හජ් කර්ව්‍යය-ඉස්ලාම් සමානාත්මතාවය, සහෝදරත්වය

ඉස්ලාම් සමානාත්මතාවය, සහෝදරත්වය ඉතා අගය කොට සළකන දහමකි. ඉස්ලාම් එය වචනවලට පමණක් සීමා නොකර එයට ප්‍රායෝගික මුහුණුවරක් ලබා දීමට විවිධ වැඩ පිළිවෙලවල් යොදා ඇත. ශත වර්ෂ 14 කට පෙරම ඉස්ලාම් මෙම සමානාත්මතාවය මානවයා අතර ස්ථාපිත කළේය. අපේ ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන්, තම ජීවිතයෙහි ඉටු කළ අවසන් හජ් කර්ව්‍යයේහිදී ජනතාව අමතා එතුමන් කළ දේශණයන් අතුරින්

—අරාබි නොවන ජාතිකයාට වඩා අරාබි ජාතිකයාට කිසිදු උත්තරීතර භාවයක් නැත, අරාබි නොවන ජාතිකයාටද අරාබි ජාතිකයාවට වඩා කිසිදු උත්තරීතර භාවයක් නැත. කළු ජාතිකයාට වඩා සුදු ජාතිකයාට කිසිදු උත්තරීතර භාවයක් නැත. සුදු ජාතිකයාට වඩා කළු ජාතිකයාටද කිසිදු උත්තරීතර භාවයක් නැත. උත්තරීතර භාවය කෙනෙකුට හිමිවන්නේ අල්ලාහ්ට අවනතවී ජීවත් වීමෙන් පමණයි˜ යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: අහ්මද්).

දිනකට පස් වතාවක් සලාතය ස්ථාපිත කිරීමට නියෝග කළ ඉස්ලාම්, එය සමූහව ඉටු කිරීමද නියෝග කරයි. එකට පෙළ ගැසී උරෙනුර ගැටී කෙනෙකු මෙම යාඥාව දිනකට පස් වරක් ඉටු කරන විට ඔහුගේ සිතෙහි මා ඔහුට වඩා උසස් යන උඩඟකම පහවී යෑම නිසැකය. මෙය ගම තුළ සමානාත්මතාවය, සහෝදරත්වය ගොඩනැගීම සඳහා ඉස්ලාම් දැමූ වැඩ පිළිවෙලයි. ජගත් සහෝදරත්වය සඳහා ඉස්ලාම් දැමු වැඩපිළිවෙල නම් එයයි හජ් කර්ව්‍යය. ලෝකයේ විවිධ කෝනවලින් එක් රැස්වෙන ජනතාව නියමිත ස්ථානයකට පැමිණීමත් සමග නිම නොකළ සුදු වස්ත්‍රයන් දෙකකින් සැරසී එක හා සමානව එම ස්ථානයට රැස්වී විශ්වයෙහි නිර්මාතෘවරයා වන අල්ලාහ්ට යාඥා කරති. මෙම හදවත් අතර මම යුරෝපියානු, මම අප්‍රිකානු, මම ආසියානු යන හැඟීමට වඩා අප සියල්ල සහෝදර මුස්ලිම් වරුන් යන හැඟීමයි ඉහළින් පවතින්නේ. මෙය තුළින් ඉස්ලාම් අපේක‍ෂා කරන්නේ ජාත්‍යන්තර සාමයයි.

මෙයට කදිම නිදසුනක් වශයෙන් —මැල්කම් එක්ස්˜ කළ ප්‍රකාශය මෙහි සටහන් කිරීම යෝග්‍යයි සිතමි. සුදු අධිරාජ්‍ය වාදීන් වූ ඇමරිකානුවන්ගේ වද හිංසා වලින් කළු ජාතීන් මුදවා ගැනීම සඳහා හ~ නැගු, විරෝධතා ව්‍යාපාර දියත් කළ නායකයකු නම් ඔහුයි මැල්කම් එක්ස්, ඉස්ලාම් පවසන උසස් ජීවන ක්‍රමය අධ්‍යයනය කරමින් ඉස්ලාම් දහම වැළඳගත් එක් චරිතයකි.

පසුව හජ් කර්තව්‍ය ඉටු කිරීම සඳහා මක්කාවට පැමිණී විට, එහි දුටු දර්ශනයන් ඔහුව මවිතයට පත්කළේය. එනම් කළු ජාතීන් සුදු ජාතීන් යන කිසිදු භේදයකින් තොර සියළු අය සහෝරදවරුන් මෙන් එකම ඇඳුමකින් සැරසී උරෙනුර ගැටී යාඥා කිරීමයි.

—මෙම නිදහස වෙනුවෙනුයි අපි ඇමරිකාවෙහි හ~ නගමින් සිටින්නේ නමුත් ඉස්ලාම් එය ශත වර්ෂ 14 කට පෙරම ලබාදී ඇත˜ යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ඉස්ලාම් දහම පිළිබඳ පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරන්නන් එම දහම පිළිබඳ මධ්‍යස්ථ, අපක‍ෂපාති විග්‍රහයක් කරන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

An estimated three million Muslim pilgrims flock to Mecca for the hajj pilgrimage, one of the world's biggest displays of mass religious devotion and duty for able-bodied Muslims. Above, Muslim pilgrims walk towards Mecca's Grand Mosque to perform the Friday prayer on Dec. 5, 2008.

Comments are closed.