- නිදසුනකට: ඈත පළාතක සිටින කෙනෙකු නව සඳ බලා ඊට පසු දින නීතිපතිවරයා වෙත පැමිණ සඳ බැලූ බව සාක‍ෂි දැරුවේ නම් පහත සඳහන් සාධකය අනූව උපවාසය නිෂ්ඵල වන සියළු කාර්්‍යයන්ගෙන් වැළකි සිටිය යුතුයි. —නබි (සල්) තුමන් ආෂූරා උපවාසය අනිවාර්්‍යවූ විට දහවල් කාලයෙහි ආහාරවලින් වැළකි සිටින ලෙස සමස්ත මුස්ලිම් ප්‍රජාවටම නියෝග කළහ. එතුමන්ද වැළකී සිටියහ˜.

(මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

මෙම උපවාසය වෙනත් දිනයක ඉටු කිරීමද අනිවාර්්‍ය වේ. මන්ද අනිවාර්්‍ය උපවාසය සඳහා ෆජ්ර් හිමිදිරියට පෙර චේතනාව ඇති කරගැනීම කොන්දේසියක් වේ. මෙම ක්‍රමයෙහි චේතනාව තහවුරු වී නොමැත.

Comments are closed.