ඉස්ලාම් දහම සහ කාන්තාව- දේපල (වස්තුව) පිළිබඳ අයිතිය

මෙම ලෝකයේ මැවීම්වලින් ශ්‍රේෂ්ඨ මැවීමක්වූ මානව වර්ගයාට අතිවිශාලවූ පහසුකම්, සම්පත් හා අයිතිවාසිකම් සියල්ල කිසිදු බේදයකින් තොරව අල්ලාහ් විසින් ලබාදී ඇත. එහෙත් අල්ලාහ් විසින් ලබාදුන් සියලූම අයිතිවාසකම් තමන්ට පමණක් හිමි බව ඇතැම් පිරිමින් සිතන්නෝය. මේ හේතුවෙන් කාන්තාවන් සතු අයිතිවාසිකම් ඇතැම් අය උදුරා ගත්හ. මෙයින් ප්‍රධාන තැනක් ගන්නේ දේපල (වස්තුව) පිළිබඳ අයිතියයි.

දෙමව්පියන්, සහෝදරයින් හා වැදූ දරුවන් විසින් අතහැර ගිය වස්තුවෙන් කිසිම කොටසක් කාන්තාවන්ට ලාබා නොදුන්නේය. ඉස්ලාමයට පෙර නූගත් මිනිසුන් (අධමයින්) වස්තු(දේපල) ඛෙදූ ආකාරය ගැන විස්තර කරන ඉබ්නු අබ්බාස්(රළියල්ලාහු අන්හු) තුමා (ජාහිලියා) එම කාලයේ පිරිමි දරුවන්ට පමණක් හිමිවිය. මිය යන විට ඔහු (අන්තිම කැමැත්ත) ප්‍රකාශ කළොත් පමණක් දෙමව්පියන්ට උරුමකරුවන් විය හැකි තත්ත්වයක් පැවතිණ.

එමනිසා අල්ලාහ් විසින් මිනිසාගේ යහපත තකා මේ ක්‍රමය වෙනස් කළ අතර එය සූරතුල් නිසා (පරිච්ඡේදයේ) 11 වෙනි වාක්‍යයේ මෙසේ සඳහන්වෙයි.

අල්ලාහ් තම ශ.ද්ධ කුර්ආනයේ දේපල අයිතිය පිළිබඳව විස්තර කිරීමේදී

—ඔබේ දරුවන්ගෙන් ගැහැණුන්ට හිිමිවන කොටසමෙන් දෙගුණයක් පිරිමි දරුවන්ට (දේපල) හිමිවන බව අල්ලාහ් අණ කරන්නේය. එමනිසා ඔවුන්ට පිරිමි ළමයි නොමැතිව ගැහැණු ළමයි දෙදෙනකුට වැඩි සංඛ්‍යාවක් සිටී නම් (මියගිය අයගේ) වස්තුවෙන් 2/3 ක් ඔවුන්ට හිමිවෙයි. එක ගැහැණු ළමයෙක් නම් ඇයට 1/2 කි හිමිවන්නේය. ඇයට දරුවන් ඇත්නම් (ඒ දරුවාගේ) දෙමව්පියන්ට මියගිය අයගේ වස්තුවෙන් 1/6 ක් බැගින් හිමිවන්නේය.මියගිය අයට දරුවන් නොමැති නම් ඔහුගේ මවට 1/3 ක් (හා පියාට 2/3 ක්) හිමිවන්නේය.

මිය ගිය අයට සහෝදරයින් සිටී නම් ඔවුන් සඳහා ඔහු (මියගිය අය) අන්තිම කැමැත්ත පරිදි අයිතිවිය යුතු කොටස හා පියවිය යුතු(මළ අයගේ) ණය ගෙවීමෙන් පසු ඉතිරියෙන් මවට 1/6 හිමිවෙයි. ඔබලාගේ දෙමව්පියන් හා සහෝදරයින් අතුරෙන් ඔබලාට වඩාත් සමීපව ප්‍රයෝජනවන්නේ කවුරුන්ද යන්න ඔබලා නොදන්නහුය. එමනිසා අල්ලාහ්ගේ මෙම නියෝගය (අණ) පිළිපදින්න. සියල්ල හොඳින් දන්න අල්ලාහ් පැහැදිලි ඥානවන්තයෙකි. (අල්-කුර්ආන් 4:11) 4 වන පරිච්ඡේදයේ 12 වැනි වැකියත් බලන්න.

මේ දේව වාක්‍යන් දෙකම පහළ වීමට හේතුව ගැන බලමු.

සඃද් බින් රාබී(රළියල්ලාහු අන්හු) තුමාගේ බිරිද තම ගැහැණු ලමයින් දෙදෙනා කැටුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ළගට පැමිණ අල්ලාහ්ගේ දූතයාණනි, මේ දෙදෙනාම සඃද්ගේ දරුවන්ය. ඔහු ඔබතුමාගේ උහද් සටනේදී මිය ගියේය. මොවුන්ගේ බාප්පා කැඳවා නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මෙසේ කීවේය. සඃද්ගේ ළමයින්ට (ඔවුන්ගේ පියාගේ වස්තුවෙන්) 2/3 ක්දී ඔවුන්ගේ මවටද 1/8 ක් දෙන්න. පසුව ඉතිරි කොටස ඔබ තබාගන්නයි පැවසූවේය. (වාර්තාකරු: ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා. මූලාශ්‍රයඃ : අහමද්)

ඉස්ලාමය පහළවීමෙන් පසු ගැහැණුන්ට හිමිවිය යුතු වස්තුවේ කොටස නිසි ආකාරව ඔවුනතට පත්විය. එපමණක් නොව තමන්ට අයිති ප්‍රමාණය නොලැබුන අවස්ථාවක නීත්‍යානුකූලව තමන්ට ලැබිය යුතු ප්‍රමාණය ඉල්ලා ලබාගැනීමේ අයිතියද ඇතිබව ඉහත සදහන් රුවන් වැකිය මගින් තේරුම් ගත හැක.

දෙමව්පියන් හෝ ඥාතීන් විසින් අත්හැර ගිය වස්තුව ගැහැණු පිරිමි දෙපාර්ෂවයටම අයිති බව පමණක් නොකියා, ඔවුන් අතරේ කිසිදු ආරවුලක් නොමැතිව ඒවා ඛෙදාගත යුතු ආකාරයද අල්ලාහ් විසින් පැහැදිළිව විස්තර කර ඇත. මෙසේ විස්තර කර දුන් අල්ලාහ් විසින් එම නියෝගයන් (අණපනත්) හරියාකාරව ක්‍රියාත්මක කරන අය පිළිබඳ 13 වන වාක්‍යයේ මෙසේ ප්‍රකාශ කරයි.

—මේවා අල්ලාහ් විසින් පැනවූ සීමාවන්ය. යමෙක් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනතව කටයුතු කරයිද ඔවූහු ස්වර්ගයට ඇතුළත් කරනු ලබති. එහි පහතින් ජලධාරාවන් සදා ගලාබසින්නේය. ඔවූහු එහි සදාකල් ජීවත් වන්නෝය. මෙය අතිවිශාල ජයග්‍රහණයක් වන්නේය.˜ (අල්-කුර්ආන් 4ඃ13).

මෙසේ ඉතා පැහැදිලිවත් සරලවත් අවබෝධ කර දී තිබියදීත් ඒ අණ පනත් නොසලකා හිතුමතේට අසාධාරණ අන්දමින් වස්තුව ඛෙදන්නේ නම් එවැනි අයට අත්වෙන ඉරණම ගැනද ඊලඟ වැකියෙන් මෙසේ ප්‍රකාශ කරයි.

—යමෙක් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට වෙනස්කම් කරයිද ඔහු විසින් පණවන ලද සීමාවන් (අණපනත්) ඉක්මවයිද (කඩකරයිද) ඔවූහු අපායට යවනු ලබන්නෝය. එහි සදාකල් දුක්විදින්නට සිදුවන්නේය. එහිදී ඔවුන්ට පිළිකුල් සහිත දුක්වේදනාවන්ට මුහුණ දීමට සිදුවේ.˜ (අල්-කුර්ආන් 4ඃ14).

මෙසේ අසාධාරණ ලෙස අනුන්ගේ දෙයක් වංචාවෙන් ගත් අයෙකුට පරලොවදී අත්වෙන ඉරණම ගැන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළ බව ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමිය දන්වන්නීය.

—යමෙක් රියනක් තරම් ඉඩමක් වංචාවෙන් ගත්තොත් පරලොවදී (අල්ලාහ් විසින්) එම කොටස මෙන් තට්ටු හතක් වළල්ලක් සේ තනා ඔහුගේ ඛෙල්ලේ එල්ලනු ලැබේ.˜ (බුහාරි මුස්ලිම්).

බුහාරි ග්‍රන්ථයේ තිඛෙන තවත හදීසයක් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටී.

—යමෙක් වංචාවෙන් රියනක් තරම් ඉඩමක් ලබා ගත්තේ නම් පරලොවදී ඔහු බිම් තට්ටු හතකම යටකරනු ඇතැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.˜

මේ අයුරින් කාන්තාවන්ට පණුවන්, කැරපොත්තන් වගේ පාගා දැමූ යුගයක කාන්තාවන්ට දේපල වස්තු පිළිබඳ අයිතිවාසිකම් ලබාදී සමාජයේ උසස් තැනක් ලබා දුන්නේ ඉස්ලාමයයි.

අනෙකුත් සැබැදි….

කාන්තාව සහ දේශපාලනය

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්- සාක්ෂි දීම

කාන්තා අයිතිවාසිකම්-උපදෙස් (අනුශාසනා)

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-කථා කිරීමේ අයිතිය

ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමිව තිඛෙන අයිතීන් හා වරප්‍රසාධයන්

ඉස්ලාම් කාන්තාවට ලබා දී ඇති අයිතීන් -කෙතරම් දුරට කාන්තා අයිතීන් ආරක‍ෂා කර ඇත්තේද?

දික්කසාදය හා ඉස්ලාම් නීතිය

කාන්තා නිදහස වෙනුවෙන් හඩ නැගු ඇය ඉස්ලාම් දහම ප්‍රචාරය කරන උතුම් කාන්තාවක් වූයේ කෙසේද?

හිජාබ් -ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද?

Comments are closed.